පුනරුත්පත්තිය පිළිබඳ ඉස්ලාමීය මතය!

පුනරුත්පත්තිය පිළිබඳ ඉස්ලාමීය මතය!

මෙම මාතෘකාව සඳහන් කළ විගසම කෙනෙකුගේ මනස තුල ජනිත වන්නේ ‘නැවත ඉපදීම’, ‘පුනර්භවය’ යන වචන වලින් අදහස් වන සංකල්පයන්ය. මෙම වචන වැඩි වශයෙන් බෞද්ධ සංස්කෘතියට බැඳී ඇති හෙයින් පළමුව එම කෝණයෙන් එහි අර්ථය විමසා බලමු. එසේ කිරීමෙන් ඉතා නිවැරදි ලෙස ඉස්ලාමීය සංකල්පය අවබෝධ කරගැනීමට මෙය උපකාරී වේ යැයි අපේක්ෂා කරන්නෙමු. පහත සඳහන් කොටස උපුටා ගත්තේ ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි විසින් සම්පාදනය කොට ප්‍රකාශිත ‘බුදු දහමේ පැන විසඳුම් – දෙවන කොටස’ යන ග්‍රන්ථයෙනි.

20. ප්‍රශ්නය: පුනර්භවය, පුනරුත්පත්තිය යනු එකම අර්ථයක් දීම සඳහා යෙදෙන වචන දෙකක්ද?

පිළිතුර: අපේ ත්‍රිපිටක සාහිත්‍යයේ පුනර්භව යන වචනය මිස පුරුත්පත්ති යන වචනය යෙදී නැති බවයි මගේ වැටහීම. පුනරුත්පත්ති යන වචනය නැවත ඉපදීම යන අදහස දෙයි. පසුකාලීනව ලියවී ඇති ඇතැම් පොත්වල පුනරුත්පත්ති යන වචනය  සමහර විට තිබිය හැකිය. විශේෂයෙන් හින්දු ආත්මවාදී ආගම් වල භවයෙන් භවයට යන වෙනස් නොවන ආත්ම භාවය පිළිබඳව කියවෙයි. එම ආගමේ මිනිසාගේ ජීවිතය හා සම්බන්ධ විනාශ කළ නොහැකි සදාකාලික ආත්මයක් ඇති බවත්, එක් ගෙයක් අතහැර තවත් ගෙයකට රිංගන්නා සේ මරණින් පසු එම ආත්මය තවත් ආත්මයකට රිංගා සිටිමින් මේ ක්‍රමයෙන් ආත්ම මෝක්ෂය දක්වාම ආත්මය දිගින් දිගටම ගමන් කරන බව කියවේ.

බුද්ධ දේශනාවේ එබඳු ආත්මයක් ගැන සඳහන් නොවේ. සත්වයා යනු මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙමින් පවතින නාම රුප පුඤ්ජයක් බවත්, එහි කිසිදු ආත්ම සාරයක් නැති බවත් දැක්වේ. “පුනබ්භව” යන්නෙන් පැහැදිලි කෙරෙනුයේ නැවත වීමයි නොහොත් හට ගැනීමයි. ඒ අනුව මේ වර්තමාන භවයෙන් කිසිදු භෞතිකයක් හෝ වෙනත් ශක්තියක් දෙවන භවය කරා නොයයි. එහෙත් කරන ලද කර්මවලට අනුරුප විපාක ශක්තියෙන් පුනර්භවයක් ලබා දෙයි. කර්ම වේගය අනුව හට ගන්නා හේතු ඵල පරම්පරාවකි පවතිනුයේ.” (44-45 වැනි පිටු)

ඉහත පැහැදිලි කිරීම අනුව බෞද්ධ මෙන්ම හින්දු දහමේ මරණින් පසු නැවත ඉපදීමේ සංකල්පයන්හි මුලික අදහස් විග්‍රහ කොට ඇත. ඉස්ලාමීය සංකල්පය මෙයට වඩා බෙහෙවින් වෙනස් වුවකි. මරණින් මතු ජීවිතය සැබැවින්ම පාරභෞතික  එනම් ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්පයකි. එහෙයින් ඒ  පිළිබඳව මිනිසාට දැනුමක් ලබාගත හැකි වන්නේ ආගමික මුලාශ්‍රයන්ගෙන් හා මිනිසාගේ ස්වභාවික විචාර බුද්ධිය උපයෝගී කර ගැනීමෙනි. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව මිනිසාට මිහිතලය මත ඇත්තේ එක් වරක් පමණක් ජීවත්වීමට ඇති අවස්ථාවක් පමණි. මෙම ජීවිතය ඔහුට මරණින් මතු ලැබෙන්නට ඇති තත්වය පිලිබඳ පරීක්ෂණයක් බව ද විග්‍රහ වන්නේය. මිනිසාට තෝරාගැනීමේ නිදහස, විචාර බුද්ධිය, සදාචාරය, හොඳ නරක පිලිබඳ හැඟීම, මෙන්ම විශ්වයේ  නිර්මාතෘ හා පාලකයෙකු සිටින බවට ඇති හැඟීම ඔහුට ජන්මයෙන්ම ලබාදී තිබේ. මෙහිදී විශ්වයේ නිර්මාතෘ හා පාලක යෙකු සිටින බවට ජන්මයෙන් ලබාදී ඇති හැඟීම පිලිබඳ මතය සමහර අයගේ විවේචනයට ලක්විය හැකි අදහසකි. එය තවත් ලිපියකින් සවිස්තරව සාකච්චා කරන්නට අදහස් කරන හෙයින් ඒ පිළිබඳව ඇති තොරතුරු මෙම ලිපියට ඇතුලත් නොකිරීමට තීරණය කළෙමු.

“සෑම ආත්මයක්ම මරණය භුක්ති විඳිය යුතු වන්නේය. යහ හා අයහ ක්‍රියාවන් කළ හැකි තත්වයෙන් අපි ඔබව (තබා) පරීක්ෂා කරන්නෙමු.” (අල්-කුර්ආන් 21: 35)

“නුඹලාගෙන් කවුරුන් ක්‍රියාවෙන් ඉතාමත් ශ්‍රේෂ්ඨද යන්න පරීක්ෂා කිරීම පිණිස ජීවිතයද මරණයද නිර්මාණය කර ඇත්තෙමු. ඔහු (අල්ලාහ්) අති බලසම්පන්න වන අතර අති ක්‍ෂමාශීලීය.” (අල්-කුර්ආන් 67: 2)

“නුඹලා කෙසේ නම් අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නේහුද? නුඹලා අජීවීව සිටි කල්හි ඔහු නුඹලාට ජීවය ලබා දුන්නේය. පසුව නුඹලාට මරණය පමුණුවා නැවතත් (මතුලොව) නුඹලාට ජීවය ලබා දෙන්නේය. පසුව නුඹලා ඔහු වෙතම යලි පමුණුවනු ලබන්නේහුය” (අල් කුර්ආන් 2:28)

ඉහත අල්-කුර්ආන් වැකිවලින් මිනිසාගේ මෙලොව ජීවිතයේ හරය මෙන්ම ඔහු නියත වශයෙන්ම මිහිතලය මත කළ ඔහුගේ ක්‍රියාකාර කම් ගැන මරණින් මතු විනිශ්චය දිනයක පෙනී සිටිය යුතු බව සහතික කරයි. ඔහුට යහකම් කරන්නට ඇත්තේ මෙම ජීවිතය පමණක් බව ඉස්ලාමය උගන්වන හෙයින් මිනිසා තම සිතේ මතුවන ආශාවන් හා  තෘෂ්ණාවන් හි වහලෙකු බවට පත්නොවී මෙම පහත් හැඟීම ඔහුගේ පාලනයට ගෙනැවිත් බිය භක්තියෙන් යුත් ජීවිතයක් ගොඩ නගා ගන්නට ඔහු නිරන්තරයෙන් උත්සුක වන්නට මෙම සංකල්පය බෙහෙවින් ඉවහල් වන්නේය. මරණින් මතු ජීවිතයක අවශ්‍යතාවය සෑම දහමකම උගන්වන අතර එය මිනිසාගේ විචාර බුද්ධියට හා තර්කයට පිළිගත හැකි ආකාරයට ඉදිරිපත් කරන්නේ ඉස්ලාමය පමණි. පළමුව මරණින් මතු ජීවිතයක අවශ්‍යතාවය පිළිබඳව සලකා බලමු.

සෑම දහමක්ම මරණින් මතු ජිවිතයක් ගැන විශ්වාස කරයි. මරණින් මතු ජිවිතය සත්‍යය බව පිලිගැනිමට අවශ්‍ය වන සහේතුක සාධක  කිහිපයක්  ඇත්තේය. අප මෙම ලිපිය ආරම්භයේදි  සාකච්ඡා කළ පරිදි සදාචාරය මිනිසාට පමණක් උරුම වු සුවිශේෂි වු ලක්ෂණයකි. සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීම සදහා මිනිසා විසින් විවිධ ආකාරයේ දුරාචාරාත්මක ක්‍රියාවන්ගෙන් ඉවත් විය යුතු වන්නේය. නමුත් මෙම දුරාචාරයන්  තුළ ක්ෂණික හා තාවකාලික වින්දනයක් හා තෘප්තියක් ඇති බව  අපි දනිමු. මිනිසා වින්දනයට හා තෘප්තියට  ආසා කරයි. මෙම ආශාවන් විසින් මතු කරන්නාවු දිරිගැන්විම් වලට වහල් නොවි සාරධර්ම රකිමින් කටයුතු කිරිම සදහා  විශේෂිත වු ප්‍රයන්තයක මිනිසාට නියැලෙන්නට සිදුවේ. අනිවාර්යෙන්ම මෙම අධිෂ්ඨාන ශිලි ප්‍රයන්තය සදහා යහ විපාක ප්‍රධානය කිරිමක් මිනිසාට සිදුවිය යුතුය. එසේ නිරන්තර යහ විපාක ප්‍රධානය කිරිමක් කෙරෙහි විශ්වාසය තැබිමෙන්  මිනිසාගේ යහ ක්‍රියාවන් සදහා වු නැඹුරුව  වඩා ශක්තිමත් වනු ඇත. මෙම යහවිපාක ප්‍රධානය කිරිම මිනිසාගේ මිහිතලය මත වු ජිවිතයේදි සිදුවන්නක් නොවේ. එලෙසින්ම දුරාචාරයෙහි නියැලෙමින් තම හැගිම්වලට වහල් වි කටයුතු කරන්නාට ද විපාක අත්කර දිමක් සිදුවිය යුතුය.

මෙයද මිහිතලය මත වු මිනිසාගේ ජිවිතයේදි නිසි පරිදි සිදුවන්නක් නොවේ. සමහර දුරාචාර කටයුතු වැළැක්විම සදහා මිනිසා විසින් නිති සකස් කර තිබුණද මේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවද අපි ඉතා හොදින් දන්නෙමු. එහෙයින් මිනිසාගේ සදාචාරාත්මක ජිවිතයට දිරිදෙන ඔහුට ඒ සඳහා මානසිකව හා කායිකව උනන්දු කරවන හා පොළඹවන ආකාරයේ නිශ්චිත ව තම යහ ජිවිතය සඳහා යහ විපාක ලබාදෙන තැනක් අනිවාර්යෙන්ම තිබිය  යුතුය. මෙය නිසිලෙස මිහිතලය මත වු ජිවිතයේදි  සිදුනොවන නිසා මරණින් මතු ජිවිතයේදි පරම සාධාරණිය විනිශ්චයකින් පසු මිනිසාට යහ විපාක ප්‍රධානය කිරිමක් පිළිබඳව ඔහු විශ්වාස කරයි. මෙම විශ්වාසය නොමැති නම් මිනිසාගේ මිහිතලය මත වු  සදාචාරාත්මක ජිවන සංකල්පය සහමුලින්ම බිඳී යන්නට ඉඩ තිබේ. එලෙසින්ම දුරාචාරයෙහි යෙදෙන්නන්ටද ඔවුන්ව එයින් වළක්වාලන ආකාරයේ විපාක දිමක් සිදු නොවුවහොත් දුරාචාරය රජයන මිනිස් සමාජයක් බවට අප පත් වනු නියතය. අද ලොව සිදුවෙමින් පවතින්නේ මිනිසා මරණින් මතු විපාක අත් විඳින්නට සිදුවන තත්ත්වය අමතක  කොට තාවකාලික ආස්වාදය හා තෘප්තිය පසුපස දිව යමින් මුළු මහත්  මිනිස්  සමාජයම තිරිසන් පිරිසක් බවට පත් කරන්නට කටයුතු කරමින් සිටිමයි.

“(නබිවරයාණෙනි) තම ආශාවන් (තෘෂ්ණාවන්) තමන්ගේ දෙවිදුන් වශයෙන් කව්රුන් පත්කර ගත්තේද ඔහුව නුඹ දුටුවෙහිද? නුඹ ඔහුට ආරක්ෂකයෙකු ලෙස සිටින්නෙහිද? ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (නුඹගේ මග පෙන්විම් වලට) සවන් දෙන්නේ යැයිද  නැත හොත් එය වටහා ගන්නේ යැයිද නුඹ සිතන්නෙහිද? ඔවුන් තිරිසනුන් ලෙස මිස වෙන කිසිවක් නොමැත. නැත, ඔවුන් (තිරිසනුන්ට වඩා) ඉතාමත් නොමග ගිය වුන් ලෙස සිටින්නන්ය”. (අල්-කුර්ආන් 25 වන  පරිච්ඡේදය – 43/44 වාක්‍යයන්)

මෙයින් අදහස් වන්නේ තම සිතෙහි උත්පාදනය වන්නාවු පහත් හා දුරාචාර හැඟීම් වලට යටත් වන්නා නියත වශයෙන්ම තිරිසනුන්ට වඩා පහත් තත්ත්වයකට පත් වන බවය. මෙම තත්ත්වය වෙනස් කරන්නට නම් මිනිසාගේ සිත් සතන්හි මරණින් මතු ජිවිතයක් ඇති බවත් එහිදි තමන්ගේ මිහිතලය මත වු ජිවිතයේ සියළු ක්‍රියාවන් සදහා විපාක  විඳින්නට සිදුවන බවත් ඔහුට ඒත්තු ගැන්විය යුතුය. මරණින් මතු ජිවිතය පිළිබඳව විශ්වාසයක් නිශ්චිත වශයෙන්ම මිනිසාව නිවැරදි විශ්වාසයකින් හා යහ ක්‍රියාවන්ගෙන් පරිපුර්ණ වු අයෙකු බවට පත් කරන්නට මග සළස්වන්නේය.

අනිත් අතින් අපරාධය හා දඩුවම පිළිබදව නීතිරීති මිහිතලය මත ඇත. එක් අයෙකු මරා දැමුවෙකුටත් මිනිසුන් හැට ලක්ෂයනට වඩා මරා දැමු හිට්ලර්ටත් උපරිමයෙන් දිය හැකි වන්නේ එක හා සමාන මරණ දඬුවමක් පමණි. තමන් කළ වරදේ ප්‍රමාණය අනුව මෙම දඬුවමේ සාධාරණිත්වයක් නොමැති බව ඕනෑම අයෙකුට වැටහෙනු ඇත. එහෙයින් තම වරදේ ප්‍රමාණය අනුව දඬුවම ලබාදෙන තැනක් තිබිය යුතු බවට පිළිගැනිමට මිනිසාට අපහසුතාවයක් තිබිය නොහැක. එයද සිදුවිය හැක්කේ මරණින් මතු ජිවිතයේ පමණක් බව අපට පිලිගන්නට සිදුවේ. මෙම දඬුවම් දිම සදහා සියළුම දහම් අපායක් පිලිබදව සංකල්පය ඉදිරිපත් කොට ඇත. මෙයද පාරභෞතික සංකල්පයකි. අවාසනාවට සමහර දහම් මෙම පාර භෞතික සංකල්පය භෞතික එකක් බවට පත් කොට ඇත. අපාය පිහිටා ඇත්තේ පොළොව යට මෙතරම් ගැඹුරකින් බව පවසන විට  එය භෞතික තත්ත්වයට පත්වන්නේය. එයට අමතරව මිනිසාගේ මෙලොව ක්‍රියාකාරකම් නිසිලෙස සටහන් කොට ඒ පිළිබඳව තීරණයක් ගැනීමේ සර්ව බලධාරී, පරම යුක්ති සහගත, සර්වඥ, බලයක් පිලිබඳ විස්වාශයක් හෝ මෙය ක්‍රියාත්මක කරවන මිනිසාගේ විචාරයට පිළිගත හැකි ආකාරයේ යාන්ත්‍රණයක් ඉදිරිපත් නොකරයි. අන් දහම් වල මෙම සර්ව ක්‍රියාවලිය පිළිබඳව ඇත්තේ ව්‍යාකුලත්වයකි.

ඉස්ලාමය මෙයට හාත්පසින්ම වෙනස් වු ආකාරයකින් මෙම සංකල්පය ඉදිරිපත් කරයි. එය මිනිසාගේ විචාර බුද්ධියට එකඟ විය හැකි මෙන්ම නුතන විද්‍යාත්මක සාධක පදනම් කරගෙන කරන්නාවු ඉදිරිපත් කිරිමකි. නිවැරදි විශ්වාසය මෙන්ම සදාචාර සම්පන්න ජිවිතයකටද ඉස්ලාමිය මරණින්ද මතු ජිවිතය පිලිබදව වු සංකල්පය දිරිගැන්විමක් කරයි. පළමුව මරණින් පසු ජිවිතයත් සහතික වශයෙන් ම ඇති බවත් එහිදි මිහිතලය මත කල ක්‍රියාවන්ට විපාක විදින්නට සිදුවන්නේ ඔබටමය යන අදහස අල්-කුර්ආනය අවුරුදු 1400කට පෙර ඉදිරිපත් කර ඇති  ආකාරය විමසා බලමු.

“(මිය ගොස් දිරාපත් වි පස් බවට පත් වුණු පසු) ඔහුගේ ඇට සැකිල්ල  අපි එක්රැස් (කොට ඔහුව පුනර්නිර්මාණය) නොකරන්නෙමු යැයි මිනිසා සිතන්නෙහිද? නොඑසේය, ඔහුගේ ඇගිලි තුඩ පවා (පෙරතිබු ආකාරයෙන්ම) තැබිමට තරම් අපි බලසම්පන්න වන්නෙමු”. (අල්-කුර්ආන් 75 පරිච්ඡේදය 2-4 වගන්ති)

Fingerprint-, ඇගිලි සලකුණු
Fingerprint-, ඇගිලි සලකුණු

මිනිසාගේ සිත් තුළ නලියන නිරන්තර සැකයක් එනම් තමා මියගොස් දිරාපත් වි පස් බවට පත්වුවායින් පසුව කෙසේ නම් ඔහුව නැවතත් පුනර්නිර්මාණය කරන්නේද යන ප්‍රශ්නය මතු කරමින්  මිනිසාට  ප්‍රතික්ෂේප කළ නොහැකි ආකාරයේ විද්‍යාත්මක සාක්ෂියක් සහිතව අල්-කුර්ආනය පිලිතුරු සපයයි. මිනිසාගේ ඇඟිලි තුඩ එකිනෙකට වෙනස් බව එනම් එක් අයෙකුගේ ඇඟිලිතුඩ තවත් අයෙකුගේ ඇඟිලි තුඩට සමාන නොවන බව පළමුවරට සොයා ගනු ලැබුවේ 1880දි බ්‍රිතාන්‍ය ජාතික ප්‍රැන්සිස් ගෝල්ඩ් විසිනි. ඇඟිලි තුඩෙහි ඇති මෙම සුවිශේෂත්වය කෙසේනම්  අවුරුදු 1400 කට පෙර පහළ වු අල් කුර්ආනය අපට දක්වන්නේද යන්න සිතා බැලිය යුතු නොවන්නේද? අපට උපතින්ම ලැබෙන හැඳුනුම් පත ඇඟිලි තුඩයි. එය තමාම බව සනාථකරන වෙනස් කළ නොහැකි ප්‍රබලම සාක්ෂියයි.

මෙම ප්‍රාතිහාර්ය ජනක සත්‍යය සමග දෙවිඳුන් මරණින් මතු ජිවිතය පිළිබදව අපට දන්වන්නේ නම් එම ජිවිතය ප්‍රතික්ෂේප කරන්නට අපට හැකියාවක් තිබේද? අනිත් අතින් පුනර්නිර්මාණය කරනු ලබන්නේ  මියගිය මිනිසාම  බව සහතික කරන පණිවිඩයක් මෙම කුර්ආන් වැකිය තුළ  ගැබ්වි තිබෙනවා නොවේද? එසේ නම් මිහිතලය මතවු තමාගේ ජිවිතය සම්බන්ධව කෙතරම් දුරට ප්‍රවේශම් විය යුතුද යන්න ගැන අවවාදාත්මක පණිවිඩයක් මෙම කුර්ආන් වැකියෙහි අඩංගු වි තිබේද යන්න ගැන අප අනිවාර්යෙන්ම සිතා බැලිය යුතු නොවන්නේද?

අපාය පිහිටා ඇති ස්ථානය ගැන නිශ්චිත ස්ථානයක් ‍නොකියන අල්කුර්ආනය එය පාර භෞතික වුවත් මිනිසාට අපහසුතාවයකින් තොරව විශ්වාස කළ හැකි අයුරින් විද්‍යාත්මක සාධකයන් අපාය පිළිබදව සඳහන් වැකියන් හි අඩංගු කොට ඇත.

“කව්රුන් අපගේ සංඥාවන් (අල්කුර්ආනයේ ඉගැන්විම්) ප්‍රතික්ෂේප  කරන්නේද ඇත්තෙන්ම (විනිශ්චය දිනයේදි) අපි ඔවුන්ව නිරයේ ගින්නට යවන්නෙමු. ඔවුන්ගේ  සම (එම ගින්නෙන්) දැවි විනාශ වි යන සෑම විටම පිලිස්සිමේ වේදනාව (නිරන්තරයෙන්) දැනීම සඳහා ඒ වෙනුවට අළුත් සමක් බාර කරමින් සිටින්නෙමු. අල්ලාහ් අති බල සම්පන්නය. ප්‍රඥාවන්තය.” (අල්-කුර්ආනය 4: 56)

ඉහත අල්-කුර්ආන් වැකිය දන්වන්නේ පිළිස්සිමේ වේදනාව දැනෙන්නේ සමෙන් බවය. ඉතා නුතන ශරිර ව්‍යුහ විද්‍යාත්මක  (ANATOMY) සොයා ගැනිමක් නම් සමෙහි වේදනා ග්‍රාහකයන්  (Pain Receptors) ඇති බවත් ඒවා සහමුලින්ම විනාශ වි ගියායින් පසු වේදනාව නොදැනෙන බවත්ය. ලෝක ප්‍රසිද්ධ ව්‍යුහ විද්‍යාඥයෙකු වු තායිලන්තයේ චියෑංමායි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තගතත් තෙජසන්ට (Prof. Tagatat Tejesen) මෙම කුර්ආන් වැකිය මුස්ලිම් විද්‍යාඥයින් විසින් පෙන්වු අවස්ථාවේදි අල්-කුර්ආනය අවුරුදු 1400 ක් පැරණි යැයි දැනගත් විට මවිතයෙනුත් මවිතයට පත්විය. ඉතා නුතන විද්‍යාත්මක සොයා ගැනිමක් කෙසේ නම් අවුරුදු 1400කට පෙර කුර්ආනයට ඇතුළු විය හැකි වන්නේ දැයි විමසුවේය. කුර්ආනයේ ‍ඓතිහාසික කරුණු පැහැදිළි කිරිමෙන් පසු එහි ඉංග්‍රිසි පිටපතක් ලබාගත් මෙම මහාචාර්ය වරයා අවුරුද්දක් මුළුල්ලේ අල්කුර්ආනය හදාරා සෞදි අරාබියේ රියාද්  නුවර පවත්වනු ලැබු අටවැනි වෛද්‍ය  සම්මන්ත්‍රණයේදි ප්‍රසිද්ධියේම ඉස්ලාමය වැළඳ ගත්තේය.

උපතින් බෞද්ධයෙකු වු  ඔහු ඉස්ලාමය වැළඳ ගනිමින්  ප්‍රකාශ කළේ පාර භෞතික සාධක මෙවන් නුතන විද්‍යාත්මක සත්‍යයන් සමග මිනිසාගේ අවධානයට  ඉදිරිපත් කිරිමෙන් එය විශ්වාස කිරිමට හා පිලිගැනිමට  මිනිසාට පහසුවක් ඇති වන බවයි. එතුමා මෙම සම්මන්ත්‍රණයේදි කළ කථාව අදත් YouTube.com වෙබ් අඩවියෙන් ඔබට දැක අසා ගන්නට හැකියාව තිබේ.

අප මෙතෙක් සාකච්ඡා කළේ මිනිසාට පමණක් වු සුවිශේෂ වු විචාර බුද්ධිය උපයෝගි කරගෙන මිනිසාගේ මිහිතලය මත  ඇති ජීවිත අරමුණ පිළිබඳව කරුණු තර්කයට, නුතන විද්‍යාවට, බුද්ධියට හා විචාරයට පිළිගත හැකි අයුරින් ඔබට ඉදිරිපත් කිරිමය. මිනිසාගේ මෙලොව අරමුණු නිසියාකාරව ඉටු කිරීමෙන් මරණින් මතු ජිවිතය ජයලබා ගත හැකි මාර්ගය පිළිබඳව සාකච්ඡා කළෙමු.

ඉස්ලාමීය මරණින් මතු ජීවිතය පිළිබඳව ඇති අදහස් ඔබට මෙලෙස ඉදිරිපත් කලේ නියත වශයෙන්ම මරණය අප සැවොම හමුවන්නට බලා සිටින හෙයින්, මරණින් මතු ජීවිතයේ පරාජිතයෙකු නොවී ජය ලබා ගන්නට ඇති මාවත පිළිබඳව ඔබත් මමත් ඇතුළු සැවොම වහ වහා කටයුතු කලයුතු මොහොත අප ඉදිරියේ විවෘත වී ඇති හෙයිනි. සිතමු, නිවැරිදිව සිතමු, යහමගට පිවිසෙමු, මෙලොව හා මරණින් මතු ජීවිතයේ ජය ගැනීමට සෑම මොහොතකම පසුබට නොවී ක්‍රියා කරමු. මිනිසාට ලැබී ඇති මෙම එකම අවස්ථාව අපගෙන් ගිලිහී ගොස් අවාසනාවන්ත තත්වයකට පත්වී පසුතැවිලි වන්නන් බවට පත් නොවී ජය මාවතට පිවිසෙමු.

 

අබු ෆාතිමා

 

 

134 Comments to “පුනරුත්පත්තිය පිළිබඳ ඉස්ලාමීය මතය!

    1. ඉතාමත් කාලෝචිත අවස්ථාවක බිහිවු ලිපියකි. අනෙක අබුෆාතිමාගේ ලේඛන ශෛලියද දිනෙන් දින මුවහත් වනු පෙනේ.

  1. හැකි නම් පුනරුත්පත්තිය ලැබුවායි කියන සිද්ධීන් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න.

  2. punaruppathiya (reincarnation) yanu budu dahamehi ena mulika iganwimaki. enum yemekge maranayen pasu ithiriwana sukshama shariraya nawatha warak prathisandiyak laba melowata pamine. a athara thura sharirayak nomathi shukshama thalayaka apa jiwath we.
    eda bauda hindunta sima u me mathaya ada wana wita batahira lokaya thula pawa piliganimak labemin pawathi. manda yath widyawe dunuwath samaga(nuro-science) megana wadath gaburin parikshana kirimata widyagniyan pelabi athi bawini. me gana gallen wartau nuthanam sidiya gana awadanaya yomu kala wita ehi athi sathya tawa gana awabodayak apata labagata haka.
    punarupathiyakadi minisata pera athmaya gana hodinma mathaka tibiya haka, tikak mathaka tibiya haka, boho awasthawaladi sampurnayenma a mathakaya iwathwa ya haka.

    1. @Kasun

      ඔබතුමා සිංහලෙන් ටයිප් කරන්නේනම් අපගේ කතා බහ වඩාත් පහසු වේවි. ඔබතුමා සඳහන් කරන්නට අදහස් කර තිබුනේ බුදු දහමේ පුනර්භව සංකල්පය පිළිබඳවයි. පෙර ආත්මය ගැන කතා කල සිදුවීම් කිහිපයක වාර්තා සැමගේ විමසුම සඳහා ඉදිරිපත් කරන්නට අදහස් කරන්නෙමු (ඉන්ෂා අල්ලාහ්). ඔබතුමා බුදු දහමේ කෝණයෙන් අදහස් දැක්වූ නිසා ඒ පිලිබඳ කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. මෙය ඔබතුමාගේ සිත් රිදවීම සඳහා කරණ වැඩක් ලෙස කරුණා කර නොසලකන්න. අදහස් ඉදිරිපත් කිරීමෙන් අප සැවොම සංවාදශීලී වන හෙයින් එය සුභ දායී ලක්ෂණයකි.

      පුනර්භවය පිලිබඳ විස්වාසය ප්‍රධාන හා මුලික සංකල්පය නම් එය දරා සිටින අනු සංකල්ප කිහිපයක්ම ඇත්තේය. උත්පත්ති තල, උත්පත්ති ක්‍රම හා කර්ම විපාක මෙම මුලික සංකල්පයේ අනුසංකල්ප යන්ගෙන් කිහිපයක්ය. අනුසංකල්පයන් බිඳ වැටෙනම් මුලික සංකල්පය කකුල් කැඩිච්චි පුටුවක් වගෙයි. කකුල් කැඩිච්චි පුටුවක් කෙලින් තැබිය නොහැකි වන අතර එයට ‘කැඩිච්චි පුටුව’ යනුවෙන් දැක්වීම අපගේ සිරිතයි. එලෙසම මුලික සංකල්පය රඳවා ඇති අනු සංකල්ප බිඳ වැටෙනා විට අනිවාර්යයෙන්ම, මුලික සංකල්පය කඩා වැටීම ඕනෑම අයෙකුට පිළිගන්නට සිදුවන සත්‍යය සිද්ධියකි. පුනර්භවයේ අනුසංකල්ප වැල්ලේ සැදු මාලිගා මෙන් බිඳ වැටෙනා හැටි නිවැරදි මුලාශ්රයන් උපයෝගී කරගෙන පහතින් විමසා බලමු.

      වර්තමාන බුදු දහමේ උත්පත්ති තල 31 ක් දක්වා ඇත. මෙහි වඩාත් බහුලව සඳහන්වන උත්පත්ති තලයකි ‘නිරය’. නිරය පිළිබඳව ඇති විස්තර විමසා බලමු.

      නිරය – නරකය
      ‘කර්මය හා විපාකය’ (එස්. ගොඩගේ සහ සහෝදරයෝ විසින් ප්‍රකාශිත) නම් ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

      “ධර්මයේ සඳහන් වන පරිදි මේ නරකය අට මහා නිරයකින් සමන්චිත වේ. ඒවා නම් මෙසේය:
      1. සංජීවය, 2. කාල සුත්ර්ය, 3. සංඝාතය, 4. රෞරවය, 5. මහා රෞරවය, 6. තාපය,
      7. මහා තාපය, 8. අවීචිය.

      1. සංජීවය.
      සත්වඝාතනාදී අකුසල කර්ම පථයන් කළාවූ සත්වයන්ට ප්‍රතිසන්ධිය ලබාදෙන නිරය මහ පොළොවෙහි සිට යොදුන් 75000 ක් යටින් පිහිටියේය” (පිටු 18-19)

      ඉහතින් උපුටා දක්වා ඇති පරිදි සංජීවය නම් නිරය පිහිටා ඇත්තේ මහ පොලොවෙහි සිට යොදුන් 75000 ක් යටින්ය.

      දැනට අපට අවශ්‍යව ඇත්තේ යොදුන් 75000 නුතන මිනුම් වලට පරිවර්තනය කර ගැනීමයි.

      “ගවුව – ගව්ව – දුර මැනීමේ පැරණි මිම්මක්, යොදුනෙත් හතරෙන් පංගුව – සැතපුම් හතරක ප්‍රමාණය” – (නිරුක්ති සහිත සිංහල ශබ්ද කෝෂය – ගොඩගේ ප්‍රකාශකයෝ – පිටු 396.)

      මේ අනුව යොදුන් 1 = ගව් 4 = සැතපුම් 4 X 4 = සැතපුම් 16
      යොදුන් 75000 = සැතපුම් 75000 X 16 = සැතපුම් 1,200,000

      නුතන භූගෝල විද්‍යාව අනුව පොලොව යටට යා හැක්කේ සැතපුම් 8000 ක් පමණ බවයි. එසේ ගිය විට නැවතත් අනිත් පැත්තෙන් පොලොව මතුපිටට ඒමට හැකිවෙනවා. ඉහත විස්තර අනුව ඉහලින්ම ඇති නිරය වූ සංජීවය පිහිටා ඇත්තේ මහ පොළොවෙහි සිට යොදුන් 75000 ක් යටිනි එනම් සැතපුම් 1,200,000 යටිනි. නුතන විද්යා ව අනුව උත්පත්ති තල වලින් ඉතාම වැදගත් තැනක් වූ නිරය අවිද්‍යාත්මක සංකල්පයක් බවට පත් වෙනවා නොවේද? කරුණාකර සිතා බලන්න. මේ පිලිබඳ තවත් සාක්ෂි පහතින් දක්වා ඇත්තෙමු.

      මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ “ධර්ම විනිශ්චය” නම් ග්‍රන්ථයේ 170-171 වැනි පිටුවලින් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

      “සාමාන්‍ය ජනයා අපාය යැයි කියන්නේ නරකයටය. සංජීව කාලසුත්තාදී වශයෙන් මහා නරක අටක් හා ඒ එක එකක් අවට කුඩා නරක සොලොස බැගිනුත් පිහිටා ඇති බව බෞද්ධ පොත්වල කියා තිබේ. නරකයන්හි සැටිත් ඒවායේ සත්ත්වයන් දුක් විඳිනා සැටිත් ඒවායේ ඉපදීමට හේතුවන පව්කමුත් ඒවායේ ආයු ප්‍රමාණයත් බුද්ධ දේශනාවෙහි දක්වා ඇත්තේය. විභංඝප්‍රකරණයේ ධම්මහදය විභංගයෙහි:-

      “හෙට්ඨතො අවීචිනිරයං පරියන්තං කරිත්වා උපරිතො පරනිම්මිතසවත්තිදෙවෙ අන්තො කරිත්වා යං එතස්මිං අන්තරේ එත්ථාවචරා එත්ථ පරියාපන්නා ඛන්ධා ධාතු ආයතනා රූපා වේදනා සඤ්ඤා සංඛාරා විඤ්ඤාණං ඉමේ ධම්මා කාමාවචාරා”
      යන පාඨය වදාරා ඇත්තේය. ‘යටින් අවීචිමහා නරකය සීමා කොට උඩින් පරනිර්මිත වශවර්ති දිව්ය ලෝකය ඇතුළු කොට මේ දෑතුරෙහි හැසිරෙන එහි ඇතුලත් වන යම් ස්කන්ධ ධාතු ආයතන රුප වේදනා සංඥා සංස්කාර විඥාන කෙනෙක් වෙත්නම් ඒ සියල්ල කාමාවචාර වන්නාහ’ යනු එහි තේරුමයි. මේ පාඨයෙහි කාමධාතුවේ යට සීමාව අවීචිමහානාරකය සැටියටත් උඩ සීමාව පරනිර්මිත වශවර්ති දිව්‍යලෝකය සැටියටත් දක්වා තිබීමෙන් පෙනෙන්නේ නරකයන් මිනිස් ලොවින් යට තිබෙන ඒවා බවය.
      බෞද්ධාචාර්යවරයන් විසින් පිළිගන්නේත් නරකයන් මිනිස් ලොවින් යට පොලොව තුල ඇති සැටියටය. ලෝ තතු විස්තර කරන බෞද්ධ ග්‍රන්ථවල සංජීවාදී නරකයන් එකිනෙකට යටින් පොලොව තුල පිහිටා ඇති බව දක්වා තිබේ.

      චතුක්කණ්ණෝ චතුද්වාරෝ විභත්තෝ භාගසෝ මිතො
      අයෝපාකාර පරියන්තෝ අයසා පටිකුජ්ඣිතො

      තස්ස අයොමයා භුමි ජලිතා තෙජසා යුතා
      සමන්තා යොජන සතං එරිත්වා තිට්ඨති සබ්බදා

      මේ දේවදුත සුත්ර යේ (මජ්ජිම නිකායේ සුඤ්ඤත වග්ගයෙහි 10 වන සුත්තය) බුදුරජානන් වහන්සේ විසින් වදාරා ඇති ගාථා දෙකකි. මේ ගාථාවලින් දැක්වෙන්නේ මහානරකය දිග පළලින් යොදුන් 100 සියය බැගින් ඇති යකඩ පොළොව හා යකඩ බිත්ති ඇති යකඩ වැස්මක් ඇති දොර සතරක් ඇති නිතර ගිනි ඇවිලෙමින් පවතින ස්ථානයක් බවය.”

      ඉහත විස්තර අනුව පුනර්භවය රඳවා ඇති අනු සංකල්පයක්වූ උත්පත්ති තල පිලිබඳ ව ඇති තොරතුරු අවිද්‍යාත්මක බව අමුතුවෙන් කිවයුතු නොවන්නේය. අවිද්‍යාත්මක අනු සංකල්පයක් මත මුලික සංකල්පය රඳවා තබන්නේ කෙසේද යන්න ඔබ විසින් විචාරශීලීව විමසා බැලිය යුතු වන්නේය.

      පුනර්භව සංකල්පයේ ඇති අනෙකුත් අනුසංකල්පයන්ද අවශ්‍ය නම් විමසා බැලිය හැකිය. එනම් කර්මය හා විපාකය හා උත්පත්ති ක්‍රම යනාදිය පිළිබඳව ඇති බෞද්ධ මත නිවැරදි මුලාශ්‍රයන්ගෙන් උපුටා දැක්විය හැක.

      1. @අබු ෆාතිමා..
        ඔබගෙ තර්කයට මම පිළිතුරක් දෙන්නට කලියෙන් කියන්න ඔනෑ.. මම සෛදාන්තික වාදියෙක් නොවන බව.. නමුත් ඔබ සිද්දාන්ත කරුනු වලටම වහල් වෙවි තර්ක ඉදිරිපත් කිරීමේදි එයට පිළිතුරු දීම්ට ඔබේ දැනුම් පද්දතියේ විදියටම හැඩ ගැහිලා කතා කරන්න ඔනෑයයි කියලා හිතෙනවා.. ඒක හන්දා මං තාව කාලික සෛදාන්තික වාදියෙක් වෙන්නම්…

        ඔබ කියන දේ මට පපැහැදිලිය.. මේ කාලෙ හැටියට සාමාන්‍ය පෙළ කරන ළමකු උනත් මේවගේ ගැටලුවකදි රූප සටහනක් ඇදගන්නවා.. මොකද ඔබ ඔය තර්ක ඉදිරිපත් කරපු භෞතික විද්‍යාව අපේ ඉන්ද්‍රිය ගොචර නොවන නිසා එය ඉන්ද්‍රිය ගොචර වෙන ආකාරයට රූප සටහන ඇසුරෙන් විසදීම ප්‍රායෝගික දෙයක්..
        අපි හිතමු අපි, පදාරතය.. එහෙමත් නැතනම් මේ අතට අහුවෙන පාරබෞතික නොවූ ලොකය තියෙන්නෙ ඒ ලක්ෂය පිහිටි පරිදිය මත.. මම ඒ පරිදියෙන් අහඹුලෙස ලක්ෂයක් තොරගන්නවා.. ඒ තමයි A කියලා නම් කලේ. ඔබේ මිනුම් වලට අනුව ඒම A තැනත්තා (ලක්ෂයේ) සිට පෘතුවි කේන්ද්රයට ඇති දුර 8000/2 = සැතපුම්4000යි. (d=2r සමීකරණයට අනුව) ඒ වගේම නිරය කියන්නෙ ලක්ෂක් නෙවෙයිනේ.. නිරය තියෙන තලයට ඇති දුර තමයි ඔබ ඔය යොදුන්7500ක් කියලා තියෙන්නේ.. අපි ඒකෙනුත් A ට සම්මුක ලක්ෂයක් තොර ගමු. ඒ තමයි h. ඔබේ ගනනය කිරිමට අනුව Ah දුර සැතපුම්1,200,000ක්. ඔබ් තරකය නම් AO<Ah නිසා නිරය තලය ඉන්ඩ්රීය ගෝචර නැති දෙයක් කියන එක.. ඔව්.. මම සෛදාන්තික නැති උනාට මමත් එය පිළිගන්නවා.
        නමුත් ඔබගේ තරකය ඉන්ඩ්රීය ගෝචර නොව සියල්ල මනඃකල්පිත ලෙස ගනිමින් ඔබ කියනවා අපේ ධර්මය නැමැති පුටුවෙ එක අන්ඩක් මනෑකල්පිතයි. ඒක නිසා ඒක කැඩිච්ච පුටුවක් ය කියලා.. මේ තරම් තාර්කිකව සිතන ඔබට ඇයි බැරි උනේ තවටිකක් තර්ක කරන්න. ඔබ දකින ඔබ දන්න ඉන්ඩ්රීන් මොනවාද..? ඇස, කන, නාසය, දිව, සම කියන එවා විතරනේ.. ඒකම තමයි මං කිව්වෙ මං සෛදාන්තික නොවෙන විත්තිය. මොකද ඔබත් මමත් සිත පිළිබ්දව දන්න නිසා.. ඇයි සිත කියන්නෙ ඉන්ඩ්රියක් නෙවෙයිද.. ඔබ ඔබ විසින් සිතේ මවාගෙන තියෙන හැදින්වීමක් තියෙනවා! විස්වාස කළ යුත්තේ පස ඉදුරන්ට ගොචර වෙන දේවල් නොවෙන දේවල් කියලා.. එත් පොඩ්ඩක් ඔබම හිතලා බලන්න.. නබි තුමට අල්ලා දෙවියන්ව ගෝචර උනේ අර ඉන්ඩ්රීන් 5න් මොකටද… එකටවත් නෙවෙයිනේ.. ඉතින් ඔබේ ආගම කියන පුටුවෙ කකුල් හතර තියා ලී කෑල්ලක්වත් එතනින් එහාට ඉතුරු වෙනවද…?

        දැන් අපි ආයෙත් හිතල බලමු ඔබේ තරකය.. ඇයි ඔබ නිකමටවත් මෙහෙම හිතුවෙ නැත්තේ..? O කියන්නෙ සමුදේශ ලක්ෂයක්.. ඒකට සාපේක්ෂව මිනුම් කරොත් Oh විස්තාපනය එන්නෙ -1196000 අගයක්නේ… ඒත් මේ අගය (-). ඒකයි මම කිව්වෙ ඔබ කියනවා වගේම මමත් නිරය පංච ඉන්ද්‍රීන්ට ගෝචර නෑ කියලා පිළිගන්නවා කියලා..

        පවිත්‍ර වීරප්පෙරුම
        තෙරුවන් සරණයි..

        1. තව දුරටත් දැන ගන්න ඔනෙනම් ඔබ නිරයේ බටහිර විද්‍යාව පදාර්ථය යැයි හදුන්වන සන්ස්කාර ධර්මයක් පැවතිය නොහැකි බව සමීකරණ දාලත් ඔප්පු කරගතැකි. F=GMm/r². මට අමුතුවෙන් මෙවා ඔප්පු කරන්න ඔබ ඉතුරු කලා නෑනේ.. ඔබම නිරය පසැදුරන්ට ගොචර නොවන විත්තිය කියලා තියෙනවනේ.. ඒත් ඔබේ තර්කය ප්‍රභල මදි අපේ ධර්මය කැඩුනු පුටුවක් බවට පත් කරන්න. ඔබේ ප්‍රස්තුතයෙන් සිද්ද වෙන්නෙ ඔබේ ධර්මය කැඩුනු පුටුවක් විම විතරයි… 🙂

        2. well said. I am sure Anwer will find this interesting. Buddhism is something that goes beyond normal human perception. That is why it talks about the development and training of the mind. Trying to understand and explain Buddhism using the ordinary senses shows how much Anwer understands the philosophy. He doesn’t even undersatand this very basic principal of Buddhism. How can he claim to analyse more?

          1. පුනරුත්පත්තිය පිළිබදව අද බෞද්ධයා සිටින්නේ බුද්ධ දර්ශනය පෙන්වා දෙන මතවාදයේ නොවන බව මෙම ලිපියෙන් සනාථ වුණා. එයින් සසල වුණු අය ලිපියේ ඒ මේ කොණ තුල ගොස් අඩුපාඩු පෙන්වා දෙන්න උත්සාහ දරන්නේ තමන්ගේ අඩුව වසා ගැනීමටයි.

      2. දේවවාඅදී අාගමක අනුගාමිකයන්, සියල්ල දෙවියන් මැවු වයි කියන අාගමක අනුගාමිකයන්, සවර්ගයක් අපායක් අැතියයි විශ්වාස කරන අාගමක අනුගාමිකයන්, බුදු රජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයෙන් නිරය ගැන කෙරුණු විවරණ බොරැ කිරීමට, මීටර කෝදු අතින් දරා දිග පළල මැනීමට කරන උත්හහය දුටු මට මුවෙන් පමණක් නොව සිනා පහලවනුයේ..

      3. අබු ෆාතිමා,
        අපිට නම් අවශ්‍ය අපගේ ධර්මයේ දක්වන ආකාරයට පව් කම් වලින් නිරයෙන් බේරීමට මිස එහි දිග ,පළල,උස මැනීමට නොවේ. මොකද අපිට කවරදාකවත් පොළොව හරා ඕවගෙ මාන මනින්න බෑනේ. සුළැඟිල්ලා කියන්නා සේ සිදු වන්නේ ඔබගේම ධර්මය කැඩිච්ච පුටුවක් වෙන එක විතරයි. ඔයා ඔහොම නෙවි කොහොම කෙස් පැලෙන තර්ක ගෙනාවත් අපි නම් විශ්වාස කරන්නේ ඔයාගේ මහ ලොකු ගණිත ඥානය නොව බුදුන් වහන්සේගේ සර්වඥතා ඥානය යි.

  3. ගිය සතියේ ඉරුදින පුවත් පත් වලත් පුනරුප්පත්තිය පිලිම්බන්දව කතාවක් තිබුන.කුඩා ළමයෙකුගේ පෙර ආත්මය ගෙන සඳහන් වීමක් හා ඔහුගේ පෙර බවයේ
    දෙමොව්පියන් සමග ලබාගත් චායාරුඋපද සමග.එම ළමයාගේ ප්‍රකාශ කර තිබුනේ පෙර බවයේ ඔහු හදිසි අනතුරකින් මිය ගිය බවෛ.ඔහුගේ පෙර බවයේ මුහුණෙහි තිබු
    උපන් ලපයක් මේ බවයේදීත් එලෙසම එම ඉස්ටනයේම තිබෙන චායාරුඋපයක් පවා පල කර තිබුනා.සාමාන්යෙන් මෙවැනි පුනුරුප්පත්ති කතා පවසන්නේ පෙරබවයේදී
    හදිසි අනතුරු,ගාතනය වුනු හෝ කිනම් හෝ ක්ෂණිකව සිදු වූ මරණයට පත් වුනු අය බව වැටහෙනවා මෙවැනි ලිපි කියවත්දී.සාමාන්‍ය ලෙස මියැදුණු කිසිම කෙනෙක්
    තමන්ගේ පෙර බවය ගෙන පවසා නැහෙ.(මා පව්ද්ගලිකව අසා හෝ කියවා නැහැ.)
    මා දන්නා පරිදි කව්රු හරි මෙලෙස ටම පුනර්බවය ගෙන පවසන්නේ තම ළමා කාලයේ පමනය්.පසු කාලීනව එය ක්‍රමයෙන් අමතක වෙනවා.මේ මාතෘකාව සම්බන්දව සමහර මනෝ විද්යාක්ච්යින් පිළිගත්තත් සමහරුන් එය බෙහෙර කරය්.
    පුනර්රුප්පට්ඨිය(ඉස්ලාමීය මතය නොවෙඉ)විස්වාස කරන අයගෙන් අසන්න කෙඅමති මෙය අත්තක් නම් මලගිය ප්‍රාණීන්.,හොල්මන්,අවතාර යනුවෙන් හඳුන්වන්නේ කව්රුන්ද.ඔවුන්ට නැවත
    යලිත් මිනිස් බාවයක් ලබන්න බෙරිද.සමහරවිට ඔවුන් මහා පව්කාරයන් නිසා මිනිස් ආත්මයක් ලබාගන්න බරිවුනෛ කියමුකෝ එතකොට ප්‍රබාකරන් ගෙන කුමන කටාද.ඔහු පවා දකුණු ඉන්දියාවේ නැවත ඉපදුනා යඊ
    මාද්‍ය වාර්තා පළවුනා.මේ ගෙන කව්රු හෝ පැහැදිලි කිරීමක් කිරීමට ඉල්ලා සිටිමි.

  4. වැදගත් ලිපියක් පුනරුප්පත්තිය හා මෝහනය මගින් පෙර බවය ගැන කීම වැනි දේ ගැන නවතම විද්‍යාත්මක සොයා ගැනීම් අනුව තවමත් පවතින්නේ උපකල්පන මට්ටමකද යන්න සහ ඒවා ගැන තරමක් දුරට පැහැදිලි කලනම් හොදය්

  5. ඉස්ලාම් ධර්මය තුල නැවත ඉපදීම ගැන Dr. Zakir Naik ගෙන්.

  6. @fathima

    punarupathiya siduwim ha mohana krama magin oppukala hamarai. namuth niyama widyanukula kramayata eya sambandawa parikshanayak kara natha. mandayath ese kirimata pawathina bada wadi nisa.

    widyawe simawanta asu nowana tanaka tawama pudgalayekuge manasa ha punarupathiya yana sidu wim pawathina nisa niyama widyathmaka kramaya parikshanayak pawathwima tawama apahasu wi tibanawa. idiriyedi widyawe( nuro science, physics) dunuwath samaga apata wadath hoda parikshanayak pawathwana puluwan wewi.

  7. @kasun
    පුනුරුපත්තිය ලබන්නේ කිමනම් පුද්ගලයන්ද? සියලු දෙනාම පුනුරුපත්තිය ලබන්නේ නම් එය පරිණාමවාදයට එකගයිද?

  8. පුනරුප්පත්තිය සත්ය බව ඔප්පු වී අවසානයි. එයින්ම මුස්ලිම් දහම බොරුවක් බව ඔප්පු වීද අවසානයි. මුස්ලිම් ඔබල අදුරේ අත පත ගාන අය මෙනි.

    ඔබල කොපමන වාද කලත් බුදු හිමිගෙ වචන බොරු කරන්න නොහෑකියි. ඔබල වෑනි මෝඩ අයට පමනයි මුස්ලිම් දහම ඈත්ත කියල හිතෙන්නෙ.

    1. @ Tharanga,

      මා ඉහත බෞද්ධ පුනර්භව සංකල්පයේ අනුසන්කල්පයක් වූ උත්පත්ති තල පිළිබඳව ඇති තොරතුරු ඉදිරිපත් කලේ ඔබතුමන්ලාගේ විචාරශීලී විමසුම සඳහායි. අන්ධ භක්තියෙන් කටයුතු කරන්නේ නම් සංවාදශීලී වීම ඉතා දුෂ්කරය. ඔබතුමාගේ බුද්ධිමය විමසුම උදෙසා පුනර්භවයේ තවත් අනුසන්කල්පයක විස්තර ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි. කරුණාකර ඉවසීමෙන් කියවා බලන්න. අපගේ අපේක්ෂාව ඔබගේ සිත් රිදවීම හෝ දහම් වලට අපහාස කිරීම නොවේ. අප සියලු දෙනාම සත්‍යය කුමක්ද කියා අනිවාර්යයෙන්ම දැනගත යුතු වන නිසයි මෙම තොරතුරු ඉදිරිපත් කරන්නේ.

      පුනර්භව සංකල්පයේ අනුසංකල්පයක් වූ උත්පත්ති ක්‍රම පිළිබඳවද විමසා බලමු.

      “යෝනි වශයෙන් සත්වයින්ගේ උත්පත්ති සතරෙකි. එනම්, අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික යනුයි. කුරුළු ආදී බිජු වලින් හට ගන්නා සත්ත්වයෝ අණ්ඩජ නම් වෙත්. දලබුවෙන් (වැදෑමසින්) වෙලී උපදනා මනුෂ්‍යාදීහු ජලාබුජ නම් වෙත්. තෙත් ගතිය ආශ්රය කොට ගෙන කුණු මස්, අශුචිවල ආදී තැන්වල හටගන්නා පණු, මදුරු ආදීහු සංසේදජ නම්වෙත්. මවුකුස හට ගැනීමක් නොමැතිව කාර්ම බලයෙන් වැඩුණු ශරීර ඇතිව ඉබේ ම පහළ වන්නාවූ දිව්‍ය, බ්‍රහ්ම, යක්ෂ, ප්‍රේතාදීහු ඕපපාතික නම් වෙත්.” (නාරද ස්ථවීරයන් විසින් රචිත ‘ධර්ම සංග්‍රහය’ ග්‍රන්ථයේ 154 වැනි පිටුවෙන්)

      ඉහතින් නාරද හාමුදුරුවෝ විස්තර කර ඇත්තේ බුදු දහමේ උත්පත්ති ක්‍රම සතර පිළිබඳව ඇති මුලික කරුණුය. මේ පිළිබඳව විමසුමක යෙදෙන්නට ප්‍රථම තවත් වැදගත් කොටසක් ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි ගේ “බුදු දහමේ පැන විසඳුම් – දෙවන කොටස” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

      “02 ප්‍රශ්නය: බුද්ධ දේශනාවේ දැක්වෙන උත්පත්ති ක්‍රම සතරෙන් සංසේදජ සහ ඕපපාතික යන ක්‍රම දෙක තරමක් අපැහැදිලිය. එය පහදා දෙන්න.”

