මුස්ලිම් කාන්තාව ගෝණියකින් ඇඟ වහගෙන අනුන්ගේ ආශාවන් නිසා තමන් දුක් විඳින චරිතයක්ද? KKK ට පිළිතුරු 3

හිජාබ් අයිතියක් නොවේද?
හිජාබ් අයිතියක් නොවේද?

ඉස්ලාමය විසින් මුස්ලිම් කාන්තාවන්ට සලකන්නේ ගෝණියකින් ඇඟ වහගෙන අනුන්ගේ ආශාවන් නිසා තමන් දුක් විදින චරිතයක් වශයෙන් යැයි සඳහන් ප්‍රතිචාරයක් අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ ව්‍යාභිචාරය වලකන්නේ කෙසේද? යන ලිපියට KKK යන නමින් අයෙකු පලකර තිබුණි. එම ප්‍රතිචාරය තරමක් දීර්ඝ එකකි. මේ අදහස තිබුණේ එම ප්‍රතිචාරයේ අවසාන කොටසෙයි. එම කොටස පලමුව ඔබගේ කියවීම සඳහා පහත සඳහන් කරමි.

 

උපුටා ගැනීම

අනෙක් එක තමයි හෙළ සංස්කෘතිය හැම විටම කාන්තාවට සම තැන දීලා තියෙන්නේ. මුස්ලිම් වරුන් වගේ දෙකේ කොළයට දාලා ස්ත්‍රීන්ට සලකන්නේ නෑ. හෙළයන්ගේ අම්මා ගෙදර බුදුන් වෙන විට මුස්ලිම් වරුන්ගේ අම්මා ළමයි හදන මැෂිමක්, පිරිමියගේ කාමාශාව දුරුකරන මැෂිමක්, ගෝණියකින්ඇගවහගෙනඅනුන්ගේආශාවන්නිසාතමන්දුක්විදිනචරිතයක්විතරයි. අන්තිමට ගල් ගසා මරා දමන්නෙත් ඇයවම තමයි.

උපුටා ගැනීම අවසන්

 

මරියතුමියගේ වස්ත්‍රයද හිජාබ්
මරියතුමියගේ වස්ත්‍රයද හිජාබ්

මොහු විසින් කරන ලද චෝදනාවන්ගේ පලමු වැන්න වන මුස්ලිම් වරුන්ගේ අම්මා ළමයි හදන මැෂිමක් යන්නට මම මගේ “මුස්ලිම් කාන්තාවන් යනු ළමයි හදන මැෂිමක්ද? KKK ට පිළිතුරු 1” යන ලිපියෙන් පිළිතුරු සැපයුවෙමි. මම මගේ දෙවැනි ලිපියෙන් එනම් “මුස්ලිම් කාන්තාව යනු පුරුෂයාගේ කාමාශාව දුරුකරන මැෂිමක්ද?  KKK ට පිළිතුරු 2” ලිපියෙන් එම ප්‍රතිචාරයේ දෙවන චෝදනාව වන  “පිරිමියගේ කාමාශාව දුරුකරන මැෂිමක්” යන්නට පිළිතුරක් දුනි. මේ ඔහුගේ ප්‍රතිචාරයේ තෙවෙනි චෝදනාව එනම්ගෝණියකින් ඇඟ වහගෙන අනුන්ගේ ආශාවන් නිසා තමන් දුක් විදින චරිතයක් විතරයි යන්නට පිළිතුරු ලිපියකි.

 

හිජාබ් සදහා නිශ්චිත වර්ණයක් නොමැත
හිජාබ් සදහා නිශ්චිත වර්ණයක් නොමැත

මෙහිදී මම මේ ලිපිය ලියන්නේ ආගමික කෝණයෙන් බැහැරව බැවින් ආගමික හේතු ඉදිරිපත් නොකරමි. මුස්ලිම් කාන්තාවන් අඳින වස්ත්‍රයන් වලින් මාධ්‍යයන්හි පලවන නාමයන් කිහිපයක් ඇත. ෆර්දා, බුර්කා, සල්වාර්, සාරි සහ වෙනත් රටවල ඒ ඒ සංස්කෘතියට අදාල ඇඳුම්ය. මේ වස්ත්‍ර කෙසේ වුවද මුස්ලිම් කාන්තාව විසින් ස්වකීය ශරීරයේ බාහිර අලංකාරය පිටතට නොපෙන්වන වස්ත්‍රයට පොදුවේ හිජාබ් යැයි කියති. හිජාබ් යන වචනය බිඳී ඇත්තේ හජබ යන අරාබි වචනයෙනි. හජබ යන්නෙහි තේරුම ආවරණයයි. හිජාබ් යනු වැස්මයි.

 

කාන්තාවට ස්වකීය වස්ත්‍රයට උඩින් වැස්මක් අවශ්‍ය ඇයි? සාමාන්‍යයෙන් වස්ත්‍රයකින් සිදුවන්නේ අපගේ ශරීරයේ විළි වසා ගැනීමයි. නමුත් නුතන සංකර සිරිත් වලට අනුව වත්මන් බටහිර හෝ පෙරදිග විලාසිතාවන්ගෙන් සිදුවන්නේ විළිය උළුප්පා පෙන්වීමයි. සාමාන්‍යයෙන් කාන්තාවක් විසින් කිසියම් විලාසිතාවක කාන්තා වස්ත්‍රයක් ඇන්ද පසු සිදුවන්නේ එම වස්ත්‍රය මගින් ඇගේ අලංකාරය වඩා වර්ධනය වීමයි.

 

මෙසේ ඇය ඇගේ සැමියා සමග ගමනක් ගියා යැයි සිතමු. අතරමගදී සැමියාගේ මිතුරෙක් හමුවේ. ඔහු සැමියා සමග සාමීචියේ යෙදෙමින් කාන්තාව දෙස බලයි. කාන්තාව ඉතා අලංකාර නම් ඔහු ඇගේ රුව ඔහුගේ මතකයේ රඳවා ගනියි. ඉන්පසුව ඔහු හුදකලා වන විට මනෝමයෙන් ඇය හා රමනය කරයි. මෙය එකී කාන්තාව කැමති දෙයක්ද? නැත. ඇය කිසිසේත් තමන්ව සිතින් හෝ තව කෙනෙකු රස විඳිනු කැමති නැත. හිජාබ් යනු එලෙස කාන්තාවගේ අලංකාරය අනවසරයෙන් රස විඳින්නන්ගෙන් ඇයව රස විඳීමට වැට බඳින්නාවු වැස්මයි.

