කාන්තා වස්ත්‍රය (ඇඳුම) පිලිබඳ විමසුමක්.

කාන්තා වස්ත්‍රය
කාන්තා වස්ත්‍රය

වස්ත්‍රය හෙවත් ඇඳුම සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්විය හැකිය යන්න සත්‍යයකි. කිතුනු මව්තුමියකගේ හෝ භික්ෂුනියකගේ හෝ ඇඳුම එකහා සමාන නොවිය හැක. නමුත් මෙම ඇඳුම්  දෙකම සදාචාර සම්පන්න යැයි පැවසීම ඉතාමත් නිවැරදිය. අප මෙම ඇඳුම් සදාචාර සම්පන්න යැයි පවසන්නේ ඇයි? පිරිමියෙකුට මෙම දෙදෙනා දෙස බලන්නට සිදුවුවහොත් ඔහුගේ සිතේ ඇතිවන්නේ කුමන ආකාරයේ හැඟීම්ද?

 

සත්‍ය වශයෙන්ම ලිංගික හැඟීම් ඇතිවීමට ඉඩක් තිබේද? දෙදෙනාම ස්ත්‍රීන්. නමුත් මෙම ස්ත්‍රීන් දෙදෙනා දෙස බලා තම සිතේ ලිංගික උත්තේජනයක් ඇති නොවීමට ප්‍රධාන හේතුව කුමක්ද? තම හෘදසාක්ෂියට එකඟව පැවසිය හැකි එකම සත්‍යය වන්නේ ඔවුන්ගේ සිරුර වැසෙන පරිදි ගෞරවනීය ලෙස ඇඳ ඇති ඇඳුම බව නොවේද? එසේ නම් තමන්ගේ මව, බිරිඳ, දියණිය, සහෝදරිය හෝ ඕනෑම ස්ත්‍රියක් මහමග අන් පිරිමින්ගේ සිත් අනවශ්‍ය ලෙසට නොසන්සුන් නොකොට හා එම අයගේ සිත්තුල ලිංගික හැඟීම් ඇති නොකොට සිටීමට නම් ඔවුන්ගේ ඇඳුම් සංවර වියයුතු බව අප පිළිගත යුතු නොවන්නේද?

 

කිතුනු මව් තුමිය Mother ඇගේ මුහුණ, දෑතේ මැණික්කටුවෙන් (wrist) පහත අත්ල හා දෙපයේ වළලුකරින් (ankle) පහත පාද කොටස යන ශරීර පෙදෙස් හැර මුළු ශරීරයම වැසෙන පරිදි  ඇඳුම් ඇඳ ඇති ආකාරය දකින පිරිමියෙකුගේ මනසේ ඇය පිළිබඳව ඇති වන්නේ ගෞරවයක් යන්න අමුතුවෙන් කිවයුතු නොවන්නේය. ඇගේ පාදද පාවහන් වලින් හා බොහෝ විට මේස් වලින් ආවරණය වී ඇත. මෙහෙණීන් වහන්සේගේ ඇඳුමද මෙයටම සමාන සංවරතාවයකින් යුක්ත වන්නකි. එකම වෙනස වන්නේ භික්ෂුනියකට හිස වසා ගැනීමේ අවශ්‍යතාවයක් මතු නොවන්නේ එය සම්පුර්ණයෙන්ම මුඩුකර ඇති හෙයිනි. මෙසේ නොවී තිබුනේ නම් කිතුනු මව්තුමිය මෙන්ම මෙහෙණීන් වහන්සේ නමක් වුවද දකින පිරිමියෙකුට ගෞරවය වෙනුවට ඇතිවිය හැක්කේ කුමන ආකාරයේ චෛතසික හැඟීම් ද යන්න ගැන අමුතුවෙන් අටුවා ලිවීමේ අවශ්‍යතාවයක් නොමැත.

 

මව, දියණිය, සහෝදරිය, බිරිඳ යනාදී ගෞරවනීය මිනිස් බැඳියාවන්ට උරුමකම් පෑමට හැකියාව ඇත්තේ කාන්තාවකට පමණි. ඇයව වෙළඳ භාණ්ඩයක් බවට පත්කොට ලිංගික සන්තර්පනයේ මාර්ගයක් පමණක් බවට  පත් කළ විට සිදුවිය හැකි සමාජ ව්‍යවසනය පිළිබඳව අපගේ අවධානය යොමුකළ යුතු නොවන්නේද? අද සිදුවී හෝ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? ස්ත්‍රිය අඩුවෙන් ඇඳුම් අඳිනවිට ආගමික නායකයින් ඇතුළු සමාජයේ බහුතරය මුනිවත රකිති. මෙම භයානක නිහැඬියාව අපට හඬ නගා පවසන්නේ කුමක්ද? මුළු මහත් සමාජ ව්‍යුහයම සදාචාර සෝදාපාලුවකට ලක්වී ඇති බව නොවේද? රණස්ගල්ලේ හිමියන් රචිත ‘ලෝකෝපකාරයෙහි’ එන “ඔවාදෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට”යන වදන අනුව වර්තමාන සමාජ නායකත්වය අන් අයට යහ ඔවදන් නොදී, ඔවුන්ව සදාචාරයේ මගට නොකැඳවා  ඉන්නේ තමා සම්මතයේ නොමැති නිසාද කියා අසන්නට අපට සිදුවෙනවා නොවේද?

 

වඩාත් අදහාගත නොහැකි කරුණ බවට පත්වී ඇත්තේ ස්ත්‍රියක් තමන්ගේ සංස්කෘතිය අනුව සදාචාර සම්පන්න ලෙස ඇඳුම් ඇඳගෙන සමාජගත වනවිට මතුකරන්නාවූ අවලාදයන් ගැනය. මෙවන් සදාචාර විරෝදී හඬ දහමක නමින් එනවිට මුළු සමාජයම පත්වන්නේ කුමන තත්වයකටද? අසංවරකම ප්‍රගුණ කරන්නට දරන්නාවූ වැයමක් ලෙස මෙය හඳුන්වාදිය නොහැකිද? දරුවන් ඇති යහ දෙමව්පියන් මේ පිළිබඳව දක්වන ප්‍රතිචාරය කුමක්ද? කාගෙවත් සැඟවුණු න්‍යාය පත්තරේකට අනුව හෝ තවත් ශ්‍රී ලාංකික ජනවාර්ගික කොටසක් කෙරෙහි ඇති තමන්ගේ පදනම් විරිහිත වෛරය නිසා හෝ, යහ චින්තනයකින් තොරව සමාජ සදාචාරය පිරිහෙන පැත්තකට දිරිදෙන අයුරින් කටයුතු නොකළ යුතුයි කියා ඉතා නිහතමානීව අපි ඉල්ලා සිටින්නෙමු. නුතන වාණිජ සමාජය විසින් ස්ත්‍රීයව වෙළෙඳ භාන්ඩයක් බවට පත්කර තිබීම ගැන කිසිම හඬක් ඇසෙන්නේ නැත. ශරීරයෙන් 5% ක් පමණ වසාගත්තු තරුණියන්ගේ රාගය දනවන රූප රාමු වෙළෙඳ දැන්වීම්වලට යෙදීම ගැන දහම් ගැන කථා කරන්නන් මුනිවත රකිමින් රහසිගත වින්ඳනයක යෙදී සිටින්නේද කියා අසන්නට තරම් කාරණයක් බවට පත්වී ඇත.

 

කසාය බිව්ව ගොළුවා වගේ මෙම උදවිය කටයුතු කරන්නේ ඇයි?  මෙවන් රූප රාමු වලට තම මව, බිරිඳ, සහෝදරිය හෝ දියණිය ඉදිරිපත් කරන්නට අපි අකැමැති වන්නෙමු. අවාසනාවට, පිටස්තර ස්ත්‍රීන්ගේ කාමුක දර්ශන දෙස බලා මානසික වශයෙන් රෝගී වින්දනයක් ලබාගන්නට සමහරුන් හුරුවී ඇති අතර මෙම රෝගයේම කොටසක් ලෙසින් තම ශරීරය සදාචාර සම්පන්නලෙස වසාගන්නාවූ ස්ත්‍රීන්ට අවලාද නගන්නටද හුරුවී සිටිත්. සාරධර්ම හා සදාචාරයෙන් යුත් සමාජයක් ගොඩනැගීම සඳහාවූ ඉස්ලාමීය ඉගැන්වීම් ගැන විරුද්ධත්වය පාමින් ස්ත්‍රී අයිතිවාසිකම් ගැන කතාකරන්නන්ගේ සැඟවුණු අරමුණු කුමක්ද කියා දැන් පැහැදිළි වී ඇතැයි සිතන්නෙමු.

 

සත්ව ලෝකයෙන්ම ඇඳුම් අඳින්නේ මිනිසා පමණි. මිනිසා සහ සත්ව ලෝකයේ අනිකුත් සතුන් අතර ඇති වෙනස්කම් අතුරින් ප්‍රධාන එක් වෙනස්කමක් ලෙස මෙය සැලකිය හැකිය. අප පමණක් මෙසේ කරන්නේ මන්ද? කියන ප්‍රශ්නයට ලැබිය හැකි නිවැරදිම පිළිතුර වන්නේ මිනිසාට පමණක් උරුමවූ ලැජ්ජා බය මත පදනම්වූ සදාචාරය යැයි පැවසීම ඉතාමත් නිවැරදිය. එමනිසා ඇඳුම සදාචාරය හා බැඳුනු ක්‍රියාවක් ලෙස අපට ඔප්පුවන ක්‍රියාවකි. සදාචාරය හා බැඳීමක් නොමැති කෙනාට ඇඳුම් පිලිබඳ ගැටළුවක් බොහෝවිට නොමැති අතර ඇඳුමේ ප්‍රමාණය අඩුවෙන තරමට හෝ ඇඳුම් නොමැතිවීම හෝ හොඳ යැයි සිතීමට ඉඩ ඇත. අප යහ මිනිසුන් යැයි හඳුන්වන්නේ සදාචාර සම්පන්න අයට යැයි පැවසීම ලොව ඕනෑම සමාජයක් පිළිගන්නා යථාර්තයකි. සදාචාරය සෑම දහමකම මුලික පදනම ලෙස සැලකිය හැක.

 

පිරිමියෙකුට තම පෙකනියේ සිට දණහිස වැසෙන පරිදි ඇඳුමක් ඇඳීම සදාචාර විරෝධී ක්‍රියාවක් ලෙස කිසිවෙක් දකීවී කියා අපි නොසිතන්නෙමු. නමුත් එම ඇඳුම ස්ත්‍රියකට කෙසේනම් සුදුසු විය හැකිද? පෙකනියේ සිට දණහිස දක්වා ඇඳුමක් ඇඳගත් පිරිමියෙකු තම ගෙවත්තේ වැඩ කරන විට එය අසලින් යන පිටස්තර ස්ත්‍රීන්ට ඔහු ලිංගික ආකර්ෂණයක් නොවන බව අපි ඉතාම හොඳින් දනිමු. නමුත් එම ඇඳුමම ඇඳ ගෙන ස්ත්‍රියක් එම කාර්යයේම නියලුනහොත් සිදුවිය හැකි  කලබගෑනිය පිළිබඳව අමුතුවෙන් කිවයුතු වන්නේද? මෙයින් පෙනෙන්නේ ස්ත්‍රී පිරිමි දෙකොටසේම  ඇඳුම් සමවිය නොහැකි බව නොවේද?

 

නුතන මනෝවිද්‍යාව අපට උගන්වන්නේ පුරුෂයින්ට හා ස්ත්‍රීන්ට ලිංගික උත්තේජනය සිදුවන ආකාරයේ වෙනසක් ඇති බවය. අඩු ඇඳුමින් සැරසුණු පිරිමියෙකු  දැකීමෙන් ස්ත්‍රියකගේ මනසේ ලිංගික පිබිදීමක් ඇතිවන්නේ ඉතාමත්ම අල්ප වශයෙන් බවත් ස්පර්ශය තුලින් ඇගේ හැඟීම් අවදිවීම ඉතා අධිකව සිදුවන්නක් බවත් මනෝවිද්‍යා සොයාගැනීමෙන් තොරවවුවත් අප අත්දකිනා සත්‍ය කරුණකි. අනිත් අතින් අඩු ඇඳුමින් සැරසුණු ස්ත්‍රියකගේ ශරීරය දැකීමෙන් පිරිමියෙකුගේ සිතතුළ ඇතිවන රාගික හැඟීම් ඉතාමත්ම අධික බවත් අප දන්නා සත්‍යයකි. නැවත වරක් අප පැවසිය යුතුව ඇත්තේ තමන්ගේ මව, බිරිඳ, දියණිය හෝ සොයුරිය මහමග බහුතරයකගේ රාගික හැඟීම් ඇවිස්සීමේ ආධාරකයක් බවට පත්වීම සදාචාර සම්පන්න කිසිම පිරිමියෙක් අනුමත කරන ක්‍රියාවක් නොවන බවය. නමුත් පිටස්තර ස්ත්‍රීන් එසේ තමන්ගේ රාගය ඇතිකරවන භාන්ඩයක් බවට පත්වීම අපේක්ෂාකරන පිරිමින්ද අප සමාජයේ දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් බව පැවසිය යුතුව ඇත. මෙවන් රෑ දනියෙල් දවල් මිගෙල් චරිත නිසා ඇතිවී ඇති හානිය ඉමහත්ය. මනසේ මවාගත්තු හරයක් නැති මතවාදයන් ඉදිරිපත්කරමින් සමාජය නොමඟ යවන්නට යමෙක් කටයුතු කරයි නම් එය ඉතාමත්ම පහත් ක්‍රියාවකි.

 

මුස්ලිම් කාන්තාව තම ශරීරය හොඳින් වැසෙන පරිදි ඇඳුම් අඳින්නේ පිරිමින්ගේ බලපෑම් නිසා බවටද මතයක් ඇත. මෙය පැහැදිළි කිරීමක් අවශ්‍ය නොවන ඉතාමත්ම  අර්ථ විරහිත අදහසකි. සදාචාර සම්පන්න ස්ත්‍රිය නිරන්තයෙන් උත්සාහ කරන්නේ ලැජ්ජ  බය ඇතිව යහ අයුරින් ඇඳුම් අඳින්නටය. තම ශරීරය හොඳින් වැසෙන්නට ඇඳුම් අඳින ස්ත්‍රියගේ මනස තුලත් ඇතිවන්නේ ලැජ්ජ බය මුසුවූ  තමාගේ චරිතයේ පිරිසිදු භාවය පිලිබඳ හැඟීම්ය. තම ශරීරය හැකි තරම් විවෘතව තබා ගන්නට වෙර දරන අයගේ මනසේ ඇත්තේ මෙයට හාත්පසින්ම වෙනස්වූ තත්වයකි. තම ශරීරය විවෘතව තබා ගැනීමෙන් පිටස්තර දන්නා හා නොදන්නා පිරිමින්ගේ අනවශ්‍ය අවධානයට තමා ලක්වන අතර ඔවුන්ගේ ලිංගික අභිලාෂයන්ගේ ඉලක්කයක් බවටද පත්වීම වලක්වාගත නොහැකි කරුණක් වනු ඇත.

 

මහමග පිරිමින්ගේ ආශාව පිරුණු තමා වෙත යොමුවන දෙනෙතින් යහ ස්ත්‍රීන් පත්වන්නේ ඉතාමත් අසීරු තත්ත්වයකටය. මෙවන් අනවශ්‍ය අවදානයකට වැඩිපුරම ලක්වන්නේ ශරීරය හොඳින් වසාගත්තු ස්ත්‍රීන්ද නැතිනම් අඩනිරුවතින් ශරීරයටම ඇලෙන පරිදි ඇඳුම් ඇඳගෙන මහ මග සැරිසරන ස්ත්‍රීන්ද? වැඩි අවදානය යොමුවන්නේ අඩනිරුවත් ස්ත්‍රීන් කෙරෙහි බව කිසිම සැකයක් නොමැත. මෙවැනි තත්වයන් නිසා ස්වභාවයෙන්ම ශාරීරිකව දුර්වල ස්ත්‍රිය බොහෝවිට ලිංගික බලහත්කාරකම් හා අතවර වලට ලක්විය හැකි ඉඩකඩ ඉතාමත්ම බහුලය. අශ්වයා පැනගියාට පසු ඉස්තාලය වසා තැබීමෙන් ඇති ඵළය කුමක්ද? හානියක් වන්නට පෙර නිසි පියවර ගැනීම වැදගත්බව මෙයින් පැහැදිළි නොවන්නේද?