      “පිළිතුර: සත්වයන්ගේ හෙවත් ජීවීන්ගේ මෙම උත්පත්ති ක්‍රම දෙක අතරින් වඩාත්ම සංකීර්ණ වනුයේ සංසේදජ ක්‍රමයයි. පිරිසිදු ජලයේ මෙන්ම අපිරිසිදු ජලයේද විවිධ අපවිත්ර දැයෙහි මෙන්ම මල් වැනි පවිත්ර යැයි සම්මත දේවලද දිරා ගිය කොළ රොඩු ගස්වල පොතු කොළ දලු ආදියෙහිද, පෘථිවිය මතුපිට මෙන්ම පස තුලද තවත් නොයෙකුත් ස්ථානවලද සත්ව ශරීරාදිය ඇසුරෙහිද කුඩා අනුකුඩා ජීවීන් හට ගන්නා බව කිව යුතුය. මේ අතරින් විවිධ පණු වර්ග, කෘමි, සමනළ වර්ග මෙන්ම ඇතැම් මීයන් කැරපොත්තන් යනාදී සතුන්ගේ හට ගැනීම පැවැත්ම ප්‍රකටය. මෙම සත්වෝත්පත්ති ක්‍රම බොහෝ සෙයින් ගැනෙනුයේ සංසේදජ ගනයටයි.
      ඕපපාතික උත්පත්ති ක්‍රමය අප්‍රකටය. විශේෂයෙන් දිව්‍ය, බ්‍රහ්මයන්, මහා නරකයේ උපදින නිරිසතුන් මෙන්ම බොහෝ ප්‍රේත කොටස්ද මෙම ගණයට වැටෙති. මිනිස් ලොව මෙම උත්පත්ති ක්‍රමය අප්‍රකට වතුදු බුද්ධ කාලීන සමාජයේ විසු අම්බපාලී, පොක්ඛරසාතී වැන්නවුන් ඕපපාතික වශයෙන් උපන් බව දැක්වේ. එමෙන්ම සංසේදජ ගනයේ මෙන්ම අණ්ඩජ ගනයේ මිනිසුන් පිළිබඳව ද අපේ ධර්ම ග්‍රන්ථවල දැක්වේ. එබැවින් සමස්තයක් වශයෙන් ගත් කල මෙම උත්පත්ති ක්‍රම සතරම සංකීර්ණ බවක් පෙනේ. ඇතැමෙක් මේවා පිළිබඳව මෙයට වෙනස් මතද දරනු පෙනේ. නමුත් අප ඉදිරිපත් කළේ ධර්ම ග්‍රන්තාගත ක්‍රමයට අනුව කරුණු දැක්වීමයි. මෙම ක්‍රමයන් පිලිබඳ විද්වතුන්ගේ අවධානය යොමුවී ඇති නිසා නුදුරු අනාගතයෙහි මෙයට වඩා ඉතා සියුම් ජීවීන් පිලිබඳ තොරතුරු විද්වතුන්ගේ විදු ඇසට ලක්විය හැකියි. සත්ව විෂය අචින්තනීය ක්ෂේත්රයකි. එහෙත් මෙම ක්‍රම සතරින් පරිබාහිර සත්වෝත්පත්තියක් නම් සිදුවිය නොහැක. යමක් හෝ යම් සත්ව කොට්ඨාශයක් පිළිබඳව අපගේ නුවණට, චින්තනයට, තර්කයට හසු නොවූ පමණින් එබඳු දෙයක්, එබඳු සත්ව කොට්ඨාශයක් නැතැයි දෘෂ්ඨියකට එළඹීම බුද්ධි ගෝචර නොවේ.” (24-25 පිටු)

      ඉහත විස්තර අනුව සංසේදජ ක්‍රමය පිළිබඳව උගත් නායක ස්වාමීන් වහන්සේ බෞද්ධ මුලාශ්ර් පදනම් කරගෙන ඉදිරිපත් කොට ඇති තොරතුරු නුතන විද්‍යාවට සහමුලින්ම පටහැනිය. ඈත අතීතයේ අන්වීක්ෂය නොමැති යුගයක මැසි මදුරුවන් දමන ඉතාම කුඩා බිත්තර පිලිබඳ දැනුමක් නොතිබෙන්නට ඇත. අලුත් ජීවයක් පැමිණිය හැක්කේ ජීවයකින් බව පමණක් යන්න නුතන විද්‍යාත්මක සංකල්පයකි. අජීවී කුණුරොඩු වලින් කිසිසේත්ම නව ජීවයක් බිහිවිය නොහැක. මේ පිළිබඳව එනම් අජීවී ද්‍රව්‍යයන්ගෙන් ජීවයක් ඇතිවිය හැකියැයි පරිණාමවාදී සංකල්පය විශ්වාසකළ ඇමෙරිකානු ජාතිකයෙකුවූ ස්ටැන්ලි මිලර් (Stanley Miller) 1953 දී පර්යේෂණයක් කරමින් ඔප්පු කරන්නට කටයුතු කරන ලදී. මෙය ‘මිලර් පර්යේෂණය’ (Miller Experiment) නැතිනම් ‘යුරි මිලර් පර්යේෂණය’ (Urey-Miller Experiment) යනුවෙන් නම්කර තිබිණි. ආරම්භයේ පරිනාමවාදීන් අතර ඉතා ජනප්‍රිය පර්යේෂණයක් වූ මෙය වැඩි කල් නොගොස් ජීව විද්යාන්ඥයින් විසින් මෙම සංකල්පය ප්‍රතික්ෂේප කරන ලදී. එනිසා මෙම මතය සහමුලින්ම අවිද්‍යාත්මක වන අතර ඇසට නොපෙනෙන මැසි මදුරු බිත්තර මෙයට හේතුව බව අන්වීක්ෂය සොයාගත් පසු අප දැනුවත් වී ඇත්තෙමු. නොදැනුවත්කම මත බිහිවන සංකල්පයන් ආගමික සිද්ධාන්තයන් වශයෙන් ගත් කල අප වැටෙන්නේ ඉතා භයානක තත්වයකටය. සැබැවින්ම මෙම උත්පත්ති ක්‍රම අණ්ඩජ ඝනය යටතේ සඳහන් විය යුතු බවයි අපගේ මතය.
      උගත් මහානායක හාමුදුරුවන්ගේ තවත් මතයක් පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමට අදහස් කරන්නෙමු. උන්වහන්සේගේ පහත උපුටා දක්වා ඇති අදහස කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්නට කැමැත්තෙමු.

      “එමෙන්ම සංසේදජ ගනයේ මෙන්ම අණ්ඩජ ගනයේ මිනිසුන් පිළිබඳව ද අපේ ධර්ම ග්‍රන්ථවල දැක්වේ”

      බිජු වලින් හා කුණුරොඩු වලින් මිනිසුන් බිහිවීම පිලිබඳ මතය ගැන වැඩි විස්තර ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවයක් ඇතැයි නොසිතන්නෙමු. නුතන විද්‍යාවට කෙසේ නම් මෙවැනි අභව්‍ය තොරතුරු අනුමත කළහැකි වන්නේ? ඔබම නිගමනයකට එන්න.

      උගත් නායක හාමුදුරුවන්ගේ තවත් මතයක් වන්නේ “එහෙත් මෙම ක්‍රම සතරින් පරිබාහිර සත්වෝත්පත්තියක් නම් සිදුවිය නොහැක” යන්නය. නුතන ජීව විද්යානත්මක දැනුමින් තොරව සකස් කරන ලද සංකල්ප ගැන මෙතරම් දැඩි ස්ථාවරයකට එන්න නායක හාමුදුරුවන් පෙළඹුනේ කෙලෙසද කියා අපට සිතා ගන්නටද නොහැකිය. අලිංගික (asexual) ප්‍රජනනය පිළිබඳව ඇති තොරතුරු කෙසේනම් ඉහත ක්‍රම සතරට අන්තර්ගත කරන්නට හැකි වන්නේද කියා අසන්නට කැමැත්තෙමු. සතුන් දෙකඩ වීමෙන් සිදුවන ප්‍රජනනය අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික යන ක්‍රම හතරෙන් කුමකට ඇතුලත් කළහැකිද? පහතින් උපුටා දක්වා ඇත්තේ අලිංගික ප්‍රජනනය පිළිබඳව ඇති නුතන විද්‍යාත්මක තොරතුරුයි. එය සිංහලට පරිවර්තනය කරන්නට කටයුතු නොකළේ සුදුසු සිංහල වචන සමහර විද්‍යාත්මක යෙදුම් සඳහා සොයා ගැනීමට ඇති දුෂ්කර තාවය නිසයි.

      What Is Reproduction?
      In a nutshell, reproduction is the creation of a new individual or individuals from previously existing individuals. In animals, this can occur in two primary ways: through asexual reproduction and through sexual reproduction. Let’s look at asexual reproduction.

      Asexual Reproduction
      In asexual reproduction, one individual produces offspring that are genetically identical to itself. These offspring are produced by mitosis. There are many invertebrates, including sea stars and sea anemones for example, that produce by asexual reproduction. Common forms of asexual reproduction include:
      Budding
      In this form of asexual reproduction, an offspring grows out of the body of the parent.
      Hydras exhibit this type of reproduction.
      Gemmules (Internal Buds)
      In this form of asexual reproduction, a parent releases a specialized mass of cells that can develop into offspring.
      Sponges exhibit this type of reproduction.
      Fragmentation
      In this type of reproduction, the body of the parent breaks into distinct pieces, each of which can produce an offspring.
      Planarians exhibit this type of reproduction.
      Regeneration
      In regeneration, if a piece of a parent is detached, it can grow and develop into a completely new individual.
      Echinoderms exhibit this type of reproduction.
      Parthenogenesis
      This type of reproduction involves the development of an egg that has not been fertilized into an individual.
      Animals like most kinds of wasps, bees, and ants that have no sex chromosomes reproduce by this process. Some reptiles and fish are also capable of reproducing in this manner.

      1. Mrs Fathima, Do you know that science is a human creation, where we try to understand phenomena using current scientific principles? Do you know how much science has changed over the years? Did you know that science at one time refuted the idea of going to the moon as it was not possible according to the scientific understanding that prevailed at that time? So is this the science that you are so highly talking about? Do you know that science fails to explain everything even now? It seems to me that you understand neither Buddhism nor science. Maybe just Islam as it suits your retarded mind

        1. සහෝදරයා මීලග ප්‍රතිචාරය සිංහලෙන් ලියන්න. මන්ද මෙය සිංහල බ්ලොග් අඩවියකි. නැතහොත් පල නොවන බව කරුණාවෙන් සලකන්න.

        2. @බබා මන් ඇහුවේ මට දැනගන්න ඕන දේ..මන් නම් කියන්නේ නැහැ විද්‍යත්මක දේවල් විතරය් මන් විශ්වාස කරන්නේ කියල.මොකද බබෝ මගේ දෙවියාවත් විද්‍යාවට අහු වෙන්නේ නැහැනේ.නමුත් මන් හෝඩියේ ඉදලා පාසල් ජීවිතය අහවර වෙන්න යන කලේ දී වෙනකන් මට ඉගෙන ගන්න ලැබුණු වචන වල තිබුනේ අදේව වාදී අදහස්.මගේ සමහර ගුරුවරු පවා දෙවිවරු හෑල්ලුවට ලක් කරපු වාර අනන්තය්.ඉත්න් ඒ නිසාම ඒ අයගේ දහම කොඉ තරම් විද්‍යාත්මකද කියල හොයා බලන්න මට අය්තියක් තියෙනවා නේද ???විද්‍යාවට අහු නොවෙන දෙවිවරු නිසාම මෙතනට එන සමහර අය උනත් අනිත් ආගම කොඉ තරම් හෑල්ලුවට ලක් කරනවද.ඉතින් ඔව්න් ඉන්නේ විදුරු ගේක කියල ඔව්න්ට තේරුම් කරන්න නම් අපි අපේ ගැටළු නිරාකරණය කරගත යුතුය් නේද.මන් මේවා ඇහුවේ මුස්ලිම් කෙනෙක් පවත්වාගෙන සදාචාර සම්පන්න යන බ්ලොග් එකක මොකද වැසිකිලි වගේ පිටු අන්තර්ජාලයේ තියෙනවා ඒවාට ප්‍රතිචාර දක්වන අන් ආගමිකයන්ට කතාකරන්න වත් දන්නේ නැති චන්ඩි අය්යලානේ ඉන්නේ ඉතින් ඔව්න් අනිත් ආගම අපහස කරද්දී ඔව්න්ගෙන් අපිට ප්‍රශ්න කරන්න විදිහක් නැහැ.මිනිස්සු උනාම සමහර අවස්ථාවල තරහ යනවා තමය නමුත් තේරුමක් නැතුව වලිගෙ පාග ගන්නෙපා.

        3. තව දෙයක්,පුනරුප්පත්තිය විතරක් නෙවේ තවමත් උපකල්පන මට්ටමේ පවතින ගොඩක් දේවල් විද්‍යාවෙන් 100%ඔප්පු උන වගේ තමය සමහරු තමන්ගේ දහමේ තියෙන දේවල් නොදන්නා අයට කියන්නේ.එහෙම කියනවා මදිවට අනිත් දහම් හෑල්ලුවට ලක් කරනවා.
          උපුටා ගැනීම ”Maybe just Islam as it suits your retarded mind”උපුටා ගැනීම අවසන්.
          ඕක ඉතින් ඔයාලගේ බහුතරය කියන කතාවක්නේ.තමන් උසස් තමන්ගේ බුද්දිය ඉහලය් තමන්ගේ සිත දිඋනුය් කියල හිතාගෙන පුරසාරම් දොඩව දොඩව හරි සතුටු වෙනවා නම් ලොකු දෙයක්.අපිනම් ඉතින් ආඩම්බර වෙන්නෙවත් ඉර්ශිය වෙන්නෙවත් නැහැ මොකට ඒවා බයානක ලෙඩ නිසා සහ අපේ ආගමෙන් ඒවා දැඩි ලෙස විවේචනය කර ඇති නිසා.ඔබලාගේ උතුම් වූ බුද්දියෙන් හා දිඋනු වූ සිතෙන් ඉතින් කාටත් හොදක් වෙනවනම් රටට හොද කලක් උදා වෙනවා නම් ඉතින් මා ඇතුළු දේව බක්තිකයන්ටත් හොදය්.

  9. @Bassil

    සියලුම මිනිසුන් ඇතුළු මනසක් සහිත සියලු සචේතනික ජීවින්(ශාක හා අචේතනික ජීවින් හැර) පුනරුප්පතිය ලබති.

    1. @Kasun
      සියලු දෙනාම පුනුරුපත්තිය ලබන්නේ නම් එය පරිණාමවාදයට එකගයිද?

  10. @abu fathima

    ඔබතුමි එස්. ගොඩගේ සහ සහෝදරයෝ විසින් ප්‍රකාශිත කර්මය හා විපාකය නම් ග්‍රන්තයක සදහන්වන ගණනය කිරීමක් ගැන ප්‍රකාශ කර තිනවා. නමුත් ලියපු කෙනෙවත් ඔහුගේ තරාතිරමවත් ගැන කිසිදු සදහනක් නැ . ඔබ මෙහි සදහන් කරන තුරු මෙවැනි ගණනය කිරීමක් කිසිදු තැනක මමනම් දැකලාත් නැත. ඉතින් ඔබේ ඔය ගණනයන් ගැන මාහට දැක්වීමට කිසිදු අදහසක් නැත.

    විද්‍යාවේ දියුණුවත් සමග දිනෙන් දින ඔප්පු වෙමින් පවතින පුනරුප්පතිය ගැන බට හිර ලෝකයේ ලැබෙමින් පවතින පිලිගැනිම ගැන සලකු විට ඔබතුමිට අවබෝද කරගන්න පුළුවන් පුනරුප්පති සංකල්පය කැඩිච්චි පුටුවක්ද නැත්නම් දිනෙන් දින ගොඩනැංවෙන ශක්තිමත් ගොඩනැගිල්ලක්ද කියලා

    1. කසුන්,
      අරාබි බසින් අබු ෆාතිමා යනු ෆාතිමාගේ පියා යන්නයි.

    2. @Kasun

      ගොඩගේ සහ සමයවර්ධන යන ආයතන දෙක ප්‍රධාන වශයෙන් බෞද්ධ පොත් ප්‍රකාශනයේ ප්‍රමුඛයෝය. ඒ නිසා ඔවුන්ගේ පොත් පිළිබඳව වැඩි හැඳින්වීමක් අවශ්‍ය යැයි මා සිතුවේ නෑ. කෙසේ නමුත් ඔබතුමා ඉල්ලා සිටින නිසා එම විස්තර ඉදිරිපත් කරන්නම්.

      “කර්මය හා විපාකය” 1 හා 2 යනුවෙන් පොත් දෙකක් ඇත.
      කර්තෘ: අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ

      මෙම මාතෘකාව යටතේ ලියවී ඇති හොඳම ග්‍රන්ථයන් ලෙස පහත සඳහන් බෞද්ධ විද්වතුන් අනු පිලිවෙලින් පෙරවදන හා ප්‍රස්තාවනාව සපයමින් සහතික කොට ඇත.

      1. උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක, කොටිකාවත්තේ ශ්‍රී නාගරුක්ඛාරාමයේ විහාරාධිපති පුජ්‍යපාද, සද්ධර්ම කීර්ති, විනයාවචාරී, ශාස්ත්‍රවේදී, පණ්ඩිත අති පුජ්‍ය ගරුතර ලෙනගල සුමේධානන්ද මාහිමිපාණන්.

      2. මහාචාර්ය, දේවාලේගම මේධානන්ද හිමි – පාලි හා බෞද්ධ අධ්‍යාපන අංශය, කැළණිය විශ්ව විද්‍යාලය.

      ගරු කසුන් මහතාණෙනි, බොරුවෙන් මිනිසුන් මුලාකරන්නට අප කිසිවිටෙක කටයුතු නොකරන බව සහතික කොට පවසන්න්නට කැමැත්තෙමි. ඉහත විද්වතුන් මෙම ග්‍රන්ථයේ කාණ්ඩ දෙක පිළිබඳව ඉදිරිපත් කොට ඇති අදහස් ද ඔබතුමා ඉල්ලා සිටින්නේනම් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

    1. තාම සිසුවෙක්. ඉගෙන ගන්නේ අර්ධකාලීණව නිසා තව ගොඩක් කල් යයි.

  11. @ Baasil

    ඔබ විසින් පරිනමවාදය හා පුනරුප්පතිය ගැන අසනදේ පැහැදිලි නැත මට. නමුත් මන් දැකල තිනවා බොහෝ මුස්ලිම් අය නගනවා පැනයක් මිට අවුරුදු ගානකට පෙර ජිවත්වු මිනිසුන් මෙන් කිහිපගුණයක් මිනිසුන් දැන් ජිවත් වෙනවා. එතකොට මේ අලුත් පිරිස කොහෙන් ආවද කියල. ඔබත් අසන්නේ එයදැයි මට සිතුන නිසා මෙසේ පිළිතුරු දෙමි.

    මිට අවුරුදු ගානකට පෙර පොළවමත ජීවින් විශාල සන්ක්යාවක් ජිවත් උනා නමුත් දැන් ජිවත් වෙන්නේ කලින්ට සාපේක්ෂව බොහොම අඩු ජීවින් ගණනක්. ඒ මරුන ජීවින් මිනිසුන් ලෙස ප්‍රතිසන්දිය ලැබූ බව අපට හිතන්න පුළුවන්.
    ඒවගේම බුදු දහමට අනුව පෘතුවි තලයේ පමණක් නොවේ ජීවින් ඉන්නේ. විවිද ආකාරයේ අබෞතික ශරීර සහිත ජීවින් සහිත තල රාශියක් බුදු දහමේ විග්‍රහ වෙනවා ඒ ජීවින් මිනිසුන් ලෙස ප්‍රතිසන්දියක් ලබා පෘතුවි තලයට ආව බව හිතන්න පුළුවන් අපිට.

    1. ඔබ පවසන ජිවින්ට ක්‍ෂුද්‍ර ජීවින් අයත්ද? එලෙසම ඈත අතීතයේ විසූ රජවරු හෝ ආගමික නායකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් නැවත ඉපදුනු බවට සාක්ෂි තිබේද?

      1. ලෝකය අල්ලාහ් ගේ ම මැවීමක් බව කීමට සාක්ෂි තිබේද?

        1. @ Nishadi

          විශ්වය සහ එහි අඩංගු සියල්ල විශ්වයේ අධිපති අල්ලාහ් ගේ මැවීමක් බව පිළිගැනීමට ප්‍රමාණයට වඩා සාක්ෂි තිබේ. එය විද්‍යානුකුලයි, බුද්ධියට එකඟ වියහැකි මෙන්ම අවංකව සිතන ඕනෑම අයෙකුට ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍ය සාධක මත ගොඩනැගී ඇත. (ඉන්ෂා අල්ලාහ්) දෙවිඳුන්ගේ කැමැත්ත පරිදි හැකි ඉක්මනින් ඒ පිලිබඳ ලිපියක් සකස් කර ඉදිරිපත් කරන්නම්.

      2. @Baasil
        ආගමික නායකයන් කෙසේ වෙතත් සමහර දරුවන් කුඩා කාලයේ තම පුනරුප්පත්තිය පවසා ඈත.

  12. ‘පුනරුත්පත්තිය සත්‍යයකි’ යන්න ‘විද්‍යාත්මකව’ ඔප්පු කරන්න ඇතැමුන් උත්සහ ගන්නා බව පෙනී යයි. මෙය සාවද්‍යය. මන්දයත් විද්‍යාවට අනුවම ‘ආත්මය’ක් නොමැති හෙයිනි. එය හුදෙක්ම පවසන්නේ මරණය යනු ශරීරය තුල පවතින ජීවී සෛලවල ක්‍රියාකාරීත්වය සදහටම නතර වීමක් පමණක් බවය. කෙසේ නමුත් පුනරුත්පත්තිය සැබෑවකි යනුවෙන් පවසන්නේ බොහෝ දුරට ‘ඩාවින්වාදීන්’ම පමනක් වේ. ඒ ඒ ඔස්සේ තම වාදය සනාත කල හැකි නිසාවෙනි. මෙය 18වන සියවසේම ආරම්හ විය. පෙරදිග දර්ශණයන් බොහෝමයක් මේත් සමගම යුරෝපය තුල ව්‍යාප්ත වන්නට පටන් ගත්තේය. විද්‍යාඥයෝ බොහෝමයක් ඒ සඳහා ‘ඌණ පූරණයන්’ සැපයූහ. ‘තෝමස් හක්ස්ලේ’ ඉන් ප්‍රධානය.

    1. කුඩා එකතු කිරීමක්, යුරෝපය තුල පෙරදිග ආගම් හා දර්ශණයන් පැතිරීමට ප්‍රධාන හේතුවක් වුයේ ඩාවින්වාදයෙන් මැවුම්වාදය ප්‍රතික්ෂේප වීම නිසාම බිහිවූ ‘අධ්‍යාත්මික හිඩැස’ පුරවාලීම සඳහාය.

      1. @ Brother මෙම මාතෘකාව මතුකිරීම පිළිබඳව ස්තුතියි.

        @ Nishadi ඔබට පොරොන්දු වූ ලිපියේ අල්පයක් මෙහි විග්‍රහ වී ඇත.

        ඩාවින්ගේ පරිනාම වාදය පිලිබඳ අදහස් කිහිපයක් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු. එය නිවැරදිව අධ්‍යයනය කලවිට සැබවින්ම ඔප්පු වන්නේ ඉස්ලාමයේ සත්‍ය තාවයයි.

        පරිනාමවාදය ලෝකයාට ඉදිරිපත් කළේ චාල්ස් රොබට් ඩාවින් විසිනි. 1832 දී එච්.එම්.එස්. බීගල් නෞකාවෙන් බ්‍රිතාන්‍යයෙන් පිටත්ව ගිය ඩාවින් විසින් පුරා වසර පහක් තිස්සේ විවිධ සත්වයින්ගේ වෙනස්කම් හා පරිසරයේ අවශ්ය තාවයන් අනුව හැඩගැසීම් සිදුවී ඇති ආකාරය අධ්යයයනය කරන ලදී. මෙම කරුණු සියල්ල කැටි කොට 1859 දී The Origin Of Species යන ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේය. මෙම ග්‍රන්ථයේ ඔහු විසින්ම පිළිගත් ආකාරයට මෙම මතයන් ඉදිරිපත් කර ඇත්තේ තමා විසින් නිරීක්ෂණය කරන ලද කරුණ මත පදනම් කරගත් උපකල්පනයන් (hypothesis) වශයෙනි. මෙම ග්‍රන්ථයේ එක් පරිච්ඡේදයක සිරස්තලය වන්නේ මෙම වාදයේ දුෂ්කරතාවයන් (Difficulties of the theory) යනුවෙනි. ඩාවින් අපේක්ෂා කළේ ඉදිරිකාලයේදි සිදුවිය හැකි විද්‍යාත්මක සොයා ගැනීම් මෙම දුෂ්කරතාවයන්ට විසදුම් සපයනු ඇතැයි යන්නයි. නමුත් සැබැවින්ම සිදුවුයේ නුතන විද්‍යාත්මක සොයාගැනීම් මගින් ඔහු ඉදිරිපත් කළ මතයන් පිළිබඳව විසඳුම් ලබාදිය නොහැකි ආකාරයේ නව දුෂ්කරතාවයන් රාශියක් මතුවීම පමණි. මෙම හේතු පදනම් කරගෙන පරිනාමවාදය ඇමරිකානු පාසැල් පෙළපොත් වලින් ඉවත් කරන්නට එරට අධ්‍යාපන බලධාරින් විසින් වර්ෂ කිහිපයකට පෙර තීරණය කරන ලදී.
        ඩාවින්ගේ යුගයත් සමග ලොව ඉතා පුළුල්ව පැතිරි ගිය මාක්ස්වාදි චින්තනයට පරිනාමවාදය නැතිවම බැරි කරුණක් විය. දෙවිඳුන් පිළිබඳ විශ්වාසයෙන් බැහැර වු භෞතික වාදි (Materialistic) සංකල්පයක් වු මාක්ස්වාදය මිනිසාගේ සම්භවය පිළිබඳව විග්‍රහයට උපයෝගි කරගත්තේ පරිනාමවාදයයි. මේ හේතුවෙන් විද්‍යාත්මක පදනමක් නොතිබුනු පරිනාමවාදයට මාක්ස්වාදී රටවල් හා එම චින්තනය වැළඳ ගත් මාක්ස්වාදී නොවු රටවල උදවියත් ඉතා ඉහළින් මෙය විද්‍යාත්මක සංකල්පයක් බව ලොවට ඉදිරිපත් කිරීමට වෙර දැරූහ. මෙම වාදයේ අඩුපාඩු හා දුෂ්කරතාවයන් සාකච්ඡා කිරීමට ඉතා විශාල පිටු ප්‍රමාණයක් අවශ්‍යය වන අතර මෙම ලිපියේ සිමාවන් සැලකිල්ලට ගෙන කරුණු කිහිපයක් පමණක් ඔබට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.
        1. ඩාවින්ගේ පොතේ කොතැනකවත් ජීවයේ සම්භවය පිළිබඳව කිසිම සටහනක් නොමැත්තේය. ඔහුගේ යුගයේ උදවිය‍ගේ මතය වුයේ ජීවීන්ගේ ව්‍යුහය ඉතා සරළ එකක් බවයි. මෙයට එක් හේතුවක් වුයේ නුතන විද්‍යාත්මක උපකරණ එම යුගයේ සොයාගෙන නොතිබීම බව දැක්විය හැක. ජීවයේ නිර්මාතෘ දෙවිඳුන් බව පිලිනොගන්නා වූ පරිනාමවාදය ප්‍රකාශ කරන්නේ පළමු ජීව ශෛලය ස්වභාවික තත්ත්වයක් තුළ කිසිම සැලැස්මක් හා සැකසුමකින් තොරව අහම්බෙන් ඇති වු බවයි. ඩී.එන්.ඒ.(DNA) සහ ආර්.එන්.ඒ. (RNA) පිළිබදව විද්‍යාත්මක සිද්ධාන්තයක් ඩාවින්ගේ යුගයේ සොයා ගෙන නොතිබුණු හෙයින් මේවායෙහි ඇති සංකීර්ණ ව්‍යුහාත්මක ස්වභාවය පිළිබඳව නියත වශයෙන්ම ඩාවින් දැන නොසිටි බව සත්‍යයකි. ශෛලයක පුනර් නිර්මාණය සදහා ඩි.එන්.ඒ (සෛලයේ සැලසුම් ව්‍යුහය) හා ආර්.එන්.ඒ. (නව සෛලය නිර්මාණය කිරීමේ පිටපත් ක්‍රියාවලිය) අත්‍යාවශ්‍යම වන්නේය. මිනිසාට සිතා බලන්නට වත් නොහැකි ආකාරයේ ඉතා සංකීර්ණ ව්‍යුහයක් ඇති මෙම සාධක දෙක අහම්බෙන් කෙසේ බිහිවුයේද නැතිනම් බිහිවිය හැක්කේද යන්න ඩාවින් හෝ නුතන විද්යාශඥයෙකුට වුවද පැහැදිළි කිරීමක් ඉදිරිපත් කළ නොහැකි කරුණක් වී ඇත්තේය. මිනිස් ඩී.එන්.ඒ. එක් අණුවක් තුළ අඩංගු වී ඇති තොරතුරු සම්භාරය මුද්‍රණය කළ හොත් එය විශාල පුස්තකාලයක් පිරවිමට තරම් ප්‍රමාණවත්ය. එක් ජීව සෛලයක් පුනර් නිර්මාණය කිරීම සදහා අත්‍යාවශ්‍යම ඩි.එන්.ඒ. සහ ආර්.එන්.ඒ.අණු කෙසේ නම් එක්වරම ඇති වුයේද යන්න ඩාවින්ට හෝ අන් අයෙකුට විග්‍රහ කළහැකි දෙයක් නොවේ. මෙම නිර්මාණ ක්‍රියාවලියය පිටුපස අතිශය බුද්ධිමත් සැලැස්මක් ඇති බව කාටත් පෙනෙන කරුණකි. මෙය නිසැකවම හා නිශ්චිත වශයෙන්ම සිදුවිය හැක්කේ සර්වඥානි නිර්මාතෘ කෙනෙකුගේ සැළසුම් සහගත නිර්මාණයක ප්‍රතිඵලයක් වශයෙන් පමණක් බව බොහෝ විද්‍යාඥයින්ට නුතනයේදී පිලිගැනීමට සිදු වි ඇත.
        2.පරිනාමවාදය සත්‍යයක් නම් එය නිරන්තරයෙන්ම සිදුවෙමින් පවතින්නාවු සංසිද්ධියක් විය යුතුය. මෙය සත්‍ය නම් අදත් අර්ධ වානර අර්ධ මිනිස් ජීවින් අප අතර සිටිය යුතුය. ඕනෑම අයෙකුට ඉතා සරළව තේරුම් ගත හැකි මෙම සාධකය පමණක් ඩාවින්ගේ පරිනාමවාදයේ අවිද්‍යාත්මක භාවය ඔප්පු කිරීමට ප්‍රමාණවත් යැයි සිතන්නෙමු.
        3. විද්‍යාඥයින් විසින් දැනට අවුරුදු මිලියන ගණනකට පෙර ජීවත් වු හා අදත් ජීවත් වන සතුන්ගේ පොසිල සොයා ගෙන ඇත. අවුරුදු මිලියන ගණනකට පෙර ජිවත් වු සතුන්ගේ මෙම පොසිල අතුරින් කිසියම් අතරමැදි අර්ධ පරිනාමයට ලක් වු සතෙකුගේ පොසිල හමු වි නොමැත. එදා ජීවත් වී වඳවී ගිය සතුන්ගේ පොසිල හමු වී ඇති අතර එය එසේ වීමට හේතුව කොහෙත්ම පරිනාමවාදයට විග්‍රහ කළ හැකි කරුණක් නොවේ. නුතන පරිනාමවාදීන් මේ පිළිබදව ඉදිරිපත් කරන කරුණු ද පරිනාමවාදයේ මුලික පදනමට පටහැණි එකකි. එම සතුන් ජීවත් වු පරිසරය ඔවුන්ට අහිතකර වුවා නම් වඳවී නොගොස් පරිනාමවාදය අනුව පරිසරයට හිතකර ආකාරයට තමන්ව හැඩ ගස්වා ගෙන අදත් පවතින්නට ඇති හැකියාවක් සාදාගන්නට ඔවුන්ට හැකියාව තිබිය යුතුව තිබුණි. එසේ නොවුයේ මන්ද කියා විග්‍රහ කිරීමට පරිනාමවාදය අපොහොසත් වි ඇත. අනිත් අතින් අද ජීවත් වන සතුන්ගේ අවුරුදු මිලියන ගණනකට පෙර හමුවු පොසිල හා වත්මන් එම සත්තවයාගේ ඇට සැකිල්ල අතරේ වෙනසක් නොමැති බව විද්‍යාඥයින්ගේ සොයාගැනිමේ තවත් ප්‍රතිඵලයකි. මෙම තොරතුරු කොහෙත්ම පරිනාමවාදය හා සැස‍ඳෙන්නේ නැති අතර මෙම වාදයේ පදනම් විරහිත භාවය මෙයින් ඉතා පැහැදිළිව හෙළිදරව් වන්නේය.
        4. පරිනාමවාදයේ අවිද්‍යාත්මකභාවය පෙන්වීම සදහා ඩි.ඇන්.ඒ. අනුවේ ව්‍යුහය පිළිබඳව සාකච්ඡා කළෙමු. ඒ පිළිබඳව තවදුරටත් විස්තරාත්මක සාකච්ඡා කළහොත් ජීවයේ සම්භවය පිළිබඳව අර්ථවත් අවබෝධයක් ලබාගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු. ඩි.එන්.ඒ. අනුව තුළ රසායනික ද්‍රව්‍යයන් හතරක් ඇත්තේය. මෙය ඇඩිනින්, තයිමින්, ගුඅනින් හා සයිටොසින් ‍නම්වූ රසායනික ද්‍රව්‍ය හතරකි. මෙම රසායනික ද්‍රව්‍ය හතර සංක්ෂිප්තව A,T,G,C, යනුවෙන් හැදින්විය හැක. මෙම රසායනික ද්‍රව්‍ය හතර DNA අනුව තුළ සකස් වී ඇති ආකාරය අනුව මිනිස් ශරීරයේ සියළු විස්තර එහි අන්තර් ගත කොට ඇත. මෙහි අන්තර්ගත විස්තර ව්‍යාවහාර බසට හැරවුවහොත් පිටු 500 ක පොත් නවසීයක් පමණක අන්තර්ගත කළ හැකි තොරතුරු දැනගත හැකිබව විද්‍යාඥයෝ පවසති. DNA අනුව තුළ මෙම ATGC රසායනික ද්‍රව්‍ය කටයුතු කරන්නේ භාෂාවක අක්ෂර ලෙසටය. DNA පිලිබඳව අධ්‍යයනය කරන විද්යාවඥයින්ගේ මතය වන්නේ DNA අනුව තරම් තොරතුරු ගබඩා කළ හැකි එම ප්‍රමාණයේ අනුවක් නුතන විද්‍යාව පදනම් කරගත් තාක්ෂණය තුලින් නිපදවීමට නොහැකි වි ඇති අතර එය කොහෙත්ම සිදු විය හැකි දෙයක් නොවන බවද ඔවුන්ගේ මතයයි.
        ජාන විද්යාඥයින් DNA අනුවේ ඇති සංකේත භාෂා ව්‍යවහාර භාෂාවට පරිවර්තනය කොට එම සෛල හිමි ජිවියාගේ විශේෂයෙන්ම කායිකවේදී තොරතුරු ලබා ගනිති. මෙයින් පැහැදිළි වන්නේ DNA අනුව තුළ අති විශාල තොරතුරු ගබඩා කර තැබීමේ භාෂාවක් ඇති බවය. සංකේත භාෂා ඇතුළුව සියළු භාෂාවන්ට එහි අඩංගු විය යුතු කොටස් හතරක් ඇත්තේය. ඒවා නම් අක්ෂර, ව්යාඛරන, පද සංයෝජනය (syntax), හා අර්ථය යන කරුණුය. මෙම කරුණු නොමැතිව භාෂාවක් මගින් අදහස් හුවමාරු කර ගැනීමට නොහැකිවනු ඇත. එලෙස කරුණු දැක්වීම අවබෝධකර ගැනීමට ද නොහැකි වනු ඇත. සංකේත භාෂාවෙන් DNA අනුව තුළ ගබඩා කොට ඇති තොරතුරු කියවා තේරුම් ගැනීමට හැකිවී ඇත්තේ එය භාෂාවක් වන අතර එහි භාෂාවක අනිවාර්යෙන් අඩංගු විය යුතු ඉහත සඳහන් කරුණු හතරම ඇති නිසාත්ය. මෙතෙක් සාකච්ඡා කළ කරුණු වලින් මතුවන තර්කානුකුල හා යථාර්තවාදී නිගමනයන් පහතින් සංක්ෂිප්තව දක්වා ඇත්තෙමු.
        * යමක් ක්‍රියාත්මක කිරිමට පෙර අදහසක් චින්තනය තුල තිබිය යුතුය. අදහසක් චින්තනය තුල නොමැතිව කිසිවක් ක්‍රියාත්මක කළ නොහැකිය.
        * සියළුම භාෂාවන් උත්පාදනය වන්නේ මනස හා චින්තනය පදනම් කරගෙනයි.
        * මනස හා චින්තනයකින් තොරව බිහි වු කිසිම භාෂාවක් නැත්තේය.
        * DNA අනුව තුළ ගබඩා කොට ඇති තොරතුරු අවබෝධ කරගත හැකි වී ඇත්තේ එය භාෂාවකින් සැකසී ඇති නිසාය.
        * එමනිසා DNA අණුව නිර්මාණය කොට ඇත්තේ මනස හා චින්තනය පදනම් කරගෙනය. DNA අණුවෙහි ඇති සංකීර්ණතාවය ගැන සැළකිල්ලක් දක්වන විට නිසැකවම එය නිර්මාණයට මුල්වූ මනස හා චින්තනය සර්වඥානියෙකුට හිමි වුවක් විය යුතුය.
        * DNA පිටුපස ඇති මනස හා චින්තනය එම අනුවේ නිර්මාතෘට හිමි බව අපට පිළිගන්නට සිදු වේ.
        * එමනිසා DNA අණුව අහම්බෙන් බිහිවුවක් නොව සර්වඥානි මනසකින් හා චින්තනයෙන් නිර්මාණය වුවක් බවත් අපට පිලිගන්නට සිදු වේ.
        * එම සර්වඥානි මනස ජීවයේ නිර්මාතෘ බවත් අපට පිලිගන්නට සිදුවේ.
        ඉස්ලාමයේ විවේචකයන් බහුතරයක් ඉස්ලාමයට එරෙහිව ඉදිරිපත් කරණ ප්‍රධාන තර්කය නම් පරිනාම වාදයයි. නමුත් විචාර බුද්ධිය උපයෝගී කරගෙන විමසුමක යෙදෙන විට අපට පෙනීයන සත්‍යය නම් විවේචනයේ සාධකම ඉස්ලාමයේ අන්තර්ගත පරම සත්‍යය සනාතකරන්නක් බවට පත්වීමය. මෙයයි ඉස්ලාමයේ ඇති ප්‍රබලතම ප්‍රාතිහාර්ය වන්නේ

        1. ඔබගේ තර්කවල ඇති තාර්කික බව නිසා ඔබේ අදහස් පිළිබද්ග විනම මනසින් විචාරයක් කර බැලුවා.. මට පොඩි තැනක ප්‍රශනයක් ඇති වෙනවා.. ඔබ සදහන් කරන dna අනුවෙ හා සකලවිද විශවයේම නිර්මාතෲ වරයා වන නබි තුමාගේ ඇති වීම පිලිබද කුඩා විස්තරයක් කරනවනම් යෙහෙකි… 🙂

          1. සහෝදර සුලැගිල්ලා, ඔබට වැරදීමක් සිදුවී ඇත. නබිතුමා විශ්වයේම නිර්මාතෘවරයා ලෙස අප පිළිනොගනිමු. එතුමා මීට වසර 1400 කට පමණ පෙර විසු අපවැනිම මනුෂ්‍යෙයකි.

          2. සමාවන්න.. මම ඉස්ලාම් බක්තිකයෙකු නොවන නිසා නබිතුමා සහ අල්ලහ් දෙවියන් පැටලුනා.. මට දැනගන්න ඔනෙ උනෙ කවුරුන් හො ලොකය මැව්වා වූ දෙවිකෙනාගේ ඇතිවිම පිළිබදව…

          3. කිසියම් නිශ්පාදනයක නිශ්පාදකයා විසින් ඇතුලත් කරන්නේ එම නිශ්පාදනය කළ ආයතනයේ නම සහ රට පමණකි. එසේ නොමැතිව නිශ්පාදකයාගේ පැටිකිරිය සම්බන්ධව සදහන් නොකරති. මන්ද එහි අවශ්‍යතාවයක් නොමැති බැවිනි.

            අල්ලාහ් විසින් අල්-කුර්ආනය තුල උන්වහන්සේ ගැන යම් යම් දේ අපට හෙලිදරව් කර ඇත. එනම් අල්ලාහ් ඒකීය දෙවිදුන් බවත්, උන්වහන්සේට ආරම්භයක් හෝ අවසානයක් නොමැති බවත්, උන්වහන්සේට පරපුරක් නොමැති බව සහ අල්ලාහ් සදාතනික බවයි.

          4. මන්දා අපි එම නිශ්පාදනය ජිවිතයට ඈදා ගැනීමේදි එම නිශ්පාදිත සමාගම පිලිබද එම ලේබලෙට වඩා දෙයක් දැනගෙන තිබිය යුතුයැයි මං විශ්වාස කරනවා.. 🙂

          5. ඔබ කරන්නෙ මගේ ප්‍රශ්නෙට පිළිතුරක් ලබ දිම නෙවෙයිනෙ මිත්‍රය.. ඔබ නිරුත්තරනම් කියන්න.. මම වෙන කෙනෙක්ගෙන් හො අහල බලන්නම්.. ඔබ ලා මෙතන කරන තරක වල කිසිම ප්‍රයොජනයක් නෑ මේ ප්‍රශ්නෙට පිළිතුරක් නැත්නම්… නිරුත්තර විම නිසා වෙනින් තර්ක ගෙන එන්නෙපා.. මං කොහෙ හරි මේවගේ සයිට් එකක දැක්ක අල්ලහ් දෙවියන්ම කියලා තියෙනවා නබිතුමන්ට අනිත් අයට සත්‍ය අවබොද කරදිම සදාහා ඔහුගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නෙයි කියල.. අපි ඔබේ ආගමට එකඟවෙන්න කලියෙන් අපේ ප්‍රශන විසදන් ඉන්න ඔනෑනේ..?

          6. කෙනෙකු විසින් සොයන දෙය ඇත්තටම එවැනි දෙයක් නැති නම් කෙසේ සෙවුවද හමු නොවේ. දෙවිදුන්ට ආරම්භයක් නොමැති නම් ආරම්භය කොපමණ සෙවිවත් හමුවේද?

          7. dna අනුවෙ විකසණය පිළිබද මෙම පොස්ට් එකේම සදහන් වෙනවා… ඔබලාගේ තරකය එහි සංකීරණ බව නිසා එය සර්ව බලදාරි මැවුන් කාර දෙවියා, අල්ලහ් විසින් මැවූවක් බව..! එය පිළිගැනීමට අබු ෆාතිම දක්වලා තියෙන තර්ක ඔනවටත් වඩා ප්‍රමානවත්.. ඒත් මං කිව්වනේ මට ඒක ගැන පැහැදිමක් ඇති වුනාය කියලා.. ඒත් ඔබ දැන් කියනවා අදාල මැවුන්කාර අල්ලහ් දෙවියන්ට ආරම්බයක් නොමැති බව.. DNA අනුව පවා මැවු අල්ලහ් දෙවියන් dna අනුවට වඩා සංකීර්ණ කෙනෙක් නෙව.. ඉතින් එහෙම කෙනෙක්ට ආරම්බයක් නැතිව පවතින්න පුලුවන්ද? දෙයොත් එක්ක බැලුවාම dna අනුව කියන්නෙ අල්පමාත්‍රයක්.. එහෙවු dna අනුවක් ඩිසයින් කරන්න අල්ලහ් දෙවියන් ඔනෑ උනානම් අල්ලහ් දෙවියන්ව ඇති කරන්න තවත් ඒවගේ දහස් ගුනයකටත් වඩා බලගතු දෙවිකෙනෙක් ඉන්න එපෑය… මේ මගේ තරකයක් නොවන අතර අබු ෆාතිමාගෙ හ ඔබගේම තරකයක් බව සලකන්න.. 🙂

          8. ලොව පවතින සියල්ල එකිනෙකට වෙනස් මිනිසුන් සතුන් නිර්මානය කර තිබෙන ආකාරයට වඩා ශාකයන්හි නිමැවුම වෙනස්. අද මිනිසුන් වන අප විසින් නිපදවන්නාවු දේද ඊටත් වඩා වෙනස්.

            ඩී.එන්.ඒ මැවු දෙවියන් ඉතා සංකීර්ණ විය හැකි බව ඔබ පවා පිළිගන්නවා. මෙලොව පහතින සියල්ලම සීමා සහිතයි. විශ්වය තුල පවතින අප දන්නාවු බොහෝ දේද සීමා සහිතයි. ඒ නිසා මෙතැනට ඔබට අබුෆාතිමාගේ තර්ක ගත නොහැකියි.

            නමුත් විශ්වයේ ආරම්භකයාණන් ගැන අපට ඒ ආකාරයෙන් තර්ක කළ නොහැක්කේ උන්වහන්සේ මේ සියළු නිර්මාණයන්ගෙන් පරිබාහිර වු තැණන් වහන්සේ නිසාය.

          9. ඔබගේ මෙම ප්‍රතිචාරය මවිසින් මැකුවා. කරුණාකර බුද්ධිමය සංවාදයක් කළ හැකි ආකාරයට ප්‍රතිචාර දමන්න. අපටත් ඔබගේ දහම අරබයා මෙවැනි ආකාරයට ලිවිය හැකි බව කරුණාවෙන් දන්වමි. නමුත් අපට එවැනි දේ පිළිකුල් සහගතය.

          10. සමාවෙන්න එහ්මනම්… නමුත් ඔබ කියන ආකාරයෙ ප්‍රකාශයක් මා සදහන් කර තිබුනේ නැහැ.. ඇත්තටම සිනා සහගතයි කියලා කියනම්.. 🙂
            මම ඔඉබට ප්‍රකාශ කරලා තිබුනෙ මගෙ ප්‍රශ්නය එහෙම්මමයි කියලනේ..

          11. බොරු කියන්න එපා ඒ ප්‍රතිචාරය මගේ ලග තියෙනවා. මේ බ්ලොග් අඩවියේ ප්‍රතිචාරයක් පලවෙන්නට ප්‍රමිතියක් තිබෙනවා. ඔබගේ ප්‍රතිචාරය එම ප්‍රමිතිය සම්පූර්ණ කර තිබුනේ නැහැ. ඔබට අවශ්‍ය ප්‍රශ්නය නැවත යහපත් ආකාරයට ලියන්න.

  13. අන්වර්,

    මට හොඳ ලිපියක් කියවන්න ලැබුන ප්රෝපට් මොහොමඩ් (PBUH) ගැන. මම හිතනවා මේ ලිපිය ගොඩක් මුස්ලිම් නොවන අයගේ බොරු මතවාද වැරදි කියල ඔප්පු කරන්න පිටුවහලක් වේවි කියල.

    1. සමාවෙන්න සහෝදරයා, එය තිබෙන්නේ සම්පුර්ණයෙන් ඉංග්‍රීසියෙන් එය මෙහි පලකල හොත් එයට ප්‍රතිවිරුද්ධවද ඉංග්‍රීසි ලිපි පලවනු ඇත. එවිට මෙම වෙබ් අඩවිය ඉංග්‍රීසි බසින් සංවාද කරන වෙබ් අඩවියක් වනු ඇත. පුළුවන්නම් එය කොටස් වශයෙන් හෝ පරිවර්තනය කරන්න.

  14. @ abu fathima
    මා පුනරුප්පත්තිය පිලිබදව විශ්වාස කිරීමට පෙලබුන ප්‍රදානම හේතුවක් තිනවා. ඔබ මේ තරම් පුනරුප්පතිය ප්‍රතිප්ෂේප කරන නිසා ඔබට මේ ප්‍රශ්නය යොමු කරන්න කැමතියි.

    අපට සමාජය දෙස බැලුවාම විවිද ආකාරයේ මිනිසුන් දැකිය හැකිය. දුප්පත් මිනිස්සු ඉන්නවා පෝසත් මිනිස්සු ඉන්නවා , කැත මිනිස්සු ඉන්නවා ලස්සන මිනිස්සු ඉන්නවා, මෝඩ මිනිස්සු ඉන්නවා බුද්ධිමත් මිනිස්සු ඉන්නවා , පැහැදිලිවම අන්ත දෙකක මිනිස්සු දැකගන්න පුළුවන්. මේ ලෝකය තුලම දිව්‍යලෝකය වැනි තැන්වලත් අපාය වැනි තැන්වලත් මිනිස්සු ජිවිත ගත කරනවා.

    ඇයි මෙහෙම වෙනසක් ඇතිවෙලා තින්නේ. මොක්කක්ද කෙනෙක් උපතින්ම සැපවත් හෝ දුක්කිත ජිවිතයකට යොමුකරන සාදකය. එය කොහෙත්තම අහබුවක් නම් නොවෙ මන්ද යත් අහබුවක්නම් කිසිදු පුද්ගලයෙක්ට අනන්‍යතාවයක් නොමතිවන බැවිනි.
    ඔබේ පුනරුප්පතියක් නැත (incarnation) යන සංකල්පයේ ඉදගෙන මෙය අපට පැහැදිලි කරලා දෙන්න.

    1. මෙය මාතෘකාවට අදාල කරුණක් නොවේ. ඒ නිසා අබුෆාතිමාට කැමති නම් ලිපියකින් මෙම මාතෘකාව ආවරණය කළ හැක.

    2. @ Kasun

      අන්වර් සහෝදරයා විසින් සඳහන් කල පරිදි මෙය ලිපියකට අදහස් දැක්වීම යටතේ ඉතා කෙටියෙන් විග්‍රහ කල හැකි මාතෘකාවක් නොවෙයි. නමුත් ඔබතුමා මෙම ප්‍රශ්නය මතුකළ නිසා හැකි පමණ සංක්‍ෂිප්තව කරුණු දක්වන්නට අදහස් කරමි.

      පළමුව මෙතෙක් ඔබතුමා පුනර්භවය සංකල්පය බිඳවැටෙන කරුණු ඉදිරිපත් කිරීම් කිසිවකට නිසි පැහැදිලි කිරීමක් කර නොමැත. දැනට ඔබතුමා වක්‍රයෙන් අඟවන්නට උත්සාහ කරන්නේ මිනිසත්කමේ විවිධත්වය, එනම් උස් පහත්, පොහොසත් දිළිඳු, නීරෝගී රෝගී, අංග සම්පුර්ණ හා අංග විකල, වැනි තත්වයන් පෙර භවයේ කුසලානු කුසල කර්මයන් මත සිදුවන්නක් බවයි. අප මේ පිළිබඳව යතාර්ථයෙන් හා බුද්ධියෙන් විමසා බලමු.

      සියලු මිනිසුන් එක සමානව, එනම් ඉහත වෙනස් කම් වලින් තොරව ඉපදී ජීවත් වන්නට අපේක්ෂා කරන්නේනම් මිහිතලය මත මිනිස් පරපුරක පැවැත්ම පවත්වා ගෙන යාමට හැකියාවක් තිබේදැයි ඔබම සිතා බලන්න. සියල්ලන්ම වත් පොහොසත් කමින් යුක්ත වුයේ නම් මිනිස් සමාජයේ විවිධ වෘතිකයින් එනම් උසස් යැයි මෙන්ම පහත් යැයි සම්මත අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වා ගෙන යාමට හැකියාවක් ඇති වේද? මිනිස් සමාජයේ පැවැත්ම සඳහා අනිවාර්යයෙන්ම විවිධත්වය අත්‍යාවශ්‍ය සාධක යකි. මෙය කර්ම විපාකයට ඈඳීම පදනමක් නැති චින්තනයකි. කරුණාකර පුනර්භවයේ අනුසන්කල්පයක් ලෙස සැලකෙන කර්ම විපාකය පිළිබඳව පහතින් දී ඇති තොරතුරු දෙස ඔබගේ විචාරශීලී අවධානය යොමුකරන්නේනම් යෙහෙකැයි සිතන්නෙමු.

