අන්වර් මනතුංගට ධර්මානුකූල පිළිතුරක්!!!

මඩ එපා‍!!!
මඩ එපා‍!!!

අන්වර් මනතුංග බ්ලොගය ආරම්භ කළ කාලයේ සිට මේ දක්වා මට චෝදනා නගන්නන් විශාල වශයෙන් බිහිව ඇත. මම ඔවුන් කරන දේ අධ්‍යනය කළෙමි. ඇත්තටම ඔවුන් කරන්නේ මට කුමණ හෝ බොරු චෝදනාවක් නගා තමන්ගේ Like ගොඩ වැඩිකර ගැනීමයි. හොරි ඩොට් කොම් සහ හිවල් හඬ මින් පෙරමුණේ සිටියි.

 

මොවුන්ගේ මෙම සාර්ථකත්වයේ රහස වටහා ගත් බොහෝ දෙනෙකුද දැන් ඒ මාර්ගයටම අවතීර්න වී සිටිති. ඔවුන් තමන්ගේ Like ගොඩ වැඩිකර ගැනීමට මට පුදුමාකාරයේ අභූත චෝදනා නගමින් සිටිති. කලක් ජනතාව හොරි ඩොට් කොම් සහ හිවල් හඬ යන දෙදෙනාට අසුවුවද, පසුව බොහෝ දෙනෙකුට දැන් ඇත්ත තේරී ඇති නිසා දැන් එන එවැනි ප්‍රතිචාර වල කැමැත්ත Like හෝ ප්‍රතිචාර Comment නොදක්වති. දැන් ඔවුන් සමග සිටින්නේ මට එවැනි චෝදනාවක් කළ වහාම එය බෙදා ගන්නා Share හයසිය ගණනක් ගිණුම් සහ ප්‍රතිචාර දක්වන සියයකටත් අඩු පිරිසක් පමණි.

 

මෙහිදී මට විරුද්ධව නැගෙන චෝදනා බෙදා ගන්නා ගිණුම් හයසියය ගැන බලන කල එහි එක පුද්ගලයෙකුට ගිණුම් එකකට වැඩි ප්‍රමාණයක් තිබෙන බවක් පෙනේ. මන්ද මේවාට ප්‍රතිචාර දක්වන ගණන සියයකට ආසන්න ප්‍රමාණයක් පමණක් බැවිනි. නැතිනම් මෙසේ බෙදා ගන්නා එක ගිණුමක් එක ප්‍රතිචාරයක් දැම්මද ඊට වඩා වැඩිවිය යුතුව ඇත. එමෙන්ම ලංකා චී නිවුස් අඩවිය තුල ඉස්ලාමයට අපහාස කරමින් ප්‍රතිචාර (http://www.anvermanatunga.com/2012/04/26/lanka-c-news-dogs/) දමන්නේද මෙම කන්ඩායමම බවටද කිසිදු සැකයක් නැත.  

 

අනෙක් වැදගත්ම කාරණයක් නම් මෙම මුණුපොත් ගිණුම් වලින් බහුතරය අයත් වන්නේ විදෙස් රටවල රැකියාවන් කරමින් සුරසැප විඳිමින් ලංකාවේ ජාතිබේධය පතුරවන අයවළුන් (http://www.facebook.com/photo.php?fbid=381609238585923&set=pb.283014815112033.-2207520000.1353291480&type=3&theater) වීමයි. ඇත්තටම ඔවුන්ට අවශ්‍ය ලංකාව තුල සිංහල මුස්ලිම් ජනතාව අතර ලේ වැගිරවීමකි. ‍ඔවුන්ගේ මෙම ක්‍රියාවන් තුලින් මතුයම් දිනයක එවැනි දෙයක් සිදුවුවද ඔවුන්ගේ දෑත් පිරිසිදුය. මන්ද ඔවුන් සිටින්නේ ලංකාවෙන් පිටත නිසාය.

 

මට එල්ල කර ඇති අභූත චෝදනා
මට එල්ල කර ඇති අභූත චෝදනා

 

මෑතකදී මට ලැබුණු තර්ජන කිහිපයකින් එකක් ඉතාමත් දරුණුව තිබුණු නිසා නවීන තාක්ෂණයේ උදව්වෙන් ඔහු සිටින තැන සෙව්වෙමි. මෙහිදී මට ඔහුගේ නමත් ඊමේල් ලිපිනය සහ මුණුපොත් ගිණුම පවා ලැබුණි. එහි ගොස් ඔහුගේ රූපය බැලුවෙමි. ඒ රූපය දුටු මට ඇතිවුයේ බලවත් සිනහවකි. මන්ද මට මරණ තර්ජනය කළ මේ තැනැත්තා ඉතාලියේ සේවය කරන ඉතාමත් කෙසඟ පාංකඩයෙක් වැනි පුද්ගලයෙකි. ඇත්තටම මොහු ඉදිරියට මා හුදකලාව ගොස් අඳුන්වා දුනහොත් එවිට ඔහුට සුළුදිය පහනොවුනේ නම් පුදුමයකි. ලංකාවේ ජාති සහ ආගම්බේධ පතුරවන කාර්ඩ්බෝර්ඩ් වීරයන්ගේ සැබෑ නිරුවත මෙයයි.

 

හොරි ඩොට් කොම් වැනි අය දැන් අර්බුධ දෙකක සිරවී සිටිති. එනම් තවදුරටත් මඩ පෝස්ටර වලට මිනිසුන් කැමැත්ත නොදැක්වීමයි. අනෙක් කරුණ නම් ඉදිරියේදී ආගම් වලට අපහාස කරන මුණුපොත් ගිණුම් තහනමකට ලක්වීමට ඉඩ තිබීමයි. මේ නිසා ඔවුන් අළුත් උපක්‍රමයක් අත්හදා බලා ඇත. එනම් මා විසින් මීට වසර 4 කට පමණ ඉහතදී කළ වීඩියෝවකට “ධර්මානුකූල පිළිතුරක්” ලබාදීමයි. කවුදෝ “මැටිතුමෙක්” “සුදු ඇඳගෙන” එම වීඩියෝවෙන් මට පිළිතුරු ලබා දෙයි. මෙතරම් කල් මඩ පෝස්ටර ආගමික අපහාස වැනි දේ කළ අයට දැන් එකපාරටම “ධර්මානුකූල” වෙන්නට සිතුනේ ඇයි? ඔවුන් මෙය “ධර්මානුකූල පිළිතුරක්” යනුවෙන් හඳුන්වන්නේ මෙතුවක් කල් පිළිතුරු දුන්නේ අධර්මයෙන් නිසා නොවේද?

 

මා ඔවුන්ට ප්‍රකාශ කරන්නේ ඔවුන් විසින් ලංකාව තුල බුද්ධිමත් ලෙස ආගමික සංවාදයක් ඇති වීමට ඉඩකඩ අහුරා ඇති බවයි. මෙතෙක් කලක් ඔවුන් ඉස්ලාමයට අපහාස කරමින් අන්තර්ජාලය තුල ආගමික ප්‍රචන්ඩත්වයක් වපුරා දැන් “සුදු ඇඳගෙන ආගමික සංවාද” වලට එන්නේ කෙසේදැයි මට නම් මවිතයකි. පලමුව ඔවුන් මෙතෙක් කල් ජනතාව රවටමින් ගෙනගිය ආගම්බේධකාරී පිළිවෙත ධර්මානුකූල දැයි මඳක් සොයා බැලිය යුතුය. තමන් විසින් මෙතෙක් කරගෙන ගිය වැඩපිළිවෙල වැරදි බව පිළිගෙන ඒවාට ජනතාවගෙන් සමාව ඉල්ලීම පලමු ධර්මානුකූල ක්‍රියාව විය යුතු බව මගේ අදහසයි. එසේ නොකර මට අභියෝග කරමින් “කාර්ඩ්බෝර්ඩ් වීරයන්” වෙන්නට තතනන “සුකර පරපුරට” පිළිතුරු දෙන්නට මා බැඳී නැති බව කරුණාවෙන් දන්වමි.         

 

 

41 Comments to “අන්වර් මනතුංගට ධර්මානුකූල පිළිතුරක්!!!

  1. hats off to u Anver….”The tree which bears more fruits will get the most stones…!”. Don’t get discouraged by these ignorant and foolish people’s actions….All they know is to criticize and attack anything they dont know or trust just like the animals do. most of the ferocious animals attack human being because they feel threatened. So i dont see a difference between these people and the animals.

    Keep up your good work to enlighten the hearts and souls of people. All the very best.

  2. අන්වර් සහෝදරය, සමහර අධි ආගම්බේදවාදීන් විසින් මෙලොව සත්‍ය සොයා යන ගමනේදී එම සත්‍ය වටහා ගන්නා හා පිළිගන්නා අයට විරුද්ධව අපහාස නින්දාව සහ මඩ ප්‍රචාරයන් ගෙන යනු ලබන්නේ මේ පළවෙනි වතාවට හෝ අවසන් වතාවට නොවේ…..මෙම ගමන කටු අත්තක පය තබා යන ගමනක් බැවින් හිස් මැටිමෝලන්ගේ මඩවලට බියවී හැංගෙනවාට වඩා ළය පපුව පෙරට තබා සත්‍ය වෙනුවෙන් සටන් කර මියයෑම වඩා සැපතක්…..මඩ ගසන හෝ වීසිකරන අයගේ අත්වලද මඩ තවරා ඇති බව කිව යුතු නැත. අනෙක අප ජීවත්වන්නේ මිනිසුන් පිනවන්න හෝ නලවන්න නොව අප සියල්ලන්ගේ නිර්මාතෟවරයාණන්වන එකම දෙවියාණන්වූ අල්ලාහ්ගේ අණ පිළිපදිමින් මෙලොව ජීවත්වන අතර මරණින් පසු අපවෙත ලබාදීමට උන්වහන්සේ පොරොන්දුවූ ස්වර්ග ජීවිතය ලබාගැනීමේ පරම අධිෂ්ඨානයෙන් බව සිහියේ තබාගනිමු. බල්ලෝ බුරනවා…..ඒ උන්ගේ ජන්ම පුරුද්දයි…නමුත් තවලම දිගටම යනවා. මම නම් අදහස් කරන්නේ බුද්ධිමත් අය සමග සුහද සංවාදයක් ඇතිකරගෙන අනවශ්‍ය පුද්ගල චරිත ඝාතනය කරන මෝඩ මිනිසුන්ගේ උඩුබිරීම්වලට ප්‍රතිචාර නොදක්වා සිටිය යුතු බවයි.