 

පහතින් දක්වා ඇත්තේ ඇමෙරිකාවේ අති ප්‍රසිද්ධ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාඥවරියක් විසින් අඩු ඇඳුමින් සැරසුණු ස්ත්‍රීන් සම්බන්ධව පිරිමින් ක්‍රියා කරන ආකාරය ගැන පවත්වන ලද පර්යේෂණයක් මගින් සොයා ගත් කරුණු පිලිබඳ විස්තරයකි. එහි ආසන්න අර්ථය එයට පහතින් සිංහලින් ලබා දී ඇත්තෙමු. අපගේ අමතර විස්තර කිරීමකින් තොරව අඩු ඇඳුමින් සැරසුණු ස්ත්‍රියකගේ තත්වය කුමක්ද? කියා මෙමගින් ඔබට අවබෝධ කරගන්නට හැකි වේවි යැයි සිතන්නෙමු. 

 

පුරුෂයින්ගේ හැසිරීම පිළිබඳව කරන ලද පර්යේෂණයක් අනුව පිහිනුම් ඇඳුමින් සැරසුණු කාමුක කාන්තාවන්ව භාණ්ඩයක්‌ ලෙස දකින්නට ප්‍රබෝධයක් පිරිමින්ගේ සිත තුල ඇතිකරවයි.

 

නැෂනල් ජියොග්රැෆික් නිව්ස්

 

ඇමරිකාවේ, චිකාගෝ නගරයේ සිට ක්‍රිස්ටීන් ඩෙල් ඇමෝ වාර්තා කරයි

 

පුරුෂයින්ගේ හැසිරීම පිළිබඳව කරන ලද අළුත්ම පර්යේෂණයක් අනුව පිහිනුම් ඇඳුමින් සැරසුණු කාමුක කාන්තාවන්ව භාණ්ඩයක්‌ ලෙස දකින්නට ප්‍රබෝධයක් පිරිමින්ගේ සිත තුල ඇතිකරවන බව ඔප්පු වී ඇත. අඩු ඇඳුමින් සැරසුණු ස්ත්‍රීන්ගේ පිංතුර පිරිමින්ට පෙන්වූ විට උපකරණයක් හෝ මෙවලමක් දුටු විට ඔවුන්ගේ මොළයේ උද්ධීපනය වන කොටස අවදිවූ බව ස්කෑනයක (පරිලෝකනයක) මාර්ගයෙන් සනාථ කර ගෙන ඇත. ඇමෙරිකාවේ ඉතා ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක්වූ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥ වරියක්වූ සුසාන් ෆිස්ක් විසින් කරන ලද මෙම පර්යේෂණය අනුව අඩු ඇඳුමින් සැරසුණු කාන්තාවන්ගේ පින්තුර දුටු විට පිරිමින්ගේ සිත තුල ප්‍රථම පුරුෂ ක්‍රියා පදයන්වූ “මම තදකරමි, මම බදාගනිමි, මම හසුරුවන්නෙමි” යනාදී අදහස් ඇති වන බවද මෙම මනෝ විද්‍යාඥ වරිය පවසා ඇත.  

 

ෆිස්ක් මහත්මියගේ ප්‍රකාශනයක් අනුව ඉතාම කම්පනීය සොයා ගැනීම වුයේ මෙම පරීක්ෂණයට සම්බන්ඳවූ සමහර පිරිමින්ගේ මොළයේ මෙම පර්යේෂණ අවස්ථාවේදී තවත් අයෙකු මුණ ගැසුන විට අනිකාගේ අදහස් පිළිබඳව සිතන ස්ථානයේ කිසිදු ක්‍රියාකාරකමක් දක්නට නොලැබුණු බවයි. මෙයින් අදහස් වන්නේ මෙම පිරිමින් ස්ත්‍රීන් සම්බන්දව දකින්නේ  ලිංගිකත්වයට ආරාධනාකරන අය ලෙස බවත් එම ස්ත්‍රීන්ගේ සිතුවිලි පිළිබඳව තැකීමක් මෙම පිරිමින් අතර නොතිබුණු බවයි. මෙය කොහෙත්ම සාමාන්‍යයෙන් සිදුවන තත්වයක් නොවෙයි යන්නත් ඇයගේ අදහසයි.  

 

විෂම ලිංගික(ස්ත්‍රී/පුරුෂ) චර්යාවන් ඇති පිරිමි 21 දෙනෙකු තෝරා ඔවුන්ගේ ලිංගික ආකල්පයන් ගැන පළමුව පරීක්ෂණයක් පවත්වන ලදී. මෙම පරීක්ෂණයට පැමිණි පිරිමින්ට අඩුවෙන් ඇඳගත් කාන්තාවන්ගේ හා හොඳින් ඇඟ වැසෙන පරිදි ඇඳ ගත් පිරිමින්ගේ හා කාන්තාවන්ගේ පින්තුර පෙන්වන ලදී. පිරිමින්ගෙන් බහුතරය හිස පෙදෙස නොමැති බිකිනි ඇඳ ගත් කාන්තාවන්ගේ රුප තත්පරයෙන් 1/5 ක් වූ කාලයකට පෙන්වුවත් ඒවා ඉතා හොඳින් මතකයේ රඳවා ගෙන තිබුණු බව දක්නට ලැබිණ. මේ බව ෆිස්ක් මහත්මිය විසින් ඇමරිකානු විද්‍යාඥන්ගේ සංගමයකට වාර්තා කර තිබිණ.

 

දරුණු ලිංගිකත්වයක් ඇති පිරිමින් ලෙස වැඩිම ලකුණු ලබා ගත්තේ පිරිමින්ගේ ක්‍ෂේත්‍රය ආක්‍රමණය කරණ හා පාලනය කරණ උදවිය ලෙස ස්ත්‍රීන්ව දුටු අයයි. එයට අමතරව මිනිසත් බවක් ඇති, සිතීමට හැකි, චේතනාවන් ඇති අයෙක් දුටු විට මොළයේ ඇතිවන ආකාරයේ කිසිම ක්‍රියාකාරිත්වයක් මෙම බිකිනි ඇඳ ගත් ස්ත්‍රීන්ව දුටු විට ඔවුන්ගේ මොළයේ දක්නට නොතිබිණ. විද්‍යාඥයින් විසින් මෙවැනි මොළයේ කිසිම ක්‍රියාකාරිත්වයක් මෙයට පෙර නොදැක තිබුනේ නිවාස නොමැති හා මත්ද්‍රව්‍යන්ට අබ්බැහිවුවන්ගේ පින්තුර පෙන්වූ විට පමණි.

 

නැෂනල් ජියෝග්‍රෆි ප්‍රවෘති යට ෆිස්ක් මහත්මිය විසින් පවසා සිටි පරිදි මෙවන් අධ්‍යයනයක් ස්ත්‍රීන්ව සම්බන්ධ කරගෙන අඩු ඇඳුමින් සැරසුන පිරිමින්ගේ ශරීර පෙන්වුයේ නම් මෙවන් ආකාරයෙන් එම පිරිමින්ව අමනුෂ්‍ය (භාණ්ඩයක) තත්වයට ඔවුන් විසින් පත්නොකරනු ඇත යන්නය.  

 

පරිනාමීය මනෝ විද්‍යාඥන්ගේ මතය වුයේ ස්ත්‍රීන් වස්තුව හා බලය ඇති සහකරුවන් කෙරෙහි කැමැත්තක් දක්වන බවයි. එහෙයින් ෆිස්ක් මහත්මියගේ සහයිකයින් විසින් අධික මිලැති වාහන හා අනෙකුත් ධනවත් සංකේත  අසල සිටිනා පිරිමින්ගේ පින්තුර පෙන්වා මෙවැනි පරීක්ෂණයක් කරන්නට යෝජනා කරන ලදී. 

 

නමුත් ෆිස්ක් මහත්මියගේ අදහස වන්නේ එය එලෙසින්ම සිදුනොවනු ඇත යන්නය. මෙයට හේතුව ස්ත්‍රීන් තමන් කැමති පිරිමින් පිළිබඳව ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ ඔවුන්ගේ මනස පිලිබඳ අවබෝධයක් ඇතිකර ගැනීමෙන්, ඔවුන් කැමති දේවල් පිළිබඳව කල්පනාකාරී වීමෙන් හා ඉන් පසු ඔවුන්ව සතුටු කිරීමට උත්සාහ කිරීමෙන් වන නිසාය.

 

ඉස්ලාමයේ මතය

 

“නබි වරයාණෙනි, නුඹගේ භාර්යාවන්ටද, නුඹගේ දියණියන්ටද, විශ්වාසවන්තයින්ගේ ස්ත්‍රීන්ටද, ඔවුන් තමන්ගේ ජිල්බාබය (නිවසින් බැහැර ශරීරය වැසෙන පරිදි අඳින කබාය) ඔවුන් වැසෙන පරිදි  අඳින ලෙස පවසවූ. මෙය ඔවුන් (ගෞරවනීය අය යැයි) හඳුනා ගැනීමට ද හිංසනයෙන් සුරක්ෂිත වීමට ද ඉතාමත් යෝග්‍ය වන්නේය.  අල්ලාහ් අති ක්‍ෂමාශීලීය, අති කරුනාභාරිතය.” (අල් කුර්ආනය 33: 59)

 

“තවද, (නබිවරයාණෙනි) විශ්වාස කරණ ස්ත්‍රීන්ට, තමන්ගේ බැල්ම පහත හෙලන්නටද, තමන්ගේ ලිංගේන්ද්‍රියන් ආරක්ෂා කරගන්නටද, තමන්ගේ දේහ අලංකාරය (සාමාන්‍යයෙන් පිටත පෙනෙන දේ හැර) නොපෙන්වන ලෙසටද තමන්ගේ ලැම පෙදෙස සළුවකින් ආවරණය කර ගන්නටද පවසවූ.” (24: 31)

 

“තවද, නුඹගේ නිවෙස්හි රැඳී සිටින්න. (අල් කුර්ආනය පහළකිරීමට) පෙරවූ අඥාන යුගයේ මෙන් දේහ අලංකාරය ප්‍රදර්ශනය කරමින් නොඇවිදින්න.” (33: 33)

 

“ආදම්ගේ දරුවනි, සැබැවින්ම නුඹගේ රහස්‍ය අවයව වසා ගැනීමටද අලංකාරයක් ලෙසද සළු පිලි ප්‍රදානය කළෙමු. නමුත් (දෙවිඳුන් කෙරෙහි) බිය භක්තිමත් බව නම්වූ සළු පිලි (එයට වඩා) උතුම්ය” (7: 26)

 

“එක් එක් දහමකටම අයත් සදාචාරාත්මක පිළිවෙත් ඇත. ඉස්ලාමයේ සදාචාරය ලැජ්ජා බය  (අල් හයා) මත සකස්වී ඇත.” (නබි වදනක්-ග්‍රන්ථය: අල් හාකිම්)     

  

“ලැජ්ජා බය (අල් හයා) ඊමානයේ කොටසකි. ඊමානය ස්වර්ගයට මග පෙන්වයි” (නබි වදනක්)

 

බුදු දහමේ මතය

 

“ආරාමසීලා උය්යානං නදී ඤාති පරකුලං

දුස්සමන්ඩන මනුයුත්තා යාචිත්ථි මජ්ජපායිනි.

යාව නිල්ලොකන සිලා යාව පද්වාරඨායිනි,

නවහි එතෙහි ඨානෙනිපදොස මාහරන්ති ඉත්ථියො”

(කුණාල ජාතකය)

 

ස්ත්‍රීන් විසින් සැමියාට වරද කරන කරුණු නවය.

 

1.     සැමියාගේ අවසරයක් නැතිව ආරාමයන්ට යන්නාවූ ද

 

2.    සැමියාගේ අවසරයක් නැතිව උයන්වලට යන්නාවූ ද

 

3.    සැමියාගේ අවසරයක් නැතිව ගංගා සමීපයට යන්නා වූ ද

 

4.    සැමියාගේ අවසරයක් නැතිව නෑ ගෙවලට යන්නා වූ ද

 

5.    සැමියාගේ අවසරයක් නැතිව අනුන්ගේ ගෙවලට යන්නා වූ ද

 

6.    වස්ත්‍ර අලංකාර කිරීමෙහි යෙදෙන්නා වූ ද

 

7.    මත්පැන් පානය කරන්නා වූ ද

 

8.    නිතර කවුළු ආදියෙන් පිටත බලන්නා වූ ද

 

9.    තමා ගේ අවයව දක්වමින් දොරකඩ වෙසෙන්නා වූ ද

 

ස්ත්‍රීහු මේ කරුණු නවයෙන් සැමියාට වරද කෙරෙති.

 

(මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි විසින් ලියන ලද “බුද්ධ නීති සංග්‍රහය” ග්‍රන්ථයේ 154 වැනි පිටුවෙන් උපුටා ගන්නා ලදී). 

 

කිතුනු දහමේ මතය

 

“කාන්තාවක පුරුෂයෙකුගේ ඇඳුම් ඇඟ ලා නොගත යුතු ය. පුරුෂයෙකු ස්ත්‍රියකගේ ඇඳුම ඇඟ ලා නොගත යුතුය. එලෙස කරන සියල්ලෝ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුලකි” (ද්විතීය නීති සංග්‍රහය 22: 5)

 

“එසේම, ස්ත්‍රී පක්ෂය කොන්ඩ මෝස්‌තර ද, රන් මුතු අබරණ ද, අනර්ඝ වස්ත්‍ර ද, යන මේවායින් වැළකී ඔබින, විනීත ඇඳුම් ඇඳ ගත යුතුය.” (1 තිමෝති 2: 9)

 

“ඔබගේ අලංකාරය, කොණ්ඩා මොස්තර ද, රන් රිදී ආභරණ ද ඇඳුම් පැළඳුම් ද, යන බාහිර දේ පිට රඳා නොතිබිය යුතුය. එය පෙන්විය යුත්තේ අභ්‍යන්තරයෙහි, හදවතින් නඟින කාරුණික තැන්පත් ගති පැවතුම් මඟිනි.” (1 පේදුරු 3: 3-4)

 

“හිස නොවසා යාච්ඤා කරන හෝ දිවැස් වැකි පවසන ස්ත්‍රිය තමාගේ ප්‍රධානියාට අගෞරව කරයි. එසේ කිරීම ඈ හිස මුඩු කරගැනීම වැනිය. ස්ත්‍රියක් හිස වසා නොගනී නම් ඈ හිසකේ කපා ගනී වා. හිස මුඩු කිරීම හෝ හිස කේ කැපීම ස්ත්‍රියකට ලැජ්ජාවක් නම් ඈ හිස වැස්මක් ඇති ව සිටීවා.” (1 කොරින්ති 11: 5-6)

 

“කාමමිත්‍යාචාරය නොකරන්නැයි කී බව ඔබ අසා ඇත. එහෙත්, මම ඔබට කියමි, යමෙකු ස්ත්‍රියක දෙස කාමරාගයෙන් බැලු කෙනෙහි ම ඔහු ඈ සමග සිතින් කාම මිත්‍යාචාරය කර ඇත. වරදට වැටීමට හේතුව ඔබේ දකුණැස නම්, එය උගුලා ඉවත ලන්න. මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැතිවීම ඔබට යහපත්ය.” (ශුද්ධවර මතෙව් 5: 27-29)

 

 

අබු ෆාතිමා

 

 

107 Comments to “කාන්තා වස්ත්‍රය (ඇඳුම) පිලිබඳ විමසුමක්.

  1. Alhamdulillah, great article
    May allah bless you.
    Brother Abu Fathima: If possible please give a reference to true buddhist web site in Sinhala language.
    Also i have question that the “බුද්ධ නීති සංග්‍රහය” is compiled from any buddhist holy books such as tripitakaya ?

  2. එහෙත් ඔබ පවසා ඇති ඇත්ත පිළි ගන්න තරම් අපේ සමාජයේ මනස සුදානමක් නැ.කොහෙන් හෝ එක තැනකින් අපි ආයේම නැගිටින්න උවමනා යන්න කවුරුත් නොසිතයි.මේ හිත් ඒ තරම් ම දුෂණය වි හමාර ය.බුදු දහමේ පළමු ඉගැන්විම පන්සිල් ය.පනසිල් තුල අපි රැදෙන්න නම් මේ කියන සංවර බව මුලින් ඇති කර ගත යුතුය.අද වන විට පන්සිල් තමයි අපිට රැක ගන්න පුළුවන් එකම දේ.බුදු දහමේ ඉන් ඔබ්බට කථා කිරීම නිෂ්පලය.මොකද පන්සිල් රකින්නේ නැතිව අනෙකුත් කරුණු අසා සිටිම නිශ්ඵලය.

