“ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙහි වරදක් නැත” පුවත විමසුමක්

මධුෂා දිසානායක මහත්මිය
මධුෂා දිසානායක මහත්මිය

මා මෙම ලිපිය ලියන්නට සිතුයේ “ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙහි වරදක් නැතැයි ශ‍්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ අධ්‍යාපන එකකයේ අධ්‍යක්ෂිකා මානව විද්‍යාඥ මධූෂා දිසානායක මහත්මිය පවසයි” යනුවෙන් මිරර් වෙබ් අඩවිය විසින් සිය අඩවිය තුල පලකළ පුවතක් දුටු නිසාවෙනි. මිරර් වෙබ් අඩවිය පවසන්නේ ඇය පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක ලබාදෙමින් මේ බව පවසා ඇති බවයි.

 

මෙම වෘත්තිය නීතිගත කිරීමකට වඩා  පවතින නීති සංශෝධනයක් විය යුතු බවත්, එමෙන්ම එය සංශෝධනය විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව පුළුල් කතිකාවක් ගොඩනැගිය යුතු බවත් ඇය එහිදී දක්වා ඇත. ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් ඒ කෙරෙහි ඇදී යන ප්‍රමාණය ඉහල යනු ඇතැයි ඇතැමුන් දක්වන අදහස ගැන ඇය කියන්නේ එය එසේ වනවානම් එය ගෞරවය පිළිබද ප්‍රශ්නයක් විනා නීතිය සම්බන්ධ ගැටලුවක් නොවන බවයි.

 

කෙනෙකු අනෙකාව අත හැර යන්නේ ඔයාට වඩා හොඳ කෙනෙකු එක්ක යනවා කියන එක නිසා බවත් තමන් ගැන ආත්ම අභිමානයක් තියෙනවා නම්  ලිංගික වෘත්තිකයෙකු සමග යන්නේ පහළට වැටෙන්න නොවෙයි, ඉහළට යන්න බවත් ඒ නිසා මේ මෙය නීතිගත කිරීමෙන්  ප්‍රශ්නය උග්‍රවන ගැටලුවක් වන්නේ නැති බවද ඇය පෙන්වා දෙයි. එමෙන්ම රටේ ඇති තවත් පනත් කිහිපයක් සංශෝධනය විය යුතු තත්ත්වයේ ඇති බවද සංශෝධන සඳහා ඒ ඒ අංශ වලට සම්බන්ධ පුද්ගලයින් මෙන්ම ජනතාවද මැදිහත් විය යුතු බව ඇය පෙන්වා දෙයි. මෙවැනි සංශෝධන නීති කෙටුම් පත් සම්පාදකයෝ පමණක් කළයුතු ඒවා නොවන බවද මධුෂා දිසානායක මහත්මිය පෙන්වා දෙයි. ඉහත පුවත සඳහන්වු යොමුව මෙයයි:  http://mirror.lk/sinhala/news/4393-madhusha-dissanayaka

 

මෙම පුවත ආරම්භයේ පැවසෙන්නේ මධුෂා දිසානායක මහත්මිය ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ Family Planning Association Sri Lanka අධ්‍යාපන ඒකකයේ අධ්‍යක්ෂිකාවක බවයි. මා විසින් එකී ආයතනය පිළිබඳව මඳක් සොයා බැලුවෙමි. ඒ ගැන මෙතැනින් බලන්න http://sandbox.saberion.com/FPA/beta_8/governance/management.php

 

මෙම ආයතනය රාජ්‍ය නොවන සංවිධානයකි. එයින් මුලිකව සිදුකෙරෙන්නේ ශ්‍රී ලංකාවේ ජනගහනය පාලනය කිරීමේ කටයුතු බව මෙහි අරමුණු ගැන අධ්‍යනය කරන ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් පරිදි එම අරමුණු මෙසේය:

 

  • Family planning and contraception
  • Safe Motherhood (including components related to unwanted pregnancies)
  • Sexually transmitted infections (including HIV/AIDS)
  • SRH information and counseling for adolescents and youth
  • Promotion of mental health and provision of counseling
  • Sub-fertility treatment and counselling

 

ලස්සන ඉංග්‍රීසි බසින් මෙසේ ඔවුන්ගේ අරමුණු මෙසේ දක්වා තිබුණද මුලික වශයෙන්ම කෙරෙන්නේ ගබ්සා කිරීම (ළමුන් බිහිවන කළල විනාශ කිරීම), වඳ සැත්කම් කිරීම (කාන්තාවන් පුරුෂයන් වඳ බවට පත් කිරීම) පවුල් වල ඉපදෙන දරුවන් ප්‍රමාණය අඩු කිරීමට බලපෑම් කිරීමයි. මේ සියල්ලෙන් අවසානයේ සිදුකෙරෙන්නේ ජනගහනය පාලනය කිරීම නොවේද?   

 

එම කටයුතු සඳහා මෙම ආයතනය සමග සහකරුවන් ලෙස කටයුතු කරන්නේ INTERNATIONAL PLANNED PARENTHOOD FEDERATION – IPPF නම්වු රටවල් 170 ක පමණ ජාලයකින් යුක්ත බහුජාතික රාජ්‍ය නොවන සංවිධානය
 සමග FAMILY HEALTH BUREAU – FHB, HEALTH EDUCATION BUREAU – HEB, INFORMATION AND COMMUNICATION TECHNOLOGY AGENCY OF SRI LANKA – ICTA, NATIONAL STD/AIDS CONTROL PROGRAMME – NSACP/MINISTRY OF HEALTH, GOVERNMENT OF SRI LANKA නම්වු රාජ්‍ය ආයතන හතරයි.

 

එමෙන්ම මේ කටයුතු සඳහා ඔවුන් විසින් සිය බළල් අත් ලෙස යොදා‍ගන්නා ශ්‍රී ලාංකික සංවිධානද ඇත. එනම් ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරය SRI LANKA GIRL GUIDES ASSOCIATION (මෙය පලාත් නමයක 35,000 ක පමණ සාමාජිකත්වයකින් යුතු වුවකි) සහ  ශ්‍රී ලංකා ප්‍රසව වෛද්‍ය සහ නාරි වෛද්‍ය සංගමය Ceylon of Obstetricians and Gynecologists Association යි. මෙහි ව්‍යාපෘතීන් සඳහා මුල්‍යාධාර ලබා දෙන විදෙස් ආයතන වශයෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල UNFPA, the United Nations Population Fund සහ එක්සත් ජාතීන්ගේ ආධාර වැඩසටහන UNAIDS කටයුතු කරති.

 

ඉහත පුවතෙහි නම සඳහන් මධුෂා දිසානායක මහත්මිය “මානව විද්‍යාඥ”වරියක් ලෙසද හඳුන්වා දී ඇත. නමුත් එවැනි “මානව විද්‍යාඥ සංගමයක්” හෝ ආයතනයක් පිළිබඳව මා නම් අසා නැත. මෙම ලිපිය කියවන යමෙක් ඒ ගැන දන්නේ නම් අප වෙත දන්වන ලෙස ඉල්ලා සිටිමු. කෙසේ වුවද නූතන යුගයේ බොහෝ දෙනෙකු එවැනි “අස්වාභාවික තනතුරු නාමයන්”ගෙන් තමන්ව හඳුන්වා ගන්නට උත්සාහ දරන්නේ එමගින් තමන්ට සමාජයෙන් “විශේෂ ගරු නම්බුවක්” ලබා ගැනීමේ අටියෙන් බව නොරහසකි. නිදසුනක් ලෙස ඡන්ද කාලයට “ආර්ථික විශේෂඥ” කියා තමන්ගේ නමට මුලින් දමාගන්නා ඡන්ද අපේක්ෂකයෝ එමට සිටිති. ඔවුන් “ආර්ථික විශේෂඥක්” වුයේ කෙසේදැයි හෝ “ආර්ථික විශේෂඥ සංගමය” තිබෙන්නේ කොහේදැයි කවුරුන් හෝ නොවිමසන නිසා ප්‍රශ්නයක් වන්නේද නැත.  

