ඇයි මෙතරම් මට විතරක් මඩ???

මඩ ප්‍රචාර
මඩ ප්‍රචාර

අන්වර් මනතුංග වන මට මුණුපොත තුල මඩ ගැසීමේ ව්‍යාපාරය නැවත වටයකින් ආරම්භ වෙලා. මේ පාර මට දාලා තියෙන්නේ දුෂණ චෝදනාවක්. එය කොපි කරගන්නට ඇත්තේ ඇමරිකාව විසින් wiki leeks අඩවියේ ජුලියන් අසාන්ජ්ට කළ දෙයින් වෙන්න ඇති. මේ අය මට මඩගසන්න ගෙනාපු චෝදනාවට මමම ප්‍රසිද්ධිය ලබා දෙන්නට තීරණය කළා.

 

මෙහි තිබෙන ඡායාරූපය මා විදේශයක සිටියදී ගත්ත එකකින් කපා ගත් එකකි. එය දැනටත් අන්තර්ජාලය තුල ඇත. මෙම චෝදනාවට අදාල කථාව, එක්කෝ මාව එලියට ගැනීම පිණිස ඔවුන් විසින් නිර්මාණය කළ එකකි. නැතිනම් වෙන මා වෙන කෙනෙකු යැයි රැවටී කළාවු එකකි. කෙසේ නමුදු මෙම චෝදනාව සම්පුර්ණයෙන්ම අසත්‍ය එකකි. මන්ද මම ඔය කියන ප්‍රදේශයන්හි කිසිවෙක් නොහඳුණමි.    

 

  

මට විරුද්ධව මුණුපොතෙහි බොරු චෝදනා නගා ඇති පෝස්ටරය
මට විරුද්ධව මුණුපොතෙහි බොරු චෝදනා නගා ඇති පෝස්ටරය

 

ඔවුන්ගේ කතාව උපුටා ගැනීම

මුලින්ම කියන්න ඕනේ මේක බලලා විතරක් නිකන් ඉන්න ඒපා කියලා.මොකද මේක අපේ කෙල්ලෙක්ට අසරණ පොඩි කෙලි පටික්කියකට වෙච්ච අකරතැබ්බක්.අනිත් එක තමා නිරුවත සෙට් 1 නොයන තැනක් නෑ. හැම අස්සක් මුල්ලකම යනවා.අපිට දැන් දැන් අපේ පේජ් 1 බලන ගොඩක් කට්ටියගෙන් ගොඩක් රහස් තොරතුරු ලැබෙනවා.
එනිසා ඔය යට කියන්නේ තියෙන තොරතුරු අපිට එවන්න කියලා.
දැන් කතාවට බහිමු.අන්වර් මූසලයා ගැන මම අමුතුවෙන්ම හඳුන්වලා දෙන්න දෙයක් නෑ නේ.මු මේ පාර නටලා තියෙන්නේ අපේ ඇඟේ ලේ කුපිත වෙන අකාරයේ නාඩගමක්.

 

ඒ තමා උන්ගේ නබි සල්ලාලය නටපු නාඩගමේ වර්තමාන බූමිකාව. මට මේ තොරතුර එන්නේ මුහුනුපොතේ කෙටි පණිවිඩයක් මගින්.ඉතින් මම හොයලා බැලුවා මේ ගැන. දබුල්ල පාරේ ගලේවෙල නගරයේ රෝහල ළඟ ඇති පාරකින් තමා මේ අසරණි දිවි ගෙවන පැල්පතට යන්නේ. ඊට වැඩිය තොරතුරක් නම් දෙන්න බෑ.හේතුව කෙලිගේ අනාගතේ.

(නම් සියල්ල මනක්කල්පිත වන අතර ස්ථාන සහ වේලාවන් නිවැරදි වේ)
තරුෂි කියන්නේ වයස අවුරුදු 6ක පොඩි කෙලි පටික්කියක්.පාසල් යාමටත් නොහැකි වුවේ අයගේ පියා හදිස්සි අනතුරකට ලක් වූ නිසා සහ පියා දැන් අබ්බගාත තත්වයට පත්ව ඇති නිසා.මව දුන්කොල හේනක කුලී වැඩ කරන අතර තව සහෝදරියක් සහ සහෝදරයෙක්ද මයට සිටී.
දිනක් මව සමග ගලේවෙල රෝහලට පැමිණි මැය හදිස්සියේම මවගෙන් වහන් වී රෝහල ඉදිරිපසට පැමිණ තියේ. ඒ අසල ත්‍රී රෝද රථ රියදුරකු මායාව දැක (හඳුනන පුද්ගලයෙකි.) නැවත වඩා ගෙන මව වෙතට යාමේදී දැරිය කෑ මොර දීමට පටන් ගෙන ඇති අතර ඔය ස්ථානයට පැමිණි මේ වනචර බල්ලා සිද්දිය විමසා ඇත.(දැරියගේ මවගෙන් පසුව දැනගත් පරිදි අන්වර් පැමිණ ඇත්තේ රෝගියකු බැලීමට යයි පැවසේ.)
පසුව ත්‍රී රෝද රථ රියදුරා සමග දැරියගේ මව මුණගැසී ඇති මොහු මේ පිළිබඳව ඇයට දෝශාරෝපනය කර ඇති අතර පසුව විස්තර විමසා දැරියගේ මවට හැකි ඉක්මනින් බෙහෙත් රැගෙන දී ඔහු පැමිණි වාහනයෙන්ම දෙදෙනාව ගෙදරට ගොස් ඇරලවා ඇත.එහි දී මොවුන් විදින දුක දැක කම්පා වූ මොහු ඔවුනට මුදලින් සංග්‍රහ කර යලි එන බව පවසා ගොස් ඇත.මේ මීට සය මසකට පමණ පෙර වූ සිදු වීමකි. ඉන් පසු මොහු බොහෝ වතාවක් මෙහි පැමිණ මොවුන්ට උදව් උපකාර කර ඇත.
මෙම මස මුලදීමද මෙහි පැමිණි මොහු මෙම දෙමාපියන් ගේ තරූශිව ඔහු ළඟ තබා ගෙන උගැන්වීමට අවසර යැද තිබේ. මුලින් තරූශිගේ පියා අකමැති උවද පසුව අගහිඟ කම් වලින් තොරව තරූශිවත් සිටීවි කියා මොහුට බාර දී ඇත.

 

මොහු තරූශි රැගෙන ගොස් මසකට පමණ පසු තලතා (තරූෂිගේ මව) තරූස්හි හමු වීමට නවතා ඇති තැනට ගිය මොහොතේ එම ස්ථානයේ සේවිකාවක් පැමිණ තරූශි ගේ මවට සියලු විස්තර දන්වා ඇත.ළමයාගේ අනාගතේ ගැන සහ අන්වර් ලා සමග හැපීමට නොහැකි යයි සිතු ඇය කට වසා සිටියදී අපිට මේ කරුණ යොමු කලේ ඔවුන්ගේ පවුලේ සමීප පුද්ගලයකු වේ.අපිවත් පොරොන්දු කරගෙන මෙම කරුණ පැවසු නිසා මින් මතු වෙන කිසිම තොරතුරක් මේ පිළිබඳව අපට හෙළි කල නොහැක,

නමුදු අන්වර් වැනි කාලකන්නි අජූත පාදඩයන්ට සමාජය මගින් දඩුවම් කල යුතුමය. ඉතින් දැක්කොත් මේ වන සතා ට හොඳ පාඩමක් උගන්වන ලෙස පාඨක ඔබ සැමගෙන් ඉල්ලමි.
…………… දඹුල්ල වාර්තාකරු

උපුටා ගැනීම අවසන්

 

මෙම පුවතට ලයික් කර ඇති වීරයන්ගේ නම් ටික මෙන්න:

 

 

මට බොරුවට මඩ ගසන මේ අයගේ ආගම කුමක් විය හැකිද?
මට බොරුවට මඩ ගසන මේ අයගේ ආගම කුමක් විය හැකිද?