  3. හ්ම් හැම දේටම සංස්කෘතිය බලපාන්නේ..නමුත් ලංකාවේ හැම මුස්ලීම් කන්තාවක්ම මෙම ඇදුම අදින්නේ නැ.. ඇමෙරිකාවේ කාන්තාවෝ වගේ නෙවේ ලංකාවේ කාන්තාවෝ… ලංකාවේ කාන්තාවෝ වගේ නෙවේ බ්‍රිතාන්‍ය කාන්තාවෝ.. බ්‍රිතාන්‍ය කාන්තාවෝ වගේ නේවේ අරබිකරයේ කාන්තාවෝ…ලෝකය වෙනස්

    1. ඒ උනාට මුස්ලිම් කාන්තාව කුරානයේ උගන්වා ඇති ක්‍රමයට බොහෝ සෙයින් අවනත වන බව මුළු ලෝකයේම දකින්ට ලැබෙන දෙයක්.මෙයට ප්‍රදාන හේතුව ඉස්ලාම් ආගම ඉතා සරලව තේරුම් ගැනීමට පුළුවන් වන ආකාරයට මිනිසාවෙත නබිවරයෙක්ගේ මගපෙන්වීමෙන් පහල කර ඇති නිසාය.අනිත් හේතුව දෙවියන් කෙරෙහි මුස්ලිම් ජනතාවට ඇති දැඩි විශ්වාසයය්.ඉස්ලාම් ආගමේ සංස්කෘතිය වෙනමමත් ආගම වෙනමමත් වෙන්කර නැත.

  4. //කිතුනු මව්තුමියකගේ හෝ භික්ෂුනියකගේ හෝ ඇඳුම එකහා සමාන නොවිය හැක. නමුත් මෙම ඇඳුම් දෙකම සදාචාර සම්පන්න යැයි පැවසීම ඉතාමත් නිවැරදිය.//

    ඔව් ඔබ නිවැරදියි. නමුත් ඔබ එයින් හොරාට කියන්න හදන්නේ ඉස්ලාම් කාන්තාවගේ ඇදුමත් සදාචාර සම්පන්න යයි කියල නේද ?
    ඔව් ඒක සදාචාර සම්පන්න වෙන්න පුළුවන්. ඒක ඇත්ත. නමුත් කෙනෙක් ගේ වස්ත්‍රයක් තව කෙනෙකුගේ ඇහැට ප්‍රිය වෙන්නේ වෙන්න ඕන නේද ? එකෙන් කියන්නේ නැහැ අඩ නිරුවතින් යන්න කියලා.
    බලන්න
    කිතුනු මව්තුමියකගේ හෝ භික්ෂුනි කෙනෙක්ගේ වස්ත්‍රය දිහා බලන්න. එය කොයි තරම් ශාන්තද ?
    නමුත් හිතලා බලන්න අන්වර්……… කළු පාට ගෝනියක් පෙරෝගෙන………. මුළු ඇස් දෙකම වහගෙන ගෝනි බිල්ලෝ වගේ අනිත් අයටත් අප්‍රසන්න හැගීමක දැනෙන විදිහට පාරේ
    යාම අනුමත කරන්න බැහැ නේද අන්වර් ?

    1. ඔබ මුස්ලිම් නමකින් පෙනී සිටිමින් මෙවැනි ප්‍රතිචාරයක් දැක්වීම තුලින් උත්සාහ දරන්නේ ඉස්ලාමයට ගැරහීම බව දනිමි. නමුත් ඔබට අවස්ථාවක් දීමේ අටියෙන් ප්‍රතිචාරය පලකළෙමි. කිතුණු මව්තුමියගේ වස්ත්‍රය සහ භික්ෂුනියගේ වස්ත්‍රය ගැන පහන් සිතින් කථා කරන ඔබ මුස්ලිම් කාන්තාවන්ගේ වස්ත්‍රය ගෝණි රෙද්දක් යැයි පවසන්නේ ඇයි? මුස්ලිම් කාන්තාව කළු පැහැති වස්ත්‍ර හැන්දාට කිතුණු මව්තුමියන්ට හෝ භික්ෂුණීන්ට වඩා ඉතාමත් සනීප සහ මිල අධික රෙදි වලින් මැසු වස්ත්‍ර අදින බව ඔබ දන්නවාද?

      අද බාගෙට හෙළුවෙන් යන්න කාන්තාවකට පුළුවන්නම් ස්ත්‍රියකට තමන් කැමති ආකාරයට වසාගෙන යන්න බැරි ඇයි? ඔබගේ සිතේ ඇති නරුම සිතිවිලි ප්‍රතිචාරය තුලින් ඉස්මතුවු බව වටහා ගන්න.

    2. මුළු ලෝකෙම අයට ප්‍රසන්නව පේන්න අදින්න මුස්ලිම් කාන්තාව බැදිලා නැහැ ඇය අවශ්‍ය අයට පමණක් ප්‍රසන්නව සිටීවි.

    3. @ගව්සි
      අප්‍රසාද හැගීම තිබෙන්නේ ඔබේ සිතේ මිස රෙද්දේ නොවේ.

  5. එකම විවාදය නැවත නැවත මතුකරන්න කැමති නෑ , සරාංශගතව කරුණු දෙකක් මතුකරන්නම්

    01) කාන්තාවක් අදින ඇඳුම පිලිබඳ පූර්න අයිතිය ඒ කාන්තාව සතුයි . වහගෙන යනවද ඇරගෙන යනවද කියන එක පුද්ගලික තීරණයක් . කාන්තාව ලිංගික භාණ්ඩයක් විදිහට විකිණෙන්න කැමති නම් ඒක අදාල කාන්තාවගේ අයිතිය . ඔබට හෝ මට හෝ කාටවත් ඒක ප්‍රශ්න කරන්න අයිතියක් නෑ

    02) ඉස්ලාම් කාන්තාවන්ට ඕනි නම් ආගම නිසා වහගෙන යන්න පුලුවන් ,ඒකත් ඒ අයගේ අයිතිය , හැබැයි අනික් සමාජවල කාන්තාවනුත් එහෙම සිටිය යුතුයි සිතනවා නම් ඒක වරදක් . මොකද ඔය වහගෙන යැමේ අමාරුව තිබෙන්නේ ඔබලාට පමණක් නිසා .

    1. පලමු කරුණ සහ දෙවැනි කරුණ යන දෙකටම එකගයි. අපි හිජාබ් ගැන සමාජය දැනුවත් කරන්නේ අන්තවාදීන් විසින් එය ඉස්ලාමයට එරෙහි අවියක් කරගන්නා නිසයි.

    2. බුවා:
      1.”කාන්තාව ලිංගික භාණ්ඩයක් විදිහට විකිණෙන්න කැමති නම් ඒක අදාල කාන්තාවගේ අයිතිය”. ඔබගේ පවුලේ සාමාජිකාවක් එවන් තත්වයකට පත වූ විට ඔබ නිහඬව බලා සිටින්නේද?
      2.”මොකද ඔය වහගෙන යැමේ අමාරුව තිබෙන්නේ ඔබලාට පමණක් නිසා”. ඇත්තටම එසේ ඇඳගෙන යාම පහසුය්.නමුත් අඩනිරුවතින් ඇඳගෙන යාම හරිම අමාරුය් මොකද ඇඳුමත් හරිම tight ඒවගේම ඇඳුමට ගැලපෙන makeup එකකුත් අවශයය්.

      1. හුසේන් – මගේ පවුලේය කියල තවත් කෙනෙක්ගේ අයිතියක් නැති කරන්න මට බෑ . උදාහරණයක් විදිහට මගේ සහෝදරියක් නිලියක් වෙන්න කැමති නම් ඒක වලක්වන්න මට අයිතියක් නෑ . අඩනිරුවතින් ඉන්න ඇදුම් පහසු වෙන අවස්ථා ඕනි තරම් . ඒක අඳින කෙනාට දැනෙන විදිහ

        1. බුවා:
          මෙය පුද්ගලික ප්‍රශ්නයක්.ඔබ කැමති නම් පවසන්න ඔබ අදහන දහම කුමක්දා කියා?
          ඔබ පවසන ආකාරයට ඔබගේ පවුලේ සාමාජිකයෙක් වුවද වැරැද්දක් කලවිට ඔබ නිහඬව සිටිමින් එම වැරැද්ද වැළැක්වීමට කටයුතු නොකර්ය්.එසේ නම් ඔබේ භාර්යාව වෙන අයෙක සමග අනියම් ඇසුරක් පැවැත්වුවද ඔබ එය අගේ අය්තියක් කියා බලා හිදින්නේද?(මෙය සුදුසුනම් පමණක් පලකරන්න.)
          ඇත්තටම ඉස්ලාම් යනු තාවකාලිකවූ ලොව්කික ලෝකයේ පරීක්සනයකට මුහුණ දෙමින් සධාතනික මරණින් මතු ජීවිතය ජයග්‍රාහී බවට පත්කරගැනීමට පෙන්වනු ලබන මාර්ගයකි.මෙහිදී තම පමණක් ජයග්‍රහණය ලබනවාට වඩා වටාපිටාවේ අයද ජයග්‍රහණයට පෙළඹවීම හා මග පෙන්වීම ඉස්ලාම් අවධාරණය කරයි. එම නිසා කෙනෙකු වැරදි මග යනවිට එය ඔහුගේ අය්තියක්‌ කියා බල සිටිමින් එම පුද්ගලයා කරදරගාලක පටලවීමට ඉඩ දීම හොඳ මුස්ලිම් වරයෙක් ගේ ලක්ෂණයක් නොවන්නේය.

    3. මෙතන ප්‍රශ්න දෙකක් තිබෙනවා.
      1.ඔබ කියන විදියට හෙලුවෙනුත් යන්න අවසර තියෙනවද නැත්නම් ඒවාට රතේ නීතියටවත් යටත් වෙන්න ඕනද?
      2.මුස්ලිල්ම් වරුන් අදින විදියට අනිත් අය අදින්න කියලා කව්රුවත් කියන්නෙවත් එවැනි දෙයක් බලාපොරොත්තු වෙන්නෙවත් නැත.ප්‍රශ්නය තියෙන්නේ ඔබලා වැනි අය මුස්ලිම් කාන්තාවගේ ඇදුමට කහින එකය්.

      1. බුවා සහෝදරයාට ඔහුගේ මතය දැරීමට අයිතියක් තිබෙනවා. අපි එයටත් ගරු කළයුතු වෙනවා. එයට කහිනවා යැයි කියන්න එපා!

      2. හුසේන් – අනියම් සම්බන්ධයක් කියන්නේ රටේ නීතිය අනුව වරදක් , බිරිඳ අනියම් සම්බන්ධතාවයකට යොමු වෙනවා නම් ඒ සඳහා ගතයුතු පෞද්ගලික සමාජීය නෛතික ක්‍රියාමාර්ග තියනවා මෙතනදි ඒ දේවල් කථා කලයුතුයි කියල මම හිතන්නේ නෑ . මම කිසිම ආගමක් අදහනවා කියන්න බෑ , නමුත් උපතින් ශ්‍රි ලාංකික බෞද්ධයෙකු වීම නිසා බෞද්ධ දර්ශනයට(ආගමක් වශයෙන් නොවේ ) වඩා සමීපයි කියන්න පුලුවන් නමුත් එයත් අවශ්‍ය විටක ප්‍රශ්න කරන අවකාශය තියන විවෘත තැනක මම ඉන්නේ . ඒ නිසා මගේ තර්කයන් හෝ අදහස් පදනම් වෙන්නේ කිසිම ආගමක් මත නෙවෙයි , මනුෂ්‍යත්වයට සාපේක්ෂව

        Ajward- මම හිතන්නේ නෑ ලෝකේ කොහෙවත් රටක හෙලුවෙන් පාරේ යන්න අවසරයක් තියනවා කියලා . රටක නිතිය සකස් වෙන්නේ කිසිම ආගමකට අනුව නොවන සෙකියුලර් පදනමකින් නම් රටේ නිතිය සියලුම ආගම් ජාති ස්ත්‍රි පුරුෂ ලමා කොටස් වල අයිතින් සුරැකෙන විදිහටයි සකස් වෙන්නේ ඒ නිසා එවන් රටක නිතිය තමයි මම ඔතනදි ගුරු කරගන්නේ . පාරේ හෙලුවෙන් නොගියත් සිනමා නිර්මාණයක ඒ වගේ දෙයක් තියෙන්න පුලුවන් . ඒව කරන්නෙත් අදාල සමාජයේ ඉන්න කාන්තාවන් . අන්න ඒ සඳහා කාන්තාවන්ට තියන නිදහස වගේ දේවල් තමයි ලිංගික භාණ්ඩ ගණයට අයත් රටේ නිතිය ඇතුලේ සිද්ධ වෙන දේවල් .

        මේ ලිපිය තුල ගම්‍ය වෙන අදහසට පිලිතුරක් මම එකතු කරල තියෙන්නේ . මුස්ලිම් කාන්තාවන් මොනවා ඇන්දත් අනික් අයට විවේචනය කිරීමේ හැකියාවක් නෑ . මගේ විවේචනයට ලක්වෙන්නේ ඔවුන්ගේ ආසාව පරිදි ඇඳුමක් තෝරාගැනීමට අවකාශයක් නොමැතිවීම පිලිබඳව පමණයි , නැතහොත් අනෙකුත් කාන්තාවට ලැබී ඇති වරප්‍රසාදය අහිමි වීම පිලිබඳ වයි

        1. බුවා: ඇත්තටම ඔබේ අදහස සාමාන්‍ය අගම්බෙධ්වාදියෙක් ට වඩා සාධාරණයක් තිබෙනවා මොකද ඔබ මුස්ලිම් අයගේ ඇඳුම විවේචනය කිරීමට අකම්තිවේම තුල. කෙසේ වෙතත් මුස්ලිම් ජාතිකයෙක්ගේ විශ්වාසයට අනුව මෙලොව ජිවිතයට වඩා පරලොව ජීවීතය වැදගත්.එම විශ්වාසයට අනුව කිසියම් පුද්ගලයෙකු වැරැද්දක කලවිට එය පෙන්වාදීම අපගේ යුතුකමක්.නමුත් එම පුද්ගලයට බලකිරීමට හැකියාවක් නොමැත.ඉතින් බුවා වර්තමානයේ අඩනිරුවතින් කාන්තාවක් අඳින විට එය ඉස්ලාම් දහමට අනුව වැරදි යයි පවසා තේරුම් කරදී නිවැරදි මාවත පෙන්වා දීම මුස්ලිම් ජාතිකයෙකුගේ වගකීමකි.එය ඔබට අනුව මානවහිමිකම් වලට අතගැසීමක් වුවද අපට අනුව තවත් පුද්ගලයෙකුගේ ජිවිත ආලෝකමත් කිරීමකි.

          1. //බුවා වර්තමානයේ අඩනිරුවතින් කාන්තාවක් අඳින විට එය ඉස්ලාම් දහමට අනුව වැරදි යයි පවසා තේරුම් කරදී නිවැරදි මාවත පෙන්වා දීම මුස්ලිම් ජාතිකයෙකුගේ වගකීමකි . //

            මුස්ලිම් නොවන කාන්තාවන් වෙනුවෙන් එසේ කිරීම තාර්කිකද ? ඔවුන් මුස්ලිම් දහමට අනුකුල නොවන්නේ ඇඳුමෙන් විතරක් නෙවෙය්නේද ?

  6. May Allah bless u…… bro try to add some details from hindusm dress code.
    great job, keep it up

  7. කාලීන මාතෘකාවක් ගොඩාක් ස්තුතියි .මේ ඇදුම් වල ප්‍රති විපාකයන් අපි විදිමින් සිටිනවා .දිනපතා අපට ඇසෙන්නට දකින්නට බොහෝ දේ සිදුවෙනවා .නමුත් ඒ ඇයි කියා සිතීමට තරම් ඥාණයක් අපට පහළ නොවීම ජාතියේ අවාසනාවක් .

    1. ඔබ කියන කරුණ මිනිසුන් පිළි නොගන්නේ ඔවුන්ගේ ආශාවල් සන්සිදුවා ගන්න ඕන නිසයි.මම කියන්නේ නැ හැමෝම මුස්ලිම් කාන්තාව වගේ අඳින්න ඕන කියලා.ඒත් ඇතුලත තියෙන සංවර බව පේනවා ඇඳුම අඳින විදියෙනුත්.හැමොටම අයිතියක් තියෙනවා තමන් කැමති ඇඳුමක් ඇඳිමට.එහෙත් ඇය අඳින අසංවර ඇඳුම දෙස බලා ගමේ සිටින අහිංසක ගැහැණු දරුවන් විනාශ කරන මිනිසුන් කොටසක් සිටින රටක සිට ඇ‍තමෙක් කරන සමහරක් අනුමත කිරීම් පිළිබදව ඇති වන්නේ කණගාටුවකි.

      1. ඔබ පලකළ ලිංකුවේ මාතෘකාවට අදාල කිසිවක් තිබුණේ නැහැ. මෙය ඔබගේ දෙවැනි ප්‍රතිචාරයයි. අළුත් කෙනෙකුගේ බ්ලොගයක් ප්‍රචාරණයට මා එකවරම ක්‍රියාත්මක නොවෙමි. දිගටම ප්‍රතිචාර දක්වන්න. ඔබගේ අදහස් හොද යැයි මා තුල විශ්වාසයක් ගොඩ නැගෙන කළ මා විසින් ඒ ගැන සලකා බලන්නම්.

