මුස්ලිම් කාන්තා වස්ත්‍රය පිලිබඳව බෞද්ධ විද්වතෙකුගේ අදහසක්!

Dr. Sujith Nishantha Hewage, ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

අද අන්තර්ජාල අඩවි ලිපි වලට ලැබෙන ප්‍රතිචාරයන්ගේ ගුණාත්මක බව විශාල වශයෙන් පිරිහී ඇති යුගයකි. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ යනු අන්තර්ජාල අඩවි තුල ඉතාමත් ගුණාත්මක පාඨක ප්‍රතිචාරයන් දමන්නාවු මධ්‍යස්ථ මතධාරී බෞද්ධ විද්වතෙකි. ඔහු අපගේ අඩවියේද පාඨකයෙක් වන අතර විශේෂ අවස්ථාවන්හිදී තමන්ගේ බුද්ධිමත් අදහස් සංවාදයන්ට යොමුකර ඇත. පහත සඳහන් වන්සේ ඔහු විසින් අපගේ මුස්ලිම් කාන්තා වස්ත්‍රය සම්බන්ධ 2012 වසරේ ලිපියකට එවු ප්‍රතිචාරයකි. එහි තිබුණු ඔහුගේ දුරකථන අංකය ඉවත් කිරීම (ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන්) හැර අන් කිසිදු සංස්කරණයකින් තොරව මෙසේ පලකරමි.

මම හොඳ සිංහල බෞද්ධ පසුබිමකින් පැවත එන කෙනෙක්. මම ආචාර්ය උපාධියටත් කලේ බෞද්ධ මනෝ විද්‍යාව (සංජානනය පිළිබඳව ත්‍රිපිටක ඉගැන්වීම් ඇසුරින් සිදු කෙරන විචාර පූර්වක අධ්‍යයනයක් මගේ ආචාර්ය උපාධි; දර්ශන විශාරද උපාධි මාතෘකාව) මේ සියල්ලම මෙහෙම ලිව්වේ මම පිළිබඳව පම්පෝරි ගහන්න නෙවෙයි. මගේ පසුතලය මගේ පසුබිම ගැන වැරදි යට හිතන එක වළක්වා ගැනීමටයි.

මේක කියවද්දී මා ගැන නොදන්න කෙනෙකුට මා පිළිබඳව වැරදි අවබෝධය ඇතිවීම වළක්වා ගැනීම මා පිළිබඳව දැමීමේ අර්ථයයි. මෙහි මාතෘකාව යුවතියකගේ ඇඳුම පිළිබඳව වුවද එය සැහැල්ලු දෙයකට බාර ගැනීම සිදු කළ නොහැකියි. මම මේ මගේ අදහස මෙහි දමන්නේ මෙහි සිටින අනිත් අය සමඟ මතවාදී අරගලයකට පැටලෙන්න නෙවෙයි. අනික මම මෙහෙම දෙයකට මිඩංගු කරන්න තරම් කාලවේලාවකුත් නැහැ. ඒත් මම ඉඩක් විවේකයක් තිබෙන වෙලාවට අන්වර් මනතුංග මහත්මයාගේ මේ වෙබ් අඩවිය ඉතාම ආශාවෙන් බලනවා. එහි විග්‍රහ වෙලා තියෙන ශාස්ත්‍රීය ලිපි ඉතාම ආශාවෙන් රස විඳිනවා. මොකද ඒ මහතා කිසිදු විටෙක කිසිම විදිහකින් තමන්ගේ අත්තනෝමතික අදහස් පල නොකරන නිසාත් හැම කරුණක් පිළිබඳව මධ්‍යස්ථව විචාර පූර්වකව හොඳින් සිතලා මතලා කිසිම ආකාරයකට වෙනත් ආගමකට හෝ පුද්ගලයෙකුට කිසිම ආකාරයකින් පහර වදින්නේ නැති විදිහට ඉතාම ශික්ෂණයකින් යුතුව වැදගත් විදිහට මෙහි අදහස ප්‍රකාශ කරන නිසායි.

මේ ලක්ෂණය මම වෙබ් අඩවි පළ කරන සිංහල බෞද්ධ කියලා නමට කියා ගන්න වෙන අයගේ දැකලා නැහැ. මම අන්වර් මනතුංග මහත්තයා කිසිම ආකාරයකින් පෞද්ගලිකව දැන හඳුනන කෙනෙක් නෙවෙයි. නමුත් ඔහුගේ වෙබ් අඩවිය කියවීම තුළින් ඔහුගේ හදවත කෙතරම් විවෘතද කෙතරම් පිරිසිදුද කියලා මම දැන ගත්තා. ඒ වගේම තවත් එකක් මම කියන්න ඕන. දැන් මේ අන්වර් මනතුංග මහත්තයට මඩ ගහන්න පුද්ගලික අපහාස කරන්න විශාල පිරිසක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඇතැම් අවස්ථාවල මම අන්තර්ජාලයේ දැකලා තියෙනවා මුස්ලිම් විදිහට වෙස්වලා ගත්තු කාන්තාවන් කීප දෙනෙකුගේ ඡායාරූප යොදා ගෙන ආරම්භ කරලා දිගින් දිගටම ඉස්ලාම් දහමට හා මුස්ලිම් සහෝදර සහෝදරියන්ට අපහාස අවලාද කරන කණ්ඩායමක් පවා බිහිවෙලා ඉන්නවා. එකක් හොඳින් තේරුම් ගත යුතුයි. මේ අය සැබවින්ම මුස්ලිම් නම් හෝ ඉස්ලාම් දහම ප්‍රතිපත්තියක් වශයෙන් ආරක්ෂා කරන අය නම් මේ විදිහට කවදාවත් තමන්ගේ ආගමට තමන්ගේ පිරිසට නින්දා අපහාස කරන්නේ නැති බව.

එයින් හොඳින්ම පැහැදිලි වෙන්නේ වෙනත් පිරිස් විසින් මොවුන්ව යොදවලා ජාතිවාදි හැඟීම් අවුස්සන්න රට ගිනිතියලා එයාලගේ පටු ආත්මාර්ථකාමී ජඩ අරමුණු ඉටු කර ගන්න කටයුතු කරන බවයි. ඒ නිසා මේ අන්වර් මනතුංග මහත්තයාගේ වෙබ් අඩවියට තමන්ගේ අදහස් දක්වන අය ශාස්ත්‍රීය කරුණු සාකච්ඡා කරන එක පැත්තක තියලා පටු ජාතිවාදී වර්ගවාදී හැඟීම් අවුස්සලා ආයෙමත් මේ සුන්දර මව්බිම ලේ විලක් කරන්න ඉඩ තියන්න එපා කියලා බොහෝම ආදරයෙන් හා වගකීමෙන් ඉල්ලා සිටිනවා. මොකද අපි කරන ඕනෑම දෙයක් පිලිබඳව වගකීම තියෙන්නේ අපිටමයි. යමක් පිළිබඳව විවේචනය කළ යුත්තේ ඒ පිළිබඳව අදහස් දැක්විය යුත්තේ තමන්ගේ අදහස් වලට විරුද්ධ අදහස් දරණ පුද්ගලයින්ට මඩ ගහන අපහාස කරන අරමුණු පෙරදැරිව නෙවෙයි. සිංහල බෞද්ධ යුවතියන් මම දැකලා තියෙනවා විදේශික යුවතියන්වත් නොඅඳින විදිහට තමන්ගේ සිරුර නිරාවරණය වන පරිදි ඇඳුම් පැළඳුම් අඳිනවා. ඒ වගේම ඒවා ඇඳගෙන මහමඟ ගමන් කරනවා. පොදු ප්‍රවාහන බස් රථවල ත්‍රීවීලර් රථවල ගමන්කරනවා. එතකොට වෙන්නේ ඒවා වල ගමන් ගන්න වෙනත් පිරිමි අය අපහසුතාවයට ලක් වෙන එක. මොකද පිරිමි හැමෝම රහත් වෙලා නැහැනේ. මාර්ගඵල අවබෝධ කරපු අයත් මේ වේගවත් සමාජයේ දකින්න නැහැනේ. ඉන්නේ හැමෝම පුහුදුන් අය.

ඒ අය තමන්ගේ හැඟීම් ආශාවන් යටපත් කරගෙන හොඳ විදිහට ජීවත් වෙන අය. ඉතින් ඇයි මේ සිංහල බෞද්ධ යුවතියන් තමන්ගේ සිරුර නිරාවරණය කරගෙන මේ විදිහට පිරිමින්ගේ යටපත් වෙලා තිබෙන හැඟීම් ආශාවල් අවදි කරවලා අවුස්සලා දාලා මේ විදිහට කටයුතු කරන්නේ. ඒකෙන් එයාලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා ඇත්තටම මට නම් තේරෙන්නේ නැහැ. බොරුවට පිරිමියෙකුව කාමාශාවෙන් අවුස්සන විදිහට ඇඳුම් ඇඳලා ඊට පස්සේ බොරුවට ඒක සිංහල බෞද්ධ කාන්තා අපේ අයිතිවාසිකමක් අපිට ඒකට සම අයිතියක් තියනවා කියලා කිව්වට වැඩක් නැහැ. ඒ වගේ අසික්කිත ඇඳුමක් ඇඳගෙන ගිහින් පිරිමියෙකු හෝ පිරිමි පිරිසක් අතින් දූෂණය වුනාට පස්සේ බොරුවට ඒ පිරිමියට හරි පිරිමි පිරිසට හරි බැනලා පලි ගහලා හෙන ඉල්ලලා නඩු දාලා වැඩක් ඇත්තෙම නැහැ. එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයිනේ. පිරිමියා හා පිරිමි පිරිස හරි තමන්ගේ ඕන දේ ඒ සිංහල බෞද්ධ යුවතියගෙන් කැමැත්තෙන් හරි බලහත්කාරයෙන් හරි අරගෙන ඉවරයි එතකොට. පෙරහැර ගියාට පස්සේ මොනවා කලත් වැඩක් වෙන්නේ නැහැ.

ඉතින් ඊට පස්සේ පොලිසී ගිහිල්ලා පෙරකදෝරුවෝ පස්සේ ගිහිල්ලා උසාවි ගිහිල්ලා නීතිඥයෝ අහන ප්‍රශ්න නිසා කලින් සිදුවුනු කායික දූෂණය වගේ කීප ගුණයක් මානසික දූෂණයට පත් වෙලා නඩු කියලා හොඳ පණ ගිහිල්ලා නින්දා අපහාස විඳලා තමන්ගේ චරිතව හොඳ නම කැළැල් කරගෙන වෙන්න ඕන හැමදේම වෙලා ඒ විත්තිකරුවට හෝ විත්තිකරුවන්ට දඬුවම් කලාට වැඩක් නැහැ. මොකද ඒ වෙනකොට ඒ සිංහල බෞද්ධ යුවතියට වෙන්න ඕන හැම දේම වෙලා ඉවරයි. ඉතින් මේකය සිංහල බෞද්ධ යුවතියන්ටත් කරන්න ඕන වෙලා තියෙන්නේ. යස අපූරුවට හොඳට ඉන්න පිරිමින්ව අඩ නිරුවත හා නිරුවත පෙනෙන ඇඳුම් පැළඳුම් මඟින් අවුස්සලා ඔවුන්ට කියලා තමන්ව දූෂණය කරගෙන බොරුවට ඒ අයට පස්සේ චෝදනා කරන්නද සිංහල බෞද්ධ යුවතියන්ට ඕන. ඒකද එයාලා සමාජයෙන් බලාපොරොත්තු වන සමඅයිතිය. ස්ත්‍රී -ස්ත්‍රී පක්ෂ අතර සිදුවන නාරිමෛථුනයට පවා මේ අඩු නිරුවත් ඇඳුම් පැළදුම් බොහෝවෙලාවට හේතු වෙනවා. මම එහෙම කියන්නේ ඇයි කියලා සමහරවිට විමතියක් ඇති වෙන්න පුලුවන්.

බලන්න අන්තර්ජාල වෙඩ් අඩවි දිහා. ඒවා වල මිතුරු මිතුරියන් ඉන්න සමාජ ජාල (Social Networks) පොඩ්ඩක් විමසිලිමත්ව බලන්න. ඒවා වල කවුද වැඩිපුරම ඉන්නේ කියලා. බහුතරය නමට සිංහල බෞද්ධ කියාගන්න කෙල්ලොම තමයි. අඩ නිරුවත් හා නිරුවත්ව තවත් කෙල්ලෙකුව සිප වැළඳගෙන සමහර අවස්ථාවලදී පිරිමියෙකු හා සංසර්ග ඉරියව්වක නියැලී සිටින විලාසයෙන්ම තමන් ස්ත්‍රියක හා රමණ ඉරියව්වක නිරූපණය කරමින් ඉන්න හැටි බලන්න පුලුවන්. මේකද සිංහල බෞද්ධකම. සමතැන් ඉල්ලීම. නාරි මෛථුනය සඳහා පිරිමින්ව ප්‍රතික්ෂේප කරලා දරුවන් හදන එක පිරිමියෙකු සමඟ එකතු වෙන එක ප්‍රතික්ෂේප කරලා අඩ නිරුවත්ව හරි නිරුවත්ව හරි ඇඳුම් පැළඳුම් කරන එකද සමාන සමාජ අයිතිය කියලා ඔයගොල්ලේ කියන්නේ? කුහක කමින් මුස්ලිම් අයට බනින අයට මම කියනවා කරුණාකරලා ඔයගොල්ලේ පෙන්නලා දෙන්න මට ඒ සමාජ ජාලයක හරි මුස්ලිම් යුවතියක් අඩනිරුවත්ව හරි නිරුවත්ව හරි ඉන්නවද කියලා මට නිදසුන් සහිතව ඔප්පු කරලා පෙන්වන්න. හැම අන්තර්ජාල සමාජ ජාලයකම වැරදිලා හරි මුස්ලිම් යුවතියක් හිටියොත් ඇය මුළු ඇඟම වැහෙන විදිහට කළු ඇඳුමක් හා පර්දාවක් පැළඳ තමයි ඒ ඡායාරූපවල හරි ඉන්නේ. ඉතින් ඒවා බලලා පිරිමින්ගේ හැඟීම් ඇවිස්සෙනවද? නැහැ. ඇය පිළිබඳව ඉතාම ගෞරවණීය හැඟීමක් තමයි ඇති වෙන්නේ.

ඒ වගේම මුස්ලිම් යුවතියකගේ මේ විනීත ස්වභාවය නිසා ඉස්සරහට සිංහල බෞද්ධ යුවතියන්ට සදාකාලිකව තනිකඩව ඉන්න තමයි වෙන්නේ. නැතිනම් ඒ අයට තමන්ට පුරුදු විදිහට නාරිමෛථුනයට තමයි ඇබ්බැහි වෙන්න වෙන්නේ. මොකද අද ඉතාම වේගවෙන් සිංහල බෞද්ධ පිරිමි අය මුස්ලිම් යුවතියන්ට ආකර්ශණය වෙමින් ඉන්නවා. නමුත් මුස්ලිම් යුවතියන් ඉතාම ලැජ්ජාශීලිව යහගුණවත්ව ආගමානුකූලව හැඳෙන වැඩෙන යුවතියන් නිසා ඔවුන් සිංහල බෞද්ධ තරුණයන්ට වඩා මුස්ලිම් තරුණයන්ට කැමති වෙන්න පුලුවන්. ඒත් සිංහල බෞද්ධ තරුණයන් මුස්ලිම් යුවතියන්ගේ ඒ හැදියාවට කැමති වෙන්න ප්‍රධානතම හේතුව මුස්ලිම් යුවතියකගේ බාහිරව ඇඳුමින් පැළඳුමින් ප්‍රදර්ශනය වන සංවර කම හා හැදියාවටයි. ඒක සිංහල බෞද්ධ යුවතිකගේ අඩනිරුවත් ඇඳුම් පැළඳුමකට ලබාගත නොහැකි ආකර්ශණයක්. මේක නිසා දැන් බොහෝ සිංහල බෞද්ධ යුවතියන් ඉතාම දැඩි විදිහට ඊර්ෂ්‍යාවට පත් වෙලා ඉන්නේ මුස්ලිම් යුවතියන් සමඟ කියලා ආරංචියි. සමහර සිංහල බෞද්ධ යුවතියන් මුස්ලිම් යුවති යන් හිස ආවරණය කරගැනීම සඳහා භාවිතා කරන මුහුණු හා හිස් ආවරණයට සමානවම පැළඳුමක් මසා ගෙන අලංකාරය පිණිස පළඳින බව දැක ගැනීමට ලැබෙනවා මඟතොට යද්දී. ඉතිත් කවුරු කළත් හොඳ දේ අනුකරණය කිරීමේ කිසිදු වැරැද්දක් නැහැ.

ඉතාම වේගවත්ව මුස්ලිම් යුවතියකගේ සංවර ඇඳුම් පැළඳුම් සමාජය පුරා වේගවත්ව ව්‍යාප්තවීමේදී ඒක නිසා ඊර්ෂ්‍යාවට පත්වන ඇතැම් සිංහල බෞද්ධ පිරිස් ඒ තත්වය නැති කරන්න විවිධ ආකාරයෙන් කුමන්ත්‍රණය කිරීමත් රහසක් නෙවෙයි. ඒ වගේ අය මුස්ලිම් යුවතියන්ට මඩ ගහන්න නින්දා අපහාස කරලා ඒ අයව අපහසුතාවට පත්කරලා නින්දිත සතුටක් ලබන්න ව්‍යාජ වීඩීයෝ කීපයක් අන්තර්ජාලයට මුදාහැරලා තිබ්බා මමත් දැක්කා. ඒකේ රඟපාන්නේ සැබවින්ම මුස්ලිම් යුවතියන් නෙවෙයි. සිංහල බෞද්ධ නිලියන් මුස්ලිම් පාසැල් දැරියන් ලෙස ඇඳුම් පැළඳුම් අන්දවා පසුව මුස්ලිම් යුවතියන්ට අපහාස වන ආකාරයට ඇය ඒ ඇඳුම් පැළඳුම් ඉවත්කරන අන්දම වීඩියෝ ගත කර අන්තර්ජාලයට උඩුගත (upload) කර තිබ්බා මමත් දැක්කා.මේකේ තියෙන වීඩියෝ දර්ශනයත් ඒ වගේ මුස්ලිම් යුවතියන්ගේ ඇඳුමට මඩ ගැසීමේ නින්දා කිරීමේ සියුම් පටු කුහක අරමුණ පෙරදැරිව එසේ අන්තර්ජාලයට මුදාහැර තිබූ වීඩියෝවකින් ලබාගත් දර්ශන පෙළකුයි තිබෙන්නේ. ඉතින් මම සිංහල බෞද්ධ යැයි නාමිකව කියාගන්න නමුත් හදවතින් සිංහල බෞද්ධ නොවූ බොරු ආවේගයන්ගෙන් කුරිරුකම වහගෙන සිල්වත්කම පෙරවාගෙන ඉන්න කුහක සිංහල බෞද්ධයින්ගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකර වැරදි අදහස් හා ප්‍රචාර මුස්ලිම් සහෝදරවරුන්ට එරෙහිව සිදු කිරීමෙන් වළකින්න කියලයි. ඒ වගේම මුස්ලිම් යුවතියකගේ ඇඳුම පැළඳුමේ ඇති සංවරබව පිළිබඳ කුහක නොවන මධ්‍යස්ථ අවංක සිතනින් බල්න කියලා බොහොම කාරුණිකව ඉල්ලා සිටනවා.මොනවා හරි මේ සම්බන්ධව කතා කරන් තියෙනවා නම් මගේ ……………… දුරකථන අංකයට ඕනෑම වෙලාවක අමතා මා සම්බන්ධ කරගත හැකි බවත් කාරුණිකව දන්වමි.

 

 

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

 

 

 

 

 

92 Comments to “මුස්ලිම් කාන්තා වස්ත්‍රය පිලිබඳව බෞද්ධ විද්වතෙකුගේ අදහසක්!

  1. ගරු ආචාර්ය තුමණි ඔබ ගැන ආඩම්බරයි…

  2. Niyama bauddayek madayasthawa sithana,nirbeethawa aththa katha karana sinhala bauddayek gana me ahuwe palaweni wathawatai.kanagatuwen unath kiyanna siddama wenawa samanya pudgalayantath dan wayraya krodhaya irsiyawa pathurawanne bauddha pujaka pakshaya wisin.bohoma kanagatui.agama hariyata adahanna danne nadda? Nathnam agamwala ewa naddha?

  3. සුජිව මහත්තයො නරකද අන්වර් මහත්තයගෙන් විස්තර අහගෙන ඉස්ලාම් ආගමටම එකතු වුනා නම් . ලංකාවෙම ඉන්න සිංහල ගැනු ලමයිට මුස්ලිම් ඇඳුම් අන්දනවට වඩා ඔහෙට ඒක ලේසියි . මේ ලිපියෙ තියන අදහස් අනුව ඔබතුමාට ගැලපෙන්නේ ඉස්ලාම් ආගම තමයි කොහොමටත් . ආචාර්ය උපාධි නෙවෙයි මොන මලමකබාව ගත්තත් වැඩක් නෑ හිතේ තියන ගෝත්‍රික ගල්යුගයේ අදහස් අත්හරින්න බැරුව .

