ශෂී විජේන්ද්‍ර නම්වු නළුවාගේ පුනරාගමනයේ කථාව!

Shashi Wijendra, ශෂී විජේන්ද්‍ර

තරුවක් යනුවෙන් අප සාමාන්‍යයෙන් හඳුන්වන්නේ කලා ලොව ඉතාමත් ජනප්‍රිය පුද්ගලයෙකුටයි. අද සමාජය තුල බොහෝ දෙනෙකු තරුවක් වෙන්න ආසයි. මේ නිසා රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය වලින් තරු බිහිකරන වැඩසටහන් බහුල ලෙස දියත් කරනවා. මම අද කථා කරන්නේ කලක් එහෙම තරුවක්ව දිදුලමින් සිටි කෙනෙකු ගැනයි. ඔබ සියළු දෙනාම ශෂී විජේන්ද්‍ර කියන නම අහලා ඇති. අපේ රටේ හිටපු ජනප්‍රිය සහ ප්‍රතිභාපුර්ණ නළුවෙක් ලෙසයි. ඔබ දන්නවාද දැන් ඔහු කොහෙද කියා? මේ ගැන මමත් දැනගෙන හිටියේ නැහැ.

නමුත් පසුගිය කාලයේ මට ඔහු ගැන අසන්නට ලැබුණා. ඒ ඔහු අද මුස්ලිම් වරයෙකු ලෙසින් ඉතාමත් ධාර්මික සහ නිහඬ දිවිපෙවෙතක් ගතකරන බවයි. ඇත්තටම අද ඔහු ඔහුගේ පරණ ජීවිතය ගැන කථා කරන්නවත් කැමති නැහැ. එමෙන්ම තමන් ගැන ප්‍රසිද්ධ වෙනවටත් කැමති නැහැ. නමුත් ඔහුගේ කථාවෙන් ඔබටත් ගතයුතු යමක් තිබෙන බව හිතුණ නිසා කියන්නම්.

අවුෆ් සහ මුනව්වර් යනු මුස්ලිම් පවුලක ඉපදුනු පිරිමි දරුවන් දෙදෙනෙක්. ඒ කාලයේ අද මෙන් නොව තොරතුරු තාක්ෂණය එතරම්ම දියුණු තත්වයක නොතිබුණු නිසා ආගම දහම ගැනද තොරතුරු තිබුණේ අල්පවයි. මේ නිසා මෙම දරුවන් දෙදෙනා හැදී වැඩුනේ දහමින් පෝෂණය වු පරිසරයක නොවේ. ඔවුන් දෙදෙනා යොවුන් වියට එළඹෙන විට නොයෙකුත් ලෞකික දේවල් කරා සිත ඇදී යන්නට වුණා. දෙදෙනාම නවයොවුන් වියේ අලංකාර සිරුරු වලට හිමිකම් කී නිසා සමාජයේ දෑස්ද ඔවුන් වෙත එල්ල වෙමින් තිබුණා. මේ දෙදෙනා තමන්ගේ මාර්ගය ලෙස තෝරාගත්තේ සමාජයේ අනෙකුත් මුස්ලිම් අය තෝරානොගන්නා මාර්ගයක්. එනම් චිත්‍රපට කර්මාන්තයයි.

තමන්ගේ නම් සිංහල සමාජයට නුහුරු නිසා චිත්‍රපට ලොවට එනවා නම් වෙනස් විය යුතු බව ඔවුන් දෙදෙනාටම වැටහී තිබුණා. මේ නිසා අයියා ශෂී විජේන්ද්‍ර ලෙසත් මල්ලී රංග විජේන්ද්‍ර ලෙසත් නම් තබා ගත්තා. ඉන්පසුව ශෂී විජේන්ද්‍ර චිත්‍රපට නළුවෙකු බවට පත්වු අතර රංග විජේන්ද්‍ර නළුකමට වඩා දක්ෂවුයේ නිශ්පාදන සහ අධ්‍යක්ෂණ කටයුතු වලටයි. ඉතාමත් වේගයෙන් චිත්‍රපටවල නමක් දිනාගත් ශෂී විජේන්ද්‍ර සාර්ථක ජනකාන්ත නළුවෙක් බවට පත්වුණා. මෙතැන් පටන් සිංහල සිනමාව තුල තමන්ගේම අනන්‍යතාවයක් සහිත නළුවෙක් ලෙස ඔහු දිගු කලක් වැජඹුනා. ඔහු රඟපෑ චිත්‍රපට ප්‍රමාණය 80 කටත් අධිකයි.

