Anver Manatunga Blog Sinhala | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

ඇමරිකාව ඉල්ලයි! ගූගුල් බෑ කියයි!

ගූගුල්

ගූගුල්

අද ඇමරිකාව වපුරා ගත් දේට අස්වැන්න කපා ගන්නා තත්වයට පත්ව ඇත. ඇමරිකාව විසින් මැදපෙරදිගට අවහිරයක් වන පරිදි ඇතිදැඩි කළ සුරතල් බල්ලා අද ඇමරිකාවටම ඇණයක් සහ වනයක් බවට පත්ව ඇත. එනම් ඓතිහාසික පලස්තීන භූමිය තුල බලහත්කාරයෙන් ස්ථාපනය කළ ඊශ්‍රායෙල් නම්වු ඊනියා යුදෙව් රාජ්‍යයයි.

 

මෙම ඊශ්‍රායෙල රාජ්‍යය නිර්මාණය කිරීමට ඉමහත් මෙහෙයක් කළේ ලෝක සියොනිස්ත ව්‍යාපාරයයි. මෙම ව්‍යාපාරය සෑදී තිබෙන්නේ ලෝකයේ නොයෙකුත් රටවල සිටින යුදෙව් ප්‍රජාව තුලිනි. ඔවුන්ට අවශ්‍ය වුයේ ඔවුන්ගේ ජාතියට රටකි. ඒ නිසා ඔවුන් කුමන්ත්‍රණයකින් පලස්තීන භූමිය තුල යුදෙව් රාජ්‍යයක් ස්ථාපනය කෙරුණි. නමුත් මෙයට මුස්ලිම් සමාජයේ විරෝධය ඇතිවන්නට වු නිසා ලෝක දේශපාලන අර්බුධයක් දක්වා වර්ධනය විය.

 

මෙහිදී ඇමරිකාව ප්‍රමුඛ බටහිර නඩය සෘජුවම ඊශ්‍රායෙලයට සහය දැක්වුයේ එමගින් තමන්ට මැදපෙරදිග මුස්ලිම් බලය මැඩපැවැත්විය හැකි බව දුටු නිසාය. මෙහිදී පෙරමුණ ගත් ඇමරිකාව විසින් ඊශ්‍රායෙලය ඇතිදැඩි කළේ තමන්ගේ සුරතල් බල්ලා විලසිනි. ඊශ්‍රායෙලය කරන්නාවු සියළුම නරුම වැඩ හමුවේ ඔවුන් මුණිවත රකින ලදී. ඊශ්‍රායෙලයට විරුද්ධව කිසියම් පාර්ශවයක් නැගී සිටින කල්හි ඇමරිකාව කළේ ඊශ්‍රායෙලය වෙනුවෙන් ඉදිරිපත් වී විරුද්ධ පාර්ශවයේ ක්‍රියාවන් ස්වකීය බලය යොදා මැඩ පැවැත්වීමයි.

 

ඇමරිකාව විසින් මෙසේ කටයුතු කිරීමට ප්‍රධානතම හේතුව නම් ඇමරිකානු රාජ්‍යය තුල මුල්බැස සිටින යුදෙව් ව්‍යාපාරික ප්‍රජාවයි. මෙම යුදෙව් ව්‍යාපාරික ප්‍රජාව අද කොපමණ ශක්තිමත්ද කිවහොත් ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයන් දෙදෙනාම සිය මැතිවරණ රැස්වීම අරඹන්නේ පලමුව මෙම යුදෙව් ව්‍යාපාරික ප්‍රජාව ඇමතීමෙනි. මෙහිදී ඇමරිකානු ජනාධිපති වරුන් විසින් සිය ප්‍රජාවේ උන්නතිය වෙනුවෙන් දෙන පොරොන්දු සලකා බලා ඒ අනුව ඔවුන් එම අපේක්ෂකයන්ගේ ඡන්ද ව්‍යාපාරයට මුදලින් ඩොලර් කෝටි ගණන් ආධාර කරති.

 

මෙලෙස යුදෙව් ප්‍රජාවගේ මුදලින් ඡන්ද ව්‍යාපාරය දිනු ජනාධිපති අපේක්ෂකයෙක්ට ඉන් අනතුරුව කිසිසේත්ම යුදෙව් ප්‍රජාව අමතක කර සිය පාලනය ගෙනයෑමට ඉඩක් නොමැත. අද කුමණ පක්ෂයෙන් ඇමරිකාවේ ජනාධිපතිවරයා තේරුණද ඔවුන් ඊශ්‍රායෙලය සම්බන්ධව දියාරු පිළිවෙතක් අනුගමනය කරන්නේ ඓහෙයිනි. ඊශ්‍රායෙලයට ජාත්‍යන්තරව කුමණ හෝ විරෝධතාවයක් මතුවන විට ඇමරිකාව ඊශ්‍රායෙලය රැක ගැනීමට සිය සම්පුර්ණ බලය යොදවන්නේ එහෙයිනි.

 

නමුත් දැන් මෙමගින් ඇමරිකානු රජයට සහ ඇමරිකානු ප්‍රතිරූපයට දැවැන්ත ලෙස හානි පැමිණෙමින් ඇත. අද ඊශ්‍රායෙලය විසින් කුමණ ආකාරයේ ක්‍රියාවක් සිදු කළද එයට එරෙහිව ලෝක මුස්ලිම් ප්‍රජාව දෙසින් විරෝධය එල්ල වන්නේ ඇමරිකාවටයි. මේ නිසා ඇමරිකානු රාජ්‍යය අද ඊශ්‍රායෙලය සහ ලෝක මුස්ලිම් ප්‍රජාව අභිමුව දැවැන්ත ලෙස අසරණ වී ඇත. තමන් විසින් මෙතෙක් සුරතලේ ඇති කළ බලු සුරතලාව අමතක කළ නොහැක. අනෙක් පසින් මේ සුරතල් බල්ලා නිසා තමන් සමග අමනාපව සිටින ලෝක මුස්ලිම් ප්‍රජාව තරහ කරගෙනද විසිය නොහැක.  

 

මෙයට ප්‍රධානතම හේතුව නම් අද මුළුමහත් යුරෝපයේම වෙලඳ මධ්‍යස්ථානය වී තිබෙන්නේ මැදපෙරදිගයි. කොටින්ම කියනවා නම් යුරෝපයේ බොහෝ ව්‍යාපාර යැපෙන්නේ මැදපෙරදිගින් තමන්ට ගලාගෙන එන මුදල් සම්භාරයෙනි. ඇමරිකාවේද තත්වය එසේමය. දැන් මැදපෙරදිග තුල ඇමරිකාවට පැන නැගී ඇති දැවැන්ත විරෝධය හමුවේ ඔවුන්ට පසුබසින්නට සිදු වී ඇත. නැතිනම් මැදපෙරදිග තුලින් ඇමරිකාවට ඇදී යන ධනසම්භාරය හීන වීමේ අභියෝගයක් ඇත.   

 

පසුගියදා එළිදැක්වුණු මුහම්මද් නබි තුමාණන්ට ඉතාමත් සාහසික ලෙස අපහාස කළ චිත්‍රපටය වන Innocence of Muslims නම් වු චිත්‍රපටය ගැන ඇමරිකාව විසින් මුල් අවස්ථාවේ ස්ථාවරය කරගෙන තිබුනේ භාව ප්‍රකාශන අයිතියක් නිසා තමන්ට එය තහනම් කළ නොහැකි බවයි. නමුත් මෙහිදී සිදුවුනේ මුළු ලෝකයේම මුස්ලිම් ප්‍රජාවෙන් ඇමරිකාව කෙරෙහි විරෝධය එල්ල වීමයි. මේ නිසා ලිබියාවේ ඇමරිකානු තානාපති වරයාට සිය ජීවිතයෙන්ද වන්දි ගෙවීමට සිදුවිය.  

 

සාමාන්‍යයෙන් මෙවැනි තත්වයකදී ඇමරිකාව කරන්නේ කෝපයෙන් වියරුවී තම තානාපති වරයා ඝාතණය කළ ජාතියෙන්ම පලි ගැනීම වුවද මෙහිදී කිසිවක් නොකර මුණිවත රකිමින් සිටින්නේ කිසියම් දෙයකට තමන් අතපෙවුවහොත් එයටද මුස්ලිම් ලොවින් දැඩි විරෝධයක් එල්ල වන බව දන්නා නිසාවෙනි. දැන් ඇමරිකාවට අවශ්‍යව තිබෙන්නේ මෙම ප්‍රශ්නයේ අවසානයක් දැකීමයි. එනම් ඇමරිකාවට මුස්ලිම් ලොවින් එල්ල වී තිබෙන විරෝධය තමන්ගේ ගෞරවය රැකෙන ආකාරයෙන් සමනය කර ගැනීමටයි.

 

මේ නිසා ලොව පුරා මහත් කලබගෑනියක් ඇති කරමින් තිබෙන මුස්ලිම් විරෝධි වීඩියෝ පටය නැරඹීමට Google සෙවුම් යන්ත‍්‍රය තුලින් You tube හරහා ලබා දී ඇති අතර එය ඉවත් කර ගන්නා ලෙසට ධවල මන්දිරය වෙතින් Google ආයතනය වෙත කෙරුණු ඉල්ලීම Google Inc ආයතනය විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මෙම දර්ශණය නැඹීම දේශීය නීතිය යටතේ තම රටේ අන්තර්ජාලය තුල මුදා හැරීම තහනම් කල හැකි අතර මුළු ලොවටම ව්‍යාප්තිය තහනම් කරන ලෙසට ඉල්ලීම් කිරීමට ධවල මන්දිරයට බලයක් නොමැති බවට Google Inc ආයතනය පෙන්වා දෙන කරුණයි. මෙම Google Inc හෙවත් ගූගුල් අන්තර්ජාතික සමාගමේද හිමිකරුවන් යුදෙව් ජාතිකයන් වීම තවත් සුවිශේෂී කරුණකි. ඔවුන් තම ව්‍යාපාරික ජාලය ඇමරිකාව ආශ්‍රිතව කේන්ද්‍රගත කර තිබෙන නමුදු ඇමරිකානු රජය මගින් කළ ඉල්ලීම එකහෙලා ප්‍රතික්ෂේප කිරීමට තරම් ඔවුන් බලවත් වී ඇත.

 

ලොව ප්‍රබලම රාජ්‍යය වන ඇමරිකාව අද ගූගුල් ව්‍යාපාරික ආයතනයක කකුල් දෙක ලඟ වැටී ඉල්ලීමක් කරන්නට තරම් පහත් තත්වයට පත්ව ඇති අතර ගූගුල් වැනි සමාගමක් ලොව ප්‍රබලම රාජ්‍ය යේ ඉල්ලීම අළුයම හෙළු කෙළ පිඩක් සේ බැහැර කිරීමට තරම් බලවත් වී ඇත. නමුත් අවසානයේ මෙවැනි දේ වලින් සිදුවන්නේ ඇමරිකාව ජාත්‍යන්තරය සහ මුස්ලිම් ලෝකය හමු‍වේ තවතවත් අසරණ භාවයට පත්වීමයි.     

 

 

No. of Pageviews so far: 4,297 views
  • kasun says:

    @anvar
    //සාමාන්‍යයෙන් මෙවැනි තත්වයකදී ඇමරිකාව කරන්නේ කෝපයෙන් වියරුවී තම තානාපති වරයා ඝාතණය කළ ජාතියෙන්ම පලි ගැනීම වුවද මෙහිදී කිසිවක් නොකර මුණිවත රකිමින් සිටින්නේ කිසියම් දෙයකට තමන් අතපෙවුවහොත් එයටද මුස්ලිම් ලොවින් දැඩි විරෝධයක් එල්ල වන බව දන්නා නිසාවෙනි//

    bushge kale sidda unanam meka libiyawe ina kattiyata bada pirena kanna tibba. dan ina barak husain obama, kalin muslim jathikayekne, tawamath hariyata agamak nathi kenek. ekai oya muniwatha rakinna. mitt romney awain passa apita nawathath balaganna puluwan muslim lokaya idiriye dekata nawen nathi americawak.

    2012/09/16 at 7:57 PM
    • Anver Manatunga says:

      ඔබගේ අන්තවාදී පුංචි සිතට එහෙම කියලා කාලකන්නි සතුටක් ගන්න පුළුවන් නම් මෙන්න මම ප්‍රතිචාරය පලකළා. දැන් සනීපයිද?

      2012/09/16 at 8:58 PM
    • jahns tikkah says:

      muslim lokaya americawa nisa dekada unonoth lankawe godak ayata hinga kanna wevi. mokada yuddayak unoth thell awahiraya wagema ape medaperadiga sramikayanta lankawata ennawevi. ethakota thela wealei.

      2012/09/22 at 9:19 PM
  • Mr. Who-2 says:

    Innocence of Muslims චිත්‍රපටය නිෂ්පාදනය කල ආකාරය ගැන කරුණු කිහිපයක්:

    චිත්‍රපටියට සම්බන්ධ අසූ දෙනෙකුගෙන් යුතුවන කාර්ය මණ්ඩලය නිකුත් කල ඇති ප්‍රකාශයට අනුව චිත්‍රපටියේ නිෂ්පාදකයන් ඔවුන්ව චිත්‍රපටියේ ස්වභාවය පිළිබඳව මුලා කර ඇත. චිත්‍රපටිය චායා රූප ගත කරන අවස්ථාවේ කල දෙබස් මත හඬ කවා ඉස්ලාමය අපහාස වන ආකාරයට පසු සංස්කරණය කර ඇත. CNN හි පළවූ එම ප්‍රකාශනය මෙතනින්: http://news.blogs.cnn.com/2012/09/12/u-s-ambassador-to-libya-3-others-killed-in-rocket-attack-witness-says/
    එම ප්‍රකාශනය:
    “—–
    The entire cast and crew are extremely upset and feel taken advantage of by the producer. We are 100% not behind this film and were grossly misled about its intent and purpose,” the statement says. “We are shocked by the drastic re-writes of the script and lies that were told to all involved. We are deeply saddened by the tragedies that have occurred.
    —-”

    එම චිත්‍රපටියේ රඟ පෑ නිලියක් වන Cindy Lee Garcia, කල ප්‍රකාශයකට අනුව ඇයට ලැබුන පිටපතේ චිත්‍රපටයේ නම සඳහන් වුයේ Desert Warriors ලෙසයි. ඇයට කියා තිබුන ආකාරට චිත්‍රපටයේ කතා වස්තුව වන්නේ වසර දෙදහසකට පෙර ඊජිප්තුවේ ජන සමාජයය. මෙම චිත්‍රපටය මුස්ලිම් අය ගැන හෝ ඉස්ලාමය ගැන බව ඇය ඇතුළු කාර්ය මණ්ඩලයට දන්වා නොතිබුණි. ඇය මෙම ප්‍රකාශය කල සම්මුඛ සාකච්චාව මෙතනින්: http://gawker.com/5942748/it-makes-me-sick-actress-in-muhammed-movie-says-she-was-deceived-had-no-idea-it-was-about-islam?tag=muhammed-මොවිඑ

    චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක් වැයවී ඇත. චිත්‍රපටයේ නිෂ්පාදක Sam Bacile නම් ආරුඩ නමකින් පෙනී සිට, තමන් යුදෙව් ජාතිකයෙක් වන බව ප්‍රකාශ කල ඇති නමුත් එය සාවද්‍ය යයි හෙළි වී ඇත. මතු වී තිබෙන සාක්ෂි අනුව චිත්‍රපටයේ නිෂ්පාදක Nakoula Basseley Nakoula නම් වූ ඊජිප්තු ජාතික කොප්තික් කතෝලිකයෙකි. තව දුරටත් කෙරුන පරීක්ෂණ වලින් චිත්‍රපටය නිෂ්පාදනය සඳහා දායකත්වය ක්‍රිස්තියානි ආයතනයක් වන Media for Christ මගින් සැලසී ඇති බව අනාවරණය වී ඇත. මේ පිළිබඳව නොරතුරු මෙතනින්: http://www.dailynews.com/travel/ci_21530557/movie-that-set-off-violence-middle-east-ප්රෝදුචෙඩ්

    චිත්‍රපට නිෂ්පාදනය වීමට බලපෑ ඇති විවිධ හේතු අතර, ළඟදී ඇති වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණය ද එක් හේතුවක් ලෙස අදහස් මතුවී ඇත. ඇමරිකානු දක්ෂිනාංශික පාර්ශව, මුස්ලිම් සම්භවයක් ඇති ඔබාමා ගේ ජනප්‍රියතාවය දුර්වල කිරීම සඳහා මෙම චිත්‍රපටයත්, එනිසා ඇතිවූ උණුසුම්කාරී වාතාවරණයත් උපයෝගී කර ගනු ඇතැයි සිතිය හැක.

    2012/09/16 at 8:43 PM
  • Mr. Who-2 says:

    ඉහත dailynews.com හි ලින්ක් එක මෙලෙස නිවැරදි විය යුතුය.

    http://www.dailynews.com/travel/ci_21530557/movie-that-set-off-violence-middle-east-produced

    2012/09/16 at 8:52 PM
  • sana says:

    kasun @
    //bushge kale sidda unanam meka libiyawe ina kattiyata bada pirena kanna tibba. dan ina barak husain obama, kalin muslim jathikayekne, tawamath hariyata agamak nathi kenek. ekai oya muniwatha rakinna. mitt romney awain passa apita nawathath balaganna puluwan muslim lokaya idiriye dekata nawen nathi americawak.//

    කසුන්, එකක් දැනගන්න ඇමෙරිකාව නැතිනම් සුද්දෙක් රවල බලපු සැනින් කලිසමේ චූ කරගන්න අපි ඔයාලගේ අය වගේ නොවෙයි. අපෙ ඉතිහාසය පුරා අපට එරෙහි සටන් වලට මුහුණ දෙමින් තමයි වර්තමාන තත්වය දක්වා ඇවිත් තිබෙන්නේ. ලෝක මුස්ලිම් ප්‍රජාව ජෝර්ජ් බුෂ් ලා, mitt romney ලා නොවෙයි ඔවුන්ටත් වඩා අන්ත භයානක මිනිස්සුන් මුහුණ දී ඇත. අනාගතයේදීත් මුහුණදෙන්න අනිවාර්යෙන්ම සිදුවනවා. සෑම මුස්ලිම් වරයෙකුම ඒ බව හොඳටම දන්නවා. අපේ ආත්ම ශක්තිය ඔවුන්ගේ දරුණු ආයුද වලට වඩා බොහෝ ගුණයෙන් බලවත්ය. එය ඔබ පමණක් නොවෙයි ඔබේ නායකයෝද දැනගතයුතුය.

    අපේ ආගම ආයුදවලින්, මඩ ප්‍රචාරවලින් නැතිවී යනවානම් අද ඉස්ලාම් දහම ගැන ඉතිහාස පොත්වලින් වත් දැනගන්න ලැබෙන්නේ නෑ. මේ සිල්ලර වැඩවලින් නැතිබන්ගවෙලා යන්න තරම්, ඉස්ලාම් දහම මිනිසුන් කිහිප දෙනෙක් විසින් අටවාගත්තු දෙයක් නොවෙයි. අනුන් සිය ආගම අන්දහීමෙන් අපේ ආගම නැතිබංග වෙලා යයි කයන බයෙන් පවා අපි නෑ. ඒ ඔබලාටය, එසේ බයවීමේ ඇත්තක්ද ඇත. ඒ ඇයි කියා ඔබලාම දන්නවා ඇති. සත්‍ය කවදාවත් හමන සුලන්ගින්වත්, අනුන්ගේ ඇදහිල්ලෙන්වත්,නපුන්සකයින්ගේ මඩ පහරවලින්වත්, ආයුධ බලයෙන්වත් නැති වී යන්නේ නෑ. අපේ පනටත් වඩා බොහෝ ගුණයකින් අපි ආදරේ කරන අපි නබි තුමාටවත්, සත්‍ය ආගමටවත්, අල්ලාහ් දෙවියන්ටවත් අපහාස කිරීමෙන් අපට රිදවන්න පුළුවන් නමුත් පරදවන්න, නැතිකරන්න බෑ කියන එක තේරුම් ගන්න.

    කෙනෙක් තව කෙනෙක් ගේ මව දෙස බලාගෙන අසබ්ය වචන වලින් කතාකරනවිට ඒ දෙස බලා ඉන්න ඒ මවගේ පුතුන්ට බැරිය. එයට අනිවාර්යෙන්ම ප්‍රතිචාර ලැබෙනවාමය.ඒ අසබ්ය වචනවලින් බැනවදින පුද්ගලයාට අවශ්‍යනම් තමන්ගේම අම්මාට එසේ ආමන්ත්‍රණය කරන්න පුළුවන. මෙතෙන ඔබ වෙන්නන්ගේ බූමිකාව මේ දෙගොල්ලන්ගේ බූමිකාව නොවෙයි. ඒ මෙය දෙස බලමින් කාලකන්නි නපුස්නක චූන් විඳින තුන්වෙන්නාගේ බූමිකාවය. ඒ කියන්නේ තමන්ට කරන්න බැරි දෙයක් අනුන් විසින් කරන විට ඒ දිහා බලාගෙන සතුටු වීමය. මෙය සැබෙවින්ම නපුන්සක කමය. මම මේ කියන්නේ ඔබට පමණක් නොවෙයි. ඔබ වෙනි තව බොහෝ දෙනෙක් ඉන්නවා ඒ අයටත් එක්කමය.

    නැවත වතාවක් කියන්නම් ඔබ කියාපු ඔය මහා පුරුෂයින්ගේ වැඩවලට අපි සැලෙන්නේ නෑ. නමුත් ළඟදී ඔවුන් විසින් ඔබ වැනි නපුන්සකයින්ට ඉස්සරහට හා පස්සට පොරෝප්ප ගහන එකනම් ෂුවර්. ඉන්ෂා අල්ලාහ් ළඟදී ඒ පොරප්ප පාර වදුනාට පස්සේ ලියන්නම්. ඒ වෙලාවට පුවන්නම් මේ නපුන්සක චූන් එකම විඳින්න බලන්න.