 

පසුව ලියමි:

මෙහි තිබුණේ මුණුපොත් ගිණුමක නමක් පමණි. දඹුල්ලේ වාර්තා කරු කවුරුන්දැයි සටහන් කර නැත. මෙම ආගම්බේධවාදීන් විසින් මට මෙවැනි බොරු චෝදනා නැගීමෙන් ඔවුන් ලොකු දෙයක් කරන බව සිතා සිටිනවා ඇත. මෙතුලින් ඔවුන්ගේ සැබෑ නිරුවත ජනතාවට හෙළිවනු ඇත. 

 

 

 

 

76 Comments to “ඇයි මෙතරම් මට විතරක් මඩ???

  1. ඇයි එහෙනම් මෙහෙම අපරාධයක් සිඳුකර ඇත්නම් පොලීසියට ගිහින් පැමිණිළි නොකර ඉන්නේ – අධිකරණයට ගොස් නඩු දමන්නේ නැත්තේ – සාක්‍ෂි ඉදිරිපත් කරන්න බැරිද

  2. ඔව්න්ගේ මෝඩකම ප්‍රදර්ශනය කිරීමක්..වැටිලතියෙන comment වලින් තේරෙන්නේ ඔව්න්ගේ ආගමින් ඔව්න් පෝෂණය වී ඇති තරම.

    1. ආගම්බ්ධවාදයට හිතක් පපුවක් නැති වුනාට බුදුරජාණන් වහන්සේ සිටියා නම් උන්වහන්සේද කම්පා වනු ඇත.

  3. maara joke seen ekak ne.meka kiyaawatdi mata hyyenma hina giya.sampath sahodarayata kiyanne,mona poleesida.danatamath FB like 3800penala.meke inna paathakayan(bahutharaya)anver sahodaraya wenuwen peneesitinawa.KEEP WRITE BROTHER.eID MUBARAK.

  4. සිද්දිය ඇත්තනම් ඇය හැංගි මුත්තන් කරන්නේ.ඔහොම මඩ ප්‍රචාරක් එය් කියල මන් නම් හිතුවා..දැරියගේ නම් ගම් දාන්නකෝ අඩුගානේ රිපෝටර් ගේ වත් කොන්දත් කියල දෙයක් තියේනම් 🙂

  5. facebook තුල ජාතිවාදය ආරම්භකළේ ජාතිවාදී බෞද්ධයෝ
    මොවුන් නොසිතු අයුරින් මුස්ලිම් කොල්ලො පැහැදිලි නියම සිංහලෙන්
    ඔවුන්ට පිළිතුරු දෙනවා ජාතිවාදීන්ට “මුසලයා” යන නමින් මමත් පිළිතුරු දුන්නා. මුසලයා Block කරන ලෙස විශාල ප්‍රචාරයක්
    ද ගෙන ගියා.ඔවුන් මම කවුරුන්දැයි සොයන්න ලොකු උත්සාහයක්
    දැරුවා.කෙසේවෙතත් ඔය එක හාල්පාරුවෙකුටවත් මම කියන දේ
    නවත්වන්න බැරිවුනා.මුන්ට අංඥ කොරංඥං වෙලා තියෙන්නේ
    සහෝදරයා ඕව පිම්පියොන්ගො ……. වැඩ

  6. අන්වර් සහෝදරයාණෙනි ඔබ පවත්වාගෙන යන වෙබ් පිටුව දැකලා සමහර කාල කන්නින්ට ඉවසන්න බැහැ.එක තමයි මෙච්චර ඔබට මඩ ප්‍රහාර.බල්ලෝ බිරුවට කදු පහත් වෙන්නේ නැහැවාගේ ඔබ ඔබගේ ගමන ඉදිරියටම යන්න අපි ඔබත් සමගයි.ඔබ මේ වෙබ් පිටුව කරගෙන යාමේදී ඔබ නිර්බීතව ඔබගේ පින්තූරය පවා සමහරවිට පල කර ඇත.නමුත් බෞද්ධ්හම රැක ගත යුතුයි,අනිත් ආගමිකයින් මැරිය යුතුය කියන අන්තවාදී අවජාතක සොරි.කොම්..සිංහල හඬ ,වාගේ වෙබ් පිටු අයිතිකාරයන්ට බැරි උනා ඔවුන්ගේ සැබෑ මුහුණ පෙන්වන්නට.ඔවුන් කරන්නේ හැංගි මුත්තන් සෙල්ලම්ය,ඔබට ජය

  7. මුසාවාදා වෙරමනි සික්කාප දන් සමාදියාමි!!!!!!!!!!! අසත්‍යයන් පතුරවන්නන්ට ලැබිය යුත්ත ලැබෙවා

  8. අන්වර් සහෝරයා ඔයා නිහඩව ඉන්න. ඔය කියන්නෙ පට්ටපල් බොරු. කිසිම වැඩක් නැති මේ කාලකන්නි අන්තවාදීන්ට කරන්න වෙන දෙයක් නැති නිසා තමයි මේ වගේ දේවල් කරන්නෙ. එයාල හැම අතකින්ම බලන්නෙ ඔයාට පහර දෙන්න. සත්‍ය කවදා හෝ ජයගනී. නොබියව ඉදිරියට යන්න.

  9. පැහැදිලිවම මෙය මඩ පහරක් බව කාහටත් පෙනේ. මෙවැනි දෙයක් සිදු වුනු බව ශාක්ෂි සහිතව ඔප්පු කල හැකි නම් අදාළ පාර්ශවයන්ට මුහුණු පොත තුල බොරු ප්‍රචාර ගෙන යන්නේ නැතිව ඍජුවම නීතියේ පිහිට පැතිය හැකිව තිබියදී, ඔවුන් එසේ නොකරන්නේ ඇයි? අපේ සමාජයේ ඕනෑම පුද්ගලුඅකු යම් උදාර කර්තව්‍යකට මුල පිරුවහොත් ඔහුට මඩ ගැසීම, නින්දා අපහාස කිරීම බහුලවම දැකිය හැකිය. ඇතැම් විටක එය වසර 2500 ක් පුරාවට පවත එන “අපේ කමේ” මුලික අංගයක් ලෙස ඇතැමුන් සලකනවා විය හැකිය. නමුත් මෙය ඔබට විතරක් සිදු වූ දෙයක්ද? ලෝකයේ පහල වුනු ඇතැම් ශ්‍රේෂ්ට ආගමික නායකයන්ට පවා මෙවැනි අභූත චෝදනා එල්ල වුනු බව අපේ ප්‍රෞඩ ඉතිහාසය හැදෑරුවොත් හොදාකාරවම අවබෝද කර ගත හැකිය. නමුත් ඒවායින් කිසිදු ලෙසකින් යම් ශ්‍රේෂ්ට පුද්ගලයෙකුගේ “උඩු ගම්” බලා යන අසීරු ගමනකට අකුල් හෙළිය නොහැකි බවට ඉතිහාසය ශාක්ෂි දරා තිබේ. අද ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම ප්‍රසිද්ධ බොහෝ ආගමික නායකයන්ට පවා ස්ත්‍රී දුෂණ චෝධනා එල්ල වුනු අයුරු ඉතිහාසයේ සදහන් වේ. නමුත් ඒවායින් ඔවුන් ගේ ගමනට තවත් ආශිර්වාදයක්, ජවයක් එක් වීම පමණක් සිදු වූ අතර මෙවැනි චෝධන එල්ල කරන්නන්ට , තමන්ගේ බංකොලොත් මානසික තත්වයේ සබැ නිරුවත මෙමගින් හෙළි වීම පමණක් සිදු වුනු බව ඉතිහාසය පුරාවටම අප දැක ඇත්තෙමු. නිතරම මිනිසුන් ගල් ගසන්නේ පළ(ගෙඩි) ඇති රුක්(ගස්) වලටය……එය සාමාන්‍ය සිද්ධියකි….මෙමගින් එක දෙයක් අවබෝධ කර ගත හැකිය…..එනම් මෙවැනි අපහාස වලට ලක් වෙන ශ්‍රේෂ්ට පුද්ගලයන් අනෙකුත් පටු අන්තවාදීන්ගේ පැවැත්මට කොයි තරම් ප්‍රභල තර්ජනයක් බවට පත් වී ඇත්ද, යන්න මෙමඝින් හොධාකාරවම අවබෝධ කර ගත හැකිය…..
    නමුත් මෙවැනි බොරු චෝදනා වලින් සහ ඒවාට උඩ ගෙඩි දෙන හෙන්චය්යලාගේ ක්‍රියා කලාපය තුලින් හෙළි වන්නේ ඔවුන්ගේ තිබෙන බංකොලොත් මානසික තත්වය පමණකි…..මෙවැනි දේවල් වලින් පරිහෙන්නේ මෙවැනි බොරු ගොතන පුද්ගලයන්මය….ධිට්ට දම්ම වේදනීය කර්මය පළ දෙන්නේ මොවුන්ටමය…..මේබව වර්තමානයේ සිදු වන දේවල් වලින් සහ යථා කාලයේදී සිදු වෙතැයි අපේක්ෂා කල හැකි දේවලින් මනාව අවබෝධ වේ. නමුත් සත්‍ය කවදාවත් වසන් කල නොහැකිය. එය මෙලොව බිහි වූ දා සිට පවතින ලෝක ධර්මතාවයක් වන අතර කා හට වත් ඊට පිටු පා යා නොහැකිය.

