මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයක් !!! (2 කොටස)

ඉස්ලාම් භීතිකාව
ඉස්ලාම් භීතිකාව

මෙයට කළකට පෙර මුස්ලිම් කාන්තාව තම ශරීරය වැසෙන්නට ඇඳුම් අඳින විට මුස්ලිම් විරෝධී පාර්ශවයෙන් නැගුනු චෝදනාව නම් පිරිමින්ගේ බලකිරීම මත ස්ත්‍රීන්ට මෙවැන්නක් කරන්නට සිදුවී ඇති බවය. මෙය කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස දක්වා කාන්තා අයිතිවාසිකම් පිළිබඳව සටන් කරන කාන්තා සංවිධානද ඔවුන් සමග අත්වැල් බැඳ ගත්හ. මෙහි සැඟවුණු අර්ථය නම් කාන්තා අයිතිවාසිකම් ලෙස ඔවුන් දුටුවේ ස්ත්‍රිය නග්නව හෝ අර්ධ නග්න භාවයෙන් සිටීම බව නොරහසකි.

 

බටහිර සොසේජස් සංස්කෘතිය වැළඳ ගත්ත උදවිය සමග අත්වැල් බැඳගෙන බෞද්ධ පුත්‍රයන් වහන්සේලාත් ස්ත්‍රියගේ නිරුවත පෙන්වමින් මහමග ගමන් කරන කාන්තාව පිළිබඳව මුනිවත රකිමින් සංවරශීලීව තම ශරීරය වසාගෙන යන කාන්තාවට අවලාද නැගීම කොතරම් භයානක සමාජ පිරිහීමක් පෙන්වන්නේද යන්න පිළිබඳව සිතා බැලිය යුතුව තිබෙනවා නොවේද? වරෙක කාන්තාව තම ශරීරය වසාගැනීම පිරිමින්ගේ බලකිරීමක් ලෙස මොර දුන්නු පිරිසම කාන්තාව නිරුවත් කිරීමට ඝෝෂා කිරීම කෙතරම් බරපතල විගඩමක් ද කියා අසන්නට කැමැත්තෙමු. මුස්ලිම් කාන්තාව තම ශරීරය හොඳින් වැසෙන පරිදි ඇඳුම් අඳින්නේ පිරිමින්ගේ “බලපෑම්” නිසා බවට ඇති මතය  පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන ඉතාමත්ම  අර්ථ විරහිත අදහසකි.

 

සදාචාර සම්පන්න ස්ත්‍රිය නිරන්තයෙන් උත්සාහ කරන්නේ ලැජ්ජා  බය ඇතිව යහ අයුරින් ඇඳුම් අඳින්නටය. තම ශරීරය හොඳින් වැසෙන්නට ඇඳුම් අඳින ස්ත්‍රියගේ මනස තුළත් ඇතිවන්නේ ලැජ්ජා බය මුසු වූ  තමාගේ චරිතයේ පිරිසිදුභාවය පිළිබඳ හැඟීම්ය. තම ශරීරය හැකි තරම් විවෘතව තබා ගන්නට වෙර දරන අයගේ මනසේ ඇත්තේ මෙයට හාත්පසින්ම වෙනස් වූ තත්වයකි. තම ශරීරය විවෘතව තබා ගැනීමෙන් දන්නා හා නොදන්නා පිටස්තර පිරිමින්ගේ අනවශ්‍ය අවධානයට තමා ලක් වන අතර ඔවුන්ගේ ලිංගික අභිලාෂයන්ගේ ඉලක්කයක් බවටද පත්වීම වළක්වාගත නොහැකි කරුණක් වනු ඇත. මහමග පිරිමින්ගේ ආශාව පිරුණු තමා වෙත යොමුවන දෙනෙතින් යහ ස්ත්‍රීන් පත්වන්නේ ඉතාමත් අසීරු තත්ත්වයකටය.

