අප ගැන

අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ලාංකික බ්ලොග් ඉතිහාසයේ සලකුණු තැබු බ්ලොග් අඩවියකි. මෙය මුලින් ඇරඹුයේ අන්වර් මනතුංග වන මගේ පුද්ගලික අදහස් ඔබවෙත ඉදිරිපත් කිරීමටයි. නමුත් පසුව ආගම්බේධකාරීන්ට එරෙහිව කරන සටනේ තෝතැන්නක් බවට අන්වර් මනතුංග බ්ලොගය පත්වුණා. ඉන්පසුව අප අඩවිය එකල පැවතුන පාලනය විවේචනය කරමින් රටේ දේශපාලන ප්‍රශ්නද කතා කරන්න පටන් ගත්තා. අන්වර් මනතුංග බ්ලොගය ඉතාමත් ජනප්‍රිය වෙමින් අංක එකේ ජනප්‍රිය බ්ලොග් අඩවිය බවට පත්වුණා.

ඉන්පසුව ලංකා ඉතිහාසයේ පලමු වතාවට බ්ලොගයක් තහනම් කරමින් එදා පැවති රාජපක්ෂ කුරිරු පාලනය විසින් අන්වර් මනතුංග බ්ලොගය ලංකාව තුල අවහිර කරනු ලැබුවා. නමුත් අප විසින් සටන අතහැරියේ නැහැ. තහනම මධ්‍යයේ සමාජ ජාලා උපකාරයෙන් බ්ලොගයත් සක්‍රීයව පවත්වාගෙන යමින් සටන දිගටම ගෙනගියා. විශේෂයෙන් සිංහල භාෂිත මුස්ලිම් ජනතාව එක්තරා මානයකට ගෙනයාමට අන්වර් මනතුංග බ්ලොගය උපකාරී වුනා. කෙසේ වුවද අපගේ සටන අවසන් වුනේ ජාතිවාදී කදවුර අන්ත පරාජයකට ලක් කරමින් ලංකාව තුල නව පාලනයක් ඇති කරමිනි. ඉන්පසුව අන්වර් මනතුංග බ්ලොගයට ලංකාවේ තිබුණු තහනම ඉවත් වුණා.

දැන් අප එලඹී තිබෙන්නේ තවත් ඓතිහාසික කර්තව්‍යකටයි. එනම් අප බ්ලොගය පුවත් බ්ලොගයක් News Blog කරමින් ජනතාවට සරල සහ සමබර ආකාරයෙන් පුවත් ලබා දීමයි. මෙහිදී අප හැමවිට උත්සාහ දරන්නේ පාඨකයාට පුවතට අමතරව සිතන්නට යමක් එක් කිරීමයි. රට දියුණු වන්නට නම් ජනතාවගේ අදහස් උදහස් දියුණු විය යුතු බව අප තරයේ විශ්වාස කරමු. සමහර පුවත් වල ඇත්ත තත්වය ඔබට හෙළිකිරීමට අප මැලි නොවෙමු. එමෙන්ම කවුරුන් වේවා යහපතක් කරන්නේ නම් අගය කරන්නටද, අයහපතක් කරන්නේ නම් දැඩිලෙස විවේචනය කරන්නටද පසුබට නොවෙමු. අන්වර් මනතුංග සිංහල පුවත් බ්ලොගය Anver Manatunga Sinhala News Blog ලෙස නවතාවයෙන් ඔබවෙත එන මෙම බ්ලොගය එදා මෙන්ම අදත් ඒ වගේම හෙටත් ඔබලාගේ පැත්තේ බව අවධාරණය කරමු.

 

 

 

 

අන්වර් මනතුංග

ප්‍රධාන කතෘ

අන්වර් මනතුංග සිංහල පුවත් බ්ලොගය

Anver Manatunga Sinhala News Blog