මුස්ලිම් කාන්තා වස්ත්‍රය සහ සංවරකම! ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

මුස්ලිම් කාන්තා වස්ත්‍රය සහ සංවරකම! ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

සිංහල බෞද්ධ හෝ වේවා මුස්ලිම් හෝ වේවා සංවරකම රැකෙන ඇඳුම සමාජයේ යෝග්‍යයි. අසංවර විලි බිය නැති වෙන ඇඳුම පැළඳුම කවර හෝ කෙනෙකු ඇඳීම වැරදියි. මෙන්න මේ සත්‍ය වටහා ගැනීමට තවමත් බොරු පණ්ඩිතකම් මහන්තත්ත කම් පෙන්වන බොහෝ දෙනෙකුට බැහැ.

සංවරකම යුවතියකට අභිමානයක් ආඩම්බරයක්. දෙක විලිබිය යුවතියකට තිබිය යුතුම දෙයක්. ඇඳුම බාහිර සංවර බව මනින මිනුමයි. බාහිර සංවර බවක් නැතිව කොහොමද කෙනෙකු තුළ අභ්‍යන්තර සංවර බවක් ඇති වෙන්නේ? මොකද සංවර බව ඇතිකළ යුත්තේ ක්‍රමික ප්‍රතිපදාවක් තුළින්. කෙළෙස් ප්‍රහාණයෙහි අවස්ථා තුනක් තිබෙන බව දන්නේ නැතිද? තදඞ්ග, වීතික්කම, අනුසය තමයි ඒ අවස්ථා. සීලය වැදගත් වෙන්නේ මේ වීතික්කම අවස්ථාව දුරුකරන්න ඉන් ලැබෙන පිටුවහල නිසා. ඇස, කණ, නාසය, දිව, සම හා මනස යන ෂඩ් ඉන්ද්‍රින්හි සංවරය තමා සීලය කියලා සාමාන්‍ය ව්‍යවහරයේ දැක්වෙන්නේ. බණ පොත අනුව නම් කය හා වචනය යන දෙකේ සංවරය තමයි සීලය කියන්නේ. ඉතින් ඒකෙත් පළමු අංගය තමයි බාහිර සංවරකම.

භික්ෂූන්වහන්සේලාගේ ප්‍රතිමොක්ෂ ශික්ෂා 220 ට පාරාජිකා ශික්ෂා 4, සංඝාදිසේස ශික්ෂා 13, අනියත ශික්ෂා 2, නිස්සග්ගිය පාචිත්තිය 30, පාචිත්තිය 4, පාටිදේසනීය 4, සේඛියා 75 ත් අයිතියි. මෙහි සේඛියා වශයෙන් සැලකෙන්නේ සාමාන්‍ය ව්‍යවහාරය අනුව උසස් ඇවතුම් පැවතුම් වශයෙන් සැලකෙන කරුණු 75 ක් තමයි. මේ අතර වස්ත්‍ර භාවිතය සම්බන්ධව බුදුරදුන්ගේ නිර්දේශයන් තිබෙනවා. ඇතුළු ගමට පිණ්ඩපාතය සඳහා යෑමේදී කෙසේ සිරුර ආවරණය කරගෙන යා යුතුද කියලා දක්වලා තියෙනවා. ඇයි මෙහෙම දේශනා කරලා තියෙන්නේ. පිටතින් බලා පිරිස වැරදියට හිතන නිසායි. එයින් වැළකීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා සිරුර නිරාවණයවීම වැලැක්වීමට මේ නිර්දේශයක් පැණවී තිබෙනවා.