  3. ඒ තියෙන පිළිතුරු වැරදිද නැත්තන් තේරෙන්නෙ නැතිද

  4. ඔය ලයික් දාන උන්ගේ FB ප්රෝෆෛලයට ගියොත් උන්ගේ හැටි බලාගන්න පුළුවන්, ඔක්කොම උන් සන් ග්ලාස්සෙස් දාපු වානරයන් වගෙයි. හිතන්නේ මහා පින්කාරයෝ කියල.

  5. මම නම් කතෝලිකයෙක්, ඔය මහා බෞද්දයන්ගේ කුණුහරප අඩවි වලට වඩා මෙම අඩවියේ බොහෝ වටිනා දෙයක් ඇත.

  6. මොලේ විකල් වුණු මානසික අසහනකාරයන් පිරිසක් සිටින බවත් ඔවුන් බෞද්ධයන් නොවන බවත්,බුදු දහම එය නොවන බවත් නැවත නැවතත් ප්‍රකාශ කරමි..

  7. මනතුංග සහෝදරයා වෙත,
    ඔබ ඉස්ලාම් විද්වතෙකු ලෙස සමාජයේ පෙනී සිටීමට උත්සහ කරන කෙනෙක්. ඒ ගැන අපි වරදක් දකින්නේ නැහැ. ඔබේ ආගම ගැන කතා කිරීමට ඔබට නිදහසක් තිබිය යුතුයි. නමුත් බුදු දහම ගැන කතා කිරීමට ගොස් ඔබ ඈන ගන්නා ලද බව මගේ මතයයි.
    එනිසා ඔබ දන්නා ඉස්ලාම් ගැන කතා කොට සමාජය දැනුවත් කරන්න. නොදන්නා දේවල් කතා කිරීමට යාමෙන් මෙවැනි ගැටළු ඇති වන බව මාගේ හැගීමයි.
    ස්තුතියි

    1. මා කිසිදු දහමක් ගැන කථා කිරීමෙන් ඇනගෙන නැත. ඔවුන් කරන්නේ මා බුදු දහමට අපහාස කරනවා කියා බොරුවට මා හට තර්ජනය කරමින් අනෙක් පැත්තෙන් මට වාදයකට එන ලෙස අභියෝග කිරීමයි. ඇත්තම තත්වය නම් මෙම බ්ලොග් අඩවියට පැමිණ මා සමග ආගමික සංවාද කළ කිසිදු කෙනෙකුට මා ඉදිරිපත් කළ තර්ක හමුවේ ජයගැන්මට නොහැකි වු බවයි. එයට මෙම බ්ලොගයේ ලිපි වල ප්‍රතිචාර කියවන ඕනෑම කෙනෙකුට තේරුම් යනු ඇත.

  8. //මේ නිසා ඔවුන් අළුත් උපක්‍රමයක් අත්හදා බලා ඇත. එනම් මා විසින් මීට වසර 4 කට පමණ ඉහතදී කළ වීඩියෝවකට “ධර්මානුකූල පිළිතුරක්” ලබාදීමයි. කවුදෝ “මැටිතුමෙක්” “සුදු ඇඳගෙන” එම වීඩියෝවෙන් මට පිළිතුරු ලබා දෙයි.//

    මා සිතන ආකාරයට මෙයින් පෙනී යන්නේ ඒ අන්තවාදී රැලේ අභ්‍යන්තර මතබේදයක් ඇති බවයි. මනතුංග මහතාට මඩ ගැසීමත්, ආගම් වාදය පැතිරවීමත් යනාදී විවිධ (අන්තවාදී) ක්‍රියාකාරකම් කෙරෙන්නේ ඔවුන් සිතන ආකාරයට, සිය ජාතිය ආරක්ෂා කර ගැනීමටය. නමුත් එසේ ක්‍රියාකරන පිරිස අතර විවිධ අදහස් සහ මතබේධ ඇතිවීම වැළක්විය නොහැක. එය මනුෂ්‍ය ස්වභාවයයි. දුර්වල (අන්තවාදී) දර්ශනයක් පදනම් කරගෙන ක්‍රියා කරන විට එම දර්ශනයේ දුර්වලතා සහ අඩුපාඩු පෙනෙන නිසා, විශේෂයෙන්ම අන්තවාදීන් අතර එවැනි මතබේධ මතුවීම දක්නට ලැබේ. මේ පිරිස දෙස බලන කල්හි මට සිහිවන්නේ මීට වසර කිහිපයකට පෙර අන්තර්ජාලයේ සුලබව දක්නට ලැබූන ජිහද්වාදී මුස්ලිම් කොල්ලන්ය. ජිහාද්වාදී කොල්ලන් අතර මතබේධ වඩාත් උග්‍ර වී ඔවුන් ක්‍රමක්‍රමයෙන් කුඩා කුඩා කණ්ඩායම් වලට බෙදී ගොස් එකිනෙකා සමග වාද කර බොහෝ දුරට වඳ වී ගියහ. මෙම ඉරණමම අන්තර්ජාලයේ සිටින මේ සිංහල-බෞද්ධ ජිහාද්වාදීන්ට අත්වේද යන්න පැහැදිලි නැත.

  9. අන්වර් සහෝදරයා ඔබ යන්නාවූ යහා මගේ මේ හමුවෙන්නාවූ බාදක කම්කටලු මායිම් නොකර ඉදිරියටම යන්න . ඔබට සර්ව බලධාරී අල්ලාහ්ගේ පිහිටයි ආරක්ෂාවයි සදා සතූයි.

    1. සරත් සහෝදරයා, මට මේ ප්‍රතිචාරය දැමීමට නොහැක්කේ එය මගේ ප්‍රතිපත්තියට පටහැනි නිසයි. හිතට එන ආවේගයට නැගෙන සියළු වචන ප්‍රතිචාර බවට හැරවීම වීර බව නොවේ. ඔබට සමාජයට දෙන්න අදහසක් ඇත. ඒ අදහස පවිත්‍ර එකක් බවද ඔබ දනී. ඔබ ලියන්නේ හිතට එකගවය. එසේ නම් එය යහපත් වචන යොදා ලියන්න. මේ බ්ලොගය ඔබේ අදහස් වැඩි ජනතාවකට ගෙනයාමට හොද වේදිකාවකි. නමුත් ඔබ ලියු ආකාරය නිසා එය පලකල නොහැක. කරුණාකර නැවත යහපත් අයුරින් එම ප්‍රතිචාරය ලියන්න උත්සාහ කරන්න.

      මෙය මගේ ඉල්ලීමකි. එය පිළිගැනීම හෝ නොපිලිගැනීම ඔබ සතු අයිතියකි. නමුත් එසේ ලියනවා නම් එය රටට මෙන්ම ඔබටත් යහපතක්ය.

  10. මටනම් ඒ පිළිතුරු වීඩියෝව බර වචන දාලා හදපු කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තරයක් වගේ.නමුත් ඔව්න් දර්මානුකුලව කතාකිරීම ගැන ගොඩක් ස්තුටුය්.මේ වගේ දේවල් නොසලකා හරිනෙක තම ගොඩක් හොද මොකද සමහර දේවල් කොඉතරම් තර්ක කලත් කෙළවරක් නැහැ.

  11. ඔබගේ ලැයිස්තුවට මිනීමරුවෙකු යන්නද සදහන් කරන්න මන්ද යත් එක්තරා නිවට පුද්ගලයකු කිසියම් සිද්දියක් ගැන කියාපාමින් ඔබ මහනුන්වර නගරයේදී කිසිවකුට මරණීය ප්‍රහාරයක් එල්ල කල බව පැවසේ. ( ලින්ක් එක ලැබුණු සැනින් මෙහි පලකරන්නම් )
    තවද උබ කුඩා දැරියක් දූෂණය කල බව සිද්දියක් ද ඇත කරුණාකර එයට ඉතා පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න. මන්ද එම මුහුණු පොත් කරු ගේ කතාව ඉතාමත් සිත් ගන්න සුළු ලෙස ඉදිරිපත් කර ඇත ( ලින්ක් එක ලැබුණු සැනින් මෙහි පලකරන්නම් )

    1. තවද ඔබ කුඩා දැරියක් * ලෙස කොමෙන්ටුව නිවැරදි කරන්න

    2. සියළුම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමි. ඒ සියල්ලට මා නිදොස්ය. මන්ද මා විසින් ඒ කිසිවක් කර නැත. නමුත් ඒවාට හේතු නොදක්වමි. මන්ද එය මගේ අනාගත ආරක්ෂාවට තර්ජනයකි. සමහර විට ඔබ වුවද ඔවුන්ගේ උපාය දුතයෙක් විය හැකි නිසාය.

  12. බොරුවට ආයුෂ අල්පයි. එනිසා මෙවන් මඩ ව්‍යාපාරයන්ගෙන් නොසැලී අපගේ අවංක ව්‍යායාමය දිගටම නොනවත්වා කරගෙන යමු. කිසිම දහමකට අපහාස නොකරන ලෙස අල් කුර්ආනයේ 6:108 ඉතාමත්ම පැහැදිලිව උගන්වයි. අප ඉගැන්වීම අනුගමනය කිරීමට බැඳී ඇත්තෙමු. බෞද්ධ විග්‍රහය දෙසටද මොහොතක් යොමුවෙමු.

    සම්මා වාචා, ආර්ය අෂ්ටාංගික මගෙහි ඉතා වැදගත් සංකල්පයකි. බුදුරදුන් කපිල නම් ඍෂිවරයෙක් (බෝසත්)ව විසූ සමයෙහි චෙතිය නම් රජකුට බොරු කීමේ ආදීනව දක්වා ප්‍රකාශ කළ ගාථාවේ සංක්ෂිප්ත සිංහල අර්ථය පහතින් දී ඇත්තෙමු.

