මුස්ලිම් කාන්තා වස්ත්‍ර ලිපියට පැමිණි ප්‍රතිචාර හමුවේ අසරණව ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ ගේ පැටිකිරිය සොයන බුවාගේ සිතුවිලි

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

බුවාගේ සිතුවිලි බ්ලොග් අඩවිය කරන තැනැත්තා මුස්ලිම් කාන්තා වස්ත්‍රය සම්බන්ධව සංවාදයන් හිදී අප බ්ලොග් අඩවිය තුල සංවාදයන්ට එලඹුනු සුවිශේෂී පුද්ගලයෙකි. ඔහු විසින් ඔහුගේ මතය අප බ්ලොග් අඩවිය තුල ස්ථාපනය කරන්නට නිරන්තර අරගලයක යෙදුන බව ඒ හා සම්බන්ධ ලිපි වල ප්‍රතිචාර කියවන පාඨක ඔබටද දැකගත හැක. කෙනෙකුට තමන්ට ආවේනික පුද්ගලික මතවාදයක් දැරීමට ඇත්තා සේම ඒ මතවාදය අරභය අන්‍යයන් සමග සංවාදයේ යෙදීමටද අයිතියක් ඇත.

 

අන්තවාදීන් විසින් නොයෙකුත් අවස්ථා වලදී අන්වර් මනතුංග බ්ලොගය තුලට පැමිණ එහි කටයුතු අවුල් කරන්නට නිතරම උත්සාහ කරන නිසා අප ප්‍රතිචාර අනුමත කරනුයේ ඉතාමත් තේරුම් බේරුම් ඇතිවය. නමුත් ඉහතකී සංවාදයන්හිදී මා විසින් බුවාට පමණක් විශේෂ අවස්ථාවන්ද ලබාදී ඇත. සමහර ප්‍රතිචාර වල වාරණය කළයුතු දේ තිබුණද වාරණයක් නොකරම පලකරේ ඔහුට අවස්ථාවක් ලබාදීමේ අවංක අභිලාශයෙනි. නමුත් ඔහුට අවශ්‍ය කොක්කෙන් හෝ කෙක්කෙන් තමන්ගේ මතවාදය පැතිරවීම බැව් දැන් අපට පෙනේ. ඔහුගේ ප්‍රතිචාරයන් අපේ පාඨකයන් විසින් නිරන්තර අභියෝගයට ලක්කරන අවස්ථා වලදී සංයමය බිඳගත් වාර බොහෝය. නමුත් එය එතරම් දුරදිගට ගියේ නැත.

 

නමුත් බුවාගේ සිතුවිලි ලෝකයම කඩා වැටෙමින් නැති බංගස්ථානයට පත්වන තැනට වැඩ සැලසුනේ “ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ” මහතා විසින් මුස්ලිම් කාන්තා වස්ත්‍රය අරබයා පලකළ දීර්ඝ ප්‍රතිචාරයක් මා විසින් “මුස්ලිම් කාන්තා වස්ත්‍රය පිළිබඳ අදහසක්” යන උදෘතයෙන් ඉදිරිපත් කිරීමයි. මෙහිදී බුවාට කේන්ති යන්නට හෙවත් බුවාලාගේ බසින් මලපනින්නට හේතු දෙකක් මා දකිමි. එකක් නම් අද බුවා හොලිවුඩ් සෙලුලොයිඩ් ශිෂ්ඨාචාරයක අතරමංව සිටියද බොදුනු පසුබිමකින් පැවත ඒමයි. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේට එරෙහිව අවිදරා බුවා පැමිණියා සේම අන්තවාදීන්ද විශාල සංඛ්‍යාවක් ඔහුට එරෙහිව අසභ්‍ය වදන් ප්‍රතිචාර අපවෙත එවා ඇත. එයට හේතුව නම් බෞද්ධ කෙනෙකු මෙවැනි අදහසක් දැරීම අරබයා ඔවුන් තුල ඇති නොකැමැත්ත වෛරයකට පරිවර්තනය වීමයි.  

 

දෙවැනි කරුණ නම් ඔහු විසින් බොහෝ අමාරුවෙන් අපේ බ්ලොග් අඩවිය තුල ස්ථාපනය කරන්නට ගිය ඔහුගේ අදහස් සියල්ල මෙම ප්‍රතිචාර ලිපිය තුලින් සේදීමකට ලක්වී මුස්ලිම් ප්‍රතිචාර කරුවන්ගේ මතය සවිබල වීමයි. මීට අමතරව අපගේ තවත් බොදුනු ප්‍රතිචාර දක්වන්නෙකු වන ජයශ්‍රී ද මේහා සමාන මතවාදයක සිටීමද බුවාට විසුම් නොදුන් බව අපට පෙනෙන්නට තිබුණු කරුණකි. මේ නිසා බුවා කළේ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාට එරෙහිව අවිඅතට ගැනීමයි. මේ බව ඔහුගේ ප්‍රතිචාර තුලින් මැනවින් පිළිබිඹු වේ. මෙහිදී බුවාට කෙතරම් මලපැන ඇතිද යත් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාට විරුද්ධව ලිපියක් සිය බ්ලොග් අඩවිය තුලම පලකර ඇත. මම සාමාන්‍යයෙන් බ්ලොග් අඩවි වල සංචාරය නොකරන්නෙකු වුවද අප බ්ලොග් අඩවිය අරබයා පලකළ ලිපියක් නිසා එම ලිපිය කියවීමි.

 

මෙම ලිපිය කියවු මට බුවා කෙතරම් මානසික ඉච්ඡා භංගත්වයකට පත්ව ඇති දැයි පැහැදිලිව පෙනෙන්නට විය. මෙහිදී බුවා සිය සාම්ප්‍රදායික ලේඛන ශෛලියෙන් සම්පුර්ණයෙන් ඉවතට පැන ඇත. ඒ වෙනුවට ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාගේ පැටිකිරිය සොයා අන්තර්ජාලයේ සැරි සරා ඇත්තේ ඒ මගින් හෝ එල්ලෙන්නට වැලක් සොයා ගැනීමට විය යුතුය. එතුලින් ඔහු සොයාගත් කරුණු ලිංක් මගින් දක්වා පෙන්වා දෙන්නට උත්සාහ දරන්නේ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ යනු තමා තරම් සම්භාව්‍ය පොරක් නොවන බවයි. කලකට ඉහත මාව සිරගත කළයුතු යැයි ලියු “අරුණි ශපිරෝ”ද උපුටා දක්වමින් බුවා විසින් කළ මෙම උත්සාහය අසාර්ථක එකකි. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ යනු මුස්ලිම් වරයෙකු නොවේ. එමනිසා ඔහුගේ හැම අදහසක්ම ඉස්ලාමයට අනුකූල විය යුතු නැත.

 

කෙනෙකු තමන්ගේ අදහස් වලට සමාන මතයක් අන්තර්ජාල ලිපියක තිබෙනු දැක එම ලිපියට ප්‍රතිචාරයක් දැක්වීම සාමාන්‍ය දෙයකි. ඒ සඳහා ඔහු එම බ්ලොග් අඩවියේ සියළුම මතවාදයන් වැලඳගෙන බෞතීස්ම විය යුතු නැත. අනෙක අපට ප්‍රතිචාර දක්වන අයගේ පුද්ගලික ජීවිතය ගැන අපට නම් අවශ්‍ය නැත. මා විසින් මේ දක්වා බුවා ගැන පවා අන්තර්ජාලය තුල සෙවුම් කර නැත. මා එසේ නොකරන්නට ප්‍රධානතම හේතුව මට ඊට වඩා කළයුතු වැදගත් වැඩ බොහෝ ඇති නිසාවෙනි.  

 

 

82 Comments to “මුස්ලිම් කාන්තා වස්ත්‍ර ලිපියට පැමිණි ප්‍රතිචාර හමුවේ අසරණව ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ ගේ පැටිකිරිය සොයන බුවාගේ සිතුවිලි

  1. මා විසින් මේ දක්වා බුවා ගැන පවා අන්තර්ජාලය තුල සෙවුම් කර නැත. මා එසේ නොකරන්නට ප්‍රධානතම හේතුව මට ඊට වඩා කළයුතු වැදගත් වැඩ බොහෝ ඇති නිසාවෙනි.

    yes your wright way go head

  2. I wonder why these ignorant people always throw stones at those with knowledge try to impart their knowledge on them. Those who scold this professor needs to have an open mind before commenting on any forum for blogs are made not to contradict each other with conflicts but to open your mind about the misconceptions you have…!

    1. … Those who scold this professor needs to have an “appointment with the පිස්සු දොස්තර. (Psychiatric doctor)” …

  3. මාගේ මතයට කිසිදු බලපැමක් කිරීමේ හැකියාවක් සුජීව නැමැත්තාට නැත ,ඔබ විසින් සිංහල බෞද්ධ විද්වතෙක් ලෙස මවා පෑ සුජීව නැමැත්තා කුමන ආකාරයේ මානසික රෝගියෙක්ද යන්න කරුණ සහිතව ඉදිරිපත් කර ඇත .ඔබට අන්තර්ජාලයෙන් කොතකනික් හෝ පිලිබඳ සොයාගත හැකි යමක් නොමැත බුවාගේ සිතුවිලි යනු බ්ලොග් ප්‍රෆොයිලයක් පමණි !

    1. ඔබ කළයුතුව තිබු‍ණේ ඔහුගේ මතවාදයට එරෙහිව කරුණු ගොනු කිරීමයි. නමුත් ඉවසීමේ සීමාව ඉක්මවා ගිය නිසා ඔබ ඔහුට පුද්ගලිකව පහර දීමට ඉදිරිපත් විය. මෙය ඇත්තටම යහපත් අය අනුමත කරන දෙයක් නොවේ. ඔබ අන්‍යයන්ගේ මානසික රෝග හොයන්නට යනවිට අපට ඔබගේ මානසික මට්ටම ගැනද සැක ඇතිවේ.

      1. ඔහුගේ මතවාදයට එරෙහිව කියන්නට ඇති දේ ඕනිවාටත් වඩා මේ බ්ලොග් අඩවිය තුලදී පවසා ඇත . ඔබ පුද්ගලයා උලුප්පා කර ඇති ලේඛනයක පුද්ගලයාගේ සැබෑ තතු හෙලිකරන්නේ ඔහු ඔබ ඉස්මතු කරන ආකාරයේ පුද්ගලයෙකු නොවන බ්ව පෙන්වීමටයි . ඔහුගේ අදාල අන්තර්ජාල හැසිරීම් නිවැරදි යැයි හෝ එම හැසිරීම් වලින් දක්වා ඇති චර්යාවන් සහ ඔහුගේ අදාල ලිපියේ ඇති කරුණු එකිනෙක ගැටෙන්නේ නැති යයි ඔඅබ විසින් සිතන්නේ නම් ඔබ කුමනාකාරයේ පුද්ගලයෙක්ද යන වගේ තේරුම් ගැනීමටත් ඉවහල් වේ

        1. බුවා! ඔබ දැන් හදන්නේ මටත් මඩ ගසන්න වගේ. කමක් නැත. නමුත් එකක් මතක තබා ගන්න. කෙනෙකු පුද්ගලයෙකුගේ චරිතය දෙසට ඇගිලි දිගු කරන්නේ ඔහු හා මතවාදීමය ජය ගැනීමක් කරගත නොහැකි වුවිට හෝ ඒ සදහා ඉවසීමක් නැති විටයි.

  4. සුජිත් අපිවගෙ කෙනෙක් නොවෙයි බෞද්ධ දර්ශනය ගැන ප්‍රාමානික විද්වතෙක්.ඔහුගෙ සමකාලීනයනුත් ඒකට සාක්ෂි දරනව.මම කියෙව්ව ඔය ලිපියයි ඒකට දාපු ලින්ක් එහෙම.මට හිතුනෙ අනේ අනිච්චන් කියල.සුජිත් ගැන පැහැදීම වැඩි වීමයි වෙන්නෙ.ඒ මිනිහට නිළියකගෙ රඟපෑමක් අගය කරන්න තහනම්ද
    දාර්ශනිකව තමන්ගෙ අදහසක් කොමෙන්ට් කරන්න බැරිද
    මේකෙන් වෙන්නෙ මධ්‍යස්ත විද්වතුන් තමන්ගෙ අදහස් පළ කරන්න බිය වෙන එක.සිංහල මුස්ලිම් ආරාවුලක් හදන්න උත්සාහ කරන්නෙ බටහිර බලුමැක්කො කියන එක හැමෝම තේරුම් ගන්න ඕන .මේ ගැටලුව න්‍යායාත්මකව තේරුම් ගන්න ඕන

    මෙතනදි සිංහල දෙමල මුස්ලිම් හැමෝම තේරුම් ගන්න ඕන කාරනයක් තිබෙනවා.මගෙ බ්ලොග් එකේ “තල නම් තෙලට වේලේ මී බෙටි කුමට වේලේ “කියල ලිපියක් පළවෙලා තිබුනා.මේ බුවාල,බුවා කියන වචනෙ ආවෙ පෘතුගීසි බසින්,සිංහලයට ආදරේට ක්‍රියාත්මක වන අය නොවෙයි.මේ අයගෙ කිසිම සිංහල කමක් නෑ.ඇත්තෙන්ම මේ අය සිංහල විරෝධීන්.යුද්ධෙ තිබෙන කාලෙ මේ අය හිටියෙ රට බෙදන පැත්තෙ.කොටින්ට කෙලින්ම සපෝට් කරපු එන් ජී ඕ කාරයො.

    ඇත්තටම මුස්ලිම් විරෝධය අවශ්‍ය මේ අයට
    මේ ප්‍රශ්නෙ සරලව තේරුම් ගන්න මුස්ලිම් අයත් විවිධ අදහස් පළ කරනවා.හෙල උරුමය,ජානිපෙ,බොදුබලසේනා මේ හැමෝම කරන්නෙ අනුන්ගෙ සෙල්ලමක්.මතවාදීව තමන්ට හාත්පසින්ම විරුද්ද පිරිසක් වෙනුවෙන් කඩී යනව.මේ අයට තේරුමක් නෑ තමන් කරන්නෙ කාගෙ අවශ්‍යතාවයද කියල.

    හැබැයි බුවාල වෙනස් ඒ අය මතවාදීවම මුස්ලිම් විරෝධී.ඇයි ඒ ඒ අය මුස්ලිම් විරෝධී බටහිර කුරුස යුද්ධයේ සෙබලුන්.හැබැයි මේ අය සෙබලුන් කීවට බටහිරයා සලකන්නෙ තමන්ගෙ බල්ලගෙ බලු….කේ ඉන්න බලුමැක්කො විදියටයි.නමුත් මැක්කන්ට ඒක ලොකු දෙයක් .අනේ අපි සුද්දගෙ කුරුස යුද්දෙ සාඩම්බර සෙබලු නේද කියල ස්වයන් වින්දනයක යෙදෙනවා
    මේ බලුමැක්කො හැමරටකම ඉන්නව.සුද්ද තරහ හින්ද අපිත් තරහයි කියන එක තමයි තර්කෙ.බල්න්න මේ අයගෙ බ්ලොග් දිහා.උස්ලිම්වරුන්ට වඩා වෛරෙකින් සිංහලයන්ට අපහාස කරල ත්යෙනවා.ඇත්තෙන්ම මේ අය මුස්ලිම් විරෝධී වුනේ 2001න් පස්සෙ .ඊට පෙර තනිකරම සිංහල බෞද්ධ විරෝධී.

    සිංහල බුද්ධාග්ම කියල සංස්කෘතියක් නැහැල්ලු.ඒ කියන්නෙ බටහිර සංස්කෘතිය හැර වෙනත් සංස්කෘති මිත්‍යාවන් කියන එක.නාමිකව සිංහල වෙලා සුද්දගෙ බල්ලගෙ බලුමැක්කෙක් වෙනවටයි මේ අය කැමති
    අන්තර්ජාලය පාවිච්චි අක්‍රන්නෙ අපි ගෙවලනෙ.සුද්ද ගෙ තාක්ෂනය තනිකරම සුද්දගෙ එකක් නොවෙයි.කොයි තරම් සුද්ද පෙරදිගට ණයද කියල විද්වතුන් පොත් ලියල තිබෙනව

    ඒ බුද්ධිමය සූරාකෑමට අමතරව මානව සම්පත,ධනය කොච්චර සූරාකාල තිබෙනවද
    සුද්ද අපේ රටවලින් සූරාකන සල්ලි වලින් සොච්චමක් බලුමැක්කන්ටත් දෙනව.

    1. //මම කියෙව්ව ඔය ලිපියයි ඒකට දාපු ලින්ක් එහෙම.මට හිතුනෙ අනේ අනිච්චන් කියල.සුජිත් ගැන පැහැදීම වැඩි වීමයි වෙන්නෙ.ඒ මිනිහට නිළියකගෙ රඟපෑමක් අගය කරන්න තහනම්ද//

      ඔයාට ඒ දේවල් වලින් පැහැදීම වැඩිවෙනවා නම් ඔයා ගැනත් අපිට හිතාගන්න පුලුවන් . මාර්ග ඵල ලිපි අස්සේ අඩනිරුවත් කාන්තා රූප දාන ප්‍රමාණික විද්වතා ලිංගික හැඟීම් ඇවිස්සෙන ඇඳුම් ගැන කථා කරන එක . වෘත්තිමය වශයෙන් සරාගිත්වය ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන නිලියන් අගය කරන ගමන් , අනෙක් කාන්තාවන්ගේ ඇඳුම් ගැන කථා කරන කොට තියන ප්‍රතිවිරෝධය පෙන්නේ නැද්ද . වයසින් අඩු නිලියක් තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ය කියල ෆේස් බුක් එකේ දාන එක ගැන මොකද කියන්නේ . ඊලඟට අදාල නිලිය ඔය පුද්ගලයාව අඳුනනවා කියලද හිතන්නේ ? (පුලුවන් නම් එයාට ඒක ඔප්පු කරල පෙන්වන්න කියන්න )

      එක ආගමක අන්ත්වාදයට බනින ගමන් තවත් අන්තවාදයක් ප්‍රමෝට් කරන්න මට හේතුවක් නෑ . කුරුස යුද්ධයට සම්බන්ධ වෙච්ච දෙපාර්ශවයම එකම ජාතියේ පිස්සො ආගමික පිස්සො තමයි . සිංහල බෞද්ධ සංස්කෘතිය කියන්නේ නොවෙනස් වෙන දෙයක් නෙවෙයි . දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ තිබුනට වඩා උඩරට ගිවිසුම ගහන කාලේ තිබුනට වඩා අදවෙනස් . ලෝකයේ වෙනස් වෙන ස්වාභාවය ගැන බුදු හාමුදුරුවන් කියපු දේවල් පිලිගන්න බෞද්ධයින්ට ඔය වෙනස දරාගන්න පුලුවන් . තමන්ගේ පෞද්ගලික දේශපාලනික අවශ්‍යතාවයන්ට අනුව ඒකට අන්තවාදි ප්‍රතිරෝධයන් දක්වන උනුත් ආගමික අන්තවාදීන්ම තමා

      සල්ලි ගෙව්ව පමණින් තාක්ෂණය ඔබේ වෙන්නේ නෑ , ඔබ නූතනත්වය ප්‍රතික්ෂේප කරනවා (කලින් ලිපිඔයේ ) බටහිරය කියල , එහෙම නම් අන්තර්ජාලයත් ප්‍රතික්ෂේප කරන්න . අන්තර්ජාලය 100% ඇමරිකන් තාක්ෂනයක් . විද්‍යාව පෙරදිගින් බටහිරට ගියා (උදා ගණිතය ) . හැබැයි වර්ථමානයේ ඒ විද්‍යාවේ සංකල්ප භාවිතා කරල සොයාගෙන තියන තාක්ෂණික නිර්මාණ වගේම පසුකාලින විද්‍යාත්මක සංකල්පත් බහුතරය බටහිරයින්ගේ

    2. ඔබගේ ව විග්රාය නම් අති විශිෂ්ටය් .

      1. @ ජය ශ්‍රී , වවිග්‍රය අතිවිෂ්ටියි කියා පැවසුවේ ඔබටඊ . වරදීමකින්ග් බුවා ගේ යටතේ දම ඇත.