මේ අතර වාරයේ ඔවුන් දෙදෙනා මුස්ලිම් සමාජයෙන් ඉතාමත් ඈතට ගමන් කරමින් සිටියා. ඔවුන්ව පල්ලියේ නාමලේඛනයෙන් පවා ඉවත් කරන්නට නිවේදනය කරලා තිබුණා. මේ දෙදෙනා විවාහ වුයේද මුස්ලිම් නොවන තරුණියන් දෙදෙනෙක්. මෙසේ කලක් මුස්ලිම් සමාජයෙන් වෙන්ව සිටියත් ඔවුන්ගේ යටි සිතේ දෙවිඳුන් ගැන වු විශ්වාසය තිබෙන්නට ඇති. ටික කලක් යනවිට මොවුන් දෙදෙනාට තමන් විසින් මේ ගතකරන ජීවිතයේ නිස්සාර බව වැටහෙන්න පටන් ගත්තා. මුදල් පසුපස හඹා යන මේ ජීවිතය තුල ජනප්‍රියත්වය සම්මාන, රාත්‍රී සාද, යන මෙකී නොකී සියල්ල පසුපස තිබෙන නිස්සාරත්වය ඔවුන්ට අවබෝධ වෙන්න පටන් ගත්තා. දෙදෙනාම මේ නිස්සාර ගමන් මගට නැවතුම් තිත තබන්න තීරණය කළා.

අද ඔවුන් ඉස්ලාමය විසින් පෙන්වා දී තිබෙන අභ්‍යන්තරික ක්ෂාන්තිය සහ සමාදානය අත්විඳිනවා. ඔවුන් තමන් විසින් ගතකළ පරණ ජීවිතය මතක් කිරීමටවත් කැමති නැහැ. මෙම සොයුරන් දෙදෙනාගේ බිරියන් දෙදෙනාද අද ඉතාමත් භක්තිමත් මුස්ලිම් කාන්තාවන්. ඔවුන් දකින කාටවත් මේ එදා සිටි කාන්තාවන් දෙදෙනා යැයි හඳුනා ගැනීමටවත් බැහැ. ඔවුන් අද ඉස්ලාමය පෙන්වා දී තිබෙන මාර්ගයේ හැසිරෙමින් ඉතාමත් සතුටින් සහ සාමයෙන් වෙසෙනවා.

 

සංස්කාරක සටහන:

අප විසින් මෙම ලිපිය මුලින් පලකළේ 2012 නොවැම්බර් 22වැනිදායි. එවකට අප හෙළිකරන තුරු ශෂී විජේන්ද්‍ර ගැන හෝ ඔහු දැන් කොහේද? යන්න කිසිවෙකු දැන සිටියේ නැහැ. නමුත් අපගේ අනාවරණයත් සමග ඔහුව සොයා මාධ්‍ය විසින් මෙහෙයුම් දියත් කළා. අවසානයේ ඔහු මාධ්‍යවෙත පෙනී සිට ඔහුගේ නැවත පුනරාගමනය ගැන හෙළිකළා. මේ එම කතාවයි.

 

ශෂී විජේන්ද්‍ර මුස්ලිම් ජාතිකයෙකු ලෙසින් වසර 17කට පසු එළියට

ශෂී විජේන්ද්‍ර යනු මීට වසර 20කට පමණ පෙර රිදී තිරයේ ජනප්‍රිය නළුවෙකි. නමුත් හදිසියේම ඔහු අතුරුදහන් වුනේ කිසිවෙකුටත් වුණ දෙයක් සොයාගැනීමට නොහැකිවන ලෙසයි.