    කමෙන්ටුව කෙටුවට පස්සේ දැක්කේ ඔය ආචාර්ය තුමාගේ නම ගෙඩිය පිටින්ම ගූගල් කරල බලනකොට අන්වර් උන්නැහේට හම්බුවෙයි මුනුපොතේ පිටුවකුයි , බ්ලොග් එකකුයි . ඒවායේ තියන පොටොයි මේ ලිපියේ තියන වැදිබණයි සංසන්දනය කලාම ..මාර සතුටක් හිතට දැනෙන්නේ !!!!!!!!!!

    1. //. යස අපූරුවට හොඳට ඉන්න පිරිමින්ව අඩ නිරුවත හා නිරුවත පෙනෙන ඇඳුම් පැළඳුම් මඟින් අවුස්සලා ඔවුන්ට කියලා තමන්ව දූෂණය කරගෙන බොරුවට ඒ අයට පස්සේ චෝදනා කරන්නද සිංහල බෞද්ධ යුවතියන්ට ඕන.//

      මාර තර්කේ , පිරිමියෙක් ගැනියෙක්ව දූෂණය කලාම වැරැද්ද ගැනිගේ එහෙමද ?

      // අඩ නිරුවත් හා නිරුවත්ව තවත් කෙල්ලෙකුව සිප වැළඳගෙන සමහර අවස්ථාවලදී පිරිමියෙකු හා සංසර්ග ඉරියව්වක නියැලී සිටින විලාසයෙන්ම තමන් ස්ත්‍රියක හා රමණ ඉරියව්වක නිරූපණය කරමින් ඉන්න හැටි බලන්න පුලුවන්. මේකද සිංහල බෞද්ධකම. සමතැන් ඉල්ලීම. නාරි මෛථුනය සඳහා පිරිමින්ව ප්‍රතික්ෂේප කරලා දරුවන් හදන එක පිරිමියෙකු සමඟ එකතු වෙන එක ප්‍රතික්ෂේප කරලා අඩ නිරුවත්ව හරි නිරුවත්ව හරි ඇඳුම් පැළඳුම් කරන එකද සමාන සමාජ අයිතිය කියලා ඔයගොල්ලේ කියන්නේ//

      සමාජ ජාල වල මොකා කොහොම හිටියත් ඔහේට මොකද , ඔහේගේ නමින් තියන ෆෙස්බුක් පේජ් එකේ තියන කාන්තා රූප ගැන මොනවද කියන්න තියෙන්නේ එහෙම නම්

      ගැණියෙක්ට කැමති කෙනෙක් සිප ගන්න කාගෙන්වත් ලයිසක් ඕනි නෑ. ගැනියෙක් ඒකට හරි අඩ නිරුවත් ඇඳුම් අඳින්න හරි තියන අයිතියට සමාජ අයිතිය කියල කියනවා නම් ඔහේ කොහොමද ඒක නැය කියන්නේ

      //මොකද අද ඉතාම වේගවෙන් සිංහල බෞද්ධ පිරිමි අය මුස්ලිම් යුවතියන්ට ආකර්ශණය වෙමින් ඉන්නවා.//

      සමහර විට ඔහේට නම් එහෙම මොකක් හරි හිතිලා ඇති ,ස මාජය ගැන ඔහොම කථාවක් කියන්න පිලිගන්න පුලුවන් සධක ඉදිරිපත් කල යුතුයි

      //සමහර සිංහල බෞද්ධ යුවතියන් මුස්ලිම් යුවති යන් හිස ආවරණය කරගැනීම සඳහා භාවිතා කරන මුහුණු හා හිස් ආවරණයට සමානවම පැළඳුමක් මසා ගෙන අලංකාරය පිණිස පළඳින බව දැක ගැනීමට ලැබෙනවා මඟතොට යද්දී. ඉතිත් කවුරු කළත් හොඳ දේ අනුකරණය කිරීමේ කිසිදු වැරැද්දක් නැහැ.

      ඉතාම වේගවත්ව මුස්ලිම් යුවතියකගේ සංවර ඇඳුම් පැළඳුම් සමාජය පුරා වේගවත්ව ව්‍යාප්තවීමේදී ඒක නිසා ඊර්ෂ්‍යාවට පත්වන ඇතැම් සිංහල බෞද්ධ පිරිස් ඒ තත්වය නැති කරන්න විවිධ ආකාරයෙන් කුමන්ත්‍රණය කිරීමත් රහසක් නෙවෙයි.//

      කොහෙද හලෝ ඔය කියන විදිහට සිංහල ගැනුලමයි හිජාබ් අදින්න ගත්තේ . ඔහේගේ පවුලේ කෙනෙක්ට තියන අමුතු ආසාවක් වෙන්න ඇති හැබැයි අපි ජීවත් වෙන සාමජයේ සිංහල කෙල්ලටන්ට එච්චර පිස්සුවක් නෑ

      ප.ලි – ඔබතුමා අර මාර්ග ඵල ලබාගන්න හැටි කියන බ්ලොග් එක අස්සෙ භාගෙට හෙලුවෙන් ඉන්න කෙල්ලන්ගේ කිසිම අදාලත්වයක් නැති ෆොටෝ දාගෙන ඉන්න මොකටද

      ප.ලි- අන්වර් , තමන්ගෙම පිට කසාගන්න ලිපි(වෙන කෙනෙක් ලියුවත් ) පලකරන්න ලැජ්ජාවක් හිතෙන්නෙ නැද්ද ?

    2. බුවා ඔබ බ්ලොග් එකක් කරන නිසා එකම බුවා ඔබ විතරයි කියලා හිතන්න එපා. ඔබ පොරක් හිතුනට එකම පොර ඔබයි කියලා හිතන්න එපා. ඔබට මොලයක් කියා එකක් තිබුනට එකම මොලය තියෙන්නේ ඔබට කියලා හිතන්න එපා. ඔබට දැක්මක් තිබුනට ලොවේ තිබිය යුතු දැක්ම ඔබේ දැක්ම පමණයි කියා හිතන්න එපා.

      ඔබ කොපමණ සාධාරණ පොරක් වෙන්න හැදුවත් ජන්මයෙන් තිබෙන ජාතිවාදි ගතිය ඉස්මතු වෙනවා. මේ ඒ ඉස්මතු වෙච්ච අවස්ථාවක්!

      1. අන්වර් – ඔබට ඕනි විදිහකට මගේ ප්‍රතිචාරය දකින්න පුලුවන් , අදාල පුද්ගලයාගේ මතවාදයේ සහ ඔය නමින් අන්තර්ජාලය තුල ඔහු පලකරල තියන දේවල් අනුව බරපතල සැකයක් මතුවෙනවා . කාලවේලාව ලැබුනොත් ලිපියකින්ම කථා කරන්න දේවල් තියෙයි . කාන්තා වස්ත්‍රය පිලිබඳ මේ බ්ලොග් අඩවියේ පලවුනු ලිපි දෙකේම පලවුනු අදහස් එක්ක මට මතවාදිමය ගැටුමක් පමණයි තිබුනේ , නමුත් මේ ලිපිය ඊට වෙනස් , පුද්ගලයාගේ සහ ලියමනේ හැටියට තමයි පිලිතුරු දීලා තියෙන්නේ

        1. මේ බුවාට විතරක් නොවෙයි බොහෝ බුවාලට මේ ගැන හොඳටම තේරෙන්නේ මැන්ටල් උනාට පස්සේ. ඒ කියන්නේ කසාදයක් බැඳගත්තට පස්සේ. හේතුව හුඟක් ඒවා කියන එකක් තේරෙන්නේ එය විඳවන කොට.

          උදා :-
          1. බාර්යාවට විලාසිතා (අඩ නිරුවත්) ඇඳුමක් අන්දවා පාරේ එක්කන් යනකොට, අනෙක් පාරේ යන පිරිමි අයට මොනවා හිතෙයිද කියල හැඟෙන කොට හෝ බිරිය එසේ ඇඳගෙන පාරේ තනියම යනකොට හම්බෙන නම මොකද්ද කියල දැනගන්න ලැබෙන කොට… (බොහෝ අවිවාහකයන්ට නම් ස්වබාව දර්මයේ චමත් කාරයයි) – මෙසේ අන්දවාගෙන යනකොට ලගින්ම යන ස්වාමිපුරුෂයාට වඩා දුරින් යන පුරුෂයන්ට හුඟාක්ම පේනවා වගේම දැනෙනවා.

          2. විවාහයෙන් පස්සේ ගැහැණු ළමයෙ එහෙම හම්බවෙලා වැඩිවියට පත්වුනොත් ඔවුන්ට ස්වාබාවිකවම ලස්සනක් උරුම වෙනවා. එම ලස්සන ඔපවත් වන විදියට ඇඳුමක් ඇඳගෙන ටියුෂන් පන්ති වගේ ඒවාට ගියොත්, ඒ ළමයටත් හම්බෙනවා හොඳම නම් ටිකක්, එම නම් වලින් ආමන්ත්‍රණය කරන්නේ තමන්ගේ දුවව කියල දෙනගන්න ලැබෙන කොට,

          1. බුවාට නම් ඔය ගැන වැරදිලා නෑ , හැබැයි ඔය මහත්තයා නම් මුලික පදනමක්ම වරද්දගෙන . ඒ තමන්ගේ භාර්යාව හෝ දියණියන් තමන්ගේ අණසකට යටත් , යටත් වැසියන් කියන පදනම . ඔන්න ඔතනදි මහත්ත්යො අපි වෙනස් වෙන්නේ . මගේ භාර්යාව උනත් දියණිය උනත් අඳින පලදින විදිහ තීරණය කරන්න මම යන්නේ නෑ . ශ්‍රි ලංකාව මතවාදීව නොදියුණු , හණමිටි ගෝත්‍රික අදහස් වලින් පිරිච්ච රටක් , ඒ රටේ ජීවත් වෙන කොට තමන්ගේ පුද්ගලික රුචිකත්වය සහ තමන් අදාල මොහොතෙදි සම්බන්ධවන පරිසරයේ තත්වය අනුව ඇන්දුම් පැලඳුම් තෝරාගන්න අවශ්‍ය සමාජීය දැනුම ලබාදෙන එකත් , හැකිතාක් දුරට තමන්ට ගැලපෙන සමාජයන් තුල ඒ අයට කටයුතු කරගන්න සලස්වන එකක් තමයි මගේ වගකීම කියල දකින්නේ . එහෙම නැතුව නිති දාන එක නෙවෙයි

  4. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහත්මයාගේ දැක්ම ඉතා ගෞරවයෙන් පාඨකයෙක් වශයෙන් අගය කරමි.ඉතාමත්ම ධනාත්මක දැක්මක්.මේ තුලින් පාඩම් ඉගෙන ගත යුත්තේ සිංහල අය පමණක් නොවේ මුස්ලිම් අය ද මේ කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතුයි.මක්නිසාද යත් වර්තමානයේ අපගේ මුස්ලිම් කාන්තාවන් බටහිර කරණය වීම නිසා නියම මුස්ලිම් ප්‍රජාවට දැඩි පහරක් එල්ල වී ඇත.මුස්ලිම් කාන්තාවනි!මෙම ආචාර්්‍ය තුමාගේ අදහස් හිතට ගෙන ‍අන් ආගමිකයන් ඉස්ලාම් පිළිබද ධනාත්මක දැක්මට කැළලක් නොවී ජීවත් වීමට අදහස් කර ගනිමු….

  5. දවසේ කියමන:

    ඔබට දැක්මක් තිබුනට ලොවේ තිබිය යුතු දැක්ම ඔබේ දැක්ම පමණයි කියා හිතන්න එපා.

    1. ලොවේ ඔනි තරම් දැක්මවල් තියෙන්න පුලුවන් ,නමුත් ඒ දැක්මක් සමාජයට විපතක් කියල දකින කොට විරුද්ධ වෙන්න සිදුවෙනවා , එහෙම නොවෙනවා නම් අපි ප්‍රභාකරන්ගේ බින් ලාඩන්ගෙ දැක්මවලුත් පිලිගන්න ඕනි . ගැහැනියක් දූෂණය වුනාම ඒකේ වරද ගැහැනිය අතටම දාන්න තරම් තකතිරු දැක්මක් ගැන විරෝධය පලනොකර ඉන්න බෑ

      1. විරෝධය දැක්වීමේදී වචන භාවිතය සංයමයකින් කරමු. එතකොට ප්‍රශ්නය ඉවරයි.

        1. වචන පාවිච්චිය අවස්ථාව අනුව වෙනස් කරන්න සිද්ධ වෙනවා , මම සාමාන්‍යෙන් මේ බ්ලොග් අඩවියේ ලිපිවලට ප්‍රතිචාර දක්වන විලාශය ඕක නෙවෙයිනේ

          ගුණාත්මක ප්‍රතිචාර දක්වන සිංහල බෞද්ධයෙක් විදිහට අන්වර් කථා කරන මේ පුද්ගලයගේ පසුබිම් විස්තර බැලුවාම හරිම විෂමාකාරයි , අවම වශයෙන් ඔහුගේ ෆේස් බුක් පිටුවට හෝ ගිහින් බලන්න , ඔහුගේ නමින් තියන බ්ලොග් සංඛ්‍යාව අතිවිශාලයි , සමහර ස්ථාන වල දක්වා තියන ප්‍රතිචාරත් කියවලා බලන්න . අන්වර් දුරකථනය හැංගුවාට වැඩක් නෑ , හැම තැනකම දුරකථනය අංකය තියනවා . මීට කලින් ලේඛකයින් /ලේඛිකාවන් මේ මාතෘකාව ලියුව පදනම පැහැදිලියි , මම එකඟ නොවුනත් ඉස්ලාමිකයින් විදිහට ඔවුන්ගේ මතය ට පැහැදිලි පදනමක් තියනවා . මේ ලිපිය හා රචකයා සම්බන්ධ පසුබිම ඊට වෙනස් (මේක අනෙන්‍යතාවයක් හොරකම් කරගෙන කරන ව්‍යාජ කටයුත්තක් වුනත් විය හැකියි ) .මීට කලින් සමහර ජනප්‍රිය සිංහල බ්ලොග් වල (දේශපාලනික සහ සමාජිය ) මේ පුද්ගලයා වාතයක් වෙච්ච බවටත් සාධක තියනවා. ඔබට ඒ දේවල් හොයාගන්න උදව්වක් මට විවේකයක් ලැබුනොත් හෙට දවසෙදි මගේ බ්ලොග් එකෙන් කරන්නත් පුලුවන් වෙයි .

          1. මා විසින් ඔබගෙන් ඉල්ලා සිටියේ වචන භාවිතය සම්බන්ධව පමණි. ලිපියක් ගැන ඔබට කුමණ හෝ මතයක් දැරීමට අයිතියක් ඇත.

      2. ඔබ බින්ලාඩන්ගෙ දැක්මට විරුද්ධයි හැබැයි බුෂ්ලගෙ දැක්මට පක්ෂයි නේද?බුෂ්ල මිනීමරණ ඒව හොඳයි නේද? මොකද ඒ අය හොඳ සුදු මිනීමරුවොනෙ,සංකර සංස්කෘතිය ප්‍රවර්ධනය කරන අයනෙ ,සල්ලි දෙන අයනෙ.එහෙම නොවෙයි වැරැද්ද කවුරු කලත් වැරදියි කියන්න ඉගෙන ගනිමු

  6. මුස්ලිම් අයගේ ඇඳුම පිලිබඳ පුදුම කලබලයක් තියෙන්නේ මේ අයට.
    අඳින අයට ප්‍රශ්නයක් නොවේනම් මොකද මේ අමාරුව?
    තමන්ගේ බිරිඳ අඩනිරුවත්ව ලෝකයට පෙන්වා ආඩම්බර වන
    වීරයොත් ඉන්නවා.

  7. @buwage sithivili……..

    තමන්ගේ ලෙයින් හැදුනු ගැහැණු දැරිවියත් තමන්ගේ තාත්තා අතින්ම දුෂණය වන යුගයක දරුවා අඳින ඇඳුම ගැන මොන කතාද? දරුවා ඇන්දත් එකයි නැතත් එකයි නේද මහත්තයෝ.

    1. තාත්තා තමන්ගේ දුව දූෂණය කරන තත්වයට සමාජය පත්වීමයි ඇඳුම් වලට ඇති සම්බන්ධයක් නෑ . විකෘති ලිංගික ආසාවන් තියන මිනිස්සුන් සමහර වෙලාවට දූෂනය කරන්නේ හය හතර නොදන්න කිරි සප්පයින්ව . ඇඳුමකින් තියා ලිංගික හැඟීමක් උත්දීපනය වන ශරීරයක් වත් නැති වයසේ දරුවො

  8. අන්වර් මම ඔබේ බ්ලොග් එකට අලුතෙන් පැමිණි කෙනෙක්. ඔබගේ ගොඩක් ලිපි මම කියයෙව්වා. ඔබ හැමවිටම ඔබගේ මධ්යෙස්ථ බව පෙන්නුවද ඇතැම් කරුණු සම්න්දයෙන් එකපර්ශ්විය බව පෙනේ. මේ මාතෘකාවේදී මම දකින විදියට ඕනෑම කෙනෙකුට අදාල සමාජයේ සම්මත රාමුවකට අනුව ඕනෑම ඇඳුමක් නිදහස තිබිය යුතුය. නමුත් මුස්ලිම් කාන්තාවකගේ ඇඳුම ඕනෑම සමාජයක කාන්තාවකට ගැලපෙන බව හේතු දක්වමින් සදාරනිකරණය යාම ප්ර්යෝගික නොවන බව මට හැඟෙ. ඔබ දක්වන ආකාරයට කාන්තාවක් අඩුවෙන් ඇඳුම් අද සිටි විට එය දකින පිරිමියා තුල ලිංගික උතෙජනයක් ඇති වේ. එය සම්පුර්ණ සත්ය්කි. අපේ රටේ ඇති ගැටලුව නම් මේ අඩුවෙන් ඇඳුම් අද සිටින කාන්තාව දකින පිරිමියා තම ලිංගික උතෙජනය පාලනය කිරීමට ගන්න ක්රිියාමාර්ග වල ඇති වැරද්දයි. එය එම කාන්තාව දුෂණය කර මරා දමන මට්ටම දක්කවා විය හැකිය. මෙයට ප්ර‍ධාන හේතුව ලිංගික අනවබෝධය අනවශ්යම ලිංගික පීඩනයි. මේ තුලින් මා කාන්තා පාර්ශ්වය සම්පුර්ණ සාධාරණීකරණය නැත. නමුත් බලන්න බටහිර රටවල බොහෝ කාන්තාවන් ඒ ආකාරයට ඇඳුම් ඇන්දාට ඒ හේතුවෙන් කාන්තා දුෂණ අපචාර හා මරණ අපේ රටේ තරම් සිදු වන්නේ නැත.(සාපේක්ෂව). අප රට තුලත් නගර බද ප්රෙදේශ වලට වඩා ගම්බද ප්‍රදේශ වල වාර්තා වන කාන්තා අපචාර ක්රි්යා වැඩිය. මම නම් අදහස් කරන්නේ කාන්තාවකගේ ඇඳුමට සිමා පනවා සදාචාරය ආරක්ෂා කිරීම නොව සියලු දෙනා තුලම නිවැරදි ආකල්ප ඇති කොට සදාචාරසම්පන්න සමජයක් ගොඩනැගීමය.

    1. මෙම අඩවිය තුල නොයෙකුත් විෂයන් සම්බන්ධව කරුණුකාරණා සංවාදයට ලක්කෙරෙනවා. වස්ත්‍ර යනු ඉන් එක් විෂයක් පමණි. මෙහිදී ඇදිවත සහ නිරුවත සම්බන්ධව අපගේ ලිපි වලින් බොහෝ පැතිකඩයන් ගැන සාකච්ඡා කෙරෙනවා. ඔබ කියන පරිදි අද අප රටට සාපේක්ෂව බටහිර රටවල ස්ත්‍රී දුෂණ අඩුවිය හැකියි. නමුත් එහි සිටින දැරියකගේ කන්‍යා බව වයස අවුරුදු 14 පමණ වන විට කවුරුන් හෝ සොරාගෙන. නමුත් එය දැරිය කැමැත්තෙන් කරගත් එකක් ලෙස සලකා ඔවුන් අමතක කරනවා. ඉන්පසුව වයස 20 න් පසුවද පුරුෂයන් විසින් ඔවුන්ව විවාහ කර නොගනිති. ඔවුන්ගේ විවාහ නොවී එක්ව සිටීම Living together සංකල්පයට අනුව ජීවත් වෙනවා. මෙසේ අතින් අත යන කාන්තාව වයස 40න් පසුව මිය යනතෙක් අස්වාමිකත්වයට පත්වෙනවා. බටහිර රටක කාන්තාව දුෂණය නොවුනද ඇය සමාජය තුල අවභාවිතා වන අන්දම දැන් ඔබට දැකගන්න පුළුවන්.

      අප විසින් මෙම ලිපි තුල මේ සියල්ල ගැන සංවාදයේ යෙදෙනවා. ඔබටත් ඉදිරි ලිපි තුලදී මෙවැනි සංවාද සමග සම්බන්ධ විය හැකියි.

      1. අදාල මාතෘකාව සම්බන්දයෙන් මටත් අදහසක් තිබේ නම් එවැනි සංවාදයට සම්බන්ද වීමට මමද කැමත්ත පල කරමි.