 

මානව විද්‍යාඥ මධුෂා දිසානායක මහත්මිය නියෝජනය කරන්නාවු ආයතනය විසින් මුලිකව කරන්නේ ශ්‍රී ලංකාවේ ජනගහනය පාලනය කිරීමේ ව්‍යාපෘතීන් බව මම මුලින් සඳහන් කළෙමි. ඒ සඳහා එක් මුලික කටයුත්තක් නම් ගබ්සාවයි. මේ නිසා පසුගිය වකවානුවේ ඔවුන් ගබ්සා නීති සංශෝධනය කරගැනීම සඳහා විශාල උත්සාහයක් ගන්නා ලදී. එමෙන්ම ඔවුන් පවුල් සැලසුම් කරණය මුවාවෙන් වඳ සැත්කම් කිරීමට පහසුකම් සැලසීම, දිරිගැන්වීම වැනි කටයුතුද සිදු කරති. මේ සඳහා රාජ්‍ය ආයතන සමගද සම්බන්ධ වන ඔවුන්ගේ ව්‍යාපෘතීන් වෙනුවෙන් රජයේ වෛද්‍යවරුන්, හෙද/හෙදියන්, ‍පවුල් සෞඛ්‍ය සේවිකාවන්ද ඉතා උනන්දුවෙන් කටයුතු කරනු අප බොහෝ විට නිරීක්ෂණය කර ඇත. එයට හේතුව මේ අය අතරද මොවුන්ගේ ඩොලර් වල පහස ලබන අයවළුන් සිටීම විය හැක.

 

ඔවුන් දැන් ගණිකා වෘත්තිය නීතිගත කිරීම කිරීමේ වරදක් නැති බවට සමාජ මතයක් ගොඩ නගන්නට උත්සාහ කරන්නේ ඇයි?

 

එයට ප්‍රධානතම හේතුව නම් එමගින්ද ලංකාවේ ජනගහනය පාලනය කිරීමේ කටයුත්තට මහඟු දායකත්වයක් ලබාගත හැකි බැව් ඔවුන් දන්නා‍ නිසාවෙනි. කිසියම් පවුලක පුරුෂයා හට තිබෙන ලිංගික ආශාව සංතර්පනය කර ගැනීමට ඔහු විසින් අනියම් ඇසුරක් ඇරඹුවහොත් එමගින් අවසානයේ ඔහු තවත් පවුලක් ගොඩ නැගීමට බොහෝ සෙයින් ඉඩ ඇත. එවිට සිදුවන්නේ එකම පුරුෂයෙකුගෙන් මුල් විවාහයෙන් සහ තවත් විවාහයන්ගෙන් ලෙස ළමුන් ගණන වැඩියෙන් බිහිවීමයි. ගණිකා වෘත්තිය නීතිගත කර තිබුණහොත් මෙවැනි පුරුෂයෙක්ට ගොස් තමන්ගේ ආශාව නීත්‍යානුකූලව සංසිඳවා ගැනීමට අනියම් අවස්ථාවක් උදාවේ. එවිට සිදුවන්නේ මුදල් ප්‍රමාණයක් වැයවීම පමණි.

 

මෙහිදී දැනටත් ලංකාවේ ගණිකාවන් 40,000 ක් පමණ සිටින නිසා ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් එතරම් බලපෑමක් නොවනු ඇති බවට සමහරුන් තර්ක කළ හැක. නමුත් එහිදී සිදුවන්නේ අනෙකකි. ගණිකා වෘත්තිය නීතිගත කළහොත් අද සිටින ගණිකාවන්ගේ ප්‍රමාණය කිහිප ගුණයකින් වැඩිවීම අනිවාර්යයෙන්ම සිදුවන්නකි. එමෙන්ම ගණිකා වෘත්තිය ව්‍යාපාරයක් ලෙසද දැවැන්ත ලෙස හිස ඔසවනු ඇත. මෙමගින් විශාල සමාජ සෝදාපාළුවක් මෙන්ම සමාජ ව්‍යසනයක් ඇති වීම අනිවාර්යයෙන්ම සිදුවන්නකි. එමගින් කාන්තාවන්ගෙන් විශාල ප්‍රමාණයකට ගණිකාවන් බවට පත්වීමට සමාජය විසින්ම තල්ලු කිරීමේ ඉඩකඩද වැඩිවනු නියතය.  

 

මෙහිදී ගණිකා වෘත්තිය නීතිගත වුවහොත් එම ගණිකාවන් සඳහා සහය වීමට සහ පහසුකම් සැපයීමට මෙම රාජ්‍ය නොවන සංවිධාන ඉදිරිපත් වනු ඇත. එහිදී මෙම ඊනියා පවුල් සංවිධාන විසින් ගණිකාවන්ට අවශ්‍ය වඳ සැත්කම් නොමිලේ ලබාදී ඔවුන් සමාජ රෝග වලින් ආරක්ෂා කරගැනීමේ වැඩසටහන් දියත් කරනු ඇත. එවිට ගණිකාවක වු එම කාන්තාව වනාහී පුරුෂයන්ගේ ලිංගික පවස සංසිඳවා ගැනීම සඳහා ලෙයින් මසින්ම සැකසුණු යන්ත්‍රයක් මෙන් වනු ඇත. 

    

ලාංකීය කාන්තාව මෙලෙස ලිංගික යන්ත්‍රයක් බවට පත් කරවන ක්‍රියාදාමයන් සඳහා රුකුල් දෙන ප්‍රකාශයන් සිදුකරන මානව විද්‍යාඥ: මධුෂා දිසානායක මහත්මිය ඇත්තටම කාන්තාවක්ද? යන්න මට නම් ප්‍රශ්නයකි. 

 

 

 

49 Comments to ““ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙහි වරදක් නැත” පුවත විමසුමක්

  1. මුදල්වලට ඕනෑම දෙයක් කරන අයත් ඉන්නවා ඒ අයට තම රට ජාතිය ගැන කැක්කුමක් නැත.ඒ කෙසේ වෙතත් එලොවක් ගැන කිසිම හැගීමක් නැති වගය් ඒ අයගේ වැඩ වලින් පෙන්නේ.මේ අයගෙන් සාමාන්‍ය ජනතාව මෙන්ම පාසල් සිසු සිසුවියන් ආරක්ෂාකර ගන්න ඕන.මේ සංවිදාන දේශනා පවත්වා මිනිසුන් තිරිසන් කරන්නත් ඉදිරියේදී බලාවි.
    මට පෙන්නේ ගව ගාතනයට මොර දෙනවාට වඩා මේගැන අවදානය යොමුකලොත් අනාගත පරම්පරාව ශිෂ්ට සම්පන්න මෙන්ම නිරෝගී ජනතාවක් බවට පත්කළ හැකිය්.
    මේ පිළිකුල් දේවලට ඉඩ දීම පවුල් සංස්ථාව විනාශයට අදදමිම නොවේද?

