අල්-කුර්ආනය යල්පැනගිය ග්‍රන්ථයක්ද?

අල්-කුර්ආනය යල්පැනගිය ග්‍රන්ථයක්ද?

ඕනෑම නිෂ්පාදනයක් සමගම එහි නිෂ්පාදකයා තම නිශ්පාදනය ගැන අත්පොතකුත් Manual නිකුත්කරනු ලබයි. උදාහරණයක් හැටියට වාහනයක් භාවිතා කරන්නෙකු වාහනය ගැන යම් දැනුමක් මෙන්ම වාහන නීතිරීති සම්බන්ධවද හොඳින් දැනගෙන සිටිය යුතුය. නැතිනම් “මේ මගේ වාහනේ මට ඕන විදිහට යන්ට බැරි මොකද” කියා රතු සිග්නල් ගණන් නොගෙන ගියොත් දඩ කොලේ මෙන්ම, එසේ ගොස් අනතුරක් කර ගත්තොත් හිරේ තපින්ටත් ලෑස්ති විය යුතුය. අල්-කුරානයද මිනිසාට මෙලොව ජිවත් වීමට දුන් මාර්ග නීති පද්ධතිය හා සමානය. එය ප්‍රතික්ෂේප කලොත් අවසානයේ නවතින  තැන එහි සඳහන් කර ඇත.

අල්-කුරානයේ සඳහන් පරිදි ඉස්ලාමයේ බලකිරීමක් නැත, වැරදි මාර්ගයේත් නිවැරදි මාර්ගයේත් වෙනස පැහැදිලිය. There is no compulsion in religion. Verily, The right path has become distinct from the wrong path (Qur’an 2: 256)

අල්-කුරානය අරාබි භාෂාවෙන් පහල විය. මෙහි ඇති විශේෂත්වය වන්නේ  එදා සාමාන්‍ය ජනයා කතා කල අරාබි ශෛලිය ට වඩා කුරානයේ ඇති අරාබි බසෙහි වෙනස් බවක් දැකිය හැකි වීමයි. නබි වදන් හෙවත් (හදීස්) සහ කුරානය සසඳා බැලීමේදී මේ බව මැනවින් තේරුම් ගත හැකිය. කුරානය නබිතුමා විසින් රචිත ග්‍රන්ථයක් නොවන බවට මෙයද එක් සාධකයකි. මෙයට හේතුව නබි තුමා සාමාන්‍යයෙන් කතා කරන භාෂාවත් ඔහුගේ මුවින්ම පිටවුනු කුරානයේ භාෂාවත්  බෙහෙවින්ම වෙනස් වීමයි.

එකල සිටි අරාබි ජාතිකයන් අරාබි භාෂාවේ ප්‍රවීනයන් ය. ඔවුන් දේශනයක් කලොත් ඉන් අඩක්වත් කවියෙන් සිදුවීම ඔවුන්ගේ භාෂාවේ නිපුනත්වය පෙන්නුම් කරන සාධකයකි. මෙවන් සාහිත්‍ය නිර්මාණ අතින් අති  දක්ෂ මිනිසුන් වුවද ඔවුන්ට අල්- කුරානය එකල ලොකු අභියෝගයක් විය. එමනිසාම අල්-කුර්ආනයේ (2: 23-24) පදය තුලින් එකල මක්කා නගරයේ සිටි කුරෛෂ් වරුන්ට අභියෝගයක් දී තිබේ. එනම් අල්-කුරානයට සමාන එක සුරාවක් (පරිච්ඡෙදයක්) හෝ නිර්මාණය (produce) කර පෙන්වන ලෙසයි. එහෙත් අදවන තුරු කිසිවෙකු මේ අභියෝගය ජයගෙන නැත.

ලොව ඇති ආගමික ග්‍රන්ථ අතරින් අල්-කුරානය විශේෂ වීමට ඇති ප්‍රධාන කරුණක් වන්නේ  අල්-කුරානය මුහම්මද් (peace be upon him) නබිතුමාට පහලවූ සැනින් එය ලේඛනගත කිරීමයි. අප ලොව අනෙකුත් ආගම් වල ග්‍රන්ථ වල ඉතිහාසය ගෙන බැළුවහොත්, ඒවා ග්‍රන්ථාරූඪ වී තිබෙන්නේ බොහෝ කලකට පසුව බව පෙනේ. එපමණක් නොව කුරානය පහලවූ අරාබි බස තවමත් මල භාෂාවක් නොවී තිබේ. ලොව ඇති සියලුම කුරාන් ග්‍රන්ථ යම් හේතුවක් නිසා අතුරුදහන් වුවත් නැවත එය එපරිද්දෙන්ම එළිදරව් කිරීමට හැකි පරිදි අල්-කුරානය සම්පුර්ණයෙන්ම කටපාඩම් කල මිනිසුන් මිලියන ගණන් ලොව වෙසෙති. මෙය අල්-කුරානයේ ඇති තවත් හාස්කමකි.

වයස අවුරුදු දහයේදී පමණ අල්-කුරානය කටපාඩම් කිරීමට හැකිවීම පුදුමයක් මෙන්ම, අල්-කුරානය තරම් ලොව වෙන කිසිම පොතක් කටපාඩම් කරන ලද එක අයෙක් වත් සොයාගැනීම කළුනික සොයාගන්නා වගේ වැඩකි.

කුරානය මුළුමහත් මිනිස් වර්ගයාටම පහල වූ එකකි. එහි මිනිස් වර්ගයා මෙලොව ජීවත් විය යුතු සම්පුර්න ජිවන මාර්ගයම විස්තර කර තිබේ. මෙය ආගමික පොතක් වුවත් මිනිසාගේ වසර දහස් ගණන් පැරණි ඉතිහාසය ඉතා නිවැරදිව සඳහන් කර තිබේ.

එසේම විසිඑක් වන සියවසේ සිදුකරන ලද විද්‍යාත්මක සොයාගැනීම් පවා වසර 1450 කට පමණ පෙර කියවීමට හෝ ලිවීමට නොදත් එසේම කිසිම පාසලකට නොගිය නබිතුමා සියයට සියයක් නිවැරදිව අල්-කුරානයේ සඳහන් කිරීම සිතාබැලිය යුතුය. මිසරයේ සිටි පාරාවෝවරුන්ගේ මෘතදේහයන් මෙන්ම නෝවාගේ නෞකාව සොයාගත්තේ අප නබිතුමාගෙන් සියවස් ගණනාවකට පසුය. එහෙත් එම මෘතදේහයන් පිළිබද මෙන්ම නෝවාගේ නෞකාව  පිළිබඳ අල්-කුරානයේ  සඳහන් කර තිබේ. මෙම දැනුම අප නබිතුමාණන්ට ලැබුනේ කෙසේද?

මෑතක් වන තුරු සුර්යා ගේ භ්‍රමණය හෝ ගමන් කිරීම පිළිබඳ මිනිසා නොදැන සිටියේය. එහෙත් අල්-කුරානයේ සුර්යාගේ ගමන් කරන බව මිනිසා අඳුරේ ගිලි ඇති යුගයක පැහැදිලිව සඳහන් කර තිබේ (අල්-කුර්ආනය 36: 38)

අල්-කුරානයේ යකඩ පිළිබඳව අපුරු හෙළිදරව්වක් කර ඇත. යකඩ නිෂ්පාදනය වීමට සුර්යාගේ උෂ්ණත්වය ප්‍රමාණවත් නොවන බව විද්‍යාවේ  නිගමයයි. එසේ නම් ජීවින්ට නැතිවම බැරි එනම් ලේ වල ප්‍රධාන සංඝටකයක් වන මේ ලෝහය මෙලොවට ලැබුනේ කෙසේද? විද්‍යාඥයන් පිළිගන්නේ එය උල්කාපාත මගින් පොලවට ලැබුණු බවයි. ලොව ඇති අන් සියළුම දේවල් මවන ලද බව සඳහන් කරන  කුරානයේ යකඩ පොලවට යවන ලද බව කියා ඇත. මේ බව අප නබි තුමා දැනසිටියේ කෙසේද?

අල්කුරානය  සුරාව හදිද් වැකිය 25: මෙහි අරාබියෙන් (anzalna) හි තේරුම “යවන ලද” බවයි. එහෙත් ලොව ඇති අනිත් මැවීම් අරාබි බසින් “කලක්නා” (khalakna) හෙවත් මවන ලද බව පැවසේ. මෙවැනි අතිශයෙන්ම විද්‍යාත්මක කරුණු අනාවරණය කලේ දෙවියන්ගේ පණිවිඩ නිසා නොවේද?

අල්-කුරානයේ (51: 49) වැකියේ දෙවියන් මෙලොව ඇති සියලුදේ යුගල වශයෙන් මවා ඇති බව පවසයි. ඇසට පෙනෙන දේ අපි පසෙක තබා පරමාණු ගැන  මඳකට සිතා බලමු. එහි ඇති සියලුම අංශු (atomic particles) යුගල වශයෙන් තිබේ. ඒ පමණක් නොව චුම්භක ක්ෂේස්ත්‍ර, විද්‍යුත් ක්ෂේස්ත්‍ර ද්විත්ව බව විද්‍යාව සොයාගත්තේ අප නබිතුමාගෙන් පසු ශතවර්ෂ ගණනාවකට පසුවයි. එසේ නම් අල්-කුරානය මේ බව හෙළි කරේ කෙසේද? අප නබි තුමා න්‍යෂ්ටික භෞතික විද්‍යාව ගැන දැනගත්තේ කෙසේද?

අල්-කුරානයේ (51: 47) වැකිය විශ්වය ප්‍රසාරණය වන බව සඳහන් කර ඇත. මේ බව ලොවට හෙළි වුනේ හබල් දුරේක්ෂය නිපදවීමෙන් පසුය. තවද අහස පොලව එකට තිබී දෙවියන් එය වෙන්කල බව කියා ඇත (21: 30). මහා පිපුරුම් වාදය තුලත් මතය මෙයම නොවේද? හබල් දුරේක්ෂය නිපදවීමෙන් පසු විශ්වය ප්‍රසාරණය වන බව සොයාගත් විද්‍යාඥයන් මුළු විශ්වයේම පදාර්ථ යම් කලකදී එක ලක්ෂයක තිබී ඇති බව නිගමනය කළේය.

ඇත අතීතයේ ලෝකය පැතලි බව සිතා සිටියේය. එහෙත් අල්-කුරානයේ සඳහන් වන්නේ ලෝකය බිත්තරයක හැඩය ගන්නා බවයි.  මේ දැනුම කුරානයේ සඳහන් කිරීමට අප නබි තුමාට හැකියාව ලැබුනේ කුමන දනුමකින්ද?

අන්වීක්ෂයක් හෝ වර්තමානයේ ඇති නවීන තාක්ෂණික උපකරන කිසිවක් නොමැති අඳුරු යුගයක මිනිස් කළලයක වර්ධනය ඉතා නිවැරදිව පියවරින් පියවර අල්-කුරානයේ විස්තර කිරීමට නබි තුමාට  හැකිවුයේ කෙසේද? (අල්-කුර්ආන් 23:12-14) මේ පිළිබඳ ලොව සුප්‍රකට මහාචාර්යවරයෙක් වූ කිත් එල් මුවර් (Keith L Moore) 1981 වර්ෂයේ සවුදි අරාබියාවේ දමාම් හි පැවති සත්වන විද්‍යා සම්මන්ත්‍රණයේදී මෙසේ පැවසීය.