ඒ වගේම භික්ෂූන්වහන්සේලා සම්බන්ධව ප්‍රාතිමොක්ෂ විනය ශික්ෂා 304ක් පැණවී ඇති අතර ඒවා පාරාජිකා 8, සංඝාදිසේස 17, නිස්සග්ගිය පාචිත්තිය 30, පාචිත්තිය 166, පාටිදේසනීය 8, සේඛියා 75 වශයෙන් මේ භික්ෂුණී ප්‍රාතිමොක්ෂ ශික්ෂා 304 සංග්‍රහවී තිබෙනවා.මේක දිහා හොඳින් විමසිලිමත්ව බැලුවම ඕන කෙනෙකුට වැටහෙනවා භික්ෂූන්වහන්සේලාට වඩා භික්ෂූණීන්වහන්සේලාට ඇතැම් ශික්ෂාපද දෙගුණයකින් පමණ වැඩිවෙලා පණවලා තිබෙන බව. මේ අතර ඉතාම බහුලව තිබෙන්නේ සංවරකම පිළිබඳව පැණවූ ශික්ෂාපද. පුරුෂයෙකුට සාපේක්ෂකව ස්ත්‍රියකගේ රහස්‍ය ස්ථාන අධිකයි. ඒකට හේතුව ජීව විද්‍යාත්මකව ස්ත්‍රියකගේ දේහයේ ලිංගික ප්‍රදේශවල ක්‍රියාකාරීත්වය සාමාන්‍යයෙන් පුරුෂයෙකුට සාපේක්ෂව සම්පූර්ණ සිරුර පුරාම පාහේ ව්‍යාප්ත වූ ස්වරූපයක් පෙන්නුම් කරන නිසායි. මේ හේතුව නිසායි ස්ත්‍රියකට තමන්ගේ සිරුර පිළිබඳව පුරුෂයෙකුට වඩා වැඩි අවදානමකින් කටයුතු කරන්න වුවමනා වෙන්නේ.

කොටින්ම කිවහොත් ස්ත්‍රිකට සමාජයෙන් සඟවා ගත යුතු සිරුරේ ස්ථාන පුරුෂයෙකුට වඩා වැඩියි. නමුත් බහුතර සිංහල බෞද්ධ ස්ත්‍රීන් කරන්නේ මොකක්ද විදේශික යුවතියන් වත් නොකරන පරිදි අනවශ්‍ය ආකාරයට ඇඳුම් පැළඳුම් මඟින් විලිබිය නැති ලෙස සිරුර බාහිර සමාජයට නිරාවරණය කිරීමයි. නමුත් මුස්ලිම් යුවතියන් සම්පූර්ණයෙන්ම සිය විලිබිය ආරක්ෂාවන පරිදි ඇඳුම් පැළඳුම් පරිහරණය කරනවා. ඒක ඊර්ෂ්‍යාවට කාරණයක් කරගන්න එපා. සිංහල බෞද්ධයින් විදිහට බෞද්ධ පිරිස තමන්ගේ ගැහැණුන්ව ආරක්ෂා කරගත යුතුයි. අපේ යුවතියන් අඩ නිරුවත් ඇඳුම් පැළඳුම් වලින් සරසවන එක මාර්කට් කරලා පස්සේ ස්ත්‍රී දුෂණ වලට ආරාධනා කරන්නේ ඔවුන් විසින්ම බව ඔවුන් තවම තේරුම් නොගැනීම අවාසනාවක්.

එක්තරා ප්‍රකට සිංහල බෞද්ධ නිලියක් තවත් පවුලක් බේද බින්න කරලා අසම්මත ප්‍රේමයක් පතා කරපු අසංවර හැසිරීමක් පිළිබඳව පළකරලා තිබුණු වෙබ් සටහනක කමෙන්ටුවක පළ කරලා තිබ්බා ඒ නිලිය ඉන්දියාවේ දිල්ලි යන බස් එකකට නග්ගවා දඬුවම් කළ යුතු බවට. ඒකෙන් කියවෙන්නේ හය දෙනෙකු එක්ව සිදුකළ අමානුෂික තිරිසන් ස්ත්‍රී දුෂණයෙන් අනතුරුව ඒ වෛද්‍ය සිසුවිය මරණයට පත්කළ අයුරින්ම ඇයවද මරා දැමිය යුතුබව නොවේද? මේ සිංහල බෞද්ධ චින්තනයද? මේක සංවරකමක්ද? සංවරකමක් සහිතව ශෘංගාරය රස විඳිය හැකියි. එහෙත් අසික්කිත කාම හැඟීම් කුපිත වන මාංශමය සිරුරක් දැකීමෙන් ඇතිවන සියුම් ශෘංගාර රසය කුමක්ද?