    1. ආරක්ෂක දේවතාවෝ බොරු කියන්නන් හැරයති. මුවින් දුගඳක් විහිදේ. ස්වීය ස්ථානයෙන්ද හේ පිරිහෙයි.
    2. සුදුසු කලට නො වස්නේය, අකාලයෙහි වස්නේය.
    3. ඔහුට සර්පයන්ට මෙන් දෙදිවක් වන්නේය.
    4. ඔහුට මත්ස්‍යයෙකුට මෙන් දිවක් නොවන්නේය.
    5. ඔහුගේ පවුලෙහි ස්ත්‍රීහු උපදනාහ. පුරුෂයන් නූපදනාහ.
    6. ඔහුට පුත්‍රයෝ නොවන්නාහ. උපන්නාහුද ඔවුහු මාපියන් හැර ඒ ඒ තැන යන්නාහ. ඔහුට දරුවන්ගෙන් ප්‍රයෝජනයක් නොවන්නේය.

    ඉහත දැක්වූයේ බුදුදහම අනුව මුසාවාදයේ ආදීනවයි. නමුත් මුසාවාදයම පදනම් කරගෙන බුදු දහම ගොඩ නඟත් නම් වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි මේ අමාරුව යැ’යි පවසා නිහඬ වන්නට සිදුවෙනවා.

    “තත්ථ කතමා සම්මා වාචා?
    මුසාවාදා වේරමණී,
    පිසුනා වාචා වේරමණී,
    ඵරුසාවාචා වේරමණී,
    සම්ඵප්පලාපා වේරමණී,
    අයං වුච්චති සම්මා වාචා”

    මෙහි අර්ථය: සම්මා වාචා කවරේද යත්, මුසාවාදයෙන් වැළකීමය, පිසුනාවාචයෙන් වැළකීමය, ඵරුසා වාචාවෙන් වැළකීමය, සම්ඵප්රලාපයේන් වැළකීමය යන මේවා සම්මා වාචා නම්වේ.

    මෙම කරුණු ටිකක් විස්තර සහිතව විමසා බැලුවිට වෙබ් අඩවි මගින් මෙරට දහමට ලැදි යහ බෞද්ධයින්ව උද්වේගයට පත්කොට නැවත ලේ ගංගාවන් ගලන තත්වයක් ඇති කරන්නට වෙර දරන අඳබාලයින්ගේ ක්‍රියාවන් කොතරම් බෞද්ධ විරෝදීධ යන්න අවබෝධ කරගන්නට හැකි වනු ඇත.

    මුසාවාදය

    අන්‍යයන් මුලාවට පත් කරන වාචික අකුසල කර්මය මුසාවාදයයි. වෙබ් අඩවි හා අනෙකුත් මාධ්‍යයන් මගින් ඉදිරිපත්කරන අසත්යය තොරතුරුද මෙයට ඇතුලත්වේ. යම් පුද්ගලයෙක් මුසාවාදය පුරුදු පුහුණු කරන ලද්දේද හෙතෙම මරණින් මතු නිරයෙහි උපදී, තිරිසන් යෝනියෙහි උපදී, ප්‍රේත ලෝකයෙහි උපදී, එයින් චුතව මනුෂ්‍ය ලෝකයෙහි උපන් කළ අන්‍යයන්ගේ නින්දා අපහාස ආදියට ලක්වේ. එසේම දුගඳ මුඛයක් ඇත්තෙක් වෙයි. අඥානයෙක් වෙයි, ගොළුවෙක් වෙයි. අප්‍රිය සිරුරක් ඇත්තෙක් වෙයි.

    පිසුනාවාචා

    සවන්දෙන තැනැත්තා කියන තැනැත්තා කෙරෙහි ඇති ඇතිකරගන්නාප්‍රිය බවද, අනෙකා කෙරෙහි ඇති කරගනු ලබන අප්‍රිය බවද යන මේ වාචසිකව සිදු කෙරෙන අකුසල කර්මයට පිසුනාවාචා යැයි කියනු ලැබේ. හුදෙක් මෙයට කේලම යැයිද ව්‍යවහාර කරති. සමගියෙන් හා සමාදානයෙන් සිටින්නවුන්ගේ සමඟිය බිඳීම සඳහා ඇතැම්හු මේ අකුසල කර්මය කරති. වෙබ් දේශප්‍රේමීන්ගේ ප්‍රධාන අකුශල පථය මෙයයි. මෙවන් අය මරණින් මතු නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය ආදී කාම දුගතියෙහි උපදී. යම් හෙයකින් එයින් චුතව මනුසත් ලොව උපන් කළ, ඔහුට ප්‍රියයන්ගෙන් වෙන්ව විසීමට සිදුවේ.

    ඵරුසාවාචා

    කියන තැනැත්තා ද්වේෂ මුඛයෙන් කීමත්, අසන තැනැත්තා වේදනාවකින් හා ද්වේෂයකින් ඇසීමත් යන මෙම අකුසල කර්මය ඵරුසාවාචා නම්වේ. දුටු දුටුවන් නොරුස්සන ස්වභාවය ඇති ඇසීමට අප්‍රිය වුද නොරිසි වුද ස්වර ඇත්තෙක් වීම මෙහි ඵලයයි.

    සම්ඵප්පලාපය

    මෙහි සම්ඵ යනු හිත සුව විනාශ කර දමන, අර්ථ ශුන්‍යවූ කථාවයි. මෙම අකුසල කර්මයෙහි යෙදුනු පුද්ගලයා මරණින් මතු නිරයෙහි උපදින්නේය, ප්‍රේත ලෝකයෙහි උපදිනේය, එයින් චුතව මනුසත් ලොව උපන් කළ එකට එකක් නොගැලපෙන ශරීරවයන්ගෙන් යුත් බලන්නට ප්‍රිය නැති සිරුරකට හිමිකරුවෙක් වන්නේය.

    වෙබ් අඩවි මගින් අසම්මා වාචා හි යෙදෙමින් කටයුතු කරන්නන්ට මෙවන් දරුණු විපාක විඳින්නට සිදුවන බව බුදු දහම උගන්වයි. අකුසලයට උපකාර කරමින් කටයුතු කරන්නන්ගේද තත්වය මෙයට වෙනස්විය නොහැක. රටේ අමාරුවෙන් දිනාගත් සාමය විනාස කරන්නට මෙම වෙබ් කාරයින්ට ඉඩ නොදෙන ලෙස අප ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.

    ඉස්ලාමය අනුවද මොවුන්ට ලැබිය හැකි ප්‍රතිඵල අති භයානකය. අප විශ්වාස කරන්නේ ඉස්ලාමයේ උගන්වා ඇති කරුනුය. බෞද්ධ මතය ගෙන හැර දැක්වුයේ ඔවුන්ගේ විශ්වාසය අනුව ලැබිය හැකි භයානක ප්‍රතිඵල පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමක් ලෙසයි.

  13. සි0හල බෙෘද්ධයන්ට හොදම උදාහරණය බුදුරජාණන් වහන්සේගේ ජීවන රටාවයි.බුදුන්වහන්සේ සාරාස0කල්ප ලක්ෂ ගණන් පෙරැම් පුරමින් තමයි මේ බුදු බව අත්පත් කර ගත්තේ. උන්වහන්සේටම බුදුබව ලබා ගැනීමට ආත්ම ගණනක් බලා සීටිමට සිදුවිය. නුමුත් බුදු රජාණන් වහන්සේ අවසානයේදී බුදු බව ලබා ගත්තේ කොතෙක් අමාරැවෙන්ද? ඒ බව මා ලිවීමට අවශ්‍යද නැත. ඒ ගැන අප කවුරැත් දන්නමු.

    ඉතින් බෙෘද්ධයන් කියන්නේ බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ යුතු අයයි. නුමුත් ඛේදයකි. මේ අය අනුගමනය කරන්නේ දෙව්දත්ලා සහ අ0ගුලිමාල වැනි අයයි. නුමුත් මේ අයටද උන්වහන්සේ සමාව දුන්සේක.නුමත් යම් අයට බොරැ මඩ පචාර කරමින් අයුතු ලෙස වින්දනයක් ලබනවානම් අපා ගත වන බව නිසැකයෙන්ම සිතේ ධාරණය කළ යුතුය. එවැනි අයුතු කියා බුදු දහමේ කොතැනක හෝ ලියා නැත.

    මේ ලැබුනාවු අනර්ඝතම මිනිස් භවය නිකරැනේ පව් පුරවා නොගෙන මනුෂ්‍යයන්ට මෛති කරමින් ජීවත් වුනානම් අනෙත් ආත්‍මයේදී හෝ සසරින් එතෙරවීමට ඉඩ ලැබෙනු ඇත.

