මුස්ලිම් මවකට දාව ඉපදුනු වත්හිමි බන්ඩාර රජු ගලේබන්ඩාර දෙවියන් වු හැටි!

ගලේ බන්ඩාර දේවාලය, Gale Bandara Dewalaya

ලංකා ඉතිහාසය දෙස බලන කල රජ කෙනෙකුගේ පුතු ලෙස මුස්ලිම් යුවතියකට දාව ඉපදුනු කුමාරයෙක් කලක් ප්‍රාදේශීය රජ කෙනෙක් වශයෙන්ද කටයුතු කර ඇත. ඒ අන් කවරෙකු වත් නොව වත්මන් කුරුණෑගල ජනතාව විසින් ගලේබන්ඩාර දෙවියන් වශයෙන් හඳුන්වන වත්හිමි බන්ඩාර කුමාරයාය. කුරුණෑගල රාජධා‍නිය කරගෙන අවසානයට රජකළ, 5 වන විජයබාහු රජු ‍ගේ බිසවට (1335-1341) පුත් කුමරුවන් සිටියේ නැත.

මේ අතර අසල තිබු මුස්ලිම් ගමක අලංකාර මුස්ලිම් යුවතියක දුටු රජතුමා විසින් ඇයව කැඳවාගෙන ඒමට අණකරන ලදී. මුස්ලිම් තරුණියක අන්‍යාගමික කෙනෙකුට විවාහ කිරීම ඉස්ලාම් නීතියට පටහැනි වුවද මෙය රටේ පාලකයාගේ අණක් නිසා කරන්නට දෙයක් නොවු එම ගමෙහි මුස්ලිම් වරුන් ඇය රජතුමා ලඟට ‍ගෙන ගියෝය. එහිදී රජතුමා විසින් ඇයවද බිසවක ලෙස පාවා ගන්නා ලදී. ඉන්පසුව ඇයට රජතුමා නිසා පුත් කුමරෙකු උපත ලදින් ඔහුට වත්හිමි බන්ඩාර යන නාමය තබන ලදී.

මෙම මුස්ලිම් කාන්තාව අන්‍යාගමික රජෙකුගේ බිසව බවට පත්වුවද ඇගේ ඥාතීන් ඇයව අත්නොහැර තවදුරටත් මුස්ලිම් කාන්තාවක මෙන්ම සලකන්නට වුවා පමණක් නොව ඇයට දාව උපන් රජකුමරා මුස්ලිම් දරුවෙක් මෙන් සලකා ඉස්ලාමීය චාරිත්‍රානුකූලව හදාවඩා ගන්නට විය. මේ අතරවාරයේ වත්හිමි බන්ඩාර කුමරු කෙමෙන් වැඩෙද්දී රජතුමාගේ අගබිසවටද පුත් කුමරෙක් උපත ලදින් රජ කමට උරුම කරුවන් දෙදෙනෙකු බවට පත්විය. නමුත් එවකට ලංකාවේ පැවති රාජ සම්ප්‍රදාය අනුව රජකමට උරුමක්කාරයා වන්නේ අගබිසවගේ දරුවාය.

හදිසියේම රජු මියගියෙන් සිහසුන හිස් විය. රජකමට නීත්‍යානුකූල සුදුස්සා එනම් රජුගේ අගබිසවගේ පුත්‍රයා මේ වන විට සිටියේ ඉතා ළාබාල වියෙහිය. මේ අතර වත්හිමි බන්ඩාර කුමාරයා වැඩි වයස්ව සිටි නිසා රාජ්‍යත්වයට පත් විය. මේ ගැන ජන වහරෙහි පැවසෙන්නේ වත්හිමි බන්ඩාර කුමරු තමන් සතු ධනය අමාත්‍යවරුන්ට බෙදාදී ඔවුන්ගේ සිත් දිනාගෙන රජකම ලබාගත් බවයි. වත්හිමි බන්ඩාර කුමරු මෙසේ රජවෙද්දී රජුගේ අගබිසවගෙන් ලැබුණු පුත් කුමාරයා අගනුවරින් පලාගොස් රහසිගතව සැඟවී සිටිමින් වැඩෙන්නට විය.