“It has been a great pleasure to help clarify the statements of the Quran about human development. It is clear to me that these statements must have come to Muhammad from God, because almost all of this knowledge was not discovered until many centuries later. This proves to me that Muhammad must have been a messenger of God.”

පරිවර්තනය: මනුෂ්‍යයාගේ වර්ධනය පිළිබඳ අල්-කුරානයේ ඇති ප්‍රකාශන පිළිබද විස්තර කිරීමට ලැබීම ගැන මා අතිශයෙන් සතුටු වෙමි. මට පැහැදිලියි මේ වදන් මුහම්මද් (peace be upon him) ට දෙවියන්ගෙන් ලැබී තිබිය යුතුයි, එයට හේතුව මෙහි කියවෙන දැනුම් ශතවර්ෂ කීපයකට පෙර අවධිය දක්වා සොයාගෙන නොතිබීමයි. මේ නිසා මට තහවුරු වන්නේ මුහම්මද් (peace be upon him) දෙවියන්ගේ පණිවිඩකරුවෙක් විය යුතුයි.

ආදී කාලයේ මිනිසා සිතා සිටියේ කඳු හුදෙක් පොලෝ තලයෙන් ඉහලට ඇති බව පමණි.  එහෙත් විද්‍යාව දියුණු වත්ම කඳු පොලවට ඉහලින් ඇති සේම එහි මුල පොලවට කිඳා බැස ඇති බව සොයාගත්තේය. මේ බව අල්-කුරානයේ වසර 1450කට පෙර (අල්-කුර්ආනය 78: 6-7) මෙසේ සඳහන්ය.

Have We not made the earth as a bed, and the mounts as pegs?

මෙසේ නොවන්නට පොලොව නිතරම කම්පන තත්වයෙන් තිබෙනු ඇත. එපමණක් නොව සාගරයේ ඇති ටෙට්‍රොයනික් තල එකිනෙකට ගැටී සුනාමි තත්වයන් නිතර ඇති වීමට ඉඩ තිබිණ. මීට වැඩි විස්තර සම්පුර්ණ අල්-කුරානයෙන් ඔබට කියවා දැනගත හැකිය.

තව බොහෝ විද්‍යාත්මක කරුණු තිබුනත් සියල්ලම මෙහි ගෙනහැර දැක්වීමෙන් ලිපිය දිගු වන නිසා මෙයින් නතර කරමි.

 

Ajward.

 

 

 

 

 

64 Comments to “අල්-කුර්ආනය යල්පැනගිය ග්‍රන්ථයක්ද?

  1. අල් කුරාණයේ වටිනාකම, එහි අන්තර්ගතය, එහි ඓතිහාසික වැදගත්ම, සාමයික වැදගත්කම හා විචාර පුර්වක වැදගත්කම කිහිප ආකාරයකින් මේ ලිපිය පුරා අතිශය ශාස්ත්‍රීයව විග්‍රහයට ලක් වී තිබේ. මනාව අදහස් ගලපා ඉදිරිපත් කර ඇත. මම ඉතා ආශාවෙන් කීප විටක් මේ ලිපිය කියවූවෙමි. වැදගත්ය. ඉතා අරුත්බරය. මානසික සිසිලස ඇති කරවයි. අල් කුරාණයක් මිලදී ගෙන කියවීමට පවා කෙනෙකු මේ ලිපිය නිසා නැඹුරු කරවීමට තරම් මේ ලිපිය රසවත්ය. මේ ලිපිය නිර්මාපකයා ඉතා නිර්මාණශීලි කුසලා ඇති අයෙකු බව හා ලිවීමේ නිසඟ කුසලතාව වගා කරත්තෙකු බවට මේ ලිපිය පැහැදිලි ශාක්ෂි සපයයි.

  2. අල් කුරාණය විද්‍යාත්මකව නිසරු යැයි කියන පුද්ගලයින්ට මේ ලිපියෙන් ලබා දී ඇත්තේ ඉතා කදිම පිළිතුරකි. අල් කුරාණයෙහි අන්තර්ගත දහම් කරුණු කාලීනව පමණක් නොව විශ්වීය ධර්මතාවයන් බව ඉතා පැහැදිලි ලෙසම වටහාගැනීම ආධුනිකයෙකුට මේ ලිපිය උපකාරී වෙනු ඇත. එපමණක් නොව අල් කුරාණය කෙතරම් උසස් ධර්ම ග්‍රන්ථයක්ද එයින් ලැබිය හැකි ජීවන උපදේශ කවරාකාරද යන්න පිළිබ ඳවත් හොද අවබෝධයක් ඇති කර ගැනීමට මේ තුළින් ආගම අධ්‍යයනයට පෙළඹෙන නවකයෙකුහට මනා වැටහීමක් ලබාගත හැකිය. අද යුගයේ අවශ්‍යව ඇත්තේ මෙවැනි ගැඹුරු ධර්ම කතිකාවල විචාර පූර්වකව නිරත වියහැකි අය මිස ආවේග ශීලීව මිනිසුන් කුපිත කරවන නිසරු මිනිසුන් නොවේ. එබැවින් විවේකීව සිටින අවස්ථාවකදී එම විවේකය අර්ථාන්විතය ගත කිරීම සඳහා ආදර ගෞරවයෙන් පරිශීලනය කළයුතු ඉතා වටිනා ධර්ම ග්‍රන්ථයක් ලෙස අල් කුරාණය දැක්වීමට මම කැමැත්තෙමි.

  3. මා ලිපිය පොස්ට් කල පසු මෙම කොටස ලිව්වෙමි. එම නිසා කරුණාකර මෙය ලිපියේ කොටසක් බව සලකන්න.

    සර් අය්සක් නිව්ටන් විසිවන සියවසේදී ලොවට හෙලිකල සාපේක්ෂතා වාදයෙන් (Special theory of relativity) මිනිසුන්ට අදහාගත නොහැකි විද්යාිත්මක හෙළිදරව්වක් සිදුකර ඇත. එනම් සාපේක්ෂ රාමුවක් තුල වස්තුවක් ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් ගමන් කරන විට කාලය කෙටිවන (time dilation) බව පෙන්වා දුන්ගේය. මෙය අල්කුරානයේ (32:5) වැකියේ මෙසේ සදහන් වන්නේය.
    He manages and regulates (every) affair from the heavens to the earth; it (affair) go up to Him in one Day, the space thereof is a thousand years of your reckoning (32:5)
    මෙවැනි හෙළිදරව්වක් කුරානයේ සදහන් වන්නේනම් එය අනිවාර්යෙන්ම නබි තුමාට දෙවියන්ගෙන්ම පැවසිය යුතුය. මෙය ඔබට වැටහෙන පරිදි කියනවානම් ගගනගාමියෙක් ආලෝකයේ වේගය X 0.9 කින් වසර දාහක් ගමන් කර ආපසු පැමිණෙන විට ඔහුගේ වයස යන්තම් අවුරුදු විස්සකින් වෙනස් වනු ඇත. එහෙත් මිහිපිට වසර 2000! ගතවී අවසානය. එනම් ඔහුට දකින්ට ලැබෙන්නේ ඔහු පිටත්වන විට සිටි මිනිසුන් නොව පරම්පරා පහළොවක් විස්සක් එහා මිනිසුන්ය. මෙවැනි විද්යාත්මක් හෙළිදරව් කුරානයේ සදහන් කිරීමට කිසිම අද්යාපනයක් නැති ලියන්ට කියවන්ට බැරි මුහම්මද් (peace be upon him) නබි තුමාට හැකිවුයේ කෙසේද?
    මෙයින් සනාතවන තව දෙයක් නම් නබිතුමා එක රාත්රිpයකදී මක්කාවේ සිට ජෙරුසලමට ගොස් ඉන් පසු ජෙරුසලමේ සිට අහස්ගබ් සතක් ගෙවා දෙවියන් බැහැදැක (නබිතුමා දෙවියන්ව මුහුණට මුහුණ දැක්කේ නැත) නැවත මෙලොවට පැමිණි “මිහ්රාජ් නම් පුවත” එකල මිනිසුන් නිකම්ම විස්වාස කලත් එහි විද්යා ත්මක සත්ය්තාව හෙලිවුයේ දැනට වසර සියයකට තරම් කෙටි කාලයකදීය.

    1. කාර්ය බහුල වීම නිසා අතපසුවීමකින් මෙහි සදහන් වී ඇති “සර් අය්සක් නිව්ටන් විසිවන සියවසේදී ලොවට හෙලිකල සාපේක්ෂතා වාදයෙන්” යන්න “සර් ඇල්බට් අයින්ස්ටිය්න් විසිවන සියවසේදී ලොවට හෙලිකල සාපේක්ෂතා වාදයෙන්” යනුවෙන් නිවැරදි විය යුතු බව කරුණාවෙන් සලකන්න.

    2. මේ කොහෙද යන්නේ මල්ලේ පොල් වැනි උදාහරණයකි.පළමුව සර් අයිසෙක් නිව්ටන් යන්න ඇල්බට් අයින්ස්ටයින් යනුවෙන් නිවැරදි විය යුතුය.ඉහත කුරාණ වැකියෙන් සාපේක්ෂතාවාදය ගැන කිසිඳු දෙයක් කියැවෙන්නේ නැත.දකින දකින හැම දෙයම උදාහරණ ලෙස ගැනීමෙන් වළකින්න.

      1. ඔබ දන්නා සාපේක්ෂතා වාදයේ තරම මට හිතා ගත හැකිය.කරුණා කර Time dilation මොන නියමයෙන් විස්තර කරන්නේදය් මගේ දැනගනිමටත් එක්ක නිකමට කියන්නකෝ.

        1. මහත්මයා මම මේ පිළිබඳව බොහෝ කලකට පෙර අධ්‍යයනය කර ඇත්තෙමි.මා ස්ටීවන් හෝකින්ස් මහතාගේ කෘතියද කියවා ඇත.මට ඇත්තේ න්‍යාය පිළිබඳ ගැටළුවක් නොව.කුරාණ වැකියෙන් එකී න්‍යාය ඔප්පු වන්නේ කෙසේද යන්නය.සමහර විට ඔබේ තරම් මගේ ඉංග්‍රීසි දැනුම දියුණු නොමැති නිසා ඒ වැකිය මට නොතේරෙනවාද විය හැක.හැකිනම් පහදා දෙන්න.

          1. මෙහි ඉතා පැහැදිලිව සදහන් දෙවියන් මෙලොවට යවන පණිවිඩ නැවත දෙවියන් වෙත යාමට ගතවන කාලය එක දිනක් වුවද මිනිසාගේ මිම්මෙන් එම කාලය වසර දහසක් බව,මෙය ඔබට නොතේරෙනවා නම් මට කළහැකි දෙයක් නැත. නැවත මේ ගැන සිත බලන්න.