  10. It only shows they do not have a backbone to reply with facts for brother Anver’s logical explanations, these type of false propaganda will only further strengthen the publicity for Anver brother’s articles and the blog. Dear brother Anver,may almighty Allah bless you with the best of the blessings for all your good deeds in this world and hereafter

  11. උපුටා ගැනීම 1:-“ඊට වැඩිය තොරතුරක් නම් දෙන්න බෑ.හේතුව කෙලිගේ අනාගතේ.”
    මීට පෙරත් අපේ රටේ ස්ත්‍රී දුෂණයක් සිදු වූ විට “කෙලිගේ අනාගතේ” කියා එබධු සිද්දීන් යටපත් කලාද? අයි මේකට පමණක් සිද්දියට අනුව “කෙලිගේ අනාගතේ” විනාශ වුනු පසුවත් “කෙලිගේ අනාගතේ” ගැන සිතන්නේ?

    උපුටා ගැනීම 2:-“නමුදු අන්වර් වැනි කාලකන්නි අජූත පාදඩයන්ට සමාජය මගින් දඩුවම් කල යුතුමය.”
    ප්‍රජාතන්ත්‍ර වාදී, රටක් වන අපේ රටේ යුක්තිය සහ සාදාරනය ඉටු කරන්න පොලීසි, උසාවි තිබයදී ඇයි..සමාජය විසින් ධඩුවම් කල යුත්තේ…සාමාන්යෙන් අපේ රටේ මෙවැනි දේ කරන ඇතැම් ආගමික නායකයන්ට, සමාජය අධිකරණ …….නායක තනතුරු වලින් පිදීමට, එකත් පස්ව වැද වැටීමට පවා පසු බට නොවෙද්දී, මේකට පමණක් ඇයි….සමාජය දඩුවම් කල යුතු වන්නේ? මද පමණින්(මද්යම ප්‍රතිපදාවෙන්) වැරදි වුනත් කල හැකි බව ඇතැම් ආගමික නායකයන් ක්‍රියාවෙන් ඔප්පු කරන විට ඊට කර බා ගෙන සිටින බහුතරයක් අයවලුන් මේකට පමණක් ඇයි …..කුපිත වන්නේ?

    උපුටා ගැනීම 3:- “මොකද මේක අපේ කෙල්ලෙක්ට අසරණ පොඩි කෙලි පටික්කියකට වෙච්ච අකරතැබ්බක්”
    අපේ රටේ අසරණ පොඩි කෙලි පටික්කියන්ට අකරතැබ්බයක් සිදු වුනු ප්‍රථම අවස්තාව මෙයද? මේ සම්භන්දව වග කිව යුතු පාර්ශවයන් අවධානය යොමු කරනේ දැන්ද? එතකොට “ඝනිකා වුර්තිය නීතිගත” කරන්න හැදුවේ අපේ රටේ “කෙලි පටික්කියන්ගේ” අනාගතය තව දුරටත් සුන්දර කරන්නද? නැත්නම් “කෙලි පැටික්කියන්” ව ” කෙලි බඩු” බවට පත් කරන්නද?

    උපුටා ගැනීම 4:-“අපිට දැන් දැන් අපේ පේජ් 1 බලන ගොඩක් කට්ටියගෙන් ගොඩක් රහස් තොරතුරු ලැබෙනවා.”
    මේ page එක බලන් කට්ටියගෙන් රටේ වෙන අනෙකුත් අපරාද ගැන තොරතුරු හෙළි වන්නේ නැද්ද? එලෙස හෙළි වන වානම්…..අපේ රටට වෙනම රහස් පොලිස්යක් අවශ්‍ය නැහැ නේද? 🙂 ඕනෑම කුණු ගොඩක් අවුස්සමින් “සත්‍යයේ සටහන…බුද්ධ්යේ විමසුමට” ලක් කරන අපේ රටේ මාධ්‍ය වේදීන්ට මේ බව මුලින්ම හෙළි නොවුනේ මන්ද?

    උපුටා ගැනීම 5:-“අන්වර් මූසලයා ගැන මම අමුතුවෙන්ම හඳුන්වලා දෙන්න දෙයක් නෑ නේ.මු මේ පාර නටලා තියෙන්නේ අපේ ඇඟේ ලේ කුපිත වෙන අකාරයේ නාඩගමක්.”
    “අන්වර් මුසලය” ගැන කියන්නට පෙර අපේ රටේ මවැනි දේ කරන කොතරම් ආගමික නායකයන් ගෙන හධුන්වා දෙන්නේ නැත්තේ ඇයි? අපේ රටේ ලේ කුපිත වන ආකාරයේ සිදු වීමක් වුනු ප්‍රටහ්ම අවස්තාව මෙයද? කෙනෙකු සත්‍ය ඇති සැටියෙන් හුව දක්වන විට එය ලේ කුපිත කිරීමක්ද?

    උපුටා ගැනීම 6:-“උන්ගේ නබි සල්ලාලය නටපු නාඩගමේ වර්තමාන බූමිකාව”
    මෙවැනි ලෙස ලෝක ප්‍රසිද්ධ, ලෝකයේ වැඩිම දෙනෙක් අදහන ආගමික නයකෙකුට ඇමතීමෙන් අපහාසයක් වන්නේ “නබි තුමාටද?”…. නැත්නම් මේ ප්‍රකාශය කල “උතුමාට” සහ එතුමාගේ ආගමික විශ්වාසයටද?

    උපුටා ගැනීම 7:- “ඉතින් මම හොයලා බැලුවා මේ ගැන” …..අපේ රටේ වෙන හොයල බලන්න කිසිදු අපරාදයක් සිදු නොවෙන තරම් ධර්ම ද්වීපයක් ද? මේ ගෙන හොයල බලන්න….මොහු කවුද? ඔහුට තමන්ගේ අනන්‍යතාවය හෙළි කළහැකි නම්….ඔහුට සොයා බැලීමට තවත් ඕනෑතරම් අපරාද මේ රටේ තියෙනවා නේද?