    2012/09/16 at 10:55 PM
    • bunanm says:

      well said sana… දැන් නිකන් දොඩවන හැටි බලන්න…

      2012/09/17 at 12:54 PM
  • kasun says:

    @anvar

    ඔබ මට අන්තවාදිය කියන්න එපා . පොඩ්ඩක් ඔබම සිතා බලන්න ඇමෙරිකාවේ ඉන්න ඉස්රායල් ජාතිකයෙක් කල දෙකට මේ මුකුත් නොදන්නා තානාපති පලිද ? නැ නේද ? මේ විදියට තමන්ගේ රටේ ඉන්න විදේශිකයෙක් ඝාතනය කිරීම මොනතරම් ලැජ්ජාවක්ද? මන් නම් හිතන්නේ ජාතියක් විදියට ඔබලත් ලජ්ජා විය යුතුයි මේ දේ සමිබන්ධව.ඔබටම තේරෙනවා නේද මේ විදියට අහිංසකයෙක් ඝාතනය කරන මිනිස්සු බව අන්තවාදියෝ

    2012/09/16 at 10:57 PM
    • Anver Manatunga says:

      මට දැන් සිදුව තිබෙන්නේ ඔබ මෙන්ම තර්ක ඉදිරිපත් කරන්නයි. අපි එහෙම නම් ලැජ්ජාව ගැන දිගටම කථා කරමුද? පලමුවෙන්ම බ්‍රිතාන්‍යයේදී අපචාරයකට හසුවී වරදකරුවු හිමිනම ගැන කියන්නේ කුමක්ද? ජාතිය පමණක් නොව ආගම සම්බන්ධයෙන්ද ලැජ්ජා විය යුතු තත්වයක් නොවේද?

      ලංකාවේ කොපමණ අහිංසකයන් ඝාතණය වෙනවාද? ඒ ගැනත් ලැජ්ජා විය යුතුයි නේද?

      2012/09/16 at 11:08 PM
    • hasan says:

      @ Kasun!

      මොකවත් දන්නේ නැති තානාපති? අනේ පව් එයා බබෙකේ වගේ?

      යසට තිබුන රටට බෝම්බ ප්රහාර එල්ල කර ලිබියාවේ ගොඩනැගිලි සමතලා කර, එය සුසාන භූමියක් කිරීමට කටයුතු කළේ කව්ද? ඔය ඝාතනයට ලක් වූ තානාපතිවරයාම නොවේද?

      එල්.ටී.ටී.ය බෝම්බ ප්රහාර එල්ල කරන කාලයේ ඔවුන්ට සැඟවී සිටීමට ඉඩ දුන් අයට ඔබලා කීවේ ජාති ද්රෝහියෝ කියලා නේද?

      එතකොට වෙන රටකින් ඇවිත් තම රටට බෝම්බ වර්ෂාවක් එල්ල කළවුන් ලිබියානු ජාතිකයින්ගේ ජාතික ද්රෝහියෝ නොවේද?

      කාරණා දෙකම එකම ඇසින් බලන්න! එතකොට සත්යය වැටහේවි! ඇමරිකානුවන්ව එක කණ්ණාඩියකිනුත්, මුස්ලිම්වරුන්ව එක කණ්ණාඩියකිනුත් බැලීමත් අන්තවාදයක්ම තමයි.

      2012/09/17 at 8:51 AM
      • Nishadi says:

        @HASAN
        ඉතින් හසන් එක අල්ලාහ් දෙවි ගේ කැමැත්ත ප්‍රකාර සිදු වූ දෙයක් නේද? ඔබ ඇයි එකට තරහා ගන්නේ?

        2012/09/18 at 4:22 PM
        • Anver Manatunga says:

          හසන් සහෝදරයාට කිසිම තරහක් ගියේ නැහැ. ෆුල්ටොස් පන්දුවට හරවා වැරෙන් පහරක් ගැහුවා. එච්චරයි!

          2012/09/18 at 5:08 PM
    • bunanm says:

      @ kasun කුක්කු පැටිය ….කට පිහාගන්න පැටියෝ….කිරි බේරෙනවා…මොනතරම් අහින්සකය්ද මෙයා???

      2012/09/17 at 12:59 PM
  • fathima says:

    මන් නම් හිතන්නේ ඔව්න් දැන් බයේ බොරු කියනවා අනික ඇමෙරිකාව උනත් රගපාන බවය් මටනම් හිතෙන්නේ…මේකෙන් වෙන්නේ නබි (සල්)තුමාගේ චරිතේ නොදන්නා අය තව තවත් හොයා බලන්න පෙලබෙනවා.එකෙන් අවාසියක් වෙන්නේ කාටද කියල ඉදිරියේදී කාටත් දැනගන්න පුළුවන් වේවි

    2012/09/16 at 10:59 PM
    • hirzan h says:

      @FATHIMA oya hari….

      2012/09/17 at 2:10 PM
  • sarji says:

    @ kasun

    සහෝදරයා ඔබ මේ බ්ලොග් පලවන සියලුම මාට්‍රුකාවන් යටතේ ප්‍රතිචාර දක්වනවා.ඒ වගේම විටක බුද්දිමය සංවාද කරන අතර විටෙක ඉතා පහත් ලෙස
    අපහාසාත්මක කොමන්ට්ස් පවා පලකරන අවස්තාවනුත් තිබෙනෙව. සහෝ ඔබ මෙම බ්ලොග් එකේ නියෝජනය කරන්නේ ඔබගේ දර්මය වෙනුවෙන්.
    එත් ඔබගේ දර්මයෙන් කියා දෙන මෛත්‍රිය ඔබ ළඟ ගෙවිලා වත් නැහැ .ඔබගේ දහම වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න සුඋදානම් ඔබ ඔබ දහමේ මුඋලිකව කියාදී තිබෙන
    දෙය ඔබ ළඟ නැහැ.අප ඔබට වඩා උසස් ද නැහැ වගේම ඔබට වැඩ පහළින්ද නැත.ඒ නිසා අන්තවාදයෙන් ගෙලවෙන්න.

    2012/09/16 at 11:07 PM
  • Abdul Malik says:

    කව්රු කොහොම මොනා කිව්වත් අදත් ඇමෙරිකාවේ පමණක් නොව මුළු ලෝකයේම ශීග්‍රයෙන් වර්දනය වෙන ආගම තමය ඉස්ලාම්. තමන්ගේ නැතිවී යන ආගම ජාතිය රකින්න කව්රු මොනා කොහොම කලත් ඉස්ලාමයේ වර්දනය නවත්තන්න ඉතිහාසයේ වර්තමානයේ පමණක් නොව අනාගතයේද කිසිදු ජගතෙකුට ඉන්ෂා අල්ලාහ් නොහැක. ඔය කාගේ කාගේත් ෆය්ල් එක විබාග කරන දවසට තමන්ගේ තරම හෙලිකරගන්න පුළුවන්. ෆිල්ම් එකක් පෙන්නලා පුලුවන්ද ආගමක් නැති කරන්න? අපේ කට්ටියත් ඉතින් කරන්න ඕන දේවල් කරන්නැතුව පාරේ තියෙන වාහන කුඩු කරලා තානාපති වරුන්ව මරල හරියන්නේ නැහැනේ. ඔය කැගහපු උදවියගෙන් කොච්චරක් තහජ්ජත් සලාතය ඉටු කරලා මුස්ලිම් වරුන් වෙනුවෙන් දුආ කරද කියල දෙය්යෝ විතරය් දන්නේ…!

    2012/09/16 at 11:54 PM
  • sana says:

    sarji සහෝදරයා,
    කසුන් විතරක් නොවෙයි ඔවුන් සැමෝම එහෙම තමයි, ඔවුන්ගේ මුවින් හා කොමන්ට්ස් වලින් පිටවෙන්නේ ඔවුන්ගේ දහමෙන් ඔවුන් ලබාගත් දේවල් තමයි.

    2012/09/16 at 11:54 PM
  • kasun says:

    @ sana

    තනි මිනිහෙක් මරල පොරවල් වෙන්න හදන ලිබියාවේ ඉන්න ඔබතුමන්ලගේම උදවිය තම මන් දකින විදියට නපුංසකයෝ . මන් දන්නවා එවැනි පහත ක්‍රියා අනුමත කරන ඔබත් එගොදේම කෙනෙක් බව.

    මද පෙරදිග රටවල ගැහැණු දුෂණය වීම් ළමා අපචාර කොටින්ම ඉස්ලාම් අගමැ මුඅවෙන් ගෙනයන මුලදර්මවාදී පාලනය තුලින් අන්‍යාගමික අහිංසකයෝ තැලීම පෙලීම ඔබල දකින්නේ ඉස්ලාමය වෙනුවෙන් කරන ශ්‍රේෂ්ට ක්‍රියා විදියට. අන්න ඒවා තමා නියම නපුන්සක වැඩ. ආගමට මුඅවෙලා සේරම බලු වැඩ ටික කරන්න හොදය. නමුත් ඒවා කියනකොට ඉවසන්න අමාරුය්. මොකද කිවොත් ඉස්ලාමයට සම්බන්ද ඇත්ත හැමවිටම තිත්තය.

    2012/09/17 at 1:46 AM
    • Anver Manatunga says:

      මේක අපේ සහෝදරියක් මූණු පොතෙහි විරාජ් වත්සල කොඩිතුවක්කු නම් වු ආගම්බේධවාදියෙකුට ලියු ප්‍රතිචාරයක්. කසුන්ටත් මෙය අදාල නිසා උපුටා දක්වමි.

      Noorah At Noor විරාජ් වත්සල කොඩිතුවක්කුට තුවක්කුවෙන් ඇන්න වගේ උත්තරයක් දෙන්න හිතුන…. මුස්ලිම්වරයෙක් හැටියට ඉපදුනෙක ලැජ්ජා වියයුතු කාරණයක් නෙවෙයි. ලැජ්ජා වියයුත්තේ. බුදුහාමුදුරුවෝ කියපු පන්සිල් පද පහ රකින්නේ නැතුව තව ආගමකට මඩගහන එකයි.. ලැජ්ජවියයුත්තේ කවුරුත් ගවුරවය කරන සිවුර ඇඳගෙන ඔබතුමාලා දනගහගෙන .. බඩගාගෙන වඳින හාමුදුරුවෝ කරන වැඩදිහ බලල… බඩදරු අම්මල දුෂණය කරන, පච්චකොටගෙන . ධර්මය දේශනාකරන, පන්සල්වලට ඉස්කෝලේ යන ගැණු දරුවන් ගෙනැල්ලා දුෂනයකරන. උදේට සිවුර රැට කලිසම ඇඳගෙන හොරකමේ යන ,හොරගනු බලන්නයන .ගිහිල්ල අහුවෙලා පොලිස් කුඩුවේ ඉන්න.. පානාතිපාත කියකිය හරක්මස් කන .. සුරාමේරය කියකිය කසිප්පු ගහන … පන්සල්වතේ කෙරවරේ ගැනුතියාගෙන ළමයි හදන. .. මිනීමරුවන්ට පන්සලේ රැකවරනයදෙන.. කප්පන් ගන්න කප්පන් කරුවන්ට උදවුකරන… වයසක අම්මල රවට්ටලා රත්තරන් කියල පිත්තල ගුලිපෙන්නල ලක්ස ගණන් වන්චාකරන.. ඔබතුමාලගේ පින්වත් සාදුලගන. ඒවගේම විරාජ් ලැජ්ජා වෙන්න ඕනේ දුවව දුෂණය කරන සිංහල තාත්තා ගැන… වදාපු අම්මව දුෂණය කරන සිංහල බුද්දාගම් පුතා ගැන. .. පිස්සු හැදිලා ඉන්න අක්කව මසගණන් දුෂණය කරන සිංහල මල්ලි ගැන. ලැජ්ජවියයුත්තේ පෝයට සිල් ගන්න සිංහල සීයා තමාගේ මිත්තනියව දුෂණය කරන එක ගැන. ලජ්ජවියයුත්තේ අක්කගේ මිනිහ නංගිව දුෂණය කරන එක ගැනයි…. ලජ්ජවිය යුත්තේ තමාගේ මිනිහ හිටිද්දී හොරමිනිස්සු තියාගන්න සිංහල ගැණු ගැනයි.. ලැජ්ජවියයුත්තේ ගැණු හොරමිනිහ එක්ක එකතුවෙලා මිනිහ මරණ එකට… මිනිහ හොර ගැණු එක්ක එකතුවෙලා තමාගේ ගැනිව මරණ එකට… . ලැජ්ජාවියයුත්තේ දවසකට 500 කට වඩා අවජාතක දරුවෝ ගබ්සා කරලා මරනෙකගැනයි. ලජ්ජා විය යුත්තේ අවජාතක දරුවෝ මරල කැලෑවල… කකුස්සිවලවල්වල …. ඉස්පිරිතාලේ කකුස්සිවල. කුනුබක්කිවල තිබිල බවුද්ද පැටවූ හමුවෙනකොට. ලැජ්ජාවියයුත්තේ සිංහල කියාගත්තා කසාද බැදපු නොබැදපු ඉස්කෝලේ යන ගනු පිරිමි ළමයි හෝටල්වල ඉඳල අහුවෙලා පත්තරවල නම වටෙනකොටයි. මොකද බුද්දාගමේ නම් මිසක් මුස්ලිම් නම් එතන නැති නිසා. ලජ්ජා වියයුත්තේ හන්දියක් ගැනේ සුරාමේරය කියල පිරිත් යනකොට තබරුමේ ඉන්න පෝලිම දිහා බලල… ලැජ්ජාවියයුත්තේ බුදුන් දේශනාකරපු කමමිච්චචාරය අහක දමල පින්වන්ත රටේ හැමතැනම ගණිකා නිවාස පිහිටවීම ගැන… හිරගෙවල් පිරිලා ගණිකාවන්ගෙන්… හොරුන්ගෙන් … මිනීමරුවන්ගෙන් … කප්පම් කරුවන්ගෙන්. විරාජ් වත්සල කොයි ජාතියද විරාජ් … ??? තමුන්ට ලජ්ජවෙන්න ඕනේ තමාගේ ජාතිය ගැන මිසක් අපේ ආගම ගැන නෙමෙයි. ලැජ්ජාවියයුත්තේ අපිසින්හලයෝ කියගත්ත උදවිය සිංහලයන්ව මරණ එක ගැනයි.. ලැජ්ජාවියයුත්තේ අපි බුද්දාගමේ.. බුද්දාගම ට වඩා උතුම් ආගම නැහැ කියගත්ත අය බුදුන්ගේ වටිනා ආගම කෙළසීම ගැනයි.. විරාජ් සිංහලයෙක් හැටියට තමාගේ ජාතිය හදාගෙන අවොත් හොඳයි අනුන්ව හදන්න ඉස්සරවෙලා. තමුන්ගේ බුද්දාගම හරියාකාරව පිළිපැදල හිටියොත් හොඳයි . අනිත් ආගම වලට අපහස කරන්න කලින්… තමන්ගේ ජාතිය 95 % කරන වැරදි වැඩ හදාගෙන අවොත් හොඳයි තව ජාතියක් හදන්න ඉස්සරවෙලා. අපිට ලැජ්ජයි ලංකාවේ මහජාතිය කියල ලේබල් අලවාගෙන ඉන්න උපාසක මහත්තුරු නෝනලා කරන පින්වන්ත වැඩ දිහබලල .. ලෝකෙට ප්රකාශේ ගෙදරට මරගාතේ වෙන්නේ නැතුව විරාජ් ලජ්ජා බීටි ගන්නේ නැතුව තමාගේ ජාතිය හදාගෙන අවොත් හොඳයි..

      2012/09/17 at 11:20 AM
  • katuwa says:

    මගේ ගැටලුව මේකයි.
    ඇමරිකාවට හෝ වෙනත් අයෙකුට මුස්ලිම් ජනයා අවුස්සා දැමීමට අවශ්යමතාවයක් තිබේ යැයි සිතමු. එය ඇත්තක් බව ඔබ දන්නවා නම්, බොැහාමයක් මුස්ලිම් වරුන් එයට මේ ආකාරයෙන් හිංසාකාරී විධිහට ප්ර්තිචාර දක්වන්නේ ඇයි ? ඇයි මුස්ලිම් වරුනුත් සමහර බෞද්ධයින් වගේ පහත් විධිහට ප්රතිචාර දක්වන්නේ ?
    සෑම ආගමික කතුවරයෙක්ම, සෑම ප්රභුවරයෙක්ම සෑම මිනිසෙක්ම තමන්ගේ ජීවිත කාලයෙත්, ඉන් පසුවත් නොයෙක් ආකාරයේ අපහාස උපහාස වලට මුහුණ දිල තියනවා. ඒත් යහපත් මිනිසු ඒවට මුහුණ දෙන ක්ර මයක් තියනවා. උදාහරණයක් වශයෙන් ක්රිතස්තියානි ආගමේ උගන්වන්නේ, ඔබගේ දකුණු කම්මුලට ගැසුවොත් වම් කම්මුලත් දෙන්න කියල.
    ඇයි මුස්ලිම් වරුන් එදිනෙදා ගැටලු වලට මේ වගේ ක්රිෙයා මාර්ග ගන්නේ ?
    බුදුන්ගෙ ඉගැන්වීම් වල ඉතාමත් ප්ර භල කරුණක් තමයි උපේක්ෂාව. නමුත් බොහෝ බෞද්ධයන් අතරෙ නැත්තෙත් ඒකයි. එවැනි ලේබල් බෞද්ධයන් කරන්නෙ බුදුන්ට අපහාසයක්. ඒ වගේම මෙම හිංසාකාරී පිළිවෙත් ඉස්ලාම් ඉගැන්වීමේ තිබෙන දෙයක්ද, නැති නම් ඉස්ලාම් ඉගැන්වීම් වරදවා අවභෝධ කරගැනීමක්ද ?
    මේක ඔබලට අපහාස කරන්න නෙමෙයි අහන්නෙ.

    2012/09/17 at 5:02 AM
    • Anver Manatunga says:

      සහෝදරයා හැම දහමක්ම අදහන්නේ මිනිසුන්. මිනිසුන් අතර විවිධාකාරයේ අය සිටිති. මේ අය අතර සමහරුන් ‍ධර්මය නමින් කරන අපරාධ වලට ශාස්තෘ වරුන් හෝ ධර්මයන් පලි නැත. ආගමක් අදහන්නැති සමාජ වලද තත්වය මෙසේමය.

      2012/09/17 at 11:27 AM
      • katuwa says:

        සහෝදරයා, ඔබගේ අදහස මට පිළිගන්න අමාරුයි. ආගම් තියෙන්නේ මිනිසත් බව අභිභවා යන්න මිසක්, මිනිසුන් අභිභවා යන්න නෙමෙයි. මනුෂ්‍යත්වය කියන එක තුල වැදි කරන එකට සමාව දෙන්න තරම් ගුණයහපත් බවක් දියුණු කරගන්න බැරි නම්, ඒ ආධ්‍යාත්මක වර්ධනයේ තේරුම කුමක්ද ?

        2012/09/17 at 3:15 PM
        • Anver Manatunga says:

          මෙහිදී ඔබ තර්ක කරන්නේ ආගම් තිබෙන්නේ මිනිසුන් යහපත් කිරීමටයි යන පොදු මතයේ සිට බව මට හැගේ. නමුත් මා ඉස්ලාමය අදහන්නේ ඒ නිසා නොවේ. මට සමාජයට යහපත් පුද්ගලයෙක් වීමට ආගමක් අවශ්‍ය නැත.

          මා ඉස්ලාමය අදහන්නේ එතුලින් මගේ මෙලොව ජීවිතය සහ පරලොව ජීවිතය සාර්ථක කරගන්නටයි. විවිධ අය තමන්ගේ විවිධ අරමුණු උදෙසා ආගම බෝට්ටුවක් ලෙස පාවිච්චි කරන බව මම දනිමි. නමුත් ආගමකින් සැබවින්ම සිදුවිය යුත්තේ මිනිසෙකුගේ මෙලොව සහ පරලොව දිවිය අර්ථවත් කිරීමයි.

          2012/09/17 at 4:42 PM
  • katuwa says:

    ඔබගේ මෙයට ප්‍රථම ලිපිය මම කියෙවුවෙ දැන්. එයින් ඔබ මගේ ගැටලුවට ප්‍රතිචාර දිල තියනවා. ඒ අනුව මම පිළිගන්නවා හින්සාකාරී පිළිවෙත් ඔබල අනුමත නොකරන බව.
    එසේ නම්, ඔබගේ ආගමේ මුවාවෙන්, හිංසාකාරී පිළිවෙත් අනුගමනය කරන අය දැනුවත් කිරීම අත්‍යවශ්‍ය දෙයක් කියලයි මම හිතන්නෙ.
    ආගමක් විනාශ වෙන්නෙ බාහිර බලවේග වලින් නෙමෙයි. අභ්‍යන්තර අන්තවාදි අනුගාමිකයො නිසා. වඩාත් ප්‍රවේශම් වෙන්න ඕනෙ ඒ අයගෙන් කියලයි මම හිතන්නේ.

    2012/09/17 at 5:27 AM
    • Anver Manatunga says:

      සහෝදරයා බෞද්ධ සමාජයට වඩා අභියෝගාත්මක ගැටළුවක් මුස්ලිම් සමාජයට ඇත. එනම් ඉස්ලාම් අදහන ජනසංඛ්‍යාව අධික වීමයි. ජනසංඛ්‍යාව අධික වන විට සිදුවන හොද දේ මෙන්ම නරක දේද වැඩි විය හැක. කෙසේ නමුදු රටවල් කිහිපයක හැරෙන්නට මෙවර සිදුවීම සම්බන්ධව ලොව අනෙකුත් මුස්ලිම් රටවල ජනතාව ඉතාමත් යහපත්ව විරෝධතා දක්වා ඇත.

      කණගාටුදායක දේ නම් මාධ්‍ය මගින් වාර්තා කරන්නේ වැරදි දේ පමණි.

      2012/09/17 at 11:32 AM
  • hasan says:

    නබි(සල්) තුමාට අපහාස කර පළ වූ චිත්රපටියේ එක් සැකකරුවෙකු ප්රශ්න කිරීම පිණිස අත් අඩංගුවට!

    එය පුද්ගලික නිදහසක් ඒවා නවත්වන්න අපට බැහැ! කියා කියපු ඇමරිකාව රෙකෝඩ් එක මාරු කරයි.

    හේතුව මෙයට අරාබි ලෝකයෙන් විරෝධතා එල්ලවෙන්න පටන්ගෙන තිබේ. ඇමරිකාවට අරාබි ලෝකය තරහ කරගෙන සෙල්ලම් කිරීම අසීරු කාර්යයක්ය.

    කෙනෙකුගේ නිදහස නැති කරන්න බෑ කී ඇමරිකාවම, වෙනත් චෝදනා එල්ල කරමින් ඔහුව ප්රශ්න කිරීම පිණිස අත් අඩංගුවට ගෙන තිබේ.