  2. ‍කාන්තාවන්ගේ සුභසිද්ධිය සඳහා “විශාල මෙහෙවරක්” ඉටු කරන මේ කාන්තාව වැන්නවුන්ගේ ඔලමොට්ටල ක්‍රියාවන් නිසා සමහරවිට අප්‍රසිද්ධියේ මේ ජඩ වෟත්තියේ යෙදෙන කාන්තාවන් වෟත්තිය නීතිගතකිරීමෙන් පසු ඔවුන්ට ප්‍රසිද්ධියේම “ඒ වැඩේට බහින්න පුළුවන්” නිසාවෙන්ම මෙසේ නීතිගතකරපං කරපං කියා කෑමොර දෙන්න පටන් අරගෙන වගේය. එම පදනම මත ගණිකා වෟත්තිය නීතිගතකිරීමට අනුබල දෙන ඒ සඳහා ආයාචනා කරන මේ සිල්වත් ගුණවත් නැණවත් මැතිනිය වැන්නවුන්ද වහෙං ඔරෝ ගණිකා වෟත්තියේ යෙදෙන කාන්තාවන් බව කීම වරදක් නොවේ. බූරු පිට්ටනියේ බූරු ගහන එකාත් එකයි සූදු කෙළිය බලාගෙන ඉන්න එකාත් එකයි. ඔක්කොම එකම ගොඩේ පොල්.
    මොවුන්ගේ මේ අසංවර ක්‍රියා කලා‍පයෙන් පෙනී යන්නේ මොවුන් බටහිර ගැති ඔවුන්ට උදේ හවස පිංදෙන ඔවුන්ගේ ඩොලර්වලින් යැපෙන බලු කපුටු කුට්ටමක් බව ලොවට ප්‍රදර්ශනය කරමිනි. කාන්තාව යනු එක්කෝ කෙනෙකුගේ මවක් සහෝදරියක් හෝ බිරිඳකි. ඔවුන්ට ලබාදිය යුතු නිසි තැන සමාජයෙන් ලබාදීමට කටයුතු නොකර ඔවුන්හටවිය යුතු යුතුකම් ඉටු නොකර ඔවුන්ගේ අධ්‍යාපනය, රැකියාව විවාහ පවුල් ජීවිතය සම්බන්ධයෙන් කිරීමට කටයුතු බොහෝමයක් තිබියදී ශිෂ්ඨ සමාජයක අශිෂ්ඨ සහ අශෝභන රැකියාවේ යෙදවීම සඳහා නීතිමය වශයෙන් “වේශ මඩුවකට” දක්කාගෙන යන්න කතා කරන මේ “මුඩුක්කු ගැහැණි” කිසිවෙකුගේ මවක් සහෝදරියක් හෝ බිරිඳක් නම් වෙන්නට බැහැ. කාන්තාවකට සැලකිය යුත්තේ කෙසේද යන්න නොදන්නා බටහිරවාදීන් මෙවැනි පහත් අමන ක්‍රියාවන්වල යෙදීම දැන් ලෝකයේ සුලභව දැකගත හැකි කාරණාවකි. එයට ලෝක වටේ උගත් යැයි කියා ගන්නා මෝඩ අම්මණ්ඩිලා ටිකක් අල්ලාගෙන ඔවුන් හවසට මෙවැනි අච්චාරු වැඩ විනෝදාංශයක් වශයෙන් කරගෙන යන්නට ඩොලර් ටිකක් බෙදා ඔවුන්ගේ සංස්කෟතියට අප රටේ කාන්තාවන්ද ඈඳාගැනීමට උත්සාහ කරති.
    අපගේ ඉස්ලාම් දහම කාන්තාවන්ට නිසි තැන ලබාදෙමින් ඔවුන්ට පූර්ණ ආරක්ෂාව ලබාදෙන ඒ වගේම ඔවුන්ට විය හැකි කිසිදු හිංසනයන්වලට විරුද්ධව දැඩි දඬුවම් පවා ලබාදීමට නීති සම්පාදනය කොට නියෝග ලබාදී ඇත. නීතියක් නැති රටක ‍පිරිමින් පාලනය කළ නොහැකි රටක මෙවැනි ගණිකාවන් බිහිවීම වැලක්විය නොහැක. ඒ වගේම ගණිකාව නීතිගත කිරීමෙන් වෙන්නේ ගණිකාවන් බහුලවී රටම අරාජිකවීමයි. පවුල් සංස්ථා ගණනාවක්ම සීඝ්‍රයෙන් බිඳ වැටීමට ළමා ලපටියන් නන්නත්තාර වීමට උදව් උපකාර කිරීමයි…….

  3. ලංකාවේ ඉන්න අයටනම් අවශ්යලදේට කවදාවත් හඬ දෙන්නේ නැහැ අනවශ්ය දේවල්වලට පාරට බඅහලා කෙගහනවා තමන්ගේ සකොදෙරියන් ගණිකා ඌර්තිය ගියත් කමක්නේහ අන්නිය ආගමිකයන් ළමුන් අදාගේනිම තමා ලොකුම පිරස්නය අනුන්ට බෙනවදින්න බෙන්වදින්න තමන් පසුපසට යනවා කියනඑක අමතක කරනවා ලංකාව අල්ලාහ් තමය බේරන්න ඕන

  4. ලස්සන ඉංග්‍රීසි බසින් මෙසේ ඔවුන්ගේ අරමුණු මෙසේ දක්වා තිබුණද මුලික වශයෙන්ම කෙරෙන්නේ ගබ්සා කිරීම (ළමුන් බිහිවන කළල විනාශ කිරීම), වඳ සැත්කම් කිරීම (කාන්තාවන් පුරුෂයන් වඳ බවට පත් කිරීම) පවුල් වල ඉපදෙන දරුවන් ප්‍රමාණය අඩු කිරීමට බලපෑම් කිරීමයි
    මේ ලිපිය ලියූ තැනැත්තා මේ කාරනය ගැන මනා දැනුමක් ඇත්තෙක් බව පැහැදිලියි.මෙම රාජ්‍ය නොවන සංවිධානය දැවැන්ත සමූලඝාතනයක නිරත වෙනවා.මේ අය ගැන දන්නවානම් හිට්ලර්ලා ලැජ්ජාවට පත් වෙනවා.
    බලන්න දෙවැනියට තියන ඉංග්‍රීසි වාක්‍යාංශය
    Safe Motherhood (including components related to unwanted pregnancies)
    ඒ කියන්නෙ ගබ්සාවනෙ.ලස්සන වාක්‍ය මේ අයට තියනවා එක්සත් ජාතීන්ගෙ ජනගහන අරමුදලෙ නියෝජිතයා කීවෙත් සියලුම ගර්භනීභාවයන් අවශ්‍ය ගර්භනීභාවයන් විය යුතුයි කියල.නොකියා කියන්නෙ ගබ්සාව ගැනනෙ.
    වැරැද්ද තියෙන්නෙ මේ සංවිධානයෙ මූලිකම අරමුන සමූලඝාතනය වීම

  5. මුස්ලිම් පවුල්වල ළමයි ගනන් කර කර ඉන්නෙ නැතිව භාන්ඩ වල හලාල්භාවය හොයන්නෙ නැතිව බෞද්ධයන්,කතෝලිකයන් හා අන්වර්ලා වැනි මුස්ලිම්වරු එක්වී පොදු බලවේගයක් ලෙස එක්වුනොත් මේ රට කොච්චර වාසනාවන්තද?මා මෙහිදී අන්වර්ලා වැනි මුස්ලිම්වරු යැයි කීවේ සාමාන්‍යයෙන් මුස්ලිම්වරු මෙවැනි දේවල් ගැන තමන්ට අදාල නැති නිසා හොයන්නේ බලන්නේ නැති නිසයි.බෞද්ධ භික්ශූන්ටත් මේවා ප්‍රශ්න නොවෙයි.ගබ්සාව ගැනත් හඩ නගන්නේ කතෝලික පල්ලියයි.

    මා අසා තිබෙනවා මේ සංවිධානය මුස්ලිම් කාන්තාවන්ට දැනුවත් කිරීමක් කරන්නට ගිය විට වැඩිහිටි උදාර මුස්ලිම් කාන්තාවක් මේ එකෙකුගෙ කනට ගසා ඇති බව.ඉන්පසු ඒ පැත්ත පළාතෙ මුන් ආවෙ නැහැල්ලු
    මුස්ලිම්වරුන්ට ඇගිල්ල දිගුකරන අය මේ නියම හතුරා හදුනා ගෙන නෑ.උදාර මුස්ලිම් ප්‍රජාව මේ හතුරාට රැවටී නෑ.මෝඩ වූ සෙසු ජනකොටස් මුස්ල්ම්වරුන්ගෙන් ඉගෙන ගෙන මුස්ලිම්වරුන්ට කෘතඥ වී මේ නියම හතුරාට එරෙහිව රොද බැද ගත යුතුයි
    මීට පෙර ගබ්සාව නීතිගත කරන්න හැදුවේත් මුන්ම තමයි.මුන් පාසල් සිසුවියන් හා කාන්තා සංවිධාන යොදා මහා විනාශයක් කරනවා සිංහල බෞද්දයා මුන්ට අසුවී ඇත්තේ කරටිය පිටින්මයි
    මේ බව වැටහුනු සමහරු මුස්ලිම්වරුන්ට චෝදනා කරන්නෙ ඇයි අපි වගේ උබලා මේ උගුලේ නොවැටුනේ කියායි.මොන තරම් අසාධාරන කතාවක්ද එය?