 

මෙහිදී කිව යුතු තවත් කරුණක් නම් නූතන සමාජයේ කාම අපරාධ වලට ප්‍රධානතම හේතුව එකී කාන්තාවන් සතු ලිංගික ආකර්ෂණයයි. එම ආකර්ෂණය ලිංගික අපරාධ කරුවා අපරාධයකට පොලඹවයි. කාන්තාවක විසින් ස්වකීය ලිංගිකාකර්ෂනය ආවරණය කර ගන්නේ නම් එය ඇයගේ ආරක්ෂාවට ඉතා වැදගත්ය. මෙයට මම එක් නිදසුනක් පෙන්වන්නම්. කලකට ඉහත මා හට එවකට බේරුවල පොලිස් ස්ථානාධිපති වරයා මුන ගැසුණි. ඔහු මගෙන් ප්‍රශ්නයක් අසන ලදී. ඇයි මුස්ලිම් කාන්තාව වසාගෙන ඉන්නේ? එවිට මම ඉහත සඳහන් ආකාරයටම කාන්තාවක් ඇගේ අලංකාරය වසා ගත යුතු හේතුව පෙන්නා දුනිමි.

 

එවිට ඔහු මා අනුමත කරමින් පැවසුවේ තමන් කාත්තන්කුඩි, ඔට්ටමාවඩි වැනි මුස්ලිම් වරුන් බහුල ස්ථාන වල පොලිස් ස්ථානාධිපති තනතුර දරා ඇති බවත් එම ස්ථාන වල කාම අපරාධ ඉතාමත් අවම බවත්ය. නමුත් තමන් දැන් සිටින බේරුවල පොලිස් ස්ථානය එසේ නොවන බවත්, සෑම ජාතියකටම අයත් අය මෙහි සිටින නිසා කාම අපරාධ බහුලව සිදුවන බැව් පවසන ලදී. ඊට පෙරදිනද කාම අපරාධයක් වාර්තා වුණු බවත්, එකී තරුණිය ඇඳ සිටි ආකාරය බැලු විට තමන්ට වුවද කාම අපරාධයක් කරන්නට සිතෙන ආකාරයේ වස්ත්‍රයක් ඇය හැඳ සිටි බවත් ඔහු විසින් අවසානයේ පවසන ලදී.  

 

විදෙස් මෙහෙණියක් 1
විදෙස් මෙහෙණියක් 1

බටහිර පුරුෂයන්ගේ හෝ කාන්තාවන්ගේ වස්ත්‍රයට උඩින් කෝට් හෙවත් කබායක් ඇඳ තිබෙන්නාසේ මුස්ලිම් කාන්තාව සිය වස්ත්‍රයට උඩින් හිජාබ් අඳිති. මෙහිදී මුස්ලිම් කාන්තාව කරන්නේ තමන්ට කැමති විලාසිතාවක එනම් සල්වාර්, සාරි, ගවුම්, ටීෂර්ට් සමග ජීන්ස් හෝ වෙනයම් වස්ත්‍රයක් ඇඳ, තමන් කැමති කොන්ඩා මෝස්තරයකින් හැඩ ගැන්වී බැහැරක් යෑම සඳහා පිටත් වෙද්දී හිජාබ් නැමති වැස්මක් ඊට උඩින් ඇඳීමයි. ඇය ගියේ තමන්ගේම පවුලේ ලේ ඥාති හෙවත් තමන්ගේ සමීපතම ඥාති නිවසකට හෝ කාන්තාවන් පමණක් සිටින ස්ථානයකට නම් එහිදී ඇයට අවශ්‍ය නම් ඇගේ වැස්ම වන හිජාබ් ගලවා සාමාන්‍ය ඇඳුමෙන් සිටිය හැක.

 

විදෙස් මෙහෙණියක් 2
විදෙස් මෙහෙණියක් 2

මෙය මැදපෙරදිග රටවල ඉතාමත් බහුලව සිදුවේ එම රටවල කාන්තාවන්ට කාන්තාවන්ට පමණක් වු ස්ථාන ඇත. එම ස්ථානයන්හිදී කාන්තාවන් තම හිජාබ් ගලවා සාමාන්‍ය වස්ත්‍රයෙන් හැසිරේ. මැදපෙරදිග කාන්තාවන් හිජාබ් අඳින්නේ බටහිර රටවල කබාය අඳින්නාසේ බව දැන් ඔබට පැහැදිලි වී ඇත. මෙහිදී වත්මන් බටහිර පුරුෂයන් අත දිගට සහ කකුල් දිගට වස්ත්‍ර ඇන්දත් බටහිර කාන්තාව කරන්නේ පුරුෂයා මෙන්ම අතදිග වස්ත්‍ර සහ කබාය ඇඳ ඉතා කෙටිවු සායක් ඇඳීමය. මෙමගින් සිදුවන්නේ ඇත්තටම විළිය වසාගැනීමකටත් වඩා හෙළුව උළුප්පා පෙන්වීමට යත්ත දැරීමකි.

 

ප්‍රශ්නය තිබෙන්නේ කාන්තාවකට ඇගේ අඩ නිරුවත උළුප්පා පෙන්වන ඇඳුම් ඇඳීමට අයිතියක් ඇති බව සමාජය පිළිගනිති. නමුත් කාන්තාවක් ඇගේ අලංකාරය වසාගෙන ශීලාචාර වස්ත්‍රයක් ඇඳ ගමන් කිරීමත් කාන්තාවක් සතු අයිතියක් බවට අපගේ සමාජය විසින් නොපිළිගැනීමයි. මෙයට ප්‍රධානතම හේතුව අද මුළු ලොවම වසා සිටින්නාවු බටහිර සංකර සිරිත් විරිත් සහ මාධ්‍ය සම්ප්‍රදායයි. මෙහිදී සියළුම මාධ්‍යයන් හසුරවන්නේ බටහිර ගැති සංකර සංස්කෘතියට ආවැඩීමටය. මේ නිසා බොහෝ දෙනෙකුට දැන් තම පෙරදිග සංස්කෘතිය සහ සභ්‍යත්වය අමතකව ගොස් ඇත.