  9. ආචාර්ය සජිත් නිශාන්ත හේවගේ මහත්මාගේ ලිපිය මා අගය කරනවා .එතුමා මධ්‍යස්තව හිඳ සත්‍යය ප්‍රකාශ කර තිබෙනවා .මෙවැනි බුද්ධිමත් පුද්ගලයින් සමාජයේ විසීමත් රටේ වාසනාවක් .බුවා වැනි මහතුන්ටත් මෙවැනි (ඊර්ෂියාවෙන් ,වෛරයෙන් ,ක්‍රෝධයෙන් ,මන්දබුදියෙන් තොරවූ ) සිතීමේ හැකියාවන් පහළ වේවායි පතමි .

  10. ශ්‍රි ලංකාව මතවාදීව නොදියුණු , හණමිටි ගෝත්‍රික අදහස් වලින් පිරිච්ච රටක් , meka buwaga talk 1k ha. buwa gotthrikayanata andum awashya naha thamai.apiwa oya wargayata ekathu karanna epa.api nodiyunu hanamiti gotthrikayo nemey

    1. ගෝත්‍රිකයන්ට ඇඳුම් එපා කියල කොයි පොතේද තියෙන්නේ , ගෝත්‍රය කියන්නේ වැද්දන්ට හෝ බාර්බේරියන්ලට කියන නමක් නෙවෙයි . ගෝත්‍රිකයින් කියල අදහස් කරන්නේ තමන්ගේ වර්ගයාගේ වර්ථමානයට නොගැලපෙන , අදහස් උදහස් චාරිත්‍ර කරපින්නා ගත්ත කොට්ටාශයක්ය කියන එක .නූතන සමාජයට මුසු වෙන්න ප්‍රතිවිරෝධයක් දක්වන සමාජයක්ය කියන එක. ඒක ඔබතුමාලටත් 100%කින් අදාලයි . ඇඳුම්වලින් ගෝත්‍රික ගතිය වහන්න බෑ . අනික් සියලුම ජාතින්ට වඩා ගෝත්‍රික අදහස් දරන අය ඔබලා තුල වැඩියි !

  11. කව්ද මේවට වගකියන්නේ?
    මෙම ශිෂ්‍යාවන්ට දැන් ලැබෙන මානව හිමිකම් මොනවාද?
    ඉස්ලාමිය ක්‍රමයට ජීවත්වීම මෙවන් ආපදා වැළැක්වීමට ඇති හොඳම ක්‍රමය නොවේද?

    http://www.turnto23.com/news/us-world/indian-girl-commits-suicide-over-alleged-gang-rape

    http://www.smh.com.au/world/indian-rape-victim-dies-in-hospital-20121229-2bzxn.html

    1. ඔය ගැනු ලමයව බස් එකක දූෂණය කරපු එකට ඉස්ලාම් ක්‍රමයට ජීවත් වීම විසඳුමක් වෙන්නේ කොහොමද ? ඉන්දියාව පුරා මේ වෙනකොට කාන්තා උද්ඝෝෂණ , විශ්ව විද්‍යාල උද්ඝෝෂණ නැගිලා තියෙන්නේ “අනේ අපිවත් බුර්කාවෙන් වහපල්ලා ” කියල නෙවෙයි . කාන්තාවකට රාත්‍රි කාලයේදී ගමනක් යන්න පුලුවන් විදිහේ වාථාවරණයක් ඉන්දියාවේ අගනගරය තුල සකසල දෙන්න කියල , රටේ නිතිය ක්‍රියාත්මක කරන්න , ශක්තිමත් කරන්න කියල ඉල්ලලා . කාන්තාවන්ගේ අයිතිවාසිකම් රැකගෙන සුරක්ෂිත භාවය රැකෙන්නේ රටක නිතියෙන්

      1. ටිකිරි බුවා වෙත,
        ඔයා කියන්නෙ ගෙහෙනියකුට තමන්ට ඕනේ ඇදුමක් අදින්න පුළුවන්, වටේ පිටේ ඉන්න මිනිස්සු හෙදිල ඉන්න ඕනේ ගෙනියෙක් හෙළුවෙන් ගියත් අතක් වත් නොතිය ඉන්න කියලනේ… අපි දැන් මෙහෙම හිතමු…එඊ අපි security gurds ලා ගේ සේවය ලබාගන්නේ? CCTV දන්නේ? හොරුන්ගේ නෙහෙදිච කමට අපි පලිද? හොරුන් ශිෂ්ට වෙන්න ඕනේ හොරකම් නොකර ඉන්න…අපිට තියනවා අපිට ඕනේ දෙයක් අපේ ගෙදර තියාගන්ඩ…දැන් වත් ඔය ටිකිරි මොලේට තේරෙනවද?? නෙතිව එති…..

          1. Ane buwo..Etakota ubala deepala valata dena aarakshawa wath ubalage gehenunta denedda..Nambbo apita meloke okkama minissuwa handana behe.. Ekanisa aparada karaingen berila inna vidi hoya ganta wenawa..Mole uda idagene comment karana uba tama inne surangana lokene…

  12. IF ANY ONE FOLLOW THEIR OWN RELIGION,NO PROBLEM FOR OTHER RELIGION BELIEVERS

  13. බුවාගෙ සිතිවිලි @
    ඔයා කොමෙන්ට් දාන්නෙ ඔයා පොරක් කියල හිතාගෙන.හැම කොමෙන්ට් එකකම පොර ගතිය ඉස්මතුවෙනවා.ඔයා පොරක් නොවෙයි බුවා.ඔයාට අහස පොලව වගෙ ඉන්න පොරවල් කරන බ්ලොග් දැකල තියනවද? ඔයා බුදු වුනා වගෙනෙ අනෑක් අයගෙ මත හෙලා දකින්නෙ
    කාන්තා සිරුර හැදිල තියෙන්නෙ,ඒ සොබා දහමට අනුව කියල හිතමු.පිරිමින් කුලප්පු කරන්න නොවෙයි,ලිංගික කාර්යය සඳහාත් ඉන්පසු ප්‍රජාවගෙ පැවැත්ම සඳහාත්,දරුවන් හදා වඩා ගැනීම හා වෙනත් කටයුතු.කාන්තාවන්ට නොගැලපෙන වෙනත් රැකියා හා කටයුතු තිබෙනවා.කාන්තාවන්ට නොගැලපෙන රැකියා හා ක්‍රීඩා කරන අය දිහා බලන්න ඒ අයගෙ කිසිම ගෑනු ගතියක් නෑ.පිරිමින් ආකර්ශනය වෙන්නෙ ගෑනු කමටයි
    සුජිත් ගෙ ෆේස්බුක් වල මොනව තිබුනත් අපට මොකද මම නම් දැක්කෙ බුදුපිලිම ටිකකුත් පර්යේශන පත්‍රිකා වගයකුත්
    කාන්තාවන්ට ඕනම පිරිමියෙක් සිපගන්න ලයිසන් ඕන නැහැල්ලු හරි අපූරුයි ඔබ බටහිර සංස්කෘතිය පැතිරවීමේ කොන්ත්‍රාත් එක කරන හැටි.බල්ලන්ටත් ලයිසන් ඕන නෑනෙ බැල්ලියෙක් සිපගන්න.ලංකාවෙ අපි සුද්දන්ගෙයි බල්ලන්ගෙයි මට්ටමට දාන්න එපා ආයෙත් කියනව

    ලංකාවෙ අපි සුද්දන්ගෙයි බල්ලන්ගෙයි මට්ටමට දාන්න එපා

    කාන්තාව ඕන කරන්නෙ ඊනියා උගතුන්ගෙ රසවින්දනයටලු ඒකලු කලාව ඔවු ඉතින් උගතුන්ට ඒව බලල ගෙදර ගිහින් ස්වයන්වින්දනයෙ යෙදෙන්න ඕකනෙ බුවෝ ඇත්ත.ඔය උගත්තුන්ගෙ කෙලිකවටකම් නොදන්නෙ කවුද උගත්තු ඔය කියන මහා ප්‍රබුද්ධ සිනමාවේදීන් අතින් සල්ලන් වුන කාන්තාවන්ගෙ ප්‍රමානය කොතරම්ද

    ඔබ දන්නෙ නෑ සිංහල බෞද්ධ ගෑනු ළැමයි හිජාබයට ආකර්ශනය් වෙන්නෙ සල්වාරය වගෙයි.ඒක පැෂන් එකක් වෙන්න පුලුවන් හැබැයි මම ඒ ගැන දන්නෙ නෑ.දන්නෙ නැති දේවල් කතා කරන්න කැමති නෑ.
    සුජිත් ලිපියක් පළ කළ පමනින් මුස්ලිම් වෙයි කියල හිතන්න බෑ හැබැයි සුජිත්ටා මුස්ලිම් වෙන්නත් කාගෙන්වත් අවසර අවශ්‍ය නෑ
    බලාගෙන ඉන්න බටහිරකරනයේ පීඩාවට ලක්වූ දහස් ගනනින් මුස්ලිම් වෙනවා.ඒක දැනටම බටහිර ලෝකයේ සිදු වෙනවා.වැඩියෙන්ම ව්‍යාප්ත වෙන ආගම් මුස්ලිම් වෙලා තියෙන්නෙ බටහිර ලෝකයේ කඩාවැටීමත් එක්ක
    කාන්තාවන් ගණිකාවන් කරන කොමෙන්ට් දමන්නෙ නැතිව ඉස්ලාමය හදරන ලෙස ඔබට ඇරයුම් කරනවා

    මගෙ වචන වලි හිත රිදුනානම් සමාවද ඉල්ලා සිටිනවා

  14. බුවා මහතා සිංහල බෞද්ධ මතවාදය තුල සිටින කෙනෙක් නොවෙයි .මා සුජිත් මෙන්ම බුවා ගැනත් හොයා බැලුවා .බුවා බටහිර මතවාද වෙනුවෙන් පෙනී සිටින්නෙක්.මේරට ක්‍රිස්තියානි හෝ හින්දු වුනත් කමක් නෑ කියල කියන්නෙ.නාමිකව පන්සල් නොවෙයි පල්ලි ගියත් කෝවිල් ගියත් කමක් නෑ.හැබැයි චින්තනය බටහිර වෙන්න ඕන කියල.මේ අර්ථයෙන් නාමිකව මුස්ලිම් වුනත් බුවාට ප්‍රශ්නයක් හැබැයි සමාජ හා දේශපාලන වශයෙන් බටහිර ගැත්තෙක් වෙන්න ඕන .මේක තමයි බුවාගෙ දර්ශනය.ඒ මත දරන්න බුවාට අයිතියක් තියෙනවා.හැබැයි බුවා දැනගන්න සතුට සාපේක්ෂයි කියන එක.බටහිර ගැත්තෙක් වීමෙන් බුවා ලබන සතුටම තමයි මුස්ලිම්වරයෙක් ශිෂ්ට විදියට ජීවත් වෙලා ලබන්නෙ.සිංහල බෞද්ධ ගැමි අහිංසක විනීත යුවතිය ලබන සතුටමයි බුවාගෙ පරමාදර්ශී හෙලුවැලි බටහිරකරනය යූ පොෂ් නූතන කාන්තාව ලබන්නෙත්

    බුවා පරමාදර්ශී ලෙස සලකන කාන්තාව අඩනිරුවතින් ඉන්න බියර් අරක්කු බොන හිතෙන හිතෙන මිනිහත් එක්ක යහන්ගතවෙන,පැය ගනන් දාර්ශනික සංවාද වල යෙදෙන පර්යේශන පත්‍රිකා එන් ජී ඕ වල අවශ්‍යතාවයට කරන නයිට් ක්ලබ්වල නටන ෆෙමිනිස්ට් ප්කටිනවල යන කෙනෙක්.නූතන කාන්තාව ගෙදර වැඩ හෝ ලමයින්ගෙ වැඩ නොකරනබවට බුවා වර්ගයේ චින්තනය නිසා පවුල් සී සීකඩ වෙනවා.දිකකසාද වැඩියි.ගබ්සාව හා සමලිංගික විවාහ වෙනුවෙන් සටන් කරන්න වෙනවා

    මේ බුවා සමාජයට පැහැදිලි විකල්පයක් වෙන්නෙ ඉස්ලාමයෙන් .ඇත්තෙන්ම බොදුබලසේනා පවා බුවාලාගේ සංකර චින්තනයට විරුද්ධයි.බුවාලා සින්හල බෞද්ධයාගේත් කිතුනුවාගෙත් හින්දුවාගේත් සතුරන්.ඒත් බුවාලාම කියනවා මුස්ලිම්වරුන්ගෙන් තරම් මේ කාගෙන්වත් තම ආදරබර ස්වාමීන් වන සුද්දාට තර්ජනයක් නැති බව

    1. බටහිර විරෝධය ගාව ගත්තාම හරිම ලේසියි ඕනිම දේකට . ඔය බටහිර විරෝධී ජයශ්‍රි උන්නැහේ ඇයි මේ බටහිරයන්ගේ තාක්ෂනයක් වෙච්ච බ්ලොග් වල උත්තර බඳින්නේ , බටහිර විරෝධය විදිහට ඔය එලියට පනින්නේ තමන්ගේ හිතේ තියන ගෝත්‍රවාදය , ඕකට බේත් නෑ . බටහිර ලෝකය මුස්ලිම් වෙනකන් කටවල් ඇරගෙන බලාගෙන ඉන්න . හැබැයි සංක්‍යා ලේභන අනුව බටහිර මේ වෙනකොට ඉහල යන්නේ ආගම් සියල්ල අතැරපු නිරාගමිකයින් සංඛ්‍යාව . ඔබතුමාගේ බටහිර විරෝධය ඕකට සිමා නොකර බටහිරයන්ගේ බ්ලොග් , අන්තර්ජාලය ආදියත් වර්ජනය කරන තැනට ගේන්න . ඇයි භාගෙට වැඩකරන්නේ . ජිවිතයේ සතුට කියල ඕනිම ප්‍රාථමික අවශ්‍යතාවයන් ප්‍රමාණයක් නිර්නායකයක් කරගන්න පුලුවන් . ඒ අනුව ගැනු දරුවන් හදන්න විතරක් තියා ගන්න සමාජයත් මාර සතුටුයි කියල කියාගන්න පුලුවන් . හැබැයි මම එහෙම දකින්නේ නෑ . එතනයි වෙනස . සුජීව උන්නැහේ ගැන මම වෙනම ලිපියකින්ම කියන්නම් . එපමණයි

    2. //මේ බුවා සමාජයට පැහැදිලි විකල්පයක් වෙන්නෙ ඉස්ලාමයෙන් .ඇත්තෙන්ම බොදුබලසේනා පවා බුවාලාගේ සංකර චින්තනයට විරුද්ධයි.බුවාලා සින්හල බෞද්ධයාගේත් කිතුනුවාගෙත් හින්දුවාගේත් සතුරන්//

      සිංහල බෞද්ධය කියල අමුතු බුද්ධාගමක් නෑ . මම දරන අදහස ඔලුවක් තියන බෞද්ධ , කතෝලික ,හින්දු මිනිසුන් ප්‍රතික්ෂේප නොකරන බව . බහුතරය බෞද්ධ , කතෝලික හෝ හින්දු වුනු රටවල නාගරික උගත් ජනතාව අනුව පෙනී යනවා . මුස්ලිම්වරුන්ගේ ඒ මතයට එකඟතාවයක් නැති නිසා තමයි මේ විදිහට විවාද ඇති වෙන්නේ .

      බොදු බලසේනාව කියන්නෙත් ඔබතුමන්ලා වගේම ආගමික අන්තවාදයක් , ඒ නිසා ඒ අයගේ අනුමත කිරීමකුත් මට ඕනි නෑ

  15. ඔබ වැනි බුද්දීමතෙක් මෙවැනි ලිපියක් ලිවිම ගැන ආඩම්බර වෙමි.කිවයුතු දේ නිර්බයව තම ජාතියේ දෝෂාරෝපණයට බියනොවී වර්තමාන සමාජයට අවවාදාත්මකව කීම ගැන මගේ ස්තුතිය නැවත ප්‍රකාශ කරමි.උගතෙක් වැරැද්ද දැක දැක නිහඩ නොවී සිටීමත් උගත්කමට කරන යුතුකමක්.

  16. ඉහත ලිපිය නිසැකයෙන්ම මුස්ලිම් කාන්තාවන්ගේ සංවර ඇඳුමවන ෆර්දාව පිළිබඳව මුස්ලිම් නොවන කෙනෙකුගේ එමෙන්ම වෛද්‍යවරයෙකුගේ සැබෑ දැක්මක් ලෙස අපි පිළිගනිමු. මෙම අදහස දරන්නේ මේ වෛද්‍යවරයා පමණක් නොව ලංකාවේ ජීවත්වන විවිධ ජනකොටස් මේ අදහස දරණ බව කිව යුතුය. එක්තරා ඇමතිවරයෙකු පවා මෙම මුස්ලිම් කාන්තාවන් අඳින වස්ත්‍රය නිසා සමාජයේ ස්ත්‍රීන් හට සිදුවිය හැකි අපරාධ බොහෝමයක් වැලක්විය හැකි බව කියා තිබුනි. කාන්තාව යනු මුස්ලිම් කාන්තා‍වන් පමණක් නොව ලොව වසන සියළුම කාන්තාවන් වෙත දෙවියන් විසින් අල් කුර්ආනයේ කාන්තාවන් ඇඳුම් ඇඳිය යුතු ආකාරය ගැන සඳහන්වී ඇත. පසුගිය දවස්වල මහා ආන්දෝලනයකට තුඩුදුන් ඉන්දියාවේ නව දිල්ලි නගරයේ කාමුකයන් විසින් දූෂණයවූ එම වෛද්‍ය ශිෂ්‍යාව අද දින ජීවිතයෙන් වන්දි ගෙව්වේද තමන් සංවර ලෙස ඇඳුම් නොඇන්ද නිසා නොව වෙන මොන හේතූන් නිසාද? මෙවැනි කාන්තාවන් ආරක්ෂා කරන්නේ මෙම සංවර ඇඳුම බව කීමට වෙන සාක්ෂි අවශ්‍ය නැත. අප රටේ තත්වයත් එසේමයි. ඉන්ධන පිරවුම් හලක “මෙහි දුම්බීම තහනම්” යැයි රතුපාට නිවේදන පුවරුවක් එල්ලා තබා ඇත්තේ එම පිරවුම් හල ආරක්ෂා කරගැනීමටයි. මේ වගේම කාන්තාවන් ආරක්ෂා කරගැනීමට උපකාරීවන මෙවැනිම රතු නිවේදනයක් තමා මෙම ඉස්ලාමීය වස්ත්‍රය බව අපි වටහා ගනිමු.

    තම මව, බිරිඳ හෝ සහෝදරියන් අඩ නිරුවතින් නොව මුළු නිරුවතින් පාරේ ගියත් ඒ ගැන තැකීමක් නැති බූවා වැනි බූවලාට ප්‍රශ්නයක් නැත. මෙසේ අඩ නිරුවතින් ඇඳුම් අඳින අය අයත්වන්නේ වනචාරී හෝ ගෝත්‍රික සමාජයට බව ඔවුන් නොදන්නා නිසාවිය හැකිය. ඉස්ලාම් සංවරත්වයේ ඉහලම ස්ථානයේ වැජඹෙන දහමකි. හැරත් ඉස්ලාම් යනු ප්‍රායෝගික දහමක් වන අතර අප ජීවිතයයි ධර්මයයි යනු දෙකක් නොව එකක් බව ලොවට කියා දුන් දහමයි. මෝස්තරයට සීෂන්වලට ආගම් ඇදහීමේ ක්‍රියාපටිපාටියක් ඉස්ලාමයේ නැත. එය එදිනෙදා දිනපතා අප ජීවිතයේ අනුගමනය කළ හැකි කළයුතු එම කාර්යයන් ඉටුකිරීමට දේශනා කරන්නේය.

  17. සත්‍ය පැහැදිලිය.
    අසත්‍යද පැහැදිලිය.
    තීරණය ගතයුත්තා ඔබයි.