බොහෝ දෙනා ශෂී විජේන්ද්‍ර ලෙස හැඳුන්වූවද ඔහුගේ ඇත්ත නම් අවුෆ් ය. උපතින් මුස්ලිම් ජාතිකයෙකු බව බොහෝ දෙනෙකු දැන සිටියේ නැත. පසුව ඒ පිළිබඳව ඔහු පවසා තිබුනේ මෙලෙසින්

“මා මුස්ලිම් ජාතිකයෙක්. අපේ ආගමට අනුව රඟපාන එක එක්තරා විදිහක පාප කර්මයක්. මා ඒ වැරැද්ද නොදැනුවත්ව කාලයක් කළා. නමුත් එය අවබෝධ කරගත් විගසම මා රංගනයෙන් ඈත් වුණා.” යනුවෙනි.

1983 වසරේ ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටය හරහා රඟපෑමට එක්වූ ශෂී ඉන් පසු විජේ සහ අජේ, උතුරු දකුණ, රජ දරුවෝ, ලව් ඉන් බැංකොක්, ඔබට පමණයි ආදරේ ආදී අතිශය ජනපි‍්‍රය සිනමාපට ගණනාවක රඟපා තිබේ.

ශශී විජේන්ද්‍ර වූ අවුෆ් ගේ සහෝදරයා වූයේ මුනව්වර් ය. අයියා වූ අවුෆ්, ශෂී විජේන්ද්‍ර ලෙසත් මල්ලී වූ මුනව්වර්, රංග විජේන්ද්‍ර ලෙසත් නම් තබාගන දෙදෙනාම සිනමාවට එක්වී තිබු අතර රංග විජේන්ද්‍ර ච්ත්‍රපට නිශ්පාදන සහ අධ්‍යක්ෂණවරයෙකු ලෙස ඉදිරියට පැමිණියේය.

දෙදෙනාම මුස්ලිම් සමාජයෙන් ඉවත්වීම නිසා පල්ලියේ නාමලේඛනයෙන් පවා ඉවත් කරන්නට නිවේදනය කර තිබූ බවත් පසුව මුස්ලිම් සමාජයෙන් එල්ලවූ බලපෑම නිසා නැවතත් ඒ දෙසට යොමුවූ බවද වාර්තාවේ.

මෙම සහෝදරයන් දෙදෙනා විවාහ වුයේද සිංහල ජාතික තරුණියන් දෙදෙනෙක් සමගය. එහෙත් මේ වනවිට ඔවුන්ගේ බිරියන් දෙදෙනාද භක්තිමත් මුස්ලිම් කාන්තාවන්ය. ඔවුන් දකින කිසිවෙකුට මේ එදා සිටි කාන්තාවන් දෙදෙනා යැයි හඳුනා ගැනීමටවත් බැරි බවද වාර්තාවේ

කෙසේ වුවද දරුවන් 5 දෙනෙකුගේ පියෙකු වන ඔහු මාතලේ දඹුල්ල පාරේ මහෝගනී ව්‍යාපෘතියක් පවත්වාගෙන යයි. වසර 17කට පසු ශෂී විජේන්ද්‍ර ප්‍රසිද්ධ මාධ්‍යයකට පැමිණි, මීට පෙර රඟපෑ දර්ශන නැරඹීමෙන් පසු තම තොරතුරු හෙළි කර තිබෙන්නේ මෙලෙසින්.

මොකද හිතෙන්නේ මේවා දකිනකොට ?
ඇත්තම කියනවනම් දකිනකොට ඒ කලේ කරපු දේ හරියට කෙරිලා තියෙනවා කියල හිතෙනවා. නමුත් අනිත් පැත්තෙන් හිතට දුකක් එනවා මම වරදක් කරානේ ද? නබි තුමා කියපු පාරේ ගියේ නෑ නේද කියලා දුක එනවා.

ඒ කියන්නේ?
ඒ කියන්නේ මම ඉස්ලාම් භක්තිකයෙක්..අපිට ජිවිතේ සැලැස්මක් දීල තියෙනවා…ඒ සැලස්මට පිටින් යන්න කොහෙත්ම ඉඩක් නැහැ..