 

ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ගේ සාමාන්‍ය වස්ත්‍රය වන සල්වාර් වස්ත්‍රයක අවම මිල රුපියල් 3500/= සිට ඉහලට ඇත. ඊට උඩින් හිජාබ් අඳින්න යාමේදී තවත් මුදලක් දැරිය යුතුය. සාමාන්‍යයෙන් ලංකාවේ මුස්ලිම් කතක් අඳින හිජාබ් වස්ත්‍රයකටද අවම වශයෙන් රුපියල් 3500/= පමණ වැයවේ. සාමාන්‍ය පුරුෂයෙක්ට වඩා මුස්ලිම් පුරුෂයෙක් විසින් සිය භාර්යාවගේ වස්ත්‍ර වලට දැවැන්ත මුදලක් වියදම් කරන බැව් දැන් ඔබට වැටහී හමාරය. අනෙක් පුරුෂයන්ට වඩා මුස්ලිම් පුරුෂයාට තම බිරියගේ වස්ත්‍ර වලට වැඩි මුදලක් වැය වුවද ඔහු එය වියදම් කරන්නට මැලි නොවන්නේ ඔහුට තම බිරිය සහකාරියක් පමණක් නොව ආරක්ෂා කළ යුතු මලක් මෙන් වන නිසාය.

 

පලමුව අප සොයා බැලිය යුත්තේ මුස්ලිම් කාන්තාව අඳින්නේ ගෝනියක් වැනි වස්ත්‍රයක්ද? කියායි. සාමාන්‍යයෙන් මුස්ලිම් කතක් සිය හිජාබ් වස්ත්‍රය සඳහා යොදා ගන්නේ වෙලඳ පොලේ ඇති Intercooler, Nada, Internet, Korean & Japanese වැනි වටිනා රෙදි හෝ වෙනත් නම් වලින් ඇති ඊටත් වඩා ඉතාමත් වටිනාම රෙදි වර්ගයි. එම රෙදි කළු වුවද මෘදු සහ ඇතුලත ඉතාමත් සුවදායක වන අන්දමට නිමවා ඇත. මේ නිසා හිජාබ් ඇන්ද කාන්තාවකට එය හැඳ සිටීම එතරම් අපහසු නැත. එමෙන්ම මුස්ලිම් කාන්තාවකට එම වස්ත්‍ර හැඳ පුරුදු නිසා දහඩිය දැමීම් වැනි ප්‍රශ්න අන් අයට වඩා අඩුය.

 

දසසිල් මෑණිවරුන්ගේ වස්ත්‍ර
දසසිල් මෑණිවරුන්ගේ වස්ත්‍ර

අනෙක් කරුණ නම් ලංකාවේ බොහෝ මුස්ලිම් කාන්තාවන් හිජාබ් අඳින්නේ තමන්ගේම කැමැත්තෙනි. ලංකාවේ බොහෝ මුස්ලිම් පුරුෂයන් තම බිරියට හෝ පවුලේ කිසිවෙකුට හිජාබ් අඳින ලෙස බල නොකරයි. එහෙත් ඇය විසින් දහම ගැන මදක් ඉගෙන ගන්න පටන් ගත්ත විට තමන්ගේ කැමැත්තෙන්ම හිජාබ් ඇඳීමට පෙලඹෙති. නිදසුනක් ලෙස මගේ මිතුරෙක්ගේ බිරියක් මෑතකදී සිය සැමියාගෙන් තමන්ගේ මුහුණ වැසීමට අවසර ඉල්ලා සිටින ලදී. නමුත් මගේ මිතුරා එයට කැමති කෙනෙක් නොවේ. නමුත් සිය බිරියගේ බලවත් පෙරැත්තය පරිදි ඔහු කොන්දේසි සහිතව අවසර දෙන ලදී.

 

අවසන් වශයෙන් මේ දේද සඳහන් කරනු කැමැත්තෙමි. අතීත හෙළ කාන්තාවට තම උඩුකය වසන්නටවත් එකල සිටි රාජාන්ඩු පාලකයන් ඉඩ දුන්නේ නැත. කාන්තාවන්ට උඩුකය වසන්නට අවසර ලැබුණේ යටත් විජිත යුගයෙන් පසුවයි.

 

 

ප.ලි

මා විසින් මේ වන විට ‍KKK නැමැත්තාගේ සියළුම චෝදනාවන්ට පිළිතුරු දී ඇත්තෙමි. ඇත්තටම මේවා අභූත චෝදනාවන්ය. නමුත් මා විසින් මෙම චෝදනාවන්ට පිළිතුරු දුන්නේ මෙම චෝදනාවන් අන්තර්ජාලයේ සිටින ආගමික අන්තවාදීන් විසින් පතුරවන ඒවා බැව් දුටු නිසාවෙනි.

අනෙක් ලිපි

මුස්ලිම් කාන්තාවන් යනු ළමයි හදන මැෂිමක්ද? KKK ට පිළිතුරු 1

මුස්ලිම් කාන්තාව පුරුෂයාගේ කාමාශාව දුරුකරන මැෂිමක්ද? KKK ට පිළිතුරු 2

 

21 Comments to “මුස්ලිම් කාන්තාව ගෝණියකින් ඇඟ වහගෙන අනුන්ගේ ආශාවන් නිසා තමන් දුක් විඳින චරිතයක්ද? KKK ට පිළිතුරු 3

  1. මෙවන් අනුවන කිසිදු තර්කානු කුල පදනමක් නැති තර්ක ඉදිරිපත් කරමින් මුස්ලිම් ක්‍රමයට කාන්තාවන් පහත් කොට සැලකීම සාධාරණීකරණය කරන අන්වෙර්, වෙනත් ආගම වල ප්‍රතිපත්ති වලට ගැරහීම පුදුම එලවන සුළුය. හැකි නම් මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න.

    1. ඔබට අනුව කාන්තා දුෂණ සිදු වන්නේ කාන්ත්වන්ගේ ශරීරයට ඇලෙන ලෙස අදින ඇදුම් නිසාය. එනම් දුෂණය වීම යනු ඉබේ සිදුවන එසේත් නැතිනම් දෙවියන්ගේ කැමැත්තට සිදුවෙන දෙයක් ද?
    මම දන්නා පරිදි කාන්තාවක් දුෂණය වන්නේ පිරිමියෙකුගේ පුරුෂ ලින්ග්‍යකිනි. පුරුෂ ලිංගය පාලනය කර ගැනීම පිරිමියා සතු වගකීමෛ. ඔබගේ දෙවියන් කාන්තා වස්ත්‍රයට මුවා වී පිරිමියා ව එම වගකීමෙන් නිදහස් කර ඇත. මෙය සාධාරණ ද?

    2. මුස්ලිම් අගමිකයෙකුට තම කැමති (ලේ ඥාති නොවන) මුස්ලිම් කාන්තාවක් විවාහ කර ගත හැක. එම කාන්තාව අකමැති නම් කල යුත්තේ, අයව දුෂණ කර ෂරිය උසාවියට ගොස් එම කාන්තාව විවාහ කර ගැනීමට කැමති බව පවසීමෛ . මෙමගින් සියලු පව් සමා කර ගත හැක. මෙය මුස්ලිම් කාන්තා විමුක්තිය ද?