    මෙය සියළුම ඉස්ලාම් විරෝධීන්ට හා අන්තවාදීන්ට කණේ පහරක් ගැසීමකි.

    http://www.aljazeera.com/news/americas/2012/09/201291514945705109.html?utm_content=automate&utm_campaign=Trial6&utm_source=NewSocialFlow&utm_term=plustweets&utm_medium=MasterAccount

    2012/09/17 at 9:30 AM
    • fathima says:

      මන් හිතන්නේ මුස්ලිම් වරු බේද බින්න කරපු ඇමරිකාව මුස්ලිම් අයට මතක් කරලා දුන්න අපි හැමෝම මුස්ලිම් අපේ ශාස්තෘ වරයා මුහම්මද් නබි (සල් )තුමා කියල.

      2012/09/17 at 5:28 PM
  • Mohammed says:

    @ Katuwa,
    “උදාහරණයක් වශයෙන් ක්රිතස්තියානි ආගමේ උගන්වන්නේ, ඔබගේ දකුණු කම්මුලට ගැසුවොත් වම් කම්මුලත් දෙන්න කියල.”

    හොද උදාහරණයක් සහෝදරයා, මම ඒකෙ එක පයක් තියාගෙනම උත්තර දෙන්නම්,
    එහෙම අනිත් කන දෙන කුතුනුවන් කොහෙද ඉන්නේ මේ කාලේ? 911 සිද්ධිය පෙරටුකරගෙන ඇමරිකාව ජන සංහාරයක් කලා, නමුත් තාම කවුද ඒක කලේ කියලා ඔප්පු කරගන්න පුලුවන් උනේ නැහැ, ඇමරිකාව ලෝකෙ වටේ මිනී මරනවා, ඒත් කොහේ හරි ඇමරිකානුවෙක් ඝාතනය වුනොත් ඒ රට නැති කරලා දාන එක බොක්කෙන්ම ෂුවර්, එහෙම වෙලා තියෙනවා මීට ඉස්සර.
    ඒ ආගමේ උගන්වලා තියෙනවා කිවුවට පිළිපදින අය නැහැ, මේක කොයි ආගමටත් එකයි, වෙනසකට තියෙන්නේ මුසල්මානුවන්ගේ ආගම හා තියෙන බැදීම වැඩියි, ආගම හරි හැටි පිලිපදින මුස්ලිම් කෙනෙකුගේ සෑම කටයුත්තකදීම ඔහු මුසල්මානුවෙක් යන්න දැක ගන්න පුලුවන් කියන එක නියතයි. ඉතින් අන් අයට මේවා ඇහැට පොල් පරාල වලින් අනිනවා වගේ ඇති.

    2012/09/17 at 12:51 PM
  • bunanm says:

    මෙච්චර කතා කරන කට්ටිය අකොන්ට ලංකාවට එන්න නොදුන්නේ ඇයි?ඔබගේ වචනයෙන් කියනවනම් ඔවුන් කලේ බුද්ධ ප්‍රතිමාවකට පිටුපා නර්තනයේ යෙදීමේ දසුන්පෙලක් එක් කිරීම පමණක් නේද?( ජනවහරේ “අනුන්ගේ මගුලට වරෙන් මගේ ආදරය පෙන්නන්න” කියන්නේ මේකට වෙන්න ඇති ) අනේ මගේ කට…..

    2012/09/17 at 12:52 PM
  • Mohammed says:

    http://english.alarabiya.net/articles/2012/09/17/238436.html

    ඔය කියන චිත්‍රපටියේ රගපාන නිළියක් වන ඈනා ගුර්ජි පවසන පරිදි මෙතන රැවටීමක්/මගඩියක් වෙලා තියෙනවා
    දැන් බලමු ඇමරිකානු බලු රැල මොනවද කරන්නේ කියලා

    2012/09/17 at 12:57 PM
  • katuwa says:

    මොහොමඩ් සහෝදරයා,
    “එහෙම අනිත් කන දෙන කුතුනුවන් කොහෙද ඉන්නේ මේ කාලේ?”
    අනිත් අය මොනවද කරන්නේ, කොහොමද කරන්නේ කියන එක අපිට අදාල නැහැ. ආධ්යා ත්මික ගමන කියන්නෙ අතිශයින් පෞද්ගලික ගමණක්. ඒ නිසා කිතුණුවන් එයාලගෙ ඉගැන්වීම් පිළිපදින එක හෝ පිළි නොපදින එක හෝ ඒ අයගෙ වැඩක් මිසක් අපේ වැඩක් නෙමෙයි. තව කාරනයක්, අනිත් අය වැරදි කරන නිසා අපි කරන වැරදි සාධාරණිය කරනය කරන්නත් බැහැ.
    “911 සිද්ධිය පෙරටුකරගෙන ඇමරිකාව ජන සංහාරයක් කලා, නමුත් තාම කවුද ඒක කලේ කියලා ඔප්පු කරගන්න පුලුවන් උනේ නැහැ, ඇමරිකාව ලෝකෙ වටේ මිනී මරනවා, ඒත් කොහේ හරි ඇමරිකානුවෙක් ඝාතනය වුනොත් ඒ රට නැති කරලා දාන එක බොක්කෙන්ම ෂුවර්, එහෙම වෙලා තියෙනවා මීට ඉස්සර.”
    සහෝදරයා, මොහොමඩ් තුමත් ඉපදුනේ යුද්ධ කාලයකදි නේද ? යුද්ධය කියන්නේ දේශපාලන මාතෘකාවක්. දේශපාලනය කියන්නෙ, මේ භවයට පමණක් සීමාවුන මාතෘකාවක්. ඉතිහාසයේ යුද්ධ, මිනී මරාගැනීම්, සොරකම්, නැති වුන කාලයක් තිබුනෙ නැහැ. එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි. අපි ආගම් තුලින් උත්සහ කරන්නේ මෙම තත්වයෙන් මිදිල, දෙවියන් වහන්සේ ලගට යාම (හෝ නිර්වානයට යාම ) මිසක්, මෙම තත්වයට විරුද්ධව සටන් කිරීමද ? එය කළ හැකි ද? උපත, පැවතීම විනාශය කියන්නේ මේ ලෝකයේ පැවතිමට අතෘවශ්යප කරුණු නොවේද ?
    ඒ ආගමේ උගන්වලා තියෙනවා කිවුවට පිළිපදින අය නැහැ, මේක කොයි ආගමටත් එකයි,
    ඒ කියන්නෙ ඔබ පිළිගන්නවා, ඉස්ලාම් ඇතුලු හැම ආගමකම ආගමික ඉගැන්වීම් වලට ගෞරව කරල ඒව පිළි නොගන්න අය ඉන්නවා කියල.
    ඒක හරි කියමුකො. නමුත් ඇයි, ඒ අය ප්රතික්ෂේප කරල තම තමන් තමන්ගේ නිවැරදි මාර්ගය සොයා නොගන්නෙ ? අනිත් අය මෙහෙම කරනවා ඒනිසා මමත් මෙහෙම කරනවා කියන මතයට ආපුහම අපිත් හැමදාම එතනමයි නේද ?
    “වෙනසකට තියෙන්නේ මුසල්මානුවන්ගේ ආගම හා තියෙන බැදීම වැඩියි, ආගම හරි හැටි පිලිපදින මුස්ලිම් කෙනෙකුගේ සෑම කටයුත්තකදීම ඔහු මුසල්මානුවෙක් යන්න දැක ගන්න පුලුවන් කියන එක නියතයි. ඉතින් අන් අයට මේවා ඇහැට පොල් පරාල වලින් අනිනවා වගේ ඇති.”
    සහෝදරයා, ආගමට තියන බැඳීමත්, බැඳීමක්. මෙන්න මේක තමයි බෞද්ධයන්ටත්, මුස්ලිම් වරුන්ටත් තේරූම් ගන්න බැරි දේ.
    ආගම ඔබට ලැබුනේ උපතින්. ඔබ එය මරණයත් එක්ක ගෙනියන්නෙ නැ. ඉතින් ඒකට ඔබ ඔය තරම් බැඳෙන්නේ ඇයි ? අල්ලා ලගට යන්න නම් බැඳීම් වලින් තොර වෙන්න කියල අල්ලා උගන්වල නැ කියල මම හිතන්නේ නෑ. මම හිතන්නේ ඔබලා එය අවභෝධ කරගන නැ කියල.
    සිංහල බෞද්ධ අන්තවාදි මිනිසු ඔබල ගැන වැරදි විදිහට හිතුවට එය අමතක කරල දාන්න. ඔබලගේ ගෞරවය ආරක්ෂා කරන සිංහල බෞද්ධයොත් ඉන්නවා. කොහොම නමුත්, මම කැමතියි ඔබලත් සමග නිවි සැනසිල්ලේ කරන මෙම සාකච්චාවට.පිළිතුරු බලාපොරොත්තු වෙමි.

    2012/09/17 at 2:27 PM
    • Mohammed says:

      “සිංහල බෞද්ධ අන්තවාදි මිනිසු ඔබල ගැන වැරදි විදිහට හිතුවට එය අමතක කරල දාන්න. ඔබලගේ ගෞරවය ආරක්ෂා කරන සිංහල බෞද්ධයොත් ඉන්නවා.”

      100% agree… it is a must

      anyway, can’t keep silent anymore as they are increasing and their disturbance getting more day by day

      the majority good Budhist should speak out against those silly extremists, no other option left

      2012/09/17 at 5:30 PM
  • Mawahib says:

    I am very happy regarding this film. Yes one side it is hearting Because He is the Messenger who was delivered the words of Almighty and he respected and cared messengers before him. Did any Christian or Jew can see any of the Muslims are insulting Jesus Christ (Peace be upon him) or Moses (Peace be upon him) or the David (Peace be upon him)? Also the western nation is not following any of the religion or they do not have religious faith. Churches are not only for the wedding and the Christmas. If there is a proper religion ladies are not walk with nude on the street. Millions of illegal Children are suffering in the street. Prostitution, Drugs, Liquor and preparing weapons to kill the innocent nation are the main business of the westerns. If the Nation who do not respect their religion community and the Mother, daughter or sister what you will expect from them? Only the technology and weapon Arm Developments to kill the innocents’ civil lion of the Muslim and Arabs? Who are the producers of the world terror? Who produce Bin Laden against Russia? Who help to Produce Nuclear Weapons in Iraq? And now supporting to create weapons in India to kill the Muslims? But talking against Iran and Pakistan and other Islamic and Arab Countries? Arabs are drinking sweet poison of America and other westerners. Pakistan is selling their innocent Nation for dollars and to day America started to another cold war Making a films against Islam.

    2012/09/17 at 3:19 PM
  • kasun says:

    @ anvar

    සිංහල මිනිසු අතර කතාවක් තිනවා , බුද්දිමතුන් සියයක් සමග වාද කරලා දිනන්න පුළුවන් එත් එක මෝඩයෙක් එක්ක වාද කරලා දිනන්න බැ කියලා
    ඒවා කවදාවත් නොවරදින කතා නිසා ඔන්න ඔබටම දිනුම දීල අපි ගියා

    අවසාන වශයෙන් කීමට ඇත්තේ මෙපමනය්. ඔබලාගේ ක්‍රියා ඕනෑම ශිෂ්ට සම්පන්න සමාජයක් පිළිකුල් කරනවා. ඔබලාගේ ඔය ගල් යුගේ ආකල්ප නිසා ඔබල ඕනෑම සමාජයක කොන් වෙනවා මිනිසුන්ගේ අප්‍රසාදයට ලක්වෙනවා. අනිත් සියලුම ජාතින් ඔබලාව දකින්නේ අමුතු විදියට. මේක ඉදිරියේදී ලෝකය පුරාම සිදු වන දෙයක්. එක නිසා අනිත් ජාතීන්ට චෝදනා කරන්න එපා ඔබලාට අපහස කරනවා කියලා. මොකද ඒ හැම අපහසයක්ම ඔබලාට ලැබෙන දේවල් නෙවෙ ඔබලා ලබාගන්න දේවල් . ඕනෑම වරදක් කරලා අල්ලගෙ පිහිට පැතුවට කවදාහරි ස්වාබවදර්මයගෙන් ප්‍රති විපාක හම්බෙනවා. එක නිසා අපිට ඉසරහට බලන්න පුළුවන් ඔබලාගේ අල්ලාද අපගේ ස්වාබවදර්මයද වඩා බලවත් කියලා.

    ආගමක් තිබෙන්නේ මිනිසුන් මානසික වහලුන් කිරීමට නොවේ මිනිසුන් තුල මනුස්සකම ඇති කිරීමට හා මිනිසුන්ගේ බුද්දිය අවදි කිරීමට. ඒ දේවල් ඉස්ලාම්යෙන් වෙනවද කියලා ඔබම හිතා බලන්න. ඒ වගේම නිදහස්ව හිතනන තිනවානම් එක තාම අපිට තින හොදම දර්ශනය හා හොදම ආගම. ඉස්ලාමයේ තිබ්බ පලියල හැම දේම පිළිගන්න නැතිව තමාගේ බුද්දීයෙනුත් හිටලා බලන්න තාම කියන කරන දේ කොච්චර දුරට හරිද කියලා.

    2012/09/17 at 4:44 PM
    • Anver Manatunga says:

      කසුන් සහෝදරයා, මෙම බ්ලොග් අඩවියට පැමිණ තම මතවාදය ජයගැනීමට බැරිවු අය කරන්නාවු දේ දෙකක් ඇත. එනම් සංයමය බිදගනිමින් අපහාස කිරීමයි. එවිට මා විසින් ‍ඔවුන් තහනම් කරන බව ඔවුන් දනිති. දෙවැන්න අපට අවලාද නගමින් ඉවත් වීමයි. මෙසේ ඉවත් වු අය නැවත වෙන නම් වලින් පැමි‍ණෙන අවස්ථාද ඇත. එයට හේතුව නම් තම මතවාදය ජයගත නොහැකිව අසහනයෙන් ඔවුන් පිට වුවද පිටතදීද සහනයක් නොලැබීමයි.

      කසුන් සහෝදරයා මම මෙම බ්ලොග් අඩවිය කරන්නේ මගේ හිතට එකගවයි. ඒ නිසා මම සිටින්නේ ඉතාමත් සැහැල්ලුවෙනි. මා විසින් ලිපි ලියන්නේද ප්‍රතිචාර දක්වන්නේද ඉතාමත් සැහැල්ලුවෙනි. නමුත් අන්තවාදීන්ට එසේ නොවේ. ඔවුන් ප්‍රතිචාර දමන්නේම ආවේගශීලීවයි. ඔවුන්ට තමන්ගේ තර්කය දිනාගත නොහැකි වන කල නොඉවසිලිමත් වීම සාමාන්‍ය දෙයකි. ඒ අන්තවාදයේ ලක්ෂණයයි. ඒ නිසා ඔවුන්ට මෙම බ්ලොග් අඩවියේ සිටියත් පිටතට ගියත් සැනසීමක් නැත.

      අද සමහරු මට විරුද්ධව බ්ලොග් අඩවි මුණුපොත් අඩවි පවත්වාගෙන යති. ඔවුන්ද සිටින්නේ අතෘප්තිකරව බව ඔවුන්ගේ වැඩ වලින්ම පෙනෙන්නට තිබේ. ඔවුන් භාවිතා කරන්නේ අසභ්‍ය වචනයි. ඔවුන්ට කැත කථාවකින් තොරව සංවාදයක් ගෙනයා නොහැක. ඔබටත් පිටතට ගොස් මට විරුද්ධව මෙවැනි අඩවියක් ආරම්භ කළ හැක. නමුත් ඒ සියල්ලෙන් පසුව ඔබට ඉතිරි වන්නේ අසහනය බව දනිමි.

      අද මා ඉස්ලාම් වැලදගෙන සිටින්නේ ඉමහත් ක්ෂාන්තියකින් සහ සමාදානයකින්ය. නමුත් සමහරුන් බටහිර මාධ්‍ය තුලින් ලැබෙන කුණු තොරතුරු ආශ්‍රිත කරගනිමින් සකසා ගන්නා ලද කන්නාඩියෙන් පෙනෙන්නේ ඉස්ලාම් යනු මානසික වහල් බවක් ලෙසයි. නමුත් පුද්ගලිකව මගේ ජීවිතයෙන් ඉස්ලාමය අත්දැක ඇති මා දන්නා පරිදි මානසික වහලුන් අප නොව අපට චෝදනා නගන අයම බවයි. ඒ අය මනසින් විවිධ දේ වලට වහල් වී අනෙක් අයට අවලාද නැගීම ඇත්තටම හාස්‍ය ජනක කරුණකි.

      අපට අවලාද නගමින් ඉවත් වන ඔබට සුභ පතමි!

      2012/09/17 at 5:38 PM
      • sarji says:

        @ kasun

        Islam is perfect but muslims are not perfect.

        ඔබගේ ප්‍රතිචාර වලින් මා බෝවුද්දාගම ගෙන යමක් ඉගෙන ගතිමි.(මට සාමාන්යෙන් බුද්ධ දරමය ගෙන ෆෙයාර් ක්නොලේජ් එකක් තිබුන)
        ඔබ අනාගටයෙදී නැවත මේ පිටුවට එනවාද නැත්ද කියා නොදනිමි.කෙසේ වෙතත් මෙය ඔබගේ ඉදිරි අද්යාපන කටයුතු වලටත් ඔබගේ පොව්ද්ගලික ජීවිතයටත්
        සුබ පැතීමට අවස්තාවක් කරගනිනිමි.ඔබට ජය.!!!!!!!!!!!good bye n God bless you.

        2012/09/19 at 10:46 PM
  • sana says:

    අන්වෙර් සහෝදරයා,
    මා වෙනුවෙන් noorah at noor සහෝදරියගේ පිළිතුර කසුන් කියන ඇමෙරිකන් දෙසප්‍රෙමියාට යොමු කිරීම ගැන ස්තුතියි.
    කසුන් @ ඔහේගේ නපුන්සකකම මම ඔප්පු කරලා හමාරයි. අවශ්‍යනම් ඇමෙරිකන් කාරයන්ගේ තනිකමට ඔහෙටද යන්න පුළුවන්.

    2012/09/17 at 5:25 PM
  • bunanm says:

    අනේ මෙටිකත් අහගෙන යන්න, ගල් යුගය කියන්නේ 2600 කට කලින්ද ? 1400 කට කලින්ද ? ? ඕකනේ කියන්නේ කට බොරු කීවත් දිව බොරු කියන්නේ නැහැ කියල… හිකිස්…ඉක්මනට අර පැත්තට ගිහින් හිතේ තියෙන තරහ පිරිමහගමු …

    2012/09/17 at 7:27 PM
  • kasun says:

    @sana

    2012/09/17 at 8:34 PM
    • Anver Manatunga says:

      කසුන් සංයමය බිදගෙන වගේ. නැවත යහපත් වචනයෙන් ලියනවා නම් අවස්ථාවක් දෙන්නම්

      2012/09/17 at 9:07 PM
  • kasun says:

    @anvar

    අන්වෙර් සහෝදරයා

    අවසාන වශයෙන් මෙයත් කිව යුතුයි. මන් මොරටුව කැම්පස් එකේ ඉංඡිනේරු ශිෂ්‍යයෙක්. මේ දිනවල පවතින ස්ට්‍රයික් එක නිසා නිකන් ඉන්න වෙලාවේ තමයි මෙහෙම හරි කමෙන්ට් එකක් දන්නේ. අනික මට බ්ලොග් එකක් ඇත ඒ මගේ ෆිල්ඩ් එක ගැන. ඒ නිසා වෙනම බ්ලොග් ඕපන් කරන් මට කාටවත් මඩ ගැහීමේ වුවමනාවක් නැත.මේ අවුරැද්දේ මුල වෙනකන් ඉස්ලාමය කියන්නේ කුමක්ද කියා වත් නොදන්නා කෙනෙක් මන්. නමුත් ඉස්ලාමයේ උපත ඉස්ලාමයේ වියාප්තිය, ඉස්ලාමයේ ඉගැනිවීම් ගැන සොයා බලුවයින් පස්සේ මගේ හිතට නැගුනු අදහසුයි මන් හැම විටම කමෙන්ට් කරේ. මන් වගේම ඉස්ලාමය ගැන අදහස් දරන තව ඕන තරම් ඉන්නවා කැම්පස් වල හා සමාජයේ. මිනිස්සු මෙසේ ඉස්ලාමය ගැන සිතන්ට පෙලබෙන්නේ ඇයද කියා ඔබ සොයා බලන්න. මක් නිසාද යත් කිසිවිටක ගින්නක් නැතුව දුම් නොදමන බැවින්.

    2012/09/17 at 9:02 PM
    • Anver Manatunga says:

      සහෝදර කසුන්, ඔබ දැක්වු සෑම ප්‍රතිචාරයක් තුලින්ම මම ඔබ ගැන විමර්ශනය කළා. මා දුටු දෙය නම් ඔබ ඉස්ලාමය දෙස බලන්නේ ඔබගේ පරිසරය විසින් ඔබට නිර්මාණය කරදී ඇති කෝණයක සිට බවයි. ඔබ අප වෙත නැගූ චෝදනා බොහොමයක් අන්තවාදීන් විසින් අන්ධානුකරණයෙන් අප වෙත නගන සාමාන්‍ය ප්‍රශ්නයි.

      ඔබ විසින් නගන තර්ක වලට අපගෙන් ඔබ බලාපොරොත්තු වන අන්දමේ පිළිතුරු ලැබෙන විට ඔබ නොඉවසිලිමත් වී කෝපයෙන් ප්‍රතිචාර දැක්වු අවස්ථාද තිබුණි. අන් ආගම්බේධවාදීන් සේම ඔබ තුලින්ද මෛත්‍රිය, කරුණාව සහ දයාව නොදුටුවෙමි. අනෙක් ආගම්බේධවාදීන්ට වඩා ඔබට ඉවසීම මදක් වැඩිපුර තිබෙනු දුටුවෙමි.

      ඉස්ලාම් යනු අද ලොව ප්‍රබලම දහමකි. එහි වර්ධනය හමුවේ අන්තවාදී බොහෝ දෙනෙකු දුර්මුඛ වීම සාමාන්‍ය දෙයකි. ඔවුන් මැසිවිලි නැගීමද සාමාන්‍ය දෙයකි. ඔබ මෙන්ම මාද පිරුළකින්ම නවතන්නම්.

      ඵල ඇති රුකටලු ගල් වදින්නේ!

      2012/09/17 at 9:23 PM
  • sana says:

    “සත්‍ය බුද්දියේ විමසුමට”

    කසුන් කියන කෙනා අන්තවාදී කම කයන අසූචි වලේ ඉඳගෙන, ලියා තිබු අපහාසාත්මක කොමන්ට්ස් වලින් කීපයක්

    bushge kale sidda unanam meka libiyawe ina kattiyata bada pirena kanna tibba. dan ina barak husain obama, kalin muslim jathikayekne, tawamath hariyata agamak nathi kenek. ekai oya muniwatha rakinna. mitt romney awain passa apita nawathath balaganna puluwan muslim lokaya idiriye dekata nawen nathi americawak.