  18. //තුඩුදුන් ඉන්දියාවේ නව දිල්ලි නගරයේ කාමුකයන් විසින් දූෂණයවූ එම වෛද්‍ය ශිෂ්‍යාව අද දින ජීවිතයෙන් වන්දි ගෙව්වේද තමන් සංවර ලෙස ඇඳුම් නොඇන්ද නිසා නොව වෙන මොන හේතූන් නිසාද//

    ඔයා දැක්කද ඒ ගැනු ලමයා ඇඳගෙන හිටිය ඇඳුම ? , බීමත් කාමුකයන් පිරිසකගේ පාහර ක්‍රියාවලට වන්දි ගෙවන්න සිද්ධ වුනු ඒ ගැනු ලමයට වරද පටවන එකද ඔයාගේ තර්කය . ඔය සිදුවීමෙන් පස්සෙ ඉන්දියාව පුරාම උද්ඝෝෂණ ඇවිලිලා , හැබැයි ඒ කාන්තාවන්ව මුස්ලිම් විදිහට වහපන් කියල නම් නෙවෙයි ,. රටේ නිතිය ක්‍රියාත්මක කරලා කාන්තාවන්ට නිසි ආරක්ෂාව සපයන්න කියලා . ඉස්ලාම් නොවන මිනිස්සු ප්‍රශ්න වලට විසඳුම් හොයනවා මිසක් , පිරිමි කරන වල් වැඩ වලට ගැනු වහන ඉස්ලාම් ඔබලා වගේ ගෝත්‍රික අන්තගාමි විසඳුම් හොයන්න යන්නේ නෑ

    1. පිරිම කරන වල් වැඩ වලට ගෑණු වැහීමක් ඉස්ලාමයේ නැත. ඉස්ලාමය මුලික වශයෙන් කාන්තාවට වසා ගැනීමට අණ කරන්නේ ඇගේ රූපය තමන් කැමති කෙනෙකුට පමණක් පෙන්වීමට අවස්ථාව ලබා දීමටයි. බුවා ඔබ විවාහක නම් මම ප්‍රශ්නයක් අහන්නම්. ඔබ ඔබගේ බිරිය හැර වෙනත් කාන්තාවන් කී දෙනෙකුගේ අලංකාරය බලා මනෝමයෙන් සුව විද තිබෙනවාද? ඔබට එහෙම නැහැ කියන්න පුළුවන්ද? ඔබ එසේ කළා නම් ඒ කාන්තාවන්ට තමන්ගේ රුව සම්බන්ධ අයිතියට කුමක් සිදුවීද? මුස්ලිම් කාන්තාව තම රුව හැමෝටම රස විදින්නට දෙන කාගෙත් සුන්දරියක් නොවේ.

      ම්ලේච්ඡ සහ ගෝත්‍රික බව යනු කාන්තාවන් නිරුවත් සහ අඩනිරුවත් කර හැමෝම ඔවුන්ව මනෝමයෙන් හෝ රසවිදිමින් ගණිකා වෘත්තියේ යෙදවීම මිස නිසිපරිදි විලිවසා ගනිමින් තම රුව ආවරණය කරගන්නා මුස්ලිම් කාන්තාව නොවේ.

      1. මම විවාහකයෙක් නොවේ . කාන්තාවක් වෙත පුරුෂයෙක් ආකර්ෂනය් වීමත් පුරුෂයෙකු වෙත කාන්තාවක් ආකර්ෂනය වීමත් ස්වාභාවිකය . සිතුවිල්ලක් හටගත් පමණින් අන් පාර්ශවයට අගතියක් සිදුවන්නේ නැත . අපගේ සිතුවිලි වලින් හානි කල හැකි නම් අපගේ සතුරන්ට කුමක් වනවා ඇතිද ? , එසේ සිතුවිලි හටගැනීම අවබෝධ කරගැනීමත් , ඒවා සමාජයට හානියක් නොවන අයුරියින් පාලනය කරගැනීමත් පුද්ගලයා සතුය . රටක නිතියක් ස්ථාපිත කර ඇත්තේ එසේ පාලනය කල නොහැකි පුද්ගලයින්ගෙන් සමාජය ආරක්ෂා කිරීමටය . එසේ නොකට කාන්තාවන්ගේ අයිතින් පමණක් සීමා කිරීමට ගෝත්‍රිකය කියා කියනවා හැර විකල්පයක් නැත

        වනචාරීන් අඩුවෙන් ඇඳීම , එදා ජිවන රටාවට සම්බන්ධ වුවක් සහ වස්ත්‍ර සකසා ගැනීම පිලිබඳ ගැටලුවකි . වන චාරින් අතර ලිංගික චර්යා ප්‍රාථමික වූ අතර වස්ත්‍රය හරහා එයට උත්තේජනයක් ලැබුනා යැයි කිව නොහැක . වර්ථමානයේ කෙටි ඇඳුම් යනු විලාසිතාවකි , නැතිනම් පහසුව තකා අඳින්නකි . කාන්තාවක්ගේ ශරීරයක් දුටු පමණි වනචාරින් හැසිරුණු ආකාරයෙන් නොව ශිෂ්ට ලෙසින් හැසිරිමට තරම් මිනිසාගේ මනෝ භාවයන් දියුණු වී ඇත . වනචාරියා ශිෂ්ටාචාරියෙක් වී ඇතැයි කියන්නේ ඒ නිසාය

        1. සිතිවිල්ලක් හට ගැනීම වරදක් නොවුවද ඒ සිතිවිල්ල අනුව ගොස් එකි තැනැත්තිය සමග මනෝමයෙන් සිතීම රස වීදිම, රමනයේ යෙදීම පලමුව එම තැනැත්තියගේ අයිතිවාසිකම් කඩ කිරීමක් වන අතරම තන්හාව සහ ආශාව ඇතිවී ඉදිරියේදී දරුණු අපරාධ සිදුවීමටද ඉඩක් ඇත.

          අතීතයේ වනචාරීන් ඇදුම් ඇන්ද ආකාරය අද විලාසිතාවක් ශිෂ්ඨ සම්පන්න වස්ත්‍රයක් ලෙස නිර්වචනය කරමින් ශිෂ්ඨ සම්පන්නවම වස්ත්‍රය වන මුස්ලිම් කාන්තා වස්ත්‍රය ගෝත්‍රික සංකල්පයකට සමාන කිරීමෙන් ඔබගේ සිතිවිලි වල ඇති නරුම ස්වභාවය මෙම අඩවිය කියවන පාඨකයන් වටහා ගනු ඇත.

          1. //රමනයේ යෙදීම පලමුව එම තැනැත්තියගේ අයිතිවාසිකම් කඩ කිරීමක් වන අතරම තන්හාව සහ ආශාව ඇතිවී ඉදිරියේදී දරුණු අපරාධ සිදුවීමටද ඉඩක් ඇත.//

            සිතුවිලි වලින් මානව අයිතින් කැඩෙනවාය කියන්නේ ඔයාගේ තියරියක් විතරයි .සිතුවිල්ල ක්‍රියාවට නගන්න යන එක පාලනය කරන්න බැරි නම් ඒ පුදගලයා ශිෂ්ටාචාරයට පත්වූ පුද්ගලයෙක් නෙවෙයි

            විලාසිතා යන නූතන මානුෂීය සංකල්පය නොහඳුනනා ගෝත්‍රිකයන් කව්ද යන්නද එලිසින්ම වැටහෙනු ඇත . මේ බ්ලොග් අඩව්යේ කමෙන්ට් දමන නොදමන මුස්ලිම් ජාතිකයන්ට නම් ඒ බවක් නොවැටහෙන්නේ ඔවුන්ද එම ගෝත්‍රයටම අයත් නිසාය

          2. සිතුවිලි වලින් මානව අයිතීන් කැඩෙන බව මගේ තියරියක් නොවේ. එය මීට වසර 1400 කට පමණ පෙර ඉස්ලාමය විසින් පෙන්වා දී ඇත. එමෙන්ම වසර 2000 කට පමණ පෙර යේසුස් වහන්සේද පෙන්වාදී ඇති බැව් බයිබලය පෙන්වා දෙයි.

            විලාසිතා තුල ඇත්තේ නුතන මානුෂීය සංකල්පයක්ද? අමානුෂීය සහ ම්ලේච්ඡ සංකල්පයක්ද යන්න වටහා ගන්නා බොහෝ දෙනෙකු දිනපතා ඉස්ලාමයට ඇදී එති. මුස්ලිම් වර්ගයා එක ගෝත්‍රයකට ඇද දමන ඔබද එහි විරුද්ධ පාර්ශව ගෝත්‍රයට ඇද වැටෙන බව මතක තබාගන්න. ශිෂ්ඨත්වයට එරෙහි වචනය ම්ලේච්ඡත්වයයි. ඔබ නියෝජනය කරන්නේ වස්ත්‍ර පිළිබද ම්ලේච්ඡයන්ගේ පාර්ශවයයි.

          3. මා නියෝජනය කරන්නේ වස්ත්‍ර පිලිබඳ තහංචි නොපණවන මුස්ලිම් නොවන අනෙක් සියලුම ආගමිකයින්වයි . ජේසුස් වහන්සේ කුමක් කීවත් වර්ථමානයේ කතෝලිකයන් ඇඳුම් පැලඳුම් පිලිබඳ නීති පනවා ගෙන නැත , හින්දුන්ද , බෞද්ධයන්ද කාලානුරූපව වෙනස් වී ඇත . වෙනසට ප්‍රතිරෝධයක් වී ඇති ඔබලාට විරුද්ධ පාර්ශ්වය නියෝජනය කරන්නට ලැබීම ආඩම්භරයක් සේ සලකමි !

          4. එදා තිබුණු තත්වයෙන් වෙනස්ව ඒ සියළුම දහම්හි වස්ත්‍ර පිළිබද සංකල්පය පරිණාමය වී ඇති බැව් ඔබ පිළිගැනීම ගැන මට සතුටුයි. මේ ලොව ඇති ආගම් සියල්ල යහපත් විය හැක. ඒ සියළුම දහම් වල යහපත් දේ තිබෙන්නට පුළුවන. නමුත් ආධ්‍යාත්මික වශයෙන් සත්‍ය විය හැක්කේ එකකට පමණි. සත්‍ය දහම සොයන්නන්ට දැන් තෝරාගැනීමට පහසුවක් වී ඇත.

            මෙන්න! අනෙක් සියලුම දහම් පරිණාමයට ලක්වී ඇත. බුවාත් කියන පරිදි ආරම්භක තත්වයෙන් මේ දක්වා නොවෙනස්ව පවතින්නේ ඉස්ලාමය පමණි.

        2. >>>කාන්තාවක් වෙත පුරුෂයෙක් ආකර්ෂනය් වීමත් පුරුෂයෙකු වෙත කාන්තාවක් ආකර්ෂනය වීමත් ස්වාභාවිකය . සිතුවිල්ලක් හටගත් පමණින් අන් පාර්ශවයට අගතියක් සිදුවන්නේ නැත . අපගේ සිතුවිලි වලින් හානි කල හැකි නම් අපගේ සතුරන්ට කුමක් වනවා ඇතිද ? , එසේ සිතුවිලි හටගැනීම අවබෝධ කරගැනීමත් , ඒවා සමාජයට හානියක් නොවන අයුරියින් පාලනය කරගැනීමත් පුද්ගලයා සතුය<<<<
          ඔබගේ මේ වැකි දිහා බලන විට මට හැගෙන්නේ ගැහැණු ළමය් දිහා බලා දුෂිත අදහස් ඇතිකරගැනීම වරදක් නොවන බවය්.එහෙත් මේ ක්‍රියාව කිසිම ශිෂ්ට සම්පන්න අයෙක් අනුමත කරන දෙයක් නොවෙය.මෙය ස්ත්‍රී දුෂණයට මුල පිරීමක්.මොනම කෙනෙකුටවත් නිතර නිතර මෙවැනි දුෂිත අදහස් ගලා එන විට වැරැද්දේ පලාලි නොසිටීමේ සම්බව්‍යතාව ඉතාම විරලය්.ආගමක් දහමක් නැති තිරිසනුන් මෙන් ජිවත් වීමට කැමති අයවලුන්ට මේ ඇදුම් සුදුසුය්.සමහරවිට මිනිසුන් කරන වැඩ වලට තිරිසන් වැඩ කියා කීම සත්වයින්ට කරන අපහාසයක් වෙන්නත් පුළුවන්.
          ආගමක් දහමක් ඇති අයට නම් මේ දේවල් පහදා දීම එතරම් අමාරු වෙන එකක් නැ.

          1. //ඔබගේ මේ වැකි දිහා බලන විට මට හැගෙන්නේ ගැහැණු ළමය් දිහා බලා දුෂිත අදහස් ඇතිකරගැනීම වරදක් නොවන බවය්.එහෙත් මේ ක්‍රියාව කිසිම ශිෂ්ට සම්පන්න අයෙක් අනුමත කරන දෙයක් නොවෙය.මෙය ස්ත්‍රී දුෂණයට මුල පිරීමක්//

            සිතුවිලි වලින් මිනිස්සුන්ට ගහන්න බනින්න හිතන්නත් පුලුවන් ඒත් ඇත්තට ඒ දේ නොකරන තාක් කල් හානියක් වෙන්නේ නෑ මේකත් ඒ වගේ තමයි . කිසිදු ආගමක් නොඅදහන නිර් ආගමිකයින් බහුතරය සිටින රටවල් දියුණුයි , සාමකාමියි . ඒ නිසා ආගමක් නොඅදහන පිරිස් ආගම් බදාගෙන අන්ධ විශ්වාසයෙන් දඟලන්නන්ට වඩා යහපත් සමාජයකට හේතුවෙන බව පෙන්න තියනව.

            ආගමේ නාමයෙන් කරන ඇතැම් වැඩ දැක්කාමත් තිරිසනුන්ටත්අන්ත බ බව ඡායාරූප විඩියෝ සාධ්ගක ඇතුවම අපිටත් දකින්න තියනවා

    2. ශ්‍රී ලංකාවේ කාම අපචාරයන්වලට සියයට අනූ නමයක්ම ගොදුරුවන්නේ අහිංසක බෞද්ධ සිංහල කාන්තාවන් බව සියළු දෙනාම අවබෝධ කරගෙන සිටින්නේ එම කාන්තාවන් ලඟ ඩෙස්ක් පුටු දමා වාඩිවී සිට බලාගෙන සිටි නිසා නොවන බව නිකං පොර ටෝක් දමන ඔබවැනි බූවලුන්ට නොතේරෙනවා ඇති. කාන්තාවකගේ අලංකාරය හෝ ලස්සන පමණක් නොව ඇය පිරිමියෙකුගේ පහත් සිත කැළඹීමට නැතිනම් පිරිමින් ආකර්ෂණයවීමට ප්‍රධානතම හේතුව වන්නේ ඇයගේ කෙස්කළඹයි. හින්දු හෝ බෞද්ධ කාන්තාවන් හිස ප්‍රදේශය වහන සිරිතක් අප දැක නැති බැවින්ද ඔවුන් හිස වහගන්නේ අව්වට හෝ වැස්සට පමණක් නිසා බැවින්ද ඔවුන් එසේ කෙස් කළඹ නිරාවරණයකර තබා ගන්නා බව කියන්නට අපට CCTV කැමරාවක් අවශ්‍යවන්නේ නැත. ඔබගේ පවුලේ කාන්තාවන්ට ඔනෑ ආකාරයට ඇඳගැනීමට පූර්ණ නිදහස තිබෙනවා. ඒ සම්බන්ධ විරෝධතාවක් හෝ ප්‍රශ්නයක් අප තුල නැත.

      නමුත් සමාජයේ විවිධ තරාතිරමේ මානසික රොගීන්, කාමුකයින් සහ බේබද්දන් සිටින නිසාවෙන්ම ඉස්ලාමය, කාන්තාවක් තම ශරීරය ඔවුන් සැමගේ උගුලෙන් ආරක්ෂා කිරීම පිණිස මෙසේ අංග වස්ත්‍රය පිළිබඳව සැලකීලිමත්වන ලෙස දේශනා කර සිටින්නේ. ඉස්ලාමය කෙනෙකු අපරාධ කිරීමට අන් අය දිරිගන්වන හෝ පොළොඹවන දහමක් නොව එයින් සියළු දෙනා ආරක්ෂා කරදීමට දිරිගන්වන ආගමකි. ඔබට සත්‍ය දේ වැටහෙන්න ටිකක් රෑවෙයි. බූවා කියන පුද්ගලයාට සැබෑ නමින් පෙනී සිට සත්‍ය දේ කතා කිරීමට තරම් කොන්දක් නැති හෙයින් මෙසේ අන්වර්ථ නමින් සමාජය අන්දවන්න හැදුවට අද සමාජය බොහෝ දේ පිළිබඳව දැනුවත්ව සිටිති. ඉස්ලාම් දහමට කිසිවෙකුගේ අනුශාසනාවන් කුලියට ගැනීමේ අවශ්‍යතාවයක් නැත. එය සෑම අංගයකින්ම පිරිපුන් ජීවන ක්‍රමයකි. මෙය සන්දන්ධ අලියෙකු අතපතගා බලන අන්ධයින් මෙන් ක්‍රියා නොකර අපි කළයුත්තේ ඉස්ලාමය දේශනා කර ඇති දේශනා මාලාව නිසියාකාරව පැහැදිලි කරගැනීමයි.

      1. සැබෑ නමින් පෙනී සිටින්න කියල මට නිති දාන්න ඔය කව්ද , ඔයාගේ නම් දැම්මාය කියල මම ඔයාව අඳුරනවාද නිකන් ගොන් තර්ක දාන්න එපා . මම මේ කථා කරන්නේ අවුරුදු 2ක් තිස්සෙ භාවිතා කරන බ්ලොග් අයිඩි එකෙන් . අන්තර්ජාලයේ තියන ප්‍රභලතාවන් සහ අවස්ථාවන් භාවිතා කරන්න ඔබ නොදන්නවා වුනාට මට කරන්න දෙයක් නෑ

        ඕගොල්ලන්ට ඉස්ලාම් විදිහට ඉන්න එපාය කියල කව්ද කියන්නේ , ඔබලා ඉස්ලාම් විදිහට ඉන්න . අනික් සමාජයන්ට ඉස්ලාම් ආරෝපණය කරන්න එපා . මම මේ ලිපිය ලියපු උන්නැහේටත් කිව්වේ ඒ ටික . ලංකාවේ කාන්තාවො ඉන්න විදිහට දකින කොට කහනවා වගේ නම් ඔයා මුස්ලිම් රටකටම වෙලා ඉන්න . ලංකාවේ මුස්ලිම් නොවන ගැනුන්ව වහන්න දඟලන්නේ නැතුව

        1. අද ශ්‍රී ලංකා සමාජයේ සාමාන්‍යයෙන් සකලවිධ හොරමැරකම් ජඩකම් කරන්න තම සැබෑ නම් භාවිතා නොකර අන්වර්ථ නම්වලින් පෙනී සිට අපරාධ සිදුකරති. මෑත ඉතිහාසයේ එවැනි හොර චරිතවාදීන් ගැන කියනවා නම් “කන්ගැට්ටා”, “වෙලේ සුදා”, “වම්බොට්ටා” මේ ආදී වශයෙන් තොග පිටින් නම් කියාගෙන යන්නට පුළුවනි. ඒ වගේම තමා මාධ්‍ය ජාලයේද ඒහා සමාන නම්වලින් පෙනී සිට බටහිරයන්ගේ ඉත්තන්වී අනෙක් අයට පහර එල්ල කරන්න උත්සාහ කරන්නේ. මෙවැනි බහුබූත නම් තබාගන්නා අයට කොන්දක් නැතැයි කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද? කිසිදු හරයක් නැති බහුබූත වල්ගාවාදීන්ගේ වෙබ් අඩවිවල සැරිසරන්නට කිසිදු අවශ්‍යතාවයක් අපට නැත. අප අපගේ ඉස්ලාම් දහම අනෙක් සමාජයට බලෙන් ආරෝපණය කරන්නටද අපට අවශ්‍ය නැත. නමුත් ලෝකයේ දැවෙන සමාජීය ප්‍රශ්නවලට විසඳුම තිබෙන්නේ ඉස්ලාමයේ බව කියන්නට අපට කිසිවෙකුගේත් අවසරයක්ද අවශ්‍ය නැත. තව ටික කාලයකින් ලංකාවේ ඉන්න කාන්තාවන් ටික වහන්න කියන්න යන්නේ මුස්ලිම්වරුන් නොව තම කාන්තාවන් දිගටම දූෂණයවෙනකොට සවුදිය වගේ ඇඳුම් අඳින්න කියන්න ඔබේ සමාජයම පටන් ගනීවි. ඇයි දැන් කුමක් හෝ බිහිසුනු මරණයක් හෝ කාන්තා දූෂණයක් සිදුවෙන කොට අරාබි නීතිය ගේන්න ඕන කියල සමහරු කෑගහනවා ඇහිල නැද්ද ? ඔබගේ නිවසේ එවැනි සිද්ධියක් සිදුවූ දාට ඔබට මතක්වෙන්නේ මොකක්දැයි අපට බලාගත හැකි. නමුත් එසේ අපි ප්‍රාර්ථනා නොකරමු.

        2. இஸ்லாமியப் பெண்களைப் போல இந்தியப் பெண்கள் அனைவரும் பர்தா அணியவேண்டும்: மதுரை ஆதீனம்

          By General

          2012-12-30 12:37:27

          இஸ்லாமியப் பெண்கள் எப்படி பர்தா அணிகிறார்களோ அதேபோல தமிழ்நாட்டுப் பெண்களும், ஒட்டுமொத்த இந்தியப் பெண்களும் பர்தா அணிய வேண்டும். இதன் மூலம் ஆண்களின் வக்கிரப் பார்வையிலிருந்து பெண்கள் தப்ப முடியும், பாலியல் குற்றங்களையும் குறைக்க முடியும் என்று மதுரை ஆதீனம் அருணகிரிநாதர் கூறியுள்ளார்.

          இதுகுறித்து அவர் அளித்த பேட்டியில், இஸ்லாயமிப் பெண்கள் பர்தா அணிவது வழக்கம்.

          கணவரைத் தவிர வேறு யாரும் தங்களது உடலைக் கண்டு விடக் கூடாது என்பதற்காக இந்தக்கட்டுப்பாட்டை அவர்கள் கையாளுகின்றனர். இதேபோல தமிழ்நாட்டுப் பெண்களும், இந்தியப் பெண்களும் கூட பர்தா அணிய வேண்டியது அவசியம்.