    3. ස්ත්‍රිකගේ ඇඳුම පැළඳුම ස්ත්‍රිකට ආවේණික සංජානන පැතිකඩට අනුරූප විය යුතුය. ස්ත්‍රීයකගේ සංජානන පැතිකඩ පුරුෂ සංජානන පැතිකඩට වඩා වෙනස් වන ජීව විද්‍යාත්මක හා මනෝ වෛද්‍ය විද්‍යාත්මක හේතු තිබේ. මෙබඳු හේතු සාධක ප්‍රවේශමින් අධ්‍යයනය කිරීමෙන් ස්ත්‍රියක සිය විලිබිය රැකෙන පරිදි සංවර ඇඳුමින් පැළඳුම්න් යුක්තවීමේ වටිනාමක අවබෝධ කරගත හැකිය. අනික් අතට මේ වෙබ් අඩවිලට ප්‍රතිචාර දමන බොහෝ අය කිසිදු ශාස්ත්‍රීය ශික්ෂණයක් නැතිව රස්තියාදුකාරයින් ලෙස කටයුතු කරන බව පෙනී යයි. එබැවින් එබඳු අයගේද ප්‍රයෝජනය පිණිස යම්කිසි අදහසක් ශාස්ත්‍රීය ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න මෙය කියවීමෙන් වටහාගත හැකි බැවින් ශාස්ත්‍රිය සංවාදය ප්‍රියකරන විද්වතුන් උගතුන්හට මෙය වැදගත් වියහැකිය.සංජානනය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ස්වභාවික ලෝකයතුළ වෙසෙන සත්වයන් අතර විද්‍යමාන ලිංගික අනන්‍යතාව පහසුවෙන් බැහැර කළනොහැකිය.ඊට හේතුව යම් පුද්ගලයෙකුගේ සංජානන පැතිකඩ ඒ පුද්ගලයාගේ ලිංගික අනන්‍යතාව (Gender Difference) මත වෙනස්වන බැවිනි.සාමාන්‍ය වශයෙන් සමාජයතුළ ස්ත්‍රී හා පුරුෂ යනුවෙන් ප්‍රධාන ලිංගික අනන්‍යතා දෙකක් විද්‍යමාන වන බව පැවසිය හැකිය. නිදසුනක් ලෙස පුරුෂයෙකුහට ලෝකයෙහි ඇති සියළු දේවල් සංජානනය වන ස්වරූපයට වඩා ස්ත්‍රියකට ඒවාම ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ අයුරින් සංජානනය වියහැකිය.මේ ලෝකයෙහි සිටින බහුතර පිරිසක් ස්ත්‍රි හෝ පුරුෂ යන ප්‍රධාන ලිංගික අනන්‍යතාවය යටතට ගැනෙයි.ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට මේ ලෝකයේ විද්‍යමාන සියල්ල සංජානනයවනුයේ දෙයාකාරයකින් නම් ලෝකයෙහි සැබෑ සත්‍යය සංජානනය කරගන්නේ කෙසේදැයි යන විශාලම ගැටළුවට මුහුණපෑමට යමෙකුට සිදුවියහැකිය.ලෝකයේ විද්‍යමාන අරමුණු සංජානනයකරනුයේ පුරුෂයෙකු හෝ ස්ත්‍රියක වී නම් එක් අයෙකුගේ සංජානන අත්දැකීම් අනෙක් පුද්ගලයා විෂයෙහිදී අසත්‍යයක්බවට පත්වීම නොවැළැක්වියහැකි කරුණක්වනු ඇත.එවිට අනිවාර්යයෙන් මේ ගැටළුව විසඳාගැනීම පිණිස යෝග්‍ය වූ ක්‍රමයක් පිළිබඳව සිතාබැලීමට සිදුවේ.මුල්ම සංජානන අත්දැකීමට මුහුණපාන පුද්ගලයා ස්ත්‍රියක හෝ පුරුෂයෙකු වී නම් ඒ පුද්ගල සංජානනය නිවැරදිව පොදුබවට පරිවර්තනය කර තමන්ට ප්‍රතිවිරුද්ධ ලිංගික අනන්‍යතාවයක් ඇති පුද්ගලයාහටද සාධාරණය ඉටු වන පරිද්දෙන් කටයුතු කරන්නේ කෙසේදැයි මනෝවිද්‍යා විෂය පර්යේෂාත්මකව අධ්‍යයනයකළ අයෙකුට යම් ගැටළුවක් ඇතිවියහැකිය.මේ හේතුව නිසාම මනෝවෛද්‍යවිද්‍යාව තුළ මේ පිළිබඳව දැඩි අවධානයක් දක්වා තිබේ.විශේෂයෙන්ම සායනික පර්යේෂණවල ප්‍රගතිය මැනබැලීමේදී එබඳු ලක්ෂණය කෙරෙහි පවා දැඩි සැලකිල්ල යොමුකර ඇතිබව පැහැදිලිව දැකගත හැකිය.යම්කරුණු දැක්වීමක පවතින අවබෝධ කරගැනීමේ හැකියාව ස්ත්‍රී පුරුෂ වශයෙන් ලිංගික අනන්‍යතාව මතද වෙනස්වියහැකිබව මෙබඳු පර්යේෂණවලදී අනාවරණයවී තිබේ.එසේම ජීවවිද්‍යාත්මකව මොළයේ සෛලතුළ රසායනිකද්‍රව්‍යයන්හි සමතුලිතතාව හා ශාරීරික හෝමෝනවල ක්‍රියාකාරීත්‍වය කෙරෙහි ලිංගික අනන්‍යතාව සෘජුවම බලපානු ලබයි.සංජානනයට අදාළ මානසික හා ශාරීරික ක්‍රියාවළියේදී මේ මොළසෛලවල රසායනික ද්‍රව්‍යයන්හි ක්‍රියාකාරීත්‍වය සමතුලිතතාව හා ශාරීරික හෝමෝන වල ක්‍රියාකාරීත්‍වය ඉතා වැදගත්ය.එබැවින් සංජානනය පිළිබඳ සිදුකරන ගැඹුරු පර්යේෂණාත්මක අධ්‍යයනයකදී ලිංගික අනන්‍යතාවය පහසුවෙන් නොතකා හැරිය නොහැකිබව පැහැදිලි වියයුතුය.
      එසේම ලිංගික අනන්‍යතාව කාම ලෝක ධාතුවට අනන්‍ය වූ ලක්ෂණයක් සේ පෙන්වා දිය හැකිය.මන්ද යත් ලිංගිකත්‍වය (Gender) නැමැති ජීව විද්‍යාත්මක අනන්‍යතාව පවා කාමලෝක ධාතුවට අයත් දෙයක් ලෙස විස්තර කරදී ඇති බැවිනි.කාම ලෝක ධාතුවද කාම සුගති හා කාම දුගති ලෙස ද්විවිධ වේ.මින් කාම දුගති ලෙස හැඳින්වෙන්නේ නිරය හා සතර අපායෙහි උත්පත්තිය ලබන සත්වයින්ය.ඔවුන්ගේ උපත කාමභව උපතක් වන නමුදු එය වේදනා වශයෙන් අතිශයින්ම දුක්ඛිතය.එබැවින් මෙය කාම දුගතිගත උපතක් ලෙස හැඳින්වේ.මෙහි උපත ලබන සත්වයන්ගේ ස්ත්‍රී පුරුෂ ස්වභාවය ප්‍රකට වන නමුදු ඊට අයත් විදීමෙහි කටුක දුක්ඛිත වේදනාවෙහි ස්වරූපය නිසා සාමාන්‍ය ලෝක සම්මුතියට අනුව කාම සුගති ලෝකවල උපත ලැබූවන් විසින් සුවයක් ලෙස විඳිතැයි සැලකෙන කාම ආශ්වාදය සතර අපායික සත්වයන්හට නොලැබේ. එබැවින් ස්ත්‍රී පුරුෂ ද්වි ස්වභාවය ප්‍රකට වුවද එයින් කාම ආශ්වාදය ලැබීමට තරම් මනෝකායික අවකාශයක් සතර අපායික හා නිරයගාමී සත්වයන්ට නොලැබෙයි. නමුදු කාම සුගති ලෙස සැලකෙන මනුෂ්‍ය ලෝකය හා සදෙව් ලෝකවාසී සත්වයන්ට කාමය රස විඳීමට අවස්ථාව ලැබෙන බව ලෝක සම්මුතියයි.කාමය නම් ස්පර්ශය වින්දනය කිරීම ප්‍රධාන කොටගෙන ඇති කර ගනු ලබන විඳීමේ දැඩි ආශාවයි.බෞද්ධ පිළිගැනීමට අනුව සියළු විඳීම් දුක්ඛ ලෙස අර්ථකථනය කොට ඇත.එබැවින් කාමය වුවද විඳීමක් බැවින් දුක්ඛයෙලා සැලකිය හැකිය. කාමය විඳිමට ඇති කැමැත්ත නිසා විඳීම් සුවයක් යැයි සිතා එය විඳීමේ චේතනාවෙන් මියගොස් යළි භවයක උපත ලැබීමේදී විඳීම් සහිත භව ලෙස සැලකෙන කාම සුගතියක හෝ කාම දුගතියක උපත ලැබීමට සත්වයාට සිදුවේ.කාම සංඥාව විඳීමේ ස්වභාවය මනසට හා සිරුරට හුරුකරගත් ප්‍රමාණය මත පුද්ගල විවිධත්වයක් කාම සුගති තුළ විද්‍යමානය.ස්ත්‍රී හා පුරුෂ ලිංගික අනන්‍යතාව බිහිවීමටද ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඉහත දක්වන ලද පරිදි කාමසංඥාව විඳීමේ ආශාව මනසට හා සිරුරුට හුරුවූ ස්වභාවය, හැඩය හා ප්‍රමාණය බව පෙනී යයි.සැබවින්ම ස්ත්‍රී පුරුෂ භාව රූප කලාප සකස්ව ඇත්තේ කාම ආශාව විඳීමට මනෝකායිකව හුරුවූ රටාව,ස්වභාවය හා ප්‍රමාණය අනුවය.මේ අනුව පුරුෂයෙකුට සාපේක්ෂකව ස්ත්‍රියක හට වඩා අධිකව එම කාම සංඥාව විඳීමේ හැකියාව තිබේ. ඊට හේතුව ස්ත්‍රියකගේ මනෝකායික සැකසුම ඊට අනුගතව පැවතීමයි. එලෙස ස්ත්‍රිකගේ මනෝ කායික හැඩය කාම සංඥාව අධිකව විඳීමේ හැකියාව ඇති අයුරින් සකස්ව පවතින බව භාව රූප කලාප සකස්ව ඇති ආකාරයෙන් වටහාගත හැකිය.මේ අනුව ස්ත්‍රීන් තුළ කාම සංඥාව විඳීමට අවශ්‍ය කායික හා මානසික හැඩය හේතු ප්‍රත්‍ය ධර්මතාව අනුව ලැබී තිබේ. මේ නිසා ස්ත්‍රිකගේ කායික හා මානසික හැඩය කාම සංඥාව අධිකව ලැබීම පිණිස ජෛව විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක ලක්ෂණ අනුව සකස්ව පවතින බව වටහාගත හැකිය.
      ලිංගික අනන්‍යතාව පුරුෂ හා ස්ත්‍රී යන ප්‍රධාන වර්ග දෙකට අමතරව පවතින ජීව විද්‍යාත්මක ලිංගික අනන්‍යතා උප වර්ග රාශියක් පිළිබඳවද බටහිර සායනික මනෝවෛද්‍යවිද්‍යා කෘතීන්හි සඳහන්ය.එසේම නූතන සායනික මනෝ වෛද්‍යවිද්‍යා පර්යේෂණ ආශ්‍රිතව රචනාවී ඇති බටහිර මනෝ වෛද්‍ය විද්‍යා ග්‍රන්ථවල මෙබඳු කරුණු පිළිබඳව විශාල තොරතුරු රැසක් සඳහන්ව තිබේ. එම පර්යේෂණ ග්‍රන්ථ සකස්ව ඇත්තේ බටහිර රටවල සිදුකරනලද සායනික මනෝවෛද්‍ය විද්‍යා පර්යේෂණ ඇසුරිනි. ඒවායෙහි මෙබඳු ලිංගික අනන්‍යතාව කරුණු පිළිබඳ බොහෝ තොරතුරු ඉදිරිපත්කර ඇත. ස්ත්‍රියතුළ පුරුෂයාට වඩා කාම සංඥාව අධිකව විඳීමේ හැකියාව ඇති මේ අනුව පැහැදිලිය. එසේම ලිංගික අනන්‍යතාවය ස්ත්‍රී ආත්මභාවයටද වඩා පහළ මට්ටමේවූ පුරුෂ හා ස්ත්‍රී ලිංගික අනන්‍යාව අතරතුර පවතින වෙනත් ලිංගික අනන්‍යතා රාශියක් පවා කාමලෝක ධාතුවතුළ විද්‍යමාන වියහැකිබව විනය පිටකය අනුවද පෙන්වා දිය හැකිය. නපුංසක, පණ්ඩක, උභතෝභ්‍යංජනක ආදී වශයෙන් පැවිද්ද, උපසම්පාදාව ලබා නොදිය නොකළ පුද්ගල ලැයිස්තුව දැක්වීමේදී ප්‍රධාන ලිංගික අනන්‍යතා වන ස්ත්‍රී පුරුෂ ලිංගික අනන්‍යතා දෙක අතර පිහිටි තවත් උප ලිංගික අනන්‍යතා රාශියක්ම පිළිබඳව දක්වා තිබේ. නිදසුනක් ලෙස විනය පිටකයේ උභතෝභ්‍යංනක ලෙස සඳහන්වන ස්ත්‍රී පුරුෂ ලිංගික අනන්‍යතා දෙකම එකම පුද්ගලයෙකුගේ කායික හා මානසික හැඩයතුළ පිහිටීම බටහිර ආකල්පවල නාරි-පුරුෂ (Shemale), ස්ත්‍රී-ගැටවරයින් (Ladyboy), පරිවර්තිත පිරිමි ( Transsexual Boy; Tranny; T-boy) දක්වා ඇත. එසේම ස්ත්‍රීන් අතරද මේ වර්ගීකරණය මෙසේම පවතින බව පැහැදිලිකර තිබේ. මෙබඳු ප්‍රධාන ස්ත්‍රී ලිංගික අනන්‍යතාවයෙන් බැහැර උප ලිංගික අනන්‍යතා වර්ග රැසක්ද ස්ත්‍රීන් තුළද විද්‍යමාන වන බව බටහිර හා බෞද්ධ අර්ථකථනතුළ දක්වා ඇත. එය බටහිර මනෝ වෛද්‍ය විද්‍යාත්මක ග්‍රන්ථවලද දැක් වේ. සැබවින්ම ජීවවිද්‍යාත්මක හා මනෝවෛද්‍ය විද්‍යාත්මකවද එබඳු උප ලිංගික අනන්‍යතා තිබෙන බව පැහැදිලි කර තිබේ. මෙසේ ජීව විද්‍යාත්මකව පිහිටීම පාප කර්ම විපාක අනුව සිදුවන බව දක්වා ඇත. මන්ද ප්‍රධාන ජීව විද්‍යා ලිංගික අනන්‍යතාව දෙකට පරිබාහිරව ඇතිවන වෙනත් උප ලිංගික අනන්‍යතාවල දී ඇති වන අධික ලිංගිකාශාව එකී ප්‍රධාන ලිංගික අනන්‍යතා දෙකෙහි සත්වයන්ට ඇතිවන ලිංගිකාශාවට වඩා ඉතාමත්ම අධිකය. එම අධික ලිංගික ආශාව නිසා පුද්ගලයාගේ සිත තුළ ඇති වන විඳීමේ ස්වභාවය අධිකය. මේ විඳීමේ ස්වභාවය අධික බව පුද්ගලයාගේ මානසික හා කායික පසුබිම තුළ අතෘප්තිකර ස්වභාවය ඉහළ නංවයි. මුළු මහත් ලෝකයම දුක මත පදනම්ව බිහිවී ඇති බව ත්‍රිපිටක බුද්ධ දේශනාව අනුව පැහැදිලිය. අතෘප්තිකර ස්වභාවය අධික වීම යනු දුක්ඛ ස්වභාවය වැඩිවීමයි. එබැවින් කාමශාව අධික වීම යනු අතෘප්තිකර බව වැඩිවීම යනුවෙන් අර්ථකථනය වී තිබේ. කාමාශාව වැඩිවීම හා එය තෘප්තිකර ගැනීමට වෑයම් කිරීම පිපාසයට ලුණු ජලය පානය කරන්නාක් හා සමාන ක්‍රියාවකි. මන්ද ලවණ ජලය පානය කිරීම මඟින් පිපාසය සංසිඳෙනවා වෙනුවට සිදුවනුයේ පිපාසය තව තවත් උග්‍රවීමයි. ඊට සමාන වූ ක්‍රියාවක් කාමාශාව තෘප්තිමත් කර ගැනීමට අදාළව සත්වයාගේ මනෝකායික හැසිරීම් රටාව මඟින් ද සිදු වන බව බුදු දහමේ පෙන්වා දී තිබේ.
      ත්‍රිපිටක ධර්මයේ මෙසේ ලිංගික අනනත්‍යා රාශියක් මේ අයුරින් මනෝවිද්‍යාත්මකව හා ජීවවිද්‍යාත්මකව සකස්වීමට පූර්ව කර්මවිපාකය හේතු වන බව අවධාරණයකර දක්වා තිබේ. විශේෂයෙන්ම කාම සංඥාව විඳීමේදී යම් පුද්ගලයෙකු විසින් දක්වනලද ඇබ්බැහිකම මත ඒ පුද්ගලයාගේ භවය තීරණය වී තිබේ. එසේම මේ ඇබ්බැහිකම ප්‍රධාන ලිංගික අනන්‍යතා දෙකට අමතරව මෙලෙස තවත් උප ලිංගික අනන්‍යතා ඇතිවීමට ද තුඩු දී ඇති බව පෙන්වා දී ඇත.කිසියම් පුද්ගලයෙකුගේ ස්වයං ශික්‍ෂණය හා ආත්ම දමනය පසු කාලීනව ඒ පුද්ගලයාට උරුම වන භවය තුළ ලිංගික අනන්‍යතාව සකස්වීමේ දී ප්‍රධාන වශයෙන් ඉවහල් වන බව පැහැදිලිව දක්වා ඇත. පුරුෂ ලිංගික අනන්‍යතාවයේ සිට අනුක්‍රමිකව ස්ත්‍රී ලිංගික අනන්‍යතාව දක්වා ජීව විද්‍යාත්මක පසුබිම සකස්වීමේදී හා ඊඑ අනුගතව වර්ධනය වීමේදී කාම සංඥාව ඊට සමානුපාතිකව කාම සංඥාව වින්දනය කිරීමේ අධික ඇබ්බැහිකම හා හුරුපුරුදු හැඩතලය ප්‍රධාන වශයෙන්ම බලපා ඇති බව මේ අනුව පැහැදිලිය. බුදුදහම කාම සංඥාව විඳීමේ ඇබ්බැහිකම පාලනය කිරීමට උපදෙස් ලබා දී ඇත්තේ අධික දුක්ඛස්කන්ධයක් උරුමවී ඇති මෙකී ලිංගික අනන්‍යතාවය සසර භව ගමන තුළ තවදුරටත් සුරක්ෂිතව පවත්වා ගැනීමේ ආශාව වැලැක්වීම හා දුරු කිරීම පිණිසය. භව ගමන සසර සැරිසැරීම මුළුමනින්ම වළක්වාලිය හැක්කේ කාම ආශාව හිතුවක්කාර විලාශයෙන් තෘප්ත කිරීමෙන් නොවේ. කාම ආශාව වැළැක්වීම එය විකෘතිවීමට හේතුවක් නොවේ. සමලිංගික චර්යා, ව්‍යාභිචාරය හා විකෘති කාමාශාව අවරෝධීත කාමාශාවේ ලක්ෂණ බව බටහිර මනෝ වෛද්‍ය විද්‍යාවේ සඳහන්ය. එහෙත් නිවැරදි පිළිවෙත් අනුගමනය කරමින් කාම ආශාව වැළැක්වූ පමණින් හෝ යටපත් කළ පමණින් අවරෝධිත කාම තෘෂ්ණා හැඟීම් ඇති නො වේ. එසේම එම යටපත් කළ කාම ආශාවේ අවරෝධිත හැඟීම් උත්ප්‍රේරකයක්ව පසු කාලීනව කාම අපරාධ කිරීමට පුද්ගලයා නො පෙළඹේ. කාම ආශාව අවරෝධිත හැඟීමක් වනුයේ කාම ආශාව යටපත් කිරීමෙන් නොවේ. කාම ආශාව අවුළුවාලමින් යටපත් කිරීමට වෑයම් කිරීමේදීය. එය බුදු දහමේ දක්වා ඇති නිවැරදි සමථ ක්‍රමවේදය නොවේ. ගඟක් ගැලීමේ වේගය අඩාලකර ගැලීම නැවැත්වීමේ ක්‍රමය බුදුදහමේ නිවැරදි සමථ ක්‍රමවේදයයි. නමුදු බටහිර මනෝ වෛද්‍ය විද්‍යාවේ අවරෝධිත කාමාශාව ලෙස දක්වා ඇත්තේ කාමශාව විකෘති ක්‍රම භාවිතයෙන් අවුළුවාලමින් එක්වරට ප්‍රබල ප්‍රතිරෝධී හැඟීම් මඟින් යටපත් කිරීමට වෑයම් කිරීමයි. එය නිවැරදි නැත. කාම ආශාව ස්නායු පද්ධතිය ඔස්සේ ක්‍රියාත්මක වන අති ප්‍රබල ස්නායු ආවේගයකි. එබැවින් කාම ආශාව ප්‍රහාණය කිරීමට සඳහා අනුගමනය කළ යුත්තේ ඊට බුදුදහමේ අනුමතව ඇති ක්‍රමානූකූල ප්‍රතිපදාවයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ මේ ක්‍රමික පිළිවෙත දක්වා තිබේ. ප්‍රධාන ලිංගික අනන්‍යතා දෙක අතරතුර පිහිටි උපලිංගික අනන්‍යතාවයන්හි ඇති කාම ආශා විඳීම තුළ දුක්ඛ ස්කන්ධය අධිකය. එබැවින් ප්‍රධාන ලිංගික අනන්‍යතාවයන් හැකි ඉක්මනින් ප්‍රහාණය කිරීමට මෙන්ම ප්‍රධාන ලිංගික අනන්‍යතාවයන්ගෙන් පහළටවැටී අධික දුක්ඛ ස්කන්ධයක් විඳීමේ අනතුරින් මුදවා ගැනීම පිණිස ත්‍රිපිටක ධර්මයෙහි හරය කුළු ගැන්වී ඇති බව පැහැදිලිව වටහාගත යුතුවේ.
      ලිංගික අනන්‍යාතාව සහිතව මෙන්ම රහිතවද මේ ලෝක ධාතුව තුළ ජීවින් සිටිනබව බුදු දහමේ සඳහන්වේ.මෙහිදී දැක්විය යුතු විශේෂ කාරණයක් නම් ලිංගික අනන්‍යතාව යම් ජීවියෙකු තුළ පිහිටනුයේ කාම සංඥාව ඉතා සුළු හෝ ප්‍රමාණයක් පැවතුනහොත් පමණකි.ලිංගික අනන්‍යතා ඇතිවීමට හේතුව කාම සංඥාව වින්දනය කිරීමේ කැමැත්තයි.මේ අනුව යමෙකු තුළ කාම සංඥාව විඳීමෙහි ඇති කැමැත්ත ඒ තැනැත්තා තුළ ලිංගික අනන්‍යතාව ඇතිවීමට හේතුවක් ලෙස පෙන්වා දිය හැකිය.මේ අනුව ස්ත්‍රියක තුළ ඇති කාම ආශාව විඳීමේ ස්වභාවය පිරිමියාට වඩා අධික ව්‍යාප්ත වීමේ හේතුව මත ඇගේ ස්ත්‍රී ආත්මභාවයට අදාළ රූප කලාප ලැබීම තීරණයවී ඇතිබව සැලකිය හැකිය.මීට අදාළව ස්ත්‍රියකගේ හා පුරුෂයෙකුගේ ලිංගික අනන්‍යතා සමඟ සබඳතා ඇති සංජානන පැතිකඩ පිළිබඳව මෙහි පහතින් තව දුරටත් සවිස්තරව සාකච්ඡා කෙරෙනු ඇත.පුරුෂයාගේ කාම සංඥාව විඳීම පිළිබඳ ඇති ආකල්පමය වෙනස නිසා කාම සංඥාවේ බහුල බලපෑම සීමිත නිශ්චිතවූ ප්‍රදේශයකට සීමාවීමක් විද්‍යමාන වෙතත්,ඊට සාපෙක්‍ෂකව ස්ත්‍රිකගේ කාම සංඥාව විඳීමේ වපසරිය ඊට වඩා පුළුල් ක්ෂේත්‍රයක ව්‍යාප්තවී ඇතිබව ජීව විද්‍යාත්මක හා මනෝවෛද්‍යවිද්‍යාත්මක සාධක මඟින් දැකගත හැකිය.ප්‍රධාන ලිංගික අනන්‍යා දෙක වන පුරුෂ හා ස්ත්‍රී ලිංගික වර්ණයන්ගෙන් තව දුරටත් බැහැරට යත්ම එනම් ස්ත්‍රී පුරුෂ ලිංගික අනන්‍යතා දෙක අතර පිහිටි උප ලිංගික අනන්‍යතා දක්වා සත්‍වයාගේ ලිංගික අනන්‍යතාව සකස්වීමේදී ඊට හේතුව කාම සංඥාව වින්දනය කිරීමේ ඇති අධිකභාවය ලෙස පෙන්වාදියහැකිය.මේ අනුව මිථ්‍යාචාරී, ව්‍යාභිචාරී,විකෘති අසම්මත ලිංගිකචර්යා සඳහා පාප කර්ම විපාකය ලෙස ලැබෙනුයේ ස්ත්‍රී ආත්ම භාවය හා ප්‍රධාන ලිංගික අනන්‍යතා දෙක අතර පිහිටි මෙකී සෙසු උප ලිංගික අනන්‍යතා බව දැක්වියහැකිය.කුසල කර්ම සිදුකිරීමේදී මෙන්ම හැකිතාක් කාම සංඥාව පාලනයට උත්සුකවීමේ කුසල කර්ම විපාකය ලෙස පුරුෂ ආත්මභාවයන් උරුමවීම මෙන්ම පුරුෂ ලිංගික අනන්‍යතාවයටද වඩා ඉහළ මට්ටමේ වූ මනෝකායික තත්වයන්ට පවා පත්වීමට හැකියාව ලැබෙනබව ධර්මයෙහිද පෙන්වාදී තිබේ.බ්‍රහ්ම ලෝක ආශ්‍රිතව පවතිනුයේ මෙබඳු ජීව ස්වභාවයක් බවද පැහැදිලිකරදී ඇත.මින් පැහැදිලිවනුයේ පුරුෂ හෝ ස්ත්‍රී හෝ ලිංගික අනන්‍යතාවයක් සහිතව උපතලැබීම සසර දුක්ඛස්කන්ධයක් උරුමකරගැනීමක් වන බවකි.ඒනිසා මෙකී ප්‍රධාන ලිංගික අනන්‍යතා දෙක වන පුරුෂ හෝ ස්ත්‍රී ආත්මභාවයන්ගෙන් තොරවූ හුදෙක් ජීව සම්මුතිය පමණක් සහිත වෙනත් භව තල ඇතිබව පැහැදිලි වියයුතුය.මෙහිදී සාමාන්‍ය සමාජයේදී පවතින වැරදි පිළිගැනීමක් පිළිබඳවද සඳහන් කළයුතුය.එනම් ප්‍රධාන ලිංගික අනන්‍යතා දෙක වන ස්ත්‍රී හා පුරුෂ ලිංගික අනන්‍යතා දෙකින් බැහැරවීම පාපී වන බව විකෘතියක් බවට පිළිගැනීමයි.එහි අර්ථය නම් ස්ත්‍රී පුරුෂ ලිංගික අනන්‍යතා දෙකින් බැහැරවීම හෙවත් කාම සංඥාව දුරුකිරීම සමාජ සම්මතය අනුව නිග්‍රහයට කරුණක් වන බවට වූ වැරදි අදහසයි.ස්ත්‍රී පුරුෂ භාව රූප කලාප බිහිවීම මත ස්ත්‍රී පුරුෂ ලිංගික අනන්‍යතාව බිහිවනුයේ කාම සංඥාව විඳීමේ කැමැත්ත තිබෙන තාක්කල්ය. මේ කාම සංඥාව වැළැක්වීම ධ්‍යාන සිත් මඟින් සිදුකෙරෙන අතර ඊට අනුරූප භව තලය ධ්‍යාන ලෝක උත්පත්තියයි.ධ්‍යාන ලෝකවල උත්පත්තිය ලැබූ බ්‍රහ්මයින්ගේ ලිංගික අනන්‍යතාවය නැත. එනම් ඒ බ්‍රහ්මයින් ස්ත්‍රීන් හෝ පුරුෂයන් නොවෙනබවයි.ඒ බ්‍රහ්මයින් පුරුෂ හෝ ස්ත්‍රීන් අයුරින් ලිංගික අනන්‍යතාව ගොඩනොනඟා ඇති නමුදු එය පුරුෂ ලිංගික අනන්‍යතාවයටද වඩා ‍ශ්‍රේෂඨද උතුම්ද වේ.සාමාන්‍ය ව්‍යවහාරයේ නපුංසක යන්නෙන් හැඳින්වෙන ලිංගික අනන්‍යතාව ස්ත්‍රී පුරුෂ වශයෙන් ලිංගික අනන්‍යතා ගොඩනොනඟා සිටීම නොවේ.නපුසංක ආත්මභාවය කාමමිථ්‍යාචාරය ආදී බරපතල අකුසල හා පාපී ලිංගික ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් ලෙසට දැක්වේ.එහිදී නපුසංක ලෙස සැලකෙන පහත් ලිංගික අනන්‍යතාවයක් සහිතව උපතලැබූ ජීවින්ගේ ලිංගික අනන්‍යතාව නැතිවී නැත.ඇත්තේ සිදුකරන ලද බරපතල අකුසලපාපී ක්‍රියා නිසා කාම සංඥාව අධිකවීම හා උත්සන්න වීම මඟින් ස්ත්‍රී පුරුෂ දෙකොට්ඨාශයටම අයත් කාම සංඥා විඳීමේ ජීව විද්‍යාත්මක හා මනෝවිද්‍යා හැඩතල සහිතව ජීවියාගේ උපත සිදුවීමයි.ලෞකික ධ්‍යාන හෝ ලෝකෝත්තර ධ්‍යාන ඉපිදවීමේදී යටපත්කරන ලද හෝ ප්‍රහීණ කරන ලද කාම සංඥාවට කර්මවිපාක ලෙස බ්‍රහ්ම ලෝකයේ උපත ලබන බ්‍රහ්මයින්ගේ ලිංගික අනන්‍යතාව විද්‍යමාන නොවීමේ තත්වය හා පාපී නපුසංක ආත්මභාව ලබා උපතලැබූ පුද්ගලයින්ගේ ලිංගික අනන්‍යතාවේ තත්වය එක සමාන නැත.නමුදු මේ තත්වය නිවැරදිව තේරුම්නොගැනීම නිසා ලිංගික අනන්‍යතාව සහිතවීම විශාල වරප්‍රසාදයක් යැයි වරදවා වටහාගනු ලැබේ.කාම සංඥාව වරදවා විඳීම නිසා පාපී කර්ම විපාක උපතකදී ලිංගික අනන්‍යතාව විකෘතිවීම අධික කාම පරිලාහයක් සහිත උපතක් ඇතිවීමට හේතුවකි.මේ තත්වය ස්ත්‍රී පුරුෂ ද්වි ලිංගික අනන්‍යතාව සහිත අයෙකු ලබන කාම සංඥා අධිකව විඳීමේ ජීවවිද්‍යා හා මනෝවිද්‍යාත්මක පසුබිමක් සහිතව උපත ලැබීමට එවිට අදාළ ජීවියාට සිදුවේ.
      මේ ලෝකය නියම වශයෙන් සංජානනය කළහැක්කේ පවතින දේ ඒ ආකාරයෙන් දැන හැඳින ගැනීමට අදාළ සංජානන පැතිකඩ ක්‍රියාත්මක වනවිටය.ස්ත්‍රී පුරුෂ ද්වි ලිංගික අනන්‍යතාවය ලබා උපත ලබා ඇති ජීවීන්ට මේ ලෝකයේ ඇති තාක් අරමුණු දැනගත හැකිවනුයේ ඒවා පවතින සැබෑ ස්වරූපයෙන් නොවේ.තමන්ගේ ලිංගික අනන්‍යතාවයට සරිලන අයුරින් සංජානන කිසියම් විකෘතිවීමකට හෝ වෙනස්වීමකට ලක්වන බව මේ ද්වි ලිංගික අනන්‍යතාව සහිතව උපත ලැබූඅය නොදනිති.පුරුෂයෙකුට මේ ලෝකයෙහි ඇති සියළු අරමුණු සංජානනය වනුයේ ඔහුගේ ජීවවිද්‍යා කායික පසුබිමට හා මනෝවිද්‍යා මානසික පසුබිමට සරිලන පරිද්දෙනි.ස්ත්‍රියකටද ලෝකයේ ඇති සියළු අරමුණු සංජානනය වනුයේ ඇයලබාඇති ජීවවිද්‍යාකායික පසුබිමට හා මනෝවිද්‍යා මානසික පසුබිමට සරිලන අයුරිනි.මේ හේතුව නිසා මේ ලෝකයේ ඇති සියළු අරමුණු පුරුෂයන් හා ස්ත්‍රීන් සංජානනය කරන ස්වරූපය සමාන නැතිබව වටහාගත යුතුය.සංජානනය සම්බන්ධයෙන් ලිංගික අනන්‍යතාව දක්වන පැහැදිලි ප්‍රබල වෙනස්කම නිසා සංජානනය ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙනස්වන ආකාරය පිලිබඳව වටහාගැනීම ඉතා වැදගත්ය.
      ස්ත්‍රී පුරුෂ ලිංගභේදය ස්ත්‍රීත්වය හා පුරුෂත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන පද සමාන අර්ථ ඇති පද ලෙස සමාජය විසින් බොහෝ අවස්ථාවල දි භාවිතා කරනු ලැබේ. ස්ත්‍රි පුරුෂ ලිංග භේදය යන පදයට වඩා ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන පදය සමාජිය මෙන්ම මනෝභාවාත්මක වශයෙන් ද වෙනස් වු අර්ථයක් ගෙන දෙයි.ස්ත්‍රී පුරුෂ ලිංගභේදය යනුවෙන් සරලව හඳුන්වනු ලබන්නේ උපතින්ම හිමි වන ලිංගික භාවයෙහි වෙනසයි. ජීව විද්‍යාත්මකව ස්වභාවයෙන් සියලුම ජීවීහූ ස්ත්‍රී පුරුෂ යන බෙදුමට ලක්ව උපත ලබති. ස්ත්‍රීය හා පුරුෂයා අතර ඇති මෙම ජීව විද්‍යාත්මක ලිංගික වෙනස නිසා ඔවුනොවුන්ගේ අඟපසග ඉන්ද්‍රියන් හා ශරිර වර්ධනය වෙනස් අයුරින් සිදු වෙයි. ස්ත්‍රින්ගේ හා පුරුෂයින්ගේ ශරීර වර්ධනයේ දී ඉන්ද්‍රියන්ගේ බාහිර මෙන්ම අභ්‍යන්තර වෙනස්කම් ද සිදු වන අතර කටහඬ වැනි දෑ පවා වෙනසකට භාජනය වෙයි. මෙම ලිංගික වෙනස ස්භාවිකවම නිර්මාණය වු ජීව විද්‍යාත්මක වෙනසකි. මෙය සමස්ත ලෝකයටම පොදු වූ දෙයකි. කවර රටක, කවර සමාජයක වුවද වසර දහස් ගණනකට පෙරාතුව වුවද නුතන යුගයේ දී වුව ද මෙම ස්ත්‍රී පුරුෂ ලිංගික වෙනස නො වෙනස්ව පවතියි.
      ජීව විද්‍යාත්මකව ස්ත්‍රීයට හා පුරුෂයාට ලැබී ඇති ලිංගික වෙනස මත සමාජය විසින් දීර්ඝ කාලයක් තිස්සේ වෙනස් වු සමාජ තත්වයන් මෙම දෙපක්ෂය සදහා නිර්මාණය කර දී ඇත. සමාජය හා සංස්කෘතිය මගින් මෙම බෙදීම සිදු කර තිබෙන අතර සෑම ඵ්කකයක දීම මෙන්ම සෑම ස්තරයක දීම ඵය දක්නට ලැබේ. ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට ඵකිනෙකට වෙනස් වු ගති ලක්ෂණ, අනන්‍යතා, හැසිරීම් රටා, භුමිකා සහ වෘත්තීන් පවා සමාජය විසින්ම නිර්මාණය කර තිබේ. ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට පවරා දී ඇති එම සමාජ සංස්කෘතික තත්ත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවය ලෙස සරලව හඳුන්වා දිය හැකිය. මෙය සමාජය විසින් නිර්මාණය කර දී තිබෙන අතර ලිංගික බව මෙන් සොබාදහමින් ලැබුණු දෙයක් නොවේ. සංස්කෘතිය, ආගම, විශ්වාස, ඇදහිලි හා සිරිත් විරිත් මගින් මෙම සමාජ තත්වය ස්ථාපිත කර තිබේ. මෙම සමාජ නිර්මිතය සමාජයෙන් සමාජයට රටින් රටට වෙනස් වේ. මානව වර්ග, ජාති, කුල, ප්‍රදේශ අතරද මෙම සමාජ තත්වයන් සමාජ හා සංස්කෘතික වෙනස්වීම් අනුව සිදු වේ. ඵම නිසා ස්ත්‍රී පුරුෂ ලිංගභේදය මෙන් නොව ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනස්වන සුලු දෙයකි. පුරුෂයින් ශාරීරික හා මානසික වශයෙන් ශක්තිමත්, ඵඩිතර ඉක්මන් තීරණ ගත හැකි, නායකත්වයක් සහිත, බුද්ධිමත් හා තාර්කික කොටසක් ලෙස විශ්වාස කෙරේ. එහෙත් ස්ත්‍රීය ළාමක, සුන්දර, පුරුෂයෙකු මත යැපෙන කාරුණික, ඉක්මනින් සසල වන සිතක් ඇති කොටසක් ලෙස සැලකේ.මෙය පොදු සමාජ සම්මතයක් නිසා ඇතිකරගෙන ඇති වැටහීමකි.එහි යම් ජීවවිද්‍යා පසුබිමක් හා යම් මනෝවිද්‍යා පසුබිමක් විද්‍යමාන වියහැකිය.
      ස්වභාව ධර්මයෙන් හිමි වි ඇති ප්‍රජනන කාර්යයට අදාළ වර්ගයා බිහි කිරීමේ හා පවත්වා ගැනීමේ වගකීම මෙන්ම ගෘහාශ්‍රිත සියලු කාර්යයන්ද සමාජය විසින් ස්ත්‍රීයට පවරා දී ඇත. ඒ අනුව ස්ත්‍රිකට දරුවන් පෝෂණය කිරීම, රැක බලා ගැනීම, ගේ දොර කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා තෘප්තිමත් කිරීමේ කටයුතු, වැඩිමහළු පුද්ගලයින් රැක බලා ගැනීමේ කටයුතු ආදී මානව වර්ගයාගේ බිහිවීමට හා පැවැත්මට අදාළ වගකීම් වලින් කොටසක් ස්ත්‍රීන් වෙත පැවරී ඇති බව දැක ගත හැකිය. ඵයට වෙනස් ආකාරයට ගෘහයෙන් පිටත ආදායම් ඉපයිමේ කාර්යය පුරුෂයාට පවරා දී ඇත. ඒ අනුව පුරුෂයාට ජිවිකා වෘත්තිය නිරතවීම, සමාජ කාර්යන්හි නියැලීම මඟින් සිය වර්ගයාගේ පැවැත්මට අදාළ සාමූහික වගකීම්වලට නායකත්වය ලබා දීම, ස්ත්‍රීන්ට හා දරුවන්ට අවශ්‍ය ආරක්ෂාව සැලසීම, ප්‍රජානන කාර්යයන්හි නියැලීම මඟින් වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සුරක්ෂිත කිරීමට අදාළ කාර්යයන්හි ලා ස්ත්‍රීන්ට සහය දැක්වීම වැනි කටයුතු පැවරී තිබේ.
      මේ අනුව ගෘහාශ්‍රිත කටයුතු සමාජය විසින් ස්ත්‍රීයට පවරා ඇති අතර ඇය පෞද්ගලික නැතිනම් ගෘහාශ්‍රිත ක්ෂේත්‍රයට අයත් වුවෙකු ලෙස සැලකෙයි. ඵම නිසා පෞද්ගලික ගැහැණිය යන නමින්ද හැඳින්වෙයි. පුරුෂයා ගෘහයෙන් පිටත ආදායම් ඉපයිමේ කාර්යය කරන නිසා ඔහු පොදු ක්ෂේත්‍රයට අයත් වුවෙකු ලෙස සැලකේ. ඵම නිසා ඔහු පොදු පිරිමියා යන නමින් හැඳින්වෙයි. දරුවෙකු කුඩා කළ සිට සමාජානුයෝජනය කිරිම තුළින් දිගු කලක් තිස්සේ මෙම අනන්‍යතාවන් ඇය හෝ ඔහුගේ මනස තුළ ස්ථාපිත කෙරේ. ඕනෑම සමාජයක ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට අසමාන වු තත්වයක් හිමිකර දී ඇති අතර ඵ් මත පදනම් වු විශ්වාස හා අගය කිරීම් ඵම සමාජවල දැඩිව මුල් බැස ගෙන ඇත. බොහෝ රටවල ඇදුම් පැළදුම් ඇඳීමේ හා භාෂා භාවිතා කිරිමේ වෙනස් කම් පවා දක්නට ලැබේ. ඵහි දි ස්ත්‍රි පුරුෂ වශයෙන් බෙදුණු පද ව්‍යාකරණ විධි, ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට විශේෂිත වු යෙදුම් හා ව්‍යවහාර දක්නට ලැබේ. තවද රැකියා ක්ෂේත්‍රයේදී දී හෙදි, ගුරු, ලඝු ලේඛක වැනි වෘත්තීන් ස්ත්‍රීන්ට හිමි ක්ෂේත්‍ර ලෙස ද බර වාහන පැදවිම, ඉංජිනේරු හා ආරක්ෂක අංශ, තාක්ෂණ රැකියා සහ කළමනාකරණය වැනි වෘත්තීන් පුරුෂයින්ට වෙන් වු ක්ෂේත්‍ර ලෙස බොහෝ විට සැලකේ. ගැහැණිය හා පිරිමියා මේ ආකාර විය යුතුය යනුවෙන් සමාජය විසින් වර්ග කිරිමක් කර තිබෙන නිසා ඔවුන්ගේ රැකියා ක්ෂේත්‍ර වල දී පවා බෙදීමක් දක්නට ලැබේ.
      කෙසේ වුවද සමාජයක් ගත් විට ශක්තිමත්, ඵඩිතර හා නිර්හීත ගැහැණු පිරිමි දෙපක්ෂයම සමාජය තුළ ජීවත් වෙති. ළාමක, නම්‍යශීලී, කාරුණික, ඉවසිමෙන් කටයුතු කරන ස්ත්‍රීන් මෙන්ම පුරුෂයින්ද සමාජය තුළ ජීවත් වේ. එහෙත් ස්ත්‍රීය හා පුරුෂයා මේ ආකාර විය යුතු යැයි සමාජය විසින් මිනිස් සිත් තුළට කාවැද්දීමක් කර තිබේ. සමාජය විසින් පෙන්වා දී ඇති ආකාරයට ස්ත්‍රීය හා පුරුෂයා නොහැසිරේ නම් ඵය අසාමාන්‍ය දෙයක් ලෙස සමාජය දකියි. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පවුල තුළ සලකා බැලීමේ දී ස්ත්‍රීයට අප්‍රධාන තත්වයක් හිමි වේ. පුරුෂයාට පවුල තුළ ආධිපත්‍ය බලය හිමි වේ. කවර සමාජයක වුවද කවර ජාතියක්, මානව වර්ගයක්, කුලයක් හෝ පංතියක් ගත්තද ස්ත්‍රීයට මෙම අඩු සමාජ බලය හිමි වේ. පවුලක් ගත් විට අඩු නිදහසක්, අඩු වරප්‍රසාද, අඩු අයිතිවාසිකම්, අඩු දේපළ, අඩු කීර්තිය හෝ අඩු බලය බොහෝ විට හිමිවන්නේ කාන්තාවටයි. වැඩි බලයක් හෝ වැඩි ආධිපත්‍ය හිමි වන්නේ පුරුෂයාටයි. මේ අසමාන වු බල බෙදීම පදනම් වී ඇත්තේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසාය. ඵ් අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු ලිංගිකත්වය පදනම් කරගෙන සමාජය විසින් කාලාන්තරයක් තිස්සේ විධිමත්ව නිර්මාණය කර දෙනු ලැබු සමාජ සබඳතාවයක් ලෙස සරලව හැදින්විය හැකිය. ස්ත්‍රී පුරුෂ ජීව විද්‍යාත්මක වෙනස මත සමාජය මෙම දෙපක්‍ෂය දකින ආකාරය ද වෙනස්ය. ඵ් අනුව සමාජය විසින් මෙම බෙදීම නිර්මාණය කර දී ඇති බව පෙනේ. ඉහත දැක් වු කරුණු අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු කුමක්ද යන්න පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත හැකිය. මේ ස්වභාවය මානව වර්ගයාට මෙන්ම සත්ව ලෝකයෙහි විවිධ සතුව වර්ගවලට ද පොදු ලක්ෂණයකි. ඒ ආකාරයෙන් බොහෝ ක්ෂිරපායීන්ගේ ගැහැණු සතුන් මෙන් ගැහැනියද පිරිමියාට වඩා ඉතා තියුණු සංවේදී හැකියාවෙන් යුක්තය. දරුවන් බිහි කිරීම, පෝෂණය කිරීම හා වාසස්ථාන සුරක්ෂිත කිරීම ස්ත්‍රීන්ට පැවරී තිබේ. අනුන් තුළ පැහැදිලිව නොපෙන ආකාරයෙන් වුවත් සිදුවන ඉරියව් හා ආකල්ප වෙනස්වීම් හඳුනාගැනීමට හැකිවීම ස්ත්‍රීන් තුළ දැක ගත හැකි සුවිශේෂි ලක්ෂණයකි. මෙයට හේතුව එවැනි මනෝ චාලක අවශ්‍යතා ඇගේ කාර්යභාරය හොඳින් ඉටු කිරීමට ඇයට ඉතා අවශ්‍යවීමයි. සාමාන්‍ය ව්‍යවහාරයේ දී ගැහැණු ඉව ලෙස පැවසෙනුයේ ස්ත්‍රීන් සතුට පවතින මේ සුවිශේෂී වූ සංජානන හැකියාවයි. මේ නිසා අන්‍යයන්ගේ යම්කිසි සුළු හෝ බාහිර පෙනුමේ හෝ හැසිරීමේ වෙනසක් ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට ස්ත්‍රීන්ට ජීව විද්‍යාත්මකව තියුණු හැකියාවක් පිහිටා ඇත. පිරිමින් විසින් ප්‍රධානත්වය උසුලනු ලැබුවද ස්ත්‍රීන්හට හිමි වී ඇති මේ සුවිශේෂී වූ සංජානන හැකියාව නිසා පිරිමින්හට ස්ත්‍රීය සම්පූර්ණයෙන්ම අභිබවා යාමට නොහැකි වී තිබේ. ස්ත්‍රිකගේ හැසිරීම් රටාව හා සිතිවිලි පිරිමින්ට පහසුවෙන් වටහා ගත නොහැකිවීමට හේතුවක් වී ඇත්තේද ස්ත්‍රීන්ගේ මනෝ කායික ස්වභාවය තුළ විද්‍යමාන මෙබඳු වෙනස්කම්ය. එය සංජානන පැතිකඩයහි ලා සුවිශේෂී අනන්‍යතා ලක්ෂණ ස්ත්‍රීන්ට හිමි කර ගැනීමට ප්‍රබල උපස්භම්නයක් වී තිබේ.
      ස්ත්‍රියකගේ ජීව විද්‍යාත්මක මනෝ කායික අනන්‍යතාව පවා පුරුෂයෙකුගේ එබඳු මනෝ කායික ස්වභාවයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වන ස්ථාන නිරීක්ෂණය කළ හැකිය. නූතන වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ තුළින් ද මේ නිරීක්ෂණ සනාථ වී තිබේ. යම් යම් සුවිශේෂී අවස්ථා වලදී ස්ත්‍රීන්ගේ දෙනෙතෙහි ස්වරූපය පුරුෂ දෙනෙතට වඩා වෙනස් විය හැකි අවස්ථා එළඹිය හැකිය. නිදසුනක් වශයෙන් පුරුෂයාට ස්ත්‍රියකගෙන් යමක් සැඟවීමට අවශ්‍ය අවස්ථාවල දී එය ස්ත්‍රියකට වෙනත් ක්‍රමයකින් සංජානනය වන බව දැක්විය හැකිය. මෙය සමීපව වාසයක කරන ස්ත්‍රියක හා පුරුෂයෙකු අතර දැක ගත හැකිය. විවාහ ජීවිතයක් ගත කරන ස්ත්‍රියක හා පුරුෂයෙකු අතර මෙබඳු මනෝකායික සබඳතාවයක් පැවතිය හැකිය. එවිට එබඳු ස්ත්‍රියකට ස්වකීය ස්වාමි පුරුෂයාගේ විවිධ මනෝ භාවයන් පිළිබඳව සංජානනය කරගත හැකි ස්වභාවයක් ඇති බව දක්වා ඇත. තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ට සඟවන ඕනෑම දෙයක් ස්වකීය දෙනෙතෙහි උපකාරයෙන් එක් නිරීක්ෂණයකින්ම වටහා ගැනීමට තරම් ස්ත්‍රියකට හැකියාවක් ඇත. තමන්ට සමීපව සිටින යම් පුරුෂයෙකු තමාගෙන් සඟවන යම්කිසි දෙයක් ඔහුගේ දෙනෙත දෙස බලා එක එල්ලේම සෘජු නිගමනයන්ට පැමිණීමට කාන්තාවකට ඇති දක්ෂතාව පිළිබඳව සැලකීමේදී ස්ත්‍රින්ගේ සංජානන හැකියාවල ප්‍රබල බව තක්සේරු කළ හැකිය. එබඳ අවස්ථාවලදී පිරිමියෙකුගේ දෙනෙත දෙස බලන ස්ත්‍රියකගේ දෙනෙත්වල ස්වභාවය විශ්වාස කළ නොහැකි තරම් විස්මයානුකූල විලාශයක් ගන්නා බව පෙනී යයි. කිසියම් නොපැහැදිලි බවකින් පුරුෂ දෙනෙත නිරීක්ෂණය කළද ඒ ක්‍රියාව අඛණ්ඩව පවත්වා ගැනීමට ස්ත්‍රික සමත් වේ. මුලදී මෙබඳු සංජානනයකදී ස්ත්‍රියක එක්වරටම මං මුළා වූ තත්වයකට පත්විය හැකිය. නමුදු එබඳු දෙයක් මත ඇගේ සෘජු නිරීක්ෂණ කාර්යය හෝ ඒ පිළිබඳ දක්වන උනන්දුව අවසන් නොවේ. තමන්ට නොවැටහුණු එහෙත් කිසියම් සැක මුසු දෙයක් පිළිබඳව උනන්දුවකට පත්වූ ස්ත්‍රියකගේ ඒ උනන්දුව සියල්ල පැහැදිලව වටහා ගන්වා තෙක් පහසුවෙන් අවසන් නොවේ. මින් අදහස්වනුයේ පහසුවෙන් ස්ත්‍රියක තොරතුරු සන්නිවේදන කාර්යයකදී දුර්මුඛ නොවන බවයි. තමාට උනන්දුවක් ඇති වූ අරමුණ ඉතා තදින් ග්‍රහණය කර ගන්නා ස්ත්‍රීන් ඒ පිළිබඳ අඛණ්ඩව සිතීමෙන් දැඩිව වෙහෙසට පත් වෙති. ස්ත්‍රිකගේ මනෝකායික සංජානන පැතිකඩ තුළ දැකගත හැකි මේ සුවිශේෂී ස්වභාවය නිසා ඕනෑම සිදුවීමක් හෝ කරුණක් පිළිබඳව ඇති කරගත් දීර්ඝ කාලීන සිතිවිලිවලින් පිරුණු අවිනිශ්චිත හිස් බවකින් ස්ත්‍රීහු පෙළෙති. එපමණක්ද නොව ඇතැම් අවස්ථාවලදී මේ අවිනිශ්චිත හැඟීම නිසාම එබඳු අරමුණ පසුපස විස්මයානූකූල ලෙස ලුහුබැඳ යන්නීය. එබඳු චර්යා ස්ත්‍රීන්ගේ සංජානන පැතිකඩ තුළ දැක ගත හැකි සුවිශේෂතායි. ස්ත්‍රියකගේ සංජානන හැකියාව වඩා ප්‍රබල ඇගේ දෙපසය. ඉදිරිපස හා පසුපස ඇගේ සංජානන හැකියාව දුබලය. ස්ත්‍රිකගේ දෙපස පිළිබඳ සංජානන හැකියාව චාපාකාරව අංශක 180 ක් වන පරිදි සකස් වී ඇත. මෝටර් රථයක් ධාවනය කරද්දී අතර රථයේ මඩ්ගාඩ් එකත් ගරාජයේ බිත්තියත් අතර දුර තීරණය කිරීම ඉදිරිපස හා පිටුපස සංජානන හැකියාව මත රැඳී පවතියි. ඉදිරිපස අවකාශය හා දුර තීරණය කිරීමේ දී පුරුෂයින්ගේ සංජානන හැකියාව වඩාත්ම වැදගත් වේ. මන්ද පිරිමින්ගේ සංජානන හැකියාව වඩාත් අධික ඉදිරිපස හා පිටුපස කොටස කෙරෙහි වන බැවිනි. නමුදු පිරිමින්ගේ දෙපස චාපාකාර අංශක 180 කෝණයකින් සංජානනය කිරීමේ හැකියාව කාන්තාවන්ගේ මෙන් ප්‍රබල නැත. පිරිමි වඩාත් දක්ෂ ඉදිරිපස හා පිටුපස පැති සංජානන කිරීමටය. එය පිරිමින්ගේ මොළයේ දකුණු අර්ථයේ පිහිටි දක්ෂතාවයක් වන අතර එය බොහෝවිට ගැහැණුන්ගේ පිරිමින්ගේ තරම් ශක්තිමත් නොවේ. ස්ත්‍රියකට පිරිමියෙකුගේ ඇඳුම මත ඇති ස්ත්‍රියකගේ හිස කෙසක් අඩි 20 ක දුරදී ද පෙනෙයි. නමුත් මෝටර් රිය නැවැත්වීමට එන විට බොහෝ