 

මෙවන් අනවශ්‍ය අවධානයකට වැඩිපුරම ලක්වන්නේ ශරීරය හොඳින් වසාගත් ස්ත්‍රීන්ද නැතිනම් අඩනිරුවතින් හා ශරීරයටම ඇලෙන පරිදි ඇඳුම් ඇඳ මහමග සැරිසරන ස්ත්‍රීන්ද කියා අසන්නට කැමැත්තෙමු? වැඩි අවධානය යොමු වන්නේ අඩනිරුවත් ස්ත්‍රීන් කෙරෙහි බව කිසිම සැකයක් නොමැත. මෙවැනි තත්වයන් නිසා ස්වභාවයෙන්ම ශාරීරිකව දුර්වල ස්ත්‍රිය බොහෝවිට ලිංගික බලහත්කාරකම් හා අතවර වලට ලක්විය හැකි ඉඩකඩ ඉතාමත්ම අධිකය. අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා තැබීමෙන් ඇති ඵලය කුමක්ද? හානියක් වන්නට පෙර නිසි පියවර ගැනීම වැදගත් බව මෙයින් පැහැදිලි නොවන්නේද?

 

නුතන සිංහල සමාජයේ කාන්තාවන් බහුතරයක් බටහිර සොසේජස් සංස්කෘතියට වහල් වී ඇති බව නොරහසකි. යහපත් සිංහල කාන්තාවන්ද සිටින බව අප නිහතමානීව පිළිගන්නට කැමැත්තෙමු. එලෙසම මුස්ලිම් කාන්තාවන්ගෙන් කොටසක්ද මෙම බටහිර සංස්කෘතික ආක්‍රමණයට නතුවී සිටින බව නොරහසකි. නුතන මුස්ලිමයා වැරදිය පාරම්පරික මුස්ලිමයා හොඳය කියන තත්වයේ මුස්ලිම් වරුන් හැටියට නුතන සිංහල සමාජය ක්‍රමක්‍රමයෙන් සාරධර්ම පිරිහිණු බටහිර සංස්කෘතිය විසින් ගිලගෙන ඇති නිසා පාරම්පරික සිංහල සංස්කෘතිය තුල කාන්තාවගේ ඇඳුම පිළිබඳව සොයා බැලීම යුක්ති සහගත යැයි සිතුවෙමු. ඉස්ලාම් දහමේ ඉගැන්වීම් වලට පටහැනි නොවී මුස්ලිම් කාන්තා ඇඳුම පිළිබඳව අවලාද නගන්නන් සතුටු කිරීම පිණිස අඩුවශයෙන් අපට එවැනි සම්ප්‍රදායික්වත් පිළිපැදිය හැකිද කියා සොයා බැලීම පිණිස පුරාණ සිංහල කාන්තා ඇඳුම ගැන සොයා බැලීමට අපට අවශ්‍ය විය. පුරාණ සිංහල කාන්තා ඇඳුම නුතන අසංවර බටහිර සොසේජස් සංස්කෘතියෙන් දුෂණය නොවුවක් බව නොරහසකි. එය පදනම් කරගෙන හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ වියතාණන් විසින් රචිත “පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

 

 “හැට්ටය ඔසරිය පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම වී යැයි බොහෝ දෙනා අදහති. පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම කුමක් වීදැයි ඇසීම, විහිළුවකයි සමහරු කල්පනා කරති. ලොව පහවූ දා සිට ‘සිංහල ස්ත්‍රිය හැට්ටයත් ඔසරියත් හැන්දාය’ යනු ඔවුන්ගේ මතය බැවිනි.

 

මෑතකදී කරන ලද විහාර බිත්ති සිතුවම්හිත්, සැරසිලි සඳහා කළ වෙනත් සිතුවම්හිත් පුරාණ ස්ත්‍රිය, දැන් අප රට ස්ත්‍රීන් හඳින හැට්ටය,  සාරිය සහ ඇතැම් විට පාවහන්ද හැඳ පැළඳ සිටියි. වර්තමාන සිත්තරුන්ගේ ඒ සිතුවම්හි දක්නා ලැබෙන ඇඳුම් පැළඳුම්, පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම් පැළඳුම් වී යැයි, ඇතැම් විට ඉතිහාසඥයෝ ද පිළි ගනිති. සීගිරි සිතුවම් අනුව යෙමින්, නොවැසූ උඩු කය ඇති ස්ත්‍රියකගේ ස්වරුපයෙන්, මෙකල සිත්තරෙකු විසින් කළ විශාඛා උපාසිකාවගේ සිතුවම දුටු නුගතුන් පමණක් නොව, ඇතැම් උගත්තුද, සිත්තරු ද, දොස් කියන්නට වුහ. ‘විශාඛාව බුදුන් වඳින්නට ගියේ පයෝධර එළියේ දමාගෙනය’යි ඔවුහු පරිහාස බිණුහ.