    September 16, 2012 at 7:57 පම්

    asun says:
    @anvar

    Sam Bacile kiyana israel american fim director nirmanaya karapu film ake kiyawenne muhammad nabi thumage saba jiwana kathawa. ithin ai muslim sahodarayanta mechchara taraha yanne?

    September 15, 2012 at 8:47 pmRepl

    asun says:
    @anvar

    geri hamaka ida illan apu pirisak ada nagenahira wenama palanayak illanawa. wenama neethi paddathiyak illanawa. mehi thina sadaranaya kumakda?
    hakeem kiyana anthawadiya pramuka pakshaya balayata awoth aniwaryenma me rata yanna tawath uddyakata. mkda eya wada karanne widesha ratwala kumantrana karayek widiyata. tamage aihtiya dinagana muwawen ada wenna baudayage aithiya winasha kirima.

    bodu bala senawa kiyanne sinhalayage aithiya surakina apu sanwidanayak. mewani sanwidana tawa tawath bihi wiya uthui muslim anthawadeengen sinhalaya jathiya beraganimata.

    September 15, 2012 at 8:08 pmReply

    asun says:
    @anvar

    obathumata siduhath kumaru ipadicha gaman awidda eka piliganna bari unata muhammad nabi ipaduna wela sidu unade piliganna puluwan une kohomada anver?
    obathumata muhammad nabi ipadimedi sidu una de kiyaganna wath bari obata eya wishwasa nathi nisada? nathnam quranaye kunuharupa liya athibawa obama piliganna nisada? obalage agamika nayakayage upatha mata wada danne obathuma nisa obathumama eya wistara kirima wada hoda bawai mage adahasa.

    September 16, 2012 at 8:16 pmReply

    මේ කොමන්ට්ස් වලින් ඔහු අපේ ආගමට, කුරානයට, මුහම්මද් (සල්)නබිතුමාට කෙසේ අපහාසාත්මකව ලියල තියනවද කියල පැහැදිලි වෙනවා නේද?

    නමුත් ඔහු විසින් එල්ල කරපු මද බාල්දිය ඔහු ගේ ඔලුවටම හෙලුවායින් පසුව,

    //සිංහල මිනිසු අතර කතාවක් තිනවා , බුද්දිමතුන් සියයක් සමග වාද කරලා දිනන්න පුළුවන් එත් එක මෝඩයෙක් එක්ක වාද කරලා දිනන්න බැ කියලා
    ඒවා කවදාවත් නොවරදින කතා නිසා ඔන්න ඔබටම දිනුම දීල අපි ගියා//

    මෙන්න මෙහෙම කියල, තමන් ගේ අන්තවාදීකම වහගන්න සිංහල කමත් උකස් තියල,

    //අවසාන වශයෙන් කීමට ඇත්තේ මෙපමනය්. ඔබලාගේ ක්‍රියා ඕනෑම ශිෂ්ට සම්පන්න සමාජයක් පිළිකුල් කරනවා. ඔබලාගේ ඔය ගල් යුගේ ආකල්ප නිසා ඔබල ඕනෑම සමාජයක කොන් වෙනවා මිනිසුන්ගේ අප්‍රසාදයට ලක්වෙනවා. අනිත් සියලුම ජාතින් ඔබලාව දකින්නේ අමුතු විදියට. මේක ඉදිරියේදී ලෝකය පුරාම සිදු වන දෙයක්. එක නිසා අනිත් ජාතීන්ට චෝදනා කරන්න එපා ඔබලාට අපහස කරනවා කියලා. මොකද ඒ හැම අපහසයක්ම ඔබලාට ලැබෙන දේවල් නෙවෙ ඔබලා ලබාගන්න දේවල් . ඕනෑම වරදක් කරලා අල්ලගෙ පිහිට පැතුවට කවදාහරි ස්වාබවදර්මයගෙන් ප්‍රති විපාක හම්බෙනවා. එක නිසා අපිට ඉසරහට බලන්න පුළුවන් ඔබලාගේ අල්ලාද අපගේ ස්වාබවදර්මයද වඩා බලවත් කියලා.//

    ශිෂ්ට සම්පන්න සමාජය, චෝදනා, අපහාස වෙනි වචනවලට ඔහුගේ බුද්දි මට්ටමෙන් අර්ථකතනයකුත් දීල, ඒ එක්කම සාපයකුත් කරලා,

    //ආගමක් තිබෙන්නේ මිනිසුන් මානසික වහලුන් කිරීමට නොවේ මිනිසුන් තුල මනුස්සකම ඇති කිරීමට හා මිනිසුන්ගේ බුද්දිය අවදි කිරීමට. ඒ දේවල් ඉස්ලාම්යෙන් වෙනවද කියලා ඔබම හිතා බලන්න. ඒ වගේම නිදහස්ව හිතනන තිනවානම් එක තාම අපිට තින හොදම දර්ශනය හා හොදම ආගම. ඉස්ලාමයේ තිබ්බ පලියල හැම දේම පිළිගන්න නැතිව තමාගේ බුද්දීයෙනුත් හිටලා බලන්න තාම කියන කරන දේ කොච්චර දුරට හරිද කියලා.//

    තමන්ට කවාදාවත් බුද්දියෙන් හිතල බලන්න බැරි නිසා, අපටම ඒ චෝදනාවත් කරලා,noorah at noora ගේ අහක ගිය gun shot එක බලෙන් තමන් උඩට දාගෙන දිරවාගන්න බැරුව “බායි” කියල ගියා, යන්න!

    2012/09/17 at 9:33 PM
  • fathima says:

    මේ අව්රුද්දෙ මුල ඉදල ඉස්ලාමය ගැන කසුන් සහෝදරයා දැනගත්තේ සිංහ හඩ සොරි චී වලින් වෙන්න ඇති.ඉංජිනේරු ශිෂ්‍යයෙක් වූ පලියට හැමදේම දන්නවා කියා හිතන්න එපා මමත්වයෙන් බැහැර වෙලා පාට කන්නාඩි ගලවල වටපිටාව බලන්න තමන් ලෝකෙන් කීයෙන් කිවෙනියද කියල…තමන්ගේ ග්‍රන්ථවල තියෙන්නේ මොනවද කියලවත් බහුතර බෝඋද්දයෝ දන්නේ නැහැ දැනගත්තු දාට තෙරෙය් තමන් කොය් තරම් බුද්දීමත්ද කියල

    2012/09/17 at 10:10 PM
  • sana says:

    katuwa @

    //මගේ ගැටලුව මේකයි.
    ඇමරිකාවට හෝ වෙනත් අයෙකුට මුස්ලිම් ජනයා අවුස්සා දැමීමට අවශ්යමතාවයක් තිබේ යැයි සිතමු. එය ඇත්තක් බව ඔබ දන්නවා නම්, බොැහාමයක් මුස්ලිම් වරුන් එයට මේ ආකාරයෙන් හිංසාකාරී විධිහට ප්ර්තිචාර දක්වන්නේ ඇයි ? ඇයි මුස්ලිම් වරුනුත් සමහර බෞද්ධයින් වගේ පහත් විධිහට ප්රතිචාර දක්වන්නේ ?
    සෑම ආගමික කතුවරයෙක්ම, සෑම ප්රභුවරයෙක්ම සෑම මිනිසෙක්ම තමන්ගේ ජීවිත කාලයෙත්, ඉන් පසුවත් නොයෙක් ආකාරයේ අපහාස උපහාස වලට මුහුණ දිල තියනවා. ඒත් යහපත් මිනිසු ඒවට මුහුණ දෙන ක්ර මයක් තියනවා. උදාහරණයක් වශයෙන් ක්රිතස්තියානි ආගමේ උගන්වන්නේ, ඔබගේ දකුණු කම්මුලට ගැසුවොත් වම් කම්මුලත් දෙන්න කියල.//

    මතු පිටින් බැලුවොතින් ඔබේ කියමනේ අත්තක් තියනවා සහෝදරයා, නමුත් අපහාස කිරීම්, උපහාස කිරීම් මෙවෙනි දේම ආගමක් කරගත්තු සමහර ආගමිකයින් ගැන ඔබේ අදහස කියන්න පුලුවන්ද?
    ඔබට හැඟෙන්නේ නැද්ද ඇයි මේ වැනි අපහාස කිරීම් කලයුත්තේ කියල?
    අපහාසයක් සිදුවී තිබෙනවානම් ඒ අපහාසයට ලක්වුණු පාර්සවයට ඒ අපහාසයට විරුද්දව ප්‍රතිචාර දැක්වීමේදී පමණක් සදාචාරව, සීලාචාරව හැසිරිය යුතුයි කියා බලාපොරොත්තු වීම අසාදාරනයි නේද?
    මෙතෙනදී මුස්ලිම් වරුන් විසින් අමෙරිකාවෙන් ඉල්ලීමක් කළා මේ වීඩියෝ පටය පළකරන්න දෙන්න එපා, තහනම් කරන්න කියල, ඒ අවස්ථාවේ ඇමෙරිකානු රජයෙන් මේ සදාචාරාත්මක ඉල්ලීමට සදාචාරාත්මක රටක රජයක් හැටියට සවන් දුන්නානම් මෙවෙනි තත්වයක් ඇතිවෙන්නේ නෑ නේද?
    මුස්ලිම් වරුන් විසින් ප්‍රතිචාර දැක්වීමේදී සමහර තැන්වල සීමාව ඉක්මවා ගිහින් තියන බව ඇත්ත, ඒවා ඒ අවස්ථාවේ කල්ලි ගැසුණු පුද්ගලයන්ගේ මානසිකත්වය අනුව සිදුවුණු දෙයක් මිස කිසිම ඉස්ලාමීය රජයක් විසින් රජයේ ප්‍රතිපත්තියක් ලෙස කිරියාත්මක කරපු දේ නොවෙයි කියන එක ඔබට පිළිගන්න පුලුවන්ද?
    නමුත් ලෝකයටම අධිපති ලෙස, උගත්තු ලෙස, සිස්ටාචාරයේ ඉහලම තතන ඉන්න අය යයි කියාගන්නා රටක පාලකයින්ට සදාචාරාත්මකව හැසිරීමට තිබුණු අවස්තාවක ඔවුන් හැසිරුනේ අන්ත පල් බූරුවන් ලෙස නේද?
    ඔබ මුස්ලිම් අපටත් හිංසාකාරී ලෙස හැසිරෙනවා කියලා දොස් පවරා තිබෙනවා!
    බෝව්ධයින්ටත් ඔවුන්ගේ හැසිරෙම බුදුන්ට අපහාසයක් කියල දොස් කියලා තියනවා!
    උදාහරණයක් වසයෙන් ක්‍රිස්තියානි ආගමේ උගන්වපු කම්මුල් දෙකම අනුන්ට ගහන්න දෙන්න කියල වචනය අපට මතක් කරලා දුන්න!
    ඉතින් ඔබ කියන්නේ ඔය අපහාස කරපුව මඳි තවත් කරන්න කියන්න කියලද?
    අනේ අපට නම් බෑ ඔය වැඩේ, මොකද ඔය බයිබලේ කියල තියන දේවල් බයිබල් අයිති ආගමිකයින්ම පිළිපදින්නේ නැති නිසා!
    ඒ අය පිළිපදිනවනම් බුෂ් මහත්තයට තිබුනනේ ලෝක වෙළඳ මද්‍යස්තානවගේ තව ගොඩනැඟිලි දෙකක් හදල ඒ කඩාපු මිනිස්සුන්ටම ආයේ පාරක් කඩන්න දෙන්න!
    බුෂ් මහත්තටය අමතකවෙලා තිබුනත් එයා අන්දහන ආගමික නායකයින්ට තිබුනනේ බුෂ් මහත්තයට මතක් කරලා දෙන්න!
    නමුත් ඔවුන් විසින් අද වනතුරු තමන්ගේ පළි ගැනීමේ චේතනාවෙන් අයින් වෙලා නෑ නේද?
    මම මාධ්‍යවල දැක්ක පළිගැනීම පටන්ක්ගත්තට පස්සේ කීප වතාවක්ම ඔවුන් පල්ලිවලට ගිහින් තියනවා!
    ඒ එක පාරක්වත් ඔවුන්ට අර බයිබල් වචන ටික මතක් වෙලා නෑ, නැතිනම් බලන්න බැරිවෙලා කියලයි මටනම් සිතන්නේ!

    //ඇයි මුස්ලිම් වරුන් එදිනෙදා ගැටලු වලට මේ වගේ ක්රිෙයා මාර්ග ගන්නේ ?
    බුදුන්ගෙ ඉගැන්වීම් වල ඉතාමත් ප්ර භල කරුණක් තමයි උපේක්ෂාව. නමුත් බොහෝ බෞද්ධයන් අතරෙ නැත්තෙත් ඒකයි. එවැනි ලේබල් බෞද්ධයන් කරන්නෙ බුදුන්ට අපහාසයක්. ඒ වගේම මෙම හිංසාකාරී පිළිවෙත් ඉස්ලාම් ඉගැන්වීමේ තිබෙන දෙයක්ද, නැති නම් ඉස්ලාම් ඉගැන්වීම් වරදවා අවභෝධ කරගැනීමක්ද ?
    මේක ඔබලට අපහාස කරන්න නෙමෙයි අහන්නෙ.//
    බුදුන් දෙසනා කරපු උපේක්ෂාව බෝව්ධයින් ළඟ නැත්නම්, ඔවුන් බුදුන්ට අපහාස කරනවානම් ඔබ ඒ ගැන ප්‍රශ්න කල යුත්තේ බෝව්දයින්ගෙන් මිස අපෙන් නොවෙයි.
    ලෝක ජනයාගෙන් හතරින් පංගුවක් තරම් ඉන්න මුස්ලිම් ජනයාගෙන් ඉතාම සුළු පිරිසකගේ හැසිරීම ඔබට ඉතා හිංසාකාරී ලෙසා පෙනෙනවානම් එකට අපට කිසි දෙයක් කටන්න බෑ, මොකද මේ හිංසාකාරී හැසිරීම් කිසිදු නීතියානුකූල මට්ටමෙන් සිදුවුවා නොවෙයි. කවුරුත් මේවට අනුබල දීල නෑ. හිංසාකාරී හැසිරීම් මොන ආගමෙන්ද අනුමත කරලා තියන්නේ කවුද ඒවා වැඩියෙන් කරන්නේ කියල ඔබ සිහිබුද්දියෙන් ලෝකයේ අද සිද්දවෙන ද ගැන විමසිල්ලෙන් අපක්ෂපාතීව බැලුවොත් තේරුම් යාවි.

    //එසේ නම්, ඔබගේ ආගමේ මුවාවෙන්, හිංසාකාරී පිළිවෙත් අනුගමනය කරන අය දැනුවත් කිරීම අත්‍යවශ්‍ය දෙයක් කියලයි මම හිතන්නෙ.
    ආගමක් විනාශ වෙන්නෙ බාහිර බලවේග වලින් නෙමෙයි. අභ්‍යන්තර අන්තවාදි අනුගාමිකයො නිසා. වඩාත් ප්‍රවේශම් වෙන්න ඕනෙ ඒ අයගෙන් කියලයි මම හිතන්නේ.//

    අපේ ආගම බටහිර බලවේගවලින් විනාශ වෙනවා කියාලා කවුද කිව්වේ. බටහිරයින් ඔවුන්ගේ පිළිවෙත නිසා ඔවුන් විනාශ වෙමින් සිටිනවා.අද ලෝකයේ මුස්ලිම් අනුගාමිකයෝ ඉස්ලාම් දහම වඩාත් හොඳින් ඉගෙන ගෙන දහම අනුව ජීවත් වීමට උත්සාහ දරනවා. බටහිරයෝ වලපල්ලට යමින් සිටිනවා. ඔවුන්ගේ ආගමින් ඔවුන්ව යහ මඟට ගැනීම අසාර්ථක වෙලා තිබෙනවා. ඔවුන්ගේ ආගම අතහැර යන ගණන දවසින් දවස ඉහල යාමින් පවතිනවා. ඒ වෙනි දේවල ප්‍රතිපලය තමයි ඔය අපහාසා චිරපටි වෙනි දේවල් . ඔවුන් සිතනවා අනුන්ට අපහාස කරලා තමන් ගොඩ වෙන්න පුළුවන් කියල!
    ඔබම කියන්න එහෙම පුලුවන්ද?
    ඒ නිසා ඔබේ දැනුවත් කිරීම් අවශ්‍ය වන්නේ බටහිරයන්ටය. ඔබ ඒ පුණ්‍ය කර්මය කළයුත්තේ බටහිරයට ගිහිල්ලය!
    අද බොහෝ අය සිතනවා ඔවුන්ගේ ආගම අනුව අපි ජීවත් විය යුතුයි කියල!
    කිරිස්තියානි අයත් හිතන්න පුළුවන් අපි මුස්ලිම් වරුන්ට කම්මුලට ගහමු, අපේ බයිබලය අනුව ඔවුන් අනෙක් කම්මුලත් අපට ගහන්න දිය යුතයි කියල!
    ඔබත් එහෙම හිතනවද katuwa යාලුවා?

    2012/09/18 at 2:38 AM
    • bunanm says:

      well said sana……thumbs up

      2012/09/18 at 12:11 PM
  • Nip says:

    2012/09/18 at 4:05 AM
    • Anver Manatunga says:

      ඔබත් සංයමය බිදගෙන. මම ඔබගේ ප්‍රතිචාර 3ක් මැකුවා. යහපත්ව ලියන්න බැරිනම් බොරුවට මහන්සිය අපතේ යවන්න එපා.

      2012/09/18 at 9:52 AM
  • bunanm says:

    නියමය් සනා…

    2012/09/18 at 12:13 PM
  • katuwa says:

    සනා සහෝදරයා,
    “මතු පිටින් බැලුවොතින් ඔබේ කියමනේ අත්තක් තියනවා සහෝදරයා, නමුත් අපහාස කිරීම්, උපහාස කිරීම් මෙවෙනි දේම ආගමක් කරගත්තු සමහර ආගමිකයින් ගැන ඔබේ අදහස කියන්න පුලුවන්ද?”
    කිසිම ආගමක, තවත් පුද්ගලයෙකුගේ විශ්වාශයන්, ආගම්, ජාතීන් ආදි කිසිම දේකට අපහාස උපහාස කරන එක අනුමත කරල නැහැ. කවුරු හරි එහෙම කරනව නම් ඒක ඔවුන්ගේ නුගත් කම. ඒකට අපි නොසැලිය යුතු තරම් ගුණ දහම් ප්ර්ගුණ කරල තිබෙන් ඕනෙ, නියම ආකාරයට ආගම පිළිපදිනව නම්. අනිත් අතට කවුරු හරි අපට අපහාස කරනව නම්, ඔවුන් කිසිම ආගමක නියෝජිතයෝ විධිහට අපි නොසැලකිය යුතුයි. මොකද ආගමික ගුරුවරයා ඔවුන් වෙතින් නියෝජනය වෙන්නෙ නැති නිසා.
    “අපහාසයක් සිදුවී තිබෙනවානම් ඒ අපහාසයට ලක්වුණු පාර්සවයට ඒ අපහාසයට විරුද්දව ප්ර තිචාර දැක්වීමේදී පමණක් සදාචාරව, සීලාචාරව හැසිරිය යුතුයි කියා බලාපොරොත්තු වීම අසාදාරනයි නේද?”
    සහෝදරයා, අසීලාචාර කෙනෙක් අසීලාචාර විධිහට යමක් කලහම, ඒකට අශීලාචාර කමෙන්ම පිළිතුරු දිය යුතුයි කියල ඔබල හිතනව නම්, මට ඔබලත් සමග තව දුරටත් සාකචිඡා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මිනුසු පෙන්වන්න ඕනෙ තමන් ශීලාචාර බව. ධාර්මික බව, තමන්ගේ අභ්ය න්තර දියුණුව. එතකොටයි, අනිත් අය ඒ අය ගෙැන පැහැදෙන්නේ.
    ඒ අවස්ථාවේ ඇමෙරිකානු රජයෙන් මේ සදාචාරාත්මක ඉල්ලීමට සදාචාරාත්මක රටක රජයක් හැටියට සවන් දුන්නානම් මෙවෙනි තත්වයක් ඇතිවෙන්නේ නෑ නේද?
    ඒක සංවේදි කාරණයක් බව ඇත්ත. හෑබැයි මම දැකල තියනවා කිතුණුවන් අතින්, කිතුණු ආගමම අපහාසයට පත් වෙන විදිහේ චිත්රයපට එහෙම. ඒ අය සමහර විට ඒ කෝණයෙන් මනින්න ඇති. නැති නම් ඔබලාගේ දුර්වලකම් හඳුනාගන, ඒ තුලින් ඔබලා අප්රනසාදයට පත් කරන්න උත්සහ කරනවත් ඇති.
    “මුස්ලිම් වරුන් විසින් ප්රනතිචාර දැක්වීමේදී සමහර තැන්වල සීමාව ඉක්මවා ගිහින් තියන බව ඇත්ත, ඒවා ඒ අවස්ථාවේ කල්ලි ගැසුණු පුද්ගලයන්ගේ මානසිකත්වය අනුව සිදුවුණු දෙයක් මිස කිසිම ඉස්ලාමීය රජයක් විසින් රජයේ ප්රනතිපත්තියක් ලෙස කිරියාත්මක කරපු දේ නොවෙයි කියන එක ඔබට පිළිගන්න පුලුවන්ද?”
    ඒක තමයි මගේ මුලික ප්රේශ්ණය. ඒව ඔබලගේ ආගමෙන් අනුමත නොකරනව නම් ඒ ගැන ඔබලා තිරණයක් ගත යුතුයි. සමහර අය ප්රවසිද්ධියේ කීවා ඒව අනුමත කරන්නෙ නැහැ කියල. ඒ එක්කම, අන්තවාදි මිනිසුන්ගෙන් ඔබලාගෙ ආගම ආරක්ෂා කර ගන්නත් ඔබලා සැලකිලිමත් විය යුතුයි. නැති නම් ඔවුන් කරන දේ නිසා, ලෝකය මුලු ඉස්ලාම් සමාජයටම බණිනවා. මම කියන්නෙ ඒකයි.
    නමුත් ලෝකයටම අධිපති ලෙස, උගත්තු ලෙස, සිස්ටාචාරයේ ඉහලම තතන ඉන්න අය යයි කියාගන්නා රටක පාලකයින්ට සදාචාරාත්මකව හැසිරීමට තිබුණු අවස්තාවක ඔවුන් හැසිරුනේ අන්ත පල් බූරුවන් ලෙස නේද?
    කවුරු හරි එහෙම හැසිරුනා කියල, අපි එහෙම හැසිරිය යුතු නැහැ කියල මම කියන්නෙ.
    “අනේ අපට නම් බෑ ඔය වැඩේ, මොකද ඔය බයිබලේ කියල තියන දේවල් බයිබල් අයිති ආගමිකයින්ම පිළිපදින්නේ නැති නිසා!”
    සහෝදරයා, බයිබලේ තියන ඒව ක්රිිස්තියානි අය පිළිපදින්නෙ නැතිනම්, ඔවුන් නාමික කිතුනුවෝ. බුද්ධ්ගමේ තියන ඒව බෞද්ධයෝ පිළිපදින් නැති නම් ඔවුන් නාමික බෞද්ධයෝ. එය ඔබටත්, හින්දුන්ටත්, සික් ජාතිකයන්ටත් සේරටෝම පොදු දෙයක්. නාමික ආගම් කාරයෝ කරන දේවල් වලට, ඒ ආගම් පලි නැහැ නේද ?
    “නමුත් ඔවුන් විසින් අද වනතුරු තමන්ගේ පළි ගැනීමේ චේතනාවෙන් අයින් වෙලා නෑ නේද?”
    සහෝදරය, මම දේශපාලනය ගැන දන්නෙ නැහැ. නමුත් රටක සිවිල් නීතිය කඩ කරනව කියන්නේ නම් බරපතල දෙයක්. ඔබ කියන්නේ, කුමන තත්වයක් යටතේ හෝ විශාල මිනිස් ඝාතනයක් සිදුවුන එක 911, රජයක් වශයෙන් ඔවුන් අමතක කරල දායි කියලද ? ඔබ කියන්නේ ඒක ත්රස්තවාදි ක්රි්යාවක් නෙමෙයි කියලද ?
    දැන් මට කියන්න ඔබ මුස්ලිම් නාමයෙන් සමහර අය කරන ත්රයස්තවාදි ක්රිතයා අනුමත කරනවද ? ඒ අය ඉස්ලාම්ද ? ඔබ කලින් කීවා, සමහර අයෙක් අශීලාචාර විධිහට හැසිරුනාට ඔබල ඒව අනුමත කරන්නෙ නැහැ කියල. ඔබල 911 අනුමත කරනවද ?
    “ලෝක ජනයාගෙන් හතරින් පංගුවක් තරම් ඉන්න මුස්ලිම් ජනයාගෙන් ඉතාම සුළු පිරිසකගේ හැසිරීම ඔබට ඉතා හිංසාකාරී ලෙසා පෙනෙනවානම් එකට අපට කිසි දෙයක් කටන්න බෑ,”
    නැවතත් මුලට ! මම කියන්නෙ, ඔබල ඔවුන්ට විරුද්ධව නීතිය ක්රිහයාත්මක නොකරන්නෙ ඇයි ? එහෙම කළානම් ඉස්ලාම් අය පොදුවේ ආරක්ෂා වෙනව නේද ?
    මේක ඇයි බෞද්ධයන්ට නොකරන්නෙ කියල අහන්න එපා. මට ඒකට බලයක් නැහැ.
    “අද බොහෝ අය සිතනවා ඔවුන්ගේ ආගම අනුව අපි ජීවත් විය යුතුයි කියල!”
    ඔබ වැරදියි. කවුරු හරි එහෙම හිතනව නම් ඔවුන් නාමික ආගමිකයෝ.
    සහෝදරයා, ආගම, මගේ අවභෝධයේ හැටියට අනන්ය තාවයේ කොටසක් නෙමෙයි. සෑබෑ අනන්යහතාය හඳුනා ගන්න තියන එකක්. මේ ලෝකෙ ජයගන්න තියන එකක්. සටන තියෙන්නෙ බාහිර සතුරො එක්ක නෙමෙයි. අභ්යමන්තර සතුරො එක්ක. ඒ සතුරො විනාශ කරන්න කියල නේද ඔබලගේ ආගමේ තියෙන්නේ ?