රඟපෑමත් එකෙන් පිට දෙයක්ද ?
ඔව්

එහෙනම් කලේ ඒක ?
මම පටන්ගත්ත වෙලාවේ මගේ ආසාව මේක දැනගැනීමට වඩා වැඩි උනා..ආගමේ මේ ගැන කියල තියෙන්නේ මොකද්ද කියල හොයනවට වඩා මේ ආසාව වැඩි උනා.

 

 

 

 

37 Comments to “ශෂී විජේන්ද්‍ර නම්වු නළුවාගේ පුනරාගමනයේ කථාව!

  1. ශෂි විජේන්ද්‍ර ගැන ලිපියක් පළ කිරීම ගැන ස්තුතියි මමත් ඔහුට මොකක් වුනාද නොදැන හිටියෙ

    1. ඔහු ගැන සෙවීම අප ඔහුට කරන කරදරයකි. එමනිසා ඒ ගැන සදහන් නොකරමු.

      1. ohu gana dana ganima itha watain deyak.. karauna kara aa pilibda wisthara laba denna.. manda yath facebook eke me lipya pilibada waradi adahas atha.. emaa naluwa kalawen iwath une janapriyathawa nathi weema wage dewal hethu hatiyata pawasanawa.. ema nisa ohugana dana ganima itha watinneya

        1. මුණුපොතේ සිටින ආගම්බේධවාදීන්ට ඔන තරම් මඩ ගැසිය හැකියි. නමුත් එසේ කියා අපට ඔහුගේ පෞද්ගලිකත්වයට බාධා කළ නොහැක. අපි අපිට අවශ්‍ය පණිවිඩය සමාජයට දී ඇත. එය පිළිගන්නවාද? බොරුකාරයන් කියන දේ පිළිගන්නවාද? යන්න සමාජයේ වගකීමයි.

  2. සම්පුර්ණයෙන්ම එකගවෙමි,මාගේ ගම්ප්‍රදේශයේ දී පවුද්ගලිකව මාද අහම්බෙන් මෙන් ඔහුගේ ව්‍යාපාරික ආයතනයකට ගොඩවීමෙන් මේ තොරතුරු දැනගත්තෙමි.දැන් ඉතා සරල නිහඩ ජිවිතයක් ගතකරයි. ඔහුට අල්ලාහ් දෙවිදුන්ගේ ශාන්තිය ලැබේවා!

  3. තරුවක් වූ ඔහු ධර්මයෙන් ඈතට ගිහින් හරි රිවර්ස් ජියර් හොයා ගත්තා අල් -හම්දිලිල්ලා නමුත් අපේ සමහර උදවිය තරුවක් නොවූ අපේ සුපර් ස්ටාර්ලා තාමත් රිවර්ස් ජියර් එක හොයනවා

  4. කලා තරු පිළිබඳ අපේ මතකයන් බොහෝය. අපේ හිත් අද්දරට කලාවේ සුවඳ තැවරූ කලා තරු වරින් වර ක්ෂේත්‍රයෙන් සමුගත්තේ අපේ හදවතට දුක් සුසුමක් එක් කරලමිනි. කලාවෙන් සමුගත්තද, ඔවුන් තැබූ අමරණීය සිහිවටන අතර අපි මතකය දිගේ යළි යළිත් ඇවිද යන්නෙමු.

    මේ අලුත්ම විශේෂාංගය අපේ හිතමත සොඳුරු නිමල කලා සිතුවම් තැබු ඔවුන් සොයා යන ගමනකි. කලක් අපි හිනැනු, නැලවූ, සැනසූ ඔවුන් අද කොහිද? මොනවා කරනවාද, යන පැන ඉතිරි වෙද්දි අපි මේ චාරිකාවේ ඔබ සොයන ඔවුන් හමුවෙමු.