  6. සමහර අය කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් දගලන දැගලිල්ලට මෙයත් එක්තරා විදිහක
    කාන්තා නිදහසක් කියලා කියන්නවෙනවා.

  7. අන්වර් මනතුංග වෙබ් අඩවියෙන් මම කරුණාවෙන් ඉල්ලාසිටින්නේ කොමන්ට් කරන්නන්ගේ වචන හැකිනම් සංස්කරණය කර පලකරන්න කියා .මේ හැම කෙනාම කුලියට කහින්නන්ය .කිසිම සැකයක් නැත .කෙසේ හෝ ලංකාව අද්යාත්මිකව ,ආර්ථිකව දුබල කිරීම ඇමරිකාව ,ඊශ්‍රාලය ඇතළු යුරෝපයට අවශ්‍යවී තිබෙනවා .මන්ද ලංකාව ඔවුන්ගේ යුද කටයුතුවලට කදිම රටක් .ලංකාව දුබල වන තරමටම ඔවුන්ගේ අරමුණු මුදුන්පත් කිරගැනීමට ගොඩාක් පහසුයි .ඔය හලාල් ප්‍රශ්නය ගෙන එන්නෙත් ඔවුන්ගේ පටු අරමුණු මුදුන්පත් කරගන්නයි .බුද්දිමත් පිරිසක් සිටින අපේ ලංකාවේ බෞද්දයින් කල යුත්තේ සියලුම රටවැසියන් ජාති ආගම් බේද වලින් තොරව රටේ දියුණුව වෙනුවෙන් කැපවී අපේ අනාගත පරපුරට බංකොලොත් ලංකාවක් වෙනුවට අපේ මුතුන්මිත්තන් අපට තබා ගියාසේ ස්වයංපෝෂිත ලංකාවක් ඔවුන්ට ලබා දීමට උත්සාහ කිරීමයි .අපි මුස්ලිම් ,ක්‍රිස්තියානි දෙමළ විරෝධ වලට වැයකරන කාලය ,මුදල්,ජීවිත ,ලංකාවේ දියුණුවට වැය කරමු .අපි හැම සන්විදානයක්ම එක්වී අත්වැල් බැදගෙන සොරකම්, ස්ත්රීදූෂණ,අල්ලස් ,ගණිකා , ත්‍රස්තවාදය වැනි දේවල් ලංකාවෙන් තුරන් කරමු .ලංකාව බටහිර සතුරන්ගෙන් බේරාගනිමු .එවිට සෑම ලාංකිකයෙකුටම ආත්ම ගරුත්වයෙන් ජීවත්විය හැකියි .අද බොහෝ අය කඩාකප්පල් කාරී ක්‍රියාවන් කරන්නේ දැන හෝ නොදැන අපරටේ දියුණුව අවරුදු ගණන් පස්සට දමමින් .අවරුදු පහකට පසුව ලංකාවේ ඉපදීමට සිටින්නාවූ බිළින්දත් නයකාරයෙකි .

  8. ඇය කාන්තාවක් ලෙස තම මතය ඉදිරිපත් කිරීම අගය කල යුතුය. ගණිකා වෘත්තිය නීතී ගත කිරීමේ කිසිම වරදක් මා නම් දකින්නේ නැත. මා දන්නා අකාරය කිසිම ආගමක මේ රැකියාව හෙලා දැක නැත.

    1. බුදු දහමෙහි පංචශීලයට අනුව කාමයේ වරදවා හැසිරීම වරදකි. එසේ නම් ගණිකා වෘත්තිය බුදු දහමට අනුව වැරදියි. කිතුණු බයිබලයේ නික්මයාම 20 වන පරිච්ඡේදයේ දස පනතෙහි කාමමිථ්‍යාචාරය නොකරන ලෙස පනතක් තිබෙනවා. ඉස්ලාමයට අනුව ගණිකා වෘත්තිය හරාම් රැකියාවක් ලෙස ගැණෙනවා.

      මේ කාන්තාව තම මතය ඉදිරිපත් අගය කළ යුතුයි. නමුත් එය කළේ ඩොලර් වෙනුවෙන් නම්?!!!

      1. //මේ කාන්තාව තම මතය ඉදිරිපත් අගය කළ යුතුයි. නමුත් එය කළේ ඩොලර් වෙනුවෙන් නම්?!!!//

        එන්ජිඕ එකක සිටි පමණින් කාන්තාවකට තමන්ගේ අදහසක් ප්‍රකාශ කරන්න මුදල් ලැබුනාය කියන්න බෑ . ඔය ඩොලර් වලට කතාකිරීම ගැන චෝදනා බොහොම ජනප්‍රියයි නමුත් ඔප්පු කරන්න බෑ .

        1. මමත් එන්ජීඕ වල වැඩකර අත්දැකීම් තිබෙන කෙනෙක්. එන්ජීඕ වල රැකියාව කළද රටට හිතකර දේට පමණක් එකගව කටයුතු කරන අය සිටිනවා. ඒ වගේම එම එන්ජීඕ වල මව් ආයතන වල ඔනෑ එපාකම් වලට අනුව මතවාදයේ සිටින අයත් ඉන්නවා. එහිදී එම ආයතන තුල රට ගැන හිතන අප වැනි අය දුෂ්ඨයන් ප්‍රතිගාමීන් හැටියට සැලකෙනවා. ඔවුන්ගේ ආයතනයේ ව්‍යාපෘති එකග මතවාදයේ සිටින අය රැඩිකල් වීරයන් ලෙස සැලකෙනවා.

          බටහිර ආධාර ලබන එන්ජීඕ වල වැඩකර ඇති අය මේ ගැන හොදට දන්නවා.

          1. වෙන්න පුලුවන් , නමුත් ලියුම්කරුට ඔප්පු කරන්න බැ . ඒකත් අර විමල් උන්නැහේලා “බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ” කියල හැම මංගල්ලෙටම චෝදනා කරන එක වගේම තමා

          2. විමල්ලා වගේ හැම එකකටම බටහිරට බුරන කෙනෙකු නෙමෙයි. නමුත් මේක බටහිර කුමන්ත්‍රණයක් බව මට හොදටම විශ්වාසයි. මන්ද මේ ගැන දැනට මාස කිහිපයකට පමණ පෙර කොලඹ නාගරික මන්ත්‍රී වරයෙක් ප්‍රකාශයක් කළා. ඉන්පසුව රජයේ ප්‍රභල දේශපාලකයෙක්ද ප්‍රකාශ කළා. දැන් එන්ජීඕ ක්‍රියාකාරිණියක ප්‍රකාශ කරනවා.

            ඒ වගේම ගබ්සාව නීතිගත කිරීම, සමලිංගික විවාහය සහ ගණිකා වෘත්තිය නීතිගත කිරීම වැනිදේ මේ දිනවල ලොව බොහෝ රටවල බටහිර ආධාර ලබන එන්ජීඕ මගින් කරගෙන යන්නාවු ව්‍යාපෘතීන්.

      2. කාටත් ජීවත් වෙන්න ඩොලර් හරි රුපීස් හරි ඩිරාම් හරි ශේකල්ස් හරි ඕන නේ….

      3. අන්වර් මහත්තයෝ බුදුදහමේ පංචසිලයේ කාමය වරදවා හැසිරිම ලෙස දක්වා ඇත්තේ කාමමිථ්‍යාචාරයේ යෙදීම පමණක් නෙවේ..ඇස කන නාසය දීව ශරිරය යන පංචේන්ද්‍රයන් වැඩි වශයෙන් පින විමද කාමය වරදවා හැසිරීමකි.

  9. ගණිකා වුර්තිය නීතිගත කලොත්,
    – ඔබගේ මව පිරිසුදු වුනාට පොදු ස්ථානයකදී ඇයව ගණිකාවක් විදියට අවදාරණය වීමේ ඉඩකඩ බොහෝය.
    – ඔබගේ බාර්යාව කාර්යාලයක සේවය කරන්නේ නම් හෝ යම් රාජකාරියකට කාර්යාලයකට යන්නේ නම් ඇයටද ගණිකාවකගේ කාර්යය සිදුකිරීමට හෝ එයට පෙළඹවීමේ සම්බාවිතාවය වැඩිය.
    – ඔබගේ දැරියක් එම නාමයෙන් පටබැඳිය හැකිය.
    – ඔබගේ සහෝදරියකට මෙම නාමයට අකමැත්තෙන් හෝ උරුම හැකිය.