    2012/09/18 at 1:12 PM
  • bunanm says:

    @ katuwa ඇයි ඔයාලටත් හිතන්න බැරි ,දඹුල්ලේ සිද්දිය බලන්න ,අපව පාරට බස්සවන්න ක්‍රියා කලේ කව්ද?ඒ මිලේට්ච ක්‍රියා කල අයට විරුද්ධව රජය ගත්තු ක්‍රියාමාර්ගය කුමක්ද?එම දේවස්ථානය අනිත්යානුකුලනම් ඔබලා නිත්‍යානුකුලව කටයුතු නොකළේ මන්ද?මේවට විරුද්ධව මොන සංවිධානයද කතා කලේ?අපේ අයිතිවාසිකම ඉල්ලනවිට අපට අන්තවාදීන් කිව්වා.අපේ රෙදිවලීම් අපේ මුහුණ වසාගෙන යනවිට මෙයාලට රිදෙන්නේ ඇයි?ඉතින් අපි මේවට අපේ විරුද්ධත්වය දැක්විය යුත්තේ කෙසේද?අපට කැප දේ නොකන්න කියල බලකරන්න ලදජනැද්ද?ඔබලාගේ ආගම රැකගතයුත්තේ ඔබ පන්සිල් රැකීමෙන් මිස අපට රකින්න කීමෙන් නොවේ?60% වූ ඔබලා ගවමස් කෑමෙන් වලකිසිටියොත් ලංකාවේ ගවගාතනයට එරෙහි ව්‍යාපාර මොකටද ?ඉබේම එය සිදුවෙයි නේද?මේසඳහාවූ එක ව්‍යාපාරයක් පුලුවන්නම් පෙන්වන්න බලන්න?සුරාවට එරෙහිව මොනවාද තියෙන ව්‍යාපාර?වැරදිලාවත් අපි එම ව්‍යාපාරවල නියදිල සිටියානම් කොහොම ඇතිද සද්දේ?මෙවගැනත් ඔබලා අවංකව සිතලා බලන්න. අතීතයේ ඔබලාගේ දෙමාපියන් ,මුතුන්මිත්තන් ධාර්මිකව ජීවත්වුණා නිසා මුස්ලිම් ජනයාගේ ඇදහිලි එයාලට ප්‍රශ්නයක් නොවිය,නමුත් අද ඔයාලට ඔයාලගේ ධර්මයේ ජීවත්වීමේ නොහැකියාව වසාගැනීමට නිර්ලජ්ජිතව අන්තවාදී සළුපිලි ඇඳගෙන පාරට බැස සිටි.මෙය ඉතා සුළුපිරිසක් වුවද ,මෙවන් පිළිල සමාජයෙන් මුලිනුපුටා දැමීම සමස්ත බවුද්ධ ජනතාවගේ වගකීම නොවන්නේද? මේසඳහා වූ ව්‍යාපාර මොනවාද?ලාංකික මුස්ලිම් ප්‍රජාවගේ ආර්ථිකය කියන්නේ රටේ ආර්ථිකය නොවේද?ඒවා බිදහෙලිමෙන් ශක්තිමත් කරන්න අරඅදින්නේ කාවද?මේවට විරුද්ධ කිසියම් ව්‍යාපාර තිබේද?සුළු දේශපාලන වාසි තකා සිදුවූ 83 කළු ජූලිය වෙනුවෙන් රටක් වශයෙන් කෙතරම් වන්දි ගෙව්වෙමුද?නැවතත් එවැනි අඳුරු අගාදයක් කරා මෙම අන්තවාදීන් හා පාලකයින් අපව යොමුකරන බව ඔබලාට නොවැටහෙන්නේ මන්ද?මොවුන්ගේ දේශපාලන මඩිතරකරගැනීම වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ ඔබ අපලා වැනි සාමාන්‍ය ජනතාවට නේද?

    2012/09/18 at 1:22 PM
  • katuwa says:

    සහෝදරයා/ සහෝදරී,
    @ katuwa ඇයි ඔයාලටත් හිතන්න බැරි ,දඹුල්ලේ සිද්දිය බලන්න ,අපව පාරට බස්සවන්න ක්රිtයා කලේ කව්ද?

    මම මගේ සාකච්චාව ආරම්භයේදිම කීවා මම බෞද්ධයෙක් නෙමෙයි කියල. මම එහෙම උනේ, බුදු හිමියන්ගෙ නාමයෙන්, එය අවභෝධ කර නොගත් නුගත් ම්ලේචිඡ මිනිසුන් එහි අයිතය තහවුරු කරගන ඉන්න නිසා. මට කළ හැකි හොඳම, පහසුම දේ උනේ, බෞද්ධ ලේබලය මගෙන් ගලවා ඉවත් කිරීම විතරයි. මම හැම ආගමකටම ගරු කරනවා. හැබැයි මම අන්වර් සහෝදරය වගේ එක තොප්පියක් ගලවල, තව තොප්පියක් දාගත්තෙ නැහැ.
    සහෝදරයා/ සහෝදරී.
    ලංකාව කියන්නේ මේ වෙනකොට නීතියක් ධර්මයක් ඇති තැනක් නොවේ කියල මම අමුතුවෙන් කියන්න ඕනෙද ? එහෙම තැනක අපි ඒකට ගන්න ක්රිියාමාර්ගය මොකක්ද ? කරන්න පුලුවන් එකම දේ තමයි, ඒ තත්වයෙන් ඈත් වෙන එක. මම කියන්නේ ඔබත් ඒක කරන්න කියල.
    දඹුල්ල සිද්ධිය කියන්නේ බෞද්ධයන් කළ දෙයක් නෙමෙයි. ඔවුන් කවදාවත් එහෙම කරන්නෙ නැහැ. නමුත් බෞද්ධයන් ගොනාට අන්දවගන ඉන්න, කහ ඇඳුම් ඇඳගත්ත කාලකණ්නි මිනිහෙක් කළ වැඩක්. ඔබ ඒකට මගෙන් ප්ර්ශ්ණ කරන එක සාධාරණද ?
    මට වෙලා තියෙන්නෙ, ඔවුන්ට විරුද්ධව ක්රියාමාර්ගයක් ගන්න තරම් බලවත් කමක් නැති කම විතරයි.

    ඒ මිලේට්ච ක්රියා කල අයට විරුද්ධව රජය ගත්තු ක්රි යාමාර්ගය කුමක්ද

    ලංකාවෙ රජය පවතින්නේ ආගම් සහ ජාති වාදය අවුස්සපු තරමට. මම දේශපාලනය දන්නෙ නැහැ. ඒත් ඇත්ත ඒකයි.

    ඔබගේ ඉතිරි ප්ර ශ්ණ වැලටම මට දිය හැක්කේ මෙම පිළිතුරම තමයි. ඔය ජඩ වැඩ වලට බෞද්ධ ලේබල් අලවා ගත්ත චක්රිවර්තිලත්, දේශපාලුවනුත් සම්බන්ධ ඇති. ඒත් බෞද්ධයින් සම්බන්ධ නැහැ. සෑබෑ බෞද්ධයින් ඔබල වගේම, සමහර විට ඔබලටත් වඩා පහත් විධිහට රට තුල අතරමන් වෙලා ඉන්නෙ.
    දැන් වත් තේරෙනවද ?

    2012/09/18 at 3:47 PM
    • Anver Manatunga says:

      ඇයි සහෝදරයා, මම එක තොප්පියක් ගලවලා තව තොප්පියක් දාගත්ත එක ප්‍රශ්නයක්ද?

      2012/09/18 at 5:04 PM
      • bunanm says:

        අන්වර් සහෝ ….යන යකා කොරහත් බිදගෙනම ගියාලු…

        2012/09/18 at 8:09 PM
  • Nishadi says:

    මට හිතෙන්නේ (අදහසක් විතරයි) නම් , අන් අයගේ බුද්ධිය අවධි කිරීමට ලිපි ලියනවා යයි කියන ඔබත් ඇමරිකාවේ උප්පරවැට්ටි වලට අහු වෙලා වගේ. ඔබ හිතනවා ද ඇමෙරිකාව කිසිම දෙයක් සැලසුමකින් තොරව කරනවා කියල. ඔබ ඔය සත්‍ය යයි සිත ගෙන ලියපු සියල්ල ඇමෙරිකාව විසින් ම ලෝකය රැවටීමට කරපු මවාපෑම් විතරයි.

    මගේ අදහස නම් මේ වනවිටත් මුස්ලිම් ලෝකය ඇමෙරිකාවේ ගැටයට අහුවෙලා ඉවරයි. ඒවගේ ප්‍රතිපල තමයි අපි පහුගිය කලේ දැක්කේ. අහු නොවූ මුස්ලිම් රටවල් කීපයයි තියෙන්නේ . ඒවාට එරෙහිව තමයි ඇමෙරිකාව යුද බලය පාවිච්චි කරන්නේ. ඉරානය සහ සිරියාව කියන්නේ ඒ ලිස්ට් එකේ තියෙන රටවල් . කවුරු මොනවා කිවුවත් , තව අවුරුදු 100 යකටත් එහා ඒ ගොල්ල ප්ලෑන් හදල ඉවරයි. එක තමයි ඇත්ත.
    ඔයාලගේ ජාතියේ මිනිස්සු සහ ඔවුන්ගේ තිබෙන ආගමික භක්තිය භාවිත කරලා ඇමෙරිකාව කරන්නේ “බළලුන් ලවා කොස් අට බවනවා වගේ වැඩක්” කියල ඔයාලට තේරෙන්නේ නැති එක තමයි මට තියෙන පුදුමේ.

    2012/09/18 at 4:39 PM
    • Anver Manatunga says:

      ඔබලා මේවා ගැන සොයා බලන්නේ සිද්ධියක් වු පසුවයි. නමුත් මෙම බ්ලොග් අඩවිය ලියන මම සිටින්නේ හැමවිටම විමසිල්ලෙන්. ඒ නිසා මම ඔබට වඩා මෙහි පසුබිම ගැන දන්නවා.

      අද ඇමරිකාව සිටින්නේ උග්‍ර ආර්ථික අර්බුදයකයි. මේ අර්බුධය නිසා ඔවුන්ට සිදුවී තිබෙන්නේ ඔවුන්ගේම ප්‍රතිවාදීන්ගෙන් ණය ගැනීමටයි. මේ වන විට ඇමරිකාව ඩොලර් ට්‍රිලියන ගණනක ණයකරුවෙක් වී හමාරයි. මේ සියල්ල සියල්ල සිදුවුනේ කෙසේද? මුස්ලිම් ලොව සමග සෙල්ලම් කිරීම නිසා නොවේද? ඇමරිකාව මෙම ණය උගුලෙන් ගැලවෙන්නට බොහෝ ප්‍රකිතර්මයන් කර ඇත. නමුත් ඒ සියල්ලෙන්ම සිදුවී තිබෙන්නේ ඔවුන් තවතවත් වලෙහි වැටීමයි.

      අද ඇමරිකාව ඉතිරිවී තිබෙන්නේ ඩොලරය ජාත්‍යන්තර මුල්‍ය ඒකකය බවට පත්ව සිටීම නිසයි. එය හරියට පරිවාර ගස් පිරිවරා සිටින වෘක්ෂයක් වැනිය. නමුත් එය ඉතාමත් ඉක්මණින් පරිවාර වෘක්ෂයන්ද පෙරලාගෙනම බිමට පතිත වනු ඇත.

      මුස්ලිම් ලෝකයට එරෙහිව මනස් නිර්මාණය වී තිබෙන අයට ඇමරිකාව පෙනෙන්නේ රම්බෝ කෙනෙකු මෙනි. ඇමරිකාව විසින් මුස්ලිම් ලොවට කුමක් හෝ කරන විට ඔවුන් අත්පුඩි ගසති. චියර් කරති. කමෝන් කියති. නමුත් ඒ සියල්ල සීමා සහිත බව අප දනිමු. මන්ද ඔවුන් දැනට ලබන්නේ කාලකන්නි සතුටකි. ඒවා සදාකාලික නැත.

      2012/09/18 at 5:24 PM
  • sana says:

    කටුව@
    //සහෝදරයා, ආගමට තියන බැඳීමත්, බැඳීමක්. මෙන්න මේක තමයි බෞද්ධයන්ටත්, මුස්ලිම් වරුන්ටත් තේරූම් ගන්න බැරි දේ.
    ආගම ඔබට ලැබුනේ උපතින්. ඔබ එය මරණයත් එක්ක ගෙනියන්නෙ නැ. ඉතින් ඒකට ඔබ ඔය තරම් බැඳෙන්නේ ඇයි ? අල්ලා ලගට යන්න නම් බැඳීම් වලින් තොර වෙන්න කියල අල්ලා උගන්වල නැ කියල මම හිතන්නේ නෑ. මම හිතන්නේ ඔබලා එය අවභෝධ කරගන නැ කියල.
    සිංහල බෞද්ධ අන්තවාදි මිනිසු ඔබල ගැන වැරදි විදිහට හිතුවට එය අමතක කරල දාන්න. ඔබලගේ ගෞරවය ආරක්ෂා කරන සිංහල බෞද්ධයොත් ඉන්නවා. කොහොම නමුත්, මම කැමතියි ඔබලත් සමග නිවි සැනසිල්ලේ කරන මෙම සාකච්චාවට.පිළිතුරු බලාපොරොත්තු වෙමි.//

    ඉස්ලාම් යනු මුස්ලිම්වරයාගේ ජීවන මඟයි. සර්වබලදාරී අල්ලාහ් දෙවියන් වහන්සේව තමන්ගේ එකම දෙවියන් වහන්සේය කියා පිළිගැනීමෙන්, ඉස්ලාම් දහම පිළිගත්තු කෙනෙක්. ඉස්ලාම් කෙරෙහි තිබෙන බැඳීම අත්හැරලා අල්ලාහ් ලඟට යන්න බෑ.

    බුද්දාගමේද බැඳීම් ඇත හරින්න කියල තියෙන්නේ බුදු දහම කෙරෙහි තිබෙන බැඳීම නොවෙයි කියලයි මම සිතන්නේ. බුදු දහම අනුව නිවන් මඟ කෙටි කරගන්නට තිබෙන බාදා වන දේවලට තිබෙන දේවලට තිබෙන බැඳීම් අත් හරින්න කියලයි, කියල තියන්නේ කියන එකයි මගේ තේරුම් ගැනීම. (මගේ තේරුම් ගැනීම වැරදිනම් බෝව්ධයින් කරුණාකර මාගේ අදහස නිවැරදි කරන්න කියා ඉල්ලා සිටිමි.)

    මෙන්න මේකයි බොහෝ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ සහෝදරයා, මුස්ලිම් අය ඔවුන්ගේ ආගමට තිබෙන බැඳීමෙන් අයින් වුනොත් අන් ආගමිකයින්ට ඉතා විසාල සැනසිල්ලක්. සමහර බෝව්ධයින් සිතන්නේ මුස්ලිම් අය ඔවුන්ගේ ආගමට තිබෙන බැඳීම අත් හැරියොත් ඔවුන්ට ගමන කෙටි කරගෙන නිවන් දකින්න පුළුවන් කියල. අර චිත්‍රපටිය හදපු බටහිර උදවියත් හිතන්නේ මුස්ලිම් අය ඔවුන්ගේ ආගම කෙරෙහි තිබෙන බැඳීම අත්හැරියෝතින් ඔවුන් ගොඩ කියල. ආගම අතහැරලා ඉන්න ඔබත් සිතන්නේ මුස්ලිම් අය බැඳීම අත්හැරිය යුතුයි කියල.

    ඉතින් මම අහන්නේ ඉහත මාතෘකාවට අදාළ ප්‍රශ්නේ ඇතිවෙලා තියෙන්නේ මුස්ලිම් අය ආගමට ඇති බැඳීම් හින්දද?

    ඔවුන් ආගමට තිබෙන බැඳීම නිසා කිසිදු අන්යාගමිකයෙකුට කරදර කරන්න ගියාද?

    ඔවුන් ඔවුන්ගේ ආගමට තිබෙන බැඳීම නිසා අන් ආගමිකයින්ට ඔවුන්ගේ ආගම කෙරෙහි තිබෙන බැඳීම අත් හරින්න කියල කීවද?

    ඔවුන් ආගමට තිබෙන බැඳීම නිසා අන්යාගමිකයින්ගේ සාස්ත්රුවරුන්ට අපහාස කරන්න ගියාද?

    මුස්ලිම් වරු වශයෙන් අපි හරි කැමතියි බෝව්ධයින් බුදු දහමට අනුව සැබෑ බෝව්ධයින් ලෙස ජීවත් වෙනවානම්. සැබෑ බෝව්ධයා කිසි කෙනෙකුට කරදර කරන කෙනෙක් නොවෙයි කියලයි අපේ විශ්වාසය. ඔවුන්තුල ජාතිවාදී, ආගම්වාදී අදහස් මතුවෙන්නේ නෑ කියලයි අපි සිතන්නේ!

    කිරිස්තියානි වරුන්ද ඔවුන්ගේ දහම අනුව ජීවත් වෙනවානම් අද ලොවේ තිබෙන බොහෝ ප්‍රශ්න විසඳනවා කියන එකයි අපිනම් සිතන්නේ.සැබෑ කිරිස්තියානියා මෙසේ අපහාස කරගෙන ඇවිදින්නේ නෑ කියල අපි විශ්වාස කරන්නේ!

    මෙන්න මේකයි සහෝදරයා මුස්ලිම් වරයාටයි අන් අයටයි තිබෙන වෙනස!
    මුස්ලිම් වරයා සිතනවා අපි පමණක් නොවෙයි. අන් අයද ඔවුන්ගේ දහම අනුව ජීවත් වෙනවානම් කිසි ප්‍රශ්නයක් න කියල!

    නමුත් අනෙක් අය සිතන්නේ අපි ආගම කරෙහි තිබෙන බැඳීම අත්හැරිය වගේ මුස්ලිම්වරුත් ආගම අත්හැරිය යුතුයි කියල!

    මෙතෙන ඔබ ඉදිරිපත් කරන කරුණ නම් අපහාස කළ අය ඔවුන් ගේ ආගම කෙරෙහි තිබෙන බැඳීම අතහැරලා ඒ දේ කල නිසා, එයට ප්‍රතිචාර දැක්වීමේදී අපිත් අපේ දහමට තිබෙන බැඳීම අත්හැරලා ප්‍රතිචාර දැක්විය යුතුයි කියල.

    ඉතින් බැඳීම අත් හැරීම ගැන ඔබ මතය අපට පිළිගන්න බෑ, මොකද එය අපගේ දහමට සහමුලින්ම විරෝදයි.