  14. ඔබ මුස්ලිම් උනෙත් මම බවුද්දයෙක් උනෙත් හරි අවබෝදයක් ලබා නොවෙයි අපේ දෙමවුපියන් මුස්ලිම් හෝ බවුද්ද වීම අනුව අපි මුස්ලිම් හෝ බවුද්ද උනා.මම ආගම කියන එක එතරම්ම කරට ගත්තු එහෙම නැත්නම් ආගම ඔලුව උඩ තියා ගැනපු පුද්ගලයෙක් නොවෙයි. ආගම කියන එකට මම එතරම් ප්‍රමුකත්වයක් දී…
    ල නැහැ.ඊට වඩා බොහෝ වැදගත් දේ මට තියෙනවා කරන්න මගේ ජීවිත කාලය තුල.ඇත්තටම මම ප්‍රතිපත්තියක් ලෙස පිලි ගන්නේ මිනිස් අයිතිවාසිකම් වලට සැලකීමයි.මිනිස් කිව්වම මිනිසා වගේම තිරිසන් සතුත් ඇතුලත්.තිරිසන් සතුන් අපෙන් වෙනස් වන්නේ උන්ට අපේ බාශාව කතා කරන්න බැරි සහ උන්ගේ මොලය අපේ තරම් දියුණු නොවීම අතින් පමණයි.එහෙම නැත්නම් අපි කරන අනෙක් සියලුම ක්‍රියා කාර කම් ඔවුනුත් කරනවා.මේ අනුව මිනිහෙක් තව මිනිහෙකුට හිංසා කරන්න හොඳ නැහැ,මරන්න හොඳ නැහැ වගේම තිරිසන් සතෙකුටත් හිංසා කරන්න හොඳ නැහැ වගේම උන් මරන්න හොඳ නැහැ.මේ ලෝකේ කිසිම දෙයකින් අපට 100% ප්‍රතිපල බලාපොරොත්තු වෙන්න බැහැ වගේම ඉහත කරුණු පිළිබඳවත් අපට 100% බලාපොරොත්තු වෙන්න බැහැ.උදාහරණයක් ලෙස නයෙක් වැනි විසකුරු සර්පයෙක් මගේ නිවස ඇතුලට රිංගල ඉවත් නොවී සිටියොත් මට උව මරන්න වෙනවා මගේ සහ මගේ දරු පවුලේ ආරක්ෂාව වෙනුවෙන්.සතෙක් නොවෙයි මිනිහෙක් එනවා නම් කඩුවක් අමෝරාගෙන මාව මරන්න මට හැකියාවක් තියෙනවා නම් එයිට පෙර මම ඔහු මරනවා.මේ ලෝකේ තියෙන සියලුම ආගම් පිළිබඳව මට පිළිගත නොහැකි දේවල් තියෙනවා.මම කිසිම ආගමක් 100% විස්වාස කරන්නේ නැහැ.හැම ආගමේම නායකයා යම් දර්ශනයක් ලොවට දීල තියෙනවා.බුදුදහමේ කියනවා සතුන් මරන්න එපා පවු සිද්ද වෙනවා කියල.එහෙම නොකිව්වා නම් බවුද්දයත් සත්තු මරනවා.එත් සිද්ද විය යුත්තේ නම් පවු සිද්ද වෙන නිසා සතුන් නොමරා සිටීම නොව ඒ සතාටත් අපට වගේම ජීවත් වීමේ අයිතියක් තියෙනවා අපට වගේම උටත් අඹු දරුවෝ සිටිනවා ….. යනාදිය තේරුම් ගෙන සතුන් මැරීමෙන් වැලකි සිටීමයි.හෙවත් මිනිස් සහ සත්ව අයිතිවාසිකම් වලට ගරු කිරීමයි.( රෙස්පෙක්ට් ටු හියුමන් රයිට්ස් )
    ආගම් වලට වඩා අපට විස්වාසය තියන්න පුළුවන් විද්‍යාව ගැන.මක්නිසාද යත් විද්‍යාවේ අන්ද විස්වාසයක් නැහැ.හැම දෙයක්ම ප්ර්යේෂනාත්මකව ඔප්පු කරනවා.මුලින්ම යම් යම් උප කල්පනා වලට එලබෙනවා ඉන්පසු පර්යේෂණ කරනවා,ඒ ඇසුරින් එම උප කල්පනා සත්‍ය බව තහවුරු කරලා යම් යම් නිගන වලට හෙවත් නියම වලට එලබෙනවා ඊ ලඟට එම නියමයන් ගණිතය ඇසුරින් ප්‍රකාශ කරනවා යම් සුත්‍රයක් විදියට.ඔබ දන්නවා අදටත් විද්‍යාව දියුණුවෙමින් පවතින්නේ.එහි කෙළවරක් නැහැ.එන්න එන්නම දියුණු වෙනවා.මේ අනුව අනාගතයේදී අපට මෙතෙක් තේරුම් ගැනීමට බැරුව තියෙන දේවල් විද්‍යාවෙන් පැහැදිලි කරන්න බොහෝ ඉඩ කඩ තියෙනවා.එවිට අපට තේරුම් ගන්න පුළුවන් හැම ආගමේම මොනවද සත්‍ය කොටස මොනවද වැරදි කොටස කියල.ඔබට ඕනා දෙයක් ප්‍රකාශ කර සංවාදයට එළබෙන්න . මම එය අගය කරනවා.සංවාදය තුලින් තමයි අපට හරි වැරදි දෙය වෙන් කර තේරුම් බේරුම් කර ගන්න පුළුවන් වෙන්නේ..හැබැයි මම එකක් තේරුම් අරගෙන තියෙනවා බුදු දහම තමයි මේ ලෝකේ තියෙන සියලුම ආගම් අතුරින් යම් කිසි හරයක් තියෙන ගැබුරු දර්ශනයක් තියෙන ආගමකට තියෙන්නේ.හැබැයි ප්‍රශ්නය මේ ගැබුරු දේවල් තේරුම් ගන්න තරම් බුද්දියක් අපට නැහැ.සමහරවිට අනාගතයේදී විද්‍යාවේ දියුණුවත් සමග , මේ ගැබුරු දේවල් අපට පහසුවෙන් තේරුම් ගන්න පහසු කම් ඇතිවිය හැකියි.ඒ සඳහා තව බොහෝ කාලයක් ගතවිය හැකි

    1. ඔබගේ ප්‍රතිචාරය තුලින් ඔබ කිසිදු දහමක් ගැන නිසිපරිදි දැනුමක් නැති කෙනෙකු බව පැහැදිලි වෙනවා. ලොව කිසිදු දහමක් නිකරුනේ සතුන් ඝාතනය කරන්න කියලා නැහැ. එමෙන්ම හින්දු දහම, බුදු දහම මෙන්ම ඉස්ලාමයට අනුවද නිකරුනේ සතුන් මැරීම පව්. නමුත් ඉස්ලාමයට අනුව අපගේ පරිබෝජනය, ආරක්ෂාව වැනි කරුණු වලදී සතුන් ඝාතනය කිරීමට අවසර දී තිබෙනවා. මා දන්නා පරිදි ජෛන දහම හැර ලොව කිසිදු දහමක් මස් කෑම තහනම් කර නැහැ. මස් කන්න ඉඩ දීලා සත්තු මරන්න එපා කියන ආගමක් තියෙනවා නම් ඒක ඒ ආගමේ බැතිමතුන් සහ ශාස්තෘවරුන් විසදාගත යුතු ප්‍රශ්නයක්.

      ඔබ හිතන ආකාරයට එක දහමක් හරයක් සහ ගැඹුරු දර්ශනයක් තිබෙන ආගම ඒක වෙන්නත් ‍පුළුවන් නොවෙන්නත් පුළුවන්. මන්ද ඔබ මුලින්ම ප්‍රකාශ කරලා තිබුණා ඔබ බෞද්ධයෙක් වුනේ හරි අවබෝධයකින් නෙමෙයි කියා. නමුත් මා ඉස්ලාමිකයෙක් වුනේ නම් අවබෝධයකින් තමයි‍

      1. මම ඔබට පැවසුවේ ඔබත් මමත් දෙදෙනාම මුස්ලිම් හෝ බවුද්ද වුයේ උපතින් බවයි,අපේ දෙමවු පියන්ගේ ආගම තමයි අපේ ආගම උනේ.ඔබ දන්නවා උපදින කොටම අපි කාටවත් දැනුමක් නැහැ කියල.වයසත් සමග අපි දැනුම ලබනවා පාසැලින් (ගුරුවරු සහ පොතපත මගින් ) අප අවට සමාජයෙන්,සහ ජන මාද්‍ය තුලින්.ඇත්ත නම් අපි මුළු ජීවිත කාලය තුලම දැනුම ලබනවා. මේ අනුව ඔබ මා පවසා ඇති දෙය වැරදි ලෙස තේරුම් අරගෙන මා බවුද්දයෙක් උනේ හරි අවබෝදයක් නැතිව යයි පවසනවා.බුදු දහමේ කොටස් දෙකක් තියෙනවා ලවුකික සහ ලෝකෝත්තර කියල.මම ගිහියෙක් නිසා මට වඩාත් වැදගත් වෙන්නේ ලවුකික සුව පිණිස බුදුන් දෙසා ඇති වත් පිලිවෙතුයි.ඇත්තටම බුදු දහමේ එන ලවුකික දිඋනුව සඳහා වන වත් පිළිවෙත් තේරුම් ගැනීම ඉතා පහසුයි එහි ගැඹුරු දර්මයක් නැහැ.මේවා බොහෝ දුරට සිගාලෝවාද සුත්‍රයේ,පරාබව සුත්‍රයේ ආදී සුත්‍ර වල මැනවින් පැහැදිලි කර තියෙනවා.මට 10 පන්තියේ විබාගයේදී එනම් අපොස සා.පෙළ විබාගයේදී බුද්දාගම විෂයට ව්ශිස්ට සම්මානයක් තියෙනවා.ඒ අනුව වයස අවුරුදු 15 දී පමණ මට විබාග දෙපාර්තමේන්තුව හොඳ සහතිකයක් දීල තියෙනවා බුදු දහමේ එන ලවුකික ජීවිතයට අදාළ වූ කොටස මම හොඳින් දන්නවා කියල.මම පිලි ගන්නවා බුදු දහමේ ලෝකෝත්තර සුව පිණිස එන ගෑබුරු දර්මය මා මැනවින් නොදන්නා බව මක්නිසාද යත් එම ගැබුරු දහම තේරුම් ගන්න තරම් මට බුද්දියක් නැහැ මම සිවිල් ඉංජිනේරු උපාදි දාරියෙක් මෙන්ම වරලත් සිවිල් ඉංජිනේරුවෙක් උනත්.එත් යම් තාක් දුරට එම ගැබුරු දර්මය ගැන මම දන්නවා.අපි නැවත නැවත උපදින්නේ තන්හාව නිසයි.මෙලොව හැම දෙයක්ම අවසන් වන්නේ දුකකින්.එහෙනම් කොහොමද දුක නැති කරන්නේ,ඒ සඳහා තන්හාව නැති කල යුතුයි.මේ සඳහා මාර්ගයක් ද බුදුන් වහන්සේ කියා දීල තියෙනවා ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය.ලෝකෝත්තර සුවය ලබා ගන්න එනම් මේ නැවත නැවත ඉපදීම හෙවත් සංසාර ගමන නවත්වා ගන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ තව තවත් ඉදිරියට යන්න ඕන ගැබුරු දර්මය තේරුම් ගනිමින්.මේ සඳහා මගේ බුද්දි මට්ටම ප්‍රමාණවත් නැහැ වගේම මට නොයෙකුත් බැඳීම් තියෙන නිසා මට වෙලාවක් නැහැ ඒවා නැවත නැවතත් ප්‍රගුණ කරමින් මගේ බුද්දි මට්ටම වැඩි කර ගන්න.මම ඔබට මුලින්ම කිව්වා මම ආගම කියන එක ඔලුව උඩ තියාගෙන ඉන්න කෙනෙක් නොවේ කියල.අපට එහෙම ඉන්න කියල බුදුන් වහන්සේ බල කරලත් නැහැ.

