නැවතත් මට විරුද්ධව තර්ජන ගර්ජන

අන්වර් මනතුංග
අන්වර් මනතුංග

මට විරුද්ධව නැවත වතාවක් අන්තවාදී තර්ජන මතුවෙමින් පවතී. ඒ සම්බන්ධව ආසන්නම සිදුවීමක් ඊයේ වාර්තා වුණා. ඒ මගේ වසා ඇති කඩයකට තිදෙනෙකු පැමිණ බලෙන් විවෘත කිරීමට උත්සාහ දැරීමත් සමගයි. පෑන තුලින් ජනතා මෙහෙවරක් කරන අප වැනි අයට මෙලෙස තර්ජන ගර්ජන එල්ලවීම ගැන මම කණගාටු වන අතර දැඩි පිළිකුළෙන් යුතුව හෙලා දකිමි.

 

අන්වර් මනතුංග බ්ලොගය අරඹා මට ලංකාව තුල යහතින් සිටින්නට හැකි වුයේ ඉතා සුළු කාලයක්. ඉන් පසුව මට නිරන්තරව මරණ තර්ජන එල්ල වුණා. එතෙක් කලක් මම භාවිතා කළ දුරකථන අංකය පවා වෙනස් කිරීමට සිදු වුණේ එයට විශාල වශයෙන් අන්තවාදීන් තර්ජනය කරන්නට වීම නිසයි. තත්වය දරුණු අතට හැරෙන්නට වීමත් සමග මම මගේ ලංකාවේ කටයුතු අතහැර දමා විදෙස් ගත වන්නට තීරණය කලා. රටවල් කිහිපයක සංචාරය කළද මගේ සිත තිබුණේ ලංකාවේ නිසා නැවත ලංකාවට පැමිණියා.

 

එහිදී අන්තවාදී සංවිධාන විසින් සෘජුවම මාව සොයන බවට දැනගන්නට ලැබුණේ ඔවුන් මා ගැන විපරම් කරන සෑම පුද්ගලයෙකුම නැවත ඒ ගැන මට දන්වන නිසයි. තත්වය එන්න එන්නම නරක අතට හැරෙන විට මා කළේ මට ඇති එක කඩයක් වසා දමා අනෙක් කඩය තව කෙනෙකුට පවරා විදෙස් ගත වීමයි. දැන් මා අන්වර් මනතුංග බ්ලොගය පවත්වාගෙන යන්නේ විදෙස් රටක සිටයි. ඊයේ දිනයේද මට අයත් එක් කඩයකට පැමිණි තිදෙනෙකු විසින් එම කඩයේ දොර බලෙන් විවෘත කිරීමට උත්සාහ දරා ඇත. ඒ ගැන අවට අය විරුද්ධ වු විට ඔවුන් ඒ අයටද බැනවැදී ඇත. එමෙන්ම ඔවුන් තවත් ස්ථාන වලින්ද මා ගැන විපරම් කර ඇති බවට තොරතුරු ඇත.

 

අන්තවාදීන් විසින් නොයෙකුත් අන්දමින් ත්‍රස්ත සහ ප්‍රචන්ඩකාරී ක්‍රියා කරන විට අප කළේ එයට විරුද්ධව නිර්භීත ලෙස පෑන හැසිරවීමයි. ඔවුන් ජනතාව අතර වෛරය පතුරවන විට අප ජනතාව දැනුවත් කමින් සන්නද්ධ කිරීමට අඛන්ඩව උත්සාහ දැරුවෙමු. අපගේ එකම අවිය වුයේ පෑනයි. මෙයින් අපට එකක් පැහැදිලිය. ලංකාව පෑන හසුරුවන්නන්ට යහපත් තැනක් නොවන බවයි. කෙසේ වුවද අප අපගේ දැනුවත් කිරීමේ මෙහෙය අඛන්ඩව කරමු. මේ කිසිවකින් අන්වර් මනතුංගව නිහඬ කළ නොහැකි බව අප අවධාරණය කරමු.