      ඉස්ලාමීය කෝණයෙන් මිහිතලය මත මිනිසාගේ ජීවිතය මරණින් මතු ජීවිතයේ ප්‍රතිඵල නෙලා ගන්නා විභාගයක් ලෙස මුල් ලිපියේ අල් කුර්ආන් වැකි වලින් පැහැදිලි වන්නකි. මෙම ජීවිත විභාගයේ එකිනෙකාට ලැබෙන ප්‍රශ්න පත්‍රය වෙනස්විය හැකිය. මුලික ප්‍රශ්න කිහිපයක් සැමට පොදුය. එනම් දෙවිඳුන් නිවැරදි ලෙස විශ්වාස කිරීම, දෙවිඳුන්ගේ මඟ පෙන්වීම යටතේ මුහම්මද් ධර්ම දුතයානන් (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශීර්වාදය හා සාමය අත්වේවා) පෙන්වාදුන් අලංකාර පුර්වාදර්ශය අනුව තමන්ගේ ජීවිතය සකස් කර ගැනීමට නිරන්තර උත්සාහය යෙදීම හා ඒ අනුව ජීවත්වීම යනාදිය සැමට පොදුවූ ප්‍රශ්නයන්ය. පොහොසත් අයෙකුට අමතර ප්‍රශ්න කිහිපයක් ඇත්තේය. එනම් එම වත්කම් උපයා ගත්තේ කෙලෙසද? එය වියදම් කලේ කෙලෙසද? යනාදිය පොහොසත් අයෙකුට අදාළ ප්‍රශ්නයන්ය. දුගී දුප්පතෙකුගෙන් මෙම ප්‍රශ්න ඇසීම ට අවශ්‍යතාවයක් මතු වන්නේ නැත. එහෙයින් මිහිතලය මත ඇති තාවකාලික කෙටි ජීවිතයේදී දුප්පත්කම භාග්‍යයක් ලෙස සලකන්නටද යමෙකුට ඉඩකඩ ඇත. හේතුව එය සදාකාලික නිරන්තර මතු ජීවිතයේ පරාජයට හා විනාශයට හේතුවන්නේ නම් සත්‍යය වශයෙන්ම මිහිතලය මත දුප්පත්කම භාග්‍යයකි. මේ හේතුව නිසාම විය හැක, මුහම්මද් ධර්ම දුතයානන් විසින් වරෙක ස්වර්ගයේ බහුතරය මෙලොව ජීවිතයේ දුප්පතුන් ලෙස එම තත්වය ඉවසා දරා දෙවිඳුන්ට කෘතවෙදීව සිටියවුන් බව පැවසුවේ. මෙය ඉතා දීර්ග ලෙස සාකච්චා කලයුතු මාතෘකාවකි. කෙසේ නමුත් මෙම අදහස් ඔබතුමාට පැහැදිලි වී ඇතැයි විශ්වාස කරන්නෙමු. පහතින් පුනර්භව සංකල්පයේ තවත් වැදගත් අනුසන්කල්පයක් මෙන්ම ඔබතුමා මතුකළ ප්‍රශ්නයට බැඳුනු කර්ම විපාක පිලිබඳ අදහස් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.

      ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි ගේ “බුදු දහමේ පැන විසඳුම් – තෙවන කොටස” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

      “24 – ප්‍රශ්නය: පිරිමින්ව හා ස්ත්‍රීන්ව ඉපදීමට හේතුවන කර්ම පහදා දෙන්න”

      “පිළිතුර: මෙයට පෙර අප විසින් සම්පාදිත මුල් කොටස් වලදී මෙයට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සපයා ඇති බව මාගේ මතක යයි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම මේ සත්ව ලෝකයෙහි සෙසු සත්ව වර්ගයා මෙන්ම සංසාරික සත්ව විශේෂයෙකි.
      නමුත් මිනිස් ජීවිත සුගති ආත්ම භාවයකි. එයින් කියනුයේ යම් කාමාවචර කුශල කර්මයක විපාකයකින් සුගතියක උපන්නෙකි. සංසාර ජීවිත වලදී අප විසින් කරන ලද කුශලා කුශල කර්මයන්හි විපාක ඉදිරිපත්වී පුනර්භවය ලබාදෙයි. පිරිමි ආත්ම භාවයක් ලැබීමට හේතුවනුයේ ද මහා කාමාවචර විපාක සිතකි. කාන්තා ආත්ම භාවයකටද හේතු වනුයේ මහා කාමාවචාර විපාක සිතකි. නමුත් පිරිමි ආත්ම භාවයක් ලබා සිටි අයෙක් කාම මිතයාචාරයෙහි යෙදීම කරණකොට ගෙන සතර අපායෙන් යම් දුගතියකට පත්වීමෙන් ශේෂ විපාක වශයෙන් මිනිසත් බවක් ලත්විට ස්ත්‍රී ආත්ම භාවයක් ලැබීම සිදුවන බව දැක්වේ. එම වැරදි මිත්‍යාචාරය හේතුවෙන් සිය දහස් වර ස්ත්‍රී ආත්ම ලැබීමත් විවිද ලිංගාබාධ, ලිංගික දුර්වලතා, අභූත චෝදනා, විරූපී ජීවිත, දුර්වර්ණ ශරීර ලැබීම, අතෘප්තිකර කාමාසාවෙන් දුක් විඳීම වැනි ප්‍රවෘත්ති විපාකයන්ද ලැබෙන බව දැක්වේ.” (105 වැනි පිටුව).

      මේ සම්බන්ධව අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ විසින් රචිත “කර්මය හා විපාකය – 1” යන ග්‍රන්ථයේ සඳහන් කරුණුද පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

      “කාම මිත්‍යාචාරයෙහි යෙදුණු පුද්ගල තෙමේ මරණින් මතු නිරයෙහි උපදී, තිරිසන් යෝනියෙහි උපදී, ප්‍රේත ලෝකයෙහි උපදී, එයින් චුතව මනුසත් ලොව බොහෝ සතුරන් ඇත්තෙකුව උපදී, එසේම ආත්ම සිය දහස් ගණන් ස්ත්‍රීව උපදී, නපුංසකව උපදී, තමන් නොපතන ප්‍රිය ශුන්‍යතාවක් ඇති ස්ත්‍රීන් ලබන්නේකුව උපදී. යම් ස්ත්‍රියක් වුවද පරපුරුෂ සේවනයෙහි යෙදුනේ නම් ඈ කිසි කලෙක ස්ත්‍රී ආත්මයෙන් නොමිදෙන්නීය. පුරුෂයෙකු වුවද නොහික්මුණු ආකාරයෙන් පර ස්ත්‍රී සේවනයෙහි යෙදුනේ නම් ඔහුද ස්ත්‍රී ආත්මයක් ලැබ දරුණු සත්වයන්ගේ වධ හිංසා ආදියට ගොදුරු වන්නේය. බුද්ධ ශාසනයෙහි ධර්ම භාණ්ඩාගාරික මැයෙන්
      ප්‍රකට අපේ ආනන්ද මහා තෙරුන් වහන්සේ එක් ආත්මයක කාම මිත්‍යාචාර යෙහි යෙදුනු පාපයෙන් නරකයෙහි ඉපිද එයින් චුතව මනුලොව ස්ත්‍රියක වශයෙන් ආත්ම දහ හතරක් උපන් බව ධර්මයෙහි සඳහන්වේ. ආත්ම භාව සතක් අණ්ඩජ යෝනියෙහි උපන් බවද සඳහන්වේ” (9-10 පිටු).

      ඉහතින් උපුටා දැක්වූ කරුණු වලින් මතුවන සාධක කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්නට කැමැත්තෙමු.

      1. ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපදීම පෙර භවයෙහි කල අකුසලයක ප්‍රතිඵලයක් ලෙස මෙයින් පැහැදිලි වන කරුණකි. එනම් බුදු දහමේ මතය වන්නේ ස්ත්‍රිත්වය දඬුවමක් වන බවයි. තවත් ආකාරයකින් පවසන්නේනම් පෙර භවයේ අකුසලයක දඬුවම් විපාකයක් ලෙසයි ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපදෙන්නේ. මෙය මාතෘත්වය පිළිබඳව ඇති භයානක නිග්‍රහයක් ලෙස සලකන්නට සිදුවෙනවා නොවේද? මිනිස් ජීවිතය පවතින්නේ ස්ත්‍රී පුරුෂ යන දෙපාර්ශවයම තමන්ට පැවරී ඇති කාර්ය ඉටුකිරීම මතය. මව, බිරිඳ, සහෝදරිය, දියණිය ආදී සෙනෙහස හා කරුණාව පදනම්වූ බැඳියාවන්ගේ වටිනාකම ඉතා දරුණු ලෙස මෙම මතය තුලින් පළුදු කර තිබෙනවා නොවේද? තමා මෙම බැඳියාවන් තුලින් දකින්නේ පව් කාරියක් දෙස යන හැඟීම සිත් සතන්හි මතුවීම කෙසේ නම් වලක්වා ගන්නටද? ස්ත්‍රීන් සම්බන්ධව මෙවන් පහත් මතයක් බුදුදහමින් ඉදිරිපත් කිරීම පිළිගන්නේ කෙසේද යන්න මහත් ගැටළුවක් වී ඇත.

      2. පිරිමි හා ස්ත්‍රී උත්පත්ති අතරේ ඉතා කිට්ටු ප්‍රතිසතයක් පවතින අතර යුද්ධ, අනතුරු, මත්පැන හා දුම් බීම වැනි නොමනා චර්යාවන් පිරිමින් අතර බහුලව ඇති හෙයින් එවැනි පුරුදු වලින් ඇතිවන රෝගාබාධ ආදිය නිසා පිරිමි ජනගහණ ප්‍රතිසතය සුළු වශයෙන් අඩුවුවද එය සමාජ අර්බුදයක් ඇති කරවන තත්වයට තවම පත්වී නොමැත. එය සමාජ අර්බුද තත්වයට පත්වුවද එවැනි තත්වයකට පරම සාධාරණීය විසඳුම් ඇත්තේ ඉස්ලාමය තුල පමණි.ලංකාවේ පැවති අවාසනාවන්ත යුද්ධයෙන් පිරිමින් ඉතා විශාල ප්‍රමාණයක් මිය යෑම හේතුවෙන් පිරිමි ප්‍රතිසතය පහත වැටී ස්ත්‍රී ප්‍රතිසතය ඉහල ගොස් ඇති බවක් පෙනෙන්නට ඇත. දෙවන ලෝක යුද්ධ සමයේදී මෙවැනිම තත්වයක් යුද්ධයෙන් පීඩා විඳි රටවල්වල දක්නට තිබිණ. නමුත් සමස්තයක් වශයෙන් ස්ත්‍රී පිරිමි උත්පත්ති නිගමනය කරන බාහිර සාධක නිරතුරුවම බලපාන තත්වයක් ඇත්තේ නම් ස්ත්‍රී පුරුෂ උත්පත්ති සමතුලිත තාවයේ ඉතා භයානක අර්බුදයක් දැනටම මතු වී තිබිය යුතුය. ඉහත සඳහන් බෞද්ධ කර්ම විපාක සංකල්පය සත්‍යයක් ලෙස අප පිලිගන්නේනම් ස්ත්‍රී උත්පත්තියේ ඉතා බරපතල වර්ධනයක් සමස්තයක් වශයෙන් දක්නට තිබිය යුතුය. අද ශ්‍රී ලංකාව ඇතුළුව බොහෝ රටවල්වල සදාචාරය ඉතා සීග්‍ර ලෙස පිරිහෙන තත්වයක් මතුවී ඇති අතර ලිංගික අපචාරයේ යෙදීම ඉතාමත්ම සාධාරණ සිදුවීමක් බවට පත්වී ඇත. මේ සම්බන්ධව ඇති බෞද්ධ සංකල්පය සත්‍ය නම් ලිංගික අපචාරයේ යෙදෙන පිරිමි පාර්ශවය උත්පත්ති කිහිපයකදීම ස්ත්‍රී භවය ඇතිව ඉපදිය යුතු වන අතර එසේ ලිංගික අපචාරයේ යෙදෙන ස්ත්‍රී පාර්ශවය සදා උපදින්නේ ස්ත්‍රී භවයක් ඇතිවය. මෙය කෙතරම් සමාජ යතාර්ථයට පටහැනි එකක්ද යන්න බව පිළිගැනීමට ඔබට කිසිම අපහසු තාවයක් ඇතැයි නොසිතන්නෙමු. මෙම සංකල්පයේ ඇති භයානක දුර්වලතාවයන් හේතුකොට ගෙන සසරේ සැරිසැරීම හෙවත් භවයෙන් භවයට උත්පත්ති ලැබීම (නිවන් දකිනා තුරු) පිළිබඳව ඇති බෞද්ධ සංකල්පයේද අඩිතාලම දෙදරීමකට ලක් වන බව ඔබට පෙනෙන්නට ඇතැයි විශ්වාස කරන්නෙමු. මුලික සංකල්පයේ අනු සංකල්ප අවිද්‍යාත්මක වනවිට මුලික සංකල්පය සහතික වශයෙන්ම අවිද්‍යාත්මක වන බව අමුතුවෙන් කිව යුතු නැත. බුදු දහමේ කර්මය හා පුනර්භව සංකල්පය හාස්‍යයට ලක් කරවන තවත් අදහසක් පහතින් විස්තර කර ඇත්තෙමු.

      මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ “අභිධර්මයේ මුලික කරුණු” නම් ග්‍රන්ථයේ 135 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

      “සමහර විට ලිංග පරිවර්තනයෙන් ස්ත්‍රීහු පිරිමි බවට ද, පුරුෂයෝ ගැහැණු බවට ද පැමිණෙති.

      “තෙන ඛොපන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො ඉත්ථිලිංගං පාතුභූතං හොති
      තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනියා පුරිසලිංගං පාතුභූතං හොති” යි විනයෙහි ද ඒ බව දක්වා තිබේ. ලිංග පරිවර්තනය වන්නේ ද කර්මයෙනි, බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහලවේ. ලිංග පරිවර්තනය පිළිබඳව කියයුතු කර්ම තත්ත්වය ගැඹුරු කරුණෙකි. එය අභිධර්මය නොදන්නවුන් වරදවා ගන්නා තැනකි. මනුෂ්‍යආත්මභාවය කුශලයකින්ම ලැබෙන්නකි. මිනිස් සිරුරෙහි කුශලකර්මජරූප මිස අකුශල කර්මජ රූප නැත. මිනිස් පුරුෂයා විසින් ලිංග විපර්යාසයට හේතු වන බලවත් අකුශලයක් කළ කල්හි ඔහු ගේ ජනක කර්මය (උත්පත්තියට හේතුවූ කර්මය) එයින් දුබල වේ. එය ඉන් පසු පුරුෂ භාව රූපයන් ඉපදවීමට නොසමත් වෙයි. කර්මයේ පීඩනයෙන් දුබල ජනක කර්මය ඉන් පසු ඒ සන්තානයෙහි ස්ත්රීක භාව රූප උපදවයි. කලින් පැවැත්තාවූ පුරුෂ භාව රූප ඒවායේ ආයුෂය ගෙවීමෙන් නිරුද්ධ වෙයි. ඉන් පසු පුරුෂයා ස්ත්‍රියක් වෙයි. පසුව ඔහුගේ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප ඇති කළා වූ ද කලින් පුරුෂ භාව රූප ඇති කළා වූ ද කර්මය එකක් මය. එය ඔහුගේ උත්පත්තියට හේතුවූ කුශල කර්මය ම ය. මේ විපර්යාසයට දුරින් හේතු වන අකුශල කර්මය දැක්වීම පිණිස එය ප්‍රධාන කතා කිරීමේදී බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අත්රුදහන්වී ස්ත්‍රී ලිංගය පහල වෙතැයි කියනු ලැබේ.” (135 වැනි පිටුව)

      කම්ම නියාමය සුරංගනා කතාවක් බවට පත් කරවන මෙවැනි තොරතුරු අපට කියා පාන්නේ කුමක්ද? අන්ධ භක්තිය අත හැර සත්‍ය සොයන්නට උත්සාහයක යෙදෙන්නට ඇති අවශ්‍යතාවය නොවේද?

      කර්ම හා විපාකය පිළිබඳව තවත් තොරතුරු ඉදිරිපත් කරන්නට ඇති මුත් ඉහත විස්තරය මෙහි අවිද්‍යාත්මක භාවය සනාථ කරන්නට ප්‍රමාණවත් වේයැයි සිතන්නෙමු.
      පුනර්භවය පිළිබඳව ඇති අනුසංකල්ප සියල්ලන්ම වාගේ අවිද්යාමත්මක බව ඉහත විස්තර අනුව ඔප්පුවන හෙයින් නියත වශයෙන්ම පුනර්භව සංකල්පය යතාර්ථවාදී හා විද්යාපත්මක සංකල්පයක් නොවන භව අනිවාර්යයෙන්ම පිළිගන්නට සිදුවෙනවා නොවේද?

      ‘ඉරිදා දිවයින’ පුවත් පතින් ඉදිරිපත් කරන ලද පෙර භවයේ කතන්දරයේ හෙට්‌ටිගමගේ උදය කැළුම් මියගොස් මනුජ මනිෂ ලෙස ඉපදෙන්නේ අවුරුදු තුන හතරකට පසුවය. මෙම අතර මැදි කාලය පිළිබඳව බුදු දහම සඳහන් කරන්නේ කුමක්ද යන්න ද විමසා බලමු.

      පහතින් උපුටා දක්වා ඇත්තේ ආචාර්ය කිරින්දේ ධම්මානන්ද – (සිංගප්පුරුවේ හා මැලේසියාවේ හිටපු සංඝ නායක) නාහිමිපාණන් විසින් රචිත ‘බෞද්ධ විශ්වාස විමර්ශනය’ නම් ග්‍රන්ථයෙන් කොටසකි.

      “පුනර්භවය පිලිබඳ තේරුම් ගැනීමට අපහසු තවත් කරුණක් නම් පුනර්භවය සිදුවීම එක්වරම සිදු වන්නක්ද? නැද්ද? යන්නයි. බෞද්ධ ආචාර්යවරයන් අතර පවා මත භේදයට ලක්වී ඇති කරුණකි මෙය. අභිධර්මයේ සඳහන් වන්නේ ප්‍රතිසන්ධිය සත්වයෙකුගේ මරණය සිදුවීමත් සමගම අතර මැදි තත්වයක් නොමැතිව සිදුවන්නක් බවයි.” (119 වැනි පිටුව)

      ‘ඉරිදා දිවයිනේ’ පුනරුත්පත්ති කතන්තරය සැබැවින්ම අභිධර්ම පිටකයට සෘජුවම පටහැනි එකක් බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැත. පුනර්භවය පිළිබඳව බුදු දහමේ නිවැරදි ස්ථාවරයක් නොමැති බවයි අපට මෙම කරුණු හෙළිදරව් කරන්නේ.

      මෙය බුදුන් වහන්සේට කරන නිග්‍රහයක් ලෙස කිසිවෙකු වැරදි අර්ථ කථනයක් නොදිය යුතු බවයි අපගේ කාරුණික ඉල්ලීම වන්නේ. මෙයට ප්‍රධාන හේතුව වත්මන් බුදු දහම බුද්ධ භාෂිත දහමක් නොවන බව බෞද්ධ විද්වතුන් බහුතරයක ගේ අදහස බව පහතින් උපුටා දක්වා ඇති එක කොටසකින් සනාත වන කරුණක් බවට පත්වී ඇති හෙයිනි. මේ පිළිබඳව ත්‍රිපිටක යෙන්ම දැක්විය හැකි සාක්ෂි බොහොමයක් ඇත.

      “පරිනිර්වාණයට අවුරුදූ සිය ගණනකට පසුව උන්වහන්සේගේ ශ්‍රාවකයෝ තම ශාස්තෘවරයාගේ ඉගැන්වීම වටා ආගමක් සංවිධානය කළහ. එය සංවිධාන කරද්දී ඔවූහු වෙනත් ඇදහිලි ද සංකල්ප ද විවිධ හාස්කම් ද, ගුඪත්වය ද, නිමිති ශාස්ත්‍ර ද, වර්ගී කරණයන් ද, යන්ත්‍ර මන්ත්‍ර ද, යාතිකාවන් ද, ආදි වශයෙන් මුල් ඉගැන්වීම්වල නොවූ පුද පූජා විධි අන්තර්ගත කළහ. මෙවැනි පිටස්තර ආගමික ඇදහිලි හා ව්‍යවහාරයන් ඉදිරිපත් කරනු ලැබූ අවධියේදී බොහෝ අය මුල් දේශනාවල සඳන් වටිනා ව්‍යවහාරයන් සංවර්ධනය කර ගැනීම පැහැර හැරියහ. (බෞද්ධ විශ්වාස විමර්ශනය – පිටුව 70)

      ඉහත ග්‍රන්ථයේ කර්තෘ, මැලේසියාවේ හා සින්ගප්පූරුවේ සංඝනායක දුරය දැරූ හා මෑතකදී අපවත් වී වදාළ ආචාර්ය කිරින්දේ ධම්මානන්ද නා හිමියන්ය.

      1. ලෝකය පිලිබඳ බ්වුද්ධ පැහැදිලි කිරීම නම් සියල්ල ප්‍රතීත්‍ය සමුත්පන්න බවයි.තනි තනිව සැලකියහැකි එනම් ආතම වශයෙන් ගත හැකි කිසිදු ස්ත්වයෙක්’පුද්ගලයෙක්’වස්තුවක්’ද්‍රව්‍යයක් ධර්මයක්(මෙහි ධර්ම යනු රුප’වේදනාදී වශයෙන් සඳහන් කරන සත්වයෙක් සකස්වීමට අදාළ හේතු ප්‍රත්‍ය අදහස් වේ)නොමැත.මුලක් අගක් නොපෙනෙන ලෝකයේ ප්‍රතීත්‍ය සමුත්පන්න තාව දකින්නට අසමත් වුවෝ තම පටු මානසික සීමාව තුල නොවිසඳුණු ගැටළු මනසින් මවාගත් දෙවියෙකුට පවරා සිත සනසාගනිති’වර්තමානය අතීතායනය කොට ක්‍රමිකව විකාශයවන ලෝකය එකවර හටගත් සේ දේව නිර්මාණයකට පවරති.තමන්ම සිතින් මවාගත් දේවියගේ වහලෙක් ලෙස පරාධීන වෙති’
        ක්‍රමය යනුද ප්‍රතීත්‍ය සමුත්පන්න ක්‍රියාකාරිත්වයකි නියතියක් නොවේ’එය ලෝක නියාම ධර්මයකි’ පැවැත්ම යනු ස්ථිරත්වය නොවේ වෙනස්වීමයි.

        1. මේ වචන සෙට් එකම මට අනිත් පැත්තට පෙරලිය හැක. කර්මය යනුද සිතින් මවාගත් බහුබුත න්‍යායක් බවයි.

  15. anvar mahathayo meya pahadiliwama punarupathiyata adalaya. punaruppathiyak natha yana mathaya gana wishwasayak tinawanam meya abu fathima pahadili karawi. nathnam ayata piligana siduwenawa punaruppathiya sathya bawata.

  16. man dahamak niyojanaya karamin asana panayak newei meka. bohoma sarala saamanya apage jiwithaye dakinna tina deyak fathima darana punaruppathiyak nata yana padaname sitimin pahadili karana lesa pamanai kiwwa.

    1. ඔබ මෙම කියන කථාවෙන් ඔබගේ කපටි බව පිළිඹිබු වෙනවා. අබුෆාතිමාගේ ප්‍රතිචාරය අනුව දැන් ඔබට පුනරුත්පත්ති සංකල්පය ගැන බුදු දහමෙහි මතය සම්බන්ධව සෘජුව පෙනී සිටිය නොහැකි නිසා දැන් ඔබ ඉස්ලාමයට පහර ගසන්න වෙන අතකින් කුරුමානම් අල්ලයි.

  17. @baasil

    ක්ෂුද්‍රජිවින්ට සිතීම හැකියාවක් නොමැති බව ඔබට වැටහෙනවා නොවේද . එනම් උන්ට මනසක් නැත(just biological machines no mind no conciousness). මනසක් නැතිඋන් පුනරුපතියක් ලැබීමක්ද නැත.

    පෙර රජවරු සමහර විට මෙලොව ඉපදිලා ජීවත්වෙනවා ඇති. නැතහොත් වෙනත් තලයක උපත ලබා සිටිනවා වියහැක.

  18. @anvar
    man kohomath baudayek widiyata tama megana kata karanne. budu dahama wenuwen kelin hari wakrawaa hari kamathi widiyakata mata kata karanna puluwan.abu fathima baudayek nowana nisai man agamak asurin asan nathuwa poduwe me gana asuwe. obata awashya man budu dahama asurin punaruppathiya gana katha karana aka nam man ahema kata karannam.

    mata agamakata pahara gasimata awashya natha, me gana abu fathimage adahasa danaganimata pamanaya awashya.

    1. දැනටමත් අබුෆාතිමා බොහෝ කරුණු ගෙනහැර දක්වා ඇත. බුද්ධිමතුන්ට දැන් පුනරුත්පත්තිය අරබයා ඉස්ලාමයෙහි සහ බුදු දහමෙහි පෙන්වා දී තිබෙන කරුණු අවබෝධ කරගත හැක.

  19. @abu fathima

    ඔබ විසින් මගේ ප්‍රශ්නයට කිසිදු අදාලත්වයක් නැති දීර්ග විස්තරයක් ලියා ඇත. කර්මය ගැන විස්තර කර ඇත. බොහෝ පාඨ උපුටා දක්වා ඇත. නමුත් අවදාරණ කල යුත්තේ මට කර්මය ගැන ඉගෙනීමට අවශ්‍ය තාවයක් නැත මගේ සරල පැනයට පිළිතුරුය මට අවශ්‍ය.

    මේ ලෝකයේ දුප්පත් පෝසත් විවිදත්වය අවශ්‍යය බව සැබැය, මන් ඇසුවේ එය තිබිය යුතුද නැත්ද යන්න නොවේ. ඔබ කියනවා විවිද පුද්ගලයන් ජිවිත විභාගයේදී එකිනෙකට වෙනස් ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දෙන බව . එයද සැබය. නමුත් මගේ ප්‍රශ්නය එය නොවෙ. මන් අසන්නේ දුප්පත් පෝසත් වීමට මිනිසුන් තේරීමකට ලක්වන්නේ කෙසේද කියාය. යම් පුද්ගලයෙකුට ලැබෙන ප්‍රශ්න පත්‍රය කුමක්ද කියා තිරණය වීමට බලපාන සාදකය කුමක්ද කියාය. එය කොහෙත්තම අහබුවක් නම් නොවෙ මන්ද යත් අහබුවක්නම් කිසිදු පුද්ගලයෙක්ට අනන්‍යතාවයක් නොමතිවන බැවිනි. කරුණාකර මෙය අපට පැහැදිලි කරලා දෙන්න.

  20. @ Kasun,

    මා කර්මය පිළිබඳව විස්තර කරන්නට ඉදිරිපත් වුනේ බෞද්ධ කෝණයෙන් මිනිසාගේ වෙනස්කම් කර්මය මත සිදුවන්නක් බව විස්වාශ කරන නිසයි. ඔබේ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් මගේ අදහස් ඉදිරිපත්කිරීම තුල ගැබ්වී ඇත. මින්සාගේ මෙලොව ජීවිතයේ තත්වයන් අහඹු සිදුවීම් නොවන බව ඉස්ලාමයේ ඉගැන්වීමයි. එය එක් එක් මිනිසාට දෙවිඳුන්ගේ කැමැත්ත පරිදි මුහුණ පාන්නට සිදුවන ජීවන පරීක්ෂණයේ ස්වභාවය අනුව සකස් වී ඇත. අන්වර් සහෝදරයා විසින් ඉහත සඳහන් කල පරිදි ඔබතුමාගේ ප්‍රශ්නය මාතෘකාවට අදාළ නොවන බව දැනගෙන එය පැහැදිලි කිරීමට ඉදිරිපත්වුනේ එය මාගේ යුතුකමක් ලෙස සලකායි. කරුණාකර දැනට ඉදිරිපත් වී ඇති කරුණු ගැන බුද්ධිමත්ව සිතා කටයුතු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලාසිටින්නට කැමැත්තෙමි. මෙයට පෙර ලිපියක සඳහන් කලාක් මෙන් අපට කල හැකි වන්නේ අශ්වයා දියට ගෙනයෑම පමණි. නමුත් අශ්වයාට දිය පෙවීම අපට කළහැක්කක් නොවේ. අපට කල හැක්කේ සත්‍යය පැහැදිලි කිරීම පමණි. නමුත් එය පිළිගැනීම හෝ පිළිනොගැනීම අපට බලෙන් කරවන්නට හැකි දෙයක් නොවේ.

    1. ඔබ වැනි අන්යාගමිකයන්ගෙන් අපගේ ධර්මය පිළිබඳව විවරණ අවශ්‍ය නැත.අපේ ගැටළු විසදා දීමට අපේ බෞද්ධ වියතුන් වන ස්වාමීන් වහන්සේලාට හැකිය. එසේ තිබියදී ඔබ වැනි copy paste නියායක් අනුගමනය කරන බෞද්ධාගම ගැන මෙලෝ හසරක් නොදත් අයගේ උපදෙස් අපට අවශ්‍ය නැති බව කාරුණිකව දන්නවා සිටිමි.

  21. @අබු ෆාතිමා,

    අවිජ්ජා පච්චයා සංඛාරා – අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර හට ගනී
    සංඛාර පච්චයා විඤ්‍ඤාණා – සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය හට ගනී
    විඤ්‍ඤාණ පච්චයා නාමරූපං – විඤ්ඤාණය හේතු කොට ගෙන නාම රූප හට ගනී
    නාමරූප පච්වචයා සලායතනං – නාම රූප හේතු කොට ගෙන ආයතන සය හට ගනී
    සලායතන පච්චයා ඵස්සෝ – ආයතන හේතු හොට ගෙන ස්පර්ශය හට ගනී
    ඵස්ස පච්චයා වේදනා – ස්පර්ශය හේතු කොට ගෙන විඳීම් හට ගනී
    වේදනා පච්චයා තණ්හා – විඳීම් හේතු කොට ගෙන තණ්හාව හට ගනී
    තණ්හා පච්චයා උපාදානං – තණ්හාව හේතු කොට ගෙන බැඳී යයි
    උපාදාන පච්චයා භචෝ – බැඳී යාම හේතු කොට උපත පිණිස කර්ම විපාක සකස් වේ
    භව පච්චයා ජාති – උපත පිණිත කර්ම විපාක සකස් වීම හේතු කොට ඉපදෙයි
    ජාති පච්චයා ජරා මරණං – ඉපදීම හේතු කොට ජරාව, මරණය (ආදී සියලු දුක්) හට ගනී

    නැවත ඉපදීම බුද්ධ ධර්මයට අනුව පටිච්ච සමුප්පාදය මගින් සරලව විස්තර කල හැකිය. යමෙක් නිවන් දැක නැත්නම් මැරෙන මොහොතේදී සිතේ ඇතිවන සිතුවිලි (චුති සිත්තය) අවිද්‍යාවෙන් පිරි පවතී. මේ අවිද්‍යාව නිසා සන්ස්කරද එයින් වින්යානද එයින් නමරුපද ආදී වශයෙන් පිලිවෙලින් කාල පමාවක් නොමැතිව හට ගනී. මේ නිසා මැරෙන විටම එනම් මේ පන්චස්කන්දයෙන් ඉවත්වීම සිදුවනවිටම, නිවන් දැක නැති නිසා තවත් පන්චස්කන්දයක් අල්ලා ගැනීම සිදු වේ. මෙසේ අල්ලා ගන්න නව පංචස්කන්දය ඕනෑම ආකාරයක් විය හැකිය, තවත් මනුෂ්‍ය උත්පත්තියක් වීමට හෝ නොවීමටද පුළුවන. තවද නැවත ඉපදීම සඳහා වෙනත් හෙතුන්ද බලපායි, උදා-කර්මය.
    යමෙක් නිවන් දැක ඇත්නම් මැරෙන මොහොතේ ඇතිවන සිතුවිලි තුල අවිද්‍යාවක් නැත. මේ නිසා චක්‍රීය ක්‍රියාවලියක් වන මෙහි පළමු පියවර නැතිව යාම නිසා චක්‍රීය ක්‍රියාවලිය නවතී. සංස්කාරයන් හට ගැනීමට අවශ්‍ය අවිද්‍යාව නොමැති හේතුවෙන්) නිවන් දුටු අයෙකුගේ නැවත ඉපදීමක් සිදු නොවන්නේ ඒ නිසාවෙනි.
    මිනිසා ඇතුළු සියලු මනසක් ඇති ජීවීන් නැවත ඉපදීමට බදුන් වේ. මෙය පරිනමවාදයට එකඟ නොවන්නේ ඇයි?
    මෙය ඔබට ගෝචර නොවන්නේ ඔබතුමා බුද්ධ ධර්මය පිළිබඳව නිසි ලෙස අවබෝධ කොට නොගත් නිසාවෙන් විය හැකිය.

    ඔබතුමා නිරයට ඇති දුරවල් පිළිබඳව විග්‍රහයක් කරයි. මෙලෙස නිරයේ ගණන් හිලව් පිළිබඳව මාද ඇසුයේ ප්‍රථම වතාවටය. බුද්ධ ධර්මය චතුරාර්ය සත්‍ය මත පදනම් වූ දුකින් මිදීමට මාර්ගය කියා දෙන දහමකි. මට ඇති ගැටලුව නම් දුකින් මෙදීමට නරකාදියට ඇති දුරවල් අවශ්‍ය වන්නේ කුමකටද යන්නයි. මෙහෙදී ඔබ විසින් උපුටා දැක්වූ ග්‍රන්ථ වලත් ඒවායේ කතුවරුන්ටත් යම් වැරදීමක් සිධු වී ඇති බව හෝ ඔවුන්ට කරුණු හරිහැටි අවබෝධ නොවීම නිසා හෝ ඔවුන් බුද්ධ ධර්මයට අදාල නොවන දෙයක් ඈදා ගෙන ඇති බවත් හෝ විය හැකි යයි මගේ මතයයි. තවද ඔබතුමා බුද්ධ ධර්මයේ සරල කරුණු තේරුම්නොගෙන ගැඹුරු කාරණා විග්‍රහ කරන්නට ගොස් අනාගෙන ඇති බවක් මට පෙනේ.

    තවද ඔබතුමා ඇඟිලි සලකුණු හා සම පිළිබඳව කරුණු සොයා ගත්තේ මෑතකදී බවත් ඒවා අවරුදු 1400 පෙර කුරානයේ සඳහන්ව තිබීම හාස්කමක් බවත් සඳහන් කරයි. මෙය බොළඳ කියමනකි. ඇඟිලි සලකුණු මගින් මිනිසුන් වෙන් වෙන් වශයෙන් හඳුනා ගත හැකි බව මිනිසුන් දැන සිටියේ බොහෝ කලකට පෙරයි, නබි තුමාටත් අවරුදු දහස් ගණනකට පෙරයි (ක්‍රි.පූ. සියවස් වලදී). තවද වානරයන්ටත් මිනිසා හා සමාන ඇඟිලි සලකුණු තිබෙන බව ඔබ තුමා දන්නවාද? සමහර අවස්ථා වලදී වානර ඇඟිලි සලකුණු හා මානව ඇඟිලි සලකුණු වෙන් වශයෙන් හඳුනා ගැනීමද අපහසු විය හැකයි. දෙවියන් වහන්සේ විසින් මිනිසා මැව්වනම් මෙසේ වානරයන්ට සමාන ඇඟිලි සලකුණු මිනිසාට ඇත්තේ කෙසේද????
    ක්‍රි.පූ. 600 දී පමණ ජීවත් වූ සුශ්රුත නම් වූ ශ්‍රේෂ්ට ශල්‍ය වෛද්‍යවරයා පිළිබඳව ඔබතුමා අසා නැතිද? ඔහු විසින් “සුශ්රුත සම්හිත” නම් වූ ශල්‍ය වෛද්‍ය ග්‍රන්ථයක්ද ලියා ඇත. ඔහුව “Father of Surgery” ලෙසත් “Father of Plastic & Cosmetic Surgery” ලෙසත් හඳුන්වයි. ඔහු විසින් සම අශ්‍රිතව සිදු කාල සමහර ප්ලාස්ටික් ශල්‍යකර්මයන්, ක්‍රමවේදයන් වර්තමානයේද එලෙසින්ම පාහේ නොවෙනස්ව භාවිතා කරයි. මෙලෙස සම පිළිබඳව ඉතා හොඳ දැනුමක් තිබු අයෙකු හට (ඔහු එහි පරමාණුක ව්‍යුහයන් නොදැන සිටියා විය හැකිය, නමුත්) සමේ වේදනාවන් පිළිබඳව අවබෝධයක් නොතිබුණා යයි පවසන්නේ කෙසේද? ඒ නිසා මේ කරුණු කුරානයේ සඳහන්වීම හාස්කමක් ලෙස මට නම් නොපෙනේ. මෙහි සඳහන් කළ මහාචාර්යවරයා ගැන පවසන්නට ඇත්තේ ඔහු බුද්ධ ධර්මය පිළිබඳව අවබෝධ කොට නොගත් පුද්ගලයකු විය හැකි බවත් ඔහු ඉතිහාසය නොදන්නා හා සොයා බැලීමට උනන්දුවක් නොමැති පුද්ගලයකු විය හැකි බවත්ය.

    ඔබතුමා විසින් පෙර ලියන ලද විශ්වය පිලිබඳ ලිපියේද තිබු ලෙසින්ම මෙදිදීද මිනිසා විසින් සොයා ගත් දේ කුරානයත් සමග සැසඳීමක් කරයි. කලකට පෙර එකල විශ්වවිද්‍යාලයේ භෞථික විද්‍යාව හැදෑරු මාගේ මුස්ලිම් මිතුරෙකු විසින් පැවසුවේ කුරානය දේව පුස්තකයක් බවත් එය කිසි ලෙසකින් මිනිසා විසින් සොයා ගනු ලැබූ නියමයන්, වාදයන්, තර්කයන් සමග සැසදීම නොකළ යුතු බවත්ය. මෙහිදී කව්රුන් හරිද කව්රුන් වැරදිද යන්න මා දන්නේ නැත. ඔබතුමන්ලා මහා පිපිරුම් වාදය (Big Bang Theory) කුරානයට අනුකුල බව පවසයි, නමුත් පරිණාම වාදය එකහෙලාම ප්‍රතික්ෂේප කරයි (දෙකම වදයන්ය). සාධක, කරුණු කාරණා අඩු මහා පිපිරුම් වාදය හා එකඟ වන ඔබතුමන්ලා සාධක , කරුණු කාරණා වැඩිපුර ඇති පරිණාමවාදය ප්‍රතික්ෂේප කිරීම ගැන මට ඇත්තේ ප්‍රෙහෙලිකාවකි.

  22. @abu fathima

    ඔබ තුමී ප්‍රශ්නයෙන් ලිස්සල යන්න හදන බව මේක කියවන ඕන කෙනෙකුට තේරෙනවා. එසේ කරන්නේ ඔබට මෙය පැහැදිලි කල නොහැකි නිසා බැවි මටනම් වැටහෙන්නේ. ඔබ කියන විදියට දෙවියන්ගේ පරීක්ෂණයකට ලක්වෙන පුද්ගලයට ලැබෙන්නේ කුමන විදියේ පරික්ෂන්යක්ද යන්න තිරණය කරන සාදකය කුමක්ද. මන් අහන්නේ එයය්. ඔබට නොතෙරෙන මෙන් අගවන නිසා මන් මෙසේ උදාහරණයක් ගෙන අසන්නම්

    ඔබ හුගක් පෝසත් තැනක උපත ලබනවා අන්වර් මහතා හුගාක් දුප්පත් තැනක උපත ලබනවා. ඇයි අන්වර් මහතා පෝසත් නොවී ඔබ පෝසත් උනේ. නැත්නම් ඇයි අන්වර් මහතාට විතරක් දුප්පත් වෙන්න වෙලා ඔබම විතරක් පෝසත් උනේ.

  23. @abu fathima
    DNA ගැන ඔබේ ඔය කතාන්දරය වෛද්‍ය සිසුවෙකුට කිවොත් බඩ පැලෙනකන් හිනවෙ.

    //එමනිසා DNA අණුව නිර්මාණය කොට ඇත්තේ මනස හා චින්තනය පදනම් කරගෙනය. DNA අණුවෙහි ඇති සංකීර්ණතාවය ගැන සැළකිල්ලක් දක්වන විට නිසැකවම එය නිර්මාණයට මුල්වූ මනස හා චින්තනය සර්වඥානියෙකුට හිමි වුවක් විය යුතුය.//

    ආගමකට මනසින් වහලු ඔබවැනි පුද්ගලයන් හැර විද්‍යාව ගැන අවබෝදයක් තින කිසිදු කෙනෙක් මෙසේ නොපවසි .

    1. @ Kasun

      ආරම්භයේ වැදගත් ලෙස කරුණු සාකච්චා කල ඔබතුමා දැන් උද්වේගය හා අපහාසය පදනම් කරගෙන ලිවීම ගැන කනගාටු වෙමි. හොඳ වැදගත් මහත්මයෙකු ලෙස අර්ථවත් විදියට කරුණු ඉදිරිපත් කළහොත් ඔබගේ මහාත්මා ගති තවත් වර්ධනය විය හැකි අතර මෙම සංවාධයද වඩාත් ඵලදායී විය හැක.

  24. @ KHL

    ඔබ තුමාගේ කරුණු ඉදිරිපත් කිරීම ගැන බොහොම ස්තුතියි. පටිච්ච සමුප්පාදය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව ගොඩක්ම ස්තුතියි. ඉදිරියේදී ඒ පිළිබඳව සවිස්තරාත්මකව කරුණු ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. නමුත් මට අදහා ගත නොහැක්කේ සම්මත විද්‍යාත්මක කරුණු පිළිබඳව සත්‍යයෙන් බොහෝ දුරස්තවූ අදහස් ඉදිරිපත් කිරීම ගැනයි. කරුණාකර තම සිතේ ඇති පුර්ව නිගමනයන් සනාත කිරීම පිණිස සම්මත විද්‍යාත්මක හා පිළිගත් තොරතුරු විකෘත කොට අදහස් දැක්වීම එතරම් යහ ක්‍රියාවක් ලෙස නොදකිමි. එයින් තමනුත් නොමග ගොස් අන් අයවත් නොමග යැවීමට කටයුතු සිදුවන හෙයින් කරුණාකර සත්‍ය තොරතුරු පමණක් ඉදිරිපත් කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමි.

    ඇඟිලි සලකුණු එකිනෙකාට වෙනස් වීම පිලිබඳ තොරතුරු හාස්‍යයට ලක්කර පහතින් ඔබතුමා ඉදිරිපත් කර ඇති කරුණු වල මුලාශ්‍රයන් ඉදිරිපත් කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමි.

    “තවද ඔබතුමා ඇඟිලි සලකුණු හා සම පිළිබඳව කරුණු සොයා ගත්තේ මෑතකදී බවත් ඒවා අවරුදු 1400 පෙර කුරානයේ සඳහන්ව තිබීම හාස්කමක් බවත් සඳහන් කරයි. මෙය බොළඳ කියමනකි. ඇඟිලි සලකුණු මගින් මිනිසුන් වෙන් වෙන් වශයෙන් හඳුනා ගත හැකි බව මිනිසුන් දැන සිටියේ බොහෝ කලකට පෙරයි, නබි තුමාටත් අවරුදු දහස් ගණනකට පෙරයි (ක්‍රි.පූ. සියවස් වලදී). තවද වානරයන්ටත් මිනිසා හා සමාන ඇඟිලි සලකුණු තිබෙන බව ඔබ තුමා දන්නවාද? සමහර අවස්ථා වලදී වානර ඇඟිලි සලකුණු හා මානව ඇඟිලි සලකුණු වෙන් වශයෙන් හඳුනා ගැනීමද අපහසු විය හැකයි. දෙවියන් වහන්සේ විසින් මිනිසා මැව්වනම් මෙසේ වානරයන්ට සමාන ඇඟිලි සලකුණු මිනිසාට ඇත්තේ කෙසේද????”

    ඔබතුමාගේ අනෙකුත් කරුණුද ඉදිරිපත් කරමින් අපගෙන් ප්‍රශ්නයක් අහනවා මිස ඒවා උපුටා ගත්තේ කොහෙන්ද යන කරුණු ඉදිරිපත් කර නොමැත. ඔබතුමාගේ කරුණු වල සත්‍යාසත්‍ය තාවය විමසුමට මුලාශ්‍රයන් අත්‍යාවශ්‍යයි. මෙයට ඔබතුමා එකඟ වේයැයි සිතමි. ඔබතුමා පවසන අපායේ දුර පිලිබඳ විස්තරය ග්‍රන්ථ කතෘට වැරදීමකින් ලියවුනක් බව පැවසීම සමහර විට ඔබතුමාගේ සිතට සැනසීමක් විය හැක. නමුත් එහි පිටකාගත මුලාශ්‍රය මා අත දැනට නොමැති හෙයින් එය මිලදී ගත යුතුව ඇත. ඉන්පසු එහි සඳහන් විස්තර එලෙසම ඔබතුමාට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

    වඩාත් වැදගත් වන්නේ පටිච්ච සමුප්පාද ය පිළිබඳව ඔබතුමා ඉදිරිපත් කල කරුණුය. ඒ ගැන දීර්ග වශයෙන් කරුණු ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු. දැනට මේ පිළිබඳව ලංකාවේ ජීවත්වූ බෞද්ධ විද්වතෙක් හා උගතෙකුවූ හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂක කේ. එස්. පලිහක්කාර මහතා විසින් රචිත “මිත්‍යා ප්‍රාතිහාර්ය නැති බුදු දහම” නමැති ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

    “බ්‍රහ්මාගම ඇදහු පවුල්වලින් බුද්ධාගම වැළඳගත් ඉන්දීය ජනයාට ‘ආත්මය’ හා ඊට පසුපස එන පුනරුත්පත්තිය අත්හළ නොහැකි විය. බුදුන් වහන්සේ ‘ආත්මය’ ප්‍රතික්ෂේප කල විට මේ බෞද්ධයින්ට එය තවදුරටත් දේශනා කිරීමට නොහැකි විය. එහෙත් පුනරුත්පත්තිය අත හැරීමට නුපුලළුවන්වූ බැවින් මරණින් මතු උපදින ‘ආත්මය’ වෙනුවට ‘චුති සිත’ ආදේශ කල බව පෙනේ. ‘චුතු සිත’ යනු මැරුණු අයගේ අවසාන සිත ඔහුගේ ශරීරයෙන් වෙන් වී පිටවී යන සිතය. එය නැවත සත්ව කුසක හෝ වෙනත් ලෝකයක උපත ලබයි. එසේ වන්නේ මළගිය ඇත්තාගේ පින හෝ පව අනුව බව පවසති. චුති සිත ඔහුගේ පින් පව් අනුව සුදුසු තැනක් සොයා ගොස් ඊට සුදුසු මව් කුසක පිළිසිඳ ගනියි. එය සතර අපායේ, දෙව්ලොව හෝ මිනිස් ලොව විය හැකිය. දෙව්ලොව නම් මව් කුසේ පිළිසිඳ ගැනීමක් නැත. එහි සිදුවන්නේ ‘ඕපපාතික’ උපතකි. එනම් පහළවීමකි. මේ ‘චුති සිත’ නැවත පිළිසිඳ ගන්නේ මැරුණ මොහොතේ ම බව ගරු නාරද හිමියෝ පවසා තිබේ. තවත් විද්වතුන් පවසන්නේ, එය සුදුසු ස්ථානයක් ලැබෙන තෙක් ‘ගන්ධබ්බයා’ වශයෙන් කල්ගත කරන බව ය. බුදුන් වහන්සේ මේ ගැන යමක් දෙසා තිබුනා නම් අද අප අතර වසන පඬිවරුන්ට මත දෙකක් තිබිය නොහැකිය. ‘ගන්ධබ්බ’ මතය මුලින් දහමට ඇතුලත් වුයේ ‘සර්වස්තවාදීන්’ ගේ දර්ශනයක් ලෙස බව ධර්මය පිලිබඳ ඉතිහාසඥයෝ පවසති. පුනරුත්පත්තිය ගැන දේහනා නොකළ බුදුහු ‘ගන්ධබ්බයා’ ගැන හෝ ‘චුති සිත’ ගැන දේශනා කරයි ද යන සැකය මතු වේ. මේ හැර තවත් ප්‍රශ්නයක් මතු වේ. ජීවත් ව සිටින මිනිසාට තම සිත ක්ෂණික ව ඕනෑම තැනකට යැවිය හැකිය. ලඟපාතට හෝ ඇමෙරිකාව වැනි රටකට හෝ හඳට ඉරට හෝ ඇන්ඩ්රොමිඩා තරුකැලට හෝ යැවිය හැකිය. මරණින් පසු ‘චුති සිත’ යවන්නේ කවුද? ඊට සුදුසු තැන සොයා ගන්නේ පින් පව් අනුව යැයි අප සඟරුවන පවසන විට අපද ප්‍රශ්න කිරීමෙන් තොරව පිළිගනිමු. මෙය පිළිගන්නේ අන්ධ විශ්වාසයෙන් නොවේද? මෙය විශ්වාස කිරීමට අපට සාධක තිබේද?

    තවද ‘චුති සිත’ යනු සිතකි. කයක් නැති කළ සිත පවතින්නේ කෙසේ ද යන ප්‍රශ්නය ද මතුවේ. බුද්ධ දේශනාව අනුව හා වර්තමාන විද්‍යාව අනුව සිතක් ඇතිවන්නේ කයක් මත ය. ‘නාම රුප පච්චයා වීඤ්ඤාණ’ විය යුතුය. එහෙත් වත්මන් පටිච්ච සමුප්පාදයේ දක්වන්නේ වීඤ්ඤාණ පච්චයා නාමරූප’ වශයෙනි. මෙහි සත්‍යතාවක් තිබේද යන්න ගැනද සලකා බැලිය යුතුය. මහා නිදාන සුත්‍රයේ (දීඝ නිකායේ) දැක්වෙන්නේ මෙසේ ය: “ආනන්ද, ඔබගෙන් යමෙකු වීඤ්ඤාණයට හේතු කුමක් දැයි විමසුවහොත් ඔබ පිළිතුරු දිය යුත්තේ ඊට හේතුව වන්නේද, මුල් වන්නේද, උපත වශයෙන් සැලකෙන්නේද නාම රුප බවයි” මහා සුදස්සන සුත්‍රයේ හා මහා පුන්නව සුත්රහිද මෙසේම පැවසේ. ….. සාමාන්‍යය බුද්ධිය අනුව වුවද කයක් නැති තැන සිත තිබෙන්නේ කෙසේද, කොතැනද යන ප්‍රශ්නය මතුවේ. වත්මන් පටිච්ච සමුප්පාදය උගන්වන්නේ මීට හාත්පසින් විරිද්ධ දෙයකි.” (147-148 වැනි පිටු).

    පුනර්භවයට කර්මවිපාක වැදගත් වන හෙයින් මෙම ලිපිය යටතේ කරුණු දැක්වීමකදී ඒ ගැන අදහස් ඉදිරිපත් කර ඇත්තෙමු. කර්මවිපාක ඔබතුමා පැවසු ආකාරයටත් වත්මන් බුදු දහමේ උගන්වන ආකාරයටත් එය ක්‍රියාත්මක වන්නේ බෞද්ධ හේතු ඵල වාදය නොහොත් පටිච්ච සමුප්පාදය අනුව නිසා ඒ පිළිබඳව තවත් කරුණු දැක්වීමක් ඉදිරියේදී කරන්නට බලාපොරොත්තු වෙමි (ඉන්ෂා අල්ලාහ් – දෙවිඳුන්ගේ කැමැත්ත ප්‍රකාර).

  25. @abu fathima

    මගේ අතින් එවැනි අපහාසාත්මක කරුණු පල උනි නම් ඒ වැරදීම නොසලකා හරින මෙන් ඉල්ලමි . ඔබ මිනිසුන්ගේ උපත ගැන දරන අදහස කුමක්දි මට තවම පැහැදිලි කලේ නැත.

    අප මදකට මෙසේ සිතමු , කිසිදු අනන්‍යතාවයක් නැති මිනිසුන් පෝලිමේ උපත ලබනවා. දෙය්යෝ පැත්තකින් වාඩි වෙලා ඉන්නවා. තව විවිද ආකාරයේ ලේසි අමාරු ප්‍රශ්න පත්‍ර කවලම් කරලා තිනවා. දෙවියෝ ප්‍රශ්නපත්‍ර ගොඩට අතදාල ප්‍රශ්නපත්‍ර දිහා බලන් නැතුව අහබු ලෙස ප්‍රශ්න පත්‍රයක් ගෙන පෝලිමේ ඉනන පුද්ගලයාගේ මුහුණ දෙස නොබලා එය ලබා දෙනවා. එක තම ඔහු උපතින් ලබන ජීවිතය

    ඔබ මිනිසුන්ගේ උපත ගැන සදහන් කරන්නේ මෙම සිදුවීමේ ආකාරයටද?

    1. කසුන් ඔබ ඔය කථා කරන ආකාරයටම අන්‍යාගමික අපට බෞද්ධ දහමෙහි පෙන්වා දෙන චතුරාර්ය සත්‍ය ධර්මය කෙරෙහිද ගැටළු ඇත. නිදසුනක් ලෙස එක කරුණක් පෙන්වන්නම්. අද බොදුනුවන් කියන්නේ අපට මාර්ග ඵල ලැබිය නොහැක්කේ අප කොපමණ වීරිය කළද ඒ සදහා කර්ම ශක්තියද අවශ්‍ය නිසා බවයි.