          2. Ajward

            මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා දේව පනිවිඩය මිනිසාට පහල වෙන්න අවුරුදු 500 ක් විතර යනවා නම්. මුහම්ම්ද් නබිතුමාට අවුරුදු 23 ක කාලයක් තිස්සෙ දේව පණිවිඩය පහල වුනේ කොහොමද ?
            සමහර කුරාන වැකි තියෙනවා ඒ කාලයේ වුනු දෙවල් වලට අදාලව පහලවුනු කුරාන වැකි. ඉතින් මේ අනුව සමහරක් වැකි පහල වෙන්න අවුරුදු 500 කට වඩා යන්න ඕනේ නේ

    3. අපේ පරණ බන පොත් වලත් ඔය කතාව තියනවා. මෙහෙ දවසක් දිවිය ලෝකේ අවුරුදු දාහක් කියලා. එහෙනම් අපේ අටුවාචරිනුත් දෙවියන් තරම්ම දක්ෂයි,,

        1. අපේ අටුවාචාරීන්ට ඔයලව කොප්ප ගහන්න වෙන වැඩ නැතුවට!!!!

      1. බනපොතේ තියෙනවා කියල නිකන් ඉන්නේ නැතුව මම ඉදිරිපත් කළා වගේ එම වගන්තිය අපිටත් දැනගන්න මෙහි සදහන් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

  4. අල් කුරාණයට පදනම වී ඇත්තේ මැවුම් වාදයයි. නමුත් නවීන විද්‍යාව මගින් මැවුම් වාදය යනු
    අමුලික බොරුවක් බව ඔප්පු කර ඉවරයි.
    එනිසා එතැනින්ම අල් කුරානය බොරු වනවා නේද ?
    නවීන විද්‍යාවේ දියුණුව සමග නිරුවත් වූ ආගම් අතර ඉස්ලාම් දරමය පෙරමුණ ගෙන ඇත.

    තවමත් විද්‍යාව සිටින්නේ බුදු දහමට වඩා ගව් ගානක් දුරිනි

    1. මම ඔබට ගෙදර වැඩක් දෙමි.

      නමුත් නවීන විද්‍යාව මගින් මැවුම් වාදය යනු අමුලික බොරුවක් බව ඔප්පු කර ඇති ආකාරය සාධක සහිතව පෙන්වන්න.

      නවීන විද්‍යාවේ දියුණුව සමග ඉස්ලාමය නිරුවත් වුයේ කෙසේද යන්න පහදන්න.

      නවීන විද්‍යාවට වඩා බුදු දහම ගව් ගාණක් දුරින් බව ගව් ප්‍රමාණය මැන්නේ කවුද? එම ගව් ප්‍රමාණය කොපමණද?

      1. සිංහලෙන් ලිව්ව පමණින් ඔබතුමා සිංහල භාෂාව දන්න බව සිතාගෙන සිටිනා සෙයකි.

      2. ඉවසන්න… මා ඔබට පිළිතුරු දෙන්නම්

      3. අපි මේවා බොරුයි කිව්වට ඔබ විශ්වාස කරන්නෙත් නැහැ. ඔබ මේවා ඇත්තයි කිව්වට අපි විශ්වාස කරන්නෙත් නැහැ. ඔය ඔක්කොටම වඩා හොඳයි, තමුන්ගේ හිතට එකඟ ආගමක් අදහෙගෙන, අනික මිනිසුන්ගේ විශ්වාසයට පහර ගහන්නෙත් නැතුව, නිවහල්ව සතුටින් ජීවත් වෙන එක,,

        1. මමත් කියන්නෙ ඔය කතාව තමයි.මොකද මේවා නිකම් හුදු තර්ක කිරීම් මිස සත්‍ය සෙවීමේ අරමුණ ඇතිව කාරන ඒවා නොවෙයි.නමුත් මේ තර්කයන් බුද්ධි කලම්බනයට ප්‍රයෝජනවත් බවත් ඇත්තයි.මේ තර්ක කරන අය මේ කරුනු ගැනත් අවධානය යොමුකළොත් හොදයි.සමහරු තමන්ගෙ ආගම සත්‍ය කියල ඔප්පුකරන්න විද්‍යාත්මක උදාහරන යොදා ගන්නවා .මේක දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්.විද්‍යාත්මක සොයාගැනීම් නිතරම වෙනස් වෙනවා.ආගමික සංකල්ප එසේ වෙනස් වෙන්නේ නෑ.ආගමික සංකල්ප පදනම් වෙන්නේ භක්තිය මත.

          තර්ක කිරීම් ගැන මම අපූරු දෙයක් කියන්නම්.බෞද්ධයා කියනවා මේව අපේ පොත්වලත් තියනවා කියලා.එතකොට මුස්ලිම්වරයා කියනවා ඒවා නබිවරුන්ගෙන් කොපිකළා කියලා.නබිවරුන් ලොව හැමතැනටම එවා ඇති බැවින් එම නබිවරුන්ගෙන් ලබාගත් දැනුම මත සෙසු අය කතා කරන බවත් තර්ක කරන්න පුලුවන්.

          හැම ආගමකම අය සාපේක්ෂතාවාදය කතාව කියනවා.ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන කතා කරනවා.මේවා ඉතා ගැඹුරු සංකල්ප.
          කාලය සම්බන්ධ ඔය තර්කය බෞද්ධ ලේඛකයන්ද වරක මදුල ලෙස භාවිතා කරන්නක්.ඔවුන් පණු සිදුර කියන්නේ ඕකට.

          මම නම් හිතන්නේ කිසිම ආගමකට විද්යාවෙන් ආලෝකයක් නොලැබෙනවා කියායි.මේක හොඳ කෙටි කාලීන ආතල් වලට.පසුගිය කාලෙ ආලෝකෙයේ වේගය ඉකමවා යන අංශු ගැන පර්යේශනයක් කළා.අයින්ස්ටයින් කතා කලේ කිස්ම දෙයකට ආලෝකය ඉක්මවා යන්න බැහැ කියල.මෙතනදි බෞද්ධයො සතුටු වුනා.නමුත් පසුව ඒ එසේ නොවන බව සොයා ගත්තා.මේ පර්යේශනය යළි කරන විට තවත් වෙනස් පිලිතුරක් ලැබෙන්න පුලුවන්

          ක්වොන්ටම් අන්\ශු එකම අවස්ථාවක තැන් දෙකක පැවතීම සම්භාව්‍ය භෞතික විද්‍යාව අනුව පැහැදිලි කරන්න බෑ.මෙය බුදුදහමේ අනිත්‍ය සොබාවය විද්‍යාවෙන් ඔප්පු කිරීමක් බවත් බුදුදමේ එන මනෝකාය හා භූත,ප්‍රේත ආත්ම ඔප්පු කිරීමක් ලෙසත් බෞද්ධ ලේකකයන් තර්ක කරනවා.

          ලස්සනම දේ මේකයි.මේ තර්කම බටහිරදී ක්‍රිස්තියානීන් තර්ක කරනවා දෙවියන් වහන්සේ හා දේව දූතයන් සිටින බවට සාක්ෂියක් ලෙස

          අප ජීවත් වන්නේ ත්‍රිමාන ලෝකයක.ඒ කියන්නෙ මාන තුනක.විද්‍යාඥයන් කියනවා මාන තුනට වඩා වැඩි ලෝක තියෙන්න පුලුවන් කියලා.ඒ අනුව මාන තුනට වැඩි ලෝකවල ඉන්න අය ට අපිව පෙනුනත් අපට ඒ අයව පේන්නේ නෑ.
          මේ කතාවත් ඕනම ආගමකට කියන්න පුලුවන් තමන්ගෙ ආගමේ අධිසොභාවික දේවල් ඔප්පු කිරීමට.

          1. ඔබකියන සියලුම දේවල් මට පිළිතුරු දීමට අවශ්‍ය නතය් සිතිනි.එහෙත්
            ***අප ජීවත් වන්නේ ත්‍රිමාන ලෝකයක.ඒ කියන්නෙ මාන තුනක.විද්‍යාඥයන් කියනවා මාන තුනට වඩා වැඩි ලෝක තියෙන්න පුලුවන් කියලා.ඒ අනුව මාන තුනට වැඩි ලෝකවල ඉන්න අය ට අපිව පෙනුනත් අපට ඒ අයව පේන්නේ නෑ.
            මේ කතාවත් ඕනම ආගමකට කියන්න පුලුවන් තමන්ගෙ ආගමේ අධිසොභාවික දේවල් ඔප්පු කිරීමට.***

            මේවා ඉස්ලාම් ආගම සම්භන්ද දේවල් නොවන බව කරුනාකර තේරුම් ගන්න. මා පෙන්වා දුන්නේ සුප්‍රකට විද්යාන්යින් පෙන්වාදුන් එසේම කියනලද දේවල් බව සලකන්න. නැවත ලිපිය කියවා බලන්න ලිපියේ වැරදි තිබේ නම් පැහැදිලිව පෙන්වා දෙන්න.

    2. මැවුම් වාදය වැරදි බව ඔප්පුකල විද්යන්යයාගේ නමත් ඔප්පුකිරීමට යොදාගත් සාදකත් කරුණාකර ගෙනහැර දක්වන්නේ නම් මැනවි.

      1. මැවුම්වාදය වැරදි බවවත් හරි බවවත් කිසිම විද්‍යාඥයකුට ඔප්පු කරන්න බෑ.එය ඔප්පු කළ යුත්තේ ආගමික ග්‍රන්ථ වලිනුයි
        මහා පිපුරුම ඔප්පු කළත් එය මැවීමක් කියා කියන්න බැහැනෙ.එසේනම් දෙවියන් වහන්සේගේ ඡායාරූපයක් ගන්න ඕනා.වොයිස් කට් එකක් ගත්තම හරි.මවන අවස්ථාවෙ ඡායාරූපයක් හෝ වීඩියෝවක් හැදුවනම් හරි
        ඒව කරන්න පුලුවන් ඒව නොවෙයිනෙ
        මගෙ යාලුවෙක් මනෝවිද්‍යා පාඨමාලාවක් කළා.ඒකට ආපු දේශකයෙක් දේශනයෙදි බෞද්ධයෙක් කිව්වලු
        දැන් බුද්ධාගමෙ පුනරුප්පත්තිය විද්‍යාවෙන් ඔප්පු කරල නේද කියල.
        කට කොනකට හිනා වෙලා දෙශකයා කිව්වලු ඒක නම් මම දන්නෙ නෑ මම උගන්වන්නෙ මනෝවිද්‍යාව.පුනරුප්ප්ත්තිය ගැන අහන්න හාමුදුරුකෙනෙකුගෙන් කියල

        මැවීම ගැන මුස්ලිම්වරයා විද්‍යාඥයෙකුගෙන් අහන එක තේරුමක් නෑ.ඔහු නිකම් උගත් මිනිහෙක් විතරයි .ඔහුට වැටහෙන ප්‍රවාදයක් ඔහු ප්‍රකාශ කරනවා.නමුත් මැවීම ගැන මෞලවි කෙනෙකුගෙන් අහන එක වඩා ප්‍රයෝජනවත්.ඔහු පවසන්නේ සාමාන්‍ය මිනිහෙකුගෙ අදහස් නොවෙයි.කිසිසේත්ම වරදින්නට බැරි දේව නියෝජිතයෙකුගෙ ග්‍රන්තය මත පදනම්ව සත්‍ය අදහස්.ඒවා නිරපේක්ෂ සත්‍ය.
        විද්‍යාඥයගෙ අදහස් සාපේක්ෂයි.මවුලාවිතුමාගෙ අදහස් නිරපේක්ෂයි.මේ දෙක තේරුම් ගන්න ඕන

        කිතුනුවා මැවීම ගැන ෆාදර් කෙනෙක්ගෙන් හෝ පාස්ටර් කෙනෙක්ගෙන් අහන එක වැදගත්.
        බෞද්ධයා පුනරුප්පත්තිය ගැන හාමුදුරුවරුන්ගෙන් අහන්න ඕන
        නැත්නම් මේක පැටලෙනවා

  5. ගැටළු,

    1. මැනුවල් එක හෙවත් අත්පොත කීප සැරයක් වෙනස් කරමින් ඉදිරිපත් කොට අවසානයේ නිශ්පාදනය එළි දක්වා බොහෝ කලකට පසුව (ඔබ විශ්වාස කරන ලෙසට ) නිවැරදි අත්පොත පිට වූයේ ඇයි?