    හාපුරා කියා මේ විශේෂාංගයෙන් අද කලක් රිදී තිරයේ සුපෙම්වතා වෙමින් රටක් හැඬ වූ, සැනසූ රටක ආදරය දිනාගත් ශෂී විජේන්ද්‍ර

    ශ්‍රී ලාංකේය සිනමා ලෝලීන්ට ශෂී විජේන්ද්‍ර යන නාමය සහ ඒ ආදරණීය රුව ආගන්තුක නොවෙයි. ඔබට දිවුරා කියන්නම් සිනමා සිත්තමේ ශෂී ලෙස අප සිත අද්දරට සමීප වූ හෙතෙම තමාගේම අනන්‍යතාවයක් රිදී තිරය මත සනිටුහන් කළ සුවිශේෂී මෙන්ම අතිශය ජනපි‍්‍රයත්වයක් දිනාගත් රංගන ශිල්පියෙකි.

    ඒ ශෂී විජේන්ද්‍ර අද අපේ දෙවැනි කතා නායකයාය.

    1983 වසරේ ඔබට දිවුරා කියන්නම් අතිශය ජනපි‍්‍රය චිත්‍රපටය හරහා රංගන ලොවට අවතීර්ණ වූ ශෂී ඉන් පසු විජේ සහ අජේ, උතුරු දකුණ, රජ දරුවෝ, ලව් ඉන් බැංකොක්, ඔබට පමණයි ආදරේ ආදී අතිශය ජනපි‍්‍රය වානිජ මාවතේ ගමන් කළ සිනමාපට ගණනාවක සිය නිසඟ රංගන ප්‍රතිභාව විදහාලීය.

    ඒ නිසාම 1992 වසරේ ජනපි‍්‍රයම නළුවා ලෙසින් සරසවිය සම්මානයෙන් පිදුම් ලැබීය. එපමණක් නොව මේ සමය ශෂී – දිල්හානි යුගයක් බිහිවන්නට තරම් සමත් විය.

    මීට වසර පහළොවකට ප්‍රථම සිය රංගන චාරිකාව හදිසියේම නිමා කළ ඔහු ඒ වන විටත් සිනමාපට හැටපහක් පමණ රංගනයෙන් වර්ණවත් කර තිබිණ. ශෂී විජේන්ද්‍ර මේ දවස්වල මොකද කරන්නේ? අපි ඔහුගෙන්ම අසමු.

    මා රංගනයෙන් සමුගන්න තීරණය කළේ එක් විශේෂ හේතුවක් මත. මා මුස්ලිම් ජාතිකයෙක්.

    අපේ ආගමට අනුව රඟපාන එක එක්තරා විදිහක පාප කර්මයක්. මා ඒ වැරැද්ද නොදැනුවත්ව කාලයක් කළා. නමුත් එය අවබෝධ කරගත් විගසම මා රංගනයෙන් ඈත් වුණා.

    කලා කටයුතුවලින් පූර්ණකාලීනව ඈත් වූ මා දැන් ව්‍යාපාරිකයෙක්.

    මගේ එකම බලාපොරොත්තුව ජීවිතය අවසාන කාලය තෙක් ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැදී සිටීම. ව්‍යාපාර ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ බොහෝ දෙනෙකු මට උදව් කළා. නමුත් කලාව තරම් සිත තෘප්තිමත් කරන වෙනත් ක්ෂේත්‍රයක් මට නම් නැහැ.

    අසුව දශකයේ බිහිවුණේ විශිෂ්ට සිනමා කෘති. ඒවාට රංගනයෙන් දායක වෙන්න ලැබීමත් එක් අතකින් මා ලද භාග්‍යයක්. ඒ කාලය හරිම සුන්දරයි. ඒ වගේම අමිහිරි අත්දැකීම් ද බොහොමයි.

    මා රඟපෑ තව එක චිත්‍රපටයක් තිරගත වෙන්න තිබෙනවා. ඒ තිමිති වීරරත්නගේ “වීරා”.

    රංගනයෙන් සමුගත්තත් රසික රසිකාවන්ට මාව අමතක වෙලා නැහැ. මගතොටේදී ලැබෙන ප්‍රතිචාරවලින් එය මට හොඳටම පසක් වෙනවා. බොහෝ දෙනෙකු මට ආයෙත් රඟපාන්න එන්න කියලා ආරාධනා කරනවා.