  5. කොකාගෙ සුද පෙනෙන්න්නේ ඉගිලෙන විටලු …අනේ බුවෝ …. හිකිස්

  6. බූගෑවුනහම, හැඳිගෑවුනහම ආරුඪ වන එක අපි දැක්කෙමු.

  7. //දෙවැනි කරුණ නම් ඔහු විසින් බොහෝ අමාරුවෙන් අපේ බ්ලොග් අඩවිය තුල ස්ථාපනය කරන්නට ගිය ඔහුගේ අදහස් සියල්ල මෙම ප්‍රතිචාර ලිපිය තුලින් සේදීමකට ලක්වී මුස්ලිම් ප්‍රතිචාර කරුවන්ගේ මතය සවිබල වීමයි//

    ප්‍රමාණයෙන් වැඩිවුනාය කියල මතවාදය ජයගත්තා වෙන්නේ නෑ , ඒක තීරණය වෙන්නේ භාහිර පාඨකයන් මත . මගේ මතවාදය ඉදිරිපත් කරන්න මගේ බ්ලොග් අඩවිය හොඳටම ප්‍රමාණවත් . මේ දක්වා ඔබේ බ්ලොග් අඩවියේ එකම මතයක ඉඳන් තනියම ගත්ත ආතල් එකට බාධාවක් කලා විතරයි . රියල් ටයිම් කමෙන්ට් පලවෙනවා නම් , කෙමෙන්ට් වාරණය කරන්නේ නැත්නම් පිරිස වැඩි වුනත් වචන වලින් ගහගන්න මාත් කැමතියි . මේකේ මට උත්තර දීපු කට්ටිය හොයා ගන්නෙත් හරිම ආමාරුවෙන් . ඉස්ලාමීය මතය ප්‍රචාරය කරන්න දාපු ලිපියක ඊට විරුද්ධ මතවාදයක් පල කරල තියන්න ලැබීම සතුටක් . විශේෂයක් කරල හරි අවස්ථාවක් දීපු එක ගැන සතුටුයි

    මීට පස්සේ සිංහල බෞද්ධ වියතෙකු හොයා ගන්න කොට මානසික රෝගයක් නැති , තරුණ නිලියන් ගැන අමුතු ආශාවකින් පෙලෙන ගමන් අනිකුත් ගැනුන්ට උපදෙස් දෙන නට් කේස් හොයා ගන්නවා නම් ප්‍රශ්නයක් නැතිවෙයි

    උත්සාහය අසාර්ථක නැද්ද කියල කියවන අයට තේරෙනවා . සාධක සහිතව මිසක් බොරු චෝදනා කිසිවක් නැහැ , කොහොම වුනත් අන්වර්ගේ සිංහල බෞද්ධ විද්වතාගේ හෙලුව බ්ලොග් සමාජයට එලි කරන්න හැකිවීම ගැන සතුටුයි

    1. ඇත්තටම ඔබගේ මෙම ප්‍රතිචාරය යමක් කෙරුවා කියලා හිත සනසගන්න කරපු මෝඩ චූන් එකක් විතරයි. ඔබ අන්තර්ජාලය තුල සැරිසරන අන්වර්ථ නාමයක් දරන ප්‍රොෆයිලයකි. මෙහිදී ඔබ කවුද? ඔබගේ බුද්ධි මට්ටම කෙසේද? යන මෙකී නොකී සියළුම කරුණු සැගවී ඇත. නමුත් ඉහත ලිපියට ප්‍රස්තූත වු තැනැත්තා සමාජය තුල දැනුමැත්තෙකු ලෙස පිළිගත් කෙනෙකි. ඔබ ඔහුට පහර ගැසීමට ඉදිරියට පැමිනීමට දෙවැනි හේතුව නම් එසේ කළවිට බෞද්ධ අන්තවාදීන් ඉදිරියේද ඔබ පොරක් වන බව නිසා බවද මා දනිමි.

      1. //නමුත් ඉහත ලිපියට ප්‍රස්තූත වු තැනැත්තා සමාජය තුල දැනුමැත්තෙකු ලෙස පිළිගත් කෙනෙකි.//

        ඒයාගේ හැටි තමයි මම සාක්ෂිත් එක්ක ඉදිරිපත් කරල තියෙන්නේ , ඒවගේ පුද්ගලයෙකුව විද්වතෙකු විදිහට පිලිගන්න අය ගැනත් හිතාගන්න පුලුවන් . මම කරලාය කිව්ව දේ ඔබේ ලිපි බැලුවාම පෙන්න තියනවා . ඔබ මකල දැම්මේ නැත්නම් , ඔබේ ලිපි වලට විරුද්ධ මතවාද කමෙන්ට් ඒ එ ලිපිවල පහලින් තියන එක ඕනි කෙනෙකුට පෙන්න තියන දෙයක් . විද්වතෙකු කියල පිස්සෙක්ව ප්‍රමෝට් කරන්න ගිහින් තමන්ට වරදක් වුනාය කියල තේරුම් යන්නෙත් නැත්නම් සොරිම තමා

        1. බුවා! මෙම පුද්ගලයා සමාජය විසින් පිළිගත් පිළිගත් ආකාරයේ දැනුමක් ලබා ඇති කෙනෙකි. ඔබ අන්තර්ජාලය තුල නමද සගවා ගෙන සිටින කෙනෙකි. ඔබ විසින් මෙසේ සැගවී ගසන මඩ පිළිගෙන පිළිගත් අධ්‍යාපනයක් සහිත කෙනෙකු පිස්සෙක් ලෙස සිතා ගැනීමට බහුතර සමාජයට පිස්සු නැත. ඔබට මෙවැනි දෙයක් කිරීමට අවැසි නම් පලමුව තමන් කවුද? තමන්ගේ සුදුසුකම් කවරේද යන්න සමාජයට දක්වා ඉන්පසුව ජනතාවට ඔහු ගැන ප්‍රකාශ කරන්න. එවිට ජනතාව ඔබ පිළිගනු ඇත.

          1. ඔබ පිලිනොගන්න එක ඔබේ ප්‍රශ්නයක් . අවශ්‍ය කෙනෙකුට ඕනි කරන සාධක අඩුවක් නැතුව අදාල පුද්ගයම සපයලා තියනවා . අදාල පුද්ගලයගේ උපාධි කොලෙන් මට ඇති වැඩක නෑ . මෙතනට ඒක අදාලත් නෑ . සමාජයට උපදෙස් දෙන්න එන පුද්ගලයෙක්ගේ සමාජ ජිවිතය කොයි වගේද කියන එකයි මම එලි පෙන්නලා දුන්නේ . ඒ සමාජ ජිවිතය ශෝක් කියල අන්වර්ට හිතෙනවා නම් ඉතින් සොරි කියල තමයි ආයේමත් කියන්න වෙන්නේ

          2. ඔබ මේ තර්ක කරන්නේ බොරුවට බව වටහා ගන්න. පුද්ගලයාගේ අදහස මිස අපට ඔහුගේ පුද්ගලික ජීවිතයෙන් පලක් නැත. අප ඔබ ගැනද නොදන්නෙමු. ඔබ අන්වර්ථ නමකින් සිටිනා දරුණු අපරාධ කරුවෙකුද? අසහන කාරයෙක්ද? නැතිනම් තාපසයෙක්ද? යන්න අප නොදනිමු. බොරු තර්ක ඉදිරිපත් නොකර වෙලාව යහපත් දෙයකට යොදවන ලෙස මම නැවත ඉල්ලා සිටිමි.

          3. පෞද්ගලිකත්වයෙන් වැඩක් නැති නිසාද “සිංහල බෞද්ධ විද්වතෙක්ය කියල මතුකලේ , එයාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන පම්පෝරියකින් එයා වැඩේ පටන් ගන්නේ . මම පෞද්ගලිකත්වය හංග ගන්න එක මගේ කැමැත්ත ඔයාට පුලුවන් මාත් එක්ක තරහට ඕනි උපකල්පනයක් කරන්න එපමණයි . අන්තර්ජාලය පුරා තමන්ගේ නම කැත කර ගත්ත එකේ සුජිව ගෙ වැඩක් , මම කරේ එක පෙන්නලා දීපු එක . පෞද්ගලිකත්වයන් එපා නම් සිංහල බෞද්ධ විද්වත් කමුයි “එය අන්තර්ජාලයේ දාන කමෙන්ට් වල බුද්ධිමත්කමයි ” ගාව ගන්නේ නැතුව ඉන්න තිබ්බා . එයා දාපු බුද්ධිමත් කමෙන්ට් වල තරම පෙන්වලා දෙනකොට ඔයාට තදවෙන එක ගැන මට පුදුමයක් නෑ . ඔයලත් එක්ක කරන තර්ක කොහොමත් පලක් ඇති දෙයක් නෙවෙයි නේ මහත්තයො කවදාවත් , වෙනත් කිසිම කෙනෙක් කියන දෙයක් පිලිගන්නේ නම්‍යශිලි බවක් දක්වන්නේ නැනේ . ටික වෙලාවක් වාද කරල “මම දිනුම් , ඔයා පරාදයි” කියල ඒක පාර්ශවීයව ජයග්‍රහණයත් ප්‍රකාශයට පත්කරන එකෙන කරන්නේ , මතකනේ අර සෞදි වාදේ

          4. බුවා! මම ඉතාමත් ඉවසීමෙන් ඔබට කරුණු පහදන්න උත්සාහ කළා. නමුත් නැවත නැවතත් මතු කරන්නේ එකම ගොං තර්කයකි. එනම් මෙම පුද්ගලයාගේ පුද්ගලික ජීවිතය ඇද ගැනීමයි. ඒවගේම පැමිණෙන හැම ප්‍රතිචාරයකටම කෙසේ හෝ වචන ටිකක් ලියා එවීමෙන් ඔබ මා තර්ක කාරයෙක් යැයි සිතනු බැව් පෙනේ. ඔබ හා මා අතර ඇතිවු මේ සංවාදය තුල කවුරුන් හරිද? යන්න මේ සංවාදය කියවන පාඨකයන් තේරුම් ගනු ඇත. දැන්වත් මේ සංවාදය නවතා වෙනත් වැදගත් වැඩක් කරන්න.

            ඔබ විසින් කිසිවෙකුගේ පුද්ගලික ජීවිතය ඇදගෙන පහර ගැසු පමණින් ජනතාව ඔබවැනි සැගවුණු චරිතයක් විශ්වාස කරනු ඇතැයි සිතනවා නම් එය මහාම මෝඩ කමකි.

  8. මම ඔබතුමාගේ බ්ලොග් අඩවියේ වගේම සිංහල බ්ලොග් අවකාශයේ බොහෝ බ්ලොග් අඩවි වල නිහඬ පාඨකයෙක් . බ්ලොග් වල සංවාද වලට එකතුනොවුනාට ඒ සංවාද බොහොම ආසාවෙන් රසවිඳින කෙනෙක් . බුවාගේ සිතුවිලි මහත්මයා කියන ඇතැම් දේවල් පිලිබඳ මම පෞද්ගලික අකමැති වුනත් ඔබගේ බ්ලොග් අඩවියට ඔහුගේ අදහස් වලින් යමක් එකතු වුනා කියල හිතනවා . ඔබත් අනෙකුත් පාඨකයිනුත් සක්‍රියව ඔහු සමග වාදයට එලඹීම මම දකින්නේ හොඳ දෙයක් විදිහට . කලින් ලිපියට බුවාගේ සිතුවිලි මහත්මයා දක්වපු ආවේග ශිලි අදහස් මම කිසි සේත්ම අනුමත කරන්නේ නෑ . ඒ වුනත් ඔහුගේ බ්ලොග් අඩවියේ තියන ලිපියෙන් මතුකරල තියන තර්කයන් සාධාරණයි කියල මට හිතෙනවා . මොකද අපි දෙයක් තහවුරු කරන්න කෙනෙක්ගේ මතයක් යොදාගන්න කොට අදාල කෙනා මානසික අවුලක් තියන පුද්ගලයෙක් වුනොත් අදාල තහවුරු කිරීමේ පලක් නැතිවෙලා යනවා . මේ සුජිව කියන මහත්මයා අන්තර්ජාලයේ දක්වලා තියන හැසිරීම් අනුව ඔහුගේ අදහසක් ඔබේ බ්ලොග් අඩවියට අමුතුවෙන් යමක් එකතුකරනවද නැද්ද කියන එක දෙවරක් සිතා බැලුවා නම් හොඳයි . මොකද ඔබේ මතය ඉතා සාර්ථකව ඉදීරිපත් කරන්න තරම් හොඳ භාෂාවිලාශයක් ඔබතුමා සතුව තියනවා , ඔබට ඒ සඳහා උදව් කරන ලේඛක ලේඛිකාවන් පිරිසකුත් ඉන්නවා . ඒ අදහස් සහ බුවාගේ සිතුවිලි මහත්මයා අතර ඇතිවුනු සංවාද බොහොම ප්‍රිය ජනකයි . බුවාගේ සිතුවිලි මහත්මයාගේ ලිපියේ භාෂා විලාශය ඉස්ලාමිකයෙකු වශයෙන් ඔබතුමාට අපහාසාත්මක වශයෙන් දැනෙන්න පුලුවන් , නමුත් ඔහු මතුකරලා තියන පහත උපුටලා තියන වැකි දෙක අන්වර් මහත්මයාගේ අවධානයට ලක්වුනා නම් හොඳයි කියල මට හිතෙනවා

    “තමන්ගේ ආගමික ඉගැන්වීම් ගැන අදහස් පලකරන්න අන්වර් මනතුංග මහත්තයට වගේම ඔහුගේ අඩවියේ ලිපි පලකරන මුස්ලිම් ජාතික සහෝදර සහෝදරියන්ට තියන අයිතියට ගරු කරන්නත් , ඒවාට එකඟ නොවන වෙලාවලදි සංවාදයකට එකතු වෙන්නත් බුවා සුදානම් . නමුත් සිංහල බෞද්ධ විද්වතෙක්ය කියල “නට් කේස්” එකක් උලුප්පලා අරන් තමන්ගේ මතය තහවුරු කරන්න වෙනත් ආගමක් සහ ජාතියක මතවාදයක් විදිහට භාවිතා කිරීම නම් තරයේ හෙලාදකිනවා . ”

    වසර ගණනක් තිස්සේ යුරෝපාකරයේ ජීවත් වුනු කෙනෙක් විදිහට කාන්තාවන්ගේ ඇඳුම් ගැන මගේ අදහස ඔබ දෙපලටම වඩා වෙනස් . නමුත් ඔබතුමල් වැනි වාදයේ දක්ෂ පුද්ගලයින් එක්ක හැප්පෙන්න හැකියාවක් නොමැති නිසා මා එය ඉදිරිපත් කරන්නේ නෑ . අවසාන වශයෙන් භාහිර ලියුම් කරුවන් තෝරගනිත්දි ඔවුන් මොනවගේ පසුබිමක් තියන අයද කියන එක ගැන සැලකිලිමත් වෙන ලෙස අන්වර් මහතාටත් , සංවාදයකදී හෝ ලිපියකදී අනෙක් පාර්ශ්වයන්ට අපහාස වන අයුරින් ක්‍රියා නොකර යම් සංයමයක් සහිතව ක්‍රියා කරන ලෙස බුවාගේ සිතුවිලි මහතාටත් ගෞරවයෙන් මතක් කර සිටිනවා . ජය වේවා !