වත්හිමි රජු විසින් ඉතාමත් දැහැමින් රාජ්‍ය පාලනය ගෙන ගියද රජු ඉස්ලාම් දහමට දැක්වු පක්ෂපාතීත්වය අමාත්‍යාදීන්ගේ නොසතුටට හේතු විය. මේ නිසා අමාත්‍ය වරුන් කුමන්ත්‍රණය කළේ වත්හිමි බන්ඩාර රජු මරා 5වැනි විජයබාහු රජුගේ අගබිසවගේ පුත් කුමාරයාට රාජ්‍යත්වය අත්පත් කර දීමටයි. ඔවුහු ආගමික උත්සවයකට සහභාගී වීමේ මුවාවෙන් රජු කඳු මුදුනකට කැඳවාගෙන යාමට උපා යෙදුහ. මේ කුමන්ත්‍රණය ගැන කිසිත් නොදන්නා වත්හිමි බන්ඩාර රජු කඳු මුදුනට නැගි පසු, කලින් යොදාගෙන තිබුණු වැඩපිළිවෙලකට අනුව මැරයන් පිරිසක් විසින් ඔහු කන්දෙන් පහලට තල්ලු කර මරා දමනු ලැබීය.

ඉන්පසුව අමාත්‍යාදීන් විසින් ඔහු‍ගේ සපත්න සහෝදරයා සැඟවී හුන් තැනින් ගෙන්වා ඔහුව සිංහාසනාරූඪ කරනු ලැබීය. නමුත් රජ බවට පත් එම කුමාරයා කළේ මෙතෙක් කලක් අගනුවර ලෙස තිබුණු කුරුණෑගල අත්හැර දමා දඹදෙණිය සිය අගනුවර ලෙස කරගැනීමයි. මේ නිසා කුරුණෑගල රජ කළ අවසන් රජතුමා ලෙස අපට වත්හිමි බන්ඩාර රජු බවට අපට පැවසිය හැක.

මෙම රජු සිය සොයුරාට හිමි රජකම පැහැරගෙන රාජ්‍යයත්වයට පත්වුවද ඉතා හොඳ දැහැමි පුද්ගලයෙක් බව පැවසේ. ඔහුව රවටා මරා දැමීමට අමාත්‍යාදීන්ට හැකි වුයේද එනිසා වන්නට පුළුවන. මෙසේ කුමන්ත්‍රණයකින් මරණයට පත්වු කුරුණෑගල රාජධානියේ අවසන් රජු වන වත්හිමි බන්ඩාර මරණයට පත්වු ස්ථානයෙහි කුඩා ගොඩනැගිල්ලක් ඉදි කළ බවක් පැවසෙන අතර එම ස්ථානය අද දක්වාම පවතී. එදා වත්හිමි බන්ඩාර කුමරා අද දක්වාම ගලේබන්ඩාර දෙවියන් නමින් කුරුණෑගල ප්‍රදේශයේ බොදුනු ජනතාව අතර දේවත්වයටද පත්ව සිටී.

 

මූලාශ්‍රය: J.C Van Sanden, op. cit, pp. 21-22 # The Ceylon Gazateer, Ceylon, 1934, pp. 146-149

 

 

 

 

 

34 Comments to “මුස්ලිම් මවකට දාව ඉපදුනු වත්හිමි බන්ඩාර රජු ගලේබන්ඩාර දෙවියන් වු හැටි!

  1. ඔහු හොද දැහැමි පුද්ගලයෙක් නිසා තමා අදටත් සමහර මිනුස්සු දෙවිකෙනෙකුට සමානව වදින්නේ. ඔහුගේ මව කුරේෂා බිසව වන අතර ඇය ඉරානයට සම්බන්දකම් පැවති කෙනෙකු බවට ප්‍රසිද්දියක් ඇත.

    1. මෙම බ්ලොග් අඩවිය විවෘත ශිෂ්ඨ පාඨක ප්‍රතිචාර වලට පමණක් බව කරුණාවෙන් සලකන්න. එසේ නොවුව හොත් ඔබගේ ප්‍රතිචාරයන් තහනම් කරනු ඇත.

  2. Her Anver, Go to mental hospital and check your brain,

    muslim merchants came to sri lanka around 1500 year.

    your trying to make fake history for muslims in sri lanka.

    muslims believe these things. ( muslims are normally don’t try to find and they believe what their maulama and positions says. that’s why they don.t try to find truth if the quran)

    1. චමිත් සහෝදරයා, මම ඉතිහාසය සම්බන්ධ සියළුම කරුණු ඉදිරිපත් කළේ උපුටා ගැනීම් සහිතතවයි. මුලාශ්‍ර නොමැතිව කරුණු ඉදිරිපත් නොකළෙමි. ඔබට හැකි නම් ඒවා බොරු බව ඔප්පු කරන්න. බොරුවට චෝදනා කිරීමෙන් පලක් නොවන බව දැනගන්න.