    2012/09/19 at 1:20 AM
  • sana says:

    katuwa @

    //කිසිම ආගමක, තවත් පුද්ගලයෙකුගේ විශ්වාශයන්, ආගම්, ජාතීන් ආදි කිසිම දේකට අපහාස උපහාස කරන එක අනුමත කරල නැහැ. කවුරු හරි එහෙම කරනව නම් ඒක ඔවුන්ගේ නුගත් කම. ඒකට අපි නොසැලිය යුතු තරම් ගුණ දහම් ප්ර්ගුණ කරල තිබෙන් ඕනෙ//

    ඇත්ත සහෝදරයා. ලෝකයේ අද සිටින කොටි 175 කට ආසන මුස්ලිම් ජනයාගෙන් පරචන්දකාරීව හැසිරන්නට ගියේ කී දෙනෙක්ද කියා ඔබට කියන්න පුලුවන්ද?

    ඔවුන්ද පෙරලා අපහාස කරපු අයගේ සාස්ත්රුවරුන්ට අපහාස කරන අන්දමින් ප්‍රතිචාරය දක්වුයි කියා ඔබට කියන්න පුලුවන්ද?

    ඉතා සුළු පිරිසක් ප්‍රච්න්දකාරීව හැසිරුනාය කියල මුළු ජන කොටසටම ගුණ දහම් ප්ර්ගුණ කරන්න කියන එක අසාදාරණයි නේද ?

    //නියම ආකාරයට ආගම පිළිපදිනව නම්. අනිත් අතට කවුරු හරි අපට අපහාස කරනව නම්, ඔවුන් කිසිම ආගමක නියෝජිතයෝ විධිහට අපි නොසැලකිය යුතුයි. මොකද ආගමික ගුරුවරයා ඔවුන් වෙතින් නියෝජනය වෙන්නෙ නැති නිසා.//

    ඔබ විසින් ඉතා සැහැල්ලුවෙන්, ඉතා නින්දිත ලෙස අපහාස කරපු අය ඔවුන්ගේ දහම ඔවුන්ගේ කිරියාවෙන් නියෝජනය වෙන්නේ නෑ කියල කිව්වා?

    නමුත් ප්‍රතිචාර දැක්වීමේදී සීමාව ඉක්මවා ගිය ඉතා සුළු පිරිස කරපු වැරදිවලට මුළු ලෝක මුස්ලිම් ප්‍රජාවම ගුණ දහම් ප්‍රගුණ කළගත යුතුයි කියල කියනවා, මෙතෙනදී ඔබට කිසිවිටක මතක් වෙලා නෑ සාමකාමීව ප්‍රතිචාර දක්වපු අය ගැන හෝ කිසිදු ප්‍රතිචාරයක් නො දැක්වූ ඉතා විසාල ලෝක වාසී මුස්ලිම් ප්‍රජාව ගැන. අනේ මට නම් තේරෙන්නේ නෑසහෝදරයා ඔයාගේ නියාය මොකක්ද කියල?

    //සහෝදරයා, අසීලාචාර කෙනෙක් අසීලාචාර විධිහට යමක් කලහම, ඒකට අශීලාචාර කමෙන්ම පිළිතුරු දිය යුතුයි කියල ඔබල හිතනව නම්, මට ඔබලත් සමග තව දුරටත් සාකචිඡා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මිනුසු පෙන්වන්න ඕනෙ තමන් ශීලාචාර බව. ධාර්මික බව, තමන්ගේ අභ්ය න්තර දියුණුව. එතකොටයි, අනිත් අය ඒ අය ගෙැන පැහැදෙන්නේ//

    මම නැවතත් කියන්නේ ඉතා අසීචාර ලෙස අපහාස කළ එවුන්ට සීමාව ඉක්මවා ප්‍රතිචාරය දැක්වුයේ ලෝක මුස්ලිම් ප්‍රජාවෙන් ඉතාම සුළු පිරිසක් කියන එක ඔබට තේරුම් ගන්න තරම් බුද්දියක් නැත්තම්, මේ ඔබ සමග සංවාදයේ යෙදන මොහොතේ පවා අපි ඒ ප්‍රචණ්ඩත්වයට එකඟ නෑ කියා මා ඇතුළු අපේ සහෝදරවරු කිහිප, දෙනා විසින් ඔබට කිහිප වතාවක්ම පැහැදිලි කිරීමෙන් පසුවද ඔබට තේරුම් ගැනීමට බුද්දියක් නැත්තම්, ඔබ තව කෙනෙක්ගේ ශීඑලාචාරකම, ධාර්මික බව, තව කෙනෙක්ගේ අභ්‍යන්තර දියුණුව තේරුම් ගන්නේ කෙසේද?

    //ඒක සංවේදි කාරණයක් බව ඇත්ත. හෑබැයි මම දැකල තියනවා කිතුණුවන් අතින්, කිතුණු ආගමම අපහාසයට පත් වෙන විදිහේ චිත්රයපට එහෙම. ඒ අය සමහර විට ඒ කෝණයෙන් මනින්න ඇති.//

    කිතුනුවෝ තමන්ගේ ආගම තමන් විසින්ම අපහාස කරගන්නවා. ඒ නිසා, අනෙක් ආගම්ද අපහාස කරන්න ඔවුන්ට අයිතියක් තියනවා කියල කෙනෙක් හිතනවානම් එක මන්ද බුද්දිකම මිස වෙන මොනවද?

    //ඒක තමයි මගේ මුලික ප්රේශ්ණය. ඒව ඔබලගේ ආගමෙන් අනුමත නොකරනව නම් ඒ ගැන ඔබලා තිරණයක් ගත යුතුයි. සමහර අය ප්රවසිද්ධියේ කීවා ඒව අනුමත කරන්නෙ නැහැ කියල. ඒ එක්කම, අන්තවාදි මිනිසුන්ගෙන් ඔබලාගෙ ආගම ආරක්ෂා කර ගන්නත් ඔබලා සැලකිලිමත් විය යුතුයි. නැති නම් ඔවුන් කරන දේ නිසා, ලෝකය මුලු ඉස්ලාම් සමාජයටම බණිනවා. මම කියන්නෙ ඒකයි.//

    මම නැවතත් කියන්නේ අන්තවාදී බව වෙන දෙයක්, කෙනෙක් හෝ ජන කොටසක් හදිසි කොපයකදී හැසිරෙනවා කියන්නේ වෙන දෙයක්. ප්‍රචණ්ඩකාරී හැම දෙකටම අන්තවාදී ලේබලේ අලවන්න යන්න එපා!

    අන්තවාදී සෑම කෙනාම ප්‍රචණ්ඩත්වයෙන් හැසිරෙන්නේත් නෑ, ප්‍රචණ්ඩත්වයෙන් හැසිරෙන සියලු දෙනා අන්තවාදීනුත් නොවෙයි. පළමුවෙන් එක තේරුම් ගන්න!

    අනෙක අන්තවාදීන් සුළු පිරිසකගෙන් අපේ ආගමට කිසිදු ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඉතා සුළු පිරිසක්වූ අන්තවාදීන්දෙස බලාගෙන ඔබ වෙන්නවුන් මුළු මුස්ලිම් සමාජයම මනින එකයි.

    //සහෝදරයා, බයිබලේ තියන ඒව ක්රිිස්තියානි අය පිළිපදින්නෙ නැතිනම්, ඔවුන් නාමික කිතුනුවෝ. බුද්ධ්ගමේ තියන ඒව බෞද්ධයෝ පිළිපදින් නැති නම් ඔවුන් නාමික බෞද්ධයෝ. එය ඔබටත්, හින්දුන්ටත්, සික් ජාතිකයන්ටත් සේරටෝම පොදු දෙයක්. නාමික ආගම් කාරයෝ කරන දේවල් වලට, ඒ ආගම් පලි නැහැ නේද ?//

    එහෙම කියා සෑම ආගමක්ම ගැනත් හා ආගමිකයින් ගැනත් ඉතා සාධාරණව හිතන ඔබ නැවත, නැවත මොකද කොහේදෝ වෙච්ච දේට පුන පුනා තවමත් අපෙන් ප්‍රශ්න අහන්නේ?

    //සහෝදරය, මම දේශපාලනය ගැන දන්නෙ නැහැ. නමුත් රටක සිවිල් නීතිය කඩ කරනව කියන්නේ නම් බරපතල දෙයක්. ඔබ කියන්නේ, කුමන තත්වයක් යටතේ හෝ විශාල මිනිස් ඝාතනයක් සිදුවුන එක 911, රජයක් වශයෙන් ඔවුන් අමතක කරල දායි කියලද ? ඔබ කියන්නේ ඒක ත්රස්තවාදි ක්රි්යාවක් නෙමෙයි කියලද ?
    දැන් මට කියන්න ඔබ මුස්ලිම් නාමයෙන් සමහර අය කරන ත්රයස්තවාදි ක්රිතයා අනුමත කරනවද ? ඒ අය ඉස්ලාම්ද ? ඔබ කලින් කීවා, සමහර අයෙක් අශීලාචාර විධිහට හැසිරුනාට ඔබල ඒව අනුමත කරන්නෙ නැහැ කියල. ඔබල 911 අනුමත කරනවද ?//

    ඔබට දේශපාලනය දන්නේ නෑ කියල පිළිගත්තා, හොඳයි. 911 ප්‍රශ්නය ඊටත් එහා ගිය ලෝක දේශපාලන ප්‍රශ්නයක් නිසා ඒවා ගැන ඔබ සමග කතා කිරීම සුදුසුත් නෑ, මේ මාතෘකාවට අදාලත් නෑ, මට වෙලාවකුත් නෑ.

    නමුත් 911 එකට අපි එකඟ නෑ. ඊටත් වඩා එය ඉස්ලාමයේ නාමයෙන් කළා කියන එකට අපි කිසි විටක එකඟ නෑ,

    අපි හිතන්නේ ඇමෙරිකාව ඇතුළු බටහිර බලවේග විසින් ඇෆ්ගනිස්තානයේ කරන්නට අවශ්‍ය වූ ත්‍රස්ත වාදී ක්‍රියා සාදාරනයි කියා පෙවන්න ඔවුන් විසින්ම අටවපු උගුලක් කියලයි අපි සිතන්නේ.

    //නැවතත් මුලට ! මම කියන්නෙ, ඔබල ඔවුන්ට විරුද්ධව නීතිය ක්රිහයාත්මක නොකරන්නෙ ඇයි ? එහෙම කළානම් ඉස්ලාම් අය පොදුවේ ආරක්ෂා වෙනව නේද ?
    මේක ඇයි බෞද්ධයන්ට නොකරන්නෙ කියල අහන්න එපා. මට ඒකට බලයක් නැහැ.//

    අනේ කටුව සහෝදරයෝ මේ පුංචි ලංකාව තුල වුනත් ඔබට, බෝව්ධයින්ට නීතිය ක්‍රියා කරන්න බලයක් නැති බව අපි දන්නවා!

    එසේ තිබියදී ලිබියාවට හා අනෙක් අප්‍රිකානු රටවල සිදුවුණු දේට ලංකාවේ ඉන්න අපි කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නේ කියල හිතාගන්නවත් බැරි තරමට බුද්දියක් නැති ඔබ ගෙන අපට තේරෙනවා, ඉතින් මොනවා කරන්නද?

    (ඒ වුනාට ඔබේ සිත සැනසීම සඳහා කියන්නම්, ඒ රටවල නිලදාරීන් විසින් සිද්දියට අදාළ පුද්ගලයින් අත් අඩංගුවට අරගෙන තිබෙනවා කියා ආරංචි වුනා )

    //සටන තියෙන්නෙ බාහිර සතුරො එක්ක නෙමෙයි. අභ්යමන්තර සතුරො එක්ක. ඒ සතුරො විනාශ කරන්න කියල නේද ඔබලගේ ආගමේ තියෙන්නේ ?//

    මෙහෙම දෙයක් අපේ දහමේ කොයි අවස්ථාවේද සඳහන් වෙලා තියෙන බව මට මතක නෑ, හැකිනම් කරුණාකර මොන මූලාශ්‍රයේද සඳහන් කර තිබෙන්නේ කියා කියන්න.

    2012/09/19 at 3:22 AM
  • sana says:

    katuwa @

    //මම මගේ සාකච්චාව ආරම්භයේදිම කීවා මම බෞද්ධයෙක් නෙමෙයි කියල. මම එහෙම උනේ, බුදු හිමියන්ගෙ නාමයෙන්, එය අවභෝධ කර නොගත් නුගත් ම්ලේචිඡ මිනිසුන් එහි අයිතය තහවුරු කරගන ඉන්න නිසා. මට කළ හැකි හොඳම, පහසුම දේ උනේ, බෞද්ධ ලේබලය මගෙන් ගලවා ඉවත් කිරීම විතරයි. මම හැම ආගමකටම ගරු කරනවා.//

    සහෝදරයා ඔබ කරලා තියෙන්නේ ඉතාම අසාධාරණ වැඩක් මොකද, ආගමිකයින් කරන වැරදිවලට ආගම හෝ ආගමේ සාස්තෘවරයා පළි නෑ කියා ඔබ විසින් ම අපට මේ අඩවියේම හා මේ මාතෘකාව යටතේ ප්‍රතිචාර ලිවීමේදී කියා දුන්නා, එසේ තිබියදී බෝව්ධයින් කළ වරදට බුද්දාගම අත්හරින එක සුදුසුද කියා නැවත වතාවක් සිතා බලන්න?

    2012/09/19 at 3:34 AM
  • katuwa says:

    සනා වෙත,
    මම ටික දිනයකින් මෙම බ්ලොගයට ආවෙ නැහැ. අදයි මෙම ප්රනශ්ණ දැක්කෙ.
    (බුද්දාගමේද බැඳීම් ඇත හරින්න කියල තියෙන්නේ බුදු දහම කෙරෙහි තිබෙන බැඳීම නොවෙයි කියලයි මම සිතන්නේ. බුදු දහම අනුව නිවන් මඟ කෙටි කරගන්නට තිබෙන බාදා වන දේවලට තිබෙන දේවලට තිබෙන බැඳීම් අත් හරින්න කියලයි, කියල තියන්නේ කියන එකයි මගේ තේරුම් ගැනීම. (මගේ තේරුම් ගැනීම වැරදිනම් බෝව්ධයින් කරුණාකර මාගේ අදහස නිවැරදි කරන්න කියා ඉල්ලා සිටිමි.))
    සහෝදරයා, ඔරුව තියෙන්නේ එගොඩ වෙන්න මිසක් කරඋඩ තියාගන ඉන්න නෙමෙයි. බුදුන් කිවුවේ, ඔරුව කරඋඩ තියාගන යන්න එපා කියල. මේ ලෝකෙට තියන දේවලට ඇති බැඳීම ඉවත් කරන්න තමයි සියලු ආගම් උගන්වන්නෙ. ආගමට බැඳීම් තිබෙනවා කියන්නේ, මේ ලොකෙට පමණක් සීමා වුන දේකට බැඳුන කියන එකමයි. තවත් විග්රකහ කරනව නම්, තමාගෙ අනන්යඳතාවයට එකතු වෙන දේවල් හැම දේකටම අපි බැඳෙනවා. ඒ නිසා තමයි ආගම අනන්ය තාවයට එකතු කරගන්න එපා කියන්නෙ. මොකද ආගම තියෙන්නේ අනන්ය තාවය හඳුනාගන්න. අනන්යතතාවය හඳුනාගන්න තියන විෂය අනන්යආතාවයට එකතු උනහම, ඒක කරන්න බැහැ. මෙම කාරණය බොහොම ගැඹුරු කාරණයක් උනත්, මම ඒක ඉදිරියට ගෙනාවෙ, ඔබල මේක තේරූම් ඇරගන ඇති කියල හිතල. ඒත් මට දැනෙන විධිහට ඔබල ඒ අවභෝධයෙන් බොහොම ඈත ඉන්න කොටසක්. ඒ නිසාම මම ඒ ගැන කතා කරන එක නවත්වනවා.
    මෙම ප්රවශ්ණයට ඉන් පසුව ඔබ දිල තියන උත්තර සේරම දැඩි බැඳීමකින් දිල තියන ඒව නීසා ඒවට මම උත්තර දෙන්න යන්නෙ නැහැ.
    (ඉතින් මම අහන්නේ ඉහත මාතෘකාවට අදාළ ප්රදශ්නේ ඇතිවෙලා තියෙන්නේ මුස්ලිම් අය ආගමට ඇති බැඳීම් හින්දද?)
    ඔවු ! මේ ලෝකෙ සමහර බෞද්ධයන් වගේම වැඩි කොටසක් වු මුස්ලිම් වරුන්, තමා ආගමික නාමයකින් / අනන්ය තාවයකින් හඳුන්වනවා. මේ බැඳීමක්. බැඳීම් වැඩි වෙනකොට බය ඇති වෙනවා. ඉන් පසු තර්ක විතර්ක,අනඅය හෙලා දැකීම්, අවසාන වශයෙන් සටන් මිනී මැරීම්, ඇති වෙනවා.
    (ඔවුන් ඔවුන්ගේ ආගමට තිබෙන බැඳීම නිසා අන් ආගමිකයින්ට ඔවුන්ගේ ආගම කෙරෙහි තිබෙන බැඳීම අත් හරින්න කියල කීවද?)
    වෙනම පිළිතුරු දෙමි
    (ඉතින් බැඳීම අත් හැරීම ගැන ඔබ මතය අපට පිළිගන්න බෑ, මොකද එය අපගේ දහමට සහමුලින්ම විරෝදයි.)
    ඔබ ඉස්සරවෙල කියනවා ඔබ නිවැරදි කරන්න කියල වැරදිනම්. දැන් කියනව පිළිගන්න බැහැ කියල. ඉතාමත් සරලයි. ඔබල කලින් තීරණයකට ඇවිත් පසුව තීරණය සාධාරණිය කරනවා. මේ කරුණ ගැන පොඩි අධ්යලයනයක කරන්න. පිළිතුරු අනවශ්යරයි.
    කෙටියෙන්ම කියනව නම්, සමාජයට ආවහම ඒ සමාජයේ සාමාජිකයෙක් වෙන්න. වෙනම ජන කොට්ටාශයක් වගේ, ඒ අයට උරුම උන දේවල් කරනවනම් පොදු සමාජය ඔවුන් නොදියුණු ගෝත්රිාක කොටසක් වශයෙන් හඳුන්වන්න ඉඩ තියනවා. වැඩ කරන තැන හෝ, පොදු ස්තානයක අපිට අවශ්යස මනුෂ්යන සාමාජිකයන් මිසක්, තම තමන්ගේ විශ්වාශ අනුව මුලු ගැන්වෙන ජන කොටස් නෙමේ.
    ඔබ මේ සඳහා නැවත ලිවද, මා එයට මෙම මාතෘකාව යටතේ ප්රනතිචාර නොදක්වමි.

    2012/10/01 at 3:36 PM
  • katuwa says:

    සනා වෙත,
    (ඇත්ත සහෝදරයා. ලෝකයේ අද සිටින කොටි 175 කට ආසන මුස්ලිම් ජනයාගෙන් පරචන්දකාරීව හැසිරන්නට ගියේ කී දෙනෙක්ද කියා ඔබට කියන්න පුලුවන්ද?)
    ඇත්ත සහෝදරයා. කිරි කලයක් අපිරිසිදු කරන්න ඇබිත්තක් ගොම තිබුනහම ඇති නේද ?
    (නමුත් ප්රාතිචාර දැක්වීමේදී සීමාව ඉක්මවා ගිය ඉතා සුළු පිරිස කරපු වැරදිවලට මුළු ලෝක මුස්ලිම් ප්රනජාවම ගුණ දහම් ප්රරගුණ කළගත යුතුයි කියල කියනවා, මෙතෙනදී ඔබට කිසිවිටක මතක් වෙලා නෑ සාමකාමීව ප්ර තිචාර දක්වපු අය ගැන හෝ කිසිදු ප්රවතිචාරයක් නො දැක්වූ ඉතා විසාල ලෝක වාසී මුස්ලිම් ප්රමජාව ගැන. අනේ මට නම් තේරෙන්නේ නෑසහෝදරයා ඔයාගේ නියාය මොකක්ද කියල?)
    ඉහත පිළිතුර බලන්න.
    (මම නැවතත් කියන්නේ ඉතා අසීචාර ලෙස අපහාස කළ එවුන්ට සීමාව ඉක්මවා ප්රකතිචාරය දැක්වුයේ ලෝක මුස්ලිම් ප්ර්ජාවෙන් ඉතාම සුළු පිරිසක් කියන එක ඔබට තේරුම් ගන්න තරම් බුද්දියක් නැත්තම්, මේ ඔබ සමග සංවාදයේ යෙදන මොහොතේ පවා අපි ඒ ප්රසචණ්ඩත්වයට එකඟ නෑ කියා මා ඇතුළු අපේ සහෝදරවරු කිහිප, දෙනා විසින් ඔබට කිහිප වතාවක්ම පැහැදිලි කිරීමෙන් පසුවද ඔබට තේරුම් ගැනීමට බුද්දියක් නැත්තම්, ඔබ තව කෙනෙක්ගේ ශීඑලාචාරකම, ධාර්මික බව, තව කෙනෙක්ගේ අභ්යටන්තර දියුණුව තේරුම් ගන්නේ කෙසේද?)
    සහෝදරයා, මම මේ ප්ර ශ්ණය ඇහුවෙ මුලින්ම ඔබගෙන්. ඔබගෙ ප්රයතිචාරය තමයි පහල තියෙන්නේ.
    (“අපහාසයක් සිදුවී තිබෙනවානම් ඒ අපහාසයට ලක්වුණු පාර්සවයට ඒ අපහාසයට විරුද්දව ප්ර තිචාර දැක්වීමේදී පමණක් සදාචාරව, සීලාචාරව හැසිරිය යුතුයි කියා බලාපොරොත්තු වීම අසාදාරනයි නේද?”)
    ඒකට මම දුන්න උත්තරය තමයි මේ.
    සහෝදරයා, අසීලාචාර කෙනෙක් අසීලාචාර විධිහට යමක් කලහම, ඒකට අශීලාචාර කමෙන්ම පිළිතුරු දිය යුතුයි කියල ඔබල හිතනව නම්, මට ඔබලත් සමග තව දුරටත් සාකචිඡා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මිනුසු පෙන්වන්න ඕනෙ තමන් ශීලාචාර බව. ධාර්මික බව, තමන්ගේ අභ්ය න්තර දියුණුව. එතකොටයි, අනිත් අය ඒ අය ගෙැන පැහැදෙන්නේ.
    දැන් ඔබ මෙහෙම උත්තරයක් දෙනවා .
    (මම නැවතත් කියන්නේ ඉතා අසීචාර ලෙස අපහාස කළ එවුන්ට සීමාව ඉක්මවා ප්රනතිචාරය දැක්වුයේ ලෝක මුස්ලිම් ප්ර්ජාවෙන් ඉතාම සුළු පිරිසක් කියන එක ඔබට තේරුම් ගන්න තරම් බුද්දියක් නැත්තම්, මේ ඔබ සමග සංවාදයේ යෙදන මොහොතේ පවා අපි ඒ ප්රසචණ්ඩත්වයට එකඟ නෑ කියා මා ඇතුළු අපේ සහෝදරවරු කිහිප, දෙනා විසින් ඔබට කිහිප වතාවක්ම පැහැදිලි කිරීමෙන් පසුවද ඔබට තේරුම් ගැනීමට බුද්දියක් නැත්තම්, ඔබ තව කෙනෙක්ගේ ශීඑලාචාරකම, ධාර්මික බව, තව කෙනෙක්ගේ අභ්යමන්තර දියුණුව තේරුම් ගන්නේ කෙසේද?)
    ප්රේථමයෙන් ඔබ අශීලාචාර අයට අශීලාචාර විධිහට පිළිතුරු දිය යුතුයි කිය සිටී. නැති නම් එය සාධාරණියකරනය කරයීි. ඉන් පසුව අපි අශීලාචාර නැත, කුඩා කොටසක් පමණක් අපේ නාමයෙන් අශීලාචාර වී ඇත යනුවෙන් පිළිගනි.
    මා හට කීමට දෙයක් නැත.
    (කිතුනුවෝ තමන්ගේ ආගම තමන් විසින්ම අපහාස කරගන්නවා. ඒ නිසා, අනෙක් ආගම්ද අපහාස කරන්න ඔවුන්ට අයිතියක් තියනවා කියල කෙනෙක් හිතනවානම් එක මන්ද බුද්දිකම මිස වෙන මොනවද? )
    තමා විසින් තමා/ තම විශ්වාශයන් විවේචනය කරගන්න එක, අන්ධ භක්තියෙන් නොමග යනවාට වඩා කොතරම් බුද්ධිමත් දෙයක්ද ?
    (මම නැවතත් කියන්නේ අන්තවාදී බව වෙන දෙයක්, කෙනෙක් හෝ ජන කොටසක් හදිසි කොපයකදී හැසිරෙනවා කියන්නේ වෙන දෙයක්. ප්රිචණ්ඩකාරී හැම දෙකටම අන්තවාදී ලේබලේ අලවන්න යන්න එපා!)්
    එක කිරි කළයක් අපිරිසිු වීමට අවශ්ය ගොම බින්දුවක් පමණි.
    (අනේ කටුව සහෝදරයෝ මේ පුංචි ලංකාව තුල වුනත් ඔබට, බෝව්ධයින්ට නීතිය ක්රිදයා කරන්න බලයක් නැති බව අපි දන්නවා!)
    බොහොම ස්තුතියි, ඒක දැනගත්තට.
    (එසේ තිබියදී ලිබියාවට හා අනෙක් අප්රි.කානු රටවල සිදුවුණු දේට ලංකාවේ ඉන්න අපි කොහොමද නීතිය ක්රිඑයාත්මක කරන්නේ කියල හිතාගන්නවත් බැරි තරමට බුද්දියක් නැති ඔබ ගෙන අපට තේරෙනවා, ඉතින් මොනවා කරන්නද?)
    මම ලංකාවේ බෞද්ධ අන්තවාදින්ට එරෙහිව ප්රනසිද්ධදයේ කතා කරනවා. ඔබල එක පැත්තකින් ලිබියාව ඇතුලු අනිත් රටවල් වල අන්තවාදි ක්රිරයාකාරකම් අගය කරමින්, මෙ වාගෙ අවස්ථාවල පාවල දෙනවා. ලිබියාවෙ ගඩාපිගෙ ක්රිවයාකාරකම් අගය කලර අන්වර් සහෝදරය ලියපු ලිපිය දැක්කෙම නැද්ද ?
    මෙහෙම දෙයක් අපේ දහමේ කොයි අවස්ථාවේද සඳහන් වෙලා තියෙන බව මට මතක නෑ, හැකිනම් කරුණාකර මොන මූලාශ්රයයේද සඳහන් කර තිබෙන්නේ කියා කියන්න.
    එ සඳහා වෙලාවක් එයි. එතකොට කියන්නම්

    2012/10/01 at 4:12 PM
    • Anver Manatunga says:

      ඔබගේ අදහස
      ලිබියාවෙ ගඩාපිගෙ ක්රිවයාකාරකම් අගය කලර අන්වර් සහෝදරය ලියපු ලිපිය දැක්කෙම නැද්ද ?

      මගේ පිළිතුර
      මම කිසියම් කෙනෙකුගේ හොදක් තිබෙනවා නම් එය ලියනවා. නරකක් තිබුණා නම් එයද ලියනවා. ලියන මට එසේ ලියන්න අයිතියක් තිබෙනවා. අන්තවාදී කෝණයෙන් බලන අයට මා විරුද්ධ පාර්ශවයේ කෙනෙකු ලෙස පෙනෙන්න පුළුවන්. නමුත් මධ්‍යස්ථව බලන කෙනෙකුට එසේ වෙන්නේ නැහැ.

      2012/10/01 at 7:13 PM
  • katuwa says:

    සනා වෙත
    //මම මගේ සාකච්චාව ආරම්භයේදිම කීවා මම බෞද්ධයෙක් නෙමෙයි කියල. මම එහෙම උනේ, බුදු හිමියන්ගෙ නාමයෙන්, එය අවභෝධ කර නොගත් නුගත් ම්ලේචිඡ මිනිසුන් එහි අයිතය තහවුරු කරගන ඉන්න නිසා. මට කළ හැකි හොඳම, පහසුම දේ උනේ, බෞද්ධ ලේබලය මගෙන් ගලවා ඉවත් කිරීම විතරයි. මම හැම ආගමකටම ගරු කරනවා.//
    ( සහෝදරයා ඔබ කරලා තියෙන්නේ ඉතාම අසාධාරණ වැඩක් මොකද, ආගමිකයින් කරන වැරදිවලට ආගම හෝ ආගමේ සාස්තෘවරයා පළි නෑ කියා ඔබ විසින් ම අපට මේ අඩවියේම හා මේ මාතෘකාව යටතේ ප්රනතිචාර ලිවීමේදී කියා දුන්නා, එසේ තිබියදී බෝව්ධයින් කළ වරදට බුද්දාගම අත්හරින එක සුදුසුද කියා නැවත වතාවක් සිතා බලන්න?)
    සහෝදරයා, මම කිවුවෙ මම බෞද්ධ ලේබලය අයින් කළා කියල මිසක් බුද්ධාගම අයින් කළා කියල නෙමෙයි. මම ඔලුවෙ තිබුන බර අයින් කළා. වෙන ආගමකට ගිහින් තව බරක් දාගත්තෙ නැහැ. එහෙම කරන්නෙත් නැහැ. ඒ වෙනුවට, සියලු ආගම් වලට ගරු කරන ප්රගතිපත්තියකට යොමු උනා. ඒකෙ ප්රමතිඵලයක් වශයෙන් මම ඉතාමත් සාමකාමීව ඉන්නවා. මම යම් අගමකට කොටු උනා නම්, මම ඒක අගය කරන්න පෙළඹෙනව. මට ඒක අවශ්ය් නැහැ. බුදුන්, නබී නායක තුමා, ජේසු තුමා සියල්ල මට එකයි. ඔබලාට නොවුනට. මම ඒකෙන් ලබන සමකාමී බව ආගමක් අදහල ලබන ද්වේශ සහගත, ගෝත්රියක, අන්තවාදි බවට වඩා විශිෂ්ඨයි..
    පැහැදිලිද ?
    (පිළිතුරු අනවශ්ය යි. )

    2012/10/01 at 4:27 PM
  • gobila says:

    athi wishistay katuwa….

    2012/10/01 at 11:22 PM
  • sana says:

    කටුවා යන නමින් පෙනී සිටින සහෝදරයා, මා විසින් ඔහුගේ ප්‍රතිචාරයක පිළිතුරු දී කලකට පසුව ඔහු විසින් එයට පිළිතුරු වසයෙන් දක්වා ඇති ප්‍රතිචාරයේ අඩංගු කරුණු වලට මම මට එකඟ විය නො හැකි නිසා මෙය ලිවීමට අවශ්‍යතාවයක් ඇතිවිය. නමුත් ඔහු විසින් ඔහුගේ ප්‍රතිචාරයට පිළිතුරක් අවශ්‍ය නොමැති බවත් ඉදිරියේදී පිළිතුරු නොදෙන බවත් කියා සිටී. මා ද මෙවෙනි පළක් නැති දෙයක් ගැන දිගටම ලියාගෙන සිටීම ගැන කැමැත්තක් නැති වුනත් ඔහුගේ ප්‍රතිචාරවලින් කියා ඇති සමහර කරුණු ආගමික සම්බන්ද නිසා, ඔහුටපිළිතුරක් අවශ්‍ය නැති වුනත් මෙය වෙබ් මාධ්‍යකින් පළවූ නිසා නිරුත්තරයෙන් නොසලකා හැරියොත්, ආගම අන්දහන ජන කොටසක් හැටියට අප එය පිළිගන්නේය යයි වැරදි අවබෝදයක් ඇති වීමට හේතුවක් වන නිසා මගේ ස්ථාවරය පාඨකයින්ට පැහැදිලි කිරීමක් කලයුතුයි කියා සිතමි.

    //සහෝදරයා, ඔරුව තියෙන්නේ එගොඩ වෙන්න මිසක් කරඋඩ තියාගන ඉන්න නෙමෙයි. බුදුන් කිවුවේ, ඔරුව කරඋඩ තියාගන යන්න එපා කියල. මේ ලෝකෙට තියන දේවලට ඇති බැඳීම ඉවත් කරන්න තමයි සියලු ආගම් උගන්වන්නෙ. ආගමට බැඳීම් තිබෙනවා කියන්නේ, මේ ලොකෙට පමණක් සීමා වුන දේකට බැඳුන කියන එකමයි. තවත් විග්රකහ කරනව නම්, තමාගෙ අනන්යඳතාවයට එකතු වෙන දේවල් හැම දේකටම අපි බැඳෙනවා. ඒ නිසා තමයි ආගම අනන්ය තාවයට එකතු කරගන්න එපා කියන්නෙ. මොකද ආගම තියෙන්නේ අනන්ය තාවය හඳුනාගන්න. අනන්යතතාවය හඳුනාගන්න තියන විෂය අනන්යආතාවයට එකතු උනහම, ඒක කරන්න බැහැ. මෙම කාරණය බොහොම ගැඹුරු කාරණයක් උනත්, මම ඒක ඉදිරියට ගෙනාවෙ, ඔබල මේක තේරූම් ඇරගන ඇති කියල හිතල. ඒත් මට දැනෙන විධිහට ඔබල ඒ අවභෝධයෙන් බොහොම ඈත ඉන්න කොටසක්. ඒ නිසාම මම ඒ ගැන කතා කරන එක නවත්වනවා.//

    බුදුරජාණන්ගේ දේසනාව, ඔහුගේ තේරුම් ගැනීම අනුව, වර්තමාන බුදු දහම බරක් සේ දැනුනු නිසා ඒ බරෙන් මිදීම සඳහා ඔහු බුදු දහමෙන් ඈත්වෙලා ඉන්නබව ඔහුගේ ප්‍රතිචාරවලින් කියා සිටී. තවත් මොහතක ඔහු බෝව්ධයෙක් නොවන බව කියා සිටී, තවත් මොහොතක බෝව්ධ ලේබලය පමණක් ගලවා දෙමුවා කියා පවසයි. කෙසේ වෙතත් ඒ ඔහුගේ කැමැත්තක්. නමුත් ඉස්ලාම් දහම යම් කිසි කෙනෙක් වැරදි අන්දමින් අදහනවානම් අපත් කටුවා සහෝදරයා කියන පරිදි කරන්න අපට බෑ එසේ කරන්න අපට උපදෙස් දීමත් වැරදි දෙයකි. මොකද ඉස්ලාම් දහම කියන්නේ මුස්ලිම් කෙනෙකුට බරක් නොවෙයි. ඒ අපි කැමැත්තෙන්, අවබෝදයෙන්, ආදරයෙන් තෝරාගත් අපේ ජීවන මඟය. අපි ජීවත් විය යුත්තේ ඒ අනුවය. එහි ජීවත් විය යුත්තේ කෙසේද යන නීති රීති සියල්ල පනවා තිබෙන්නේ සර්වබලධාරේ අල්ලාහ් විසිනි. කෙනෙක් ඒ අනුව ජීවත් වුනේ නැත්තම් ඒ පිළිබඳව ඒ කෙනාව දැනුවත් කිරීම අපේ යුතුකමකි. එසේ නොකර ඔවුන් කරන අමන ක්‍රියා දැක කලකිරී දහම ඇත හැර යාම ඉස්ලාම් දහම කිසිසේත් අනුමත නොකරයි.

    //ඔබ ඉස්සරවෙල කියනවා ඔබ නිවැරදි කරන්න කියල වැරදිනම්. දැන් කියනව පිළිගන්න බැහැ කියල. ඉතාමත් සරලයි. ඔබල කලින් තීරණයකට ඇවිත් පසුව තීරණය සාධාරණිය කරනවා. මේ කරුණ ගැන පොඩි අධ්යලයනයක කරන්න. පිළිතුරු අනවශ්යරයි.//

    අංක.1
    මා පෙර අවස්තාවකදී පැවසුවේ, වැරදිනම් නිවැරදි කරන්න කීවේ

    //බුද්දාගමේද බැඳීම් ඇත හරින්න කියල තියෙන්නේ බුදු දහම කෙරෙහි තිබෙන බැඳීම නොවෙයි කියලයි මම සිතන්නේ. බුදු දහම අනුව නිවන් මඟ කෙටි කරගන්නට තිබෙන බාදා වන දේවලට තිබෙන දේවලට තිබෙන බැඳීම් අත් හරින්න කියලයි, කියල තියන්නේ කියන එකයි මගේ තේරුම් ගැනීම. (මගේ තේරුම් ගැනීම වැරදිනම් බෝව්ධයින් කරුණාකර මාගේ අදහස නිවැරදි කරන්න කියා ඉල්ලා සිටිමි.)//

    එනම් බුදු දහමේ බැඳීම් ගැන මාගේ තේරුම් ගැනීම වැරදිද? නිවෙරදීද? කියලයි. ඒ වැරදිනම් නිවැරදි කරන ලෙසයි මා විසින් ලියා තිබුනේ. ( මේ වනතුරු කිසිදු කෙනෙක් මේ ගැන අදහස් නොදැක්වූ නිසා මා සිතනවා මගේ තේරුම් ගැනීම නිවැරදියි කියාය)

    අංක. 2.
    මා විසින් පිළිගන්න බැහැ කියල කිව්වේ.

    //නමුත් අනෙක් අය සිතන්නේ අපි ආගම කරෙහි තිබෙන බැඳීම අත්හැරිය වගේ මුස්ලිම්වරුත් ආගම අත්හැරිය යුතුයි කියල!

    මෙතෙන ඔබ ඉදිරිපත් කරන කරුණ නම් අපහාස කළ අය ඔවුන් ගේ ආගම කෙරෙහි තිබෙන බැඳීම අතහැරලා ඒ දේ කල නිසා, එයට ප්‍රතිචාර දැක්වීමේදී අපිත් අපේ දහමට තිබෙන බැඳීම අත්හැරලා ප්‍රතිචාර දැක්විය යුතුයි කියල.

    ඉතින් බැඳීම අත් හැරීම ගැන ඔබ මතය අපට පිළිගන්න බෑ, මොකද එය අපගේ දහමට සහමුලින්ම විරෝදයි.//

    බැඳීම අත හැරීම සම්බන්දව ඔහුගේ මතය අපට පිළිගන්න බැහැ කියන එකයි.

    ඉතින් බලන්න මේ අංක1 හා අංක2 සම්බන්දව මම කියාපු දෑ ගැන කිසි දෙයක් නොපවසා වචන දෙක තුනක් තෝරාගෙන පාඨකයින් නොමග යැවීමේ ඔහුගේ උත්සාහය ගැන.

    2012/10/02 at 2:19 AM
    • katuwa says:

      (බුදුරජාණන්ගේ දේසනාව, ඔහුගේ තේරුම් ගැනීම අනුව, වර්තමාන බුදු දහම බරක් සේ දැනුනු නිසා ඒ බරෙන් මිදීම සඳහා ඔහු බුදු දහමෙන් ඈත්වෙලා ඉන්නබව ඔහුගේ ප්රුතිචාරවලින් කියා සිටී.)
      Spirituality is beyond the boundaries of all religions. දහම, ආධ්යාසත්මික වර්ධනය බරක් නොවේ. බරක් වන්නේ ආගමයි.
      සහෝදරයා, අපි මේ ලෝකෙට ආවේ නිදහසේ. අරගන ආපු දෙයක් නැහැ. ඇවිල්ල අපි කරන්නෙ, අනන්යයතාවයක් ඇති කරගන්න එක. ඒක ගොඩ නැගෙන්නේ අපේ ඉගනීම, ධනය, බලය, තනතුරු, නම්බු නාම, කීර්ති නාම, සමාජ තත්වය, ආගම, ජාතිය, කුලය වාගේ සේරම දේවල් එකතු වෙලා. මේ සේරම බරවල්. මොකද, මේ එකතු කරගන්න ඒව අපි ගාව රඳවගන්න (ඒකීයත්වය ආරක්ෂා කරගන්න) අපි ලොකු සටනක් කරන්න ඕනෙ. අපිට අයත් කිසිවක් නැති නම්, අපිට ආරක්ෂා කරගන්න දෙයක් නැහැ. ඒ නිසා සටනකුත් නැහැ.
      අපි යනකොට ගෙනියන්නෙ අපි ලබාගන තියන ආධ්යිත්මික වර්ධනය විතරයි. ඔය කියපු එකම නම්බු නාමයක් වත්, ධනය, බලය වත්, ආගම, ජාතියවත් අපි ගෙනියන්නෙ නැහැ. ඔය කරුණ ආගමෙන් උගන්වන මුලීක කරුණක්. ඒනිසා අපි පුරුදු වෙන්න ඕනෙ, ඕනෙම වෙලාවක යන්ට උනොත් හිස් අතින් යන්න. නැති නම් මැරෙන මොහොතෙදි, අපිට දාල යන්න බැරි දේවල් ගැන අපි පසු තැවෙනවා.
      ආගමික ඉගැන්වීම් තියෙන්නෙ, ධාර්මිකව ජීවත් වීමටත්, පරලොව යහපතත් සඳහා. පරලොව යහපත ලබන්න නම් මේ භවයට ඇලුම් නොකල යුතුයි. ඒකියනනේ ධනය, බලය, තනතුරු, නම්බු නාම ආදිය.
      මේව උගන්වන්නෙ කවුද ? ආගමික ශාස්තෲන් වහන්සේල. දැන් මොකද වෙලා තියෙන්නෙ ? ඒ උගන්වපු අයට අපි බැඳීල.
      මම ඔය කියන ඒ කිසිම ඉගැන්වීමක් ප්රගතික්ෂේප කරන්නෙ නැහැ. හැබැයි, ඒ ඉගැන්වීම වලට තිබෙන බැඳූම ප්රඔතික්ෂේප කරනවා. මම කියන්න උත්සහ කරන්නෙ ඒකයි.
      අපේ සැබැ අනන්යිතාවය හඳුනාගන්න ලබා දුන් ඉගැන්වීම් වලට බැඳීම තරම් විනාශකාරී දෙයක් මේ ලෝකෙ නැහැ. ආගමට බැඳීල නැහැ. මම බෞද්ධයෙක් හෝ කිතුනුවෙක්, නැතිනම් මුස්ලිම වරයෙක් නොවුනෙ ඒ නිසා.
      (නමුත් ඉස්ලාම් දහම යම් කිසි කෙනෙක් වැරදි අන්දමින් අදහනවානම් අපත් කටුවා සහෝදරයා කියන පරිදි කරන්න අපට බෑ එසේ කරන්න අපට උපදෙස් දීමත් වැරදි දෙයකි. මොකද ඉස්ලාම් දහම කියන්නේ මුස්ලිම් කෙනෙකුට බරක් නොවෙයි. ඒ අපි කැමැත්තෙන්, අවබෝදයෙන්, ආදරයෙන් තෝරාගත් අපේ ජීවන මඟය. අපි ජීවත් විය යුත්තේ ඒ අනුවය. එහි ජීවත් විය යුත්තේ කෙසේද යන නීති රීති සියල්ල පනවා තිබෙන්නේ සර්වබලධාරේ අල්ලාහ් විසිනි. කෙනෙක් ඒ අනුව ජීවත් වුනේ නැත්තම් ඒ පිළිබඳව ඒ කෙනාව දැනුවත් කිරීම අපේ යුතුකමකි. එසේ නොකර ඔවුන් කරන අමන ක්රිීයා දැක කලකිරී දහම ඇත හැර යාම ඉස්ලාම් දහම කිසිසේත් අනුමත නොකරයි.)
      ඔබ කවුරු කුමක් විශ්වාශ කළද මට එහි ඇති වැඩක් නොමැත. මා හට වැදගත් වන්නේ ඔබ ඔබගේ විශ්වාශයන් තුලින් පොදු සමාජයට හානි කරනවද, යහපතක් කරනවාද යන කරුණ පමණි.
      ආදරයෙන් තෝරාගත් ඔබගේ ජීවන මගේ තිබිය යුත්තේ ආදරය පමණි. ඔබ ආදරය නමින් කරන්නේ වෛරය, ද්වේශය සහ ගෝත්රිබක සිතුවිලි ප්ර.චාරය කිරම බව මට පෙනේ. මා මෙය කියන්නේ සියලු බෞද්ධ සහ මුස්ලිම් අන්තවාදි ගොත්‍රිකයන්ටය.
      ඔබ සමාජයට එන විට, ඒ සමාජයේ සමාජිකයෙක් බව පෙන්වීමට උත්සහ කරන්න. අපි අතර දුරස් බව අවම කරන්න. එක මේසේ කෑම කන විට, අපි බෙදාහදාගන කමු. එකට පන්සල් යමු, පල්ලි යමු, කෝවිල් යමු. ඒත් ඔබ, ඔබගේ විශ්වාශයේ සිටින්න. ඒක ගැටලුවක් නෙමෙයි. ගැටලුව වන්නේ, ඔබ (හෝ වෙනත් කෙනෙක්) අපි “අහවලුන්ය” (සිංල බෞද්ධයින්ය, නැති නම් මුස්ලිම් වරුන්ය) වශයෙන් වෙනම අනන්යයතාවයක් පෙරටු කර, සමාජයේ මුලුතැන් වීමය. නැතහොත් තවත් අයෙක් අභිභවා යාමට උත්සහ කිරීමය. අප බෞද්ධය, මුස්ලිම්ද යන පිළිතුර එන්නේ ඔවුන් සමාජයේ වෙනම ජන කොටසක් වශයෙන් පෙනී සිටීමට දරන උත්සහය තුලය.
      සහෝදරයා, ඔබලා හෝ බෞද්ධයින් වෙනත් ජන කොටසක් වශයෙන් සමාජයේ පෙනී සිටීමට උත්සහ දරන තාක් කල්, මෙ සමාජයට යහපතක් වෙන්නේ නැත.
      බෞද්ධයෙක් හෝ මුස්ලිම් වරයෙක් නොවී, මනුෂ්යනයෙක් වන්න. දෙමල හෝ සිංහල නොවී ශ්රිව ලාංකිකයෙක් වන්න. තව දුරටත්, ශ්රිහ ලාංකිකයෙක් හෝ අරාබි කාරයෙක් නොවී, පෘථිවිවාසී මනුෂ්යයයෙක් වන්න. දෙවියන් වහන්සේගේ නියෝජිතයෙක් වෙන්න.
      (එනම් බුදු දහමේ බැඳීම් ගැන මාගේ තේරුම් ගැනීම වැරදිද? නිවෙරදීද? කියලයි. ඒ වැරදිනම් නිවැරදි කරන ලෙසයි මා විසින් ලියා තිබුනේ. ( මේ වනතුරු කිසිදු කෙනෙක් මේ ගැන අදහස් නොදැක්වූ නිසා මා සිතනවා මගේ තේරුම් ගැනීම නිවැරදියි කියාය) )
      පැහැදිවම, මා, ඔබ වැරදියි කියා ඇත. එය පිළිගැනීම හෝ නොපිළිගැනීම ඔබගේ කටයුත්තකි.
      (ඉතින් බලන්න මේ අංක1 හා අංක2 සම්බන්දව මම කියාපු දෑ ගැන කිසි දෙයක් නොපවසා වචන දෙක තුනක් තෝරාගෙන පාඨකයින් නොමග යැවීමේ ඔහුගේ උත්සාහය ගැන.)
      මා අවශ්යර දේ විස්තර කර ඇත. කිසි කෙනෙක් නොමග යැවීමට මා හට අවශ්යැ නොවේ.