සම්පූර්ණ ආවරණය වූ හිස හා දෙපා සහිතව පාසැල් නිල ඇඳුමින් සැරසුනු තැන්පත්කම විනීතකම කැපී පෙනෙන මුස්ලිම් යුවතියකගේ දර්ශනය ගෙන එන්නේ සියුම් සිතුවිලි නොවේද? ඒ වගේම දණහිස් දෙකටත් වඩා කොටට මැසූ පාසැල් නිල හැඳුමක් හැඳ සිටින යුවතියකගේ දෙපා යුගලේ කලවා තෙක් දර්ශනය වන දසුන් කාමුක පුද්ගලයෙකුගේ සිතට ඇතිකර වන්නේ කුමන සියුම් සිතුවිල්ලක්ද? මෙය හරියට උගුරට හොරා බේත් කෑමක් වැන්න. නිරුවත් හා අඩනිරුවත් ස්ත්‍රී සිරුර පෙන්වන පාසැල් නිල ඇඳුම ලාබාල යුවතියකට ඉතා යෝග්‍ය යැයි ලියන මනස් පුතුන්ගේ රහසිගත වින්දනයන් ලැබීම අපගේ සෘජු අදහස් දැක්වීම නිසා බිඳී යාමෙන් ඇතිවූ ඊර්ෂ්‍යාව, ද්වේෂය, යටපත් කළ අවරෝධිත කාමාග්නිය හා කෝපාග්නිය අප මතින් පිටකර හැරීම පිළිබඳව අපි ඔවුන්ට අනුකම්පා කරමු.

සුනඛයින් උඩුබිරුවාට කඳුපාත් නොවන බව හා අමනුෂ්‍යයින්ට බිය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැතිබව අසා නොමැතිවීම කණාගාටුවට කරුණකි. අනුන්ගේ කිල්ලෝට වලට අත දාන්න තරම් නිර්ලජ්ජිත වෙන්නේ තමන්ගේ කිල්ලෝටවල හුණු තිබෙන උදවිය බව පුරාණ අය පෙන්වලා දීලා තිබෙන්නේ නිකම් කට කහනවට කියලා හිතන එක වැරදියි. නිර්ණාමික වුනයි කියලා බොරු කාඩ්බෝඩ් වීරයන් වෙන්න වෑයම් කිරීම අනුවණකමක්. දැන් තාක්ෂණය දියුණුයි. වෙබ් එකට ලොග් වෙන අයි.පී. අංකය ඔස්සේ නිර්ණාමික අය නාමිකව හඳුනාගන්න තාක්ෂණ විධික්‍රම දැන් ප්‍රචලිත වෙලා බව නොදැනීම පිළිබඳව අනුකම්පා කළ යුතුය.

 

Dr. Sujith Nishantha Hewage, ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

 

 

 

 

 

 

 

31 Comments to “මුස්ලිම් කාන්තා වස්ත්‍රය සහ සංවරකම! ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

  1. ඔබතුමාගේ අවංකත්වය, චිත්ත ධෛර්ය හා බුද්ධිය පිළිබඳව ආඩම්බර වෙමි. බුද්ධිමතුන්ගේ නිහැඬියාව නිසාම මාධ්‍යය පිරිහීමකට පත්වෙමින් තිබෙන යුගයක මෙවන් අදහස් පළකිරීම ගැන ස්තුතිවන්ත වෙමි.

  2. GREAT ARTICLE MR.SUJEEWA…. MAY GOD BLESS YOU & WISH TO OBTAIN HIDAYATH IN SHA ALLAH.

  3. ආචාර්ය තුමාට අපගේ ප්‍රණාමය පුදකර සිටිමු.

    “නිරුවත් හා අඩනිරුවත් ස්ත්‍රී සිරුර පෙන්වන පාසැල් නිල ඇඳුම ලාබාල යුවතියකට ඉතා යෝග්‍ය යැයි ලියන මනස් පුතුන්ගේ රහසිගත වින්දනයන් ලැබීම අපගේ සෘජු අදහස් දැක්වීම නිසා බිඳී යාමෙන් ඇතිවූ ඊර්ෂ්‍යාව, ද්වේෂය, යටපත් කළ අවරෝධිත කාමාග්නිය හා කෝපාග්නිය අප මතින් පිටකර හැරීම පිළිබඳව අපි ඔවුන්ට අනුකම්පා කරමු.”

    මෙය නම් සහතික ඇත්ත ආචාර්ය තුමා. නමුත් මෙයටත් සීගිරි බිතු සිතුවම්, පුරුෂාධිපත්‍ය, අතීතයේ සිට කාන්තාවන්ගේ නිරුවත සෞන්ධර්යාත්මක ලෙස යොදාගැනීම වැනි උදාහරණ ඉදිපත්කර තමන් රහසිගතව විඳින වින්දනය තව දුරටත් රඳවාගැනීමට වෙරදරන මානසික ලෙඩුන්ගේ Comments ඉතා කෙටි කාලයකදී මෙම ලිපියට පහලින් දැකගන්න පුළුවන් වේවි.