    3. මුස්ලිම් ෂරිය නීතියට අනුව ස්ත්‍රී දුෂණයක් ඔප්පු කිරීමට ඇසින් දුටු පිරිමි සාක්ෂි 4 අවශ්‍ය වේ. මෙය කුරානයේ ඇති ලොකුම විහිළුව බව අපගේ විශ්වාසයි. මුස්ලිම් පිරිමින් කාන්තාවන් දුෂණය කිරීමට පෙර පුවත් පත් දැන්වීමක් පල කර කැමති පිරිමින් ට “කාන්තා දුෂණය” නැරබීමට එන ලෙස ආරාධනා කරනවා ද? තවද මෙම අන්තවාදී නීතිය කිසිදු නුතන විද්‍යාත්මක සාක්ෂියක් (DNA ටෙස්ට් වැනි )පිලි නොගනී.

    පිරිමින්ට හිතු මනපෙට කාන්තාවන් දුෂණය කිරීමට, කාන්තාවන්ට පහර දීමට, ගල් ගස මැරීමට උද ගෙඩි දෙන පිරිමින් අතර සිටින අසරණ කාන්තාවන්ට ගෝනියක් තුල සැගවී සිටීම හැර වෙන කුමන විකල් පයක් ද?

    හැකි නම් මෙම comment එක පල කර එයට පිළිතුරු දෙන්න. 🙂

    1. 1. කාන්තාව දූෂනය වන්නේ ශරීරයට ඇලෙන ඇදුම් නිසාය යනුවෙන් ලිපියේ කිසිදු තැනක සදහන් නොවේ. නමුත් විලාසිතා වලින් දූෂනයට දිරිමත් කිරීමක් විය හැක. සිදුවන සියල්ල වන්නේ දෙවියන්ගේ කැමැත්ත මත නොව අනුදැනුම මතය. මිනිසාගේ ආරක්ෂාව සලසා ගැනීම මිනිසා සතු යුතුකමකි.

      පුරුෂයෙක්ගේ ලිංගය පාලනය කරමින් තමන්ව දුෂනය වීම වලක්වන්නට කාන්තාවට ශක්තියක් නොමැති වුවද තමන් දුෂනයට ලක්වීමට ඇති හැකියාවට වැට බැදීමට ඇයට හැක. දෙවියන් කාන්තාව වසා පිරිමියා නිදහස් කිරීමක් කර නැත. ඔබ කිසියම් ආගමික කඩතුරාවකින් ආවරණය වී ඇති නිසා ඔබට එලෙස සිතෙනවා විය හැක. නමුත් පුරුෂයෙක් ස්ත්රියයක්ව දූෂනය කළේ නම් ඉස්ලාමය තුල දැඩි දඩුවම් ඇත.

      2. මෙය සම්පුර්ණයෙන් අභූත චෝදනාවකි. හැකි නම් පැහැදිලි මුලාශ්රු ඉදිරිපත් කරන ලෙස අභියෝග කරමි.

      3. ශරියා නීතිය අනුව දූෂනය ඔප්පු කිරීමට සාක්ෂි 4 ක් අවශ්යල නැත. අභූත චෝදනා නගන්නට පෙර කරුණු හදාරන්න. බලන්න.

      Women in Islam DON’T need 4 witnesses to prove rape…?

      … so why do I keep seeing this lie spread about Muslims all over the net.

      Those “four witnesses” are actually needed to accuse a woman of committing adultery (voluntary sex outside of marriage). This is in order to prevent a wrongful punishment, because people accused of committing adultery are punished in Islam. Nothing to do with rape.

      “And those who accuse chaste women (of adultery) and then do not produce four witnesses — lash them with eighty lashes and do not accept from them testimony ever after.” [Quran 24:4]

      According to Islam, no witnesses are needed to prove that you’ve been raped. It could be proved simply by taking the victim’s character and personality, the situation she was found in and the accuracy of her story into account. In modern times, we have DNA evidence and evidence from recordings to prove rape. And in Islam, once a woman is raped, the punishment for the rapist is either 100 lashes and exile, or death, depending on the situation. Best answer to anyone who can quote the most from Quran/ Prophet’s life to support this.

      http://uk.answers.yahoo.com/question/index?qid=20111022133011AAOl4gm

      මීට වඩා දීර්ඝ සංවාදයක යෙදෙන්නට නම් කරුණාකර ඔබගේ ඇත්ත නම ඊමෙල් ලිපිනය සහ ආගම සදහන් කර කමෙන්ට් එකක් දමන්න. මෙය ආගමික වෙබ් අඩවියක් නොවන නිසා ආගමික කරුණු සාකච්ඡා කිරීමට නොකැමැත්තෙමි.

    2. ඔබ අන්තර්ජාලය තුල සිටින තවත් එක් මෝඩ අන්ධයෙක් බව පෙනී යය. ඔබ හා ඔබ වැනි අන්තර්ජාලය තුල සිටින අනිකුත් ජාතිවාදීන් කුරානෙය් හෝ නබි වදන් කිසිදාක කියවා නැති නමුත් කුරානයේ හා ඉස්ලම දහම හැකිතාක් විවේචනය කරය්. නොදුටු දෙයක් ගැන වැරදි මවගෙන සිටින නුඹලා ඇත්තෙන්ම අන්ධයන්ය. ඉන්පසු නුඹලාට කරුණු කාරණා පැහැදිලි සාක්ෂි ඇතිව ඉදිරිපත් කලත් තමන් වැරදි යැය කිසිදා පිළිනොගනී. නුඹලාගේ මෝඩකම එයය්.

      ඉස්ලාම් ධර්මය ස්ත්‍රියට පරිස්සම් වීමට අවවාද කරන්නා සේම පිරිමියාටද තම හැගීම් , බැල්ම පාලනය කිරීමට කියය්. මෙමෙ කුරාන් වාක්‍ය එයට උදාහරණ වේ. කාලය පිලිබඳ ගැටළුවක් ඇති නිසා මෙමෙ වදන සිංහලට පරිවර්තනය නොකරමි. එයට සමාවන්න .