  8. හැබයි අන්වර් මට මෙහෙම ප්‍රශ්ණයක් තිබෙනවා. අපි පොඩි කාලේ ලංකාවේ මුස්ලිම් මිනිස්සු පිරිමි අය අඳුන ගත්තේ මඩකලපු සරමෙනුයි, තොප්පියෙනුයි. ගැහැණු අය සාරියේ පොටින් ඔළුව වසාගෙනයි. කෙල්ලෝ පන්ජාබ් එකේ ශෝල් එක ඔළුවේ දාගෙන යන එකෙනුයි. මැද පෙරදිගත් හිජාබ් ගලවලා යන කාලේ මෙහේ අය හිජාබ් අඳින්නයි. අන්වර්ලා රැවුල් වවන්නයි හේතුව මට නම් තේරෙන්නේ නෑ. ඒක මට පේන්නේ නම් නිදහස නැති කර ගැනීමක් ලෙසයි. මොකෝ මැද පෙරදිග ටුවරිස්ට්ලා මෙහේ ආවම යන්නේ තනිකර වෙස්ටන් විදියට. එයාලා ඒ නිදහස අගය කරනවා සෑහෙන.

    1. ඔබ සහ මම පොඩිකාලේ මුස්ලිම් කාන්තාවන් සිටියේ සාරිය හැද හිස වසාගෙන බව මම පිළිගන්නවා. නමුත් අද වන විට ඔවුන් බොහෝ දෙනෙකු දහමෙහි නියම ඉගැන්වීම් දැනගෙන වෙනස් වී තිබෙනවා. නමුත් අනෙක් දහම් වල සිදුවී තිබෙන්නේ මෙහි අනෙක් පැත්තයි.

      අද මැදපෙරදිගින් මෙහි එන සංචාරකයන්ගෙන් සියළු දෙනාම එසේ යැයි නිගමනය කරන්න බැහැ. මැදපෙරදිග මුස්ලිම් වරුන් අතරත් අපි වගේම හොද සහ නරක අය සිටිනවා.

  9. ඇඳුම හරියට ලොලි පොප් එකක් වගේ කවර් කරලා තිබුණේ නැතිනම් මැස්සෝ ගොඩයි. කවර් කලොත් තමයි නුවණට හුරු…

  10. ඉතාමත් කාලෝචිත විමසුමක්. අබු ෆාතිමා ඔබට අල්ලහ්හේ ආශීර්වාදය ලැබේවා.
    වින්දනයක් ලබන රෝගීන්ට මෙම විමසුම නයාට අඳුකොළ වගේ!

  11. ඇඳුමක් මෙලෙස විය යුතුය් කියා නීති පනවන්න මොන අගමකටවට්ත් බලයක් නැහැ. එය තමාගේ කැමැත්ත අනුව සිදුවිය යුතුය්. ඇදුමක මුලික තේරුම විය උත්තේ ආවරණය හා තමාගේ පහසුවඊ. මුස්ලිමි කාන්තාවෝ මේ 2 කෙසේ උත්තර දෙඉද කියා විමසා බැලිය උත්තේ ඒ අයගේන්මි. මම දන්නා විදියට අරාබිය ගිනි රස්නේ පළාතක්. ඒ පර්දේශයට මේ ඇඳුම කොතරම් ගැලපේ කියා මොන තර්ක පවා පෙවාද එහි වෙනස දන්නෝ දනිති. එය දෙවෙනි වන්නේ මුස්ලිම් කාන්තාවන්ට රිය පැදවීම තහනම් කර ඇති එකට පමණි

    1. මුස්ලිම් කාන්තාවගේ වස්ත්‍රය ගැන කථා කරන ඔබට භික්ෂුණින් වහන්සේලාගේ වස්ත්‍රය ගැන නොපෙනෙන්නේ ඇයි? මෙම වස්ත්‍ර දෙක අතර වෙනස තිබෙන්නේ හිස කොටසෙහි පමණයි. මුස්ලිම් කාන්තාවගේ වස්ත්‍රයේ අපහසුව ගැන සොයන්න කලින් භික්ෂුණින් වහන්සේලාට ඒ ගැන කියන්න.

      මේ ප්‍රතිචාරය කළ කෙනා ජීවිතයට අරාබිකරයට නොගිය කෙනෙකු වග පෙනේ. එහේ යන අපේ රටේ පිරිමි කම්කරුවන් පවා වැඩ කරන්නේ මුළු ඇගම වසාගෙනයි.

      අරාබිය තුල මුස්ලිම් කාන්තාවට රියපැදවීම තහනම් කර තිබෙන්නේ සෞදිය පමණයි. අනෙක් රටවල කාන්තාවන්ට ලංකාවේ කාන්තාවට වාහන තිබෙන ප්‍රතිශතයට වඩා කිහිප ගුණයක් වැඩි ප්‍රතිශතයෙන් වාහන තිබෙනවා.

      මෙවැනි පොල්බුරු තර්ක ඉදිරිපත් කරන්න කලින් ලෝකය ගැන මදක් සොයා බලන්න.

    2. අතිඑස්ට්:
      athiest:
      කිනම් කරුණක් සඳහා නීති පමුනුවීමට ආගමකට බලයක් ඇත්ද?
      මුස්ලිම් කාන්තාවන් මෙම ඇඳුම අඳින්නේ තම කැමැත්ත මත බව ඔබ දැනගත යුතුය්.එලෙසම ඇඳුම් ඇඳිය යුත්තේ ආවරණය සඳහා බව ඔබ පිළිගෙන ඇත. ඉතින් ඉස්ලාම් පවසන්නේත් ඇඳුම ඇඳිය යුත්තේ ආවරනය සඳහා බව නොවේද? එලෙසම ඉස්ලාම් ආගමේ පවසන ඇඳුම බටහිරකරණයට ලක්වූ සිරුර අනාවරණය වූ ඇඳුමට වඩා පහසු බව මුස්ලිම් කාන්තාවන් සාක්ෂි දරති.

      අන්වර සහෝදරයා: ඉස්ලාමයට අනුව සම්පුර්ණ සිරුරම ආවරණය වූ salwar ඇඳුම ඇඳිය හැකිද? එලෙසම මෙම අබායා කලුපාට වීම ගැන ඔබේ අදහස කුමක්ද?

      1. මුළු සිරුරම යහපත්ව වැසෙනවා නම්, වස්ත්‍රෙයහි ආකර්ශන බවක් නැතිනම් කුමණ වස්ත්‍රයක් වුවද කම් නැති බව මගේ අදහසයි. එමෙන්ම ඉස්ලාමය තුල පාටක් සදහන් වන්නේ නැහැ. එකල තිබුණු පාට තමයි කළු සහ සුදු ඒ නිසා ඔවුන් තම වස්ත්‍ර වලට කළු සහ සුදු භාවිතා කළා.එකල වටිනාම පාට වුයේ රතු පාටයි. ප්‍රභූන් හෝ විශේෂ කෙනෙකු පිළිගන්න විට රතු පලසක් දමා පිළිගත්තේ ඒ නිසයි. නමුත් අද පාට වර්ග නිසා රෙදි වල මිල වෙනස් නොවුනද අදද සම්ප්‍රදායක් වශයෙන් රතු පලස දමා පිළිගනිති.

        මෙහිදී කාන්තාවන් එක පාටකුත් පුරුෂයන් තව පාටකුත් භාවිතා කළ බවක්ද පෙනෙන්නේ නැහැ. මන්ද දිනක් මුහම්මද් නබි තුමාණන් විසින් එක්තරා සහගාමියෙකුට දුන් කබායකට කුමක් කළේද? යැයි ඇසුවිට ඔහු පවසන්නේ තමන් එය තම බිරිදට දුන් බවයි. මෙහිදී නබිතුමාණන් බලාපොරොත්තු වුයේ එය ඔහු භාවිතා කරනු ඇති බවයි. නමුත් ඔහු එය තම බිරියට දී තිබුණා. පසුව එය ඔහුගේ බිරිය අදිනවා නම් එයට යටින් තවත් වස්ත්‍රයක් අදින ලෙස පැවසුවේ එහි දුහුල් බව නිසයි.

    3. ඉස්ලාම් ආගමේ නීති දාලා ඇත්තේ මිනිසාගේ යහපතට මිස මිනිසා නොමග යැවීමට නොවේ.මුස්ලිම් වරුන් පිළිගන්නේ මිනිසා ඇතුළු සියලු දේ මැව්වේ දෙවියන් බවය්.ඒ නිසා මිනිසාට ජිවත්වියයුතු පිළිවෙල කියා දීමට දෙවියන්ට සම්පුර්ණ අයතිය තිබෙනවා.ඒ වුනත් කිසිවෙකුට ඉස්ලාම් ආගම පිලිබදීමට දෙවියන්ගේ බලකිරීමක් නැතිබව කුරානයේ ඉතාපහදිලිව සදහන් කර තිබෙනවා.දෙවියන්ගේ අණට පිටින් මොනවා කරත් ඊට මෙලොවදී එවෙලේම දඩුවම් ලැබෙන්නේ නැත.ප්‍රතිපල නිකුත්වෙන්නේ විනිශ්චය දිනයට පසුවය්.හැබය් එම ප්‍රතිපල නිකුත් වුවාට පසු නැවත recorrection නැතිබව මතක තබාගන්න!

  12. අබු ෆාතිමා . අල්ලාහ් ඔබගේ ලිවීමේ හැකියාව තව තවත් වර්දනය කරත්වා.ඉතාමත් උසසස් ලිපියක්.ඔබගේ වචන හසුරවීම පිලිබදව මම මවිත වෙමි.මෙය කියවූ සමහර අය දමන කොමන්ස් දැක්කම මොවුන් බෝද්දයෝ ද කියලා හිතනවා.මට හිතෙන්නේ බෝඋද්දයන් විලසින් බෝඋද්දයිනට කැත නමක් ඇති කරන්න උත්සහ ගන්න අයක් වගෙයි.හැබැයි හොද මානසිකත්වයක් මොවුන් තුල දක්නට නැ.බුවා ඔබ මොන ආගමක උනත් කමක් නැහැ.ඔබගේ සහෝදරියට ලිංගික බාන්ඩයක් ලෙස විකිනීමට ඉඩ දෙනවද? මවට, දියණියට, ඔබේ බිරිදට? ඔබගේ අදර වන්තියට , සමාවෙන්න මට ඔබ පිරිමියකු විය නොහැක.ගැහැනියකුද විය නොහැක.මෙවැනි සිතුවිලි නපුන්සකයකුට තිබිය හැක. ගව්සි නමින් පෙනිසිටින්නා නෙනි ලංකාවේ ඔබලා වැන්නන් ගේ ඇසට ප්‍රිය කරන ආකාරයට යනවානම් නිර්වතින් තමා.

  13. ඉස්මත් – පිරිමින්ගේ හිත්වල තියන වල්කම වහගන්න ගැනුන්ව වහගන්න තරම් පහත් ගෝත්‍රික මානසිකත්වයක් මට නෑ . ඔබලාගේ මුස්ලිම් සමාජයෙන් පිට ශිෂ්ට ලෝකයටත් නෑ . තමන්ගේ පවුලේය කියල ගැනුන්ට නීති දාන එක පිරිමි කම නෙමේ අශීලාචාර ගෝත්‍රික කම . උඹ වගේ උන්ට ඒක තේරුම් ගන්න තරම් මොලයක් නැති එක ගැන පුදුම වෙන්නේ නෑ . සහෝදරිය , බිරිඳ කියන තැනට කලින් කාන්තාවත් උඹ වගේම අයිතිවාසිකම් තියන මනුස්සයෙක් විදිහට දකින්න පුරුදු වෙයන් . අනුන්ගේ ජීවිත වලට හොට දාන එක උඹ අදහන දහමට අනුව හරි ඇති , හැබැයි මම විශ්වාස කරන මනුදහමට එකඟ නෑ . ලිංගික භාණ්ඩය කියල උඹ අදහස් කරන්නේ කාන්තාවක් කොටට අඳින එක හෝ ඒ වගේ ඇඳුම් ඇදගෙන රඟපැම , නිරූපණය වගේ නීත්‍යානුකුල වෘත්තියක නිරතවෙන එක නම් . ඔව් මගේ කිසිම විරෝධාවක් නෑ , එහෙම විරෝධයක් පල කරන්න මට අයිතියකුත් නෑ

    අන්වර් – ඉස්මත්ගේ ප්‍රතිචාරයට අනුව මේ විදිහට භාෂාව භාවිතා කරන්න වෙනවා . කණගාටුයි . ප්‍රතිචාරය පලකරනු ඇතැයි විශ්වාස කරනවා .

    1. ඔබගේ ආවේගය පාලනය කරන්නත් ලොකු පරිශ්‍රමයක් ගන්න වේවි.මිනිසුන් ඔවුන්ගේ අදහස් දැක්වීමේ නිදහස ඇති නිසා යමක් කි පලියට ඔබ මෙසේ ආවේග වීම අනුමත කල නොහැකිය.

  14. @ මාතලන්

    ඉස්ලාමය තුල කොතැනක හෝ නිෂ්චිත් ඇඳුමක් හෝ වර්ණයක් නියම කර නැත. වසා ගැනීමේ සීමාව වනුයේ දෙ අත් හා මුහුණ හැර අනිකුත් හැම ප්‍රදේශයන්මය. ඒ හැරුණු කල වස්ත්‍රය විනිවිද නොපෙනීම මෙන්ම ශරීර කොටස් උලුප්පා පෙන්වනාකාරයට තද නොවිය යුතුයි. මේ කොන්දේසිවලට යටත්ව ඔබ පවසනාකාරයට සාරී මෙන්ම සල්වාර්ද භාවිතා කල හැක. නමුත් වර්තමානයේ ‘කලු කබාය’ මුස්ලිම් කාන්තාවන් අතර වඩාත් ප්‍රසිද්ධ වී එය ඕනෑම මොහොතක, හදිස්සි අවශ්‍යතාවයකදී ඇතුලත කුමන ආකාරයෙන් සිටියත් එයට මතුපිටින් මෙය පැලඳ එලියට යා හැකි නිසාය. අනන්‍යතාවය හඳුනා ගත නොහැකි ආකාරයට සම්පූර්ණයෙන් ‘කලුවෙන්’ වැසීමක් ඉස්ලාමය තුල නැත.

    ප.ලි- මෙකි චෝදනාව ඔබ විසින් විවිධ අඩවිවල පල කර ඇති මා දුටු නිසා මෙලෙස පිලිතුරක් සැපයීමට අදහස් කලෙමි.

  15. Mema lipiya kiyaweemen pasu matath yamak me gena liyanna sithuni, eya Kithunu mawthumiyan gena ho Bowdda bikshuniyan gena nowei, habaya nohoth jilaab andina samaharak Muslim sahodariyan genai…
    Mema wasthrayen Islamaya balaporoththuwenne anpirimeengen meya anda sitina sthreeya aarakshaa kireema pamanak nowa meyawa balana anpirimiyada paw walin aarakshaa kireemai…Ehenam mema wasthraya andeemen me de ituwune nethnam meya andeemen palak wanne netha. nikan paw purawa gannawa pamanai wenne.
    Mama methana kiyanna hadanne habaaya ho jilaab yana naamayen denata boho muslim sthreen andinne eya wilaasithawak karagenai. an aya aakarshanaya wena paridi noyekuth weda damaapu, angapasanga uluppa penena widihata andithi…meya andagena paarathote yanawita meyawa dakina anpirimiya newathawarak meyawa haree beleemen pawak karai.Ohuwa ema waradata polombaweemen meyada waradak karai. Namuth paw pin winischaya karana dinayedee meya mesey anda nositiyaanam mama mema pawa karanne nethai pawasa ohu anga beraganee, meya kotuwei. Memagin Allah sathutu wenawa wenuwata kopawei…Thawada anyagamikayanta weradi paniwidayakda meya meyin laba dei. Eida yath boho anyaagamikayan Islamaya dakinne Muslim warunge kriya kallapayan deka misak Quraan Hadees kiyawa therum aragena nowei.Emagin Islaamaya wikurthi kara pradarshanaya karaa yana waradatada meya hasuwei…
    Sahodariyanee mewa boho siyum dewal, api godaak kalpanaakaari wiya yuthui,Naanda gihilla mada naagaththa wage wei…
    Obage e lassana ruwa dakinna parama aithiya eththe obage swaamiyata pamanai. Obage yeheliyan athara obe ruwa pradarshanaya kireemen waradak netha.

    Allah ge parama Kematta, sathuta Thruptiya pamanak labageneema pinisa jeewath wena Muslim Sahodariyan kothekuth sitee

    Meyin mage sithata negunu de leewemi, Kage ho sithak ridaweemata adahas nokelemi.

    1. සහෝදරයා ඔබ මෙහිදී අල්ලාහ් කෝපවීමක් ගැන සහ සතුටු වීමක් ගැන සදහන් කරයි. කෝපවීම සහ සතුටු වීම යනු මිනිස් ගුණාංගයි. අල්ලාහ්ට එවැනි ගුණාංග තිබෙන බවක් මා දන්නා පරිදි ඉස්ලාමයේ දක්වා නැත.