 

අවසන් වශයෙන් මා පවසන්නේ අන්තවාදීනි! ඔබට මා වැලැක්විය නොහැක. හැකි නම් මා මරන්න! ඔබට කළ හැකි අවසන් දෙය එයයි. නමුත් එවිට අන්වර් ලා දහසක් බිහිවනු ඇත. ඔවුන්ව වලක්වන්නට ඔබට දහසක් ක්‍රියා කරන්නට සිදුවනු ඇත.

 

 

ප.ලි.

කරුණාකර හැකියාවක් තිබෙන කෙනෙකු මෙම ලිපිය දෙමළට පරිවර්තනය කර දෙමල වෙබ් අඩවි වල පලකරන්න. ඉංග්‍රීසියට පරිවර්තනය කර මට එය එවන්න.  

 

 

 

 

 

38 Comments to “නැවතත් මට විරුද්ධව තර්ජන ගර්ජන

  1. ඕබ පිටරටක සිටියත් ඔබගේ පවිද්ගලික තොරතුරු වසන් කරගන්නවනමි හොන්දයි.

    1. හැමදාම මෙහෙම කරලා බැහැ. ඉන්ෂා අල්ලාහ් ඉදිරියේ මම ප්‍රසිද්ධියේ එනවා. ගහන්න ගහන්න වදින මිනිහත් මෝඩයා වදින්න වදින්න ගහන මිනිහත් මෝඩයා.

  2. මිනිසුන් අතර මෙන්ම අල්ලාහ් දෙවියන් ඉදිරියේ ඔබ ශ්‍රේෂ්ට පුද්ගලයෙකි . ඔබට මෙලොව මෙන්ම පරලොව ජය ලැබේව! මෙයයි අපගේ ප්‍රාර්ථනය.මේ මුළු ලොවම ආවත් අපට විරුද්ධව ,අප අදහන්නේ අල්ලාහ් දෙවියන් මිස අන් කිසිවක් නොවේ,අප අපගේ මුහම්මද් නබි නායක තුමන්ට අපගේ පණටත් වඩා ආදරය කරන්නෙමු.

    1. මම ශ්‍රේෂ්ඨයෙකු නොවෙමි. මා තුල බොහෝ අඩුපාඩු ඇත. අල්ලාහ්ට භය භක්තියෙන් ඉදිරියට යාමට වෙරදරන්නෙක්මි.

  3. ඔබතුමා පෑනෙන් කරනා මෙහෙවර ඉතා අගේ කරන්නෙමු… අප මෙයින් ලබාගන්නා සමහරක් තොරතුරු,ලිපි මගින් බෞද්ධ ජනයා අතර පවතින අනවබෝදය නැති කිරීමට මනා පිටුවහලක් ලැබෙමින් පවතී …… හැකිතාක් එවැනි තොරතුරු මගින් ජනතාව දැනුවත් කිරීමට ඔබට ශක්තිය,හැකියාව ලැබේවා !! දෙවියන් ඔබ ආරක‍ෂා කරත්වා !!

  4. අන්වර් සහෝදරයා,

    කරුණාකරලා ඔය කරගෙනයන දෙය නම් නවත්වන්න එපා. ඔයාගෙන් මම ලබන්නේ සේවාවක් කියලා හිතලා බදු මුදලක් ගෙවන්න වුනත් ලැහැස්තියි. ඔයාගේ ආරක්ෂාව ගෙන එක වතාවක් නොව කිහිප වතාවක් සලකා බලන්න.
    you can contact me via e-mail.
    May ALLAH protect you. (Aameen)

  5. Dear Anwar brother
    May ALLAH protect you from every evil thing. Our beloved Muslims “duas” always for you. If we have firm Imaan ALLAH will protect you ,muslims & Islam. I feel some the evil things done for muslims by BBS monks & BBS supports resulted in some harassment for innocent monks(in India). ALLAH BLESS

  6. අල්ලාහ් අල්කුරානයේ පෑන (කලම් )මත දිවුරා ඇත්තේ එය එතරම්ම වටින බව මිනිසාට ඇඟවිමටය් .ෂහිද් වුවකුගේ ලේ බිංදු වියලුනත් පෑනෙන් ජිහාද් කරන්නෙකුගේ තීන්ත බිංදුව වියලෙන්නේ නැති බව පැරැණ්නන් කියනවා මම අසා ඇත්තෙමි .ඔබ කරන සේවයට අල්ලාහ් දෙලොවෙදීම ඔබට යහපත දෙත්වා !ඔබේ ජිවිත කාලය තීරණය කරන්නේ අල්ලාහ් මිස අන්තවාදී හිවලුන් නොවේ .ඔබට අල්ලාහ්ගේ ආරක්ෂාව ලැබේවා !