      Tell the believing men to reduce [some] of their vision and guard their private parts. That is purer for them. Indeed, Allah is Acquainted with what they do. (Al Quraan 24:30)

      ඔබ අන්තර්ජාලය තුල සිටින තවත් එක් මෝඩ අන්ධයෙක් බව පෙනී යය. ඔබ හා ඔබ වැනි අන්තර්ජාලය තුල සිටින අනිකුත් ජාතිවාදීන් කුරානෙය් හෝ නබි වදන් කිසිදාක කියවා නැති නමුත් කුරානයේ හා ඉස්ලම දහම හැකිතාක් විවේචනය කරය්. නොදුටු දෙයක් ගැන වැරදි මවගෙන සිටින නුඹලා ඇත්තෙන්ම අන්ධයන්ය. ඉන්පසු නුඹලාට කරුණු කාරණා පැහැදිලි සාක්ෂි ඇතිව ඉදිරිපත් කලත් තමන් වැරදි යැය කිසිදා පිළිනොගනී. නුඹලාගේ මෝඩකම එයය්.

      ඉස්ලාම් ධර්මය ස්ත්‍රියට පරිස්සම් වීමට අවවාද කරන්නා සේම පිරිමියාටද තම හැගීම් , බැල්ම පාලනය කිරීමට කියය්. මෙමෙ කුරාන් වාක්‍ය එයට උදාහරණ වේ. කාලය පිලිබඳ ගැටළුවක් ඇති නිසා මෙමෙ වදන සිංහලට පරිවර්තනය නොකරමි. එයට සමාවන්න .

      ඔබගේ දෙවන චෝදනාව පදනම් විරවිත එකකි. ඔබ මෝඩ අන්ධයෙක් යැය එයම ප්‍රමාණවත්ය .

  2. මෙයට මමද යමක් කිව යුතුයි.මුස්ලිම් කාන්තාවක් දුටු විට කිසිවෙකුට කාමුක හැගීම් පහල වෙන්නේ නෑ.මෙය වෙනත් ජාතීන්ද ආදර්ශයට ගත යුතුයි.මම මෙම ඇදුමට විරුද්ධ අයගෙන් ප්‍රශ්නයක් අහනවා ඔබ ගැහැනියක් නම් ඔබේ සිරුර සරාගී ලෙස පෙන්වීමේ ඵලය කුමක්ද? ඔබට රටේ සියලු පිරිමින් සමග නිදා ගත හැකිද? එය ප්‍රායෝගිකද?ඔබ පිරිමියෙක් නම් මුස්ලිම් නොවන කාන්තාවන් දැක ලිගුව ප්‍රානවත් කර ගත්තත් මේ අය සමග නිදා ගැනීමට ඔබට හැකිද?එබැවින් බොරු නොකර මුස්ලිම් ක්‍රමයටම නොවුනත් විනීතව ඇදුම් ඇදීම සුදුසුය.
    http://manjulapora.blogspot.com/

  3. ඇත්තටම අද සමාජය දෙස බලන විට වැඩිපුර දූෂණ සිදුවන්නේ මුස්ලිම් කාන්තාවන්ට නොව මුස්ලිම් නොවන කාන්තාවන්ටය. එයට හේතුව එම කාන්තාවන් තමාගේ ආරක්ෂාව තමා විසින් සපයාගෙන නොමැතිවීමයි. කාන්තාවන් තමා අදින ඇදුම තමන්ගේ ආරක්ෂාව ඇතිවන පරිද්දෙන් ඇදිය යුතුය. ඇත්තටම මුස්ලිම් කාන්තාවන් දෙස බලන විට ඔවුන් එම ආරක්ෂාව සපයා ගෙන ඇති බැවින් ඔවුන්ට දූෂණයක් සිදුවෙනවාදැයි සිතා ගන්නටත් අමාරුය. මා සිතන පරිදි මුස්ලිම් කාන්තාවන් දෙස පිරිමින් නෙත් යොමු කරන ප්‍රමාණය ඉතා අල්පය. එසේ නම් අප සියළුම කාන්තාවන් මුස්ලිම් වස්ත්‍රය අගය කල යුතු අතර අනෙක් අයද ඒ අය අදින ආකාරය ආදර්ශයට ගත යුතුමය. හොද දේ කොතැනද ඇත්තේ අපි ඒ හොද දෙය ගත යුතු අතර අගය කල යුතුයි

  4. Anver,
    While I agree with you in the overall message given in this article, I do not agree with few specifics.

    //මෙහිදී කිව යුතු තවත් කරුණක් නම් නූතන සමාජයේ කාම අපරාධ වලට ප්‍රධානතම හේතුව එකී කාන්තාවන් සතු ලිංගික ආකර්ෂණයයි. එම ආකර්ෂණය ලිංගික අපරාධ කරුවා අපරාධයකට පොලඹවයි. //

    This point is a myth. Rapists do not target victims because of how they dress. I invite you to do an internet search on correlation between rapes and dress worn by women.

  5. Very good reply anver. I really cannot understand why ppl hate muslims so much? haven’t their religion says not to insult other religions? they are actually showing their foolishness in public

  6. මුස්ලිම් ක්‍රමයටම නොවුනත් විනීතව ඇදුම් ඇදීම සුදුසුය. Good Article.

  7. ” හිජාබ් යනු එලෙස කාන්තාවගේ අලංකාරය අනවසරයෙන් රස විඳින්නන්ගෙන් ඇයව රස විඳීමට වැට බඳින්නාවු වැස්මයි.” – විවෘතව සිතන්න . . . . විහිලු කතාවක් බව ඔබටම වැටහේවි.පිරිමියාගේ කුහක කම මෙයින්ම පැහැදිලි වේ

    අපරාද අඩු වීමට ගැහැනියගේ ශරීරය වැසීම – තර්කානුකුල නොමැති බවක් ඔබටම දැනෙන්නේ නැද්ද? පර්දාව ඇති උනේ මුස්ලිම් සමජයේමය,තමන් වැදු පුතුන්ගෙන් ආරක්ෂාවීමට තමන්ගේ ඇග වැසීමට තරම් තත්වයක් ඇති වීම කණගාටුවට කරුණකි,එලෙස සිර වීමට තරම් වැරදෙන්නට පෙර ඇය තම දරුවන්ට ගුණධර්ම කියා දුන්නා නම් කුහකයන්,මානසික අසහනෙන්(මිතුරාගේ ගැහැණිය ගැන හිත හිතා සිටින්නන් වැනි) පෙලෙන්නන් බිහිවීම වලකා ගත හැකිව තිබුණි