      1. the source is The Ceylon Gazateer, Ceylon, 1934, pp. 146-149.

        this has published some one 76 year ago.

        did u check whether this is correct or not?

        this is unproved source.

        1. වර්තමාන කුරුණෑගල ප්‍රදේශයේ පවතින ජනප්‍රවාද සමගද මෙය කිසිදු ගැටළුවකින් තොරව පෑහේ.

    2. i think he has to go mental hospital not anwar brother, how much time like you people wanted to rewrite your so called pure history (except muslims) you cant do it. because Arab muslims are the pioneers of global business as well as global exploration. in this case when porthugees invaders came to sri lanka in 1505, a muslim minister of king kotte who mislead the porthugees navi by taking them arround the colombo to avoid reaching the palace by porthugeese, even today people using as “PARANGIYA KOTTE GIYA WAGEI” is refering to above incident.

  3. History of Islam in Sri Lanka

    With the arrival of Arab traders in the 8th century, Islam began to flourish in Sri Lanka. The first people to profess the Islamic faith were Arab merchants and their native wives, whom they married after converting to Islam. By the 15th century, Arab traders had controlled much of the trade on the Indian Ocean, including that of Sri Lanka. Many of them settled down on the island in large numbers, encouraging the spread of Islam. However, when the Portuguese arrived during the 16th century, many of their descendants – the Sri Lankan Moors – were persecuted.The Sinhalese ruler King Senarat of Kandy gave refuge to the Muslims in the central highlands and Eastern Province, Sri Lanka.[3]
    During 18th and 19th centuries, Javanese and Malaysian Muslims bought over by the Dutch and British rulers contributed to the growing Muslim population in Sri Lanka. Their descendants, now the Sri Lankan Malays, adapted several Sri Lankan Moor Islamic traditions while also contributing their unique cultural Islamic practices to other Muslim groups on the Island.
    The arrival of Muslims from India during the 19th and 20th centuries has also contributed to the growth of Islam in Sri Lanka. Most notably, Pakistani and South Indian Muslims have introduced Shia Islam and the Hanafi school of thought into Sri Lanka, however although most Muslims on the island still adhere to the traditional practices of Sunni Islam.
    In modern times, Muslims in Sri Lanka are handled by the Muslim Religious and Cultural Affairs Department, which was established in the 1980s to prevent the continual isolation of the Muslim community from the rest of Sri Lanka. Today, about 10% of Sri Lankans adhere to Islam; and there are approximately 5,000 mosques, with every mosque having a committee to lookafter the community affairs. Muslims of Sri Lanka, mostly from the Moor and Malay ethnic communities on the island with smaller numbers of converts from other ethnicities, such as the Tamils.
    A significant Tamil-speaking Muslim population exists in Sri Lanka; however, unlike Tamil Muslims from India, they are not culturally linked with ethnic Tamils, they are therefore listed as a separate ethnic group in official statistics.[4][5]
    The Ahmadiyya Muslim Community was established in Sri Lanka in 1915. But the other Muslim Communities consider Ahamadiyya as a separate non-Muslim religion.[6]

    1. චමිත් සහෝදරයා විසින් කොහෙන් හෝ කිසිදු පදනමක් නොමැති තොරතුරු ටිකක් උපුටාගෙන පලකර ඇති බව පෙනී යයි. කෙසේ වෙතත් මා විසින් ලංකාවේ මුස්ලිම් වරුන්ගේ අයිතිය සම්බන්ධව සාධක සහිතව ලිපියක් ලිව්වෙමි.

      බලන්න‍
      http://www.anvermanatunga.com/2012/09/10/muslim-warunge-aithiya/

      කෙසේ වුවද නැවත එහි කරුණු මෙහි උපුටා දක්වන්නට කැමැත්තෙමි.

      ලංකාවේ රජකළ පන්ඩුකාභය රජතුමාගේ කාලයේ ඉතිහාසය ගවේෂනය කරන අපට ඒ ගැන සාධකයක් හමුවෙයි. එනම් පන්ඩුකාභය රජු (ක්‍රි.පු. 377-307) තම අගනුවර වු අනුරාධපුරයෙහි යම් යම් ඉඩම්, අගනුවරට පැමිණි පුර්ව ඉස්ලාමීය යුගයේ අරාබි වෙලෙඳුන් වු යෝනකයන් (මහාවංශය, X, පි.90) සඳහා වෙන් කළ බවයි. තවද අනුරාධපුර යුගයේ අගනුවර තුල යවන (යොනුන් වාසය කළ) වීදි පවා තිබුණු බව ඉතිහාසයේ සඳහන් වේ.