      1. Allah ta akamethi deyak apa kireemen Allah kopawanabawak kiyawaada, asaada eththemi.
        Mema adahasa man pala kale mage denumata anuwai, eya esey noweinam ema enam Allah kopawei kiyana wakyaya illaa askaragannemi.

      2. අල්ලාහ් ට කෝපවීම් සහ සතුටුවීම යන ගුණාංගයන් තිබෙනබව උගත් මොව්ලවී කෙනෙකුගෙන් දැනගතිමි.
        පාපිෂ්ටයෙක් දෙවියන්ගෙන් සමාව යදිමින් යහමාර්ගයට පිවිසීම අල්ලාහ් සතුටු වන බව නබිවදන් වල සදහන්ය.අල්ලාහ් ගේ කෝපය ගැන කුරානයේ බොහෝ තැන්වල සදහන්ය.
        මා මේ අවස්ථාවේ කාර්ය බහුල බැවින් මුලාශ්‍ර සෙවීමට නොහැකි විය.

  16. බුවාගේ සිතුවිලි ඔබ කොච්චර අවෙගශීලි වුවත් ඇත්ත වසන් කරන්න බැ.ඔය ක්‍රමය හොදයි දේශපාලන යින්ට .වලත්ත කම විවිදයි .අනුන් නිරුවත් කර බැලීම එකට අයිතියි.අනික එක මේනියා එකක්.ඔයමෙනියා එක කාශ්‍යප රජුටත් තිබිලා තියනවා .එකට අද කලාව කියනවා.ඔය කියන මනුදහම ක්‍රියාත්මක වෙන්නේ ගැහැණු හෙළුවෙන් ඇවිදීමේ නිදහස සහ ලිංගික භාණ්ඩයක් බවට පත් කිරීම තුලින් නම් .මම කිසි දවසක් හිතන්නෑ ඒ ම්නුදහම බුදහමුදුරුවන්ගේ කියලා.මිනිස්සු තමන්ගේ වලත්ත කමට හොද හොද නම් දාගන්නවා .මේක බාෂාව ගණිකා වුර්තියේ යෙදවීමක්.

    1. ඉස්මත් – මනුදහම බුදුහාමුදුරුවන්ගේ කිව්වෙ කව්ද , කාෂ්‍යප විතරක් නෙවෙයි ලෝකෙ ඔනිම ශිෂ්ටාචාරයක කාන්තාවන් සුන්දරත්වයෙන් දැකලා තියනවා , ශෘංගාරය කලාවේ කොටසක් . මුස්ලිම් ඔබලාට කලාව රසවිදින්න බැරි වුනාට අපිට කරන්න දෙයක් නෑ . හැබැයි අනික් මිනිස්සුන්ගේ රසවින්දනයට බාධා කරන්න විකෘති අර්ථකතන දෙන්න එපා , මොකද ඒ පිරිස ඔබලාට වඩා ප්‍රමාණයෙන් වැඩියි . සම්මතය වෙන්නේ බහුතරය අනුගමනය කරන ක්‍රමය මිසක් සුලුතරයක් අනුගමනය කරන ක්‍රමය නෙවෙයි . මනුදහම නොහොත් මනුෂ්‍යත්වය කියන්නේ එහෙම බිහිවුනු සම්මතයන් . පාරේ හෙලුවෙන් (නිරුවතින් ) යන එක අශිෂ්ටයි කියන්න වගේම් කාන්තාවක් ඇයට කැමති ඇඳුමක් ඇඳිම ඇයගේ අයිතියක්ය යන්නත් , ශෘංගාරය කලාවේ කොටසක් වශයෙන් රසවිඳින්නත් (චිත්‍ර , මුර්ති , සිනමා නිර්මාණ …… ) සම්මතයන් හැදිලා තියෙන්නේ ඒ මනුෂ්‍යත්ව රාමුව ඇතුලේ . ඔයාලට ඒක දිරවන්නේ නැත්නම් ඒක ඔයාලගේ ප්‍රශ්නයක් මිසක් අනික් අයගේ ප්‍රශ්නයක් නෙවෙයි . මුලු රටම ඔගොල්ලන්ට ඕනි විදිහට හිතන්න අවශ්‍ය නම් මුස්ලිම් බහුතර රටක් තෝරගන්න .

      1. බුවා ප්‍රතිචාර දක්වන විට සංයමය බිදගන්න එපා. මෙතැන අප කරන්නේ සංවාදයක්. සංවාදයක අවසන් අරමුණ විය යුත්තේ ප්‍රතිවාදියා තමන්ගේ මතයට නම්මවා Convince ගැනීමයි. බහුතර මුස්ලිම් රටක් තෝරගන්න කියන එක අද ජාතීබේධවාදීන්ගේ ප්‍රධාන සටන් පාඨයක්.

        1. අන්වර් – ඔය පුද්ගලයා තර්කයක් ගොඩ නගනවා වෙනුවට කරන්නේ පහරදීම , එතකොට පිලිතුරත් දෙන්න වෙන්නේ ඒ විදිහෙන්ම තමයි . මම ස්වාභාවයෙන් බ්ලොග් සංවාද වලදි ආවේග ශිලියි (දේශපාලනික වාද වලදි එහෙම නොවී ඉන්න අමාරුයි ) . මේ බ්ලොග් එකේ අදහස් දක්වන්නේ වුවමනාවෙන්ම මගේ ස්වාභාවය වෙනස් කරලා . මුස්ලිම් බහුතර රටක් පිලිබඳ කථාව අදාල පුද්ගලයා සම්බන්ධ විවාදයේ සන්දර්භයට පමණක් අදාල සඳහනක් බව කරුණාවෙන් සලකන්න .

  17. Abu Fatima, This is a great article. Masha Allah!

    May Allah gove you more Strength & Courage to educate about Islam for the people who live with ignorance.

  18. අවාසනාවකට ලංකාවේ ගණිකා වෘත්තිය නීත්‍යානුකුල වෘත්තියක්‌ වුවහොත් බුවාට ඔහු කිව්පරිදි ගෙදර කට්ටියටත් නිදහස දෙන්න වෙනවා. මුස්ලිම් කාන්තාවන්ට කලු කබායක් පැළදීම ඔවුන්ට ප්‍රශ්නයක් නොවන්නේනම් මේ අයට තියන අමාරුව ප්‍රහේලිකාවක්? මේකත් මුස්ලිම් කාන්තාවන්ගේ අයිතිවාසිකමක්.
    ඇයි මේ රුදාව?

    1. රටේ නිතිය අනුව එකඟ නම් කාන්තාවකට නිති රෙගුලාසි වලින් යදම් දාල නවත්වන්න මට බැහෑ . නමුත් ගණිකා වෘත්තියට කාන්තාවක් පෙලඹෙන්න හේතුවන පසුබිම් කරුණු කාරනා වලකාලීමේ හැකියාව මා සතුව තියනවා . ගණිකා වෘත්තිය නීතිගත වූ රටවල සියලුම කාන්තාවන් ගණිකාවන් නොවෙයිනේ .

      ප.ලි – මා ගණිකා වෘත්තිය හෝ එය නිතිගත කිරීම අනුමත කරන්නෙක් නොවෙමි

      මුස්ලිම් කාන්තාවන් කලු කබාය අඳිනවාට විරුද්ධ වෙන්නෙ නෑ , මෙතන විරෝධය තියෙන්නේ ඒක ඔවුන්ගේ චොයිස් එකක් නොවී අනිවාර්ය දෙයක් වීම පිලිබඳ . (සහ ඇතැම් පුද්ගලයින් ඒක සමස්ථ සමාජයේ අවශ්‍යතාවයක් විදිහට හුවා දක්වන්න උත්සහ කිරීම පිලිබඳව )

      1. සහෝ. ඔබගේ තර්කය වැරදි. ඔබගේම අදහස අනුව රටක නීතීය කුමන ආකාරයේ පැවතියත් (වාසිව හෝ අවාසිව ) අපි එයට යටත් විය යුතුය. එහි කිසිම සැකයක් නැහැ. ඒ ආකාරයටම ඔබ රැකියාවක් සඳහා යම් ආයතනයකට බැඳෙන්නේ නම් එහි පවතින නීතී හා රෙගුලාසී වලටද ඔබ එකඟ විය යුතුයි. මේ කාරනා දෙකේදීම ඔබ විසින් නිතර මතු කරන ‘අයිතිය’ අදාල වන්නේ නැති බව ඔබ දන්නවා ඇති. එහිදී ඔබ නීතීයේ පවතින සාධාරණත්වය හෝ එහි වලංගු අවලංගුබාවය ගැන තර්ක කරනවා මිසක් ‘අයිතිය’ යැයි කියා ඔබට වෙන මාවතක් තෝරා ගැනීමට ඒ සන්දර්භය තුල ඉඩ නැහැ. මේක නිවැරදි නම් ඉස්ලාමය සමබන්ධව විතරක් ඔබගේ ස්ථාවරය වෙනස් වන්නේ ඇයි? අනික ඕනෑම කෙනෙකු ඉස්ලාමය තුලට ඇතුල් වනවා නම් එසේ වන්නේ එහි ඇතී නීතීරීතී වලටත් යටත්වීමේ එකඟතාවයක් ඇතිව. මෙය වෙනත් මතවාදයක් තුල ඉඳන් දැකීම අපහසු මෙන්ම අසාධාරණයි.

        දෙවන කාරණව මේ අඩවියේ මේ විෂයට අදාලව පලවූ කිසිඳු ලිපියක මේ වනතාක් මෙය බලහත්කාරයෙන් පටවා ඇති බවට කිසිම සඳහනක් මා දුටුවේ නැහැ. (එසේ පවතී නම් ඔබට පෙන්වා දිය හැකි ) අඩුම තරමින් මේ සම්බන්ධයෙන් වූ ඉස්ලාමීය නීතී විවරණයක් හෝ ලබා දී තිබුනේ නැහැ. ෂරීයාව තුල ඉස්ලාමීය ඇඳුම් නොඇන්දායි කියා දෙන දඬුවමකුත් සඳහන් වෙලා නැහැ. මෙසේ තිබියදී ‘අනිවාර්ය’ නිරීමක් යැයි ඔබ අදහස් කරන්නේ කුමන පදනමක් මත සිටද? එය හුදෙක්ම විශ්වාසය හා සම්බන්ධ වන නිසාද?

        //නමුත් ගණිකා වෘත්තියට කාන්තාවක් පෙලඹෙන්න හේතුවන පසුබිම් කරුණු කාරනා වලකාලීමේ හැකියාව මා සතුව තියනවා //

        සම්පූර්ණයෙන්ම එකඟයි.

        1. //ඔබගේ තර්කය වැරදි. ඔබගේම අදහස අනුව රටක නීතීය කුමන ආකාරයේ පැවතියත් (වාසිව හෝ අවාසිව ) අපි එයට යටත් විය යුතුය. එහි කිසිම සැකයක් නැහැ. ඒ ආකාරයටම ඔබ රැකියාවක් සඳහා යම් ආයතනයකට බැඳෙන්නේ නම් එහි පවතින නීතී හා රෙගුලාසී වලටද ඔබ එකඟ විය යුතුයි. මේ කාරනා දෙකේදීම ඔබ විසින් නිතර මතු කරන ‘අයිතිය’ අදාල වන්නේ නැති බව ඔබ දන්නවා ඇති. එහිදී ඔබ නීතීයේ පවතින සාධාරණත්වය හෝ එහි වලංගු අවලංගුබාවය ගැන තර්ක කරනවා මිසක් ‘අයිතිය’ යැයි කියා ඔබට වෙන මාවතක් තෝරා ගැනීමට ඒ සන්දර්භය තුල ඉඩ නැහැ. මේක නිවැරදි නම් ඉස්ලාමය සමබන්ධව විතරක් ඔබගේ ස්ථාවරය වෙනස් වන්නේ ඇයි? //

          රැකියාවලදි සේවක අයිතිවාසිකම් වෙනුවෙන් නිති රෙගුලාසි තියනවා (ලංකාවේ එක්තරා දුරකට , දියුණු රටවල ඉතා ඉහලින් ) . රටක නිතිය ගමු . ඔබ හරි . මතක තියා ගන්න බොහෝ රටවල නීතිය සකස් වෙන්නේ මානව හිමිකම් පදනම් කරගෙන සියලුම ජනතාවට බේදයකින් තොරව අයිතිවාසිකම් ලබාදෙන්න . එහෙම නැති සෞදිය වගේ රටවල නීතියට, චීනයේ වගේ එකාධිපතී නිතිවලට කිසිම කෙනෙක් හරියි කියන්නේ නෑ . ඊලඟ ප්‍රශ්නය ඉස්ලාමය රටක් පාලනය කරන නිතියක්ද ? ඔබම ඊලඟට කියන විදිහට ඕක නිතියක් නෙවෙයි ,දඬුවමක් නියම නොවෙනවා නම් ඉස්ලාමිය කාන්තාවක් තමන්ට කැමති ඇඳුමක් (අපි කියමු කොට සායක් ) ඇඳගෙන ගියොත් ඇයට ඉස්ලාමිය සමාජයෙන් කිසිම බලපැමක් එල්ල නොවෙනවා කියා ඔබට සහතික වෙන්න පුලුවන්ද?

          1. ඉස්ලාමීය සමාජයෙන් බලපෑමක් එල්ල වනවා නම් වන්නේ ඒ ගැන වැඩි දැනුමක් මුස්ලිම් සමාජය තුල නොමැති නිසා. අනික ‘කොට සාය’ පමණක් නොව අවශ්‍ය නම් ‘බිකිණිය හා යට ඇඳුම’ පමණක් ඇතිව හෝ නැතිව යාම ඔබගේ තර්කයට අනුව සාධාරණීයකරනය කරන්න පිලිවන් . මන්ද මේ සෑම එකක්ම වැටෙන්නේ ‘පුද්ගල අයිතීන්’ යටතට නිසා. එය විවිධාකාර විදිහට අර්ථ නිරූපනය කල හැකි. අද ‘මානව හිමිකම්’ යැයි සලකා සමාජයේ නිදහස්ව පවතින දෙයක් හෙට වෙනත් හේතූවක් නිසා නීතීයක් බවට පෙරලිය හැකි. මෙය බටහිර රටවල්වල තවමත් සිදු වෙමින් පවතිනවා. එවැනි තත්වයක් තුල සිදු වන සියල්ලක්ම 100% නිවැරදි යන නිගමනයට අපට ඒමට නොහැකි.

            ඔබ විසින් ඉදිරිපත් කරන ‘කොට සාය’ තර්කය පිලිබඳ මගේ පැහැදිලි කිරීම් මෙසේයි.

            මාගෙ අදහස – එකඟ නොවුවත් මතවාදීමය පැහැදිලි කිරීමක් මිස පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් මීට එරෙහිව බලය යෙදවීම පිලි නොගනිමි.

            ඉස්ලාමීය මතය – නිෂ්චිත දඬුවමක් පනවා නොමැත.

            ඉස්ලාමීය රජයක ස්ථාවරය – capital crime එකක් ලෙස නොසලකන නමුත් මා ආරම්භයේ පැවසු කාරණයද එහි ඇති සමාජ බලපෑමද සලකා නීතී සම්මත කර ගත හැක.

          2. රටක නිතිය මානව හිමිකම් උල්ලංඝනය වන තත්වයට පත්වෙන බවක් මම නම් දැකලා නෑ (අන්තර්ජාල සම්බන්ධ නිති පිලිබඳ විවාදයන් කිහිපයක් තියෙනවා එපමනයි ) . ඉස්ලාමික රජයක් නෙවෙයි අපි ලංකාව ගමු . මුස්ලිම් නොවන පවුලක ගැනු ලමයෙක් (රැකියාවක් කරන ) ඇඳුමක් තෝරගන්නට සැහෙන්න ස්වාධීනයි .තමන් ගැවසෙන සමාජ තලය අනුව වෙනස් කම් තියනවා (හණ්මිටි කාරයො සිංහල /දෙමල සමාජ වලත් ඉන්න නිසා ) ඒත් ඒ අවස්ථාවම මුස්ලිම් කෙනෙකුට ලංකාවේදි තියනවා කියලා ඔබට කියන්න පුලුවන්ද ? එකම සමාජ තලයක ඉන්න සිංහල තරුණියක් නිදහසේ තෝරන ඇඳුම මුස්ලිම් තරුණියට තෝරන්න පුලුවන්ද ? ,ඔබ කියයි එය ඇයගේ කැමැත්ත කියලා , නමුත් ඒ කැමැත්ත ආගමික සම්ප්‍රදායක් මත මිසක් පුද්ගලික රුචිකත්වය මත පදනම් වූවක් නොවීමයි මා මතුකරන ගැටලුව

          3. හික්කඩුව බීච් එක සිට ගල්කිස්ස බීච් එක දක්වා බොහෝ විට සුද්දියෝ සිටින්නේ තනපටය සහ හිනිපටය පමණක් සමගින්. නමුත් ඔබේ අම්මා එසේ ගෙදර ඉන්නවාද? ඔබේ අම්මා එසේ නොකරන්නේ පුද්ගල රුචිකත්වයට අවනත නිසාද? නැතිනම් එසේ සිටීමට ඇති අකමැත්ත නිසාද? ඔබ කියන්නේ ඔබේ අම්මාට එසේ සිටීමට අයිතිය සමාජය විසින් නැති කර තිබෙන නිසා තනපටය සහ හිනිපටයට උඩින් වස්ත්‍ර අදිනවා කියාද?