    2. ඉතාමත් සුලු පිරිසක් භාවිතා කරන අරාබි භාශාවෙන් ලෝකයටම ලබා දුන් කුරාණ‍ය පහල වූයේ ඇයි? ඒ සඳහා අරාබි භාශාවේ ඇති විශේෂතා මොනවාද?

    3. අල් කුරාණයට සමාන එක සුරාවක් හෝ ලියන්නට හැකිවී නැත යන්නෙන් ඔබ අදහස් කරන දෙය මට නොතේරේ.අරුතින් එය හා සමාන සුරාවක් නොව කිහිපයක්ම ලියන්නට හැකි අය ඕනෑ තරම් සිටිති.උදාහරණයක් ලෙස ජේ.කේ රෝලින්ග් මහත්මිය.
    නමුත් එහි භාශාවට සමාන ලෙස යමක් ලිවීමේ සමතුන් ගැනනම් මම දන්නේ නැත.මන්ද අරාබි භාශාව ගැන මගේ කිසිඳු අවබෝධයක් නොමැති නිසාය.කෙසේ වෙතත් ලේඛනයේදී එය සිංහල බසටත් වඩා අපහසු බැව් නම් දනිමි.

    4. ලෝකය බිහි කොට බොහෝ කලකට පසුව මෙය ග්‍රන්ථාරූඪ කළ බැව් ඔබ නැවතත් අමතක කර ඇත.ඔබ පවසා ඇති ලෙසට ඉස්ලාම් දහම මොහොමඩ් නබිතුමාගේ කාලයේ ලොව පහල වූවක් නොව, ඊට පෙරද දිවැසිවරුන් සිට ඇත.නමුත් ඒ අයගේ දහම් සියල්ල මොහොමඩ් නබිතුමාගේ කාලයේදී අවලංගු කොට ඇත්තේ ඇයිදැයි යන්න මට ගැටළුවකි.
    කුරාණය කටපාඩම් කළ මිලියන ගණනක් සිටීම කුරාණයේ හාස්කමක් ලෙස හුවා දැක්වීමට ඔබ උත්සාහ කරතත් ඕනෑම කෘතියක් කුඩා කල සිට ඔබට පාඩම් කිරීමට සිදුවන්නේනම් ඒ කෘතිද මතකයේ රැඳෙනු ඇත.ඔබේ මතයට අනුව ටික කලකට පෙර ධම්මපදය, සකස්කඩය ආදී ග්‍රන්ථ ද මහා හාස්කම් සහිත ග්‍රන්ථ ලෙස සැලකිය යුතුව තිබුණි.
    කුරාණය හැර වෙනත් ග්‍රන්ථ කටපාඩම් කරනු දැකිය නොහැක්කේ කටපාඩම් කිරීම යල් පැනගිය ක්‍රමයක් ලෙස අනිකුත් සියළුම දෙනා පාහේ සලකන බැවිනි.තොරතුරු ගබඩා කිරීමේ තාක්ෂණය දියුණු වීමටත් පෙර ලේඛන කලාවේ ප්‍රගමනයත් සමඟම කට පාඩම් කිරීම ක්‍රමයෙන් දියුණු සමාජයෙන් ගිලිහී යන්නට විය.

    5. නොවාගේ කතාව පරණ තෙස්තමේන්තුවේ අඩංගු වන්නකි.එය කුරාණයට පෙර ලියැවුනු බව මතක් කර දීමට කැමැත්තෙමි.ඊජිප්තුව බොහෝ දුර ඈත පිහිටි රටක් නොවූ අතර අරාබි ජාතිකයින් වෙළඳාමේ නොගිය තැනක් නොමැත.ඈත ඉන්දියාවට ලංකාවට පවා ආ ගිය අරාබි වෙළෙන්දන් මෙහි තොරතුරු රැගෙන සිය මව් රටට ගියානම් ඊජිප්තුවේ තොරතුරු පමණක් සඟවාගෙන සිටීමට හේතුවක් නොමැත.අනිත් කරුණනම් ඊජිප්තුවේ නටඹුන් බටහිර ලෝකයට අනාවරණය වන විටත් බොහෝ නිධන් සොරුන්ගේ ග්‍රහනයට ලක්ව තිබූ බව ඔබ දන්නවා ඇතැයි සිතමි.ඒ නිධන් හොරුන් ලංකාවෙන් ගියවුන් නොවේ.

    6. ක්ෂීරපථයේ සූර්යයා ගමන් කරන බැව් සඳහන් කළද පෘථිවියේ චලිතය සඳහන් කිරීමට අමතකව ගොස් ඇති හැටි.

    7. මිනිසාට අත්‍යවශ්‍ය ලෙස සැළකුනු දෑ දෙවියන් එව්වා සේ සඳහන් වන්නේ යකඩ පමණක් නොවේ.ග්‍රීක මිත්‍යාවන්ට අනුව දෙවියන්ගෙන් ගින්දර සොරකම් කරගෙන ආවේ ප්‍රොමිතියස් ය.ඒ කතාවත් ඔබ පිළිගන්නවාද?අනිත් කරුණ නම් සියල්ල කළ හැකි සර්වබලධාරී දෙවියන් යකඩ ආනයනය කරන්නට අදහස් කළේ ඇයි? යකඩ මැවීම යකඩවලට වඩ සංකීර්ණ අනෙකුත් මැවීම්වලට වඩා අපහසුයි ද?

    8. මේ කරුණ නම් කිසිම තේරුමක් නැති කරුණක් බැව් කියනු කැමැත්තෙමි.සියල්ල යුගල් ලෙස මවා ඇති බවට ඔබ ගෙන ඇති උදාහරණයම ගැටළු සහිතය.පරමාණුක අංශු ගැන ඔබ කියැවූ තැනින්ම න්‍යුට්‍රෝන නම් අංශු ගැනද කියවා බලන මෙන් ඉල්ලා සිටිමි.එතැනිනුත් එහාට යන්නේ නම් ක්වාක ගැනත් එතැනිනුත් එහාට යන්නේ නම් ස්ට්‍රිං තියරි හෙවත් තන්තු න්‍යාය ගැනද කියවා බලන්න.යුගල් හමු වූවොත් නැවත කොමෙන්ටුවක් දමන්න.
    පෙර ලිපියක කොහේ හෝ ගස්වැල් ද යුගල් ලෙස මැවූ බවක් සඳහන් වූවා මතකය.ද්වීබීජ පත්‍රී ශාකවල ද්වීලිංගික පරම්පරාව ගැන ඔබ අසා නැද්ද?
    අනෙකුත් සතුන්ගේත් සීලන්ටෙරාටාවන්, ප්ලැටිහෙල්මින්තාවන්, ඇනෙලිඩාවන් ආදීන්ට විරුද්ධ ලිංගිකයෙක් නැත.මන්ද ඔවුන් ද්වී ලිංගික වන බැවිනි.වෛරස හෝ බැක්ටීරියා ගැන කතා කොට පලක් නෑ නේද?

    9. 51:47 වැකියට අනුව කියැවෙන්නේ දිව්‍ය ලොකේයේ ප්‍රසාරණය වීමක් මිස විශ්වයේ ප්‍රසාරණය වීමක් නොවේ.මහා පිපිරුම් වාදයට අනුව ඉතා කුඩා අංශුවකින් විශ්වය නිර්මාණය වූවා යැයි පැවසෙනවා මිස අහසින් පොළව වෙන් කළ බවක් කියැවෙන බව මම අසා නැත.

    10.බිත්තරයක හැඩය යනු ද්වීමානවද ත්‍රිමානවදැයි පැහැදිලි නැත.කුරාණයේ අදාල වැකිය සඳහන් කරන්නේනම් මනාය.

    11. දෙවියන් මැටිවලින් මිනිසා මැවූ බව විද්‍යාත්මක යැයි කීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද?අනික ශුක්‍රාණු ගැන පමණක් කියැවෙතත් ඩිම්බය ගැන සඳහනක් හෝ නැත්තේ ඇයි?

    12. කඳු කූඤ්ඤාකාර කියනවා මිස ඒවා පොළව තුළට ගිලා බැස ඇති බවක් මේ වැකියෙන් පැවසෙනවා දැයි මට නොතේරේ.අනික කඳු නිමවන්නේ නැතිව ස්ථායී පොළවක් නිර්මාණය කිරීමට සර්වබලධාරී දෙවියන්ට නොහැකිව තිබුණේ ද? ඔබේ තර්කයට අනුව යමෙකුට හැඟෙන්නේ වෙන කවුරුන් හෝ මැවූ පෘථිවිය ස්ථායී කිරීමට දෙවියන් වෙහෙසුන බවක් විනා සර්ව බලධාරියෙකු මැවූ බවක් නොවේ.

    කොමෙන්ටුව දිගින් වැඩි උනාට සමාවෙන මෙන් ඉල්ලා සිටිමි.

    1. @දිනුක
      Rishad දී ඇති ලින්ක් ටික බලන්න. සමහර විට ඒවා ලියා ඇත්තේ ඔබ තරම් විශාරද දැනුමක් නැති උදවිය වෙන්ටත් පිලුවන්.කෙසේ වෙතත් ඔබකියා ඇති සියලු දේට පිළිතුරැ දෙන්ට පුලුවන් එහෙත් මා සිතන්නේ එය කාලයට බාරදෙන එක වඩා සදුසු බවය්. විද්‍යා දැනුමත් බුද්ධියත් ඇති මිනිසුන් වත් මේ ලිපිය තේරුම් ගනීවි.

      මේ ලිපිය පළවීමට පෙර තවකොටසක් ලිපියට ඇදීමට සිදුවිය. එහෙත් හදිසියේ එම කොටස ලියා පොස්ට් කරන්ට බලන විට ලිපිය පලවී හමාරය. මෙසේ හදිසියේ ලිවීමේදී සිදුවූ වරදකින් එක නමක් වරදවා තිබිණි. එය වත් තේරම් ගැනීමට නොහැකි වූ ඔබට මගේ අනිත් අදහස් කෙසේ තේරුම් කරන්ටද?

    2. දෙවනුව දිනුක ඔබ, අජ්වාඩ් සොහොයුරා, කුරාන් වදන් පිලිබදව කියා ඇති දේ හරියකාරව වටහා නොගත් බවයි. ඔහු හුවා දැක්වීමට තැත් කොට ඇත්තේ එම වදන් එකිනෙක අතර ඇති පුරුක් සම්බන්ධතාවය(link connection ) කට පාඩම් කිරීමට බොහෝ උපකාරී වන වගකි. අනෙක් අතට ඔබ කියන දේත් ඇත්ත…එදා සිටි පැරැන්නන් ධම්ම පදය,සකස්කඩ එතනින් ඔබ්බට ගොස් බුද්ධ ගච්චය, ස්ලෝක, ආදිය කට පාඩමින් දැන සිටියා. නමුත් කණගාටුවට හේතුව නම්, ගෙවී ගිය වසර 40 තුලදී, එම පරම්පරාව ලොවින් තුරන් වීමයි. ඊට පසුව ඔබ සිතන ආකාරයට නවීන ක්‍රම වෙධයන් නිසා, එවැනි දැ පාඩම් කිරීමට කිසිවෙකු උනන්දු නොවීමයි. හැරත් මතුදා, ඔබට අනුකුලව යමින් යමෙක් තිරුවානා පොත් වහන්සේ හැටියට 4 GB pen drive එකක් පෙන්වීමට ඉඩ ඇත. අනෙක, තවත් කෙනෙකු සිතුවොත් කුමටද කෝටි ගණන් වැය කොට සංඝයා වහන්සේලා නඩත්තු කරන්නේ? ඒ වෙනුවට අපි රොබෝ කෙනෙකු තියා ගනිමු කියා! දෙවියනටම ඔප්පු වෙච්චාවේ!!…..මෙහෙමත් සිතුවිලි….
      හැරත් දිනුක, කුරානයේ සත්‍ය අසත්‍ය භාවය පිළිබද පරීක්ෂණ අරබුනේ මීට සියවස් ගණනක පෙර සිටමය. ඒ ලොවේ සිටින, ඉමහත් භුද්ධි සම්භාරයක් කරපින්නා ගෙන උපන් යුදෙව් ජාතිකයන් බව ඔබ නොදන්නවා ඇති. නමුත් අද වන තුරු කිසිදු සැක සහිත තැනක් සොයා ගැනීමට නොහැකි වීම එහි ඇති සුවිශේෂිත බවයි. හැරත් එම බස දකුණෙන් පටන් ගෙන වම් අතට ලියවෙන ලොව ඇති එකම බස බවද, ඔබ නොදන්නවා ඇති. අනෙක දිනුක මුස්ලිම් වරු කුරානය කටපාඩම් කරන්නේ එහි ඇති අද්යාත්මික සුවය නිසයි. එසේ නොවන්නට ඔබ සිතන විදියට තාක්ෂණ දියුණුවත් සමග මෙවැනි උත්තුංග දැ, නවීකරණයට බදුන් විය යුතු නම්, අනාගතේදී සිරුර පුර පච්ච කෙටු, කනේ කරාබු දැමු පිලිරු දැ නිර්මාණය විය හැකිය. අපි ඔබෙන් ආයාචනාත්මකව ඉල්ලා සිටින්නේ, බදුන් දවස දෙසු නිර්මල බුදු දහම තාක්ෂණ ලොව ඉදිරියේ හැල්ලු නොකොට, සසුන රැක ගන්න ලෙසයි. හැරත් සියලු ගාථා යලි කටපාඩම් කිරීම අරබන ලෙසයි.

      1. සංඝයා වහන්සේලාගේ කෘත්‍ය කුමක්දැයි ඔබට අවබෝධයක් නැති බව පෙනේ.ඔවුන්ගේ වත්මන් අභිප්‍රාය කෙසේ වෙතත් බුද්ධකාලීන සංඝයාගේ අරමුණ වූයේ තමන් සසරින් එතෙර වී අන්‍යන්ද එතෙර කරවීමට මග පෙන්වීමයි.සසරින් එතෙර වූ සංඝයා වහන්සේලා සමාජයේ දක්නට නොමැති නිසාත් සසරින් එතෙර නොවී ඇති සංඝයා වහන්සේලා රොබෝවෙකුගෙන් ප්‍රතිස්ථාපනය කිරීම ගැටළුවක් වන්නේ කෙසේදැයි මට නම් නොතේරේ.ධර්මය කුමක් හෝ වේවා ඇත්තේ කට පාඩම් කර ගැනීමට හෝ තවකෙකුට කට පාඩම් කරවීමට හෝ නොවන අතර තමන් අවබෝධ කර ගැනීමට බව මාගේ විශ්වාසයයි.

        දේවවාදී ආගම්වල ඇති සීමාවන් තුළ හිඳිමින් එහි අසත්‍යතාව ඔප්පු කොට පෙන්වීමට නොහැකි බව ඇත්තය.නමුත් එසේ කුරාණය අසත්‍ය බව ඔප්පු කරගත නොහැකි වූ යුදෙව්වන් සියල්ලම මුස්ලිම් වූවාද?එමෙන්ම මගේ හැඟීමට අනුව දේවවාදී දර්ශනයක් හෝ වේවා කුමන හෝ ආගම්වාදී දර්ශනයක් ඔප්පු කොට පෙන්වීමටද නොහැක.අජ්වාර්ඩ් මහතා ඉතාමත් දුර්වල ලෙස විද්‍යාව සහ කුරාණය ගැලපීමට උත්සාහ කළද එය අසාර්ථක වී ඇති බව ඔබට නොපෙනෙන්නේ ඔබ කුරාණය තුලින් විද්‍යාව දෙස බලන නිසාය.මම එහි අනෙක් පැත්තය.විද්‍යාව තර්කය සහ සාධක ඇසුරින් කුරාණය, බයිබලය, භගවත් ගීතාව පමණක් නොව ත්‍රිපිටකය දෙසද බැලීමට හුරුව ඇත්තෙමි.

        කුරාණය කටපාඩම් කිරීමෙන් අධ්‍යාත්මික සුවය ලැබීම මෙන්ම ගාථා කටපාඩම් කිරීමෙන් සසුන රැක ගන්නා ආකාරයද මට නොතේරේ.

    3. mama ahanne muslim kanthawo ay ohoma adum adinne ay ounge nidahasa sima karala thiyenne

      1. වස්ත්‍ර හැදීම නිදහස සීමා කිරීමක්ද? ලොව මිලියන සංඛ්‍යාත මුස්ලිම් කාන්තාවන් හිජාබය සිය වස්ත්‍රය කරගෙන තිබෙන්නේ සිය කැමැත්තෙන්මයි.

  6. Help the people who do not know .. Great letter bro Ajward keep writing..Allah will bless you…

  7. al quranaye atheeethaya varthamanaya anagathaya samadeyakma adangu v thibima meya loku haaskamak

  8. අල් කුරානයේ විද්‍යාත්මක හෙලිදරව්වන් කිහිපයක්……….. ආපසු එන අහස http://www.youtube.com/watch?v=e_8YoZok7_o&list=UUw4H_yPqDjLGN7JFu4P2Sow&index=3&feature=plcp කදුවල චලනයන් http://www.youtube.com/watch?v=K2q2g19NZSs&list=UUw4H_yPqDjLGN7JFu4P2Sow&index=2&feature=plcp යකඩ පිලිබදව අභිරහස http://www.youtube.com/watch?v=XoVutXI3A1w&feature=BFa&list=UUw4H_yPqDjLGN7JFu4P2Sow වායු ගොල පටල http://www.youtube.com/watch?v=D9QAMN9pfVk&feature=BFa&list=UUw4H_yPqDjLGN7JFu4P2Sow කදුවල කාර්‍ය භාරය http://www.youtube.com/watch?v=TP6rqSpJKPw&feature=BFa&list=UUw4H_yPqDjLGN7JFu4P2Sow නිර්ණය කල ප්‍රමාණයට වැසි පහලවීම http://www.youtube.com/watch?v=ubbacqPemk4&feature=BFa&list=UUw4H_yPqDjLGN7JFu4P2Sow එකින් එකට මිශ්‍ර නොවන සාගර http://www.youtube.com/watch?v=Yw4laW2_u9I&feature=BFa&list=UUw4H_yPqDjLGN7JFu4P2Sow ඇඟිලි සලකුණු http://www.youtube.com/watch?v=QQSSaBu4G_o&feature=BFa&list=UUw4H_yPqDjLGN7JFu4P2Sow ඇටකටු සහා මාංශ පේශි http://www.youtube.com/watch?v=vrL__NZLvvI&feature=BFa&list=UUw4H_yPqDjLGN7JFu4P2Sow දරුගැබ තුල බිලිදාගේ අදියරයන් http://www.youtube.com/watch?v=zbgwRyWsOps&feature=BFa&list=UUw4H_yPqDjLGN7JFu4P2Sow විශ්මය ජනක අනාවැකි http://www.youtube.com/watch?v=8FovMskNf3E&feature=BFa&list=UUw4H_yPqDjLGN7JFu4P2Sow

    1. භූ ස්ථර සහ යමහල් වල ක්‍රියාකාරිත්වය හේතු කොට ගෙන පොළොව මත කඳු ඇතිවෙයි. නිවැරදිව කියනවානම් කඳු පොලවෙන්ම පැන නැගෙයි. එවරස්ට් වැනි කඳු සෑම වසරකටම සෙන්ටිමීටර 6.1 කින් වැඩෙයි. මේවා නිරීක්ෂණ මගින් සනාථ කල දේවල් වෙයි. එමෙන්ම කඳු නායයාම්, භූ කම්පන ඇතුළු භූමියේ අස්ථාවරත්වයට හේතු වනවා මිස එය භූමියේ ස්ථාවරත්වයට හේතු නොවේ.

      සියල්ල ජෝඩු වශයෙන් මැව්වා නම් විරුද්ධ ලිංගිකයන් නොමැතිව ජෝඩු නොවී තනි ජීවියෙක් ලෙස පරම්පරාව බිහි කරන කෝටි සංඛ්‍යාත ක්ෂුද්‍ර ජීවීන් සිටින්නේ කෙසේද ?

    2. දිනුක ඔබ විද්‍යාව ගුරු කොට සලකන්නෙක්නෙ.එහෙමනම් මේක අභියෝගයක්.ඔබ මීට පිළිතුරු දෙනවා නම් හොදයි.විශේෂයෙන් කදු පිළිබද අදහස,යකඩ ගැන අදහස.එකිනෙකට මිශ්‍ර නොවන සාගර ,ඇඟිලි සලකුණු ඒවා ගැන කතා කරන්න.
      ඔබ මුස්ලිම්වරයෙක් නොවන නිසා ඔබට මේවා කතා කළ හැකියි.ඒත් මුස්ලිම්වරයෙක් විද්‍යාවට අනවශ්‍ය බරක් දීම තුල අනතුරුදායක පැත්තක් තිබෙනවා.

      1. ඇත්තෙන්ම මා විද්‍යාවෙන් ආගමට පිටිවහලක් නොගත්තෙමි.ආගම පරම සත්‍ය සහ එහි කිසිම ප්‍රකාශයක් මිනිස් දැනුමෙන් ලබා ගත ඒවාද නොවේ. විද්‍යාව මිනිසාගේ අත්දැකීම් සහ පර්යේෂණවල ප්‍රතිපල සමග නිතරම වෙනස් වන දෙයක්. නමුත් කුරානයෙන් මිනිසට දෙවියන්ගේ මැවීම් ගැන ගවේෂණය කිරීමට අණකර තිබේ. ඒවායින් ලැබුණු ප්‍රතිපල කුරානයේ වදන් වලින් සනාත කළා මිස කුරානය නිවැරදි කීමට විද්‍යාව යොදාගත්තේ නැති බව පැහැදිලිව දැනගත යුතුය්. මගේ ලිපියේ මෙවැනි මෝඩ මෝඩ මෝඩ උත්සාහයක් නොගත් බව නැවත කියාසිටිමි.

      2. කඳු ගැන ඉහත හනුමා පිළිතුරු දී ඇත.ඔබ ඉන් සෑහීමකට පත් වන්නේ යැයි සිතමි.යකඩ බිහිවීමට ඉතා අධික පීඩනයක් ඇවැසිය.පෘථිවියේ මධ්‍යයේ අති විශාල යකඩ ගෝලයක් ඇතිබව ඔබ නොදන්නේද? තාරකාවල ඉන්ධන ලෙස ඇති හයිඩ්‍රජන් දැවී හීලියම් බවට පත්වීමේ ක්‍රියාවලියේ එක් අවසන් ඵලයක් ලෙසද යකඩ නිපදවේ.කුරාණය නොදන්නා මම යකඩ ගැන දන්නේ ඔච්චරය.දැන් මට කුරාණය දන්නා ඔබ පිළිතුරු දෙන්න.යකඩ මිනිසාට ලබා දීමට ඔතරම් උවමනාවක් තිබූ දෙවියන් වහන්සේ එය එතරම් ලබා ගැනීමට අපහසු තත්ත්වයකින් නිර්මාණය කළේ ඇයි? යකඩ ශුද්ධ ලෙස ලබා ගැනීමට නොතබා එය වෙනත් මූලද්‍රව්‍ය සමඟ ප්‍රතික්‍රියා කරවා නිස්සාරණය කර ගැනීමට බොහෝ සෙයින් අපහසු ලෙස සෑදුවේ ඇයි.ඒ වගේම ඔබ තවමත් සර්ව බලධාරී දෙවියන් වහන්සේට යකඩ ආනයනය කිරීමට සිදුවූයේ ඇයිදැයි කීවේ නැත.
        එකිනෙකට මිශ්‍රනොවන සාගර ගැන මම අසා ඇත.ඒවා මිශ්‍ර නොවන්නේ ඒ ඒ සාගර ජලයන්ගේ ඝණත්ව වෙනස නිසා යැයිද අසා ඇත්තෙමි.පොල්තෙල් සහ ජලය මිශ්‍ර නොවන්නේ යම්සේද එකී සාගර ජලයද මිශ්‍ර නොවේ.නමුත් මට ගැටළුව ඇත්තේ යූටියුබ් වීඩියෝවේ විස්තර කරන වැකියට වඩා වෙනස් වැකියක් http://quran.com/ නම් වෙබ් අඩවියේ තිබීමය.කුමක් හරිදැයි ඔබම පවසන්න.

        ඇඟිලි සළකුණු එකිනෙක වෙනස් වන්නේ ජාන වෙනස් වීම නිසා බැව් ලෝකයා දනී.නමුත් ‘සුරා අල්කියාමා 4’ වැකියෙන් එවැන්නක් ගැන කිවෙන්නේ නැති බවයි මගේ අදහස.සමහර විට මගේ භාෂා ඥානය එතරම් පොහොසත් නැතුවා විය හැක.එහි ඇඟිලි තුඩු ගැන කියවෙනවා විනා ලෝකයේ පුද්ගලයින්ගේ ඇඟිලි සලකුණු එකිනෙකින් වෙනස් ව තැනූ බවක් සඳහන් වෙන්නේ නෑ නේද?

  9. 1) creator ට දවසට 5ස් පාරක් වන්දනා කරන්න කියලා තියන manual එකක් කොහෙවත් දෙකල නැත.
    2) කුරානයේ භාෂා ශයිලිය ඔය තරම් උතුම් නම් එය misinterpret කර ත්‍රස්තවාදයක් සෑදෙන්නේ නැත ( ත්‍රස්ථවාදී නොවන මුස්ලිම් අයගේ අදහස අනුව ).
    3) ලෝකය ගෝලාකාර බව හා හිරුගේත් කක්ෂයක් ඇතිබව අවුරුදු 5000කට පෙර බිහි වු ජෝතිර්ශයේ සංදහන්වේ.
    4) කුරානයේ සංදහන් පරිච්චේදයක් තබා ලංකා ඊ නිව්ස් වල එන මඩ ලිපියක් වගේ රචනාවක්වත් කතෘට හැර වෙන කෙනෙක්ට එම ශයිලියෙන්ම ලිවීමට නොහෙක්කේ කතෘගේ ලිවීමේ ශයිලිය ඔහුටම ආවේනික බෙවිනි.
    5) ලෝහ බොහොමයක් හා වායුමය මුලද්‍රව්‍ය වල එහි ප්‍රොටොන හා ඉලෙක්ට්‍රොන ප්‍රමාන අසක්‍රීය වෙන විට හුවමාරු වී එක ප්‍රොටොනයකට ඉලෙට්‍රොනය ලෙස නොපිහිටයි.
    6)විස්වයේ මහා පිපිරීම ගැන තාම ගැටලු පවතී.
    7)කන්දක් යනු එක් ආකාරයකට හැදුනු පස් ගොඩකි. කන්දේ කොටස් මොනාද යන්න තීරනය කරන්නේ එය නම් කරන කෙනාය. ඉස්සර කන්දට ඇස් දෙකට පේන කොතස් තිබ්බද දැන් ඊට වඩා වෙඩි කොටස් ප්‍රමානයක් නම් කර ඇත.

    ප.ව : කරුනාකර මෙය ඔබගේ ලිපියෙන් අයින් නොකරන්න.

    1. ඔබගේ දැනුමට මා නිගාකරනවා නෙමෙය්,අට පාස් ළමය් අහන සමහර ප්‍රශ්න වලට ආචාර්ය වරයෙකුට වත් පිළිතුරු දෙන්ට බැහැනේ,ඒ නිසා ළමයා නියම විදියට දැනුමෙන් පරිනත වන විට ඒවා තේරුම් ගන්ට හරිම නේද හොද?

      1. මට අට පාස් ළමයා කීම ගැටළුවක් නැත.නමුත් ඔබ නිකම් මහාචාර්යවරයා සමාන කරන්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේට හා ඔහු විසින් නිමැවෙන්නට යෙදුනු කුරාණයට බැව් දක්වන්නට කැමැත්තෙමි.

        1. මෙවැන්නක් මගේ ලිපියෙන් කියවී නැත. කරුණාකර කියවී ඇතිනම් එය උපුටා දක්වන මෙන් කාරුණිකව ඉල්ලාසිටිමි.අටපාස් කතාව ඔබට කිව දෙයක් නොව එවැනි කෙනෙකුට තේරුම් කිරීම අපහසු බව පමනය් කිවේ.

    2. ඔබගේ දෙවන ප්‍රෂ්ණයට පිළිතුරු හැටියට මට නැවත ප්‍රශ්නයක් ඇසීමට වෙනවා. භාෂා ශය්ලිය හොද නම් ත්‍රස්තවාදයක් ඇති නොවන බව ඔබ දැනගත්ත කොහෙන්ද?
      මමනම් ජෝතිස්යය ගැන දන්නේ නැත. කරුණා කර එම සදහන, එහි සදහන් අකාරයටම ඉදිරිපත් කරන්න.
      ඔබගේ සතර වන ප්‍රශ්නයට පිළිතුරු දීම මෙසේ කෙටියෙන් නොහැකිය. මම මේ කර්තව්‍ය ඔබට භාර කරමි කුරානය මෙන් පොතක් ඔබ නිර්මාණය කර කුරානය බොරු බව ඔප්පු කරන්න.
      පස්වෙනි ප්‍රශ්නය කරුණාකර සාදක ඇතිව පෙන්වා මේ ලිපියත් සමග ගැටෙන විදිය තෝරා දෙන්න.
      සය වන පශ්නය මාත් කියා ඇත්තේ මේ ටිකමය් කරුණාකර ලිපිය නැවත කියවා බලන්න.
      සත් වන ප්‍රශ්නය, කරුණාකර ඔබගේ දැනුම දියුනුකිරිමත් එක්ක කදු වලින් පොලවට ලැබෙන මෙහෙය ගැන අද්යයනය කර බලන්න.මා ඉන් ප්‍රධාන දේ ලිපියේ සදහන් කර ඇත්තෙමි.

  10. ඉහත දිනුක හා chaveen කොරානය ගැන හොද ප්‍රශ්න සමුහයක් අසා ඇත. ඒවා මෙම කොරානය දේව වක්ක්‍ය යැයි විස්වාස නොකරන ඕනෑම කෙනෙකුට ඇතිවිය හැකි ප්‍රශ්න සමුහයකි. ඒවාට මම මේ කොම්මේන්ටුව දමන මොහාත දක්වා කවුරුවත් පිළිතුරු දී නොමැත. ඒ කියන්නේ මේවාට මුස්ලිම්වරුන්ට පිළිතුරු නැහැ කියන එකද?

  11. දිනුක හා චවීන් දෙදනාගේ සැකය සාමාන්යයි . ඔවුන්ට‍ සාවදානයෙන් පිළිතුරු දීම අපගේ වගකීමය් . අපි මුස්ලිම් වරුන් හැටියට කුරානය හා එහි අඩංගු කරුනු ඉතා ඉහලින් හා භක්තිමත්ව පිළිගත්තද මුස්ලිම් නොවන නයට එය තවත් ආගමික ග්‍රන්ථයක් විතරය් . කුරානයේ අද්යාත්මික හා විද්‍යාත්මක කරුනු විස්තරාත්මකවත් වගකීමක් ඇතුවත් පහදා දිය යුතුය් . මම මුස්ලිම් වරයෙකු වශයෙන් දෙලොව ජය ගැනීමේ එකම මාර්ගය කුරානය පමණක් බව දැන හිටියත් එය විස්තර කිරීමට තරම් මගේ දැනුම මදිය . අල්ලාහ්ගේ පනිවිඩය ගැන වැරදි අවබෝදයක් ලබා දෙන්නේ නම් අපි අල්ලාහ් ඉදිරියේ වැරදිකාරයො වන්නෙමු. අපි බොහොම ආරක්ෂාකාරී වෙන්නට ඕනේ . කව්රුන් හෝ වගකීමක් ඇතුව පිළිතුරු සැපයිය හැකිනම් බොහොම වටී .

    1. ඔබේ කීම හරි. නමුත් ඔවුන් අහන ප්‍රශ්න එකින් එකට පුළුවන් තරම් කෙටියෙන් පිළිතුරු දුන්නොත් හොදයි. එවිට ඒවා බොහෝදෙනෙක් කියවයි. ඒවගේම ඒවා මතක හිටි. වෙන අයටත් අපට කියාදිය හැක.

      බොහෝවිට කරුනු වැඩියෙන් හා විස්තරාත්මකව කොමෙන්ටු කිරීමට යාමෙන් කවුරුවත් ඒවා කියවන් නැතිව යනවා මම අන්තර්ජාලයේ දැක ඇත්තෙමි.

  12. mata livime hakiyawa etharam nomatha but I know every question have a answer please some one who has a knoweledge come out and answer islamaye hama prashnayatama pilithuru atha..

  13. මොවුන් ප්‍රශ්නය විනීත ලෙස යොමු කර ඇති බවක් දකිමි.

  14. Anwer matath podiprashnayak atha ‘pranadu’ mahatha gen dana ganda ape agama hatiyata apaya saha swargaya atha deviyan wahanse mawana lada… ‘Dan budu himi kohe sitihida’

  15. අප ජීවත්වන මෙම ලෝකයේ විවිධ ආගම් ඇත. එක් එක් ආගමට ආවේනිකවු සංකල්පද ඇත. එකම සංකල්පයෙන් යුත් යම් යම් වෙනස්වීම් සමග නොයෙක් දහම් තිබුණත් මෙම දහම්වලින් වෙනස්වු දහමක් මෙන්ම යහ ජීවන මාර්ගයක් ලෙස ඉස්ලාමය පවතියි.මන්ද අල් කුර්ආනය මිනිස් වර්ගයාගේ ජිවිතයේ සෑම අංශයකටම මග පෙන්වයි.එමෙන්ම එම කුර්ආනය අවුරැදු 1434 ක් මුලුල්ලේ කිසිම වෙනස්වීමකට භාජනය නොවී තිබීමයි,නමුත් කෙනෙක් උපදින පවුල් පරිසරය අනුව යම් දහමක් විස්වාස කර එය අනුගමනය කරයි.ඒ අනුව යුදෙව් ආගමට අවුරුදු 5700ක ඉතිහාසයක් ඇත. හින්දු ආගමට අවුරුදු 4300ක ඉතිහාසයක් ඇත.බුද්ධාගමට අවුරුදු 2650ක ඉතිහාසයක් ඇත.ක්‍රිස්තියානි ආගමට 2013ක ඉතිහාසයක් ඇත.සීක් ආගමට අවුරුදු 400ක ඉතිහාසයක් ඇත,එමෙන්ම අල් කුර්ආනය අනුව ඉස්ලාමය ආරම්භවන්නේ ලොව පහළවු මුල්ම මිනිසාගෙන්ය.ඉස්ලාම් යනු ප්‍රදේශයක නමක් හෝ ජාතියක නමක් හෝ පුද්ගලයෙකුගේ නමක් නොවන අතර එහි තේරුම සාමය හා අවනත වීමයි.

  16. අල්ලාහ් මුහම්මද් නබි තුමාණන් ලොවට බිහි කරන්න අදහසක් තිබුනේ නැත්නම් මේ විශ්වයම මවන එකක් නැති බව කුරානයේ සඳහන් කරය් . අල්ලාහ් කාලයෙන් කාලයට නබිවරු ලොවට පහල කර එම නබිවරු ලවා ජිවත් විය යුතු ආකාරයද කියා දී ඇත. කුරානයේ සඳහන් පරිදි නබිවරු 124000 ක් ලොවට පහල වී ඇත . ලෝකයේ නොයෙකුත් තැන්වල එක එක රටවල් වලට, ගෝත්‍රවලට, තනි පව්ලකට පවා නබිවරු පහල කර ඇත. ඔවුන් තමන්ගේ අනුගාමිකයන් යහමග ගෙනගොස් ඇත. ඒවා අතර මුහම්මද් නබි තුමාද ඇතුළුව නබිවරු 4 දෙනෙකුට ආගම 4 දෙන ලදී. දාවූඩ් නබි ( සබූර් ආගම ) මූසා නබි (තව්රාත් අගම) ඊසා නබි ( ඉන්ජිල් ආගම ) මුහම්මද් නබි ( ෆුර්කාන් ආගම ) යන ඒවා වෙය්. පැරණි හැම නබිවරයෙක්ම තමන්ගේ දේශණ ග්‍රන්ථ ගතකර නැත. බොහෝ දුරට කට වචනයට සිමා විය. පෙර පහල වූ ආගම් 3 ග්‍රන්ථ ගත කර ඇත. මුහම්මද් නබි තුමනන්ට පෙර වූ සියලු නබිවරු අනුගමනය කල අය යහ මග ගිය ඇයො වෙය්. ඒ හැම නබිවරයෙක්ම මුහම්මද් නබි තුමනාන්ගේ පැමිනීම ගැන සඳහන් කර ඇත. මුහම්මද් නබි තුමනන්ගෙන් නබිවරු ලොවට පහල වීම නතර වන වග අල්ලාහ් කුරානයේ කියය. මුහම්මද් නබි තුමනන්ගෙන් පසු පෙර කි ආගම් අනුගමනය කරන්නන් නොමග ගිය යෝ වෙය්. නබි තුමාගේ කාලයේ කුරානය පොතක් වශයෙන් ලියවුනේ නැහැ. එය එවක සිටි නබිතුමනගේ අනුගාමිකයන් කට පාඩම් කරගෙන සිටියෝය. එය ග්‍රන්ථයක් වශයෙන් ලියවුනෙ ඉස්ලාමයේ 3 වෙනි කලීෆා (මුස්ලිම් වරුන්ගේ නායකයා) වන උස්මාන් රලි තුමනන්ගේ කලයෙය් (එවක ලියවුනු කුරානයක් තවම Tashkent නුවර කව්තුකාගාරයේ ඇත). මා මෙතන කියන්න අදහස් කරන්නේ කුරානය එක අකුරක් හෝ වෙනස් නොවී තම ඒ ලෙසම පවතින බවය්. එය වෙනස් කලොත් එහි අඩංගු අර්ථද විකුර්ති වෙය්. ඔබ සඳහන් කළා පරිදි අරාබි බාෂාව සංකිර්නය්, කුරානය ඊට වඩා සංකිර්නය්. සාමාන්‍යයෙන් අරාබි භාෂාව කතා කරන යට කුරානය කියවිය හැකි වුවත් අර්ථ තේරුම් ගන්න බැරිය.එය මිනිසා විසින් ලියන ලද්දක් නොවීමය්. එය ලොව අවසන් වෙන තෙක් පවතී යන්න අපගේ විශ්වාසයය්. කුරානය කට පාඩම් කර ගත්තු අය බොහෝය. ලිපිකරු සඳහන් කල පරිදි කුරානය මනනය කළ හැකි තරමට අනෙකුත් ආගමික ග්‍රන්ථ මනනය කිරීම පහසු වෙන්නේ නැත. මෙය තර්කයක් හැටියට නොගෙන ප්‍රායෝගිකත්වය ටිකක් සොයල බලන්න. ලිපිකරු නිෂ්පාදනය හා manual කියන වචන භාවිතා නොකර සාමාන්‍ය හැඳින්වීමක් කලානම් ඔබගේ 1නි ප්‍රශනය පැනනගින්නේ නැතිවග මගේ මතයය්. මුහම්මද් නබි තුමාණන් අරාබිකරයේ පහල කල හින්දා කුරානය අරාබියෙන් එළිදක්වන්න ඇති. අද එම අල්ලාහ්ගේ වදන් ලොව පුරා සිංහල ඇතුළු හැම භාෂාවකින්ම ලබාගත හැක. අල්ලාහ්ට අවශ්‍ය වූ දෙය සිදුවී ඇත. කුරානයේ ඇති සුරාවල එන අර්ථයන් අවස්තාවන් අනුව තැනට ඔබින ලෙස වෙනස් වෙය්. එවැනි දෑ මනුස්සයින්ට රචනා කල නොහැක. ජේ.කේ රෝලින්ග් මහත්මියට වුවද බැරිය. පුලුවන්නම් උත්සහ කරලා බලන්න. කුරානය පාරායනය කරන්නේ බොහෝවිට සලාතය කරන අවස්ථාවේ දීය. සලාතය කරන අවස්ථාවේ laptop එකක් වැනි දෙයක් අප ඉදිරියේ තියාගෙන කල නොහැක. එවිට අපේ මැවුම් කරු ඉදිරියේ වැඳ වැටෙද්දී අපේ කල්පනාව වෙන තැනක ගොස් බිය නැතිවී සම්භන්දතාවය බිඳී යය් . කුරානය මනනය කර ගත යුතුමය. ලිපිකරු නුහ් නබි ගේ නව්කාව ගැන සඳහන් කරන්නේ එක අකුරක් හෝ නූගත් මුහම්මද් නබි තුමාණන් කුරානය ලියා ඇත්නම් වසර දහස්ගණන් පැරණි නව්කාව ගැන දන ගත්තේ කෙසේද කියාය. එය සොයාගනු ලැබුවේ නබි තුමාගෙන් පසු සියවස් ගණනාවකින් පසුය. අල්ලාහ් සඳහන් කරන ආකාරයට පොලොව කඳු යොදා ශක්තිමත් කර ඇත්තෙමු කියා අදහස් කරන්නේ පොලව වෙන කෙනෙක් සැදුවා කියන එක නොවෙය්. එම සූරාව සම්පුර්ණයෙන් කියවන කෙනෙකුට තෙරෙය්. අනෙක කුරානයේ වචන විලාසය එහෙමය්.
    creator ට වඳින්න කියන manual එක ගැනනම් මන් දන්නේ නැහැ නමුත් පස්වෙල වඳින්න කියා කුරානයේ නම් සඳහන් වෙලා තියෙනවා. නබි තුමාණන් නුගත් කෙනෙක් බව නැවතත් සඳහන් කරමි.

    දිනුක හා චවින් ඔබ දෙපළ යොමුකළ ප්‍රශ්න ටිකනම් හරිම බැරෑරුම්.මෙය කුරානය නැතුව ඕනෑම දෙයකට යොමුකර තිබුනානම් පිතුරු සපයන්නාට කට උත්තර නැතිවෙය්. මා දන්නා තරමින් විස්තර ටිකක් දී ඇත්තෙමි. මෙහි වැරදි ඇත්නම් නිවැරදි දේ දන්නා මුස්ලිම්වරු නිවැරදි කර දෙන්න. ඔබ දෙපලට කුරානය ගැන දැනගැනීමට සබැ උවමනාවක් තියේනම් කුරානයය් විද්යාවය් හරියට දන්නා Dr Zakir naik වැනි කෙනෙකුට ප්‍රශ්න යොමුකරන්න අනිර්වාරයෙන් පිළිතුරු ලබෙය්.

    1. ***අල්ලාහ් මුහම්මද් නබි තුමාණන් ලොවට බිහි කරන්න අදහසක් තිබුනේ නැත්නම් මේ විශ්වයම මවන එකක් නැති බව කුරානයේ සඳහන් කරය්***
      ඉම්තියාස් සහෝදරයා මෙය වැරදි මතයක්.කරුණාකර මේ ගැන සොයා බලන්න.

      1. අල්ලාහ් මුහම්මද් නබි තුමා මෙලොවට බිහිකරන්න අදහසක් තිබුනේ නැත්මනම් මේ විශ්වයම මවන එකක් නෑ කියා කුරානයේ සන්දන්කරය්””
        මේ අර්තයට සමාන දෙයක් අල්ලාහ් කියා ඇති බවක් නබි තුමා පවසා ඇත්තාහ. නමුත් එය කුරානයේ නොවන වගත් හදිසුල් කුද්සි වල බවත් ප්‍රකාශ කර මගේ වැරද්ද නිවැරදි කරමි.
        වැරද්ද පෙන්වා දීම ගැන Ajward සහොදරයාට ස්තූතිය ප්‍රකාශ කරමි.

  17. @Usman
    If you know answers for questions given by two non Muslim brothers, please clear it out. Its our duty. we are answerable to all mighty Allah. we should not leave questions unanswered.Use what ever the language you know.