    මොහොතක් සිතන්න. මොහොතක් මදිනම් හොඳට කාලය වැයකර සිතන්න.

    1. එවිට ඇයට මානව විද්‍යාඥ යනුවෙන් ටයිටලයක් භාවිතා කළ හැකිද?

      1. එය ඇයගේ උපාධිය මත බලපාන්නේය. සාමාන්‍යයෙන් විද්‍යා විෂයක master’s කළා නම් විද්‍යාඥ ලෙස යෙදීම වරදක් නෑ.

      2. බැරි නෑ . විද්‍යඥ කියන්නේ උපාධි නාමයක් නෙවෙයිනේ . විද්‍යාපති උපාධියක් තියනවා නම් භාවිතා කරන්න බැරි කමක් නෑ . විශේෂයෙන්ම අදාල විෂය සම්බන්ධයෙන් පර්යේෂණ පත්‍රිකා ආදිය පලකරල තියනවා නම්

  10. ප්‍රවෘත්ති මාධ්‍ය විශ්වාශ කල නොහැකි බව මේ වන විට සියල්ලන්ම පාහෙ, විශේෂයෙන්ම මුස්ලිම් පිරිස වටහා ගෙන තිබිය යුතුය. මේ ප්‍රවෘත්තියේ සිරස්තලය නිර්මාණය කල ඇත්තේ ආන්දෝලාත්මකතාවය උදෙසාය. නමුත් ප්‍රවෘත්තියේ ඇතුලත සඳහන් වන්නේ “වෘත්තිය නීති ගත කිරීමකට වඩා පවතින නීති සංශෝධනයක් විය යුතු බවත්, එමෙන්ම එය සංශෝධනය විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව පුළුල් කතිකාවක් ගොඩනැගිය යුතු බවත්” ය. අදාළ වාර්තාකරු සිය වාර්තාව සකස් කර ඇත්තේ සත්‍ය ප්‍රකාශ කිරීමේ අභිලාෂයෙන් නොවන බව ගම්‍ය වීමට මෙය ප්‍රමාණවත්ය. ඊට අමතරව අදාළ කාන්තාවගේ පින්තුරයත් සමග සරාගී අඩ නිරුවත් පින්තූර යොදාගෙන ඇත. මෙසේ පින්තූර සමග සෙල්ලම් කිරීම ප්‍රවෘත්ති මාධ්‍ය තුල නිතර දකින්නට ලැබෙන දෙයකි. පාඨකයාගේ සිතේ අදාළ කාන්තාව පිළිබඳව අවතක්සේරුවක් ගොඩ නැගීම මෙහි අභිලාෂයයි.

    තවද ගබ්සා කිරීම සම්බන්ධයෙන් සාකච්චා කිරීමට කැමැත්තෙමි. ලංකාවේ ගබ්සා සිදුවීමට ප්‍රධාන හේතුව වන්නේ විවාහයට පෙර ගැබ්ගැනීමය. රාජ්‍ය නොවන සංවිධාන ලංකාවේ තිබුනත් නැතත්, බොහෝ දෙනෙක් කරන්නේ හොර වෙදෙක් ලඟට යෑමය. එම වෙද්දුන් කරන්නේ බයිසිකල් ස්පෝක්, කරාබු නැටි හෝ වෙනත් ද්‍රව්‍යයක් යෝනි මාර්ගය හරහා බලෙන් ගර්භාෂයට ඇතුලත් කර කළලය තුවාල කර ලේ වහනය වීමට සැලැස්වීමයි. ඉන් පසුව වෙදා පවසන්නේ වැඩේ ඉවර වූ බවත්, දැන් රෝගියාව රෝහලට රැගෙන යන ලෙසයි. මෙම විෂම ගබ්සා ක්‍රමය නිසා මවට බරපතල ලෙස තුවාල වීම හෝ, ආසාදන වීම සිදුවේ. ඇතැම් විට මරණ සිදුවේ. ගර්භාෂයට අධික ලෙස හානි සිදුවුයේනම් ඇයට අනාගතයේදී නැවත ගැබ් ගැනීම ප්‍රශ්නයක් විය හැක. රාජ්‍ය නොවන සංවිධාන (සහ ඇතැම් ක්ලිනික්) ආරක්‍ෂිත ලෙස ගබ්සා කිරීම සිදුකරන්නේ මේ තත්වය යටතේය. ගබ්සා කිරීම නීතියෙන් තහනම් වුවත් නැතත්, විවාහයට පෙර ගැබ් ගැනීම් සිදුවූ විට, ගබ්සා කිරීමට මිනිසුන් පෙළබේ. ආරක්‍ෂිත ක්‍රමයක් නැතිනම් හොර වෙදුන් ලඟට ඔවුන් යති. මිනිසුන් කාමයේ වරදවා හැසිරීම ලංකාවේ අඩුවේයැයි සිතීම අපහසුය. මිනිසුන්ගේ අධ්‍යාත්මික තත්වය ඉහල දැමීමට ක්‍රියා කල හැකි නමුත් ඔවුන් රෑට රෑට (සහ දවල්ට) කුමක් කරන්නේදැයි පාලනය කල නොහැක. එසේනම් මෙයට පිළිතුර විය යුත්තේ කුමක්ද?

    ගණිකා වෘත්තීය සම්බන්ධයෙන්ද කියන්නට ඇත්තේ මෙවැනි කතාවකි. ගණිකා වෘත්තීය යහපත් දෙයක් යැයි හෝ එය නීතිගත කල යුතුයැයි මම නොකියමි. නමුත් ප්‍රායෝගික සත්‍යය වන්නේ ගණිකාවන් ඉතිහාසය මුළුල්ලේ සිටින බවයි. ඔවුන්ගෙන් බහුතරයක් මෙම වෘත්තියට එලෙබෙන්නේ කැමැත්තෙන් නොව බාහිර බලපෑමක් නිසයි. ගණිකාවක් ලෙස හසුවී සිරගත වුවහොත් ඇයට මෙම වෘත්තියෙන් ඉවත් වීමට පහසු වන්නේද? ගණිකාවන් සම්භන්ධයෙන් දැනට පවතින නීති මගින් මෙම වෘත්තීය අඩු වීමට හේතුවන්නේද? මෙම ප්‍රශ්න වලට පිළිතුර ‘නැත’ යන්න වන්නේනම්, දැනට පවතින නීති සංශෝධනය විය යුතු නොවන්නේද? නිරාගමික රාමුවකින් බලන විට ගණිකා වෘත්තීය නීතිගත කිරීම ඇතැම් ප්‍රශ්න වලට විසදුමක් විය හැක. නමුත් ඔබ එයට එකග නොවන්නේනම් ඔබ ඉදිරිපත් කරන විසදුම කුමක්ද? අන්ත අසරණ ගැහැනුන් ගණිකා වෘත්තියට යෑම වැලැක්වීම සඳහා ඉස්ලාමීය පිළිතුර කුමක්ද? අන්ත දිළිඳු කම නිසා හෝ, බලෙන් මෙම වෘත්තියට යොමුවූ ගැහැනුන් බේරා ගැනීම උදෙසා ඉස්ලාමීය පිළිතුර කුමක්ද? මෙම ඉස්ලාමීය පිළිතුරු ලංකාවේ මුස්ලිම් සමාජය තුල ක්‍රියාත්මක වන්නේද? ඇතැම් රටවල රාජ්‍ය නොවන සංවිධාන මගින් අරමුදලක් පිහිටුවා ගණිකාවන්ට ස්වයං රැකියා අවස්ථා ලබා දෙති. මෙවැනි ක්‍රමයක් ලංකාවේ ක්‍රියාත්මක කල හැකිද?

    ගණිකා වෘත්තීය සම්බන්ධයෙන් පුළුල් කතිකාවක් ගොඩනැගිය යුතුය.

  11. ohoma gihilla gihhilla ammatah duwaruntah karanda kiyai indiawa wagw mokada dan jobs uth naha ne maru.kanthawan loka amaruwaka daana yanne eata wada purushyan amaruwe pawl jeewitha sune sun

  12. anedha kiyanna,re you a budhist
    would you like to employ your own close relatives.