        1. අදහස
          මම ඔබට පැවසුවේ ඔබත් මමත් දෙදෙනාම මුස්ලිම් හෝ බවුද්ද වුයේ උපතින් බවයි,අපේ දෙමවු පියන්ගේ ආගම තමයි අපේ ආගම උනේ.ඔබ දන්නවා උපදින කොටම අපි කාටවත් දැනුමක් නැහැ කියල.වයසත් සමග අපි දැනුම ලබනවා පාසැලින් (ගුරුවරු සහ පොතපත මගින් ) අප අවට සමාජයෙන්,සහ ජන මාද්‍ය තුලින්.ඇත්ත නම් අපි මුළු ජීවිත කාලය තුලම දැනුම ලබනවා. මේ අනුව ඔබ මා පවසා ඇති දෙය වැරදි ලෙස තේරුම් අරගෙන මා බවුද්දයෙක් උනේ හරි අවබෝදයක් නැතිව යයි පවසනවා.

          පිළිතුර
          මා මුස්ලිම් වරයෙකු වුනේ තරුණ වියේදියි. ඒ නිසා ඔබත් මමත් යන්න මෙතනදී අදාල නැහැ. අනෙක මා පුනරුච්චාරණය කළේ ඔබ කී දේ පමණයි.

          අදහස
          බුදු දහමේ කොටස් දෙකක් තියෙනවා ලවුකික සහ ලෝකෝත්තර කියල.මම ගිහියෙක් නිසා මට වඩාත් වැදගත් වෙන්නේ ලවුකික සුව පිණිස බුදුන් දෙසා ඇති වත් පිලිවෙතුයි.ඇත්තටම බුදු දහමේ එන ලවුකික දිඋනුව සඳහා වන වත් පිළිවෙත් තේරුම් ගැනීම ඉතා පහසුයි එහි ගැඹුරු දර්මයක් නැහැ.මේවා බොහෝ දුරට සිගාලෝවාද සුත්‍රයේ,පරාබව සුත්‍රයේ ආදී සුත්‍ර වල මැනවින් පැහැදිලි කර තියෙනවා.මට 10 පන්තියේ විබාගයේදී එනම් අපොස සා.පෙළ විබාගයේදී බුද්දාගම විෂයට ව්ශිස්ට සම්මානයක් තියෙනවා.ඒ අනුව වයස අවුරුදු 15 දී පමණ මට විබාග දෙපාර්තමේන්තුව හොඳ සහතිකයක් දීල තියෙනවා බුදු දහමේ එන ලවුකික ජීවිතයට අදාළ වූ කොටස මම හොඳින් දන්නවා කියල.

          පිළිතුර
          විභාග ලිව්වා කියා ලෞකික ජීවිතය පිළිබද බුදු දහමෙහි දැක්ම ඔබ සම්පුර්ණයෙන් දන්නවා නම් ඒක ලොකු දෙයක්. එහෙමනම් ඕ ලෙවල් වලට බුද්ධාගමට සම්මාන තියෙන අය ඔක්කොම ගොඩ නේද?

          අදහස
          මම පිලි ගන්නවා බුදු දහමේ ලෝකෝත්තර සුව පිණිස එන ගෑබුරු දර්මය මා මැනවින් නොදන්නා බව මක්නිසාද යත් එම ගැබුරු දහම තේරුම් ගන්න තරම් මට බුද්දියක් නැහැ මම සිවිල් ඉංජිනේරු උපාදි දාරියෙක් මෙන්ම වරලත් සිවිල් ඉංජිනේරුවෙක් උනත්.එත් යම් තාක් දුරට එම ගැබුරු දර්මය ගැන මම දන්නවා.අපි නැවත නැවත උපදින්නේ තන්හාව නිසයි.මෙලොව හැම දෙයක්ම අවසන් වන්නේ දුකකින්.එහෙනම් කොහොමද දුක නැති කරන්නේ,ඒ සඳහා තන්හාව නැති කල යුතුයි.මේ සඳහා මාර්ගයක් ද බුදුන් වහන්සේ කියා දීල තියෙනවා ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය.ලෝකෝත්තර සුවය ලබා ගන්න එනම් මේ නැවත නැවත ඉපදීම හෙවත් සංසාර ගමන නවත්වා ගන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ තව තවත් ඉදිරියට යන්න ඕන ගැබුරු දර්මය තේරුම් ගනිමින්.මේ සඳහා මගේ බුද්දි මට්ටම ප්‍රමාණවත් නැහැ වගේම මට නොයෙකුත් බැඳීම් තියෙන නිසා මට වෙලාවක් නැහැ ඒවා නැවත නැවතත් ප්‍රගුණ කරමින් මගේ බුද්දි මට්ටම වැඩි කර ගන්න.මම ඔබට මුලින්ම කිව්වා මම ආගම කියන එක ඔලුව උඩ තියාගෙන ඉන්න කෙනෙක් නොවේ කියල.අපට එහෙම ඉන්න කියල බුදුන් වහන්සේ බල කරලත් නැහැ.

          පිළිතුර
          මේ යන අතරතුරේ සංසාරේ ඊලග බවයේ මිනිසෙක් වෙලා, බෞද්ධයෙක් වෙලා ඉපදෙයි කියලා ෂුවර් එකක් තියෙනවද? එහෙම නිසැක කමක් තියෙනවා නම් ඔහොම ගියාට කමක් නැහැ.

          1. වැරදි වැඩ නොකර පන්සිල් ආරක්ෂා කරගෙන හිටියොත් මනුෂ්‍ය ආත්මය ලැබේවි. ප්රානගතඅ කරන අනුන්ට ගිණිගෙඩි දෙන අසත්පුරුෂයන්ට ඊට සුදුසු ආත්මයක් ලැබේවි

          2. මම ඔබට මුලදීම කිව්වා බුදු දහමේ ලෝකෝත්තර සුවය පිළිබඳව සඳහන් වන කරුණු බොහොම ගැබුරු දර්ශනයක්.මේවා තේරුම් ගන්න ඔබේ බුද්දි මට්ටම කොහෙත්ම ප්‍රමාණවත් නැහැ.මගේ බුද්දීමට්ටමත් ප්‍රමාණවත් නැහැ.එත් මට උත්සාහයක් ගන්නවත් පුළුවන් මොකද මම කිසිම රාමුවක හිරවෙලා නැහැ.ඔබ අල්ල දෙවියන්ගේ සහ කුරානය කියන රාමුව තුල හිරවෙලා නිසා ඔබට එම රාමුවෙන් පිටත සරල දෙයක්වත් තේරුම් ගන්න බැහැ,හරියට සමාජවාදය කියන රාමුව තුල හිරවෙලා ඉන්න ජේ.වී.පී කාරයින් වගෙයි.අපි එහෙම රාමුවක හිර වෙලා නැහැ ,අපේ අන්ද බක්තියක් අන්ද විස්වාසයක් නැහැ.බුදුන්වහන්සේ කියල තියෙන්නෙත් කවුරුත් කිව්වා පලියට විස්වාස කරන්න එපා තමුන්ගේම නැණ නුවනින් විමසා තර්කානුකුලව හිතල බලල පිලි ගන්න කියල.එනිසා බුදු දහමේ එන සියලුම දේවල් අපි අන්ද විශ්වාසයකින් විස්වාස කරන්නේවත් පිලි ගන්නෙවත් නැහැ.සමහර දේවල් තේරුම් ගන්න මම ඔබට මුලින් කිව්වා පරිදි අපේ බුද්දිය මදියි.එත් අපි තවමත් ඒවා ගැන තර්කානුකුලව හිතමින් ඉන්නවා.නමුත් අනාගතයේ යම් දිනක විද්‍යාවේ අසීමිත දියුණුවත් සමග මේවා ඉතා පහසුවෙන් අපට තේරුම් ගන්න පුළුවන් සරල විදි විද්‍යාව හඳුන්වා දෙයි.දැන් බලන්න ඉස්සර මිනිස්සු පුදුම උනා යකඩ වලින් හදපු නැවක් මුහුදේ පාවෙන්නේ කොහොමද කියල.එහෙත් ආර්කිමිදිස් කියන විද්‍යාඥයා ඉතා සරලව මෙය පැහැදිලි කළා පර්යේශ්නාත්මකව.දැන් අපි බවුතික විද්‍යාවේ ආර්කිමිඩිස් නියමය ලෙස ඉගෙන ගන්නේ මෙයයි.ඒ අනුව අපට ඉතා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් යකඩ වලින් හැදුව නැවක් පාවෙන්නේ කොහොමද කියන එක.මම මේ ඔබට දුන්නේ ඉතා සරල උදාහරණයක්.මේ විදියටම මට විස්වාසයි බුදු දහමේ ලෝකෝත්තර සුවය සඳහා වන ගැබුරු දර්මය අනාගතයේදී විද්‍යාවෙන් ඉතා සරල ලෙස තේරුම් කරදෙයි අපේ බුද්දි මට්ටමෙන්ම තේරුම් ගන්න පුළුවන් විදියට.එත් අනෙකුත් ආගම් වල මේ වගේ කිසිම ගැබුරු දර්ශනයක් නැහැ අනාගතයේ විද්‍යාවෙන් සරලව විස්තර කර දිය යුතු.උදාහරණයක් ලෙස කුරානය ගත්තොත් එහි කිසිම ගැබුරු දර්ශනයක් නැහැ එය ඉතිහාසය පොතක් වගේ සරලයි නිකන් කියවන්න තමයි තියෙන්නේ.

          3. ඔබ මෙලෙස අල්-කුර්ආනය ගැන කියවන්නේ පන්ඩිතයෙක් වගේ වුනාට ඔබ අල්-කුර්ආනයක් අල්ලලා තියෙනවද කියන එකත් මට සැකයි. මම ධර්මගවේෂකයෙක් වෙමි. මම ලොව තිබෙන ආගම් බොහොමයක් හදාරා ඇත. ඇත්තටම තවම මම සිසුවෙක්මි. මා විසින් දහම් ගවේෂනය කරන්නේ එම ආගමිකයන් එය අදහන ආකාරයට නොවේ. ධර්ම ගවේෂනයට එක්තරා ක්‍රමවේදයක් ඇත. අද බොහෝ ආධ්‍යාත්මික ගුරුවරුන් කරන දෙයක් නම් ජනතාවට ඔවුන්ගේ දහම් කරුණු නොගැලපෙන කළ එහි බොරු ගැඹුරු ගුප්ත අර්ථයක් පෙන්වා ජනතාව අතර පුහු ගුප්ත බවක් මවා පෑමයි.