  8. මුස්ලිම් කාන්තා ඇදුම ගැන පළැවූ ලිපියේ කොමෙන්ටුවට මමත් අදහස් දැක්විය යුතුයි.ස්ත්‍රී ශරීරය සෑදී ඇත්තේ පුරුෂයාගේ ආකර්ශනය සදහාය.එය වසා තැබීම සුදුසුය.පුරුෂයාට ලිංගික ආරාධනා කිසිත් නැතිව දූෂනය කරන්නට ආවොත් එයට දැඩි දඩුවම් ඉස්ලාමයේ ඇත.දූෂනයට ලක්වන මුස්ලිම් කාන්තාවන් ඇත්තේම නැති තරම්ය.මෙලෙස ලිවීමෙන් මමද මුස්ලිම් යැයි කෙනෙක් සිතීමට ඉඩ ඇත.මම මුස්ලිම් නොවෙමි.මගේ බ්ලොග් සයිට් එකේ ඉස්ලාමය ගැන ලිපි පළ කරන්නේ එහි යහ ගුන වලින් අපටත් හැදෙන්නටය
    http://manjulapora.blogspot.com/

  9. අන්වර් මහතාණෙනි ආගම් බේදයකින් තොරව සදාචාර ධර්මතා අගය කළ හැකි බැව් ඔබතුමා පවා පිළිගන්නවා ඇත. සාමාන්යත මනුෂ්ය් ස්වභාවය ලෙස පිළිගන්නා වූ කාම හා ක්‍රෝධ ආවේග වලින් සිත වියුක්ත කරගැනීමට වෑයම් කිරීම මඟින් අතින්ද්‍රිය සංජානන හැකියාව ලැබීමට උචිත මානසික පසුබිමක් සකස් කෙරේ.කාමය හා ක්‍රෝධය පුහුදුන් සාමාන්යම මානසික ස්වභාවයයි. එය තාවකාලිකව වුවද යටපත් කිරීම අති දුෂ්කරය.නමුදු එය නොකළ හැකි ක්‍රියාවක් නොවේ.ඒ සඳහා අතිශය දැඩි ආත්ම ශක්තියක් හා ආත්ම විශ්වාසයක් අවශ්යඑය.ඇතැම් අයට එබඳු හැකියාවක් ගොඩනඟා ගැනීමට පහසුවෙන් කළහැකි අතර සමහරුන්ට එය ඉතා අපහසුය.පුද්ගල විවිධත්වයට අනුව මෙය කළහැකි පහසු අපහසුතාව තීරණය කෙරේ.බොහෝවිට සමහරු නිසර්ගයෙන්ම පියවි ජීවිතයේදීද සාමාන්යහ මනුෂ්යෙ දුබලතා සේ සැලකෙන විෂම චර්යා හා ආකල්ප වියුක්ත තලයේ සිට අවම මට්ටම දක්වා පරාසයක ඇති පුද්ගලයින් බව පැහැදිලිව දක්නට ලැබේ.විවිධ අසාමාන්යම දේ සිදුකළහැකි පුද්ගලයින් ලෙස සමාජයේ ප්රලසිද්ධියට පත්ව ඇත්තේ මෙබඳු අයබව නිරීක්ෂණයවේ. අතීන්රී ය සංජානන හැකියා ලැබීමට නම් සදාචාර චර්යා,ආකල්ප හා ධර්මතා අනුව ක්රිවයාකිරීම පූර්ව අවශ්ය්තාවයක් ලෙස අවශ්යකවනුයේ එය සාමාන්යර පියවි මනුෂ්යර තලයට වඩා ඉහළ මට්ටමක ඇති බැවිනි.යම් හෙයකින් කිසිවෙකු සාමාන්ය‍ පියවි මනුෂ්ය් තලයට වඩා අධි හැකියාවක් අත්පත් කර ගෙන සාමාන්ය මනුෂ්යව තලයක ඉක්මවා ක්රිියාකරන්නෙකු වුවහොත් ඒ පුද්ගලයාතුළ ඇති චර්යා ආකල්ප නිසා සෙසු මනුෂ්යක වර්ගයට යම් අගතියක් සිදුවීමේ හැකියා වැළකීම සඳහා පුද්ගලයාගේ මානසික පසුබිමතුළ ක්රියයාත්මක වන මනෝ විද්යාමත්මක අඟුලක් ලෙස සදාචාර ධර්මතා පෙන්වා දිය හැකිය.මින් අදහස් වන්නේ මෙසේ සදාචාර ධර්මතා අනුව හැසිරෙන පුද්ගලයා කෙතරම් ඉහළ අධි මානුෂික හැකියාවක් අත්පත් කර ගත්තත් ඉන් සාමාන්යන මනුෂ්යමයින්ට අගතියක් සිදුනොවීමේ සම්භාවිතාවක් පවතින බවයි. විවිධ පුද්ගලයින්තුළ මෙබඳු හැකියා ආගම් ජාි බේදයකින් තොරව පිහිටා ඇති බව සැලකිය හැකිය

  10. මේකට අන්තවාදී ඇදුම කියන්න පුලුවන්… මොකද ලෝකයේ අනිත් සියලුම දෙනාම තමන් පහසු ඇදුම් වලට හුරු වෙලා. ආගමක් බදාගෙන ලෝකෙට පේන්න ඇදගෙන යන එකෙන් පුද්ගලයා මිනින්න බෑ. ඒක නබි තුමාම ළමයින් දූෂණය කරන එකෙන් පෙන්නලා තියනවා.

    මේක ආගම ප්‍රෙමෝට් කරගන්න තුප්පහි වැඩක්. ඒක නිසා මේ ඇදුම දැක්කම අන්තවාදීයෙක් මැවී පේනවා.

    1. එතකොට ගැහැණු බාගෙට ඇඳගෙන ඉන්න එක හොඳය් නේ ? සම්පුර්ණයෙන් වහගත්තම ඕගොල්ලෝ වගේ උදවියට ගැහැණු දිහා බලල වින්දනයක් ලබාගන්ඩ බැරිවෙනවනේ , එකඊ මේ ඉස්ලාමිය වස්ත්‍රයට අන්තවාදී ඇඳුමක් කියන්නේ.

      මිත්‍රයා යමක් ගැන හරියට හොයල බලන්නේ නැතිව කතා කරන්ඩ එපා. අන්තිමට අමාරුවේ වැටෙන්නේ ඔයාමය්. ඔබ මුහම්මද් නබි තුමා ළමා අපචාරයක් කල කියල කියන්ඩ කලින් ඇත්තටම සිදුවුනේ මොකද්ද කියල දැනගන්ඩ. නබි තුමා අය්ෂා තුමියව විවාහ කරගත්තා . ඒ අයගේ කැමැත්ත උඩය්. ඉස්ලාමයට අනුව මනමාලියගේ කැමැත්ත නැතිව අයව විවාහ කරගැනීම බරපතල වරදක්. එමෙන්ම සපුරාලිය යුතු තවත් කොන්දේසි කිහිපයක් තියනවා. (ඒගැන වැඩිවිස්තර පහත දේ ඇති අඩවියෙන් ගන්ඩ පුළුවන්) .