      නමුත් ඒ භවයේදීම අංගුලිමාල 999 දෙනෙකු මරා පසුව අරහත් වුයේලු. මේ කොපමණ පරස්පර කථාවක්ද? මෙවැනි පරස්පර කථා රැසක් ඇති අප්‍රායෝගිකම දර්ශනයක සිට ඔබ අල්ලාහ්ගේ ක්‍රියාව විවේචනය කිරීම හරියට වීදුරු ගෙවල සිට ගල්ගසා ගැනීමකට සමාන නොවේද?

    2. @ Kasun

      ඔබතුමා සමග දිනක ගෝල්ෆේස් එකේ හමුවී මුහුදු සුළඟේ සුවය විඳිමින් බිත්තර ආප්පයක් කමින් කරුණු සාකච්චා කරමු. තේරුම් ගැනීමට දැනට ඉදිරිපත් කර ඇති කරුණු හොඳටම ප්‍රමාණවත්ය. නොතේරෙනවානම් මාගේ යෝජනාව පරිදි ගෝල්ෆේස් එකේදීම හමුවී කතා කරමු. සැඳෑ සංග්‍රහය මගේ ගිණුමෙන්.

  26. @ KHL

    අට මහා නරකයන් පොලොව යට ඒ තුල ඇතැයි සාක්ෂි සහිතව මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමියෝ ඉදිරිපත් කල අදහස් මෙයට පෙර සඳහන් කළෙමු. මෙයද නියත වශයෙන්ම නුතන විද්‍යාවට පටහැනි අදහසකි. එය කෙතරම් දුරකින් යට තිබෙන්නේද කියා අභිධර්ම විශාරද ලසන්ත රත්නාගොඩ මහතා සඳහන් කල කැරුණේ මුලාශ්‍රයන් හැකි පමණ ඉක්මනින් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. තවත් බෞද්ධ අටුවා ග්‍රන්ථයක් වූ ‘පුජාවලියේ’ දී ඇති නිරයේ ප්‍රමාණයන්ද ඔබගේ අවධානය පිණිස ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

    “සංජීවය, කාලසුත්‍රය, සඞ්ගාතය, රෞරවය, මහාරෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය යන අටමහනරකයෙක් ඇත. ඒ අටම දසදහසක් යොදුන් දිග හා පුළුල (පළල) හා උස ඇත්තේය” (55 වැනි පිටුව)

    මෙයට පෙර පෙන්වා දුන් පරිදි යොදුනක් = සැතපුම් 16 නිසා යොදුන් 10,000 යනු සැතපුම් 160,000 ක් වන්නේය. මෙම නිරයන් එකිනෙකට පහලින් පොලොව තුල ඇතැයි බුදු දහම උගන්වයි. කරුණාකර මෙම අලුත් භූගෝල විද්‍යා සංඛ්‍යාවන් පිළිබඳව ඔබම සිතා බලන්න.

  27. @anvar

    බුදු දහම මේ ලෝකයේ තිබෙන සත්‍යම දහම බව කියන්නේ උගතුන් . (සමහරවිට සකිර් නායක් වගේ උගතුන් නම් කියනවා ඇති නැ ඉස්ලාමය තමා සත්‍යම අගමැ කියල). එනිසා ඔබ වැනි පුද්ගලයෙක්ගෙන් බුදු දහම ගැන විචාර අපට අනවශ්‍යය. ඔබ ඉස්ලාමයේ සදහන්වෙන දේවල් වල තින ප්‍රයෝගිකත්වය දෙස ඔබේ අවදානය යොමු කරගත්තොත් මැනවි

    අංගුලිමාල මිනිසුන් මැරුව. නමුත් ඔබ දන්නවා ඇති ඔහු එක කලේ තම බුද්දිය අදුරින් වැසීගිය කල්හි තම ගුරුවරයාගේ වැරදි මගපෙන්වීමක් නිසා කියලා . ඔබට මතකද මන් අපේ අතින් මදුරුවෝ මැරෙන හැටි ගැන ඔබට කිව්වා . අන්න ඒ වගේ තමා කරනදේ ගැන නොදනුවත්වයි අංගුලිමාල මිනිසුන් මැරුවේ. ඔබ කියාවි මරනකොට දන් නැද්ද කියල, නමුත් හොද නරක ගැන අවබෝදයක් නැතිඋන කල්හි ඔහු දන් නැ තම අතින් වෙන වැරැද්දේ තරම. ඔහුගේ එකම අරමුණ තම ගුරුවරයා කියපු විදියට ඇගිලි මාලයක් හැදීම පමණි. එකයි ඔහු අන්තිමට තම මව ගැනත් නොසලකා මාලය සම්පුර්ණ කරන්න ගියේ. නමුත් අවසානයේ බුදුන් වහන්සේ ඔහුගේ බුද්දිය නැවත අවදි කළා . ඔහු පෙර ජාති වලපටන් කරගෙන පැමිණි මහත්වූ කුසලයක් නිසා තමයි රහත්වෙන්න වාසනාව හම්බුනේ .

    අද අපිට රහත් වෙන්න බැරි වෙන්න හේතුව විදියට මම දකින්නේ අපි හරි මාර්ගයේ හා හරි ක්‍රමයේ නොසිටිමයි. නිර්වාණය යනු දෑත බදාගෙන වැදලා හෝ යැදලා ලබාගත හැකි දෙයක් නොවෙ. එය අතිශයින්ම ප්‍රයෝගික ක්‍රියාවලියකි. තමන්ගේ සිතේ උපදින සියලුම සිතුවිලි කෙනෙකුට පාලනය කරන්න පුළුවන් උන දවසට තමා කෙනෙකුට මාර්ග පල ලැබිය හැකි වන්නේ. බුදු දහම අමාරැය. එකයි එය මෝඩයන්ට නොගැලපෙන්නේ. හුගාක් උසස් තැන්වලට යා යුතු මාර්ගය සැම විටම හුගාක් අපහසු දීර්ග ගමනක් . නමුත් බුද්දිමතා නම් කෙසේ හෝ ඒ දුරකතර ගෙවා ඒ උසස් තැනට යන කෙනාය.

    1. කසුන් මා මෙම ප්‍රතිචාරයෙහි සිතන්නේ ඔබ පෙර ප්‍රතිචාරයෙහි ඉස්ලාමය දෙස බැලු දෘෂ්ටිකෝණයෙනි. එවිට මගේ සිතට නැගුණු සිතුවිලි මෙසේය.

      ඔබගේ අදහස
      බුදු දහම මේ ලෝකයේ තිබෙන සත්‍යම දහම බව කියන්නේ උගතුන්. (සමහරවිට සකිර් නායක් වගේ උගතුන් නම් කියනවා ඇති නැ ඉස්ලාමය තමා සත්‍යම අගමැ කියල). එනිසා ඔබ වැනි පුද්ගලයෙක්ගෙන් බුදු දහම ගැන විචාර අපට අනවශ්‍යය. ඔබ ඉස්ලාමයේ සදහන්වෙන දේවල් වල තින ප්‍රයෝගිකත්වය දෙස ඔබේ අවදානය යොමු කරගත්තොත් මැනවි

      මගේ පිළිතුර
      බුදු දහම ලොව සත්‍යම දහම කියන්නේ උගතුන් වගේම බුදු දහම අසත්‍ය යැයි කියන උගතුන්ද සිටිනවා. ඒ නිසා අපට ඔබ කියන තර්කය මෙලෙස ගත හැක.

      බුද්ධිමතුන් බුදු දහම සත්‍ය යැයි කියන නිසා බුදු දහම සත්‍යයි = බුදු දහම අසත්‍යයි කියන බුද්ධිමතුන්ද සිටින නිසා එය අසත්‍යයි.

      අප තවදුරටත් ඉදිරියට ගියහොත්

      බුදු දහම බුද්ධිමතුන් අදහති ඒ නිසා එය බුද්ධිමතුන්ගේ දහමකි = බුදු දහම මෝඩයන්ද අදහති ඒ නිසා එය මෝඩයන්ගේ දහමකි.

      ඔබගේ අදහස
      අංගුලිමාල මිනිසුන් මැරුව. නමුත් ඔබ දන්නවා ඇති ඔහු එක කලේ තම බුද්දිය අදුරින් වැසීගිය කල්හි තම ගුරුවරයාගේ වැරදි මගපෙන්වීමක් නිසා කියලා . ඔබට මතකද මන් අපේ අතින් මදුරුවෝ මැරෙන හැටි ගැන ඔබට කිව්වා . අන්න ඒ වගේ තමා කරනදේ ගැන නොදනුවත්වයි අංගුලිමාල මිනිසුන් මැරුවේ. ඔබ කියාවි මරනකොට දන් නැද්ද කියල, නමුත් හොද නරක ගැන අවබෝදයක් නැතිඋන කල්හි ඔහු දන් නැ තම අතින් වෙන වැරැද්දේ තරම. ඔහුගේ එකම අරමුණ තම ගුරුවරයා කියපු විදියට ඇගිලි මාලයක් හැදීම පමණි. එකයි ඔහු අන්තිමට තම මව ගැනත් නොසලකා මාලය සම්පුර්ණ කරන්න ගියේ. නමුත් අවසානයේ බුදුන් වහන්සේ ඔහුගේ බුද්දිය නැවත අවදි කළා . ඔහු පෙර ජාති වලපටන් කරගෙන පැමිණි මහත්වූ කුසලයක් නිසා තමයි රහත්වෙන්න වාසනාව හම්බුනේ.

      මගේ පිළිතුර
      අංගුලිමාල යනු මිනිසුන් 999 ක් මැරූ මිනීමරුවෙකි. ඇත්තටම එවකට තිබුණු රජය ඔහුට මරණ දඩුවම දිය යුතුව තිබුණි. නමුත් කාගේ හෝ අදිසි හස්තයක් නිසා ඔහු බේරී ඇත. සමහර විට අපේ රටේ දැන් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී රජය වගේ එකක් එවකට තිබෙන්නට ඇත. ඉන් පසුව අංගුලිමාල ශ්‍රමණ දම් පුරා අරහත් ඵලයට පත්වේ.

      ඔහු එදා මිනීමරුවෙක් වුවද බුදුරජාණන් වහන්සේ ඔහුගේ බුද්ධිය අවදි කළ නිසා අරහත් ඵලයට පැමිණේ. එහෙත් දැන් ඔබගේ බුද්ධිය අවදි කිරීමට කිසිවෙකු නොමැත. කසුන් එදා අංගුලිමාලට තිබුණු අවස්ථාව අද ඔබට නැත. මන්ද අද ඔබගේ බුද්ධිය අවදි කිරීමට කිසිවෙකු නොමැත. අංගුලිමාලට සාපේක්ෂව ඔබ දැඩි අසාධාරණයකට ලක්ව ඇත. මන්ද ඔබ මිනීමරා නැති බව මම දනිමි. නමුත් බුදුරජාණන් වහන්සේ මිනීමරුවන්ට අරහත් ඵලයට පැමිණීමට අවස්ථාව සලසා ඇත. නමුත් ඔබට සලසා නැත.

      බුදුරජාණන් වහන්සේ බුදුවු පසුත් පෙරවු කර්ම ඵලයක් නිසා ගලක් වැදී සිරිපතුල සීරී ලේ හැළුණි. නමුත් අංගුලිමාල මිනී 999ක්ම මරා අරහත් ඵලයට පත්විය. මේ භවයේදී කල කර්මයන්ටවත් ඔහුට කිසිදු දෙයක් නොවුණි. මෙයින් බුදුරජාණන් වහන්සේද දැඩි අසාධාරණයකට ලක්ව ඇත.

      ඔබගේ අදහස
      අද අපිට රහත් වෙන්න බැරි වෙන්න හේතුව විදියට මම දකින්නේ අපි හරි මාර්ගයේ හා හරි ක්‍රමයේ නොසිටිමයි. නිර්වාණය යනු දෑත බදාගෙන වැදලා හෝ යැදලා ලබාගත හැකි දෙයක් නොවෙ. එය අතිශයින්ම ප්‍රයෝගික ක්‍රියාවලියකි. තමන්ගේ සිතේ උපදින සියලුම සිතුවිලි කෙනෙකුට පාලනය කරන්න පුළුවන් උන දවසට තමා කෙනෙකුට මාර්ග පල ලැබිය හැකි වන්නේ. බුදු දහම අමාරැය. එකයි එය මෝඩයන්ට නොගැලපෙන්නේ. හුගාක් උසස් තැන්වලට යා යුතු මාර්ගය සැම විටම හුගාක් අපහසු දීර්ග ගමනක් . නමුත් බුද්දිමතා නම් කෙසේ හෝ ඒ දුරකතර ගෙවා ඒ උසස් තැනට යන කෙනාය.

      මගේ පිළිතුර
      ඔබලා හරි මාර්ගයේ නොසිටින නිසා රහත් ඵලයට පත්වීමට බැරි වී ඇත. ඔබ අවසානයේ පවසන්නේ නමුත් බුද්ධිමතා කෙසේ හෝ දුරුකතර ගෙවා එය අත්පත් කරගන්නා බවයි. අද සමාජය තුල සිටින සියළුම දෙනා මරණයට පත්වන්නේ අරහත් ඵලයට නොපැමිණය. ඒ නිසා ඔබගේ තර්කය අනුව ඔවුන් බුද්ධිමතුන් නොවේ. බුද්ධිමතුන් නොවේ නම් අනිවාර්යයෙන්ම මෝඩයන් විය යුතුය. ඔබගේ තර්කයට අනුව ඔබද තවම ඒ උසස් තත්වයට යාමට නොහැකි වු කෙනෙක් නිසා ඔබද මෝඩයෙකි.

      කසුන් සහෝදරයා තරහා වෙන්න එපා. මම මේ සියල්ල සිතා බැලුවේ ඔබ ඉස්ලාමය දෙස බලන දෘෂ්ටිකෝණයෙනි.

  28. @abu fathima

    සංග්‍රහයට ස්තුති. බිත්තර අප්පා හා ගොල්ෆෙස් එකේ සුළග නැතුව ඔබතුමිට කතා කරගන්න බැරිනම් අපි එසේ වුවද කරමු.

    මන් අහපු ප්‍රශ්නයට උත්තර නැතුව මෙසේ පැන යන බව මන් දැනගෙන හිටියා. එක ඔබලාගේ ජන්ම ගතියක් බැවින් එහි කිසිදු වැරද්දක් නැත. පුනරුප්පත්තිය ප්‍රතිප්ෂේප කිරීමේ නිරර්ථක උත්සාහයක යෙදුනු ඔබට ලගදීම මේගැන සත්‍ය තේරුම් ගන්නට හැකිවෙයැයි පතමි .

  29. @අබු ෆාතිමා,

    උපුටා ගැනීම “කරුණාකර තම සිතේ ඇති පුර්ව නිගමනයන් සනාත කිරීම පිණිස සම්මත විද්‍යාත්මක හා පිළිගත් තොරතුරු විකෘත කොට අදහස් දැක්වීම එතරම් යහ ක්‍රියාවක් ලෙස නොදකිමි.”

    පුර්ව නිගමනයක සිටින්නේ මමද? ඔබද? මිනිසා මැව්වේ දෙවියන් බව යන අඩිතාලමේ සිට ඔබ කතාකරයි. මෙය පුර්ව නිගමනයක් නොවේද? ඔබතුමා සියලු කරුණු ඉදිරිපත් කරන්නේ මැවුම්වාදය අත්තක් බව ඔප්පු කිරීමට නොවේද?

    මා ඇසුවේ බුද්ධ ධර්මය පවසන්නේ දුක නැති කිරීමේ මාර්ගයක් පිලිබඳ නිසා අපායේ දුර දුකින් මිදීමට හේතුවන්නේ ඇයිදැයි යන්නටය.
    මෙහෙදී යමක් පැවසිය යුතුය. ඔබතුමා යම් කිසි කෙනෙකු විසින් ලියන ලද්දක් උපුටා දක්වමින් බුද්ධ ධර්මයේ සඳහන් වන්නේ මේ යයි පවසන්නේ කෙසේද? කතුවරයා බුද්ධ ධර්මය පිලිබඳ විශාරදයකු ලෙසින් සලකනවා වන්නට පුළුවන. එහෙත් එවැන්නෙකු විසින් ලියන ලද්දක් හෝ පවසන ලද්දක් එලෙසින්ම පිළිගත යුත්තේ අයි? මෙය බුදුරජාණන් වහන්සේගේ මුලිකම දේශනාවටද පටහැනි වුවකි. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ කිසිවකු කියූ පමණින් යමක් නොපිළිගන්නා ලෙසයි, කොටින්ම බුදුරජාණන් වහන්සේ පැවසු යමක් හෝ එපමණින්ම පිළිනොගන්නා ලෙසටත් එය විචාරා විමසා බලා පිළිගන්නා ලෙසටත්ය උන්වහන්සේ දේශනා කර ඇත්තේ. එසේ නම් යම් කෙනෙකු විසින් ලියු දෙයක් ලියු පමණින්ම අප පිළිගත යුතු නැත. බුද්ධ ධර්මය පිලිබඳ විශාරදයන් ලෙස හඳුන්වනු ලබන්න වූ සමහර ගිහියන්, අග්ග මහා පණ්ඩිත වැනි උපාධි සහිත ස්වාමීන් වහන්සේලා සමහරකු විසින් ලියන ලද පොත් කිහිපයක් මමද කියවා ඇත. එවන් සමහර ග්‍රන්ථ වල පාලි පාටයන්ද උපුටා දක්වමින් විෂ්ණු, කතරගම, ගණ, ඊශ්වර වැනි හින්දු ආගමික දෙවියන් හට බුදු දහමේ කේන්ද්‍රස්ථානයක් ඇති බව පෙන්වා දෙනු මා කියවා ඇත. එසේ නම් අප ඒවාත් පිළිගත යුතුද?
    කව්රු කෙසේ කිව්වත් තමන් විසින් තමන්ගේ නුවනින් විචාරශීලීව විමසා බලා (නිතර ප්‍රශ්න කර) ධර්මය ක්‍රම ක්‍රමයෙන් අවබෝධ කල යුතුය. බුද්ධ ධර්මයේ වැදගත් වන්නේ අවබෝධයයි, විශ්වාසය නොවේ. තවද පළමුව සරල කරුණු තේරුම් ගෙන පසුව ක්‍රමානුකුලව ගැඹුරු කරුණු වෙත යා යුතුය. එක්වරම ගැඹුරු කරුණු අධ්‍යනයට ගියහොත් සිදුවන්නේ අතරමන් වී අනාගනීමටය.
    මම බෞධයකු වුවද ස්වාමීන් වහන්සේලා විසින් පවසන්නට යෙදෙන ලියන්නට යෙදෙන කරුණු එකෙනෙහිම කිසිම වග විභාගයකින් තොරව පිලිනොගනිමි. ඒ පිළිබඳව විමසා විචාරා බලා මට ඇති (කුඩා) දැනුමට අනුව සිතා බලා පිළිගැනීමට හෝ නොගැනීමට පෙලබෙමි. බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාව පිලිබඳ නිතර ගැටළු මතු කිරීමටත් ප්‍රශ්න කිරීමටත් දිරිමත් කරන ලදී. උන්වහන්සේ කිසිදු පැකලීමකින් තොරව මෙසේ කලේ ඇයි? මෙයට හේතුව නම් කොපමණ ගැටළු මතු කලත් කොපමණ ප්‍රශ්න කලත් එය අසත්‍යක් බව කිසි විටෙකත් ඔප්පු කිරීමට නොහැකි වීමයි, (ස්වාක්කතෝ, සන්දිට්ටිකෝ, අකාලිකෝ). එහෙත් බුදුරජාණන් වහන්සේම පැවසූ පරිදි සියල්ලන්ටම බුද්ධ ධර්මයේ කරුණු එක හා සමානව වැටහෙන්නේ නැත. මන්ද යත් විවිද පුද්ගලයන් හට ඇත්තේ විවද වූ නුවන මට්ටම් බැවිනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කලේ මේ ධර්මය නුවනැත්තන් (සැමටම නුවන ඇතත් පාවිච්චි කරන ආකාරය විවිද වේ) සඳහා බවයි. මෙලෙසින් බුද්ධ ධර්මය අවරුදු 2500 ටත් වැඩ වැඩි කාලයක් මුළුල්ලේ ගැටළු ප්‍රශ්න ආදියට නිරන්තරව මුහුණ දුන්නේය. මහා උගතුන්, පණ්ඩිතයන්ගේ විවේචනයට භාජනය විය. නමුත් කිසිවෙකුටවත් මෙතුවක් කල් බුද්ධ ධර්මය කිසිවෙකුටවත් අසත්‍යක් බව ඔප්පු කිරීමට නොහැකි විය. නමුත් ඔබතුමා සිතන් ඉන්නේ බුද්ධ ධර්මය අසත්‍යක් බව ඔප්පු කරනා මුල්ම තැනැත්තා ඔබය බවයි. මට මේ ගැන පවසන්නට දේවල් නොමැත.

    ඇඟිලි සලකුණු පිළිබඳව, http://en.wikipedia.org/wiki/Fingerprint#Timeline හි “History” සහ “Other Species” යටතේ බලන්න. http://en.wikipedia.org/wiki/Koala හි (Koala) “Physical Description” යටතේ බලන්න. http://www.fingerprinting.com/ හි මුල් පිටුවෙත් “Home page” සහ “History of Fingerprinting” යටතේ බලන්න. http://www.ehow.com/info_8471431_animals-similar-fingerprints-humans.html බලන්න.

    බුද්ධ ධර්මයේ “ගන්ධබ්බ” මතයක් නැත. එනම් රුපකයක් නොමැතිව ඒ මේ ඇත සැරිසරන සිතක් නොමැත. මොහොනය හීදී සමහර පුද්ගලයන් පවසන්නා වූ දේ වලින් මේ ගන්ධබ්බ මතයක් ඇති වුවා විය හැකිය. මොවුන් පොදුවේ පවසන දේ අනුව, මැරුණු විට ඉහලට ගොස් (අපගේ පහසුවට මෙයට සිත යයි කියමු) තමන්ගේ ශරීරය දෙස මොහොතක් බලා සිටිය බව පවසයි, පසුව වෙනත් ස්ථානයකට පාවී යන බවත් කියයි. මෙලෙස සමහර අවස්ථා වලදී තමන් සිටි නිවසට, නිතර ආ ගිය ස්ථානවලට, ආගමික ස්ථානවලට ගිය යයි පවසයි. ඔවුන්ගේ න්‍යාතීන්, හඬා වැලපෙන දුවා දරුවන් දැක දුකක් වේදනාවක් ඇති වූ බවත් පවසයි. සමහර අවස්ථාවලදී ටික කාලයක්ද තවත් සමහර අවස්ථා වලදී දිගු කාලයක්ද මෙලෙස සැරිසැරූ බව පවසයි. මෙහෙදී මේ “සිත” තමන් ගේ ශරීරය දෙස බලා සිටි බව පවසයි. යමක් පෙනීමට නම් දෘෂ්ටියක්, පෙනීම ලබා දෙන අවයවයක් අවශ්‍ය වේ. මේ සිතට “ඇසකට” සමාන යමක් පවතී. මේ සිතට දැනීම් ඇති වේ. මේ සිත ඒ මේ ඇත සරි සරයි. එනම් මේ සිතට යම් කිසි හෝ ශරීරයක් තිබිය යුතුය. එනම් පන්චස්කන්දයක් තිබිය යුතුය. (රූප, වේදනා, සන්යා, සංස්කාර, විනයාන) මෙයින් ගම්‍ය වන්නේ යමෙකු මැරුණු විටම එක පන්චස්කන්දයක් අතහැර තවත් පන්චස්කන්දයක් ලබා ඇති බව නොවේද? මේ නිසා ශරීරයකින් තොරව රස්තියාදු ගහන සිතක් නැත්නම් ගන්ධබ්බ (බොහෝ දෙනා සඳහන් කරන ආකාරයට) අවස්ථාවක් කිසිවිටකත් ඇති නොවේ. මෙහි කොතැනකවත් පටිච්ච සමුප්පාදයට එකඟ නොවන කරුණු නොමැත.

    ඔබ විසින් ස්ත්‍රී පුරුෂයන්ට අදාලව දැමු ප්‍රතිචාරය ගැන පවසනවානම්, මෙහිදීද ඔබතුමා හොඳටම බුද්ධ ධර්මය තුල අතරමන් වී ඇති බව පෙන්වයි. ඔබතුමා ගැඹුරු කරුණු විග්‍රහ කරන්නට යන්නේ කර්මය යනු කුමක්දැයි පවා නොදැන බව මට නම් සිතේ. ස්ත්‍රීයක්ව ඉපදීම මහා අකුසල කර්මයක් හෝ පව්කරකමක් වන්නේ නම් මහා භද්දකච්චානා තෙරණිය, මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය, උප්පලවන්නා තෙරණිය වැනි වූ රහත් මෙහෙණින් වහන්සේලා ඇති වන්නේ කෙසේද? අග්‍ර ශ්‍රාවිකාවන් වහන්සේලා පත් වන්නේ කෙසේද? මෙහෙදී මා නම් දකිනා ආකාරයට බොහෝ දෙනා පටලවා ගන්නේ පුරුෂයන්ට ඇත විඳීමට නොමැති එහෙත් කාන්තාවන්ට සාමාන්යෙන් අත්විදීමට සිදු වන්නා වූ වේදනා 5ක් ඇති බව යන්න මහා අකුසල කර්මයක් හෝ පව්කරකමක් ලෙස හෝ විග්‍රහ කිරීමයි. මෙය සම්පුර්ණ සාවද්‍ය මතයකි. ඔබ පවසන ආකාරයට කාන්තාවන් මහා පව්කාරයන් නම් ඔවුන් නිවන් දකින්නේ කෙසේද? (නිවන් දුටු බොහෝ කාන්තාවන් පිළිබඳව ඉතිහාසයේ දැක්වේ.) මව් පිය උපස්ථානය ගැන පවසන විට කොතැනකදී වත් බුදුරජාණන් වහන්සේ පිය උපස්ථානය මව් උපස්ථානයට වැඩ ආනිශංස ලැබෙන ක්‍රියාවක් බව සඳහන් කර නැත.

    බුද්ධ දේශනාවේ සඳහන් උපත් අකර ගැන, සංසේදජ සහ ඕපපාතික උපත් ක්‍රමයන් පිලිබඳ විවිද වූ විග්‍රහයන් පවතී. ඔබ දක්වා ඇත්තේ එක විග්‍රහයකි. මා මේ ගැන එතරම් කරුණු කාරණා දන්නේ නැතත් ඔබගේ විග්‍රහය මට නම් පිළිගත නොහැක. ඉබේ සතුන් පහල වන්නේ නැත. සෑම විටම යම් හේතුවක් පැවතිය යුතුය.

    ඔබතුමන්ලා කුරානය දේව පුස්තකයක් බවත් දෙවියන් විසින් සියල්ල මැව්වා යයි ඔප්පු කිරීමටත් දැඩි වෙහෙසෙක් ගන්න බව මට පෙනේ. මේ නිසා මට යමක් විමසිය යුතුය.
    දිනක් යම් විද්‍යාඥයකු විසින් දෙවියන් වහන්සේ (හෝ දෙවියන්) සිටිනා බවත් ඔහු ලෝකය හා ජීවය මැවූ බවටත් සාක්ෂි සාදක සහිතව (Beyond doubt) ඔප්පු කලා යයි උපකල්පනය කරමු. මේ ආරංචිය නිසාවෙන් අනිවාර්යයෙන් ඔබතුමන්ලා ඇති මහත් සතුටට පත් වනු නොඅනුමානය. මගේ පැනය නම් මෙසේ ඇතිවන අසීමත සතුට හැරුණු කොට මෙම ඔප්පු කිරීම තුලින් ඔබලාට ලැබෙන වෙනත් ප්‍රතිලාබයන් මොනවාද? උදා- ලෙස, මෙමගින් ඔබතුමන්ලා මහලු වීම, ලෙඩ රෝග වලට බදුන් වීම, මිය යාම, ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක වේදනාව වැනි තත්වයන්ගෙන් මිදෙන්නේද?

    තවත් ගැටළුවක් ඇත. ඉතා ආදරයෙන්, සහජීවනයෙන් වෙසෙන ස්වාමි පුරුෂයෙක් හා භාර්යාවක් සලකන්න. දිනක් නොසිතු විරූ ලෙස මින් එක අයෙකු හදිසියේම මරුමුවට පත් වුවයයි සිතන්න. එවිට අනෙක් පුද්ගලයාට ඇතිවනුයේ මහත් වූ දුකකි, වේදනාවකි. මගේ ගැටලුව නම් මැවුම්කාර දෙවියෙක් ඇත්නම් (ඔප්පු කලා නම්) මේ පුද්ගලයා හට මෙලෙස දුක, වේදනාව ඇති වන්නේ ඇයි? සහ එයින් මිදෙන්නේ කෙසේද? යන්නයි. (ඔබතුමන්ලා පවසන්නට පෙර මා යමක් පවසමි. මියගිය තැනැත්තා මියගියේ දේව කැමැත්තට බවත්, එය දෙවියන් වහන්සේගේ තීරණය මගින් සිදු වූ බවත් එලෙස සිතා තම සිත පාලනය කලා යුතු බවත් ඔබතුමන්ලා පැවසිය හැක. නමුත් මෙහිදී සිදු වන්නේ දුක, වේදනාව අඩු වීම පමණකි. එය නැති වන්නේ නැත. තවද මෙලෙස පැවසීමෙන් දුක,වේදනාව හට ගත්තේ ඇයි දැයි පැහැදිලි කරන්නේ නැත.)

    ප.ලි.- මා ඔබත් සමග අදහස් විචාරීමට කැමති නමුත් මට කාලය පිලිබඳ ගැටළුවක් ඇත. මා මෙහි අදහස් පල කිරීමට ආවේ මට දින 3ක නිවාඩුවක් ලැබුන නිසාවෙනි. නමුත් ඉරිදායින් පසුව මට මෙහි එන්නට තව යම් කාලයකට ඉඩ ලැබෙන්නේ නැත. ඒ පිළිබඳව කණගාටු වෙමි.

  30. අන්වර් සහෝදරයා මේක හොඳ මාත්රූකාවක් .අබු ෆාතිමා සහෝදරියට ජය වේවා

  31. @ KHL
    ඇඟිලි සලකුණු පෙර භාවිතාකලේ කුමකටද? ඇඟිලි සලකුණ පුද්ගල හඳුනා ගැනීම සඳහා භාවිතා කලේ කුමන කාල වකවානු වලදීදැයි පහත උපුටා දැක්වීම පැහැදිලි කරයි. ඒ නිසා ඔබතුමාගේ ව්‍යාකුලත්වය මෙම කරුණු වලින් නිරවුල් වේයැයි අපේක්ෂා කරමි. බුදු දහම තුල මා අතරමන්වී ඇති බවක් ඔබතුමාගේ මතය ඉහත කරුණු කියවන පාඨකයින්ට පවරමු.

    ඔබතුමාගේ ප්‍රකාශනය “බුද්ධ ධර්මයේ “ගන්ධබ්බ” මතයක් නැත. එනම් රුපකයක් නොමැතිව ඒ මේ ඇත සැරිසරන සිතක් නොමැත. මොහොනය හීදී සමහර පුද්ගලයන් පවසන්නා වූ දේ වලින් මේ ගන්ධබ්බ මතයක් ඇති වුවා විය හැකිය. මොවුන් පොදුවේ පවසන දේ අනුව, මැරුණු විට ඉහලට ගොස් (අපගේ පහසුවට මෙයට සිත යයි කියමු) තමන්ගේ ශරීරය දෙස මොහොතක් බලා සිටිය බව පවසයි, පසුව වෙනත් ස්ථානයකට පාවී යන බවත් කියයි. මෙලෙස සමහර අවස්ථා වලදී තමන් සිටි නිවසට, නිතර ආ ගිය ස්ථානවලට, ආගමික ස්ථානවලට ගිය යයි පවසයි. ඔවුන්ගේ න්‍යාතීන්, හඬා වැලපෙන දුවා දරුවන් දැක දුකක් වේදනාවක් ඇති වූ බවත් පවසයි. සමහර අවස්ථාවලදී ටික කාලයක්ද තවත් සමහර අවස්ථා වලදී දිගු කාලයක්ද මෙලෙස සැරිසැරූ බව පවසයි. මෙහෙදී මේ “සිත” තමන් ගේ ශරීරය දෙස බලා සිටි බව පවසයි. යමක් පෙනීමට නම් දෘෂ්ටියක්, පෙනීම ලබා දෙන අවයවයක් අවශ්‍ය වේ. මේ සිතට “ඇසකට” සමාන යමක් පවතී. මේ සිතට දැනීම් ඇති වේ. මේ සිත ඒ මේ ඇත සරි සරයි. එනම් මේ සිතට යම් කිසි හෝ ශරීරයක් තිබිය යුතුය. එනම් පන්චස්කන්දයක් තිබිය යුතුය. (රූප, වේදනා, සන්යා, සංස්කාර, විනයාන) මෙයින් ගම්‍ය වන්නේ යමෙකු මැරුණු විටම එක පන්චස්කන්දයක් අතහැර තවත් පන්චස්කන්දයක් ලබා ඇති බව නොවේද? මේ නිසා ශරීරයකින් තොරව රස්තියාදු ගහන සිතක් නැත්නම් ගන්ධබ්බ (බොහෝ දෙනා සඳහන් කරන ආකාරයට) අවස්ථාවක් කිසිවිටකත් ඇති නොවේ. මෙහි කොතැනකවත් පටිච්ච සමුප්පාදයට එකඟ නොවන කරුණු නොමැත.” කුමන මුලාශ්‍රයන්ගෙන් උපුටා ගත්තේදැයි පවසන්නේ නම් කෘතඥ වෙමි. මෙවැනි කරුණු ඉදිරිපත් කිරීම තම උපකල්පනය මත පමණක් පදනම් වී ඇති බව ඔබතුමාට පිළිගැනීම අපහසු නොවේ යැයි සිතන්නෙමි. Near death experience වෙබ් අඩවි මගින් උපුටා දැක්විය හැක. ඔබතුමාගේ උපුටා දැක්වීමත් එවැන්නකට සමානය. නැවත ඔබතුමා පටිච්ච සමුප්පාදය ගැන සඳහන් කලත් ඉහතින් ඒ පිළිබඳව මතුකළ කරුණු වලට පැහැදිලි කිරීමක් ලබාදී නොමැත. මෙයට පහලින් පටිච්ච සමුප්පාදය පිළිබඳව වෙනම කරුණු දැක්වීමක් කර ඇත. එයත් මා බුදු දහම තුල අතරමංවී කල ක්‍රියාවක් ලෙස ඔබතුමාට දකින්නට ඉඩ ඇත. නමුත් අතරමංවී ඇත්තේ කව්රුන්ද? කුමක්ද? යන්න පාඨකයින්ට පවරමු.

    ඔබතුමාගේ මතය “ඔබ විසින් ස්ත්‍රී පුරුෂයන්ට අදාලව දැමු ප්‍රතිචාරය ගැන පවසනවානම්, මෙහිදීද ඔබතුමා හොඳටම බුද්ධ ධර්මය තුල අතරමන් වී ඇති බව පෙන්වයි. ඔබතුමා ගැඹුරු කරුණු විග්‍රහ කරන්නට යන්නේ කර්මය යනු කුමක්දැයි පවා නොදැන බව මට නම් සිතේ. ස්ත්‍රීයක්ව ඉපදීම මහා අකුසල කර්මයක් හෝ පව්කරකමක් වන්නේ නම් මහා භද්දකච්චානා තෙරණිය, මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය, උප්පලවන්නා තෙරණිය වැනි වූ රහත් මෙහෙණින් වහන්සේලා ඇති වන්නේ කෙසේද? අග්‍ර ශ්‍රාවිකාවන් වහන්සේලා පත් වන්නේ කෙසේද? මෙහෙදී මා නම් දකිනා ආකාරයට බොහෝ දෙනා පටලවා ගන්නේ පුරුෂයන්ට ඇත විඳීමට නොමැති එහෙත් කාන්තාවන්ට සාමාන්යෙන් අත්විදීමට සිදු වන්නා වූ වේදනා 5ක් ඇති බව යන්න මහා අකුසල කර්මයක් හෝ පව්කරකමක් ලෙස හෝ විග්‍රහ කිරීමයි. මෙය සම්පුර්ණ සාවද්‍ය මතයකි. ඔබ පවසන ආකාරයට කාන්තාවන් මහා පව්කාරයන් නම් ඔවුන් නිවන් දකින්නේ කෙසේද? (නිවන් දුටු බොහෝ කාන්තාවන් පිළිබඳව ඉතිහාසයේ දැක්වේ.) මව් පිය උපස්ථානය ගැන පවසන විට කොතැනකදී වත් බුදුරජාණන් වහන්සේ පිය උපස්ථානය මව් උපස්ථානයට වැඩ ආනිශංස ලැබෙන ක්‍රියාවක් බව සඳහන් කර නැත.” පිළිබඳව අසා ඇති ප්‍රශ්නය තේරුම් කරගැනීමට එතරම් අපහසුවක් නොවේ. කාන්තාවක් නිවන් මගට පිවිසියා යැයි පැවසීම තුලින් පමණක් ඇගේ උත්පත්තිය පෙරභවයේ අකුසලයක ප්‍රතිපලයක් යැයි නොවීමට හේතු නොවන බව ඔබතුමාට අවභෝධ වේ යැයි සිතමි. එයට අවශ්‍ය කරුණු නැවත උපුටා දැක්වීම අවශ්‍ය නොවේ යැයි සිතමි.

    දුක නැති කිරීමේ පිළිවෙත චතුරාර්‍ය සත්‍යය තුල ඇතැයි ඔබතුමා පවසයි. එයට හේතුවූ තෘෂ්ණාව ඉවත්කොට ආර්ය අෂ්ටාන්ඝික මාර්ගය අනුමගනය කලයුතු යැයි මෙය උගන්වයි. අෂ්ටාංගික මාර්ගය පිළිබඳව එතරම් ගැටළුවක් නොවුවත්, තෘෂ්ණාව ඉවත්කිරීම කල හැක්කක් නොවන බව නුතන මනෝ විද්‍යාව උගන්වයි. ඉස්ලාමීය පිළිවෙත අනුව මිනිසා දුක පාලනය කරගැනීම පිළිබඳව ඔබතුමා ඉදිරිපත් කොට තිබු අදහස් අර්ධ සත්‍යයන් වන අතර එහි නිවැරදි අවබෝධය ලබා ගැනීමට එම මාතෘකාවෙන්ම සාකච්චාවකට එන ලෙස ආරාධනා කරමි.

    ඔබතුමාගේ මතය “දිනක් යම් විද්‍යාඥයකු විසින් දෙවියන් වහන්සේ (හෝ දෙවියන්) සිටිනා බවත් ඔහු ලෝකය හා ජීවය මැවූ බවටත් සාක්ෂි සාදක සහිතව (Beyond doubt) ඔප්පු කලා යයි උපකල්පනය කරමු. මේ ආරංචිය නිසාවෙන් අනිවාර්යයෙන් ඔබතුමන්ලා ඇති මහත් සතුටට පත් වනු නොඅනුමානය. මගේ පැනය නම් මෙසේ ඇතිවන අසීමත සතුට හැරුණු කොට මෙම ඔප්පු කිරීම තුලින් ඔබලාට ලැබෙන වෙනත් ප්‍රතිලාබයන් මොනවාද? උදා- ලෙස, මෙමගින් ඔබතුමන්ලා මහලු වීම, ලෙඩ රෝග වලට බදුන් වීම, මිය යාම, ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක වේදනාව වැනි තත්වයන්ගෙන් මිදෙන්නේද?” යන්න එක්තරා ආකාරයකට බොළඳ බව නොකියාම බැරිය. මිනිස් ජීවිතයේ යතාර්ථයන් කිසිවෙකු නොදන්නා, නිවැරදි අර්ථ දැක්වීමක් නොමැති මිනිස් උපකල්පනයට වර්තමාන බෞද්ධ ඉගැන්වීම් මගින් ඇතුලත් කරන ලද නිවන යන සංකල්පයෙන් තාවාකාලිකව සිත සනසා ගැනීමට හැකියාවක් තිබිය හැක. මෙවන් අදහස් වලින් ව්යාකුලත්වයට පත්ව සත්‍යය හා යථාර්තය ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් වීම ගැන කනගාටු වෙමි.

    http://www.fingerprinting.com

    History of fingerprinting
    Fingerprinting is the science of taking imprints of a person’s fingers for the purpose of establishing personal identification. Forensic science has proven that the likelihood of two human beings having the same fingerprints is infinitesimal, and it has been concluded that the process of fingerprinting as a means of establishing personal identification is infallible.
    It’s a difficult proposition for historians to point to one moment in time and attest to that moment as the first instance of the fingerprinting process. For sure, there is evidence of fingerprints in ancient times, most notably during the building of the pyramids in Egypt in 2000 B.C. There are signs that, in the 3rd Century B.C., the Chinese utilized fingerprints as a testament on official documents. These fingerprints were also used in court litigation proceedings. However, William J. Hershel, who was the first person to implement the practical application of fingerprinting, took issue with the Chinese employment of fingerprinting because he felt that they used fingerprinting as part of a spiritual practice and not as a systematic identification of individuals, and he believed that the prints were finger marks, not fingerprints. In Persia, around 1350, government papers had what appeared to be fingerprints on official documents, but nowhere were there any confirmations of the documented use of fingerprints for identification purposes up through this time.

    Now, we return to the aforementioned Hershel who, in 1858, was an English administrator assigned to the jurisdiction of Hooghly near Calcutta, India. Hershel was concerned about the residents of Hooghly getting their pensions, and he was concerned about establishing veracity in court regarding business dealings with the Government. So, in 1858, he made a construction builder, by the name of Rajyadhar Konai, put a print of his palm and fingers on an official business transaction form since Mr. Konai could not write. For all intents and purposes, this became the first documented application of fingerprints. Hershel also had jurisdiction over the jails, and he systematically fingerprinted the inmates and kept records of all fingerprints on file.

    A Scottish doctor by the name of Henry Faulds was a contemporary of Hershel, albeit a sworn enemy, as both men tried to solidify their place in history by claiming they each were the “Father of Fingerprinting.” Faulds’ body of work was impressive and valuable. While working in a hospital in Tokyo, Japan, in 1874, Faulds kept records of fingerprints and concluded that fingerprint patterns were unchangeable and immutable and that the technique of rendering a set of fingerprints could best be done with printer’s ink on a smooth board. Faulds was also able to lift a fingerprint from a bottle of whiskey, and thus received credit for the first identification of a fingerprint.

    The first evidence of the use of fingerprints in the United States was by a surveyor in New Mexico by the name of Gilbert Thompson who, in 1882, put his own prints on a survey to prevent forgery. The first recorded use of fingerprint identification in a criminal matter dates back to 1892 when an Argentinean Police Commodore by the name of Juan Vucetich took prints off a door post to nail a murderer. The use of fingerprint identification as a means of solving criminal cases advanced quickly as both Scotland Yard and the U.S.A. implemented the use of fingerprints by the turn of the 20th Century.

    The use of fingerprinting became standard operating procedure in the United States and, in 1924, Congress endowed the Federal Bureau of Investigation (F.B.I.) with the authority to establish an Identification Division. This centralized all fingerprinting files and made it much easier to identify repeat criminals and missing persons. Today the F.B.I. uses a computerized system to contain the fingerprints of some 34 million criminals. This is especially helpful because the recidivism rates are extremely high, except in those crimes of passion, such as manslaughter which generally is a non-repetitive crime.
    Fingerprinting has been one of civilization’s greatest developments, and its accuracy in attesting to the personal identification of criminals, missing persons, and the unknown deceased can not be disputed.

    http://www.galton.org
    Although Galton was not the first to propose the use of fingerprints for identification (Sir William Herschel had used them in India for this purpose) he was the first to place their study on a scientific basis and so lay the groundwork for their use in criminal cases. He was able to collect a large sample of prints through his Anthropological laboratories, eventually amassing over 8,000 sets. His study of minutiae in prints provided the foundation for meaningful comparison of different prints, and he was able to construct a statistical proof of the uniqueness, by minutiae, of individual prints.
    Galton also provided the first workable fingerprint classification system, which was later adapted by E. R. Henry for practical use in police forces and other bureaucratic settings. Most of all, Galton’s extensive popular advocacy of the use of prints helped to convince a skeptical public that they could be used reliably for identification.

    1. @ KHL

      පටිච්ච සපුප්පාදය පිළිබඳව ඇති පහත සඳහන් කරුණු දෙසද ඔබතුමාගේ අවධානය යොමුකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. තමාව ඉරිදා වී නොමැති නිසා ඔබතුමාට කරුණු දැක්වීමට තවම කාලය ඉතිරිවී ඇත.

      ‘පටිච්ච සමුප්පාද ධර්මය’
      (බෞද්ධ හේතු ඵල වාදය)

      හේතුඵල වාදය එක්තරා අයුරකින් විද්‍යාත්මක සංකල්පයක් ලෙස දැක්විය හැක. ඒ නිසා බුදු දහමේ විස්තරවන පටිච්ච සමුප්පාද ධර්මය විද්‍යාත්මක හේතුඵල වාදයක් ලෙස දක්වන්නට නූතන බෞද්ධයන් දැවැන්ත ප්‍රයත්නයක යෙදී සිටිත්. සත්‍යය සොයන්නන් ලෙසින් මේ පිළිබඳව සවිස්තරාත්මකව කරුණු විමසා බැලීම අපගේ වගකීම වන්නේය.

      මහා වග්ගපාලියේ (1:84) අස්සජී තෙරණුවෝ උපතිස්ස පිරිවැජියාට පහත සඳහන් අයුරින්
      සඳහන් කල බව දැක්වේ.

      යෙ ධම්මා හේතුප්පභවා
      තෙසං හෙතුං කථා ගරතා ආහ
      තෙසං ච යො නිරොධො
      එවං වාදි මහා සමණො

      අර්ථය: හේතුවෙන් හටගත් යම් දහමක් වේද ඒවායේ හේතු ද ඒවායේ නැතිවීම ද තථාගතයන් වහන්සේ දේශනා කළහ. මහා ශ්‍රමනයන් වහන්සේගේ දෙසුම එබඳුය.
      පහත සඳහන් කොටස බුදු දහමේ මූලික ඉගැන්වීම් (ISBN 9558625 – 11 – 6) යන ග්‍රන්ථයෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමු.

      “බුදු දහමෙහි හරය හේතුඵල වාදයයි. තමන් වහන්සේ කෙලෙසුන් නසා බුද්ධත්වයට පත්වූයේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීමෙන් බව බුදු හාමුදුරුවෝ අරියපරියෙසන සුත්‍රයෙහි දී දේශනා කළහ. (මජ්ජිම නිකාය – 1 – 408 – අරිය පරියෙසන සුත්තය.)

      සත්වයා සසර සැරි සරන්නේ මේ දහම අවබෝධ කර ගැනීමට නුපුළුවන් වීම නිසා බව වරක් ආනන් ද හිමියන් අමතා වදාළහ. (දීඝ නිකාය 1 – 80 – මහා නිදාන සුත්‍රය) පටිච්ච සමුප්පදාය දකින්නා ධර්මය දකින බවත් ධර්මය දකින්නා පටිච්ච සමුප්පදාය දකින බවත් මහා හක්ථිපදෝපම සුත්‍රයෙහි දී දේශනා කරන ලද්දේය. මේ අනුව සිතන විට බුද්ධ ධර්මයෙහි විශේෂ වූ ඉගැන්වීම පටිච්ච සමුප්පාද යයි. එය ත්‍රි ලක්ෂාණය, චතුරාර්ය සත්‍ය මෙන් මූලික ඉගැන්වීමක් පමණක් ද නොවෙයි. සියලූම බෞද්ධ ඉගැන්වීම් එම න්‍යාය ධර්මයට අනුකූලව විස්තර කොට තිබේ. ආගම් අතරින් බුදු සමයට විශේෂ වූ තැනක් ලැබීමට පටිච්ච සමුප්පාද ධර්මය හේතු වෙයි.

      එසේ වන්නේ කරුණු දෙකක් නිසාය. එනම්:-

      1. ඒ මගින් දේව නිර්මාණය ප්‍රතික්ෂේප වීම හා
      2. ආත්ම සංකල්පය බැහැර වීමය.

      බ්‍රාහ්මණ (හින්දු) යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගම් දේව නිර්මාණවාද අගම්ය. එනම් ඊශ්වරයෙකු (දෙවියෙකු) විසින් ලෝකය මවන ලද බව පිළිගන්නා අගම්ය. මැවුම්කරු දෙවියෙකුගෙන් තොරව ලෝකය පවතින ආකාරය පටිච්ච සමුප්පාද ධර්මයෙන් හෙළි කෙරෙයි. මිනිසා තුළ ආත්මයක් ඇතැයි ද මේ ආගම් සියල්ලම පිළිගනියි. බුදු සමය ආත්මයක් නැතැයි කියයි. දෙවියන් වහන්සේ ද ආත්මය ද ප්‍රතික්ෂේප කරන ඇතැම් ආගමක් ලෝකය ද, මිනිසා ද හේතුවක් ප්‍රත්‍යයක් නැතිව ඉබේ පවතින බව ප්‍රකාශ කරයි. දෙවියන් වහන්සේ ද ආත්මය ද ප්‍රතික්ෂේප කරන බුදු දහම මිනිස් ක්‍රියාවලට හේතුවක් ප්‍රත්‍යයක් නැතැයි යන්න ද බැහැර කරයි. ලෝකයේ පැවැත්ම ද ජීවිතයේ ක්‍රියාකාරිත්වය ද සිදුවන නීතිය පටිච්ච සමුප්පාද ධර්මය බව බුදු දහම පෙන්වා දෙයි.” (බුදු දහමේ මූලික ඉගැන්වීම් – පිටු 61-62)

      සංයුක්ත නිකායේ අචේල කස්සප සුත්‍රයේ සඳහන් කරුණු පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.

      “ක්‍රියාව කරන්නාම ප්‍රතිඵල බුක්ති විඳියි යනුවෙන් කීම ශාස්වන දෘෂ්ටියයි. (එනම් පුද්ගලයා තුළ දිගින් දිගටම අඛණ්ඩව පවතින ආත්මයක් ඇත යන පිළිගැනීමයි.) එය එක අන්තගාමි බවකි. අනෙකෙක් ක්‍රියාව කරයි. අනෙකෙක් ප්‍රතිඵල බුක්ති විඳියි යැයි කීම උච්ඡේද දෘෂ්ටියයි. එය අනෙක් අන්තයයි. මේ අන්ත දෙක බැහැර කොට තථාගතයන් වහන්සේ මධ්‍යවූ මාර්ගයකින් දහම් දෙසති. ඒ මෙසේය:

      අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර හටගනියි.
      සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය හටගනියි.
      විඤ්ඤාණය හේතු කොට ගෙන නාම රූප හටගනියි.
      නාමරූප හේතු කොට ගෙන සළායතන හටගනියි.
      සළායතන හේතු කොට ගෙන ස්පර්ශය හටගනියි.
      ස්පර්ශය හේතු කොට ගෙන වේදනා හටගනියි.
      වේදනා හේතු කොට ගෙන තණ්හාව හටගනියි.
      තණ්හාව හේතු කොට ගෙන උපාදාන හටගනියි.
      උපාදාන හේතු කොට ගෙන භවය හටගනියි.
      භවය හේතු කොට ගෙන ජාතිය හටගනියි.
      ජාතිය හේතු කොට ගෙන ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් හටගනියි.

      ඉහතින් යොදා ඇති පදයන් හි අර්ථය පළමුව පැහැදිලි කර ගනිමු.

      අවිද්‍යාව : නොදැනීමයි. කුමක් නොදැනීම ද? දුක (දුක්ඛ) දුක හටගන්නා හේතුව (සමුදය) දුක නැතිවීම (දුක්ඛ නිරෝධය) දුක නැති කරන මඟ (මග්ග සට්පදා) යන කරුණු නොදැනීමයි. එනම් චතුරාර්ය සත්‍යය නොදැනීමයි.

      සංඛාර : කාය සංඛාර, වාඞී සංඛාර, චිත්ත සංඛාර යන තුන් ආකාරයෙන් දැක්වෙන කුශලා කුශල කර්ම ඵලයයි.

      විඤ්ඤාණය: චක්ඛු (දැකීමේ ඉන්ද්‍රිය) සෝත (ඇසීමේ ඉන්ද්‍රිය) ඝාන (ගඳ සුවඳ දැනීමේ ඉන්ද්‍රිය) ජිව්හා (දිව) කය (ශරීරය) මන (මනස) යන සය ආකාරයෙන් පහළ වන සිත්ය.

      නාමරූප: නාම – වේදනා, සඤ්ඥා, චේතනා, එස්ස, මනසිකාර යන පසයි.

      රූප – පඨවි ආපෝ තේජෝ වායෝ යන මහා භූත රූප සතර හා ඒවා නිසා හට
      ගැනෙන උපාදාන රූප විසි හතරයි.

      සළායතන: චක්ඛු, සෝත, ඝාන, ජිවිහා, කාය, මන යන ආයතන සයයි.

      ඵස්ස : ඉන්ද්‍රිය සහ අදාළ අරමුණු සය ස්පර්ශ වීමයි.

      වේදනා : ඉන්ද්‍රිය හා අරමුණු ස්පර්ශවීමෙන් ඇතිවන වේදනා සයයි.