    1. Kasun

      “අවසාන වශයෙන් භාහිර ලියුම් කරුවන් තෝරගනිත්දි ඔවුන් මොනවගේ පසුබිමක් තියන අයද කියන එක ගැන සැලකිලිමත් වෙන ලෙස අන්වර් මහතාටත් “,

      කෙනෙක් ගේ පවුබිම ඔහු නගන තර්කය වැරදිද නැද්ද යන්න තීරණය වන්නේ නැහැ. පසුබිම වැදගත් නම් ඔබ බුවාගේ සිතිවුලි ලියන කෙනා ගේ පසුබිම නොදන්නා නිසා එයාගේ තර්ක කිසිවක් පිලි ගන්නත් බැහැ .

  9. Irsiyawa,krodhaya,wayraya me thuna bo unoth iwarai eta passe hadenne manasika lede.hontha de balannabe appiriyay,hithay kanay agulu watei

  10. මමත් පසුගිය දවස්වල සිංහල බුවාගේ අඩවිය ඇතුළු සිංහල බ්ලොග් බොහොමයක් බැලුවා .එහි ප්‍රධානම මාතෘකා ඊර්ෂ්‍යාව ,ක්‍රෝධය ,වෛරය සහ මානසික අසහනයෙන් පෙලෙන මන්දබුධ්දිකයින් පිරිසක් මුල්වී කෙසේ හෝ ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට එරෙහිව කිසිම සත්‍යයකින් තොරවූ මඩ ව්‍යාපාරයක් දියත් කිරීමයි .මෙයට මා දකින ප්‍රධානම හේතුව යුද්දයෙන් ගත් ජය නිසා ඇතිවීතිබෙන මමත්වය හා තණ්හාවයි .මෙයින් ඔවුන් මිදිය යුතුයි .නැතිනම් විනාශය අති මහත් .මුස්ලිම්වරු මෙවැනි දේවල්වලින් පසුබටවන්නේ නැහෙ . මම නැවතත් නිශාන්ත හේවගේ මැතිදුන්ට මගේ අවංක ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා .

  11. අදහස් වලට එකග නැතිනම් කල යුත්තේ අදහසට පහර දීමයි. අදහස ඉදිරිපත් කල කෙනාට පහර දීමෙන් පෙනී යන්නේ අදහස පිළිබඳව කියන්නට ප්‍රතිචාරයක් නැති බවයි.

    1. Mr.WHO- 2 ඔබ හරි තැනට අනෙය් ගෙව්වේ. කෙනෙක් බුද්ධියම බංකලොත් බාවයෙන් පෙලෙන කොට එයට ඉතුරු වෙලා තියෙන්නේ බොරු තර්ක වල යෙදෙන්න්ය් . මේ අවස්ථාවේදී තර්කය ප්‍රති විරුද්ද තර්කයක් ඉදිරි පත් නොකර ඒ පුද්ගලයාට මධ ගැසී . (Ad Hominem argument) බුවා වෙනත් බ්ලොග් වල වැඩ පෙන්නුවට වැඩේ හරි ගියේ නැහැ මේ බ්ලොග් එකේ. බුවා ඔය වෙනත් බ්ලොග් වල චන්ඩි කම් පෙන්නන්න. ඔය දන්නවා ඇතිනේ නේ චන්දියෝ නැති හන්දියේ නොන්ධියා චන්ධියාය කියා .

      1. අදහස් වලට ඕනි තරම් උත්තර මේ බ්ලොග් එකේ දීලා තියනව මම . මගේ බ්ලොග් එකේ ඒ දේවල් රිපිට් කරන්න ඕනි කමක් නෑ , මොකද අන්වර්ගේ මතයට එකඟ ඔබලා මේක කියවනවා වගේම මගේ බ්ලොග් එකට එන මුස්ලිම් නොවන බහුතරයකට වස්ත්‍රය කාන්තාවන්ගේ අයිතිවාසිකමක් කියන එක අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ . ඒ නිසා අවශ්‍ය දේ විතරයි සටහන් කරල තියෙන්නේ

        අදහස් වලට ඕනි තරම් උත්තර මේ බ්ලොග් එකේ දීලා තියනව මම . මගේ බ්ලොග් එකේ ඒ දේවල් රිපිට් කරන්න ඕනි කමක් නෑ , මොකද අන්වර්ගේ මතයට එකඟ ඔබලා මේක කියවනවා වගේම මගේ බ්ලොග් එකට එන මුස්ලිම් නොවන බහුතරයකට වස්ත්‍රය කාන්තාවන්ගේ අයිතිවාසිකමක් කියන එක අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ . ඒ නිසා අවශ්‍ය දේ විතරයි සටහන් කරල තියෙන්නේ

        මලික් – මේ බ්ලොග් එකේ ඔය කාන්තා ඇඳුම ගැන ඕනි තරම් ප්‍රතිතර්ක දාල තියනවා , ඔය ලිපියටත් උත්ත්‍ර දීලා තියනවා ,ඒවා මේක කියවන මුස්ලිමුන් පිලිගන්නේ නැතිබවත් දැනගෙනම තමයි දාල තියෙන්නේ .

        1. @බුවා යම් දෙයක් දොඩෝ වනවා කියන්නේ පිළිගත හැකි වලංගු තර්කයක් ඉදිරිපත් කළා කියන එක නෙමෙඉ.

          1. ඇඳුම ගැන ඕගොල්ලන්ගේ තර්කය පිලිගන්නේ මුස්ලිම් වරුන් පමණයි , ඔය කියන විදිහට ඇඳුම් නාදින බහුතරයක් තමයි ලෝකයේ ඉන්නේ . අනික් මිනිස්සු ඇඳුම කාන්තාවන්ගේ අයිතිය කියල පිලිගනිත්දි ඕගොල්ල එහෙම නැය කියනවා . ඔගොල්ලන්ගේ මතවාදයට විරෝධය පලකරන තර්ක මිසක් වලංගු අවලංගු කථාවක් මෙතන නෑ . කුරානය පැත්තක තියන මිනිස් අයිතිවාසිකම් ගැන ජාත්‍යන්තර නිර්නායක එක්ක ඔය ගැන කථා කරනවා නම් වලංගු අවලංගු කම් ගැන කථා කල හැකි

          2. ඇදුම් ගැන අපගේ තර්කය පිළිගන්නේ මුස්ලිම් වරුන් පමණක් නොවෙයි. මම ආගමික දේශකයෙක් ලෙස ලංකාවේ සහ බොහෝ රටවල දේශනා කර තිබෙනවා. බොහෝ දෙනෙකු ඉස්ලාමයේ සංකල්පය පිළිගන්නවා. බොහෝ දෙනෙකු තුල ඉස්ලාමීය වස්ත්‍ර ගැන ගරුත්වයක් තිබෙනවා. සාමාන්‍යෙයන් පුරුෂයෙක් තමන්ගේ විලිය වසාගන්නේ කලිසමකින් සම කමිසයකින්. නමුත් ඒ පිරිමියාගේම බිරිය විලිවසා ගන්නේ කමිසයකින් සහ කෙටි සායකින් වෙන්නට පුළුවන්. තමන්ගේ බිරිය අදින ඇදුම් නිසා අපහසුතාවයට පත් පිරිමි ඕන තරම් මට හමුවී තිබෙනවා.

            වස්ත්‍ර පිළිබද ඉස්ලාමීය සංකල්පය බලෙන් පැටවුවක් නොවේ. මුස්ලිම් සමාජයේම විවිධාකාරයේ හිජාබ් වර්ග තිබෙනවා. කිසියම් කෙනෙකු හිජාබ් වලට අකමැති නම් ඉස්ලාමය අතහැර යන්න පුළුවන්. නමුත් කවුරුත් එසේ යන්නේ නැහැ. සිදුවන්නේ බොහෝ දෙනෙකු ඉස්ලාමය වෙත ඒමයි.

          3. අන්වර් මහත්මයාගේ පුද්ගලික අත්දැකීම් කොහොම වුනත් , මුස්ලිම් වත්‍රය ලෝකයේ දියුණු රටවල තහනමට ලක්වෙනා මිසක් අනුමත වෙනවා අපි දැකලා නෑ . දකුණු ආසියානු රටවල නාගරික කාන්තාවන් , ඉන්දුනිස්යාව සහ මැලේසියාවේ කාන්තාවන් (මුස්ලිම් ) ඒ ඇඳුමෙන් ඉවත් වෙන බවයි දකින්න තියෙන්නේ ,

          4. මට පෙනෙන විදිහට ඔබට මා තරම් ලොව ගැන අත්දැකීම් නැහැ වගේ. ටිකක් ලෝකෙ වටේ ඇවිදලා බලන්න. ලෝක මුස්ලිම් සමාජය අතීතයට වඩා අද බොහෝ සෙයින් ඉදිරියට පැමිණ ඇත. සරල නිදසුනක් දෙන්නම්. ඔබ ඔබගේ වැඩිහිටියෙක්ගෙන් අහන්න. අතීතයේ ලංකාවේ මුස්ලිම් කාන්තාවට වඩා වත්මන් මුස්ලිම් කාන්තාව ඉස්ලාමීය වස්ත්‍ර වලට නැඹුරුව කෙසේදැයි ඔබට අසාගන්න පුළුවන්. ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම තත්වය එසේමයි.

  12. @Kasun Rasanga
    //මොකද අපි දෙයක් තහවුරු කරන්න කෙනෙක්ගේ මතයක් යොදාගන්න කොට අදාල කෙනා මානසික අවුලක් තියන පුද්ගලයෙක් වුනොත් අදාල තහවුරු කිරීමේ පලක් නැතිවෙලා යනවා //

    බුවා විසින් කර ඇත්තේ අදාළ ආචාර්ය වරයා සම්බන්ධයෙන් තොරතුරු තෝරා බේරා ඉදිරිපත් කිරීමයි. ඔබේද මුහුණු පොත් ගිණුමක් ඇත්නම් එහි අඩංගු තොරතුරු තොර බේරා ගෙන ඔබ පිලිබඳ වැරදි චිත්‍රයක් මවා පෑමට හැකි වනු ඇත. කෙනෙකුගේ මානසික තත්වය නිර්ණය කිරීමට බ්ලොග් පොස්ට් එකෙකින් කල නොහැක. තවද මානසික අවුලක් තියෙන අයට වුව වටිනා අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ. විශ්ව විද්‍යාල වල ආචාර්ය /මහාචාර්යවරුන්ගෙ අභ්‍යන්තර ජීවිතවල යම් යම් අවුල් තිබීම දුලබ නොවේ.

    ඒ කෙසේ වෙතත් විවිධාකාර අදහස් මතුවීම ගැන මමද සතුටු වෙමි. ඔබේ අදහස්ද ඉදිරියේදී දකින්නට කැමතියි.

  13. කසුන් ඔබ කියන්නාසේ කෙනෙකුනගේ අදහස් ප්රගකාශ කිරිම පළකල යුත්තේ ඔහුගේ පුද්ගලික පසුබිම බලානමි.(බුවාගැනද කියන්නට තිබෙන්නේ එයමයි. බුවා පෙනි සිටින්නේ තමා කවුදැයි සමාඡයට සගවමින් .මෙයින් පෙනියන්නේ තමා කවුදැයි ප්රිසිද්ධියේ කියන්නට නොහැකි තරමි .ඔහුගේ ඡරිතය දූෂිතබව ඔහුම දන්නා බැවිනි.කෙසේ වෙතත් බුවාගේ අදහස් ප්රිකාශනවලින් පෙනියන කරැණක්නමි. ස්ත්රිවයක් අඩ නිරුවතින් සැරිසැරිම ඇයගේ අයිතිවාසිකමක් බවයි. තමාගේ මව. සහෝදරිය. බිරිද.උනත් එසේ (අඩ නිරුවතින්) සැරිසැරිම ඔවුන්ගේ අයිතිවාසිකමි කියලා පවසන මොහු අඩ නිරුවත් රසිකයෙකි.
    අන් ස්ත්රි යක් නොව තමන්ගේ මව. සහෝදරියගේ අඩ නිරුවත් බැලිමට තරමි කාමාෂාවෙන්
    පිරි සල්ලාලයෙකු බව පෙනේ. මෙවෙනි පුද්ගලයෙකුගේ පෞද්ගලික ඡිවිතයගැන කුමන කථාද.

    1. ඕකට තමයි කියන්නේ තම තම නැන පමණින් දැන ගත යුතුයි කියල . ඔයාට කැමති දෙයක් හිතාගන්න , ඔයා මොනව හිතුවක් කෙරුවත් මට දශමයක හෝ පාඩුවක් නෑ . බ්ලොග් කරණයට අනෙන්‍යතාවක් වෙනම හදාගත්තේ දේශපාලනය ලියන නිසාත් කියන්නේ ඕනි දේ බය නැතුව කියන්න පුලුවන් නිසාත් . කෙනෙක්ගේ අදහස් අනුව පුද්ගල විවරණ දෙන්න යන ඔබතුමිව දැක්කාම ගත්ත තීරණය ගැන බොහොම සතුටියි !

  14. ‘බුවා’ගේ මතවාදය විෂයෙන් පරිබාහිර වූවක්. එය ‘මානව අයිතිය’ හා සම්බන්ධ දෙයක්. නමුත් විෂයට අදාල වූයේ වස්ත්‍රය හරිද වැරදිද හැලපේද නොගැලපේද යන්න පමනයි. ‘බුවා’ නියෝජනය කරන්නේ ලේඛකයාගේ සමාජය නිසා ඔහුට තරහ ගොස් ඇති. කෙසේ නමුත් මාතෘකාවට අදාලව සංවාදයට එක්නොවීමත්, පැහැදිලි සංවාදයකින් තොරවම මුස්ලිම්වරුන්ට හා ඔවුන්ගේ දහමට නින්දාපහාස කිරීමත් ‘බුවා’ විසින් කර ඇති වරදක්.

    නමුත්,

    ඔහු ලේඛකයා සම්බන්ධව කියන දේ සත්‍යයක් නම් මෙවැනි චරිතයක කුහකත්වය හෙලිදරව් කිරීම ගැන ‘බුවා’ අගේ කල යුතුයි. නැත්නම් මුස්ලිම්වරුන්ගේ සිත් තුල උවමනාවටත් වඩා වැඩියෙන් ඔහු ගැන ප්‍රතිරූපයක් ගොඩනැගෙන්න තිබුනා.

    අන්තිමට අන්වර්වයි. බුවාවයි කොටවලා ‘ඩොකා’ පැත්තකට වුනා. ඇයි ඔහු අදහස් ප්‍රකාශ කරන්නට එන්නැත්තේ?

    අන්වර්, මගේ පුද්ගලික අදහස ‘බුවා’ සමග කිසිම මුස්ලිම් පාඨකයෙක් ඔබද ඇතුලුව සංවාදයට පැටලි සිටින්න නොතිබුනා යන්නයි.

    1. ඔබට පුද්ගලික මතයක් දරන්නට අයිතියක් ඇත. මෙහි කිසියම් පුද්ගලයෙක්ට අසාධාරණ ලෙස පහර වදිනවා නම් ඔහුව රැක ගැනීමද මගේ වගකීමකි. මන්ද ඔහුට පහර වදින්නේ මා විසින් ඔහුගේ අදහස පලකළ නිසාවෙනි. බුවාට කේන්ති ගොස් තිබෙන්නේ කුමක් නිසාද? යන්න ගැන දැන් මේ ලිපිය සහ ප්‍රතිචාර කියවන සැමට නොරහසකි.

      ප්‍රශ්නය තිබෙන්නේ බුවා කිච වී ඇති බව සැමට නොරහසකි! නමුත් පුදුමය නම් එය තවම බුවාට රහසක් වීමයි!

      1. කිච වෙන්නේ කිවූ දෙයක් වැරදුනා නම් පමණි . මා කියු කිසිදු කරුණක් වැරදීයි කියන්නට ඔබගේ ආචාරය වරයා තවමත් පිලිතුරු දී නැත . අවම වශයෙන් ඔහුගේ ලිපියට එරෙහිව දැමු ප්‍රතිචාරයන්ට හෝ පිලිතුරක් නොමැත . ඔබ ඇතුලු මුස්ලිම් වරුන්ගේ කාන්තා වස්ත්‍රය පිලිබඳ මතය හා මින් පෙර ලිපි තුනකදී මා ගැටී ඇත . රාමු දෙකක සිටිනා අප එක මතයකට ඒම කිසිසේත් සිදුනොවුනත් එම සංවාදයන් තුල පාඨකයෙකුට කුමන හෝ ගත යුත්තක් ඇත . අනෙක් අතින් ඉස්ලාම් දහම අදහන්නන් වශයෙන් ඔබලා දරන ස්ථාවරය පිලිබඳව හෝ ඔබ මේ දක්වා අන්තර්ජාලය තුල දක්වා ඇති මතවාදයන් සමඟ ගට්ටනයක් හෝ එහි තිබුනේ නැත . ආචාර්ය වරයා සම්බන්ධයෙන් මේ කාරණා දෙක පිලිබඳවම ගැටලු කාරි තත්වයන් ඇත . නමුත් ඔබට තවමත් එය පෙනෙන්නේ නැත .

        බ්‍රදර්- ඉස්ලාමිකයෙකු වශයෙන් , මා සඳහන් කර ඇති යම් දෙයකින් සිත් තැවුලක් වුනා නම් සමාවන්න . මෙම ගැටුමට ඉස්ලාමයේ අදාලත්වයක් නැත , මේ බෞද්ධ (කියා ගන්නා ) ආචාර්ය වරයෙක් සහ ඔහුව සාධාරණඊ කරණය කරන ඉස්ලාමිකයින් පිරිසක් සහ මා අතර ගැටුමකි

  15. ඔය බුවාලා කියාගන්න මහා ලොකුවට බ්ලොග් ලියන කට්ටිය කරන්නේ බ්ලොග් කියල ජාවාරමක් මෙගොල්ලොගේම කට්ටියේ එකෙකේ බ්ලොග් අවකාශයේ හදුනා ගත්ත තවත් යාලුවෙක්ට ලක්ෂ ගණක පොල්ලක් තියල එක ගන්න බැරිව අදාල පුද්ගලයා බ්ලොග් එකකින් මිනිහගේ කාඩ් එක කුඩු කරා ලගකදී ඒ වගේම ඔබමමා කියන අහිංසක බ්ලොග් ලියන පුද්ගලයෙක්ටත් මේගොල්ලෝ පොල්ලක් තියල අන්තිමට ඒ මනුස්සයා නැතිවුණා සල්ලි ගත්ත බ්ලොග් බුවාලා දැන් පලතෙක නෑලු

    1. ඉශාක් – ඔය මුදල් ගණු දෙනුවලට සම්බන්ධවනවා තබා , එවාට සම්බන්ධ කිසිදු බ්ලොග් කරුවෙක් මා පෞද්ගලිකව හඳුන්නනේ හෝ නැත . ඒ නිසා ඔය මා හට කීසේ සේතම අදාල නොවන චෝදනාවකි .

  16. බොහෝ අවස්ථාවල බුවා නමැත්තාගේ අදහස් වලට මා එකග නොවුනත් මාත් සිතන්නේ සුජීව මහත්මයගේ සමාජ ජාල වල ඇති ප්රෝෆ්ය්ල් හා ඔහු මෙහි දක්වා ඇති අදහස් එකිනෙකට නොගැලපෙන බවය්.ඇත්තෙන්ම ඒවා ඔහුගේම ප්රෝෆයල නම් ඔහුට සදාචආරත්මක ඓතියක් නැහැ සිංහල කාන්තාවගේ ඇදුම විවේචනය කරන්න. එමෙන්ම බුවා නැමැත්තා ඔහුගේ පොව්ද්ගලික ජීවිතය පිලිබදව පවසා ඇති නිගමනද මා හෙලා දකින අතර anver සහෝදරයට කියන්නේ ලිපි කරුවන් තමන්ගේ අනන්‍යතාවයන් සමග ලිපි යවනවානම් ඔව්න්ගේ සමාජ ජාල වල ප්රෝෆය්ල මදක් පිරික්සන ලෙස.මොකද මේවා එකම රංචුවක කුමන්ත්‍රණ වෙන්නත් පුළුවන්. වැදි බණ වලින් කාටත් ප්‍රයෝජනයක් නැති නිසා මිනිස්සුන්ට ඒවා පෙන්නේ විහිළු විදිහට. ඉතාමත් අර්ථවත් ලිපි පලවෙන මේ බ්ලොගයේ තත්වය අරක්ෂා කිරීම පිලිබදව anver සහෝදරයා මීටත් වඩා විමසිලිමත් විය යුතුය්.

    1. ෆාතිමා සොයුරිය! මුස්ලිම් නොවන කෙනෙකුගෙන් අපට මුස්ලිම් වරයෙකුගේ මෙන් චරිතයක් බලාපොරොත්තු විය නොහැක. ඒ තැනැත්තා තුල වැරදි තිබීම සාමාන්‍ය දෙයකි. නමුත් ඇගයිය යුත්ත නම් ඒ පුද්ගලයා තුල කෙතෙක් වැරදි තිබුණද ඉස්ලාමය විසින් පෙන්වා දෙන දේ හරි යැයි දැකීමයි. තමන් විසින් වැරදි පාරක ගමන් කරමින් වැරදි දේ කළද හරි දේ කුමක්දැයි වටහා ගැනීමට එය බාධාවක් නොවේ. තමන් සිටින වැරදි මාර්ගයෙන් ඉවතට ඇවිත් හරිමග යන්නට පුළුවන් දෙවිදුන් හිදායත් ලබාදුන් කෙනෙකු හට පමණි. ඉස්ලාමය වැලද ගැනීමට හිදායත් නොලැබු ජීවිතයේ නොයෙක් අඩුපාඩු සහ වැරදි ඇති අප සමාජයේ බොහෝ දෙනෙකුද ඉස්ලාමයේ ක්‍රමය නිවැරදි යැයි කියන්නේ එහෙයිනි.

      අනෙක බුවාගේ මතිමතාන්තරය අනුව බුවාද යහපත් චරිතයක් විය නොහැක. ඔහුගේ මතවාදයට අනුව කාන්තාවට ගණිකාවක් වීමට වුවද අයිතියක් ඇත. එමෙන්ම බුවාගේ න්‍යායට අනුව එවැනි ගණිකාවක් වු කාන්තාවකගේ පහස ලැබීමද වරදක් නොමැත.

      1. ඔබ හරි anver සහෝදරයා.නමුත් මා ආචාර්ය වරයාගේ චරිතය ගැන කිසිවක් නොදනිමි එමෙන්ම දැනගැනීමට මට අවශ්‍යතවයක්ද නැත.සමාජජාල පිරික්සීමෙන් පමණක් කෙනෙකු ගැන නිගමන වලට එලබිය නොහැක.මන් මෙතැනදී කියන්න උත්සාහ කලේ ඔහු වැරදි කරන පුද්ගලයෙකු වියහැකි නිසා ඔහුගේ අදහස් ඉදිරිපත් කිරීම වැරද්දක් බව නෙවේ.උදහරනයක් විදිහට මා පොලිය ගෙන පොලිය ගන්නා අනික් අය විවේචනය කළහොත් මා අනිත්‍ අය ඉදිරියේ විහිළුවකි.මා සමාජ ජාල වල වැඩි පොලි ලබාදෙන බැංකු ගැන වර්ණනා කර මෙහි ඇවිත් පොලි ගැන අනුන්ට අවවාද කිරීම මාගේ හර්ද සාක්ෂියට එකග නැත.වැරදි මුස්ලිම් අය අතිනුත් අනන්තවත් සිදු වෙනවා ඒක මනුෂ්‍ය ස්වාබවයක්නේ.නමුත් ප්‍රයෝගිකව තමන් නොකරන දෙයක් අනුන්ට කියාදෙන අයගේ ඔවදන් කව්රුවත් පිළිගන්න කැමති නැහැ. ලිපියක උනත් වටිනාකම ලේකකයා මතත් බලපාන්නේ ඒ නිසය්.මෙවැනි ලේකකයන් නිසා ඔබගේ බ්ලොගයට වෙනත් ප්‍රතිරූපයක් ආරුඩ කරන්න සමහරුන් බලාවි.මන් අදහස් කලේ එකඊ.බුවා නැමැත්තාගේ බොහෝ අදහස් සමග මන් එකග වෙන්නේ නැති බවත් ඔහු ලේකකයාගේ චරිතය ගැන පැමිණි නිගමන හෙලා දකින බවත් මන් කීවා.සමහරවිට බුවා ඔබ හා අනෙකුත් මුස්ලිම්වරුන් සමග තර්කයේදී ගණිකාවන් වෙනුවෙන් පෙනී සිටින්නේ ඉස්ලාමය මත ඇති වෛරය නිසා විය හැකිය.ඔහු ඇත්ත ජීවිතයේදී ආචාර්ය වරයාගේ ප්රෝෆ්ය්ල්වල මෙන් අඩ නිරුවත් කාන්තාවන් වර්ණනා නොකරනවා ඇති.එකනේ ඔයතරම් තරහ ගිහින් තියෙන්නේ. 🙂

      2. Manatunga Says,
        “ෆාතිමා සොයුරිය! මුස්ලිම් නොවන කෙනෙකුගෙන් අපට මුස්ලිම් වරයෙකුගේ මෙන් චරිතයක් බලාපොරොත්තු විය නොහැක. ඒ තැනැත්තා තුල වැරදි තිබීම සාමාන්‍ය දෙයකි”

        Manatunga, I am surprised & would love to know the methodology you used to evaluate characters of Muslims & Non-Muslims ?

        Would you mind sharing it with us ?

        1. කපිල කහපොල මහතාණෙනි, පලමුව සිංහලෙන් ලියන්න. දෙවැනුව මා කියු දෙය හොද හැටි වටහා ගන්න. මා මෙය පැවසුයේ මුස්ලිම් කෙනෙකුටයි.

          1. ඔබට අල්ල දෙවි පිහිට !!!

            උත්තරය හරිම දියාරු එකක් !!! ඔබගේ තරමට නොසහේ !!!

          2. මගේ තරම විශාල ආකාරයට ඔබ සිතා සිටියාට මට කරන්න දෙයක් නැත. මා සාමාන්‍ය තරමේ කෙනෙකි.