 

 මෙකල කලිසම් හඳින තැනැත්තේ, හැම තැනදීම ‘මහත්මයා’ යි ගරු නමක් ලබයි. එහෙයින් බොහෝ දෙන, කලිසම සභ්‍ය ජනයාගේ ඇඳුම ලෙස සලකති. ‘යටි කය මෙන් උඩු කය ද වැසෙන සේ හැඳ පැළඳගෙන, මිටි රියනක් විචරත් උස් වූ සයනයක නොනිඳන තැනැත්තා, සභ්‍යයන් සඞ්ඛ්‍යායෙහි ලා නොගැනේ’ යි වරක් කීයේ යුරෝපීය සිරිත් විරිත් අගය කළ උගත් සිංහලයෙකි.

 

මෙවැනි මෝඩ මතයන් දැඩිව ගෙන පුරාණ සිංහල ජනයාගේ ඇඳුම් පැළඳුම් විනිශ්චය කරන සමහරු, උඩු කය වැසෙන සේ රෙදි හැට්ට නොහැඳීම, මහා මදිකමකැයි කල්පනා කරති. එහෙයින් ඔවුහු, පුරාණ සිංහල ස්ත්‍රීහු ද පුරුෂයෝ ද ශීත රටින් එන යුරෝපීයයන් මෙන්, ඇඟිලි තුඩු පවා වැසෙන සේ ඇඳුම් ඇන්දෝ යැයි සිතති. මෑතදී කලිසම් කෝට් හඳින්ට පටන් ගත් ඉංග්‍රීසි උගත් තරුණයා, උඩුකය නොවැසෙන සේ හඳින තම පියා අන්‍යන්ට පෙන්වීමට ලැජ්ජිත වෙයි. කලිසන් කෝට් හඳින්නට පුරුදු වූ අපිදු, අපගේ මුතුන් මිත්තන් ට බෙල්ලේ සිට ගොප් ඇටය දක්වාත්, අත් ගොබ කෙළවර දක්වාත්, ඇන්දවීමට කැමැත්තෙමු. කලිසමින් ‘මහත්තයා’මනින්නාක් මෙන් මෙකල අපට පුරුදු වූ ඇඳුම් පැළඳුම් අනුව, පුරාණ සිංහලයන්ගේ සභ්‍යත්වය මනින්නට යාම, ඔවුන්ට කරන මහා නින්දාවකි.

 

අප පැරැණියෝ කලා ශිල්පයෙන් ද දියුණු වුහ. එහෙයින් එකිනෙකට කැපෙන ඇඳුම් සහ ආභරණ හැඳ පැළඳ ගැනීමෙන්, ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ හෝ සුන්දර දේහ විලාසයට තුඩු දිය හැකි සැටි ඔවුහු දත්හ. කාලය, දේශය, රස භාවය යන කරුණු නොතකා, ඔවුහු, අප මෙන් අනුන්ගේ ඇඳුම් පැළඳුම් අනුකරණයට ඉක්මන් නොවුහ. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් විනිශ්චය කළ යුත්තේ වර්තමාන සභ්‍යත්වය හෝ ඇඳුම් පැළඳුම් හෝ අනුව නොවේ, ඔවුන් විසු කාලය, දේශය සහ ඔවුන්ගේ කාලයෙහි සම්භාවිත කලාවන් අනුවය.

 

මා මේ නිබන්ධනය ලියන්නේ, පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම කුමක් වීදැයි පුරාවෘත්තානුසාරයෙන් සෙවීම පිණිසය. පුරාණ කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් නිශ්චය කරන්නට,

 

1. පොතපත, 2. පුරාණ චිත්‍ර, 3. ගල රුප, 4. ලෝකඩ රුප, 5. ශිලා ලිපි, යන මොවුන්ගෙන් සාක්ෂ්‍ය ලැබිය හැකිය.