      තණ්හා: රූපාදි අරමුණු සය කෙරෙහි ඇතිවන තෘෂ්ණාවයි.

      උපාදාන: සිතින් දැඩි සේ අල්ලා ගැනීමයි.

      භව: කාම, රූප, අරූප යන ත්‍රිවිධ භවයයි.

      ජාති: ඒ ඒ සත්ව නිකායෙහි හට ගැනීමයි. පිළිසිඳ ගැනීමයි. ඉපදීමයි. ස්කන්ධ පහළ වීමයි, ආයතන පිහිටීමයි.

      ජරා: දිරා යාමයි. දත් වැටීම, කෙස් පැසීම, ඇඟ රැලි වැටීම, ආයුස පිරිහීම, ඉන්ද්‍රිය මෝරා
      යාම, වයස් ගතවීම යන දුක් රැසයි.

      මරණ: ඒ ඒ සත්ත්වයින් තම තමන් අයත් සත්ත්ව නිකායෙන් වෙන්වීම ඉවත්වීම මිය යාම
      ශරීරය හැර දැමීම.

      සෝක: සිතින් විඳින දුකයි. පරිදේව යනු වැළපීමය. දුක්ඛ යනු කායික දුක්ය. දෝමනස්ස යනු සිතේ ඇතිවන කනස්සලූ ස්වභාවයයි. උපායාස යනු දුක් විඳීම නිසා ඇතිවන දැඩි වෙහෙසයි.

      පටිච්ච සමුප්පදායෙහි යොදා ඇති වචනයන්හි විග්‍රහය උපුටා ගනු ලැබුවේ බුදු දහමේ මූලික ඉගැන්වීම් ග්‍රන්ථයෙනි

      මජ්ජිම නිකායේ – මධුපිණ්ඩික හා මහා හත්ථිපදොපම සුත්රයන්හි ද පටිච්ච සමුප්පදායට අදාළ කරුණු සඳහන් කොට ඇත.

      ඉහත අංග දොළොසකින් සමන්විත ආකාරය හැරුණු විට වෙනත් ක්‍රමවලින් ද පටිච්ච සමුප්පාද ධර්මය විස්තර වෙයි. මජ්ජිම නිකායේ චූල සකුලූදායින් සුත්‍රයේ විස්තර පහතින් දක්වා ඇත්තෙමු.

      අස්මිං සති ඉදං හොති
      ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති.
      අස්මිං අසති ඉදං න හොති
      ඉමස්ස නිරෝධා ඉදං නිරුප්ඣති

      මෙහි තේරුම වන්නේ:-

      මෙය ඇතිවිට මෙය වෙයි.
      මෙහි ඉපදීමෙන් මෙය උපදියි.
      මෙය නැතිවිට මෙය නොවෙයි.
      මෙය නැතිවීමෙන් මෙය නැතිවෙයි යන්නයි.

      මෙය වඩාත් සරලව වල්පොල රාහුල හිමියන් තමන්ගේ WHAT BUDDHA TAUGHT යන ග්‍රන්ථයේ විස්තර කොට ඇත්තේ පහත සඳහන් අයුරිනි.

      A ඇතිවිට B වෙයි.
      A ඉපදීමෙන් B උපදියි.
      A නැතවීට B නොවෙයි.
      A නැතිවීමෙන් B නැතිවෙයි

      ඉහතින් දක්වා ඇත්තේ ඉතා සරල ඉගැන්වීමකි. නමුත් බෞද්ධ ඉගැන්වීම් තුළින් ඉදිරිපත් කරණුයේ සංයුක්ත නිකායේ අචේල කස්සප සුත්‍රයෙන් හා මජ්ජිම නිකායේ මහා තණ්හා සංඛ්‍ය සුත්‍රයෙන් ඉදිරිපත් කරණ අවිද්‍යාවෙන් ආරම්භවී ජරා මරණයෙන් අවසන් වන කරුණු දොළොසකින් යුක්ත වූ ඉගැන්වීමයි.

      මේ පිළිබඳ විමසුමක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.

      1) මෙය අදාළ වන්නේ මිනිසාට පමණයි. මෙය විශ්ව සනාථන දහමක් ලෙස ඉදිරිපත් කළ නොහැක.

      2) මෙය හේතුඵල ධර්මයක් නම් අවිද්‍යාවට හේතුවක් තිබිය යුතුය. ඊට හේතු සොයන මජ්ජිම නිකායේ ටීකාව දක්වන්නේ පෙර ආත්මයේ අවිද්‍යාව මේ ආත්මයේ අවිද්‍යාවට හේතුව බවත් පෙර ආත්මයේ අවිද්‍යාවට හේතුව ඊට පෙර ආත්මයේ අවිද්‍යාව බවත් මෙපරිද්දෙන් සංසාරයේ මුල දක්වා යනතෙක් මේ හේතුව දක්වයි. මෙසේ බලන කල මුල් හේතුව සොයා ගැනීම සඳහා සසර ආරම්භයට යෑමට සිදුවේ. මේ අඩුපාඩුවෙන් මිදීමට දෝ දම්වැලක් වශයෙන් මුලින් ඉගැන්වූ පටිච්ච සමුප්පදාය චක්‍රයක් බවට පත්කරන
      ලදී. එවිට කවය අවිජ්ජාවෙන් ආරම්භ වී මරණින් කෙළවරවේ. මේ චක්‍රය දෙස බලන්නෙකුට පෙනී යන්නේ අවිජ්ජාවට පෙර සඳහන් වන්නේ මරණය බවයි. මේ අනුව අප විසින් පිළිගැනීමට සිදුවන්නේ අවිජ්ජාවට හේතුව මරණය බවය. මෙය කාහට නම් පිළිගත හැකි දෙයක් ද? මුල් හේතුව සම්බන්ධයෙන් ද බුදු දහම තුළ බරපතල ගැටළුවක් ඇත්තේය. මුල් හේතුව නොමැතිව හෝ නොදැනුවත්ව කොහෙත්ම විද්යා නුකූල
      හේතු ඵල වාදයක් ගොඩ නැඟිය නොහැකි බව ඕනෑම අයෙකුට අවබෝධ වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. මේ සම්බන්ධව ආචාර්ය කිරින්දේ ශ්‍රී ධම්මානන් ද මහා නා හිමි රචිත බෞද්ධ විශ්වාස විමර්ශනය ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

      “මුල් හේතුවක් නොමැතිව ලෝකය ඇති වූයේ කෙසේ දැයි තේරුම් ගැනීම අපට ඉතා දුෂ්කරය. ආරම්භයේ දී ඒ පළමු හේතුව කෙසේ ඇති වී දැයි අවබෝධය වඩාත් දුෂ්කර වී ඇත. බුදුරදුන් පවසන පරිදි ජීවිතයේ හෝ කිසියම් දෙයක මුල් හේතුව සොයා ගැනීම සිතීමට පවා උගහට කරුණකි. හේතු විපාක චක්‍රයෙහි පළමු හේතුව සමාවබෝධ නොවන්නකි. ජීවිතයේ මූලාරම්භය පිළිබඳව බුදු රදුන් ප්‍රකාශ කොට ඇත්තේ මෙසේය.
      “ආවර්තන (නැවත නැවත සිදුවන) සැරි සැරීම් ඇති සංසාර ගමනෙහි ජාති ජරා මරණ චක්‍රයේ කෙළවරක් හඳුනා ගැනීමට බැරි තරම්ය. සත්වයා අවිද්‍යාවෙන් අඳුරුව තෘෂ්ණාවෙන් බැඳී ඇත. එම සත්වයන්ගේ පළමු වටහා ගැනීම ප්‍රත්‍යක්ෂ කළ නොහේ.” (අනතමග්ග සුත්‍රය.)
      එමනිසා බුදුරදුන් වදාරා තිබෙන්නේ විශ්වයේ ආරම්භයක් නොමැත්තේය. එය අවබෝධ කළ නොහැක්කේය. යනුවෙනි”. (බෞද්ධ විශ්වාස විමර්ශනය – පිටු 133-134)

      ධම්මානන්ද නාහිමිගේ මතයේ නිවැරදි මුලාශ්‍රය:
      සංයුක්ත නිකාය 1 – අනමතග්ග සංයුක්තය – තීනකට්ඨ වර්ගය, තීනකට්ඨ සුත්‍රය, පඨවි සුත්‍රය, අස්සු සුත්‍රය, මාතුථඤ්ඤ සුත්‍රය. – පිටු 290-292

      මිනිසාගේ ආරම්භය පිලිබඳ බෞද්ධ මතය
      “වාසිට්ඨයෙනි, දිගු කලක් ගෙවීමෙන් කවදා හෝ ලොව නැසෙන කාලයක් වේ. ලොව නැසෙන කල සත්වයෝ බෙහෙවින් ආභස්සර බඹලොව උපදින්නෝ වෙත්. ප්‍රීතිය බුදිති. තමන්ම බැබලෙති. අහසේ යෙත්. සුභාස්තායී ඔවුහු දිගු කලක් වෙසෙත්.
      වාසිට්ඨයෙනි, ඒ කාලයේ අඳුර එකම අඳුරු කඳකි. සඳහිරු නොපෙනේ. නැකත් තරු රෑ නොපෙනේ. රෑ දවල් නොපෙනේ. දින සති මාස නොපෙනේ. සෘතු අවුරුදු නොපෙනේ. ස්ත්‍රී පුරුෂයෝ නොපෙනේ. අනතුරුව වාසිට්ඨයෙනි, දිගු කලකින් පසු කිසියම් දිනෙක ජලයෙහි රස පොළොව හටගත්තේය. යම්සේ උණුකළ කිරි නිවෙන විට මතුයෙහි යොදය හටගනීද එසේ එය පහළ විය. එය පැහැපත් විය.සුවඳවත් විය. රසවත් ය. එය මනාලෙස සැකසු ගිතෙල් යම්සේද මනා ලෙස සැකසු වෙඬරු යම්සේද එබඳුය. පැහැපත්ය. පිළවුන් නැති මීවදයක් මෙන් රසවත් ය.

      ඉක්බිති එක් කෑදර සතෙක් ‘පින්වතුනි, මේ කුමක් දැයි කියා රස පොළොව ඇඟිල්ලෙන් රස බලන ඔහුට ආස්වාදයක් විය. ඔහුටද තෘෂ්ණාව ඇතිවිය.

      සඳහිරු ආදිය පහළවීම
      වාසිට්ඨයෙනි, ඉක්බිති ඒ සත්තු රස පොළොව ගුලිකොට කන්ට පටන් ගත්හ. එවිට ඒ සතුන්ගේ ශරීර ආලෝකය අතුරුදහන් විය. ශරීරාලෝකය අතුරුදහන් වූ විට සඳහිරු පහළ විය. සඳහිරු පහළ වූ විට නැකත් තරු පහළ විය. රෑ දහවල් ඇති විය. සති, මාස ඇතිවිය. සති, මාස ඇති වූ විට සෘතු අවුරුදු ඇතිවිය. වාසිට්ඨයෙනි, මෙසේ මේ ලොව නැවත පහළ වුයේය.
      වාසිට්ඨයෙනි, අතිමානය හේතුවෙන් රස පොළොව අතුරුදහන් විය. රසපොලොව අතුරුදහන් වූ විට ඒ සතුන්ට බිම්හතු පහළ විය. අතිමානය ස්වභාව කොට ඇති සතුන්ගේ පැහැපත් බව පිලිබඳ අතිමානයෙන් බිම්හතු අතුරුදහන් විය. බිම්හතු අතුරුදහන්වූ විට ඒ සතුන්ට බදාලතා නම් වැල්වර්ගයක් පහළ විය. අතිමානය ස්වභාව කොට ඇති සතුන්ගේ පැහැපත් බව පිලිබඳ අතිමානයෙන් බදාලතා අතුරුදහන් විය. වාසිට්ඨයෙනි, බදාලතා අතුරුදන් වූ විට ඒ සතුන්ට ඉබේ වැවෙන කුඩු නැති, දහයියා නැති, සුදු සුවඳවත් සහල් ඇටම ඵලදරණ හැල්වී පහළ විය. සවස අහරට යම් තරමක් ගණී ද පසුදා උදය වන විට එය ඒ ප්‍රමාණයට නැවත වැඩී පැසෙයි. උදේ ආහාරයට යම් තරමක් ගනීද සවස එය වැඩී පැසෙයි. අඩුවීමක් නොපෙනෙයි. මෙසේ ඒ සත්තු ඉබේ වැවෙන හැල් අනුභව කරමින්, එය කමින්, එය අහරට ගණිමින් දිගු කලක් සිටියහ. යම්තාක් වාසිට්ඨයෙනි, ඒ සත්තු ඉබේ වැවෙන හැල් අනුභව කරමින්, කමින් අහරට ගණිමින් දිගුකලක් විසුවාහුද එතෙක් ඒ සතුන්ගේ සිරුර බෙහෙවින් රළු විය. පැහැය විවරණ වීම ද විය. ගැහැණුන්ට ස්ත්‍රී ලිංග ද පිරිමින්ට පුරුෂ ලිංග ද පහළ විය.

      මහාසම්මත රජ
      වාසිට්ඨයෙනි, ඉක්බිති ඒ සත්වයෝ රැස්ව මෙසේ කථිකා කළහ. ‘පින්වතුනි, සත්වයන් වෙත පහත් ගති පහළ විය. නුදුන් දේ ගැනීම ඇතිවිය. ගැරහුම ඇතිවිය. දඬුවම ඇතිවිය. අපි ගැරහිය යුත්තාට සුදුසේ ගරහන නින්දා කළ යුත්තාට සුදුසේ නින්දා කරණ නෙරපිය යුත්තා සුදුසේ නෙරපන එක් තැනැත්තෙකු සම්මත කරගනිමු. අපි ඔහුට හැල් කොටසක් දෙමු’යි කථිකා කළහ. වාසිට්ඨයෙනි, ඉක්බිති ඒ සත්තු තමන් අතුරෙහි රූමත්, දැකුම් කලු, ප්‍රසන්න, තෙදවත් සත්වයෙකු වෙත ගොස් මෙසේ කීහ. ‘පින්වත එන්න, නින්දා කලයුත්තාට සුදුසුසේ නින්දා කරන්න. ගැරහිය යුත්තාට සුදුසුසේ ගරහන්න. නෙරපිය යුත්තා සුදුසුසේ නෙරපන්න. අපි ඔබට හැල් කොටසක් දෙමු’යි කීහ. ‘හොඳයි, යහළුවෙනි’යි, ඒ සත්වයා ඔවුන්ට පිළිතුරු දී නින්දා කළ යුත්තාට සුදුසු ලෙස නින්දා කළේය. ගැරහිය යුත්තාට සුදුසුසේ ගැරහීය. නෙරපිය යුත්තා සුදුසු ලෙස නෙරපීය. ඔවුහු හැල් කොටසක් ඔහුට දුන්හ. වාසිට්ඨයෙනි, මෙසේ මහාජන සම්මතය ඇතිවුයෙන් ‘මහාසම්මතෝ මහාසම්මතෝ’ යන පළමු වචනය පහළ විය. කෙත් වලට අධිපතියා යන තේරුම යටතේ ‘ක්ෂත්‍රිය, ක්ෂත්‍රිය’ යන දෙවැනි වචනය පහළ විය. ධර්මයෙන් අනුන් පැහැපත් කරත්නු යි ‘රජ රජ’ යන තෙවැනි වචනය පහළ විය”
      (දීඝ නිකාය – අග්ගඤ්ඤ සුත්ර ය – 27)

      අග්ගඤ්ඤ සුත්රය පිළිබඳව බෞද්ධ විද්වතෙකුගේ අදහස් උපුටා දක්වන්නට කැමැත්තෙමු.

      ‘ලෝක විෂය අචින්ත යැයි වදාළ බුදුන් වහන්සේ අග්ගඤ්ඤ සුත්රයේ දැක්වෙන පරිදි ලොව, මිනිසුන්, සත්වයින්, සහ ගහකොළ ආදිය මුලින් ඇතිවූ සැටි විස්තර කරමින් ආබස්සර බඹලොවින් පැමිනි බඹුන් මුල් මිනිසුන් වූ බව පවසති. ඊට පසු ඉර හඳ ඇතිවී ගස්වැල් සහ සත්වයින් ඇති වූ බව ද පවසති. මෙය වර්තමාන විද්යාත්මක සොයා ගැනීම්වලට පටහැනිය. ලෝකයේ අගමුල දේශනා කිරීමට බුදුන් වහන්සේ අකමැති වූ බව ‘පොට්ඨපාද’ සහ ‘මහාමාලුංක්ය’ සුත්ර ආදියෙන් පිළිගැනීමට සිදුවන අතර ‘අග්ගඤ්ඤ සුත්රය’ වැනි විද්යානුකුල නොවන දේශනයක් කළා යැයි පිළිගත නොහැකිය. එහි දැක්වෙන සමාජ අසාධාරනකම් වලට මුල පෙන්වීම බුද්ධ ඥානයක් අවශ්ය වන්නේ නැත. එවැනි දේ මේ සුත්රයේ සඳහන් වූ පමණින් ‘අග්ගඤ්ඤ සුත්රය’ බුදුන් දේශනා කළා යැයි පිළිගත නොහැකිය.’ (12 පිටුව)
      ‘අග්ගඤ්ඤ සුත්රයේ දැක්වෙන්නේ ඉර හඳ ඇතිවුයේ මුල් මිනිසාගේ සිරුරෙන් නික්මුණු ආලෝකය නැතිවූ විටය. මෙය සනාථ කිරීමට එක් විද්වතෙක් පැවසුයේ එකල මහා දුවිල්ලකින් ඉර හඳ වැසී යන්නට ඇති බවය. එම සුත්රයේ ම දැක්වෙන්නේ එකල පොළොව ජලයෙන් වැසී තිබුණ බවය. එසේ නම් දුවිල්ල ආවේ කෙසේද? විද්යාව අනුවද මෙය පිළිගත හැකිද?’ (15 පිටුව)
      (‘මිත්‍යා ප්‍රාතිහාර්ය නැති බුදු දහම’ – කේ. එස්. පලිහක්කාර – විශ්‍රාමලත් අධ්යාපන අධ්‍යක්ෂක)

      නමුත් නූතන විද්යාත්මක සිද්ධාන්තයන් මෙයට හාත්පසින්ම වෙනස් මතයක් ඉදිරිපත් කරයි. තාපගති විද්යාක සිද්ධාන්ත :Laws of Thermo Dynamics පහතින් දක්වා ඇත්තෙමු.
      1. පළමුවන සිද්ධාන්තය: විශ්වයේ ඇති ස්කන්ධ – ශක්ති ප්‍රමාණය නියතයකි.

      2. දෙවන සිද්ධාන්තය: ප්‍රයෝජනයට ගත හැකි ශක්ති ප්‍රමාණය හීන වෙමින් පවතී. එනම් යාන්ත්‍රික කාර්යයන්ට පරිවර්තනය කර ගැනීමට පද්ධතියෙන් ලබාගත නොහැකි ශක්ති ප්‍රමාණය වැඩිවෙමින් පවතී.

      මේ පිළිබඳව අදහස් දක්වන විද්‍යාඥයින්ගේ මතය වන්නේ විශ්වයේ සම්පූර්ණ ස්කන්ධ – ශක්ති ප්‍රමාණය සීමා සහිත නම් හා ප්‍රයෝජනයට ගත හැකි ශක්ති ප්‍රමාණය හීන වෙමින් පවතින්නේ නම් කොහෙත්ම විශ්වය සදාතනිකව පවතින්නක් විය නොහැකි බවයි. එසේ වූවා නම් දැනටමත් විශ්වයේ ඇති ප්‍රයෝජනයට ගත හැකි ශක්ති ප්‍රමාණය නැති වී ගොස් මුළු විශ්වයම විනාශ වී ගොස් අවසන් විය යුතුය.

      විශ්වයට ආරම්භයක් ඇති නිසා ප්‍රයෝජනයට ගත හැකි ශක්ති ප්‍රමාණය උපයෝගි කර ගනිමින් එක්තරා ආකාරයක විනාශයක් කරා එය ගමන් කරමින් පවතින බව නූතන විද්‍යාත්මක සොයා ගැනීමයි.
      විශ්වයට ආරම්භයක් නැතැයි පවසන බුදුන් වහන්සේගේ යැයි සඳහන් ප්‍රකාශණය සෘජුවම නූතන විද්යාත්මක සිද්ධාන්තයක් සමග ගැටෙන්නකි.

      එලෙසම විශ්වයට ස්වයං නිර්මාණයක යෙදිය නොහැක. විශ්වයට පමණක් නොව කිසිම දෙයකට ස්වයං නිර්මාණයක නිරත විය නෙහැක. එනිසා අපට පහත දැක්වෙන තර්කානු කූල නිගමනයන්ට එළඹෙන්නට සිදුවෙනවා.

      1. විශ්වයට (කාලයක් ඇතුළුව) නිශ්චිත ආරම්භයක් ඇති බව විද්‍යානුකූලව පිළිගන්නට සිදුවේ.

      2. ආරම්භයක් ඇති සියල්ලට හේතුවක් තිබිය යුතුය.

      එහෙයින් විශ්වයේ ආරම්භයට හේතුවක් තිබිය යුතුය. විශ්වයට ආරම්භයක් හා හේතුවක් නොමැති බව උගන්වන බුදු දහම අවිද්යාත්මක මෙන්ම යථාර්තයට ද සම්පූර්ණයෙන්ම පටහැනිය.

      මුල් හේතුව පිළිබඳ ගැටළුව විසඳන්නට උත්සාහ දරණ නූතන බෞද්ධ විද්වතුන්ගේ මතද ඔබගේ අවධානය සඳහා ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. පහතින් දක්වා ඇති කරුණු මෙම ප්‍රශ්ණය විසඳන්නට දැරූ ප්‍රයත්නයක් වූවත් සැබැවින්ම සිදු වී ඇත්තේ ප්‍රශ්ණය වඩාත් බුදු දහමේ කෝණයෙන් අසීරු තත්ත්වයකට පත් කිරීම පමණක් බව ඔබට වැටහෙනු ඇත.

      “මේ විස්තරය අනුව දුක හටගැනීමේ එකම හේතුව අවිද්යාව යයි කෙනෙකුට සිතෙනු ඇත. එසේම අවිද්යා ව පළමු හේතුව බවද සිතෙනු ඇත. එහෙත් එය එසේ නොවෙයි. භවයෙහි ගමන් කරන පුද්ගලයාගේ දුකට එකම හේතුව හෝ පළමු හේතුව හෝ අවිද්යාව නොවෙයි. පටිච්ච සමුප්පාද ධර්මය ලෝකයේ හා සත්වයාගේ පැවැත්මට එකම හේතුවක් හෝ පළමු හේතුවක් නොදක්වයි. මැවුම්කරුවෙකු පිළිගන්නා ආගම්වල නම් පළමු හේතුවක් හා එකම හේතුවක් පෙන්වා දෙයි. ඒ දෙවියන් වහන්සේය. දේව නිර්මාණය ප්‍රතික්ෂේප කරන බුදු දහම එකම හේතුවක් සෙවීම හෝ පළමු හේතුවක් සෙවීම නිරර්ථක ව්‍යායාමයක් බව ප්‍රකාශ කරයි.
      දුකට හේතුව සහ දුක නැති කිරීම මේ අංග දොළසින් අවිද්යාවෙන් පටන්ගෙන ඉදිරියට විස්තර කර ඇතත් එය මේ අංග දොළස අතරින් ඕනෑම තැනකින් පටන් ගෙන ඉදිරියට විස්තර කළ හැකි වෙයි. මෙය අවිද්යාවෙන් පටන් ගන්නා සරල රේඛාවක් නොවෙයි. ඕනෑම තැනකින් ඇරඹිය හැකි චක්‍රාකාර වූවකි. භව චක්‍රයය යනුවෙන් ව්‍යවහාර කෙරෙන්නේ ඒ නිසාය. ධර්ම චක්‍රය යනුවෙන් හැඳින්වෙන්නේ ද එහෙයිනි.”
      (බුදු දහමේ මූලික ඉගැන්වීම් – පිටු 68-69)

      ඉහත විස්තරය අනුව කරුණු දොළොස චක්‍රාකාරයෙන් ගත යුතු අතර එය ඕනෑම තැනකින් ආරම්භ කල හැකි ද වන්නේය. නැවත වරක් මතක් කර දිය යුත්තේ එසේ ගත් කල අවිද්යාවට පෙර ඇත්තේ ජරා මරණයයි. “ජරා මරණය” අවිද්යා වට හේතුව ලෙස ගැනීම තරම් අවිද්යාත්මක තත්ත්වයක් තවත් ඇති දැයි අසන්නට කැමැත්තෙමු. තවත් එවැනිම අදහසක් පහතින් ඉදිරිපත් කරන්නෙමු.

      “මේ පටිචිච සමුප්පදාය අවිද්යාව මුල් කොට දේශනා කර තිබෙනුයේ ප්‍රකෘතිවාදීන් කියන ප්‍රකෘතිය මෙන් ද දේවවාදීන් කියන මැවුම්කාර දෙවියා මෙන් ද අවිද්යාව යම්කිසි හේතුවක් නැතිව ඉබේම හටගත් ධර්මයක් නිසා නොවේ. චක්‍රයක්සේ සෑදී තිබෙන ධර්ම සමූහයක් ගැන කියන කල්හි කොතැනකින් වුවද පටන් ගෙන කිය හැකිය. පටිච්ච සමුප්පදාය ද චක්‍රයක් වී තිබෙන ධර්ම පරම්පරායකි. එබැවින් එය කොතැනකින් වුවද පටන් ගෙන නොකිය හැකි නොවේ.” (පටිච්ච සමුප්පාද විවරණය – මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි – පිටු 32)

      3. පටිච්ච සමුප්පාද දම්වැල හෝ චක්‍රයය සම්පූර්ණ වන්නේ භව තුනකදීය. 1 සහ 2 පුරුක් පෙර භාවයේ දීද 3-9 දක්වා වූ පුරුක් මෙම භවයේදී ද 10-11 ලබන භවයේ දී ද සම්පූර්ණ වේ. මෙම සටහන පටිච්ච සමුප්පාද විවරණය යන ග්‍රන්ථයේ 96 වැනි පිටුවේ මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ඉදිරිපත් කරන්නේ පහත සඳහන් අයුරිනි.

      අතීත භවය: අවජ්ජා පච්චයා – සංඛාරා – සංඛාර පච්චයා

      වර්තමාන භවය: – විඤ්ඤාණං – විඤ්ඤාණ පච්චයා – නාමරූප
      නාමරූප පච්චයා – සලායතනං
      සලායතනං පච්චයා – එස්සෝ
      එස්ස පච්චයා – වේදනා
      වේදනා පච්චයා – තණ්හා
      තණ්හා පච්චයා – උපාදානං
      උපාදාන පච්චයා – භවො
      භව පච්චයා

      අනාගත භවය: – ජාති
      ජාති පච්චයා – ජරා මරණං සෝක
      පරිදේව දුක්ඛ දොම්නස්සු
      පායාසා සම්භවත්ති.

      උත්පත්ති තුනක දී සිදුවන මෙම ක්‍රියාදාමය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරණය වන්නේ කෙසේ ද? යන්න පරම හේලිකාවකි. තවත් මතයක් නම් ත්‍රි පිටකය තුළ පෙර හා මතු භවයන් ගැන සඳහන් වුවද බුද්ධ භාෂිත දේශණයේ එවැන්නක් නොමැති බවයි බෞද්ධ උගතුන් බහුතරයකගේ මතය වන්නේ. සංයුක්ත නිකායේ ඇති අනුරාධ සුත්‍රයෙන් බුදුන් වහන්සේගේ දේශනාවේ හරය බුදු දහමේ මූලික ඉගැන්වීම් යන ග්‍රන්ථයේ දෙවන පිටුවේ විග්‍රහ කොට ඇත්තේ පහත සඳහන් අයුරිනි.

      “තමන් වහන්සේ දේශනා කර ඇත්තේ දුක ද දුක නැති කිරීමද ගැන පමණක් බව බුදු හාමුදුරුවෝ වදාළහ.”

      4. මිනිසෙකු නොමැතිව අවිද්යා ව හටගන්නේ කෙසේ ද? කොතැන ද? යන ප්‍රශ්ණයන්ට මෙහි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කොට නොමැත. ලොව ඇතිවූ දා සිට අවිද්යාව එහි පැවතුණ බව පවසමින් ඉන්ගැලවීමට උත්සාහ ගන්නෝ සිටිති. එහෙත් කවදා අවිද්යාව ඇතිවුණ ද එය ඇතිවූයේ මිනිස් සිතක මිස වෙන තැනක විය නොහැකිය. තවද පටිච්ච සමුප්පදායේ තුන්වන පුරුක වන විඤ්ඤාණය ද මිනිසෙකු නැතිව ඇති විය නොහැකි බව පැහැදිලිය.

      5. ව්ඤ්ඤාණ පච්චයා නාමරූප යන්න එවිට 5 වන වරද වේ. නාමරූප නිසා විඤ්ඤාණය හටගන්නා බව බුදුන් වහන්සේ පැහැදිලිව පෙන්වා දී තිබේ. විද්යාවට ද එය පිලිගැනීමට අපහසුතාවයක් නොමැත. සාමාන්ය බුද්ධියට ද එය වැටහේ. සිතක් ඇතිවන්නේ කයක් මතය. මෙය නාම රූප නිසා විඥාණය හට ගනී යනුවෙන් නිවැරදි විය යුතුය. නමුත් මෙහි දක්වා ඇත්තේ විඥාණය නිසා නාමරූප හටගන්නා බවයි.

      දීඝ නිකායේ මහා නිදාන සුත්‍රයේ දැක්වෙන්නේ මෙසේය.

      ආනන්ද ඔබගෙන් යමෙකු විඥාණයට හේතු වන්නේ කුමක් දැයි විමසුවහොත් ඔබ පිළිතුරු දිය යුත්තේ ඊට හේතු වන්නේ ද මුල් වන්නේ ද උපත වශයෙන් සැලකෙන්නේ ද නාමරූප බවයි. මහා සුදස්සන හා මහ ප්‍රන්නව සුත්‍රයෙහි ද මෙසේම පැවසේ. මේ සම්බන්ධව තවත් බෞද්ධ විශාරදයෙකු වූ අභිධර්ම විශාරද” පණ්ඩිත” ත්‍රිපිටකාචාර්ය ලසන්ත රත්නාගොඩ මහතා රචිත සියල සංස්කාර ධර්ම නැසෙන සුළුය යන ග්‍රන්ථයේ 78 පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

      “නාමරූප කරණ කොට ගෙන විඤ්ඤාණය හට ගැනෙන බව බුදු සමයේ සඳහන් වේ.”

      පටිච්ච සමුප්පාදය අනුව කයක් නැතිව සිතට පැවතිය හැකි බව පෙන්වීමට ගත් පියරවක් ලෙස මෙසේ ඉදිරිපත් කර තිබේ යැයි සිතිය හැකිය. එවිට ගන්ධබ්බ මතය සනාථ කිරීමට හැකිවේ. පුනර්භවය ස්ථාවර කිරීමට මෙවැනි තර්ක අවශ්යය. මරණින් පසු විඤ්ඤාණයට චුති සිත වශයෙන් සිරුරක් නැතිව පැවතිය හැකි බව මේ අනුව පිළිගැනීමට සිදුවේ.

      6. ජාති නැතහොත් උපත සිදුවන්නේ අවිජ්ජාව ඇති වී බොහෝ කලකට පසුය. තුන්වන භවයේ දීය. පුරුක් දහයක් ගත වීමෙන් පසුය. මෙය තේරුම් ගැනීමට සාමාන්ය බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට මහත් ප්‍රශ්ණයක් වී තිබේ. එබැවින් දෝ අප දේශකවරුන් පවසන්නේ පටිච්ච සමුප්පාදය ගැඹුරුය තේරුම් ගැනීමට අපහසු බවය. මේ සම්බන්ධව පටිච්ච සමුප්පාද විවරණය ග්‍රන්ථයේ උගත් මහාචාර්ය රේරුකානේ චන්ධවිමල මහනාහිමියන් 113 පිටුවේ දක්වා ඇති අදහස් ගෙනහැර දක්වන්නට කැමැත්තෙමු.

      “මේ පටිච්ච සමුප්පාදය අර්ථ වශයෙන් ද ධර්ම වශයෙන් ද දේශනා වශයෙන් ද ප්‍රතිවේධ වශයෙන් ද ඉතා ගැඹුරුය. පත්ල නො සෙවිය හැකි පමණට ගැඹුරුය.”

      මෙවැනි මත බෞද්ධ විද්වතුන්ගෙන් ඉදිරිපත් වන විට සාමාන්ය ජනයා මෙහි හරය අවබෝධ කර ගන්නට උත්සාහ නොකර අන්ධ විශ්වාසයෙන් යුක්තව මෙහි ඇති සියල්ල සත්ය බව පිළිගන්නට ඉදිරිපත් වීම පුදුමයක් නොවේ.

      7. බුද්ධ ඝෝෂ හිමියන්ගේ විශුද්ධි මාර්ගය ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ ඥාණමෝලි හිමි එම පොතෙහි ප්‍රවේශයෙහි පටිච්ච සමුප්පාදය ගැන මෙසේ ලියයි. “That Paticca Samuppada is not a logical proposition nor a temporal cause and effect chain” (පටිච්ච සමුප්පාදය තර්කානකූල ඉදිරිපත් කිරීමක් හෝ කාලික හේතුඵල දම්වැලක් හෝ නොවේ.)

      බුදු දහමේ පදනම ලෙස සැලකෙන පටිච්ච සමුප්පාදය තර්කානුකූල හෝ කාලික එකක් නොවන බවට උගත් බුද්ධ පුත්‍රයෙක්ම පැවසීමෙන් මතුවන ව්‍යාකූලත්වය හා බුදු දහමේ ඇතිවන ඉරි තැලීම් ගැන අප සිතා බැලිය යුතුව තිබෙනවා. අද අප අතර වසන පටිච්ච සමුප්පාදය ගැන දේශනා කරන සංඝයා වහන්සේ ද මීට වගකිව යුත්තන් යැයි අපි නොසිතන්නෙමු. උන්වහන්සේලා ගතානුගතිකව පරම්පරා ගණනාවක් තුළ ඉගෙන ගත් දෙයයි දේශනා කරන්නේ. ත්‍රිපිටකයේ සඳන් වන සියලූ දේ බුද්ධ භාෂිත දේශන යැයි උන්වහන්සේලා තර්කයෙන් තොරව පිළිගෙන ඇති බැවින් මෙසේ සිදුවන්නට ඇත. සුළු වශයෙන් හෝ ත්‍රිපිටකය දෙස විචාරාත්මකව බලන ගිහි පැවිදි දෙපක්ෂයට අයත් බොහෝ අය සිටිති.

      නමුත් සංඝ මතයට බියෙන් තම අවංක අදහස් ප්‍රකාශ කරන්නට බිය වෙති. ඥාණමෝලි හිමියන් මෙන් නොබියව තම අදහස් පවසන සිංහල භික්ෂූන්ද නැත්තේ නොවේ. මුල් අවධියේ සිට පටිච්ච සමුප්පාදය සුත්‍ර පිටකයට ඇතුළත් කිරීමට හේතූන් කීපයක් තිබුණ බව සැක කළ හැකිය.

      1. පණ්ඩිත හාමුදුරුවරු තමන්ගේ පාණ්ඩිතය පෙන්වීමට සරල දේ ගැඹුරින් පෙන්වීමට පසුබට නොවූ බව අභිධර්ම පිටකයෙන් පෙනේ. පටිසන්ධි සිත් ගැන කරන විග්‍රහය මීට කදිම නිදසුනකි. බුදුන් නොදෙසූ දෙයක් ගැන ඔවුන් ගිය ගැඹුර ඉන් දැක්වේ.

      2. තවත් වැදගත් හේතුවක් වූයේ පුනර්භවය ඔප්පු කිරීමට සැමවිටම මඟක් සෙවු සුත්‍ර පිටක සම්පාදකවරු පටිච්ච සමුප්පාදයෙන් ද අවස්ථාවක් ලබා ගැනීමට පසුබට වී නැත. එහි විඤ්ඤාණ පච්චයා නාමරූප කී විට සිරුරක් නොමැතිව විඤ්ඤාණයට පැවතිය හැකි බව පෙන්වයි. එවිට ගන්ධබ්බ මතය සනාථ වේ. චුති සිතට මවුකුසක් සොයා යෑමට අවකාශ ලැබේ.

      3. නියම තත්ත්වය අනුව නාමරූප පච්චයා විඤ්ඤාණ යයි පැවසුවහොත් තවත් ප්‍රශ්ණයක් මතුවේ. දම්වැල සම්පූර්ණයෙන් වෙනස් කිරීමට සිදුවේ සලායතන ඇතිවන්නේ නාමරූප මතය. ඒ අනුවයි විඤ්ඤාණය ඇතිවන්නේ. චක්ඛු විඤ්ඤාණය සෝත විඤ්ඤාණය ආදි වශයෙන් විඤ්ඤාණය පහල වන්නේ පංචේන්ද්රිය මුල්කරගෙන බව ධර්මය උගන්වයි. මේ අනුව ද දම්වැල වෙනස් කිරීමට සිදුවන්නේය.
      එසේ කිරීමේ දී අවිද්යාවෙන් ආරම්භවීමද ප්‍රශ්ණයක් වනු ඇත. අවිද්යා ව ඇතිවන්නේ මිනිස් සිත්වල බැවින් මුල් ස්ථානයේම මිනිසෙකු සිටීම අවශ්‍යය. මේ පටලැවිල්ල ඇතිවූයේ බුදුන් වහන්සේ විටින් විට පැවසූ අදහස් ත්‍රිපිටක කර්තෘන් විසින් එකට ගෙතීමට ගත් උත්සාහයක් නිසා හා අවිද්යාව සියලූ දේට මුල් බව පිළිගැනීම නිසා බව අපට සිතේ. එහෙත් අවාසනාවට මිනිසෙකු නොමැතිව අවිද්යාව හටගැනීමට හෝ පැවතීමට නොහැකි බව ඔවුන්ගේ ච්න්තනයට ගෝචර නොවූ බව පෙනේ.
      අවිද්යාවට “බුදු දහමේ මූලික ඉගැන්වීම්” ග්‍රන්ථයේ දී ඇති අර්ථය දෙසට නැවත අවධානය යොමු කරමු. මෙහි දක්වා ඇත්තේ අවිද්යාව යනු චතුරාර්ය සත්යය නොදැන සිටීමයි. මිනිසෙකු නොමැතිව චතුරාර්ය සත්ය‍ය අවබෝධ කර නොගැනීමක් ගැන සඳහන් කරන්නේ කුමන පදනමකින් ද යන්න අවබෝධ කර ගැනීමට දුෂ්කර කාර්යයකි. අවිද්යාව නිසා ඇතිවන්නේ සංඛාරය. සංඛාර නැවත වරක් තුන් ආකාරයෙන් ඇතිවිය හැකි බව දක්වා ඇත. එනම් කාය සංඛාරා වාචී සංඛාරා හා චිත්ත සංඛාරා යන තුන් ආකාරයෙන් දැක්වෙන් කුශලා කුශල කර්ම ඵලයයි. මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානාහිමියන්ගේ අදහස් පහතින් දක්වා ඇත්තෙමු.

      “ශරීරය උපකරණයක් කොට ගෙන එහි ආධාරයෙන් කර්මය සිදු කරන කුශලා කුශල චේතනාව කාය සංඛාරා නම් වේ. මලක් පුදන තැනැත්තා එය සිදු කරනුයේ මල අතින් ගෙන පූජාසනයෙහි තැබීමෙනි. අතේ උපකාරය නැතිව මල් පිදීමේ චේතනාවට පමණක් එය කළ නොහැකිය. එබැවින් අතින් ගෙන මල් පුදන්නාවූ කුශල චේතනාව කාය සංඛාරයකි. සතකු මරන තැනැත්තා එය කරනුයේ අතින් හෝ අතින් ගත් ආයුධයකිනි. ශරීරයේ ආධාරය නැතිව චේතනාවටම ප්‍රාණ වධය නොකළ හැකිය. එබැවින් සතෙකු මරණ්නාවූ ප්‍රාණ ඝාත චේතනාව කාය සංඛාරයකි. වචනය උපකරණයක් කොට ගෙන එහි ආධාරයෙන් කාර්ය සිදුකරන චේතනාව වාචී සංඛාර නම් වේ. කථා කිරීමේ මාර්ගයෙන් ක්‍රියා සිද්ධිය කරන චේතනාවෝ වාචී සංඛාරයෝය. කයේ හෝ වචනයේ හෝ උපකාරයක් වුවමනා නැති මෙත් කිරීම් ද්වේෂ කිරීම් ආදි වශයෙන් පවත්නා කුශලා කුශල චේතනාවෝ චිත්ත සංඛාරයෝය. (පටිච්ච සමුප්පාදය විවරණය – පිටු 28)
      උගත් නායක හාමුදුරුවන් වහන්සේ සංඛාර විස්තර කර ඇති ආකාරය ඉතා අපූරු වූවත්
      මිනිසෙකු නොමැතිව කාය වාචී හා මනෝ සංඛාර සිදුවන්නේ කෙසේ ද යන්න පැහැදිලි කරන්නට අපොහොසත්වී ඇත. පටිච්ච සමුප්පාදයේ කරුණු අවිද්යාත්මක මෙන්ම යථාර්තයට ගැලපෙන ආකාරයට සකස් වී නොමැති බව දැක්වීමට මෙය තවත් සාධකයකි. මේ පිළිබඳව තවත් මතයක් විමසා බලමු.

      අභිධර්ම විශාරද පණ්ඩිත ත්‍රිපිඨකාචාර්ය ලසන්ත රත්න ගොඩ මහතා රචිත “සියලූ සංස්කාර ධර්ම නැසෙන සුළුය” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වා ඇත්තෙමු.
      “සංඛාර යනු චේතනාවයි. චෛතිසික සිතිවිලිය කියාද එයට කියනු ලැබේ අපි ඇසින් රූප ද කණින් ශබ්ද ද නාසයෙන් සුවඳ හෝ දුඟඳ ද දිවෙන් රස ද කයින් පහස ද මනසින් හඳුනා ගන්නා අරමුණු ද නිසා චේතනාවන් පහළ වේ. ඇසින් රූපයක් දැකීම නිසා එයට අනුගතව චේතනා පහළ වෙයි. එයට රූප සංචේතනා යැයි කියන ලැබේ. එපරිදිම ශබ්ද සංචේතනා ගන්ධ සංචේතනා රස සංචේතනා පොට්ඨබිබ සංචේතනා ධර්ම සංචේතනා යනුවෙන් සයාකාරය.” (සියලූ සංස්කාර ධර්ම නැසෙන සුළුය පිටු 75)

      පටිච්ච සමුප්පාදයේ කරුණු සහ ඉහත අදහස් සැසඳීමේදී අපට අවබෝධ කර ගැනීමට නොහැකි කරුණු කිහිපයක් මතු වන්නේය. අවිද්යා ව නිසා සංඛාරා ඇති වන්නේ අතීත භවයේදීය. වර්තමාන භවයේ පටිච්ච සමුප්පාද චක්‍රයේ තුන්වන පුරුකවූ සළායතන හය එනම් චක්ඛු සෝත ඝාන ජීව්හා කාය හා මන ආයතන හය මගින් සිදුවන ක්‍රියා අතීත ආත්මයේ සංඛාරා ඇතිවන්නට හේතුවශයෙන් දක්වා තිබීම පටිච්ච සමුප්පාදයේ පදනම් විරහිත භාවය විදහා දක්වන තවත් සාධකයක් ලෙස අපි දකින්නෙමු.

      සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය හට ගනියි යන පටිච්ච සමුප්පාද සංකල්පය ද විමසා බලමු. විඤ්ඥාණය යනු දැනීම හෙවත් සිත බව මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහා නායක හාමුදුරුවන් තමන්ගේ පටිච්ච සමුප්පාද විවරණය (පිටු 34) ගරවන න්ථයෙහි දක්වා ඇත.
      “හුදෙක් කර්ම යයි හඳුන් වන්නේ ද චේතනාවයි. චේතනා හං භික්ඛවේ කම්මං වදාමි යනුවෙන් එය සඳහන් වී ඇත. එහෙයින් කර්ම රැස්වීමට ද චේතනාව උපස්ථම්බයක් වනු ඇත”. සංඛාරා යනු කර්මය බව මෙයට පෙර රේරුකානේ චනදවිමල මහා නායක හාමුදුරුවන් වහන්සේ පැහැදිලි කළ කොටස උපුටා දක්වා ඇත්තෙමු. සංඛාරා හෙවත් කර්මය නිසා විඤ්ඤාණ හෙවත් සිත ඇතිවන්නේ ද නැතිනම් විඤ්ඤාණ හෙවත් සිත මුල්කරගෙන සංඛාරා හෙවත් කර්මය ඇති වන්නේ ද යන්න ඕනෑම අයෙකුට තෝරා බේරා ගත හැකි ගැටළුවකි. විඤ්ඤාණය හේතුකොට ගෙන සංඛාර හෙවත් කර්මය හෙවත් ක්‍රියා ඇතිවන බව පිළිගැනීමට කිසිවෙකුට අපහසුතාවයක් තිබිය නොහැක. නමුත් පටිච්ච සමුප්පාද චක්‍රයේ මෙය දක්වා ඇත්තේ සංඛාරා හෙවත් කර්මය හෙවත් ක්‍රියා නිසා විඤ්ඤාණය හෙවත් සිත ඇතිවන බවය. මෙය ඉතාමත්ම අවිද්යාත්මක කරුනු දැක්වීමකි. තවද විභංග පාළියෙහි චක්ඛු විඤ්ඤාණය සෝත විඤ්ඤාණය ඝාන විඤ්ඤණය ජිව්හා විඤ්ඤාණය කාය විඤ්ඤණය” මනෝ විඤ්ඤාණය යන මේ සය සංස්කාර හේතුවෙන් හටගන්නාවූ විඤ්ඤාණය යයි දක්වා ඇත. සලායතන හටගැනීමකින් තොරව මෙම විඤ්ඤාණය හට ගැනීමට නොහැකි බව ඕනෑම අයෙකුට අවබෝධ කර ගැනීමට දුෂ්කරතාවයක් ඇතැයි නොසිතන්නෙමු.
      නාමරූප හට ගැනීමකින් තොරව විඤ්ඤාණය හට ගැනීමට නොහැකි බව මෙයට ඉහත සාකච්ඡා කළෙමු. මෙම සියලූ කරුණු දෙස බුද්ධිමත්ව හා විචාර චින්තනයෙන් යුක්තව විමසීමක් කිරීමේ දී සැමට පැහැදිලි වන ඉතා වැදගත් සාධකය නම් බුදු දහමේ අත්තිවාරම ලෙස

  32. @ කසුන්

    සමාජයක පවතින පංතිමය, භාෂාමය, වර්ණමය ‘විවිධත්වය’ ඔබද පිලිගනි. එසේ පිලිගත්තායින් පසුව ‘අහවල් කෙනා දුප්පතෙක් වී ඉපදුනේ කෙසේද? අහවල් කෙනා පොහොසතෙක් වී ඉපදුනේ කෙසේදැ‍යි? ඇසීම කිසිසේත්ම බුද්ධිමත් නොවේ. මන්දයත් ඔබගේම පිලිගැනීමට අනුව කවුරුන් හෝ මේ විවිධත්වය තුල උපත ලැබිය යුතුමය. ඔබ විසින් අසන ලද ‘ප්‍රශ්ණය’ට කිසිඳු පදනමක් නැතුවාක් මෙන්ම ඒ ප්‍රශ්ණවලට නිමක්ද නැත. මෙවැනි ප්‍රශ්ණ අපටද අවශ්‍ය නම් ඔබලා වෙත ඉදිරිපත් කල හැක.

    මිත්‍රයා, මෙතන සාකච්චා කරන්නේ මරණින් මතු තත්වය පිලිබඳවයි. මේ කිසිවක් ජීවතුන් අතරේ සිට අත්විඳිය නොහැකි නිසා අපට මේ සම්බන්ධයෙන් විවිධ උපකල්පනයන් ඇති කරගත හැක. මේ උපකල්පනයන් ආගමික විශ්වාසයන් බවට හරවා විශ්වාසද කල හැක. නමුත් සාධාරණ ලෙස පිලිගත හැකි වන්නේ විචාර බුද්ධියට ගැලපෙන මෙන්ම තර්කානුකූල වන අදහස් පමණි. එය මෙහි සහෝ. අබු ෆාතිමා විසින් ඕනවටත් වඩා පැහැදිලි කර දී ඇත.

  33. @අබු ෆාතිමා,

    ඔබතුමා මෙහෙදී අනුගමනය කරන්නේ ප්‍රශ්නවලට ඍජු පිළිතුරක් ලබා නොදී ලිස්සා යාම බව මගේ අදහසයි. කෙසේ වෙතත් ඔබතුමා කෙතරම් නොපිළිගත්තත් ඔබ බුද්ධ දේශනාවේ සරල කරුණු කාරණා නොදැන ගැඹුරු තැන් වලට ගොස් අතරමන් වී අනාගෙන සිටින බව නම් ඉතාමත් පැහැදිලිය.
    පටිච්ච සමුප්පාදය යනු ඉතාමත් ගැඹුරු ධර්මයකි, එය සම්පුර්ණයෙන්ම තේරුම් ගැනීමට ඉතා අපහසු බව බුදුරජාණන් වහන්සේ පවා දේශනා කර ඇත. එය තේරුම් ගැනීම ක්‍රම ක්‍රමයන් සිදු කල යුතු දෙයකි, මුලින් සරල ලෙසින් තේරුම් ගෙන පසුව සෙමින් ගැඹුරු කාරණා වෙත යා යුතුය. තවද ගැඹුරට යාමේදී පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙන් මෙන්ම ප්‍රතිලෝම වශයෙන්ද සලක බැලේ. මා පැවසුවේ සරල ලෙස බැලු විට එයින් පෙන්වන කරුණුය. මා තවම එහි ගැඹුරු කරුණු වෙත ගොස් නැත මන්ද යත් එයට ප්‍රථම තව දැන ගත යුතු බොහෝ කරුණු ඇති බැවිනි. (දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග ලෙස ලංකාවේ ප්‍රචලිත ප්‍රස්ත පිරුලක් ඇති බව ඔබ දන්නේ යයි සිතමි. මට කියන්නට ඇත්තේ ඔබ බුද්ධ ධර්මය තුල මේ යන්නේ නොදැන බවයි. ඉතින් අතරමන් වීම අහන්නත් දෙයක්ද?) මම බෞධයකු උවත් සරල කරුණු තේරුම් නොගෙන එක්වරම ගැඹුරු ධර්ම කරුණු වෙත ගියහොත් මටද වෙන්නේ අනාගෙන අතරමන් වීමටය.

    කාන්තාවකගේ උප්පත්තිය පෙර අකුසල කර්මයක් නිසා සිදු වෙතැයි ඔබ පවසන්නේ ඇයි? මෙය ඇත්තක් නම් සිදුහත් කුමරුන්ට “මහා මායා දේවිය” නම් වූ මවක් සිටියේ ඇයි? සිදුහත් කුමරුන්ට “මහා ප්‍රජාපති ගෝතමිය” නම් වූ සුළු මවක් සිටියේ ඇයි? සිදුහත් කුමරුන්ට “යශෝදරා දේවිය” නම් වූ මහේෂිකාවක් සිටියේ ඇයි? බුද්ධත්වයට පත් වූ පසු මහත් ආනිශංස ඇති ප්‍රථම දානය “සුජාතා සිටු දේවිය” නම් වූ කාන්තාවක් විසින් සිදු කරන ලද්දේ ඇයි? මෙලොව පහලවූ ශ්‍රේෂ්ටතම පින්වත්ම මනුෂ්‍යයා වන බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුල අකුසල කර්මයන් නිසා උපදින්නේ නම් මෙසේ කාන්තාවන් සම්බන්ද වුයේ ඇයි? ඔබ මෙසේ කාන්තාවන් යනු මහා පව්කාරයන් බව බුද්ධ දේශනාවේ සඳහන් වේ යයි කියමින් හැකි තරම් උත්සාහ දරන්නේ කෙසේ හෝ බුද්ධ ධර්මය අපහාසයට හා හෑල්ලුවට ලක් කොට (කොහේ හෝ මුල්ලක් අල්ලා ගෙන) ඔබතුමා අදහන ඉස්ලාම් ධර්මය ශ්‍රේෂ්ට වේ යයි තහවුරු කිරීමට බව ඕනෑම කෙනෙකුට පැහැදිලි වේ යයි සිතමි. ඔබතුමා කරුණාකර මේ ජේදයේ මුලින් සඳහන් වන ප්‍රශ්න 5ට පිළිතුරක් ලබා දෙන්නේ නම් මැනවි.

    ඔබතුමා බුද්ධ දේශනාව සසඳන්නේ නුතන මනෝ විද්‍යාව සමගද? පළමුව කිව යුත්තේ බුද්ධ දේශනාවේ මනෝ විද්‍යාව නුතන මනෝ විද්‍යාවට වඩා බොහෝ ඈතින් ඇති බවයි, සාපේක්ෂව බැලු කල නුතන මනෝ විද්‍යාව ඇත්තේ ඉතා ළදරු මටමකයි. මෙවන් තත්වයක සිටිනා නුතන මනෝ විද්‍යාව හට තෘෂ්ණාව නැති කිරීම කල නොහැකි කාරණාවක් ලෙස පෙනෙන්නට පුළුවන. මෙය අප පිළිගත යුතුද?