  17. මෙම සංවාදයට සහභාගී වුන කෙනෙක් වුනත් හැකි තාක් මධ්‍යස්තව මෙම සංවාදය නිරීක්ෂනය කිරීමේදී පැහැදිලි වුනා බුවාගෙ සිතිවිලි මහතා අන්ත පරාජයට පත් වූ බව.ඊට හේතුව ඔහුගේ තර්ක මාතෘකාවට පරිබාහිර වීමත් තර්කනයේදී තමන් පසු බසින විට හතර අතට අවලාද නැගීමත් නිසයි
    කෙනෙකුට පිස්සෙක් යැයි කීමට හැක්කේ මනෝ වෛද්‍යවරයෙකුට පමනයි.සාමාන්‍යයෙන් මනෝ වෛද්‍යවරු මේ වචනය පාවිච්චි කරන්නේ නෑ.යම් අසාමාන්‍ය චර්යාවක් වෙනත් අය නොකළ පලියට එය අසාමාන්‍ය යැයි කියනවානම් කුමක්ද සාමාන්‍ය යැයි අසන්න වෙනවා

    උදාහරනයක් ලෙස පැල්පත්වාසීන් අතර තරුණයන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා යැයි සිතමු.එක් තරුණයකු මත්පැන් බොන්නේ නැත්නම් ඔහුට පිස්සු යැයි හංවඩු ගැසීම සාධාරණද?
    සුජිත් නම් අඩුටහ්‍රමින් ඔහුගේ පෞද්ගලිකත්වය කිසි බියක් නැතිව එලි දක්වනවා.අන්තර්ජාලයේ බොහෝ දෙනෙක් තම අනන්‍යතාවය සගවනවා.ඒ අතින් සුජිත් විශිෂ්ටයි
    හැබැයි සුජිත්ගෙ හැසිරීමෙ වෙනස්කම් තිබෙනවා.මමත් එය දුටුවා .මම තේරුම් ගත්තේ ඒ ඔහුගේ අනන්‍යතාවය කියල.සුජිත් තම අනන්‍යතාවය අනවශ්‍ය ලෙස එලි දක්වනවා.
    මට බස් රථයකදී දවසක් ගුරුවරයෙක් මුන ගැහුනා.ඔහු දැඩි ආවේගයෙන් මා සමග සියල්ලන්ටම බැනවැදුනා.ඔහුත් ආචාරය උපාධිධාරියෙක්.ඔහු සමහර සාක්ෂි මට පෙන්වූවේ නැත්නම් මම ඔහු ආචාර්ය උපාධිධාරියෙක් බව මම පිළිගන්නේත් නෑ.ඔහු කලකිරීමකින් සිටියේ ඔහුගේ උගත්කමට සරිලන සැලකිල්ලක් නොලැබීම ගැන.මෙතනදි හොඳ පාඩමක් තිබෙනවා කාටත්.
    තේරුමක් නැතිව අද්‍යාපන සුදුසුකම් එකතුකරගන්න එක තේරුමක් නෑ.මම අර කීව ගුරුවරයා පොඩි ඉස්කෝලෙක උගන්වනවා

    විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක් ලෙස පත්වීම අරන් අධ්යන නිවාඩු හා ශිෂ්‍යත්ව සහිතව ආචාර්ය උපාධි ගැනීමයි.එවිට වරප්‍රසාද ලැබෙනවා
    අනික තමයි උගතමනා ශිල්පයමයි මතුරැකෙනා යන්න අදට ගැලපෙන සේ වෙනස් කල යුතුයි මතුරැකෙනා ශිපයමයි උගතමනා කියල.මේ කාරනය මටහ් යම් කලකිරීමක් මිස වෙනත් වරදක් මම නම් සුජිත්ගේ දකින්නේ නෑ.ඔහු සමාජය පිළිගත් උගතෙක්.ඒක අවිවාදාත්මකයි.නමුත් සමාජයට උගතෙක් ලෙස ඔහුට හරසර දක්වන්න බැරි හේතු තිබෙනවා.ඔහු හදාරා ඇති විශයයන් එක් හේතුවක්.

    සමාජයේ මහා පෙරලි කළ අති බහුතරයක් යම් අසාමාන්යතාවලින් පෙලුන අය.කලාකරුවන් 90%ක් පමන ද්විද්‍රැව රෝගය නම් මාන්සික තත්වයෙන් පෙලුන බව හොයා ගෙන තිබෙනවා.අසාමාන්‍ය දක්ෂතාවයම අසාමාන්‍ය තත්වයක්නෙ.මහාචාර්යවරුන් අතර අසාමාන්‍යතා තිබීම පුදුමයක් නොවෙයි.මේ අය අමුතුම ලෝකවලනෙ ඉන්නෙ .සමහර විද්යාඥයො පැයැ විසිහතරෙම පර්යේශන.කලා විශයන් සම්බන්ධවනම් කියල වැඩක් නෑ.නමුත් සමාජය ඔවුන් තමන්ට වඩා ඉදිරියෙන් ඉන්න බව පිලිගන්නවා

    ලංකාවේ අධ්යාපනයේ දුබලතාත් මීට හේතු වෙනවා.සම්මතයෙන් පඉබාහිරව දැනුම රැස්කරගත් කෙනා උගතෙක් ලෙස පිලිගන්නේ නෑ.කෙසේ හෝ යම් ඉලක්කයක මිස තේරුමක් නැතිව දැනුම රැස් කර ගැනීමේ තේරුමකුත් නෑ.
    මගෙ පෞද්ගලික අදහසක්ත් කියන්න ඕන.සුජිත් ඔහු හැදෑරූ විශයයන් මහන්සි වී ඉගෙන ගත් වෙලේ ඉස්ලාමය හැදෑරුවානම් අද ආලිම් වරයෙක්.ඔහු බයිබල් පාසල්කට ගිහින් කිතුදහම හැදරුවානම් ලෝක පූජිත කිතුනු දර්ම දේශකයෙක්

    කිසිම කෙනෙක් තමන් දරන මතය හේතුකොටගෙන හිංසාවකට ලක් විය යුතු නෑ.සත පහකට වැඩක් නැති ආගිය තොරතුරු කතා කිරීම් වැනි නිකම් ගොසිප් කෝපි කඩ වැනි බ්ලොග් කරන අයට සංවාදශීලී වීම ඉතා අමාරු බව පේනවා.නිකම් හාස්‍ය රසයට එහා ගිය ශාස්ත්‍රීය බවක් අපට අවශ්‍යයි.ඒ සදහා සුජිත් හේවගේ වැනි වියතුන්ගේ ගුරුහරුකම් ද අපට අවශ්‍යයි

    1. // තර්කනයේදී තමන් පසු බසින විට හතර අතට අවලාද //

      පහුබහින්න නම් සුජිත් ඉස්සෙල්ලා මගේ තර්ක වලට උත්තර දීල ඉන්න ඕනිනේ , ඔබත් ඇතුලු මුස්ලිම් ප්‍රජාවට කලින් ලිපි වලදි මම උත්තර දිල තියනවා . කාන්තා වස්ත්‍රය ගැන වාදය මත ගැටුමක් , පාර්ශව දෙකෙන් කවුරුවත් අනෙක් කෙනා කියන එක පිලිගන්නේ නෑ ඒ නිසා දිනුමක් පැරදුමක් ඔය වාදයේ නෑ , තම තමන්ගේ අදහස් පල කරලා තියන එක පමණයි කරන්න වෙන්නේ . සුජීව මහත්තයා ගැන මම කිව්ව දේවල් බොරුයි කියල ඔප්පු කරන්න හෝ සුජීවගේ ඒ හැසිරීම් සහ ඔහුගේ ලිපිය අතර ඝට්ටනයක් නැය කියල ඔප්පු කරන්න ඔබතුමාලට පුලුවන් , එතකන් අපි දිනුම් ඔබ පරාදයි කිව්වාව වැඩක් නෑ . සුජිවගේ මතවාදයට දීපු උත්තර වලට එයා පිලිතුරු දුන්නොත් මම ප්‍රතිඋත්ත්‍ර දෙන්නම් , අන්වර් ඇතුලු මුස්ලිම් ලේඛයන් එක්ක ඔය පිලිබඳ කලින් ලිපි වල අවශ්ය ප්‍රමාණයටවත් වඩා වාද කරල තියෙන්නේ .

      පලි- සුජිව උත්තර දීල තියනව දැක්කොත් මට පොඩ්ඩක් කියන්න , පරණ පෝස්ට් වලට දවස ගානේ ගිහින් උත්තර දෙනකන් බලා ඉන්න ටිකක් විතර අමාරුයි !

  18. අන්වර් මහත්තයෝ දැන් ඔය ඉන්දුනීසියාව මැලේසියාව තුර්කිය  වගේ රටවල් වුනාට ඒවාගේ කාන්තාවො බටහිර පන්නයේ ශරීරය නරාවරනය වන ඇඳුම් අඳිනවා ලංකාවේ මගේ මුස්ලිමී යෙහෙළියො ඉන්නවා බටහිර පන්නයේ ශරීරය නරාවරනය වන ඇඳුම් අඳින ඒ අය ගැන ඔබතුමාගේ අදහස කූමක්ද ? 

  19. සිංහල බෞද්ධ හෝ වේවා මුස්ලිම් හෝ වේවා සංවරකම රැකෙන ඇඳුම සමාජයේ යෝග්‍යයි. අසංවර විලි බිය නැති වෙන ඇඳුම පැළඳුම කවර හෝ කෙනෙකු ඇඳීම වැරදියි. මෙන්න මේ සත්‍ය වටහා ගැනීමට තවමත් බොරු පණ්ඩිතකම් මහන්තත්තකම් පෙන්වන බොහෝ දෙනෙකුට බැහැ. සංවරකම යුවතියකට අභිමානයක් ආඩම්බරයක්. විලිබිය දෙක යුවතියකට තිබිය යුතුම දෙයක්. ඇඳුම බාහිර සංවර බව මනින මිනුමයි. බාහර සංවර බවක් නැතිව කොහොමද කෙනෙකුතුළ අභ්‍යන්තර සංවර බවක් ඇති වෙන්නේ. මොකද සංවර බව ඇතිකළ යුත්තේ ක්‍රමික ප්‍රතිපදාවක් තුළින්. කෙළෙස් ප්‍රහාණයෙහි අවස්ථා තුනක් තිබෙන බව දන්නේ නැතිද? තදඞ්ග, වීතික්කම, අනුසය තමයි ඒ අවස්ථා. සීලය වැදගත් වෙන්නේ මේ වීතික්කම අවස්ථාව දුරුකරන්න ඉන් ලැබෙන පිටුවහල නිසා. ඇස, කණ, නාසය, දිව, සම හා මනස යන ෂඩ් ඉන්ද්‍රින්හි සංවරය තමා සීලය කියලා සාමාන්‍ය ව්‍යවහරයේ දැක්වෙන්නේ. බණ පොත අනුව නම් කය හා වචනය යන දෙකේ සංවරය තමයි සීලය කියන්නේ. ඉතින් ඒකෙත් පළමු අංගය තමයි බාහිර සංවරකම. භික්ෂූන්වහන්සේලාගේ ප්‍රතිමොක්ෂ ශික්ෂා 220 ට පාරාජිකා ශික්ෂා 4, සංඝාදිසේස ශික්ෂා 13, අනියත ශික්ෂා 2, නිස්සග්ගිය පාචිත්තිය 30, පාචිත්තිය 4, පාටිදේසනීය 4, සේඛියා 75 ත් අයිතියි. මෙහි සේඛියා වශයෙන් සැලකෙන්නේ සාමාන්‍ය ව්‍යවහාරය අනුව උසස් ඇවතුම් පැවතුම් වශයෙන් සැලකෙන කරුණු 75 ක් තමයි. මේ අතර වස්ත්‍ර භාවිතය සම්බන්ධව බුදුරදුන්ගේ නිර්දේශයන් තිබෙනවා. ඇතුළු ගමට පිණ්ඩපාතය සඳහා යෑමේදී කෙසේ සිරුර ආවරණය කරගෙන යා යුතුද කියලා දක්වලා තියෙනවා. ඇයි මෙහෙම දේශනා කරලා තියෙන්නේ. පිටතින් බලා පිරිස වැරදියට හිතන නිසායි. එයින් වැළකීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා සිරුර නිරාවණයවීම වැලැක්වීමට මේ නිර්දේශයක් පැණවී තිබෙනවා. ඒ වගේම භික්ෂූන්වහන්සේලා සම්බන්ධව ප්‍රාතිමොක්ෂ විනය ශික්ෂා 304ක් පැණවී ඇති අතර ඒවා පාරාජිකා 8, සංඝාදිසේස 17, නිස්සග්ගිය පාචිත්තිය 30, පාචිත්තිය 166, පාටිදේසනීය 8, සේඛියා 75 වශයෙන් මේ භික්ෂුණී ප්‍රාතිමොක්ෂ ශික්ෂා 304 සංග්‍රහවී තිබෙනවා.මේක දිහා හොඳින් විමසිලිමත්ව බැලුවම ඕන කෙනෙකුට වැටහෙනවා භික්ෂූන්වහන්සේලාට වඩා භික්ෂූණීන්වහන්සේලාට ඇතැම් ශික්ෂාපද දෙගුණයකින් පමණ වැඩිවෙලා පණවලා තිබෙන බව. මේ අතර ඉතාම බහුලව තිබෙන්නේ සංවරකම පිළිබඳව පැණවූ ශික්ෂාපද. පුරුෂයෙකුට සාපේක්ෂකව ස්ත්‍රියකගේ රහස්‍ය ස්ථාන අධිකයි. ඒකට හේතුව ජීව විද්‍යාත්මකව ස්ත්‍රිකගේ දේහයේ ලිංගික ප්‍රදේශවල ක්‍රියාකාරීත්වය සාමාන්‍යයෙන් පුරුෂයෙකුට සාපේක්ෂව සම්පූර්ණ සිරුර පුරාම පාහේ ව්‍යාප්ත වූ ස්වරූපයක් පෙන්නුම් කරන නිසායි. මේ හේතුව නිසායි ස්ත්‍රියකට තමන්ගේ සිරුර පිළිබඳව පුරුෂයෙකුට වඩා වැඩි අවදානමකින් කටයුතු කරන්න වුවමනා වෙන්නේ. කොටින්ම කිවහොත් ස්ත්‍රිකට සමාජයෙන් සඟවා ගත යුතු සිරුරේ ස්ථාන පුරුෂයෙකුට වඩා වැඩියි. නමුත් බහුතර සිංහල බෞද්ධ ස්ත්‍රීන් කරන්නේ මොකක්ද විදේශික යුවතියන් වත් නොකරන පරිදි අනවශ්‍ය ආකාරයට ඇඳුම් පැළඳුම් මඟින් විලිබිය නැති ලෙස සිරුර බාහිර සමාජයට නිරාවරණය කිරීමයි. නමුත් මුස්ලිම් යුවතියන් සම්පූර්ණයෙන්ම සිය විලිබිය ආරක්ෂාවන පරිදි ඇඳුම් පැළඳුම් පරිහරණය කරනවා. ඒක ඊර්ෂ්‍යාවට කාරණයක් කරගන්න එපා. සිංහල බෞද්ධයින් විදිහට බෞද්ධ පිරිස තමන්ගේ ගැහැණුන්ව ආරක්ෂා කරගත යුතුයි. අපේ යුවතියන් අඩ නිරුවත් ඇඳුම් පැළඳුම් වලින් සරවන එක මාකට් කරලා පස්සේ ස්ත්‍රී දුෂණයවලට ආරාධනා කරන්නේ ඔවුන් විසින්ම බව ඔවුන් තවම තේරුම් නොගැනීම අවාසනාවක්.එක්තරා ප්‍රකට සිංහල බෞද්ධ නිලියක් තවත් පවුලක් බේද බින්න කරලා අසම්මත ප්‍රේමයක් පතා කරපු අසංවර හැසිරීමක් පිළිබඳව පළකරලා තිබුණු වෙබ් සටහනක කමෙන්ටුක පළ කරලා තිබ්බා ඒ නිලිය ඉන්දියාවේ දිල්ලි යන බස් එකකට නග්ගවා දඬුවම් කළ යුතු බවට. ඒකෙන් කියවෙන්නේ හය දෙනෙකු එක්ව සිදුකළ අමානුෂික තිරිසන් ස්ත්‍රී දුෂණයෙන් අනතුරුව ඒ වෛද්‍ය සිසුවිය මරණයට පත්කළ අයුරින්ම ඇයවද මරා දැමිය යුතුබව නොවේද?මේ සිංහල බෞද්ධ චින්තනයද?මේක සංවරකමක්ද? සංවරකමක් සහිතව ශෘංගාරය රස විඳිය හැකියි. එහෙත් අසික්කිත කාම හැඟීම් කුපිත වන මාංශමය සිරුරක් දැකීමෙන් ඇතිවන සියුම් ශෘංගාර රසය කුමක්ද? සම්පූර්ණ ආවරණය වූ හිස හා දෙපා සහිතව පාසැල් නිල ඇඳුමින් සැරසුනු තැන්පත්කම විනීතකම කැපී පෙනෙන මුස්ලිම් යුවතියකගේ දර්ශනය ගෙන එන්නේ සියුම් සිතුවිලි නොවේද? ඒ වගේම දණහිස් දෙකටත් වඩා කොටට මැසූ පාසැල් නිල හැඳුමක් හැඳ සිටින යුවතියකගේ දෙපා යුගලේ කලවා තෙක් දර්ශනය වන දසුන් කාමුක පුද්ගලයෙකුගේ සිතට ඇතිකර වන්නේ කුමන සියුම් සිතුවිල්ලක්ද? මෙය හරියට උගුරට හොරා බේත් කෑමක් වැන්න. නිරුවත් හා අඩනිරුවත් ස්ත්‍රී සිරුර පෙන්වන පාසැල් නිල ඇඳුම ලාබාල යුවතියකට ඉතා යෝග්‍ය යැයි ලියන මනස් පුතුන්ගේ රහසිගත වින්දනයන් ලැබීම අපගේ සෘජු අදහස් දැක්වීම නිසා බිඳී යාමෙන් ඇතිවූ ඊර්ෂ්‍යාව, ද්වේෂය, යටපත් කළ අවරෝධිත කාමාග්නිය හා කෝපාග්නිය අප මතින් පිටකර හැරීම පිළිබඳව අපි ඔවුන්ට අනුකම්පා කරමු. සුනඛයින් උඩුබිරුවාට කඳුපාත් නොවන බව හා අමනුෂ්‍යයින්ට බිය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැතිබව අසා නොමැතිවීම කණාගාටුවට කරුණකි. අනුන්ගේ කිල්ලෝට වලට අත දාන්න තරම් නිර්ලජ්ජිත වෙන්නේ තමන්ගේ කිල්ලෝටවල හුණු තිබෙන උදවිය බව පුරාණ අය පෙන්වලා දීලා තිබෙන්නේ නිකම් කට කහනවට කියලා හිතන එක වැරදියි. නිර්ණාමික වුනයි කියලා බොරු කාඩ්බෝඩ් වීරයන් වෙන්න වෑයම් කිරීම අනුවණකමක්. දැන් තාක්ෂණය දියුණුයි. වෙබ් එකට ලොග් වෙන අයි.පී. අංකය ඔස්සේ නිර්ණාමික අය නාමිකව හඳුනාගන්න තාක්ෂණ විධික්‍රම දැන් ප්‍රචලිත වෙලා බව නොදැනීම පිළිබඳව අනුකම්පා කළ යුතුය.

    1. භික්ෂුන්ට සහ භික්ෂුන්නිට පනවපු විනය නිති ගිහියන්ට අදාල නොවෙන බව නොදැකීම ඔබතුමාගේ දැනුම වැඩිකමේ දෝෂයක් වෙන්න පුලුවන් . නිලියව දිල්ලියේ බස් එකක නග්ග වන්න හදන එකාගේ අවලම් චින්තනයට අදාල නිලිය හෝ කාන්තාවක් අඳින ඇඳුම වගකිව යුතුද . සිංහල බෞද්ධ කාන්තාවගේ ඇඳුම් වලින් ඇයව ආරක්ෂා කරගන්න යෝජනා කරන ඔබට , සිංහල බෞද්ධ පිරිමියාගේ කායික මානසික සංවරය ඇතිකර ගැනීම ගැන නොපෙනෙන්නේ ඇයි ? . පාසල් සිසුවියන්ගේ ඇඳුමෙන් කාමුක හැඟිම් ඇතිකරගැනීම ඒ වගේ හැඟිම් ඇතිකරගන්න ඔබතුමා වගේ පුද්ගලයින්ගේ ප්‍රශ්නයක් . කාන්තාවන්ගේ ඇඳුම් වලින් ඔබ නිලියන්ගේ රැගූම් වලින් ඇතිකරගත්ත ආකාරයේ අමුතු ආකරයේ මානසික ස්වයං වින්දනයක් ලැබුවාට සමාජයේ හැම මිනිහාටම ඒවගේ අසහන කාරි රෝගී තත්වයක් නෑ , කාන්තාවකගේ කකුල් දෙකක් දුටු පමණින් ස්ත්‍රි දූෂ්ණයකට පෙලඹෙන්න හිතෙන ඔබ වගේ නොහික්මුණු මිනිස්සුන්ට තමන්ව පාලනය කරගන්න නොහැකි කමට කාන්තාව පාලනය කල යුතුයි කියා හිතුනාට බහුතරයකට එහෙම නොහිතෙන බව මතක් කරන්න කැමතියි . ඔබේ සිතුවිල්ලට්ය ගැලපෙන විදිහට ඇඳුම් අදින කන්තාවන් ඉන්න මුස්ලිම් සමාජයත් , එහෙම කාන්තාවන් පමණක් ඉන්න අරාබි රටක් තෝරා ගැනීම ඔබේ මානසික සෞඛ්‍යයට වගේම කාන්තා ඇඳුම නිසා හැඟිම් ඇවිස්සිම නිසා ඔබ වැන්නෙකුගෙන් සමාජයට විය හැකි හානිය අවම වීමටද හේතුවක් වෙන්න පුලුවන්

      අයිපි ලිපිනයන් සැඟවීමටත් ,අන්තර්ජාල සම්පාදකයාට හෝ හොයාගත නොහැකි පරිදි හුවමාරු වන දත්ත එන්ක්‍රිප්ට් කිරීමටත් ඉතා පහසුවෙන් හැකි බව තාක්ෂණ්ය පිලිබඳ පඬිවදන් දෙන ඔබවිසින් නොදැන සිටීම පිලිබඳද කණගාටුය

      1. බුවා සහෝ! ඔබ ප්‍රතිචාර කරන ආකාරයත් අන් අය ප්‍රතිචාර දක්වන ආකාරයත් බලන්න. ඔබගේ මෙම ප්‍රතිචාර තුල වෛරයක් ක්‍රෝධයක් දිස්වේ. කරුණාකර යහපත් ලෙස සංවාදයට එක්වන්න. පුද්ගලික මඩ ගැසීම් නවතන්න. මා මේ අවවාදය දෙන්නේ සොයුරෙකු පරිද්දෙනි.ඔබ මෙම අඩවියට අවශ්‍ය පුද්ගලයෙක්. මට අවශ්‍ය නැහැ ඔබ සමග නිකරුනේ ආරවුලක් ඇති කරගන්න.

        1. සහෝදර බ්ලොග් කරුවෙක් එක්ක ගැටුමක් ඇති කරගන්න මටත් අවශ්‍යතාවයක් නෑ. ඔබ හෝ මේ අඩවියේ ලිපි පලකරපු බ්ලොග් කරුවන් සමඟ තව දුරටත් සංවාදයේ යෙදෙන්න මාත් කැමතියි . මාත් මේ “ආචාර්ය” වරයාත් අතර තියන ප්‍රශ්නයට ඔබ මැදිහත් වෙන්න එපා . කාන්තා වස්ත්‍රය පිලිබඳ ඔබත් මමත් ඇති තරම් කලින් ලිපි වලදි සංවාද කලානේ . මගේ මේ පිලිතුරු , ශෛලිය සියල්ල මේ “ආචාර්ය” වරයා සම්බන්ධයෙන් පමණයි . අනෙකුත් ලිපි වලදි සුපුරුදු පරදි සංවාදයට එකතු වෙන්නම් !

          1. “ආචර්ය” ගේ මේ ප්‍රතිචාරයත් අලුත්ම ලිපියක් විදිහට පලකලේ මොකද ? , කොහොමටත් ඒ ගැන ආයෙමත් මුල ඉඳන් වාද කරන්න බලාපොරොත්තුවක් නැ . “ආචාර්ය” මෙතන උත්තරයක් දේවිය කියල හිතනවා

          2. බුවා සහෝ! මෙතන සංස්කාරක මමයි. මට කිසියම් දෙයක් ගැන අවධානය යොමු කරන්න අවශ්‍ය නම් එය ලිපියක් ලෙස පලකරනවා. ඔබගේ පුතිචාරයක වුව වැදගත් දෙයක් දුටහොත් එසේ කරනවා. එය මට තිබෙන අයිතියක්.

          3. පැවිදි සමාජය ආදර්ශයට ගැනීම සිදු කෙරෙන්නේ බොහෝ සිමාවන්ට යටත්ව , එහෙම නොමැති නම් පැවිදි වීම සහ ගිහි භාවය අතර තියන වෙනස මොකක්ද ? භික්ෂුන් අකාල බෝජනයෙන් වලකින විට ගිහියනුත් ඒ දේ කරනවාද ? භික්ෂූන් නැටුම් ගැයුම් වලින් දුරස් වෙනකොට ගිහියනුත් ඒ දේවල් කරනවාද ? පැවිදි ජීවිතයක් ගත කරන්න අවශ්‍ය නම් පැවිදි වෙනවා මිසක් ගිහි ජීවිතයේ ඉන්න අවශ්‍යතාවයක් නෑ . තර්කයට උත්තර දෙත්දී තර්කය මතුකරන පුද්ගලයා වැදගත් වෙන අවස්ථාවල් තියනවා , අනුන්ට බණ දෙසන්න කලින් ඒකට සුදුසුකම් තියන පුද්ගලයෙක් විය යුතුයි . ඔවා දෙනු පරහට තමා සම්මතයේ සිට කියල කියන්නේ ඒකයි .

          4. ඔබගේ අයිතිය ගැන මට ප්‍රශ්න කරන්න හැකියාවක් නෑ , මේක සදාචාරාත්මක ප්‍රශ්නයක් . වෙනත් තැනක සංවාද වෙමින් තියන කරුණක් නැවතත් ලිපියකට ගැනීමේ සාධාරණ අසාධරණ භාවය ඔබට වැටහෙන්නේ නැත්නම් ඒ ගැන කණගාටුයි . ඔබගේ “මයි කාර් මයි පැට්‍රල් ” තියරියත් එක්ක සාර්ථක සංවාදයකට තියන ඉඩකඩ ඇහිරෙමින් පවතින බවයි මම දකින්නේ . ඒ නිසා මින් ඉදිරියට ඔබේ මතවාදයන්ට විරෝධය පලකරන්න ඔබේ කමෙන්ට් තිරුව භාවිතා කරන්න අදහසක් නෑ , ඒ සඳහා මම “සංස්කාරක” වෙච්ච මගේ බ්ලොග් අඩවියම භාවිතා කරන්නම් අවශ්‍ය වුනොත් , ප්‍රතිචාර වාරණය කරගෙන සංවාද කිරීමේ බියගුලු ප්‍රතිපත්තියක් නැති නිසා ඔනි කෙනෙ කුට එතන වාද කරන්න පුලුවන් වෙයි .

            ආචාර්ය වරයා සමඟ සංවාදය අවසන් වන තෙක් මේ ලිපිය තුල පමණක් ප්‍රතිචාරය පලකරන්න බලාපොරොත්තු වෙනවා !

          5. මා විසින් කලින් සිටම කිසියම් කෙනෙකුගේ ප්‍රතිචාරයක වැදගත් යමක් දුටුවිට එය ලිපියක් වශයෙන් පලකළා. ඒක මේ බ්ලොගයේ ප්‍රතිපත්තියක්. ඔබ මට අවලාද නගමින් යන්න හදන්නේ එල්ල වන ප්‍රතිරෝධය වැඩි නිසා බව දනිමි. එසේ යනවා නම් ඔබ යන්නේ ඔබගේ දුර්වලකමක් නිසා බව මතක තබා ගන්න. කෙසේ වුවද යන යකා කොරහත් බිදගෙන යන්නාසේ කටයුතු කිරීම නම් සදාචාර සම්පන්න නොවේ. කෙසේ වුවද ඔබ ගන්නා සියළු තීරණ වලදී මම සුභ පතමි!

          6. මේ බ්ලොගයේ කමෙන්ට් දාපු පලවෙනි දවසේ ඉඳන් ප්‍රතිරෝධයක් හැර වෙනත් දෙයක් තිබුනාද ? මේ ලිපියට පවා පදනම් වුනු ආචාර්ය වරයා සහ මාත් අතර සංවාදයක් ගොඩ නැගෙන්න පටන් ගන්න කොටම ඔබ ඒක තවත් තැනකට ගෙනයැම ඒ සංවාදයට කරන හානියක් විදිහටයි මම දකින්නේ , මොකද ආදාල ප්‍රතිචාරය මාව ඉලක්ක කරගෙන ලියපු එකක් , ඒක තවත් තැනක පලවෙනවාය කියන්නේ මම නැවතත් ඒ සඳහා පිලිතුරු දැක්විය යුතුයි . එකම කෙමෙන්ට් කරුවන් පිරිසක් එක්ක එකම දේ ගැන නැවත නැවතත් කථා කරන්න අකමැති නිසයි මම ඒ ලිපියට මොකුත් අදහසක් දක්වන්න නොගියේ . ඔබට එන ප්‍රතිචාර වාරණය නොකර පලකරන්න තරම් කොන්දක් තියනවා නම් සැබැ ප්‍රතිරෝධය තියෙන්නේ මොන පැත්තටද කියලත් යස අපුරුවට බලාගන්න තිබුනා

          7. ඔබ වගේ ඔහු ඔබට සෘජුව පහරදී තිබුණේ නැහැ. නමුත් එසේ වුවා යැයි ඔබට සිතෙනවා නම් එම ප්‍රතිචාරයම මෙම ලිපියේද පේස්ට් කරන්න පුළුවන්. එවිට සංවාදය දිගටම යනු ඇත. ප්‍රතිචාර වාරණය නොකර ඉස්ලාමයට පතුරු යන්න බණින වෙබ් අඩවි අන්තර්ජාලය තුල තිබෙනවා. මම මේ වෙබ් අඩවියෙහි එයට ඉඩ නොදෙන බව ප්‍රසිද්ධියේ දන්වා තිබෙනවා. මා දෙන්නේ නැති දෙයක් ගැන කියමින් දැන් ඔබ ලතවෙන්නේ ඇයි? එය හරියට නටන්න බැරි කෙනා පොලව ඇදයි කිව්වට සමානයි.

