Anver Manatunga Blog Sinhala | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

නන්දා මාලනීට කුවෙට් රටේදී වුණේ කුමක්ද?

ප්‍රවීණ ගායිකා නන්දා මාලනී ඇතුළු පිරිසක් කුවේට් රාජ්‍යයේ සංචාරයක නිරත වන්නට ගිය විට එහි ගුවන් තොටුපොලේදී ඔවුන්ට විශාල අකරතැබ්බයකට මුහුණ පාන්නට සිදු වී ඇති බව පසුගිය දිනවල වාර්තා වුණා. මේ පිළිබඳව අන්තර්ජාලයේ පුවත පලවු විට එම පුවතට කමෙන්ට් එකක් වශයෙන් මේකත් තම්බියෙක්ගේ වැඩක් කියලා සඳහන් වුණා. අද සතිඅන්ත පුවත් පතකුත් ඔවුන්ගේ පත්තරය විකුණ ගන්න හිට් නිවුස් එකක් හැටියට මේ පුවත දාලා තියෙන බව මම දැක්කා. ඇත්තටම නන්දා මාලනී මහත්මිය ඇතුළු පිරිසට කුවෙට් රටේ සිදුවුයේ කුමක්ද? යන්න ගැන සොයා බැලීමට අන්වර් මනතුංගට සිතුනා.

 

අද බොහෝ කලාකරුවන් මැදපෙරදිග සංචාරේ යන එක සාමාන්‍ය දෙයක් වෙලා. සමහරු යන්නේ මැදපෙරදිග දහඩිය වගුරුවන අපගේ සහෝදර සහෝදරියන්ගේ දුක බෙදා ගන්නළු. අම්මපා මේවා දැකලා පණ පලයං පරණ පෙරේදා කිව්වලු. මීයක් කඩන්නේ අත ලෙවන්නද? මේ අය මැදපෙරදිග යන්නේ එහේ දහඩිය කඳුළු වගුරුවන අපේ සහෝදර සහෝදරියන්ගේ ඩිනාර් හෝ රියලට විදින්න බව කවුද නොදන්නේ? ප්‍රවීණ ගායිකා නන්දා මාලීනී වේවා අප්‍රවීණ තව කවුරුන් හෝ වේවා මැදපෙරදිග සංචාර වලට යන්නේ සල්ලි වලට නැතිව මොන කෙංගෙඩියකටද? ඇත්තටම මේ බයිලා සින්තටික් ලෝක වලින් අප මෑතට පැමිණිය යුතුයි.

 

අද සමහර කාඩ්බෝර්ඩ් මානව හිතවාදීන්ද මැදපෙරදිග ගොස් එහි අසරණව සිටින අයව නැවත ගෙන්වා ගන්න සටන් කරන්නවුන් බවට රඟපානවා. මේ අයගේ රඟපෑම් එකකින්වත් සහනය ලැබුවෙක් අපි නම් අහලා නැහැ දන්නෙත් නැහැ. මැදපෙරදිග රටවල පාලනාධිකාරීන් අපේ රටේ නළුවන්ව පයිසයකටවත් ගණන් ගන්නෙත් නැහැ. මේ අය ගහපු පදයකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ. වෙලා තියෙන්නේ මැදපෙරදිග දුක් විඳින අයගේ කඳුළු බීලා මේ අය හැදිලා මංත්‍රී පට්ටම් වැනි දේ අත්පත් කරගෙන, අද සුපිරි ජීවිත ගත කිරීම පමණයි. ලෝයර්ස්ලා සල්ලි වලට හෝ නඩු අහන්නේ ඒ ගැන ඉගෙන ගෙනය. අරාබි බසවත් නොදන්නා මේ පවුඩර් බබාලා කියනදේ ඇත්තටම අරාබි මිනිසුන්ට තේරෙනවාද?

 

ප්‍රවීණ ගායිකා නන්දා මාලනී මහත්මිය පවසන්නේ ඈ මෙම ප්‍රසංගයට යන්නට සුදානම් වුයේ ලංකාවේ දුෂ්කර පලාත් වල වෙසෙන සාමනේර භික්ෂුන් වහන්සේලා 50 නමකට ශිෂ්‍යත්ව ආධාර දෙන්නත් කුවෙට් රටේ අසරණ වෙලා සිටින අපේ රටේ කාන්තාවන් කිහිප දෙනෙක් නැවත මේ රටට ගෙන්වන්නත් කියලා.

 

දැනට හෙළිවෙලා තියෙනක කරුණු අනුව ඔවුන් කුවෙට් රටට කුඩු ගෙනාවැයි අසත්‍ය තොරතුරු දීලා තියෙන්නේ අපේ රටේ තවත් සංගීත කට්ටියක්මලු. ඒ අය තමයි චිරාත් කාලයක් එහේ සංගීත බිස්නස් එක කරලා තියෙන්නේ. නමුත් ළඟකදී අපේ රටේ ගායකයෙක් එහේ ගිහින් සාර්ථක ප්‍රසංගයක් තිබ්බලු. ඒ කියන්නේ එයත් හොඳට සල්ලි ගැරුවා කියන එකයි. නමුත් මේවායින් අර සංගීත බිස්නස් කාරයින්ට සතපහක් වත් නොලැබෙන නිසා මේ සැරේ නන්දා මාලනී ප්‍රමුඛ සංගීත කන්ඩායම එනවිට ඔවුන්ගෙන් කෙනෙක් එහේ මත්ද්‍රව්‍ය කාර්යාංශයට බොරු ඔත්තුවක් දීලා තියෙන්නේ. 

 

No. of Pageviews so far: 345 views

Your email address will not be published. Required fields are marked *

*