            නමුත් මා විශ්වාස කරන්නේ කිසියම් දහමක් තිබෙනවා නම් එය බුද්ධිමතාටත් නුගත් මනුෂ්‍යයාටත් සාධාරණ එකක් විය යුතු බවයි. නුගත් මිනිසාට නොතේරෙන බුද්ධිමතුන්ට පමණක් තේරෙන ආගමක් නම් එය අසාධාරණ එකක් බව මගේ අදහසයි.

            ඉස්ලාම් යනු බුද්ධිමතුන්ට බුද්ධියෙන් විමසා බැලිය හැකි සහ නුගතාටද තම අඩු නුවණින් වටහා ගතහැකි දහමකි. දාර්ශණිකයාට ඉස්ලාමය තුල වටහා ගතහැකි දාර්ශණික සංකල්පයන් බොහෝය. මාධ්‍ය මගින් පෙන්වන දෙය කියවා එතුලින් ඉස්ලාමය ගැන අදහසකට පැමිණෙනවාට වඩා ඔබ ඉස්ලාමය ගැන මුලින්ම ගවේෂනය කරනවා නම් හොද බව මගේ අදහසයි.

          4. කොහොම උනත් ඔබ පිළිතුරු දෙන ආකාරය ගැන මගේ හොඳ පැහැදීමක් තියෙනවා ,ඉස්ලාම් දර්මය ගැන නොවෙයි ඔබ ගැන.බුදු දහමේ එන ගැබුරු දර්මය තේරුම් ගැනීම මට නම් අපහසුයි.ඔබ කියන විදියට ඉස්ලාම් දර්මයේ තේරුම් ගැනීමට පහසු ගැබුරු දර්ශනයක් තියේ නම් මම කමතයි ඒ පිළිබඳව ගවේෂණය කරන්න.මගේ පවුද්ගලික මතය නම් සියලුම ආගම් මුළු ලෝකයෙන්ම තහනම් කර මේ සියලුම ආගම් වල තියෙන ලවුකික ජීවිතයට වැදගත් වන කොටස ගෙන පාසල් වල ඉගැන්විය හැකි විෂය මාලාවක් හදන්න ඕන.සියලුම පාසල් වල එම විෂය අනිවාර්ය කල අඩුම තරමින් සාමාන්‍ය පෙළ විබාගය දක්වා එය අනිවාර්ය විෂයක් කරන්න ඕන.එතනින් එහාටත් ඉගෙන ගන්නවානම් එම විෂය ආචාර්ය උපාදියක් දක්වා උනත් වර්දනය කරන්න ඕන.එත කොට ඔය දැන් තියෙන බෙදීම් හල හැප්පිලි මොකුත් ඇති වෙන්නෙත් නැහැ.

          5. ඒක ඔබගේ පුද්ගලික මතයයි. මගේ මතය නම් සියළු දෙනා තම තමන්ගේ ආගම් හරියට අදහනවා නම් මේ කිසිදු ගැටළුවක් ඇති නොවන බවයි. කෙසේ නමුදු ඔබ ඉස්ලාමය හැදෑරීමට කැමැත්ත ප්‍රකාශ කිරීම ගැන සතුටු වෙනවා. තවත් දහමක් ගැන දැනුමක් ලබා ගත්තාට කිසිකෙනෙකුට වරදින එකක් නැහැ.

  15. අන්වර් මනතුංග මහතාණෙනි, ඔබතුමා විසින් මේ බ්ලොග් අඩවිය පවත්වාගෙනයෑමේදී අනුගමනය කරන ලද උපාය උපක්‍රම හා සංවිධානාත්මක ස්වභාවය දුටුවිට මට ඇතිවූයේ ඔබ පිළිබඳව විශාල ගෞරවයකි. ඒ ගෞරවය ඔබගේ ආගම හෝ ජාතිය පිලිබඳව කිසිදු තක්සේරුවකින් ඇතිවූවක් නොවේ. ඔබ කුමන ආගමක ජාතියක වුවද ඔබ තුළ මා දකින වැදගත් මනුෂ්‍ය ධර්මතා තිබේ. මා ගරු කරන්නේ ඔබතුමාගේ අතිශය පෞද්ගලික දේවල්වලට නොවන ඔබගේ ආකල්ප වලටය. මන්ද මිනිසුන් අතර පොදු දුබලතා ඉස්මතුවීම සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය ලෙස මා වටහාගෙන සිටින බැවිනි. අනෙක ආගමික දාර්ශනික හරයන් පිළිබඳව ගැඹුරු අධ්‍යයනයන් සිදුකරන විද්වතුන් ගුණවතුන් අතින් පවා සුළු සුළු දුබලතා ඉස්මතුවිය හැකිය. එවිට කළ යුතු දේ ඒ සුළු දුබලතාව ඉස්මතුකොට ඒ පුද්ගලයාට නොසෑහෙන සේ බැට දීම නොව, ඔහුව ඔසවා තැබීම ලෙස මම වටහාගෙන සිටිමි. අවශේෂ සිංහල බෞද්ධ ජනතාව අතර මා නොදුටු ඒ සුවිශේෂී මානව ගුණාංගය දුටුවේ ඔබගෙන්ම පමණකි. එබැවින් මා අන්වර් මනතුංග මහතාහට ගෞරව කරමි.

    1. මම සාමාන්‍ය පුද්ගලයෙක්මි. මෙවැනි බ්ලොග් අඩවියක් පවත්වා ගැනීමක් කිසිදු නොසිතුවෙමි. නමුත් කුඩා කාලයේ පටන් වෙනස් අදහස් ඇත්තෙකුව සිටියෙමි. මගේ එම වෙනස් අදහස් නිසා බොහෝ විට සමාජයේ අනෙක් අයගෙන් විවේචන ලැබුවෙමි. සමහරු මගේ අදහස් ගෙන ඔවුන්ගේ අදහස් ලෙස ලෝකයට ප්‍රකාශ කර ප්‍රසිද්ධියටද පත්විය. නමුත් ඉස්ලාමයට පැමිණි පසුව හිතට එන අදහස් ලියන්නට පුරුදු වුනෙමි. බ්ලොග් අඩවියක් පටන් ගත්තේ කිසිදු ලොකු බලාපොරොත්තුවක් නැතිවමය. නමුත් මෙම අඩවිය කරගෙන යන විට එයින් ලැබෙන අත්දැකීම් වලින් පන්නරය ලැබුවෙමි.

      මුල් කාලයේ සිටම එකම ප්‍රතිපත්තියක සිටීමට උත්සාහ කළෙමි. කිසිදු කෙනෙකුට අසභ්‍ය වචනයෙන් පිළිතුරු නොදුන් මම තවත් කෙනෙකුට එය කිරීමට අවස්ථාවක්ද නොදුන්නෙමි. අන්වර්ථ නම් වලින් පෙනී සිටීම මම ඉතාමත් අකමැති දෙයකි. ඔබතුමාද සැබෑ නමින් පෙනී සිටීම පිළිබදවද මා තුල ඇත්තේ ගෞරවයකි.

      මෙම අඩවියට දිනපතාම විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබේ. ඉන් අතිමහත් බහුතරය අසභ්‍ය වචන වලිනි. එමෙන්ම ආගම්බේධවාදීන් දිනපතා විවිධ නම් වලින් මෙම අඩවියට පැමිණේ. එසේ ඇවිත් ඉස්ලාමයට මඩ ගැසීමට සහ මුස්ලිම් අය අතින් බුදු දහමට පහර ගස්වා ගැනීමට විශාල වෙහෙසක් දරති. මා කරන්නේ එවැනි ප්‍රතිචාර මකා දැමීමයි. එමනිසා මෙම අඩවිය තුලින් ස්වකීය කුරිරු අරමුණු ඉටුකර ගන්නට බැරි වු අය අද මට විරුද්ධව බ්ලොග් අඩවි කිහිපයක් ඇර ඇත. ඔවුන්ගේ ඒකායන අරමුණ මට පහර ගැසීමයි. මට විරුද්ධව මුණු පොතෙහිද විශාල පිටු සහ ගිණුම් ප්‍රමා‍ණයක් ඇත. නමුත් මා ඔවුන්ට විරුද්ධව කිසිදු දෙයක් කිරීමට මේ දක්වා පෙලඹී නොමැති අතර ඉදිරියේදීද නොකරන්නෙමි.

      මිනිසෙකු කිසියම් යහපතක් කරන්නට උත්සාහ දරන විට දෙවිදුන්ද එයට ආශිර්වාද කරන බව මා මෙම අඩවිය තුලින් දුටුවෙමි. අද මේ බ්ලොග් අඩවිය වටා රැස්ව සිටින පිරිසෙන් මා පුද්ගලිකව හදුණන්නේ එක්කෙනෙක් හෝ දෙදෙනෙකු පමණි. Brother, Mr Who, ෆාතිමා වැනි අය කොහේ සිටිනවාදැයි නොදන්නෙමි. නමුත් එකක් මා දනිමි. අප කිසියම් යහපත් අරමුණකින් දෙයක් කරන විට දෙවිදුන් ඊට අවශ්‍ය පුද්ගලයන් අපට එක් කරන බවයි. මා ඔබගේ ආගමනය ගැන සිතන්නේද එසේමය.

      අප මෙලොව ඉපදී සිටින්නේ ඉතාමත් සුළු කාලයකටයි. ඒ කාලය තුල අපි අපගේ විමුක්තිය සදහා කටයුතු කරන ගමන් සමාජයටද අපෙන් වැඩදායක යමක් කළ යුතුය. මා විසින් මෙම බ්ලොග් අඩවියෙන් ඉටුකරන්නට උත්සාහ දරන්නේද එම සමාජ කාර්යභාරයයි.

