කුරාණය පස්සට චින්තනය ඉස්සරහට රනිල් සොවින් මැසිවිලි නගයි!

රනිල් සොවින්!!!
රනිල් සොවින්!!!

නැගෙනහිර පලාත් සභා ඡන්දයෙන් මුස්ලිම් වරයෙකු මහ ඇමති වු පසුව ඒ පි‍ලිබඳව මා විසින් කිසිවක් නොකියා සිටින්නට තීරණය කළද දැන් එය වෙනස් කරන්නට සිදුවී ඇත. එයට හේතු වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශපාලනය වෙත කුරාණය ඈඳා ගැනීම නිසයි.  

 

රනිල් වික්‍රමසිංහ මහතා නැගෙනහිර පලාත් සභාවට මුස්ලිම් කොංග්‍රසය රජයට සහය දීම අරබයා නගන මැසිවිල්ල පහත වීඩියෝවෙන් බලන්න.

 

කුරාණය පස්සට චින්තනය ඉස්සරහට

නැගෙනහිර පලාත් සභා ඡන්දය අවසන්ව මහ ඇමතිවරයාද? පත්වී හමාරය. ඒත් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා තවම අවලාද නගමින් සිටියි. ඒ මුස්ලිම් කොංග්‍රසය ශුද්ධ කුරාණය පසෙකලා මහින්ද චින්තනය වැලඳ ගෙන ඇති බව පවසමිනි. එමෙන්ම නැගෙනහිර මුස්ලිම් මහඇමති වරයෙක් පත්වීමට එරෙහිව ආගම්බේධවාදීන්ද මැසිවිලි නගමින් පවතී. ඔවුන්ට අවශ්‍යව තිබී ඇත්තේ මුස්ලිම් මංත්‍රී වරුන් බහුතරයක් සිටින නැගෙනහිර පලාත් සභාවට වෙනත් ජාතිකයෙකු මහ ඇමති කිරීමයි. “මිනීමැරූ පිල්ලෙයාන් වුවද කම් නැත මුස්ලිම් මහඇමති වරයෙක් නොවී!” ආගම්බේධවාදී මොවුන්ගේ අදහස් කොතරම් නරුමදැයි බලන්න.

 

රනිල් වික්‍රමසිංහ මහතා යනු විසිඑක්වන සියවසේ ලංකාවේ සිටි ලොකුම දේශපාලන අවාසනාවන්තයාය. කලින් එම තත්වයේ සිටියේ දිවංගත අනුර බන්ඩාරණායක මහතායි. ඔහු මිය ගිය නිසාත්, තවමත් රනිල් වික්‍රමසිංහල මහතා ජීවත් වන නිසාත් දැන් එම තත්වය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දිනාගෙන ඇත. රනිල් වික්‍රමසිංහ මහතා විසින් යම් දෙයක් අරබයා දේශපාලනමය තීන්දුවක් ගතහොත් සැමවිටම සිදුවන්නේ එහි අනිත් පැත්තයි. සමහර විට ඔහු ඒවා නූලෙන් මිස්වුණා යැයි සිතනවා වන්නට පුළුවන. නමුත් සැමවිටම රනිල් වික්‍රමසිංහ මහතාට නූලෙන්ම මිස් වන්නේය.

 

මෙවර නැගෙනහිර පලාත් සභා ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂය මුස්ලිම් කොංග්‍රසයට මහඇමති ධූරාපේක්ෂකත්වය ලබාදී එකපක්‍ෂයක් ලෙස තරඟ කළේ නම් රජයට විශාල අභියෝගයක් එල්ල කරන්නට තිබුණි. එහෙත් සිය සහචර දයා ගමගේ මහතාගේ සිත් රිදවන්නට බැරි නිසාදෝ එසේ සිදු නොකරන ලදී. රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය දේශපාලන ඉතිහාසය තුල බොහෝ අවස්ථා වලදී මෙවැනි තීන්දු තීරණ ගැනීමෙන් තමන්ට අවාසි දායක තත්වයන් ඇති කරගෙන ඇති අතර එසේ ඔහු විශ්වාස කළ අයගෙන් අතිබහුතරය අද සංධාන ආන්ඩු පක්ෂයේ වාඩි වී සිටිති.  

 

සුළුජාතීන් බහුතරයක් සිටින දිස්ත්‍රික්කයකට ඔවුන්ගේ මහඇමති වරයෙකු පත්කර ගැනීමට අවස්ථාව ලබා නොදීමෙන් එක්සත් ජාතික පක්ෂය නැගෙනහිර පලාත් සභා ඡන්දයේදී සිංහල ජාතික පක්ෂය බවට පත් වුයේය. පැපොල් හිටවා අඹගෙඩි බලාපොරොත්තු විය නොහැක. එක්සත් ජාතික පක්ෂයට අම්පාර දිස්ත්‍රික්කය තුලින් අවසන් ප්‍රථිඵලය ලැබුනේද එසේමය. දැන් උදම් අනන්නේ නැගෙනහිර පලාත් සභාව තුල තමන්ගේ පක්ෂයට ඡන්දය වැඩි වී ඇති බවයි. දැන් රනිල් වික්‍රමසිංහ මහතාට වසර පහක් මෙසේ උදම් අන අනා සිටිය හැක.