    නමුත් මා ආයෙත් රංගන ක්ෂේත්‍රයට නොඒවි. වර්තමානයේ මාව කලා ශිල්පියකු ලෙසින් නොව ව්‍යාපාරිකයකු ලෙස හඳුන්වා දෙනව නම් මා බොහොම කැමතියි.

  5. කාටත් මෙය ඉතාමත් හොඳ ආදර්ශයක් ……
    මුස්ලිම් අය අතර ඊමානය ගිලිහි යන අය ඉතාමත් අතලොස්සයි.

  6. මාෂා අල්ලාහ්, පමාවී හෝ ඔහුට සත්‍යය පසක් වීම ඉතාමත් සතුටට කරුණක්

  7. අපේ රටේ තරු(ක්‍රිකට්,සිනමා) වෙන්න සිංහල නම් වලට මාරුවෙන්න ඔනේ. ඇයි ඒ?? ඒකෙන් පෙන්නන්නේ මෙ මිනිස්සුන්ගේ ජාතිවාදී ගතියද??

    1. ඒක මම දන්නේ නැහැ. මම ඒවගේ දෙයක් තියෙනවා කියලා හිතන්නේ නැහැ.

  8. Anvar

    Shashi gena vistare mama dannawa.Api Blog eke me de heli karanna one minisunta dana ganna..I will do it

  9. අන්වර් සහෝදරයට ඉතාමත් ස්තුතියි,
    මට අහම්බෙන් මෙන් අවුෆ් සහෝදරයා සමග කටයුතු කිරීමට අවස්ථාවක් ලැබුන. ඒ මා පාසල් දිවියෙන් සමුගෙන අප්ව් පවුලට අයත් වත්තක සේවය කරමින් සිටියදී. අද ඔහුව දකින අයෙකුට පවා ඔහුව හඳුනා ගැනීමට නොහැකි අයුරින් 100% ක්ම මුස්ලිම් වරයෙක් ලෙසට ජීවත් වනවා. ඔහු ඉතාමත්ම කාරුණික අවංක පුද්ගලයෙක්. ඉතා කාර්ය බහුල මහා මාර්ගයක් අසල මුස්ලිම් දේවස්ථානයකට යාබදව සැහැල්ලු දිවියක් ගෙවන ඔහු ගැන කිසිවෙක් නොදැන සිටීම ඔහුගේ චාම් බව කදිමට කියා පෑමක්. දෙවියන් වහන්සේ ඔහුට ජන්නතුල් ෆිර්දව්ස් හි කල් ගෙවීමේ භාග්‍ය උද කරත්වා.
    අස්ලම් සලීම්

  10. ආමීන්! අල්ලාහ් ඔහුගේ පව් සමාකරත්වා

  11. Al hamdulillah i have met him he comes to our masjid we went in gusth also to his house. and he told thableeg jamath helped him a lot to change his life he told (evry body left me but they ddnt always they came and met me)

  12. what will/did allah do to sharuk khan, salman, amir and lot of muslim actresses their(i cant remember their names) ?

    1. They are muslims but they also choose their job as acting like auwf (sashi) but indian acters never chaged their names. Some of acters fallowing islamic way because many times some acters going to makkah we seen by fb and YouTube videos. But still they not get out from their job it only can do by Allah and their mind have to be change. May Allah bless them n show them right path. Bro hope u got the answer. 😊

  13. මාෂා අල්ලාහ්! ඔහුගේ ඊමානය ශක්තිමත් කලාසේම අප සැමදෙනාගේම ඊමානයත් ශක්තිමත් කර දෙනමෙන් අල්ලාහ්ගෙන් දුආ ඉල්ලමු!

  14. මාෂා අල්ලාහ්..!! හොද ලිපියක් ..!!! කොච්චර වසනාවෙන්ද ඌනේද එයාගේ පිත්රයා වෙන්න.. 🙂

Comments are closed.