  16. මම අන්වර් මනතුංග මහතා ගේ වෙබ් අඩවිය දිනපතා කියවා බැලීම පුරුද්දක් කොටගෙන සිටින්නේ ඊට ඇති මධ්‍යස්ථ ප්‍රතිපත්තිය හා විද්වත් ආකල්ප කෙරෙහි දක්වන අතිමාත්‍ර සැලකිල්ල නිසාය. සංඛ්‍යාත්මකව දැක්විය නොහැකි එහෙත් ගුණාත්මකව දැක්විය හැකි විද්වතුන් බොහෝ පිරිසක් මේ වෙබ් අඩවිය වටා අනුක්‍රමයෙන් එක් ඒකරාශි වන බව මාහට පෙනී ගොස් තිබේ. ඔබතුමා විසින් ඉහත දක්වා ඇත්තේ එයින් කීප දෙනෙකු පිළිබඳව පමණි. ඉදිරියේදී මීට විශාල පිරිසක් ඔබතුමා සමඟ අත්වැල් බැඳ ගනු ඇති බව මම සිතමි. සංඛ්‍යාත්මකව නොව ගුණාත්මකව පිරිසෙහි වටිනාකම තීරණය කිරීම පිලිබඳව ඔබතුමාගේ ප්‍රකාශය සමඟ මමද එකඟ වෙමි. ඔබගේ ප්‍රතිපත්තිය ඉතා වැදගත්ය. මධ්‍යස්ථ ආකල්ප ඇති පිරිස එයින් ධෛර්යමත් කරනු ලබයි. අද අප රටට අවශ්‍ය එවැනි මධ්‍යස්ථ ආකල්ප රටට හිතැති පිරිසක් විනා ආගම් ජාති කුල ආදී භේද වලින් මනස පුරවා ගත් අන්තවාදීන් නොවේය යන්න මගේ ආකල්පයයි. අද රට පත්ව ඇති තත්වය අනුව මේ රටට වැඩදායක යමක් කරන්නට හැකියාව ඇත්තේ එබඳු පිරිසකටය යන්න මගේ අදහසයි. ආගම්වාදී ජාතිවාදි කුලවාදී සුළුතර පිරිසක් ගෙනයන අන්තවාදී වැඩ පිලිවෙල මේ රටේ සංවර්ධනයට බාධාවක්ය යන්න මේ වන විට මේ රටේ විද්වතුන් බහුතරයක් විසින් පිළිගෙන තිබේ. එබැවින් ඔබතුමා ගෙන යන මේ උදාර සත් කාර්යයට අපද ඉත සිතින් සුබ පතමු.

    1. හැමවිටම ප්‍රතිචාර තුලින් මා දිරිගන්වන ඔබතුමාටද ස්තූතියි!

  17. මමත් උපතින් සිංහල බෞද්ධයෙක්, මමත් බෞද්ධ දර්ශනය යැයි ප්‍රපරසිද්දව තිබෙන දර්ශනය ඉගෙනගෙන තිබෙනවා. මම ඉගෙනගෙන තිබෙන්නේ බුද්දගොෂ නම්වූ භාරතයේ සිට පැමිණි පූසාරියෙකු විසින් අර්ථය විකුර්ති කොට කතාකරන්නට නොහැකි මල බසක් වූ පාලියෙන් ලියා තබන ලද දර්ශනයයි. දැනට බොහෝ පිරිස් විසින් හදාරන්නේද මෙයයි. මෙය බුදුරජානන් වහන්සේගේ දේශනාව නොවේ.

    බුදුරජාණන් වහන්සේට සම්බන්ද සියලු සිදුවීම් (ඉපදීම, බුදුවීම, පරිනිර්වාණය) සිදුවී ඇත්තේ මේ හෙළදිවෙහිය භාරතයේ නොවේ. බුදුරජානන් වහන්සේගේ දේශනාව කිසිදිනක ලියාතැබීමට නොහැක එය මුඛපරම්පරාගත දේශනාවකි .එය දේශනා කර ඇත්තේ නිවන් දකිනා මිනිසුන්ගේ භාෂාව වූ සිංහල භාෂාවෙනි .බුද්දගොෂ කර ඇත්තේ බ්රහ්මවාදයට එය යට කිරීම සඳහා කතාකිරීමට නොහැකි පාලි භාෂාවට එය පරිවර්තනය කිරීමයි . භාරතය කවදාවත් අපගේ මිතුරෙකු නොවෙයි. නමුත් සැබෑව නම් එය ලිවීමට ගියහොත් දේශනාවේ අර්ථය වටහා ගත නොහැකි වීමයි.(අදහස ඉදිරිපත් කිරීමට වෙනත් ක්‍රක්රමයක් නොමැති නිසා ලියා දක්වන බව කරුණාවෙන් සලකන්න).

    අභිනිෂ්ක්‍රමණය=ගෞරවාන්විත අත්හැරීම
    ස්ව+භව+ධර්මය=තමාගේ භවය පවතින ධර්මතාවය
    නිවන= ස්ව+භව+ධර්මය අභිනිෂ්ක්‍රමණය හෙවත් තමාගේ භවය පවතින ධර්මතාවය ගෞරවාන්විතව අත්හැරීම
    නිවන් මග = දම්සක් පැවතුම් සූත්‍රය

    තමා නියෝජනය කරන භවය

    කාම භව
    රූප භව
    අරූප භව

    මෙය කොටස් පහකට බෙදෙයි

    1.අපාය 4
    2.තිරිසන් 4
    3.මනු 1
    4.දිවය 6
    5.බ්‍රහ්ම 16 (එකතුව 31)

    ස්ව+භාව+ ධර්මය පවතින්නේ චරණ දහමක් ලෙසට

    උප්පත්ති, තිති, භංග = ඉපදීම,පැවතීම,මියයාම

    පසළොස් චරණ දහම=(1.අපාය ,2.තිරිසන් ,3.මනු, 4.දිවය, 5.බ්‍රහ්ම)*(උප්පත්ති, තිති, භංග )=15

    මේ පහළොවේම අපි දැනුත් ඉන්නවා

    සතර අපාය (ලෝදිය පොකුන )= මවගේ ගර්භාෂය
    ඩිම්බයක් හා ශුක්රානුවක් එක්වී ගෝචර වූ ගතක් තනාගෙන ගෝචර වූ පතිරුපවාසයක් තනාගෙන ඉන්නවා. සයිල මැරී මැරී උපදිමින් රූපය වෙනස් වෙමින් චරණය වේ ඉපදීම,පැවතී ම,මියයාම ලෙස.
    එතැනින් මියගිය පසු මෙලොව ඉපදෙයි. යලිත් මේ භවය තුළ අපායේ නොයයි.

    සතර තිරිසන්
    ඉපදුන පසුව උඩුබැලි අතට සිටියි, මුනින් අතට සිටියි, බඩ ගායි දන ගායි. චරණය වේ ඉපදීම,පැවතීම,මියයාම ලෙස.
    එතැනින් මියගිය මේ තිරිසන් සතා (හිස තිරස් අතට පවතින) ඉන්පසුව දෙපයින් නැගිටියි.

    මනු
    මන+උස්සෝ =මනස උස්සාගෙන යන =මනුස්ස
    ළදරු,ළමා, තරුණ,මහලු ලෙස මෙහිද චරණය වේ ඉපදීම,පැවතීම,මියයාම ලෙස. එතැනින් මියගිය පසු (මියයාම යන වචනය අවදානයෙන් යුතුව තේරුම් ගන්න)

    අරූප භවය=බ්‍රහ්ම
    තද නින්දේ දී අප ඕපපාතිකව පිවිසෙයි අකාලිකව වෙසෙයි.මෙහිද චරණය වේ ඉපදීම,පැවතීම,මියයාම ලෙස. ෂඩ් ඉන්ද්‍රිය අවදි කරගෙන නැගිටියි. බ්‍රහ්ම ලොවින් චුත වෙයි .

    රූප භවය =දිව්ය
    අඩ නින්දේදී පිවිසෙයි. රූප පෙනෙයි. කා සමග හෝ කතා කරයි.මෙහිද චරණය වේ ඉපදීම,පැවතීම,මියයාම ලෙස. ෂඩ් ඉන්ද්‍රිය අවදි කරගෙන නැගිටියි. දිව්ය ලොවින් චුත වෙයි .

    දැන් ඔබට පැහැදිලි ඇති බුදුරජානන් වහන්සේ දේශනා කර ඇත්තේ අනුන් ගැන නොව තමන් (ස්ව+භව )ගැන බව. දැන් ඔබට පැහැදිලි ඇති සත්වයෙක් නොමැති අතර ධර්මතාවයන් (INTENTION) පමණක් පවතින බව.මේක පැවැත්මක් නොමැති මාරයාගේ ගොදුරක් බව මාරධර්මතාවයක් බව දැන් පැහැදිලිය් නේද?. බුදුරජාණන් වහන්සේ මාරපරාජය යනුවෙන් කලේ භව මාරයා පරාජය කිරීමයි .

    රහතන් වහන්සේ යනු මාරධර්මතාවය මරා දමපු කෙනා.

    අපිට නැවත භවයක් ඇත (භව සංස්කාරය අතහැර නැත )

    භව පරිනිර්වාණය කිරීම
    මාර්ගය – ආර්ය අෂ්ටාංගික මාර්ගය

    සං මා දිට්ටිය යනු (සං= එකතුව මා=මිදීම දිට්ටිය=දැකීම) එකතුවෙන් මිදීම දැකීමයි.
    දම්සක් පැවැතුම් සුතුර
    විද්‍යා උදපාදී ඥානං
    පඥා උදපාදී ඥානං
    ආලෝකෝ උදපාදී ඥානං
    චක්කුං උදපාදී ඥානං
    ඥානං උදපාදී ඥානං (බුද්දගොෂ විසින් දක්වා නැත)

    පළමුව විද්‍යාවෙන් සංමතය දකින්න දෙවනුව පඥ්ඥා වෙන් විද්‍යාව බිදින්න

    පොතක ලියා ඇති ස යන්න ගනිමු . මම අහනවා ඔබෙන් මේ ස යන්න කොහෙද තිබෙන්නේ කියා. එවිට ඔබ කියාවි පොතේ කියා. නැත. පොත හැදිලා තිබෙන්නේ පටවි, ආපෝ, තේජෝ, වායෝ අඩු වැඩි වශයෙන් එකතු (සං ) වීමෙන්. ඉහත කී දේවල් වෙන් කොට බැලු කල පොතක් නැත. එසේ නම් ස යන්න තිබෙන්නේ කොහිද ?. පඥ්ඥා ව අවදි කොට බැලිය යුතුයි.ස යන්න තිබෙන්නේ අපගේ මතකයේය. කුඩා කල කවුරුන් හෝ විසින් අපගේ අතින් තදින් අල්ලා අන්දවනු ලැබ (මත් කරනු ලැබූ) ස යන්න මේ යයි කියූ මතකයේය. මතකය=මත+කය=මත් කොට තබාගෙන සිටින කය. දැන් ස යන්න සිංහල නොදන්නා පුද්ගලයෙකුට (චක්කු,සොත,ඝාන,මන යන විඥ්ඥාන සහිත)පෙන්වා ස යන්න තිබෙන්නේ කොහෙද කියා ඇසුවොත් ඔහුට එය කීමට නොහැකි වනු ඇති මක්නිසාදයත් ඔහුගේ මතකයේ එය නොමැති නිසා.
    memory කියන වචනයේ හා මතකයේ වෙනස බලන්න. එනිසයි මා මුලින් කිවේ නිවන් දකින මිනිසුන්ගේ භාෂාව සිංහල කියා.