 

මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවබෝධ කරගත යුතු කරුණක් ඇත. එනම් මුස්ලිම් කොංග්‍රසය යනු දේශපාලනික පක්ෂයක් මිස එය ආගමික ව්‍යාපාරයක් නොවන බව. එමනිසා මුස්ලිම් කොංග්‍රස දේශපාලනය සමග ශුද්ධවු අල්-කුර්ආනය ගාවා ගැනීමට කිසිසේත්ම අවශ්‍යතාවයක් නැත. එමෙන්ම පසුගිය ඡන්දයේදී මුස්ලිම් කොංග්‍රසයේ සටන් පාඨය වුයේ ආගම්බේධවාදයට එරෙහිව මිස රජයට විරුද්ධව නොවේ. රජයේ සිටින ආගම්බේධවාදී කඳවුර පරාජය කර රජය තුල සුළු ජාතීන්ගේ අයිතිය වැඩි කිරීම ඔවුන්ගේ අරමුණ විය.

 

ඒ නිසා එක්සත් ජනතා නිදහස් සංධානයෙන්ම මුස්ලිම් දේශපාලකයෙක් නැගෙනහිර මහ ඇමති ධූරයට පත්කර ගැනීමට ඔවුන්ට හැකි විය. මෙහිදී තවත් රජයේ සිටින තවත් ජාතිවාදී පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණද වෙනම තරඟ කර තමන්ට මංත්‍රී ධූරයක් දිනා ගත්තද එයින් සිදු වී තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සංධානය සහ ජාතික නිදහස් පෙරමුණ අතර සිංහල ඡන්ද දෙකට බෙදීම පමණි. එය එක්සත් ජනතා නිදහස් සංධානයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය පරාජයට පත්වීම දක්වා හේතු වු අතර බෝනස් මංත්‍රී ධූරයක්ද නැතිවන තත්වයටද පත්විය.

 

නාටකය අවසන්ව ඇත. රඟහල දැන් හිස්ය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා තවම වේදිකාවෙහිය. ඔහු මැසිවිලි නගමින් සිටියි. ඒ තමන්ගේ භූමිකාව හරියට රඟපා ගන්නට අවස්ථාව නොලැබුණු නිසාවෙනි.

 

රනිල් වික්‍රමසිංහ මහතාණෙනි! දෑස් හැර බලන්න. රඟහල දැන් හිස්ය. දැන්වත් ගෙදර යන්න. විවේකව සිදුවු දේ නැවත සිතන්න. නැවත තවත් මැතිවරණයකදී හමුවෙමු. 

      

35 Comments to “කුරාණය පස්සට චින්තනය ඉස්සරහට රනිල් සොවින් මැසිවිලි නගයි!

  1. “රඟහල දැන් ඇත අඩ අඳුරේ. මම දැන් තනි වී මැසිවිලි නගමී. අන්න බලන් නැගෙන හිර චන්දෙ. මේ පාරත් අහිමි විය මිතුරේ”

  2. අන්වර් සහෝදරයා, මේම කරණයේදී මම ඔබ සමග එකග නොවෙමි. රනිල් වික්‍රමසිංහ යනු දේශපාලන වශයෙන් බංකලොත් පුද්ගලයෙක් බව‍ අවිවාදයෙන් පිලිගනිමි,නමුත් ඉහත කරණයේදී ඔහු සත්‍ය ප්‍රකාශ කල බව මගේ පිළිගැනීමයි. මුස්ලිම් කොංග‍්‍රසය නැගෙනහිර පලාත් සභාවට වෙනම තරඟ කළේ රජය නියෝජනය නොකිරීම (එමගින් රජයට විරුද්ධ බව හැගවෙන පරිදිය) එමනිසා චන්ද දයකයෝ වැඩි ප්‍රමාණයක් පවතින රජයට විරුද්ධව චන්දය පාවිච්චි කර තිබුනේ. නමුත් මුස්ලිම් කොංග‍්‍රසයට නැගෙනහිර පලාත් සබාවේ මහා ඇමති තනතුර පිරිනැමීමට ද්‍රවිඩ සන්දානය එකගත්වය පල කර තිබියදී ඔවුන් පවතින රජයට සහාය පල කිරීම වරදක් බවයි මාගේ පුද්ගලික මතය.රනිල් වික්‍රමසිංහත් මෙම අදහස තමයි ප්‍රකාශ කරන්නට ඇත්තේ. තවත් කරුණක් නම් ශුද්ධවු අල්-කුර්ආනය,ශුද්ධවු බයිබලය හෝ බෞද්ධ පත පොතේ එහෙමත් නැත්නම් බුදුන් වහන්සේ දෙසු ධර්මය අනුගමනය කරමින් මේ රට පාලනය කලානම් අපගේ රට කෙතරම් සුන්දර වේවිද?…..