          இதன் மூலம் ஆண்களின் வக்கிரப் பார்வையிலிருந்து பெண்கள் தப்ப முடியும். மேலும், பாலியல் குற்றங்களையும் குறைக்க முடியும் என்றார் ஆதீனம்.

          ඉහත මෙම ද්‍රවිධ පුවත අද දින පළවූයේ “වීරකේශරි” නම් දමිල වෙබ්අඩවියේය.මෙයින් කියවෙන්නේ කුමක්ද ?
          “ තමිල් නාඩුවේ සියළු කාන්තාවන් ඇතුළු මුළු මහත් ඉන්දියානු කාන්තාවන් සියළු දෙනාම මුස්ලිම් කාන්තාවන් විසින් අඳිනු ලබන “ෆර්දා” නම්වූ වස්ත්‍රය පැළඳිය යුතුයි. පිරිමින්ගේ චපල දෑස්වලින් අප කාන්තාවන් බේරාගැනීමට පුළුවන්වනුයේත් මෙවැනි කාම අපචාරයන්වලින් මුදාගත හැකිවන්නේත් එවිට බට කියා තිබෙන්නේ වෙන කව්රුන් හෝ නොව මදුරෛහි ප්‍රධාන හින්දු පූජක අරුණගිරිනාදර් නම් ආදීනම් වරයාය .
          තවද තම ස්වාමි පුරුෂයා හැර වෙන කිසිවෙකුට තම ශරීරාංගයන් ප්‍රදර්ශනය නොකළයුතුයි යන ඉස්ලාමීය නීතිය අනුව එම කාන්තාවන් එම නීතිය පිළිපදිමින් සිටිති. ඒ අනුවම තමිල් නාඩුවේ සියළු කාන්තාවන් ඇතුළු මුළු මහත් ඉන්දියානු කාන්තාවන් සියළු දෙනාම මුස්ලිම් කාන්තාවන්‍ගේ මෙම “ෆර්දා” නම්වූ වස්ත්‍රය පැළඳියුතු බවත් එම ක්‍රියාමාර්ගය ඔස්සේ මෙම අපරාධ අවම කළ හැකියි” යනුවෙන් එම හින්දු ආදීනම්වරයා පවසා ඇත.
          එසමගම අපට මතකයි තමිල් නාඩුවේ මහ ඇමතිනි ජයලලිතා පැළඳ සිටින්නේද මෙම ෆර්දාවයි. නමුත් ඇය තම හිස පමණක් ආවරණය නොකෙරේ. මෙම වස්ත්‍රය පළඳින්න මුස්ලිම්විය යුතුමයි යන්න අපගේ තර්කය නොවේ. මෙසේ පැළඳීමෙන් කාන්තාව ආරක්ෂාවන බව කීමටයි අපි උත්සාහ කරන්නේ.

    3. ඉස්ලාම් යනු හුදෙක් ආගමක් නොව සමස්ථ මනුෂ්‍ය සංහතියම ජීවත් විය යුතු ආකාරය ප්‍රයෝගික්කව පෙන්වන මාර්ගයකි.එහි දෙවියන් ඇදහීම පමණක් නොව රට පාලනය දේශපාලනය,ආර්ථිකය,විනය,හැසිරීම් ආදිය පැහැදිලිව පෙන්වන දහමකි.ඉස්ලාම් ආගමේ පෙන්වා දෙන ආකාරයට සිටීමෙන් ආරක්ෂාව වැඩිකරගත හැකිය.මානව හිමිකම් යැයි පවසා කාන්තාවට අයුතු නිදහසක් ලබාදීම එම කාන්තවටම අවදානමක් බව මද්යස්තව හිතන ඕනෑම අයෙකුට තෙරේ.තම ආරක්ෂාව තමාම සලසා ගැනීම නුවණැති ක්‍රියාවකි.සමාජය වැරදි නොකරයි කියලා හිතලා කිසිම බයක් සැකක නැතුව ජීවත් වීමට ශිෂ්ට සම්පන්න යැයි කියා ගන්න බටහිරයන්ට පවා නොහැකි බව වර්තමාන පුවත් විමසා දැනගත හැක. සියලු දෙනාම මනුෂ්‍ය වර්ගයාගෙන ඇතිවිය හැකි බලපෑම් වලින් ආරක්ෂාවීමට සියලු පූර්වෝපායන් ගන්න බව නොරහසකි.ඉස්ලාමීය ඇඳුම ද කාන්තාවන්ට හිංසන වලින් ආරක්ෂාවීමට ඉතාමත්ම අගනා පූර්වොපයකි. සමාජය කරන වැරදි වලට තම නිදහස,ක්‍රියාකාරකම් වෙනස් නොකළ යුතුයැයි සිතා වටිනා වස්තුවක් තම නිවස ඉදිරියේ තබා ගෙය්හුල වෙන කාර්යක් කරනවිට එම වස්තුව නැතිවූ විට වරදිකරුවාට දඬුවම් දීමම පමණක් ප්‍රශ්නයට හොඳම විසදුම වන්නේද? නැතහොත් එවැනි සොරකමක් නොවන ලෙසින් වස්තුව ආරක්ෂා කිරීම හොඳම විසදුම වන්නේද? එවැනි ආරක්ෂාකාරී පූර්ව ක්‍රියාමාර්ග ගැනීමෙන් තමා පමණක් නොව සමාජයක්ද ප්‍රශ්නවලින් වැලකි සිටීමට අවස්තාව උදාකරනු ඇත.

        1. මම සඳහන් කලේ මද්යස්තව සිතන අය මිසක මුස්ලිම් නොවන අයෙක සිතන ලෙස නොවේ? ඔබට අනුව ඉහත නම සඳහන් කර තිබෙන හින්දු පුජකයත් මුස්ලිම් වෙන්නැති. ඔබ සිතන්නේ මේ ලෝකේ මද්යස්තව හිතන පුද්ගලයා ඔබ බවයි.

  19. ඉන්දියානු ශිෂ්‍යාව දුෂණය වීම හා වස්ත්‍රය පිළිබද අදහස් කිහිපයක් ප්‍රකාශ කර තිබිණි….
    නමුත් මෙම සිද්දිය වස්ත්‍රය පිළිබද පමණක් ඉස්ලාමිය නීතිය සමග සංසන්දනය නොකට ,මුළු සිදුවීමම සාරාංශ ගත කොට ඉස්ලාමිය නීතියට අනුව මෙවැනි සිදුවීම් වලක්වා ගත හැකි ක්‍රමය ගෙන බැලීම වෙදගත් යයි සිතමි.
    ඉස්ලාමිය නීතියට අනුව ගැහැනියකට මහ්රම් පුද්ගලයෙක් හැර තනියම ගමන් කල නොහෙක.
    ශීලාචර වස්ත්‍රය.
    දුෂණයට මරණ දණ්ඩනය …මෙය ප්‍රසිද්දව ඉන්දියාවේ මීට කලින් කර ඇත්නම් ඔය කියන පුරුෂ පක්ෂ ය දෙවරක් සිතන් නැද්ද.
    මත් පැන් හා මත් ද්‍රව්‍ය තහනම් ය ඉස්ලාමයේ ..
    තවද එතරම් කාමුක ආශාවන් ඇතිවන්නේ නම් විවාහයක් සිදුකරගත යතු යි ..නැතිනම් කාම ආශාව අඩුකරගැනීමට උපවාසයේ යෙදිය යුතු යි ….එහ්මත් නැතිනම් බර්යාවන් 2 හෝ 3 ත්තබගෙන එම ආශාව පිරිමස ගත යුත යි .
    මෙම නීති පද්දතිය ඉන්දියාවේ තිබුඅනනම් අද එම රටේ දුෂණ අඩු වෙන වාද නැද්ද …?

    1. ඔබ දන්නවාද 2004 වර්ශයේදී පාසල් සිසුවියක් දූෂනය කළ ධනන්ජෝයි චැටර්ජි නමැති ආරක්ෂක නිළධාරියෙක් එල්ලා මැරුවා.ස්ත්‍රී දූෂකයන් එල්ලා මැරූ ඉතිහාසයක් සහිත ඉන්දියාවේ ස්ත්‍රී දූෂන සිදුවෙනවා.බුවා මොඩලයේ කාන්තාවන් අඩනිරුවතින් සිටින විට හැඟීම් ප්‍රකෝප වූ පිරිමි තමන්ගේ හැඟීම් ප්‍රකෝප කළ කාන්තාව දූෂනය කරන්න බැරි නිසා අහිංස්ක කෙල්ලෙක් දූෂනය කරනවා.තමන්ව ප්‍රකෝප කළේ බලවත් බොලිවුඩ් නිළියක් විය හැකියි.
      ඒ මොන හේතුව නිසා වුනත් ස්ත්‍රී දූෂනය අපරාධයක්.නමුත් පනින රිලවුන්ට උඩ ගෙඩි දීමටයි එරෙහිවිය යුත්තේ
      ඉස්ලාමයේ ස්ත්‍රී දූෂනයට දැඩි දඩුවම් තිබෙනවා.හැබැයි ස්ත්‍රී දූෂනය සම්පූර්නයෙන්ම අධෛර්ය කිරීමෙන් අනතුරුවයි
      හිජාබ් හෝ බුර්කා හැඳි කාන්තාවක් දෙස බලා කිසිම කෙනෙකුගේ හැඟීම් ඇවිස්සෙන්නේ නෑ.ඉතින් අනුන්ගේ හැඟීම් ප්‍රකෝප නොකර ශිෂ්ට ලෙස සිටින කාන්තාවක් දූෂනය කරන්න ආවොත් ඊට නිසි බෙහෙත් ඉස්ලාමයේ තිබෙනවා

      ඉන්දියාවෙ ප්‍රශ්නයට තවත් අතුරු කතාවක් තිබෙනවා.ඒකත් අනුවේදනීයයි.ඒ කුල ප්‍රශ්න.දූෂනයට ලක්වූ කාන්තාව අඩුකුලේලු.දූෂකයන් උසස් කුලවලලු.ඉන්දියාවේ ස්ත්‍රී දූෂන වැඩි වීමට කුල පීඩනයත් එක් හේතුවක්.පුලාන් දේවි සිද්ධියත් එසේමයි.මගෙ මිතුරෙක් ඉන්දියාවෙ දුම් රිය ගමනක යෙදී ඉන්නවිට මේ හරියෙ පුලාන්දේවි ගැන කියන්න ගිහින් අනෙක් අය ඔහුව වැලැක්වූවාලු.කුලීනෙයෙකුට ඇහුනොත් විනාසයි.මේ පැත්ත කුලීනයො ඉන්න පැත්තක් කියල

      1. //ඉන්දියාවෙ ප්‍රශ්නයට තවත් අතුරු කතාවක් තිබෙනවා.ඒකත් අනුවේදනීයයි.ඒ කුල ප්‍රශ්න.දූෂනයට ලක්වූ කාන්තාව අඩුකුලේලු.දූෂකයන් උසස් කුලවලලු.//

        මේක වෙනත් දූෂන සිදුවීමක් , දිල්ලි නගරෙය ආන්දෝලනාත්මක සිදුවීම නෙවෙයි . ඉන්දියාවේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම පිලිබඳ ප්‍රශ්නයක් ඔය ගැන විතරක් නෙවෙයි තව බොහෝ අවස්ථාවල දකින්න පුලුවන් . ඉන්දියාව තුලත් කාන්තාවන්ට නිසි තැන ලැබිලා නැහැ ග්‍රාමිය නොදියුණු පරිසරයන් තුල . නමුත් ක්‍රමයෙන් සාධනීය වටපිටාවක් සකසා ගන්න අවශ්‍ය කරන පෙල ගැසීම් තියනවා . දිල්ලි නගරයේ සිදුවුනු දේ ඉන්දියාවේ නොදියුණු ගමක සිදුවුනා නම් ඔය වගේ කතිකාවක් ඇතිවෙන එකක්වත් නෑ . ඒ අසාධාරණයට එරෙහිව හඬ නගන්න අවශ්‍ය වටපිටාව සැකසිලා තියෙන්නේ සාම්ප්‍රදායික අදහස් අවම නාගරික පරිසරය තුල

  20. ලිපිය විවිධ පැතිකඩ ඔස්සේ බැලිය හැකි නමුත් ලේඛකයා පවසා ඇත්තේ එදිනෙදා අසන්නට, දකින්නට ලැබෙන සිදුවීම වල යථාර්තයයි.

    @ බුවා,

    //ඔය බටහිර විරෝධී ජයශ්‍රි උන්නැහේ ඇයි මේ බටහිරයන්ගේ තාක්ෂනයක් වෙච්ච බ්ලොග් වල උත්තර බඳින්නේ//

    ඔබගේ තර්කය මෙය නම් අපටද එයට ප්‍රතිතර්කයක් ඉදිරිපත් කල හැක. බටහිර රටවල්වල තාක්ෂණය මුස්ලිම්වරුන් පිලිගැනීම වරදක් නම් මුස්ලිම්වරුන්ගෙන් බටහිර රටවල් ලබා ගෙන තිබීමද වරදක් විය යුතුය.

    http://en.wikipedia.org/wiki/Islamic_contributions_to_Medieval_Europe

    http://en.wikipedia.org/wiki/Islamic_Golden_Age

    මේ ඔබ විසින් සඳහන් කලාවු ‘ගෝත්‍රවාදී’ මුස්ලිම්වරුන්ගේ අතීත ක්‍රියාකලාපයන්ය. මුස්ලිම්වරුන් මෙහිදී ගැටෙන්න තාක්ෂණය සමග නොව මතවාදයන් සමගය. එය ඔබ අවබෝධ කරගත යුතුය.

    1. අහල බලන්න බටහිරයන්ගෙන් ගත්තේ මොකද කියලා , හැබැයි ඇමරිකාවේ හඳුන්වාදීමක් වූ , මේ දක්වාත් 100%ක් ඇමරිකානු පාලනය යටතේ තියන . මේ ඩොමේනය පවා ඕනැම මොහොතක අත්හිටුවිය හැකි බලය ඇමරිකාව සතුව තියන අන්තර්ජාලයේ ඉඳන් බටහිර විරෝධය මට නම් හාස්‍යජනකයි . මතවාදයන් ගැන ප්‍රශ්න තියෙන්නේ පුලුවන් නමුත් නූතනත්වය බටහිර දෙයක් විදිහට වෙන්කර දක්වනවා නම් , නූතනත්වයේ අංගයක් වෙච්ච අන්තර්ජාලය විතරක් භාවිතා කරන්නේ මොකද ?

      ස්වභාවයෙන් තර්කානුකුල ඔබ අහක යන දෙයක් පටලවා ගැනීම ගැන කණගාටුයි

      1. සමාවන්න ‘හොට’ දැම්මට. මට මේක කියන්න ඕන වුනේ ඔතන ‘තාක්ෂණය’ කියන සාධකය මතු කරලා තිබුනේ ඔබ නිසා.

  21. පිරිමියි ගෑනුයි දෙගොල්ලොම බුර්කාව අඳිනවනං ඔන්න මම කැමතියි.මොකද ගෑනු ඔක්කොම වහගෙන හිටියට පිරිමි එළියේ දාගෙන නං ඉන්නේ ඊළඟට පිරිමිංව දූෂණය කරන්ඩ පටං ගනියි ගෑනු.

    http://www.cnn.com/2011/10/15/world/africa/zimbabwe-sperm/index.html?hpt=hp_t2

    http://pjmedia.com/blog/ask-dr-helen-can-a-man-be-raped-by-a-woman/

    1. කාන්තාව සහ පුරුෂයාගේ ස්වභාවික පිහිටීම අනුව එසේ සිදුවීමට ඉඩකඩ අඩුය. ඔබට පුද්ගලිකව එසේ බයක් තිබෙනවා නම් වසා ගත්තාට කමක් නැත.

  22. බුවාගේ සිතුවිලි! ඔබගේ අදහසේ ඔබ එල්බ සිටීම වරැද්දක් යැයි පවසන්නේ නැත.නමුත් ඔබ ටිකක් ළිදෙන් එලියට එන්න සිද්ධ වෙනවා.මම නම් හිතන්නේ ඔබට තවම සමාජය ගැන දැනුමක් නොමැති බවක් තමයි ඔබගේ අදහස් තුළින් ඉස්මතු වන්නේ.කෙසේ වෙතත්,ඔබ කුමණ ආගමක් ඇදහුවත් අවසානයේ ඔබ කිසිම ආගමකට සම්බන්ධ නැති නිකමෙක් යන්න ඔප්පු කර හමාරය.කුමණ හෝ ආගමකට සම්බන්ධ වෙන්න.මේ ලෝකයේ පවතින කිසිම ආගමක් මෙවැනි අඩ නිරැවත් වස්ත්‍ර අනුමත් කරන්නේ නෑ.බටහිර රටවල් වල සමාජ ක්‍රමය අනුව ඔවුන් නිරැවත්ව ගියත් එය ප්‍රශ්ණයක් නොවේ.එම නිසා තමයි ඔවුන් ඔවුන්ට අවේනික ගණිකා හෙවත් දඩාවතේ යාම වෟතියක් ලෙස සලකා තිබෙන්නේ.මෙවැනි ක්‍රම වේදයක් වර්තමානයේ ලංකාවේත් යෝජනා වීම “බුවා” වැනි පුද්ගලයන්ට මහත් ප්‍රීති ජනක පුවතකි.බුවා වැනි අධි මානසිකයකුට ඔහුගේ කාමුක හැගීම් පාලනය කිරීමට පාරට බැස අඩ නිරැවත් ගැහැණියන් බැලීම ඔහු හැදුණු සමාජ වාතාවරණයට අනුව වැරැද්දක් නොවෙන්න පුළුවන්.නමුත් ස්ත්‍රීන්ට සිද්ධවෙන අඩත්තේට්ටම් 100% යැයි අපි උදාහරණයක් ලෙස ගතහොත්,එයින් 90% ක්ම ඇයගේ විලාසිතා හා ඇයගේ වස්ත්‍රයන් නිසා යැයි ඔප්පු වී ඇත.” බුවායි ,මමයි එක අභියෝගයක් කර ගනිමු” ඔබගේ අඩ නිරැවත් භාර්්‍යාවයි,මගේ මුළු ශරීරයම වැසෙන සේ අදින ලද භාර්්‍යාවයි,ඒ දෙගොල්ලන්ව පාරේ යවා මමයි ඔබයි සමීක්ෂණයක් කරමු.එතකොට තේරෙයි පාරේ යන කට්ටිය කීයෙන් කීදෙනාගේ ඇසි ගෙඩි කා මතටද පතිත වෙන්නේ කියා.මම අපගේ භාර්්‍යාවන්ව උදාහරණයට ගත්තේ සංවාදය අපි දෙගොල්ල අතර නිසා.එසේම ඔබ ඔබගේ භාර්්‍යාව අඩ නිරැවතින් පාරේ රැගෙන විත් ලෝකයට පෙන්නා,ඇයගේ චිත්‍රය දහස් ගණන් පිරිමීන්ගේ ස්වයං වින්දනයට භාජනය කර ගැනීමට ලක් කිරීම ඔබ ප්‍රිය කරන්නේ ද?ඊට වඩා නරකද ප්‍රායෝගිකව එය කිරීම? වර්තමානයේ මුස්ලිම් කාන්තාවන් අදින වෛවර්ණ ආවරණය ඉස්ලාම් අනුමත නොකරයි.මන්ද ඉස්ලාම් මෙවැනි ක්‍රමයක් කිසිසේත් අනුමත නොකරයි.දැන් දැන් මෝස්තර ආවරණයන් වගේම,එම ආවරණය තුළින් ශරීරයේ කොටස් ද පිටට පෙනෙන ස්වභාවයක් දක්නට ලැබේ.අපගේ මෙම අදහස් ප්‍රකාශ කරන ලද මුස්ලිම් සහෝදරයන්ගෙන් ඉල්ලා සිටින්නේ තම තමන්ගේ භාර්්‍යාවන් අදින විලාසිතාවන් ගැන ටිකක් විපරමින් ඉන්නා ලෙසයි.ඊට හේතුව බටහිර සංස්කෟතිය ඉස්ලාම් නමින්,ඉස්ලාම් වස්ත්‍ර නමින් කා වද්දන ස්වභාවයක් දක්නට ලැබීම හේතුව නිසා……….

    1. //නමුත් ඔබ ටිකක් ළිදෙන් එලියට එන්න සිද්ධ වෙනවා//

      මුස්ලිම් සමාජයෙන් එලියට (ආකල්පමය වශයෙන්)ඇවිල්ල ලෝකය දිහා බලන්න බැරි ඔබ අනුන්ව ලිඳෙන් ගොඩ ගන්න කථා කරනකොට හිනා යනවා සහෝදරයා

  23. ITHA WEDHAGATH DEWAL GODAK MEMA LIPIYE DUTUWA. ETHHATAMA AVANKAYEN STHUTHY AACHARAYA THUMANI OBAHATA.

  24. ඔබේ මතය දැරීමට ඇති අයිතියට ගරු කරමි. නමුත් මගේ ආගමේ වෙනස මම මෙසේ සාරාංශ කරමි.
    භාග්‍යවතුන් වහන්සේ නන්දා නම් නොහික්මුනු භික්ෂුණිය ට මේ ගාථාවලින් නිතර අවවාද කරති.”නන්දාවෙනි, ජරාවෙන් ලෙඩ වූ කුණුවලින් අපවිත්‍ර වූ කුණු වූ මේ ශරීරය බලව. රාගාදී වශයෙන් නො ගෙන භාවනා කරව. ඉතිරි සහිත මානය දිරු කරව. එ සේ මානය නැතිකිරීමෙන් සන්සුන් ව හැසිරෙව.”
    (කුද්ධක නිකාය – නන්දා ථෙරී ගාථා)
    සිත තුලින් ම පිරිසිදු වීමක්ම අපි අපේක්ෂා කරමු.