 

ඇඳුම්, පැළඳුම්, විශේෂයෙන් ස්ත්‍රීන්ගේ ඇඳුම් පැළඳුම් කලින් කළ වෙනස් වෙයි. මෙකල මෙන් මසින් දෙමසින් නොවුව ද, පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම් පැළඳුම් කලින් කළ වෙනස්වී යැයි කියන නිදසුන්, පුරාණ පොතපතින් මෙන් සිතුවම් ආදියෙන් ද දක්නට ලැබේ. ඒ නිදසුන් අනුව පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම් පැළඳුම් පරපුරෙහි දසා පහක් දක්නා ලැබේ.

 

1.      උඩු කය නොවැසීම

 

2.     සළුවකින් යටි කය වසාගෙන තවත් රෙදි කඩකින් උඩු කය වැසීම 

 

3.     තනපට බැඳීම, තනපට බැඳ රෙදි කඩකින් උඩු කය වැසීම

 

4.     හැට්ටයෙන් උඩු කය වැසීම‍

 

5.     හැට්ටය හැඳ සාරිපොටින් උඩු කය වැසීම

 

මෙයින් එක් දසාවක් අසවල් කාලයේ සිට අසවල් කාලය දක්වායැයි නිශ්චය කළ හැකි සාක්ෂ්‍ය නොලැබේ. පොත පත කියන කථා වස්තුව කෙතරම් පුරාණ වුව ද, එයින් ලැබෙන සාධක ගත හැක්කේ, ඒ කථා වස්තුව පුස්තකාරූඪ වූ කාලයට අයත් සාක්ෂ්‍ය වශයෙනි. පොත පතින් ලැබෙන සාක්ෂ්‍ය, සමහර කාන්තාවන් උඩු කය නොවැසූ කාලයේ සමහර කාන්තාවන් රෙදි කඩින් උඩු කය වැසූ බව කියයි. පුරාණ හැම සිංහල කාව්‍යයක්ම, තන පට සහ උතුරු සළුව (රෙදි කඩ) ගැන කියයි. එහෙයින්, පොත පතින් ලැබෙන සාක්ෂ්‍ය අනුව, උඩු කය නොවැසීම, රෙදි කඩින් උඩු කය වැසීම සහ තන පට බැඳීම එකම කාලයෙහි ප්‍රචාරිත ඇඳුම් බව නිශ්චය කළ යුතු වේ. හැට්ටය හැඳ සාරි පටින් උඩු කය වැසීම මෑත කාලයෙහි පුරුදු වුණු ඇඳුමකි. පුරාණ පොත පත කියන ස්ත්‍රීන්ගේ උතුරු සළුව, එකස් කොට ළය වසා පෙරවුවක් නොව, දෙවුරය වසා දාගත් රෙදි කඩකි”. (“පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම” – මාර්ටින් වික්‍රමසිංහ – 15-17 පිටු).

 

මෙම ග්‍රන්ථයෙන් තවත් වැදගත් කොටස් සහිතව මීළඟ ලිපිය සකස් කරන්නට අදහස් කරන්නෙමු. 

 

 

අබු ෆාතිමා

 

 

 

 

15 Comments to “මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයක් !!! (2 කොටස)

  1. ලංකාවේ ඉන්න සිංහල කට්ටිය ජාතිවාදී කියලනේ මුස්ලිම් කට්ටිය කියන්නේ එත්
    ඒ කතාව සත්‍යද ?
    අතටම කව්ද ජාතිවාදී සහ ආගම්වාදී මුස්ලිම් කට්ටිය නේද බොදුබල
    සෙන එක කියන්නේ බොරුද
    අපි පොඩ්ඩක් හෙව්වොත්