    1. මෙහිදී අසාත් සාලි, ද්‍රවිඩ සංධානය සහ රනිල් වික්‍රමසිංහ පුල පුලා පවසන්නේ මුස්ලිම් කොංග්‍රසයට ලැබුනේ රජයට විරුද්ධ ඡන්ද බවයි. එය සත්‍යයක් නොවේ.

      අසාත් සාලිට රජයට එරෙහිව ප්‍රශ්නයක් තිබුණි. එය ඉතා පැහැදිලි කරුණකි. නැගෙනහිර ජනතාව අසාත් සාලිවද ප්‍රතික්ෂේප කර තිබෙනවා නොවේද?

      මුස්ලිම් කොංග්‍රස නායකයා විසින් කොතැනකදීවත් මැතිවරණයෙන් පසුව තමන් අමාත්‍ය ධූරය අත්හරින බවක් පවසා නොතිබුණි. ඡන්දය මැද්දේද ඔහු අමාත්‍ය මන්ඩල රැස්වීම් වලටද සහභාගි විය. මුස්ලිම් කොංග්‍රසය ජනතාව පෙල ගැස්වුයේ ආගම්බේධවාදයට එරෙහිවය. ආගම්බේධවාදී සංවිධාන මැතිවරණ කාලය තුලදී මුස්ලිම් කොංග්‍රසයට එරෙහිව ප්‍රකාශයන් පවා කළේ එනිසාවෙනි.

      1. . මුස්ලිම් කොංග්‍රසය ජනතාව පෙල ගැස්වුයේ ආගම්බේධවාදයට එරෙහිවය.

        for that they spread Jathwadaya among muslims.

        1. ඔබ දන්නේ මුස්ලිම් කොංග්‍රසය ගැන ආගම්බේධවාදීන් කියන කථා නිසා ඔබ එසේ සිතීම ගැන පුදුම නොවෙමි.

  3. @ප්‍රියන්ත සහෝදරයාK
    අහෝ අතිශයෝක්තියකි !!!
    යම් විදියකින් ඔබේ හා ගරු හෙමදම විපක්ෂ නායකගේ ලනු කාල දෙමල සන්දානය සමග රජයක් පිහුටුවනම් අද Muslim සමාජයට අන්තවාදී අදහස් එති ලාංකිකයන්ගෙන්
    හා ඔවුන්ගේ මල මූසල අවලාද වලින් යම් දේවල් සාවද්‍ය බවට තවත් මෝඩ චූන් එකක්
    ගන්න තිබ්බ නේද ?අපරාදේ මේ ලංකාවේ මුස්ලිම් වරු හරි මොඩය්.රජය සමග එකතුවෙලා තමන්ට වරම දුන් ජනතාවට හා ප්‍රදේශයට සන්වර්දනයක් කරන්න බැහේ නේද?මුස්ලිම් ලාංකිකයන්ට ජාතිවාදී හා අන්තවාදී කියපු සමහර සිංහල අන්තවාදීන්ට දුන් කනේ පහරක් මේක .ලංකික මුස්ලිම් වරුන් දෙෂකාමින් බව නෙවතත් ඔප්පු කල ඓතිහාසික අවස්ථාවක් මේක.අල්හාම්දුලිල්ලාහ්!

  4. මම UNP කාරයෙක්වත් මුස්ලිම් කොන්ග්‍රසයේ කෙනෙක්වත්, ආණ්ඩුවේ කෙනෙක්වත් නෙමෙයි. නමුත් මෙහිදී SLMC නායක හකීම් මහතා ගත් තීරණය එතරම් බුද්දිමත් එකක් නොවේ. මන්ද, ඔහු ආණ්ඩුවට විරුද්ද සටන් පාඨ චන්දයේදී පාවිච්චි නොකළත් සියලුදෙනා දන්නා කාරණාවක් තමයි, ආණ්ඩුවේ සිටින්නේ 75% අගම්වදීන් බව. කෙසේවෙතත් අපි රජයට පක්ෂ පති නොවුනේනම් අපට සිදුවන්නේ අද සිරියාවේ මුස්ලිම් වරුන්ට මුහුණ පාන්නට සිදු වෙනවට වඩා විශාල අක්කරතබ්බියකි… නමුත් මුස්ලිම් කොන්ග්‍රසයට තිබුනේ MUSLIM බලය පෙන්වෙමටයි. එදා දිවංගත අෂ්රෆ් මහතා සිටියදී කලේ එයයි, එනම් තමන්ගේ (මුස්ලිම්) බලය රජයට පෙන්වෙමයි.නමුත් අවාසනවටදෝ එවෙනි මුස්ලිම් නායකයෙක් ආයේ කවදාවත් මේ ශ්‍රී ලංකා ද්වීපයතුල පෙන තෙක් මානයක නැත.