  25. ඇයි ස්ත්රියන්ගේ සමාජීය නිදහස ගැන පමණක් සිතන්නේ?
    මුස්ලිම්වරුන් සම්බන්දෙයෙන් ඇයි මේක අදාළ නැත්තේ?
    මාතෘකාවට අදාළ නැති උනත් සිතිය යුතු කරුණක්…
    මුස්ලිම්වරුන් වන අපි අනුන්ගේ දේපල බලෙන් කොල්ල නොකැවෙමු.
    සහයෝගයෙන් සිටීමට උත්සහ දරන්නෙමු.
    Why this double game?

  26. සුජිත් නිශාන්ත මහතාගේ ලිපියේ යම් තරමේ ගතයුත්තක් ඇත. මොනදේ කොහොම වෙතත් කාන්තාවන් සිරුර නිරාවරණය වන පරිදි ඇඳුම් පැළඳුම් නොඇද සිරුර ආවරණය වන සේ ඇදුම් තොර ගැනීම තමඊ සුදුසු.
    කව්රු කෙසේ අදහස් දැරුවත් කාන්තාවක් දුෂණයට ලක් කරන්නාගේ සිතද දුෂණය වී ඇත.
    එයට එම තැනැත්තා දකින්නට හා අසන්න ලැබෙන දේවල් රුකුලක් විය හැක.

  27. me thiyenne oya maha loku bauddaya kiya gaththa mahaththayage FB eka . https://www.facebook.com/dr.snhewage … meka balapuwama hithaganna puluwan genunge eduma minihata mechchara ridena topik ekak wela thiyenne ei kiyala . genunge vili wahanna kalin mahaththayo thamunge hitha pirisidikara gaththoth hodai neda mahaththayo.. gon part dala nikan sawuththu wenna epa . anver , me wage redi gelaunu ewun nikan pora karanna gihin ohege blog eka sauththu kara ganna epa …. me mahath horage keruwawal thawa issarahata hemita eli karannam …

    1. අනුන්ගේ දේවල් හොය හොය ඉන්න එක හැර වෙන වැඩක් නැද්ද හැබෑට?

  28. මොන විකාර අදහසක්ද. බස් වල යන පිරිමින්ට තමන්ගෙ හෑගීම් පාලනය කර ගන්න බෑරිකමත ගෑනු වග කියන්න ඔනද?

    මිනිහෙක් ගෙවා ගන්න බැරි තරම් ණය අරන් මගුල් කාලා, ඒ ණය ගෙවා ගන්න බැරුව දගලනව නම් ඒක ණය දීපු මිනිහගෙ වරෑද්දද? මේ කියන්නෙ එහෙම කතාවක්.

    තමන්ගෙ කෙනෙක්ට පෞද්ගලිකව අවවාදයක් දෙන එක එකක්. එකත් පරිස්සමෙන්.මුලු මහත් ස්ත්‍රී වර්ගයාගෙම ලින්ගික ජීවිතය තමන්ට ඔන විදියට වෙන්න ඔනෙ කියල හිතන එක තව එකක්.

    1. ඔබගේ අදහස
      තමන්ගෙ කෙනෙක්ට පෞද්ගලිකව අවවාදයක් දෙන එක එකක්. එකත් පරිස්සමෙන්.මුලු මහත් ස්ත්‍රී වර්ගයාගෙම ලින්ගික ජීවිතය තමන්ට ඔන විදියට වෙන්න ඔනෙ කියල හිතන එක තව එකක්.

      මගේ පිළිතුර
      එහෙම එකක් මෙහි වෙලා නැත.

  29. වා සමග තර්ක කිරීමෙන් පලක් නැත.බටහිර ගෝත්‍රවාදය විසින් මොලය සෝදා ඇති නිසා ඉන් එහා සිතීමට පුළුවන් කමක් නැත.බටහිර ලිදේ ජිවත් වෙන බටහිර ලිං මැඩියේකි.තාක්ෂනය යනු බටහිරෙන් පමණක් පැමිණි එකක් නොව තාක්ෂණයට ආසියාව අප්‍රිකාව ලතින් ඇමෙරිකාව ඇතුළු සියල්ලන් ගේ සංකලනයයි.ඔහුගේ මතය අනුව බටහිර තාක්ෂනය බාවිතා කරන්නන් බටහිර අනුව ජිවත් වියයුතුයි. (( ඔය බටහිර විරෝධී ජයශ්‍රි උන්නැහේ ඇයි මේ බටහිරයන්ගේ තාක්ෂනයක් වෙච්ච බ්ලොග් වල උත්තර බඳින්නේ ,)) එසේනම් බටහිර වැඩි පිරිසක් අදහන කිතුදහම ඔහු අදහන්නේ නැත.
    Mr. Seeker
    බටහිර රටව ගැහැණු ළමයෙක් තම විවාහයට පෙර අඩු තරමේ පිරිමින් හතර දෙනකු සමග හෝ අබු සැමියන් සේ එක් වී ඇත.මේ නිසා අනවශ්යම ලිංගික පීඩනයි නැතැයි අපිට සිතිය හැක.නමුත් ඇමරිකාවේ විනාඩියට ගැහැනුන් විශාලපිරිසක් දුෂණය වෙනබව දන්නවද? සදාචාරසම්පන්න සමජයක් එහි නැත නමුත් නිතිය නියම විදියට ක්‍රයාත්මක වේ.ශ්‍රී ලංකාව තුල අපි කුමන ආගමක් අදහහුවත්අතීතයේ සිටම අපිටම අනුනවූ සංස්කෘතික ඇදුම් පැළදුම් ඇත. නමුත් වර්තමානයේ බටහිර කරණය වෙමින් පවතී.මෙයට වැඩි පුරම ඇදීයන්නේ කවුරුන්ද යන්න සිතා බලන්න.
    මුස්ලිම්වරු වන අපට, ඔබලා කුමන විවේචන එල්ල කලත් අපගේ ගැහැණු දරුවන් පතාලෙට තල්ලු නොකරමු. හේතුව අපට ඇති වටිනාම වස්තුව අපේ දරුවන් විමියි . තවද බටහිර සංස්කෘතිය නමැති ගින්දර සමග සෙල්ලම් කරමින් සිටි.එය තායිලන්තය වැනි රටවල් දවා අළුකර හමාරය.නො දැවූ තැන් වලින් දුම් ගද හෝ හමනු ඇත.

    1. විද්‍යාව පෙරදිග බටහිර සංකලනයකි . නමුත් අන්තර්ජාලය ඇතුලු නූතන තාක්ෂණයන් බටහිරයන්ගේ නිර්මාණයි . නූතනත්වයට බටහිර යැයි හන්වඩු ගසන්නෙකුට බටහිර තාක්ෂනයන් භාවිතා කිරීමේ සදාචාරත්ම අයිතියක් නැත .

  30. buwa://සිතුවිල්ල ක්‍රියාවට නගන්න යන එක පාලනය කරන්න බැරි නම් ඒ පුදගලයා ශිෂ්ටාචාරයට පත්වූ පුද්ගලයෙක් නෙවෙයි//
    වර්තමානයේ සිටින බහුතරයක් ශිටාචාරයට පත්වූ අය නොවේ.මක්නිසාදයත් සියලු අපරාධ සිදුවන්නේ සිතිවිලි පාලනය කිරීමට නොහැකි නිසාය.
    brainoil :ඔබ ඔබේ පව්ලේ සාමාජිකාවක් අඩනිරුවතින් පාරේ ගමන කිරීමට සලස්වන්න,යම කෙනෙකු අතින් ඇය දුෂණයට ලක්වූ විට දුෂකයා එල්ලා මරන්න.එවිට ඔබට ඇතිවූ අවමානයන්,කැළැල්,වේදනා සියල්ල විසඳේ.අද විදේශීය කාන්තාවන් මුහුදු වෙරළේ නාන ඇඳුමින් සිටීම ඔබට සතුටක් විය හැකි.එලෙසම ඔබගේ සහෝදරිය එවැනිම ඇඳුමක් ඇඳ මුහුදු වෙරළේ සිටින විට තවත් කොල්ලෝ සෙට් එකක් ඇවිත් “නංගී ඇඳුමට රෙදි මදි වෙලාද?හවසට එන්නකෝ අපි මස්සවලා දෙන්නම්” කියලා අසනවිට ඔබ දක්වන ප්‍රතිචාරය කුමක්ද?

  31. AL JAZEERA,අඩවියේ පලවූ ප්‍රවුර්තියක්.
    The body of the Indian woman who was gang-raped has been cremated in the capital, New Delhi.

    “This is an unprecedented response to this rape case not only because of its sheer brutality that moved them beyond imgaination but also because we have so many rape cases reported over the years and our justice system is really very slow and conviction rates are very, very low that is the reason why a lot of such rape cases are happening and increasing because there is no fear of law at the moment and people want all this to change.”

    – Ranjana Kumar, the director of the Centre for Social Research

    Prayers and vigils were held for the 23 year-old medical student who died in a Singapore hospital where she was flown for specialist treatment after the attack on December 16.

    The woman and a male friend, who also remains unidentified, got on a bus in New Delhi after watching a film when they were attacked by six men.

    The men reportedly beat the couple and inserted an iron rod into the woman’s body, resulting in severe organ damage. Both were then stripped and thrown off the moving bus, according to Indian police.

    The couple was planning to get married next year, neighbours of the male friend told local media on Sunday.

    Since then, thousands have taken to the streets in a public outcry and mounting anger that caught the Indian government off-guard.

    The six suspects have been charged with the woman’s murder.

    The issue of violence against women is now on top of India’s national agenda, with calls being made for a change in the country’s justice system.

    “The ineffectiveness of government agencies particularly the weakness of the criminal justice system is allowing the fear of law to disappear. People with money, with political power somehow are above the law and the message that goes to an average anti-social element is that they can do this sort of crime in the heart of the city and get away with it.”

    – Ved Marwah, a former New Delhi police commissioner

    But would that alone be enough?

    In India crime appears to be a growing problem and among India’s major cities, New Delhi has the highest number of sex crimes.

    Official figures show that the number of reported rape cases in India rose by nearly 17 per cent between 2007 and 2011.

    In the country’s capital, a woman is reportedly raped on average every 18 hours or molested every 14 hours. About 92 percent of those accused of rape are known to their victims, and more than half are under the age of 25.

    We ask, how deep-rooted is this phenomenon in Indian society?

    Inside Story, with presenter Ghida Fakhry speaks to guests Ved Marwah, a former New Delhi police commissioner; Aisha Gill, a reader in criminology at the University of Roehampton; and Ranjana Kumar, the director of the Centre for Social Research.

  32. ඔබගැන කණගාටු වනවා හැර වෙනකිසිවක් කල නොහැක.අපි බටහිර විරෝදින් නොවේ.මෙපමණ කල් අප විරෝදය පලකලේ බටහිර සංස්කෘතියටයි .මෙය තේරුම් ගැනීමට පවා බැරිද?

    1. //මේ අර්ථයෙන් නාමිකව මුස්ලිම් වුනත් බුවාට ප්‍රශ්නයක් හැබැයි සමාජ හා දේශපාලන වශයෙන් බටහිර ගැත්තෙක් වෙන්න ඕන //

      ඉස්මත් – මම උත්තර දුන්නේ ජයශ්‍රිගේ ඔන්න ඔය ප්‍රකාශයට , ඔතනදි කියවෙනද බටහිර සංස්කෘතියක් ගැන . බටහිර සමාජ දේශපාලන ව්‍යුහය ප්‍රතික්ෂේප කරනවාය කියන්නේ බටහිර විරෝධීන් නොවේ නම් වෙන කව්ද ?,

  33. මම මේ බ්ලොග් එකේ එකා කියන එව්වා පිලි ගන්න ලෑස්ති නෑ. හේතුව කව්රු හරි එකෙක් යමක් විස්වශයෙන් යුතුව කියනවනම් හැන්ගෙන්නැතුව එලි පහලියට ඇවිල්ල කියන්න පුළුවන් වෙන්න ඕනෙ

  34. භාතිය මම ලෑස්තියි එලි පිට ඔබත් සමග වචන හුවමාරැ කර ගැනීමට.ඔබට කොයි විදිහේ එලි පහලියක් ද අවශ්‍ය වන්නේ?

  35. මම පළමුකොටම අන්වර් මනතුංග මහතාගේ ඔහුගේ වෙබ් අඩවියට මගේ අවංක අදහස් දැක්වීම නිසා සිදුවූ මතවාද අරගලය වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමි. මම කවදාවත් හිතුවේ නැහැ මම නිසා වේගවත් අදහස් දැක්වීමක් සිදුවෙයි කියලා. කාර්යබහුලතාව නිසා නිරතුරු වෙබ් අඩවි සංවාද වලට එක්වීමේ හැකියාව නැතත් විවේක තිබෙන විට අන්වර් මනතුංග මහතාගේ වෙබ් අඩවි සංවාද කියවීම මම ඉතා ප්‍රිය කරමි. මම සිදු කලේ ඔහුගේ අදහස් පිලිබඳව මාගේ අවංක මධ්‍යස්ථ මතය ප්‍රකාශ කිරීම පමණකි. ඒ හැරෙන්නට ජිවිතයේ කිසිදු අවස්ථාවකදී අන්වර් මනතුංග මහතා පුද්ගලිකව මුණ ගැසී කතාබහ කර නැත. අවම තරමින් ජීවමානව ඒ මහතා දැක නැත. එහෙත් ඔහුගේ වෙබ් අඩවි ලිපි මඟින් ඔහු මනුෂ්‍යත්වය අගය කරන ජාති ආගම් භේද වලින් තොරව කටයුතු කරන මධ්‍යස්ථ වැදගත් උගත් මහතෙකු බව මට ඉතාම පැහැදිලිය. අද බෞද්ධ මූලධර්ම වාදී කණ්ඩායම් මෙරට තුළ ඉස්මතු වෙමින් සිටින බව ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අනුව පැහැදිලිය. ඔවුන් සිය අත්තනෝමතික ක්‍රියාකාරීත්වය තුළින් යළිත් වරක් මේ රට අරාජික තත්වයට ඇද දැමීමට පිඹුරුපත් සකසමින් සිටින බව වරින් වර හෙළිවන ඔවුන්ගේ ක්‍රියාවන් තුළින් පෙනෙන්නට තිබේ. කිසිවෙකු නාමිකව බෞද්ධ වුවාට ඵලක් නැත. ක්‍රියාවෙන්ද බෞද්ධ විය යුතු බව මම අවංකව සිතමි. මුස්ලිම් මහතෙකුහට වුවද බුදුදහමේ ප්‍රතිපත්ති අනුව අවංකව වැදගත්ව නියම මහත්මයෙකු ලෙස ක්‍රියාකළ හැකි නම් ඔහු සිල්වතෙකු සත්පුරුෂයෙකු ලෙස හැඳින්වූවාට කමක් නැත.එසේම යමෙකු දුසිල්වත් නම් ප්‍රතිපත්තිවලින් බැහැරව කටයුතු කරන්නේ නම් නාමිකව බෞද්ධවීමෙන් පමණක් ඔහු සිල්වතෙකු නොවේ. මේ සමාජයේ නිවැරදිව විචාර පූර්වකව අවංකව කටයුතු කරන්නා පාගා දමා බොරුවෙන් ජීවත්වෙන්නා නිවැරදි යැයි යන මතයක් සමාජගත කිරීමට බෞද්ධ යැයි කියා ගන්නා ඇතැම් පිරිස් උත්සුකවීම එක්තරා අවාසනාවන්ත තත්වයකි. ඒ තත්වය පිළිබඳව මම බෙහෙවින්ම කණගාටුවට පත් වෙමි. මෙහි මාතෘකාව යුවතියකගේ සංවරකම හා ඇඳුම පිළිබඳව වුවද සාකච්ඡාවේදී ඇතැම් පුද්ගලයින්ගේ මානසික බෙලහීනකම් හා පුද්ගලික කෝන්තර පිරිමසා ගැනීම්වලට සාකච්ඡාව ලඝුවී ඇති බවක් පෙනී යයි. මා විසින් ස්වාධීන වශයෙන් දක්වා ඇති අදහස් නිසා මේ සාකච්ඡාව අවහිර වී ඇති බවක් මට පෙනී යන බැවින් අන්වර් මනතුංග මහතා කෙරෙහි කරුණාවෙන් මා විසින් මෙහි දක්වා ඇති අදහස් නොසලකා ඔබ සියළු දෙනා බුද්ධිමත්ව හා ශාස්ත්‍රීයව ඔබගේ අදහස් මේ වෙබ් අඩවිය වෙත යොමු කරන මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමි. මෙම මා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ තත්වයකි. ඒ නිසා මා කෙරෙහි යම් කෙනෙකු හට පුද්ගලික ද්වේෂයක් තිබේ නම් ඒවා අන්වර් මනතුංග මහතාගෙන් පිරිමසා ගැනීමට යාමෙන් ඒ මහතා මුදවා හැරීමට කටයුතු කරන මෙන් ඉල්ලමි. මා මේ අදහස් යොමු කලේ මා ස්වාධීන සිතාබලා වන අතර කිසිවෙකුගේ මෙහෙයවීම මත නොවන බවද කාරුණිකව සැලකුව මැනවි. මා අවංක බෞද්ධයෙකු වන අතර ජාතිවාදියෙකු හෝ ආගම් අන්තවාදී මත දරන්නෙකු නොවන බවද මම සියල්ලම වඩා මනුෂ්‍යත්වය ගරු කොට සලකන පුද්ගලයෙක් බවද වැඩි දුරටත් දක්වා සිටිමි. මිනිසුන් අතර නැති ආගම් හා ජාති භේද ඉස්මතු කිරීම සත්‍ය දැකීමට බාධාවක් බවද පෙන්වාදීමට කැමැත්තෙමි. බෙඩ් අඩවි වලට අදහස් දැක්වීමේදී හැකිතාක් ශිෂ්ට ලේඛන ශෛලියක් අනුගමනය කිරීමට සැලකිලිමත් වීම තමන්ගේ පුද්ගල පෞරුෂත්වය ඉස්මතු කරගැනීමට වැදගත් සාධකයක් බවද සිහිපත් කිරීමට කැමැත්තෙමි.

    1. ඔබ නිසා මා අපහසුතාවයට පත්වුවා යැයි නොසිතන්න. මා සැමවිටම පෙනී සිටින්නේ මට හරිව පෙනෙන දේට පමණි. මා කිසියම් දෙයක් අරබයා අපහසුතාවයට පත්වුයේ නම් ඒ මට හරිව පෙනෙන දෙයක් කරන්නට යාමෙනි. කෙසේ වුවද මා අනික් සියළුම දෙනාට ආරාධනා කරන්නාක් මෙන් ඔබටද ආරාධනා කරන්නේ සිදුවු දෙයින් අධෛර්යමත් නොවී දිගටම ලියන්න. ඔබ අපහාසයට ගොදුරු වුයේ ඔබට යහපත්ව පෙනෙන දෙයකට අදහස් දැක්වීමට යාමේදීයි. අද අන්තර්ජාලය තුල ඔබ මෙන් නොව බොහෝ දරුණු අපරාධකාරයන් පවා සිටිති. කවුරුන්වත් ඔවුන්ගේ පැටිකිරිය තියා දැන් කරනදේවත් නොසොයති.

  36. බොහෝම ස්තූතියි අන්වර් මනතුංග මහතාණනි. සිංහල බෞද්ධ යැයි කියා ගන්නා අසත් පුරුෂයෙකුගෙන් නොලැබෙන මානසික පිටුවහලක් මට ඔබතුමා නිසා සැලසිනි. මම ඊට ඔබට ණය ගැති වෙමි. මම දිගටම ඔබතුමාගේ වෙබ් අඩිවයට සම්බන්ධවන්නම් මට හැකි විදිහට. මම සුළු කරුණ නිසා අධෛර්යමත් වෙන්නේ නැහැ. මා නිසා වෙනත් අයෙකුට නිරපරාදයේ නින්දා අපහාස සිදුවීමට මා බලවත් ලෙස අකමැති නිසායි එහෙම කිව්වේ. තමන් කැමති දෙය පමණක් ඔබ අනුන්ට කරන්න කියලා ආධිපත්‍ය ධර්ම පිළිබඳ අර්ථ දැක්වා තිබෙනවා. ඒ අනුව ඔබට අභිවෘද්ධියක්ම සැලසේවී.

  37. වස්ත්‍ර භාවිතය පිළිබඳව සමාජය තුළ ශාස්ත්‍රීය සාකච්ඡාවක් ඇතිවීම සතුටට කරුණක් ලෙස දැක්විය හැකිය. මේ පිළිබඳව ඉතිහාසයේ සඳහන්වන වැදගත් අවස්ථාව නම් විජය කුමාරයා සම්බන්ධ පුරා වෘත්තයයි. විජය කුමාරයා තම්බපන්නියට ගොඩබසින විටත් කුවේණිය කපු කටිමින් සිටි බව මහාවංශය ප්‍රකාශ කරයි. ඒ ක්‍රිස්‌තූස්‌a වහන්සේට පෙර ශතවර්ෂ 5 හෝ 6 වූ කාලය ය. ඔබ හා මා දන්නා බොහෝ සත්ත්වයන්ට ශීතලයෙන් හා උණුසුමෙන් බේරීමටත් සතුරු ප්‍රහාරයකින් ගැලවීමටත් යම් කිසි ශරීරාවරණයක්‌ සොබාදහම් මාතාව විසින් නිර්මාණය කර දෙනු ලැබ ඇතත් මානවයාට එවැනි ශරීරාවරණයක්‌ නොමැත. එම නිසා ම ඔහුට ශරීරාවරණයක අවශ්‍යතාව තදින් දැනෙන්නට ඇත.

    මානවයා අවුරුදු 190000කට පෙර පටන් ශරීරාවරණයක්‌ හෙවත් වස්‌ත්‍රයක්‌ භාවිත කර ඇත. එය බොහෝ විට විශාල ශාක පත්‍රයක්‌ හෝ සත්ත්ව සමක්‌ හෝ විය හැකි ය. ඇතැම් රාත්‍රී කාලයන්හි ඇති වන ශීතලය මකා දැමීමට මෙන්ම රළු මහ පොළොව මත නින්දට වැටීමේ දී ඇති වන අපහසුතාව අවම කර ගැනීමට ඔවුන් වස්‌ත්‍ර භාවිත කරන්නට ඇත.

    උල් කරගත් සත්ත්ව අස්‌ථියක උල් නො වූ කෙළවර සිදුරු කරගෙන තනා ගත් මුල් ම ඉඳිකටුව, මෙයට අවුරුදු 40000කට එපිට අතීතයේ සිටි මානවයා ගේ නිර්මාණයක්‌ බව මෑතක දී තහවුරු විය. කලකට පෙර එම ඉඳිකටු පිළිබඳව වූ මතවාදය වූයේ ක්‍රි.පූ 19000-15000 අතර කාලයේ ප්‍රංශයේ සොලුටුත් සංස්‌කෘතියේ නිර්මාණයක්‌ බව ය. එසේ ම ජෝර්ජියාවේ ඓතිහාසික ගුහා පිළිබඳව කරන ලද පුරාවිද්‍යා සොයා ගැනීම්වල දී මෙයට අවුරුදු 36,000කට පෙර පටන් කෙඳි වර්ග වර්ණ ගැන්වීමේ තාක්‌ෂණය, මානවයා සතු වූ බව තහවුරු කෙරී ඇත.

    ඈත අතීතයේ පටන් පේෂකර්මාන්තය මානව සමාජය තුළ අඩු වැඩි වශයෙන් ස්‌ථාපිත වී ඇත. වස්‌ත්‍රයේ මූලික පරමාර්ථය ලිංග ප්‍රදේශය ආවරණය කර ගැනීමයි. එමඟින් එහි වූ මුඛ්‍ය පරමාර්ථය වන ලිංගික ව්‍යාසනවලට මුහුණ දීම සඳහා සාර්ථකව භාවිත කිරීමට හැකිවීම බවත් බොහෝ පුරාජීව විද්‍යාඥයන් ගේ මතයයි. වස්ත්‍ර භාවිතය අසංවර හා අශ්ලීල වන විට ඊට සමගාමීව සමාජයද අසංවර අශ්ලීල කාමුක ක්‍රියා වලින් ආතුර වන බව විද්‍යාත්මකව ඔප්පු වී තිබේ. මෙය රහසක් හෝ ලෝකයට අළුත් දෙයක් නොවේ. පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරන්නේ නව සොයා ගැනීම් සඳහාය. වස්ත්‍ර භාවිතය අසවංර හා අශ්ලීල වන විට අසම්මත කාමුක ක්‍රියා හා ස්ත්‍රී දුෂණ වැඩිවන බව නව සොයා ගැනීමක් නොවේ. එය විවිධ විෂය ක්ෂේත්‍රයන්හි දැනට දිගු කලක සිට ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නකි. අනෙකු සදාචාරයට හා සාරධර්මවලට සම්බන්ධ දේ ශුද්ධ විද්‍යා පර්යේෂණ ක්‍රමවේදවලින් තහවුරු කිරීමට කිසිදු විෂය විශේෂඥයෙක් වෑයම් නොකරති. ශුද්ධ විද්‍යා සම්බන්ධයෙන් විද්‍යාඥයෙකු ලෙස සැලකීමට කිසියම් අයෙකු ආචාර්ය උපාධිය ලබා තිබිය යුතුය. හුදෙක් විද්‍යාපති (M.sc) පමණක් ලබා තිබීම ප්‍රමාණවත් බව පිළිගත් සම්මත විශ්ව විද්‍යාල නිර්ණායක අනුව දැක්විය හැකිය. තමන්ගේ විෂයට අදාළව ආචාර්ය උපාධියක් ලබා සිටින්නාම පමණක් විෂය විශේෂඥයෙකු හෝ විද්‍යාඥයෙකු වශයෙන් විද්වත් සමාජය විසින් සලකනු ලැබේ. නමුත් බාහිර සමාජයයේදී නම් මේ බව බොහෝ දෙනෙකු නොදන්නා බව ඔවුන් ඒ සම්බන්ධව දක්වා ඇති හිතළු මත අනුව පැහැදිලිය.
    නැවතත් අපගේ සාකච්ඡාව වස්ත්‍ර භාවිතය යන ප්‍රධාන කරුණ වෙතට ගෙන යමු. ක්‍රි.පූ. 6500 වන විටත් ඉන්දියානු අර්ධද්වීපය, චීනය, උප සහරානු අප්‍රිකාව, උතුරු යුරේෂියාව, ඊජිප්තුව, ජපානය ආදී ප්‍රදේශවල මූලික මට්‌ටමේ පේෂකර්මාන්තයක්‌ ස්‌ථාපිත වී තිබිණ. ක්‍රි.පූ. 6000 දී පවා පෙරදිග ජනයා මළ සිරුරු රෙදි කඩක ඔතා ආදාහනය කිරීමට හුරු පුරුදු ව සිටිය හ.

    එදා වස්‌ත්‍ර භාවිතය දියුණු වීමට වූ එක්‌ හේතුවක්‌ නම් සේද මාවත දිගේ පැමිණි විවිධ සංස්‌කෘතික චින්තනයන්හි කිලෝමීටර් 8000ක්‌ වූ මධ්‍යධරණී මුහුද හා ගොඩබිම හරහා නැගුණ සේද මාවතේ එක කෙළවරක චීනයේ ක්‌සියාන් නගරය (අද චැන්හන්) වූ අතර අනෙක්‌ කෙළවරවල ඉන්දියානු උප මහාද්වීපය රෝමය, පර්සියාව, මෙසපොතේමියාව, ඊජිප්තුව ආදී ප්‍රදේශ විය. ක්‍රි.පූ. 114 සිට සේද මාවත භාවිත කළ වෙළෙන්දන්, පූජකයන්, ප්‍රාදේශීය වැසියන් ආදී පුද්ගලයන් ගේ වස්‌ත්‍ර සහ සංස්‌කෘතික විවිධත්වය ලොව පුරා පැතිර යැම සිදු විය.

    කපු රෙදි භාවිතය ක්‍රි.පූ. 3000 දී පටන් ඇරඹී තිබු අතර බැටළු ලෝමවලින් වූල් රෙදි භාවිතය ද එම යුගයේ ම ආරම්භ වී ඇත. එසේ ම ක්‍රි.පූ. 2600 වන විට චීන රාජකුමාරියක්‌ මල්බෙරි ශාකයේ තැන්පත් වන දළඹු පිලා කෝෂ ආශ්‍රයෙන් සේද රෙදි නිෂ්පාදනය පිළිබඳ අවබෝධය ලබා ගත්තා ය. එය ක්‍රි.පූ. 1725 දී චීන පූජකයෝ මේ ශාස්‌ත්‍රය ලෝක ව්‍යාප්ත කළ හ. ඇතැම් පුරාජීව විද්‍යාඥයන් ගේ අදහස වන්නේ පශ්චාත් පාෂාණ යුගය වන විටත් මානවයා කපු කැටීම පිළිබඳ අවබෝධයක සිටි බව ය. ඒ කෙසේ නමුත් ක්‍රිස්‌තු වර්ෂ 1793 දී එල් විට්‌නි කපු පුළුන්වලින් කපු ඇට ඉවත් කිරීමේ යන්ත්‍රය නිපදවන තුරු ම පේෂකර්මාන්තයේ නැඟීමක්‌ සිදු නො වී ය. 1884 දී පේෂකර්මාන්තයට බලශක්‌තිය හඳුන්වා දී ගොඩනැඟුණ “පවර්ලුම්” පේෂකර්මාන්ත ආයතන රෙදි නිෂ්පාදනයේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වර්ධනයක මුල් අඩිතාලම දැමුවේ ය.

    1880 වන විට එතෙක්‌ ස්‌වාභාවික කෙඳි මගින් පමණක්‌ නිෂ්පාදනය වූ වස්‌ත්‍ර කෘත්‍රිම කෙඳි මගින් ද නිෂ්පාදනය කළ හැකි බව ශ්‍රීමත් ජෝෂප් ඩබ්ලිව්. ස්‌වෝන් විසින් පෙන්වා දෙන ලදී. ඒ සමග ම වාගේ තවත් බොහෝ කෘත්‍රිම කෙඳි සොයා ගැනීම සිදු වන්නට විය. 1893 දී ආතර් ඩී ලිට්‌ල් විසින් ඇසටේට්‌ ද, 1931 දී වොලස්‌ කැරතර්ස්‌ විසින් නයිලෝන් ද පේෂකර්ම ක්‌ෂෙත්‍රයට ඇතුළු කරන ලදි. එයින් නයිලෝන්, වස්‌ත්‍ර ක්‌ෂෙත්‍රයෙහි කරන ලද විප්ලවය ඉමහත් ය. එතරම් ජනප්‍රිය නො වුණ මුත් මිල අධික, වෙඩි නො වදින ඇඳුම් සඳහා භාවිත කරන ඇක්‍රලික්‌ වෙළෙඳ පොළට එන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව 1950 දී ය. ඡේ. ටී. ඩික්‌සන් සහ ඡේ. ආර්. වින්ෆිල්ඩ් 1953 දී පොලියෙස්‌ටර් හඳුන්වා දීම පේෂකර්මාන්තයේ ඉමහත් වැදගත් සිදුවීමක්‌ ලෙස සැලකේ. පහසුවෙන් පරිහරණය කළ හැකි අඩු මිල පොලියෙස්‌ටර් රෙදි පසුගිය දශක පහ පුරාවට ම ජනප්‍රියත්වයේ ඉහළ ම තලයේ රැඳී තිබිණ. 1961 වන විට වෙළෙඳපළට එන පොලිප්‍රොපිලින් කෙඳි මගින් තනන ලද මලු සහ පසුම්බිවල මිල ඉතා අඩු වූ අතර බොහෝ කාලයක්‌ භාවිත කිරීමේ හැකියාව ද පාරිභෝගිකයා සතු විය. 1989 දී අතිශය සියුම් රෙදි නිෂ්පාදන සඳහා මයික්‍රො ෆයිබර් කෘත්‍රිමව නිර්මාණය කෙරුණ අතර 1993 දී ශාක පල්ප ඇසුරෙන් පරිසර හිතකාමී කෙඳි “ලියොසෙල්” නිෂ්පාදනය විය.

    පේෂකර්මාන්තය හෙවත් මානව ඇඳුම් ක්‌ෂෙත්‍රය අද වන විට එහි ප්‍රාථමික අරමුණෙන් මිදී ගොස්‌ හමාර ය. නිලතල පෙන්වීමට, පෞරුෂය පෙන්වීමට හා රැක දීමට, සුරූපී බව ඉස්‌මතු කිරීමට ආදී තවත් බොහෝ කාරණා වෙනුවෙන්, අද පේෂකර්මාන්ත නිෂ්පාදනයන් භාවිත වේ. තවදුරටත් මානවයා පේෂකර්මාන්තය විවිධාංගීකරණය කරනු ඇත. වඩ වඩාත් සුගම හා මටසිළුටු කරනු ඇත. එය මානව ස්‌වභාවයයි.
    ගැහැණුන්ට හා පිරිමින්ට වස්ත්‍ර ඇඳීම හා ආභරණ පැළඳීම පිළිබඳව සක්වා සදාචාර පිළිවෙත් රාශියක් ඇත. ඉස්ලාම් දහමේ, කතෝලික දහමේ, බුදුහමේ මෙන්ම වෙනත්ආගම්වලද වස්ත්‍ර හා ආභරණ භාවිතා කිරීමේදී පිළිපැදිය යුතු ආචාර විද්‍යාත්මක කරුණු රැසක් උක්ත ආගමික ග්‍රන්ථ සාහිත්‍යයන්හි පෙන්වා දී තිබේ. එයින් ඉස්ලාම් දහම පිළිපදින්නෙකු විසින් තම ශරීරය මනාලෙස ආවරණය නොවන ආකාරයේ ඇඳුම් ඇඳීම (පුරුෂයෙකු අවම වශයෙන් තම නාභියේ සිට දණහිස තෙක්ද ස්ත්‍රියක තම අලංකාරය සම්පූර්ණයෙන් අන්‍ය පුරුෂයන්ගෙන් ආවරණය වන වස්ත්‍ර ඇඳිය යුතුය) අවශ්‍ය බව පෙන්වා දී ඇත. එසේම දුහුල්, විනිවිද පෙනෙන රෙදි වලින් මැසූ ඇඳුම් හෝ තම ශරීරයේ හැඩය නිරාවරණය වන ආකාරයට කිටි කිටියේ සිරුරට හිරවනසේ මැසූ තද ඇඳුම්ද නොසුදුසු බව පැහැදිලි කර දී තිබේ. වර්තමානයේ සමලිංගික සේවය බහුලව ව්‍යාප්ත වෙත්ම පුරුෂයින් ස්ත්‍රීන් මෙන් හැඳීමට පැළඳීමට මෙන්ම ස්ත්‍රීන් පුරුෂයන් සේ හැඳීමට පැළඳීමටත් පටන්ගෙන තිබේ. නමුත් ඉස්ලාම් දහමේ මෙය නොකළ යුතු බව දක්වා ඇත. එමෙන්ම පුරුෂයින් විසින් ස්ත්‍රීන්ගේ ඇඳුම් පැලඳුම් භාවිතය සහ ස්ත්‍රීන් විසින් පුරුෂයින්ගේ ඇඳුම් භාවිතය ද අයෝග්‍ය බව පෙන්වා දී ඇත. ඊට අමතරව පුරුෂයින් සඳහා රන් ආභරණ සහ සිල්ක් රෙදි භාවිතය නොකළ යුතු බව ඉස්ලාම් දහමේ දක්වා ඇත.
    ලක්‌වැසි බොදු ජනතාව කඨින චීවර සහ වෙනත් චීවර පූජාවන් පැවැත්වීමට ඉතාමත්ව කැමතිය. එබැවින් චීවරය හා බැඳුණු චාරිත්‍ර සහ එහි විනයානුකූල පැත්ත පිළිබඳ සලකා බැලීම මඟින් චීවර ( බෞද්ධ භික්ෂූ සමාජයේ වස්ත්‍ර) භාවිතය පිළිබඳව අවබෝධයක් ඇති කර ගත හැකිය. බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ සමඟ “මගධ” කෙත අසලින් වඩින විට මැනවින් නියර බැඳ සකස්‌ කැර තිබූ “මගධ” කෙත ආනන්ද හිමියන්ට දක්‌වා එම කෙතෙහි ආකාරයට සංඝයාගෙ චීවරය සකස්‌ කර ගත යුතු බව දන්වා සිටියහ. එම කරුණ හොඳින් මතක තබා ගත් අනඳ තෙරුන් “දෙව්රම්” විහාරයට වැඩම කැර තම සිතෙහි ඇඳී තිබූ සැලසුමට අනුවැ චීවරයක්‌ සකස්‌ කොටැ බුදුරජාණන් වහන්සේට දැක්‌වූහ. ඒ පිළිබඳ බුදු හිමියෝ ආනන්ද තෙරුන් වහන්සේට ප්‍රසංසා කළහ. එතැන් සිට අද දක්‌නට ලැබෙන ආකාරයට චීවරය සකස්‌ කිරීම ආරම්භ විය. වර්තමානයේ ද බෞද්ධ භික්ෂුවකගේ චීවරය සකස් කරනුයේ මේ බුද්ධ නියමය අනුව බව පෙන්වා දිය හැකිය.

    චීවරය දරා ගත් පුද්ගලයා සියලු කෙළෙස්‌ වළක්‌වා ගැනීමට උත්සාහ කැරෙන බැවින්ද, ඒ නිසා හෙතෙම නිරතුරුවම බැබලීමට පත් වන බැවින් ද, චීවරය නමින් හැඳින්වේ. බෝසතුන් බුදු බව ලැබීමටත් පෙර දඹදිව සමාජයේ චීවර භාවිතය තිබුණේ යයි සිතිය හැකිය. සිදුහත් කුමරු පැවිදි වන විට චීවරයක්‌ පිළිගන්වන ලද්දේ “ඝටීකාර” නම් බ්‍රාහ්මණයා විසින් බව සඳහන් වේ. ඒ අනුවැ පැහැදිලි වන්නේ පැරැණි චීවර පරම්පරාවක්‌ භාරතයේ තිබුණු බවයි. එසේ වුවද බුදුරජාණන් වහන්සේගෙන් පැරැණි සිවුරට නව අර්ථ කථනයක්‌ ලැබී තිබෙන බව පෙනෙයි.

    ඇඳීම සහ පෙරවීම සැලකිය යුතු කරුණු දෙකකි. බුදු හිමියෝ ඒ පිළිබඳ විනය නීති හඳුන්වා දුන්හ. ඇඳීම පෙරවීම විනයානුකූලවම කළ යුතුය. එසේ නොකරන පැවිද්දා නිතර වැරැදි කරන්නෙක්‌ බවට පත්වෙයි. පෙරවීම ගැන ශික්‍ෂා පද හතරක්‌ “සේඛියා” වල සඳහන් වේ. එනම්,

    1. පරිමණ්‌ඩලං නිවාසෙස්‌සාමීති – තැන් තැන්වලින් උස්‌ පහත් නොවනසේ එක මට්‌ටමකට සිටින අයුරින් හැඳීම.

    2. පරිමණ්‌ඩලං පාරුපිස්‌සාමිති – එක්‌ පැත්තක්‌ පමණක්‌ පහත් නොවන සේ සම මට්‌ටමකට හැඳීම.

    3. සුපටිචිඡන්නෝ අන්තරඝරේ ගමිස්‌සාමීති – මනා කොට සිවුරෙන් ශරීරය වසාගෙන බැහැර ඇවිදීම.

    4. සුපටිචිඡන්නෝ අන්තරඝරේ නිසීදිස්‌සාමීති – මනා කොට සිවුරෙන් ශරීර වසාගෙන ගමෙහි සිටිය යුතුය.

    මේවා දීර්ඝවැ විස්‌තර කළ යුතු කරුණු වෙයි. බුදුරජාණන්වහන්සේ පැවිද්දන් සඳහා චීවර වර්ග නවයක්‌ අනු දැන වදාරා ඇත්තාහ. එයින් සංඝාටිය උත්තරාසංඝය අන්තරවාසිකය යන තුන ප්‍රධාන වේ. අන්තරවාසිකය යනු අදනයයි. උත්තරාසංගය යනු උඩුකය වසාගැනීම සඳහා පෙරවන චීවරයයි. සංඝාටිය යනු පිටත වඩින විට ශරීරය හොඳින් වසාගනු පිණිස පෙරවන සිවුරයි. තුන් සිවුර යනුවෙන් හඳුන්වන්නේ මේවායි.

