මැරබලසේනාව වසන් කරන සිද්ධිය දිණමින හෙළිකරයි!

දිනමිණ
දිනමිණ

මංගල රාත්‍රි සාදයේ දී 7දෙනකු පැහැරගෙන ගිහින්

* සැකපිට අඹු – සැමි යුවළ කූඩුවේ

විජයානි එදිරිසිංහ

 

දිනමිණ අන්තර්ජාල වෙබ්අඩවිය
දිනමිණ අන්තර්ජාල වෙබ්අඩවිය

පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේදී පසුගියදා (12) හත් දෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් සහ ඇගේ සැමියා දෙහිවල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

විවාහයකින් පසු පැවැති රාත්‍රී සාදයක් අවස්ථාවේ තවත් කණ්ඩායමක් සමඟ එහි කඩා වැදුණු ඉහත කී සැකකරුවන් සාදයට සහභාගිවී සිටි තරුණයන් හත් දෙනකු පැහැරගෙන ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.

 

සැකකරුවන්ගේ දියණියකගේ විවාහය සම්බන්ධව එම සාදය පවත්වා තිබේ. සැකකාර දෙමාපියන් එම විවාහයට විරුද්ධව සිටි බවද පැවසේ. පැහැරගෙන ගිය තරුණයන් හත් දෙනා පසුව එදිනම අලුයම 2.30ට පමණ දෙහිවල පොලිසියට බාරදී තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකාර යුවළ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මේ සිද්ධියට විරෝධය දක්වමින් 300ක පමණ ගිහි පැවිදි පිරිසක් ඊයේ දහවල් පිළියන්දල පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පවත්වා ඇත.

 

මේ අතර පැහැරගෙන යෑම සිදු කළ සැකකාර යුවළ සහ විවාහ වූ ඔවුන්ගේ දරුවන්ද පැහැරගෙන යාමට ලක්වූ පිරිසද සිද්ධිය සමාදානව සමථයකට පත් කර ගැනීමට ඉල්ලා තිබේ. ඒ අනුව පිළියන්දල පොලිසිය සිද්ධිය සම්බන්ධව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.

 

http://dinamina.lk/2012/10/17/_art.asp?fn=n12101710

 

 

ප.ලි

මෙම උද්ඝෝෂණය ගැන අන්තර්ජාලය තුල මැරබලසේනාවට අයත් ආගම්බේධවාදී බත්බැල අඩවි මගින් පැවසුවේ 1000 කට අධික පිරිසක් පැමිණි බවයි. නමුත් මෙහි සදහන් වන්නේ 300 ක පමණ පිරිසක් බවයි. ආගම්බේධවාදයට තවමත් සැලකිය යුතු පිරිසක් සොයා ගැනීමට නොහැකි වී ඇති බැව් මෙයින් පසක් වේ. මැරබලසේනා උද්ඝෝෂණයට නොයමින් සහය වු සාමයට ලැදි සියළුම ජනතාවට අප නැවතත් ප්‍රණාමය පලකරමු! 

35 Comments to “මැරබලසේනාව වසන් කරන සිද්ධිය දිණමින හෙළිකරයි!

  1. Ane pau Anver Oya,

    U clearly saw all shops close in piliyandala. dinamina, ITN and Rupavahini publish always wrong information.

    Same news published by Swaranwahaini and Hiru TV they says 1000 peopls were participated for this protest.
    I want to know which news u believe?

    1. හිරු ටීවී එකේ සහ ස්වර්ණවාහිණීයේ මැරබලසේනාවේ අය ඉන්නවා. අන්තවාදී අදහස් දරන අය ඒවයේ වැඩ කඑනවා. අපි දන්නෙ නැහැ කියලා හිතුවද?

          1. if 100% buddhsit people works there, decisions are taken by management.

            same as Sirasa

  2. සැකකරුවන්ගේ දියණියකගේ විවාහය සම්බන්ධව එම සාදය පවත්වා තිබේ. සැකකාර දෙමාපියන් එම විවාහයට විරුද්ධව සිටි බවද පැවසේ. පැහැරගෙන ගිය තරුණයන් හත් දෙනා පසුව එදිනම අලුයම 2.30ට පමණ දෙහිවල පොලිසියට බාරදී තිබේ.

    Seven people in a wedding. what a joke

    1. ඇයි චමිත් මෙච්චර උනන්දු? චමිතුත් එතන හිටියද? ඔබගේ අන්තවාදී ගතිය දැන් එලියට එනවා.

        1. මැරබලසේනාව මගුල් ගෙදර කථාවක් කිව්වද? ඔවුන් සිද්ධිය සම්පුර්නයෙන්ම වසං කළා. එසේ නම් අපට සිද්ධිය ගැන පලවන අනිත් පුවත්ද පලකිරීමට සිදුවෙනවා. මීට පෙර පී.පී. තුංගසිරිගේ සිද්ධියේද ඔවුන් කළේ බොරුවයි. බංගලාදේශ තානාපති කාර්යාලයට ගල්ගසා පසුව ප්‍රචාරය ක‍ළේද බොරුවයි.