    මෙතනදී අසාද් සලී ගැන කියවුණු නිසා මට කියන්න හිතුන, ඔහු වගේ ජෝකර් කෙනෙක් ආයේ කොහේ ඇහුවත් (ඔහුගේ නිජ ප්‍රදේශය වන මැද-කොළබ) අනිවාර්යෙන්ම අපි බුද්ධිමත් මුස්ලිම් පිරිසක් හැටියට ඔහුව ප්‍රතික්ෂේප කරනවා කරනවමයි නිසකයකින්ම …. අවාසනාවකට ඔහුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ලෝක පූජිත පරාජයන් ලැස්තුවට වැටෙනවා සියට අනන්ත වාරයක් විශ්වාසය ඉන්-ශා-අල්ලාහ්

    1. ආන්ඩුවේ සිටින 75% ක් ආගම්වාදීන් බව මම නොපිලිගනිමි. ආන්ඩුවේ බහුතරයක් සිටින්නේ වෘත්තීය දේශපාලකයන්ය. අනෙක බොහෝ දෙනෙක් එජාපයෙන් පැමිණි අයයි. මේ කිසිවෙක් ජාතිවාදී නොවේ. ජාතිවාදීන් සිටින්නේ අතලොස්සකි. අප කළ යුත්තේව තිබුනේ ආගම්බේධවාදීන් අඩපණ කර රජය ශක්තිමත් කිරීමයි.

      එය අද මුස්ලිම් කොංග්‍රසය මැනවින් ඉටුකර ඇත. මුස්ලිම් කොංග්‍රසය මේ දේ නොකරන්නට මෙවරත් මහඇමති පිල්ලෙයාන්මය. ආගම්බේධවාදීන්ට දැන් කටඋත්තරත් නැත.

      1. @Anwer brother
        නමුත් දෙමල සන්දානය සමග එක්වුවද මුස්ලිම් කොන්ග්‍රසයට මහා ඇමතිකම ගත හැකිව තිබුනා නේද?

        1. මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ මහඇමති කමක් නොව රට තුල පවතින ආගම්බේධවාදය පරාජය කිරීමයි.

  5. @Mufa.
    ඔව් ඔබ හරි එදා ගරු අෂ්රෆ් දේශපාලන නායකයා චන්ද්රිකා ජනාදිපති තුමියගේ පාර්ලිමේන්තු බලය තහවුරු කලේ ඔහු ගොඩනෙගු මුස්ලිම් දේශපාලන බලය බුධ්ධිමට්ව පාවිච්චි කරලා ,ඒ නිසා ඔහුගේ ජන්ද දායකයන්ට සහ රටේ අබිවුර්දියට දේශපාලනමය වශයෙන් මුස්ලිම් වරුන්ගේ දායකත්වය highlight කලා.අද රවුෆ් හකීම් දේශපාලන නායකයා ලංකා ඉතිහාසය අර්ථවත් කරමින් මුස්ලිම් මහා ඇමති කෙනෙක් රටේ පාලන පක්ෂයෙන් ඉදිරිපත් කරන තෙනට මුස්ලිම් දේශපාලනය ඉදිරියට ගෙනවිත් තිබෙනවා .එය අන්තවාදීන්ට ආශ්චර්යයක් නමුත් මෙය සමාජ සාදාරනත්වයක්.කෙසේද යනුවෙන් යමෙකුට අසන්න සිතුනොත් කරුණාකර නෙගෙනහිර චන්ද ප්‍රතිපල විශ්ලේෂණයක් කරන්න .

  6. ආගම්බේදවාදින් සිහළ උරුමය පමණයි.අනිකුත් දෙශපාලන නායකයින්
    ආගම් භේද කරපින්නා නොගන්නේ ඔවුන්ට පැවැත්මක් නොමැති බව
    දන්නා බැවිනි.මුස්ලිම් වරුන්ට ශ්‍රීලංකා දේශපාලනය තුල විශාල
    පෙරලියක් ඇතිකළ හැකියි.අවසනාවකට එය හැසිරවිමට නායකයෙකු
    නැත

    1. only JHU??? ey Wihiluwansa matitumage Jatika wahal peramuna, antha aagamvaadhi game ne denne

  7. චන්දා ෙදා්ෂා බයා ෙමා්හා චන්දය කැමැත්ත ෙදා්ෂා තරහව බය ෙමා්හා ෙමා්ඩකම කිසිවක් ෙත්රුම්ගැනීමට බැරි කම ඒනම් ෙම් සතෙර් අගතියට ගියාද හරි වැරැද්ද ෙප්න්නෑ අද ෙම් ෙද් සිදුෙවනවා ෙම් සියලු ෙද් කාටත් තිෙයනවා අගම් ෙභ්දයකින් ෙතාරව ඒ්ත් අගතියට යෑමයි ෙහාද නැත්ෙත් චන්දය නිසා අෙනක් දිනයි කියන බය අැතිෙවනවා ඒතෙකාට අෙනක් පක්ෂය ෙකෙරහි ද්ෙව්ශය අැතිෙවනවා ෙම් ෙස්රම කරන්ෙන් ෙමා්ඩකම ෙමා්ය නිසා…..