    චීවරයේ ප්‍රමාණය – භික්‍ෂුන් වහන්සේ පාවිච්චි කැරෙන චීවරය බුද්ධ චීවරයට වඩා ප්‍රමාණයෙන් කුඩා විය යුතුය. එනම් දිගින් සුගත් වියතකින් නවයක්‌ සහ පළලින් සුගත් වියතින් හයකට වඩා අඩු විය යුතුය. සුගත් වියත යනු වඩු රියන් එකහමාරකි. ඒ අනුවැ අද එවන් විශාල චීවරයක්‌ කිසිවෙකුට හෝ අවශ්‍ය වේ යෑයි සිතිය නොහැක. එසේම ඉතාම කුඩා ප්‍රමාණයේ චීවරයක්‌ නම් ඉහත දැක්‌ වූ සුපටිචිඡන්න පරිමණ්‌ඩල ශික්‍ෂා පද අනුවැ සිවුර පෙරවීම අපහසු වෙයි. ඒ නිසා තම තමන්ගේ ශරීරයේ ප්‍රමාණයක්‌ අනුවැ චීවරය සකස්‌ කැර ගැනීම වඩාත් සුදුසු ය. අදනය සඳහා දිගින් පස්‌ රියනක්‌ සහ පළලින් රියන් දෙකහමාරක්‌ සුදුසු වේ. තනිපට දෙපට චීවර සඳහා දිගින් රියන් පහ හමාරක්‌ ද, පළලින් රියන් හතරහමාරක්‌ ද වීම සුදුසුය. පස්‌කඩ – සත්කඩ වශයෙන් සිවුරු කඩ කපා මසා ගත යුතුය. ඇතැම් දෙනා පසළොස්‌කඩ අසූකඩ වශයේ ද සිවුරු කඩ කපා මසා ගනිති. පාංශුකූල වස්‌ත්‍රයෙන් සිවුරු මසා ගන්නේ නම් කැමති පරිදි මසා ගැනීමට අනු දැන වදාරා ඇත. එහෙත් අලංකාරය පිණිස කිසිදු මැස්‌මක්‌ නොකළ යුතුය. අංශකඩ යනු දහදිය උරා ගනු පිණිස උඩුකයට අඳින පිරිකරක්‌ වේ.

    සිවුරක කොටස්‌ ගණනාවක්‌ ඇත. ඒවා අතර 1. මහ නුවාව (කුසිං). 2. හරස්‌ නුවාව (අඩ්ඩ කුසිං) 3. මහ මැඬිලි (මණ්‌ඩලං) 4. කුඩා මැඬිලි (අඩ්ඩමණ්‌ඩල), 5. වස්‌අත්ත (විවට්‌ටං) 6. අලඅත්ත (අනුවිවට්‌ටත) 7. ගෙල පටි ඇල්ලීම (ගීවෙය්‍යකං) 8. කෙණ්‌ඩා පටි ඇල්ලීම (ජංගෙය්‍යකං) 9 නුවා අත්ත (බාහන්තං) යන මෙම අංග 9 සිවුරකට අයත් වේ. චීවරයක්‌ වස්‌ අතු එකකින් ද ඇල අතු දෙකකින් ද නුවා අතු දෙකකින් ද සමන්විත වන අතර චීවරය වටේට මසනු ලබන මහ නුවාව අඟල් හයකින් යුක්‌තය. මෙලෙස මසන චීවරයෙහි ගුණාංග හතරක්‌ ඇත. එනම් 1. äන්නකං – කඩ කපා මසා ඇති බව 2. සත්ථලුඛං – සැත් වලින් කපා රලු වනසේ පැවතීම 3. සමණ සාරුප්පං – ශ්‍රමණයන්ට කැපසරුප් බව 4. පච්චත්තිකානං අනභිCධිතං – සොර සතුරන් පැහැර නොගැනීම යන මෙම කරුණු හතරයි.

    චීවරය සඳහා වස්‌ත්‍ර – අනුජානාමි භික්‌ඛවේ ඛෝමං, කප්පාසිකං, කෝසෙය්‍ය, කම්බලං, සාණං, භංගං යනුවෙන් අනුදැන වදාළ පරිදි ඛෝම නම් ගසෙහි කෙඳි වලින් වියන වස්‌ත්‍ර, කපු නූල් වලින් වියන වස්‌ත්‍ර පට නූල්වලින් වියන වස්‌ත්‍ර, හණ කෙඳිවලින් වියන වස්‌ත්‍ර මිශ්‍ර නූල් වලින් වියන වස්‌ත්‍ර සහ මේවාට සමාන වස්‌ත්‍ර චීවර සඳහා සුදුසු වෙයි. හිසකෙස්‌ පියාපත් සම් වර්ග ආදියෙන් කරන ලද වස්‌ත්‍ර අකැපය.

    චීවරයෙහි පැහැය – මෙකල විවිධ පැහැයන්ගෙන් යුතු චීවර පෙරවන අයුරු දැකිය හැක. ඇතැම් පැහැයන් විනයානුකූල දැයි විමසිය යුතුය. නිල් පැහැය, කලු පැහැය, මදටිය පැහය, පත්තෑයන්ගේ පිටෙහි පැහැයට රතු පැහැය යන මෙම පැහැයන් අකැපය. මෙවැනි පැහැයක්‌ ඇති වස්‌ත්‍රයක්‌ ලැබුණොත් පඬු පොවා පැහැය වෙනස්‌ කර ගත යුතුය. එසේ අපහසු නම් ඇතිරිලි වැනි දැ සඳහා ගත යුතුය. චීවරයෙහි පැහැය මිශ්‍ර වර්ණයක්‌ විය යුතුය. රතු කහ මිශ්‍රවැ ඇතිවන පැහැය විනයානුකූල වෙයි. නුග ගසෙහි පොතු තම්බා ගැනීමෙන් එම පැහැය ලබා ගත හැකිය. එම පැහැය තිබෙන වස්‌ත්‍ර අද වෙළෙඳපොළෙහි ඇත.

    චීවරයට කසට පැහැය උචිත වන්නේ කුමක්‌ නිසාද? එම පැහැය නිසා චීවරය ඉක්‌මණින් කිළිටි නොවේ. අලංකාරය නිසා ඇතිවන තෘෂ්ණාදී කෙළෙස්‌ ඇති නොවේ. දුරට නොපෙනෙන බැවින් අන්තරායන් අඩු වෙයි. මැසි මදුරුවන්ට අප්‍රිය වර්ණයක්‌ බැවින් එම උවදුරු සිදුනොවේ.

    චීවරයකට පඬු පෙවීමට ගත යුතු ද්‍රව්‍ය – මහාවග්ගපාලියෙහි “චීවරක්‌ඛන්ධකයෙහි” දැක්‌වෙන පරිදි අනුදැන වදාළ පඬු වර්ග 6 ක්‌ ඇත. එනම්. 1. මුල් – මූලරජනං 2. දඬු – ඛන්ධ රජනං 3. පොතු – තව රජනං 4. කොළ – පත්ත රජනං 5. මල් – පුප්ඵ රජනං 6. ගෙඩි – ඵල රජනං යන මේවාය. මෙකල වෙළෙඳපොළෙහි සකස්‌ කරන ලද පඬු වර්ග ඇත. සුවඳ ද්‍රව්‍ය ආදිය පඬුවලට මිශ්‍ර නොකළ යුතුය.

    චීවර පඬු පෙවීමේදී සපයා ගත යුතු උපකරණ – 1. රජන කුම්භි – පඬු පිසින සැලිය 2. චුල්ලිං – ලිප නොහොත් උදුන 3. උත්තරාලුම්පං – පඬු උතුරා යැම වළක්‌වන රෙදිකඩ 4. දණ්‌ඩ කථකං – දණ්‌ඩෙන් සැදූ හැන්ද නොහොත් කිණිස්‌ස 5. රජන කොලම්බං – මහ පඬු සැලිය 6. රජන ඝඨං – පඬු කළය 7 රජන දෝණිකං – පඬු ඔරුව, 8. චීවර ර-ජුං – සිව්ර වේලන පිළිවැල 9. කණ්‌ණසුත්තකං – සිව්රු කොන් අල්ලා බඳින නූල යන මෙම උපකරණ නවය පඬු පෙවීමට පෙර සපයා ගත යුතු වෙයි.

    වටිනාකමකට වඩාවියනයානුකූල වටිනාකමකි. කඨින චීවරයක්‌ ලබා ගත හැකි වන්නේ පෙර වස්‌ විසූ වස්‌ ඡේදනය නොවූ මහා පවාරණයෙන් පවාරණය කරන ලද භික්‍ෂුවකට පමණි. එසේම කඨින චීවරයක්‌ පිදිය හැකි වන්නේ එක්‌ වසරකදී එක්‌ විහාරස්‌ථානයක එකක්‌ පමණි. සේදීම නූල් ගසා කඩ වෙන් කිරීම, කැපීම, මැසීම පඬු පෙවීම කප් බිංදු තැබීම යන පූර්ව කෘත්‍යයන් එදිනම සිදු කැර එදිනම කඨිනත්ථාරය කළ යුතුය.

    කඨ§න චීවරයක්‌ අකැප වන අවස්‌ථා – මෙම වස්‌ත්‍රය ඉතා හොඳය. කඨිනයකට ගැලපෙයි යනාදිය පැවසීමෙන් ලබා ගත් චීවරය ද කඨින පූජාව ඉතා හොඳය. වෙන වසරවලදී නම් මේ කාලයට කඨින චීවර පූජා කරනවා ආදී වශයෙන් වටින් පිටින් කතා කැර උපදවා ගත් චීවරය ද අකැපය. එය දායකයන්ගේ කැමැත්ත පරිදි සිදුවිය යුතු අතර දායකයන් උපදෙස්‌ විමසුවහොත් උපදෙස්‌ දීමෙහි වරදක්‌ නැත.

    කඨ§න චීවරයක්‌ ලැබීම නිසා ලද හැකි විශේෂ වරප්‍රසාද – අනාමන්තචාරෝ – විහාරයෙහි වසන භික්‍ෂුන්ගෙන් නොවිමසා ගෙවල්වලට යැමට හැකි වීම අසමාදානචාරෝ – නිසගි පචිති වලට අයත් වන දෙවන ශික්‍ෂා පදයයි. කඨිනය ලද භික්‍ෂුවට අධිෂ්ඨාන කැර ගත් තුන් සිවුරෙන් වෙන්වැ රාත්‍රිය ඉක්‌ම විය හැකිය. ගණභෝජනං – භෝජක වග්ගයේ දෙවන ශික්‍ෂාපදයයි. ගණභෝජනය වැළඳීමෙන් ඇවැත් සිදු නොවේ. එසේම දස දිනකට වඩා අතිරේක සිවුරු දැරීමෙන් සිදුවන ඇවැතින් මිදෙයි. විහාරයට ලැබෙන වස්‌ත්‍ර චීවර ආදියෙහි අයිතිය හිමිවෙයි. මෙම පංච ආනිශංස ලබා ගත හැකි වන්නේ කඨ§න චීවරය ලැබූ දිනයේ සිටට හේමන්ත සෘතුවෙහි අවසන් දිනය වූ මැදින් පුර පසළොස්‌වක්‌ දිනය දක්‌වා පමණකි.

    චීවරයක ඇති බලය – චණ්‌ඩාශෝක නමින් හැඳින් වූ ධර්මාශෝක රජු දැහැමියකු බවට පත් වූවේ චීවරයක්‌ දැරූ සන්සුන් ඉඳුරන්ගෙන් යුත් කුඩා සාමණේර නමක්‌ දැකීමෙනි. එය චීවරයට එක්‌ වූ ආධ්‍යාත්මික බලයයි. ගැමුණු කුමරු සහ තිස්‌ස කුමරු අතර සටනක්‌ ඇති වන්නට ගිය විට භික්‍ෂූන් පන්සියයක්‌ එතැනට වැඩම කොට සමථයට පත් කළහ. එහිදී ගැමුණු කුමරු පැවසුවේ පන්සියයක්‌ වැඩියේ කුමටද? සත් හැවිරිදි සාමණේර නමක්‌ පැමිණියත් අප අතර සටනක්‌ නොවන්නේය යනුවෙනි. එය ද චීවරයේ අසීමිත බලයයි. චීවරයක්‌ දැරූ භික්‍ෂුව සිංහ රාජයකු මෙන් එඩිතරය. වාරියපොල සුමංගල, අනගාරික ධර්මපාල, මොහොට්‌ටිවත්තේ ගුණානන්ද වැනි හිමිවරුන්ගේ චරිත වලින් ඒ බැව් පසක්‌ වේ. චීවරය දැරූ භික්‍ෂුව ස්‌වර්ණ හංසයකු මෙන් නිදහස්‌ ය.

    චීවරය දැරීමට සුදුසු අය සහ නොසුදුසු අය – අනික්‌කසාවෝ කාසාවං – යෝවත්තං පරිද හෙස්‌සති ආදී වශයෙන් සඳහන් පරිදි රාගය ආදී කෙළෙස්‌ කසට තිබෙන ඉන්ද්‍රිය දමනයෙන් හා වාග් සත්‍යයෙන් තොර වූවෝ චීවරය දැරීමට නොසුදුසු වෙති. බිඳුණු සිල් ඇති දුස්‌සීලයෙකිය යි ප්‍රසිද්ධ වූ අසංවර වූ පස්‌කම් සැප කෙරෙහි ගිජු වූ පැවිද්දෝ චීවරයට නොසුදුසු වෙති. නොසන්සුන් සිත් ඇති අධික මානයෙන් යුත් නුවන නැති පුද්ගලයා සුදු වතකට පමණක්‌ සුදුසු නොවේ. නොසන්සුන් සිතක්‌ තිබෙන චපල ගති ඇති පැවිද්දා චීවරයක්‌ දැරුවද ඔහු සිංහ සමක්‌ පොරවා ගත් වඳුරෙකුට සමානය (කස්‌සපථෙරගාථා)

    යමෙක්‌ කෙළෙස්‌ කසට දුරු කැර ශීලාදී ගුණයෙන් යුතු අයෙක්‌ වේද ඉන්ද්‍රිය දමනයෙන් සහ සත්‍ය ගරුක වේද හෙතෙම චීවරයට සුදුස්‌සකු වේ. යමෙක්‌ සිල්වෙත් වේද, රාගය දුරු කළේද, සන්සිදුනු පිරිසිදු සිතක්‌ ඇත්තේ ද හෙතෙම චීවරයට සුදුස්‌සකු බවට පත්වෙයි.

    චීවරය දරන්නේ කුමක්‌ සඳහාද? චීවරයක්‌ පරිබෝග කළ යුතු වන්නේ අලංකාර වීමට නොවේ. එසේම උසස්‌ ලෙස පෙනී සිටීමට ද නොවේ. එවැනි අදහසකින් චීවරය දරන්නේ නම් තණ්‌හාව, මානය, සක්‌ඛාය දිට්‌ඨ§ය වර්ධනය වෙයි. එය මඟ ඵල කෙසේ වෙතත් පැවිදි බව රැක ගැනීමට ද බාධාවකි. එසේ නම් චීවරය දැරිය යුතු වන්නේ ශිතල – උණුසුම දුරු කැර ගැනීමටත්, මැසි මඳුරු පත්තෑ ගෝනුසු වැනි සතුන්ගෙන් සිදුවන හිරිහැර වළක්‌වා ගැනීමටත්, ල-ජා ස්‌ථාන වසා ගැනීමටත් කියන අදහස නිරතුරුවම සිතෙහි රැඳී තිබිය යුතුය. එවැනි හැඟීමක්‌ ඇති වූ විට තණ්‌හාව මානය ඇති නොවේ. චීවරය පරණය අවලක්‍ෂණය කියා සිතෙහි දොම්නසක්‌ ද ඇති නොවේ. හෙතෙම නිවැරැදිව චීවරය පරිහරණය කරන්නකු බවට පත් වේ.
    බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ චීවර හැඳීම සිහිපත් කරවන්නේ වස්ත්‍ර භාවිතය පිළිබඳ බෞද්ධ පැවිදි සම්ප්‍රදායතුළ විද්‍යමාන උසස් ආචාර ශීලී ආකල්ප පද්ධතියයි. ගිහි සමාජය ආදර්ශය ලබා ගන්නේ පැවිදි සමාජය ඇසුරින් වන නිසා නිරුවත්ව හෝ අඩනිරුවත්ව සිරුර ප්‍රදර්ශනය වීම වරදක් බව මෙකල බෞද්ධ ගිහි සමාජය විශ්වාස කර තිබේ. බුදුරදුන් ජීවමාන කාලයේ ගිහි ජනතාව පවා ඇන්නේ ශ්වේත (සුදු) ඇඳුම් පමණකි. එහා ගිහියා බුදුරදුන් විසින් හඳුන්වා ඇත්තේ සුදුවත් හඳින ගිහියන් ලෙසය. ත්‍රිපිටක සූත්‍ර දේශනාවන්හි සෑම අවස්ථාවකදී ගිහි බවට විශේෂණ වශයෙන් බුදුරදුන්ගේ මේ ව්‍යවහාරය දක්නට ලැබේ. මින් පැහැදිලිවනුයේ බුදුරදුන් ජීවමාන කාලයේ බෞද්ධ පැවිදි සමාජය වීවර වස්ත්‍ර පරිහරණය කිරීමට සමගාමීව උසස් ලෙස ගිහි වස්ත්‍ර භාවිතවය ගිහි ස්ත්‍රී පුරුෂ සමාජයද පෙළඹී සිටි බවකි. නමුත් වර්තමානයේ බෞද්ධ විහාරස්ථානයකට පැමිණෙන බෞද්ධ උවැසි උවසුවන් අතර අවම තරමින් සුදු ඇඳුමින් පැමිණෙන අය සිටින්නේ කෙතරම් සුළු ප්‍රමාණයක්දැයි විමසිල්ලෙන් පරීක්ෂා කර බලන්න. පිරිමි සුදු කෙසේ වෙතත් මුළු ශරීරය ආවරණය වන පරිදි කළිසම කමීසය හෝ සරම වැනි ඇඳුමකින් සැරසී බෞද්ධ විහාරස්ථානවලට පැමිණෙන නමුත් බෞද්ධ යුවතියන් වැඩිපිරිසක් බෞද්ධ විහාරස්ථානයකට පැමිණෙනුයේ ඊට කිසිසේතම නුසුදුසු ඇඳුම් පැළඳුම් වලින් සැරසී බව නිරීක්ෂණය කළහැකිය. සිරුර ප්‍රදර්ශනය කරවන සිරුරට හිරවන සේ මැසූ විවිධ තද වර්ණවලින් යුතු අසවංර අශ්ලීල කාමුක විලාසයක් දනවන කෙටි ඇඳුම් පැළඳුම් වලින් සැරසී අස්වකීය ස්ත්‍රී සිරුර හැකිතාක් වැඩිපුර නිරාවණය කර සිරුරේ රහස්‍ය ස්ථාන කිසිදු හිරිකිතයක් නැතිව ප්‍රදර්ශනය කරන ඇඳුම් ඇඳ බෞද්ධ විහාරස්ථාන කරා පැමිණෙන අයුරු දැකගත හැකිය. තරුණ දියණියන් සිටින මව්වරු ස්වකීය තරුණ දියණිවරුන් පරදවන අයුරින් සිරුර ප්‍රදර්ශනය වන ලෙස ඇඳුම් පැළඳුම් භාවිතයට යොමුවී තිබේ. සමහර සිංහල බෞද්ධ යුවතියෝ එතකින් නොනැවතී බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමඟ කතාබහ කිරීම් ඇසුරු කිරීම් ආදියට පවා මෙබඳ ඇඳුම් වලින් සැරසී පැමිණෙති. කෙතරම් සංවරව සිය සිතැඟි හික්වමා ගත්තද මෙබඳු පෙළඹවීම් නිසා ඒ සියළු වෑයම් නිරර්ථක වන බව සමාජය පුරා ව්‍යාප්තව ඇති විවිධ පුවත් නිසා පැහැදිලි වේ. ඔවුන්ගේ මෙම අසංවර ක්‍රියා නිසා යටපත් කළ කාමාශා ඇවිස්සී ඉතා කෙටි කලකින් සිවුරට ආයුබෝවන් කියා ගිහි බවට පත්වන නව යොවුන් වියේ පසුවන භික්ෂූන්වහන්සේලාගේ සංඛ්‍යාව ඉතා විශාලය. කුඩා කළ පැවිදි කිරීම හා යොවුන් යුවතියන්ගේ පෙළඹවීම්වලට ලක්වීම වැනි හේතු නිසා අද ඉතා සීඝ්‍රයෙන් බෞද්ධ තරුණ පැවිදි යතිවරු සිවුරු හැරදමා යාමේ ප්‍රවණතාවක් විද්‍යමාන වේ. මේ තත්වය පිළිබඳව මහ නාහිමි වරුන් අතර පවා විවිධ අයුරින් කතාබහට ලක්ව තිබේ.

  38. Aacharya thyumani, oba thuma visin liyana lada lipiya magin ethiwu sangwaadaya thulin sangwara bhawa ha aarakshawata thaman andina endum kotharam durata iwahal wanneda yanna pehadili kara gaththemu. ebevin oba kale poduwe jaathika mehawarayakei mama sithami. obata sthuthi!

  39. ආචාර්යතුමනි, සමස්ථ ශ්‍රීලාංකික මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් ඔබතුමාහට අපගේ හදපිරි ගෞරවය මෙයින් පුද කරමි. සියළුම බෞද්ධ සහුර්ධයන් ඔබතුමා මෙන් මධ්‍යස්ථව හා බුද්ධිමත්ව සිතන්නේ නම්, අපේ මේ ශ්‍රීලාංකික සමාජය කෙතරම් සාමකාමී, සහජීවනයෙන් පිරි එකක් වේද?

  40. වෙබ් තහනම බවත් කිරීමෙන් පසුව යළිත් මෙසේ ඔබව දැක ගැනීම මට සතුටට කරුණකි.

  41. අනික අපිටත් දේශනා කරලා තියෙන්නෙ සිත,කය,වචනයෙන් සංවර වෙන්න කියල තමයි.එතකොට වෛද්යවරයා ඉදිරියේ නිර් වස්ත්ර නොවී දරුවන් බිහි කරන්න පුළුවන් ද?

Comments are closed.