  20. ගිහි සමාජය පැවිදි සමාජය ගහට පොත්ත වගේ. ගිහි සමාජයට ආදර්ශ අරගන්නේ පැවිදි සමාජයෙන්. ඇඳුම පැළඳුම වගේම කන බොන විදිහ පවා එහෙම ආදර්ශ ගන්නේ පැවිදි සමාජයෙන්. නිදසුනක් වශයෙන් සේඛියා ශික්ෂාපද වල සඳහන් වෙනවා කනබොන කොට ඇඟිලි ලෙව කෑම, ශබ්ද නඟා ආහාරපාන අනුභව කිරීම ආදී අසංවර ක්‍රියා ශිෂ්‍ය සමාජයකට නොගැලපෙන බව. ඒවා බුදුන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ ගිහි පිරිසට නෙවෙයි. පැවිදි පිරිසට. නමුත් ගිහි සමාජය ඒක ආදර්ශයට ගන්නේ නැද්ද?ඒ වගේම ත්‍රිපිටකයෙහි සූත්‍ර දේශනා 99% කටත් වඩා දේශනා කරලා තියෙන්නේ බෞද්ධ පැවිදි කොටස මූලික කරගෙන. නමුත් ගිහි සමාජය ආදර්ශයට ගන්නේ ත්‍රිපිටක සූත්‍ර දේශනා නෙවෙයිද? තර්කය කරන ක්‍රම රාශියක් තියෙනවා. එයින් කුතර්කය කියන්නේ ප්‍රශ්නයට විචාර පූර්වකව නොව කිසිම ආදාල නොවන ආකාරයට හුදෙක් යම් නිවැරදි දෙයක් කියන පුද්ගලයාව පරාජය කර ජය ලබා නිග්‍රහ කිරීමේ ද්වේෂ සහගත චේතනාවෙන් පහරදීම. අද වෙබ් අඩවි වල බොහෝවිට දකින්න තිබෙන්නේ මේ වගේ නිසරු පුද්ගලයින්. වැඩේ කියන්නේ කොච්චර කිව්වත් මේ අය තමන්ගේ වරද තේරුම් නොගැනීම. ඒ අයට කියන විදිහකුත් තියෙනවා තේරෙන්න. නමුත් වැඩේ කියන්නේ ඒ ක්‍රම භාවිතා කිරීම උගත් අයට නොගැලපීමයි. බල්ලෙකුට සදාචාරය ගැන දේශනයක් කලාට ඌට තේරෙන්නේ නැහැ. කකුලෙන් පස්ස පැත්තට හොඳ පාරක් දුන්නම දුඃ බල්ල කියලා ඤෑස් ගාලා අඬාගෙන පැත්තකට වෙනවා. ඒ වගේ සමහරුන්ට සදාචාරය වැඩිහිටියෙකුට කතා කරන පිලිවෙල තවත් ඒ වගේම පුද්ගලයෙක් කියලා දුන්නට වැඩක් නැහැ. ඒ අයට ඕන කරන්නේ වෙනම පිලිවෙලට ඒ අයට තේරෙන පිලිවෙලට දන්වන එකයි. වැඩේ කියන්නේ ඒකට අර කැලණිය පැත්තේ ඉන්න මනුස්සයා වගේ අය හොයාගෙන යන්න වෙන එකයි. අපරාදේ කියන් බැහැ ඒ මනුස්සයා හොයා ගෙන ගිහින් කිව්වා නම් කණ ගාවට පිස්තෝලේ තියලා කණට එකක් ගහලා කීවා නම් යස අගේට තේරෙයි පන්සලේ නායක හාමුදුරුවෝ කිව්වට තේරුනේ නැතුවට. සමහරු මිනිස් කයින් හිටියට අධ්‍යාත්මක සුනඛයින්ටත් අන්තයි. ඒ වගේ අය සුනඛයින්ට උපමා කිරීම සුනඛයින්ටත් කරන අවමානයක්. මොකද සුනඛයා කියන්නේ හොඳට කළගුණ දන්නා සතෙක් නිසා.
    පිටියේ පන්දු යවන නොමේරු පන්දු යවන්නෙකු පිතිකරු දවා ගැනීම සඳහා ඔහු කෝප ගැන්වීම සඳහා අසභ්‍ය වචන භාවිතා කිරීම, අසංවර ප්‍රකාශ කිරීම, නොසරුප් සහගත හැසිරීම් රටා ප්‍රදර්ශනය කරමින් කෝප ගන්වා ඔහු වැරදි පහරකට පොළඹවා ඔහුගෙන් වරදක් කර දවා ගැනීමට වෑයම් කරන බව නොරහසකි. ඒ සමානවම නූතන යුගයෙහි අතැම් නොදියුණු ගෝත්‍රික ආකල්ප සහිත අසංවර හැසිරීම් රටා ඇති අය කටයුතු කරන බව රහසක් නොවේ. අනික තමන්ට වඩා දැන උගත්කම්වලින් වැඩි පූද්ගලයෙකු සමඟ අනවශ්‍ය වාදවිවාදයක් ඇද ගෙන ගොන්පොරක් වීමද සමහර මෝඩයින්ට නම්බුවකි. අසූචි වලින් ගහගෙන නාගෙන අන්න අර පඪියා වගේ හිටපු එකා කතා කරන බාසාව දැන් ඒකත් අපේ ගානටම වැටිලා. ඌ පෙන්නපු තරම් පඩියෙක් නෙවෙයි. ඌව වර්ණනා කළ ඔයාලට වැරදිලා වගේ දේවල් කියන්න එතකොට අර මෝඩ රන්ගොජාට වරම් ලැබෙනවා. සමහරු මේහෙම කරන්නේ බොරු ජෝක් එකක් ගන්න. එක්කෝ අන්තර්ජාලයේ පඩිකම පෙන්නන්න අවස්ථාවක් ලැබෙන නිසා. අනික් අතට නිකම් නිකම් ඌරෙක් එක්ක ගහගන්න ටිකක් වැදගත් කෙනෙකුට තමන්ගේ තත්වය පහළට යාම දමා ගැනීම සිදු වීම ලැබෙන අනියම් වාසියත් අන්තිමේදී ලැබෙන්නේ මේ වගේ නිකමෙකුට. ලැප්ටොප් එකක් අතපත ගාපු පලියට අන්තර්ජාලේ වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය පලියට පොරක් වෙන්න අද කාලේ අවස්ථාවක් නැත්තේ ඕනෙම පොඩි එකෙකුට අද අන්තර්ජාලේ ඒ වගේ දෙයක් කරන එක හරිම සිම්පල් දෙයක් නිසා. අසභ්‍ය වචනයක් අහලා නැති කෙනෙකුට යම්තම් කුණුහරපයක් කිව්ව ගමන්ම මූණ ටිකක් රතුවෙනවා.ඒත් සමාජයේ හොඳට තෙම්පරාදු වුන කෙනෙකුට නම් ඒ වගේ මෝඩ ජෝක් එකකින් ඵලක් නැහැ. අනික සමාජයේ කුඩා තැනින් පටන් අරගෙන වෙර වෑයමෙන් ඉහළට ගිය කෙනෙකුට පසුකාලීන උගත්කමත් ලැබුනම කොහොමවත් කිතිකවලා දන්නවන්න නම් බැහැ. ඉතින් මෙහෙම වල්පල් ලිව්වට සමාවෙන්න. සමහරු ඉන්නවා ටිකක් වයසක නාකි මිනිස්සු මැන්ටල් කියලා හිතලා පොඩ්ඩක් අවුස්සලා බයිට් කරලා සතුටු වෙන වාගේ හිංසක මානසික තත්වයක ඉන්න අසහන කාරයෝ. ඒ අයට තමන්ගේ අම්මා තාත්තා වුනත් එකයි. තමන්ගේ අම්මගේ තාත්තගේ වයසේ කෙනෙකු වුනත් පේන්නේ නිකම් චමිලා චමින්ද ලෙවල් එකට. ඒකට සාමාන්‍ය මිනිසුන්ට කරන්න දෙයක් නැහැ. ඒක ඒ වගේ දරුවෙක් ජාතක කරලා මේ සමාජයට බිහිකරපු ඒ අහිංසක දෙමව්පියන්ට වරදක් කියන්නත් බැහැ. සමහර බලු පැටව් පාරවල් කාණුවල බෝක්කුවල වල උනත් උපදිනවා කවුරුත් දැකලා ඇති. මේ වගේ අය කරන වැඩ දැක්කම සමහරු නම් කියන්නේ ජාතකේ වැරැද්ද කියලා. ඒත් එහෙම සතුරෙකුට වුනත් අපහාස කරන්න හොඳ අය නම් කැමති නැහැ. මෙකේ මාතෘකාව යුවතියකගේ ඇඳුම සංවරවිය යුතුය වුනාට මේකට අදහස් පළ කරන ඇතැම් අය මූලික මාතෘකාවෙන් පිට පැනලා එක එක්කෙනාගේ පුද්ගලික චරිත ඝාතනය කරනවට වඩා වෙන දෙයක් කරන පාටක් නම් පේන්නේම නැහැ. දැන කිවයුතු අය අවවාද කලාට ඔයා පොඩ්ඩක් එහාට වෙලා ඉන්න මම මිනිහට දෙකක් නෙලලා ඉන්නම් කියන පහත් මානසික මට්ටමට සමහරු පත්වෙලා. හන්දිවල ඉන්න කුඩුකාරයෝ ගානට හොඳ වැදගත් අයෙකු පත් වෙන්නේ නැහැ. යම් විදිහකින් ඒ වගේ මානසික මට්ටමකට යමෙකු පත්වෙනවා කියන්නේ ඉතින් ඒ වගේ අයෙකු ගැන කියන්න වචන නැහැ. සමහරුන්ගේ ක්‍රියාකාරකම් දැක්කම ඒ අය ඇත්තටම පිරිමිද නැතිනම් පිරිමි වගේ ඉන්න ඊට වඩා වෙනස් කොට්ඨාශයක්ද කියලත් සැක පහළ වෙනවා.

      1. ප්‍රථම වතාවට ඔබගේ ප්‍රතිචාරයක් මැකුවා. ද්වේෂ සහගතව කටයුතු නොකරන ලෙස මම ඔබගෙන් කලින්ද ඉල්ලුවා. කරුණාකර ද්වේෂ සහගතව නොලියා සංවාදයට අදාල දේ පමණක් යහපත්ව ලියන්න.

        1. ආචාර්ය වරයාට මගේ දෙමව්පියන් මතක් කරල කථා කරන්න හොඳයි , මගේ කමෙන්ටුව පමණක් ද්වේශ සහගතයි . මතක තියාගන්න ඔබට වාරණය කල හැක්කේ ඔබගේ බ්ලොග් අඩවිය තුල ප්‍රතිචාරයන් පමණක් බව ! . ඔබේ හිතුමනාපයට මගේ කමෙන්ටු ඉවක් කරත්දි තවදුරටත් මෙහි රැඳී සිටීමේ හැකියාවක් නැ .මේ ඔබගේ බ්ලොග් අඩවිය තුල මගේ අවසන් කමෙන්ටුව . නමුත් ඔබට ලබාදෙන අවසන් පිලිතුර නම් නොවේ !. සුභ අනාගතයක් .

          1. ඔබට වැඩිය කෙරුම් කාරයනුත් ඔහොම පාරම් බෑවා. නමුත් ඒ අයට සිදුවුනේ ඉතිහාසයේ කුණුබක්කියට යන්නයි. ඔබත් යන මාර්ගය තීරණය කර ඇත. ඔබට සුභපතමි!

  21. ගැහැණු හා පිරිමි අතර පවතින සංජානන වෙනස නිසා ජීව විද්‍යාත්මකව ස්ත්‍රිකගේ සිරුර පිරිමි සිරුරකට වඩා සුරක්ෂිතව තබා ගැනීමේ අවශ්‍යතාවයක් ඇත. ස්ත්‍රික සම්පූර්ණයෙන්ම සිරුර හා මුහුණ අත්පා ආවරණය පරිදි ඇඳුම් පැළඳුම් භාවිතා කිරීම ඇගේ ආරක්ෂාව පිණිස වනු ඇත. ඊට හේතුව නම් බොහෝවිට ස්ත්‍රිකගේ සංජානන හැකියාව අනුව ඇයට සිදුවිය හැකි ඉදිරි අනතුරු වලින් ආරක්ෂාවීමට හැකිවීමයි. ස්ත්‍රිකගේ පෙනුම පරිමියෙකුගේ පෙනුමට වඩා හාත්පසින්ම වෙනස්ය. මීට හේතුවී ඇත්තේ ස්ත්‍රිකගේ ඇස් නම් හිස් කබලෙන් පිටත පිහිටි මොළයේම දිගුවක්වූ කොටසකි. ඇස් බොලය පිටුපස ආලෝක ප්‍රතිග්‍රාහක (Photoreceptors) නම් යෂ්ටි ආකාර සෛල මිලියන 130 ක් පමණ කළු හා සුදු දර්ශනයවීම සඳහා දෘෂ්ටි විතානයෙහි (Retina) පිහිටි අර වර්ණ දර්ශනයවීමට මිලියන හතක් වූ කේතු ආකාර සෛල පිහිටා ඇත. මේ වර්ණ දැකීමේ සෛල ලබා දෙන්නේ X වර්ණදේහ (Chromosomes) විසිනි. ගැහැනුන් සතුව X වර්ණදේහ දෙකක් ඇති නිසා පිරිමින්ට වඩා විශාල ලෙස විවිධ වර්ගවල කේතු රාශියක් ඇත. මේ වෙනස අපට පෙනෙන්නේ ගැහැනු ඉතා විස්තර සහිතව වර්ණ විස්තර කරන ආකාරයෙනි. පිරිමි මූලික වර්ණ වන නිල්, රතු, කොල වැනි වර්ණ පාවිච්චි කරතත්, ගැහැනු විශාල මිශ්‍ර වර්ණ පරාසයක් ගැන කතා කරති.මිනිස් ඇසෙහි පැහැදිලි සුදු වර්ණය තිබුණද අනෙක් වාහනරයින්ගේ එය දක්නට ඇත්තේ අඩුවෙනි. ඇසේ චලනය හා දිශාවන් බැලීම ආදිය මඟින් මුහුණට මුහුණ බලාගන්නා අදහස් හුවමාරුව සඳහා එය ඉතා වැදගත්ය. ගැහැනු ඇස්වල පිරිමින්ගේ ඇස්වලට වඩා සුදු වර්ණය පෙනේ. ළංවූ දුර ප්‍රමාණයක සිට පුද්ගලික අදහස් හුවමාරුව ස්ත්‍රීන්ගේ සම්බන්ධතා පවත්වා ගැනීමෙහි අන්තර්ගත කරුණක් නිසා ඇස් වඩා සුදුවීම ඇස චලනය වන දිශාවෙහි විශාල ප්‍රදේශයක ඇස් මඟින් සංඥා නිකුත් කිරීමටත් සංඥා ලැබීමටත් ඉඩ ලබා දෙයි. මේ අන්දමේ අදහස් හුවමාරුවක් අනෙක් බොහෝ සත්ව වර්ගවලට වැදගත් නොවේ. ඒ නිසා ඔවුන්ගේ ඇස්වල සුදුපාට ඇත්තේ මඳකි. නැතහොත් ඇත්තේම නැත. එසේම ඔවුහු ප්‍රධාන අදහස් හුවමරු ක්‍රමය ලෙස ශාරීරික චලන හා ඉරියව් මඟින් අදහස් හුවමාරුව (Body Language) මත විශ්වාසය නොතබති.
    ඇගේ ඇස් ඇත්තේ හිස පිටුපසද?ඔව් නමුත් හරිටම නොවේ. ආසන්නවය.ගැහැනුන්ගේ ඇස් දෘෂ්ටි විතානයේ කේතු ආකාර විවිධ සෛල විශාල ප්‍රමාණයක් ඇතිවා පමණක් නොව පිරිමින්ට වඩා පුළුල් ප්‍රදේශයක් දැකීමේ හැකියාවද ඇත.නිවස ආරක්ෂා කළ ගැහැනියට ඇගේ හිසෙහි වම් පස හා දකුණු පසත් එක් එක් පැත්තට 45% ක චාපයක් සේද ඉහළට හා නාසයෙන් පහළටද එක් එක් පැත්තට 45% ක චාපාකාර ප්‍රදේශයකද පැහැදිලි දර්ශනයක් ලැබෙන සේ ඇගේ මොළයේ මෘදුකාංගය සැකසී ඇත.බොහෝ ගැහැණුන්ගේ අවට දර්ශනය 180% ක් දක්වා විශාල ප්‍රදේශයක පැතිරී ඇත.පිරිමියාගේ ඇස් ගැහැනියගේ ඇස්වලට වඩා ලොකුය.ඔහුගේ මොළය මඟින් එය ඒ ආකාරයෙන් සකස්කර ඇත්තේ ඔහුට වඩා දුරට විහිදුනු උමඟක් තුළින් දකින ආකාරයේ පෙනීමක් ඇතිවීමටය. ඉන් ඔහුට තමා ඉදිරියෙන් දුර දක්නයක් තුළින් දකින්නා සේ පැහැදිලිව, නිවැරදිව කෙළින්ම ඉදිරිය බොහෝ දුරක් දැකිය හැක්කේය.ගැහැණු පුළුල් ප්‍රදේශයක් දකින අතර පිරිමි උමඟක් තුළින් මෙන් ඈතට දකිති. දඩයම්කරුවෙකු ලෙස මිනිසාට පෙනීම වූවමනා වූයේ දුර සිට ඉලක්කය යම් සතෙකු මත තබා ගෙන පහරදීම සිදුකිරීමටය.ඒවිට ඔහුගේ පෙනීම සකස්ව තිබුණේ බොහෝ සේ අනෙක් අවට දේ නොපෙනෙන පරිදිය. එවිට ඔහුගේ පෙනීම ඉලක්කයෙන් ඉවත් නොවීය.ඒ අතර ගැහැනිය නිවහන රකින්නිය වූ හෙයින් පුළුල් ප්‍රදේශයක් දර්ශනයවීම ඉතා අවශ්‍ය විය.ඇගේ නිවහනට හානි කර පළිබෝධකයින් ඇ‍දෙන්නේදැයි ඒ නිසා ඇයට වහා දැකගත හැකිවිය.මේ අන්දමින් දීර්ඝ කාලයක් පැවති යම් පරිණාමකයට පත්වුවද අද පිරිමි පහසුවෙන්ම ඈත ස්ථානයක පිහිටි සමාජ ශාලාව වෙත කෙළින්ම ළඟාවිය හැකි කෙටි මාර්ගය තෝරා ගනිති.එහෙත් ඉතා සමීපයේ වන ශීතකරණයේ, කබඩ් එක තුළ හෝ ලාච්චුවේ ඇති යමක් එකවර දැක සොයා ගැනීමට අසමත් වෙති.1997 දී එක්සත් රාජධානියෙහි මහමඟදී ළමා පදිකයින්ගේ මරණ හා තුවාල සිදුවීම් 4132 ක් සිදුවිය.ඉන් 2640 ක් පිරිමි ළමයි වූහ.1492 ක් ගැහැණු ලමයින් වූහ.මේ අයුරින් සිදුවූ ඕස්ට්‍රේලියාවේ ළමා මරණවලින් ගැහැණු ළමයින් මෙන් දෙගුණයක්ම පිරිමි ළමයින්ය.පිරිමි ළමයින් පාර මාරුවීමේදී ගැහැනු ළමයින්ට වඩා අවදානම් සහිතය.එසේ අවදානම් තත්වය වර්ධනය වී ඇත්තේ පිරිමින්ගේ අවට ප්‍රදේශය සීමාව දැකීමේ දුර්වලතාවය නිසාය.ඔබේ අවට ප්‍රදේශය දැක ගැනීමට නොහැකිවීමේ දුර්වලත්වය පුහුණුව ලැබීමෙන් නැතිකර හෝ අඩුකර ගත හැකිය.ප්‍රහාරක ගුවන් නියමුවෝ එබඳු පුහුණුවක් ලබති. කෙනෙකුට දැකියහැකි චාපාකාර ප්‍රදේශය ජීවිතයට තර්ජනයක් වූ අවස්ථාවකදී පුළුල් වේ. 1999 දී ඕස්ට්‍රේලියාවේ පර්ත්හි බන්ධනාගාරයේ හටගත් කැරැල්ලක දී නේවාසික සිරකරුවෝ එහි සේවය කළ නිලධාරීන් පිරිසක් ප්‍රාණ ඇපයට ගත්හ. තම ඉල්ලීම ඉටු නො කළ හොත් එම නිලධාරීන් මරා දමන බවට ඔවුහු තර්ජනය කළහ. බන්ධනාගාර නිලධාරී ලාන්ස් බ්‍රෙමන් ප්‍රකාශ කරන පරිදි, එම සිද්ධියට මුහුණ පාන ඔහු, තමාට තිබුණු උමඟක් තුළින් දකින් ආකාරයේ ඇස් පෙනීමෙන් නිදහස් වූයේය. එම සිද්ධියෙන් ගැලවුණු පසු ඔහුගේ අවට පෙනීම අංශක 180 ක පමණ කෝණයක් දක්වා වර්ධනය වී තිබුණි. සිද්ධියේදී ඇතිවුණු තමා මරා දමතැයි යන මරණ බිය හා අභියෝගාත්මක අවස්ථාව නිසා ඔහුගේ මොළය ඔහුගේ දර්ශන පථය පුළුල්කොට පහරදීමට සතුරන් පැමිණෙන්නේ දැයි පෙනීමට සැලැස්වීය.
    ගැහැණුන්ගේ ඇස්වලින් මෙතරම් වැඩියෙන් පෙනෙන්නේ ඇයි?පරිගණක දත්ත මෙගාබයිට් 100 කට සමාන වන විද්‍යුත් චුම්බක ශක්ති ඒකක (photons) බිලියන දහස් ගණනක් හැම තත්පරයකදීම ඇස්වල දෘෂ්ටි විතානයට පහර දෙයි. මෙය මොළයට දරා ගැනීමට අපහසු විශාල ප්‍රමාණයකි. ඒ නිසා එය සංස්කරණය කොට එවන පණිවුඩය ජීවිතය රඳා පැවතීම සඳහා අවශ්‍ය ප්‍රමාණයේ වුවකි. නිදසුනක් ලෙස ඔබේ මොළය අහසේ ඇති සියලු වර්ණ එක්වර තේරුම් ගනියි. එහෙත් දැකීමට වුවමනා වර්ණය පමණක් එයින් තෝරා ගනියි. එය නම් නිල් පාටය. අපේ මොළය අපේ පෙනීම පටු කරයි. ඒ නිසා අපට යම් විශේෂ දෙයක් මත අවධානය යොමුකළ හැකිව ඇත. අප බුමුතුරුණු මත වැටුණ ඉඳිකටුවක් සොයන්නේ නම් අපට තවත් අවධානය වඩාත් එක්තැන්වූ පටු දෘෂ්ටි ක්ෂේත්‍රයක් තිබිය යුතුය. පිරිමින්ගේ මොළය දඩයම සඳහා පූර්වයේ සිට සකස්ව ඇති හෙයින් ඔහු දකින්නේ පටු ක්ෂේත්‍රයක් තුළය. ගැහැණුන්ගේ මොළය පුළුල් පරිසරයක තොරතුරු විශ්ලේෂණය කරන්නේ ඔවුන්ගේ මොළය අතීත නිවහන් ආරක්ෂක ක්‍රියාදාමයට හුරුව ඇති නිසාය. ස්ත්‍රීන්ගේ හා පිරිමින්ගේ සංජානන හැකියාව ඔවුන්ගේ ලිංගික අනන්‍යතාවට සමානුපාතිකව වෙනස් වන ආකායට දැක්වීම නිදසුනක් මඟින් පෙන්වා දිය හැකිය. මේ සඳහා ශීතකරණයක තබා ඇති බටර් බඳුනක් සොයා ගැනීම වැනි සරල සංසිද්ධියකදී වුවද ගැහැණු හා පිරිමි සංජානනයෙහි වෙනස්බව කැපී පෙනෙන බව දැකගත හැකිය. කිසියම් සීමිත පරාසයක ඇති සුවිශේෂී යමක් වඩා හොඳින් සංජානනය කිරීමේ හැකියාව ගැහැණුන්ට වඩා පිරිමින්ට ඇත. එසේම පුළුල් පරාසයක ව්‍යාප්තව පවතින එහෙත නොගැඹුරු සංජානන හැකියාව ගැහැණුන්ට ඇත. මේ දෙයාකාර සංජානන හැකියාව නිසා ගැහැණුන් හා පිරිමින් සංජානනය කරගනුයේ ස්වරූප දෙකකනි.
    ගැහැනියකගේ මනස සකස්වී ඇත්තේ බොහෝ කටයුතු එකවර කළහැකි අයුරිනි. ඇයට එකිනෙක සම්බන්ධතාවයෙන් තොර ක්‍රියාවන් කිහිපයක් එකම විට කළහැකිය. ඇගේ මොළය කිසි විට ක්‍රියාවන් කීපයක් එකම විට කළහැකිය. ඇගේ මොළය කිසි විට කාර්යයක නොයෙදී නොපවතියි. සෑම විටම එය ක්‍රියාශීලීය. ඇයට ටෙලිෆෝනයෙන් කතා කරන අතර අලුත් වට්ටෝරුවක් අනුව ආහාර පිසිමින් රූපවාහිනය නැරඹීමටද පුළුවන. මෝටර් රිය පදවමින් රුව හැඩ වැඩ කරගනිමින් රේඩියෝවටද සවන් දෙන අතර අතින් නිදහස්ව තිබෙන (hand free) දුරකථනයෙන් කථා කළ හැකිය. නමුත් පිරිමියෙක් ආහාර වට්ටෝරුවක් අනුව පිළියෙළ කරද්දී යමෙකු ඔහුට කතා කළහොත් ඔහු කෝපවීමට ඉඩ ඇත. ඒ මන්ද? ඔහුට ලියා තිබෙන උපදෙස් පිළිපදිමින් ඒ අනුව පිසිමින් ඒ සමඟම සවන් දීමට නො හැකි බැවිනි. මිනිසෙක් තම රැවුළ කපද්දී යමෙකු කතා කළොත් ඔහු රේසරයෙන් තම මුහුණ කපා ගැනීමට ද ඉඩ ඇත. බොහෝවිට ගැහැනු ලබා ඇති අත්දැකීමක් නම් සිය සැමියා තමන් සමඟ කතා කරමින් වාහනය ධාවනය කිරීම නිසා අධිවේගී මාර්ගයකදී හැරවීමට අවශ්‍ය ස්ථානයේදී රිය හැරවීමට නො හැකි වූයේ යයි චෝදනා ලැබීමයි. ඇතැම් කාන්තාවන් සිය සැමියා හා තමා සමඟ කෝපවී සිටී නම් ඔහු ඇණ ගසමින් සිටින විට ඔහු හා කතා කිරීමට බෙහෙවින් ප්‍රිය කරති. ගැහැනු මොළයේ දෙපැත්තම පාවිච්චි කරන නිසා බොහෝ විට ගැහැනුන්ට ඔවුන්ගේ වම් අත දකුණතින් වෙන් කොට හඳුනා ගැනීමට අපහසුය. ගැහැනුන්ගෙන් 50% ක් පමණ එක්වර මුද්දක් හෝ ලපයක් හෝ මුලින්ම නො දැක අත හඳුනා ගැනීමට අපහසු තත්වයට පත්වෙති. දකුණත නැතිනම් වමත යන දෙකින් එකක් පාවිච්චි කරන පිරිමින්ට වමතින් දකුණත වෙන්කර හඳුනා ගැනීම පහසුය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝකය පුරාම පිරිමින් විසින් ගැහැනු විවේචනය කරනු ලබන්නේ වමට හැරීමට අදහස් කරන අවස්ථාවලදී දකුණට හැරීමට යයි කීම නිසාය.
    තවත් කාර්යයක් ඇසුරින් ගැහැණුන්ගේ හා පිරිමින්ගේ සංජානන හැකියාවේ ද්වි ස්වරූපය පෙන්වා දිය හැකිය. නිදසුනක් වශයෙන් බුරුසුවක් භාවිතාකර දත් මැදීමේ කාර්යය ගෙන සැලකිය හැකිය. පිරිමියෙකුට හැකි එක් වරකට එක් කාර්යයක පමණක් නිරතවීමටය. බුරුසුවෙන් දත් මැදීම පරීක්ෂා කර බලන්න. බොහෝ ගැහැනුන්ට ඇවිදිමින් කතා කරමින් ඔවුන්ගේ දත් මැදීමට පුළුවන. ඔවුන්ට දත්වල ඉහළට පහළට බුරුසුව අතුල්ලා මදිමින් අනෙක් අතින් රවුමට අත ක්‍රියා කරවමින් මේසය ඔප දැමීමට පුළුවන. බොහෝ පිරිමි මෙය නොහැකි හෝ අපහසු ක්‍රියාවක් ලෙස සලකති. පිරිමි දත් මදින විට ඔවුන්ගේ වරකට තනි කාර්යයක යෙදෙන මොළය සම්පූර්ණයෙන් එම තනි කාර්යයට යොමු වෙයි. ඔවුහු සෝදන බේසම (sink) ඉදිරියේ පා සෙ.මී. 30 ඈත් කර සිරුර බේසමට නැමී සිට හිස ඉදිරියට හා පසු පසට සොලවමින් බුරුසුවෙහි දත් අතුල්ලමින් දත් මදිති. පිරිමියෙකුට මෝටර් රථය ධාවන කරමින් යන අතර ලිපිනයක් සෙයා ගැනීමට හෝ යමකට සවන් දීමට අවශ්‍ය වූ විට ඔවුහු වාහනය නතර කරති. දුරකථන ඇමතුමක් පැමිණි විටක ගුවන් විදුලියේ හඬ නවත්වා හෝ අඩුකර දුරකථන ඇමතුමට පිළිතුරු දීමට පිරිමි පුරුදුව සිටිති. නමුත් ගැහැණුන් ක්‍රියා කරන්නේ මීට වඩා වෙනස් ආකාරයටය. ඔවුන්ට රූපවාහිනියෙහි වැඩසටහනක් නරඹන අතර තුර මුළුතැන්ගෙයි ආහාර පිසීමේ කාර්යයෙහි නිරතවීමට මෙන්ම, ඒ අතරතුරු නිවස වෙත පැමිණෙන අමුත්තෙකු හා පිළිසඳර කතාබහක නිරත වෙමින් ඒ සියළු කාර්යයන්හි එක්විටම නිරතවීමට හැකියාව තිබේ. දරුවාගේ අධ්‍යාපනය කාර්යයට උපකාර කරමින් සිටින අතරතුරදීම ස්ත්‍රියකට රෙදි සෝදන මැෂිමෙන් ඇඳුම් සේදීමටද, දුරබැහැර ප්‍රදේශයක වෙසෙන සිය මවගේ සුව දුක් විමසිමින් දුරකථන සංවාදයක නියැලීමටද හැකියාව තිබේ. පුවත්පතක පිටු අතර සිය සම්පූර්ණ අවධානය රඳවා සිටින පිරිමියෙකුගෙන් ඒ අවස්ථාවේදී යමක් විමසුවහොත් ඔහුට ස්වකීය හිස සෙලවීමකින් පමණක් අනවධානයෙන් යුතුව ප්‍රතිචාර දැක්වීමට හැකියාව තිබේ. පිරිමියාට එක් වරකට එක් දෙයකට පමණක් අවධානය යොමු කළ හැකිවීම නිසා පුවත්පත කියවන අවස්ථාවේ දී කුමක් විමසා සිටියේද යන්න පසු අවස්ථාවකදී විමසුවහොත් ඔහු නිරුත්තර වනු ඇත. නමුදු ස්ත්‍රියකට නම් ඇය අවධානය සමාන ලෙස එක්වර කාර්යයන් කිහිපයකට යොමු කළ හැකිවීම නිසා සියල්ල පිළිබඳව සමානව වටහා ගත හැකිය. සිය නිවස ආරක්ෂා කරගැනීමේ කාර්යයේදී ඇයට අතීතයේදී මේ සංජානන හැකියාව මහත් සේ උපකාරී වී තිබේ.
    අප කුමක් නිසාද? අප කවුද?අප පිරිමි ළමයින් හා ගැහැනු ළමයින් සර්ව සම දරුවන් ලෙස ඇතිදැඩි කරන නමුත් විද්‍යාව ඔප්පු කරන්නේ ඔවුන්ගේ සිතීම පැහැදිලිව පෙනෙන පරිදි වෙනස් බවය. සියලු රටවල ස්නායු විශේෂඥයන් හා මොළය පිලිබඳ පර්යේෂකයන් පැමිණ ඇති නිගමනය නම් අප කවරුන් වෙමුද? ඒ එසේ වී ඇත්තේ මානව දේහය තුළ ක්‍රියාකාරීව පවතින හෝමෝන නිසාය යනුය. අප කවුරුන් වෙමුද? අප එසේ වී ඇත්තේ හොමෝන නිසාය. අප සම්පූර්ණයෙන් අපේ රසායනික සංයුතියේ ප්‍රතිඵලයයි. විසි එක්වන සියවසෙහි අවසාන භාගයෙහි සිතාගෙන සිටියේ අප ඉපදුනේ හිස් වූ සිතක් ඇතිවය; අපේ මාපියන් ගුරුවරුන් හා පරිසරය අපේ ආකල්ප තෝරා ගැනීම් වලට බලපාන්නේ කියාය. නමුත් මොළයේ හා එහි සංවර්ධනය පිලිබඳ නවතම පර්යේෂණවලින් එළිදරුව් වෙන්නේ අපේ මනසේ සැකසීම පරිගණකයක් ආකාරයෙන් සිදුවීම ගැබ්ගෙන සති 6 සිට සති 8 දක්වා කාලය තුළ සිදුවන බවය. අපේ මූලික මෙහෙයුම් පද්ධතිය (operating system) නියමිත ස්ථානයේ ඇති විට වැඩ සටහන් (programmes) කීපයක්ද ස්ථාපනය (installed) කරනු ලැබ අප ඉපදෙන විටම ඇති හෙයින් අප එන්නේ පරිගණකයක් මෙන් දෘඩාංග හා මෘදුකාංග එකතු කර ගනිමිනි. විද්‍යාවද පෙන්වන්නේ මූලික මෙහෙයුම් පද්ධතිය ඇතිව එය පරිගණක පද්ධතියට සම්බන්ධ වීම නිසා වෙනස්වීමට ඉඩ දෙන්නේ ස්වල්පයක් බවයි. අපේ පරිසරයට හා අපේ ගුරුවරුන්ට දත්ත එකතුකිරීම හා එකට සම්බන්ධ විය හැකි වැඩ සටහන් එකතුකළ හැකිය. එහෙත් එය මෙතෙක් මේ දක්වා ප්‍රායෝගික වශයෙන් සෛද්ධාන්තිකව භාවිතා කළ හැකි ජීව විද්‍යාත්මක පර්යේෂණාත්මක කරුණූ හෙළිදරුව් වි තිබුණේ නැත. සියලු ගැහැනු පිරිමි මේ සංවාදය දනිති. ගැහැනියකට තේරුම්ගත හැකි නොහැකි තමා මෙතරම් ආදරය කරන මේ පුදුමාකාර මිනිසා හිටිහැටියේම තමාට මග වැරදුන විට රසායනික උත්තේජනයකින් පිස්සු මැක්ස් කෙනෙක් වෙන අන්දමයි. ඇය මග වැරදුනේ නම් ඇයට රිය නවත්වා මග ඇසිය හැකිය. ඉතින් ඔහුට එය කළ නොහැකි ඇයි? ඔහු නොදන්නා බව ඔහුට පිළිගත නොහැකි ඇයි? මෝසස ඒ මේ අත ඇවිදිමින් අවුරුදු හතලිහක්ම කාන්තාරයේ ගතකලේ ඇයි? ඔහු මග ඇසීම ප්‍රතික්ෂේප කළ නිසාය.ගැහැනු වැරදීම් පිළිගැනීම ගණන් නොගන්නේ ඔවුන්ගේ ලෝකයේ එය බැඳීමක් හා විශ්වාසය ගොඩනඟ ගැනීමක් ලෙස දකින නිසාය.තමාට වැරදීමක් සිදුවූ බව පිළිගත් අන්තිම මිනිසා කෙසේ හෝ ජනරාල් කස්ටර් විය.
    ගැහැනු සහ පිරිමි එකම ලොව සංජානනය කරගන්නේ වෙනස් ආකාරයටය. පිරිමියෙක් ද්‍රව්‍ය සහ අරමුණු ඒවායේ සම්බන්ධතාව අනුව ජිග්සෝ ප්‍රහේලිකාවක කැබලි ඇලපෙන අයුරින් තබන්නා සේ අවකාශමය ආකාරයෙන් දකිති. ගැහැනු වඩා විශාල වඩා පුළුල් චිත්‍රයක සුළු දෙයක් පවා දකිති. නමුත් ප්‍රහේලිකාවේ එක් එක් කැබලි හා ඒවා අනෙක් කැබලිවලට ඇති සම්බන්ධය ඇය දකින්නේ ඒවායේ අවකාශමය පිහිටීමට වඩා වැදගත් ලෙසය. පිරිමි අවබෝධයතුළින් ප්‍රතිඵල ලැබීම, අරමුණු ඉටුකර ගැනීම, සමාජ තත්වය, බලය, තරඟයේ අන්‍යයන් පැරදවීම සහ අවසානය දක්වා කාර්යක්ෂමවීම සලකාගෙනම ක්‍රියා කරති. ගැහැනුන්ගේ දැනීම යොමුවන්නේ අදහස් හුවමාරුව, එක්ව කටයුතු කිරීම, සතුටින් සිටීම, ආදරය බෙදා ගැනීම හා එකිනෙකා අතර සම්බන්ධතාවය සඳහාය. මේ වෙනස ඉතා විශාලය. ගැහැනු හා පිරිමි එක්ව ජීවත්වීමටවත් සිතීමට පුළුවන්වීම එහෙයින් ඉතා පුදුමයකි.
    පිරිමි ද්‍රව්‍යවලටත් ගැහැණු ළමයි මනුෂ්‍යයන්ටත් කැමතිය. ගැහැණු ළමයින්ගේ මොළය සකස්වී ඇත්තේ මිනිසුන්ටත් (මනුෂ්‍යයන්ට) මුහුණුවලටත් ප්‍රතිචාර දැක්වීමටය. පිරිමි ළමයින්ගේ මොළය සකස්ව ඇත්තේ ද්‍රව්‍ය හා ඒවායේ හැඩවලට ප්‍රතිචාර දැක්වීමටය. වයස පැය කීපයේ සිට මාස කීපය දක්වා වූ ළඳරුවන් ඇසුරෙන් කළ අධ්‍යයන සියල්ලෙන් පෙනුණේ එක් පැහැදිලි කාරණයකි. පිරිමි ළමයි ද්‍රව්‍යවලට කැමතිය. ගැහැනු ළමයි මිනිසුන්ට (මනුෂ්‍යයන්ට) කැමතිය. විද්‍යාත්මකව මැණිය හැකි මෙම වෙනස්කම්වලින් එකම ලෝකය මොළය සකස්වීමේ වෙනස්කම් මත වෙනස් අයුරින් අත්විඳිනු පෙනේ. මුහුණු කෙරෙහි ඇල්ම දක්වන ළදැරියෝ ළදරුවන් මෙන් දෙතුන් ගුණයක කාලයක් අනෙක් අයෙකුගේ දෙඇස් මතම බැල්ම (eye contact) රැඳවීමට සමත් වෙති. පිරිමි ළමයි මෝටර් රථයක් ගමන්කරන අන්දම ද ඒවායේ අක්‍රමවත් හැඩද දැකීමට කැමතිය. මේ හේතුව නිසා ගැහැණු ලමයින් සමාජ සබඳතා ඇතිකර ගැනීමට ප්‍රියා කරන අතර පිරිමි ලමයින් ද්‍රව්‍යමය දේ සමඟ කටයුතු කිරීමට ප්‍රිය කරන බව පෙනී යයි. සමාජ සම්බන්ධතා ප ගොඩනැඟීමේ හා සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමේ කාර්යයේදී ගැහැණු ලමයින් පිරිමි ළමුන්ට වඩා ඉදිරියෙන් සිටින බව පැහැදිලි වේ. එසේම ගැහැණු ලමයින් මිනිසුන්ගේ මුහුණු නිරීක්ෂණය කිරීමෙන් ඔවුන් පෙළෙන චිත්ත ගතික ස්වභාවය පහසුවෙන් වටහා ගැනීමට සමත්ය. මේ හැකියා පිරිමි ලමයින් සතුව නැත. නමුත් ගැහැණු ලමයින්ට ද්‍රව්‍යාත්මක දේ සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට පිරිමි ලමයින් තරමට නොහැකිය. මේ හේතුව නිසා ගැහැණු ලමයින් එබඳු කාර්යයන්හිදී පිරිමි ලමයින්ට වඩා දුර්වල හැසිරීමක් පෙන්නුම් කරනබව පෙනී ගොස් තිබේ. වෘත්තීමය කටයුතු වලදී ද ගැහැණු හා පිරිමි ලමයින් සතුව පවතින මේ දෙයාකාර සංජානන ස්වභාවය නිසා විවිධතා ඇතිව තිබේ. ද්‍රව්‍යවල හැඩය, ස්වභාවය හා සංයුතිය පිළිබඳව පිරිමින්ට ක්ෂණිකව සංජානනය කළ හැකිය. එය පිරිමින්ට ඔවුන්ගේ කාර්යයන්හිදී වඩා ඵලදායි වේ. බාහිර භෞතික වස්තූන් පිළිබඳව සංජානනය කළහැකි විවිධ රටාවන් හා හැඩතල පිළිබඳව පිරිමින්හට වඩා වේගවත්ව සංජානනය සිදු කළ හැකිය. දුර අතීතයේදී සිටම පරිණාමනයේදී උරුම කරගත් සුවිශේෂී වූ කාර්යභාරය නිසා පිරිමින්හට ද්‍රව්‍ය සමඟ බොහෝ පහසුවෙන් කටයුතු කිරීමේ හැකියාව උරුමවී තිබේ. දඬයම් කිරීම හා ආහාර සොයා යෑමට උරුම වී තිබූ පිරිමින්ගේ චර්යාවට උචිත පරිදි ඔවුන්ගේ සංජානන හැකියා සකස් වී තිබේ. මේ අනුව ගැහැණු නිවස ආශ්‍රිතව විසීම වඩා සුදුසු වන අතර පිරිමි එළිමහනේ කරන ක්‍රියාවලට ජීව විද්‍යාත්මකව සුදුසුය. නිවස ආශ්‍රිතව විසීම නිසා වැඩිපුර අනික අයගේ අවධානයට ලක් නොවේ. නමුත් වර්තමානයේ එසේ විසීම සමාජයීය හේතු නිසා අපහසුය. එබැවින් යම් හෙයකින් ඇය සමාජගත වන අවස්ථාවලදී ඇගේ ආරක්ෂාව තකා ඇයව හැකිතාක් අනාරාධික පුරුෂ අවධානයට පාත්‍ර නොවන වැසුනු ඇඳුමකින් සමන්විතවීම වැදගත්ය. මේ ලක්ෂණ මම දකින්නේ මුස්ලිම් යුවතියන් සම්බන්ධයෙන් පමණකි. එබැවින් මුස්ලිම් යුවතියන් සම්බන්ධව ඉස්ලාම් පැණවීම් සියල්ල ජීව විද්‍යාත්මකව හා මනෝ වෛද්‍ය විද්‍යාත්මකව සත්‍යයක් බව වටහාගත හැකිය.