    1.මුස්ලිම් ජනතාවග් බහුතර සිංහල පරදේශ වල මස්ජිද හදද්දී එයට
    එරෙහිව යන සිංහල යට ඔවුන් ජාතිවාදී ලබල් ගැසී
    නමුත් නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ නටබුන්
    දොසේර් කරන විට ඒ පිළිබධව මුස්ලිම් අය හඬ නොනගි
    ඇඉ ඔය ජාතිවාදී නැති අන්තවාදී නැති මුස්ලිම් ය එයට විරුද්ධ වෙන්නේ නැතේ ?
    කබරගොයා තලගොයා න්‍යාය කියන්නේ මේකට
    2.හලාල් සහතිකය මුවාවෙන් සිංහල අයගේ මුදල් ජෛමතුල් උලම සංවිධානය
    ලබාගැනීම වෙරේදී ඇයි එක ආණ්ඩුවෙන්
    දෙන්න කටයුතු කරන්න බැරි ?
    අයි මුස්ලිම් සංවිධාන අපේ මුදල් ලබා ගන්නේ
    3.සිංහල මුස්ලිම් අන්තර් විවාහ ගැන මුස්ලිම් ය කියන්නේ මුස්ලිම් කොල්ලෙක්
    සිංහල කෙල්ලෙක් විවාහ කර ගන්න කොට එක අන්තර් ආගමික සහජීඅවනේ හැබැයි
    මුස්ලිම් කෙල්ලෙක් සිංහල කොල්ලෙක් එක්ක යාලු වුනොත් මුස්ලිම් කට්ටියට
    ආගමික සහජීවනේ අපි හැමෝම ශ්‍රී ලන්කිකෛ කියන කතා මතක නැහැ එතකොට ඔවුන් හැසිරෙන්නේ වෙනම විදියකට
    මොකෝ කබරගොයා තලගොයා න්‍යාය දාන්නේ
    4.මුස්ලිම් අන්තවාදී සහ මුස්ලිම් මද්යස්ත යි ජනතාව කොටස් දෙකක් ඇත
    ලංකාවේ බේරුවල දෙහිවල හා නැගෙනහිර
    වැනි පෙදෙස් වල අන්තවාදීන් ඉන්න අතර බොහෝවිට
    බලපිටිය මහනුවර මීගමුව වෙනි පෙදෙස් වල මධ්‍යස්ත ය සිටි
    (ලෝක තත්වය ගත්විට්ද පෙනෙනුඑ සෞදි කුවේට් ඇෆ්ඝනිස්ටන් වෙනි රටවල් අන්තවාදී වන අතර තුර්කිය මැලේසියාව
    අසර්බෛජන් ඇල්ජීරියා මොරොක්කෝව වෙනි රටවල් මධ්‍යස්ත (ඒ රටවල සංස්කෘතිය අනුව ඔබට ඒ බව පෙනේවි ) )
    ගලබොඩඅත්හේ හාමුදුරුවෝ කිව්වේ මේක ගැන හැබඊ මේකට අපේ අන්වර් මැතිතුමා නම් බොහොම විවේචන කර ඇත

    අවසාන වශයෙන් මුස්ලිම් කට්ටිය ජාතිවාදී වන අතර සිංහල කට්ටිය ජාතිවාදී නොවන බව ඔබටම පෙනේවි

    1. ප්‍රශ්නය
      1.මුස්ලිම් ජනතාවග් බහුතර සිංහල පරදේශ වල මස්ජිද හදද්දී එයට
      එරෙහිව යන සිංහල යට ඔවුන් ජාතිවාදී ලබල් ගැසී
      නමුත් නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ නටබුන්
      දොසේර් කරන විට ඒ පිළිබධව මුස්ලිම් අය හඬ නොනගි
      ඇඉ ඔය ජාතිවාදී නැති අන්තවාදී නැති මුස්ලිම් ය එයට විරුද්ධ වෙන්නේ නැතේ ?
      කබරගොයා තලගොයා න්‍යාය කියන්නේ මේකට

      පිළිතුර
      නැගෙනහිර බෞද්ධ නටඹුන් ආරක්ෂා කළේ කවුද? මුහුදු මහා විහාරය තිබෙන තැන සොයා දුන්නේ කවුද? එය මේ වන තෙක් ආරක්ෂා කළේ කවුද? කරුණු සොයා බලා කථා කරන්න. අපි හැම කෙනෙකු අතින්ම සිදුවන පුරාවස්තු කොල්ලයට විරුද්ධයි.

      ප්‍රශ්නය
      2.හලාල් සහතිකය මුවාවෙන් සිංහල අයගේ මුදල් ජෛමතුල් උලම සංවිධානය
      ලබාගැනීම වෙරේදී ඇයි එක ආණ්ඩුවෙන්
      දෙන්න කටයුතු කරන්න බැරි ?
      අයි මුස්ලිම් සංවිධාන අපේ මුදල් ලබා ගන්නේ

      පිළිතුර
      හලාල් ආන්ඩුවෙන් දෙන්න කියලා උද්ඝෝෂනය කරන්න. අපිත් උදව් කරන්නම්.