    උපුටා ගැනීම 8:- “(නම් සියල්ල මනක්කල්පිත වන අතර ස්ථාන සහ වේලාවන් නිවැරදි වේ)”
    මෙය සත්‍ය සිදු වීමක් නම්….සත්‍ය නම් ගම සහිතව ළමා රක්ෂණ අධිකාරියට හෝ පොලීසියට පැමිණිලි නොකරන්නේ මන්ද?

    උපුටා ගැනීම 9:-“ළමයාගේ අනාගතේ ගැන සහ අන්වර් ලා සමග හැපීමට නොහැකි යයි සිතු ඇය කට වසා සිටියදී අපිට මේ කරුණ යොමු කලේ ඔවුන්ගේ පවුලේ සමීප පුද්ගලයකු වේ.අපිවත් පොරොන්දු කරගෙන මෙම කරුණ පැවසු නිසා මින් මතු වෙන කිසිම තොරතුරක් මේ පිළිබඳව අපට හෙළි කල නොහැක,”
    මින් මතුවට මේ පිළිබධව තොරතුරක් හෙළි කල නොහැක්කේ ඇයි? මව සහ දියණිය නීතියේ පිහිට පැතීමට මෙතරම් භය නම් ඔවුන්ගේ පවුලේ සමීපයාට මේ ප්ලිබධව හෙළි කල නොහැක්කේ ඇයි?

    මේ අභූත චෝදනාව කියවන විට ප්‍රශ්න රැසක් නැගේ…..නමුත් මෙම ලිපියට මුහුණු පොතේ “like ” දමා ඇති පිරිසගේ නම් බලන විට කතුවරයාගේ චේතනාවත්……”like ” දමා ඇති පිරිසගේ යටි අරමුණත් මනාව පැහැදිලි වේ. මෙවැනි “ලපටි ආර්තල්” මගින් පිරිහෙන්නේ කවුද යන්න….මෙම චෝදනාව දෙස බලු බැල්මට ඕනෑම තාර්කික පුද්ගලයෙකුට ක්ෂණයකින් වැටහෙනු ඇත…..

  12. This is sentence is just too funny 😀
    “මේ අය මට මඩගසන්න ගෙනාපු චෝදනාවට මමම ප්‍රසිද්ධිය ලබා දෙන්නට තීරණය කළා.”

    Anywayz, keep writing bro..

  13. ඔබේ පෙනුම හැටියටනම් අන්වර් අයියේ අපචාර කර කියලා කියන්නත් පුලුවන්. ඊද් මුබාරක්!

    1. මට ඒවගේ මුහුණක්ද තියෙන්නේ? කමක් නෑ ලබා උපන් හැටිනේ? ඔබටත් ඊද් මුබාරක්!

  14. බුද්දිමත් සන්ග්වාදයකට කෙලින් මුහුන දෙන්ඩ බෑරි නිසා තමයි ඔය වගෙ මොඩ මඩ ගහන්නෙ. ඔබට අල්ලහ්ගෙ අශිර්වදය ලෑබෙවා!

  15. Bro Anver it’s my suggestion you take this seriously and deal with it in a legal manner. free speech does not allow one to incite a murder. this should stop before this sickness spreads.

  16. අස්සලාමු අලයිකුම් ව රහ්මතුල්ලාහි ව බරකාතුහු
    පළමුවෙන්ම ඊද් මුබාරක්
    අන්වර් සහෝදරයා! ඔයාගේ හිත තවතවත් එඩිතර කරගන්න. චරිත ඝාතනය තමයි ඊර්ශ්‍යාකාරයෝ කවදත් පාවිච්චි කරපු ආයුධය. මෙයාලගේ පුද්ගලික මඩගැසීම් මෙතනින් නවතින්නේ නැහැ. මීට වඩා හොඳ හොඳ උප්පරවැට්ටි පාවිච්චි කරාවි ඉදිරියටත්. ඉස්ලාම් ආගමට විරුද්ධව නගන බොරු බොළඳ අභූත චෝදනාවලට තර්කානුකූලව පිළිතුරු සපයන මේ වගේ වෙබ් අඩවි ආගම්භේදවාදීන්ට කොහොම දිරවන්නේ? ඔයාගේ ධෛර්යය වැඩිකරගන්න මේවගේ චෝදනා ඔයා උත්ප්‍රේරකයක් කරගන්න. ඔයාට සහ ඔයාගේ වෙබ් එකේ සත්‍ය ධර්මය පහදලා ලියන අනෙක් සොයුරු සොයුරියන්ටත් අල්ලාහ් දෙවියන්ගේ පිහිටාරක්ෂාව නිරතුරුවම ලැබේවා!
    මේ වගේ ගොන් කමෙන්ට්ස් දාන හරක් නාම්බන්ටත් මගෙන් වචනයක්!
    හා! සමහර චූන් වෙච්ච ඔයාලගේ හරක් ටිකක් ඔය කමෙන්ට්ස් LIKE කරලා තිබුනා වෙන්නැති. කමෙන්ට්ස් දාන ඔයාලා ගොන් නාම්බෝ වුනාට හිතන්න එපා කියවන ඔක්කොමලා ඔයාලගේ කුලකයේ කියලා. ඔයාලගෙන් සමහර කට්ටියගේ නම්වල දිග පළලින් ඔයාලගේ ‘තත්වය’ තේරුම් ගත්තත් මේවගේ ගොන් කමෙන්ට්ස් LIKE කිරීම තුලින් ඔයාලගේ ‘බුද්ධියේ’ තරම ඔයාලම එළිදරව් කළා. ඔයාලා කරන මේ වගේ වැඩ තමයි බුදු දහමේ කියල තියෙන්නේ නම් ඒක ඉතින් ඔයාලම නිර්මාණය කරපු නවීන පුදුම බුදු දහමක් වෙන්න ඕන. අපි දන්නා බුදු දහමේ නම් ඔයාලගේ හිත්වල කැකෑරෙන ක්‍රෝධය ද්වේශය වගේ දේවල් වලට ඉඩක්ම නෑ (ඔයාලාගේ කමෙන්ට්ස් වල ඒවා බේරෙනවා) ඇත්තටම ඔයාලා නිර්භීත නම් ඔයාලගේ අනුගාමිකයන්ට ඔයාලා කියන්න ඕනේ මේ වගේ වෙබ්සයිට්ස් බලලා ඉස්ලාම් ආගම ගැන තියෙන වැරදි අවබෝධය නැතිකරගන්න කියලයි! ඔයාලා ඉස්ලාම් ආගම ඉගෙන ගන්න. මාධ්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා සත්‍යය හා අසත්‍යය සංසන්දනය කරන්න කියලයි! හැබැයි එක දෙයක්! ඉස්ලාම් කියන්නේ සාමයේ සහ සහජීවනයේ මග කියල කියන, ඉස්ලාම් ආගම හරියට වටහාගත්ත අය කියන කතා පලකරන්න තරමටම යුදෙව් පාලනයේ අතකොලුවක්වූ ජාත්‍යන්තර මාධ්‍ය සාධාරණ නෑ කියල ඔයාලත් දන්නවනේ? අන්න ඒ නිසා ඔයාලගේ කට්ටියට කියන්න දාලාතියෙන කළු කන්නාඩිය ගලවල පියවි දෑසින් අන්වර් මනතුංගගේ වගේ වෙබ් අඩවි කියවන්න කියල. එහෙම නැතුව සත්‍යය පවසන අයව චරිත ඝාතනය කිරීමෙන් සත්‍යය ව්‍යාප්ත වීම වලක්වන්න පුළුවන් කියල ඔයාලා හිතනවා නම් ඒක තමයි ඉතින් ශතවර්ෂයේම මහා විහිළුව! එතකොට ඉතින් ඒකෙනුත් තේරෙන්නේ ඔයාලගේ ‘බුද්ධියේ’ මට්ටමම තමයි.

  17. දවසින් දවස අන්වර් සහෝදරයාගේ පටකයින් වැඩිවනවිට ඇතිවන හිත්වේදනාවට කරපු මේ බාල වැඩේ කව්රුවත් අනුමත කරන්නේ නෑ.කෙනෙක්ගේ ගව්රවයට මඩගැසීම ආගම කරගත් අයට මේක හැරුනම වෙන කටයුත්තක් කොහේද?බිලියන දෙකකට වඩා අනුගාමිකයන් සිටින මුහම්මද් නබි නායකයාටත් අපහාස කරන මෙවැනි අයට දෙවියන්ම නියම තීන්දුව දෙන දවස වැඩි ඇතක් නැත.අන්වර් සහෝදරයා කරන මේ කර්තව්‍ය තව තව දියුණු වේවා !

  18. assalamu Alaikum w w
    Dear brother Anver
    These things are expected when one proceeds in the path of TRUTH. When geniuses like prophets were not left alone by these evil mongers, what about you and me? Use these accusations as a catalyst in reviving your dynamism to serve the TRUTH. Go ahead with your mighty task! May Allah encompass you and all the other brothers and sisters who write in your web enlightening the beautifull message given to the mankind by their creator for a peaceful life of co-existence, with His unparallel blessing in this blessed month of Zul Hajj and right through your lives! Aameen

  19. assalamu alaikum
    dont worry brother keep up the good work these things are expected when enemies of islam are aware that they can not win by rational arguments. My Allah Bless You. EID MUBARAK

  20. කිසිදු පිළිගතහැකි සාක්ෂියකින් තොරව කරනු ලබන මෙවැනි පුද්ගල අපහාස වලට මාගේ බලවත් අප්‍රසාදය..අන්වර්ගේ අදහස් , මතවාද සමඟ මට බොහෝ ප්‍රශ්න ඇති නමුත් මෙවැනි කරුණු වලදී ඒ දෙක එකට පටලවා ගැනීමට අදහස් නොකරමි…

    1. අප අතර මතවාදීමය ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් ඔබ මෙවැනි ආකාරයට ප්‍රතිචාර දැක්වීම පිළිබද මගේ ප්‍රණාමය!

  21. මේ අන්තවාදීන් දාන්න ඕන හැම තුරුන්බුවක්ම දාල බැලුවා. හරිගියේ නෑ අවසාන තුරුම්බුවත් දැම්ම. තව දමන්න තුරුම්බුවක් ඉතිරිවෙලා නැහැ. දමපු අවසාන තුරුන්බුවෙන්වත් නවතිමුද බලමු

  22. තවත් එක් අසාර්ථක උත්සහයක්….අන්වර්, බැරිද මුං ඔලුව උඩින් තියාගෙන ඉන්න මහාවංශය ගැන ගවේෂණාත්මක ලිපියක් ලියන්න.

    1. මම මේ දවස් වල කියවන්නේ දීපවංශයයි. ඒකෙන් පටන් අරන් මහාවංශයට එන්නම්!

    2. ඉතාමත් කාලීන අවශ්‍ය තාවයක්. අපේ සමහර මිනිසුන් කරන තිරිසන් වැඩ දැක්කහම හිතෙනවා…..අර සුප්පා දේවිය, තිරිසනෙක්(සිංහයෙක්) සමග සම්භන්ධ වීමෙන් බිහි වුණා කියන සිංහ බාහු සහ සිංහ සීවලී යන දෙදෙනාගේ පුත්‍රයකු වන විජයගෙන් අපේ රටේ සමහර මිනිසුන් පැවත එනවා යන එක සමහ විට ඇත්තක්ද කියල…..ඒ වගේම විජය රජු කුවෙන්යගෙන් රටේ පාලන බලය ලබා ගැනීමෙන් පසු ඇයව ඉතාමත් නින්ධ්ත ලෙස පලව හරින විට, ඇය පිට වුයේ දැඩි ලෙස ශාප කරමින් ලු…….ඉතින් ….අත්හෙතයේ සිදු වුණා කියන මෙවැනි සිදු වීම් වල බලපෑම් තවමත් අපේ රටේ රට වැසියන්ට තියෙනවද? කියන ප්‍රශ්නය ඇතැමුන්ගේ ක්‍රියා කලාපය තුලින් නැගෙනවා…..මේ ගැන විපරමක් කිරීම ඉතා කාලෝචිතයි…….

  23. අනේ පවු! වැටෙන්න යන මිනිහ පිදුරු ගහේ හරි එල්ලිලා හරි ගොඩ යන්න හදනවා වගේ මේ කොන්ද පන නැති නමක් ගමක් නැති අවජතකයින්ට මගේ බලවත් ශෝකය

  24. ඔව්න් මෙතනින් නවතින්නේ නැහැ.දේශපාලන මැරයෝ මොනවා කරත් බයය් නමුත් එළිපිට අන් අගමිකයෙක්ව මරමු කියා සමහරු ප්‍රතිචාර දක්වා තිබුණා.මෙහෙම වෙන්නේ අය කියල ඉතින් කාටත් අමුතුවෙන් කියන්න උවමන නැහැ නේ?මේවට බය විය යුතු නැහැ දුක් වෙන්න ඕනත් නැහැ නමුත් අඩු තක්සේරු කරන්නත් බැහැ. කිසිම බයක් නැතුව මරමු කියලා ප්‍රතිචාර දක්වන තරමට මිනිස්සු දියුනුය්.හරක් විතරය් අනේ පව්.හක්කේ බුදු රැස් කියන්නේ ඕවට තමය් .කෙල්ලෙක්ට සල්ලි දීලා සෙට් කරය් පුළුවන් නම්.ඒ පේජ් එකේ ය ඉන්නේ නමේ හැටියට වෙන්නැති එකනේ රිපොටෙස් හැංගිලා ඉන්නේ.අල්ලාහ්ගේ ආරක්ෂාවත් ආශිර්වාදයත් ඔබට ලැබේවා.සියලුම දෙනාට Eid Mubarak!

  25. මේ ලැව් ගින්න කොහෙන් කෙලවර වෙයිද අන්වර්

    1. ‍මෙය කරන්නට ඇත්තේ ඔබ හෝ ඔබ වැනිම කැණහිලෙක් බව මා දන්නවා. අන්වර්ව සිරකළොත්, අඩන්තේට්ටම් හෝ මැරුවොත් ඔහුව නතර කළ හැකියි! කියන මෝඩ විශ්වාසයෙන් ඉන්නවා නම් ඒවා කරලා බලන්න. මට මෙහෙම පාඩුවේ ඉන්න දෙන්නෙ නැතිව මැරුවොත්! මගේ මරණයෙන් අන්වර්ලා දහසක් බිහිවනු ඇත. ඒ හැර වෙන දෙයක් කළොත් අන්වර් නම්වු පුද්ගලයා ලංකාවේ දේශපාලන‍යෙහි පෙරළි කරනු ඇත. නිකම් පාඩුවේ ඉන්න මාව පොරක් කරනවාද? නැද්ද? කියන එක හොදට හිතලා තීරණයක් ගන්න කියලා කට්ටියටම කියන්න.

      1. මේ ලියුම ලියපු එකා,,, දැන් මෙහෙම ලියන්න පුලුවන්නම් අහිංසක දැරියකගේ බොරු කතාවක් ,, උට වැඩිකාලයක් යන්නේ නැහැ උගේ අම්මවත් දුෂණය කළා කියලා කියන්න,, උට ඔබතුමාගේ ප්‍රතිචාරය මේවගේ ජාතිවාදී උන්ට දිරවන්නේ නැහැ, එකය් කුණුහරුප කතා කරන්නේ,

        1. ඔබ මෙහෙම ලියන්නේ මට ඇති හිතවත් කමට බව දනිමි. මදක් ආවේගය අඩුකරගෙන ලියමු.