    1. ඔබතුමා දිග හැල්ලකින් විග්‍රහ කරන ජීව විද්‍යාත්මක වෙනස් කම් අන්තිමේදී ගෝත්‍රික විදිහට කාන්තාව පහත් කොට සැලකීම වෙනුවෙන් ලඝු කරන එක පිලිබඳ කණගාටුයි . මිනිසා සහ ගැහැණිය ජීව විද්‍යාත්මකව දරන වෙනස මත පමණක් ලෝකය කටයුතු කල යුතු නම් ඇය නිවසින් පිටතට ගිහින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් මතුවෙන්නේත් නෑ . නමුත් පහුගිය සියවස ඇතුලදි අදාල සිමාවන් ඉක්මවා ගිහින් පුරුෂයින් ස්වාභාවයෙන් දක්ෂතා දක්වන කටයුතු වලදී දක්ෂතා දක්වපු කාන්තාවන් කොතෙකුත් ඉන්නවා , ඒ වගේම කාන්තාවන් සඳහා ආවෙණික ලක්ෂණ උදා -මල්ටි ටාස්කින් දරන පුරුෂ පාර්ශවයත් ඉන්නවා . වසර දහස් ගණනක් තිස්සේ මිනිස් පරිණාමනය සිදු වුනු පිලිවෙලට අනුව සැකසුනු මානව ජාන ලක්ෂණ එකවර වෙනස් නොවුනත් ඒ සඳහා ලැබුනු අවස්ථාව තුලින් සාර්ථක ප්‍රතිඵල ලබාගන්නට සමත් වෙලා තියනවා . ඔබ පිරිමින්ට ආවෙණික කරල දක්වන ලක්ෂණ දරපු කාන්තාවන් සාර්ථක රාජ්‍ය නායිකාවන් බවට පත්වීම මේකට හොඳ උදාහරණයක් . ඔබ විද්‍යාත්මකයි කියන මුස්ලිම් සමාජයේ කාන්තාවන් තවමත් , දරුවන් හැදීම ගේ දොර බලාගැනීමට සිමාවෙත්දි , කාන්තා පිරිමි බේදයකින් තොරව සමාන අවස්ථාවන් ලබාදීපු සමාජයන් වල කාන්තාවන් ඇතැම් විට ඔබ ඔය පදනම් කරගන්න ඇතැම් පර්යේෂන වාර්ථා වලට පවා දායකත්වය ලබා දී තිබෙන්නට අවස්ථාව තියන බව අමතක කරන්න එපා . කාන්තාව සහ පිරිමියා ඔවුන් ජීව විද්‍යාත්මකව සැකසී ඇති කාර්යන් වෙනුවෙන් පමණක් වෙන් කරනවා නම් මනසින් උසස්ය කියන මිනිසා ගේත් , වානරයාගෙත් ඇති වෙනසක් දකින්න නෑ . උදාහරණයක් විදිහට පරිඝකන ක්ශේත්‍රය තුලම මේ මොහොත වන විට සිටිනා කාන්තා ප්‍රධාන විධායකයින් සංඛ්‍යාව අරන් බලන්න . ඔබ විද්‍යාත්මක යැයි පවසන මුස්ලිම් රටවල කාන්තාවන් ඒ අවස්ථාවන් ලබාගෙන තියනවාද . ? ඔය කියන විද්‍යාත්මක ක්‍රමය අනුගමනය නොකරන රටවල් ලබාගෙන තියන ආර්ථික සමාජීය දියුණුවෙ අහලකටවත් පැමිනෙන්නට මුස්ලිම් රටවලට හැකියාක් ලැබිලා තියනවාද ? .

      ඔබ පදනම් කරගත්ත පර්යේෂණ පත්‍රිකා මොනවාද කියල සඳහන් කරනවා නම් , අදාල කරුණු පිලිබඳ කියවලා බලන්න අපිටත් පුලුවන් .මා ඔබේ ජිව විද්‍යාත්මක තර්කයන් ප්‍රශ්න නොකරන්නේ ජීව විද්‍යාව මාගේ විෂය ධාරාව නොවෙන නිසා . ඔබේ විද්‍යාත්ම පදනම තහවුරු කරන්න අදාල පර්යේෂණ පත්‍රික ඉදිරිපත් කිරීම අවශ්‍යයි . අවස්ථාන් ලැබුනු විටක , කාන්තාවන් පුරුෂයින්ට ආවෙණික ලක්ෂණ අවැසි වෘත්තීන් හී නිපුණතාවයන් දක්වන බවට සමාජීය සාධක ඔබට සොයාගැනීමට නොහැකි නම් , ඒ සඳහා උදාහරණ ඉදිරිපත් කිරීමට මාත් සුදානම්

      1. @ආචාර්ය සුජිත් – බ්ලොග් අඩවියේ සංස්කාරක වරයා මාගේ ප්‍රතිචාර වාරණයට ලක්කරන නිසා ඔබත් සමඟ මේ සංවාදය තව දුරටත් පවත්වාගෙන යා නොහැක . ඔබ කැමති නම් මාගේ බ්ලොග් අඩවිය තුල හෝ ඔබගේ බ්ලොග් අඩවියක් තුල සංවාදය මෙතන් සිට පවත්වාගෙන යා හැක . සංවාදයට එකතු වීම පිලිබඳ ස්තුතියි !

        1. මා විසින් වාරණය කළේ ඔබ විසින් ආචාර්ය සුජිත් අරබයා කළ ද්වේෂ සහගත ප්‍රතිචාරයකි. නමුත් ඔබ සමග සංවාද කරනවාද? නොකරනවාද? යන්න ඔහු විසින් තීරණය කරනු ඇත.

  22. අප කොපමණ පිළිගැනීමට මැලිවුවද සත්‍යයෙහි ද්විවිධ ප්‍රභේදයක් නැත. මානව වර්ගයා මනුෂ්‍යත්වය අතින් සමානය. එසේ වුවද ලිංගික අනන්‍යතාවය ජීව විද්‍යාත්මක හා මනෝ වෛද්‍ය විද්‍යාත්මක සත්‍යයක් බව අමතක නොකළ යුතුය. එහිදී මතුපිටින් දක්නට ලැබෙන ස්ත්‍රී පුරුෂ ශරීරයෙහි පමණක් නොව හිස් කබල අභ්‍යන්තරයෙහි පිහිටා ඇති මස්තිෂ්කයෙහිද මේ ලිංගික අනන්‍යතාවයට අදාළ සුවිශේෂී වෙනස් කම් හා විවිධතා ඇතිබව නූතන පර්යේෂණවලින් හෙලී වී තිබේ. යම් කෙනෙකු වස්ත්‍ර භාවිතා කරනුයේ ශරීරය උණුසුම්ව පවත්වා ගැනීමට මෙන්ම සිරුරෙහි විලිබිය වසා ගැනීමේ අවශ්‍යතාව තෘප්ත කිරීම සඳහායි. නමුත් වර්තමාන සමාජය බෙහෙවින්ම වාණිජකරණයට යටවී තිබේ. මේ වාණිජකරණය සමඟම සමාජයේ තිබූ යහපත් පුරුෂාර්ථ අනුක්‍රමයෙන් ගිලිහී යමින් තිබේ. ස්ත්‍රියකගේ සුකුමාර ලාලිත්‍යමය කෝමල සිරුර වඩා පහසුවෙන් ලාභ ඉපයිය හැකි වාණිජ මෙවලමක් නැතිනම් ලිංගික ආයෝජනයක් ලෙස නූතන සමාජය තුළ සැලකේ. මේ යටතේ ස්ත්‍රී නිරුවත මෙන්ම අඩ නිරුවතටද ලැබී ඇත්තේ පුදුමාකාර ප්‍රමුඛත්වයකි. කිසිදු වෙනත් සුදුසුකමක් නැතිව වුවද ලිංගිකත්වය අලෙවිකර වුවද ධනය ඉපයිය හැකි පමණට මේ සමාජය වාණිජකරණයෙන් අන්ධවී තිබීම අවාසනාවකි. ඉස්ලාම්වරුන් කෙතෙක් ශූර ව්‍යාපාරික ප්‍රජාවක් වුවද ඔවුන් වාණිජ ක්‍රම මඟින් ධනය උපයනුයේ බොහෝ වෙහෙසවී අවංකව කටයුතු කිරීමෙනි. ධනය ආයෝජනය කර අයථා ක්‍රම මඟින් පොලිය රැස් කිරීම මෙන්ම, ධනය ඉපයීම සඳහා වැරදි ලෙස කාන්තා සිරුර අලෙවි කිරීමක් ඉස්ලාම් ජන සමාජයතුළ දක්නට නොවේ. එසේම කෘතිම රස කාරය, කෘතිම රසායනික ද්‍රව්‍ය මඟින් ආහාරවල ස්වභාවිකත්වය විකෘතිකිරීමක් මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව තුළ දක්නට නැත. ඔවුන් සෑම කටයුත්තකදීම සාධාරණත්වය පවත්වා ගැනීමට වෙහෙස වෙන පිරිසක් බව අවංකව කිව යුතුය. හලාල් සහතිකය පවා ඔවුන්ගේ වාණිජ භාණ්ඩ හා සේවා නිෂ්පාදන සඳහා ඔවුන් විසින් ලබා දෙනුයේ මේ සාධාරණත්වය ඇඟවීම පිණිසය. හලාල් නාමය නම් හුදෙක් එහි ආගමික මුහුණුවරට වඩා සාධාරණ අවංක බව ඇඟවීමේ සලකුණක් ලෙස දැක්වීම මේ අනුව නිවැරදි යැයි සිතමි.
    ගැහැණු හා පිරිමි ලිංගික ක්‍රියාකාරීත්වය අතින් මනෝකායිකව බොහෝ විවිධත්වයක් දරන බව දැක්විය හැකිය.ලිංගිකත්වය අනුව වෙනස්කම් බොහෝ තිබුණද පිරිමි හා ගැහැණු අතර සම්බන්ධතාවයද පවතියි. මෙහිදී එහි ගෞරවයෙන් වැඩි කොටස හිමි වන්නේ ගැහැණුන්ටයි. මන්ද ඇය සියලු වෙනස්කම් අතරම සම්බන්ධතාවයත් පවුලත් ආරක්ෂා කර ගැනීමට දක්ෂ වන හෙයිනි. ඔවුන්ට කතාවෙහි හා හැසීරීමෙහි වෙනස් ස්වභාවයෙන් පිරිමියාගේ කැමැත්තද එම කතාව හා ක්‍රියා පිටුපස වූ ප්‍රේරණයන්ද ( දැඩි පෙළඹවීම්, කැමැත්ත) කල් තබා වටහා ගෙන එහි ප්‍රතිවිපාක, තේරුම් ගෙන කල්තබා ක්‍රියාමාර්ග ගැනීමට හා ගැටළු විසඳා ගැනීමට හැකියාව ඇත. මේ කාරණය අනුව පමණක් වුවත් සියලු ජාතීන්ගේ නායකත්වය ගැහැනුන් දරන්නේ නම් ලෝකය වඩා ආරක්ෂා සහිත වන බව විශ්වාස කළ හැකිය. පිරිමියා සැකසී ඇත්තේ දඩයම් කිරීමට, ආහාර ලුහු බැඳීමට, ගෙදර යන පාර සොයා ගැනීමට, ගිනි මැලය දෙස බලාගෙන ගිනි තැපීමට හා වර්ගයා බෝ කිරීම සඳහා ගැහැණුන් හා සංසර්ගයෙහි යෙදීමටය. ඔවුන්ටද නවීන ලෝකයේ ජීවත්වීමට ගැහැණියක නොමැතිව නව මං සෙවිය යුතු වේ. මේ නිසා ලෝකය තුළ ගැහැණියකගේ පැවැත්ම අනිවාර්ය අවශ්‍යතාවයකි. එබැවින් ගැහැණිය සුරක්ෂිත කළ යුතුය. ගැහැණිය නිරාවරණය නොකළ යුතුය. ආවරණය කර සුරක්ෂිත කර තැබිය යුතුය. ගැහැණිය නිරාවරණය කළ විට පහසුවෙන් විනාශ මුඛයට යයි. ආවරණය කළ විට සුරක්ෂිත කර තැබිය හැකිය. පිරිමියාට සංසර්ගය පිණිස හා වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම තකා කටයුතු කිරීමට ගැහැණිය අවශ්‍යය. නමුත් මානවයා සෙසු සත්වයන්ට වඩා දියුණු ශිෂ්ටාචාරයකට හිමිකම් කියන බැවින් තිරිසන් සතුන්ගේ ආකාරයට ගැහැණිය සමඟ කටයුතු කිරීම අපහසුය. තිරිසන් ලෝකයේ සෑම සත්වයෙකුම සැරිසරන්නේ අඩ නිරුවතින් නොව සම්පූර්ණ නිරුවතිනි. උන්ට එය ප්‍රශ්නයක් නොවේ. මන්ද උන් ශිෂ්ට නොවන බැවිනි. උන්ගේ නිරුවත උන්ට සාමාන්‍ය දෙයකි. නමුත් මානසිකව ශිෂ්ට මිනිසාට එය ගැටළුවකි. එයින් ඔවුන්ගේ ජාගර සිත්වල රාගය, කාමය ආදී හැඟීම් උපදින බැවිනි. මෙයින් අදහස්වනුයේ සතුන්ට එවැනි හැඟීම්ඇති නොවන බව නොවේ. නැතිනම් මිනිසුන් සතුන්ටත් වඩා පහළ මට්ටමක වෙසෙන බවක්ද නොවේ. සතුන්ට කාමාශාව ඇතිවන්නේ ශාරීරික හෝමෝන ක්‍රියාකාරීත්වයක් ලෙස පමණකි. එයද නියමිත කාලසීමාවකට යටත්වය. නමුත් මිනිසාට එසේ නැත. මිනිසාට කාමාශාවට කාලයක් වෙලාවක් නැත. මානසික හා ශාරීරික යෝග්‍ය බව තිබෙන තාක් කල් මිනිස්සු කාමාශාවෙන් පරිපීඩිතව කාමුක චර්යාවල නිරත වෙති. මානවයා මානසිකව සතුන්ට වඩා උසස්ය. නමුත් කාමාශාව කාලසීමාවකට යටත් නොවී සතුන්ට වඩා දිගුකාලයක් පවතී. අනෙක් සතුන්ට මේ මවය, මේ සොයුරියය, මේ ඥාතීවරියය යනුවෙන් වෙන්කර හඳුනාගැනීමක් නැත. කවර තරාතිරමේ ස්ත්‍රී ලිංගික සත්වයෙකු සමඟ හෝ ලිංගික සංසර්ගයෙහි නිරතව වර්ගයා බිහි කිරීම සත්ව ස්වභාවයයි. නමුත් මිනිසුන්ට එසේ කළ නොහැකිය. මේ හේතුව නිසා විවාහ සංස්ථාව බඳු පවුල් ඒකකයක් ගොඩනඟා සමාජ සම්මත ක්‍රමයට ලිංගික චර්යාවේ නිරතවීමට අවස්ථාව ලැබෙන තුරු ස්ත්‍රියකගේ මනෝකායික පසුබිම සුරක්ෂිතව තැබීමේ අවශ්‍යතාවයක් මතුවේ. මන්ද ඉන් පරිබාහිරව ශාරීරික වුවමනා මත සිදුවන ලිංගික සබඳතා සමාජය අනුමත නොකරන බැවිනි. එසේ වුවහොත් ඒවා තිරිසන් චර්යාවට සමාන වන නිසාය.
    පිරිමිද ගැහැනුද ඔවුන් ජීව විද්‍යාත්මකව වෙනස් අය බව පිළිගන්නේ නැතිව අනෙකා තමාගේ බලාපොරොත්තු අනුව ජීවත් විය යුතු බව සිතන්නේ නම් ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය පවත්වාගෙන යාම ඉතා අපහසු වේ. පිරිමිද ගැහැණුද මනුෂ්‍යත්වයෙන් සමානය. ඒ පිළිබඳ කිසිදු තර්කයක් නැත. නමුදු ජීව විද්‍යාත්මකව හා මනෝ වෛද්‍ය විද්‍යාත්මකව ඔවුන් වෙනස්ය. එසේ නැතිව ඔවුන්ගේ ප්‍රමුඛතාවයන් ද ආවේග ද ආශාවන්ද සමානය යන වැරදි විශ්වාසය නිසා ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයන්හි ඇතිවන පීඩා කාරී බව බොහෝ වන බව අපි ඕනෑ තරම් අත්දැක ඇත්තෙමු. මානව ඉතිහාසයේ පළමුවරට අපි ගැහැණු හා පිරිමි දරුවන් ඇති දැඩි කරන්නේ හා ඔවුන්ට කුඩාකළ සිට උගන්වා පුරුදු පුහුණු කරන්නේ එකම ආකාරයකටය. එනම් හැම දෙනාම එකිනෙකාට සමානය. සමාන හැකියා, සමාන සංජානන, සමාන ජෛව විද්‍යාත්මක පසුබිම් වලින් යුක්තය ආදී වශයෙනි. නමුත් මෙසේ ඉගෙනීම ලබන ඒ කුඩා දරුවන් වැඩිහිටි ස්ත්‍රී පුරුෂයන් වී විවාහ වූ පසුව පළමු ලිංගික සංසර්ගයෙන් පසු මුල්ම දින උදෑසන අවදිවී දකින්නේ ඔවුන් එකිනෙකාට ජීව විද්‍යාත්මක හා මනෝ වෛද්‍ය විද්‍යාත්මක හැඩයෙන්ද ආකාරයෙන්ද හැම අතින්ම වෙනස් බවය.පුදුමය නම් අද කාලේ වුවත්, තරුණ තරුණියන්ගේ විවාහ ජීවිත එබඳු අනතුරුදායක ආකාරයට වුවද වැඩි ප්‍රතිශතයක් මේ දක්වාම නොබිඳී පැවතීමය. මෙසේ ලිංගික ද්වය වන ගැහැණු පිරිමි ලිංගික අනන්‍යතාවයට අයත් වූ අය සමානය යන ඕනෑම සංකල්පයක් අප්‍රසන්න මෙන්ම මහත් සේ අනතුරුදායකය. මක් නිසාද යත් ජීව විද්‍යාත්මකව හා මනෝ වෛද්‍ය විද්‍යාත්මකව සම්පූර්ණ වෙනස් ආකාරවලට හැඩගැසුණු මොළ ඇති ගැහැණු පිරිමි දෙකොටසෙන් එකම ආකාරයෙහි හැසිරීම් බලාපොරොත්තු වන බැවිනි. සොබා දහම ස්ත්‍රී පුරුෂ ලිංගික ද්වය අතර මෙතරම් ලොකු අසමානකම් ඇති කිරීම තේරුම් ගැනීමටද අසීරුය. නමුත් අපට එසේ පෙනෙන්නේ දැන් පවතින පරිසරය අනුව අපගේ ජීව විද්‍යාත්මක හා මනෝ වෛද්‍ය විද්‍යාත්මක ස්වභාවය නොගැලපෙන හෙයිනි. ඔබ මේ වෙනස ඇති වීමට හේතු නිසි අයුරින් අවබෝධ කරගත් විට ඔබට ඔවුන් හා ජීවත්වීමට පහසුවනවා හැර ඒවා කළමනාකරණය කර ගැනීමට අගය කිරීමට හා වෙනස්කම් ආදරයෙන් රැක ගැනීම පවත්වන්නටද පුළුවන් බව වටහාගත යුතුය. පිරිමින්හට බලයත්, ජයග්‍රහණයත්, ලිංගික ආශ්වාදයත් අවශ්‍යය. ගැහැණුන්ට අනෝන්‍ය සම්බන්ධතා පවත්වා ගැනීමට, ස්ථාවරත්වය එනම් නොවෙනස්ව පැවතීම හා ආදරය අවශ්‍යය. මේවා ගැන සිත් වේදනා ඇති කර ගැනීම වහිනවාට අහසට දොස් නැඟීමට සමානය. වැස්සට මුහුණදීමට කුඩයක් හෝ වැහි කබායක් ලාගෙන නොතෙමී යාම මඟින් ගැටලුවක් ඇති නොවේ. වැස්සට නොතෙමී යාම සඳහා කුඩය හා වැහි කබාය උපකාර කරන්නාක් මෙන්ම සඳහා සමාජ සම්මත විවාහ දිවියට ඇතුළත්ව ලිංගික සංසර්ගය ක්‍රමත්ව ආරම්භ කරන තුරු වැරදි අසම්මත ව්‍යභිචාරී ලිංගික චර්යාවලට ලක්වීමෙන් ස්ත්‍රියකගේ මනෝකායික පසුබිම සුරක්ෂිත කර තැබීම සඳහා භාවිතා කරන පහසු මෙවලමක් ලෙස සිරුර ආවරණය කර ගැනීමේ වස්ත්‍රය දැක්විය හැකිය. මේ අන්දමට අපේ පවතින අසමානකම් නිසා සම්බන්ධතාවයන්හි ඇති විය හැකි අපහසුකම් හා ගැටුම් ගැන බලාපොරොත්තුව සිටීමෙන් ඒවා පැන නඟින විටදීම නිෂ්ක්‍රිය කළහැකිය.