  13. Sinhalese peoples writing petition to maliban biscuit to “get back halal certificate” .. but not a single action to stop this most dangerous act … i still didnt understand our sinhales brothers… OR they brainwashing by some western monkeys (Like isreal and Zionist)..

    almighty god will show the clear path to everyone..

    1. මැලිබන් බිස්කට් හලාල් වලින් ඉවත් වෙන්න කියා පෙත්සම් ගසන්නේ ඉතා සුළුතරයකි. එසේ පෙත්සමක් ගැසුවා කියා හලාල් සහතිකයෙන් ඉවත් වුවහොත් ‍ඔවුන්ට දැවැන්ත පාඩුවක් සිදුවන්නේය. ඒ නිසා මැලිබන් හලාල් තුලින් ඉවත්වේ යැයි මා නොසිතමි.

  14. ඔය කියන කෙනාට, ඔවුන්ගේ පවුලේ උදවියට ඔය ගණිකා වැඩේ කරන්න කියන්න. ඒ අදහසට support කරන අයගේ මව, දියණිය සහ බිරිඳවත් ඔය සඳහා පොලොම්බවන්න කියන්න. අනුන්ගේ අම්මල ගණිකාවෝ වෙන්නය් තමන්ගේ අම්මලා බුදු වෙන්නය් හිතන පහත් මිනිස්සු මේ ධර්මද්වීපයේ ඉන්න එකය් දුක.

  15. එන් ජී ඕ යනු බටහිර සන්ස්කෘතිය පැතිරවීමේ අරමුනින් ක්‍රියාත්මක වන ආයතනයි.ඒවා බටහිර රටවල රාජ්‍ය සන්විධානයි.බටහිර නොවන සියලු සන්ස්කෘති විනාශ කිරීම සදහා එම රටවල් නොමසුරුව මුදල් වැය කරනවා.ආගම් පැතිරවීම,පරිසරය,සාමය ,කාන්තා විමුක්තිය කියමින් විවිද නම් වලින් මෙරට පෙනී සිටියත් බටහිරදී එකම තැනකින් මේවා මෙහෙයවෙනවා.

    මෙය වක්‍ර අධිරාජ්‍යවාදයක් ලෙස කියවුනත් ඇත්තටම කෙලින්ම ම්ලේච්ඡ ලෙස කරන්නක්.බටහිර කියන්නේ සී සී කඩ වූ පවුල් නන්නත්තාරේ ඇවිදින තරුණයන් කාන්තාවන්ගෙන් බහුතරය ගණිකාවන් සමලින්ගික විවාහ වැනි මිහිපිට සදාචාරාත්මක නරකාදියක්.ආර්ථික සමෘද්ධිය නිසා මේ වාන් විට සැඟවී තිබූ එම යථාර්ථය දැන් පුපුරා යනවා.කිරිදරුවන් ගිනි අවි ගෙන නොයාම.ලාබාල දැරියන් පාසල් යනවිට උපත් පාලන පෙති ගෙන නොයාම නිසා අපේ රටවල පීඩනයක් තිබෙන බවත් එය නැති කිරීමට එන් ජී ඕ වලට මුදල් දෙමින් බටහිරයා නටන නාඩගම තේරුම් ගනිමු.මා අසා තිබෙනවා බ්‍රිතාන්‍යයේ එක් මුස්ලිම් පල්ලියක දිනකට සියයක් පමන මුස්ලිම් ආගමට එනවාලු.මුස්ලිම් විතරක් නොවෙයි වෙනත් ආසියානු ආගම්වලටත් බටහිරයා ඇදී එන්නේ පීඩනය නිසයි.මිනිස් හැඟීම් කුලප්පු කර ඒවා මුදල් කිරීමේ බටහිරයාගේ නීචකම ලෝක විනාශ ප්‍රෝඩාවෙන් පැහැදිලි වුනා

    .බටහිරයාගේ විනාශය නම් ඈතක නොවෙයි.එන් ජී ඕ චරපුරුෂයන් ගේ ආරක්ෂාවට මානව හිමිකම් සන්කල්පයක් ගෙනාවත් එන් ජී ඕ කාරයන්ට බටහිර නොවන සමාජ වලින් එල්ලවන විරෝධය හමුවේ කරකියාගන්න දෙයක් නැතිවේවි.

  16. mr; who 2. සහෝදරයා මෙම ගණිකා වෘත්තීය නීති ගත කිරීමෙන් ඇතිවී තිබෙන්නාවූ ප්‍රශ්ණයන් ගැන මද්‍යස්තව හිඳ සිතා බලන්න .ඔබ මදක් අපේ අසල් වැසි ඉන්දියාව දෙස බලන්න කෙතරම් දුරට ඔවුන්ගේ සදාචාරය පිරිහිලාද .ලෝකයේ අනෙකුත් රටවල් දෙසද බලන්න .අද මව,පියා , පුතා,දුව ,සහෝදර,සහෝදරී,ඥාතීන් , යන හැගීමන් මිනිසුන් තුල පහවී ගොස් මිනුසුන් ඕනෑම කෙනෙක් සමග කාම අවශ්‍යතාවයන් ඉටුකරගැනීමට පෙළබී සිටිති .වාසනාවට අපේ රටේ නියම බෞද්දයින් වැඩි පිරිසක් සිටීමත් ,නියම මුස්ලිම් හා හින්දු ජනතාවක් විසීම නිසාත් අප රට මෙම උවදුරෙන් බේරී තිබේ .හොද සදාචාරයක් මිනිසුන් තුල නොවෙයි නම් මනුශ්‍යයයින්ටත් තිරිසනුන්ටත් අතර ඔබ දකින වෙනස කුමක්ද ?

  17. ගණිකා වෘත්තීය නීති ගතකිරිම යන මාතෘකාව කරලියට පැමිණිමෙන් තහවුරැ වන්නේ අද සමාඡයේ ඡිවත්වන
    ලංකිකයන් තුල ආගමික බැදිම කොතෙක් දුරට පිරිහි තිබෙද යන්නයි. බුදු දහමට අනුව කාමයේ හැසිරිම
    වරදක්නමි .ඉස්ලාමි. කිතුණු. දහමි තුලින්ද කාමයේ හැසිරිම වරදක්නමි.තමන්ගේ දහම නිසියාකාරව පිළිපදින්නේනමි මෙවෙනි මාතෘකාවක් ගැන කථාකිරිමට අවෂ්‍ය නොවෙි. බොදු බල සේනා වෙනි සංවිධාන
    අන්‍ය ආගමිවලට මඩ ගැසිම අතහැර. බුදු දහම නිසියාකාරව දේශණාකරන්නේනමි රටතුල සාමකාමි ඡනකොටසක් අනාගතයේ දැකගත හැකි යෙි.(එසේ නොකරන්නේ බොදුබල සේනා වැනි සංවිධාන තුල සිටින්නේ සැබැ බෙ‍ද්ධයන් නොව දෙවිදත්ලාය.)

  18. @mohamed nauzer
    සහෝදරයා, පළමුවෙන්ම මම ගණිකා වෘත්තීය නීතිගත කරනවට විරුද්ධ බව කියන්න කැමතියි.

    ගණිකා වෘත්තීය ගැන කතා කරන විට අප පිළිගත යුතුයි නීතියෙන් තහනම් වුනත් නැතත් ගණිකාවන් සිටින බව. ගණිකාවන් එම වෘත්තියෙන් මුදවා ගත හැකිනම් එසේ කල යුතුයි. එසේ නොහැකිනම් අවම වශයෙන් ඔවුන්ගේ මානුෂික අයිතීන් ආරක්ෂා කල යුතුයි. ඇතමෙකුට අනුව මෙම වෘත්තීය නීතිගත කිරීමෙන් එය යම් දුරකට සිදුවන්නේය. සමාජයේ “සංවර” කොටස විසින් ගණිකාවන් අමතක කර දැමීමෙන් කිසිදු ප්‍රශ්නයක් විසදෙන්නේ නැත. ගණිකාවන් සම්බන්ධයෙන් පැහැදිලි විසදුමක් නැතිනම් NGO මගින් ප්‍රශ්නයට අත ගැසීම වැළක්විය නොහැක.