            ලංකාව තුල අපේ මුස්ලිම් යුවතියකට වුවද ඇය කැමති නම් කැමති ආකාරයකට ජීවත් වීමේ අයිතිය ලංකා නීතිය තුල ලබාදී ඇත. එසේ කළහොත් ඔවුන්ට නැතිවන්නේ තමන්ගේ සමාජය පමණි. නමුත් ඔවුන් එසේ නොකරති. ඒ මන්ද? ඔවුන් ඉස්ලාමය විසින් ලබාදී ඇති සංස්කෘතික වටිනාකම් දන්නා නිසයි.

            කුමණ තත්වයකදී වුව මුස්ලිම් යුවතියක අන් යුවතියන්ට වඩා තම විළිවසා ගැනීම පිළිබදව සැලකිලිමත් වන්නේ ඉස්ලාමය විසින් විළිවසා ගතයුතු මන්දැයි අරුත ඔවුන්ට වටහා දී තිබෙන නිසාය. ඉස්ලාමය විසින් මුහුණ වසා ගැනීමට පවසා නැති වුවද සමහර කාන්තාවන් විසින් ස්වේච්ඡාවෙන්ම එයද කරනුයේ එම අරුත ගැන වඩාත් සැලකිලිමත් වන නිසයි.

          4. අන්වර්- බීච් එකේ ඉන්න විදිහට ගෙදර ඉන්නවා නම් ඒක පුද්ගලයාගේ සෙන්ස් එක පිලිබඳ ප්‍රශ්නයක් . මගේ මව හෝ ඒ වයසේ කාන්තාවන් නියෝජනය කරන පරපුර සංස්කෘතික සිමාවන් පනවාගෙන කටයුතු කරනවා , බිකිනියක් තමා කලිසමක් වගේ ඇඳුමක් හෝ ඔවුන් අඳින්නේ නෑ . නමුත් යම්කීසි සිංහල කාන්තාවකට බිකිනියක් අඳින්න අවශ්‍ය නම් හික්කඩුවෙදි අඳින්න බැරි කමකුත් නෑ , එහෙම ඇන්දාය කියල ඇගේ සමාජයවත් , ආගමවත් ඇයට කිසිම ප්‍රශ්නයක් ඇති කරන්නේ නෑ . අන්න එතනයි වෙනස .

          5. ආගමක් යනු මිනිසාට යහමග පෙන්වන මැනුවල් එකක්. ඒ දහම තුල මිනිසාට යහපත් ලෙස වස්ත්‍ර ඇදිය යුත්තේ කෙසේද? කියා පෙන්වා දී නැතිනම් එය දහමෙහි අඩුපාඩුවක්. ඉස්ලාමය විසින් ඒ ගැනද මිනිසාට පෙන්වා දී ඇත. එසේ නොමැති දහමක් සමග ඉස්ලාමය සංසන්ධනය කිරීම නොකළයුත්තකි.

            මෙතන ඔබේ කථාව එකිනෙකට පටහැනියි ඔබ මුලින්
            මගේ මව හෝ ඒ වයසේ කාන්තාවන් නියෝජනය කරන පරපුර සංස්කෘතික සිමාවන් පනවාගෙන කටයුතු කරනවා
            යැයි කියනවා. ඉන්පසුව
            එහෙම ඇන්දාය කියල ඇගේ සමාජයවත් , ආගමවත් ඇයට කිසිම ප්‍රශ්නයක් ඇති කරන්නේ නෑ
            යැයි කියනවා.
            මෙතැනදී සංස්කෘතික සීමාවන් තිබෙන්නේ සමාජය තුල නොවේද?

          6. ආගමක කියා දෙන්න ඉඩ කඩ තියනවා නමුත් එහෙම නොකලාය කියා ඒ වෙනුවෙන් ප්‍රතික්‍රියා දැක්වීමයි ගැටලුව . සංස්කෘතික සිමාවන් ශ්‍රි ලාංකීය සමාජ පසුබිම එක්ක ඇතිවුනු ඒවා මිසක් ආගමකින් දීපුවා නෙවෙයි , අනික ඒවා විවිධ පරාසයක් තුල විහිද යන දෙවල් . මේ සංස්කෘතික සිමාවන් වයස්ගත කාන්තාවන් ඉක්මවා යන්නේ නෑ , නමුත් වර්තමාන පරපුර ඉක්මවා යනවා . ඒ අයට එහෙම යන්න තියන අවකාශය ගැනයි මම සඳහන් කලේ . තරුණ කාලයේදී හිතේ හැටියට විලාසිතා කරන කෙනෙක් වයස්ගත වෙනකොට ඒකට ගැලපෙන විලාසිතා කරන්නවාත් ඉදිරියේදි දකින්න ලැබෙයි ,මේ ඉන්න තරුණ පරම්පරාව වැඩිහිටියන් වුන දවසක . කොහොම වුනත් මේ දේවල් පුද්ගලික තීරණ මිසක් ආගමික බලපැම් නොවේ . කොටින්ම සාරිය අදින කෙනාට සාරිය අඳින්නත් , මිනි ගවුම අදින කෙනාට ඒ ක අඳින්නත් , දෙකම කැමති කෙනාට දෙකම අඳින්නත් අවස්ථාව තියනවා තමන්ගේ සිංහල කම ට හෝ බෞද්ධකමට ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැතුව

          7. එතකොට සෝම හිමියන්ගේ අවමංගල්‍යයට ආ කොට ගවුම් කාරියන්ට රෙදි ඇන්දවුයේ ඇයි?

          8. සෝම හිමිගෙ අවමඟුල විතරක් නෙවෙයි , පූජනීය ස්ථාන වලට යනකොටත් පිරිමින්ටවත් කොටට අඳින්න දෙන්නෙ නෑනේ . ඒක එක්තරා අවස්ථාවක් හෝ ස්ථානයක් පිලිබඳ ප්‍රශ්නයක් . තැනට ගැලපෙන ඇඳුම තෝරගන්න තරම් සෙන්ස් එකක් තමන්ට තියෙන්න ඕනි . නමුත් ශෝට් එකක් , ස්කර්ට් එකක් තහනම් කරන තැනට යන එක මගේ පෞද්ගලික අදහසට අනුව මඤ්ඤං වැඩක් . නමුත් ඒක ස්පෙශල් කේස් එකක් මිසක් දෛනික ජීවිතයට අදාල දෙයක් නොවෙන බව මතක් කල යුතුයි

          9. @anver – මම දන්න තරමින් බුදු දහමේ උපාසක උපාසිකාවන්ට නිති රිති නැහෑ . විනය නිති තියෙන්නේ භික්ෂූන්ට සහ භික්ෂුණීන්ට පමණයි . පන්සල් එනකොට විනිත ඇඳුමක් ඇඳෙගන ආවොත් හොඳයි කියල තියෙන්න පුලුවන් , නමුත් එහෙම නැතුව පන්සල් එන්න එපාය කියල නිතියක් නම් තියෙන්න විදිහක් නෑ . කොටින්ම බෞද්ධයෙක් වෙන්න පන්සල් යන්නවත් අවශ්‍යතාවක් නෑ . ඒ නිසා ඕක අපේ අය්යලගේ කුහක සදාචාරය නිසා හදාගත්ත එකක් කියලයි මට පෙන්නේ . ඒහෙම දේවල් ලංකාවේ තියනවා . බුදු හාමුදුරුවො හින්දුන්ගේ කුල බේදයට ප්‍රභල මතවාදීමය සහ ප්‍රායෝගික පහරක් එල්ල කරපු කෙනෙක් . රජ කුමාරවරු කසල සෝධකයයො එකම තත්වයෙන් සාසනයට ගත්තේ , ඒ වුනත් ලංකාවේ ගිහියො අතර විතරක් නෙවෙයි හාමුදුරුවරු අතරත් කුල බේදය තියනවා .

          10. මම නම් දකින්නේ වෙනස් පැත්තක්. එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේ තිබුණු සමාජ සම්ප්‍රදායන් නිසා කාන්තාවගේ වස්ත්‍රය මෙසේ විය යුතු යැයි නීතියක් පනවන්නට බුදුරජාණන් වහන්සේට අවැසි වුයේ නැහැ. නමුත් එය අද ගැටළුවක් වෙලා. අද ආගමික නායකයන්ට සිද්ධස්ථානයට එන බැතිමතිය මෙසේ පැමිණිය යුතුය යනුවෙන් නීති පනවන්නට සිදුවී තිබෙන්නේ එදා එවැනි පැනවීමක් සිදු නොකළ නිසයි.

          11. ඒ විදිහට දකින්න බැරි කමක් නෑ , නමුත් බුදු හාමුදුරුවන්ගේ සමස්ථ දර්ශනය සැලකුවාම ගිහියෙකුට නිතිරිති පැනවීමක් , අනිවාර්ය කිරීමක් කරපු බවක් දකින්න නෑ .මේදේ කලොත් මේ දේ විය හැකියි කියන හේතුපල සබඳතාව මත විග්‍රහ කිරීම් කරපු බවක් තමයි දකින්න තියෙන්නේ . ඔය චින්තන ක්‍රමය නිශ්චිත වශයෙන් සඳහන් නොවුන දේවල් විග්‍රහ කරන්නත් යොදාගන්න පුලුවන් බුද්ධිමත්ව සිතනවා නම් . බෞද්ධයෙකුට විහාරස්ථානයකට ඇඳිය යුතු ඇඳුම කුමන ආකාරයේ විය යුතුද කියන කාරණය ස්වයං බුද්ධියෙන් අවබෝධ කරගන්න හැකියාව ලබාදීම විනා නිති පැනවීමකට යනවා කියන්නේ සංඝ්‍යාවහන්සේලා බුදු හාමුදුරුවන්ගේ ක්‍රමයට ප්‍රතිවිරුද්ධ ක්‍රමයකට යාමක් කියලයි මම දකින්නේ .

            ඔය සිදුවීම මම පෞද්ගලිකව අනුමත නොකලත් , අපේ මූලික කථා බහට ගැලපීමක් කලොත් ඔය තත්වයට යටතේත් ශ්‍රි ලාංකීය බෞද්ධා කාන්තාවකට , එදිනෙදා ජීවිතය තුලදී කැමති ඇඳුමක් ඇඳීමේ අයිතිය සුරක්ෂිත වෙලා තිබෙන බව ඔබටත් පේනවා ඇති .

          12. ඔය සිදුවීම මම පෞද්ගලිකව අනුමත නොකලත් , අපේ මූලික කථා බහට ගැලපීමක් කලොත් ඔය තත්වයට යටතේත් ශ්‍රි ලාංකීය බෞද්ධා කාන්තාවකට , එදිනෙදා ජීවිතය තුලදී කැමති ඇඳුමක් ඇඳීමේ අයිතිය සුරක්ෂිත වෙලා තිබෙන බව ඔබටත් පේනවා ඇති .

            ඒකෙන් ඇති වෙලා තිබෙන අර්බුධය දැන් ඔබටත් පේනවා ඇති!

          13. ආගමේ නීතියක් නැහැ. ඒක නිසා කාන්තාවන් තමන්ට කැමති කැමති ආකාරයට ඇදගෙන එනවා. ඉතිං දැන් පරිපාලකයන්ට නීතිදාන්න වෙලා තියෙනවා. එතකොට ඔබ වැනි අය කියනවා එහෙම නීති දාන්න බැහැ කියා. එය අර්බුධයක් නොවේද?

          14. ආගම් වල නීතියක් තිබිය යුතුයි කියන එක ඔබතුමාල අවශ්‍යතාවයක් විදිහට දකින එක පුදුමයක් නෙවෙයි . ඔබතුමාල කියයි ආගමක් සම්පූර්න වෙන්න නිතියක් අවශ්‍යයි කියලත් නමුත් ඒක එහෙම වෙන්නේ නෑ වර්ථමානයේදී, නීතිය හදන්න ක්‍රියාත්මක කරන්න වෙනම ආයතන තියනවා . ඒවා හරහා බේදයකින් තොරව නිතිය ක්‍රියාත්මක කරවන්න හැකියාවක් තියනවා . කාන්තාවන් කැමති ඇඳුමක් ඇඳගෙන පන්සලට පැමිණීම ප්‍රශ්නයක් කරගැනීම සහ ඒකට මුද්ග විසඳුම් යෝජනා කිරීම තුල මිසක් ආගමේ කාන්තාවන්ට නිති නොදැමීම ගැටලුවක් නෙවෙයි . නිති රිති නොමැති ආගමික වටපිටාවක තියන නිදහසට ඒක භුක්ති විඳින මම ඒ බොහොම කැමතියි(මම විශ්වාස කරන ආගමික නිතිවලින් බැඳිලා නැති ඕනිම කෙනෙක් ඒ නිදහසට කැමතියි කියලා ), එහෙම පරිසරයක් නොතිබුනා නම් මම අද දරන මතවාදය දරන්න අවකාශයක් ලැබෙන්නෙත් නෑ , ආගමේ නිති නැති එක නෙවෙයි ප්‍රශ්නය . වැරදි විසඳුම් යෝජනා කිරීම . නිතිය සියලුම ආගම් වලින් ස්වායක්තව සෙකියුරල් විය යුතුයි .ආගම් බේදයකින් තොරව සියලු දෙනා යටත් විය හැකි නිතිය එයයි !

          15. මෙතැන ගැටළුව වී තිබෙන්නේ දර්ශනයක් ආගමක් ලෙස පටලවා ගැනීමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මයක් නොව ජීවිතය පිළිබදව දර්ශනයකි. පසුකාලීනයන් විසින් එම දර්ශනය ධර්මයකට හරවාගෙන ඇත. ඉතිං මෙලෙස නිමවුණු ධර්මයක් තුල වස්ත්‍ර පිළිබදව පමණක් නොව බොහෝ නීතිරීති අඩුපාඩු තිබීම පුදුමයක් නොවේ. නමුත් ලොව තිබෙන ප්‍රධාන ධර්ම සියල්ලෙහිම නීතිරීති ඇත. කිතුණු දහම, ඉස්ලාම් දහම සහ හින්දු ඇතුළු මේ සෑම ධර්මයකම නීතිරීති ඇත. නමුත් බොහෝ දහම් වල පසුකාලීණයන් විසින් එම නීතිරීති පිළිපැදීම ජනයාගෙන් ඉවත් කර ඇත. එම නීති භාවිතා නොකරන නිසා එම දහම් උසස් යැයිද කිව නොහැක. මන්ද එමගින් සිදුවන්නේ බැතිමතා නිර්වස්ත්‍ර කිරීම පමණක් බැවිනි. නමුත් ඉස්ලාමය අදහන අය එදා මෙන් අදද එම දිවියට යහපත් අණ පිළිපදිති. එය ඔවුන් දරන්නට බැරි වියගසක් ලෙස නොසලකති.

            අපේ රටේ හිටපු ජනාධිපතිනිය වරක් ඉරානයට ගිය විට ඇයටද ගුවන් තොටුපොලේ සිටම අබාය අදින්න වුවා මට මතකයි. ඇය රාජතාන්ත්‍රික අමුත්තියක වුවද එම නීතිරීති වලට ගරු කලාය. ඉස්ලාමීය වස්ත්‍රය මහමෙරක් කරගත් කෙනාට එය ප්‍රශ්නයකි. එසේ නොකරගත් කෙනාට එය ප්‍රශ්නයක් නොවේ.

          16. ඔබ කමෙන්ටුවේ මුල් කොටසේ අදහසට මාත් එකඟයි . ආගම් වල නොයෙකුත් නිති තියෙන්න පුලුවන් , ඒවා මානව හිමිකම් එක්ක බරපතල ගැටුමක් ඇති නොකරගන්නවා නම් මා ඒ ගැන කථා කරන්නේ නෑ . පසුකාලිනව තිබුනු නිති ඉවත් කරගත්තා නම් මම ඒක දකින්නේ සාධනීය ලක්ෂනයක් විදිහට(මේය් ඇඳුම් සඳහා සීමා නොවේ ) . නමුත් ඒක දහමේ නෙවෙයි පුද්ගලයන් වශයෙන් ලබපු ප්‍රගතියක් . ඒවගේම මොනම සාධකයක් මතවත් මම ආගම් දෙකක් උස් පහත් ලෙස වර්ග කරන්න යන්නේ නෑ , අදාල දහමේ නුතන සමාජීය බලපැම පිලිබඳ කථාකරනවා පමණයි (අවශ්‍ය වූ විටක ) . චන්ද්‍රිකා නෝනා එහෙම කලාට හිලර් ක්ලින්ටන් සෞදියට යන්නේ තමන්ගේ සුපුරුදු ඇඳුමෙන් !