  23. සාමාන්‍ය ජන සමාජයේ වුවද විවිධ මානසික ආබාධ, මානසික දුබලතා හා මානසික විකෘතිතා ලක්ෂණ සහිත අය විසිය හැකිය. නමුත් ඔවුන් තුළ ඉහත දුබලතාව එතරම් උච්ච මට්ටමක නොවීම නිසාම එබඳු දේ නිසි අයුරින් සාමාන ජන සමාජය විසින් හැඳිනගන්නේද නැත. යම් කෙනෙකු තවත් අයෙකු අබිභවා ක්‍රියා කිරීමට අසීමාන්තික වෑයමක් දැරීම තුළ ඩිප්‍රෙෂන් වැනි රෝගයන්හි මූලයන් ගැබ්විය හැකිය. ප්‍රදර්ශන කාමය යනුවෙන් හැඳින්වෙන්නේද පරපීඩක කාමාශාව හෝ ස්වපීඩක කාමාශාව යනු කාමරාග ආවේදනයේ බලපෑම නිසා ඇතිවන මානසික රෝගී තත්වයක් ලෙස මනෝ වෛද්‍ය විද්‍යාවේ සඳහන්ය. මින් ප්‍රදර්ශන කාමය වැළඳී ඇති පුද්ගලයින් බොහෝවිට නිරුවත ප්‍රියකරන මානසික මට්ටමක පසුවෙයි. මේ නිරුවත තමාගේ හෝ අනුන්ගේ හෝ වියහැකිය. රහසිගතව රාත්‍රී කාලයේ නේවාසිකාගාරව වැනි බහුලව කාන්තාවන් ගැවසෙන ස්ථානවලට ගොස් ස්වකීය රහස්‍ය ස්ථාන ප්‍රදර්ශනය කරමින් කාම තෘප්තිය ලැබීම මෙබඳු මානසික රෝගී තත්වයක් ඇති පුද්ගලයෙකුගේ ලක්ෂණ ලෙස දැක්විය හැකිය. ඊට සමානුපාතිකව පුරුෂයන් බහුලව ගැවසෙන හමුදා කඳවුරු නේවාසිකාගාර ආදී ස්ථානවල මේ අන්දමින්ම නිරුවත්ව සිට සිය රහස්‍ය අවයව ප්‍රදර්ශනය කරමින් එමඟින් කාමාශාව සංතර්පණය කරගැනීමට ලොල් කරන කාන්තවෝද සිටිති. මෙබඳු මානසික ව්‍යාධි වැළඳුනු අයගේ සමාජ මට්ටම කවරාකාර වුවද කුමන සමාජ ස්ථරායනයකට අයත් වුවද ඔහු හෝ ඇය පෙළෙන්නේ මානසික රෝගී තත්වයකින් බව වටහාගත යුතුය. සමහරු බස්රථ, ත්‍රීවීලර්, වෑන්රථ වැනි පොදු ප්‍රවාහන සේවාවලදී පවා සිය නිරුවත ප්‍රතිවිරුද්ධ ලිංගිකයින්ට ප්‍රදර්ශනය කර රහසිගතව කාමාශා සංතර්පණය කරගැනීමට කටයුතු කරති. මෙබඳු පුද්ගලයින් කුමන ස්වරූපයෙන් කුමන ආකාරයකින් සාමාන්‍ය ජන සමාජය තුළ සැඟවී කටයුතු කළද ඉතාම පහසුවෙන් ඔවුන්ගේ චර්යා නිසා අනන්‍යයන්ට ඔවුන්ට හඳුනාගැනීම පහසුවී තිබේ. මිනිසුන් බහුලව ගැවසෙන ස්ථානවලට සිය අඩ නිරුවත හෝ නිරුවත දැක්වෙන ලෙස සිරුර නිරාවරණය වන පරිදි හැකිතාක් අවම ඇඳුම් පැළඳුම් ප්‍රමාණයක් භාවිතා කිරීමට මෙබඳු අය රුචිකත්වයක් දක්වති. එබඳු අයට අනුග්‍රහ දැක්වීමට ඉදිරිපත්වනුයේද අවරෝධිත කාමාශාවෙන් හා විකෘති කාමයෙන් පෙළෙන එබඳුම මානසික රෝගී චර්යාවකින් සමන්විත අය බව වටහා ගත යුතුය. බොරු වීරකම් පෙන්වමින් අනුන් හෙලා තලා කතා කරන විවිධ සමාජ අපචාර ආදියට සම්බන්ධ අයද සාමාන්‍ය ජන සමාජයට මුහුණදීමට අපහසුකමින් සැබෑ අනන්‍යතාව සමාජයෙන් සඟවා අපරාධකරුවන්, දුෂකයින් මෙන් ජීවත්වන අයද මීට සමාන බරපතල මානසික ව්‍යාධිවලින් සමන්විත පුද්ගලයින් වියහැකිය. ඔවුන් බොහෝවිට සිදුකරන්නේ අනුන්ව කුපිත කරවන සාහසික ක්‍රියාවල නිරතව ඒවායේ වරද අනුන් පිට පැටවීමට ප්‍රයත්න දැරීමයි. මානසික රෝගී පුද්ගලයින්ගේ පෞරුෂත්වය හීනවී යයි. එබඳු අවස්ථාවකදී අදාළ පුද්ගලයාටම තමන් විසින් කරන කියන දේ පිළිබඳව නිවැරදිව වටහාගැනීමට නොහැකිවේ. උමතුබවට පත්වූ පුද්ගලයින් අසිහියෙන් මෙන් යම් යම් දෑ කරනු කියනු පෙනෙන්නේ මේ හේතුව නිසාය.
    මානසික රෝග යනු සංස්කෘතියට හා සාමාන්‍ය වර්ධනයේ කොටසක් නොවන පුද්ගලයා පීඩාවට හෝ අබාධිත්වයට පත් කරන මානසික හෝ කායික ක්‍රියාවලීන් වෙයි. මානසික රෝග පිළිබඳ අවබෝධය කාලයත් සමඟ වෙනස් වී ඇත. මානසික රෝගවල අර්ථ දැක්වීම්, වර්ගීකරණය සහ ඇගයුම වෙනස් විය හැකි වුවද , ICD , DSM සහ අනෙකුත් අත්පොත්හි ඇති මඟ පෙන්වීම් මානසික රෝග විශේෂඥයින් පිළිගෙන ඇත. මේවායේ රෝග වර්ගීකරණ කාණ්ඩ ලෙස චිත්ත ස්වභාවයේ රෝග , සිතේ නොසන්සුන් බව නිසා ඇති වන රෝග, මානසික විකෘතිතා, ආහාර ගැනීමේ රෝග, වර්ධනයේ රෝග , පෞරුෂයේ රෝග සහ අනෙකුත් කාණ්ඩ ලෙස හඳුන්වා දිය හැක. බොහෝ විට මානසික රෝග සඳහා හඳුනාගත හැකි හේතුවක් නොමැත.
    බොහෝ රටවල්වල ජනගහණයෙන් 1/3කට වඩා ප්‍රමාණයක් ජීවිතයේ කිනම් හෝ කාලයක් තුළ මානසික රෝග ලක්ෂණ පෙන්වයි. මානසික සෞඛ්‍ය වෘත්තිකයින් විවිධාකාර ක්‍රම මඟින් මෙම‍ රෝගීන් හඳුනාගනී. බොහෝ විට ඒ සඳහා රෝග ඉතිහාසය , සම්මුඛ සාකච්ඡා යොදා ගනී. මානසික ප්‍රතිකාර සහ ඖෂධ වර්ග ප්‍රධාන ප්‍රතිකාර වර්ග 2කි. මීට අමතරව උපකාරක මැදහත් වීම් ද එක් ප්‍රතිකාර කළ හැක. මෙම රෝගීන් වෙනස් නොව සැලකීම සහ අපකීර්තියට පත්වීම නිසා විවිධ ප්‍රශ්න පැන නැගී ඇත. එම නිසා මානව සෞඛ්‍ය සේවා සහ ආකල්ප වෙනස් කිරීම සඳහා දැඩි ප්‍රයත්නයක් දරමින් පවතී.
    මානසික ‍රෝග සදහා මීට දශක පහකට හයකට පෙර විධිමත් ප්‍රතිකාර තිබුනේ නැහැ. බලි තොවිල් වැනි යාතු කර්ම සමග පාරම්පරික වෛද්‍යකර්ම යොදවා ගත්තා. බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කල අංගොඩ මුල්ලේරියා රෝහල්වලට මානසික රෝගීන් යොමු වුවත් එය ජනප්‍රිය වෛද්‍ය ක්‍රමයක්‍ ලෙස පිලිගෙන තිබුනේ නැහැ. ඒ වගේම අද මෙන් බටහිර ක්‍රමවලත් ක්‍රියාශිලී ඖෂධ වර්ග තිබුනේ නැහැ. එකල කියවුන දේශිය පාරම්පරික වෛද්‍ය ක්‍රමයන්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍.විධිමත් සහ ප්‍රතිපලදායි වෛද්‍යක්‍රමයන් වුනේ නැහැ.
    වර්තමානය වන විට ශාරීරික රෝග මෙන්ම මානසික රෝග ද වැඩිදියුණුවු ඖෂධීය ප්‍රතිකාර මඟින් හෝ වෙනත් චිකිත්සක ප්‍රතිකාර මඟින් සුවයක් ලබාදිය හැකි බවත්, නැතිනම් රෝගය පාලනය කළ හැකි බවත් අප වටහා ගෙන තියෙනවා.
    මානසික ආබාධවලට ගොදුරු වූ පුද්ගලයින් පිළිබඳව සැලකීමේදී බරපතළ සහ බරපතළ නොවන මානසික රෝගවලට ගොදුරු වී ඇති සංඛ්‍යාව සමස්ත ජනගහනයෙන් සියයට 8 – 10 අතර ප්‍රමාණයක්.
    බරපතළ ගණයේ මානසික රෝගවලට ගොදුරු වී ඇති සංඛ්‍යාව සියයට 2 ක් පමන වනවා.
    මොළය ආශ්‍රීතව ඇතිවන අබාධ මානසික ආබාධ ලෙස හදුන්වනවා. එවැනි රෝග ඇතිවීමට ජානමය හේතු හා හදිසි අනතුරු නිසා මොළයට වන හානි හේතුවෙන්න පුළුවන් .
    බොහෝ දෙනෙක් වෙතින් මානසික ආබාධ මතු වන්නේ වයස අවුරුදු 16 පමණ කාලයේ සිට. එතැන් සිට එම රෝගියා මුළු ජීවිත කාලයම ගෙවන්නේ මානසික ආබාධිත තත්ත්වයෙනි.
    කිසියම් රෝගයක් නිසා ආබාධ තත්ත්වයට පත්වී ගෙවීමට සිදුවන කාලය සහ කිසියම් රෝගයක් නිසා අහිමි වන ජීවිත කාලය ප්‍රතිශතයක් ලෙස ගත් විට එම අගය සියයට දොළහයි දශම හයකි. මෙය අනෙක් රෝග හා සසදන විට ඉහළම අගයක්.
    මෙය ඉහළ අගයක් වීමට ප්‍රධාන හේතුව වන්නේ මානසික රෝග බහුලව ඇතිවන්නේ නව යොවුන් වියේදී වීම නිසා. එසේම බරපතළ මානසික රෝගීන් සියයට අසූවක්ම දීර්ඝ කාලීනව පීඩා විදිනවා.
    එම නිසා මානසික රෝගවලට දීර්ඝ කාලීනව ඖෂධ භාවිතාව අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් අප ජන සමාජයේ බහුලව ව්‍යාප්තව පවතින මානසික රෝ 03 ක් දැක්විය හැකිය. එනම් 1. භින්නෝන්මාදය,
    2. භාවික උන්මාදය, 3. විෂාදය. යන තුනයි. එසේම බිය, කාංසාව, ග්‍රස්ථිය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වැනි උග්‍ර නොවන මානසික ආබාධයන්ගෙන් ද බොහෝ දෙනෙක් පීඩා විඳිනවා.

    භින්නෝන්මාදය රෝගය බිය මූලික කරගෙන ඇතිවන්නකි. පිරිමින් කෙරෙන් මතුවන්නේ වයස අවුරුදු 16 – 25 අතර කාලයේදීත් කාන්තාවන්ගේ නම් වයස අවුරුදු 25 – 40 අතර කාලයේදීත් මෙම තත්වන මතුවනවා. මෙය භයානක වර්ගයේ මානසික ආබාධ තත්ත්වයක් නිසා, ජිවිත කාලයෙන් වැඩිම කලක් මානසික ආබාධිතව ගෙවීමට රෝගීන්ට සිදුවනවා. නිසි ප්‍රතිකාර ලැබුණහොත් භින්නෝන්මාදයෙන් පෙළෙන රෝගීන්ගෙන් 20% කට පමණට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සලස්වා ගත හැකි වනවා. එසේම භාවික භාවික උන්මාදය සමාජයේ පවතින උග්‍ර මානසික රෝගයකි. මෙය මතු වන්නේ ද තුරුණු අවධියේදීය. මෙය භින්නෝන්මාදය තරම් දරුණු – ජීවිත කාලය පුරාම පවතින රෝගයක් නොවූවද මෙය නැවත නැවත මතු වෙමින් පවතින රෝගයකි. මෙහිදී ද අධ්‍යාපනය, විවාහ ජීවිතය, කඩාකප්පල් වී යා හැකි ය. මොවුනට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් ගත කළ යුතුය. එසේම විෂාදය ද්වේෂය මූලික කරගෙන හට ගනියි. අප සමාජය තුළ බහුලව පවතින අනෙක් උග්‍ර මානසික රෝගය වන්නේ විෂාදයයි. මානසික රෝගවලින් වන හානිය පිළිබඳව සලකා බැලීමේදී 4 වැනි ස්ථානය හිමි වන්නේ විෂාදයටය. සමස්තයක් ලෙස සැලකූ විට අප ජනතාවගෙන් සියයට 10 කට ආසන්න සංඛ්‍යාවක් විෂාදයෙන් පීඩා විඳිති.
    විෂාදයෙන් පීඩා විඳින කාන්තාවන්ගේ සංඛ්‍යාව පිරිමින්ගේ සංඛ්‍යාව මෙන් දෙගුණයකි. එසේම මෙහි භයානක තත්ත්වය වන්නේ විෂාදයෙන් පෙළෙන රෝගීන්ගෙන් සියයට 15 – 20 අතර සංඛ්‍යාවක් සිය දිවි හානි කර ගැනීමයි.
    සියදිවි නසා ගන්නා පුද්ගලයින්ගෙන් සියයට 90 ක්ම කිසියම් මානසික රෝගයකින් පෙළෙන බව හෙළි වී තියෙනවා. එසේම එසේ සියදිවි නසා ගන්නා පිරිසෙන් සියයට 50 කට වැඩි පිරිසක් එසේ කරගන්නේ විෂාදය නිසා බවත් හෙළි වෙලා තියෙනවා.
    විෂාදය රෝගියකුට උපරීම කාර්යක්ෂමතාවයෙන් වැඩ කළ නොහැකිය. වැඩ කළ ද ඔවුන්ගේ ඵලදායිතාවය අඩුය.
    විෂාදය පිළිබඳව හෙළිවී ඇති තවත් වැදගත් කරුණක් වන්නේ දරුවන් ප්‍රසූත කළ මවුවරුන්ගෙන් සමහර දෙනෙක් පශ්චාත් ප්‍රසව කාල පරිච්ඡේදයේදී විෂාදයට ගොදුරු වන බවය.
    මත්පැන් සහ මත්ද්‍රව්‍යය‍ වලට ඇබ්බැහි වීමද සමාජයේ ප්‍රබල ඛේදවාචකයක් ලෙස දැක්විය හැකිය. මත්පැන් සහ මත්ද්‍රව්‍යය‍ වලට ඇබ්බැහි වීම ද මානසික ආබාධයක් ලෙස සලකන අතර එය භයානක නොවන මානසික ආබාධ යටතට ගැනේ. ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල ජීවත්වන්නන්ගෙන් 26% ක් පමණ හානිකර ලෙස මත්පැන්වලට ඇබ්බැහි වී ඇති බව හෙළි වී ඇත. බිය, ග්‍රස්ථිය, කාංසාව වැනි සුළු මානසික ආබාධයන් සහිත පුද්ගලයෝ අප සමාජයේ කොතෙකුත් සිටිති. මේ සඳහා ප්‍රතිකාර ලෙස ඉහත කී උග්‍ර තත්ත්වයේ මානසික රෝගවලට ඉක්මන් ප්‍රතිකාර ලබා දීම අවශ්‍යවේ. එසේ කිරීමෙන් එම පුද්ගලයන්ගේ මනස ආබාධ තත්ත්වයට පත්වීම අඩුවේ. පමාවී ප්‍රතිකාර කිරීමෙන් රෝගියා සුව කර ගැණිම පමාවේ. අන්ධ විශ්වාස මානසික ව්‍යාධි ඇතිවීමට ප්‍රබල හේතුවකි. මානසික රෝගවලට හේතු වන්නේ අද්භූත බලවේගයක බලපෑමක්, ග්‍රහ අපලයක්, හදි හූනියමක් වැනි දෙයක් යැයි ඇතැම්හු විශ්වාස කරති. එම විශ්වාසයන් ඔස්සේ ගොස් මිල මුදල් වැය කරමින් කාලය කා දමමින් බොහෝ දෙනෙක් වෛද්‍ය ප්‍රතිකාර පමා කරති. නූල් බැඳීම, හුනියම් කැපීම, දෙහි කැපීම ආදිය සඳහා ඇතැම් උදවිය අවුරුදු ගණන් කාලය කා දමති. එවැනි නිෂ්ඵල දේ සඳහා කාලය ගත කළ විට රෝගියාගේ මොළයේ සෛල විනාශ වී මොළය ආබාධිත තත්ත්වයට පත්වේ.

    මානසික රෝග පිළිබඳව අප සමාජය තුළ පවතින ආකල්ප රෝගියා සමාජයෙන් සඟවාගෙන සිටීමට හේතු වී ඇත. තම පවුලේ අයකුට මානසික රෝගයක් ඇතැයි පැවසීමට පවා බොහෝ දෙනා කැමති නැත. එමෙන්ම තම පවුලේ අයකුට මානසික රෝගයක් ඇතැයි විශ්වාස කිරිමට ඇති අකමැත්ත ද වෛද්‍ය ප්‍රතිකාරවලට ඉක්මනින් යොමු නොවීමට හේතු වී ඇත.
    මානසික රෝගයකට ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු හමුවීම පමා කිරීම , අතපසු කිරීම , නොදැනුවත්කමකම, වැනි සෑම ක්‍රියාවකම ප්‍රතිඵලය වන්නේ මානසික රෝගයට ගොදුරු වූ පුද්ගලයාගේ රෝගී තත්ත්වය තව තවත් උග්‍රවීමයි.
    තම පවුලේ අයකු කිසියම් මානසික රෝගයකට ගොදුරු වී ඇත්නම්, මතක තබාගත යුතු වැදගත් කරුණු 3 ක් ඇත. එය මනෝ වෛද්‍ය ප්‍රතිකාරවල ත්‍රීමූර්තිය ලෙස හැඳින්විය හැකිය
    1. වහා ප්‍රතිකාර කිරීම,
    2. ඵලදායී ලෙස ප්‍රතිඵල ලැබෙන තෙක් ප්‍රතිකාර කිරීම,
    3. නැවත නැවත රෝගය මතුවීම වැළැක්වීම
    දීර්ඝ කාලීනව ප්‍රතිකාර කිරීමෙන් මානසික රෝගවලින් සිදුවන ආබාධ වළක්වා ගත හැකිය.
    මානසික රෝග සහ ඒවා මැඩපවත්වා ගැනීම පිළිබඳව අනෙක් රෝගවලට සාපේක්ෂව සමාජය තුළ දැනුවත් භාවය අඩුය. මේ අඩුකම නිසා බොහෝවිට සමාජය තුළ වෙසෙන මෙබඳ මානසික ව්‍යාධිවලින් පෙළෙන අයව නිසි ලෙස හඳුනාගැනීමට වෛද්‍යවරුන් මිස සෙසු අය අසමත්වෙති. එය එබඳු අයට සැලසෙන අමතර වාසියකි. කිසිදු විචාර පූර්වක ස්වභාවයකට අනුව කටයුතු නොකර අනුන්ගේ පෞද්ගලික දේවල් හාරා අවුස්සා බැලීමට වෑයම් කරන්නේද මෙබඳු අය බව කිව යුතුවේ.

  24. ‘බුවා’ ගැටෙන්නේ ඉස්ලාමය සමගවත් මුස්ලිම් සමාජයවත් එක්ක නොවේ. ඔහුට එසේ ගැටෙන්නෙට ඉස්ලාමය සම්බන්ධව පූර්ණ අවබෝධයක් හෝ නිවැරදි මුස්ලිම් සමාජයක් (අඩුම තරමින් ඉතිහාසයේදීවත්) හමු වී නැත. ඔහු ගැටෙන්නේ මුස්ලිම් සමාජයේ ආකල්පය හා නොදැනුවත්කම සමගය. ඒ තුල පිලිගතයුතු සත්‍යයක් ඇත. මේ අඩවියෙහි සංස්කාරවරයාට මෙයට කලින්ද මා මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර ඇත්තෙමි. ඕනෑම සමාජයක් ඉදිරියට යෑමට නම් අතීතය ආපසු වරක් හැරී බැලිය යුතුයි. එහිදි සිදු කලා වූ හෝ සිදු වූවා වූ වැරැදි ගැන ‘ස්වයං විවේචනයක’ යෙදිය යුතුයි. නමුත් අවංකවම පවසනවානම් පල කරන ලද ඇතැම් ලිපි කිහිපයක් හැරෙන්නට මහා පරිමාණයේ කිසිඳු වෙනසක් මේ වනතාක් දැක නැත.

    දැන් මුස්ලිම් කාන්තාවන්ට ‘බුවා’ විසින් අභියෝගයක් එල්ල කර ඇත. ඇත්තෙන්ම ඔබගේ වස්ත්‍රය ඔබගේ අයිතීන්ට, නිදහසට බාධාවක්ද යන්න ඔබ විසින්ම ඔප්පු කර පෙන්විය යුතුයි. මෙය මා ඉදිරිපත් කරන්නේ ‘බුවා’ව විවේචනය කිරීමට පොලඹවන්න නොව එය turning point එකක් ලෙස හරවා ගැනීමටයි.

    ප.ලි – අනේ! ගෙදරට වෙලා ඉන්නවා නම් අඩු ගානේ ‘බ්ලොග් එකවුන්ට්’ එකක්වත් ආරම්භ කරන්න බලන්න. දන්නේ නැත්නම් අන්වර්ගෙන්වත් අහලා දැන ගන්න. සමාජයට අවශ්‍ය කරන පණිවිඩය දෙන්න බලන්න (හිතුවොත් මුලු සමාජයම වෙනස් කරන්නත් පුලුවන්). නිවසට වෙලාම ඉන්නවා නම් කාලය සෑහෙන්න ඉතුරු කල හැකි (අපි වෙලාව නැතුව දඟලනවා). ඒ කාලය තුල සෑහෙන දේවල් ඉගෙන ගන්නත් පිලිවන්.

  25. මු නං මාර බුවෙක් නේ. අපේ මවු පිය දෙගුරුන් අපට කියා දී තිබෙන්නේ උගතුන් 100 ක් එක්ක වාද කරලා දින්නත් එක මෝඩයෙක් එක්ක වාද කරලා දිනන්ද බැහැ කියලා. තව එකක් කියලා දීල තියෙනවා මෝඩයෙක් එක්ක වාද කරනවට වැඩිය හොද කළු ගලක් අරගෙන කට අතුල්ලගන්න එක හොදයි කියලා. So dont entertain this බුවා fellow. Just ignore.

  26. නිරතුරුවම අනුන්ගේ වැරදි ඇද කුද සේවීමට වඩා තමන්ගේ වැරදි අඩුපාඩු සොයා නිවැරදි කර ගැනීමට වෙහෙසවීම බුද්ධිමත් පුද්ගලයාගේ ලක්ෂණයයි

  27. සමහර සිංහල බෞද්ධ ලාබාල පාසැල් යන වයසේ තරුණ ගෑනු දරුවෝ ඇඳුම් පැළඳුම් කරන විදිහ දැක්කම අපිටත් ලැජ්ජයි අපි සිංහල බෞද්ධ අය කියලා කියන්න. මොනවද මිනිස්සු අපි ගැන හිතන්නේ ?

Comments are closed.