      එමෙන්ම ලංකාවට පැමිණි අරාබි ජාතිකයන් ‍දේශීය මෙරට කාන්තාවන් සමග විවාහ වීම නිසා අරාබි සිංහල මිශ්‍ර දේහ ලක්ෂන වලින් හෙබි සමාජයක් බිහිවන්නට ඇත. මෙම ‍යෝනක සමාජයේ සිටි සමහර ස්ත්‍රීන් සිංහල රජ වරුන්ගේ ආකර්ශනයට පාත්‍ර වුවා පමණක් නොව ඇතැම් සංදේශ කාව්‍යයන් කළ කවීන්ගේ වර්ණනාවට පවා පාත්‍ර විය. පහලොස් වන ශත වර්ෂයේ සාහිත්‍ය කෘතිවු සංදේශ කාව්‍ය වල (කෝකිල සංදේශ වර්ණනාව, ඩබ්.එෆ්. ගුණවර්ධන, 74 වන කවිය සහ ගිරා සංදේශ විවරණය, මුණිදාස කුමාරතුංග, 104 වන කවිය) යොන් ලියන් හෙවත් මෙම අරාබි මිශ්‍ර යෝනක කාන්තාවන් ගැන සඳහන් වේ. මේ නිසා අරාබි වරුන් මෙරට සමග ගණුදෙනු කළේ අද ඊයෙක නොවන බව සහ ඔවුන් විසින් මෙරට ජනාවාස කරගත්තේද අද ඊයෙක නොවන බව පැහැදිලිය.

      ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ගේ මුතුන් මිත්තන් නව වන ශතවර්ෂයේ දී කායල්පට්නම්හි මුල් ජනාවාස පිහිටුවාගත් අතර ඉන් අවුරුදු ගණනාවකට පසුව 1024 දී ඒ නගරයෙන් පැමිණි පිරිසක් බේරුවල ජනාවාසයක් පිහිටුවා ගත්තේය, යන මතය කාසිචෙට්ටි විසින් සඳහන් කරන ලදී. (Casie Chetty, The Ceylon Gazeteer)

      තමා සිටි කාලයේ බේරුවල පදිංචිව සිටි ඉතාම පැරණි මුස්ලිම් පවුල් වලින් එකක් සතුව පැවති පුරාණ අරාබි ලේඛනයක්, 1926 දී ලියන ලද “සෝනහාර්” නම් වු සිය කෘතියෙහි ජේ.සී. වෑන් සැන්ඩන් උපුටා දක්වයි. එහි දැක්වෙන පරිදි, යේමනයෙහ් රජ පවුලකට අයත් පුතුන් දෙදෙනෙකු ක්‍රි.ව 604 දී ලංකාවට පැමිණ ඇත. ඉන් එක් තැනැත්තෙකු මන්නාරමට ගොඩ බැස අතර අනෙක් තැනැත්තා බේරුවල ගොඩබැස එහි පදිංචි වී ඇත. ඔහුගෙන් පැවතෙන්නන් බැව් කියා පෑ මුස්ලිම්වරු කිහිපදෙනෙක්ම බේරුවල සිටියහ. (J.C Van Sanden Sonahar, A Brief History of the Moors of Ceylon, Colombo, 1926,pp.117-118)

      චමිත් සහෝදරයා මම මේ සියළු කරුණු වල උපුටා ගැනීම් කළ මුලාශ්‍රද සහිතව කරුණු ඉදිරිපත් කර ඇත. හැකිනම් ඔබද මීට ප්‍රතිවිරුද්ධව මුලාශ්‍ර සහිතව කරුණු ඉදිරිපත් කරන්න.

      1. Anver Brother Great article – Hats off to you!… @ Chamith oya naagatha nedha nodanna kehelmalak gena publish karala… I can see that you are great lover of Sinhala History but no body can hide the facts …truth will come out wherever. anyway, thanks for your comment.