    ඔබතුමා මගේ පෙර ප්‍රතිචාරයේ සඳහන් අවසන් ප්‍රශ්න 2 (අවසාන ජේද දෙක) සඳහා මෙසේ පිළිතුරු දී ඇත
    ” යන්න එක්තරා ආකාරයකට බොළඳ බව නොකියාම බැරිය. මිනිස් ජීවිතයේ යතාර්ථයන් කිසිවෙකු නොදන්නා, නිවැරදි අර්ථ දැක්වීමක් නොමැති මිනිස් උපකල්පනයට වර්තමාන බෞද්ධ ඉගැන්වීම් මගින් ඇතුලත් කරන ලද නිවන යන සංකල්පයෙන් තාවාකාලිකව සිත සනසා ගැනීමට හැකියාවක් තිබිය හැක. මෙවන් අදහස් වලින් ව්යාකුලත්වයට පත්ව සත්‍යය හා යථාර්තය ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් වීම ගැන කනගාටු වෙමි.”

    ඔබතුමා ලස්සනට ප්‍රශ්නෙන් ලිස්සා ගොස් නැතිද? ඔබතුමා බුද්ධ දර්ශනය ගැන මෙතෙරම් වෙහෙසෙන විට මෙයට උත්තර නොදෙන්නේ මන්දැයි මට නොතේරේ. නිවන යන සංකල්පය ඔබට ව්‍යකුල ලෙස පෙනීම අහන්නත් දෙයක්ද? (නොදැන ගිහින් අතරමග [අතරමන්] නේ).
    ඉතින් මා ආරාධනා කරන්නේ නිවන යන ව්‍යකුලත්වයට පත් සත්‍ය හා යථාර්තය ප්‍රතික්ෂේප කරන්නා වූ සංකල්පයෙන් පරිබාහිරව ඔබතුමා ඉදිරිපත් කරන ව්‍යකුලත්වයට පත් නොවූ සත්‍ය හා යථාර්තය අඩංගු වූ සංකල්පය කුමක්දැයි යන්න පැහැදිලි කර දී ඉහත අවසාන ප්‍රශ්න 2 පිළිතුරු ලබා දෙන ලෙසය.

  34. @ KHL

    ජෛන දහම අනුව ජීවී – අජීවී සෑම දෙයකටම එනම් ද්‍රව්‍යමය සෑම දෙයකටම ආත්මයක් ඇත. එය අද්‍රව්‍යමය වන අතර ද්‍රව්‍යයෙහි නිෂ්පාදනයක් නොවේ. ආත්මය මානවලින් යුක්ත නිසා ප්‍රසාරණය වීමෙහි හා සංකෝචනය වීමෙහි හැකියාවක් ඇත. මාතෘ ගර්භයෙදී, ආරම්භයේදී ඉතා කුඩා වන එය ශරීරය වැඩෙත්ම එහි විශාලත්වය අනුව වැඩේ. සෑම ජීවිතයක් අවසානයේදී ආත්මය මුල් බීජයෙහි ප්‍රමාණයට වැඩී නැවතත් සංකෝචනය වේ. ඊළඟ උපතේදී එය නැවතත් වර්ධනයවේ.

    බුදු දහම විශ්ව නිර්මාණය ප්‍රතික්ෂේප කරන අතර කර්මය, පුනරුත්පත්තිය ඉගැන්වෙන දහමකි. එහෙත් එය සදාකාලික ආත්මයක පැවැත්ම ද ප්‍රතික්ෂේප කරයි. අනෙක් දර්ශනයන්හි ආත්මයට නැත්නම් වීඥානයට ලැබෙන තැන එහි මනස, මතින්ද්‍රිය යන නම්වලින් හඳුන්වනු ලබන සිතට දෙනු ලැබ ඇත. නිත්‍යය ආත්මයක පැවැත්ම බැහැර කිරීමත් සමග මරණයේදී ඊළඟ ජීවිතය සමග මේ ජීවිතය සම්බන්ධ කරනුයේ කුමකින්ද යන උභතෝකෝටික ප්‍රශ්නයට බුදුන් මුහුණ දුන් බැව් ආනන්ද තෙරුන්ට පවසනු ලැබූ මෙම වචනවලින් පැහැදිලිවේ.
    “ආනන්දයිනි, ආත්මය පවතීදැයි, වච්ඡගොත්ත මගෙන් ප්‍රශ්න කල කල්හි මම ආත්මය පවතී යයි පිළිතුරු දුනිමි නම් එය නිත්‍යය විශ්වාස කරන ශ්‍රමණයන්ගේ බ්‍රාහ්මණ ධර්මය තහවුරු කරනු ඇත. ආත්මය නොපවතී යයි පිළිතුරු දුනිමි නම් එය උච්ඡේදවාදය අදහන ශ්‍රමණයන්ගේ හා බ්‍රාහ්මණයන්ගේ ධර්මය තහවුරු කරනු ඇත”.

    සදාකාලික ආත්මයක පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම නිසා ශරීරයෙහි අභාවයත් සමග මෙම ජීවිතය ඊළඟ ජීවිතයට සම්බන්ධ කරනුයේ කුමකින්ද යන ගැටළුව විසඳීම සඳහා බුදු දහම විසින් චුති චිත්තය හෙවත් භාවාඞ්ග වීඥානය හඳුන්වා දෙනු ලබයි. පැවැත්මෙන් තුරන් වන මෙම වීඥානය අලුත් පැවැත්මකට උත්පත්තිය ලබන විට ‘පටිසන්ධි වීඥානය’ නමින් හැඳින වේ. කෙනෙකුගේ මරණ මොහොතෙහි ඇතිවන අවසාන සිතුවිලි මාත්‍රය ලෙස විග්‍රහ කරනු ලබන චුති චිත්තය ඔහුගේ පෙර ජීවිතයන්හි හා වර්තමාන ජීවිතයෙහි කරනු ලැබූ කර්මයන්ගේ සමස්ත ඵලය බවට පත්කරනු ලැබ ඇත. මෙය සැබවින්ම විශ්මය ජනක මතයක් නොවන්නේද?

    කෙනෙකුගේ මරණ මොහොතෙහි, පටිසන්ධි වීඥානයට අවශ්‍ය භෞතික කාරනා සම්පුර්ණ නොවී නම් ඔහුගේ භාවාඞ්ග වීඥානයට එක්වරම අලුත් සත්ත්වයෙකුගේ පටිසන්ධි වීඥානය බවට පත්වීමට නොහැකි නිසා, ද්‍රව්‍යකට සම්බන්ධ නොවී ගාන්ධර්ව ස්වරුපයෙන් හෙවත් ගන්ධබ්බයෙකු ලෙස පවතින්නේ යයි කියනු ලැබේ. ටිබෙට් මහායාන බුදු දහමේ ‘මනෝකාය’ හෙවත් ‘astral body’ ලෙස හඳුන්වනු ලබන්නේද මීට සමාන තත්ත්වයක් නමුත් මහායානයෙහි එය ද්‍රව්‍යමය තත්වයකින් පවතින්නේ යයි විශ්වාස කෙරේ. බුදු දහම ආත්මය ප්‍රතික්ෂේප කරන මුත් කර්මය-පුනරුත්පත්ති න්‍යාය ගෙතීම සඳහා යලිත් වරක් ආත්මයක පැවැත්ම පිළිගන්නා බවය. එය වීඥාන මාත්‍රයක් ලෙස විග්‍රහ කරනු ලැබුවද අවසාන විග්‍රහයේදී වීඥානය මවේ. මන්ද වීඥානය කිවුවද, වීඥාන මාත්‍රය කිවුවද වීඥානය, වීඥානයම වන නිසාය. ආත්මය, ආත්මයම වන නිසාය.

    ගරු KHL මැතිඳුන්ගේ පහලින් උපුටා දක්වා ඇති මතය නිකම්ම නිකම් එතුමාගේ උපකල්පනයක් විනා බුදු දහමේ කිසිම මුලාශ්‍රයක සඳහන් කරුණක් නොවේ.

    “බුද්ධ ධර්මයේ “ගන්ධබ්බ” මතයක් නැත. එනම් රුපකයක් නොමැතිව ඒ මේ ඇත සැරිසරන සිතක් නොමැත. මොහොනය හීදී සමහර පුද්ගලයන් පවසන්නා වූ දේ වලින් මේ ගන්ධබ්බ මතයක් ඇති වුවා විය හැකිය. මොවුන් පොදුවේ පවසන දේ අනුව, මැරුණු විට ඉහලට ගොස් (අපගේ පහසුවට මෙයට සිත යයි කියමු) තමන්ගේ ශරීරය දෙස මොහොතක් බලා සිටිය බව පවසයි, පසුව වෙනත් ස්ථානයකට පාවී යන බවත් කියයි. මෙලෙස සමහර අවස්ථා වලදී තමන් සිටි නිවසට, නිතර ආ ගිය ස්ථානවලට, ආගමික ස්ථානවලට ගිය යයි පවසයි. ඔවුන්ගේ න්‍යාතීන්, හඬා වැලපෙන දුවා දරුවන් දැක දුකක් වේදනාවක් ඇති වූ බවත් පවසයි. සමහර අවස්ථාවලදී ටික කාලයක්ද තවත් සමහර අවස්ථා වලදී දිගු කාලයක්ද මෙලෙස සැරිසැරූ බව පවසයි. මෙහෙදී මේ “සිත” තමන් ගේ ශරීරය දෙස බලා සිටි බව පවසයි. යමක් පෙනීමට නම් දෘෂ්ටියක්, පෙනීම ලබා දෙන අවයවයක් අවශ්‍ය වේ. මේ සිතට “ඇසකට” සමාන යමක් පවතී. මේ සිතට දැනීම් ඇති වේ. මේ සිත ඒ මේ ඇත සරි සරයි. එනම් මේ සිතට යම් කිසි හෝ ශරීරයක් තිබිය යුතුය. එනම් පන්චස්කන්දයක් තිබිය යුතුය. (රූප, වේදනා, සන්යා, සංස්කාර, විනයාන) මෙයින් ගම්‍ය වන්නේ යමෙකු මැරුණු විටම එක පන්චස්කන්දයක් අතහැර තවත් පන්චස්කන්දයක් ලබා ඇති බව නොවේද? මේ නිසා ශරීරයකින් තොරව රස්තියාදු ගහන සිතක් නැත්නම් ගන්ධබ්බ (බොහෝ දෙනා සඳහන් කරන ආකාරයට) අවස්ථාවක් කිසිවිටකත් ඇති නොවේ. මෙහි කොතැනකවත් පටිච්ච සමුප්පාදයට එකඟ නොවන කරුණු නොමැත.”

    මෙය මා විසින් ආචාර්ය කිරින්දේ ධම්මානන්ද – (සිංගප්පුරුවේ හා මැලේසියාවේ හිටපු සංඝ නායක) නාහිමිපාණන් විසින් රචිත ‘බෞද්ධ විශ්වාස විමර්ශනය’ නම් ග්‍රන්ථයෙන් පහතින් උපුටා දැක්වූ කොටසින් ගැලවෙන්නට ඉදිරිපත් කල පදනම් විරහිත මතයක් පමණි.

    “පුනර්භවය පිලිබඳ තේරුම් ගැනීමට අපහසු තවත් කරුණක් නම් පුනර්භවය සිදුවීම එක්වරම සිදු වන්නක්ද? නැද්ද? යන්නයි. බෞද්ධ ආචාර්යවරයන් අතර පවා මත භේදයට ලක්වී ඇති කරුණකි මෙය. අභිධර්මයේ සඳහන් වන්නේ ප්‍රතිසන්ධිය සත්වයෙකුගේ මරණය සිදුවීමත් සමගම අතර මැදි තත්වයක් නොමැතිව සිදුවන්නක් බවයි.” (119 වැනි පිටුව)

    බුදු දහම අනුව ජීවියාගේ මරණ මොහොතෙහි සිරුරින් වෙන්වූ වීඥාන මාත්‍රය ඉහත ජීවිතයෙහි සිට, අලුත් ජීවිතය අරඹන යුක්තානුව නිපදවන ගර්භාෂය තුලට ඇතුල් වෙයි.

    “ආනන්දයිනි, මාතෘ ගර්භවයට වීඥානය ඇතුළු නොවී නම් ගර්භය තුල නාම රුප හට ගනීද?” “නැත ස්වාමීනී”

    KHL මහතා පවසන්නේ චුති සිත නාමරූප සමග සැරිසරන බවයි. මෙවන් කිසිම මුලාශ්‍රයක පදනමකින් තොර කරුණු ඉදිරිපත් කර සැවොම නොමග යැවීම සදාචාර ශීලී නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

    බුදුන් වහන්සේ විසින් ආනන්ද තෙරුන්ගෙන් අසනු ලැබූ ප්‍රශ්නයට ලැබුණු පිළිතුරෙන් පැහැදිලි වන්නේ පිය පක්ෂයෙන් ලැබෙන ශුක්‍රානුව මව් පක්ෂයේ ඩිම්බය සමග සංසේචනය වීමෙන් සෑදෙන ද්‍රව්‍යමය යුක්තානුව සෑදීමට ප්‍රථම අද්‍රව්‍යමය වීඥානය ගර්භාෂය තුලට ඇතුළු විය යුතු බවය.

    “තවද ආනන්දයිනි, මාතෘ ගර්භය තුලට ඇතුළු වූ වීඥානය පසුව ඉන් පිටවී නම් නාම රුප මෙලොව උත්පත්ති ලබයි ද?” “නැත ස්වාමීනී”.

    බුදුන් විසින් ආනන්ද තෙරනුවන්ගෙන් අසනු ලැබූ ඉහත සඳහන් දෙවැනි ප්‍රශ්නයෙන් හා ඊට ලැබුණු පිළිතුරෙන් අපට පැහැදිලිවන්නේ පටිසන්ධි වීඥානයට ගර්භාෂයට ඇතුළුවීමට පමණක් නොව ආපසු ඉන් පිටව යෑමට ද හැකියාව තිබෙන බවය. පටිසන්ධි වීඥානය රැගෙන එන නැත්නම් එහි අන්තර්ගත වන කර්මඵල අනුව කළලයක් නිර්මාණය කිරීමට එම ගර්භාෂය සුදුසු නොවන්නේ නම් එය ඉන් පිටව යන බවය.

    “ආනන්දයිනි, තමාට ගැන්මට සුදුසු වූ නාම රුප වීඥානයට නොලැබී නම් පිලිවෙලින් උත්පත්ති ජරා මරණ දුක් ඇතිවීම සිදුවෙයිද?” “නැත ස්වාමීනි, එසේ සිදු නොවනු ඇත.” (මහාපදාන සුත්‍රය – සංයුක්ත නිකාය).

    කර්මය අහෝසිවන්නේ නිවන පසක් කර ගැන්මෙන් යයි බුදු දහමෙහි ඉගැන්වෙන නිසා ඒවායෙහි සමස්ත ඵලය බවට පත්කරනු ලැබ ඇති පටිසන්ධි වීඥානය ද ජීවිතයෙන් ජීවිතයට සම්බන්ධ කරන පුරුක වශයෙන් ඉතිරිව තිබී නිවන් දැක්මත් සමග අහෝසි වේ.

    විද්‍යාව අනුව කළලයක් සෑදීම සඳහා ශුක්‍රානුව හා ඩිම්භයක් සංසේචනය වේ යුක්තානුව සෑදීමේදී පටිසන්ධි වීඥානය ක අවශ්‍යතාවයක් නොමැත. බුදු දහමෙහි ඉගැන්වීම් අනුව එසේ සෑදෙන එක ශෛලික යුක්තානුවටද වීඥානයක් ඇත. අනිත් අතට එක ශෛලික යුක්තානුවෙහි සිට සෛල කොටි ගණනකින් යුත් කළලයක් දක්වා වැඩී එය බිහිවන තුරුම ක්‍රියාකරනුයේ පටිසන්ධි වීඥානයය. මන්ද ගර්භාෂය තුලදී එයට කුසලාකුසල කර්මයන් රැස්කර ගැනීමට නොහැකි බැවිනි.

    යුක්තානුව බෙදෙමින් එක කළලයක් බවට පත්වනු වෙනුවට සමහර අවස්ථාවන්හිදී දෙක තුන හතර වශයෙන් වෙන්ව සෛල බෙදෙමින් කළල කිහිපයක් බවට වැඩී නිවුන් දරු උපත්වලට මඟ පාදයි. එක් පුද්ගලයෙකුගේ කර්මය අනුව ඇති වන්නේ යැයි කියන පටිසන්ධි වීඥානය, යුක්තානුව සෑදීමට පෙර ගර්භාෂයට ඇතුළුව තිබිය යුතු යැයි පැවැසෙන බැවින් දරු උපතකදී දරු සංඛ්‍යාව අනුව බෙදී යා යුතුය. වෙනත් වචන වලින් පවසන්නේ නම් එක් අයෙකුගේ කර්මය කිහිපදෙනෙකු අතර බෙදී යා යුතුය. මෙම අදහස බුදු දහමෙහි උගන්වන කර්මය – පටිසන්ධි වීඥානය පිලිබඳ න්‍යාය සමග විසංවාදී වේ.

    වීඥානය හෙවත් සිත පටිසන්ධි වීඥානය ගන්ධබ්බයා හෙවත් මනෝකාය ශක්තියක් නැත්නම් තරංඟ ස්වභාවයක් ලෙස හැඳින්වීමට මෑතක සිට මහත් ප්‍රවණතාවක් ඇතිව තිබෙන සැටි දක්නට ලැබේ. අද්‍රව්‍යමය තත්ත්වයක් ලෙස බුදු දහමෙහි හඳුන්වනු ලබන ඉහත සඳහන් දේ උන්හිටි ගමන් ශක්තියක්, තරංග ස්වභාවයක් බවට පත්වන්නේ ඒවාටත් ද්‍රව්‍යමය පදනමක් ඇති බව නොතේරුම් ගෙන විය හැක. අනිත් අතින් ඒවා ක්‍රියා කරනුයේ ස්වභාව ධර්මයෙහි භෞතික මුලධර්මයන්ටත් එකඟවය. ගැහැණුන්ගේ ගර්භාෂයන් තුලට ඇතුල්වෙමින් හා පිටවෙමින් පවතින ශක්තියක් හෝ තරංගයක් තිබේ නම් එය හසුකර ගැනීමට සුක්ෂම යන්ත්‍රයක් තැනීමට විද්‍යාවට නොහැකි නොවනු ඇත. අවම තරමින්, යුද්ධ චන්ද මාරුත භූමිකම්පා සුනාමි වැනි ස්වභාවික විපත්වලදී ලක්ෂ දස ලක්ෂ සංඛ්‍යාවන් එකවර මියයන තත්ත්වයක් තුල හා එකවර එපමණ පටිසන්ධි වීඥානයන් සංඛ්‍යාවක් පිළිගැනීමට සුදුසු ගර්භාෂයන් තිබිය නොහැකි තත්වයක් තුල ගන්ධබ්බයන් විශාල සංඛ්‍යාවක් පැවතිය හැකි අවස්තාවකදී එවැනි යන්ත්‍රයකට හසුකර ගැනීමට හැකි විය යුතු වේ. අනිත් අතට එක් රටකදී මළ අයකුගේ පටිසන්ධි වීඥානය පිළිගැනීමට සුදුසු ගර්භාෂය සතු වන්නේ ඉතා ඈත දුරු රටක කාන්තාවකට නම් එම වීඥානය එපමණ දුරක් ගෙවා එහි යා යුතු වේ. තරංගයක් වශයෙන් පවතී නම් තරංගය එම දුර ගෙවා ගර්භාෂය වෙත ලඟා විය යුතු වේ. මෙවැන්නක් ප්‍රායෝගික නොවන්නක් මෙන්ම විද්යානුකුලද නොවේ. හිරෝෂිමා නාගසාකි වැනි නගරවලට න්‍යෂ්ටික බෝම්බ හෙලීමේදී ලක්ෂ සංඛ්‍යාත ජනකායක් අළුවීමට ගතවුයේ වීඥානය මාත්‍රයක් පමණකුදු පහළවීමට තරම්වත් ඉඩ නොතබා නිමේෂයකිනි. එවැනි අවස්ථාවන් සඳහා පටිසන්ධි වීඥාන න්‍යාය යෙදීම ට හැකියාවක් තිබේද?

  35. @KHL

    ඔබතුමා ඉරිදායින් පසු නොමැති හෙයින් හැකි තරම් තොරතුරු ඉදිරිපත් කරන්නට කටයුතු කරමින් සිටින්නෙමි.

    පහතින් ඇත්තේ මෙම මාතෘකාව යටතේ බෞද්ධයෙකු ඉදිරිපත් කර ඇති තොරතුරුය.

    පහතින් උපුටා දක්වා ඇත්තේ සරසවි ප්‍රකාශකයින්ගේ “හේතුවාදී සංදේශය” නමැති ග්‍රන්ථයේ පළකර තිබු ලිපියකි. මෙම කරුණු සියල්ල ඔබගේ විචාරශීලී අවධානය සඳහාය.
    “පුනරුත්පත්ති විශ්වාසය හා බුදුන්ගේ ධර්මය”
    (ටී. ඒ. පී. ආරියරත්න.)
    බුදුන්ගේ ධර්මය හැටියට අප සාමාන්යපයෙන් හඳුන්වන්නේ පැරණි ලියකියවිලි රැසක – එනම් සුත්ර් පාඨවල – ඇති අදහස් සමුදායකි. මේ සුත්රක පාඨ, ක්රි ස්තු පුර්ව කාළයේ සියවස් පහක් පමණ කට වචනයෙන් පවත්වා ගෙනැවිත් පසුව ලේඛන ගත කරන ලද ඒවාය. එහෙත් මේ කාරණය නිසාම, මේ සුත්රත පාඨ ඔස්සේ නියම බුද්ධ දේශනාව සොයා ගත නොහැකි යැයි කීම නිවැරදි නොවේ. අනික් අතට මෙය පිරිසිදු බුද්ධ ධර්මය ලෙස සැලකීම හෝ අඩු වශයෙන් සෑහෙන තරම් දුරට නිවැරදි බුද්ධ ධර්මය මෙහි දක්වෙතැයි සිතීමද සාධාරණ නැත. ධර්මය ලේඛන ගත කළ වුන් සත්යව කරුණු වර්ණනා කොට, අලංකාර කොට සකස් කළ බව අප විසින් මෙහිදී සැලකිය යුතුය. තවද යම් යම් අය සතුටු කිරීමටත් තම පුද්ගලික ඕනෑ එපා කම් පිරිමසා ගැනීමටත් මේ රචකයන්ට සිදුවූ නිසා සත්යො කරුණු ඒ ලෙසම ලේඛන ගත වී යැයි සිතීමද අපහසුය. බුදුන් ජීවත්ව සිටියදීම භික්ෂුන් අතර ධර්මය පිළිබඳව මතභේද ඇති වූ බව අපි දනිමු.
    මේ සම්බන්ධයෙන් දැනට අවුරුදු හතරකට පෙර ප්රමසිද්ධ කරන ලද පොතක ආචාර්ය එඩ්වඩ් කොන්ස් කියන්නේ කුමක්ද? “බුද්ධ ධර්මය සොයන්නෙක් බුදුන්ගේ දේශනාව හෝ අඩු ගණනේ එකල බෞද්ධයින්ගේ පිළිගැනීම් මොනවා දැයි සොයාගත යුතුය. එහෙත් පැරණි ලේඛනවල ස්වභාවය නිසා එසේ සෙවීමට උත්සාහ කිරීම සම්පුර්ණයෙන් නිෂ්ඵල වෙයි.” ආචාර්ය කොන්ස් කියන්නේ පිරිසිදු බුද්ධාගම තබා පැරණි බෞද්ධ සමාජයේ පිලිගනීම්වත් සොයාගත නොහැකි බවයි. මෙහිදී ආචාර්ය කොන්ස් සමග සම්පුර්ණයෙන් එකඟවීමට නොහැකිය. බුද්ධ දේශනාව යම්තම්වත් සොයාගත නොහැකි යැයි මම නොකියමි. කුමන කරුණු හෙළි උනත් ඒ කරුණු මධ්යමස්තව බාරගැනීමට අප සුදානම් විය යුතුය.
    එහෙත් ඊට පළමුව මෙම පැරණි ලේඛනවල නියම බුද්ධ දේශනාව අඩංගු නොවේද යන ප්රඋශ්නය මතු වන්නේ ඇයි දැයි අප විසින් සලකා බැලිය යුතුය. පිරිසිදු ධර්මය ග්ර න්ථගත කිරීමට එම කර්තෘවරු අවංක උත්සාහයක් නොගත්තාද? මෙම ලේඛනවල එකිනෙකට සම්බන්ධ වුත් පිළිගත හැකි වුත් කරුණු දැක්වේ නම් එසේ උත්සාහයක් ගෙන ඇතැයි පිළිගත හැකිය. එහෙත් අවාසනාවට මෙන්එකිනෙකට සම්බන්ධ කරුණු බලාපොරොත්තු වූ අපට හමු වන්නේ එකිනෙකට පටහැනි කරුණුයි. හර බර අනිච්චා ධර්මය සමග එහි අංගයක් හැටියට පුරාණ ඉන්දියාවේ ගෝත්රිරක ඇදහීමක්වූ පුනරුත්පත්තියද මෙහි දැක්වෙයි. නිහතමානිත්වයේ සංකේතය බඳු බුදුන් වහන්සේ බොහෝ තැන්වල දක්වා ඇත්තේ සිය නැණ මහිමය ගැන තමාම වර්ණනා කරන කයිවාරුකාරයෙකු හැටියටයි. අද එක්කෙනෙකුදු නැතත් තථාගතයන් ගිය සෑම තැනම සිය ගණන් රහතුන් වූහයි සඳහන් වෙයි. රහතුන් තම ගුප්ත බලයෙන් කළැයි කියන ඉර්ධි ප්රාගතිහාර්ය, විජ්ජාකාරී පුදුම වැඩ බයිබලයේ අලුත් ගිවිසුමේ දැක්වෙන ප්රාගතිහාර්ය ලැජ්ජාවට පත් කරයි. එකවර කිහිප දෙනෙකු ලෙස පෙනී සිටීමට රහත් කෙනෙකුට පුළුවන. සිතුනු විටෙක අදෘශ්යයමානව සිටීමට ඔහුට හැකිය. බිත්තියක් හෝ කන්දක් හරහා යාම, පොළොව පලා ගෙන යටට යාම, දිය මත ඇවිදීම, අහසින් ගමන් කිරීම, ඉර හඳ තාරකා ඇල්ලීම, යතුරු කවුළුවකින් රිංගා යාම ආදී නොයෙක් දේ ඔහුට කළ හැකිය. තවද බුදුන් හා රහතුන් වහන්සේලා දිව්යා ලෝක කරා අහසින් ගොස් එහි වසන දෙවි දේවතාවුන් සමග සාකච්ඡා පවත්වා ආපසු එතැයිද දැක්වේ. අනික් අතට මෙහි අනික් පැත්තද නොදැක්වෙතැයි කිව නොහැකිය. බුදුන් වහන්සේ උත්තමයෙකු හැටියට, සෘද්ධි ප්රා්තිහාර්ය, ගුප්ත බලවේග ප්රිසිද්ධියේම බැහැර කළ බව සමහර තැනක සඳහන් වී ඇත. උතුම් වූ බ්ර‍හ්ම විහරණ හා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන උන්වහන්සේ දේශනා කළ බවද දැක්වෙයි.
    මින් සත්ය පින්තුරය කෝකද? මෛත්රි්ය, කරුණාව, මුදිතාව, පදනම් කරගත් විරාගී තත්වයට ලඟා වෙන මාර්ගයද? නැත්නම් ඒ තත්වයට ලඟා වුවන් සතු වී යැයි කියන සෘද්ධි ප්රා තිහාර්ය ගුප්ත බලවේගද? මමත්වය බැහැර කරන අනිච්චා ධර්මය හා අනාත්මවාදයද? නැත්නම් මමත්වය තහවුරු කරන පුනරුත්පත්ති විශ්වාසයද? ආචාර්ය කොන්ස් විසින් සේවීමටම උත්සාහ කිරීම සම්පුර්ණයෙන්ම නිෂ්ඵල යැයි දැක්වූ “බුදුන් දේශනා කළේ කුමක්ද?” යන ප්රසධාන ප්රණශ්නයට පිළිතුරු සොයාගත හැකි නම් මේ ප්ර ශ්නයටද පිළිතුරු ලැබේවී.
    බුදුන් වහන්සේ එවක වූ ආගමික මත සංශෝධනය කළ අයෙකු නොව අලුත් දෙයක් සොයාගත් දාර්ශනිකයෙක්ය යන පදනම මතය අපේ විභාගය ආරම්භ කළ යුත්තේ. රාධාක්රියෂ්ණන් බඳු හින්දුන්ගේ පිළිගැනීම නම් බුදුන් හින්දු මත සංශෝධනය කළ අයෙකු බවයි. එහෙත් උන්වහන්සේ අලුත් දෙයක් සොයා ගත් දාර්ශනිකයෙකැයි නොසලකතොත් බුද්ධ ධර්මයේ ගත යුතු කිසිම වැදගත් දෙයක් නැත. ඉන්දියාවේ බිහිවූ ශ්රේ ෂ්ඨතම චින්තකයා බුදුන් වහන්සේ යැයි කීම අතිශයෝක්තියක් නොවේ. එසේනම් එකල වූ ආගමික මතවලට සම්පුර්ණයෙන් වෙනස් වූ ධර්මයක් බුදුන් විසින් දේශනා කරන ලදැයි අපට පිළිගන්නට සිදු වේ. එවිට, බෞද්ධ ලේඛනවලින් තත්කාලීන ආගමික හා දාර්ශනික මත බැහැර කළ විට බුදුන්ගේ ඉගැන්වීම් කුමක් දැයි අපට සොයාගත හැකිය.
    ත්රි පිටකයේ දැක්වෙන රහතුන්ගේ ඉර්ධි ප්රාුර්තිහාර්ය බැහැර කිරීමට සමහරුන් මැළි වෙතත් උගත් බෞද්ධයාට එය අපහසු දෙයක් නොවේ. එහෙත් කොතෙක් උගත් වුවත් බෞද්ධයා පුනරුත්පත්ති වාදය බුදු දහමේ ජීව රුධිරය ලෙස සලකා එහිම ඇලී ගැලී සිටිනු පෙනේ. මීට හේතුව පැහැදිලිය. මේ විශ්වාසය මිනිසාගේ අභ්යඇන්තර ආශාවකට කතාකරයි. එනම් තවත් ජීවත් වීමේ ආශාවයි. එබැවින් මේ විශ්වාසය දෝතින්ම බදාගැනීමට මිනිසා සුදානම්ය. සෑම ආගමක්ම මේ ආශාව මත පදනම වී ඇත්තේ එබැවිනි. ක්රිටස්තියානිය සදාකාලික ආත්මය යන විශ්වාසය මතද, ජනප්රිමය බුද්ධාගම පුනරුත්පත්තිවාදය මතද ගොඩනැගී ඇත දෙව්ලොව යන්ට නොහැකි වෙතොත් අඩු ගණනේ මේ ලෝකයේ හෝ තවත් වරක් ජීවත්වීම හොඳනේ. මරණයත් සමග සියල්ල අවසන් වනවාට වඩා කොහේ හෝ ජීවත්වීම හොඳය.
    එබැවින් බුද්ධ පරිනිර්වාණයෙන් පසු තත්කාලීන ඉන්දියාවේ වූ පුරුත්පත්තිවාදය බුදු දහමට ඇතුළු වී මුල් බැස ගැනීම පුදුමයක් නොවේ. එසේ නොවී නම් අන් ආගම් අතර ආගමක් හැටියට නැගී සිටීමට බුද්ධාගමට නොහැකි වෙයි. බෞද්ධ ලියකියවිලි සකස් කළ සංඝයා මේ තත්වය දැන සිටියහ. තවත් ජීවත්වීමේ ආශාවට කතා කරන අන් ආගම් අතරේ මමත්වය බැහැර කරන අනිච්චා ධර්මය ප්රටචලිත කිරීමේ අපහසුව දත් භික්ෂුහු පුනරුත්පත්තිය, ජනප්රිවය දෙවිවරුන්, රහතුන්ගේ සෘද්ධි ප්රාමතිහාර්ය ආදී ජනප්රිරය අංග ඕනෑකමෙන්ම බුදු දහමට ඇතුළු කළහ.
    ජෛනාගමේ ජනප්රි්ය අංග සලකා බැලීම මෙහිදී වැදගත්ය. කර්මවාදය හා පුනරුත්පත්තිවාදය ආගම් දෙකේම දැක්වෙයි. කලින් කළ ශාස්තෘවරුන් ලෝකයේ පහළ වන බව දක්වන ආගම් දෙකම එබන්දන් 24 දෙනෙකු නම් කර ඇත. ජෛන ලැයිස්තුව වෘෂභගෙන්ද, බෞද්ධ ලැයිස්තුව දීපන්කරගෙන්ද ඇරඹේ (මෙම අදහස පහත අපගේ විමසුමෙහි නිවැරදි කොට ඇත්තෙමු). ශාස්තෘගේ සර්වඥභාවය හා සංසාරයෙන් මිදී නිවනට යාම ගැනත් පුජක පරම්පරාවක් ගැනත් ආගම් දෙකේම දැක්වේ. ජෛනාගම මුලින් බිහිවූ බව සලකු කළ කෝක කෝකෙන් ආභාෂය ලැබීය යන්නෙන් බුදුන්වහන්සේ ඒ ආභාෂය ඉන් ලද බවක් මම අදහස් නොකරමි. භික්ෂුන්ගේ බුද්ධාගම සහ බුදුන්ගේ බුද්ධාගම යනුවෙන් බුද්ධ ධර්මය දෙයාකාරය. ඉන්දියාවේ අන් ආගම්වලින් ආභාෂය ලැබුවේ භික්ෂුන්ගේ බුද්ධාගමයි. ජනප්රිාය බුද්ධාගමෙන් මෙම අංග බැහැර කළ විට බුදුන්ගේ පිරිසිදු ධර්මය ඉතිරිවේ. එනම් අනිච්චා ධර්මය, අනාත්මවාදය, දුක්ඛ සත්යරය හා මධ්යපම ප්රමතිපදාවයි.
    ත්රිරපිටකාදී ලේඛනවල දැක්වෙන සියල්ල බුදුන් විසින් දේශනා කරන ලදැයි බොහෝ දෙනා සලකති. බුදුන්ගෙන් ප්රැකාශවී යැයි කියන “මාගේ ධර්මය පෙර නොඇසූ විරූය, තේරුම් ගැනීම දුෂ්කරය, සාමාන්යප මිනිසාට නොවැටහේ” යන්න ඔවුහු නොසලකති. අරියපරියේසන සුත්ර යේත් තවත් තැන්වලත් දැක්වෙන පරිදි තම ගැඹුරු දුෂ්කර ධර්මය දේශනා නොකිරීමට බුදුන් පළමුවෙන් අදහස් කළත් මානව වර්ගයා වෙත කරුණාවෙන් පසුව එය දේශනා කළහ.ඉදින් පුද්ගලයෙකු නැවත නැවත උපදින බවත් එක් ජීවිතයකදී කළ දෙය තවත් ජීවිතයකදී පල දෙන බවත් තේරුම් ගැනීම ඉතාම පහසුවා පමණක් නොව සාමාන්යී මිනිසා වහා පිලිගන්නටද සුදානම්ය. එසේම එය පෙර නොඇසූ විරූ දෙයක් නොව එවකට ඉතා ප්රිචලිතව තිබු ධර්මයකි. සාමාන්යය මිනිසාට තේරුම් ගැනීමට අපහසු, පෙර නොඇසූ විරූ ගැඹුරු ධර්මය නම් පුනරුත්පත්තියක් නැති බවයි. අනිච්චා ධර්මයට සම්බන්ධ අනාත්මවාදයයි.
    ජෛනාගමේත් බුද්ධාගමේත් පොදු අංග මොනවාදැයි තව මදක් සියුම්ව සොයා බලමු. ජීවිතය දුකක් බවද දුක පෙර ජාතියේ කර්මය නිසා ඇති වන්නක් බවද අත්තකිලමතානුයෝගයෙන් පුර්ව කර්මය ජය ගත හැකි බවද එසේ කිරීමෙන් මරණින් මතු නිවන් දැකිය හැකි බවද ජෛනාගමේ දැක්වෙයි. මේ සත්යමය උගන්වන ලද්දේ කලින් කල බිහිවුණු තීර්ථක නමින් හැඳින්වුණු ශාස්තෘවරයින් විසිනැයි ජෛනයෝ පිළිගත්හ. බුද්ධාගමේද මේ සියලු අංග තිබේ. එහෙත් දුක මානව වර්ගයාගේ ප්රිධානතම ප්රහශ්නය බව බුද්ධ ධර්මයේ දැක්වේ. එය අමුතුවෙන් සොයා ගත යුතු සත්ය්යක් නොව ප්රමත්යරක්ෂ ධර්මයක් හැටියටයි බුදු දහමේ දැක්වෙන්නේ. දුකට හේතුව ජෛනයන් දක්වන පරිදි පුර්ව කර්මය නොවේ. එය ජීවිතයේ ස්වභාවයයි. ඉඳුරන් පිනවීම තාවකාලිකය. ඒ නිසාම අසම්පූර්ණය. ඉන් දුක ඇතිවේ. මෙහිදී දුකින් මිදීමට බුදුන් ඉගැන්වූ මග ජෛනයින්ගේ අත්තකිලතානුයෝගයෙන් සම්පුර්ණයෙන්ම වෙනස්ය. එනම් මැද මග සහ මමත්වයේ ව්යාිජ ස්වභාවය තේරුම් ගැනීමයි. ආත්මාර්ථයෙන් තොර වූ මැද මග අනුගමනය කරන්නෙක් මේ ජීවිතයේදීම (දිට්ඨේව ධම්මේ) දුකින් මිදී නිවන් ලබයි. මමත්වය බැහැර කොට තමාද මානව වර්ගයාද එකක්ම බව අවබෝධ කිරීම දුකින් මිදීමයි.
    බුදුන්වහන්සේත් ජෛනයනුත් මුහුණ දුන් මුලික ප්රනශ්නය දුක පිලිබඳ ප්රිශ්නයයි. එහෙත් දුකට හේතුව හා මිදීමේ මග දැක්වීමේදී බුදුන් ජෛනයන්ට වඩා හාත්පසින් වෙනස් මගක් ගත්තේය. ප්රුතිකාර දැක්වීමෙන් සෑහීමකට නොපත් වෛද්යහවරයා, වැරදි වෛද්ය වරුන්, ඔවුන්ගේ රෝග විනිශ්චය හා ප්රකතිකාරයද ප්රටතික්ෂේප කළේය. ජෛන නොහොත් නිඝන්ටයින්ගේ ඇදහීම් පිළිවෙත්, බුදුන් බැහැර කළ අන්දම නිකාය ග්රතන්ථවල නිතර දැක්වේ. උදාහරණයක් ලෙස බුදුහු මජ්ජිම නිකායේ දේවදහ සුත්ර්යේදී කර්මය හා පුනරුත්පත්ති විශ්වාසය සාකච්ඡා කොට, විග්ර හ කොට එහි බොළඳ බව දක්වති. මිත්යාය විශ්වාසය ගැන බුදුන් අනුගමනය කළ ක්රිනයා මාර්ගය ගැන මෙහිදී යමක් කීමට කැමැත්තෙමි. ඒ ක්රි යා මාර්ගය නම් නිරීක්ෂණය කළ හැකි, ප්රරත්ය්ක්ෂ වූ කරුණු පමණක් සත්ය ලෙස පිළිගන්නා ක්ර්මයයි. සුප්ර්කට තෙවිජ්ජක සුත්රරයේ එක් තරුණ බ්රාුහ්මණයෙක් උත්තරීතර දෙවියා වන බ්ර්හ්මන් සමග එක් විය හැක්කේ කෙසේදැයි බුදුන්ගෙන් ප්රාශ්න කරයි. ඊට බුදුන්ගේ පිළිතුර වුයේ කුමක්ද? “බ්රළහ්මන් සිටින බව තා දන්නේ කෙසේද? තා කවදා හෝ ඔහු දැක තිබේද?” යනුයි. මිනිසාගේ උත්තරීතර අපේක්ෂාව වූ බ්රිහ්මන් පුද්ගලයෙකු නොවන බවත් බ්රැහ්මන් සමග එක්විය හැකි එකම මග මමත්වයෙන් තොරව සකල මානව වර්ගයාට මෛත්රීක කිරීම බවත් එහිදී උන්වහන්සේ දේශනා කරති.
    ජෛනයන්ගේ කර්මය හා පුනරුත්පත්ති විශ්වාසය ගැනද බුදුහු සෘජුවම කරුණු දක්වති. “නිඝන්ටයිනි, දුකට හේතුව පෙර ආත්මයේ කර්මය යැයි තෙපි විශ්වාස කරන්නාහුය. පෙර ආත්මයක තොප ජීවත් වූ බවත් මේ මේ කර්මයන් කළ බවත් දන්නේ කෙසේද?” යනුවෙන් බුදුහු ජෛනයින්ගෙන් ප්ර්ශ්න කරති. පෙර ජීවිතයක් පිළිබඳව විශ්වාසය උපහාසයට ලක් කරණ උන්වහන්සේ කර්මය හෙවත් හේතුඵලවාදය නිරීක්ෂණය කළ හැකි ප්රළත්යයක්ෂ ධර්මයකැයි දක්වමින් උදාහරණයක්ද දෙති. විස පොවන ලද හීයකින් මිනිසෙක් තුවාල ලබයි. ඉන් නැගෙන වේදනාව නිසා ඔහු ඉමහත් දුකක් විඳී. අනතුරුව වෛද්යෙවරයා තුවාලයට බෙහෙත් ගල්වයි. වේදනාව තවත් වැඩි වෙයි. එහෙත් ප්ර තිකාරයෙන් තුවාලය සුව වේ. තව දුරටත් වේදනාවක් නැත. ඔහු සාමාන්ය කටයුතුවල නිරත වෙයි.
    මෙහිදී වේදනාව ඇති වන්නේ පැහැදිලි හේතු උඩ යැයි දැක්වෙයි. දුක නැති කිරීමද එසේම ප්රිත්යික්ෂය. අනෙකෙකුට නැතිව මොහුටම හීය වැදුනේ ඇයිද යන ප්රඑශ්නය වේදනාව ඇති වීමට හේතුව දැක්වීමේදී අදාළ නොවන හෙයින් මෙහිදී සාකච්ඡා නොවේ. එබඳු ප්රදශ්න නිසා කාරණය පැහැදිලිව තිබියදීම අනවශ්යන, ගුඪ දේවලට අවධානය යොමුවෙයි. ගැහැනියක සමග ආලයෙන් බැඳුනු මිනිසා පිලිබඳ උදාහරණයද ප්ර සිද්ධ එකකි. එම ගැහැනිය තවත් මිනිසෙකු සමග හැසිරෙමින් ප්රීිති වෙමින් සිටිනු දකින පළමු මිනිසා තදබල මානසික වේදනාවක් විඳියි. එක් අවස්ථාවකදී මේ සියල්ල සිතින් අත්හල යුතු යැයි තීරණය කරන මිනිසා එයින් පසු වේදනාවෙන් මිදෙයි. මෙහිදීද වේදනාවට හේතු වූ කාරණය ප්රඑත්යේක්ෂ එකකි. එබැවින් පෙර ජීවිතයක කර්මය නිසා මෙය ඇතිවී යැයි හෝ ඉන් මිදිය හැක්කේ ඊළඟ ජීවිතයේදී යැයි හෝ පිළිගත යුතු නැත. පෙර ජීවිතයකදී පෙම්වතෙකු ඔහුගේ පෙම්වතියගෙන් වෙන් කිරීමේ පාප කර්මය නිසා මෙය සිදු වී යැයි සිතිය යුතු නොවේ. මෙහිදී හේතුවත් ඵලයත් මේ ජීවිතයේදීම දකින්නට තිබේ. මෙය ඕනෑම කලකට ඕනෑම තැනකට පොදු මිනිස් ගති සම්බන්ධ ප්ර ශ්නයකි. මජ්ජිම නිකායේ චුල දුක්ඛ ස්කන්ධ සුත්රටයේ දැක්වෙන්නේද මේ මුලික අදහසමය.
    බුදුන් විසින් පුනරුත්පත්ති වාදය බැහැර කිරීම ක්රිද: පු: 6 වැනි සියවසේදී ඉන්දියාවේ වූ දාර්ශනික ඉගැන්වීම්වල අසහාය විප්ලවකාරී ලක්ෂණය වූ බව බෞද්ධ ලේඛනවල නොයෙක් තැන්වලින් හෙළි වෙයි. අනිච්චා ධර්මය
    පළමු ධර්ම දේශනාවෙන්ම පැහැදිලි කෙරේ. එම දේශනාව සැලකිල්ලෙන් අධ්යහයනය කළොත් එම ධර්මය භික්ෂුන්ට වුවමනා අන්දමට වෙනස් කර ඇති අයුරු පැහැදිලි වෙයි. දහම් දෙසුම අවසාන පස්වග මහනුන්ගෙන් කෙනෙකු වන කොන්ඩඤ්ඤ භික්ෂුව, “හරි හරි, ස්වභාවයෙන් ආරම්භයක් ඇති සියල්ලටම ස්වභාවයෙන්ම අවසානයක් තිබිය යුතුය” යි කී විට බුදුන් කීවේ කුමක්ද? “කොන්ඩඤ්ඤ, නුඹ අවබෝධ කර ගත්තෙහිය” යනුවෙනි. එබැවින් අනිච්චාව නිසා හට ගන්නා දුක පිළිබඳව සවිස්තරව දක්වා ඇතත් පළමු දෙසුමේ පදනම අනිච්චා ධර්මය බව තීරණය කළ හැකිය. බුදුන්ට වුවමනා වුයේ ආරම්භයක් ඇති සියලු දෙයටම අවසානයක් ඇති බව මුලින්ම වටහා දීමටයි. නිදසුනක් වශයෙන්, උත්පත්තිය සමග පටන් ගන්නා ජීවිතය මරණයෙන් කෙලවර විය යුතුය. දෙවැනි දහම් දෙසීමේදී උන්වහන්සේ මේ අදහස ශක්තිමත් කරන්නේ පුනරුත්පත්තිවාදයේ පදනම වන ආත්මය බැහැර කිරීමෙනි. සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළු යැයි අවසාන දහම් දෙසුමේ උන්වහන්සේ දක්වන්නේත් ඒ මුලික අදහසමය. නැසෙන සුළු සංස්කාරයන්ට ආරම්භයක්ද තිබිය යුතුය.
    බුදුන්වහන්සේ අවධාරණයෙන් දැක්වූ කාරණය මෙයයි. යම් හේතුවක් හෝ හේතුන් නිසා හටගත් දෙයක් අවසානයේදී නැති වී විනාශ වී යා යුතුය. මෙහිදී හේතුව හෝ හේතුන් යනුවෙන් අදහස් කරන්නේ හුදෙක් භක්තිය මතම පිළිගත යුතු වූ, ප්රිත්යහක්ෂ නොවූ, ඔප්පු කළ නොහැකි දෙයක් නොව පැහැදිලි ක්රිතයා පටිපාටියකි. පුනරුත්පත්ති විශ්වාසය එකල ඉතා ජනප්රිවය විශ්වාසයක්වූ බව බුදුහු ද දැන සිටියහ. එහි අශාස්ත්රී ය බව, ගුඪ බව හා මිත්යා්මතික බව පෙන්වා දීමට උන්වහන්සේ උත්සාහ ගත්හ.
    “ආරම්භයක් ඇති හැම දෙයකටම අවසානයක් ද තිබිය යුතුය” නැතහොත් “සියලු සංස්කාරයෝ නැසෙන සුලුය” යනුවෙන් බුදුන් අදහස් කළේ අගක් මුලක් නැති සංස්කාරයේ එක් ජීවිතයක කෙටි කාලීන බව යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් උපන්නොත් මැරේ යන ඕනෑම මෝඩයෙකුට පෙනෙන දෙයක් ශ්රේෙෂ්ඨ චින්තකයෙකු විසින් නැවත නැවත අවධාරණය කළ යුතුද? අනිච්චා යනුවෙන් අදහස් වනුයේ මිනිසා ඇතුළු සියලු දේ මොහොතක් පාසා වෙනස් වන බව යැයි සමහරු තර්ක කරති. ඒ අනුව ළමයාත් තරුණයාත් එක් අයෙකු නොවේ. තරුණයාත් මහල්ලාත් එකම අයෙකු නොවේ. මෙය අනිච්චා ධර්මයයි. එහෙත් මේ වෙනස් වීමද කාටත් වැටහෙන සරල කාරණයකි. මෙහි ඇති අලුත් සොයා ගැනීම කුමක්ද? බුද්ධ වචනයේ තේරුමක් ඇති වන්නේ මරණයෙන් හෙවත් ස්කන්ධයන්ගේ විනාශයෙන් එහාට පැවැත්මක් නැත යන තේරුමෙන් සැලකු විට පමණි.
    අනාත්ම වාදය කෙබන්දක්ද? සංසාරය පුරා නොවෙනස්වී ගමන් කරතියි දැක්වෙන හින්දු ආත්මයට වඩා වෙනස් පැවැත්මක් ගැන දැක්වීමට මේ වචනය යොදා ගන්නා ලදද? ජනප්රිටය
    බුද්ධාගමේ දැක්වෙන පරිදි අනාත්ම යනුවෙන් අදහස් වනුයේ මොහොතක් පාසා වෙනස් වෙමින් සංසාරය පුරා පවතින යමක්ද? වෙනස් වෙමින් හෝ නොවෙමින් පවතින ආත්මය යන්නෙහි නිෂේධනාර්ථයම අනාත්ම යන්නෙන් අදහස් නොවේද? ඇත්ත වශයෙන්ම අනාත්ම යන්නෙන් දැක්වෙන්නේ හින්දුන් පිළිගන්නා ආත්මයට වඩා වෙනස් ආත්මයක් නොව ආත්මයක් නැති බවයි. උපන් සියලු දෙනාම විනාශ වේ යන අනිච්චා ධර්මයේම අනාත්මවාදය ගැබ්ව තිබේ. සංසාරයේ මුලක් නැතැයි කියන හෙයින් අගක් ද තිබිය නොහේ. පළමු දහම් දෙසීමේදී කොණ්ඪඤ්ඤට බුදුන් දුන් පිළිතුරෙනුත් එතැන් පටන් අවසන් දහම් දෙසීම දක්වා එය බුදුන් විසින් අවධාරණය කර ඇති ආකාරයෙනුත් අපට තේරුම් ගත හැක්කේ අනිච්චා ධර්මය හා අනාත්මවාදය බුද්ධ ධර්මයේ පදනම බවයි. බුද්ධ කාලයටත් පෙර පටන් තිබුණු පුනරුත්පත්ති විශ්වාසය සමග මේ ධර්මය පටහැනි වන හෙයින් එම විශ්වාසය බැහැර කළ යුතුව තිබේ.
    කර්මය හා පුනරුත්පත්තිවාදය බුදුන් වැනි ශ්රේවෂ්ට චින්තකයකුගෙන් බැහැර නොවේදැයි මඳක් විමසා බලමු.
    කම් පල ඇති වන්නේ සිතාමතා කරන – සවිඤ්ඤානක – ක්රියයාවලින් යැයි කියනු ලැබේ. කිසියම් ගුප්ත ආකාරයකට කර්ම බලවේගයක් ගොඩනැගී පසු ජීවිතයකදී එය පල දෙතැයි විශ්වාස කරනු ලැබේ. මෙය සිදුවන්නේ කෙසේ දැයි නොදැක්වෙතත් ඒ ප්රිශ්නය මදකට පසෙකින් තබමු. යහපත් ක්රියයාවකට යහපත් ප්ර තිඵලත් නරක ක්රිඒයාවකට නරක ප්රපතිඵලත් ලැබේ යැයි බෞද්ධයෝ විශ්වාස කරති. යම් ක්රිරයාවක් හොඳ හෝ නරක යැයි තීරණය කරන්නේ කුමන මිනුම් දණ්ඩක් අනුවද? ශිෂ්ට සමාජයේ සම්මතය අනුව නොවේද? සිය ගෝත්රිනක සම්මතය අනුව වනචාරී මනුෂ්යසයෙකු කරන සත්ව ඝාතන මැනිය යුත්තේ කෙසේද? ආදිකල්පික මිනිසුන් සමහරවිට මිනී මැරුවේ ගෝත්රියක නීතිවලට අනුව හොඳ හිතින්මය. එය කෙබඳු කර්මයක්ද? උසස් ආගමික හැඟීමකින් කළ බිලි පුජා කෙබඳු කර්මයන්ද? දැනට අවුරුදු 2,000,000 කර පෙර ලෝකයේ මානවයින් නොවී යැයි ගණන් බලා තිබේ. එකල වූ පක්ෂි, කෘමි, උරග ආදී අනේක විධ සත්ව වර්ගයන් සම්බන්ධයෙන් කර්ම නීතිය බල පෑවේ කෙසේද? ජනප්රිවය බුද්ධාගම අනුව කිව හැක්කේ මේ සත්වයින් වෙනත් ලෝකවල මිනිසුන් වශයෙන් ඉපදී සිටියදී කළ පාප කර්මයන් නිසා මෙසේ සත්වයින් ලෙස ඉපදුණු බවයි. පාප චේතනාවන් නැති නිසා සතුන්ගේ කර්මයන්ද සිදු නොවන හෙයින් සෑම සතෙකුම මෙසේ පළමුවෙන් මිනිසෙකු ලෙස ඉපදිය යුතුද? බුද්ධාගමට කර්මවාදය ඇතුල් කළ වුන් මේ ප්රනශ්න ගැන නොසිතුවා විය හැකිය.
    පිරිසිදු බුද්ධ වචනය බෞද්ධ ලේඛන ඔස්සේ ඉතා අපහසුවෙන් සොයාගත යුත්තකි. එසේ සෙවීමේදී මුලික ධර්මය හා පටහැනි වන සුත්රස පාඨ එහෙම පිටින්ම බැහැර කරන්නට සමහර විට සිදුවේ. බුදුන්ගේ ධර්මය කුමක්ද යන්න ගැන මුල් කාලයේදීම භික්ෂුන් අතර මතභේද ඇති විය. බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් දෙකක් යන්ටත් පළමුව බෙදීම් 18 ක් ඔස්සේ නිකාය 18 ක් පමණ ඇති විය. මතභේදයට තුඩු දුන් දේ අතර මරණින් මතු පැවැත්ම පිලිබඳ ප්රමශ්නය මුල් තැනක් ගත්තේය. අශෝක කාලයේ වූ මතභේද පිළිබඳව සාකච්චා කෙරෙන කතාවස්තුවේ මුලින්ම දැක්වෙන්නේ මේ ප්රශශ්නය ගැනයි. “පුද්ගලවාද” නමින් එකල හැඳින්වුණු මරණින් මතු පුද්ගලයාගේ පැවැත්ම පිලිබඳ ප්රකශ්නය, මුල් කාලයේ භික්ෂුන් විසින් ඇති කරන ලද මතභේද හා අවුල් වියවුල්වල ප්රිතිඵලයයි. එකල ප්ර්චලිතව තිබු ආත්මවාදයෙන් ගැලවිය නොහැකිවූ භික්ෂුහු ආත්මවාදයත් බුදුන්ගේ අනාත්මවාදයත් ගැලපීමට උත්සාහ ගත්හ.
    පුනරුත්පත්තිවාදය ලේඛනවලට ඇතුලත් කිරීමේදී මේ කර්තෘවරුන් අනුගමනය කළ ජනප්රිිය ක්රරමයක් නම් කිසියම් සුත්රීයකට කිසිසේත් සම්බන්ධ නොවූත් එහි මුලික අදහසට පටහැනි වුත් ඡේද කීපයක් ඒ සුත්රනයට ඇතුලත් කිරීමයි. රහත්බව ලැබීමේදී පසුකරන විවිධ අවස්ථාවලදී කිසියම් භික්ෂුවක් තම පුර්ව ජන්මයන් සිහි පත් කර ගන්නා බවත් ඉර්ධි ප්රාේතිහාර්ය ඇති කර ගන්නා බවත් මේ ඡේදවලින් දැක්වෙයි. මේ නිසා ඉහත දැක්වූ දේවදහ සුත්රරය සහ තවත් සුත්රි විකෘත වෙයි. විහිලුවක් බවට පත් වෙයි.
    නැවත ඉපදීමට හේතුව හැටියට දක්වන කර්මවාදය ගැන පරීක්ෂා කර බලමු. කර්මය නම් විශ්වයේ ඇති සාධාරණත්වය යැයි කියනු ලැබේ. මෙය කිසිදු පදනමක් නොමැති ඇදහීමකි. විශ්වයේ කිසියම් ඒකීය බවක් ඇති බව ඇත්තකි. භෞතික ලෝකය කිසියම් මුලධර්මවලට අනුව පවත්නා බවද ඇත්තකි. ඒ හැරුණු විට එය අසාධාරණ, අසංවර, අවිනිශ්චිත, විනාශකාරී එකකි. ගොඩබිමේත් මුහුදේත් සියලු සතුන් ලොකු එකා විසින් කුඩා එකා ගොදුරු කරගත යුතුය යන ධර්මය මත ජීවත් විය යුතු ලෝකයේ ඇති විශ්වසාධාරණත්වය කුමක්ද?
    අපට තේරුම් ගත හැක්කේ හෝ තේරුම් කළ හැක්කේ උත්පත්තියත් මරණයත් අතර ඇති දේවල් පමණකි. මිලින්ද ප්ර්ශ්නයේදී කර්මය අනුව පුනරුත්පත්තිය සිදු වන අයුරු තේරුම් කිරීමට උත්සාහ කළ නාගසේන හිමියන්ට සොයා ගත හැකි වුයේ කිරි, මෝරු බවට පත්වීම, එක් පහන් දැල්ලකින් තවත් පහන් දැල්ලක් පත්තු කිරීම, කලින් සිටවූ අඹ ගසකින් අඹ ගෙඩියක් හට ගැනීම වැනි උපමා පමණකි. මේවා නොතේරෙන, නොපෙනෙන එහා ලෝකයක සංසිද්ධ නොව භෞතික ලෝකයේ වන, නිරීක්ෂණය කළ හැකි සිදුවීම්ය. යතා ලෝකයට අදාල එවැනි උපමා මගින් නොපෙනෙන ගුඪ පරිකල්පනීය සංසිද්ධි පැහැදිලි කළ හැකි නොවේ.
    පුනරුත්පත්ති විශ්වාසය පැරණි, නොදියුණු ගෝත්රි කයින් අතර බිහිවී ඔවුන් අතරම පැවතුණි. කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නැතත් තවමත් සමහර මිනිසුන් අතර මෙය පවතින්නේ පාරම්පරික ඇදහීමක් හැටියටයි. පසුගිය ජීවිතයක් මතක ඇතැයි කියන්නෙකු හමුවූ කළ ඒ ගැන “පර්යේෂණ” කිරීමට බෞද්ධයින් හා භික්ෂුන් අතර මහා උනන්දුවක් ඇත්තේ මේ නිසාය. තම පුද්ගලික ඇදහීම තහවුරු කර ගැනීම සඳහා යම් යම් අය ඒවා සොයා බලා ඇතත් ඒ කිසිවක් සම්පුර්ණ විද්යාතනුකුල විභාගයකට ලක් කර නැත. එසේ විභාග කළොත් මේවාද මනෝවිද්යාම මහාචාර්යවරුන් ද මුලා කරමින් භුතවිද්යා. පර්යේෂකයින් යැයි කියා ගත් අය භූතයින් සමග කතා කළ ආකාරයේම ප්රෝ්ඩාවල් බව හෙළි වනු නිසැකය. භුතවිද්යායව පවතින්නේ මිනිසුන්ගේ රැවටෙන ස්වභාවය, විශේෂයෙන්ම එම පර්යේෂකයින්ගේ රැවටෙන ස්වභාවය මතය. හංගේරියානු භුතවාදියෙකු වූ ලස්ලෝ එවැනි භූත හමුවකට පසු එහි සිටි පුවත්පත් කලාවේදී කොර්නේලිස් ටැබොරීට කියා සිටියේ කුමක්ද? තමාට එවැනි ව්යාසජ භූත හමු පැවැත්වීම දිගටම කළ හැකි වුයේ ඒවා ගැන පර්යේෂණ කිරීමට පැමිණෙන විශ්වවිද්යාැල මහාචාර්යවරුන්ගේ රැවටෙන සුළු ස්වභාවය නිසා බවය!