  7. ඔබට එවන් දෙයක් සිඳුවූයේ නම් බ්ලොග් කරුවකු ලෙස මා එය හෙලා දකිනවා. ඔබේ මතයටත් ඉඩක් තිබිය යුතුමයි.

  8. As-Salam- Alaikum! Bro. Anver, Find below the translation to the best of my ability.

    AGAIN THREATS AND INTIMDATIONS AGAINST ME
    The extremist elements have renewed their threats against me. The most recent incident pertaining to this happened yesterday, when three people tried to force open a shop belonging to me, which is presently being kept closed. I am sad and, denounce with much disgust, the threats and intimidation directed at writers like me, who are serving the masses with the pen.
    Since I started the “Anver Manatunga blog“, I was able to live in peace in Sri Lanka for only a short period, as I was constantly threatened with death. I was compelled to change my telephone number used till then, as I started receiving threatening calls from extremist elements. When the situation worsened, I decided to go overseas leaving my activities in Sri Lanka. Though I travelled to few countries, since my heart is in Sri Lanka, I returned back home.
    Once back home, I learnt that the extremist elements are searching for me. This I came to know from the very same people, from whom they are inquiring about me. When the situation worsened, I handed over one of my shops to another and closed the second shop and went overseas. Now I am running the `Anver Manatunga` blog from an overseas location. Yesterday three people who have come to my closed shop have tried to break open its doors. When the neighboring shopkeepers objected to it, they have abused them as well. Further I also learnt, that they have inquired about my whereabouts at other places as well.
    When the extremists unleashed their terror and violence, we boldly used our pens against it. When they were sowing vengeance and discord among the people, we continuously strived to arm the people with knowledge. Our only weapon was the pen. Through this one thing is clear to us, that is Sri Lanka is not a good place for people who use the pen. Nevertheless, we will continue with our educational effort. We wish to emphasize, that none of this can silence Anver Manatunga.
    Finally, I wish to tell the extremists! You cannot prevent me. Kill me if you can. That’s the last thing you can do to me. But then, thousand more Anver`s will be born. You will have to do thousand things to prevent them.

      1. Ithing Anvar, hemadeyakma Sinhelen kiyanna kiyanava. Namuth meka vitharak monabasawende kiyala thiyenne? Isthuthi karanne kohamada kiyala “Nabithuma” kiputhu de poddak kivala beluwoth hondayi.

  9. තවත් අන්වර්ලා දැනටමත් බිහිවී අවසානයි. පෞද්ගලිකව මමද වෙනදාටත් වඩා ආගමට නැඹුරු වී ඇත. අල්ලාහ් ඔබ තුමාව ආරක්ෂා කරත්වා!!!!!!!!