    මතකය තිබෙන්නේ මුළු සර්වාන්ගයෙමයි. මතකයේ තිබෙන්නේ අනුන්ගේ මතයකි. සං මතයකි එනම් සම්මතයකි . එනම් බුදුවරයෙක් සත්‍ය පෙන්වන්න අකුරු ලියන්නේ නැති බව දැන් පැහැදිලියි නේද.

    අතීත භවයමයි මේ භවය හදල දීල තියෙන්නේ. සිත නෙමෙයි.

    දැන් හිතන්න නිරුවත් ගැහැනියක් සිංහයෙකු ලගට දැම්මා කියා. සිංහයාට එය ගොදුරක් වනු ඇත. නමුත් එම ගැහැනියම කොල්ලෙකු ලගට දැම්මොත්?. මිනිසා ඉන්ද්‍රිය පාවිච්චි කරන්නේ මනුස්සෝ නම් භව ධර්මතාවයට අවනතවයි. සිංහයා ඉන්ද්‍රිය පාවිච්චි කරන්නේ සිංහ ධර්මතාවයට අවනතවයි. හිරු කිරණ නිසා අපට පෙනෙන කොල පාට බල්ලාට නොපෙනෙන්නේ එලෙසයි.

    අපාය,තිරිසන්,මනු,දිවය,බ්‍රහ්ම මෙයින් ධර්මය අවබෝධකොට නිවන් දැකිය හැක්කේ මනුස්සෝ නම් ධර්මතාවයේ සිටින කෙනාට බව දැන් පැහැදිලිය් නේද. භාවනාවෙන් වැටෙන තද නින්දෙන් (බ්‍රහ්ම නෙවසංඥ, අසඥ්න, නාසඥ්න තල )නිවන් දැකිය නොහැක. භාවනාව වෙනත් ආගම් වල මෙන්ම බුදුරජාණන්ට පෙරද පැවතියකි. මෙයද බුද්දගොෂගේ වැඩකි.

    මනුස්සයාගෙන්ද නිවන් දැකිය හැක්කේ මනුස්සෝ නම් භව ධර්මතාවය තිතක් නම් එහි බුද්දාන්තරයක බෞද්දයෙක් වෙන අයෙකුට පමණි. බෞද්ද = භවය උදුරා දමන්නා

    බුදුපිළිමය ද අපි වන්දිය යුතු නැත. අපි වඳින්නේ අනුන්ගේ මතයකි. අපි වදින්නේ ගල් වඩුවාගේ බුදුන්ය.

    මෙරට බුදුසසුන ආරක්ෂා කිරීමට සතරවරම් දෙවියන්ට පවරූ බව ඔබ දන්නවා ඇති. දෙවියෝ කියන්නේ මනුස්සද අමනුස්සද? අමනුස්සයෙකුට නිවන් දැකිය හැකිද?. මෙයද බ්‍රහ්මවාදය උසස් යයි පෙන්වීමට බුද්ධගෝෂ කල වැඩකි. බුදුන් යනු බ්‍රහ්මාති බ්‍රහ්ම වුද, දේවාති දේව වුද, මනුස්සාති මනුස්ස වුද, තුන් ලෝකයටම (කාම,රුප, අරුප) අග්‍ර වුද , අසමසම වුද අනන්ත ජිනයෝද භව තරණය කළා වුද ධර්මතාවකි.

    අපේ සතරවරම් දෙය්යෝ යනු (දෙවියෝ නොවේ මේ වචන දෙකකි) බික්ෂු, බික්ෂුනි,උපාසක, උපාසිකා, ය. අපි පින් අනුමෝදන් කලයුත්තේ අතීතයේ සිට මේ දක්වා ධර්මය රැකගත් මේ පිරිසටය. එසේ නැතිව බික්ෂුවකට දානේ වේලක්, පිරිකරක්වත් නොදුන් දෙවියන්ට නොවේ.

    යහපත්ව මනුස්සෝ නම් භාව ධර්මතාවයේ සිට මියගිය පසු මිනිසුන් විසින් දේවත්වයෙන් සලකන අය ගැන නොවේ මා දෙවියෝ කියන්නේ.

    අග්‍ර ශ්‍රාවක, ශ්‍රාවික සියල්ලෝම මනුස්ස බෞද්ද වුවෝය.

    ලෝකය = ලෝකය තියෙන්නේ බබයක් පමණ වූ මේ සිරුර තුලයි.

    සම්මත ස්වභාවදර්මය(nature)

    ඔබ ගස් වවලා තිබේද? බොහෝ අය කියයි ඔවු කියා. නමුත් කවුරුත් ගස් වවලා නැත. අපි පැල ඉන්දු පසු ස්වභාවදර්මය එය ගසක් ලෙස වවයි.

    සත්වයෝ උපද්දනවා මරනවා, ගංගා දෝලනය වෙනවා, වතුර පෙරනවා, උෂ්ණත්වය පවත්වනවා, සුලන් හමනවා.

    මේ දේම අපේ ඇගේ කරන්නේ නැද්ද?

    ඒක සෛලික ජීවින් මැරී මැරී උපදිනවා , හැතැක්ම ගණනක් දිග නහර වල ලේ ගමන් කරනවා , උෂ්ණත්වය පවත්වනවා, හුස්ම ගන්නවා.

    එහෙනම් ලෝකය පවතින්නේ තමා තුල නොවෙයිද?

    බබයක් වූ කය දකින්න ලෝකෝ නම් ධර්මතාවය එයයි.

    මේ චිත්තය නොවේ භවයයි.

    දැන් ඔබට වැටහෙනවා ඇති ස්ව+භව+ධර්මය

    නිවන= ස්ව+භව+ධර්මය අභිනිෂ්ක්‍රමණය හෙවත් තමාගේ භවය පවතින ධර්මතාවය ගෞරවාන්විතව අත්හැරීම

    මාරයා= අවුරුදු ප්‍රකෝටි ගණනක් මැරී මැරී හැදෙමින් (උප්පත්ති, තිති, භංග) පවතින ධර්මතාවයි.

    අප= ඉහත ධර්මතාවය පවත්වාගෙන යන ගොදුරකි

    මාර පරාජය= අවුරුදු ප්‍රකෝටි ගණනක් මැරී මැරී හැදෙමින් (උප්පත්ති, තිති, භංග) පවතින භව ධර්මතාවය නිරෝධ කිරීම හෙවත් නිවන

    බුදු පිළිමය = බුදුන් නමැති ධර්මතාවයේ ගල් වඩුවාගේ මතකය .

    මාර පරාජය කරන්නේ කෙසේද?

    විද්‍යා උදපාදී ඥානං
    පඥා උදපාදී ඥානං
    ආලෝකෝ උදපාදී ඥානං
    චක්කුං උදපාදී ඥානං
    ඥානං උදපාදී ඥානං
    අවදි කරගෙන සතර සතිපට්ටාන යෙන් බලන්න. කායානු කයපසස විහරති ඥානං.

    කයේ අංශු පසක් කරගෙන දකින්න 1.අපාය ,2.තිරිසන් ,3.මනු, 4.දිවය, 5.බ්‍රහ්ම

    මෙය දැක සතුටක් උපන්නා නම් එය ආලෝකෝ උදපාදී ඥානං
    මෙය දුටු ඇහැ චක්කුං උදපාදී ඥානං (භව ඇහැ අවදි කර මෙභවයෙන් මිදී භව ඇහෙන් මෙභව දැකීම)

    පරිනාමවාදයේ බොරුව
    ඔබ සත්තු හතර දෙනෙක් වෙලා ඉදල තියනවා මිට කලින්.මොනවාද? මාලුවෙක්, නයෙක්, වදුරෙක් , මිනිසෙක්?
    නැත

    අපා- මවගේ කුසේ කළලය
    බහුපා- ඉපදී බඩ ගාගෙන යාම
    සිවුපා- දනගානෙන යාම
    දෙපා – හිටගෙන යාම

    බබයක් වූ කය තුල අපා, බහුපා, සිවුපා, දෙපා, ධර්මතාවයන් විනා මෙහි සත්වයෙක් නැත.
    ඩාර්වින්, කාල් මාර්ක්ස්, ලෙනින් හැමෝම මේ ධර්මතාවයේ ඉදලා තියනවා.

    මාගේ ගුරුතුමාට පින් අනුමෝදන් වේවා.ඔබ සැමට අවබෝද වේවා. බුදු සරණයි. මෙය කටින් කියාදෙන්න එවිටයි සැබෑ අර්ථය. මා අදධයන කටයුතු කරන වටිනා කාලය කැපකරමින් google ඉන්පුට් ටූල්ස් ඔන්ලයින් හි මෙය සටහන් කලේ ඔබ සැමටම මේ වටිනා පණිවිඩය දීමටයි. මෙය ඔබතුමාගේ අඩවියේ පලකරනු ඇතැයි බලාපොරොත්තු වෙමි. බුද්දාන්තරයක මනුස්සයෙකු වශයෙන් ඉපිද එහිද සිංහලයෙකුව ඉපිද ඇති ඔබතුමාට මේ කරුණු අවබෝධ වේවා.

Comments are closed.