  36. @ KHL

    ගරු මහත්මයාණෙනි, ඔබතුමාගේ පහත සඳහන් ප්‍රකාශනය කියවනවිට අනාගෙන අනාථවී ඉන්නේ කවරෙක්ද යන්න ඉතාමත් පැහැදිලිය. කාන්තාවන්ගේ උත්පත්තිය පෙර අකුසල කර්මයන් නිසා සිදු වෙතයි ඔබ පවසන්නේ ඇයි? යන ප්‍රශ්නයම ටිකක් හාස්‍ය ජනකය. මෙය මාගේ කීමක්‌ නොවේ. බෞද්ධ ඉගැන්වීම් මෙසේ පවසයි. සිදුහත් කුමරුන්ට මහා මායා දේවී කියා මවක් සිටියේ ඇයි? කියා ඔබතුමා අසන විට මෙය බොළඳ කම විදහා දක්වන්නක් මිස නැත. මවකගෙන් මිස බෞද්ධ ඉගැන්වීම් වල ඇති පෙර මිනිසුන් බිහිවූ අණ්ඩජ හෝ ඕපපාතික උත්පත්තියක් සිදුහත් බෝසතුන්ට නොතිබු බව සැවොම දන්නා කරුණකි. කරුණාකර මෙවන් ලාමක අදහස් ඉදිරිපත් නොකර මගේ අදහස් දැක්වීම් වල මතු කර ඇති කරුණු ගැන පැහැදිලි කිරීම් කරන්න.

    “කාන්තාවකගේ උප්පත්තිය පෙර අකුසල කර්මයක් නිසා සිදු වෙතැයි ඔබ පවසන්නේ ඇයි? මෙය ඇත්තක් නම් සිදුහත් කුමරුන්ට “මහා මායා දේවිය” නම් වූ මවක් සිටියේ ඇයි? සිදුහත් කුමරුන්ට “මහා ප්‍රජාපති ගෝතමිය” නම් වූ සුළු මවක් සිටියේ ඇයි? සිදුහත් කුමරුන්ට “යශෝදරා දේවිය” නම් වූ මහේෂිකාවක් සිටියේ ඇයි? බුද්ධත්වයට පත් වූ පසු මහත් ආනිශංස ඇති ප්‍රථම දානය “සුජාතා සිටු දේවිය” නම් වූ කාන්තාවක් විසින් සිදු කරන ලද්දේ ඇයි? මෙලොව පහලවූ ශ්‍රේෂ්ටතම පින්වත්ම මනුෂ්‍යයා වන බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුල අකුසල කර්මයන් නිසා උපදින්නේ නම් මෙසේ කාන්තාවන් සම්බන්ද වුයේ ඇයි? ඔබ මෙසේ කාන්තාවන් යනු මහා පව්කාරයන් බව බුද්ධ දේශනාවේ සඳහන් වේ යයි කියමින් හැකි තරම් උත්සාහ දරන්නේ කෙසේ හෝ බුද්ධ ධර්මය අපහාසයට හා හෑල්ලුවට ලක් කොට (කොහේ හෝ මුල්ලක් අල්ලා ගෙන) ඔබතුමා අදහන ඉස්ලාම් ධර්මය ශ්‍රේෂ්ට වේ යයි තහවුරු කිරීමට බව ඕනෑම කෙනෙකුට පැහැදිලි වේ යයි සිතමි. ඔබතුමා කරුණාකර මේ ජේදයේ මුලින් සඳහන් වන ප්‍රශ්න 5ට පිළිතුරක් ලබා දෙන්නේ නම් මැනවි.”

  37. @ KHL

    ඔබතුමා දැන් අලුත් චෝදනාවක් ඉදිරිපත් කිරීම ගැන මම සැබැවින්ම වේදනාවට පත් වන්නෙමි. බුදු දහමට හෝ බුදුන් වහන්සේට අපහාස කිරීම සහතික වශයෙන්ම මාගේ අරමුණ නොවේ. ඔබතුමාගේ අදහස් දැක්වීම තුලද ඉස්ලාමය පිළිබඳව විවේචනාත්මක අදහස් දක්නට තිබිණි. එම වැරදි අදහස් මා පිලිනොගන්නාමුත් ඔබතුමාට එලෙස අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පිලිගනිමි. කිසිම දහමකට අපහාස නොකරන ලෙස උගන්වන දහමකි ඉස්ලාමය. කරුණාකර අල් කුර් ආනයේ 6:108 වැනි වැකිය කියවා බලන්න.

    තවත් එක් වැදගත් කරුණක් ඔබතුමාගේ අවධානයට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුවෙමි.

    TEST TUBE BABIES

    ප්‍රතිසන්ධි වීඥානය මව් කුසට ඇතුලත්වී අලුත් ජීවියෙක් බිහිවීමට කරුණු තුනක් සම්පුර්ණ වී තිබිය යුතුය. මෙය බෞද්ධ ඉගැන්වීමයි. මේ කරුණු තුන ටෙස්ට් ටියුබ් උපත් පිළිබඳව බලපවත්වන්නේ කෙසේද යන්න අපැහැදිලිය. ටෙස්ට් ටියුබ් එකේ මෙම කරුණු තුනම දක්නට නොමැත. ශුක්රානුව ඩිම්බය සමග සංසේචනයවී යුක්තානුවක් ඇතිවුවාට පසුවයි තවත් ගර්භාෂයක් තුල එය තැන්පත් කරනු ලබන්නේ. ප්‍රතිසන්ධි
    වීඥානය යුක්තානුව සැදී අවසන් වූ පසු එකතු විය හැක්කක් නොවේ. යුක්තානුව හැදෙන්නේද නැද්ද තීරණය වන්නේ ප්‍රතිසන්ධි වීඥානය එකතුවූ පසු යයි බුදු දහම උගන්වයි. මෙය එකතු වන්නට අවශ්‍ය කරුණු තුන ටෙස්ට් ටියුබ් හි නොමැත. පොඩි ප්‍රහේලිකාවක් නොවේද?

  38. @අබු ෆාතිමා,

    ඔබතුමාට නම් කොපමණ කිව්වත් වැඩක් නැත. නැවතත් ඔබතුමා විසින් යම් කෙනෙකු විසින් ලියන ලද්දක් මෙහි දමා එය බුද්ධ ධර්මය යයි ඔප්පු කිරීමට යත්න දරයි. මා නැවතත් කියන්නේ බුද්ධ ධර්මය යනු විවිද පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන්නා වූ මතවාදයන් නොවේ. ඔබතුමාට බුද්ධ ධර්මය අවබෝධ කිරීමට අවශ්‍ය නම් ත්‍රිපිටක ග්‍රන්ථ, පෙළ අටුවා සහ විවිද පුද්ගලයන් විසින් ලියන ලද අර්ථ විවරණයන් කියවීමත් විවද ස්වාමීන් වහන්සේලා සහ උගත් ගිහියන් විසින් සිදු කරනා ලද ධර්ම දේශනා සහ දේශනා උපයෝගී කොට ගත යුතුය. නමුත් මෙහිදී කරුණු කාරණා විචාර බුද්ධියකින්, විමසා, විචාරා, ගැටළු මතු කරමින් පරිශීලනය කල යුතුය. යමක් ත්‍රිපිටකයේ පවා තිබු පමණින් පිලි නොගන්න. බුදුරජාණන් වහන්සේද දේශනා කලේ මෙයයි. [දිනක් බුදුරජාණන් වහන්සේ සැරියුත් මහා රහතන් වහන්සේ වෙත යම් අවස්ථාවක් පිළිබඳව විස්තර කර මෙසේ ප්‍රශ්න කරයි. “සාරිපුත්තයෙනි ඔබ මා විස්තර කල දෙය පිලිගන්නෙහිද?” එවිට සැරියුත් තෙරණුවෝ මෙසේ පිළිතුරු දෙයි. “සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් කිසිදා අසත්‍යක් නොපවසන බැවින් ඔබ වහන්සේ දේශනා කල දේ අසත්‍යක් විය නොහැකිය. නමුත් මවිසින් එවැනි තත්වයක් තවමත් අත්දැක නොමැති බැවින් මා එය පිලිනොගන්නෙමි” මෙය ඇසු බුදුරජාණන් වහන්සේ පවසන්නේ “සරිපුත්තයෙනි ඔබ විසින් දෙනු ලැබුයේ ශ්‍රේෂ්ට පිළිතුරකි. කිසිදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවා පැවසු යමක් එලෙසින්ම පිළිනොගන්න. එය විමසා විචාරා බලා පිළිගත හැකි නම් පමණක් පිළිගන්න.” – බුදුරජාණන් වහන්සේ පවා දේශනා කලේ මෙවැන්නකි. නමුත් ඔබතුමා මෙහිදී යම් යම් පුද්ගලයන් ලියු මතවාදයන් ගෙනහැර පාමින් මෙය බුද්ධ ධර්මය යයි පවසයි. ඔබතුමා අන්‍ය අගමිකයෙකු නිසා මෙසේ කරන්නේ යයි සිතය හැකිය. නමුත් මෙය බුද්ධ දේශනාවට ඉඳුරාම පටහැනි ක්‍රියාවකි.]

    තවද බුද්ධ ධර්මය හැදැරීමේදී පළමුව සරල කරුණු පිළිබඳව අවබෝධ කල යුතුය, ධර්ම කරුණු පළමු කොට සරලව තේරුම්ගත යුතුය. ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් ගැඹුරු කරුණු වෙත ය යුතුය. හදිස්සියට හෝ එක කරුණක් පමණක් තේරුම් ගැනීමට සිතා හෝ එක්වරම ගැඹුරු කරුණු වෙත ගිය විට සිදු වන්නේ වල්මත් වීමටය. එවිට අග මුල කෙසේ වෙතත් ධර්ම කරුණු ගැන පවා අවබෝධයක් ලැබිය නොහැක.
    [ඔබතුමා පටාචාරාවන්ගේ කතා පුවත අසා ඇත්තේද? ස්වකීය ස්වාමියා හා දරු දෙදෙනා ඇයට එක් දිනක් තුලදී අහිමි විය. එයින් ඉමහත් චිත්ත පිඩාවට පත් වූ ඇය එක් දරුවෙකුගේ සිරුරක් ඔසොවා ගෙන තමාට පිහිටවන ලෙසත් (මළ) දරුවාගේ ජීවතය බේරා දෙන ලෙසත් මහ මග හමුවුවන් ගෙන් අයදමින් නගරය පුරා සැරිසරන්නට විය. බොහෝ අයවලුන් ඇය පිස්සියක් ලෙස සලකා මගහැර යන ලදී. නමුත් ඇය වෙත අනුකම්පා කල එක් පුද්ගලයෙක් ඇය වෙත බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කල ස්ථානය පෙන්වා උන්වහන්සේට ඇයට පිහිටවිය හැකි බව පවසන ලදී. මෙවිට මළ දරුවාගේ දේහයත් සමග බුදුරජාණන් වහන්සේ වෙත ගිය පටාචාරාවන් තම දරුවා බේරා දෙන ලෙස බුදු හිමි ගෙන් ඉල්ලා සිටින ලදී. මෙවිට ඇයට පිහිට වීමට එකඟ වූ බුදුරජාණන් වහන්සේ පටාචාරාවන්ට පවසන ලද්දේ කව්රුවත් නොමල නිවසකින් අබ ඇට ස්වල්පයක් රැගෙන එන ලෙසය. පටාචාරාවන් මුළු නගරය සිසාරා ඇවිද්දද කව්රුන් හෝ නොමල නිවසක් සොයා ගත නොහැකි විය. කෙමෙන් කෙමෙන් පටාචාරාවන් හට වැටහෙන්නට වුයේ කිසිවකු නොමල නිවසක් නොමැති බවත් ඉපදෙන සියලු දෙනා කෙදිනක හෝ මිය යන බවත්ය. යලිත් වරක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි පටාචාරාවන් තමා තේරුම් ගත් දේ බුදුරජාණන් වහන්සේට පැවසුවාය. එවිට බුදුරජාණන් වහන්සේ කල අනුශාසනාවන් මගින් පැවිදි වූ ඇය රහත් ඵලයට පත් වුවාය. – මෙම කතා පුවතින් ගත හැකි එක් කරුණක් වෙත ඔබතුමාගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. බුදුරජාණන් වහන්සේ පටාචාරාවන්ට පළමු මොහොතේදී ජීවිතයේ අනිත්‍ය ස්වභාවය ගැන විස්තර කිරීමට ගියේ නැත. උන්වහන්සේ එසේ කලේ ඇයි?? උන්වහන්සේ එසේ කලේ එක්වරම ගැඹුරු ධර්ම කරුණු කියා දෙන්නට ගියහොත් ඇයට පිහිට වනවා වෙනුවට ඇයව තවත් ඇදවැටීමට ලක් වන බැවිනි. ඇය ඒ මොහොතේ එම කරුණු තේරුම් ගැනීමට සුදුසු තත්වයක සිටියේ නැත. ඒ නිසාවෙන් බුදුරජාණන් වහන්සේ ඇයට එය ක්‍රමයෙන් වටහාදෙන්නටයි එසේ අනුශාසනා කලේ. එනම් පළමුව සියල්ලන් මිය යන බව ඇයට සරලව වටහදී පසුව ගැඹුරු කාරණා කියා දෙන ලදී. – යමෙකු බුද්ධ ධර්මය හදාරන්නේ නම් (තමන්ට පටාචාරාවන්ට මෙන් සිද්දියක් නොවුවත්) අනුගමනය කලා යුත්තේ මෙම ක්‍රියාවලියයි.]

    ඔබතුමා විසින් උපුටා දක්වන ලද ““පුනරුත්පත්ති විශ්වාසය හා බුදුන්ගේ ධර්මය” (ටී. ඒ. පී. ආරියරත්න.)” ලිපියේ අඩංගු බොහෝ කාරණාවන් සමග මා එකඟ නොවෙමි. සමහර සාවද්‍ය කරුණුද එහි අඩංගු බව මගේ මතයයි.

    මෙයට පෙර ඔබතුමා විසින් පල කල ප්‍රතිචාරයේ ඔබතුමා විසින් නොපිලිගතත් කිසිදු තර්කානුකුල බවක් නම් නැත. නිවුන් දරු උපත් පිළිබඳවද ඔබ සඳහන් කරනා දෙයහි කිසිදු පදනමක් නොමැත.

    මා නැවතත් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනුයේ එක්වරම ගැඹුරු ධර්ම කරුණු වලට නොයා පියවරෙන් පියවර පළමුව සරල කරුනුත් පසුව ධර්ම කරුණු සරලවත් වටහාගෙන ක්‍රම ක්‍රමයෙන් ගැඹුරු කරුණු වෙත යන ලෙසයි.

  39. @ KHL

    ඔබතුමා මා ඉදිරි පත් කරන කරුණු සමග එකඟ වීමට බලපෑමක් කිරීමට මා කොහෙත්ම අකමැත්තෙමි. එයත් පදනම්වී ඇත්තේ අල් කුර්ආනයේ ඉගැන්වීමක් මතයි. අල් කුර්ආනයේ 2:256 වැනි වාක්‍ය මේ පිළිබඳව කරුණු පැහැදිලිකරයි. එනම් දහම පිළිබඳව බලපෑම් නොකලයුතුබව උගන්වන එම වැකියෙන් මා බැඳී ඇත්තෙමි. “ඔබතුමාට කොච්චර කිව්වත් වැඩක නැත, ධර්ම කරුණු සරලව වටහා ගෙන පසුව ගැඹුරු කරුණු ඉගෙන ගන්න. නිවුන් දරු උපත ගැන ඔබ කියනා කරුණු වල කිසිම පදනමක් නොමැත, ඔබගේ ප්‍රතිචාර ප්‍රතික්ෂේප කරමි. ආරියරත්න මහතාගේ කරුණු සමග මා එකඟ නොවෙමි, එහි සමහර කරුණු සාවද්‍යය” මෙය ඔබතුමාගේ පිළිතුරේ අඩංගු සමහර කොටස්ය. මට කළහැකි වී ඇත්තේ ඔබතුමාගේ අදහස් කෙරෙහි සානුකම්පිකව බැලීම හැර අන් කිසිවක් නොවේ. මගේ ආයාචනය මෙයට වඩා විවෘත මනසකින් හා බුද්ධිමත්ව කරුණු සාකච්චා කරන ලෙසයි. පුනර්භවය පිළිබඳව ඉදිරිපත් කිරීමට තව බොහෝ කරුණු ඇතත් දැනට ඉදිරිපත් වී ඇති සාධක විචාරශීලී විමසුමක යෙදෙන අයට එය ප්‍රමාණවත් යැයි සිතමි.

  40. @ KHL

    පහතින් මා උපුටා දක්වා ඇත්තේ ඔබතුමාගේ ලිපියේ කොටසකි:
    “ඔබතුමාට බුද්ධ ධර්මය අවබෝධ කිරීමට අවශ්‍ය නම් ත්‍රිපිටක ග්‍රන්ථ, පෙළ අටුවා සහ විවිද පුද්ගලයන් විසින් ලියන ලද අර්ථ විවරණයන් කියවීමත් විවද ස්වාමීන් වහන්සේලා සහ උගත් ගිහියන් විසින් සිදු කරනා ලද ධර්ම දේශනා සහ දේශනා උපයෝගී කොට ගත යුතුය. නමුත් මෙහිදී කරුණු කාරණා විචාර බුද්ධියකින්, විමසා, විචාරා, ගැටළු මතු කරමින් පරිශීලනය කල යුතුය. යමක් ත්‍රිපිටකයේ පවා තිබු පමණින් පිලි නොගන්න. බුදුරජාණන් වහන්සේද දේශනා කලේ මෙයයි.
    [දිනක් බුදුරජාණන් වහන්සේ සැරියුත් මහා රහතන් වහන්සේ වෙත යම් අවස්ථාවක් පිළිබඳව විස්තර කර මෙසේ ප්‍රශ්න කරයි. “සාරිපුත්තයෙනි ඔබ මා විස්තර කල දෙය පිලිගන්නෙහිද?” එවිට සැරියුත් තෙරණුවෝ මෙසේ පිළිතුරු දෙයි. “සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් කිසිදා අසත්‍යක් නොපවසන බැවින් ඔබ වහන්සේ දේශනා කල දේ අසත්‍යක් විය නොහැකිය. නමුත් මවිසින් එවැනි තත්වයක් තවමත් අත්දැක නොමැති බැවින් මා එය පිලිනොගන්නෙමි” මෙය ඇසු බුදුරජාණන් වහන්සේ පවසන්නේ “සරිපුත්තයෙනි ඔබ විසින් දෙනු ලැබුයේ ශ්‍රේෂ්ට පිළිතුරකි. කිසිදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවා පැවසු යමක් එලෙසින්ම පිළිනොගන්න. එය විමසා විචාරා බලා පිළිගත හැකි නම් පමණක් පිළිගන්න.” – බුදුරජාණන් වහන්සේ පවා දේශනා කලේ මෙවැන්නකි. නමුත් ඔබතුමා මෙහිදී යම් යම් පුද්ගලයන් ලියු මතවාදයන් ගෙනහැර පාමින් මෙය බුද්ධ ධර්මය යයි පවසයි. ඔබතුමා අන්‍ය අගමිකයෙකු නිසා මෙසේ කරන්නේ යයි සිතය හැකිය. නමුත් මෙය බුද්ධ දේශනාවට ඉඳුරාම පටහැනි ක්‍රියාවකි.]”

    අප නැවත වරක් ඉතා වැදගත් කරුණක් පැහැදිලි කරදිය යුතුව ඇත. එනම් වර්තමාන බුදු දහම බුද්ධ භාෂිත දහමක් ලෙස පිළිගැනීමට හැකියාවක් තිබේද යන්න අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතුව ඇත.

    මේ සම්බන්ධ විස්තරයක් ඔබතුමාගේ අවධානයට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි. මේ සම්බන්ධව ඔබතුමාගේ පිළිතුර කල්ඇතුවම මා දන්නා නිසා අඩුවශයෙන් අනෙකුත් ගෞරවනීය පාඨකයින් මේ අදහස් පිළිබඳව විමසුමක යෙදෙයි කියා අපේක්ෂා කරන්නෙමි.

    “බුදුරදුන් ජීවමානව වැඩසිටි පන්සාලිස් (45) වසර තුළ දේශිත ධර්ම කොට්ඨාශ අති විශාලය. එම ධර්ම කොට්ඨාශ මුල් යුගයේදී භාවිතා වූයේ ධර්ම විනය වශයෙනි. එය සංගායනාවලදී දැරීමේ හෙවත් පවත්වාගෙන යාමේ පහසුව සඳහා විනය, සුත්‍ර, අභිධර්ම වශයෙන් කොටස් කරන්නට යෙදිනි. අද අප ත්‍රි පිටකය යනුවෙන් හඳුන්වනුයේ එයයි. බුදුරදුන් වදාලතාක් ධර්ම කොට්ඨාශයන්හි හරය මෙහි අන්තර්ගතය” (බුදු දහමේ පැන විස්ඳුම් – දෙවන කොටස 23 පිටුව – ඉඟුරුවන්නේ පියනන්ද මහනාහිමි)

    බුද්දක නිකායේ ථේර ගාථා පාළි 1029 වැනි ගාථාව අනුව ධර්ම ස්කන්ධය කොටස් අසූහාර දහසක් බව සඳහන් වේ.

    එය සමන්චිත වන්නේ පහත සඳහන් ආකාරයටයි.
    විනය පිටකය ධර්ම ස්කන්ධ 21,000
    සුත්‍ර පිපිටකය ධර්ම ස්කන්ධ 21,000
    අභිධර්ම පිටකය ධර්ම ස්කන්ධ 42,000

    අද පවතින ත්‍රිපිටකය සම්පූර්ණයෙන්ම බුදුන්ගේ දේශණයන් පමණක්ද යන්න දැන ගැනීමට ඇති ප්‍රධානතම බාධකය වශයෙන් පවතින්නේ මෙම ග්‍රන්ථයන් කිසිවක් බුදුන් දවස ලේඛණ ගත කොට අද දක්වා සුරක්ෂිතව පවත්වාගෙන නොඒමයි. ශත වර්ෂ හතරක් පමණ මුඛ පරම්පරාවකින් පවත්වාගෙන ආ ධර්මය කුමන වෙනස්කම්වලට ලක්වී ඇති දැයි විස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කිරීම ඉතා අසීරු කරුණක් බවට පත්වී ඇත. මේ සම්බන්ධයෙන් දැනට ඇති ඓතිහාසික විස්තර හා විද්වතුන්ගේ මත පරිශීලනය කිරීමෙන් අපට යම් මතයක් ගොඩ නගා ගන්නට හැකිවේ යැයි විශ්වාස කරන්නෙමු. අපගේ අවධානය පළමුවෙන්ම යොමුවිය යුත්තේ ධර්ම සංගායනා පිළිබඳව ඇති විස්තර කෙරෙහි බවයි අපගේ අදහස වන්නේ. බුදුන්ගේ පරිනිර්වාණයෙන් සත්වන දිනයෙහි සුභද්ර නම් මහළු වියෙහි පැවිදි වූ භික්ෂුවකගේ නොමණා ප්‍රකාශණයන් හේතු කොට ගෙන කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පරිනිර්වානයෙන් තුන් මසකට පසුව අජාසත් රජුගේ අභිෂේඛයෙන් අටවන වසරේදී රහතන් වහන්සේ 500 නමකගේ සහභාගිත්වයෙන් රජගහ නුවර සප්ත පර්ණි නම් ගල්ගුහා ද්වාරයෙහිදී පලමුවන ධර්ම සංගායනාව පවත්වන ලදී. සංගායනාව නිම වීමට සත් මසක් ගත වූ බව සඳහන් වේ. මෙම ධර්ම සංගායනාවේදී වගකීම පහත සඳහන් අයුරින් පවරන ලද බව නාරද ස්ථවිරයන් වහන්සේ විසින් රචිත “ධර්ම සංග්‍රහය” නම් ග්‍රන්ථයේ 193 පිටුවේ සඳහන් වේ.
    “’විනය පොත් පස සංගායනා කොට මේ විනය පිටකයයි” නම් තැබූහ. එය උපාලි ස්ථවිරයන් වහන්සේ හා උන්වහන්සේගේ ශිෂ්ය පිරිසට පවරන ලදී. සුත්‍ර පිටකයෙහි ප්‍රථම කොට දීඝ නිකාය සංගායනා කොට එනම් තබා ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්ය පිරිසට හැදෑරීමට උන්වහන්සේට පවරන ලදී. දෙවනුව සංගායනා කොට නම් කළ මජ්ජිම නිකාය සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්ය පිරිසට පවරන ලදී. තෙවනුව සංගායනා කොට නම් කළ සංයුක්ත නිකාය මහා කාශ්යප ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්ය පිරිසට හැදෑරීමට පවරන ලදී. සිව්වනුව දෙසු අංගුත්තර නිකාය අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්ය පිරිසට හැදෑරීමට පවරන ලදී.”

    ඉහත ප්‍රකාශණය අනුව ගැටළු කිහිපයක් මතුවන්නේය. එනම් දැනට භාවිතාවේ ඇති සුත්‍ර පිටකයේ පස්වන කොටසවූ ඛුද්දක නිකාය පිළිබඳ කිසිම සඳහනක් මෙහි දක්නට නොලැබේ. මෙයටත් වඩා ගැඹුරු ගැටළුවක් වන්නේ ධර්ම කොටස් 42000 කින් (50%) සමන්චිත යැයි කියවෙන අභිධර්ම පිටකය මෙම සංගායනාවට ඉදිරිපත් කරන ලද බවට කිසිම සාක්ෂියක් නොමැති වීමයි. ධර්ම කොටස් 21000කින් (25%) යුත් සුත්‍ර පිටකයෙන් පහෙන් කොටසක් එනම් එයින් 20% ක් වූ ධර්ම කොටස්ද පලමුවන ධර්ම සංගායනාවට ඉදිරිපත් කොට නොමැති බව මෙම කරුණුවලින් මනාව සනාථ වන්නේය.

    මේ සම්බන්ධව පහත සඳහන් අදහස්වලටද ඔබගේ අවධානය යොමුකරවන්නට කැමැත්තෙමු. උස්ගමුයායේ සමිත හිමි රචිත “ප්‍රශ්නෝත්තර සහිත ත්‍රිපිටකයෙහි සංවර්ධනය සහ පාලි වංශ කථා” හි සඳහන් පරිදි සුත්‍ර පිටකයේ අවසාන නිකාය ග්‍රන්ථය ලෙස සම්මත වී ඇත්තේ බුද්දක නිකායයි. මෙහි ඓතිහාසික තත්වය පිළිබඳ විවිධ වූ මතභේද පවතී. මුල් නිකාය සතර තරම් මූලික ග්‍රන්ථ සංඛ්‍යාවෙහිලා සැලකීමේදී බුද්දක නිකායට තැනක් හිමි වූ බවක් නොපෙනේ….. ථෙරවාදී පාලි සම්ප්‍රදාය හැරුණු විට වෙනස් කිසිම බෞද්ධ සම්ප්‍රදායක සුත්‍රපිටකයේ බුද්දක නිකාය නම් වූ මූලික ග්‍රන්ථයක් ගැන පිළිගැන්මක් නැත.” (45 පිටුව)
    “බොහෝ පරස්පර විරෝධී මත භේදයට ලක්වූ නිකායක් ලෙස බුද්දකනිකාය සැලකිය හැකිය.” (48 පිටුව)
    “ඓතිහාසික සහ ශාසනික සටහන්වල සඳහන් වන පරිදි අභිධර්මය පළමුවන හා දෙවන ධර්ම සංගීතිවලදී සංගායනා නොකළ බව පෙනේ.” (66 පිටුව)

    නූතන බුදු දහමේ න්‍යෂ්ටිය ලෙස සැලකෙන අභිධර්ම පිටකය පිළිබඳව ඉහත අදහස්වලට අමතරව තවත් විද්වතුන් කිහිප දෙනෙකුගේ අදහස් ගෙනහැර දක්වන්නට කැමැත්තෙමු. ආචාර්ය කිරින්දේ ධම්මානන්ද නාහිමි විසින් රචිත “බෞද්ධ විශ්වාස විමර්ශනය” නම්ග්‍ රන්ථයේ ඉදිරිපත් කර ඇති අදහස්ද ඔබගේ විචාරය සඳහා ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.
    “ඇතැම් විද්වතුන් තහවුරු කරන්නේ අභිධර්මය බුදුරදුන් දේශනා කරන ලද්දක් නොව මූලික බුද්ධ දේශනා පිළිබඳව කළ අටුවා තුළින් වැඩුණු එකක් සේය….. බුදුරජාණන් වහන්සේ විසින් අභිධර්මය ඉගැන්වීම සත්‍ය වශයෙන්ම කරන ලද්දේද නැද්ද යනු අතීතයේ සිට මත භේදයට ලක්වී ඇත.” (84 පිටුව)

    බුදු දහමේ හරය ලෙස සැලකෙන අභිධර්ම පිටකය අතීතයේ සිට මත භේදයට ලක්වී ඇති කරුණක් නම් මෙම මතභේද තුලින් අපට ලද හැකි ප්‍රයෝජනය කුමක්ද යන්න සිතා බැලීමට සිදුවෙනවා නොවේද?
    ජාත්‍යන්තර කීර්තියට පත් පාලි හා බෞද්ධ විද්වතුන්ගේ මතද මේ සම්බන්ධයෙන් විමසා බලමු. මහාචාර්ය එඞ්වඞ් ජේ. තෝමස් තම “Life of Buddha as Legend and History” යන ග්‍රන්ථයේ දක්වන අදහස් අප සැමගේ අවධානයට ලක්විය යුත්තක් බව අපගේ මතයයි. එම අදහස්හි සිංහල පරිවර්තනය පහතින් දක්වා ඇත්තෙමු.

    “සුත්‍රපිටකයේ අඩංගු කරුණු බොහොමයක් බුදු දහමේ විවිධ අනුගාමික කොටස්වලට පොදු වූවත් අභිධර්ම පිටකය තේරවාදීන්ට පමණක් සුවිශේෂ වූ ග්‍රන්ථයකි. අනිකුත් අනුගාමික කොටස් අතරේ ඇති අභිධර්ම පිටකය ථේරවාදීන්ගෙන් වෙනස් වූ එකකි…. පලමු ධර්ම සංගායනාවේදී සංග්‍රහහ කරන ලද පිටක ලැයිස්තුවේ අභිධර්ම පිටකය දක්නට නොමැත. බෞද්ධ වියතුන්ගේ මතය වී ඇත්තේ එය බුදුන්ගේ දේශණාවලින් බිහිවූවක් නොවන බවයි.”කථා වත්ථු” යන කොටස දෙවන සංගායනාවේදී එක්කරන ලද්දකි. බෞද්ධ වියතුන් දක්වන්නේ මෙය තුන්වන ධර්ම සංගායනාවේදී එනම් පරිනිර්වානයෙන් වසර 218කට පසුව මොග්ගල්ලි පුත්ත තිස්ස විසින් ඉදිරිපත් කරන ලද්දක් හෙයින් එය ප්‍රතික්ෂේප කල යුත්තක් බවයි.” (255 පිටුව)

    ඉහත අදහස් තවදුරටත් සනාථ කරන අදහස් කිහිපයක් ඔබගේ අවධානය සඳහා ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.
    “ප්‍රථම සංගීතියේදී ඛුද්දක නිකාය පවත්වාගෙන යෑම සඳහා පරපුරක් නම් කළ බවක් නොපෙනේ. එසේම අභිධර්ම පිටකය පිළිබඳව මෙහි කිසිවක් සඳහන් නොවේ……. කාලාශෝක රජතුමාගේ දායකත්වය යටතේ සබ්බකාය තෙරුන්ගේ පුධානත්වයෙන් සත් සියයක් තෙරුන්ගේ සහභාගිත්වයෙන් විශාලා මහනුවර වාලූකාරාමයේදී මෙම දෙවන ධර්ම සංගීතිය පවත්වන ලදී. ප්‍රථම සංගීතියේදී ඇති වූ කිසිවක් වෙනස් නොකළ නමුත් පායාසි සුත්‍රය, සුභ සුත්‍රය ආදී නවතම දේ මෙයට එකතු කළහ.” (ත්‍රිපිටකයෙහි සංවර්ධනය සහ පාලි වංශ කථා – උස්ගමු යායේ සමිත හිමි – 21 පිටුව)

    ඉහතින් දැක්වූයේ දෙවන සංගීතියේදීද ධර්මයට අළුතින් එකතු කරන ලද කරුණු පිළිබඳව කෙටි අදහස් දැක්වීමකි. තවත් ඉතාම වැදගත් කරුණු කිහිපයක් තත්කාලීන බුදුදහම අවබෝධ කර ගැනීම පිණිස ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. පලමු සංගීතියට ඛුද්දක නිකාය ඉදිරිපත් නොකරන ලද බව පැවසීමෙන්, කෙනෙකුට අවබෝධ විය හැක්කේ එහිදී ඉදිරිපත් කරන ලද සුත්‍රපිටකයේ නිකාය හතර එලෙසින්ම අති පාරිශුද්ධයෙන් සුරැකී අද අප අතට පත්වී ඇති බවය. මේ සම්බන්ධව ඇති නොබිඳිය හැකි ප්‍රබල මතයක් ඔබගේ විචාරය පිණිස ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. සුත්‍රපිටකයේ ඉතා වැදගත් කොටසක් වූ දීඝ නිකායට (දෙහිවල – නැදිමාල, බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානයෙන් 1996දී මුද්රිත) සමාලෝචනයක් ඉදිරිපත් කරන කොළඹ මාළිගාකන්දේ විද්යෝ දය පිරිවෙනේ පරිවේණාධිපතිව සිටි, ත්‍රිපිටක වාගිශ්වරාචාර්ය, මහෝපාධ්ය, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අකුරැටියේ අමරවංසාභිධාන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක නාහිමිපාණන් පහත සඳහන් අයුරින් අදහස් ඉදිරිපත් කොට ඇත.

    “අද අපට දක්නට ලැබෙන දීඝ නිකාය ප්‍රථම ධර්ම සංගායනාවේදී සංග්‍රහ කරන ලද ආකාරයෙන්ම පැවත එන දීඝ නිකායද යන්න ඉඳුරාම කිව නොහැකිය. ප්‍රථම සංගායනාවට පසුව තවත් සංගායනා කිහිපයක් පවත්වනු ලැබිණි. ඒ සංගායනාවලදී මෙම නිකාය හා බෙදීම් නැවතත් සංස්කරණයන්ට භාජන වන්නට ඇත. ඒ නිසා වඩාත් පිලිගත හැකි මතය වශයෙන් ගෙන හැර දැක්විය හැක්කේ අද අපට දක්නට ඇත්තේ ප්‍රථම සංගායනාවේදී සංග්‍රහ කරනු ලැබීමෙන් අනතුරුව වරින්වර පැවති සෙසු ධර්ම සංගායනාවලදී සංස්කරණයන්ට පාත්‍ර වෙමින් ක්‍රමක් ක්‍රමයෙන් අඩු වැඩි කිරීම්වලට භාජන වීමෙන් සැකසී ඇති සුත්‍ර එකතුවක්ය යන්නය. කෙසේ වුවද මෙම සංස්කරණ ක්‍රියාවලියේ කාලානු පිලිවෙල නිශ්චිත වශයෙන් තීන්දු කිරීම අතිශයින් දුෂ්කරය. සමහර එක් එක් සුත්‍ර අතර පමණක් නොව එකම සුත්‍රයේ කොටස් අතරද කිසියම් කාල වෙනසක් පවතින බව වියතුන්ගේ මතයයි. දීඝ නිකායේ සුත්‍ර අතර ’බ්‍රහ්මජාල සාමඤ්ඤඵල, තේවිජ්ජ, යනාදී සුත්‍රයන් පැරණිතම සුත්‍ර ගණයෙහිලා වියතුන් විසින් සලකනු ලැබේ. එසේම ජන වසභ, මහා සුදස්සන, ලක්ඛණ ආදී සුත්‍ර වඩා පසු කලෙකට අයත් යයි පිළිගත් මතයක් වේ. ඉතා වැදගත් එමෙන්ම ඉතා දිග සුත්‍රයක් වන මහා පරිනිබ්බාන සුත්‍රය විවිධ වකවානුවලට අයත් කොටස් එකතු කිරීමෙන් සංස්කරණය කරණ ලද්දක් බව බොහෝ වියතුන්ගේ මතයයි. එමෙන්ම සුභ සුත්තරය බුද්ධ පරිනිර්වාණයෙන් පසු ආනන්ද මහ රහතන් වහන්සේ විසින්ද පායාසි රාජඤ්ඤ සුත්‍රය කුමාර කාශ්යප මහ රහතන් වහන්සේ විසින්ද දේශනා කරන ලද බව එම සුත්‍රයන්හිම සඳහන් වේ. දීඝ නිකාය සංස්කරණයේ හෝ ඒ ඒ සුත්‍රයේ හෝ කාලානු පිළිවෙල පිළිබඳ ඒකාන්තයෙන් පිළිගත හැකි මතයක් ගෙන හැර දැක්විය නොහැක්කේ එවන් නිශ්චිත නිගමනයකට එළඹීමට තරම් ප්‍රමාණවත් ශාස්ත්‍රීය හා විද්යාත්මක සාක්ෂීන් නොමැති වීමත් දැනට ඉදිරිපත් කොට ඇති සියලූම මතවලට ඒ ඒ මත ඉදිරිපත් කොට ඇති වියතුන්ගේ පෞද්ගලික මතිමතාන්තරද බලපා ඇති නිසාත්ය.”

    බෞද්ධ මූල ග්‍රන්ථයන් පත්වී ඇති අසරණ තත්වය ඉහත සඳහන් අති ශ්‍රේෂ්ඨ බෞද්ධ වියතුන්ගේ මතයන්ගෙන් ඉතා හොඳින් පැහැදිලි වන කරුණකි. පලමු ධර්ම සංගායනාවට අභිධර්ම පිටකය හා සුත්‍ර පිටකයේ ඛුද්දක නිකාය ඉදිරිපත් නොවීමෙන් ඉතා හොඳින් පැහැදිලි වන්නේ මේ ග්‍රන්ථ කොටස් දෙක පසු කලෙක එකතු කරන ලද හා නිශ්චිත වශයෙන්ම බුදුන්ගේ දේශනාවලින් පරිබාහිර වූ අංශ හැටියටය. අවාසනාවකට ඉහත විස්තරවලින් පෙනී යන්නේ පලමු සංගායනාවට ඉදිරිපත් කරන ලද ධර්ම කොට්ඨාශද අද පවතින්නේ විවිධ විකෘත කිරීම්වලට ලක්වීමෙන් බුදුන්ගේ ඉගැන්වීම් ලෙස පිලිගන්නට නොහැකි තත්වයකය. අකුරැටියේ නායක හාමුදුරුවන් විසින් දීඝ නිකායට සැපයූ සමාලෝචනයේ තවත් කොටස් කිහිපයක් පහතින් උපුටා දක්වන්නට කැමැත්තෙමු.

    “මහා ගෝවින්ද සුත්‍රය බෝධි සත්වයින් පෙර ආත්මභවයක මහා ගෝවින්ද නමින් ඉපිද ධ්යාන වඩමින් දැහැමි ජීවිතයක් ගත කළ ආකාරය විස්තර කරන සුත්‍රයකි. මහා සමය සුත්‍රය දීර්ඝ දේව නාමාවලියකි. ජනවසභ සුත්‍රය බිම්බිසාර රජ යක්ෂයකුව ඉපිද බුදුරජාණන වහන්සේ හමුවීමට පැමිණීමේ සිද්ධිය මුල්කොට ඇත්තකි. මෙම වර්ගයේ සුත්‍ර බෙහෝමයකින්ම පැහැදිලි වන්නේ බුදු දහම ජනප්‍රියවී වී පොදු ජනයා අතරට යෑම හේතුකොටගෙන විවිධ ජනප්‍රිය ඇදැහිලි හා විශ්වාස බුදු සමය තුළට ඇතුළුවීමට පටන් ගත් ආකාරයයි. යක්ෂ, දේව විශ්වාස මෙන්ම පෙර බුදුවරයන් පිළිබඳ විශ්වාසයද, බෝධි සත්ව සංකල්පයද මේ වන විට සීඝ්‍රයෙන් දියුණු වෙමින් පැවති බව මේ වර්ගයේ සුත්‍ර මගින් පැහැදිලි වේ.”

    නූතන බුදු දහමේ ආරම්භය හා විකසනය සිදු වූ ආකාරය තේරුම් ගැනීමට මෙයට වඩා අදහස් ඉදිරිපත් කිරීමක් අවශ්ය නොවන බව විශ්වාස කරන්නෙමු. ඉහතින් ඉතා නිරවුල්ව හා ඍජුව අදහස් දක්වා ඇති උගත් මෙන්ම ජාත්යන්තර කීර්තියට පත් නායක හාමුදුරුවන්ගේ අදහස්වලින් පැහැදිලි වන්නේ දහමක් සත්ය වීමට අවශ්යහ මූලික කරුණු අතරින් ඉතා වැදගත් අංගයක් වූ මූලික ඉගැන්වීම් එලෙසින්ම සුරක්ෂිත කර තැබීමේ අවශ්යතාවය බුදු දහම සම්බන්ධයෙන් එලෙසින්ම සිදුවී නොමැති බවත් පසුකාලීන එකතු කිරීම්, සංශෝධනයන්, අඩු වැඩි කිරීම්, වෙනත් ආගමික ඇදහිලි හා විශ්වාසයන් යනාදියෙන් කාලයත් සමග දැනට පවතින තත්වය දක්වා පරිනාමයට පත් වූ දහමක් ලෙසයි. මෙවන් දහමක් තුලින් අපට ලද හැකි විමුක්තිය කුමක්ද කියා විචාරශීලීව විමසා බැලීමට අපට සිදුවන බව නිසැකවම ඔබත් පිළිගනු ඇතැයි විශ්වාස කරන්නෙමු. අකුරැටියේ නායක හාමුදුරුවන්ගේ සමාලෝචනයෙන් තවත් කොටස් කිහිපයක් ඔබගේ අවධානය පිණිස ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

    “බුදු රජාණන් වහන්සේ ක්‍රමක්ක්‍රමයෙන් මිනිස් බවෙන් ඈත් කරමින් අති මානුෂේය මහා පුරුෂයෙකුගේ තත්වයට නැංවෙන ආකාරය හඳුනා ගැනීමට ලක්ඛණ සූතරය උපාකාරී වන බව කිව හැකිය. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව දැනගැනීමට මේ සුත්‍රය කියවීම ඉතා වැදගත්ය”

    මෙම සමාලෝචනයේ ආරම්භයේදීම අකුරැටියේ නායක හාමුදුරුවන් පවසා සිටියේ ලක්ඛණ සුත්‍රය පසු කාලෙකදී එකතු කරන ලද සුත්‍ර යක් බවය. මෙයින් අදහස් වන්නේ මිනිසුන්ට හොඳ නරක කියාදුන් ශ්රේ ෂ්ඨ ගුරුවරයෙක් ලෙස සැලකිය හැකි බුදුන් වහන්සේට පසු කලෙකදී උන්වහන්සේගේ අනවසරයෙන් එකතු කරන ලද දේවලින් උන්වහන්සේගේ සැබෑ ස්වරූපයද සහමුලින්ම වෙනස් කොට ඇති බවය. අතිශයොක්තිය අපගේ හුරු සිරිතක් වූවත් දහමක් විකෘති කරන්නට මෙවැන්නක් එකතු කිරීමෙන් සිදු වන්නේ මුළු මහත් මිනිස් සංහතියම මංමුලාවකට පත්කරවීමය. මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව බෞද්ධ විද්වතෙකුගේ අදහස් උපුටා දක්වන්නට කැමැත්තෙමු.

    “දීඝ නිකායේ ඇම්බැට්ට සුත්රසයේ දැක්වෙන පරිදි ඇම්බැට්ට නම් බමුණෙකු බුදුන්ට මහා පුරුෂ ලක්ෂණ තිබේදැ’යි සැක කොට එය පරීක්ෂා කිරීම සඳහා බුදුන් වෙත ගියේය. ඔහු පැමිණි කාරණය දිවැසින් දුටු බුදුහු මහා පුරුෂ ලක්ෂණ 32න් දෙකක් පහසුවෙන් නොපෙනෙන හෙයින් ඒ දෙක විශේෂයෙන් පෙන්වුහ. ඉන් එකක් වුයේ බුදුන් වහන්සේගේ ලිංගය ය. එය සෘධි බලයෙන් අම්බැට්ටයාට පෙන්වා තිබේ. එවැනි දෙයක් මොනම ශිෂ්ට මිනිසෙකු පවා කරන දෙයක් ද? බුදුවරයෙකු සෘධි බලයෙන් හෝ වෙන මොනම මගකින් හෝ මෙවැනි දෙයක් කළා යැයි සිතිය හැකිද? ඊළඟට නොපෙනෙන දේ වුයේ උන්වහන්සේගේ දිවය. එය පෙන්වීමට බුදුන් වහන්සේ තම දිව දිගු කොට කන හා නළල පිරිමැද තිබේ. දිව ඔපමණ දිගට දිගු කළ හැකිද? අවශ්ය ද? වෙන මනුෂ්ය යින්ට නැති තරම් දිග දිවක් බුදුන්ට තිබුනාද? දිව පෙන්වීමට ඔතරම් දිගට එය දික් කළ යුතුද? නොඅනුමානයෙන් මෙය සුත්ර පිටකයට එක් කළ පුද්ගලයා සාමාන්ය බුද්ධියක් පවා නැත්තෙකු විය යුතුය” (14 වැනි පිටුව “මිත්‍යා ප්රාතිහාර්ය නැති බුදු දහම” – කේ. එස්. පලිහක්කාර – හිටපු අධ්යාපන අධ්යක්ෂක)

    අතිශයෝක්තිය පිළිබඳව “බුද්ධ වංශ පුරාණය” (ගොඩගේ ප්‍රකාශකයෝ) ග්‍රන්ථයෙහි 5, 6, 12 යන පිටුවල සඳහන් කරුණු කිහිපයක් උපුටා දක්වන්නට කැමැත්තෙමු. දහමක් මුල් ඉගැන්වීම්වලින් වෙනස් කිරීමට මෙම අතිශයෝක්තීන් බලපා ඇති ආකාරය අවබෝධ කරගන්නට මෙම කරුණු උපකාරී වේ යැයි සිතන්නෙමු.