  8. එක්ඟ විය නොහැක , රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය කාලය පුරාවටම මුස්ලිම් කොංග්‍රසය හා එකට තරඟ කල අතර අවසානයේ හකිම් නතර වුයේ මහින්ද රාජපක්ෂ ලඟය (මහ මැතිවරණයේ නුවරින් හකිම් දැමීම නිසා උරණ වූ කාදරුත් හකීමුත් දෙදෙනාම එජාපයට අහිමිවී , මහ නුවර එජාප බලකොටුව මන්ත්‍රිවරුන් දෙකකට සීමාවූ බව අමතකද ) , රනිල්ගේ බොහෝ තීන්දු නිවැරදි නැත , නමුත් මෙම තීන්දුව නිවැරදිය , තනිව තරඟ කර ලැබෙන්නේ එක ආසනය නම් එය ලබාගෙන පැත්තකට වී සිටීම හකීම් වැනි දෙපිට කාට්ටුවෙක් පසුපස යාමට වඩා යහපය , එජාපයට අදත් මුස්ලිම් නායකයින් ඕනැ තරම් ප්‍රාදේශීය සිටිනා අතර මුස්ලිම් ජනතාවගේ ඡන්දය එජාපය තුල් මුස්ලිම් නායකයින් වෙත ලබාගැනීමේ වැඩ පිලිවෙලක් සකසා ගත යුතුය (උදා කබිර් හශීම් , ඉමිටියාස්, මුසම්මිල් ….)

    1. රනිල්ගේ පස්සේ ගොස් කබීර් හෂීම් කරගත්තේ නඩුවක් දාගැනීම පමණි. මහින්ද රාජපක්ෂ මහතා එයට අනුකම්පා නොකලේ නම් අද කබීර් හෂීම් රනිල් නිසා අලි අමාරුවකයි. ඉමිටියාස් බාකිර් මාකර්ටද සිදුවී ඇති දෙය බලන්න. මා නම් කියන්නේ රනිල් විශ්වාස කළ නොහැකි පුද්ගලයෙක් බවයි.

      1. කබීර් හශීම් පිලිබඳ ගැටලුව මා දන්නේ නැත , ඉමිටියාස්ට සිදුවුයේ සජිත් වෙනුවෙන් පෙනිසීටීම නිසා රනිල්ගේ කෙනෙහෙලි කම් වලට ලක්වීමය , එයට වාර්ගික පදනමක් තිබුනේ නැත , රනිල් වික්‍රමසිංහගේ විශ්වාස වන්ත භාවය කෙසේ වෙතත් මුස්ලිම් කොංග්‍රසය සමඟින් ගණුදෙනු වලදී පාඩුවී ඇත්තේ ඔහුටය ,වික්‍රමසිංහ මහතා එජාපය තුල සිටින නායකයින් අතරින් වඩාත් සෙකියුලර් තැනැත්තා බව මාගේ මතයයි

        1. කබීර් හෂීම්ට සිදුවුයේ හෙල්පිං හම්බන්තොට සම්බන්ධව මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නඩුවක් පවරන්නට රනිල් වික්‍රමසිංහ මහතා විසින් කබීර් හෂීම්ට පවරන ලදී. කබීර් හෂීම් මහතාද නායකතුමාගේ අණට කීකරු වී නඩුව දැමු අතර තවපොඩ්ඩෙන් එම නඩුව නිසා කබීර් හෂීම් වැටෙන්නේ අලි අමාරුවකය. ඒ අවස්ථාවේ කබීර් හෂීම්ව බේරා ගත්තේ මහින්ද රාජපක්ෂ මහතාමයි.

          1. “ඒ කියන්නේ හෙල්පිං හම්බන්තොට”, “හෙල්පිං කබීර් හෂීම් වුනා”?

          2. ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක නොවෙන නිසාත් , විධායක ජනාධිපති කම නිතියට උඩින් යන නිසාත් මිසක් හෙල්පිං හම්බන්තොට වලින් රාජපක්ෂ මිසක් වෙන කෙනෙක් අමාරුවේ වැටෙන්න බැ 😀 , මට මතක තියෙන්නේ රාජපක්ෂ ජනාධිපති වුනාම ඒ බලතල පාවිච්චි කරලා නඩුව අයින් කරව ගත්තා කියලා , ඔය කාලේ ලංකාවේ නොහිටිය නිසා සම්පූර්න සිදුවීම ගැන දන්නේ නෑ

          3. ඒ සිදුවීමේ සම්පුර්ණ විස්තරයක් කබීර් හෂීම් මහතාම පත්තර සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණා. ඔහුව බේරා ගත්තේ ජනාධිපතිතුමා බවත් අවංකව පවසා තිබුණා.