      ඔබ මෙය ළමා අපචාරයක් කියල කියන්නේ ඔබ එම සිදුවීම දැන් තිබෙන නීතියට අනුව බලන නිසා හා ඔබගේ හිත කිලිටි නිසා. ඔබ එසේ කියනවනම් සිදුහත් කුමාරයා යශෝදර දේවිය හා විවාහ වෙනකොට දෙදෙනාටම වයස අවුරුදු 16 ! ඔයා කියන විදියට බලනවනම් මේකට කියන්නේ ළමා අපචාර කියලද, නැත්නම් ස්ත්‍රි දුෂණ කියලද නැත්නම් වෙනත් නමක්ද ? ලංකාවේ දැන් නිතිය අනුව බලන විට මෙය වසර 7 සිරදඬුවම් ලැබිය හැකි වරදක් . නමුත් මම සිදුහත් කුමරුගේ විවාහය , විවාහයක් විදියට පමනය් දකින්නේ, මොකද එදා සමාජයට අනුව එය පිළිගත් , අනුමැත දෙයක් වුන නිසා. එනිසා මීට පස්සේ වත් අනුන්ගේ ඇස්වල තියන කුණු රොඩු හොයන්ඩ කලින් තමන්ගේ ඇහේ තියන පොල් පරලේ අහක්කරලා ඉන්ඩ.

      මෙතනින් වැඩි විස්තර ගන්ඩ , http://www.ibnumansoor.com/189/

  11. තමන්ට වඩා වයසින් ඉතා වැඩි කාන්තාවන් මෙන්ම වයසින් ඉතා අඩු කාන්තාවන් පිළිබඳ ලිංගික හැඟීම් පහල වීම බරපතල මානසික ව්‍යාධීන් යටතට ගැනෙන රෝගාබාධයකි.

    නබි වයස 23 දී ප්‍රථම විවාහය ලෙස වයස 40 ක කාන්තාවක් අඹු කමට ගන්නා අතරම වයස 53 දී වයස 6 ක දැරියක් විවාහ කර ගනී. පැවති සමාජය අනුව මෙය සාමාන්‍ය පුද්ගලයෙකු අතින් සිදු වූවානම් සාදරණීය කරණය කල හැකි නමුත් මෙම වරද සිදු කරන්නේ අල්ලාහ් ගේ අවසන් පණිවිඩකරු (නබිවරයා) වීම නිසා ඔහු සිදු කර ඇත්තේ බරපතල වරදිකි. ආගමික කතෘ වරයා මෙවන් විකෘති කාමාශාවන් ඇත්තෙකු ලෙස ඔහු සිය අනුගාමිකයන් හට දෙන්නේ කවර ආදර්ශයක්ද? දැනටද ඉස්ලාමය ප්‍රධාන ආගම ලෙස පිළිගැනෙන රටවල ළමා විවාහ (මහල්ලන් සමඟ) සිදුවන්නේ, මුහම්මද් දුන් මෙම වැරදි ආදර්ශය අනුගමනය කිරීම නිසා නොවේද?

    දෙවියන්ගේ අවසන් පණිවිඩ කරු මෙලෙස විකෘති කාමාශාවන් ඇත්තෙකු වීම නිසා මෙම අල්ලාහ් නැමති දෙවියන් ද ඔහුගේ මනෝ ව්‍යාධිය තුලින් මනසින් මවා ගත් සංකල්පයක්දෝ යැයි සාධාරණ සැකයක් ඇති නොවන්නේ ද?

    තව දුරටත් අදහස් දක්වන්නේ නම් අයිෂා විවාහ කර ගන්නා විට නබි ද වයස 6 – 9 පුද්ගලයෙකු වූ වා නම් මෙම සිද්ධිය යම් තරමකට හෝ සාධරණීය කරණය කල හැකිව තිබුණි. නමුත් අවාසනාවකට ඉස්ලාමිකයන් ගෙන් එම අවස්ථාවද ගිලිහී ගොස් ඇත.

    වයස 16 යනු විවාහයට සුදුසු වයසක් බව නූතන වෛද්‍ය විද්‍යාව පවා පිළිගනී. අනික සිදුහත් කුමරු සහ යශෝධරා කුමරිය යන දෙදෙනාම සම වයසේ පසු වූවන්ය. නමුත් මහල්ලෙක් හය හතර නොතේරෙන කුඩා දැරියක විවාහය යන කඩතුරුවෙන් වසා දූෂණය කිරීම කෙසේ සාධාරණිය කරනය කරන්නද? බෝනික්කන් සමඟ සෙල්ලන් කරන වයසේ කුඩා දැරියක් විවාහය සඳහා තම කැමැත්ත දුන්නා යැයි විළි ලැජ්ජා නැතුව පවසන්නේ කෙසේද? ඇත්තටම පොල් පරාල තිබෙන්නේ කාගේ ඇසේද?

    1. අම්මාර්ට පිළිතුරු යන නමින් පැමිණ තිබෙන්නේ ඉස්ලාම් ගැන ද්වේශ සහගත ප්‍රකාශ කරන පට්ට මෝඩ ආගම්බේධ වාදී බෞද්ධයෙකි. මෙයා කාලයක් මට ආගම්වාදියා යැයි හංවඩු ගහන්නට උක්සාහ කළා. නමුත් දැන් ආගම්බේධ වාදියා කවුද? යන්න තේරුම් ගන්න පුළුවන්. වැඩි මහළු කෙනෙක් වයසින් බාල කෙනෙක් සමග විවාහ වීමත්. වයසින් බාල වියේදී වැඩිමහත් කෙනෙක් සමග විවාහ වීමත් මෙයා මානසික ව්‍යාධියක් ලෙස සදහන් කරනවා. නමුත් ඒ මානසික ව්‍යා‍ධියේ නම කුමක්දැයි හදුන්වන්නේ නැහැ. මට තේරෙන පරිදි මෙයා දන්න මානසික රෙද්දක් නැහැ. මෙයා දන්නේ අන් ආගම් වලට මඩ ගහන්නයි. ඒක නම් ඇත්තටම මානසික ව්‍යාධියක් ඒ රෝගය ගැන ඉබ්නු මන්සූර් සිය බ්ලොග් අඩවියේ මෙසේ සදහන් කොට ඇත.