  18. කුර්ආනයේ විෂය මූලික වන්නේ මිනිසා මිස විද්‍යාව නොවේ. මෙකී මිනිසාගේ ක්‍රියාකලාපයන්, හැසිරීම්, අදහස් උදහස්, සිතුම් පැතුම් අතීත, වර්තමාන හා අනාගත කාලයන්ටද පොදු බව කුර්ආනයේ මතයයි. අවුරුදු දහස් ගණනකට කලින් ජිවත් වූ ඒකාධිපතියකු වන පාරාවෝ රජෙකුගේ කතා වස්තුව සංවිධානාත්මක දේශපාලන ක්‍රමයක් නොතිබු ගෝත්‍රවාදී පාලනයකින් යුක්ත වූ අරාබි ජනතාවට කුර්ආනය දේශනා කරන්නේ එහෙයිනි. පාරාවෝ රජුගේ ක්‍රියාකලාපයන් එදා සිටි ජනතාවට අමුත්තක් වුවද වර්තමාන මුස්ලිම්වරුන්ට අමුත්තක් නොවේ.

    කුර්ආනය විද්‍යාව මිනිසාට දේශණා කරන්නේ බොහෝම පරිස්සම් සහිතවය. එය එදා පැවති බුද්ධි මට්ටමට හා වර්තමානයේ පවතින බුද්ධි මට්ටමට එක හා සමානව පිලිගත හැකි ආකාරයේ ආමන්ත්‍රණයකිනි. එය තුල විද්‍යාත්මක මතයටත් ඔබ්බට ගිය එයටම ආවේණික වූ භාෂාමය ක්‍රමවේදයක් පවති. කුර් ආනය යල්පැන ගිය එකක්ද නැද්ද යන්න තීරණය කල යුත්තේ මෙවන් මූලික ක්‍රමවේදයන් අධ්‍යයනය කිරීමක් හරහාය.

    ලේඛකයා නැවත වරක් විද්‍යාවට බරදී කුර් ආනය සනාථ කිරීමට යාම ගැන මාහට ඇත්තේ විවේචනයකි. මෙය ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් විසින් කර ඇත්නම් යම් තාක් දුරට අනුමත කල හැක. කෙසේ වුවත් විද්‍යාව යනු ස්ථිර දැනුම් පද්ධතියක් නොවේ. එය වෙනස් වන සුලුය. එවන් මිණුම් දණ්ඩයකින් සාමාන්‍ය පුද්ගලයකු කුර්ආනය මැණීමට යාම විහිලුවක් මිස නැත. මින් වන්නේ මුස්ලිම්වරුන්ට හා ඔවුන්ගේ දහමට අපහාස උපහාස වලට මුහුණ දීමට සිදු වීමයි. මීට කලින් ඔහු පලකල දෙවියන් සම්බන්ධ වූ ලිපියක් නිසා ඉස්ලාමයට විරුද්ධව ලියන ලද ලිපි වෙබ් අවකාශය තුල මොහුගේ නෙත නොගැටී ඇතැයි මා සිතමි.

    ඉදින් මා ඉල්ලා සිටින්නේ මෙවන් ලිපියක් ලිවීමට ප්‍රථමයෙන් මේ සම්බන්ධයෙන් හැකිතාක් කරුණු රැස් කරගන්නා ලෙසයි. මෙය අද සැලසුම් කර හෙට පල කලහැකි ලිපි ඝණයට අයත් නොවේ. ගවේෂණාත්මක හැකියාවක් තිබිය යුතුය. මෙය පලකිරීමට මත්තෙන් අඩුම තරමින් මව්ලානා මව්දුදීගේ හැඳින්වීමවත් කියවා ඇත්නම් වඩාත් සාර්ථක වන්නට ඉඩ තිබුණි.

    මාගෙ අදහස නම් කුර්ආනය යල්පැණ යනවා නම් යන්නේ මෙලොව මිනිසුන් සියල්ලන්ම සාන්තුවරයන් පත්වූ දාටය. එයද ස්ථිරවම කිව නොහැක.

    1. ඇත්තෙන්ම මා විද්‍යාවෙන් ආගමට පිටිවහලක් නොගත්තෙමි.ආගම පරම සත්‍ය සහ එහි කිසිම ප්‍රකාශයක් මිනිස් දැනුමෙන් ලබා ගත ඒවාද නොවේ. විද්‍යාව මිනිසාගේ අත්දැකීම් සහ පර්යේෂණවල ප්‍රතිපල සමග නිතරම වෙනස් වන දෙයක්. නමුත් කුරානයෙන් මිනිසට දෙවියන්ගේ මැවීම් ගැන ගවේෂණය කිරීමට අණකර තිබේ. ඒවායින් ලැබුණු ප්‍රතිපල කුරානයේ වදන් වලින් සනාත කළා මිස කුරානය නිවැරදි කීමට විද්‍යාව යොදාගත්තේ නැති බව පැහැදිලිව දැනගත යුතුය්. මගේ ලිපියේ මෙවැනි මෝඩ මෝඩ මෝඩ උත්සාහයක් නොගත් බව නැවත කියාසිටිමි.

      1. මෙන්න මේකයි මං කියන්න හදන්නේ, විද්‍යාව කියන්නේ වෙනස් වන එකක් නමුත් කුර්ආනය කියන්නේ වෙනස් නොවන එකක්. අපි විද්‍යාත්මක හෙලිදරව්වන් එකක් දෙකක් අරගෙන කුර්ආනය ඔප්පු කරනවා. නමුත් මුස්ලිම් නොවන කෙනෙක් කරන්නේ ඊට විරුද්ධ මතයක් අරගෙන කුර්ආනය බොරුයි කියලා ඔප්පු කරන එක. ඔහුට අනුව කුර්ආනය කියන්නේ බොරුවක්. අපිට අනුව ඒ සොයා ගැනීම බොරුවක්. මෙහෙම තියෙන කොට වෙන්නේ සංවාදය අවසානයක් නැතිව දික්ගැස්සෙන එක විතරයි. මම කියන්නේ නැහැ කුර්ආනයේ තියෙන විද්‍යාව සැක කළ යුතුයි කියලා. නමුත් එක මිණුම් දණඩක් කරන්න එපා. කුර් ආනය දේව ග්‍රන්ථයක්ද නැද්ද කියලා ඔප්පු කරන්න ක්‍රමවේදයන් සෑහෙන්න තියෙනවා. ඒ ටික ඔප්පු කලොත් තර්කානුකූලව ඒකේ තියෙන විද්‍යාව නිකම්ම ඔප්පු වෙනවා.

        අනික කුර්ආනයේ තියෙන විද්‍යාව ගැන අපි කතා නොකර ඒක ඒ ඒ අයටම බාර කරන එක හොඳයි. මොකද විද්‍යාව අපිට ඕන ඕන ආකාරයට සංවාදයට ගන්න බැහැ. ඒකට කියලා පිලිගත් ක්‍රමවේදයක් තියෙනවා. ඒ න්‍යායයන්ට අනුව තමයි විද්‍යාව ගොඩනගින්නේ.

        1. මෙහි මා ඔප්පු කිරීමක් ගැන භාවිතා කර ඇති පද සියල්ලක්ම මාගේ ප්‍රතිචාර දැක්වීමේ පහසුව සඳහා පමණි.

  19. o.k I will give some simple answers…
    at Chaveen,
    no 1…mama ammata thanks karanawa,I,used to say thank you to my mum what about u…
    no 2… me prashnayata oba arabi basawa danagatha yutui in arabic above no1 there is a number that’s only for ALLAH we used that’s uniqe ..ALLAH IS ONE AND ONLY. WORD IT SELF UNIQE dan balanna god backward …
    no 3 Adam world first man palamu minisa muslim and a prophet…
    no 4 hoda lipiyak ,AJWARD mahatha pilithuru devi..
    no 5 question is about iron,fe lohaya gana nishpadanaya karanda awsha temperature eka gana ema lohaya nishpadanya karna temp.. ekata apita jewath weya noheka lets aske ALLAH WHEN WE MEET…
    no 6 mona pipirimak athivimatath shakthiyak awashya weyi me hamadema pilivelata athivimata pipirim wadayakin kalahakeda…
    no 7 mama nodani NO IDEA..I have to pray Allah Buy for now.I WILL ATTACH A VIDEO CLIP FOR YOUR BENIFIT

  20. එක කාලයක් ඊතර පිළිබඳ මතයක් විද්‍යා ලෝකයේ පැතිරුනා.බෞද්ධ ලේඛකයන්ට ඒක වරක මදුල වුනා.දැන් ඒ මතය ප්‍රතික්ෂේප වෙලා.
    අයින්ස්ටයින්ගෙ අදහසුත් එහෙමයි ඒව ප්‍රතික්ෂේප වෙන්නත් පුලුවන්.නිව්ටන්ගෙ අදහස් ප්‍රතික්ෂේප වෙලා තිබෙනවා.ආලෝකය සරල රේඛාවක් ලෙසා පිළිගත් මතය වෙනුවට ඒක ශක්ති පැකැට්ටුවක් විදියට යන බව කියනවා.
    තාරකා විද්‍යාවෙනම් නියමයන් ඉතාම අවිනිශ්චිතයි.බුධ ග්‍රහයාගේ චලිතය බලන්න
    විද්‍යාත්මක නියමයන් සත්‍ය වෙන්නේ ඒවා තවත් කවුරුහරි විසින් ප්‍රතික්ෂේප කරන තුරුයි.නමුත් ආගම් එසේ නොවෙයි.ඒවා විශ්වාස කරන කෙනාට සදාකාලික සත්‍ය.
    මේ නිසා ආගමික කරුණු භක්තිය විශ්වාසය මත පදනම් වෙනවා.ආගම හදවතින් වැලද ගැනීමයි හොඳ
    .විද්‍යාව ලං කරගැනීම නම් හොද මදි

    1. @ ජයශ්‍රී
      ඔබ හරි කුරානය නිවැරදි බව ඔප්පු කිරීමට විද්‍යාවෙන් හෝ වෙන කිසිම දෙයකින් බැරි බව මා තරයේ පිලි ගනිමි. නමුත් කුරානය විද්‍යාවෙන් එලබුනු ප්‍රතිපල සනාත කර තිබෙනවා. මේ බව බොහෝ විද්යන්යයන් ස්ථිර කර තිබෙනවා පමණක් නොව බොහෝ දෙනෙක් ඉස්ලාම් ආගම පවා වලද ගෙන තිබෙනවා. කුරානයේ ඇති විද්‍යාත්මක හෙළිදරව් නිසාම එය ජීවමාන තත්වයේ තිබෙ. කුරානය විද්‍යාව උගන්වනට ආපු පොතක් නොවුවත් එවැනි දේ නිසාම දෙවියන්ගේ බලමහිමය ලොවට හෙළිවේ.දෙවියන් පවා මිනිසාට කුරානය ගවේෂණය කිරීමට ඇරයුම් කර තිබේ.

  21. ඉස්ලාම් දහමේ බලකිරීමක් නොමැති බවට තවත් හොඳ උදාහරණයකි, සුරා කෆිරුන් හි එන පහත අයතය.

    Lakum deenukum waliya deen

    For you is your religion, and for me is my religion.

    109.6

Comments are closed.