    “ගෞතම ශ්‍රමණයන් (සමණෝ ගෝතමෝ) යන සාමාන්ය ව්‍යවහාරයෙන් මුලදී ත්‍රිපිටකයේ හඳුන්වා ඇති බුදුරදුන් පසුකාලීන් ත්‍රිපිටකායගත ධර්ම ග්‍රන්ථයන්හි අප්පටි පුග්ගල (අන් කිසිවෙකුට සමකළ නොහැකි පුද්ගලයා), සබ්බාභිභු (සියල්ලන් පරාජයට පත්කරවන්නා), සබ්බඤ්ඤු (සියල්ල දන්නා නුවණ ඇති), ලෝකනාථ (ලෝකවාසීන්ට පිහිට ගෙන දෙන්නා), ලෝකජෙට්ඨ (ලොවටම නායක වූ) ආදී ගුණතාවයන්ගෙන් හැඳින්වීම පසුකාලීන අතිශයෝක්තීන්ට පසුබිම් වී ඇතැයි සිතිය හැකිය. එයින් සෑහීමකටද පත් නොවූ පසුකාලීන අටුවා ඇදුරෝ සහ ප්‍රකරණ රචකයෝ උන්වහන්සේගේ ඥානය ප්‍රභේද ගත කරමින් චතු වෛශාරද්යු, එඞ් අසාධාරණ ඥාන ශක්තීන්ද කාය බල දෙතිස් මහා පුරුෂ ලක්ෂණ – අසූ අනූව්ය්ඤ්ජන ආදියෙන් සමලංකෘත රූපකායද වර්ණනා කළහ. සෘද්ධිවිධ ආදිය වර්ණනා කරමින් මහා ආශ්චර්ය අද්භූත මනුෂ්යමයෙකු බවට පත් කළහ. මේ සඳහා වෛදික – බ්‍රාහ්මණ – හින්දු දේව සංකල්පද මහායාන බුද්ධ සංකල්පද බලපා ඇති බව නොඅනුමානය” (12 පිටුව)

    “එබඳු මහෝත්තමයන්ගේ චරිතාපදානය වටා කලින් කලට ආශ්චර්ය අද්භූත සිද්ධි – දේව සංකල්ප ප්‍රබන්ධ වශයෙන් ගොනු වීම හා ගොනු කිරීම ලෝකය තුළ පවත්නා ස්වාභාවික ක්‍රියාවලියකි. ඒ උතුමන් ගරු කරන අදහස් අනුගාමිකයන්ගේ අසීමිත ශ්‍රද්ධා භක්තිය මෙයට ප්‍රධාන හේතුවක් වෙයි…. ප්‍රකරණ සාහිත්ය මේ අතින් බොහෝ දුර ගොස් ඇත. එහි නිරූපිත බුද්ධ චරිතය ඍද්ධිබල – ඥානබල – කාය බල ආදියෙන් විභූෂිත වූ එකම ප්‍රාතිහාර්ය මාලාවකි. උන්වහන්සේ පිළිබඳව පිටක ග්‍රන්තයන්හිම යෙදු අච්ඡරිය මනුස්ස – අදුතිය – අප්පට්ම දසබල යනාදී ගුණපදයන් ඇසුරෙන් පසුකාලීන ග්‍රන්ථ රචකයෝ අති විභූෂණයන් එකතු කිරීමෙන් විචිතරබල බුද්ධ චරිතයක් ගොඩ නැංවූහ. මහායාන බෞද්ධ ග්‍රන්ථ මෙම ප්‍රවර්ධනයේ උච්චතම අවස්ථාව පෙන්වාදෙයි. ඒ අවධිය වනවිට බුදුරදුන් මිනිසත් බව ඉක්මවා ගිය දේවත්වයට පත් වූවෙකු ලෙසට පිළිගැනේ. ජෛන, බ්‍රාහ්මණ ආගමික සංකල්ප මෙයට හේතුභූත වී ඇත. එම සංකල්පයන්ගේ බලපෑම් ථෙරවාදීන්ට කාවැදීමෙන් ඔවුන්ගේ ධර්ම ග්‍රන්තවලටද ඒ අදහස් ගැබ්විය.” (පිටු 5 හා 6)

    බෞද්ධ මුලග්‍රන්ථයන් පමණක් නොව බුද්ධ චරිතයද අන්ධ භක්තියෙන් මතු වූ අතිශයෝක්තීන්ගෙන් විකෘත කර ඇති ආකාරය ඉහතින් ඉදිරිපත් කරන ලද බෞද්ධ විද්වත් මතයන්ගෙන් ඉතා පැහැදිලි ලෙස සනාථ වන්නේය. පාරම්පරිකව තමා වැලඳගත් විශ්වාසයන් හා පිළිගැනීම් පිළිබඳව සෑම බෞද්ධයෙක්ම විචාරශීලීව හා යථාර්තයෙන් නැවත සිතා බැලිය යුතු කාලය එළඹ ඇතැයි බුද්ධිමත් සැවොම පිළිගනු ඇතැයි විශ්වාස කරන්නෙමු. අප නැවතත් බෞද්ධ මුල ග්‍රන්ථ සම්බන්ධව කරගෙන ආ සාකච්ඡාව කෙරෙහි යොමුවෙමු. දීඝ නිකායට අකුරැටියේ නායක හාමුදුරුවන් සැපයූ සමාලෝචනය, අවාසනාවකට මෙන් අළුත් මුද්රණයෙන් ඉවත් කොට ඇත. කීර්තිධර, විද්වත් නායක හාමුදුරුවන්ගේ එඩිතර හා සත්ය තොරතුරු ඇතුලත් මෙම සමාලෝචනය ඉවත් කිරීම, සත්ය වසන් කිරීමට ගත් නිරුවත් උත්සාහයක් හැටියටයි මධ්‍යස්ත ඕනෑම කෙනෙක් දකින්නේ.

    මෙම විෂය සම්බන්ධව තවත් ජාත්යන්තර කීර්තියට පත් විශාරදයින් කිහිප දෙනෙකුගේ අදහස් විමසා බලමු. .’Buddhism’ (බුදු දහම) නමැති ග්‍රන්ථයේ කර්තෘ ක්‍රිස්ස්මස් හම්ජරි , ඔහු ගැන සඳහන් කරමින් තමා අවුරුදු 30ක කාලයක් බුදු දහම හැදෑරූ අතර ලොව ඉන්නා බොහෝ අයට වඩා මෙම විෂය සම්බන්ධව තමන්ට දැනුමක් ඇතැයිද පවසයි. ඔහුගේ මෙම ග්‍රන්ථයේ කොටසක පරිවර්තනය පහතින් සටහන් කොට ඇත්තෙමු.

    “බුදුන් වහන්සේ කිසිවක් නොලියූ අතර, පරිනිර්වානයෙන් ශතවර්ෂ හතරකට පමණ පසුවයි පලමු ලේඛන ගතකිරීම් සිදුවී ඇත්තේ. එනිසා බුදුන් වහන්සේ කුමක් ඉගැන්නුවාද යන්න ගැන නිශ්චිත දැනුමක් කිසිවෙකුටවත් නොමැත. නූතන බුදු දහම අවම වශයෙන් අනු කණ්ඩායම් සහිතව ප්‍රධාන කණ්ඩායම් හතරකට බෙදී තම මතය නිවැරදි බුදු දහම ලෙස පවසති. බුදුන්ගේ මුල් ඉගැන්වීම් සහමුලින්ම වාගේ අහෝසිවී යෑම නූතනයේ සම්පූර්ණ වී ඇති අතර වත්මන් බෞද්ධයන් අද්භූත විශ්වාසයන් පිලිම වන්දනාවන් හා හින්දු ආගමික වත්පිලිවෙත් ආදියෙහි ගිලී සිටිත්. මෙලෙස මුල් ඉගැන්වීම් අහෝසි වී ගොස් ඇති බව අපට පිලිගන්නට සිදුවී ඇත.”

    මෙයයි අවුරුදු තිහක් බුදු දහම හැදෑරූ ජාත්යන්තර විද්වතෙකුගේ මතය බවට පත්වී ඇත්තේ. සාමාන්ය බෞද්ධයෙකුට මෙය විමතිය දනවන කරුණු විය හැක. නමුත් ලාංකීය මෙන්ම ජාත්යන්තර බෞද්ධ විද්වතුන් පිළිගත් සත්ය වන්නේ නූතන බුදු දහම බුදුන්ගේ දේශණ, ඉගැන්වීම් මත පදනම් වී නොමැති බවයි. අප තවත් කීර්තිධර ජාත්යන්තර විද්වතෙකුගේ මතය දෙසට හැරෙමු. 1994 දී “ශ්‍රී ලංකා රන්ජන” නාමයෙන් ජනාධිපති සම්මාන ලාභියෙකු වූ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්යාලයේ සංස්කෘත අංශයේ මහාචාර්ය රිචඞ් ගොම්බිරිජ් මහතාගේ දේශනාවන් පදනම් කරගෙන සකස් කරන ලද “How Buddhism Began” යන ග්‍රන්ථයේ බුදු දහමේ ආගමික මුල ග්‍රන්ථ සියල්ලම පාහේ මුල් ඉගැන්වීම්වලින් බැහැරව ගොස් ඇතැයි ඓතිහාසික සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කොට ඇති අතර එයින් කොටසක් ඔබගේ අවධානය සඳහා ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.
    “ශත වර්ෂ ගණනාවක් තිස්සේ වාචික හා ලේඛණ ක්‍රම මගින් ඉදිරියට ගෙන ඒමේදී මුල් ඉගැන්වීම විකෘත වීම වැලැක්විය නොහැක්කක් වන අතර මෙම මතය සිත්හි දරාගෙන පිටක ග්‍රන්ථ පරිශීලනය කිරීමේදී ඕනෑම අයෙකුට එහි අතිමහත් කොටසක් විකෘතියට පත්වී ඇති බව අවබෝධ කරගත හැකිවනු ඇත.” (පිටුව 10)

    මෙය සැබැවින්ම සිත් කම්පා කරවන හා ඉතා අවාසනාවන්ත තත්වයක් ලෙස අපට පිලිගන්නට සිදුවෙනවා. විකෘතියට භාජනය වූ ඉගැන්වීම් මගින් ලද හැකි ඵලය කුමක්ද කියා නූතන බෞද්ධ ජනයා මෙනෙහි කළ යුතු කාල වකවානුව එළඹ ඇතැයි ඕනෑම අයෙකුට පැහැදිලි වනු ඇත.

    අති ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වූ එච්. ජී. වෙල්ස් තම “An Outline of History – Page 392) යන ග්‍රන්ථයේ දක්වන අදහස නම් :-

    “ගෞතමගේ අනුගාමිකයින් ඔහුගේ ගස ආරක්ෂා කිරීමට අතිමහත් වෙහෙසක් දරා ඇති අතර ඔහුගේ ඉගැන්වීම් සුරැකීමට එයින් අල්පයක්වත් යොදා නොමැති බවයි.”

    මෙහි දැඩි උපහාසයක් අන්තර්ගත වූවත් එයින් පිළිබිඹු කරන අදහස ඉතා ගැඹුරු හා බරපතල එකක් බව අකැමැත්තෙන් හෝ පිලිගන්නට සිදුවෙනවා නොවේද?.

    ජාත්යන්තර කීර්තියට පත් එමෙන්ම ඉතා ජනප්‍රිය බෞද්ධ විද්වතෙකු වූ ආචාර්ය එඞ්වඞ් කොන්ස් තම “Buddhism, Its Essence and Development” යන ග්‍රථයේ සඳහන් කරුණු ඔබගේ විමසුමට පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

    “බුදු දහම කැපී පෙනෙන නම් කිහිපයකින් යුත් හා නිශ්චිත දින වකවානු අල්පයකින් පමණක් යුත් සම්ප්‍රදායන්වල එකතුවකි. නූතන ඓතිහාසික විවේචන පිළිවෙත (Historical Criticism) මෙම සම්ප්‍රදායන් සම්බන්ධයෙන් භාවිතා කිරීමේදී ඉතා ව්‍යාකූලත්වයක් පැන නඟී. ලැන්ග්ලොයි හා සෙයිනබොස් තමන්ගේ “Historical Method” යන ග්‍රන්ථයේ පහත සඳහන් අදහස් දක්වා ඇත.

    “ඕනෑම ලේඛණයක් එහි කතෘ, දින වකවානු හා මුලාශ්‍රයන් ගැන නිශ්චිත නිගමනයකට එන්නට නොහැකි නම් එය කිසිම ප්‍රයෝජනයකට නැති ලේඛණයක් බවට පත්වන්නේය.” ආචාර්ය කොන්ස් මේ ගැන තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටින්නේ “අවාසනාවකට බුදු දහමේ ඉතිහාසය ගොඩ නඟන්නට උපයෝගී කර ගන්නා බොහෝ ලේඛණයන්හි තත්වය මෙයයි.”

    බෞද්ධ ඉතිහාසයේ වැදගත් දින වකවානු ඉහත ආචාර්ය එඞ්වඞ් කොන්ස්ගේ අදහස් අනුව කෙතරම් ව්‍යාකූල තත්වයන් දරන්නේද යන්න පහත විස්තරයන්ගෙන් පැහැදිලි වන්නේය. සිද්ධාර්ත උත්පත්තිය පිළිබඳව පහත සඳහන් දින විෂමතාවයන් හන්ගේරියානු ජාතික කොස්මා ඞී. කොරෝසි විසින් වාර්තා කොට ඇත.
    චීන ග්‍රන්ථවල – ක්‍රි. පූ. 640, 767, 949, 1045, 1130
    ටිබෙට් ග්‍රන්ථවල – ක්‍රි. පූ. 546, 576, 653, 752, 837, 880, 882, 884, 1060, 1310, 2135, 2139, 2144, 2422
    ජපාන ග්‍රන්ථවල – ක්‍රි . පූ. 1000

    ජාත්යන්තර කීර්තියට පත් සමායාන්තර අධ්‍යයනයේ පුරෝගාමියෙක් ලෙස සැලකෙන ආචාර්ය මැක්ස් මුලර් තම “Ancient Sanskrit Literature” නම් ග්‍රන්ථයේ දක්වා ඇති කරුණුද ඔබගේ අවධානයට ගෙන ඒමට කැමැත්තෙමු.

    “බුද්ධ පරිනිර්වානය හා විජය ලංකාවට ගොඩ බැසීම එකම දිනක ක්‍රි. පූ. 543දී සිදුවූ බව මහා වංශය සඳහන් කරතත් මේ බව වෙනත් කිසිම බෞද්ධ ඉතිහාස ග්‍රන්ථයක සඳහන් නොවේ. මේ දින වකවානු සමහර පොත්වල දක්වා ඇත්තේ මහා වංශයෙන් උපුටා ගත් කරුණක් වශයෙනි.”

    තම ඉතිහාසයේ වැදගත් දින වකවානු පිළිබඳව නිශ්චිත භාවයක් නොමැති නම් ආචාර්ය කොන්ස් ඉදිරිපත් කරන අදහස් පදනම් කරගෙන අපට පවසන්නට ඇත්තේ එවන් අවිනිශ්චිතභාවයන් අඩංගු ලේඛණ බුද්ධිමත්ව හා විචාරශීලීව සත්ය ගවේෂණයක යෙදෙන්නෙකුට වැදගත් ලේඛණයක් බවට පිළිගන්නට නොහැකි බවයි. බෞද්ධ පිටක ග්‍රන්ථ පිළිබඳව විවිධ කරුණු ඔබගේ අවධානයට ඉදිරිපත් කර ඇති අතර තවත් විද්වතුන් දෙදෙනෙකුගේ අදහස් පමණක් පහතින් ඉදිරිපත් කර තවත් වැදගත් මාතෘකාවක් සාකච්ඡා කරන්නට අපේක්ෂා කරමු. අපවත්වී වදාළ, පාතකඩ භික්ෂු අභ්‍යාස විද්යාලයාධිපතිව සිටි රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ මහා නායකයන් රචිත “ගැටළු තැන්” නමැති ග්‍රන්ථයේ පිටක ග්‍රන්ථ පිළිබඳව උන්වහන්සේගේ මතය ඉතා පැහැදිලිව හා නිරවුල්ව ප්‍රකාශ කොට ඇත.

    “දැනට සුත්‍ර පිටකයෙහි ඇති ඇතැම් සුත්‍ර දේශනා, බුද්ධ භාෂිත දේශනා වශයෙන් පිළිගත නොහැකිය යන මතයක් අපේ ඇතැම් ධර්මධරයන් තුළ ඇත. ඒ අදහසට මමද එකඟ වෙමි” (2 පිටුව)

    අප මෙතෙක් කරන ලද සාකච්ඡාව සම්පිණ්ඩනය කර දක්වන්නාවූ ආකාරයේ අදහසක්, අපවත්වී වදාළ හා මැලේසියාවේ හා සිංගප්පූරුවේ සංඝනායක ධූරය දැරූ ආචාර්ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නායක හාමුදුරුවන් රචිත “බෞද්ධ විශ්වාස විමර්ශනය” නමැති ග්‍රන්ථයෙහි 70 වන පිටුවේ දක්වා ඇත.

    “පරිනිර්වාණයට අවුරුදු සිය ගණනකට පසුව උන්වහන්සේගේ ශ්‍රාවකයෝ තම ශාස්තෘවරයාගේ ඉගැන්වීම් වටා ආගමක් සංවිධානය කළහ. එය සංවිධානය කරද්දී ඔවුහු වෙනත් ඇදහිලිද, සංකල්පද, විවිධ හාස්කම්ද, ගුඪත්වයද, නිමිති ශාස්තරද, වර්ගීකරණයන්ද, යන්තර හා මන්තර ද, යාතිකාවන්ද ආදී වශයෙන් මුල් ඉගැන්වීම්වල නොවූ පුද පූජා විධි අන්තර්ගත කළහ. මෙවැනි පිටස්තර ආගමික ඇදහිලි හා ව්‍යවහාරයන් ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී බොහෝ අය මුල් දේශනාවල සඳහන් වටිනා ව්‍යවහාරයන් සංවර්ධනය කර ගැනීම පැහැර හැරියහ.”

    අද පවත්නා බුදු දහම පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කර ගැනීමට උගත් නායක ස්වාමීන් වහන්සේ විසින් ඉහතින් දී ඇති විග්‍රහය පමණක් ප්‍රමාණවත් වේය යන්න අපගේ අදහසයි. අද බුදු දහම වශයෙන් පවතින්නේ බුදුන්ගේ නමින් සකස්වූ වෙනත් යමක් බව පැහැදිලි කිරීමට මෙයට වඩා කරුණු අවශ්‍ය නොවන බව බුද්ධිමත් ඔබට අනිවාර්යයෙන්ම පිලිගැනීමට සිදුවෙනවා නොවේද? මෙවන් විකෘති කරන ලද ඉගැන්වීමක් තුලින් ඔබගේ මෙලොව මෙන්ම මරණින් මතු ජීවිතයේ ජය ලඟා කර ගැන්මට හැකිවේ යැයි පිළිගැනීමට හැකියාවක් තිබේද? මේ පිළිබඳව ඔබ වහාම නිගමනයකට පැමිණීමේ භාරදුර වගකීම කෙතරම් වැදගත්ද යන්න අවබෝධ කර ගනු ඇතැයි විශ්වාස කරන්නෙමු. පාරම්පරිකත්වය විසින් උරුම කර දීමෙන් පසු පවතින සමාජ ක්‍රමය විසින් සම්මතයක් ලෙස පිලිගැනීමට බලපෑම් කරනු ලැබූ හා අප විසින් කෙදිනකවත් විචාරශීලීව විමසනු නොලැබූ විෂයයක් වූ දහම පිළිබඳව අප කෙතරම් මංමුලාවකට පත්වී ඇත්ද යන්න දැනට ඔබට අවබෝධ වී ඇතැයි විශ්වාස කරන්නෙමු.

    බුදු දහම සම්බන්ධයෙන් ඉහත කරුණු බුද්ධිමත්ව පරිශීලනය කරන අයෙකුට ඉතා පැහැදිලිව පෙනී යන යථාර්තය නම් අද පවතින්නේ අතරමැදි කාලයේදී අඩු වැඩි කිරීම්, සංශෝධනයන්, විකෘත කිරීම් ආදියට ලක්වී මුල් ඉගැන්වීම්වලින් සම්පූර්ණයෙන්ම වාගේ බැහැර වූ දහමක් ලෙසයි. කරුණාකර මෙය බුදුන් වහන්සේට කරන්නාවූ අපහාසයක් ලෙස අර්ථ දක්වන්නට කටයුතු නොකරන්න. සත්‍ය සැමදාම සැඟවිය හැකි යැයි සිතන්නේ නම් මුලාවකි. සත්‍ය අවබෝධ කරගැනීමට අප සැවොම අවංක ප්‍රයත්නයක නියැලිය යුතු බව ඉහත කරුණු ඉතා පැහැදිලිව ඔප්පු කරයි.

  41. fathima…

    mata ehenam kiyala dennako akal marana athiwenne kohomada? allah minissunta adarei nam ochchara yudda walin minissu miya yanne ai…..ponti minissu lesa ipadila lajja windinna wenne ai? loke eka paththaka minissu kala wadi wela mareddi anith paththe minissu kanna nathuwa marenne ai? lol….punarbavaya thiyanava kiyala ona buruwekta therum ganna AKAL MARANAYA kiyana sankalpayama athi

    1. අකල් මරණ ඇති වෙන්නේ කොහොමද? කියන එකට පිළිතුර ඒ වචන ඇතුලෙම තියෙනවා. අකාල කියන්නේ නියමිත කාලයට ප්‍රථම කියන එක නේද? ඉදින් අකල් මරණ සිද්ධවෙන්නේ මිනිසුන්ගේ වරදින්. ඉස්ලාමයට අනුව සියල්ල සිදුවන්නේ අල්ලාහ්ගේ අනුදැනුම අනුව බව අපි පිලිගන්නවා. අල්ලාහ් මිනිසුන් රොබෝලා වශයෙන් නිර්මානය කර නැත. මිනිසාට ස්වකැමති ආකාරයට ජීවත් වීමට ඉඩදී ඇත. ඉදින් මිනිසා විසින් කරගන්නා දේවලට අල්ලාහ් පලිනැත. අල්ලාහ් මිනිසුන්ව මවා තිබෙන්නේ ස්වකැමැත්ත රහිතව රොබෝලා වශයෙන් නම් අකාල මරණ වලට අල්ලාහ් වගකිව යුතුය.

      නපුංසක සහ වෙනයම් අඩුපාඩු සහිතව ඉපදීම, දුප්පත් පොහොසත්ව ඉපදීම මේ සියල්ල අල්ලාහ් මෙලොව නිර්මාණය කරන විට තිබු තත්වය නොවේ. මේවා මිනිසුන් විසින් පත්කරගත් දේවල්ය. එනිසා එයටද අල්ලාහ් පලි නැත. නමුත් එක් එක්කෙනා අවසාන විනිශ්චය දිනයේදී විනිශ්චය ලබන්නේ ඔවුන් සිටි තත්වයට අනුවය. එනිසා මෙලෙවෙ යම්කිසි අඩුවක් ඌනතාවයක් ඇතිව සිටි අයට ඒක සදාකාලික ලාභයක් බවට පත්වන්නේය.

      පුනර්භවය තියෙනවා කියලා තේරෙන්නේ බුරුවන්ටද? එහෙනම් අපිට තේරුම් ගන්න අවශ්‍ය නැහැ.

  42. e kiyanne allahta ba minissunta pihita wenna ne? me like mawaddi thibuna thathwaya neme nam thiyenne,minissu meka vinasha karan nam thiyenne…..aluthen ipadena kirisappayin mina karannada ithin? akal marana walata allah pali naththam…allahta baida baida maranayata lak wenna yana kenava adu gane bera gannavath? adu gane me maha polawe unnewath nathi allah kenekwa manasin mawagena adahana eka nam mona tharam mithyaavakda??? jeewithe siduwena siduwim gana hithala manussayek pera athmayak gana hithanna pelambenava nam eke waraddak na….. akal marana…paul kadakappalwim….samaja wishamathawaya….wage dewal gana hithala baluwoth?? samaharu kanna wadi wela marenava..samaharunta kanna nathuwa marenava….samaharu hodata sapa widinava marenakanma…samaharu marenakanma duk widinava wage dewal…. anver oya kiuwa neda minisata sidu karaganna dewal walata allah pali na kiyala? ethakota oya monada hithanne blood cancer kiyana lede gana? me loke hethuwak nathuwa athi wena ekama lede…wayasa bedayak na…. blood cancer walata methek hethuwak hoyagenath na…bethak hoyagenath nane? podi lamaita pawaa oye lede thiyansva…ahinsaka daruwan monawada karana wardi oye vage bayaanaka leda walata yomu wenna tharam? thamange pera sansaraye waradi kiyala hithanna puluwan ona knkta….thawa samaharunta suicide karaganna thathweta path wenava… oye wage awastgaa waladi allahta beraganna margayak sakas karanna baida….adu gane allah kiyala knk maha polawe unnai kiyalawath saakshiyak thiyandvada…anika nawatha ipadunak naththam khnada maha polawata buduwaru 28k pahala wela thiyenne….thaman mula wela inne….man dakka abu fathimage comments….waraddak karoth minihage waradi…hoda deyak karoth allahge ashirwade ne? thamanta buddiya thiyanava nam samajaye wishamathawaya gana hithalama punarbavaya oppu karanna puluwan….

    1. ඔබ අල්ලාහ් නැත කියලා කියන්න මෙතන දමලා තිබෙන තර්ක සියල්ල අනිත් පැත්තට හරවලා පුනරුත්පත්තිය සංකල්පය ගැනත් බලන්න එවිට පුනරුත්පත්තිය යන සංකල්පයත් නැති බව ඔබටම ඔප්පු වනු ඇත. කෙසේ වෙතත් ලේ පිළිකා ඇතුළු දරුවෙකු ඉපදීමේ සිට ඇතිවන රෝග බව කර්ම රෝග ලෙස අප විශ්වාස නොකරමු. කල්පනා කර බලන්න කෙනෙක් තමන් කළා යැයි නොදන්නා වරදකට දඩුවම් ලබනවා නම් එය සාධාරණද? ඇත්තටම උප්පත්ති රෝග ඇති වන්නේ දෙමව්පිය සහ පරම්පරාගත දුර්වලතා නිසයි. මෙතනදී අල්කුර්ආනයේ පණිවිඩය නම් අල්ලාහ් මිනිසා මවා තිබෙන්නේ සම්පුර්ණත්වයෙන්ය. නමුත් සම්පුර්ණත්වයේ සිට අසම්පුර්ණත්වය දෙසට ගමන් කරමින් සිටින්නේ මිනිසාය. දරුවෙකු ඉපදෙන විට තිබෙන දුබලතා මත දරුවා මෙම ලොවෙහිදී වින්දනයකට ලක්වීම දරුවාගේ මතු භවය එනම් ස්වර්ගයේ ජීවිතයට හිණිමගක් බව අපි විශ්වාස කරමු. ගැටළුව තිබෙන්නේ නොපෙනෙන පුනර්භවයක් ගැන විශ්වාස කරන ඔබ විනිශ්චය දිනයක් සදාතනික ස්වර්ගයක් ගැන විශ්වාස කිරීමට මැලිවීමයි.

  43. @abu fathima punarbavaya pilibanda parikshana sidu kare 1996…. saadaka 2k yodagaththa…. mohanaya and pera athmaya gana kiyona lamai 10000k… punarbavaya sathyak kiyala oppu une 1997di….thama eka borui kiyanna waadayakwath idiripath wela na….anika marunu gamanma gihin ipadenne na…thaman ras karagath karmayata hariyana kalalayak hamu wenakan e athmaya sarisaramin innava kiyala mannahala thiyanava….asaadaarana lesa maranayata lak wena boho ayata..ayr ipadunama thamange pera athmaya gana mathak wena awasthawal thiyanava

  44. anika @anver muslim dahama loketa balen prachaaraya karapu deyak…indiawema ki denek puchchala maruwada oye mithyaa dahama pracharaya karanna…kochchara le wagiruwada….anika oyalage dahame gaanun mona tharam duk widinavada…munawal wahagena..goni billo wage..palliyata yanna thahanam…nidahasak na..balen baya karan ne thiyan inne serama..owa agamda…ko ekineka thula thiyana karunava? khmada owa aththai kiyala wishvasa karanne…..wishwasa karanne na..wishavasa karonava…naththam kasa paharane ne? muslim wela ipadena gahanu ayeth pera paw karapu aya thama…

    1. ඉස්ලාම් දහම බලෙන් පතුරපු එකක් නම් ඔබලාට තිබෙන්නේ ඒ පිළිබදව ඔබලාට තිබෙන සාක්ෂිද රැගෙන ඒ පලාත් වලට ගොස් ඒ ජනයාට ඇත්ත තත්වය පැහැදිලි කිරීමයි. එවිට ඔබලා කියන්නේ ඇත්ත නම් ඔවුන් පිළිගනු ඇත. ඇත්ත නොවේ නම් කණ පලාගෙන නැවත මේ රටට පැමිනීමට හැකිය. මම මේ අභියෝගය බොහෝ දෙනෙකුට කළා. නමුත් ඔවුන් එක්කෙනෙක්වත් අභියෝගය භාරගත්තෙ නැහැ

    1. ඔන්න ඕකයි අපියි ඔයගොල්ලනුයි අතර වෙනස! ඔයගොල්ලො කුරානයේ වැරදි කියලා සයිට් හැදුවට අපි ත්‍රිපිටකයෙ වැරදි වලට සයිට් හදන්නෙ නැහැ. එදාමෙදාතුර අපිත් එක්ක හැප්පෙන්න ආපු අය එයාලම වැටුනේ ඒ අය තුල තිබුන වෛරය සහ ක්‍රෝධය නිසයි. ඔයාලටත් ඔය දේවල් කරල පවතින්න බැහැ. දෙවිදුන් ලෝකය තුල හදල තියෙන ධර්මතාවය ඒකයි. මම නම් ඔය කසල ගොඩවල් බලන්න යන්නෙ නෑ!

  45. devidun siyalla mauwa nam kohomada anver budu wareyek pahala une??? anika oya balannako samahara ratawal wala minissu kanna nathuwa marenava…somaliya..ithiyopia wani ratawal wala….e ayath dewiyan wahansewama adahana udawiya thama…….ethakota ewata hethun monada??? man nam hithanne na thripitake darma padha 84000 thula waradi athi kiyala…. ah anver…uda comments kiyawaddi man dakka abufathima dala thiyanva cmnts wala ara nawatha ipadunu athmaya aurudu 3k thisse monada kare kiyala…..egollonta pin madi nam adaala athmaya wetha yanna e athma pretha loke ipadila pin illala sari saranava me manussa loke pura…..ithin eyatsth ekama thama wennaththe.
    …. anika anver budu kenek pahala wenne minisunva JAATHI,JARAA,MARANA kiyana 3n mudoganna…oye 3 loke adatsth loke wenava
    ..boru wela na

    1. බුදුවරයෙක් කියන්නෙත් මනුස්සයෙක් නේද? සමහර රටවල පමණක් නෙමෙයි ලංකාවෙත් මිනිස්සු කන්න නැතිව ඉන්නවා.
      මිනිස්සුන් තමන්ගේ වැරදි වලින් පිරිහී යෑම ගැන දෙවියන් පලිද?
      මම ත්‍රිපිටකයේ වැරදි මෙතන ලියන්නෙ නැහැ. ඊට පස්සෙ මට ප්‍රශ්න ඇතිකරයි. මම අහන්නේ ත්‍රිපිටකය කියන්නේ විශ්වාසනීය ධර්ම මුලාශ්‍රයක්ද? ඒක ලියවුනේ මොන කාලෙද? එය ලියවී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ බසින්මද?

      මෙතන අබුෆාතිමාගේ ප්‍රතිචාරයට ඔබ ප්‍රේත ලෝකයක් ගැන කියනවා. මැවුම්කාර දෙවිකෙනෙකු විශ්වාස නොකරන ඊනියා විද්‍යාත්මක ඔබලා ප්‍රේතයෝ කුම්භාන්ඩයෝ විශ්වාස කරනවද?
      මම අර කලින් සහෝදරයාට කළ අභියෝගය නැවතත් කරමි. දහම සත්‍ය නම් විද්‍යානුකූල නම් ඕක ගිහින් විද්‍යාඥයන්ට කියලා ඒ අය ඔක්කොම ඔයාලාගේ ආගමට හරවගන්න පුළුවන්නේ? ඇයි එහෙම වෙන්නෙ නැත්තේ?

  46. budu dahama therum gannath pina thiyenna one…api oyala wage mini marala le hollala balen agama pathurawanne na…dan godak aya budu dahama walanda ganimin pawathinne…budu dahama awihinsawe dahama…oyalage agama pathurapu ithihasaya gana kiyanna one nane….anika thripitakaye waradi man nam hithanne na thiyanava kiyala…ow thripitakaya liya une buuun desu pali bashawen thama…… anver posila warga indana bawata path wennama aurudu biliyana ganak yanava..oyalage agame hatiyata dewiyan wahanse lokeavala thiyenne aurudu 10000 kata withara kalin….kohomada ehema une? :v anika ko me abu fathima…allah loke mauwa kiyala oppu karanna pramanawath tharam sakshi thiyanava kiyala kiuwa witharane…ko ewa methenta comment kare nane

    1. අහා තේරුම් ගන්න පින ඕනද? එහෙනම් ලංකාවේ ඉන්න සෙට් එක තමයි ගොඩක්ම පින්කරලා තියෙන්නේ! මේ වගේ පදනමක් නැති මෝඩ කතා කියන්න එපා. මිනිමරලා ආගම පතුරවලා තියෙනවා නම් අද ඔයාලට තියෙන්නේ ඒ පලාත් වල මිනිස්සුන්ට ඒක කියල දීලා ආපහු හරවගන්න එකයි. ඒක කරන්න පුළුවන්ද? බුදු දහම පමණක් නොව මේ ලෝකෙ හැම දහමක්ම මා දන්නා පරිදි අවිහිංසාවාදී දහම්. නමුත් ඒවයේ බැතිමතුන් කරන හිංසාකාරී දේවල් වලට ආගම පලි නැහැ. මියන්මාරයේ දේවල් වලට බුදු දහම පලිද?

      මම පැහැදිලිව දන්නවා ඔයා ත්‍රිපිටකය කියවපු නැති බෞද්ධයෙක් කියලා. ඒකයි ඔබ අඩමානෙට පිළිතුරු දෙන්නේ. අල්ලාහ් ලෝකේ මැව්වේ වසර 10,000කට කලින් කියලා කොහෙද ලියලා තියෙන්නේ පෙන්නන්න. කරුණාකර පදනමක් නැති දේවල් කියන්න එපා. අපි එහෙම ත්‍රිපිටකය ගැන කියල තියෙනවද? මාත් එක්ක සංවාද කරන්න නම් කරුණාකරලා මුලින් බුදුන් වහන්සේගේ ධර්මය අඩංගු විශ්වාසනීය මුලාශ්‍රයක් සොයාගෙන එන්න. නැතිනම් බොරුවට අනුන්ගේ ආගම් වලට මඩගහන්නේ නැතිව. විශ්වාසනීය මුලාශ්‍ර නැති ආගමක් අදහගෙන පැත්තකට වෙලා ඉන්න

  47. man hithanne anver oyage as penne na vage…. man othana PAMANA kiyalath kiyala thiyanava…eke theruma nishchitha agayak na…adu wennath puluwan…wari wennath puluwan….mini marana eka minisage kriyawak…eka thama budu dahama therum ganna pina one…budu dahama kanata ahilath mini marana un innava…pina madi…budu dahama kanata watilath rahath unu aya innava…pina one ekata….rahath aya gana oya monada hithanne…rahathan wahanselata mimisunge as issaraha prathihatya panava…shuddavu kuranaye minisage me balaya gana adu gane kohe hari adnguwath ela thiyanavada….mama dewiyan wahansewa atha arala baudda unu knk…mokada ona buruwekta therenava nopenena dewiyanta wada thamange jeewithe samaga sasandala baladdi darmaya hari kiyala……miyanmaraye minissu gana oya katha karanava…e minissungeth iwasime simava panala thiyenne…..oyalage dewiyan wahanseva adahana christian ayatath oyala maha jada widiyatane salakanne arabiye ehema…. oyalage agame atha paya 4ma nathi knk ipadenava…mechchara balayak gab wela thiyana minisawath oyalage agame handunwanne pau karayo kiyalane ne? ethakota anver, punarbavayakuth naththam kohomada allahva adahanne nathi sapa windina sathutin jeewithe gewana piris innne?

    1. මම මේ සංවාදයේ කලිනුත් කියලා තියෙනවා මම රහත් භාවයක් පිළිගන්න කෙනෙක් නෙමෙයි. ඔයාල ඒක දේව සංකල්පය පිළිගන්නේ නැහැ වගේම මමත් බුදුබව රහත් බව යන කිසිවක් පිළිනොගන්න කෙනෙක්. ඔබලාට ඒක දේවවාදය බොරුනම් ඔව් එට ඔබලාගේ සියළුම සංකල්ප බොරු. මම කලිනුත් අනෙක් අයත් සමගත් පැවසුවා ඔයාල ඔයාලත් අත්දැකල නැති අරහත් ඵලයක් ගැන බොරුවට වර්ණනා කරන අයයි. ඒක වහන්න බොරු තර්කත් දානවා. රහත් බව ලබන්නත් පින තියෙන්න ඕනලු. එහෙනම් ඒක සමානාත්මය නැති දහමක් නේ. පෙර පින් නැතිනම් අවබෝධ වෙන්නේ නැහැ කියන්නේ බොරුව වහගන්නයි.

      ශුද්ධවු කුර්ආනය රහතුන්ගේ බලය ගැන කිසිවක් ලියලා නැත්තෙ එහෙම බලයක් නැති නිසයි. පුළුවන් නම් ඔයාලා රහතුන් වහන්සේ කෙනෙක් මීඩියා එකට ගේන්න එතකොට අපි පිළිගන්නම්. දැන් ඔයාල කියයි රහතුන් වහන්සේලා ප්‍රසිද්ධියේ එන්නේ නැහැ කියලා. නමුත් අතීතයේ රහතුන් වහන්සේලා ප්‍රසිද්ධියේ ඉදලා තියෙනවා. ධර්ම සංඝායනා වල මුලාසනය ගෙන තිබෙනවා. ලංකාවට ආපු මිහිදු හාමුදුරුවොත් රහතුන් කෙනෙක්ලු නේද? එහෙනම් එයාලා ප්‍රසිද්ධියේ ප්‍රාතිහාර්ය පාලා තියෙනවා නේද? ඒක ඇත්ත නම් දැන් බැරි ඇයි? කරුණාකර හීනලෝකේ ඉන්නේ නැතිව හැබෑ ලෝකෙට ඇවිල්ලා එහෙම කෙනෙක් ඉන්නව නම් ලෝකෙට පෙන්වන්න. ඉස්ලාම් ධර්මය අදහන අය අද ලොවපුරා බිලියන 1.8ක් ඉන්නවා. මේ අය අතර බුද්ධිමතුන් විද්‍යාඥයින් ඇතුළු ප්‍රාඥයන් රැසක් සිටිනවා. අද බුුදු දහම තිබෙන්නේ ලෝකෙ රටවල් කිහිපයක පමණයි.

      මියන්මාරයේ කට්ටියගේ ඉවසීමේ සීමාව පැනලද? අහා! එහෙමත් බුද්ධාගමේ කියලා තියෙනවද? ඔයා අරාබිය ගැන අහල විතරක් ගොන්කතා කියන්න එපා. මම අරාබිය පුරා සැරසරපු කෙනෙක් අරාබිය තුල 23% කිතුණුවන් සිටිනවා. නොදන්න මගුල් ගැන කතා කරන්න එපා. අනික ඔයා නියම සිංහලයෙක් නම් සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගන්න. සිංහල ඉංග්‍රීසියෙන් ටයිප් කිරීම මොන බහුබුත වැඩක්ද?

      අල්ලාහ් අදහන්නේ නැති අයත් මේ ලෝකෙ සැප විදින්නේ අල්ලාහ් මේ ලෝකේ සැමටම කාරුණික නිසයි. සැමට අවස්ථාව තිබෙනවා දුක්විදින්න සැපවිදින්න. මේ තුලින් මිනිසාට ජීවිතයේ යතාර්තය අත්දකින්න බැරි වුනොත් ඒක එයාගේ ප්‍රශ්නයක්

  48. Sources believe that the growth of Islam occurs mainly due to reproduction. Only 0.28% (3,220,000 people) of expected muslim population growth (1,161,780,000) in the period of 2010-2050 would be due to conversions. Rest 99.53% would be thanks to high birth rate among muslims. [36] [37][38] In the period 1990–2000, approximately 12.5 million more people converted to Islam than to Christianity.[34] According to the New York Times, an estimated 25 percent of American Muslims are converts.[39] In Britain, around 6,000 people convert to Islam per year and according to a June 2000 article in the British Muslims Monthly Survey the bulk of new Muslim converts in Britain were women.

  49. #Anver oyata rahath bava neda prashne…meka poddak kiyola balannako…oyalage kurane rahath bawa naththe eka nathi nisa neme…kurane pachayak nisa…menna link eka

    1. ඒ මනුස්සය හොල්මනක් දැක්කද කවුද දන්නෙ? ඉස්සර සිටියාය කියන රහතුන් වහන්සේලා හැංගිමුත්තන් කරල නැහැ. ඒ නිසා ඒ ලිංක් එකේ තියෙන එක විශ්වාස කරන්න බැහැ.

  50. lol…holman daane valandanavada? anika kuranaye holman piliganne nane oyala? oka oyata vishvasa karanna ba 1 minihek dakala kiuwa nam…eth othana manussayo 4 denek saakshi dila thiyanava….ithin kohomai oka boru wenne…rahathan wahansela innava oya mona kiuwath….. hari dan rahathan wahansela innaba kiyala ohoma hari saakshiyak thiyanava…allah dewiyan innava kiyala ahata dakapu knk innavada?

    1. හොල්මන් කියන්නේ මිනිසුන්ගේ මනසෙහි ඇදෙන චිත්තරූප! ඒක ලොකු විෂයක්. හතර දෙනෙක් දැක්ක කිව්ව ගමන් ඔප්පු වෙනවා කියන එක හතරබීරි කතාවක්. මම කලින් කල ප්‍රකාශයම නැවත පැහැදිලි කරන්නම්. අතීතයේ සිටියාය කියන රහතුන් වහන්සේලා ප්‍රසිද්ධියේ ජනතාව අතර සිට තිබෙන බවත් ජනතාව සමග කටයුතු කර තිබෙන බවත් මුලාශ්‍ර වල පැහැදිලිව දක්වා තිබෙනවා. නමුත් දැන් ඔය කියන රහතුන් එහෙම නැතිව හැංගි මුත්තන් කරන්නේ මිනිස්සුන්ට බය නිසාද? ඔබ ඔය වැනි කටකතා විශ්වාස කරන්නේ නැතිව පලමුවෙන් දහමේ මුලාශ්‍ර වෙත ගොස් ඒ ගැන නිවැරදිව සොයා බලන්න. එතකොට ඔබටවත් රහත් වෙන්න බැරිකමක් නැහැ.

  51. anika budun wahanse kisi witeka deshana karala na hamuduru aakaraye holman innava kiyala….

  52. rahathan wahansela godak me samajeta enne naththe ai kiyala mama kalin kiuwane….oyala wage aya aya nisa thama no enne…hithe hari banala loku pawak karagannava anivarenma pita agamn karayo….anika oye wusthare hamuduruwanwath godak aya dakala thiyanavane…egolli katha wela oka rangapawa kiyanava nam eka vihiluwak oya karana…. mata rahth wenna pina na….habai api hamotama puluwan dewiyan wahanse darshane una kiyala minissu mula karala,boru pothak liyala agamak hadala minissu marala eka pathurawanna nam….nabi thuma kareth ekamane… :v … anika me loke wena thawa sansiddiyak thama minisa pramanayen podi wela ayu pramanaya pahatha bahina eka…eka budu hamuduruwo deshana kara… e wagema eka wensva ada loke..adu gane ekawath thiyanavada oye kurane…

    1. හිහ් හිහ්! රහතුන් වහන්සේලා පේන්න එන්නේ නැත්තේ මම වගේ අය නිසාද? අහා! එහෙම බුද්ධ භාෂිතයේ ලියලා තියෙනවද? බුදුන් වහන්සේගේ කාලේ මංවගේ අය හිටියේ නැද්ද? මම එකක් දන්නවා. ඔබ මම තරමටවත් ත්‍රිපිටකය සහ ධම්මපදය කියවලා නැහැ කියලා. ඔබට රහත් වෙන්න පින නෑ කියලා කවුද කිව්වේ? එහෙනම් ඒක ප්‍රායෝගික එකක්ද?

      මතක තබා ගන්න මම ඔබත් එක්ක සංවාද කරන විට බුදුන් වහන්සේට හෝ එතුමාණන්ගේ ධර්මයට අපහාස කළේ නැහැ. නමුත් ඔබ දිගින් දිගටම මගේ දෙවිදුන්ට සහ ශාස්තෘවරයාණන්ට සහ දහමට අපහාස කරනවා. ඒකෙන් පිළිබිඹු වෙන්නේ ඔබගේ අශිෂ්ඨත්වයයි. ඉදින් මෙවැනි අය පතුරන දහමක් අන්ආගමිකයන් පිළිගනියිද?

  53. ෆාතිමා , ඔබ ඉතාමත් හොන්දින් කරුණු සොයා බලා තර්ක ඉදිරිපත් අති බව පැහැදිලියි . මම බෞද්ධ , මට අපේ ආගමේ ඉගැන්වීම් ගැන හොන්ද අවබෝදයක් තියනවා . බුද්ධාගමේ හරය මෙ ලිපියේ සංවාදයට වඩා ගොඩාක් ගැඹුරුයි. ඔබ බොහෝ බෞද්ධ පොත පත කියවා ඇති බවත් ඒවා කියවා ඇත්තේ එම කරුණු තුලින් බෞද්ධ ධර්මයේ ඇති කිසියම් නොගැළ පෙන තැනක් සොයා ගැනීමටත් බව පැහැදිලියි . මම ඔබගේ තර්ක වලට පිළිතුරු දීමට අදහස් නොකරන්නේ බුධද්හමේ හරය මෙය නොවන නිසයි. ඔබගේ කියවීම් වලින් අනාගතයේ එහි නියම හරය ඔබට වැටහෙවයි ප්‍රර්ථනා කරමි.

    ඔබ ගේ විචාර බුද්ධිය ඔබ ආගමේ ඉගැන්වෙන දෙවියන් විසින් ලෝකය මැවීම පිලිබන්දව සෙවීමට යෙදවුයේනම් වඩාත් වෙදගත් වේයැයි සිතමි. නුතන විද්‍යාව මගින් සොයා ගන්න ලද පෘතුවියේ දිග පළල ගැන පමණක් ඔබ සිතිම තුලින් ඔබගේ තර්ක වල ඇති බොළඳ බව පැහැදිලි වේ . එම නිසා නුතන විද්‍යාවේ ඉගැන්වෙන පරිණාම වාදය, මනෝ විද්‍යාව , මොහාන විද්‍යාව වැනි වඩාත් ගැඹුරු මුහුකුරා ගිය විද්‍යාවන් සමග ඔබගේ ආගමේ ඉගැන්වීම් සංසන්දනය කර බලා ඉන්පසුව බුදු දහමේ ඉගැන්වීම් ගැන පර්යේෂණයක යෙදෙන මෙන් කාරුණිකව සන්දහන් කරමි.

  54. අන්වර් සහෝදරයා, ඔබ ඇත්ත වශයෙන්ම බෞද්ධ පොත් කියවා එති බව තේරෙනවා. රහත් වීමට පින් අවශ්‍ය බව යන්නෙන් අදහස් වන්නේ ගැඹුරු ධර්ම කරුණු අවබෝධ කර ගැනීමට අවශ්‍ය නුවන තිබිය යුතු බව නොවේද? එය ඉතාමත් සාමාන්‍ය කරුණක් නොවේද? සමහර පුද්ගලයින්ට සමහර විශයන් ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි අතර වෙනත් කෙනෙක් ට වෙනත් දෙයක් පහසුවෙන් තේරුම් ගත හැකි වේ, එය සමානාත්ම තාවය පිලිබඳ කරුණක් නොවේ. අප ආගමේ පින යනු එම ධර්ම කරුණ පෙර ආත්ම වල හදාරා පුරුදු පහුණු කර ඇති බව විය යුතු නොවේද ? එබැවින් එම පුද්ගලයින්ට මේ ආත්මයේ ධර්මය සම්පුර්ණයෙන් ම අවබෝධ කර සියලු ආශාවන් ගෙන් අත් මිදී අරහත් තත්වය අවබෝධ කරගැනීමට හැකියාව ලැබේ.

    මෙම ලිපියේ ඇති සමහර කරුණු ඔබගේ නීති වලට පටහැනි නොවේද?
    “ඔබ එවන යොමුවේ ඇති වෙබ් ලිපිනය ආගම්බේධය පතුරවන එකක් නම් අප එයද පලනොකරමු”
    මෙම ලිපිය නිසා අනවශ්‍ය ආකාරය සංවාදයක් ඇතිවී එති අතර එමගින් ඔබගේ මෙන්ම අපගේ ආගමටද අපහස වන ආකාරයෙන් අදහස් පලවී තිබේ.
    එබැවින් මෙම ලිපිය නිසා ඔබගේ වෙබ් අඩවියේ මූලික පරමාර්ථයක් කඩවී ඇති බව පෙනේ

    1. බුදු දහමට අපහාස වන කරුණු කිසිවක් සංවාදයේදිවත් මා කර නොමැත. නමුත් විවේචන සිදුවි ඇත. අපේ අරමුණ අපහාසයෙන් තොර සංවාදයකි. බොහෝ දෙනෙකු එහි සිමාමායිමි නොදනිති.

  55. අන්වර් සහෝදරයා ඉස්ලාමය ඒකදේවවාදය මත පදනම් වූ ආගමක්. බුදු දහම අදේවවාදී එමෙන්ම විභජ්ජවාදී දහමක්. මේ දෙක අහසයි පොලොවයි වගේ. ස්වර්ගය නිරය ආත්මය පුනර්භවය දෙවියන් වැනි කරුණු අතීන්ද්‍රිය කාරණායි. බටහිර විද්‍යාව ආගමක සත්යාසත්යතාව විමසීමට යොදා ගතහැකි මිනුම් දණ්ඩක් නොවේ. ආගමක් පිළිබඳ විනිශ්චය කිරීම නිදහස් මනසකින් සිදුවිය යුත්තක් පමණයි. මෙය සදාචාරය පිළිබඳ කාරණාවක්. කුරාණය ගැන හෝ ත්රිපිටකය ගැන හෝ යමෙක් අධ්යනය කර කැමති තීරණයක් ගන්නවා මිස මෙය සත්යය අනෙක බොරු ය කියා තර්ක කිරීමෙන් අත්වන කිසිදු පලක් නැත.

    1. මට තවත් දහමක් බොරුය කියා පෙන්වීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මම එහෙම පෝස්ට් දාන්නේ නැහැ. නමුත් මෙතන එන සමහරු තම තමන්ගේ දහම් ගැන බොරු කරුණු කියන විට මම ඒවා විවේචනය කර තිබෙනවා.

  56. දේවනිර්මාණවාදයට අනුව මිනිසාට එක් මෙලොව ජීවිතයක් එක් මරණයක් නැවත විනිශ්චය පිණිස නැගිටීමක් සහ විනිශ්චයෙන් පසු සදාතන ජීවනය හෝ නිරය හිමියි.
    බුදු දහමට අනුව සසරක් පණවනව. එය මුල් කෙලවරක් හෝ අවසානයක් දැකිය නොහැකි චක්රීය ක්‍රියා වලියක්. බුදු දහම මෙයට කතෘවරයෙක් යෝජනා නොකරන අතර හේතුපල සම්බන්ධතාවයක දිගහැරීමක් ලෙසින් දක්වනව. බුදු දහමට අනුව විඤඤාණ ධාරාව අනාදිමත්. එය සෑම වරකම මවුකුසකම හටගන්නේද නෑ. කර්මානුරූපව උපතක් කරා යාමයි සිදුවන්නේ.
    අපගේ මූලික විශ්වාසයන් එකිනෙකට පරස්පරව පවතින නිසා මෙවැනි මාතෘකාවකදී අප අතර ඇතිවියයුත්තේ සමයාන්තර දැනුම හුවමාරුව ක් පමණයි. එය අපට අපගේ ආගම් අතර ඇති වෙනස අවබෝධ කරදෙන්නක් පමණක් විය යුතුයි. එය එකිනෙකා හෙළා දකින්නට භාවිතා නොකළ යුතුයයි මම යෝජනා කරනව.
    සතුටුයි ඔබලා සමඟ අදහස් හුවමාරු කරගන්නට ලැබීම ගැන

  57. Which one is created by great Allah at first , The man, Homo sapiens, Neanderthal, Homo irectus

    1. අල්ලාහ් මුලින් මිනිසුන් මැව්වා මිස ප්‍රබේධ මැව්වේ නැහැ. ප්‍රබේධ ඇතිවුයේ පසුවයි. එය එකිනෙකා හදුනාගැනීම පිණිසයි. හදුනාගැනීම අපහසු වෙන්නේ පිරිස වැඩිවන විටයි.

Comments are closed.