  4. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මැතිතුමනි…….. ඔබ ඉතා විශිෂ්ටයි. වඩා තාර්කික ලෙස ඔබ කරුණු පැහැදිලි කරනවා. ඉතා ඉක්මනින් ඔබට පරිපුර්න ඉස්ලාමි බක්තිකයෙක් වීමට වාසනාව පැදේවී.

    1. ඔබ මෙම ප්‍රතිචාරය දමා තිබෙන්නේ ආචාර්ය වරයාට උපහාසයෙන්. නමුත් ඔබ එකක් මතක තියාගන්න. මේ විදිහට ඉස්ලාමය ගැන යහපත් ආකාරයෙන් කථා කරන මුස්ලිම් නොවන අය ඕන තරම් සමාජයේ සිටිනවා.

  5. සිංහලයා මුස්ලිමනුවගේ වස්ත්‍රය ගැන කතා කිරිමත් මුස්ලිමනුවා සිංහලයාගේ වස්ත්‍රය ගැන කතා කිරීමත් දෙකම නිෂ්පල කාරයක්….. මෙය නිකන් ඇපලුයි ගස්ලබුයි අතර සමාන අසමාන කම් සැසදීම වගේ ගොන් පාට එකක් වස්තාර්ය යනු ආගම හා සංස්කෘතිය යන දෙක හා බැදුණු දෙයක් මිස මෙය එකවර ඕපපාතිකව සමාජයට දායාද වූ දෙයක් නොවේ.. ලංකාව බෞද්ධ රටක් වුනත් ලංකාව සිංහල මිනිස්සු තාය්ලන්ත්යේ හරි චිනේ හරි සම්රදායික බෞධ්යන් අදින ඇදුම් අදින්නේ නැත….ඒ ඔවුන් බෞධ්නොව්න නිසා නොව ඒ සංස්කෘතීන් දෙක අතර වෙනස් කම් ඇති නිසා….ඒවගේම තමා පකිස්ථානයේ පිරිමින් අදින සල්වාර් කමිසය ශ්‍රිලංකාවේ මුස්ලිම් ජාතිකයන් අදින්නේ නැත.. ශ්‍රීරිලන්කික් මුස්ලිම් ජාතික පිරිමි අදින සල්වාර් කමිස් එක පෙනුමෙන් ඊට වඩා වෙනස් එයින් අදහස් කරන්නේ නැහැ පකිස්ථානයේ ඉස්ලාම් දහම් හා ශ්‍රිලංකාවේ ඉස්ලාම් දහම් වෙනස් කියා…ඉස්ලාමයේ කාන්තාවට වස්ත්‍රය පිලිබදව පැහදිලි ලෙස කියා ඇති අතර එහි සරල අදහස නම් කාන්තව තම සිරුර පැහදිලි ලෙස දිගු වස්ත්‍රයකින් ආවරණය කල යුතු අතර කිසිවිටක තම සිරුර තමන් නොහදුනන පීරමින්ට ආවරණය වන ආකාරයෙන් නොඇදිය යුතුයි… මෙම සංකල්පයට යටත්ව මුස්ලිම් කාන්තව තමා ජිවත් වන සංස්කෘතිය අනුව තම වස්ත්‍රය තෝරා ගත යුතුයි..මෙහිදී බොහෝ මුස්ලිම් කාන්තාවන් බුක්රාව තමන්ගේ වස්ත්‍රය ලෙස බොහෝ අවස්ථාවලදී අදින ආකාරය අපිට බොහෝ අවස්ථාවලදී දැකිය හැක.. මෙයට පරදාන හේතුව වන්නේ බුක්රාව පහුසු ඇදුමක් වන නිසා සහ එය ඉස්ල්මයේ අවධා‍රණය කරන ආකාරයෙන් කකාන්තාවට තමාගේ වත අවරණය කල හැකි ඇදුමක් වන නිසාතය …බුක්රාව කලුපාට වියයුතුද මුහුණ අවරන්‍ය කලයුතුද යන්න වෙනමම වාද කල යුතු ප්‍රශ්නයක් වන අතර ඒ ප්ලිබද විවිද විද්වත් මත ඇත මා සිතන්නේ ඒ පිළිබද විවද පැතිකඩවලින් ගවේෂණාත්මක ලිපියක් පල කල හැකිනම් එය කාලෝචිතය

  6. චමිල්ක මිනිසා හුගක් පාඩම් ඉගෙන ගන්නේ අතීතයෙන්.ඉස්ලාමයේ අතීතය කියවා බැලීමට ඔබට හැකියාව ඇත්නම් ඔබට දැක ගත හැකි සත්‍යයක් ඇත.එනම් ඉස්ලාමයට සහයෝගය දැක්වූ අයට වඩා ඉස්ලාමයට විරෝදය දැක්වූ අය ඉස්ලාමය වැලද ගෙන ඇති බවයි.