      “අද අපට විශේෂයෙන්ම වෙබ් අඩවි මගින් ඉස්ලාමය සමච්චලයට හා විවේචනයට ලක්කිරීමේ දැවැන්ත වැඩ සටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින බව දක්නට ලැබේ. වාසනාවකට මෙන් මෙම වෛර ක්‍රියාවලියේ යෙදී සිටින්නන්ට ඉස්ලාමය පිළිබඳව හෝ බුදු දහම පිළිබඳව හෝ ගැඹුරු දැනුමක් ඇති බව දක්නට නොමැත. ඉස්ලාමයට එරෙහි කිතුනු වන්ගේ වෙබ් අඩවි වලින් කරුණු සොරා ගෙන ගිරවුන් මෙන් සිංහලෙන් ඉදිරිපත් කොට එමගින් ආත්ම තෘප්තියක් ඔවුන් ලබනවා විය හැක. මෙම මානසික විකෘත භාවයෙන් පෙලෙන උදවියගේ රෝගී තත්වය මනෝ චිකිත්සාවේ හඳුන්වන්නේ “Sadism” යනුවෙනුයි. මෙම වචනයට ශබ්දකෝෂ යෙහි යොදා ඇති සිංහල වචනය වන්නේ “පරපීඩාකාමිත්වය” යනුවෙනුයි. ඔවුන්ගේ රෝගයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ අන් අයට පීඩාවක් ඇති කොට ආත්ම තෘප්තියක් ලැබීමයි.”

      ඉබ්නු මන්සූර් එම ලිපියේ නබිතුමාණන්ගේ මෙම විවාහය පිළිබදවත් කරුණු විග්‍රහ කරනවා. කියවන්න

      ආයිෂා තුමියගේ විවාහය පිලිබඳ විග්‍රහයක්

      http://www.ibnumansoor.com/189/

    2. යාළුවා යමක් ගැන හරියටම දන්නේ නැතුව කතා කලොත් වෙන්න ඔයාගේ මෝඩ කම ලෝකෙටම පෙනෙන එකඊ. ඕගොල්ලෝ වගේ උදවිය කරන්නෙම අන්තර්ජාලයේ තියෙන ජාතිවාදී ඉංග්‍රීසි කුණු ගොඩවල් වලින් කරුණු අහුලාගෙන මෙහෙ පොස්ට් කරලා ලොක්කෝ වෙන්ඩ හදනවා. එකත් හරියට කරන්නේ නැනේ.

      නබි තුමා ප්‍රථම බිරිඳ වන කදීජ තුමියව විවාහ කරගන්න කොට එතුමාගේ වයස 23 නෙමෙය 25. නබි තුමා අයිෂා තුමාව විවාහ කරගන විට එතුමියට වයස 6 ක් නෙමෙය් 9 , එතුමිය වැඩිවියට එළඹී කාන්තාවක්. අද සමජයට ඒක වැරැද්දක් ලෙස පෙනුනට එදා සමාජයට හා ඉස්ලාමය අනුව එක සාමාන්‍ය දෙයක් . ඉස්ලාමයට අනුව කාන්තාවක් විවාහ වීමටට එයාගේ කැමැත්ත හා ඇය වැඩිවියට පත්වේ තිබීම අනිවාර්ය වේ. මේක කියවන්ඩ http://www.ibnumansoor.com/189/ .

      අනික් කරුණ යාළුවා කවදාවත් වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහන්ඩ එපා. එහෙම කලොත් මොනාද වෙන්නේ කියල ඔය හොඳටම දන්නවා ඇතිනේ. දැන් ඔය මේ කරපු අභූත චෝදනා වලට මට ඔයාට රිටර්න් එකක් දෙන්ට පුළුවන් සිදුහත් කුමරුගේ විවාහය , බිරිඳ දරුවා තනිකර දමා ගිහිගෙය නික්මයාම හා තවත් බොහෝ කරුණු අලලා. නමුත් අනිත් ආගම්වලට අපහස කිරීමේ පිස්සුව මට නැ.

      යාළුවා මීට පස්සේ ඔය වගේ දේවල් ලියන්ඩ කලින් පොඩ්ඩක් ප්‍රවුර්ති එහෙම බලල ලියන්ඩ . මොකද කවුහු හරි reply එකට අද කාලේ ස්වාමින්වහන්සේලා කරන දේවල් ගැන හා ගෞතම බුදුරජානන්වහන්සේ 3 වරක්ම වැඩිය , නිර්මල බුදුදහම ප්‍රධාන ආගම වුන මේ පින්බිමේ වෙන දේවල් එහෙම ලිව්වොත් ඔයාට කට උත්තර නැතිවෙය් ආයුබෝවන්ඩ .

  12. ලිංගිකව එක්වෙනවිට මම මැෂිමක් ලෙස ක්‍රයාකරනවට ඔයා කැමැති
    ද මම බිරිඳගෙන් එහෙම ඇහවම බිරිඳ කිව්වේ “කොච්චර හොඳද”
    කියලා.ඕනම ස්ත්‍රියක් කැමැතියි තමසැමියගෙන් උපරිම වින්දනයක්
    ලබන්න අපේ සිංහළ මිත්‍රයටඅනුව එහෙමනම් මුස්ලිම් ස්ත්‍රීන් වාසනාවන්තයි.ඇයි ඉතින්හනුමා දර පළනවා වගේනේ නේද?

    අනිත් කරුන නම් මුස්ලිම් පිරිමින්ට වැඩි වේලාවක් wicket එකේ
    ඉන්න පුළුවන් හේතුව පෙරසම ඉවත්කිරිමෙන් පසුව පුරුෂලිංගයේ
    මුග්දය නිතර ඇඳුම්වල වැදීමෙන් රළු වී දැනීමේ ශක්තිය අඩුවීම හා
    එතුලින් දීර්ඝ ලිංගික ආශ්වාදයක්
    ඇත්තටම මාගේ මිත්‍රයින් බොහොමයක් කියන්නේ මුස්ලිම් බිරිඳක් 
    ලැබෙන්නත් වාසනාවක් තියෙන්න ඕන කියලා හේතුව…..
    විනීත බව,තමා කෙරෙහි සැමියා තබන විශ්වාසය රැකීම
    සැමියා සමග වාද නොකිරීම සැමියා දේවත්වයෙහිලා සැලැකීම,වැදගත්ම දේ ආදරය

  13. ehen mehen ithuru wechcha kali yantham porawagena yana ayage paulwala ayata api goni billo anthawadiyo widihata pena eka pudumayak nowe…eya ownge manasikathwayai.oba ona widihakata adaganna. api adina widahata api adagannam. apita ape dahama hodaya obata obe dahama hodaya.

Comments are closed.