      2. පන්ඩුකාභය රජු (ක්‍රි.පු. 377-307) තම අගනුවර වු අනුරාධපුරයෙහි යම් යම් ඉඩම්, අගනුවරට පැමිණි පුර්ව ඉස්ලාමීය යුගයේ අරාබි වෙලෙඳුන් වු යෝනකයන් (මහාවංශය, X, පි.90) සඳහා වෙන් කළ බවයි. තවද අනුරාධපුර යුගයේ අගනුවර තුල යවන (යොනුන් වාසය කළ) වීදි පවා තිබුණු බව ඉතිහාසයේ සඳහන් වේ.

        those days, sinhala peoples dealt with Arabian taders ( those day arabians didint believe islam)

        යේමනයෙහ් රජ පවුලකට අයත් පුතුන් දෙදෙනෙකු ක්‍රි.ව 604 දී ලංකාවට පැමිණ ඇත. ඉන් එක් තැනැත්තෙකු මන්නාරමට ගොඩ බැස අතර අනෙක් තැනැත්තා බේරුවල ගොඩබැස එහි පදිංචි වී ඇත

        1024 දී ඒ නගරයෙන් පැමිණි පිරිසක් බේරුවල ජනාවාසයක් පිහිටුවා ගත්තේය, යන මතය කාසිචෙට්ටි විසින් සඳහන් කරන ලදී. (Casie Chetty, The Ceylon Gazeteer)

        this is just a opinion of Casie Chetty.

        තමා සිටි කාලයේ බේරුවල පදිංචිව සිටි ඉතාම පැරණි මුස්ලිම් පවුල් වලින් එකක් සතුව පැවති පුරාණ අරාබි ලේඛනයක්, 1926 දී ලියන ලද “සෝනහාර්” නම් වු සිය කෘතියෙහි ජේ.සී. වෑන් සැන්ඩන් උපුටා දක්වයි. එහි දැක්වෙන පරිදි,

        He has written based on unverified and family note.

        යේමනයෙහ් රජ පවුලකට අයත් පුතුන් දෙදෙනෙකු ක්‍රි.ව 604 දී ලංකාවට පැමිණ ඇත. ඉන් එක් තැනැත්තෙකු මන්නාරමට ගොඩ බැස අතර අනෙක් තැනැත්තා බේරුවල ගොඩබැස එහි පදිංචි වී ඇත

        in ක්‍රි.ව 604, no islam in middle-east. it stated 620-630. therefore, they were aribian who did not believe islam.

        චමිත් සහෝදරයා මම මේ සියළු කරුණු වල උපුටා ගැනීම් කළ මුලාශ්‍රද සහිතව කරුණු ඉදිරිපත් කර ඇත.

        you mentioned sources that did not consider as a true and not popular sources. just a personal opinion u have used.

        1. those days, sinhala peoples dealt with Arabian taders ( those day arabians didint believe islam)
          අනුරාධපුර යුගයේ අරාබි වරුන් සිටි බව ඔබ මෙම ප්‍රකාශයෙන් පිළිගෙන ඇත. එසේ නම් ඉස්ලාම් වැලදගත් පසුවද ඔවුන් මෙහි පැමිණි බව සහ සිටි බවට කවර කථාද?

          this is just a opinion of Casie Chetty.
          මේ බව කාසිචෙට්ටි පමණක් නොව දැනුදු ඒ ප්‍රදේශයේ ඉතිහාසය ගැන පවසන අය සනාථ කරන දෙයකි. ඒ වගේම පහත සදහන් මුලාශ්‍රෙයන්ද එය සනාථ වේ.
          තමා සිටි කාලයේ බේරුවල පදිංචිව සිටි ඉතාම පැරණි මුස්ලිම් පවුල් වලින් එකක් සතුව පැවති පුරාණ අරාබි ලේඛනයක්, 1926 දී ලියන ලද “සෝනහාර්” නම් වු සිය කෘතියෙහි ජේ.සී. වෑන් සැන්ඩන් උපුටා දක්වයි. එහි දැක්වෙන පරිදි, යේමනයෙහ් රජ පවුලකට අයත් පුතුන් දෙදෙනෙකු ක්‍රි.ව 604 දී ලංකාවට පැමිණ ඇත. ඉන් එක් තැනැත්තෙකු මන්නාරමට ගොඩ බැස අතර අනෙක් තැනැත්තා බේරුවල ගොඩබැස එහි පදිංචි වී ඇත. ඔහුගෙන් පැවතෙන්නන් බැව් කියා පෑ මුස්ලිම්වරු කිහිපදෙනෙක්ම බේරුවල සිටියහ. (J.C Van Sanden Sonahar, A Brief History of the Moors of Ceylon, Colombo, 1926,pp.117-118)