          1. ආවේගයක් එන්නේ ඔබතුමාගේ page එකේ හොඳ දේවල් ගොඩක් තියෙනවා මුන් කුණුහරුප කතාකරනවනේ එකය්, thanks ඔයාගේ advise එකට, EID Mubarak

      2. ඉතාමත් හොද ප්‍රතිචාරයක්. ඉංග්‍රීසි කියමනක් තියෙනවා “Resistance makes persistence ” කියල. ලෝකයේ සමහර දේවල් වල පැවැත්ම ඇති වී තිබෙන්නේ , ඒවාට ඇති ප්‍රතිරෝදයත් සමගයි. ඒ වගේම තමයි “අන්වර් මනතුංගගේ” බ්ලොග් අඩවියටත් ප්‍රතිරෝදය වැඩි වන තරමට පැවැත්ම වැඩි වේවා යයි මම ප්‍රර්ථනා කරමි. ලෝකයේ බොහෝ ආගමික,දේශපාලනික, සමාජීය වශයෙන් යම් පලදායී වෙනසක් ඇති කිරීමට මුල පිරු බොහෝ ආගමික නායකයන්, විද්වතුන්, ඒ වගේම බුද්දිමතුන් ටත් මරණ තර්ජන එල්ල වුනා. සැම දෙනාටම මෛත්‍රී කිරීමට දේශනා කල ගෞතම බුදුන් වහන්සේටත් ජීවිත තර්ජන එල්ල වුනා. අවිහිංසාවාදය දේශනා කල මහත්නා ඝාන්ධි තුමාටත්, සමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිටිමින් වර්ගවාදය හෙළ දැක්ක මාර්ටින් ලුතර් වගේ අයටත් අවාසනාවන්ත ලෙස අකල් මරණ වලට ගොදුරු වෙන්න සිද්ධ වුණා. නමුත් ඔවුන් ලෝකයට හදුන්වා දුන්නු යහපත් ගුණදහම් තවමත් ලෝකයේ රැදී පවතිනවා. මෙවැනි චෝදනා හරියට “හොරාට කලින් මුට්ටිය දමා බැලීම” වගේ දෙයක්. මේවගේ දේවල් වලින් සැලෙන්න හොද නැහැ. ඒ වගේම මෙවැනි සිදු වීම් අවතක්සේරු කරන්නත් එපා. ඉංග්‍රීසි කියමනක් තියෙනව “Coming events , cast their shadows ” කියලා. ඒ වගේ තමා මේ චෝදනාවත් ඉදිරියට සිදු විය හැකි යම් සිදු වීමක පෙර නිමිත්තක් වෙන්න පුළුවන්. කවුරු මොනවා කරත්, මොනවා කිව්වත් සර්ව බලදාරී අල්ලාහ්ගේ අනු දැනුමෙන් තොරව ගහක කොලයක් වත් හෙල්ලෙන්නේ නැති බව අපි විශ්වාස කරන නිසා, හරි දේ කරමින් සහ වැරදි නොකරමින් සත්‍ය මිනිස්සුන්ට අවබෝධ කරවමින් ජීවත් වෙන කෙනෙක් හැම විටම “Win Win Position ” එකක ඉන්නවා. ඒ කියන්නේ , තමන්ට යම් යහපතක් සිද්ධ වුනොත් ඒ වෙනුවෙන් සර්ව බලදාරී අල්ලාහ්ට ස්තුති කරනවා. ඒ වගේම යම් අවැඩක්, අයහපතක් සිද්ධ වුනොත් එය සරවබලදරී අල්ලාහ්ගේ පරීක්ෂණයක් ලෙස පිලි ගනිමින්, අල්ලහ්ගෙන් සමාව යදිමින්, සියලු දේ සිදු වන්නේ අල්ලාහ්ගේ සැලසුම් වලට අනුව yana විශ්වාසයෙන් කටයුතු කරනවා…..
        කෙනෙක් අසා තිබුන මේ ලැව් ගින්න කොහෙන් කෙලවර වේද කියල. ලැව් ගින්න කොහෙන් කෙලවර වෙඉද කියල දන්නේ ලැව් ගින්න තියපු අයම තමයි.මේ රටේ අන්තවාදී, ජාතිවාදී, වර්ගවාදී පටු බංකොලොත් මානසික තත්වයන් ඇත්තන් සිටින තාක් අකල් මෙවැනි ලැව් ගිනි නිතර පැතිරෙනු ඇත. නමුත් බහුතර ජනතාව තවමත් මෙවැනි ලැව් ගිනි බිහි වූ අවස්ථාවේම නිවා දැමීමට් තරම් භුද්ධිමත් ව කටයුතු කිරීම ඉතාමත් ප්‍රෂන්ෂනීයි. 30 වසරක් පුර ඇවුලුනු ජාති වැදී කුරිරු යුද්දයෙන් බැට කෑ අපි එම යුද්ධයේ අවසානයත් සමගම තවත් එවැනි අවාසනාවන්ත කාලපර්ච්චේද්යක් වෙනුවෙන් අර අදින්න තරම් ,මුග්ධ නොවිය යුතුය. මේ බව සියලුම දේශපාලන, ආගමික නායකයන් මෙන්ම ඔවුන්ගේ අනුගාමිකයන්ද මනාව අවබෝද කර ගත යුතුය.

        1. ඔබත් ලස්සනට ලියන කෙනෙක්. ඉක්මණින් ඔබගෙන් ලිපියක් බලාපොරොත්තු වෙමි. ඔබට හැකි පමණින් ලියන්න. මම එය හදා පලකරන්නම්.

    2. කළු සිංහලයා, නුඹලා වගේ මිස්සු තමය් මේවගේ වැඩ කරන්නේ,, මේවා හොඳ ජාතිවාදී නරුමයෝන්ට,,, මේවගේ දේවල් නතර කරන්න පුළුවන් නුඹලා වගේ මෝඩයෝ නැති උනාම තමය්, නුඹලා යහ මගට වරෙල්ලා, No fun in this kalu Sinhala man, wa ha haaaaaa

  26. කවුරැ මොනවා කිව්වත් සහෝදර අන්වර් ගැන මේ විදිහට ‍ගොතපු බොරැව නම් බොහොම වැරදිය. සි0හල පාඨකයන් සියලු දෙනාම හිතන්නේ අර මුලින් පවසන අයගේ ඝනයේ නොව,බුද්ධියෙන් කියවන පිරිස ඒ අයට වඩා වැඩිය. ජන්ද කාලයට එක් එක් දේශපාලයකයින් රැස්ව්ම් පවත්වමින් මිනිසුන්ව ම0 මුලා වන ආකාරයට මිනිසුන්ගේ මොල සොදති. ඒයට රැවටෙන අප සමාජයේ මිනිසුන් උදෑසනින්ම පිති පමෝධයෙන් ගොස් කතිරය දමා එති. වැඩි දවසක් නොගොස් මිනිසුන්ට අනේ අපරාදේ අපි මේ අයට‍ ජන්දය දැම්මේ කියා සෝසුසුම් හෙලති. එය සාමාන්‍යයෙන් හැම ජන්දේකීදීම දක්නට ලැපබන සමාන්‍ය කියාවකි.ඒ වගේ අපේ මිනිසුන් ඉක්මනින් කවුරැන් හෝ කියන කථාවන් සහ ගොතන කථාවන් වලට රැවටෙති. පසුව එය වැරදි යන වග පසක් වෙනකොට කෝච්ච්ය බොහෝ දුර ගොස් අවසන්ය.නිකරැනේ යමෙකුට දෝෂාරෝපණ එල්ල කිරීමට අප ආගමේ කවදාවත් කියා දී නොමැත.like කරපු අය අතර විජය කුමාරයා සහ කුවේණිය එළාර වැනි අයගේ නම් පමණයි නොමැත්තේ.ඉස්සර රජවරැන්ගේ නම් බොහොමයක් ඇති අය මෙහි සිටිති. ඒ නම් ඇති රජවරැ එදා ඹවුන් කළාවු වීර කියා පිළිබද අද අපට ආඩම්බරයකි.. නමුත් මේ අය මෙවැනි නම් දමාගෙන තිරයේ පිටුපස සිට නටන නාඩගම නම් හරිම අස0වර අසික්කිත නීච බව කිවයුතුමය.මේ ගැන අප සියලු දෙනාගේ බලවත් අපසාදය පළකරමු.‍ අන්වර් සහොදරයාට මේ සිදුවුනා වු සිදුවීම ජිවිතයේ ඉදිරියට යාමක් මිස ආපස්සට යාමක් නොවන බව අප හොදින්ම දනිමි. අභියෝගයක් යැයි සිතා ගෙන නව ජවයකින් ඉදිරියේදි ඹබගේ වෙබ් අඩවිය කරන්නාවු කර්තව්‍යට අපගේ ආදරණි සුභ පැතුම් එක් කරමි.

  27. bro, anver west have some principls towards some issues,they know how to deal ,,,,in ur case seems some powers are backing them cos” b4 killing a person kill his charecter” so i feel they are following this ,,and when i am reading this i feel that i am reading a short story ,,very funny

  28. සහෝදරයා! ඔබට පහර දෙන්න වුවමනාවක් ඔවුන්ට ඇති බව පෙනෙනවා! නමුත් එම කාර්යය තමන්ට කරගන්න බැරිව අනුන් ලවා කරගැනීමට බොළඳ උත්සාහයක යෙදී තියනවා! ඔබට ඊද් මුබාරක්!

  29. මොඩයෝන්ව අන්දනවා මාරු විදිහට, මේ කතාව ලියපු එකා අනිවාර්යෙන්ම දුෂකයෙක් වෙන්න ඕන,, උගේ ලස්සන කතාව ඔබතුමාගේ නම,, කන්ගාටුවෙන්නෙපා සහෝදරයා, මට හිතෙන්නේ උගේ නම වෙනුවට ඔබතුමාගේ නම තමය් මනක්කල්පිත ලෙස දාලා ඇති,, ඔබගේ නම මුළු ලංකාවටම ගියානම්, ඔබතුමාගේ යහපත් දේවල් මේවගේම පතිරිවේවි, ඔබට ජය නියතය්

  30. Eid Mubarak.

    ඔය ලිපිය කියවන සිංහල බව්ද්දයන් අනිවාර්යයෙන්ම මොහුට හිනා වේවි .බාෂාව හසුරුවන්න පුළුවන් අගම්බේද ඔහුගේ ගණයට අයත් වුවන් ඔලුවේ අත තියා ගනීවි,බාෂාව නොදත් ඔහුගේ සෙට් එක මෝඩ ආතල් එකක් ලබා ගනිවී .මොහුට අනුකම්පා කිරීම හැර වෙන මොනවා කරන්නද ?

    නමුත් ලියා තිබෙන ආකාරය ටිකක් හෝ බුද්ධිමත්ව බෙලුවහම තේරෙන්නේ මේ ලියපු ගොනා ඔහුගේ යටිහිතේ මවන දෙයක් නෙවෙය් මේ ලියා තියෙන්නේ ඔහුගේම අත්දෙකිමක් ඔය,මොකද බාල අපරාද කරන අය හැම අතින්ම බාලය්.සිතුවිල්ලෙන් ,ක්‍රියාවෙන් ,හෙකියාවෙන් ………..

  31. anwar dont warry keep in wright continui… allAH WILL panish depnetly
    EID MUBARAK BROTHER

  32. you r doing a good work,may Allah help u to continue your work insha allah.Eid mubarak

  33. dear anwar sahodaraya.. obage web adawi magin samajayata hoda paniwidayak dela thiyenawa. kisi witaka kisima agamakata apahasayak karala na. oba ada samajaye saba yatharthaya penwa dunna pamanai. nabi thuma pamanak nowa siyaluma agamika nayakayo thama agama lowata penwa denna gihilla godak apahasa widala thiyenawa. ballo biruwata kadu path wennane nathi nisa oba gana api dannawa oba dukwenna epa. mewage samahara jathiwadi aya nisa obata ellawena chodanawala kisidu sathyathawayak na kiyala api hodinma dannawa.

    1. ඔබගේ ප්‍රතිචාරයට ස්තූතියි! උපදෙස් මාලාවේ තියෙන ලින්ක් එකට ගොස් සිංහලෙන් ලියන්නත් උත්සාහ කරන්න. ඔබට එය පුළුවන්.

  34. මුලින්ම මෙම අසත්‍ය චෝදනාව ගැන මගෙ අප්‍රසාදය පළ කර සිටිනවා.මෙම චෝදනා ඕනෑම අයෙකුට කළ හැකියි.ඩොමිනික් ස්ට්‍රවුස් ඛාන්ටත් ජූලියන් අසාන්ජේටත් බොරු චෝදනා එල්ල වුනා.මෙතනදි මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.කාන්තාවන් හා පිරිමින් යම් ආකාරයකින් වෙන් කර තැබීම නිවැරදි බවයි.රාජකාරි මට්ටමින් ගනුදෙනු කළ හැකි තැන් වල හැරුන විට කාන්තාවන්ගේ කටයුතු කාන්තාවන් විසිනුත් පිරිමින්ගේ කටයුතු පිරිමින් විසිනුත් කරනවා නම් හොදයි.මම දන්න ඉස්ලාමයේ එවැන්නක් තිබෙනවා.මම ඉස්ලාමය ගැන දන්නේ අල්පමාත්‍රයක් බව මුලින්ම කියනවා.

    ඉස්ලාමීය සමාජයේ අපචාර නැත්තේ කාන්තාව තම සිරුර වසාගෙන තම ගෞරවය රැක ගැනීමට අමතරව කාන්තාවන් හා පිරිමින් වෙන් කර තැබීම නිසයි
    සාමාන්‍යයෙන් ඕනෑම කාන්තාවක් ලැජ්ජා බය ඇතිවයි ඉන්නේ .බොහෝ දෙනා කතා නොකරන පැත්තක් තමයි උසාවි යන මේ වගෙ කේස් වලින් 20% ක් වත් බොරු චෝදනා බව.උසාවි නොයන අවස්ථාත් තියනවා.සංඛ්‍යාලේඛන අවුල්ජාලයක් වී ඇත්තේ එබැවිනුයි

    ප්‍රසිද්ධ පුද්ගලයන්ට එල්ලවන මෙවැනි චෝදනා දෙවරක් සිතා බැලිය යුතුයි.චෝදනාවෙන් උසාවියෙන් නිදහස් වුනත් සමාජමය වශයෙන් වෙලා තියන හානිය වැඩියි
    හැකිතාක් කාන්තාවන් හා පිරිමින් වෙන් කිරීමෙන් අපචාර හා දූෂන මෙන්ම බොරු චෝදනාද වලකා ගැත හැකියි

  35. ~~අන්වර් මනතුංග සහෝදරයටත් සියලුම පාඨකයන්ටත් ඊද් මුබාරක්.

  36. දැන් බලනකොට ලංකාවේ හාමුදුරුවරු දැන් ඉන්නේ පන්සල් වල නෙමෙයි FACEBOOK වල ඒ මදිවට මහාවංශයේ නැති රජවරු සහ වීරයෝ ඉන්නෙත් FACEBOOK එකේ

  37. Brother Anwer,I have a special place for your page in my interests. It is because of the way any given subject is handled by you, very diplomatically – No. 1 journalism. Please do not be disturbed by these “mada prachara”. This may not be the first one. More severe ones may follow. I pray to Allah to guard you against all these evils. Keep up the good work. EID MUBARAK.

  38. නිරපරදෙ කෙනෙකුටව අපහස කීරිමෙන් තමන්ටම එවෙනීම අපහස වීද මිස මෙරෙන්නෙ නෙත.

  39. Article is soo funny.. was like a short Story.
    Hope these kind of things will do nothing to your service.. but give you more courage brothr Anver.!!

    1. ආගම්බේදවාදීන්ට අපි ප්‍රචාරයක් දෙන්න ඕන නැති නිසා ලින්ක් එක මැකුවා. එහි තියෙන සාරාංශය නම් අපි ලෙඩවු සතුන් කෑවම අපිත් ලෙඩ වෙනවා යනුයි. එයට අපට පිළිතුරක් තිබෙනවා. අප විසින් හලාල් මස් ම මිලදී ගන්නේ ඒ නිසයි. හලාල් හි ප්‍රමිතිය කුමක්දැයි පෝස්ට් එකකින් එයට පිළිතුරු දෙමු.

  40. This fake image creator might think that he can support and build Buddhism by abusing , lying , creating false story and images against other religions and preachers, this is the only reason Buddhism never growing and keep on sinking it’s not we Muslims fault its Buddhist people fault so stop attacking and abusing others and find better solution and better way to build Buddhism

  41. ආගමක් ජාතියක් නෙති එවුන්ට ඕන විදිහට බොරු, තක්කඩි වෙඩවල් කරන්න පුළුවන් හේතුව මුන්ට පව් පින් කියල නෙතිනිස මුන්ට කොන්ට්‍රෝල් එකක් නැ, මුන්ට දෙවියෙක් නැ, ඉතින් මුන් ඕනෑම දෙයක් කරන්න බය නැ, මුන්ට ඉතින් මේ වගේ බොරු ප්‍රචාර කරන එක මිසක් වෙන කරන්න දෙයක් නැ බල්ලෝ ගොරවන්වට කව්ද බය

  42. අන්වර් සහෝදරයා මට පෙනෙන විදිහට මෙය සුළුවෙන් හිතන්න පුළුවන් දෙයක් නොවේ. මෙහි භයානක දේ තමයි ඔබගේ පින්තුරය පළකර තිබෙන එක. ඔබේ ලිපියේ අවසානයේ දමා ඇති එය “LIKE” කර ඇති නම් ගණන පැහැදිලිව පෙනෙනවා කොතරම් පිරිසක් එය ගැන සොයා බලන්නේ නැතිව එය විශ්වාස කර තිබෙන අයුරු. ඔබට කරදරයක් පැමිණෙන්න කලින් නීතිය මගින් මේ සඳහා අවශ්‍ය පියවා ගන්න කියා ඔබෙන් ඉල්ලමි. ඔබට පැමිණෙන සෑම කරදරයකින්ම අල්ලාහ් ආරක්ෂා කරත්වා

  43. මුලින්ම කියන්න තියෙන්නෙ වාර්තාකරුවෙක් කියා තමාව හදුනන මේ පුද්ගලයා වාර්තාකරුවෙකු නොවෙන බවයි. මේ ලිපිය හුදෙක් අන්වර් සහෝදරයාට මඩ ගැසීමට ගොතාපු එකක්.අන්වර් සහෝදරයාගේ තර්ක විතර්ක සාදක ඇතුව ඉදිරිපත් කරන ලිපි ඔහොව අසාදාරන ලෙස විවේචනය කර එවන ලිපි වලට එයට සරිලන විදියටම ප්‍රතිප්‍රහාර ලිපි වලින්ම දීමේ හැකියාව සහා සත්‍ය කරුණු ගැන හැර දැක්වීමේ හැකියාවන් වැනි දේවල් වලට ඔහු හා කරට කර හිද හැපීමට බැරි කුහකයෙක් තමයි මේ වාර්තාකරු.ඕනෑම පුද්ගලයකුට නිකරුනේ අපහාස කිරීමට අවසන් වශයෙන් තෝරා ගන්නේ මේ වගේ අවලාදයෙකි.එයයි මේ කුහකයා තෝරා ගෙන තියෙන්නෙ .” කාලකන්නි අජුත පාදයන්ට සාමාජය මගින් දඩුවම් කල යුතුමය. ඉතින් දැකොත් මේ වන සතාවටහොද පාඩමක් උගන්වන ලෙස පාටකඔබ සැමගෙන් ඉල්ලමි” යන විදියට මොහු ලියා ඇත්තේ අන් අයට නිතිය අතට ගන්නා ලෙසයි.ලංකාවේ නීති පද්ධතියක්‌ පොලිසි උසාවි නැති රටක් ලෙස මේ මෝඩයා දකී. තවද ” අන්වර්ලා සමග හැපීමට නොහැකි”යන්නෙන් මොහු කියන්නට උත්සහ දරන්නේ අන්වර් කියන පුද්ගලයා ‘Mafia boss’ කෙනෙක් විදියටයි.මොහු සැබෑ වාර්තාකරුවෙක් නම් මෙ සිද්දිය සම්බන්දව මොහු ලග තිබෙන තොරතුරු ලගම තියන පොලිසියට දෙන්න පුළුවන් නේද.එහෙම නැතුව ඇයි පටකයන්ට නිතිය අතට ගන්නට කියන්නේ. මේකෙන්ම පේනවා මෙ ලිපියේ සතයතාවය. අන්වර් සහෝදරයා මෙවැනි දේවල් වලින් අදෛරමත් වන පුද්ගලයෙකු නැති නිසා තමයී මෙය මෙ බ්ලොග් එකේම පල කලේ.මෙ මගින් අන්වර් සහෝදරයා කෙබදු පුද්ගලයෙකුද කියා පෙනුම් කලා ” ත්වල්කල්තු අල්ලාහ්” අල්ලාහ්ගේ ආරක්‍ෂාව ලැබේවා.

  44. May Allah make their trap in their own throats

    I pray almighty Allah to save you from all types of threats, keep up the good work bro.

  45. මේ අයට මඩගැසීම හැරෙන්න වෙන විකල්පයක් තියනවද ? එහෙත් ගහන මඩ වදින්නෙත් එගොල්ලන්ටමයි

  46. අන්වර් ඔබට සුබපැතුම්!මෙයින් පෙන්නුම් කරන්නේ අන්තවාදීන්ගේ පිළිතුරු දීමේ නොහැකියාවයි,මෝඩයන් අසාර්ථක වුවිට ඔවුන්ට ඇත්තේ විකල්ප තුනකි.,පරුෂවචන/තර්ජන/මුසාව දැන් ඔවුන්ගේ අවසාන උත්සාහයටත් පැමිණීමෙන් පෙන්නුම්කරන්නේ දැනටමත් මෙම අන්තවාදීන් පරාජය බාරගෙන ඇතිබවයි.අන්වර් මෙය ඔබගේ බුද්ධියට,ඉවසීමට ,ලේඛනයට ලැබුන ජයග්‍රහණයකි.සියලු ප්‍රසංශා අල්ලාහ් දෙවියන්ට හිමිවේවා!

  47. සහෝදරයා මං ඔයාගෙ පැත්තේ………..
    ඔයා මෙහෙම දෙයක් කලානම් ඔයා බුදුනේ ජේසුනේ සින්දුව කියන්නෑනෙ……..
    ඒක නෙමෙයි මට බුදුනේ ජේසුනේ එකේ lirics ටික මගේ email එකට එවන්නකෝ….හරි…….

  48. Hello anver

    Hope u remember me , last time I saw u at ……… place . ………………. masha allah happy to see now that u have chosen a divine path of allah . may allah give u all the blessings u need ,

    sallams
    Nazeem

    1. මට ඔබව හොදට මතකයි! ඔබවත් මෙසේ හමුවීම සතුටක්! ආරක්ෂිත හේතුන් මත ඔබගේ ප්‍රතිචාරයේ කොටස් කිහිපයක් අයින් කළෙමි. ඒ ගැන සමාවෙන්න.

Comments are closed.