  9. අද උදෑසන ( පෙරවරු 7.30 ට පමණ ) මා FM 107.6 ඉඔස්සේ වී FM නාලිකවට සවන් දුනිමි, එහිදි කළුතර දිස්ත්‍රික් පාලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා විසින් දිගින් දිගටම කල යම් ප්‍රකාශයම් මගේ සවණට ඉතා මිහිරිබවක් ගෙන දුනි.

    එනම් වඩසටහන් නිශ්පාදක දිගින් දිගටම සුළු ජාන්තීන්, මුස්ලීම්, දෙමළ යනුවෙන් සඳහන් කරමින් සිටියදී ඔහු එයට විරෝදත්වය පාමින් එසේ වෙන් කිරීමක් අවශ්‍ය නොවන බව තරයේ කිය සිටීමය.

  10. දේශපාලනය ගැන කතා කරනවිට මට හැගෙන්නේ තරුණ බුද්දිමත් මුස්ලිම් තරුණයන් දේශපාලනය කලයුතු බවයි . අනාගතයේ දී සමජයට නායකත්වය දිය හැකි පුද්ගලයන් සොයා ඔවුන්ව දහිරියමත් කල යුතය .
    රනිල් දැන් කිබුල් කදුළු හෙලුවට ඔහු ඉතා ඉස්ලාම් විරෝදී දෙශපල්නාක්යකි. ඔහු සමග ලගින් දේශපාලනය කල අය පවසන පරිදි මොහු කිසි දිනෙක මුස්ලිම් රටකට ගොස් නෙත .සමහර ලැබුණු ආරාධනා පර්තික්ෂේප කර ඇත .අප රටේ දේශපාලනය දේශපාලනයක් නොව සූදුවකි .හකීම් රජයට එකතු නොවී සිටීමට තීරණය කර තිබුනනුම් මහින්ද මහතා දෙමල සන්දානය සමග එකතු වී ආණ්ඩුවක් පිහිටුවීමට තිබිණි .එතකොට හකීම ට සොරි තම .