          1. there were no magule Gedara. how it become magul gedara with a seven people.

            this fake incident create by that Missionary group.

          2. චමිත්, බොරුවට ආයුෂ නැහැ. ඔවුන් විවාහ වෙන එකට තමයි මාපියන් විරුද්ධ වෙලා තියෙන්නේ. ඔවුන් විවාහයට ඇති විරුද්ධත්වය ආගම් බේධයකට හරවලා තියෙනවා. මැරබලසේනාව මේ පාරත් ගිල්ලේ දිරච්ච ලණුවක්. සෞදියේ බුදු පිළිමයකට වැන්ද නිසා අත්අඩංගුවට පත්වුනා යැයි කියමින් පැතිරවුනු බොරුව ඔවුන් පලමුවෙන්ම ගිල්ල දිරච්ච ලණුවයි.

  3. චමිත් ඔයා මැර බල සේනාව වෙනුවෙන් කතා කරන්නේ ඉන්ග්‍රීසියෙන්නෙ සිංහලෙන් ටයිප් කරන්න..සුද්දට බැන බැන අයි පොෂ් ටෝල්ක් දාන්නේ

    1. million of USA citizen believe now Buddhist. it does not matter sinhala language or english. it is a matter of true or false.

      1. ස්ටීව් ජොබ් ඇදහුවේ සෙන් බුදු දහමයි. ඔබ එය බුදුරජාණන්ගේ දහම යැයි පිළිගන්නවාද?

        1. ehenam eyata ay budu dahama kiyanne…kiyannako sen dahama kiyala….buddimathun islam walin ayin wenawata anverta hari dukai neda

          1. දුක හිතෙන්න ඒ අය ඉස්ලාමයෙන් යන්න එපැයි? සිද්ධ වෙන්නේ තව වැඩියෙන් අය ඉස්ලාමයට එන එකනේ? මොකටද දුක් වෙන්නේ?

  4. දිනමිණේ යන ඒවා කවුද ගණන් ගන්නේ අන්වර්. දිනමිණ කියන්නෙත් පත්ත්රයක්ද. අන්න එකට බලනවානම් බලන්න ඕන සිරස ස්වර්ණවාහිනී ,හිරු ට්ව, තරුණය, රිවිර. දිනමිණ බැලුවයි කියන්නේ ඉත්න් රටේ වෙන දේවල් අනිත් පැත්ත ගහල තමයි හම්බෙන්නේ. සල්ලි ටිකක් දෙනවනම් මුන් ගොතයි කතා ඕනෑතරම්. පර සුද්දෝන්ගේයි අරාබියේ තෙල් සල්ලි ටිකටයි පෙරේත කමේ ගෙතුව තවත් කතාවක් තමා මේ ලිපියේ තින්නේ. අන්වර් දැන්වත් දිනමිණ වගේ කෙටි කතා පලවන පත්තර කියවන එක නවත්තල රටේ වෙන නිව්ස් යන පත්තරයක් කියවන්න ගත්තොත් නරකද.

    1. කසුන් කොලේ වහන්න හදන්න එපා. මෙය දේශපාලනය සම්බන්ධ පුවතක් නොවේ. රාජ්‍ය මාධ්‍ය වලින් අපට ඇත්ත දැනගන්නට බැරි දේශපාලනය සම්බන්ධ ලිපි සහ තොරතුරු ගැනයි. මෙම ලිපිය මැරබලසේනාවට සහයෝගය දක්වලා ලියලා තිබුණා නම් කොහොමද?

      මෙහිදී තරුණයා පුවත්පතත් ගැන කියන්න ඕන. ඒක ඇතුලටත් ආගම්බේධවාදීන් රිංගලා තිබෙන බව මෑතක ලිපි වලින් අපට පේනවා.

    2. මට මතකය් සිංහල බෝව්ද්ද ගුරුවරයෙක් දවසක් පංතියකදී කිව්වා පර සුද්දෝ කිය කිය තාමත් උන්ගේ කෝච්චි පෙට්ටිවලය් උන් හදපු රේල් පීලි වලය් යන්නේ කියලා…ඒ ගුරුවරයා නම් ජාතිවාදය කියනදේ ගැන පිළිකුලෙන් කතා කරන කෙනෙක්.කෙනෙක් කරපු හොදක් ගැන විතරක් මතක් කරන්න කියා දීපු කෙනෙක්.මන් සුද්දොන්ට කඩේ යනවා නෙමේ.තරහක් තිබුනත් මුළු සමාජයටම බනින එක වැරදි

  5. ඉස්සර තරුණයා පුවත් පත මම නොකඩවා කියව්වා දැන් කියවන්නේ නැත්තේ ඒකයි ආගම් බේද ඇති කරන කෙනෙක් ඉන්නව ඒ ………. බොදු බල සේනාවේ සාමජිකයෙක් ඔහු අද පුවත් පතේ සමාජිකයෙක් …www.ada.lk

    1. මම ඔහු ගැන දන්නවා. ඔහුගේ නම දැම්මේ නැත්තේ මේ වගේ චරිත අප විසින් ජනප්‍රිය නොකළ යුතු නිසයි.