          He has written based on unverified and family note.
          සාධක තිබියදීත් ඔබ නරුම ආකාරයෙන් කරුණු බැහැර කරයි. මහාවංශයේ තිබෙන්නේ බොහෝ විට මීට වඩා අතේ පත්තු වන පට්ටපල් බොරු නොවේද?

          in ක්‍රි.ව 604, no islam in middle-east. it stated 620-630. therefore, they were aribian who did not believe islam.
          ඉහතදී ඔබ යේමන කුමාරයන්ගේ කථාව බැහැර කළද මෙම ප්‍රකාශයෙන් පිළිගන්නා බවක් පෙනේ. මෙහිදී අපට පෙනෙන්නේ ඔබ තුල ඇති මුස්ලිම් විරෝධයයි.

          you mentioned sources that did not consider as a true and not popular sources. just a personal opinion u have used.

          මෙහිදී සංදේශ කාව්‍යයන් තුලින් මා උපුටා ගත් කරුණු ඔබ බැහැර නොකරයි. සමස්ථයක් වශයෙන් අපට පෙනෙන්නට තිබෙන්නේ ඔබ තුල ඇති මුස්ලිම් විරෝධය නිසා අන්තවාදීව කරුණු බැහැර කරන බවයි.

      3. @Anver.. a kale යෝනක සමාජයේ සිටි ස්ත්‍රීන් hijaba adinna netiva athi neda?

        1. එකලද මුස්ලිම් කාන්තාවන් සර්වාංගයම වසාගෙන සිටි බවට සාධක ඇත. ඒ පිළිබදව පිංතූරයක්ද සහිතව ඉදිරියේදී ලිපියක් ලියන්නට බලාපොරොත්තු වෙමි.

          1. ඒ කාලේ අපේ කාන්තාවන් මුහුණුත් වසාගෙන සිටි බව මන් අහල තියෙනවා

          2. @Anvar .. rajathumata hitak pahala une muslim kanatavage mokak dekala da danne ne neda?
            islam agame kantavak unbeliever kenk sarana pava gattoth eya tawa duratath muslim venna puluvanda? a kale a kantavata virudda venna obala vage kattiya inna netiva athi neda?

          3. කිසියම් රටක ඒකාධිපති පාලකයෙක් සිටින විට එහි වැසියන් ඔහුගේ වහළුන් මෙනි. එවිට ඒ ජනයාට තමන් කැමති තීරණ ගත නොහැක. එවැනි අවස්ථාවක ඉස්ලාමය තුල සහනයන් ඇත. ඉස්ලාමය නම්‍යශීලි බව ඔබ නොදන්නා නිසා මෙවැනි ප්‍රශ්නයක් අසන බව අපට පෙනෙන කරුණයි.

          4. @Anver… මුලාශ්‍ර sahitava pilithuru dunna nam vada hoda nedda? mokada oba unath hema dema pili ganne මුලාශ්‍ර sahitava tibunoth pamanai ne

          5. මෙම පිළිතුරට කිසිදු මුලාශ්‍රයක් අවශ්‍ය නොවේ. මෙය මුස්ලිම් සමාජය අතර සාමාන්‍ය දැනීමකි.

  4. තවද ඔබතුමා සදහන් කල කරුණු C. M. Austin de Silva. (Former acting Director of the Department of National Museums) “පහුගිය කාලයේ සිහිවීම්” යනු තමන්ගේ පොතේදී පැහැදිලිව සම්පූරණ කරුණු සමග විස්තර කර තිබේ.

  5. අනවර් කලින් ගිහින් ඉතිහාසේ ඉගෙන ගෙන එනව.. මිනිහෝ රට මහා රජතුමා ගේ අවංකම කම නිසා තමයි මේ කුමාරයට මුස්ලිම් විදිහට ඉන්න, ඉගෙන ගන්න ලැබුනේ.. දේවිය රජතුමාගෙන් කරපු ඉල්ලීමකට අනුව තමයි එකට රජතුමා එකග වෙලා තියන්නේ..
    @ෂෆීක්
    කලින් ඔයත් ගිහින් ඉතිහාසේ දැනගෙන එන්න.. ඉතිහාසේ තියෙන්නේ මේ රජා රජ උනාට පස්සේ දර්මිෂ්ට බවක් රටේ තිබුනේ නැහැ කියල.. දන්නවද ඉතිහාසේ කියනවා මේ රජ මැරුණට පස්සේ යක්ෂයෙක් උන කියල.. ඊට පස්සේ කතරගම දෙවියන් තමයි මොහුව මෙල්ල කරලා තියනවා කියන්නේ( මේ ඉතිහාසේ එන කතා)

    දන්නවද අන්වර් මෙය මරුනේ අදික තණ්හාව නිසා කියලා.. මෙය රන් කෙණ්ඩියක් ගන්න තමයි අන්තිමට දර්ම දේශනාවටත් සහබාගි වෙන්න් එන්න අන්තිමට.. මේ ගැන කතාව ඕනේ නම් කියන්න..පල කරන්නම්..