          17. සෞදි අරාබිය තුල එම නීතිය හරියාකාරව ක්‍රියාත්මක නොවේ. නමුත් ඉරානය නම් හිලරි නෝනාට වුවද එසේම වනු ඇති.

          18. සෞදියේ අනික් ආගමික නිති නම් උපරිමයි ඕක විතරද නැත්තේ . සාමාන්‍ය විදේශික කාන්තාවකටත් හිලරි නෝන වගේම නිදහසේ ඇවිදින්න පුලුවන්ද ? .හිලරි නෝනා ඉරානයට ගියොත් ඉරාකයට වගේ කුඩු පට්ටම් වෙන්න ගැහුව දවසක ඇයට හිජාබයක් අන්දවන්න තරම් හය්යක් නැති තත්වෙකදි තමයි . හැබැයි චන්ද්‍රරිකා නොන නම් සෞදියට ගියත් ඔලුව වහයි , මොකද හිලරිට වගේ බලවන්ත කමක් නැති නිසා

          19. හිලරි පමණක් නොව සෞදියට ගිය බොහෝ රාජතාන්ත්‍රික කාන්තාවන් හිජාබ් නොහැද සිටින ඡායාරූප මා දැක ඇත. එනිසා එය හිලරිට පමණක් විශේෂයක් නොවේ.

          20. ඒ කියන්නේ ඒකාධිපති රාජ ආණ්ඩුවක් උනත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදි හැසිරෙන්න ඕනි විදිහ ගැන හොඳ සෙන්ස් එකක් සෞදි රජයට තියනවා කියන එකත් , ඉරානයේ ඉන්න රාජ්‍ය තාන්ත්‍රිකා බාවයක් නැති අහංකාර පාලකටින් පිරිසක් පමණක් කියන එකත් . ඒක ඉතින් හොඳටම පැහැදිලියි ඉරානය මේ වෙනකොට දාගෙන තියන වලි (ඉල්ලං කෑම් ) ටික දිහා බලන කොට . රාජ්‍ය තාන්ත්‍රික නොවන සාමාන්‍ය විදේශීය කාන්තාවක් සම්බන්ධයෙන් තත්වය කොහොද ? සෞදියේ

          21. මෙසේ ලියුවාට ඔබ මා සමග අමනාප වෙන්න එපා. ඔබගේ අදහසට සමාන නම් ඕනම කුණක් හොදයි කියන්නත්. ඔබගේ අදහසට සමාන නැතිනම් ඕනම මැණිකක් කුණක් ය කියන්නත් ඔබ මැලි නොවන බව මෙම ප්‍රතිචාරයෙන් ප්‍රකාශ වේ. අද ලොව සිටින දුෂිත පොලිස්කාරයා වන ඇමරිකාවට එරෙහිව අභීතව පෙරටවිත් සිටින ඉරානය ඔබට පෙනෙන්නේ අහංකාර පාලකයින් ලෙසයි.

            අහංකාර පාලකයා ඔබාමාද නෙජාද්ද කියා දැනගන්න මේ ලිපිය කියවන්න
            http://www.anvermanatunga.com/2012/01/16/%E0%B6%B8%E0%B7%84%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A-%E0%B6%85%E0%B7%84%E0%B6%B8%E0%B6%AF%E0%B7%8A-%E0%B6%B1%E0%B7%99%E0%B6%A2%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A/

          22. මේ සිදුවීම සබන්ධයෙන් නෙවෙයි මම බලොග් කරුවෙක් විදිහට ඇමරිකන් හිතවාදී ස්ථාවරයක හැමදාම හිටියේ . ඔවුන් කරන හැමදෙයක්ම නිවැරදියි කියනවා නෙවෙයි . නමුත් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ඉහලින්ම තියන ඇමරිකාව පුරවැසියන්ගේ අන්තර්ජාල අයිතියත් උදුරාගන්න ඉරාන ඒකාධිපතිවාදයට වඩා බොහොම හොඳයි . ඔය යන විදිහට දිගටම ගියොත් අහමෙදි නෙජාඩුත් ගඩාෆිල සදාම්ල ගිය දිහාවෙම නතර වෙන්නේ .

            අහමෙදි නෙජාඩ් ගේ හොඳගති ගුණ ඉස්මතු කලාය කියල ඔහුගේ දේශපාලන තීන්දු නිවැරදි කියල අදහස් වෙන්නෙත් නෑ . ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න නොදන්න පණ්ඩිතම සාධාරණීකරනය වෙන්නෙත් නෑ . ඔය යන විදිහට දිගටම ගියොත් අහමෙදි නෙජාඩුත් ගඩාෆිල සදාම්ල ගිය දිහාවෙම නතර වෙන්නේ .

          23. නෙජාද් යනු ගඩාෆි මෙන් එකාධිපති පාලකයෙක් නොවේ. ඔහු දෙවරක්ම මහජන ඡන්දයෙන් පත්වුවෙක්. නමුත් සී.අයි.ඒ එක විසින් එම මහජන මතය බිදින්නට උත්සාහ කළා. සී.අයි.ඒ එක රුසියාවෙදි පුටින්ට කරන්න හැදුවෙත් මේ දේමයි. සී.අයි.ඒ ප්‍රමුඛ බටහිර ඔත්තු සේවා ජාල විසින් ලෝකය අතර ඉරානය ගැන වැරදි මතවාදයන් පැතිරෙව්වා. අද ඔබට ඉරානය ගැන පුවත් පැමිණෙන්නේ ඇමරිකානු සංස්කරණයි.

          24. මහජන ඡන්දෙයන් පත්වුනත් අර්ධ ඒකාධිපති ස්වරුපයෙන් පාලනයන් ගෙනියන්න පුලුවන් . ජනපති ධූරයට තියන බලතල ප්‍රමාණය අනුව . බලමු අහමෙදි නෙජාඩ් ඉස්සරහට මොකෝ කරන්නේ කියල

          25. ඉරාන ව්‍යවස්ථාව අනුව ජනාධිපති විය හැක්කේ දෙසැරයයි. ඒ නිසා ඔහුගේ මේ යන්නේ අවසන් වාරයයි. තමන් ජනාධිපති කමෙන් ඉවත්වු පසුව තමන්ගේ කලින් රැකියාව වන විශ්ව විද්‍යාල ගුරු කමට නැවත බසින බව ඔහු දැන්ම පවසා තිබෙනවා.

          26. දෙපාරෙන් යන එක නම් හොඳයි , නමුත් ඊලඟට එනා කෙනා වුනත් ඉරානයේ ඔය ප්‍රතිපත්තිම දිගටම අරන් ගියොත් ප්‍රතිඵලයේ වෙනසක් නෑ . මම හිතන්නේ ඉරානයේ විපක්ෂ බලවේගය වඩා නම්‍යශිලියි . ඔවුන් ඊලඟට බලයට පත්වුනොත් ඉරාන ජනතාවට හොඳයි !

          27. ඉරාන විපක්ෂය පවතින රජයට විරුද්ධ වුනාට ඔවුන් ඉරාන පාලන ක්‍රමයට අකමැති නැහැ. අද විපක්ෂයේ සිටින අයත් කලින් ආන්ඩු කළා. ඊලග මැතිවරණයෙන් විපක්ෂයේ කෙනෙකු ජනාධිපති වුවොත් අන්න එදාට ඇමරිකාව ඔහුවත් පතුරු ගසන්නට පටන් ගන්නවා. ඉතිහාසය පුරාම සිදුවුයේ ඒකමයි.

  19. Balapem kireemata kisima sadaachara aithiyak nethei yanna mage adahasai.
    Namuth seba muslim warun me laukika jeewithaya gena loku thekeemak karanne ne. Me lokaya ketikaleenai. Sebe muslim warunge parama chethanaawa wanuye nimak, konak nethi swargaya labaa geneemai. Ema hethuwen melowa windina samahara dushkaratha kemeththen winda daraa ganee. Muslim kaanthawan thama sarwaangayan melesa wasaaganne ithaa kemeththen haa sathutenui. Maknisaada yath swargaye athi sathuta wisthara karanna nodanna tharam ihalai.
    Koi eswalin ho nodeka ethi, koi kanwalin ho noasaa ethi, koi sithakin ho sithaa balaa nethi ithaamath usas swargayak oba wenuwen nirmaanaya kara eththemu kiyaa Allah quraanaye pawasai.
    Eya labaa geneemai Sebe Muslim warunge parama chethanaawa.

  20. බුවා:
    //මුස්ලිම් නොවන කාන්තාවන් වෙනුවෙන් එසේ කිරීම තාර්කිකද ?//
    මුස්ලිම් නොවන කාන්තාව,මුස්ලිම් කාන්තාව කියා වෙන්කර මෙම ලිපිය හෝ ප්‍රතිචාර පළකර නොමැත.පොදුවේ සමස්ත කාන්තා ඇඳුම මෙලෙස වීම සුදුසු යයි අදහස් දැක්වා ඇත.මෙහිදී කාන්තාව ඉස්ලාම් ක්‍රමයට ඇඳීමෙන් තමා හා සමාජයම ආරක්ෂා කරන අතර මුස්ලිම් නොවන කාන්තාව ඇඳීමෙහි කිසිම අතාර්කික බවක් නොපෙනේ. මෙහිදී මුස්ලිම් නොවන කාන්තාවට ඇඳීම සුදුසු යයි පැවසීමෙහි කිසිම අතාර්කික බවක් නැත.

    //ඔවුන් මුස්ලිම් දහමට අනුකුල නොවන්නේ ඇඳුමෙන් විතරක් නෙවෙය්නේද ?//
    ඔව්.ඔවුන්ගේ විශ්වාසයෙන් හා තවත් ක්‍රියා වලින් ඔවුන් මුස්ලිම් අයට වෙනස්.එබැවින් ඔවුන්ට දහම ඉදිරිපත් කර දැනුවත් කිරීම අපගේ යුතුකමක්. මෙහිදී මෙම බ්ලොග් අඩවිය ඇතුළු තවත් වෙබ් අඩවි හා දේශකයන් එම සේවාව කරමිඉන් සිටිති.මෙය ඔවුන්ගේ පමණක් නොව සමස්ත මුස්ලිම් ප්‍රජාවගේම වගකීමක් වුවද බහුතරයක් ඒ පිළිබඳව තැකීමක් නොකර හෝ කිසිවක් කිරීමට නොහැකිව හෝ සිටිති.

    1. //.පොදුවේ සමස්ත කාන්තා ඇඳුම මෙලෙස වීම සුදුසු යයි අදහස් දැක්වා ඇත//

      ආන්න එතන තමයි ප්‍රශ්නය , ඉස්ලාම් ආගමෙන් අනුමත කරපු දෙයක් අනික් ආගමිකයින්ට නිර්දේශ කරන්න යාම , අනෙක් අතින් ඉස්ලාම් නොවන සමාජයක දකින්න තියන දේවල් ඉස්ලාමීය කරුණා හා ගලප්පන්න යාම . ඉස්ලාම් නොවන කාන්තාවන්ට ඉස්ලාමයෙන් ඇඳුම් අදින උපදේස් දෙන්න යන්න එපා . ඒක තමයි අතාර්කික කම .
      //ඔව්.ඔවුන්ගේ විශ්වාසයෙන් හා තවත් ක්‍රියා වලින් ඔවුන් මුස්ලිම් අයට වෙනස්.එබැවින් ඔවුන්ට දහම ඉදිරිපත් කර දැනුවත් කිරීම අපගේ යුතුකමක්. මෙහිදී මෙම බ්ලොග් අඩවිය ඇතුළු තවත් වෙබ් අඩවි හා දේශකයන් එම සේවාව කරමිඉන් සිටිති//
      ඔබ කියන විදිහට මේක ඉස්ලාම් දහම ප්‍රචාරණය කරන අඩවියක් , එහෙමද ?

      1. මගෙ මුස්ලී‍ම් සහොදරයන්ගෙන් දෑනගන්න කැමතීයී මුස්ලිම් කන්තාවන්ට හිස වසා සිටිය යුතුයි .යනුවෙන් නියෝග කරනුයෙ කුමන පදනමක සිට ද ?

        1. ඊට කලින් භික්ෂුණීන් වහන්සේලාට හිස බූ ගෑ යුතුය යන්න පනවා ඇත්තේ කුමණ පදනමින්ද කියා.

          1. බික්ෂුන් හා ගිහියන් සමනව සැලකියනොහැකියි එබව ඹබට වැටහෙන්නෙ නැතිව ඇති. බික්ෂුන් වහන්සේලා ට පැවිදි ජිවිතය අතහැර ගිහියකුවිමට නිදහස තිබෙනවා.ඹනනම් ඉස්ලම් භක්තිකයකු විය හැක.එයට කිසිම බධාවක් නැත.නමුත් ඉස්ලම් දහමහි ඵම නිදහස තිබෙනවා ද? මුස්ලිම් අයකු ඉස්ලාමය අතහැර වෙනත් ලබ්ධියක් අදහයි නම් ඔහු ට දෙන දඩුවම කුමක් ද ?
            (අන්වර් මහත්මයා පලවන පැනට තවම පිළිතුරු දී නැත.)

          2. ඉස්ලාමය හැර යන කෙනෙකුට මරණ දන්ඩනය දෙනලෙස අණකර ඇතැයි කීම ඇත්තක් නොවේ. මේ ගැන හදීස් හෙවත් නබිවදනක් ඇත. නමුත් ඒ නබිවදන විශ්වාසනීය කෙනෙකු විසින් කියු නබිවදනක් නොවේ. තවත් නබිවදනක සදහන් වන්නේ කෙනෙකු මුහම්මද් නබිතුමාණන් ඉදිරියට පැමිණ තෙවරක්ම ඉස්ලාමය හැර යන බව පැවසු නමුදු එතුමාණන් කිසිවක් නොකළ බවයි. මේ නිසා ඔබ කියු දෙය පිලිගත නොහැක.

            කෙසේ වුවද මේ ගැනද ඉදිරියේ ලිපියක් පලකිරීමට බලාපොරොත්තු වෙමි.

          3. සචින්:
            බික්ෂුන් හා ගිහියන් ලෙස පුද්ගලයන් වර්ග කර මිනිසුන්ට දෙවිදියකට සැලකීම කෙතරම් සාධාරණද?
            එලෙසම ගිහියෙකුට ඇති අය්තිය බික්ෂුන්ට නොමැති වීම කෙතරම් අවාසනාවක්ද? ඉතින් සහෝදරයා මෙලෙස එකම දර්ශනයක සිටින කොටස් දෙකකට නීති දෙකක් පැනවීම කුමන පදනමකින් කරන්නේද?

      2. ” එකම සමාජ තලයක ඉන්න සිංහල තරුණියක් නිදහසේ තෝරන ඇඳුම මුස්ලිම් තරුණියට තෝරන්න පුලුවන්ද ?”
        මෙය කිසිම පදනමක් නැති කතාවක්නේ .. කාන්තාවන් වන අපි, අපි කැමති විදිහටය් ඇඳුම් තෝරා ගන්නේ.. වෙනසකට තියෙන්නේ මුස්ලිම් කාන්තාවන් , එය යන එන අයට පෙන්නන්න අන්දින්නැති එකය. ඔවුන් ලස්සනට අඳින්නේ, සරසගන්නේ තමාගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන්. ,පියා , සහෝදරය, හා අනිකුත් මහ්රම් වන අය( විවාහ වීමට තහනම් පිරිස් ) ඉදිරියේ ඔවුන් සාමාන්‍ය ලෙස සිටිති . ඔබ සිතන්නේ ගෙවල් වල ඉන්න විටත් කාන්තාවන් එම ඇඳුමම(අබායා ) අඳින බවද ?
        ඇත්තටම දැන් සමාජයේ මෙතරම් ඇඳුම් ගැන මුස්ලිම් නොවන කාන්තාවන් වද වෙන්නේ අනුන්ට ලස්සනට පෙන්නන්නටය්. එය ඔවුන්ගේ වචනවලින්ම කියනවානම් “අපි නම් ලස්සනට ඇඳගෙන එන්නේ ගෙදරින් එලියට එනකොටය , ගෙදර කව්ද ඉන්නේ ” යනුවෙනි.. මෙහි පරමාර්ථය කුමක්ද ?? ඔබ පවසන “පුද්ගලික රුචිකත්වයට” වඩා, පාරේ ඉන්න මිනිස්සුන් දෙවරක්, තුන්වරක් තමන් දෙස හැරී බැලිය යුතුය්, ඔයා ලස්සනය් කියා කිව යුතුය් කියන එක නොවෙය ද? උත්සව වලට කැපී පෙනෙන්නට ඇඳුම් ඇඳ එන යැහැලියන් බලා “ලස්සනය් , වඩා ගන්න හිතෙනවා ” , “ගෙදර එක්කරගෙන යන්න හිතෙනවා ” කියා පිරිමි යහළුවන් කියනු අසා ඇත්තෙමි.මෙය එම යැහැලියන්ට සතුටු වී හඬ නගා සිනාසීමට කරුණක් වූවත් මුස්ලිම් කාන්තාවක් එය අනුමත නොකරය. තමාගේ ස්වාමිපුරුෂයාගේ පමණක් “ඔයා ගොඩක් ලස්සනය් ” කිව්වොත් එය මුස්ලිම් කාන්තාවකට ප්‍රමාණවත්ය.. සමහර විට ඔබට මුස්ලිම් කාන්තාවන්ට තිබෙන මෙවන් රුචිකත්වයන් “ගෝත්‍රික රුචිකත්වයන් ” ලෙස පෙනෙනු ඇත .. මන්ද , ඔබට සෑම දෙයක්ම පෙනෙන්නේ එලෙසම නිසාවෙනි .