  6. ලංකාවේ පොඩි හෙම්බිරිස්සාවක් ගියත් නඩු දාන එකේ දිනමිණ පල කරපු නිවුස් එක බොරුවක් කියලා ….. සේනාවේ කට්ටියට නඩුවක් දාන්න පුළුවන්නේ.කොහොමත් ඒ කට්ටිය කරන්නේ අතේ පත්තු වෙන වැඩ.හරියට මන්ද බුද්ධිකයෝ වගේ මොකක් හරි පිස්සු වැඩක් කරන්නමයි බලන්නේ.නමුත් හරි යන්නේ නැහැ.මොකද හිතේ තියෙන්නේ වයිරය,ක්‍රෝදය,කහට.මොකද ඔවුන්ට ඕන වෙලා තියෙන්නේ මේ රට ආයෙත් ප්‍රශ්නයකට ඇද දාන්න.මොකද යුද්ද කාලයේ මේ …. සේනාව කොහෙද හිටියේ.ඒ වෙලාවේ බුද්දාගම රැක ගත යුතුයි කියලා උද්ගොසන කලාද?මෙකින්ම පැහැදිලි වෙනවා මොඋන්ගේ අරමුණ මොකක්ද කියලා.වාසනාවකට ලංකාවේ ගොඩක් බෞද්දයෝ මොඋන්ගේ රග පෑම්වලට රැවටිලා නැහැ.ස්වර්ණවාහිනී කියන …. නාලිකාව තමයි මොඋන්ගේ ප්‍රධාන තුරුම්පුවක් වෙලා තියෙන්නේ.එම නිසා මේ අවජාතකයන්ගේ නාලිකාව අපි වර්ජනය කල යුතුයි.

  7. තරුණයා පුවත්පත එළිපිට මුස්ලිම් දහමට අපහාස කරනවා… මම දැන් ඔය පුවත්පත ගන්නේනා

    1. ithin nogan innako…..eelanganta ena tharuna parapurata awshaya daham danuma dee ounwa andha bhakthikayanta wiruddawa sanwidaanayya kereema tharunaya karanawa..

      1. දහම් දැනුම දීම යනු වෛරය සහ ක්‍රෝධය පැතිරවීමද? ඇත්ත තත්වය නම් ඒ තුල වැඩ කරන පට්ට ජාතිවාදියෙක් ඉන්නවා. ඔහු තමයි මේ සියල්ල කරන්නේ. එම පුවත් පතෙහි හිමිකරුවන් දැන නොසිටිනවා විය හැකියි. අප ඒ පිළිබදව හිමිකරුවන් දැනුවත් කළ යුතුයි.

      2. @ලෝකයා, ලෝකයේ අනෙකුත් සියලුම මුස්ලිම් හා මුස්ලිම් නොවන රටවල ඔබලා අන්ද බක්තිකයන් ලෙස හදුන්වා ඔබලාගේ දහමට අපහස වන පරිදි පුවත් පත් පල කලා නම් හරි නේද? මොකද ඉතින් ඔබලා ඔබලාගේ තරුණයෝ අවදි කරනවා වගේ ඒ අයත් එක කරන්න එපය්. එත් ඉතින් එක වැඩකට නැති දෙයක් මොකද දැනටමත් පිරිසිදු දහම ඉතිරි වෙලා නැහැනේ…..නිකන්ම කාලෙත් එක්කම නැති වෙන දෙයක් මොකටද මහන්සි වෙලා නැති කරන්නේ

          1. අපහාස නොකර බුද්ධිමය සංවාදයක් කිරීමට නොහැකි නම් ප්‍රතිචාර නොදක්වන්න. මෙය අවසාන අවස්ථාව බව මතක තබා ගන්න.

    1. මෙහෙම බොරු තර්ක ගෙනාවාට වැඩක් නැහැ. මෙම පටලැවිල්ලට හේතුව විවාහයක් බව දැන් රටම දන්නවා. ඒ බව මොවුන් හැංගුවා. දිනමිණ හෙළිකළා. දැන් කට්ටියම දිනමිණේ පැටිකිරිය හොයනවා. ඉස්සෙල්ලා ඇත්ත පුවතට මොකද කළේ කියලා හොයලා බලන්න. ඇත්ත සිද්ධිය නම් පවුලක සිදුවුණු පුද්ගලික ආරවුලකට එක පාර්ශවයක් ආගම ගාව ගත්තා. මැරබලසේනාව එම ගැටේට අහු වුණා.

      සෞදියේ තුංගසිරි සිද්ධියේදී වුනෙත් ඒකමයි. ඒකත් නෑවා. මේකත් නෑවා. පුදුම නෑමක්නේ?

  8. හැම විටකදීම හොඳ බලාපොරොත්තුවන්න එවිට ඔබට හොඳ පුද්ගලයන් හා හුඟක් හොඳ දේ හමුවිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *