‍මොහිදීන් බෙග් ගායකයා ගැන විමසුමක්!

මොහිදීන් බෙග් Mohideen_Beg

අන්‍යආගමිකයෙක් වෙලත් මොහිදීන් බෙග් ගායකයා බුදු ගුණ කිව්වා! මෙසේ කියන්නේ බෞද්ධයන්. එවිට සමහර මුස්ලිම් අය කියන්නේ මොහිදීන් බෙග් කියන්නේ මුස්ලිම් නමක් වුවත් මුස්ලිම් නොවන කෙනෙක් වෙන්න පුළුවන්! කියායි. මටත් මේ ගැන මුල් කාලයේ තිබුණේ දැඩි ගැටළුවක්.

නමුත් ඔහුගේ පුද්ගලික තොරතුරු ඇසු පසුව මගේ අදහස වෙනස් කරගත්තා. අපි හැමෝටම ජීවිතයේ නොදන්න පැත්තක් තිබෙනවා. අපි බොහෝ විට කෙනෙකු මනින්නේ ඔහු ගැන අපි දන්නාවු පැත්තෙන්. ඒ නිසා අපි ඔහු ගැන හිතන මතන ආකාරය හරියන්නත් පුළුවන්. වරදින්නත් පුළුවන්. ඉස්ලාමයට අනුව මුස්ලිම් අපට මිනිසෙකු ගැන විනිශ්චයකට එන්න බැහැ. අවසන් විනිශ්චය තියෙන්නේ අල්ලාහ්ගේ අතේ කියන්නේ ඒ නිසයි.

මොහිදීන් බෙග් මහතා යනු ගායන දිවියේ මුල් කාලයේ සිටම මෙරට සිටියද පුරවැසි භාවයෙන් ඉන්දියානුවෙක්. එකල ලංකාවේ බොහෝ ඉන්දියානුවන් වෙලඳාමේ යෙදී සිටියා පමණක් නොව ඔවුන් පවුල් පිටින්ම සිටියේ මෙරට තුලයි. නමුත් අපේ රට නිදහස ලබාගත් පසුව තත්වය වෙනස් වුවා. ඊට පසුව පැමිණි රජයන්ට අවශ්‍ය වුයේ මේ ඉන්දියානු පුරවැසියන්ව නැවත ඉන්දියාවට යවා ගැනීමටයි. මේ නිසා රජය විසින් ඉන්දියානුවන් ‍මෙරටින් යැවීමට කටයුතු සිදුකළා.

අපේ මොහිදීන් බෙග් මහතාටත් අත්වුනේ ඒ ඉරණමමයි. නමුත් මේ කාලයේ ඔහු අතට එක්තරා ගීතයක් පත්වුණා. එය බුදුගුණ ගීයක්. මේ ගීතය ගැන ඔහුගේ හිතෛෂීන් පැවසුවේ මේ ගීතය ගැයුවා නම් බොහෝ දුරට ලංකාවේ නතර වීමට අවස්ථාව සැලසෙනු ඇති බවයි. ඔහුටත් එම ගීතය ගැන එසේ සිතෙන්නට ඇති. ඒ ගීතය ගැයු පසුව ඔහු විශාල වශයෙන් ප්‍රසිද්ධියට පත්වී තම අභිමතාර්ථයත් මුදුන් පත්වුණා. ඊට පසුවද ඔහු එවැනි ගීත රැසක් ගායනා කළා.

ඉස්ලාමිකයෙක් ලෙස මෙය හරිද? වැරදිද? යන්න ගැන අපට විනිශ්චය කිරීමට අයිතියක් නැහැ. එම අයිතිය තියෙන්නේ අල්ලාහ්ට පමණයි. නමුත් ඔහුගේ ලඟම ඇසුරු කළ අය පවසන පරිදි ඔහු නිතිපතාම දවසට පස්වේලක් පල්ලියට ගොස් දෙවිඳුන් නැමදු කෙනෙක්. එමෙන්ම මුස්ලිම් වරයෙකුගේ මුලික වගකීම් වලින් තවත් එකක් වන හජ් වන්දනාවද ඉටුකළ කෙනෙක්. එමෙන්ම ඔහු විසින් තමන්ගේ දරුවන්ට පාසල් යන කාලයේදී පවසා තිබුණේ ගීත ගායනය නොකරන ලෙසයි. පසුව එය වෙනස් වුවාද මා නොදනිමි.

මා මේ ලිපිය ලිවීමට ප්‍රධානතම හේතුව නම් අපගේ මුස්ලිම් සොයුරන්ද ඔහු ගැන වැරදි දේ පැවසීමට ඇති ඉඩකඩ අහුරා ලීමයි. ඔහු වෘත්තිය ලෙස කළදේ ඉස්ලාමය තුල හරි යැයි කීමට අපට නොහැකි නමුදු පුද්ගලික ජීවිතයේ යහපත් සහ දෙවිඳුන්ට භක්තිය ඇති පුද්ගලයෙක් ලෙස ජීවත් වු අයෙකු යැයි අපට පැවසිය හැකියි.     

 

 

14 Comments to “‍මොහිදීන් බෙග් ගායකයා ගැන විමසුමක්!

  1. මොහිදීන් බෙග් යනු ලංකාවට ලැබුණු අනගි කලාකාරයෙක් , ගායකයෙක් , සම්පතක්. ඔහුගේ ගීතයන් සදාකාලිකව රස විඳීමට හැකි , කිසිදා එපා වෙන්නැති ඒවාය. ඔහු ගයානා ගීතවල පද නිර්මාණද ප්‍රවීන හා ප්‍රසිද්ධ පද රචකයන්ගේ ඉතා විශිෂ්ට ගනයේ ඒවාය. ඔහුගේ ඝාම්භීැ කටහඬ එම පදවැල් වලට සාධාරණය ඉටු කරයි. ඔහු ජාතික සමගියේ සංකේතයකි. මුස්ලිම් වරුන් අනවශ්‍ය ලෙස නොරුස්සන අන්තවාදීන් ට කනේ පහරකි.
    එනමුත් ඔහු ගයන ‘ මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ ‘ කියන ගීතය මුස්ලිමයකු ලෙස ඔහුට කෙතරම් උචිත ද යන්න ප්‍රහේලිකාවක්. අල්ලාහ් ඔහුට සමාව දෙත්වා.

    1. සඔගීතය ඉස්ලාම් ආගමේ තහනම් ක්‍රියාවකි.මුහියද්දීන් බේක් මහතා ඉහත කොමෙන්ට් එකේ සදහන් කර තිබුනා සේ ජාතික සමගියේ සංකේතයකි.ඔහුගේ නොදැනුවත් කමින් යම් වැරැද්දක් කලත් ඔහුගේ අවසන් කාලවකවානුවේ හෝ දෙවියන්ගෙන් සමාව (තව්බා)කලාදය් කිසිවෙක් නොදන්නා නිසා ඔහු ගැන වැරදි නොකියා සිටීම සුබදායකය.මා දන්නා පරිදි ඔහු අවසාන කාලයේ මරදාන පල්ලියේ බොහෝසෙයින් නමදීම් කටයුතුවල නිරතවුනා.

    2. lankawe sitiya indiyanlawa yawwa nam kolomba ada metaram demala muslim aya bahutarayak idiwida ohu gitayak kiwwa kiyala nowei ohuta lankawe purawasi kama dunne ohu meheta awe polis niladariyek lesa lankawe sitiya indian islamikayanta hugak denekuta lankawe purawasi kama dunna me web adawiya me taram islam agame karunu kiyanne mokada meka agamika web adawiyak nowei neda beg mahata wishistha gayakayek ohu wani begla tawa tawath bihi wewa eka mage patumai mama kamati bela wage ayata islam antawadinta wada

  2. මොහිදීන් බේග් මහතා ගායනා කල ‘ ඔබ රාගී මන කැ‍ල බේදෝ’ යන ගීතය එදා වගේ අදත් ප්‍රසිද්ධයි මේ ගීතය නිසා එවකට ලංකාවේ අග්‍රාමාත්‍ය දුරය දැරූ සර් ඔලිවර් ගුණතිලක මහතා විසින් බේග් මහතාට ලංකාවේ පුරවැසි බාවය දී ඇති බව අරාචියක් තිබෙනවා.

  3. මිනිසෙකු පිළිබඳව ඔහු නැති තැනක දොස් නැගීම හෝ අවලාද කීම අප දහම විසින් සම්පූර්ණයෙන් තහනම් කර ඇති හෙයින් අපි මෙම පාපක්‍රියාවෙන් වැලකී සිටිමු. විශේෂයෙන් මරුමුවට පත් සහෝදරයෙකු පිළිබඳ කතිකාවකදී අපි තද ලෙස ප්‍රවේශම්විය යුතුයි. ඔහු හෝ ඇයගේ හොඳ ක්‍රියාවන් හැර අන් දේවල් කතා කිරීමෙන් අප මුස්ලිම් සමාජය වැලකී සිටිය යුතුයි. මන්ද මියගිය කෙනෙකු පිළිබඳව අපි සාකච්ඡා කිරීමෙන් කිසිදු ඵලක් සිදුනොවන නිසාත් බෙග් මහතා පිළිබඳව විනිශ්චය කිරීමට අපි සුදුසු අය නොවනවා වගේම එයින් එසේ කිරීමට තැත් කිරීම තුලින් අල්ලාහ් සුබ්හානහූ වතආලාගේ යම් කෙනෙකු පිළිබඳව ස්වයං තීරණ ගැනීමේ ඒකීයත්යවට අපි අභියෝග කිරීම හා සමානවන බැවින් එය මුස්ලිම්වරයෙකුට උචිත කාර්‍යයක් නොවන නිසා මෙය කතා නොකර සිටිමු. ඒ මහතාගේ යම් වැරැදි ඇතොත් අල්ලාහ්තආලා ඔහු වෙත සමාව දෙන ලෙස ප්‍රාර්ථනා කරමු. තවද ඒ මහතා ජීවත්ව සිටියදී මොහුගෙන් සිදුවූ වරදට අල්ලාහ්ගෙන් පව්සමා ඇයද සිටියාදැයි අපි නොදනිමු නේද? නමුත් මෙයින් අපට උගත හැකි පාඩමවන්නේ බුදුන් හෝ විශ්නු පමණක් නොව අප ආගමේ පවා කිසිදු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු (නබිතුමාණන් ඇතුළුව) අල්ලාහ්තආලාගේ බලමහිම තත්වයට හෝ ආසන්නයක තබා ප්‍රශංසා මුඛයෙන් ගීගැයීම හෝ වර්ණනා කිරීම අපි කරන බරපතල පාපයක් බව වටහා ගතයුතු බව නොවේද?

  4. ඔහු ගැන හෝ අන් ආගමික කෙනෙකු ගැනහෝ අපට විනිශ්චය කරන්නට අඉතියක් කොහෙත්ම නැත.එසේ කිරීම ඉස්ලාම් අනුව බරපතල පවකි.නමුත් ගී ගැයීම ගැන කෙසේ වෙතත් ඔහු ගැයූ සමහර ගී වලින් අල්ලාහ්ට සමකිරීම් කර ඇතිනිසා ඒවා අතිශයන්ම මුස්ලිම් වරයෙකුට නුසුදුසු ඒවා යැය් කිව හැක.මුස්ලිම් වරයෙකු ලෙස වචනයකින් හෝ ශිර්ක් සම්බන්ද විය නොහැකි අතර ලව්කික දේවල් සදහා ඉස්ලාමිය නීති කඩකරන්නේ නැත.නමුත් කෙනෙකුගේ ජිවිතයේ පිටින් පේන දේවල් ගැන අපට කිසිවක් කිව නොඅහැකි.අපද මනුෂ්‍යයන් වන නිසා කා අතිනුත් වැරදි සිදුවන නිසා අනුන්ව විනිශ්චය නොකර තමන්ව හදා ගැනීමට කටයුතු කල යුතුය.ඔව්න්ගේ නොදන්නා කමට කරපු වැරදි දෙවියන් සමා කල හැකිය.තමන් හොද කෙනෙකු යැය් සීතා ආඩම්බරවිම දෙවියන්ගේ පිළිකුලට බාජනය විය හැකිය.එනිසා හැම කෙනා ගැනම යහපතක්ම සිතා ඉවසිය නොහැකි ගින්න වන නිරයෙන් බේරීමට කටයුතු කරමු ඉන් ශා අල්ලාහ් !

  5. මෙම අග්‍රඝන්ය කළාකරුවා ගැන මමත් පොඩි සටහනක් තැබීම මියගිය ඔහු වෙනුවෙන් කරන මහත් ගුනයක් ලෙස සලකමි. ලියනවානම් පිටු ගණන් ලියන්නට පුලුවන. කෙටියෙන් කියනවානම් 1987 මම සහිරා විදුහලේ නේවසිකගාරෙ හිටියෙ. සවස් සලාතයට ගියහම ඉර පහත්වන තුරු පල්ලියේ සිට ඔහුගේ කතා ඇසීම අපි කිහිප දෙනෙකුගෙම පුරුද්දක්ව තිබුනා. මම ඒ පාසලේ සිටින තාක්කල් මට පොඩි මත්කයක්වත් නැහැ එතුමා පල්ලියට නාපු දවසක්. මෙය හොන්දටම ඇතිවේවි එතුමා ගැන නිගමනයකට ඒමට ඔනැම කෙනෙකුට.

  6. Brother I agreed with you! but u can tell that Music is Haram! so he sang all the songs with music!

    1. එක් එක්කෙනා ක්‍රියා කරන්නේ තමන්ගේ දැනුමේ ප්‍රකාරයටයි. ඔහුගේ දැනුමට අනුව අල්ලාහ් එය තීරණය කරනු ඇත. අපට විනිශ්චය කළ නොහැක.

  7. මීට පස්සේ වෙසක් කාලෙට
    පන්සල් වල, දන්සල් වල
    මොහිදීන් බේග් ගේ
    “බුද්දං සරනං ගඡ්චාමී” සිංදුව
    නොදා ඉමු..

    මොකද ඔහු,

    අම්බ හම්බයෙක් නිසා….

    එහෙම හොඳයි නේද
    අපෙ හාමුදුරුවනේ….???????

  8. Mohideen beg awith” minisamay lowa dewiyan wanne” kiyana kufr sinduwa kiwwa. Anver oba hemadamath wage me wataweth weradi. apita yam kenek weradi margaye yanawa kiyala winishchaya karanna puluwan.

Comments are closed.