        1. // ඔබට මුස්ලිම් කාන්තාවන්ට තිබෙන මෙවන් රුචිකත්වයන් “ගෝත්‍රික රුචිකත්වයන් ” ලෙස පෙනෙනු ඇත//

          ආන්න හරි එහෙම තමා හිතෙන්නෙ .. ඕක ගෝත්‍රික රුචිකත්වයක් වෙන්නේ ගෝත්‍රික පදනමකින් ආපු රුචිකත්වයක් මිසක් ඔරිජිනල් මනුස්ස හැඟීම් වලින් ආපු එකක් නොවෙන නිසා . මුස්ලිම් නොවන බහුතරයට -සම්මතයට වෙනස් රුචිකත්වයක් නිසා

        2. ආන්න හරි එහෙම තමා හිතෙන්නෙ .. ඕක ගෝත්‍රික රුචිකත්වයක් වෙන්නේ ගෝත්‍රික පදනමකින් ආපු රුචිකත්වයක් මිසක් ඔරිජිනල් මනුස්ස හැඟීම් වලින් ආපු එකක් නොවෙන නිසා . මුස්ලිම් නොවන බහුතරයට -සම්මතයට වෙනස් රුචිකත්වයක් නිසා

          1. මගේ පිළිතුරේ අන්තිම පේලි දෙකට විතරක් ඔබ post කර ඇති අදහස ඉතා අගෙය !!

        3. to sachin
          ඉස්ලාම් ආගමෙන් පිටවූ අයෙකුට දෙන දඩුවම ගැන ඕව අසා තිබුනා.මම දැනගන්න කමතිය් රට පාවා දුන් තැනැත්තෙකුට දෙන දඩුවම දැනගන්න.
          හේතුව කුරානය ආගම් පොතක් ම නොවෙය එය රටේ විවස්තව්කුත් වෙනවා.නබි තුමාගේ කාලයේ රටේ නිතිය කුරානයේ නිතියය්.එය හැම කාලයටම වලන්ගුය්.

          1. ajward
            මම කැමතියි දැනගන්න රට පවාදිම යනු ‍වෙන් කුමක් අදහස් කරයිද කියා.?
            පුත්ගලයෙක් තමන් කැමති ආගමක් ඇදහිම සහ රට පවා දිම අතර සම්බන්ධය ‍මොකක්ද ?
            යම් අයකු තම පරම්පරාවේ ආගම් හෝ ඇදහිලි පිළිනොගැනිම රට පවා දිමක් ලෙස ඹබ සිතනවාද ??

      3. බුවා:
        ඔබ ඔබේ මතය ලෙස ඉස්ලාම් දහමෙහි පවතින කරුණු වෙනස් විය යුතුයැයි තර්ක කිරීම සාධාරණ යැයි සිතන ඔබ, අපි අපගේ මතය ලෙස ලෝක ප්‍රජාව මෙලෙස ඇඳුම ඇඳීම සුදුසු යැයි ප්‍රකාශ කිරීම අතාර්කික යැයි පැවසීම කෙතරම් සාධාරණද?

        මට අනුව මෙම බ්ලොග් අඩවිය ඉස්ලාම් දහම ප්‍රචාරණය කරන අඩවියකි.

  21. ‘බුවා’ මෙතන කෙටියෙන් කියන්න උත්සහ කරන්නේ මේකයි (වැරදි නම් ඔහුට මා නිවැරදි කල හැක )’ආගමේ නීතීරීතී තිබුනා හෝ නැතා අදාල පුද්ගලයාට ඒ සම්බන්ධව බලපෑම් වලින් තොරව නිදහසේ තෝරා ගැනීමේ අයිතිය තිබිය යුතුයි’ යන්නයි.

    මෙහි තේරුම් ගත යුත්තේ මේ සාධකයන් දෙක එකවිට පැවතිය හැකිද යන්නයි. ‘නීතීය’ යන්න පවතින විට ‘අයිතිය’ ඇතිවිය හැකිද? නොහොත් ‘අයිතිය’ ඇති තැනක ‘නීතීය’ට පැවැතිය හැකිද? ප්‍රථමයෙන්ම මෙය මූලිකව අවබෝධ කරගත යුතුයි.

    ඔහු පවසනාකාරයට ‘සමාජය’ බලපෑම නොකල යුතුයි යන්න සත්‍යයකි. ඉස්ලාම්හී බලකිරීමක් නැත. නමුත් මා ඔහුගෙන් වෙනස් වන්නේ ‘බලපෑම’ වෙනුවට ‘වගකීම’ මතය. සමාජය විසින් ඇයට බලපෑම් කලනොහැකි වුවත් ඇය ඉන් මුදා ගැනීමට අවශ්‍ය කාර්යයන් සිදු කිරීමේ වගකීම ඔවුන් සතුව ඇත. කෙසේ වුවත් මෙවන් තත්වයක් තුල වඩා හොඳ භූමිකාවක් නියෝජනය කල හැක්කේ ඇගේ දෙමාපියන්ටය. මන්ද ඔවුන්ට වගකීමක් මෙන්ම අයිතියක්ද ඇති නිසාය. මෙහිදි දෙමාපියන් කටයුතු කල යුතු ආකාරය ගැන සාකච්ඡාවට නොයන්නේ එය දෙමාපියන්ගෙ උගත්,නූගත් බාවය අනුව තීරණය වන නිසාය. නමුත් ඇය ඉන් වැලක්වීමේ පරම යුතුකම ඔවුන් සතුව ඇත. ඉස්ලාමය යනු පුද්ගල අයිතියද, එහි බලපෑමද සාධාරණව දකින මිනිසාගේ සෑම ක්ෂේත්‍රය තුලම පුලුල්ව විහිදා ඇති අධ්‍යාත්මික මගපෙන්වීමක් බව අවබෝධ කරගත යුතුය.

    1. //මෙහි තේරුම් ගත යුත්තේ මේ සාධකයන් දෙක එකවිට පැවතිය හැකිද යන්නයි. ‘නීතීය’ යන්න පවතින විට ‘අයිතිය’ ඇතිවිය හැකිද? නොහොත් ‘අයිතිය’ ඇති තැනක ‘නීතීය’ට පැවැතිය හැකිද? ප්‍රථමයෙන්ම මෙය මූලිකව අවබෝධ කරගත යුතුයි//

      අපෝ පුලුවන් . ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් ක්‍රියාත්මක වන රටක තත්වය අරන් බලන්න . ඔබට තියන අයිතිය වෙනත් කෙනෙක්ගේ අයිතින් උල්ලංඝනය කල නොහැකි තත්වය දක්වා තියනවා . ඔබේ සැරටිය අනෙකා නාසය ගාවට ගේන කන් ඔබ ඔබගේ අයිතිය තුල ඉන්නවා , නමුත් අනිකාට පහර දෙන්නට ඔබට අයිතියක් නෑ . නිතිය සකස්වෙලා තියෙන්නේ සියලු දෙනාගෙම අයිතීන් රැකගන්න සහ කවුරුන් හෝ එයට බාධා කරනවා නම් එයට නිසි ක්‍රියාමාර්ග ගන්න .

      1. ඔබ සිදුකර ඇත්තේ ‘අයිතිය’ හා එහි සීමාවන් ගැන හැඳින්වීමක්. මා අදහස් කලේ ‘අයිතිය’ හා ‘නීතීය’ට එකවර පැවතිය හැකිද යන්න විතරයි.

  22. ANVERTA KIYANNA PULUWANDA MINISA SHISHTACHAARA GATHWEE KOPAMANA KALDA KIYALA….

    1. මේක දැනුම මිනුම තරගයක් නොවේ.කරුණාකර මාතෘකාවට අදාල දේ පමණක් කතා කරන්න.

  23. අනික දැන් ඇදුම් අදින්නේ විලි වහන්න නෙවෙය් අරගෙන ඉන්න වහන් ඕනේ දේවල් ඇරලා අරින්න ඕනේ දේවල් වහගෙන . මුස්ලිම් නොවන සහෝදර වරුණේ මෙය ඔබට දෙන අබියෝගයකි හැකිනන්ම් [පෙන්වන්න කුමන ආගමේ නායකයෝද අශිෂ්ට සම්පන්නව ඇදගෙන හිටියේ ? ය ඔබලා සත්‍යට මුහුණ නොදෙන්නේ ? මිනිස්සු වැරදි කරනකොට එය කියාදීම අපේ යුතුකමකි එය දැක දැකත් නොදැක්කා වගේ යන්නේ කොන්ද පන නැති උන්ය .

  24. බුවා මාත් සමග ඔරොප්පු වෙන්න එපා .කමෙසුමිච්චාචාර කියන යෙදුම සම්පුර්නයෙන් ඔබගේ විග්‍රහය ලබා දෙන්න.ඔබට පින්.

  25. බුවාගේ සිතුවිලි( Ajward- මම හිතන්නේ නෑ ලෝකේ කොහෙවත් රටක හෙලුවෙන් පාරේ යන්න අවසරයක් තියනවා කියලා .)මීට අව්රුදු 17කට‍ උඩදී යුරෝපයේ එක්තරා පුද්ගලයෙක් කකුලට බුට්ස් එකයි ඔලුවට තොප්පියි පමණක් ඇදගෙන හෙළුවෙන් යුරෝපයේ හැම තැනම ඇවිද්දා.මෙය ඔබ දන්නේනැති බව පේනවා .ඔහු පැවසුවේ ඔහු නැචුරලිස්ට් බවයි.යුරෝපය පැවසුවේ.එසේ යාමට ඔහුට constitution rights තිබෙන බවයි.මනුධර්මය අනුව ඔහුට එම අයිතිය ඇත.කොහොමද ඔහොම ලංකාවේ බස් එකේ නැගලා ගියානම්.

    (මුස්ලිම් කාන්තාවන් මොනවා ඇන්දත් අනික් අයට විවේචනය කිරීමේ හැකියාවක් නෑ . මගේ විවේචනයට ලක්වෙන්නේ ඔවුන්ගේ ආසාව පරිදි ඇඳුමක් තෝරාගැනීමට අවකාශයක් නොමැතිවීම පිලිබඳව පමණයි , නැතහොත් අනෙකුත් කාන්තාවට ලැබී ඇති වරප්‍රසාදය අහිමි වීම පිලිබඳ වයි.) මෙය ඔබ මුස්ලීම් දර්මය පිළිපදින කාන්තාවන්ගේ අදහස් විමසා බලා ඔවුන්ගේ දුක්ගැනවිල්ලක් ලෙස ඉදරිපත් කලේනම් කම්නැත. cnn හෝ bbc අදහස් පළකිරීම කණගාටු දායකයි.මුස්ලීම් කාන්තාවන් සිතන්නේයැයි ඔබෙසිතගියාව් ඉදිරි පත්කිරීම කොයිතරම් සදාරනද?
    ( හැබැයි අනික් මිනිස්සුන්ගේ රසවින්දනයට බාධා කරන්න විකෘති අර්ථකතන දෙන්න එපා , මොකද ඒ පිරිස ඔබලාට වඩා ප්‍රමාණයෙන් වැඩියි.)පිළිගන්න පිරිස වැඩිවූ තරමට වැරද්දක් නිවැරදි වන්නේනැහැ.
    (නමුත් යම්කීසි සිංහල කාන්තාවකට බිකිනියක් අඳින්න අවශ්‍ය නම් හික්කඩුවෙදි අඳින්න බැරි කමකුත් නෑ , එහෙම ඇන්දාය කියල ඇගේ සමාජයවත් , ආගමවත් ඇයට කිසිම ප්‍රශ්නයක් ඇති කරන්නේ නෑ . අන්න එතනයි වෙනස ).මා ජිවත් වන්නේ බෝඋද්දයින් වැඩි පිරිසක් ඉන්න ස්ටනයක. ඔවුන්ගේ අදුම්පලදුම් ඉතා සංවරයි.මගේ බෝඋද්ද මිතුරන් සියලු දෙනා මිනි ගවුම අදින කිසිදවසක අනුමත කරනැහැ.

    1. //කොහොමද ඔහොම ලංකාවේ බස් එකේ නැගලා ගියානම්.//

      එහෙම බැරි ලංකාවෙ මානසිකත්වය තවමත් යුරෝපයේ තරම් දියුණු වෙලා නැති නිසා . කොහොම වුනත් ඔය සිදුවීම ස්පෙශල් කේස් එකක් , මම අදහස් කලේ සාමාන්‍ය ජනජිවිතය පිලිබඳ

      // මෙය ඔබ මුස්ලීම් දර්මය පිළිපදින කාන්තාවන්ගේ අදහස් විමසා බලා ඔවුන්ගේ දුක්ගැනවිල්ලක් ලෙස ඉදරිපත් කලේනම් කම්නැත//
      ආගමික වශයෙන් මොල හේදීමට ලක්වුනු කෙනෙකුට තමන්ගේ අයිතීන් උල්ලංඝනය වන බව පෙන්නේ නෑ , ත්‍රස්තවාදියෙක් ගෙ කරේ සයනයිඩ් එල්ලුවාම ඒකත් වීරත්වයක් සහ විමුක්තිකාමිත්වයක් විදිහට තමයි ඔවුන් දකින්
      //පිළිගන්න පිරිස වැඩිවූ තරමට වැරද්දක් නිවැරදි වන්නේනැහැ.//
      මෙතන තියෙන්නෙ මිනිස් චර්යාවක් පිලිබඳ ප්‍රශ්නයක් , එතනදි බහුතර මතයෙන් තමයි සම්මතයන් සැකසෙන්නේ , මිනිස් ශිෂ්ටාචාරය කියන්නේ එහෙම හැදුනු සම්මතයන්ගේ එකතුවක් . ආගම් වලින් කරන්නෙත් මිනිසාට ඒවගේ සම්මතයන් හඳුන්වාදීම . නූතන ලෝකයේ අපිට ආගම් වලින් ස්වායක්තව සම්මතයන් හදාගන්න පුලුවන් කම තියනවා . මේ කාරණයේදී ඉස්ලාම් – ඉස්ලාම් නොවන වශයෙන් සම්මත දෙකක් තියන බව ඔබට දකින්න පුලුවන් , වැඩි පිරිස කව්ද යන්න අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ

      එහෙම තමයි බෞද්ධයෙකුට කැමති නම් මිනිගවුම් අඳින්නත් පුලුවන් කැමති නම් බනින්නත් පුලුවන් , දෙකෙන් කෝක කලත් ඔහුගේ බෞද්ධකම ට කිසි ගැටලුවක් නෑ

      //මා ජිවත් වන්නේ බෝඋද්දයින් වැඩි පිරිසක් ඉන්න ස්ටනයක. ඔවුන්ගේ අදුම්පලදුම් ඉතා සංවරයි.මගේ බෝඋද්ද මිතුරන් සියලු දෙනා මිනි ගවුම අදින කිසිදවසක අනුමත කරනැහැ.//

  26. බුවෝ
    (( මෙතන තියෙන්නෙ මිනිස් චර්යාවක් පිලිබඳ ප්‍රශ්නයක් , එතනදි බහුතර මතයෙන් තමයි සම්මතයන් සැකසෙන්නේ , )) පංචශිලයෙන් ද කරන්නේ මිනිස් චර්යාවන් නිවැරදි කිර්මකි.එනම් ලොව බහුතරය පිලි පදින්නේ කුමන දර්මයද ? ඔබ කියන්නේ බුදු වදන් සියල්ල හරියට රජයේ සෞක්‍ය පණිවුඩයක් වගේ කියලද? දුම්පානය පිලිකා ඇතිකරයි.

  27. අපේ බුවාලට වෙන වැඩ නැහැ.ඉස්සෙල්ල අපේ ගෙවල් වල තියෙන නාඩගම් නවත්වන්න.අපිට රට හදන්න බැහැ.අපේ කාන්තාවන් සීමිත ප්‍රමානයයි අබායා දාගෙන සීලෙ රකින්නෙ.ඇතුලෙ ලෙගින් අඳල අබායාව ලෙගින් එක පේන්න පලලා මේන දැක්කම කාමයට නෝ ගැරන්ටි.

Comments are closed.