  7. අන්වර් සහෝදරය
    දින කිහිපයක් සිට මගේ බොහෝ කොම්මෙන්ට් පල නොවන බව දකිමි. වෙලාව ඇතිවිට කරුණාකර මේ පිළිබඳව සොයබලන්න.

    Mr.Who-2

    1. සමාවෙන්න. ඔබගේ ටෙස්ට් කමෙන් එකක් ස්පෑම් වීම නිසා ඊට පසු ඒවා සියල්ල ස්පෑම් ගිහිල්ලා. ප්‍රමාදදෝෂයට සමාවෙන්න!

  8. චමිල්ක, ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මැතිතුමා …… ඉතා විශිෂ්ටයි නම්
    ඇයි ඔබට ඉතා ඉක්මනින්ම පරිපුර්නව විශිෂ්ට වෙන්න බැරී?

  9. මුස්ලිම් යුවතියන් ඉස්ලාම් සංස්කෘතියට අදාල ඇදුම් පමනක් ඇදිමට කැමතියැයි.කිමට එකගවිමට නෙහැකියි.
    ෂාරියා නිතිය ඇති ඉරානය කන්තාවන්ට ඇදුම්ඇදිම පිළිබද නිති පැනවිම අවශ්‍යයනොවේ.
    ඉන්දිය සිනමාවේ කොතරම් මුස්ලිම් නිළියන් සිටිනවාද ? ඇයි ඹවුන් හිජාබ්,බුර්කා,නොපළදින්නෙ..?

    1. ලොව බහුතරයක් මුස්ලිම් යුවතියන් ඉස්ලාමීය වස්ත්‍රයට කැමති සහ එය පිළිපදින බැව් සියල්ලෝම දනිති. නමුත් එසේ නොකරන අයත් සිටිති. නිළියක වීම ඉස්ලාමය විසින් අනුමත කර ඇති රැකියාවක් නොවේ. ඉතින් ඉස්ලාමය අනුමත නොකරන දේ කරන අය හිජාබ් ඇදීමට අවශ්‍ය නොවේ.

      1. මුස්ලිම් යුවතියන් හිජාබ්,හෝ ‍බුර්කා තම කැමැත්ත මත ඇදිම අනුමත කරහැක.නමුත් ගැටළුව වනු යෙ පවුලේ,සමාජයේ, හෝ රටේ නිතිය මගින් මුස්ලිම් කන්තාවට බල කිරිමයි. උදාහරනයක් ඉරානය ඇයි
        කාන්තාව හිස වාසානොසිටිම වරදක් ලෙස සළකා දඞුවම් කරන්නේ.? ඉරාන කාන්තාවන් සිය කැමැත්තෙන්
        හිස වසාගන්නවා නම් නිති පැනවිමට අවශ්‍ය නැනේ.
        ඉස්ලාම් අගමට අනුව රගපෑම තහානම් ද? ම‍ට එය විශ්වාස කරනොහැක .කෙසේවුවත් ඉන්දිය මුස්ලිම් නිළියන්
        ට තිඹේන නිදහස ඉරාන කන්තාවට තිඹෙනවා ද ?

        1. හිජාබ් යනු ඔළුව වසා ගැනීම නොවේ. ඉරානය විසින් ශරීරයේ අනෙක් කොටස් නිරාවරනයට ඉඩදී හිස පමණක් වසා ගන්න නීති දමා තිබෙනවා නම් එය ඉස්ලාමීය නීතියක් නොව ඔවුන් විසින් සකසා ගත් එකකි.

          කාන්තාවන්ට රගපෑම සුදුසු නොවන රැකියාවකි. ඉරානය විසින් එය අනුමත කිරීමෙන් ඉරානයේ තිබෙන සියළුම නීති ඉස්ලාමයට අනුකූල ඒවා නොවන බවට සාක්ෂි දේ.

          1. ඉස්ලාම් ඉගැන්විම් අනුව සිනමා නිර්මාණවලට දායකවිම අකැපද ?? අන්වර් කියන අකාරයට එය ඓසේනම් එය ඉතාම ගතානුගතික හරයක් නොමැති තිරණයකි.
            ඉරානය පලනය කන්තාවන්ට දැඩිනිති පනවා ඇත එබැවින් ඉන්දිය මුස්ලිම් කාන්තාවට රගපෑමට තිබේන නිදහස
            ඉරාන තරූණියට නැත.
            ඉරානය ෂාරියා නිතිය දැඩිව කිූයාමක රටක් බව ඹබ නොදනවා වියහැකි.

          2. සිනමාව යනු සන්නිවේදන මාධ්‍යයක් සහ කලාවක් ලෙස ලොව බැබළුනු කාලයක් තිබුනා. නමුත් දැන් එම අදහස යල් පැනලා. අද සිනමාව නම්වු කලාවට සහ සන්නිවේදන මාධ්‍යට වඩා ප්‍රබල ඒවා තිබෙනවා. කෙසේ වෙතත් මා දකින්නේ සිනමාවෙන් කරනුයේ ප්‍රේක්ෂකයාව පැය කිහිපයකට කිසියම් මනංකල්පිත ලොවක අතරමං කර ගාන කඩා ගැනීමක් ලෙසයි.

            කියවන්න
            http://www.anvermanatunga.com/2012/02/26/kusa-paba-sinhala-doc/
            http://www.anvermanatunga.com/2011/12/06/%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%84-%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A/
            http://www.anvermanatunga.com/2012/11/22/shashee-wijendra-sinhala-doc/

            ඉරානය යනු ෂරියාවට අනුකූල නීති තිබෙන රටක් නොව ෂරියාව නමින් ඔවුන්ගේ නීති සමුදායක් තිබෙන රටකි.

          3. මා දකින්නේ සිනමාවෙන් කරනුයේ ප්‍රේක්ෂකයාව පැය කිහිපයකට කිසියම් මනංකල්පිත ලොවක අතරමං කර ගාන කඩා ගැනීමක් ලෙසයි. ‍
            අන්වර්;
            සිනමාව වනිඡ්‍යකරනය වු නිසා එය අයහපත් දෙයක් නම් ක්‍රීඞා,සංගීතය,වැනි දෙවල් පවා ඉස්ලාම් අගමට අනුව තහානම් වියයුතුයි..????

          4. වාණිජකරණය වු සියල්ල තුල තිබෙන්නේ විකිණීමක් හෙවත් මාර්කට් කිරීමක් මිස කලාවක්වත් සමාජයට දෙන පණිවිඩයක්වත් නොවේ. ඒ නිසා වාණිජ පරමාර්ථයෙන් කරන මේ සියල්ලේම අහිතකර තත්වයන් තිබේ.

            ඉස්ලාමය විසින් ක්‍රීඩාව තහනම් කර නොමැත. නමුත් එය ශාරීරික සුවතාවයටයි. අද ක්‍රීඩාව යනු වාණිජ පරමාර්ථ පෙරදැරිවු එකකි. සංගීතය තුලද තිබෙන්නේ අරුත් සුන් නාද රටා සහ ශබ්ද ඝෝෂා පමණි.

          5. @sachin

            // එබැවින් ඉන්දිය මුස්ලිම් කාන්තාවට රගපෑමට තිබේන නිදහස ඉරාන තරූණියට නැත.//

            ඉරානයේ තරුණියන් චිත්‍රපටිවල රඟ පාති. නමුත් ඉන්දීය තරුණියන් මෙන් අද නිරුවතින් පෙනී සිටිය නොහැක.
            ඒ කෙසේ වෙතත් ඉරාන සිනමාව සම්භාව්‍ය ගුණයෙන් ගත කල ඉන්දීය සිනමාවට වඩා ආලෝක වර්ෂ කිහිපයකින් ඉදිරියෙන් ඇත. මුග්ධ විනෝදය සඳහා නම් අඩ නිරුවතින් නලියන ඉන්දීය තරුණියන් වඩා සුදුසු වනු ඇත. නමුත් ගැඹුරු ප්‍රේක්ෂක අත්දැකීමක් අවශ්‍යනම් සම්භාව්‍ය ඝනයේ ඉරාන සිනමාව බලන්න. අවශ්‍යනම් චිත්‍රපටි කිහිපයක් සඳහන් කල හැක.

        2. සචින්:
          ඔබ දැක තිබේද කෝච්චියේ දැන්වීම් පල කර තිබෙනවා පාපුවරුවේ ගමන කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් කියලා.ඔබට‍ අනුව මිනිසුන් කැමැත්තෙන් පාපුවරුචේ ගමන නොකරී නම ප්‍රශ්නයක් නැත.නමුත් රටේ නීතිය මගින් දඬුවම් කරන්නේ වැරදි නැද්ද?