      2012/10/06 at 11:30 AM
      • Anver Manatunga says:

        සහෝදරයා ඔබ අදේවවාදියෙකු ලෙස ඉතාමත් මණරම්ව ආගමිකයන් විවේචනය කරමින් යම් මතවාදයක් ගොඩනංවන්නට උත්සාහ දරා ඇත. මෙහිදී මට නොවැටහෙන දෙයක් ඇත. මෙච්චර බුද්ධිමත් පුද්ගලයෙක්ගේ බ්ලොග් අඩවියක් හෝ මෙවැනි සංවාදයක් සිංහල භාෂිත අන්තර්ජාලය තුල මා විසින් නොදිටීමයි.

        මා සැක කරන්නේ ඔබ බෞද්ධයෙකු ලෙස පැමිණෙන්නට බැරි බව දන්නා නිසා වෙනත් කෝණයකින් පැමිණ ඉස්ලාමය විවේචනය කරන්න තතනන කෙනෙකු ලෙසයි. මේ බව ඉතා හොදින් කළ හැකි කෙනෙකු අන්තර්ජාලයේ ඇත. ඒ නම් අසුචිරාළයි. අසුචිරාළගේ අදහස් සහ ඔබගේ අදහස් ඉතාමත් ලගින් යන බව මට පෙනේ. ඔබ සහ අසුචිරාළ අතර වෙනස නම් ඔහු තුල තිබෙන්නා‍වු මුස්ලිම් විරෝධයයි. ඔබ අසුචිරාළ නොවේ නම් ඔහු ඇසුරු කරන්නෙකු විය යුතුමය.

        මගේ සැකය වැරදි නම් කරුණාකර ඔබ විසින් කරගෙන යන්නාවු බ්ලොග් අඩවියක් හෝ සමාජ අඩවි ගිණුමක් පෙන්වන්න. නමුත් එය අලුතින් නිර්මාණය කළ එකක් නොවිය යුතු බවද මතක් කරමි.

        2012/10/06 at 12:13 PM
        • katuwa says:

          සහෝදරයා ඔබ අදේවවාදියෙකු ලෙස ඉතාමත් මණරම්ව ආගමිකයන් විවේචනය කරමින් යම් මතවාදයක් ගොඩනංවන්නට උත්සාහ දරා ඇත. මෙහිදී මට නොවැටහෙන දෙයක් ඇත. මෙච්චර බුද්ධිමත් පුද්ගලයෙක්ගේ බ්ලොග් අඩවියක් හෝ මෙවැනි සංවාදයක් සිංහල භාෂිත අන්තර්ජාලය තුල මා විසින් නොදිටීමයි. )
          මා දෙවියන් වශ්වාශ කරමි. හැබැයි, මුස්ලිම් ක්රිරස්තියානි, හින්දු කියා වෙන් නොකරය. මම විශ්වාශ කරන්නේ, එක් එක් සංස්කෘතීන් එක් එක් කාලයන් වලදි එකම දේ විවිධ ආකාරයට උගන්වා ඇති බවය. ඔබලා මෙයට විරුද්ධ වුවද, ඒ මම විශ්වාශ කරන දේය.
          මා එසේ බ්ලොග් අඩවියක් කළ යුත්තේ ඇයි ? එය අනිවාර්ය ද ?
          (මා සැක කරන්නේ ඔබ බෞද්ධයෙකු ලෙස පැමිණෙන්නට බැරි බව දන්නා නිසා වෙනත් කෝණයකින් පැමිණ ඉස්ලාමය විවේචනය කරන්න තතනන කෙනෙකු ලෙසයි. මේ බව ඉතා හොදින් කළ හැකි කෙනෙකු අන්තර්ජාලයේ ඇත. ඒ නම් අසුචිරාළයි. අසුචිරාළගේ අදහස් සහ ඔබගේ අදහස් ඉතාමත් ලගින් යන බව මට පෙනේ. ඔබ සහ අසුචිරාළ අතර වෙනස නම් ඔහු තුල තිබෙන්නා‍වු මුස්ලිම් විරෝධයයි. ඔබ අසුචිරාළ නොවේ නම් ඔහු ඇසුරු කරන්නෙකු විය යුතුමය. )
          ඔබ තවමත් සිතා සිටින්නේ මා ඉස්ලාමය විවේචනය කරන අයෙක් මිස, ඒ පිළිබඳ ගැටලු සහ මගේ අදහස් ප්ර කාශ කරන කෙනෙක් වශයෙන් නෙමෙයි. ඔබ ඔය කියන රාලට මම සම්පුර්ණයෙන් විරුද්ධ වෙමි.
          මගේ සැකය වැරදි නම් කරුණාකර ඔබ විසින් කරගෙන යන්නාවු බ්ලොග් අඩවියක් හෝ සමාජ අඩවි ගිණුමක් පෙන්වන්න. නමුත් එය අලුතින් නිර්මාණය කළ එකක් නොවිය යුතු බවද මතක් කරමි.
          මා හට එහෙම බ්ලොග් අඩවියක් නොමැත. ඔබගේ සැකය මට අදාල නැත

          2012/10/06 at 2:17 PM
          • Anver Manatunga says:

            ඔබ වැනි අදහස් පලකරන්නට සමත් කෙනෙකුට මුණුපොත් ගිණුමක් හෝ බ්ලොග් අඩවියක් නොමැත්තේ නම් එය මවිතය දනවන කරුණකි. මා තුල තිබුණු සැකය ඉතා සාධාරණ බව සහ එය සත්‍ය බව ඔබ දැන් ඔප්පු කර හමාරය. ඔබ වැනි අය මේ බ්ලොග් අඩවියට බොහෝ අවස්ථාවල පැමිණ ඇත. ඔවුන්ට අවශ්‍ය කොක්කෙන් හෝ කෙක්කෙන් ඉස්ලාමය අපහාසයට ලක්කිරීමයි. අද ආගම්බේධවාදී බහුතරය විසින් එකක් අවබෝධ කරගෙන ඇත. එනම් මුස්ලිම් වරයා ‍සහ බොදුනුවා සැසදීමෙන්වත් ඉස්ලාමය සහ බුදු දහම සැසදීමෙන් වත් ඉස්ලාමයට අපහාස කළ නොහැකි බවයි. සිංහල භාෂිත අන්තර්ජාලය තුල අප එම තත්වය නිර්මාණය කොට ඇති බැව් සතු‍ටින් දන්වමු.

            දැන් බොහෝ ආගම්බේධවාදීන් විසින් කරන්නේ ඉස්ලාමය වෙත නොමැති කරුණු උපුටා දක්වමින් නොයෙකුත් අපහාස නිකුත් කිරීමයි. ඔවුන් විසින් එය එලෙස අඛන්ඩවම කිරීම නිසා ජනතාවට දැන් එහිද යථාර්තය වැටහී ඇත. බොදුබලසේනාවෙහි උද්ඝෝෂණයට අන්තර්ජාල කාර්බෝර්ඩ් වීරයන් විසින් මෙතරම් ප්‍රසිද්ධියක් ලබා දුන්නද ඔවුන්ට දහසක තරම් වත් සෙනගක් අද්දවා ගත නොහැකි වුයේ මෙනිසාවෙනි. බහුතර ජනතාව අන්තවාදය කුමක්දැයි නිසිලෙස හදුනාගෙන ඇත.

            ඔබ වැනි අය කරන්නට උත්සාහ දරන්නේ තවත් උපක්‍රමයකි. එනම් ධාර්මික වේශයෙන් පැමිණ, එසේත් නැතිනම් අදේවවාදී වේෂයෙන් පැමිණ, ඉතා සියුම් ලෙස ඉස්ලාමය සහ මුස්ලිම් වරුන්ව අපහාසයට ලක් කිරීමට වෙර දැරීමයි. මෙහිදී ඔබලා බුදු දහම සහ බොදුනුවන්ද බොරුවට විවේචනය කරන අතර වැඩියෙන් ඉස්ලාමය වෙතට චෝදනා එල්ල කරති. එයින් ඔබලා සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින්නාවු උත්තමයන් මෙන් පෙන්නුම් කරති.

            අවසානයේ ඔබලාගේ මෙවැනි ලුණු ගොරකා වලට අන්වර් මනතුංග ව තැම්බීමට ලෙහෙසි නොවන බව ඉතාමත් සංයමයකින් යුතුය මතක් කරමි.

            2012/10/06 at 3:05 PM
  • sana says:

    කටුව @

    ඔබට තේරුම් ගැනීමේ යම් කිසි අඩු පාඩුවක් තිබේනම් එය නිවැරදි කරගැනීමට බලන්න. ඔබ මා ඇසු ප්‍රශ්නවලට උත්තර නොදී බොරුවට වැල් වටාරම් දොඩවා අනුන්ව මෝඩයාට අන්දන්න හිතන්න එපා. ඔබට අවශ්‍ය වන්නේ ඔබේ මත, එනම් මුළු ලෝකෙම ඉන්න මුස්ලිම්වරු ඔබ වගේ තේරුම් ගන්න අමාරු අය කියා පෙවන්නයි. ඔබට මා ඇතුළු සහෝදරවරු සියලු දෙනා පැහැදිලිකර දුන්න ඒ චිත්‍රපටය සම්බන්දව ප්‍රතිචාර දැක්වූ සමහර අය සීමාව ඉක්මවා ගොස් කළහ කාරී ව හැසුරුණු එක අප පිළි ගන්නේ නැති බවත් . ඔවුන් ගේ වැරදි නිවැරදි කිරීම් අපට කල නොහැකි බවත් අප කරන්නේ අදහස් දැක්වීම පමණක් බවත්. ඔබ පුන පුනා ඒ දේ අප උඩ දමමින්. කිරි මුට්ටියට ගොම එකතු වුනා සේ, ඒ අය කරපු දේ නිසා අප සියලු දෙනා වග කියා යුතු බවත්. එහි දී ඔබ අපට දේශනා කරන සෑම අවස්ථාවකදීම බුදුන්ගේ දේසනාවන් උපටා දක්වමින් බෝව්ධ වෙමින්, තමා චෝදනාවට ලක්වෙන අවස්ථා එනවිට මම බෝව්ධ්යෙක් නොවෙයි කියා කපටි කමින් බේරී යමින් බුද්දාගමද පාවා දෙමින් සිටින පුද්ගලයකි!!

    තමාගේ මොලය කොච්චර ක්රූවල් වෙලා තියනවද කියා තමාම බලන්න,

    // “මගේ ප්‍රශ්නය” (කිතුනුවෝ තමන්ගේ ආගම තමන් විසින්ම අපහාස කරගන්නවා. ඒ නිසා, අනෙක් ආගම්ද අපහාස කරන්න ඔවුන්ට අයිතියක් තියනවා කියල කෙනෙක් හිතනවානම් එක මන්ද බුද්දිකම මිස වෙන මොනවද? )
    “ඔබේ පිළිතුර “තමා විසින් තමා/ තම විශ්වාශයන් විවේචනය කරගන්න එක, අන්ධ භක්තියෙන් නොමග යනවාට වඩා කොතරම් බුද්ධිමත් දෙයක්ද//

    ඒ කියන්නේ අපහාස කිරීම තමාගේ දැනුම අනුව විවේචනය කිරීමයි, බුද්ධිමත් කමයි.

    //දඹුල්ල සිද්ධිය කියන්නේ බෞද්ධයන් කළ දෙයක් නෙමෙයි. ඔවුන් කවදාවත් එහෙම කරන්නෙ නැහැ. නමුත් බෞද්ධයන් ගොනාට අන්දවගන ඉන්න, කහ ඇඳුම් ඇඳගත්ත කාලකණ්නි මිනිහෙක් කළ වැඩක්. ඔබ ඒකට මගෙන් ප්ර්ශ්ණ කරන එක සාධාරණද ?// sep 18 2012 at 3.47ප්ම

    මෙසේ කියල බෝව්ධයන් හා තමාගේ අඟ බේරාගන්න ඔබ, කිරි මුට්ටියේ ගොම කතාව අපට පමණක් ආදේශ කරනවා. මෙතනින්ම පෙනෙනවා ඔබ කොහෙද ඉන්නේ කියල!!

    //ඔබල එක පැත්තකින් ලිබියාව ඇතුලු අනිත් රටවල් වල අන්තවාදි ක්රිරයාකාරකම් අගය කරමින්, මෙ වාගෙ අවස්ථාවල පාවල දෙනවා. ලිබියාවෙ ගඩාපිගෙ ක්රිවයාකාරකම් අගය කලර අන්වර් සහෝදරය ලියපු ලිපිය දැක්කෙම නැද්ද ?//

    ඔබට නැවතත් අර තේරුම් ගැනීමේ අමාරුව හැදිලා, අන්වෙර් සහෝදරයා ලිබියාව හා ගඩාෆි ගැන ලියා තිබෙනවානම් ඒ එයාගෙන් අහගන්න, නිකරුනේ අනවශ්‍ය කරුණු ලියා තමන් මොලේ නරක කරගෙන ඉන්නවා මදිවට අනුන් වත් ඒ තත්වෙන් ඉන්නවා කියල හිතන්න එපා!!

    මේ මගේ ඉල්ලීමයි.
    <>

    මේ ඔහුගේ පිළිතුරයි
    <<//මෙහෙම දෙයක් අපේ දහමේ කොයි අවස්ථාවේද සඳහන් වෙලා තියෙන බව මට මතක නෑ, හැකිනම් කරුණාකර මොන මූලාශ්රයයේද සඳහන් කර තිබෙන්නේ කියා කියන්න.//
    එ සඳහා වෙලාවක් එයි. එතකොට කියන්නම්//

    මෙසේ ඔප්පු කරන්න බැරි බොරු පරස්පර විරෝදී කරුණු කියමින් දොඩවන එක තමයි මෙයාගේ සිරිත. කෙසේ වතත් අන්වෙර් සහෝදරයාගේ වගකීමක් තියනවා මේ මූලාශ්‍ර ඔහුගෙන් පාඨක අපට ලබාදීම ගැන. මන්ද මොහුගේ ප්‍රතිචාර පළවුයේ ඔබේ බ්ලොග් එකේ නිසා!! අනිවාර්යයි!!!

    2012/10/02 at 3:19 AM
    • katuwa says:

      2012/10/06 at 12:25 PM
      • Anver Manatunga says:

        සහෝදරයා මෙහි අවසාන ඡේදයේ ලියා ඇති දෙයට විශ්වාසනීය පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ඒ තාක් ඔබගේ ප්‍රතිචාර අත්හිටුවමි

        සහෝදරයා ඔබ අදේවවාදියෙකු ලෙස ඉතාමත් මණරම්ව ආගමිකයන් විවේචනය කරමින් යම් මතවාදයක් ගොඩනංවන්නට උත්සාහ දරා ඇත. මෙහිදී මට නොවැටහෙන දෙයක් ඇත. මෙච්චර බුද්ධිමත් පුද්ගලයෙක්ගේ බ්ලොග් අඩවියක් හෝ මෙවැනි සංවාදයක් සිංහල භාෂිත අන්තර්ජාලය තුල මා විසින් නොදිටීමයි.

        මා සැක කරන්නේ ඔබ බෞද්ධයෙකු ලෙස පැමිණෙන්නට බැරි බව දන්නා නිසා වෙනත් කෝණයකින් පැමිණ ඉස්ලාමය විවේචනය කරන්න තතනන කෙනෙකු ලෙසයි. මේ බව ඉතා හොදින් කළ හැකි කෙනෙකු අන්තර්ජාලයේ ඇත. ඒ නම් අසුචිරාළයි. අසුචිරාළගේ අදහස් සහ ඔබගේ අදහස් ඉතාමත් ලගින් යන බව මට පෙනේ. ඔබ සහ අසුචිරාළ අතර වෙනස නම් ඔහු තුල තිබෙන්නා‍වු මුස්ලිම් විරෝධයයි. ඔබ අසුචිරාළ නොවේ නම් ඔහු ඇසුරු කරන්නෙකු විය යුතුමය.

        මගේ සැකය වැරදි නම් කරුණාකර ඔබ විසින් කරගෙන යන්නාවු බ්ලොග් අඩවියක් හෝ සමාජ අඩවි ගිණුමක් පෙන්වන්න. නමුත් එය අලුතින් නිර්මාණය කළ එකක් නොවිය යුතු බවද මතක් කරමි.

        2012/10/06 at 2:10 PM
  • sana says:

    පාඨක @

    ගරු කටුවා ගේ ප්‍රකාශ.

    //මම මගේ සාකච්චාව ආරම්භයේදිම කීවා මම බෞද්ධයෙක් නෙමෙයි කියල. මම එහෙම උනේ, බුදු හිමියන්ගෙ නාමයෙන්, එය අවභෝධ කර නොගත් නුගත් ම්ලේචිඡ මිනිසුන් එහි අයිතය තහවුරු කරගන ඉන්න නිසා. මට කළ හැකි හොඳම, පහසුම දේ උනේ, බෞද්ධ ලේබලය මගෙන් ගලවා ඉවත් කිරීම විතරයි. මම හැම ආගමකටම ගරු කරනවා.// sep. 18.2012 at 3.47 pm

    //සහෝදරයා, මම කිවුවෙ මම බෞද්ධ ලේබලය අයින් කළා කියල මිසක් බුද්ධාගම අයින් කළා කියල නෙමෙයි. මම ඔලුවෙ තිබුන බර අයින් කළා. // oct . 1.2012 at4.27ප්ම

    බලන්න මොනවද කියන්නේ කියල, වෙලාවකට කියනවා බෝව්ධයෙක් නොවෙයි කියල, වෙලාවකට කියනවා බෝව්ධ ලේබලේ විතරයි ගලවල අයින් කළේ කියල. යම් කිසි භාණ්ඩයක ලේබලය ගලවල අයින් කලත් ඇතුලේ තිබෙන භාණ්ඩයේ වෙනසක් වෙන්නේ නෑ නේද? තේරුම් ගැනීමේ හැකියාව හා තීරණය ගැනීමේ අයිතය තියෙන්නේ ඔබේ අතේ!!

    2012/10/02 at 3:37 AM
  • katuwa says:

    2012/10/06 at 12:33 PM
    • Anver Manatunga says:

      නැවතත් ඉල්ලා සිටින්නේ

      සහෝදරයා මෙහි අවසාන ඡේදයේ ලියා ඇති දෙයට විශ්වාසනීය පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ඒ තාක් ඔබගේ ප්‍රතිචාර අත්හිටුවමි

      සහෝදරයා ඔබ අදේවවාදියෙකු ලෙස ඉතාමත් මණරම්ව ආගමිකයන් විවේචනය කරමින් යම් මතවාදයක් ගොඩනංවන්නට උත්සාහ දරා ඇත. මෙහිදී මට නොවැටහෙන දෙයක් ඇත. මෙච්චර බුද්ධිමත් පුද්ගලයෙක්ගේ බ්ලොග් අඩවියක් හෝ මෙවැනි සංවාදයක් සිංහල භාෂිත අන්තර්ජාලය තුල මා විසින් නොදිටීමයි.

      මා සැක කරන්නේ ඔබ බෞද්ධයෙකු ලෙස පැමිණෙන්නට බැරි බව දන්නා නිසා වෙනත් කෝණයකින් පැමිණ ඉස්ලාමය විවේචනය කරන්න තතනන කෙනෙකු ලෙසයි. මේ බව ඉතා හොදින් කළ හැකි කෙනෙකු අන්තර්ජාලයේ ඇත. ඒ නම් අසුචිරාළයි. අසුචිරාළගේ අදහස් සහ ඔබගේ අදහස් ඉතාමත් ලගින් යන බව මට පෙනේ. ඔබ සහ අසුචිරාළ අතර වෙනස නම් ඔහු තුල තිබෙන්නා‍වු මුස්ලිම් විරෝධයයි. ඔබ අසුචිරාළ නොවේ නම් ඔහු ඇසුරු කරන්නෙකු විය යුතුමය.

      මගේ සැකය වැරදි නම් කරුණාකර ඔබ විසින් කරගෙන යන්නාවු බ්ලොග් අඩවියක් හෝ සමාජ අඩවි ගිණුමක් පෙන්වන්න. නමුත් එය අලුතින් නිර්මාණය කළ එකක් නොවිය යුතු බවද මතක් කරමි.

      2012/10/06 at 2:12 PM

Your email address will not be published. Required fields are marked *

*