  19. එම මහත්මියට ඇයගේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇත.නමුත් ඇය ඇයගේ මව් ආයතනයේ බලපෑමක් මත එම අදහස දැක්වුවාය යන්නත් කිව හැකිය.මෙයයි ලංකාවේ මේ වන විටත් සිද්ද වෙන්නේ.එයට උදාහරණයක් තමයි බොදු බල සේනාව.ඔවුන්ටත් විදේශය සිට ඩොලර් ගලාගෙන එයි.එම ඩොලර් වලට සාධාරණයක් කිරීම පිණිස ඔවුන් එක්සේසත් වී ඇත.මෙය හුදු ප්‍රකාශයක් නොවේ.වගකීමකින් කියන්නේ.ප්‍රළුවන් නම් සොයා බලන්න.එම ප්‍රකාශය සිදුකළ තැනැත්තිය ලංකාවේ කෙනෙක්.නමුත් ඇයගේ එම ප්‍රකාශය විදේශික සුද්දන්ගේය.ඒ වගේමයි බොදු බල සේනාව සිවුරැ පොරවාගත් බෞද්ධයන් නමුත් ඔවුන්ගේ ප්‍රකාශ,ඔවුන්ගේ මතය සම්පූර්ණයෙන්ම සුද්දන්ගේ වීම මහත් භයානක කරැණකි.ඇය මදක් සිතිය යුතුයි!ගණිකා එනම් අයාලේ හැසිරීම ගණිකා වෟතියක් ලෙස නීතිගත කළ හොත් පළමුව ඇයට ආදර්ශයක් විය හැකිද යන්නයි.දෙවනුව ඇයට දාව උපන් ඇයගේ ගැහැණු දරැවන් මෙම වෟතිය සදහා යෙදවිය හැකිද යන්නයි.එසේම ඇය මේ වෟතියේ නියැලීමේ දී ඇයට ,වේසියක්,යන්න නම පට බැදීමට ඇය කැමතිද? මේ අදහසට කැමැත්ත ඵල කල අයගේත් දෙමව්පියන්,ඔවුන්ගේ බිරින්දෑ වරැන් මෙම වෟතියට නියැලීමට ඔවුන් එකගද?මේ සියලු ප්‍රශ්ණ තම තමන් තමන්ගේම පපුවට තට්ටු කර අසා විමසිය යුතුය.මොවුන් මෙවුන්ගේ ආයතනවලින් ජන ගහනය අඩු කිරීමට පෙලඹ වීම මෙම බොදු බල සේනාව දකින්නේ කුමන ඇසකින්ද?එසේ නොමැති නම් පෙනි පෙනීත් එය නොපෙනුනා සේ සිටින්නේද? සිංහල ජනතාවනි! මදක් සිතන්න,ඇයගේ ප්‍රකාශයත්,බොදු බල සේනාවේ ප්‍රකාශත් එකම සුද්දන්ගේ වීම නිසා තමයි ඔවුන්ගේ ප්‍රකාශ ආගමිකව ග‍ට්ඨනයක් තිබුනත් එය පසෙක තබා සුද්දන්ගේ ඔනෑ එපා කම් සිද්ද කරයි.එම නිසා සියලු දෙනා මධ්‍යස්තව සිටීමෙන් කොපමණ බලවේග පැමිණියත් එය ක්ෂණිකව විසදාගත හැක…..

    1. yoonus alavi:
      ඔබ ට සාධක සහිතව ඔප්පු කළහැකිද බොදු බල සේනාව ඩොලර් වලට ක්‍රියා කරන පිරිසක් බව?එසේ නොහැකිනම් එලෙස ප්‍රකාශ කිරීමෙන් වලකින්න.

      1. ඔව් ඔබට කෙසේ ඔප්පු කළ පෙන්විය යුතුද?නියම බෞදධයන් කිසිසේත්ම මෙවැනි ක්‍රියාවල නියෙලෙන්නේ නෑ.සිව්රක් පොරවාගත් පලියට ඔවුන් නියම බෞදධයන් නොවේ.ඔප්පු කළ හොත් ඔබ ගන්නා ක්‍රියා මාර්ගය පැහැදලි කරන්න එතකොට සාධක ඇතුව පැහැදිලි කරන්නම්…..

        1. යුනුස් අලවි:
          ඔබට සාධක සහිතව ලිපියකින් ඔප්පු කල හැක. මහිදී මා ගන්නා ක්‍රියාමාර්ගය කෙසේවෙතත් මෙවැනි කරුණක් පිලිබඳ දැනුවත් වී සිටීම මට මෙන්ම අනෙකුත් පාටකයන්ටද වැදගත් යැයි මට සිතේ.

  20. @ mr who,

    මම හිතපු දේ ඔබ කියලා තියෙනවා. ඇත්ත, තහනම් කරනවා නම් ඊට අදාල විකල්ප විසඳුම සමාජයේ ‘මූලයේ’ ඉඳන්ම පටන් ගත යුතුයි. නැත්නම් ඒ ගැන සකච්ඡා කිරීමෙන් වැලකී සිටිය යුතුයි. මා ‘කමෙන්ට්ස්’ නොකර සිටින්නේ මේ කාරනාව නිසයි. නමුත් පුද්ගලිකව කෙනෙකු මගෙන් මෙ ගැන ඇසුවොත් මා නම් කියන්නේ ‘මං මේකට කැමති නැහැ එච්චරයි. ඊට වැඩිය මුකුත් අහන්න එපා’ යන්න විතරයි.

  21. මූලික ආර්ථික ප්‍රශ්ණ :-

    1. කුමක් නිපදවිය යුතුද?
    2. කෙසේ නිපදවිය යුතුද?
    3. කොපමන නිපදවිය යුතුද?
    4. කා සඳහා නිපදවිය යුතුද?

    ‘ධනවාදී’ විසඳුම :-

    උපත් පාලන පෙත්තක්, එන්නතක් හෝ ශල්‍යකර්මයක් පමණි.

    1. BROTHER @ එහෙනම් සමාජවාදී විසදුම:~ රජය විසින් උපත් පාලන ක්‍රම හදුන්වා දීම, එවා ක්‍රියාත්මක කිරීම, සමාජ විශමතාවයකින් තොරව එවා බෙදාහැරීම හා ව්‍යාප්ත කිරීම.. සමාජ වාදයෙන් සිදුවන්නේ ධන වාදයෙන් සිදුවන දේම තමා බට් රාජ්‍ය අනුමැතියෙන්… එම නිසා ධනවාදය මේහි පටලවා ගැනීම අර්ථ ශුන්‍ය වේ

      1. වර්තමානයේ සමාජවාදයක් නැති නිසා මං ඒ ගැන කතා කලේ නැහැ.

        1. brother @ එත් ලංකාව සමාජවාදයට ටිකක් නැඹුරු මිශ්‍ර ආර්ථික රටක්

          1. ‘මිශ්‍ර’ කියන එක දැන් ‘සිලබස්’ වල තියෙන එකක් විතරයි. ලංකාව දැන් ‘ධනවාදය’ හොඳට ප්‍රැක්ටිස් කරන රටක්.

  22. Mata sinhala bawddayan gana ari dukai mokada muslim ayata 4 badinna pululuwan (wathkama sa sarrira sakthiyata anuwa)meka koethma sinhala ayata dirwanne nathi karnawak. namuth me sinhala nona gon pot danna nithiyen awsara illanawa.KASADA DEKAK KARAGANNAWATA WADIYA MEKA NAMBOOY KIYALA ME NONA HITHUWADA DANNE NA…

    Nathinam me nona monwari prsiddayak balagena mema kiwwawadda..ariyata tamil naduwe niliya kuspu kiwawage. namuth ekata tamil naduwe ganu eyata prthichra dakkuwa.