    අනවර් ඔය ඇති වෙන්න ඔයාලගේ ආගමේ ඉතිහාසය පල කරගන්න.. නිකන් තුනයි පනහේ වැඩ කරනෙපා…

    1. ඔබගේ අදහස
      අනවර් කලින් ගිහින් ඉතිහාසේ ඉගෙන ගෙන එනව.. මිනිහෝ රට මහා රජතුමා ගේ අවංකම කම නිසා තමයි මේ කුමාරයට මුස්ලිම් විදිහට ඉන්න, ඉගෙන ගන්න ලැබුනේ.. දේවිය රජතුමාගෙන් කරපු ඉල්ලීමකට අනුව තමයි එකට රජතුමා එකග වෙලා තියන්නේ..

      මගේ පිළිතුර
      ඒක අපිට ප්‍රශ්නයක්ද? අප කිව්වේ මොහු මුස්ලිම් බවයි. ඒක කාගේ කරුණාවෙන් සිදුවුනත් අපට ගැටළුවක් නැහැ.

      ඔබගේ අදහස
      කලින් ඔයත් ගිහින් ඉතිහාසේ දැනගෙන එන්න.. ඉතිහාසේ තියෙන්නේ මේ රජා රජ උනාට පස්සේ දර්මිෂ්ට බවක් රටේ තිබුනේ නැහැ කියල.. දන්නවද ඉතිහාසේ කියනවා මේ රජ මැරුණට පස්සේ යක්ෂයෙක් උන කියල.. ඊට පස්සේ කතරගම දෙවියන් තමයි මොහුව මෙල්ල කරලා තියනවා කියන්නේ( මේ ඉතිහාසේ එන කතා)

      මගේ පිළිතුර
      මෙහිදී කට කථා වල එන අවිද්‍යාත්මක කථා එකක් වත් මම ලියලා නැහැ. ඔබලා පුහු මනස්ගාත විශ්වාස කළාට අපට කරන්න දෙයක් නැහැ. අප පැවසුවේ ඉතිහාසයයි.

      ඔබගේ අදහස
      දන්නවද අන්වර් මෙය මරුනේ අදික තණ්හාව නිසා කියලා.. මෙය රන් කෙණ්ඩියක් ගන්න තමයි අන්තිමට දර්ම දේශනාවටත් සහබාගි වෙන්න් එන්න අන්තිමට.. මේ ගැන කතාව ඕනේ නම් කියන්න..පල කරන්නම්..

      මගේ පිළිතුර
      ගොතා ඇති කථා වලින් අපට වැඩක් නැත. අප පැවසුවේ ඉතිහාසයයි.

      ඔබගේ අදහස
      අනවර් ඔය ඇති වෙන්න ඔයාලගේ ආගමේ ඉතිහාසය පල කරගන්න.. නිකන් තුනයි පනහේ වැඩ කරනෙපා…

      මගේ පිළිතුර
      තුනයි පනහේ ප්‍රකාශය මගේද ඔබගේදැයි මෙය කියවන අය වටහා ගනු ඇත.

  6. //Amal says:
    @Anver.. a kale යෝනක සමාජයේ සිටි ස්ත්‍රීන් hijaba adinna netiva athi neda?//

    යෝනක සමාජ කවදත් හිජාබ් හෝ එයට සමාන ඇඳුමක් ඇඳගෙන තමයි සිටියේ. නමුත් ඔබේ සමාජයේ කාන්තාවන් ඒ කාලේ සිටියේ අඬ නිරුවතින් ( topless) බව ඔබ දන්නාවාද?

    1. @sana.. apoi ow balangoda manavaya ge kalaye idan ma ehema tamai hitiye.. apita aduma mavala denna devi kenek hitiye nehane. api kalayath samaga parinamanaya una kattiyak.