    2. අදින එකත් අවුල් ඇන්දෙ නැතත් අවුල්ද? ඇන්දොත් කියනවා බල කරලා අන්දන්නෙ කිසිම නිදහසක් නෑ අරවා මේවා….. ඇන්දෙ නැත්නම් අහනවා ඇයි ඒ අය අදින්නෙ නැත්තෙ කියලා..

      “මුස්ලිම් යුවතියන් ඉස්ලාම් සංස්කෘතියට අදාල ඇදුම් පමනක් ඇදිමට කැමතියැයි.කිමට එකගවිමට නෙහැකියි.”

      වියහැකියි.. එක එක අයගෙ රුචිකත්වය සමාජ පසුබිම වෙනස් කැමති අය වගේම අකමැති අයත් සිටිය හැකියි

      “ෂාරියා නිතිය ඇති ඉරානය කන්තාවන්ට ඇදුම්ඇදිම පිළිබද නිති පැනවිම අවශ්‍යයනොවේ”

      ඉරානය යනු 100% ශරීයා නීතිය ක්‍රියාත්මකවන රටක් නොවෙයි අනික රටක් යනු විවිද ජනකොටස් විවිධාකාරවු සමාජ රටාවන් ඇති බූමීයක් ඒ රට මුස්ලිම් රටක්නිසා නීතියක් මගින් පොදු ස්තානවල ගමන් කරන කාන්තාවන් තමන්ගෙ ශරීරය වැසෙනසෙ ඇදුම් පැලදියයුතුයි කියන නීතිය ගෙනල්ලා තියෙනවා

      “ඉන්දිය සිනමාවේ කොතරම් මුස්ලිම් නිළියන් සිටිනවාද ? ඇයි ඹවුන් හිජාබ්,බුර්කා,නොපළදින්නෙ..?”

      මම කලින් කිව්වාවගෙ කැමති අය වගේම අකමැති අයත් සිටිය හැකියි ආගමට අනූකූලව තම ජීවිතය හැඩගස්සවා ගැනීම තමන්ට අයිති දෙයක් හැබැයි ඒවගෙ අයව දැනුවත් කරලා හරි මගට ගැනීම අපට ආගමෙන්ම පවරපු වගකීමක්…

      1. ඉරානය යනු 100% ශරීයා නීතිය ක්‍රියාත්මකවන රටක් නොවෙයි අනික රටක් යනු විවිද ජනකොටස් විවිධාකාරවු සමාජ රටාවන් ඇති බූමීයක් ඒ රට මුස්ලිම් රටක්නිසා නීතියක් මගින් පොදු ස්තානවල ගමන් කරන කාන්තාවන් තමන්ගෙ ශරීරය වැසෙනසෙ ඇදුම් පැලදියයුතුයි කියන නීතිය ගෙනල්ලා තියෙනවා
        එවැනි නිති පැනවිම කොතරම් දුරට සාධාරණද යුක්තිසහගතද යන්න සොයාබැලිම සුදුසු නොවේද ?
        බලයක් තිබු පමනින් ඹනෑම නිතියක් පැනවීම සාධාරණද ?

        1. එම රටේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුමැතිය දී තිබෙන්නේ එම රටේ ජනතාවයි. සචින්ත සහෝදරයා මෙච්චර ලංකාවේ ප්‍රශ්න තිබෙද්දී ඔබට ප්‍රශ්නය තිබෙන්නේ ඉරානය ගැනද?

  10. ආචාර්‍ය සුනිල් හේවගේ මැතිදුන්ට මගේ අවංක ස්තුතිය .මෙවැනි කාල වකවානුවක සත්‍යයය ජනයාට අවබෝධ කරගැනීමට තමන්ගේ අවංක මෙන්ම බුද්ධිමත් අදහස් එලි දැක්වීම කාලීන අවශ්‍යතාවයක් .ඉස්ලාම් නීති රීති හා ඇදුම් පැළදුම් ඇතුළු එදිනෙදා ජීවිතයට අවශ්‍ය දේවල් මුලු ලොවටම ගැලපෙන සේ ලබා දී ඇති සැටි දකිනවිට එයින්ම මෙම දහම සර්ව බලධාරී අල්ලාහ්ගෙන් මිස මුලු ලොවම එකතුවුනත් කල නොහැකි බව අවධාරණය වේ .බුර්කාව ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක ඇඳිය හැකි නිසා එය මුස්ලිම්වරු පසන් කරති. සත්‍යයෙන්ම අප නිවෙස්වල අය එම වස්ත්‍රය පාවිච්චිකරන්නේ කිසි කෙනෙකුගේ බලපෑමකින් තොරවයි .එයින් ඔවුන්ට ලැබෙන පහසුව අතිඉමහත් .මෙම බුර්කාව යුක්රේන් ,චෙච්නියා ,ඇෆ්ගනිස්ථාන් ,ඊජිප්තුව ,ජෝර්දාන් ,සිර්යා වැනි රටවල මුස්ලිම් නොවන කාන්තාවන් ද බොහෝ අය අඳියි .ලිදේ ඉන්නාවූ මැඩියන්ට මේගැන පහදාදීම බොහෝ දුෂ්කර ක්‍රියාවකි .ස්ත්‍රියකට අද සමාජයේ ගැලපෙනම ඇඳුම බුර්කාව බව බොහෝ බුද්ධිමතුන්ගේ මතයයි .