  10. මෙය ඇත්තෙන්ම ඛේදජනක සිදුවීමකි. රටේ නීතිය මෙවැනි අවස්ඵාවන්හිදී නිහඩව සිටිති. ඔබ වැන්නන්ව තර්ජනය කරමින් මර්ධනය කිරීමයි අද සිදුවන්නේ. මුස්ලිම් පල්ලි කැඩුවා මාධ්‍ය නිහඩයි,මුස්ලිම් වෙළදාම්වලට පහර ගසනවා නමුත් මාධ්‍ය නිහඩය, මුස්ලිම් කාන්තාවන්වගේ වස්ත්‍රය ගැලවීමට මාධ්‍ය අන්තවාදීන් බවට හැරී ඇත.කොටින්ම මුස්ලිම්වරුන්ට විරුද්ධව සියුම් යුද්ධයක්ම අරඹා ඇත නමුත් මාධ්‍යයන් නිහඩය. මධ්‍යස්ඵව සිටිය යුතු මාධ්‍යන් පක්ශක්ග්‍රාහීව කටයුතු කරමින් සිටී. මෙය මොහුන්ට විහිලුවක් වී අවසානය .මොවුන්ට වුවමනා බොර දියේ මාලු බෑමටය.ඇත්ත ඇති සටියෙන් ප්‍රකාශ කිරීමට සමත් මාධ්‍ය නොමැති කමින් එහි වගකීම තමන් අතට ගෙන ලියන්න පෙරට එන ඔබ හා ඔබ වැනි අනිත් අයටත් මේ කතන්දරයම උරුම වේවි. එය වැළැක්වීමට නොහැකිය. සත්‍යයට මුහුණ දීමට නොහැකි කොන්ද පණ නැති හිවලුන්ට නීතිය අතට ගැනීමට උදව් දෙන අන්තවාදීන් හෙළා දකිමු.මුස්ලිම්වරුන්ට එරෙහි අන්තවාදී මුහුණු මාධ්‍යයන්වලද, නීතිය ක්‍රියාත්මක විය යුතු ආයතනවලද,මහජනතාව නියෝජනය කරන නියෝජිතයන් තුලද , ධර්මය දේශණා කළ යුතු පූජකයන් තුලද, කුලියට මිනි මරණ මැරයන් තුලද, මේ මිහිමත ඇති උතුම් ‍රැකියා දෙක වන වෙද හා ගුරු තුලද මේ දිනවල දැකිය හැක…අනේ අනිච්චං රට යන් දිහා…අනාගත මියන්මාරයද?

  11. අන්වර් සහෝදරයා..

    සින්හලයන් අමතක කරපු දෙයක් තමා මෙරට මුස්ලිම් මිනිස්සුනුත් බිහිඋනේ සිංහ පරපුරෙන් බවය.
    ඉන් ශා අල්ලාහ් මෙය අන්ත වාදීන්ට වෙඩි කාලයක් නැහැ නිහඬ වෙන්න සිද්ද වෙය් ඉක්මනටම.
    ඔබගේ මේ කටයුතු දිගටම මෙලෙස කරගෙන යාමට ශක්තියත් දෛරියත් දෙන ලෙස අපි අල්ලාහ් ළඟ දුආ කරන්නෙමු.

  12. ඔබට සතුරන් වැඩි නිසා, විදෙස් රටක සිටියත් ඔබගේ සහ පවුලේ ආරක්ෂාව ගැන නිරතුරු අවධානයෙන් ඉන්න. පදිංචිය සය අනන්‍යතාවය පිලිබඳ ඕනාවට වඩා වැඩි තොරතුරු බ්ලොගය තුලින් ලබා දීමෙන් වලකින්න. ජයවේවා!

  13. ඔබේ වසා ඇති කඩයකට තිදෙනෙකු පැමිණ බලෙන් විවෘත කිරීමට උත්සාහ දැරීම “අන්තවාදී තර්ජන ගර්ජන” ලෙස ලේබල් කරන්නේ කොහොමද? අහක යන හොරු තිදෙනෙකු වෙන්න බැරිද? මෙවැනි දෙයක් සිදු වුණා කියන්න සාක්ෂි තියෙනවද?

    තමන්ට අභියෝග වන මතවාද ඉදිරිපත් වූ විට ඒවාට උත්තර නොදී හරස් ප්‍රශ්න අසන අන්වර් ….මෙන්න ඔබේම හොද්දෙන් හැන්දක්….පුලුවන් නම් උත්තර දෙන්නකෝ….

    1. සවස් කාලයේ මිනිසුන් බහුලව සිටින තැන කවසා ඇති කඩයක් කඩන්නට හොරුන් ඉදිරිපත් වෙනවා යැයි ඔබ පැවසීම හාස්‍යයට කරුණක්. එමෙන්ම මට කලින් අයත්ව තිබුණු වෙනත් තැනක තිබෙන අනෙක් කඩයද බලෙන් සෝදිසි කිරීම සහ මේ දෙකම එකම දවසේ සුළු වෙලාවකින් සිදුවීම අන්තවාදී ඔබට අවතක්සේරු කළ හැකි වුවද අපට එසේ කල නොහැක.

      1. අන්වර්: ඔබ මගේ ප්‍රශ්නයේ ලේසි කොටසට විතරයි උත්තර දීලා තියෙන්නේ. ඔබ කියන දේට අමතරව මෙවැනි දෙයක් වුණා කියලා සාක්ෂි තියෙනවද? නැත්නම් මේක හිතලුවක් කියා ප්‍රතික්ෂේප කරන්න වෙනවා.