      1. Ehenag oyath monkey kenekda appa…Aasai moona balanda..Eheth parinamawadaya modern DNA test walin oppu wennethi bawa oya dannawada?

  7. Amal says:
    //@Anvar .. rajathumata hitak pahala une muslim kanatavage mokak dekala da danne ne neda?//

    රජතුමාට හිතක් පහල වුනේ මොකක් දැකලද අන්වෙර් කොහොමද දන්නේ, එක දැනගන්න ඕනේ රජතුමාගෙන් , නැත්තම් රජතුමන්ලටත් උපදෙස් දැන හාමුදුරුවන්ගෙන්. හොයාගන්න ඕනේ ඔබලාමයි. බලන්න කොහේ හරි ඔයාලගේ ඉතිහාස පොත්වල බොරුවක් ගොතල ලියල ඇති.

    //islam agame kantavak unbeliever kenk sarana pava gattoth eya tawa duratath muslim venna puluvanda? a kale a kantavata virudda venna obala vage kattiya inna netiva athi neda?//

    එකත් කොහොමද වුනේ කියල ළඟ හිටපු කට්ටියගෙන් අහල බලන්න ඕනේ. කෙසේවෙතත් බෝව්ධ වූ රජෙකුට උපන් රජ කුමාරයෙක් මුස්ලිම් වීම ප්‍රශ්නයක් නොවෙයි. අදත් බොහෝ අය ඉන්නවා.ඔයාල වෙබ් අඩවි, FB අටවාගෙන බෙරිහන් දෙන්නේ ඉස්ලාම් දහමට යන්න එපා කියල මතක නැද්ද? දවසින් දවස ඉස්ලාම් දහමට එන අයත් ඉන්නවා. ලඟදීද තරුණ හිමිවරුන් දෙන්නෙක් ඉස්ලාම් දහම වැළඳ ගත්ත.

  8. රජතුමා අහම්බෙන් ඒ ගැණු කෙනාව හිජබ් නැතිව දැක්ක වෙන්න පුළුවන්.ඒ ගැණු කෙනා ආගමට ලැදි කාන්තාවක් විය යුතුය් නැත්නම් තමන්ගේ පුතාව ඒ විදිහට හදන්නේ නැහැනේ

    1. fathima soyuoriya
      edhawaswala hijaab thibbe neha ,,,
      hebei sampoorna ega weseemak thibba …man kiwwe aawaranaya wenna edhan hitiya

  9. අපිට ආරංචි වුනු හැටියට කුවෙනිලගේ කට්ටිය ඇඳුම් ඇඳගෙන ඉඳල තියෙන්නේ. විජයල ආවට පස්සේ තමයි?

  10. mehi comment karana sahodhara warun kurunegala dhannawadha kiyala sekayak mata thiyena athara …ema galebandaara dewaalaya thiyena tena dhannawadaha?
    wath himi kumaarayage mawge sohona thiyenne kunegala..nuwara paare ,,,teliyagonna kiyana game denatath thiyenawa ….

  11. ලංකාවේ සමහර සිංහලයන් හිතන් ඉන්නේ මුළු ලෝකෙම පාලනය කරන්නේ ලංකාව මුල් කරගෙන කියලය්. 2500 ප්‍රවුඩ ඉතිහාසය කියා කියාම අද ලංකාව ලෝකේ දුප්පත් හා දූෂණයෙන් පිරුණු රටක් වෙලා.
    හැම කෙනාටම උගනන්න පෙර අනිත් යට සවන් දෙන්න. අනිත් අයග්ගේ අදහස් වලටත් ගරු කරන්න ලංකාවේ සමහර සිංහලයන් හිතන් ඉන්නේ මුළු ලෝකෙම පාලනය කරන්නේ ලංකාව මුල් කරගෙන කියලය්. 2500 ප්‍රවුඩ ඉතිහාසය කියා කියාම අද ලංකාව ලෝකේ දුප්පත් හා දූෂණයෙන් පිරුණු රටක් වෙලා.
    හැම කෙනාටම උගනන්න පෙර අනිත් යට සවන් දෙන්න. අනිත් අයග්ගේ අදහස් වලටත් ගරු කරන්න

  12. I’m from kurunegala I’ve been to this place also I learn the story in the school. Any can find this place easily this is right behind the commercial bank Kandy road branch.

  13. Yemeni(Arabs) traders they came Sri Lanka before Islam and before Vijay came to Sri Lanka. Never argue with fools.

Comments are closed.