    1. MAS:
      ඇත්තටම ඔබගේ අදහස ගොඩක් වැදගත් සහෝදරයා..ඉස්ලාම් දහම පෙන්වා දෙන බහු භාර්ය විවාහය මෙවැනි අගොව්රවනීය ක්‍රියා වැළැක්වීමට ඉතා ප්‍රයෝගික හා සාර්ථක පිළියමකි.කෙසේ වෙතත් බහුතරයක් ආගම්බෙධවාදීන් ඉස්ලාම් ක්‍රමය හෙලා දැකීමට පුරුදු වී සිටින අතරතුර මෙවැනි පහත් ක්‍රියාවන්ට අනුබල දීමට හෝ නිහඬව සිටීමට (වැරැද්දකදී නිහඬව සිටීමද එක්තරා අන්දමක අනුබල දීමකි) පුරුදු වී සිටීම ජාතියේ අවාසනාවකි.

  23. සිංහල සමාජයේ පැරණි කතාවක් තිබෙනවා මෙහෙම එක් මිනිහෙක් අලියෙක් එලවගෙන ආ විට බේරෙන්නට ලිදකට වැටුන විට ඒ තුල නයෙක් ඉන්නවා දැක ලිද පතුලට නොවැටී අත්තක එල්ලුනි.ඒ අත්තේ කරවලා නම් සර්පයෙකි.ඒ අසල මී වදයක් තිබුනි.මරන තුනක් ඇති මිනිහෙක් පැනි කෑය කියල කතාවක් හා කවියක් හැදුනේ මේ නිසයි.අද සිංහල්ල සමාජයත් ඒ වගෙයි.බටහිර සංස්කෘතිය පැතිරීම නිසා හැඟීම් මුදල් කරන බටහිර ධනවාදී නරුම ආර්ථිකයක් ගොඩනැගීමෙන් සියලුම සදාචාරයන් හරපද්ධති සෝදා පාලුවකට ලක් වෙලා.දවසකට නීතිවිරෝධී ගබ්සාවන් සියගනනක්,බාලවයස්කරුවන් පවා ලිංගික හැසිරීම් වල යෙදෙනවා.ගණිකාවන් 40,000ක් පමන.ෆේස්බුක් මිනීමැරුම් වැහි වැහැලා.

    හැගීම් අවුස්සා මොලය වෙහෙසට පමුනුවා එම වෙහෙස මුදල් බවට පත් කිරීමයි බටහිර ක්‍රමය.මේ ක්‍රමයට දැනෙන විකල්පයක් ඉදිරිපත් කර ඇත්තේ ඉස්ලාමයේ පමනයි.නමුත් මුස්ලිම්වරුන් ගෙන්ත් සැලකියයුතු ප්‍රතිශතයක් මේ ක්‍රමයට අහුවෙලා.කෙනෙක් කීවා 50%ක් පමන කියා.කෙසේ වෙතත් මෙහි අවසාන ප්‍රතිපලය පුරාන රෝම සභ්‍යත්වය විනාශ වුනා වගේ බටහිර හා බටහිර චින්තනය වැලදගත් වෙනත් සංස්කෘති නැත්තටම නැති වීම

    හැඟීම් මුදල් කිරීමේ හොඳම උදාහරනාය් පසුගිගිය ලෝක විනාශ මිත්‍යාව.ගැහැනියකගේ අඩනිරුවතේ සිට හැම දෙයක්ම මුදල් කිරීම නිසා ඊට ගොදුරු වූ සමාජයට බ්ලූ ෆිල්ම්,ගණිකා නිවාස,ගබ්සා සාඅයන,ස්ත්‍රී දූෂන,කාමය පාදක කරගත් මිනීමැරුම් සුලබ වෙනවා.එම සමාඅජ්යේ පවුල බිඳ වැටීඅ නිසා ජනගහනයත් අඩුවෙනවා.විකෘති චර්යා,මත්ද්‍රව්‍ය වැහිවැහැලා,
    ඇදුම් විලාසිතාවේ සිට ජීවිතයේ හැමදෙයකදීම බටහිර රැල්ල ප්‍රතිෂේපකළ යුතුයි.කොල්ලෙක් වුනහම මෙහෙම කරන්න ඕන,මෙහෙම තමයි පොශ් වෙන්නෙ ආදී වශයෙන් එන කොටම මේ මට ඕව එපා අපේ ඔලු අවුල් කරල බටහිර කොම්පැනිකාරය පෝසත් කරන්න මට වුවමනා නෑ.මේ ක්‍රමය මට ප්‍රමානවත් කියා උත්තර දෙන්න පුලුවන් සමාජයක් ගොඩ නගන්න ඕන

    බටහිරයාගේ චින්තනය හලාහල විසක් ලෙස බැහැර කරන්නට තරම් ශක්තිමත් සිතක් හදාගන්න පුලුවන්නම් මේ එක ප්‍රශ්නයක්වත් නෑ

  24. මේක එකම පෙරහැරක්.හෙලුවැලි ඇඳුම් වල් චිත්‍රපටි ප්‍රචාරය කරන එකා එක කස කාරයෙක්,තව කසකාරයෙක් මත්ද්‍රව්‍ය ගේනවා.තව එකෙක් පවුල් සංස්ථාව වනසන ටෙලිනාට්‍ය කරනවා.මාධ්‍ය වල වෙනමම කසකාරයො,මීට සමාන්තරව එන් ජී ඕ.ඒ එක්කම ගබ්සා සායන,දික්කසාද නඩුවලට කතාකරන්න වෙනමම පවුල් කඩන එන් ජී ඕ.මේව කරන එවුන් කියන්නෙ බලන්න මේවගෙන් කී දෙනෙක් ජීවත් වෙනවද කියල
    මේක බටහිරයා හිතා මතා කරන එකක්.මට මතකයි ප්‍රංශයේ හිටපු ජනාධිපති ජැක් ශිරාක් ප්‍රසිද්ධියේ ක්කීවා මුස්ලිම් සමාජය වෙනන්ස් කරන්න නම් මුස්ලිම් ජනමාධ්‍යවේදිනියන් පුහුණු කරන්න ඕන.ඒ සඳහා ප්‍රංශය නොමසුරුව මුදල් ආධාර දෙන්න සූදානම් කියල.මේක ඇල්ජීරියාවෙන් පටන් ගත්තද කොහෙද.කොහොමටත් බටහිරයා හිතාපු දේ වුනෙ නෑ.මුස්ලිම් සමාජයෙන් ප්‍රතිරෝධයක් ආවා.බටහිරයාගේ යුධ මෙහෙයුම් අසාර්ථක වුනා.බටහිර ආර්ථිඅකය නොසිතූ ලෙස කඩා වැටුනා.දැන් බටහිරයා ගලේ පැහැරූ බලලා වගෙයි.

    බටහිරයා උගෙ රටේම සුලුතරයක් වෙන බවත් කියවෙනවා.දැන් බටහිරයා හදන්නේ ඌට විනාශකාරී වූ විශබීජ බෙදාහරින්නයි.මේ එන් ජී ඕ හරහා කරන්නේ ඒකයි

    අප ඉදිරියට එන එන් ජී ඕ මුහුණු වලින් බටහිරයා හදුනා ගනිමු.මටනම් මේ කාන්තාවගේ මුහුණ දුටු විට සිහියට ආවේ එදා නට්සි ජර්මනියේ වධකාගාර භාරව සිටි හෙයින්‍රික් හිම්ලර්,රුඩොල්ෆ් හෙස්,ජෝශප් මෙන්ගල් වැනි වධකයන්ගේ මුහුණුයි.ඔවුනුත් භාවිතා කළේ මේ කාන්තාවගේ වචනමයි යුරෝපා දේහය පවිත්‍ර කිරීම,යුරෝපය ගලවා ගැනීම වැනි රාජ්‍ය තාන්ත්‍රික වචන සෙල්ලම්.

    එන් ජී ඕ කාරයා දැක නෑර මෝඩයා කියා කියමනක් ලොව පුරාම ප්‍රචලිත වේවි.එන් ජී ඕ කාරයන් සමාජ දේහය වනසන්නට බටහිරයා විස්න් යෙදවූ චරපුරුෂයන් බව ජනතාව වටහා ගත් විට ගම් මට්ටමින්ම එන් ජී ඕ වල වැඩ කරන අයට විරෝධය එල්ලවේවි.පාරෙදි හම්බවුනහමත් පොඩි පහේ සංග්‍රහ කරාවි.ඉදලා හිටලා හොද හෝටල් වලටත් එක්කගෙන යාවි

Comments are closed.