හැම ආගමක්ම එකයිද?

ලෝක ආගම්
ලෝක ආගම්

හැම ආගමකම තියෙන්නේ එකම දෙයයි. යහපත් දේ කරන්න අයහපත් දේ නොකරන්න කියලයි. මේකට ආගමක්ම ඕනද? හැම ආගමකම ති‍යෙන්නේ මේ දේ නම් ඇයි මිනිසුන් මෙලෙස බෙදී වෙන් වී සිටින්නේ? සමහර විට ඔබටත් මේ ප්‍රශ්නය නැගී ඇතිවාට කිසිදු සැකයක් නැහැ.

 

ආගමක් යනු මිනිසෙකු විසින් ලොව දෙස බලන්නාවු ආකල්පය Attitude බවට අපට සරල වශයෙන් දැක්විය හැක. එනම් අපගේ ලෞකික ජීවිතය සහ ලෝකෝත්තර ජීවිතය කෙරෙහි මිනිසා දරන්නාවු ආකල්පයයි. නිදසුනක් ලෙස මේ ලෝකය ගැන බුදු දහමෙහි, ක්‍රිස්තියානි දහමෙහි හෝ ඉස්ලාම් දහමෙහි ඒ ඒ දහම් වලටම අනන්‍යවු දැක්මක් තිබේ. ඒ ඒ ආගම අදහන පුද්ගලයන් ලොව දෙස බලන ආකල්පය වෙනස් වන්නේ එම දැක්ම අනුවය. පුද්ගලයා විසින් තමන් තුල ඇති වන්නාවු මෙම ආකල්පයට අනුව තමන්ගේ විශ්වාසයන් Beliefs සහ ඇදහිල්ල Faith ගොඩ නගා ගනියි.   ‍

 

මෙලොව ආගම් ගැන බලන කල විවිධාකාරවු වෙනස් කම් සහ විවිධාකාර වු සමාන කම්ද අපට දක්නට ලැබෙනවා. අපට මෙය කොටස් දෙකකට වෙන්කරන්න පුළුවන්. එම කොටස් දෙක නම් ස්පර්ශ කළහැකි Tangible සහ ස්පර්ශ කළ නොහැකි Intangible යනුවෙනි. ස්පර්ශ කළහැකි දේ යනු අපට දැනෙන, හැගෙන, දකින දේය. නිදසුනක් ලෙස දෙමව්පියන්ට ගරු කළයුතුයි, සොරකම් නොකළ යුතුයි, මිනී නොමැරිය යුතුයි, බොරු නොකිය යුතුයි, සොරකම් නොකළ යුතුයි යනුවෙන් හැම දහමකම සඳහන්ව ඇත. මේ කරුණු අරබයා දහම් අතර වෙනස්කම් ඇති වන්නේ ඉතාමත් අල්ප ලෙසිනි. මේවා දෙස බලන කල අපට සිතෙන්නේ හැම ආගමක්ම එකයි නේද? කියායි.  

 

මේවා ස්පර්ශ කළහැකි දේ නිසා දහමෙහි අතීතයේ එම දහමෙහි ශාස්තෘවරයා විසින් දේශනා කළ ආකාරයටම අදත් පවතී. සරලව ගතහොත් අපට මෙම කරුණු ලෞකික දේ පිළිබඳ ආකල්පය යනුවෙන් හඳුන්වන්නට පුළුවන්. අනෙක් කොටස නම් ස්පර්ශ කළ නොහැකි යනුයි. නිදසුනක් ලෙස මරණින් මතු ජීවිතය Life after death, ස්වර්ගය Heaven සහ නිරය Hell ගෙන හැර දැක්විය හැක. මෙහිදී බොහෝ දහම් වල ස්වර්ගය සහ නිරය යන සංකල්පය දක්නට ඇත. නමුත් ඒවාහි නිර්වචනයන් වෙනස්ය. එනම් ඒ දෙස බලන ආකල්පය වෙනස්ය. නිදසුනක් ලෙස ඉස්ලාමය මරණින් මතු ස්වර්ගයක් Jannah සහ නිරයක් Jahannam ගැන කථා කරයි. බුදුදහමෙහිද දිව්‍ය ලොවක් සහ අපායක් ගැන කථා කරයි. කිතුණු දහම හෝ හින්දු දහමද මෙසේයි. නමුත් මෙහිදී මෙම ලෝකෝත්තර දේ අරබයා දහම්හි සංකල්පයන් වල එකිනෙකට වෙනස් පරස්පරතාවයන් දක්නට ඇත.  

 

‍මෙහි තිබෙන දාර්ශනික අරුත සරලව පවසනවා නම් මේ සියළු ආගමික ශාස්තෘ වරුන් පෙන්වා දී තිබෙන්නේ යහපත් විනයක් ඇති ජීවිතයක් ගතකරමින් ආධ්‍යාත්මික සුවය සොයන ලෙසයි. මෙහිදී දහමින් දහමට ආධ්‍යාත්මික සුවය නිර්වචනය කර ඇති ආකාරය වෙනස් වනවා සේම. ඒ අත්පත් කරගත හැකි මාධ්‍යද වෙනස් වේ. නිදසුනක් ලෙස බුදුදහම පෙන්වා දෙන්නේ නිර්වාණයක් ගැනයි. එය අත්පත් කරගැනීමට මාර්ගය ආර්ය අශ්ඨාංගික මාර්ගයයි. ඉස්ලාමය පෙන්වා දෙන්නේ සදාතනික ක්ෂාන්තිය හෙවත් ජන්නාහ්ව උරුම කර ගැනීමයි. එයට මාර්ගය නම්, මුහම්මද් නබිතුමාණන් තම ජීවිතාදර්ශයෙන් පෙන්වා දුන් ජීවන මාර්ගය එනම් සුන්නාහ් වයි.

 

මෙහිදී අප විසින් මේ ශාස්තෘ වරුන් විසින් ක්‍රියා කළ ආකාරය ගැනත් මදක් මෙනෙහි කළ යුතුයි. එදා සිද්ධාර්ථ බෝධිසත්වයාණන් සිටියේ වෛදික දහමෙහිය. එම වෛදික දහම ගැන සෑහීමට පත්නොවී එතුමාණන් සත්‍ය සොයා අභිනික්මනෙහි යෙදුනා. එසේ ගොස් පලමුව ෂඩ් ශාස්තෘවරුන්ගේ මග ගියා. ශාස්තෘවරුන් සය දෙනෙකු යනු දහම් මාර්ගයන් හෙවත් ලබ්ධීන් සයක් බව අප මතක තබාගත යුතුයි. ඉන් එකකිනුදු සෑහීමකට පත්නොවු එතුමාණන් පසුව අත්ථකිලමථානුයෝගය හෙවත් ශරීරයට දුක් දීම මගින්ද සත්‍ය සෙවීමට උත්සුක වුණා. පසුව මැදුම් පිළිවෙතට එලඹ බුද්ධත්වය ලැබු බව ප්‍රකාශ කර වදාළා.

 

මුහම්මද් නබිතුමාණන්ද වරින් වර හිරා නම්වු කන්දෙහි තිබෙන ගුහාවකට ගොස් හුදකලා වෙමින් ජීවිතයේ සත්‍ය සෙවීමට උත්සුක වුණා. ඉන්පසුව එතුමාණන් විසින් තමන් අල්ලාහ්ගේ නබි හෙවත් මානව ශාස්තෘවරයාණන් බව පැවසුවා. කිතුණු දහමෙහි එන යේසුස් තුමාණන්ගේ ජීවිතය සම්බන්ධව බලන කලත් එසේමයි. එතුමාණන් සිය මෙහෙය ආරම්භ කරන්නට ප්‍රථම දින සතලිසක් කාන්තාරයේ හුදකලාව ගතකළ බව බයිබලයේ සඳහන් වෙනවා. මෙහිදී අපට මේ ශාස්තෘ වරුන් විසින් ක්‍රියාකළ ආකාරයේද සමාන කම් දැකගන්නට පුළුවන්. සරලව පවසනවා නම් ඔවුන් එදා පැවති සමාජයේ තිබුණු තන්ත්‍රයන් ගැන සෑහීමකට පත්නොවී සත්‍ය සොයා උඩුගං බලා තරණයේ යෙදුනාවු අයයි.

 

නමුත් එදා ඒ ශාස්තෘවරුන් දේශනා කළ ධර්මයන් අදහන වත්මන් ජනතාව කරන්නේ එදා ඒ ශාස්තෘවරුන් විසින් ආධ්‍යාත්මික සුවය සම්බන්ධව ගත් වෙහෙස ගැන අවධානය යොමු නොකර දහමෙහි කරුණු කෑලි ටිකක් අල්ලාගෙන තමන් ඉතාමත් ධාර්මික යැයි ලොවට පෙන්වමින්, තමන්ගේ දහම ලොව උතුම්ම දහම බව ලොවට හඬගාමින් ඝෝෂා කිරීමයි. එදා ශාස්තෘවරුන් කළා සේම අදත් එම දහම් වල බැතිමතුන් ආධ්‍යාත්මික විමුක්තිය උදෙසා වෙර දරන්නේ නම් අද පවතින ආගම් අතර ගැටුම් කිසිවක් ඇති නොවනු ඇත.  

 

මම මෙම ලිපිය ලිව්වේ අපගේ බ්ලොග් අඩවියට පැමිණි ප්‍රතිචාරයකට පිළිතුරක් වශයෙනි. මෙවැනි ලිපියක් ලිවීමට මගේ චින්තනය අවදි කළ ඇල්කෙමියාගේ දිනපොත නම් බ්ලොග් අඩවියේ කතෘ Piyal Ariyananda මහතාටද ස්තුතිය පලකරමි.

 

 

60 Comments to “හැම ආගමක්ම එකයිද?

  1. කොහෙත්ම නැත ඉස්ලාමය හා බුදූ දහම කියන්නේ අහසට පොලව වගේ එකිනෙකට වෙනස් දේවල් දෙකක් .

    1. ඉස්ලාමයේ කියන්නේ සතුතු මරන්න බුදු දහමේ කියන්නේ සතට පවා කරුණාව දක්වන්න
    2. බුදු දහමේ කියන්නේ මිනිසා ස්වාබවදර්මයේ එක පුරුකක් විටරය් කියල ඉස්ලාමයේ කියන්නේ හැමදේම මිනිසා වෙනුවෙන් මවල කියල
    3. ඉස්ලාමයට අනුව මිනිසා දෙවියන්ගේ වහලෙක් බුදුදහමට අනුව මිනිසාගේ ගැලවුම් කාරයත් තිරනගන්නෙත් මිනිසමය්
    4. ඉස්ලාමය තුල ප්‍රශ්න කිරිම්ට ඉඩක් නැ පිළිගනිම හා ඇදහීම පමනය් තිබෙන්නේ, බුදු දහමේ කියන්නේ ප්‍රශ්න කරන්න අත්හදාබලා පිළිගන්න කියල
    5. ඉස්ලාමයේ තුල තියෙන්නේ රෙකිය පැවැත්මක් බුදු දහම තුල තිබෙන්නේ චක්‍රීය පැවැත්මක්
    6. ඉස්ලාමය තිබෙන්නේ අහේතුක මැවීම් බුදු දහම ක්‍රියාත්මක වෙන්නේ හේතුපල වාදය අනුව

    1. ඔබගේ අදහස
      1. ඉස්ලාමයේ කියන්නේ සතුතු මරන්න බුදු දහමේ කියන්නේ සතට පවා කරුණාව දක්වන්න

      මගේ පිළිතුර

      ඔබ මෙම ප්‍රකාශයට බුදු දහමෙන්වත් ඉස්ලාම් දහමෙන්වත් මුලාශ්‍ර ඉදිරිපත් නොකරයි.

      ඔබ එසේ කියන්නේ කෙසේද? අනවශ්‍ය පරිදි සතුන් මැරීම ඉස්ලාමයට අනුවත් පවක්.
      නබිවදනක මෙසේ සදහන් වේ.
      විනාශය ඇති කරන (පාපකර්ම) හතකින් වලකින්නැයි මුහම්මද් නබිතුමාණන් ප්‍රකාශ කළහ. අල්ලාහ්ගේ දුතයාණෙනි! ඒවා කුමක්දැයි (අනුගාමිකයන්) ඇසුහ. අල්ලාහ්ට සම කිරීම, හුනියම් කිරීම, සාධාරණ හේතුවකින් තොරව අල්ලාහ් තහනම් කළ සතෙකු මැරීම, පොලී පරිබෝජනය, අනාථයින්ගේ වස්තුව උදුරා කෑම, සටන් බිමේ පිටුපා දිවීම, පතිවත රකින අහිංසක හා විශ්වාසවන්තවු කාන්තාවන්ගේ චරිතය ඝාතනය කිරීමයි. (මුලාශ්‍රයන් බුහාරි සහ මුස්ලිම් ග්‍රන්ථ)

      දැන් මට බුදු දහමෙහි මුලාශ්‍රය පමණක්වත් ඉදිරිපත් කරන්න.

      ඔබගේ අදහස
      2. බුදු දහමේ කියන්නේ මිනිසා ස්වාබවදර්මයේ එක පුරුකක් විටරය් කියල ඉස්ලාමයේ කියන්නේ හැමදේම මිනිසා වෙනුවෙන් මවල කියල

      මගේ පිළිතුර
      මෙයද ඔබ වරදවා වටහාගෙන ඇත. ඉස්ලාමය පවසන්නේ ලොව පවතින සියළුදේ මිනිසාගේ යහපත පිණිස ප්‍රයෝජනයට ගතහැකි බව පමණයි.

      ඔබගේ අදහස
      3. ඉස්ලාමයට අනුව මිනිසා දෙවියන්ගේ වහලෙක් බුදුදහමට අනුව මිනිසාගේ ගැලවුම් කාරයත් තිරනගන්නෙත් මිනිසමය්

      මගේ පිළිතුර
      මගේ ලිපිය නැවත කියවන්න. මෙය අයත් වන්නේ මරණින් මතු දිවිය සම්බන්ධ කරුණු වලටයි. ඒවා අතර පරස්පරතාවයන් ඇති බව මම පවසා ඇත.

      ඔබගේ අදහස
      ‍4. ඉස්ලාමය තුල ප්‍රශ්න කිරිම්ට ඉඩක් නැ පිළිගනිම හා ඇදහීම පමනය් තිබෙන්නේ, බුදු දහමේ කියන්නේ ප්‍රශ්න කරන්න අත්හදාබලා පිළිගන්න කියල

      මගේ පිළිතුර
      මෙයත් ඔබ වරදවා වටහා ගැනීමක්. ඉස්ලාමය පවසන්නේ අල්ලාහ් විසින් මිනිසාට හොද හෝ නරක යන මාර්ගයන් දෙකෙන් කුමණ හෝ මාර්ගයක යෑමට ස්වාධින කැමැත්ත ලබාදී ඇති බවයි.

      ඔබගේ අදහස
      5. ඉස්ලාමයේ තුල තියෙන්නේ රෙකිය පැවැත්මක් බුදු දහම තුල තිබෙන්නේ චක්‍රීය පැවැත්මක්

      මගේ පිළිතුර
      මෙයද ලෝකෝත්තර පැත්තට අදාල දෙයක්. එහි අසමානකම් ඇත.

      ඔබගේ අදහස
      6. ඉස්ලාමය තිබෙන්නේ අහේතුක මැවීම් බුදු දහම ක්‍රියාත්මක වෙන්නේ හේතුපල වාදය අනුව

      මගේ පිළිතුර
      ඉස්ලාමය ගැන කෑලි අහුලා වාද කරන ඔබට අහේතුක මැවීමක් යැයි පෙනීම සාධාරණයි. ශුද්ධවු අල්-කුර්ආනයක් මිලදී ගෙන මුලසිට කියවන්න. එවිට ඔබට සියළු හේතු වැටහෙනු ඇත.

    2. කසුන් සහෝදරයාගේ පළවෙනි ප්‍රශ්නයට පමණක් මගේ අදහසත් එකතුකිරීමට කැමැත්තෙමි. බුදු දහමයි ඉස්ලාම් දහමයි අහසට පොලොව වගේ කියන මතය අපිද දරන්නෙමු. මිනිසාගේ පැවැත්ම සඳහා හා ශරීර වර්ධනයට අවශ්‍ය උසස් ප්‍රරෝටීනය පවා අපට ලැබෙන මෙම ගවයා, එළුවා ‍වැනි සතුන් පරි‍භෝජනයට ගැනීම විද්‍යානුකූලවවූවද සනාථ කර ඇති බැවින් අපගේ අභිප්‍රාය බුද්ධාගම හෝ බුදුරජාණන්ට අපහාස කිරීම නොව යථාර්තවාදීව යමක් තෝරා බේරා ගැනීම පමණක් බව කිව යුතුයි. ප්‍රාණඝාතනයෙන් වැලකෙනවා නම් අපට එළවළු පලතුරු පවා පරිභෝජනය කළ නොහැකි තත්වයක් ඇතිවේ. මන්ද ගස් පඳුරුවලට පවා ප්‍රාණය තිබෙන බැවින් අපගේ උදරයේ තෘප්තිය වෙනුවෙන් එම ගස් කොළන් වර්ගද කැපීමෙන් වැලකිය යුතුවේ. අනෙක් අතට ප්‍රාණය පිළිබඳව වඩා සැලකිලිමත් වෙනවා නම් මාළු මත්ස්‍යය අනුභව කිරීම සඳහා ධීවර කර්මාන්තය දියුණු කිරීමෙන් ධීවර සංස්ථාවක් පිහිටුවීමෙන් බුද්ධ දේශනයට පටහැනිව ක්‍රියාකිරීම වරදක් බව ඔබ නොසිතන්නේද? බුදු රජාණන්හට චුන්ද කර්මාර පුත්‍ර විසින් පිළිගන්වනු ලැබූ මස් වර්ග සහිත ආහාරය උන්වහන්සේ විසින් අනුභව කිරීමෙන් පසුව තම උදරයේ ඇතිවූ ආබාධය හේතුකොටගෙනම උන්වහන්සේ පිරිනිවන්පෑම සිදුවූ බැවින් උන් වහන්සේ මස් ආහාර අනුභවයට තහංචි පැනවූයේ නැති බවට අපට තිබෙන හොඳම සාක්ෂියකි. එසේ උන්වහන්සේ සතුන් මැරීම හෝ ආහාරයට ගැනීම තහනම් කළා නම් මෙතැනදී අපට පැන නගින්නේ උන්වහන්සේ එම තැනැත්තා ගෙනදුන් මස් ආහාරය අනුභව කලේ ඇයිද කියන ප්‍රශ්නයයි. එනම් මෙය ශ්‍රී ලංකාවේ පමණක් සමහර අය විසින් ඇතිකරගත් ප්‍රබන්ධයක්ද යන්න අපට තිබෙන තවත් චකිතයකි. අනෙක බෞද්ධ ධර්මය පවසන්නේ ප්‍රාණ ඝාතනය ගැනද නැතිනම් සතුන් ඝාතනය ගැන පිළිබඳව බෞද්ධයින් අතරම මතගැටුම් පවතිනවා. සමහරු සතුන් මැරීම තහනම්වූවත් අනුභව කිරීම තහනම් නැතැයි වදාරනවා. සතුන් මරන්නේ නැතුව කන්නේ කෙසේදැයි බුදු දහම කියාදී තිබෙනවාදැයි අපි නොදනිමු. තවද මෙම මස් වර්ග ආහාරය ගැනීමට සුදුසුද නැද්ද යන්න තීරණය කළයුතුව තිබෙන්නේ එම සතුන් මෙලොව නිර්මාණය කළ දෙවියන් විසින් හැර මහ පොලොවේ පය ගා ජීවත්වූ මිනිසුන් විසින් නොවේ. මෙය ඔබට ජීර්ණය කළනොහැකි සංකීර්ණ දෙයක්වූවද සත්‍ය එයයි. එමනිසා සීමිත සතුන් වර්ගවලට අයත් මස් පරිභෝජනයට ගැනීම විද්‍යානුකූලව අනුමතවී ඇති බැවින්ද අපගේ ශරීර අවයවයන් එම ආහාරය සපා තුනීකිරීමට අවශ්‍ය මාංශභක්ෂ දත් හතරක්ම අප මුඛය තුල දෙවියන් විසින් ලබාදී ඇති බැවින්ද මාංශ හෝ මාංශ නොවන සියළු ආහාරයන් දිරවීමට උපකාරීවන ආමාශයද අපගේ ශරීරයේ දෙවියන් විසින් මවා නිර්මාණය කර ඇති බැවින්ද මෙම මස් වර්ග පරිභෝජනයට එරෙහිව හඬ නැගීම හුදෙක් පුස්සක් බව අවසාන වශයෙන් සඳහන් කරමි. මුස්ලිම්වරුන් තම ආහාරය සඳහා පමණයි සතුන් ඝාතනය කරන්නේ එෟ හැර විනෝදාශ්වාදය සඳහා නොවේ. මිනිසා වෙනුවෙන් දෙවියන් වහන්සේ අන්වස්තු සියල්ල මැවුවා මිසක් අන් වස්තු සියල්ල සඳහා මිනිසාව දෙවියන් විසින් මවා නැති බව ඉස්ලාමය දැඩි ලෙස දරන මතයයි. උදාහරණයකට ජලය වෙනුවෙන් අපි නොව අපි වෙනුවෙන් ජලය කියන තමා අපි ඉන්නේ……..එසේවූවද ඔබ ගඟබඩ ආශ්‍රිතව ජීවත්වූවත් ජලය අපතේ යැවීමට හෝ නාස්ති කිරීම ඉස්ලාමය දැඩි ලෙස හෙලා දකින බව කිව යුතුයි.

  2. කසුන් කියන පුද්ගලයා බෞඋද්ද දර්ශනය ගැන දන්නා අබුද්දයෙක් බව පේනවා .හේතුව ඔහු තුල වෛරය රජයන අතර මුසාවන් වලින් පිරිලා .ඔහුගේ කොමන්ස් වලින් පෙනෙන්නේ අසහනයෛ.බෞද්ද දර්ශනය ලස්සනයි නමුත් ප්‍රායෝගික නැහැ නේද? 30ස් වසරක යුද්දය බෝඋද්ද දර්ශනයෙන් තුලින් නිමකිරීමට නොහැකිවිය .ප්‍රානගාතනය නොකර බැරිවුනනේද? බුදු දහම වෙනස් කර ඇත.ප්‍රානාතිපතා ගවයාට පමණක් සිමා විය.අනෙක් සතුන් පව්,සුරාව නැති මගුල් ගෙයක් නැත.අදින ඇදුම් වලින් වයසක අය පවා කාමයේ වරදවා හෙසිරිමට පොලබව්යි.බෝඋද්ද දර්ශනය විනාශ කරන්නේ මෙවැනි අයයි.මෙහෙම ගියොත් ම්ය්ත්රි බුදුන්ට මෙහෙ දහම් පාසලකට යාමට සිදු වනු ඇත .හේතුව දැන් පවතින බෝඋද්ද දර්ශනය ගොඋතම බුදුන් දන්නේ නැත.එතුමා තමන්ට වදින්න කිව්වේ නැත.දැන් තිබෙන බුදු රුපය බුදුන් දන්නේ නැත.තමන් දෙස බලා සිටි ආනන්ද හාමුදුරුවන්ට කිව් දෙය අමතක කර ඇත.තමන් ගෙන් ප්‍රර්ථනා කිරමේන් ලෙඩ සුව වීම හෝ තමන් පතන දෙය ලබා ගෙනිමට පුලුවන්බව කොහේහෝ පවසා තිබේද?බෝඋද්ද දර්ශනය කණපිට හරවාගෙන සසරේ අතරමංවී අන්යට වෛර කරමින් අව්විජ්ජි නරකාදියට මාර්ගය සොයමින් සිටි.අපට වෛරය කිරීමෙන් ඔබට නිවන් දැකිය නොහැක.බෝඋද්ද දර්ශනය අනුව බුදුහාමුදුරුවෝ අංගුලි මාලට පවා වෛර නොකළ බව සදහන්ය.ලංකාවේ බෝතුබල සේනාව බුදහමුදුරුවන්ගේ දර්ශනය ගාතනය කරමින් සිටි .

  3. මුස්ලීම් වරයෙකු වන්නේ නැමදීමට සුදුස්සා අල්ලාහු හැර වෙන කිසිවකු නොමැති බවට විශ්වාස කිරීම්.නබි මුහම්මද් අවසාන දේව දුතයා බවට විස්වාස කිරීම.ජින් වරු විශ්වාස කිරීම ,අවසාන දිනය ගැන විශ්වාස කිරීම,සාතන් ඇති බව විශ්වසකිරිම,අල්කුරාණය අල්ලාහ් ගෙන් පැමිණි බවට විශ්වාස කිරීම.ස්වර්ගය සහ නිරය විශ්වාස කිරීම.සලාතය ඉටු කිරීම.ඉහත සදහන් එකක් හෝ අවිශ්වාස කිරීමෙන් ඉස්ලාමය හැර ගිය කෙනෙකු බවට පත්වේ.මෙය සුරතුල් බකරා හි මුල්කොටස කියවීමෙන් තේරුම් ගතහැක.
    බෞද්දයා යනු කවෙරෙක්ද? කරුණාකර කවුරුහරි ත්‍රිපිටකය තුලින් පහදන්න.හේතුව මාලග ත්‍රිපිටකයක් ඇත.

    1. ismath

      “බෞද්දයා යනු කවෙරෙක්ද? කරුණාකර කවුරුහරි ත්‍රිපිටකය තුලින් පහදන්න.හේතුව මාලග ත්‍රිපිටකයක් ඇත.”
      ඔබ මුස්ලිම් ආගම කෙටියෙන් පැහැදිලි කිරීම ගැන ස්තුතියි. මා තේරුම් ගත්තේ එය විස්වාසය මත පදනම්වූ ආගමක් බවයි. ඔබ ළඟ ත්‍රිපිටකය තියෙන එක හොඳයි. ඒකෙ විනය පිටකය මදකට අත් හරින්න. සුත්‍ර පිටකයට අවධානය යොමු කරන්න. එකේ කාලාම සුත්‍රය බැලුවොත් ඔබට පෙනේවි බුදුන් වහන්සේ කියා ඇත්තේ කිසිම දෙයක් තම හර්ද ශාක්ෂියට අනුව නො පිලිගැනේ නම් එය නිවැරැදි යයි තමන් වහන්සේ කිවූ නිසාවත්,දෙමව්පියන් කිවූ නිසාවත්,රජ දරුවන් විසින් කිවූ නිසාවත්,පරම්පරාවෙන් පැවත එනවා යයි කිවූ නිසාවත්, නොපිළිගන්නා ලෙසය. මින් පැහැදිලි වන්නේ බුද්ධාගම යනු විස්වාසය මත පදනම්වූ ආගමක් නොවන බවයි. බුද්ධ ධර්මය ඇත්තේ එය අවබෝධ කර ගත් තැනැත්තා ළඟය. බුදුන් වහන්සේ එක සුත්‍රයක පැහැදිලිවම කියා තිබේනවා තම ධර්මය ඇත්තේ නුවනැත්තා වෙනුවෙන් පමණක් බව. හේතුව බුද්ධ ධර්මය ඇදහීමක් වගේම දර්ශනයක් වන නිසයි. ත්‍රිපිටකයේ දර්ශනය කොටස මුළුමනින්ම අභිධර්මය කොටසේත්, සුත්‍ර පිටකයේත් තියෙනවා.
      ඔබගේ දෙවැනි ප්‍රශ්නය ත්‍රිපිටකය අනුව බව්ධයෙක් හඳුනා ගන්න ආකාරයට කෙටි පිළිතුරක් දුන්නොත් බ්වුද්ධයා යනු නිර්වාණය අරමුණු කර ගත් තැනැත්තාය. ත්‍රිපිටකයේ මධ්‍යම නිකායේ 116 වැනි අනාපාන සති සුත්‍රය මැනවින් අධ්‍යනය කලොත් නිර්වාණය අරමුණු කිරීමට නම් බෝධි පාක්ෂික ධර්ම 37ක් අනුගමනය කළයුතුයයි පැහැදිලි වෙනවා ඇති. ත්‍රිපිටකයේ සුත්‍ර පිටකයේ ඇති සිඟාලෝවාද, වසල, මංගල, අදී සුත්‍ර අධ්‍යනය කලොත් බ්වුද්ධ ආර්ථික විද්‍යාව , බ්වුද්ධ සමාජ විද්‍යාව බ්වුද්ධ ආචාර විද්‍යාව පිලිබඳ කරුණු පිළිගන්න පුළුවන්.

      විනය පිටකය අධ්‍යනය කිරීමෙන් භික්සුවකගේ හෝ භික්සුනියකගේ භික්සුත්වය නැති වන ආකාර 4 ගැන දන ගන්න පිළිවන්.

      සමරසේකර

      1. to Mr W.M.K.Samarasekara
        // බුදුන් වහන්සේ එක සුත්‍රයක පැහැදිලිවම කියා තිබේනවා තම ධර්මය ඇත්තේ නුවනැත්තා වෙනුවෙන් පමණක් බව. හේතුව බුද්ධ ධර්මය ඇදහීමක් වගේම දර්ශනයක් වන නිසයි. ත්‍රිපිටකයේ දර්ශනය කොටස මුළුමනින්ම අභිධර්මය කොටසේත්, සුත්‍ර පිටකයේත් තියෙනවා.//
        1 ඉහත චේදයෙන් මට ප්‍රශ්නයක් නැගෙනවා.බුද්දාගම නුවනාත්තන්ට පමණක් නම් බහුතර අනිත් අයගේ කලදසාව කුමක්ද?90%පමණවන අන්‍යාගම් කාරයන්ට කුමක් වේද?බුදුහාමුදුර්වන්ට පෙර ජීවත් වූ මිනිසුන්ගේ ඉරණම කුමක්ද?
        2 නිවන්දකීමෙන් පසු නැවත ඉපදීමක් නැත්නම් අපි කුසල් කරන්නේ අහවල් දේකටද?කුලී වැඩක් කරත් අවසානයේ එම තැනැත්තා කුලියක් බලාපොරොත්තුවෙනවා.එය එසේ තිබියදී කෙනෙක් කරන කුසල් වලට අවසාන ප්‍රතිපලය නිවන් ලැබීම නම් කුසල් නොකර පාප කර්මයන් ගෙන් මිදී සිටියම ඇතිනේද? මා දන්නා ප්‍රදාන ආගම්වලනම් අපි මෙලොව කරන කුසල් වලට අවසානයක් නැති සුවර්ගයක් ලැබෙනවා.

        1. ejward මහතා, ඔබේ පහත සඳහන් ප්‍රශ්න වලට පිලිවෙලින් පිළිතුරු ඉදිරිපත් කරනවා.
          “බුද්දාගම නුවනාත්තන්ට පමණක් නම් බහුතර අනිත් අයගේ කලදසාව කුමක්ද?90%පමණවන අන්‍යාගම් කාරයන්ට කුමක් වේද?”

          බහුතර අනිත් අය පමණක් නොව 37ක් වූ බෝධි පාක්ෂික ධර්ම අනුගමනය කල උවත්, මාර්ග පලයකට නොපැමිණි බෞධයාද ඇතුලත් සියලුම දෙනා ඉපදෙමින් මැරෙමින් මේ සංසාරයේ (බ්‍රහ්ම ලෝක,දිව්‍ය ලෝක,මිනිස් ලොව, සහ අපාය) අඛණ්ඩවම ගමන් කරනවා.සෝවාන් ඵලයට පැමිණි අය ආත්ම භාව 7 කට වඩා ඉපදෙන්නේ නෑ. සතර ආපයට යන්නෙත් නෑ. නියත මිථ්‍යා දෘෂ්ටිය ඇත්තා කරන්නේ 10 අකුශල වලින් එකක්. ඒ නිසා ඔහු මරණින් පසු යන්නේ අපායටයි.

          “බුදුහාමුදුර්වන්ට පෙර ජීවත් වූ මිනිසුන්ගේ ඉරණම කුමක්ද?”
          ගෞතම සම්බුදු හාමුදුරුවන්ට පෙර පහලවූ සමබුදු හාමුදුරුවරු 27 නමක් ගැන ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. ගෞතම බුදු හාමුදුරුවෝ පළමු විවරණය ලබාගත් තැන් පටන් කල්ප අසන්ඛෙයිය ලක්ෂ 4ක් ඒ සඳහා පෙරුම් පිරුවා. බුදු බව පැතුවේ ඊට කල්ප අසන්ඛෙයිය ලක්ෂ 3කට පෙර තන්නන්කර බුදු හාමුදුරුවන්ට නංගිව ඉපද සිටියදිය. තමන්ගේ මවගෙන් මතු බුදු විමට වරම් ලැබුනේ කල්ප අසන්ඛෙයිය ලක්ෂ 16 කට පෙරය. මේ අනුව කල්ප 7ක් තුලදීම පහලවී ඇත්තේ බුදුවරු 28 නමක් පමණි. මිට අමතරව බොහෝ පසේ බුදු වරුන් පහල උනා කියල සඳහන් වෙනවා. පසේ බුදු වරුන්ට ධර්මය අවබෝධ කර ගන්නට පුළුවන් උනත් අනෙක් අයට කියා දෙන්න බෑ.

          1. “නිවන්දකීමෙන් පසු නැවත ඉපදීමක් නැත්නම් අපි කුසල් කරන්නේ අහවල් දේකටද?කුලී වැඩක් කරත් අවසානයේ එම තැනැත්තා කුලියක් බලාපොරොත්තුවෙනවා.එය එසේ තිබියදී කෙනෙක් කරන කුසල් වලට අවසාන ප්‍රතිපලය නිවන් ලැබීම නම් කුසල් නොකර පාප කර්මයන් ගෙන් මිදී සිටියම ඇතිනේද?”
            ajward මහතා,
            කුසල් යනු යම් හොඳ කටයුත්තක් කිරීමේදී තමන්ට ඒකෙන් පිනක් ලැබෙන බවට තම සිත පහදාගෙන කිරිමෙන් ලැබෙන දෙයටයි. බස් එකේදී ගැබිනියකට ආසනය චාරිත්‍රයක් ලෙස දුන්නොත් ,අනුන්ගේ බල කිරිමට දුන්නොත් , ජනප්‍රිය වීමට දුන්නොත් ,තරහෙන් දුන්නොත් , කුශලයක් ලැබෙන්නේ නෑ. එසේ කිරීමෙන් තමන්ට ඒකෙන් පිනක් ලැබෙන බවට තම සිත පහදාගෙන දුන්නොත් පමණයි කුශලයක් ලැබෙන්නේ. ඒ කුශලයෙන් හොඳ විපාකයක් ලැබෙනවා. අකුසල් යනු යම් හොඳ නොවන කටයුත්තක් කිරීමේදී තම සිත අපහදාගෙන කිරිමෙන් ලැබෙන දෙයටයි. ඒ අකුශලයෙන් නරක විපාකයක් ලැබෙනවා. කුසල් සහ අකුසල් සෑම අයෙකු අතින්ම සිදු වෙනවා. එසේ වන්නේ චේතනාව අනුවය. කුසල් සහ අකුසල් කිරීම නිසා ඇතිවන විපාක මත පුද්ගලයන්ගේ සසර පැවැත්ම තීරණයය වෙනවා.
            කුසල් වල ප්‍රතිඵලය වශයෙන් පමණක්ම නිවන් දකින්න බෑ. ඒක යාච්නා කරලා ගන්නත් බැ. කාටවත් ප්‍රදානය කරන්නත් බෑ. එක්‌ බෝධි පාක්ෂික ධර්ම 37 අනුගමනය කරලා තමන්ම අවබෝධ කලයුතු තත්වයක්.

            ” මා දන්නා ප්‍රදාන ආගම්වලනම් අපි මෙලොව කරන කුසල් වලට අවසානයක් නැති සුවර්ගයක් ලැබෙනවා.”

            නිවන කියන්නේ ඉපදෙන්නෙත් නැති මැරෙන්නෙත් නැති අවස්ථාවක්. අන් ආගම් වල සදාකාලික පැවැත්මක් තියෙන ස්වර්ග ගැන සදහන් උවත්, නිවන කියන්නේ එසේ පැවැත්මක් තියෙන භවයක් නෙමේ. නිවන් දකින පුද්ගලයාගේ මරණයෙන් පසු ඔහුගේ විඤානය අවසන් වෙනවා. ඔහුගේ මරණයේදී චුති චිච්තයක් හට ගන්නේ නෑ.
            samarasekara

          2. සමරසේකර මහතා,
            ඔබගේ විස්තරයට ගොඩක් ස්තුතිය්.නමුත් ඉස්ලාම් ආගමේ මිට වඩා සරලව ජීවිතයේ අර්ථය පැහැදිලිකර තිබෙනවා.

  4. Mama ahala thiyenawa ling gembo gana methana innawa ling gembo genuth king gembo mang mě kiyanne islám agama gana nodana gana dema dannawa wage katha karana religion namathi ling wala inna abuddhayo ganai

  5. ආගම් වසයෙන් ගත කල ප්‍රදාන ආගම් ලෙස සලකන පරණ ගිවිසුම අලුත් ගිවිසුම කුරානය සර්වබලදාරි දෙවිනගෙන් පහලවූ ආගම් වන අතර ඒ සියලීම මුලික හරය එකමය.එහෙත් කාලයාගේ ඇවෑමෙන් කුරානය හැර අනිකුන් ආගම් බොහෝසෙයින් වෙනසට බදුන් විය.කුරානය ලෝක අවසාන දිනය දක්වා කිසිම වෙනසකට ඉඩ නොදී ආරක්සා කිරීමේ වගකීම දෙවීයන් සතික කර ඇත.මේ අනුව පෙදුවේ සියලු ආගම් වල හොද දේ කිරීමට උගන්වා ඇතත් පනවා ඇති නීති වල වෙනසක් ඇත.වත් පිල්ලිවෙත් වල වෙනස් කම් ඇත.ඉස්ලාම් ආගම මුළුමහත් ලෝකවාසි ජනයා හට දී ඇති ආගම නිසා එහි ඇති නීති පවා ලෝකයේ ඕනෑම තැනකට ගැලපෙන ඒවා ලෙස පහල කර ඇත.උදාහරණයක් ලෙස ගත් කල අයිස්ලන්තය වැනි රටවල මිනිසුන්ගේ ආහාරය සත්ව හා මලුන් වන අතර ඔවුන්ට සත්ව ගාතනය සම්පුනගෙන්ම ටහනම් කළහොත් ඔවුන්ට එවැනි ආගමක් ප්‍රයෝගිකව අනුගමනයකළ නොහැක.තවද ලෙඩකට බෙහෙත් ගැනීම කල නොහැකිය.මන්දයත් ලක්ස සන්කියාත ශුද්රජීවීන් විනාස වනනිසාය.මැලේරියා බරවා මර්දන වියාපාර පවත්වාගෙන යා නොහැක.දිවරයින්ට කුකුල්ගොවිතන් ආදී සියලු දේ නවතා දැමිය යුතුය.එක රටක් තව රටක් ආක්‍රමණය කලත් යුදමය පියවරක් ගැනීමට නොහැකිය නැත්නම් මේ සියලු අවස්ථාවලදීම තම ආගම සඔසොදනය කර කර සිටිය යුතුවෙනවා.
    මේ වගේ කරන්නගත්තොත් එම අගම විහිලුවක් වනවාට කිසිම සැකයක් නැත.තවද එවැනි ආගමක් බුද්දිමත් අය ප්‍රතික්සේප කරනු ඇත.
    දර්මයක් දෙසන්නේ තමන්ගේ බුද්දීමට්ටමට සරිලන තරමටය.එය කලනෙන් කාලයට දේශයෙන් දේශයට වෙනස් වනු ඇත.
    දර්මදෙසකයෙකුට අනිත් අයට හොද නරක තොරාදෙනු මිස කිසිමදෙයක් කිරීමට නීති දැමිය නොහැක.මිනිසාගේ දැනුම පරිපුර්ණ නොවන අතර එය වරදීමේ ප්‍රවනතාව බොහෝය.විද්‍යා දැනුම පවා කොපමණ වෙනස්කම් වලට ලක්වෙනවාද.සරලම උදාහරණයක් කිවහොත් අපි එක දුම්රියක අසුන් ගෙන සිටින විට ඊටම අනිත්පත්තෙන් ඇති දුම්රිය ගමන් කලවිට අපට දැනෙන්නේ අපි ගමන්කරන්නාසේ නේද?
    මිනිසා තමන්ගේ හැකියාව නියම වසයෙන් වටහානොගෙන දෙවියන්ට අබියෝග කිරීම කොතරම් මෝඩ ක්‍රියාවක් ද යන්න මරණයෙන් පසු දැකගත හැකිය.නමුත් ඇති ප්‍රශ්නය නම් නැවත මෙලෝකයට ඇවිත් කල වැරැද්ද නිවැරදි කිරීමට අවකාස නොලැබෙන එකය්.

  6. මෙතැන සමහරුන්ට ඔව්න්ගේ අය මොන ජරාව කලත් හම්බයෝ විතරක් මහා පව් කාරයෝය.ඒ නිසා මොන විදිහට තේරුම් කලත් එවෛන් පලක් නැත.චීනය වැනි රටවල පණපිටින් පනුවන් තම්බලා ,ඩෙවල් කර කෑවත්,ඔව්න්ගේ වැසිකිළිවල වතුර නැතත් ඔව්න්ට ඒවා පෙනෙන්නේ නැත.තවත් කෙනෙකු කියනවා සිංහල බුද්දාගම අනුව යුද කර හැකිලු.අන්න ඒ වගේ තමය වාසියට දහම එකෙක විදිහට එඩිට් කරනවා.සමහරුන්ගේ හැම ප්‍රතිචාරයක් දිහාම බැලුවම පෙන දෙයක් තමය් ඔව්න් ඉන්නේ මුස්ලිම් අපි සමග වෛරයෙන්.ඒ නිසා කතාකරන්නේ ඉස්සෝ වගේ ඒ නිසා මන් හිතන්නේ ඔව්න් සමග වාද කරලා වැඩක් නැහැ කියලා .පුළුවන්නම් අපි දුඅ කරමු මෙවැනි අය වෙනුවෙන්!

  7. කසුන්ගේ මේ කියමන අරි අපුරුය් “ඉස්ලාමයට අනුව මිනිසා දෙවියන්ගේ වහලෙක් බුදුදහමට අනුව මිනිසාගේ ගැලවුම් කාරයත් තිරනගන්නෙත් මිනිසමය්”
    රොබෝ කෙනෙකුත් සිතනවා ඇති මිනිසා ඔහුගේ වහලෙක් කියලා.නමුත් රෝබෝඑකේ ප්‍රෝග්‍රෑම් එක අප්සෙට් උනාම තමය එය නිර්මාණය කරපු එක්කෙනා මතක් වෙන්නේ.ඒ වගේ තමය අපිටත් කෙලවුනාම තමය් දෙය්යෝ මතක්වෙන්නේ.ඇගපත උජාරුවට තිබෙනකම් ඔය වගේ දොඩවන්න පුළුවන්.නමුත් වැරදුනු තැන දෙවියන් මතක් වේවි.එහකොටවත් නියම දෙවියෝ කව්දය් සොයාගෙන තිබ්බොත් හරි නැත්නම් සොරිම තමා.
    මිනිසා මිනිසාගේ ගැලවුම් කාරයා නම් කන්සර් වාට්ටුවට ගිහින් ඒ සියල්ලගේ ප්‍රසන වලට විසදුම් ලබාගන්න බැරි මොකද?
    මිනිසාට මේ ටික කරගන්න පුලුවන්නම් තව මොනවාද.

  8. “තවත් කෙනෙකු කියනවා සිංහල බුද්දාගම අනුව යුද කර හැකිලු.අන්න ඒ වගේ තමය වාසියට දහම එකෙක විදිහට එඩිට් කරනවා.”
    පාතිමා මහත්මිය,
    ඔබට සිංහලයෝ ගැන වත් සිංහල බුද්ධාගම ගැන වත් හරි දැනුමක් නැති බවයි පෙනෙන්නේ . සිංහල රජ කාලේ අපරාධ කාරයන්ට දුන් වධ 32 ගැන ටිකක් හිතන්න. 88/89 භීෂණ සමයේ පාරක් පාරක් ගානේ මිනිස්සු මරලා දාපු හැටි මතක් කරන්න. කී දෙනෙකුගේ අත පය ,හිස්, වැටවල් වල ගහල තිබ්බද? 60,000 කට අධික සිංහලයෝ සිංහලයන් විසින්ම මරලා දැම්මා නේද . ඔබට පෙනේවි සිංහලයෝ කොච්චර දරුණු අයද කියලා. ප්‍රශ්නය කොහොමද පානාතිපාතා වේරමණී ශික්ෂා පදං සමාදියාමි කියන සිංහලයෝ එහෙම කලේ. ඒක සිංහලයන්ගේ එක් ජාන ලක්ෂනයක් ඒක ආවේ ශාක්‍යයන්ගෙන්. සිංහල බුද්ධාගමගැන මා කලින් උවමනාවටත් වඩා කරුණු දක්වා තියෙන නිසා ඒ කරුණු අධ්‍යනය කර ඉන් පසු විවෙච්චනය කරන්න. එක කරුණක් කියන්නම්. 2000 වසරේදී යුද්ධයෙන් සාමය ඇති වේයයි කිසිවෙකුත් නොසිතු කාලේ එවකට මල්වතු මහා විහාරයේ නායක අපවත්වූ අමුණුගම රාජ ගුරු ශ්‍රී විපස්සි නායක හාමුදුරුවෝ තමයි “රෝහණ ජන රංජන ” උපාධිය අනෙකුත් දේශපාලන පක්ෂ වල නායකයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු පෙළ නායකයන් මගහැර දෙවෙනි පෙළ නායකයෙකුවූ මහින්ද රාජපක්ෂ මහතාට දී යුද්ධය ඇරඹීමට මග හෙළි පෙහෙළි කලේ. ඔබ කියන්නට උත්සාහ කරන්නේ අමුණුගම රාජ ගුරු ශ්‍රී විපස්සි නායක හාමුදුරුවෝ තමන් වහන්සේගේ වාසියට බුද්ධාගම එඩිට් කලා කියලද?

    සමරසේකර

  9. සමරසේකර මහත්මයා අමුතුවෙන් එඩිට් කරන්න දෙයක් නැහැ නේද ? ඔබ කිව වගේ ඉස්සර ඉදන් අපේ රටේ පානාතිපාතා කිය කියා කොඉ තරම් මිනි මැරුවද මරමින් සිටිනවද.. දහමක ශතෘ වරයා නොකියපු දේවල් දහමට අලුත් නම් වලින් එකෙක කෑලි එකතු කිරීම තමය ඔබ ඔය කියන සිංහල බුද්දාගම.බුදු හාමුදුරුවෝ කියල නැහැ නේ සසර දිගු උනත් නොකරම බැරි අවස්ථාවක සතුරාව මරන්න කියල.සතුරාට මෛත්‍රී කරන්න කියල තමය තියෙන්නේ.නමුත් ප්‍රයෝගිකව එක කෙරෙන්නේ නැහැ සමහරවිට කරන්නත් බැහැ අන්න එක තමය් යථාර්තය.එනිසා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සතුරාව මරන්න වෙනවා.අන්න ඒ නිසා තමය ඔබල සිංහල බුද්දගමක් ඇතිකර ගත්තේ. මුසල්මානුවන් ත්‍රස්තවාදියෝ සතුරාට මෛත්‍රී කරන්නේ නෑ කියල කෑ ගැහුවට ඔබල උනත් ප්‍රතික්‍රිය කරන්නේ ඒ විදිහටමය්.නමුත් වෙනස ඔබගේ ශාතෘ වරයා නොකියපු දෙයක් ඔබල අලුතෙන් ඇතිකරගෙන.

    1. පාතිමා මහත්මිය,

      මම අදහස් කලේ මම උගත් (උගත් කියන්නේ සහතිකම නොවේ) කාන්තාවක් සමග සමග සාකච්චා කරනවා කියලයි. උබේ උත්තර වලින් එහෙම එකක් මට වැටහෙන්නේ නෑ. නිකන් කාලය නාස්ති කිරීමක් පමණයි .
      සමරසේකර

      1. සමරසේකර මහත්මයා, ඔබට මා ගැන ඕනෑම දෙයක් සිතීමට නිදහස ඇත. ස්තුති ! ඔබේ හෝ වෙන කෙනෙකුගේ දහම ගැන වැරදියට කතා කරන්න මගේ අදහසක් නැහැ.මගේ ප්‍රතිචාරය කියවන අයට තේරේවි.මාත් විශ්වාස කරනවා තවදුරට තර්ක කර පලක් නැහැ කියල.ඒ සමහර දේවල් කොඉතරම් තර්ක කරත් මිනිස්සු ඉන්න ස්ථාවරය වෙනස් නොවෙන නිසා එකෙන් වෙන්නේ සිත රිදෙන එක විතරය්.ඔබගේ සමහර අදහස් වලට එකග නොවුනත් මා නම් හිතනවා ඔබ බුද්දිමත් කෙනෙකු කියා එනිසා ඔබගේ අදහස් වලට ගරු කරනවා.නමුත් තමන් ඇරෙන්න අනිත් අය මෝඩය් කියා සිතන මනසිකත්ව්ය ඔබලාගේ ගොඩක් අයට තියෙනවා.ඔබ කිව වගේ එකත් ජාන වලින් අවද මන් දන්නේ නැහැ.ඔබටත් එහෙම හිතෙනවා නම් ඔබට කවදාවත් අලුත් දෙයක් ඉගෙන ගන්න බැහැ කියලය් කියන්න තියෙන්නේ.

      2. කවරෙකු හෝ මට පහදන්න නිර්වාණයෙන් පසු කුමක් සිදු වේ දැයි බුදු දහමට අනුව

  10. ස්තුතියි සමරසේකර මහතා.
    විශ්වාසය පිලිබදව ඇයි ඔයා ඔයතරම් අවිශ්වසකරන්නේ.අපි තාත්තාව තෝරා ගත්තේ d n a පරීක්ෂාවෙන් නෙමෙයි නේද.බුදුහාමුදුරුවන්ගේ දේශනා පවා පිලිගන්නේ ඒයා එය කිව්බවට ඇති විස්වාසයනිසායි.නැතිව අපි අතීතයට ගිහින් බැලුවේ නැහැ නේද.අතීතයෙන් ආවත් විශ්වාස කලයුතු දේ විස්වාස කලයුතුයි. අල්කුරාණය අපි හුදෙක් නිකම්ම පිලිගෙන නැත.එය අවුරුදු 1400කට ඉහත ලියවූ නමුදු අබමල් රේණුවක් වුවද වචන වල වෙනසක් වී නැතිඅතර වර්තමානය මනා ලෙස හසුරවමින්සිට්.එහි ඇති දේ පිළිගනිම නොපිල්ය්ගැනීම ඒ ඒ පුද්ගලයා සතු අයිතියකි.නමුත් එහි ලියවිඇති සෞක්‍ය විද්‍යාව ,බුගෝල විද්‍යාව, ජීවවිද්‍යාව ,ආර්ටික විද්‍යාව ,සමාජවිද්‍යාව ,සගරවිද්‍යාව සහ අගටාකාශ විද්‍යාව පිලිබද කරුණු කිසිවකුට බොරුයැයි ඔප්පුකල නොහැක.ඉස්ලාමයේ අඩංගු නීතිය බල පැවෙත්වේනම් අපරාද විශාල වශයෙන් අඩුවෙනු ඇත. බුදුහාමුදුරුවන් පවසා ඇති ආකාරයට යමෙකු කියූ පරිද්දෙන් විශ්වාස නොකර බුද්දිය තුලින් බුද්දිමය සංවාදයක් කරන්නාට මෙහි ඇතිදේ.පෙනෙනු ඇත.නමුත් විශාල පිරිසක් ඈස් තිබුනත් බලන්නේනැත .ඔවුහු බුඩ්ඩිය නැත්තෝය.නුවන නැත්තෝය . නමුත් අල්කුරානය විද්‍යා පොතක් නොව සියලුදේ පිලිබදව සංන්‍යා ලබා දෙන පොතකි.ලොව අවසානය තෙක් නොවෙනස්ව පැවතෙනු ඇත.

    1. ස්මත් මහතා,
      ඔබේ පිළිතුරට ස්තුතියි. මා ඔබේ විශ්වාසයට ගරහනවා නොවෙයි, නමුත් විශ්වාසය කියන්නේ සාපේක්‍ෂ දෙයක්.හේතුවූ මුල් දේ නැති උනාම විශ්වාසය බිදෙනවා. මා මුස්ලිම් නොවන උදාහරණයක් ගන්නම් ඔබේ හිත මධ්‍යස්ථ වන්න. එක ක්‍රිස්තියානි බැප්ටිස් පුජක වරයෙක් හිටියා අඛණ්ඩවම භක්තියෙන් දේවියන්ට යාච්ණා කරපු සහ තමන්ට ලැබෙන හැමදේටම දෙවියන්ට ස්තුති කරපු. සියල්ල සිදුවන්නේ දේව කැමැත්ත අනුව බව ඔහු තරයේ විශ්වාස කලා පමණක් නොව අන්‍යන්ටද එසේ කරන ලෙස බල කලා. නමුත් ඔහු දැඩිසේ ආදරය කරපු මව මියගිය විට ඔහු දෙවියන්ගේ කැමැත්තට අභියෝග කලා. ඔහුගේ ආගමට අභියෝග කලා. ඔහුට සහනය ලැබුණේ බුදු දහමේ දැක්වෙන හේතු ඵල ධර්මය ඉගෙනගත්තට පස්සේදී විතරයි.

      අනිච්චාවත සංකාරා – සියලු සංස්කාරයෝ අනිත්‍යවේ
      උප්පාද වය ධම්මිනෝ – ඉපදෙන සියල්ල නැසෙන සුළුය
      උප්පජ්ජජිත්වා නිරුජ්ජහන්ති – උපන් සිළු දෙනාම නැසෙති

      යන හේතු ඵල ධර්මය තේරුම් ගත්තට පස්සේ ඔහුගේ අසහනය දුරු උනා.
      ඔබට අවෂ්‍ය නම් ඒ බැප්ටිස් පුජක වරයා ලියු පොත ඉදිරිපත් කරන්න පුළුවන්.

      1. සමරසේකර සහෝදරයා, තරහා වෙන්න එපා! ඔබ ඔය කියන බැප්‍ටිස්ට් පුජකතුමා කියු දෙය නම් පිළිගන්න බැහැ. ඇත්තටම ඔහු එසේ කිව්වා නම් ඉතාමත් ලදබොලද කෙනෙක්. තමන්ගේ අම්මා මැරුණු විට එහි යථාර්තය අවබෝධ කරගන්න බැරි නම් ඔහු පුජකයෙක් බව කියන්නේ කොහොමද? ඔහු මෙතෙක් කලක් ජනතාවට දේශනා කර ඇත්තේ මොනවාද? බයිබලයේ රෝම පොතේ කියන්නේ “පාපයේ විපාකය නම් මරණයයි” කියායි.

        ඔහුගේ අසහනය දුරුවුනේ හේතුඵලය නිසා කියන එකත් හිතන්න අමාරුයි. මොකද ඔහුට තිබී ඇති බොලද හිතට මේ වගේ එකක් තේරුම් යන්නේ කොහොමද? එක්කෝ ඔහු බොරු කියනවා. නැතිනම් වෙනකෙනෙක් ඔහු වෙනුවෙන් බොරුවක් කියලා තියෙන්නේ.

        මම මේ දේවල් පැවසුවේ අප අසන දකින හැම දේම ගැන බුද්ධිමත්ව සිතන්න ඕන නිසයි.

        1. අන්වර් මහතා ,

          පොතේ නම NIBBANA OR KINGDOM. ලියලා තියෙන්නෙEgrton.C Baptis 1964 වර්ෂයේ මුද්‍රණය කල ගුණසේන පොතක්
          සමරසේකර

          1. ඔබ ඔහුගේ කථාවේ සාරාංශය කිව්වා. මට එතකොටම බලන්න එපා වුනා. ඊට වඩා හොදයි සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතාවක් බලන එක.

  11. කසුන් මිතුරා,
    ඉස්මත්‍ මහතාගේ සෑම තර්කයන්ට කුහකකමින් තොරව පිළිතුරක් දෙන්න.
    ඔබගේ පිළිතුරේ සමහරදේවල් හැලි ගොස් ඇත.

  12. හැම ආගමක්ම එකයි කියල පෙනෙන්නේ මතුපිටින් බලපුවාම පමණයි. දේව වීශ්වාසය මත පදනම්වූ ආගම් (මුස්ලිම්,හින්දු,ක්‍රිස්තියානි ..) මේ ඔක්කොමලා හිතන්නේ දෙවියෝ සර්ව බලධාරි කියලා. ඒ දෙවියන්ගෙන් ඉල්ලීම් කරනවා. බවූද්ධයන් අතරද දේව වීශ්වාසය තියෙනවා. එක දෙවියෙක් නොවෙයි 33,0000,000 ක දෙවි වරු ඉන්න දේව ලෝක 6 ක් ගැන බවූද්ධයන්ට බුදුන් වහන්සේ දේසනා කර තියෙනවා. බවූද්ධයන් දෙවියන්ගෙන් මෙලොව අවශ්‍යතා ඉටු කර ගැනීමට ඉල්ලීම් කරනවා. හැබැයි එහෙම ඉල්ලන්ට ඉස්සර වෙලා දෙවියන්ට පින් දෙනවා. මේ ලෝකේ දෙවියන්ට පින් දෙන්නේ බවූද්ධයන් විතරයි.අනෙක් අය කරන්නේ දෙවියන්ගෙන් ඉල්ලීම පමණි. එසේ පින් දීමෙන් පසුව බවූද්ධයන් දෙවියන්ගෙන් ඉල්ලන මෙලොව අවශ්‍යතා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. භාවනාවක් කිරීම ආරම්භ කරන කොට එය සාර්ථක කර ගැනීමට දෙවියන්ගෙන් ඉල්ලීම ලෝකෝත්තර උවමනාවක්. අසනිපයකින් සුව විමට කරන ඉල්ලීම ලව්කික උවමනාවක්.
    බුද්ධාගමේ උගන්වන්නේ හේතුපල වාදයක් ගැන . යම් කටයුත්තක් සිදුවිමේදී පහත ආකාර 5 න් 1 ක් බලපාන බව බුදුන් වහන්සේ දේසනා කර තියෙනවා.
    1. ර්තු නියාම – ර්තු වෙනස් වීම් අනුව් යම් යම් දේ විම. (වැහි කාලයට වැස්ස ලැබිම)
    2. බිජ නියාම – ඇටයකින් පැලයක් බිහි වීම
    3. කම්ම නියාම – අතීතයේ කරන ලද ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන් දැන් ලැබෙන දේ.
    4. ධම්ම නියාම – පැවතීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඊළඟට ලබෙනදේ (දවාලෙන් පසු රාත්‍රිය එළඹීම )
    මෙම නියාම 5 අධ්‍යනය කරන කොට පෙනෙන්නේ සියල්ල දේව කැමැත්ත මත ඉටු වෙනවා කියල බවූද්ධයන් පිලි ගන්නේ නෑ. අන් ආගම් වල ඇති අවසාන පරමාර්තය සහ බුදු දහමේ නිවන අතරද පැහැදිලි වෙනසක් තියෙනවා. නිවන කියන්නේ එය අවබෝධ කල තැනැත්තාගේ භව ගමන කෙළවරවූ තැනක්.නිවන් දැක්ක පුද්ගලයා මැරුණට පසු ඔහු නැවත ආයෙත් කොහෙවත් ඉපදෙන්නේ නෑ. අන් ආගම් වල ස්වර්ගය,දෙව් ලොව කියන්නේ සදකලිවම දෙවියන් එක්ක ඉන්න තැනක්.
    සමරසේකර

    1. ඔබේ අදහස
      හැම ආගමක්ම එකයි කියල පෙනෙන්නේ මතුපිටින් බලපුවාම පමණයි. දේව වීශ්වාසය මත පදනම්වූ ආගම් (මුස්ලිම්,හින්දු,ක්‍රිස්තියානි ..) මේ ඔක්කොමලා හිතන්නේ දෙවියෝ සර්ව බලධාරි කියලා. ඒ දෙවියන්ගෙන් ඉල්ලීම් කරනවා. බවූද්ධයන් අතරද දේව වීශ්වාසය තියෙනවා. එක දෙවියෙක් නොවෙයි 33,0000,000 ක දෙවි වරු ඉන්න දේව ලෝක 6 ක් ගැන බවූද්ධයන්ට බුදුන් වහන්සේ දේසනා කර තියෙනවා. බවූද්ධයන් දෙවියන්ගෙන් මෙලොව අවශ්‍යතා ඉටු කර ගැනීමට ඉල්ලීම් කරනවා. හැබැයි එහෙම ඉල්ලන්ට ඉස්සර වෙලා දෙවියන්ට පින් දෙනවා. මේ ලෝකේ දෙවියන්ට පින් දෙන්නේ බවූද්ධයන් විතරයි.අනෙක් අය කරන්නේ දෙවියන්ගෙන් ඉල්ලීම පමණි. එසේ පින් දීමෙන් පසුව බවූද්ධයන් දෙවියන්ගෙන් ඉල්ලන මෙලොව අවශ්‍යතා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. භාවනාවක් කිරීම ආරම්භ කරන කොට එය සාර්ථක කර ගැනීමට දෙවියන්ගෙන් ඉල්ලීම ලෝකෝත්තර උවමනාවක්. අසනිපයකින් සුව විමට කරන ඉල්ලීම ලව්කික උවමනාවක්.

      මගේ පිළිතුර
      මා ම‍ගේ ලිපිය මුලින්ම පැවසුවා දහම් තුල ස්පර්ශ කළහැකි Tangible දේ සමානයි. ස්පර්ශ කළනොහැකි දේ අසමානයි කියා. එසේ තිබියදී අසමාන දේ ගැන තවදුරටත් කථා කරන්නේ කුමකටදැයි මට කුකුසක් නැගේ. බුදුදහමෙහි දේව සංකල්පයත් ඉස්ලාමීය දේව සංකල්පයත් අතර අහසට පොලොව මෙන් වෙනසක් ඇත. බුදුදහමෙහි ප්‍රකාරයට දෙවියන් සිටින්නේ මිනිසාගේ පින් බලයෙනි. ඒ කියන්නේ ඔවුන් මිනිසා මත යැපෙන පිරිසකි. නමුත් අල්ලාහ් යනු මේ සියළු විශ්ව නිර්මානයෙන් පරිබාහිර කිසිවෙකුගෙන් යැපෙන්නේ නැති දෙවිදුන්ය. අල්ලාහ්ට මිනිසාගෙන් ප්‍රයෝජනයක් නැත. නමුත් මිනිසාට අල්ලාහ් නොමැතිව සිටිය නොහැක.

      ඔබගේ අදහස
      බුද්ධාගමේ උගන්වන්නේ හේතුපල වාදයක් ගැන යම් කටයුත්තක් සිදුවිමේදී පහත ආකාර 5 න් 1 ක් බලපාන බව බුදුන් වහන්සේ දේසනා කර තියෙනවා.
      1. ර්තු නියාම – ර්තු වෙනස් වීම් අනුව් යම් යම් දේ විම. (වැහි කාලයට වැස්ස ලැබිම)
      2. බිජ නියාම – ඇටයකින් පැලයක් බිහි වීම
      3. කම්ම නියාම – අතීතයේ කරන ලද ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන් දැන් ලැබෙන දේ.
      4. ධම්ම නියාම – පැවතීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඊළඟට ලබෙනදේ (දවාලෙන් පසු රාත්‍රිය එළඹීම )
      මෙම නියාම 5 අධ්‍යනය කරන කොට පෙනෙන්නේ සියල්ල දේව කැමැත්ත මත ඉටු වෙනවා කියල බවූද්ධයන් පිලි ගන්නේ නෑ. අන් ආගම් වල ඇති අවසාන පරමාර්තය සහ බුදු දහමේ නිවන අතරද පැහැදිලි වෙනසක් තියෙනවා. නිවන කියන්නේ එය අවබෝධ කල තැනැත්තාගේ භව ගමන කෙළවරවූ තැනක්.නිවන් දැක්ක පුද්ගලයා මැරුණට පසු ඔහු නැවත ආයෙත් කොහෙවත් ඉපදෙන්නේ නෑ. අන් ආගම් වල ස්වර්ගය,දෙව් ලොව කියන්නේ සදකලිවම දෙවියන් එක්ක ඉන්න තැනක්.

      මගේ පිළිතුර
      ඔබ පවසන නියාම ධර්ම 5 න් මැවුම්කරුවෙකු නොමැති බවක් ඔප්පු වෙන්නෙ නැහැ. මා සිතන ආකාරයට ඔප්පු වෙන්නේ මැවුම්කරුවෙක් සිටින බවකි. මන්දයත් මෙම නියාම ධර්මයන් ඇරඹුණු ආකාරය බුදුදහම විවරණය නොකරයි. බුදුදහම විසින් විශ්ව ක්‍රියාදාමය System ගැන විවරණය කරයි. නමුත් එය ඇතිවු ආකාරය විවරණය නොකරයි. කිසියම් දෙයක් පිළිවෙලකට සිදුවෙනවා නම් එය එසේ සිදුවන්නේ කවරෙකුගේ හෝ බලපෑමකින් යන්න නිතැතින්ම සිතට නැගේ.

      බුදුදහමෙහි නිවනක් ගැන කථා කළාට මා දන්නා පරිදි අද අපේ සමාජයේ කිසිවෙකුට නිවන් යන්න අදහසක් නැහැ. ඔවුන් මෙලොව ද්‍රව්‍යයික දේවල් පසුපස දුවමින් උත්සාහ දරන්නේ වැඩිකාලයක් මෙලොව සිටින්නයි. මා හමුවු බොහෝ බොදුනුවන් පවසන්නේ නිවන ශ්‍රේෂ්ඨ දෙයක් බවත් නමුත් එය අත්පත් කරගැනීම ඉතාමත් අසීරු බවත්ය. ඒ නිසා ඔවුන් නිවන් අත්පත් කරගැනීම ඉදිරි භවයකට කල්දමා ගෙන ඇත. නමුත් අද ලොව බොදුනුවන් සිටින්නේ 5% කි. වැඩියෙන්ම සිටින්නේ දේවවාදී ආගමිකයන්ය. ඒ නිසා ඉදිරි ආත්මයක බෞද්ධයෙකු වීමට වඩා දේවවාදී පවුලක ඉපදීමට ඉඩකඩ වැඩිය. මේ නිසා නිවන යනු මිරිගුවක් බව මගේ අදහසයි.

      1. “බුදුදහමෙහි නිවනක් ගැන කථා කළාට මා දන්නා පරිදි අද අපේ සමාජයේ කිසිවෙකුට නිවන් යන්න අදහසක් නැහැ. ඔවුන් මෙලොව ද්‍රව්‍යයික දේවල් පසුපස දුවමින් උත්සාහ දරන්නේ වැඩිකාලයක් මෙලොව සිටින්නයි. මා හමුවු බොහෝ බොදුනුවන් පවසන්නේ නිවන ශ්‍රේෂ්ඨ දෙයක් බවත් නමුත් එය අත්පත් කරගැනීම ඉතාමත් අසීරු බවත්ය. ”
        අන්වර් මහතා,
        ඔබේ අදහසේ තරමක ඇත්තක් තියෙනවා. නිවන දුර්ලභ දෙයක්. බුදුන් වහන්සේත් ප්‍රකාශ කර තියෙනවා අතට ගත් පස් මිට පොලවේ ඇති පස් වලට වඩා අඩු සේම ජනගහනයෙන් නිවන් දකින්නේ ඉතා සුළු ප්‍රමාණයක් බව. මුලික හේතුව(මමත්වය) මම,මගේ, යන්නෙන් ඉවත් වීමට මිනිසුන්ට ඇති නොහැකියාව. මම කියා කෙනෙක් නැති බවත්,ඇත්තේ උපාදානස්කන්ධ 6ක් බවත් මිනිසුන්ට අවබෝධ වන්නේ ඉතා සුළුවෙන්. නිවන් දුටු අය නැවත ඉපදෙන්නේ නැති බවත්, ඔහුගේ භව ගමන කෙරවලවී ඇති තේරුම් ගත විට, මමත්වය තුරන් නොකළ අය කම්පාවට පත් වෙනවා. නිවන් මගට යොමු නොවන්න ඒක එක හේතුවක්. තව එකක් වන්නේ වංචනික වේශයෙන් කෙලෙස් ඇතිවීම. උදාහරණ ලෙස සමථ භාවනාවේ ප්‍රතිඵලයක් ලෙස 4 වනධ්‍යානය උපදවා ගත අය නිවන් මගට යොමුවන විදර්ශනා භාවනාවට යොමු නොවී ඥානයන් ඉපදවීමට භාවනා කිරීම දක්වන්න පුළුවන්. මාර බලපෑම් මත භාවනාවෙන් ඉවත් වන අයට නිවන ගෝචර වෙන්නේ නැ. අනෙක් කාරණය මාර්ගඵල හෝ නිවන් අවබෝධ කල අය ඒ බව ප්‍රසිද්ධ කරන්නේ නැ.

        සමරසේකර

        1. දැන් ඔබ නියම ස්ථානයට පැමිණ තිබෙනවා. නුතන බොදුනුවන් නිවන කල්දමන බව දැන් ඔබ පිළිඅරගෙන තිබෙනවා. මෙසේ මිය යන බොදුනුවන් බුදු දහමට අනුව නැවත මෙලොව ඉපදිය යුතුයි. ඉතිං‍ මේ අය නැවත බෞද්ධයන් ලෙසම ඉපදේය කියා බුදු දහමෙහි පවසා තිබෙනවාද?

          1. “මෙසේ මිය යන බොදුනුවන් බුදු දහමට අනුව නැවත මෙලොව ඉපදිය යුතුයි. ඉතිං‍ මේ අය නැවත බෞද්ධයන් ලෙසම ඉපදේය කියා බුදු දහමෙහි පවසා තිබෙනවාද?”

            අන්වර් මාහතා,
            හොඳ විමසීමක්. නැවත ඉපදීම තීරණය වන්නේ මරනාසන්න අවස්ථාවේ පහල වන චුති චිච්තය අනුවයි. ඒ නිසා බෞධයන් නැවත බෞධයන් ලෙසම නැවත ඉපදෙනවා යයි කියන්න බැ. එසේ වෙන්නත් පුළුවන්.නොවෙන්නත් පුළුවන්. නැවත ඉපදෙන අයට පෙර අත් භවයන් සිහි කිරීමේ ඥානය ඉපදුනොත් පමණයි තමන් කලින් සිටි භවය ගැන දැන ගැනීමට පුළුවන් වන්නේ. සෝවාන්වී මරුන කෙනා උනත් එම ඥානය පහල නොකර තමන් සෝවාන් වූ අයෙක් දැයි දන්නේ නෑ. කොහොම උවත් ,තම පෙර සසර පුරුදු අනුව ඒ අය බෞධයන් ලෙස නැවත කටයුතු අරඹනවා. මෑත කාලයේ හොඳම උදාහරණය තමයි කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ.(උන් වහන්සේ තමන් මාර්ග ඵලයකට පැමිණ ඇති බවක් ප්‍රකාශ කර නෑ.) ඉපදුනේ ක්‍රිස්තියානි පව්ලක උනත් පසුව සසර කලකිරීමෙන් බෞධයෙක් පමණක් නොව භික්ෂුන් වහන්සේ නමක් ද උනා. කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ නම් පෙර භාවය ගැන කියනවා. ඔක්කොම ඒ විදියටම සසර කලකිරීමෙන් බෞධයෙක් උනා කියන්න බෑ. විනය පැත්තෙන් අග්‍ර ස්ථානට පත්වු පටාචරා තෙරණිය බුදුන් ඉදිරියට ආවේ නිර්වස්ත්‍රව පිස්සුවෙන්.පසුව ඇයට ඥානය පහල උනා. ඒ වගේ පෙර පින් තියෙනව නම් වර්තමානයේදී බුදු දහම විවේචනය කරන අයට උනත් යම් විටකදී ඥානය පහලවී බෞධයෙක් වෙන්න පුළුවන්.
            සමරසේකර

          2. අද ලෝක ජනගහන වර්ධනය දෙස බලනවිටත් දේවවාදී දහම් අදහන ආගමික ප්‍රතිශතය එන්න එන්නම වැඩි වෙනවා. ඊට සාපේක්ෂව බෞද්ධ ආගමික වර්ධනය ඉතාමත් අඩුයි. බෞද්ධ ජනතාවගෙන්ද බහුතරයක් සිටින්නේ මහායානිකයන්. මේ නිසා මිනිසුන් ඔබ පවසන සංකල්පය පිළිගන්නවාට වඩා හැරයන ප්‍රමාණය වැඩි බව පෙනේ.

            මා දන්නවා ලොව සමහර රටවල බහුතර ජනතාව බුදු දහම කියන එක කුමක්දැයි අහලත් නැහැ. නිදසුනක් ලෙස ස්ලෝවේනියාව වැනි රටවල්. අරාබි රටවලද බොහෝ අරාබි ජාතීන් බුදු දහම ගැන අසා ඇත්තේ රූප වදින දහමක් කියා පමණයි.

            කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ ගැන නම් කියන්න තියෙන්නේ එයා කලින් භවයන් ගැන කියන කථා පට්ටපල් බොරුයි කියලයි. හැකිනම් ඒවා විද්‍යානුකූලව ඔප්පු කළ යුතුයි. මට නම් පේන්නේ ආගමේ නාමයෙන් හොදට බිස්නස් එකක් සිද්ධ වෙනවා. දැන් දැන් බෞද්ධ සමාජයෙන් ඒකට එල්ල වන විරෝධතා වැඩියි නේද?

      2. යම් පිළිවෙලක් නැතිව සිඩුවන දේවල් සෙට් එකක් ඒවායේ සමාන අසමානතා අනුව වර්ග කොට දැක් වූ පසු ඔබ එය සිස්ටම් එකක් ලෙස තේරුම් ගත්තේ මක් නිසාද?

        සමහර සිස්ටම් අපිළිවෙලයි සිස්ටම් එකක් නැති බව තමා සිස්ටම් එක.. එවැනි දේ පාලනය කරන්නේත් ඔබේ දෙවියන්මද

        1. ඔබට සිස්ටම් එකක් පේන්නෙ නැති එකේ තව කෙනෙකුට සිස්ටම් එකක් පෙනිය හැක. එය එක එක්කෙනාගේ බුද්ධි මට්ටම අනුව සිදුවේ.

          1. එසේ නම් එම සිස්ටම් එසේ වෙනස් පුද්ගලයනට වෙනස් වෙනස් ලෙසට පෙනෙන්නට හේතු කවරේද?

  13. ස්තුති සමරසේකර මහතා ,
    ක්‍රිස්තියානි පුජකවරයෙකු පිලිබදව පවසතිබුනා .එයට හේතු කීපයක් තිබෙනවා .1.ඔහුගේ විශ්වාසයේ සත්‍ය වන්තයෙකු නොවීම ,2හයහතර් නොතේරන වයසක පුජකජකු කිරීමට උත්සහකිරිම.3දෙවියන්පිලිබදව වැරදි අර්ත්කටනය.මේ ප්‍රශ්න මොහුට බලපාන්නට ඇති.දිනක් එක් පුද්ගලයෙක් තම මියගිය පියා පිලිබදව නබි තුමා ගෙන් ඇසු විට ,ඔබේ පියා නිරයේ බව පැවසිය.ඔහු අඩමින් යන්නට යනවිට නැවත අඩගසා මගේ පියත් නිරයේ බව පැවසීය.තවද දිනක් නබි තුමා තම මවගේ වල ලග සිට අඩමින් සිටිනු දුටු සහාබාවරු ඇසු විට පැවසුයේ ,තම මව වෙනුවෙන් ප්‍රාර්ටන කිරීම අල්ලාහ් තහනම් කල බවත් වල ලගට පැමිණීමට අවසර දුන් බවත්ය.ඉස්ලාම් ආගමට අනුකුලව අල්ලාහ් හැර වෙනකිසිවකු නැමදීම අල්ලාහ් අනුමත නොකරන අතර, නබිතුමට හා නබිතුමාගේ පවුලේ අයටද එම නිතියමය.ක්‍රිස්තියානි පුජකතුමාට මිත්තනියගේ මරණය අමතක විඇත.ඔහු නුවන ඇත්තෙකු නොවේ.තවද ජේසුතුමා පවා කුරුසේ මරණයට පත් වූ බව ක්‍රිස්තු විශ්වාසයයි.පුජකජෙකු ගේ මවට වෙනසක්වේද.විහිළුවකි.ඔහුගේ මවගේ මරණය පවා දේව කැමැත්තෙන් සිදුවුවකි.

    1. සියල්ලම දේව කැමත්තනන් ඔබ මහ පාරට පැන පාර මැද හිට ගන්න.. එවිට වාහනයක් ඔබව යට කරගෙන ගියහොත් ඒයත් ඔබේ දෙවියන්ගේ කැමැත්ත නිසා සිදුවන සිදු වීමක්ද? එසේ නොමැතිනන් ඒ ඔබේ කැමැත්තද?

      1. අල්ලාහ් විසින් මිනිසාට ස්වකැමැත්තක් ලබාදී ඇත. මෙතුලින් මිනිසාට කැමති තීරණයක් ගත හැක. නමුත් මිනිසා කරන්න යන්නේ කුමක්දැයි දෙවිදුන් දනිති.

        1. මනස දෙවියන්ගේ මැවීමක් නොවේද?

          1. මනස දෙවියන්ගේම තමයි. උන්වහන්සේ ඒ මනස ස්වාධීන කර තිබෙනවා. මිනිසාට ස්වාධීනව සිතන්න.

          2. එවිට වැරද්ද ඇත්තේ දෙවියන් හදපු මනසින් නිදහසේ හිතන මිනිසාගේද වැරදි ලෙස ප්‍රෝග්‍රෑම් කළ මනසේද??

          3. අන්තවාදීව සිතීම එහි ප්‍රතිඵලයක් නොවේද?

          4. Do you know how much of your brain cells are working. Only 10%. If any one can wake up or use total brain cells what will happen Mr. Anver.

  14. “මෙම නියාම ධර්මයන් ඇරඹුණු ආකාරය බුදුදහම විවරණය නොකරයි. බුදුදහම විසින් විශ්ව ක්‍රියාදාමය System ගැන විවරණය කරයි. නමුත් එය ඇතිවු ආකාරය විවරණය නොකරයි. කිසියම් දෙයක් පිළිවෙලකට සිදුවෙනවා නම් එය එසේ සිදුවන්නේ කවරෙකුගේ හෝ බලපෑමකින් යන්න නිතැතින්ම සිතට නැගේ.”
    අන්වර් මහතා,
    ඔබේ පිලිතුර දිරි ගන්නා සුළුයි. බුදු දහමේ තිබෙන දාර්ශනික පදනම (ඔබ කියන අන්දමට intangible context) අනුව බ්වුද්ධ විශ්ව න්‍යාය වේදයේ චක්ක්‍රවාද විශ්ව න්‍යාය වේදයේ ලෝකය ඇරඹීම ගැන සඳහන් වෙනවා.මේ කරුණු මහා සුදස්සන සුත්‍රයේ,චක්ක්රවත්ති සිහනාද සුත්‍රයේ, මහා පාදාන සුත්‍රයේ, අග්ගන්‍ය සුත්‍රයේ,බ්‍රත්මජාල සුත්‍රයේ, කොටස් වශයෙන් සඳහන් කර ඇත.ඒ අනුව විශ්ව ලෝක 31 කට බෙදෙන අතර ,මිනිස් ලොවට ඉහලින් ලෝක 26ක් ඇත.මිනිස් ලොවට පහලින් ලෝක 4ක් (සතර අපාය) ඇත. සෑම කල්ප 1 කට වරක් 14 වන ලෝකයෙන් පහල ලෝක ගින්නනෙන් විනාශ වේ.සෑම කල්ප 8 කට වරක් 17 වන ලෝකයෙන් පහල ලෝක ජලයෙන් විනාශ වේ. සෑම කල්ප 64 කට වරක් 22 වන ලෝකයෙන් පහල ලෝක සුළඟින් විනාශ වේ. කල්පයකට වරක් ලෝක 14ක් විනාශවූ විට නැවත ජිවියා පැමිණෙන්නේ ආභස්සර ලෝකයෙන්ය. ඔහුගේ නම මහා බ්‍රහ්මවේ. ඔහුට තමන් මිට කලින් ආභස්සර ලෝකයෙන් බව අමතක බැවින් සිතන්නේ ලෝකයේ මුල්ම ජිවියා තමන් බවත්,එබැවින් තමන්ට පහලින් ඇති ලෝක වල අධිපතියා තමා බවත්ය.
    මගේ අදහස වන්නේ සියලු දේව වාදී ආගම වල අනුගාමිකයන් දැක ඇත්තේ ආභස්සර ලෝකයෙන් පැමිණි ජීවියාය. ඔහු සියල්ල මැව්වා නම් මට ඇති සරල ගැටලුව වන්නේ එම සර්ව බලධාරියා මැව්වේ කවුද යන්නය. ඔහු ඉබේම පහල උනා නම් ඉබේම සියලු ලෝ සතුන් පාලනය කරන බලය ලද්දේ නම් එය වන්නට පුළුවන් වන්නේ ධම්ම නියාමය අනුව නොවෙද ?
    සමරසේකර

    1. ඔබ නියම තැනට පැමිණියා. ‍මේ මහා බ්‍රහ්ම සංකල්පය හින්දු සෘග් වේදයේ සදහන් වන එකක්. එහි සාරාංශය පවසනවා නම් මේ ලොව මවා පාලනය කරන්නේ මහා බ්‍රහ්ම බවත් යම් දිනක බ්‍රහ්මගේ ආත්මයට එක්වීම අවසානය බවත්ය. පසුව යජුර් සහ අතර්වන් වේදය වන විට බ්‍රහ්මට අවතාර සංකල්පයක් එක්කිරීම නිසා ධර්මය විකෘති විය. ඔබ මේ පවසන්නේද එවැනිම විකෘති සංකල්පයකි. ප්‍රකෘති සංකල්පය ආසන්නව දැනගන්න කියවන්න හින්දු දහමෙහි පලමුවන වේදය එනම් සෘග් වේදය.

      1. අන්වර් මහතා,
        හින්දු ආගමේ බ්‍රහ්ම සංකල්පය තියෙන බව ඇත්තයි. බුදු දහමේද බ්‍රහ්ම සංකල්පය තියෙනවා. බුදු දහමේ ඇති බ්‍රහ්ම සංකල්පය තේරුම් ගැනීමට කියවන්න ඕනෑ ත්‍රිපිටකය . ඒක හරියට බෛබලයේ සහ කුරානයේ යන දෙකේම ආදම් ගැන සඳහන් වෙනවා වගේ. මුස්ලිම් ආගමේ දැක්වෙන ආදම් ගැන බෛබලයෙන් ඉගෙන ගන්න බැ .ඒකට ඔබ උදව් කරන්න ඕනැ. නැත්නම් කුරානය කියවන්න ඕනැ.

        සමරසේකර

        1. මා පුද්ගලිකව හින්දු දහමෙහි එන බ්‍රහ්ම සංකල්පයත්, බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම සංකල්පය ගැන පවසා ඇති දේත් හදාරා තිබෙනවා. ආදම් තුමා ගැන ජුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් යන දහම් තුනම පවසන දේද හදාරා තිබෙනවා.

  15. Hello all,
    Mama mehi ena yam yam karunuwalata yam deyak ekatu kireemata kemattemi.
    Prathamayen mama kiyanna kemathiy Mas mansha anubawaya pilibandawa Buddagame wigrahaya, enam bududahame akarayata “” enam sithuwili tamai karmaya enam ape yam kriyawakadi atiwana sithuwili anuwa tamai ehi prathipalaya rendi tibenne. maskema budu dahame ekawara prathikshepa kare neha, warak dewdath terun awith bhikshun wisin nokala yuthu wara dahayak budungen illanawa , ehi adangu ek karunaknam *bhikshun manmansha anubhawa kirimen welaki sitiya yutuy* yannai namuth Budun wahanse eyata dun pilituranam kemathi kenekta masmansha weladiyaheka akamethi ayata nokala heka yannai mokada unwahanse ese pewasuwe ayin athiwana prathiwipakaya ema mas anubhawa karana pudgalayage sithuwili anuwa theeranaya wana nisaya.
    meya tawa duratath wighraha karanawanam , kenek siya ahara wela sapura genimata mas mansha kana eka pawak nowe mandayath ohu ehedi karanne aharageneemaki , namuth ohu mema manshaya harakage ho yam sathekuge pranayak meya kemen ma karanuye yam kenekuta tawa tawa satun mereemata anubaladeemaki yanuwen ho sithanawanam eyi tamantath pawak siduwana bawa sithaynam ewita ohu mas aharayata geneemen welaki sitiya yutui mandayath eya ohuge hardashakshiyata anuwa weraddak bewini , meyay budun wadala darmaya tama hadawathin wimasa katayutu karanna ewita oba yaha maga gaman karanau eta!

    Anik karanawanam me wishwaya pilibada wigrahaya,
    yam yam awasthawanwala budu rajanan wahanse wishwaya pilibanda wigraha kalath unwahanse e pilibanda seweema nirartha kriyawak bawa wadalaha, wishwaya pilibandawa sewiya hekke budu warayakuta pamanki , e pilibanda seweemen an aya man mula wana bawa wadara ata wishwayata arambayak ho awasanayak neta yanu unwahanse wadala wishwaya pilibanda saranshayay , bauddayakuta eya hondatama pramanawath bawa mage hegeemay mandayath seba bauddayek lesa kalayutte me sansara sagarayen eteraweemata utsaha kirimay e sandaha budunwahanse sathyaya penwa dee etha maragaya penwa dee eta, mak seda, ////hee pahara laddekuta ema hiya awe kohenda, eya ewwe kawda ehi aramuna kumakda yanna terum kirimata wada ema hee pahara nisa atiwu tuwalayata kadinamin piliyam kirima menawin sidukarana daksha weda durek men unwahanse meyin etaraweema pilibandawa wadaraha!//// .

    1. සිනහලෙන් ටයිප් කරන්ට
      http://www.google.com/intl/si/inputtools/cloud/try/
      භාවිතා කරන්න.

      ඔබගේ අදහස් වලට අනූව බෞද්දයෙකුට මාංශමය ආහාර ගතහැකිය. නමුත් ඔබ පැවසුවා. චේතනාව හොඳ විය යුතු බව.

      මාංශ අනුබවයට සත්ව ඝාතනය සිදුකලයුතුවේ. තවද ඝාතනයට යොදා ගන්න ආයුදය ඔහු සතා වෙත එල්ල කරන්නේ එම පහරින් එම සත්වයා මිය යා යුතුයි යන චේතනාවෙනි. එනම් කෙසේද එම චේතනාව නැතුව මාංශ අනුභව කරන්නේ?

      සතා මරන්නේ නැතුව මස් කන්න ඕනේ. ???????

  16. “කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ ගැන නම් කියන්න තියෙන්නේ එයා කලින් භවයන් ගැන කියන කථා පට්ටපල් බොරුයි කියලයි. හැකිනම් ඒවා විද්‍යානුකූලව ඔප්පු කළ යුතුයි. මට නම් පේන්නේ ආගමේ නාමයෙන් හොදට බිස්නස් එකක් සිද්ධ වෙනවා.
    අන්වර් මහතා.
    කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ කරගෙන යන මුලික වැඩ පිළිවෙල වන්නේ පළමුව බෞධයන් අතර ශ්‍රධාව වර්ධනය කිරීමයි. ශ්‍රධාව වර්ධනය කිරීමෙන් පසුව එන්නේ දානය, ශිලය සහ භාවනාවට යොමු කිරීමයි. ශ්‍රධාව වර්ධනයවූ ජනතාව ඉන් පසුව සමථ සහ විදර්ශන භාවනා සදහා යොමු කරනවා ඒ සඳහා ත්‍රිපිටකයේ සඳහන් සුත්‍ර සිංහලෙන් තේරුම් කර දෙනවා. කෙනෙකුට එය බිස්නස් එකක් ලෙස පෙනෙනවදැයි මට හිතන්න අමාරුයි. ඔබට ආසන්න මහමෙව්නා අසපුවකට ( මාලබේ / කඩුවෙල ) මේ 27 පෝය දින උදේ පාන්දරින් ගොස් බලන්න 5000 කට අධික ජනකායක් සිල් සමාදන්වී මුළු දිනය පුරාම එහි ශීලමය කටයුතු වල නිරත වෙන සැටි ඔබටම පෙනේවි. හොඳින් විමසා බලන්න.ජනතාව ශිලයට අකැප කතා 32 කේ දෙනවද? නැත්නම් ශිලයට කැප කතා 10 යේ නිරත වෙනවද යන්න ඔබටම තහවරු කර ගන්න පුළුවන් .
    ” දැන් දැන් බෞද්ධ සමාජයෙන් ඒකට එල්ල වන විරෝධතා වැඩියි නේද?”
    අපේ රටේ බෞද්ධ සමාජය කියන්නේ සිංහලබෞද්ධ සමාජය. සිංහලයෝ අදහස් පල නොකරන්නේ මොන විශයයකටද? එක සිංහල ජාන ලක්ෂණයක් මිස වෙනත් දෙයක් නෙමෙයි.උදාහරණ ලෙස ඊශ්‍රායල් පලිස්තාන අරගලය දෙස බලන්න. ඊශ්‍රායලය වැරදි යයි කියන යුදෙව් ජාතිකයෙක් ඔබට මුනගැසුනද? ඒක ඒ අයගේ ජාන ලක්ෂණයක් මිස වෙනත් දෙයක් නෙමෙයි. සිංහල ජාන ලක්ෂණයක් වන්නේ පක්ෂ සහ වීපක්ෂ මත කෙලින්ම විවාදයට භාජනය කර ස්ථිර නිගමනයකට පැමිණීමයි . සිංහල ජාන ලක්ෂණ හැදී ඇති ආකාරය වෙනමම සාකච්චා කලයුතු විෂයයක් .

    සමරසේකර

    1. කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි ගැන ඔබ සමග තවදුරටත් සංවාදය කිරීමෙන් පලක් නැහැ. මන්ද ඒක ඔබලාගේ දහම තුල ඇති ප්‍රශ්නයක් නිසා. මතුයම් දවසක මං කිවු බිස්නස් මොනවාදැයි හෙලිවනු ඇත.

      ඔබගේ අදහස
      උදාහරණ ලෙස ඊශ්‍රායල් පලිස්තාන අරගලය දෙස බලන්න. ඊශ්‍රායලය වැරදි යයි කියන යුදෙව් ජාතිකයෙක් ඔබට මුනගැසුනද?

      මගේ පිළිතුර
      ඒකට මේ ලින්ක් වලින් ගිහින් බලන්න
      http://www.facebook.com/photo.php?fbid=386293538117493&set=pb.283014815112033.-2207520000.1353546619&type=3&theater

  17. ” බෞද්ධ ජනතාවගෙන්ද බහුතරයක් සිටින්නේ මහායානිකයන්. මේ නිසා මිනිසුන් ඔබ පවසන සංකල්පය පිළිගන්නවාට වඩා හැරයන ප්‍රමාණය වැඩි බව පෙනේ.”

    අන්වර් මහතා,
    මහායාන කියනේත් බුධාගමම තමයි. ඒක පිළිගන්න අය කියන්නේ ඔක්කොටම බුදුවෙන්න පුළුවන්ය කියලයි.බොහෝ කාලයක් පෙරුම් පිරීමක් අවශ්‍ය නැහැ කියලයි කියන්නේ. හිනයානිකයන් කියන්නේ බුදුවෙන්න බොහෝ කාලයක් පෙරුම් පිරීමක් අවශ්‍යයයි කියලයි. ලොව මහානායිකයන් වැඩි බව ඇත්ත. චීනය ජනගහනය වැඩි ලොකු රටක් . එත් හිනයානිකයන් සහ මහානායිකයන් අතර සියා සහ සුන්නි අනුගාමිකයන් අතර මෙන් ගැටුම් නැහැ.

    “අද ලෝක ජනගහන වර්ධනය දෙස බලනවිටත් දේවවාදී දහම් අදහන ආගමික ප්‍රතිශතය එන්න එන්නම වැඩි වෙනවා. ඊට සාපේක්ෂව බෞද්ධ ආගමික වර්ධනය ඉතාමත් අඩුයි.”
    බුදු දහම කියන්නේ අනිස්තිරභාවය පිළිගත් එකක්. සියල්ල වෙනස් වෙන ධර්මතාවයදී බුදු දහම විතරක් ස්තිරවම තියෙන්න බෑ. ධර්මයේ තියෙන්නෙ බුදුන් වහන්සේ පිරිනිවීමෙන් පසු වසර 5000 කට පසු බුද්ධ සාසනය නැති වෙනවා කියලයි. ඒකට තව අවුරුදු 2400ක් තියෙනවා.
    සමරසේකර

    1. ඔබගේ අදහස
      ලොව මහානායිකයන් වැඩි බව ඇත්ත. චීනය ජනගහනය වැඩි ලොකු රටක් . එත් හිනයානිකයන් සහ මහානායිකයන් අතර සියා සහ සුන්නි අනුගාමිකයන් අතර මෙන් ගැටුම් නැහැ.

      පිළිතුර
      මෙතන මම ගැටුමක් ගැන ඔබගෙන් ඇසුවේ නැහැ. මා පැවසුවේ
      බෞද්ධ ජනතාවගෙන්ද බහුතරයක් සිටින්නේ මහායානිකයන්. මේ නිසා මිනිසුන් ඔබ පවසන සංකල්පය පිළිගන්නවාට වඩා හැරයන ප්‍රමාණය වැඩි බව පෙනේ.

      ඔබ මෙහිදී කළේ මගේ ප්‍රකාශයෙන් පැන ඉස්ලාමයට පහරක් එල්ල කිරීමට මෝඩ උත්සාහයක් දැරීමයි නේද?

      ඔබගේ අදහස
      බුදු දහම කියන්නේ අනිස්තිරභාවය පිළිගත් එකක්. සියල්ල වෙනස් වෙන ධර්මතාවයදී බුදු දහම විතරක් ස්තිරවම තියෙන්න බෑ. ධර්මයේ තියෙන්නෙ බුදුන් වහන්සේ පිරිනිවීමෙන් පසු වසර 5000 කට පසු බුද්ධ සාසනය නැති වෙනවා කියලයි. ඒකට තව අවුරුදු 2400ක් තියෙනවා.

      පිළිතුර
      මා හිතන්නේ එය දැනටම සිදුවී හමාර බවයි. මන්ද අද බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය ගැන දැනගන්න උන්වහන්සේගේ කාලයේම ලියැවුනු ධර්ම ග්‍රන්ථයක් නැහැ. ඊට බොහෝ පසුකාලීනව ලියවුනු ත්‍රිපිටකය වැනි ග්‍රන්ථ වල තිබෙන ධර්මය පවා නුතන බොදුනුවන් ක්‍රියාත්මක නොකරනු පෙනේ.

  18. අන්වර් මහතා,
    ඔබේ ලින්ක් එක ම්ම් බැලුව. ඔහු ඇමරිකන් ජාතිකයෙක්. ඇමරිකන් උච්චාරණය තියෙන්නේ.

    මම තව උදාහරණයක් ජාන වලට දෙන්නම්. ඒ දෙමල ජාන ලක්ෂණයක්. ලෝකේ කොතනකහෝ සිටින දෙමල අයෙක් ස්වාධින දෙමල රාජයකට විරුධ්ව මත ප්‍රකාශ කර තියෙනවද? කොතරම් අධික ජනගහනයක් සිටියත් ලොව කිසිම දවසක ස්වාධින දෙමල රාජයක් තිබී නැ. එබැවින් ලෝකේ කොතනකහෝ සිටින දෙමල අය ස්වාධින දෙමල රාජයකට සිහින මවනවා.

    සමරසේකර
    සමරසේකර

    1. එම වීඩියෝව සම්පුර්ණයෙන් බලන්න. ඔහුගේ පියා ඉශ්‍රායෙල් හමුදාවේ අණදුන් කෙනෙක්. නමුත් පලස්තීනය වෙනුවෙන් කථා කිරීම ආරම්භ කළෙත් ඔහුගේ පියා. එම වීඩියෝව නැවත සම්පුර්ණයෙන් බලන්න.

      ලොව කිසිම දවසක දෙමල රාජ්‍යයක් තිබී නැහැ කියන්නේ ඔබගේ මනස අන්ධව තිබෙන නිසයි. දකුණු ඉන්දියාවේ සොලී පාලනයන් කිහිප අවස්ථාවකම තිබුණා. ලංකාවේද ආර්යචක්‍රවර්තී යනු දෙමල රාජ්‍ය පාලනයක් පවත්වාගෙන ‍ගිය කෙනෙක්.

      ලොව කිසිදු ජාතියක් තමන්ට කියා ස්වාධීන රටක් තිබේ නම් එයට අකමැති නැහැ. එමෙන්ම එහෙම රටක් නැතිනම් ඒ ගැන සිහින නොමැවී සිටින්නෙත් නැහැ.

  19. සමරසේකර
    සිද්ධාර්ත කුමරැ ඉපදුනු වකවානුවෙි එවකට මිත්‍යා ඇදහිලි බොහොමයක් තිබු අතර සිද්ධාර්ත කුමරැගේ දෙමාපියන්ද එම ඇදහිලි පිලිගෙන තිබුනි සිද්ධාර්ත කුමරැ ඒවා ප්‍රතිකෂේප කරමින් බුද්ධත්වයට පත්වේ කල්පගනන් පෙරැමිපුරා ලබාගත් දහමෙන් සසරෙන් එතරවෙන්න හැකිබව ඔබ සිතන්නේනමි
    මිත්‍යා ඇදහිලි පිළිපැදු බුදුන්ගේ මවි තුමිය සවිතිසා ලොකලේ සිටියේ කෙසේද?
    බුදුන් පෙරැමිපුර‍ා ලබාගත් නිවන මවිතුමිය මිත්‍යා ඇදහිල්ලෙන් ලබාගත්තද?

  20. මම හොඳයි, නැ නෑ මමයි හොඳ.
    මම ලස්සනයි, නැ නෑ මමයි ලස්සන.
    තමන් ගැන තමන් අනිකාට වඩා හොඳය කියා හොඳ ආත්ම විශ්වාසයක් තියෙන එක හොදයි.
    හැබැයි එක කියව කියවා ඉන්නවට වැඩිය ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕන, රටටත් තමන්ටත් වැඩ දායක වේවි.
    ” මෝඩ ආතල් ” වෙබ්අඩවියක් , නිකන් බොරුවට මරා ගන්නවා.

Comments are closed.