    1. බුර්කාව යනු ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සකසා ගත් වස්ත්‍රයකි. ඇෆ්ගනිස්ථානයෙන් පිටත බුර්කාව අදින කාන්තාවන් ඉතාමත් විරලය. මෙම ප්‍රතිචාර කරුවා විසින් පාඨකයා නොමග යැවීමට මෙම ප්‍රතිචාරය පලකර ඇති බැව් මගේ අදහසයි.

  11. ආයුබෝවන් අචාර්ය තුමනි ,
    බවුද්ධ ඉගෙන්වීම් අලලා ඔබේ ඉතා අනර්ග තර්ක සංවර වස්ත්‍ර ඇඳීමේ අවශ්‍යතාවය මොනවට පෙහැදිලි කරන බව අවිවාදයෙන් පිළිගත යුතු වන අතර සමහර අන්තවාදී හා අසංවර කන්කළු දේවල් ප්‍රිය කරන හා වින්දනයක් ලබන්නට පුරුදුව එති පිරිසකට මෙම විග්‍රහය ගැඹුරු වැඩී හා තේරුනත් නැති විදිහට තමන්ගේ පුහු අටෝප තෙපර බෑමට පසු බට නොවනු ඇත.අපි බුවා වෙන්නවුන්ට අනුකම්පා කර මෙසේ ඉතා සරල බෝඋද්ධ ඉගෙන්වීමක් අර්ථ කතනයක් කරන්ට පොඩි ආයාසයක් දරමු .

    !!!! කායේන සංවරවූ මැනව !!! යන බුද්ධ ඉගෙන්වීම ගෙන පොඩ්ඩක් බලන්න කියමු.සමහරෙක් කියන්න පුළුවන් ,ඒ සංවර විය යුත්තේ ශරීරය යොදවා කරන ක්‍රියාවන් ගෙන් කියල,නමුත් ශර්රිරයෙන් කරන වගේම ශරීරයෙන් හඟවන සහ තම ශරීරය නිසා අනුන්ට හැඟෙන දේවල් පවා සංවර පැත්තට බර කළ යුතු බව ටමය් මෙහි ඉගෙන්වීම.මෙසේ ඉතා සරලව බන කියන හැමදුරුවරු ගොඩක් ඉන්දෙද්දීත් අර කාමයට මුල් තැන දීල මේවා නොහැන්ගුනා සේ කල් මරණ උදවිය ඔබතුමාගේ විග්‍රහය ඔලුවට ගත්තොත් මාද ඉතා සතුටු වෙමි

  12. සමාවෙන්න බුර්කාව නමින් මට ලියවුනේ වැරදීමකින් මිස පාටකයන් නොමඟ යැවීමට නොවන බව කරුණාවෙන් දැනුම්දෙමි .

    1. සමහර අන්තවාදීන්ද මුස්ලිම් නමින් පැමින විවිධ ආකාරයේ ප්‍රතිචාර දක්වනවා. මම මෙසේ ලියන්නට හේතුව එයයි.

  13. අදටත් මම ඉස්ලාම් කාන්තාවන්ගේ සංවර ඇඳුම පැළඳුම අගය කරමි. ගෞරව කරමි. හිරට කොටට කළවා බුරිය ළැම කිහිලි ප්‍රදර්ශනය වන අන්දමින් සිංහල බෞද්ධ යුවතියන් ඇඳුම් පැළඳුම් කරනු දකින විට ඔවුන්ට වඩා කොයි තරම් ඉස්ලාම් යුවතියන් ප්‍රසන්න ද සංවර ද විනීත ද කියා සිතේ.

Comments are closed.