      ප්‍රශ්නය
      3.සිංහල මුස්ලිම් අන්තර් විවාහ ගැන මුස්ලිම් ය කියන්නේ මුස්ලිම් කොල්ලෙක්
      සිංහල කෙල්ලෙක් විවාහ කර ගන්න කොට එක අන්තර් ආගමික සහජීඅවනේ හැබැයි
      මුස්ලිම් කෙල්ලෙක් සිංහල කොල්ලෙක් එක්ක යාලු වුනොත් මුස්ලිම් කට්ටියට
      ආගමික සහජීවනේ අපි හැමෝම ශ්‍රී ලන්කිකෛ කියන කතා මතක නැහැ එතකොට ඔවුන් හැසිරෙන්නේ වෙනම විදියකට
      මොකෝ කබරගොයා තලගොයා න්‍යාය දාන්නේ

      පිළිතුර සිංහල තරුණයෙක් හෝ තරුණියක් මුස්ලිම් කෙනෙකු සමග විවාහ වුනත් බොහෝ විට පවුල් වලින් එලවා දමනවා ඇත්ත ඒකයි.

      ප්‍රශ්නය
      4.මුස්ලිම් අන්තවාදී සහ මුස්ලිම් මද්යස්ත යි ජනතාව කොටස් දෙකක් ඇත
      ලංකාවේ බේරුවල දෙහිවල හා නැගෙනහිර
      වැනි පෙදෙස් වල අන්තවාදීන් ඉන්න අතර බොහෝවිට
      බලපිටිය මහනුවර මීගමුව වෙනි පෙදෙස් වල මධ්‍යස්ත ය සිටි
      (ලෝක තත්වය ගත්විට්ද පෙනෙනුඑ සෞදි කුවේට් ඇෆ්ඝනිස්ටන් වෙනි රටවල් අන්තවාදී වන අතර තුර්කිය මැලේසියාව
      අසර්බෛජන් ඇල්ජීරියා මොරොක්කෝව වෙනි රටවල් මධ්‍යස්ත (ඒ රටවල සංස්කෘතිය අනුව ඔබට ඒ බව පෙනේවි )

      පිළිතුර
      අන්තවාදීන්ගෙන් මධ්‍යස්ථ අය ගැන ඇසීම හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් වැනිය.

      1. @mr.CURIOSITY බලපිටිය ගැන සඳහන් වීමක් තිබු නිසා ප්‍රතිචාර දක්වමි.ඔබ මද්යස්තෛ යන්නෙන් අදහස් කරන්නේ
        කුමක්ද කියා දැනගන්න කැමති.අප ඉතාමත් හොඳින් සහජීවනයෙන් සිංහල ජනතාව සමග ජීවත් වන
        බව සතුටින් කියා සිටිමු.ඒ වගේම පෙරට වඩා වර්තමානයේ අප ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව තම ආගමික
        ජිවිතයට නැඹුරුවීමක් දක්වය්.එය මුළු ලංකාවටම පොදු දෙයක්.

        1. බලපිටිය ප්‍රදේශයේ බහුතර මුස්ලිම් ජනතාව සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගැනීම
          බලපිටිය ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සිංහල පාසල් වලට පැමිණීම
          බලපිටිය ප්‍රදේශය මුස්ලිම් සහ සිංහල ය වේනම් ජීවත්ව නොසිටීම
          බලපිටිය ප්‍රදේශයේ යටි රවුල් දිගට වවාගත් මුස්ලිඉම් ජාතික වස්ත්‍ර අධාගත් ජනතාව
          ඉතාම අඩු වීම
          බලපිටිය ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවන් බහුතරයක් කළු ලෝගු වෙනි විකාර රූපී ඉස්ලාම් අන්තවාදී අන්ධුම් භාවිතා නොකිරීම

          මෙය මට බලපිට්යේ මගේ මුස්ලිම් යාලුවෙක් කිව්වා දෙයක්
          කරුණු වෙරේදී නම් මට සමාවෙන්න

          1. එතකොට ඔබ කියන ආකාරයට සින්හලෙන් ඉගෙන ගැනීම සින්හල පාසැල් වලට පැමිනෙන අය යනු අන්තවාදීන් නෙමීනම් සින්හල පාසැල් වලට මුස්ලිම් ලමුන් ඇතුලත්කර නොගැනීම ඇතුලත් කර ගැනීමට විශාල ලෙස අල්ලස් ගන්නා උදවිය අන්තවාදීන් විය යුතුයි

            යටි රැවුල දිගට වැවීම මගින් කිසිම කෙනෙකුට කිසිම විදිහකින් අපහසුතාවයක් ඇතිවෙනවාද? (ඔබ වගෙ අන්තවාදින්ටනම් ඇහෙ කටු ඇනෙනවා

            මුස්ලිම් කාන්තාවයනු කුඩා අවදියෙ සිට සන්වරව හැදී වැඩී දහමට අනුව ජීවත්වෙන කෙනෙකි. අනික් පුද්ගලයින් කෙසෙ කීවත් මුස්ලිම් අපි ගැහැනුන්ගෙ ලින්ගිකත්වය මාකට් කරන්නෙ නෑ. වැද්දොන්ටත්වඩා හෙලුවෙන් පාරෙ යන්ඩ තරම් අපෙ කෙල්ලෝ මොඩත් නෑ

            මේ කරුනු ඔබට ඔබෙ මුස්ලිම් යාලුවානම් කිව්වෙ ඔහුගෙ තරමත් අපිට තේරුම්ගත හැකියි

  2. මම මේ තරම් කල් හිතා ගෙන හිටියේ බොදු බල සේනා සංවිදානය මේ රටේ මුස්ලිම් ප්‍රජාව කෙරෙහි වෛරයෙන් කටයුතු කරනවා කියලා.
    නමුත් ම්ම් හිතාගෙන හිටපු ඒ සිතිවිල්ල වැරදියි කියලා මට හිතෙනවා. මොකද ගිය ඉරිදා TNL නාලිකාව හරහා විකාශය උන ‘ඉලච්ච්’ වැඩසටහන තුලින් බොහෝ දේ එලි දරව් උනා.
    පැය දෙකහමාරක් පමණ කාලයක් විකාශය උන එම වැඩසටහන මගින් ඉතා වැදගත් දෙයක් එළිදරව් උනා.
    මේ රටේ සාමයට ලැදි අහිංසක සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව මුලා කරමින්, ඒ අයවත් අන්තවාදයක කරා ඇද ගැනීමේ වහාබ්, සිලාබි වැනි අන්තවාදී කල්ලි (අරාබියෙන් මුදල් ලැබෙන) ක්‍රියාත්මක වන බව එකේදී හෙළි උනා.

    ඒක නිසා මේ රටේ අහිංසක සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව කෙරෙහි වෛරයෙන් බලන්න එපා කියලා මම ඉල්ලනවා. මේ ඉස්ලාම් මුලදර්මවාදී කල්ලි වලට අපේ අහිංසක සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව ගොදුරු කර ගන්න ඉඩ දෙන්න එපා. ඒක අපි හැමෝගෙම වගකීම.

    ඒ නිසා මේ ඉස්ලාම් මුලදර්මවාදී කල්ලි මේ රටින් එලවා දැමීමට සිංහල, මුස්ලිම් අපි දෙගොල්ලම එකතු වෙන්න ඕනේ.

    ම්ම් කරන්නේ එකම ඉල්ලීමක්… මේ රටේ අහිංසක සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව, සිංහලයාගෙන් ඇත් කරන්න මේ ඉස්ලාම් මුලදර්මවාදී කල්ලි වලට ඉඩ දෙන්න එපා.

    බොදු බලසේනා හිමිවරු සහබාගි වූ මේ ‘ඉලච්ච්’ වැඩසටහන මේ වනවිට අන්තර්ජාලයට යොමු කරලා තියෙනවා. ඕන කෙනෙකුට Download කරලා බලන්න පුළුවන්.

    අද උදේ මම බස් එකෙන් කොල්ලුපිටියේ මගේ office එකට යනකොට මම ගිය පානදුර – පිටකොටුව බස් එකේ මේ පටිගත කරන ලද එම වැඩසටහන විකාශය කළා. මිනිස්සු හැමෝම ඒ ගැන කතා කළා.

    අන්වර් මහත්මයා ඔබට පුලුවන්නම්….. ඒ වැඩසටහන් අපේ අහිංසක සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව අහන්න පුළුවන් විදිහක් සලස්වන්න. ඉස්ලාම් මුලදර්මවාදී කල්ලි වලට උදව් දෙන කිසිම දෙයක් ඔබේ Blog එක හරාහා කරන්න එපා.

    මේක ඉල්ලීමක්,
    මිට

    සිල්වා

    1. මං දන්න විදිහට ගලබඩඅත්තේ ථෙරුන් කියන සාම්ප්‍රදායික මුස්ලිම් කියලා වර්ගයක් ලංකාවේ නැහැ. සමහර විට ඉන්නේ හදේ වෙන්න පුළුවන්. එම වැඩසටහනේදී ඒ තුන්දෙනා කලේ පාළුගෙයි වලං බිදින එකයි. අල්-කුර්ආනයට පවා වැරදි අර්ථකතන දුන්නා. මෙම සාකච්ඡාව අතිශය පිළිකුල් සහගතයි.

  3. ඉහත ලින්ක් එක හරහා එය බා ගත හැකිය.
    රටේ සාමය වනසන මේ ඉස්ලාම් මුලදර්මවාදී කල්ලි මේ රටින් එළවීමට සිංහල මුස්ලිම් අපි එකතු වෙමු

    1. ඒ ලිංක් එක පලකලේ නැහැ. ඒකට පිළිතුරුත් ඇතිව ලිංක් එකක් පලකරන්නම්. පලමුව බෞද්ධ සමාජය ආගම්බේධයට යවා මුළු මහත් ජාතියම විනාශ කරන අයව හදුනා ගන්න. ඔවුන්ව මේ රටින් එලවන්න වැඩපිළිවෙලක් හදන්න. අපිත් උදව් කරන්නම්. නැත්නම් මේ අය ලංකාව නැවත් ගිනි ගොඩකට ඇද දමනු ඇත.

  4. “නොකියා සිය හිමිට, නැතිවද උතුරු සළුපට ගමන් ඉක්මන් නොකොට, නොයන් නුඹ වසන ගෙන් පිටතට”
    (උපුටා ගැනීම: කාව්‍යශේකරය , ශ්‍රී රාහුල හිමි. )
    මෙය අතීතයේ පියෙකු විසින් තම දියණියට මංගල අවස්ථාවේ දෙන අවවාදයක් ලෙස හැදින්වේ.

  5. මගේ කොමෙන්ටුව පල නොකරේ ඇයි ?

    1. පලනොකරන්නේ නැහැ. තනිවම කරන නිසා පලකරන්න මදක් ප්‍රමාද වෙනවා.

  6. මාත් බලපිටියේ උපන් කොල්ලෙක් විදිහට අදටත් ආඩම්බෙර වෙනම එකල සිටම අපි සිංහල සමාජයත් එක්ක සහ ජිනයෙන් ගිවත් වෙන්නේ ලගගි එතිවු නොසන්සුන් තත්වයත් එති වුනේ කඩයක් මන්කොල්ලන ගිය වෙලාවේ අටකොට ආපු කට්ටිය සිංහලද මුස්ලිම්ද ස්ච්කොල යනවද කියල කව්රුත් බලන්නේ

  7. silva mama oyagan 1kak ahanava oya akata piluturu danavada obaga baryava ho obaga lamai mahama amaricava gahanun adum adina vidiyata andot oya aka piliganna vada mama hitannah oya aka pili gannah naha kiyala ahanam mokatada muslim gahanu adina fardavata oya taram lankava kaha gahanna kiyala ……….mamah davasak maga lamai samaga panadura varalata giya aha vidasayaka kantavak nahanava maga lamaya dakka aka dakala maga lamaya magah paulagan ahala tiyanava amma mokada ayala ahama adum adagana nahanna kiyala magah paula kiyala tiyanava ayala kafir ohama tamai adum adinnah api muslim ohama adum andot allah apita datuvan danava kiyala

Comments are closed.