  11. ශිහාන් @

    රනිල් හෝ මහින්ද කොහොමද අරාබි හෝ මුස්ලිම් රටවල් සමග සම්බන්දකම් තියාගන්නේ කියන එක නොවෙයි ලංකාවේ මුස්ලිම් අපට තියන ප්‍රශ්නේ. අපි තෝරාගත යුත්තේ ලංකාවේ මුස්ලිම් අපට නිදැල්ලේ ජීවත්වීමට ඇති පරිසරය කුමන රජයක් විසින් නිර්මාණය දුන්නේද, ඉදිරියට කවුරු යටතේ එහෙම පරිසරයක් ඇතිවෙයිද කියන එකයි.
    සැමෝම දන්නා දෙයක් තමයි මහින්ද කියන්නේ අරාබි මුස්ලිම් ලෝකය සමග ඉතා කිට්ටු සබදකම් තියාගෙන ඉන්න නායකයෙක් කියන එක. අදටත් ඇමෙරිකන් විරෝදී වාදීන් එක්ක මිතුරුකම් පවත්වන ඔහු ලංකාව තුලදී ඔහුගේ බූමිකාව එයට හාත්පසින්ම වෙනස් එකකි. ලංකාවේ ඔහුට දේශපාලනය සඳහා සිංහල අන්තවාදීන්ගේ උදව්ව අවශ්‍යයි. ඔහුගේ ඉදිරි පැවෙත්ම සඳහා බහුතර සිංහල බෝව්ධ චන්ද පදනම අවශ්‍යයි. ඒ බෝව්ධ සිංහල චන්ද පදනම නිෂ්පාදනය කර වැඩිය හැක්කේ සින්හලබෝව්ධ අන්තවාදීන්ට පමණයි. ඊට අමතරව සුළු ජාතික චන්ද අවශ්‍යනම ඒ චන්ද එකතු කරන්නන් ගෙන් මිලයට ගැනීම ය. එය තමයි අද ඉතා ලස්සනට අඑමින් පවතින්නේ. මුස්ලිම් නමකින් තිබෙන කුමන පක්ෂයක් වේවා අද කරන්නේ මුස්ලිම් වරුන්ගේ චන්ද ටික මොන යම් බොරුවක් හරි කියල අරගෙන ඊට පසුවදාම එය අලවි කිරීමය. මහින්ද හොඳාකාරවම දන්නවා තමන්ට විරුද්දව පාවිච්චි වන චන්ද ටික, චන්ද ප්‍රතිපල නිකුත්වූ දාට පසුවදා පටන් විකිණීම සඳහා තිබෙන බවය. මෙහිදී විකිනෙන්නේ මුස්ලිම් පක්ෂවල චන්ද පමණක් නොවෙයි. දෙමල හා වතුකරයේ, හා අනෙකුත් සුළු පක්ෂ වලට වැටෙන චන්දවලට පවා වෙන්නේ මේ දෙයමය. විකුණන ය හා ගන්න අය මෙයට කියන්නේ අත සක්තිමත් කිරීම කියාය. ඉතින් මේ අත සක්තිමත් කිරීමේ කලාව හදුන්වාදුන්නේ මහින්ද රාජපක්ෂ සමයේය. මෙය ප්‍රජාතන්තරයට කිසිසේ එකඟ වෙන්න පුළුවන් දේවල් නොවෙයි. මෙහිදී ආණ්ඩුව විසින් කරන තවත් විසේස ප්‍රජාතන්ත්‍රවාදී මෙහෙයුමක් තියනවා. එක තමයි විපක්ෂය කඩා බිඳ දියාරු කර දැමීම. මෙය රජයේ සියලු සම්පත් යොදාගන්නවා. මේ විපක්ෂය කඩා බිඳ දියකර දැමීමේ ප්‍රජාතන්ත්‍රවාදය තමයි මහජනයාගේ විරුද්ද වීමේ අයිතියට එල්ල කරන භයානකම ප්‍රහාරය. මෙය අද කිසිදු ලැජ්ජාවක් නැතිව කේරීගෙන යනවා. මෙහිදී රනිල් වික්‍රම සිංහ ට මුස්ලිම් වරුන්ගේ පැත්ත ගැනීම තියා සිංහලයන්ගේ බෝව්ධයින්ගේ පත්තවත් ගන්න බැරි තරමට නනත්තාර වී සිටීමය. ඔහුව ආණ්ඩුවේ හා ආණ්ඩුවට පක්ෂ මාධ්‍යන් විසින් දෙෂධ්රෝහියෙක් ලෙස හංවඩු ගසා ඇති මොහතක, ඔහුගේ පක්ෂය කඩා බිඳ දමා, ඔහුගේ පක්ෂ මන්ත්‍රීවරුන් නොයෙකුත් වරදාන දී පක්ෂයෙන් බිලිබාගත් අවස්තාවක ඔහු කුමක් කරන්නද. ඔහුගේ පක්ෂය බේරාගන්න්ද? නායකකම බේරාගන්නද? චන්ද පදනම බේරාගන්නද කියන බෙදවචකයකට මුහුණදී තිබෙන අවස්තාවක, ඔහුගෙන් මුස්ලිම් රටකට ගියේ නෑ, ඒ නිසා ඔහු මුස්ලිම් විරෝදියෙක් කියාගෙන සිටීම මෝඩකමකි. අපි ඔහු ගැන දැනගත යුත්තේ ඔහුගේ නායකත්වෙයෙන් යුත් රජයක් යටතේය. අද මුස්ලිම් මිත්‍රයින් කියාගන්නා මහින්ද රාජපක්ෂ, මුස්ලිම් පල්ලිවලට ගිහින් නෝම්බි අරිමින් මුලිම් රටවල නායකයින් මුණගැසී ෆොටෝ අරගෙන අපි ජාති වාදී නොවෙයි කියමින් ලෝකයාට පෙන්වමින් නාඩගම් කරන විමල් වැනි අයගෙන් අපි පාඩම් ඉගෙන ගත යුතුයි.
    අපි සිතිය යුත්තේ කුමන රජයන් යටතේ ද අපි නිදහසේ ජීවත් වුනේ ද , ඉදිරියේ කොයි වගේ රජයක් අපට හොඳයිද කියාය.

  12. ඒක නම් ඇත්ත රාවුෆ් හකීම් සමස්ත මුස්ලිම් ජනතාවම පාවා දුන්නා ..හකීම් ජාතිවාදය අවුස්සා ජනතා වරම මුස්ලිම් සහෝදරයන්ගෙන් උදුරා ගත්තා ඒක කැතයි…හේතුව නැගෙන මුස්ලිම් පල්ලි කඩන්න කියා කෑ ගහන සිංහලුන් නිසා..අන්තීමට රජයට විරුද්ධව සිට ආයෙත් ආණ්ඩුවට යෑම ගැන මම කණගාතුවට පත් වෙනවා..ඒ කියන්නේ තමන් අවස්තාවදින් බව ඔප්පු කරා…

    1. ඔබට දේශපාලනය ගැන නොතේරිම පිළිබදව අප මොනවා කරන්නද? ලියුම මුල පටන් කියවන්න. තේරුනේ නැත්නම් ආයිත් කියවන්න. ඒත් තේරුනේ නැත්නම් කරන්නට දෙයක් නැත.

      1. සමාවෙන්න මම මුස්ලිම් සහෝදරයෙක් හබවුන වෙලාවේ කියපු දෙයක් කොමන්ටුවේ සදහන් කලේ..බහුතරයක් සහෝදරයන් රාවුෆ් හකීම්ට දොස් කියන්නේ අවසතාවාදියෙක් කියා..

        1. මා දන්නා පරිදි ඔහු අන්තවාදියෙක් නොව දේශපාලකයෙකි. මා දේශපාලනයට කැමති නැත්තේ ඒ නිසයි.

  13. @shihan – රනිල් මුස්ලිම් රටවලට නොයන්නේ ඔහු මුස්ලිම් විරෝධියෙක් නිසා නෙවෙයි ඔහු බටහිර හිතවාදි කඳවුරේ නිසා ,ඉරානය පල්ස්තීනය වගේ ඇමරිකන් විරෝධී රටවලට විශේෂයෙන් හිතවත් වෙන්න වුවමනාවක් නැතත් , ඔහු අනෙකුත් මුස්ලිම් රටවල් එක්ක සමාන්‍ය තානාපති සබඳතා පවත්වාගෙන ගියා , රනිල් පාලනය කරපු අවුරුදු 2ක ඇතුලෙ මුස්ලිම් වරුන්ට තිබුන සැලකිල්ල සහ පල්ස්තීනයේ , ඉරානයේ මුස්ලිම්වරුන් එක්ක හිතවත් රාජපක්ෂගේ පාලන කාලය ඇතුලේ මුස්ලිම් වරුන්ට තියන සැලකිල්ලත් සංසන්දනය කලා නම් වෙනස තේරෙන්න ඕනි

  14. ආගම වාදය පතුරවන්නට එපා කියල ඇයි දෙය්යනේ මෙතන මුස්ලිම් මුස්ලිම් මුස්ලිම් කියල මැරෙන්නේ ඇයි… දැන් බලන්ගියම අපි මුස්ලිම් කට්ටියම අන්තවාදීන් විදිහට හිතන්නේ… අපි ශ්‍රී ලාංකිකයන් හැටියට එන ඕන පාලනයක් පිළිගන්න බැරි ඇයි? සිංහල, දෙමල, මුස්ලිම් හෝ ඕනෑම ජාතියක් වේවා, ඇයි අපි මුස්ලිම් ජනතාවට හිතන්න බැරි අපි ශ්‍රී ලංකිකයි කියල? අපි ශ්‍රී ලාංකිකයන් හැටියට රටේ පවතින තත්වය අනුව, අපට උරුම එකම එක දෙයයි… එඅ තමයි ශ්‍රී ලංකික කියන ජාතිකත්වය (nationality). ඇත්ත අපි මුස්ලිම්ම් වරු හැටියට බුද්දිමත් තීරණ ගත යුතුයි. ශුද්ධවූ අල්කුර්-ආනය සහ අල්-හදීසය පෙරටු කරගෙන ගන්න තීරණයක් ඕනකෙනෙකුට ගන්න පුළුවන් වෙන්න ඕනේ. මන්ද එහි මිනිස් ජීවිතයකට අවශ්‍ය සියලු දේවල් එනම් උපතේ සිට මරණය දක්වා, කම්කරුවෙක් හෝ රජෙක් වේවා, මිනිසෙක් හැටියට ජීවත් විය යුතු රටාව, තීරණ ගතයුතු ආකාරය මුස්ලිම් වරු ගැටළුවක් ඉදිරියේදී මුහුණදිය යුතු ආකාරය යනුවෙන් ඕනෑම ගැටලුවකට පිළිතුරක් එහි සංශිප්තයි

    මුස්ලිම් වරුන් හැටියට අපි අපිම ගහ මරාගන්නේ නැතුව ඉස්ලාමයේ කියල තියෙන විදිහට අපි ජීවත් වෙමු (අඩුම තරමින් හැකි පමණින් උත්සහ කරමු).

    1. ලංකාවේ කොහේද මුස්ලිම් වරුන් මුස්ලිම් වරුන්ව මරන්නේ? ඔබ ඇත්තටම මුස්ලිම් කෙනෙක්ද?

  15. හොද ප්‍රශනයක්, ගහ මරගන්නවකියන්නේ, අතින් පයින් පමණක් වියයුතුද? මෙතන අපේ මුස්ලිම් කට්ටිය දේශපනනය නිසා වචන වලින් මරාගන්න එකයි මම අදහස් කළේ….

    මම මුස්ලිම්ද?? මගේ TWITTER පිටුවට (twitter.com/mufahussain) යන්න මම මුස්ලිම්ද නැද්ද කියල තේරෙයි … මම පිලිගන්නවා මම මුමීන් කෙනෙක් නෙමයි, නමුත් හැකි පමණින මම උත්සහ කරනවා හැකි සෑම අවස්ථාවකම ඉස්ලාමය කියන ආකාරයට ජීවත් වෙන්න…

  16. mufahussain @

    සහෝදරයා,
    තරහ විය යුතු නැත, ඔබේ ප්‍රතිචාරයේ තිබුණු අපැහැදිලි භාවය හේතුවෙන් නිසා විය හැක අන්වෙර් සහෝදරයාට එසේ අසන්නට සිදුවී ඇත්තේ.
    ඔබ කියන්න උත්සාහකලේ මොනවද කියා පැහැදිලි කරනමෙන් ඉල්ලාසිටිමි.

Comments are closed.