        දැන් ඔබ තවත් කඩයක් ගැන කියනවා. සවස් කාලයේ ලු. මිනිසුන් බහුල ව ගැවසෙනවා ලු. බොරුව දික් වෙනවා නේද? ඒ ඇරත් මේක කොහොමද “අන්තවාදී තර්ජන ගර්ජන” වෙන්නේ. ඔන්න උත්තර දෙන්නකෝ.

        1. එවැනි දෙයක් වුණා කියලා එතැන සිටි සැවොම සාක්ෂි දරනවා. ඔබ අවශ්‍ය නම් සොයා බලන්න. ඔබ මේ සිද්ධියේ අගමුල නොදැන කථා කරන්නේ.

          මට අන්තවාදී තර්ජන එල්ල වුනේ කෙලෙසද කවදාද කියා මෙම බ්ලොගය දිගටම කියවන අය දන්නවා. අද මට විරුද්ධව මුණුපොත් පෝස්ටර පමණක් 30 කට වැඩිය පලවෙලා. නොයෙකුත් අභූත චෝදනා නගා තිබෙනවා. තර්ජන වලට අදාල ඊමේල්, මුණුපොත් පෝස්ටර, දුරකථන අංක සහ සියලුම විස්තර මා සතුව ඇත.

          අන්තවාදී තර්ජන ගර්ජන එන්නේ මා අන්තවාදයට එරෙහි නිසා බව මෙම බ්ලොගය කියවන සැවොම දන්න නමුදු ඔබ නොදන්නේ ඔබද අන්තවාදියෙකු නිසයි.

          1. සාක්ෂි තියෙනවා නම් පොලිසියට නොගිහින් රටට ලෝකයට පෙනෙන්න මෙතන පෝස්ට් දාන්නේ ඇයි?
            විරුද්ධ මත දරණ අය අන්තවාදීන් ලෙස හංවඩු ගහමින් කරගෙන යන සියුම් අන්තවාදයේ තවත් කොටසක් බව මෙයින් ඔප්පු වේ. වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන අයගේ පුරුද්දක් තමයි මාසයකට දෙකකට පාරක් මෙවැනි පෝස්ට් එකක් දමා අනුකම්පාව දිනා ගැනීම. ඇත්ත ලියන අය කැමති ගරුත්වය ට මිසක් අනුකම්පාවට නොවෙයි.

          2. අද පොලීසියකට ගොස් සාධාරනය ඉටුකර ගත හැකිද? මේ රටේ නීති හරියට ක්‍රියාත්මක වෙනවා නම් අපට මෙවැනි දේ සිදුවෙයිද? ඇමති පුතුන් ගහපු අයට, ගස් බැදපු අයට සාධාරණය ඉටුවුණාද? අද මේ රටේ දේශපාලකයන්ටත් උන්ගේ කටුකන බල්ලන්ටත් නීතියක් නැති බව ඔබ නොදන්නේද? නැතිනම් සගවන්නේද?

  14. @ Nafeer, Mage prashnayath Ekamayi. Ochara deval sidda ved dee madyayai rajayayi nihandayi. Eyi api vitharak ara “hamuduwota” paharadiyaddee handa nangana yuthuyi? Sadarana kumakda?, anthawaadaya kumakda?, modekama kumakda kiyala matanam pehedily madi.

  15. ඔබට අල්ලාහ් ශක්තිය සහ ධෛර්ය ලබාදෙත්වා! ඔබ උපතින්ම මුස්ලිම්වරුන්ට ද ආදර්ශයක්. ඔබට යහමාර්ගය පෙන්වා දුන් අල්ලහ්ටමය සියලු ප්රසංසා, අල්හාම්දුලිල්ලාහ්. වර්තමාන ලංකාවේ තත්වය හමුවේ ඔබ පෑන මගින් කරන උත්සාහය අගය කරමි. මාෂා අල්ලාහ්

  16. ඔබ ජිහාද් සටන්කාමියෙක්, ඔබට අපි දුවා කරමු!!!

  17. සහෝදර බ්ලොග්කරුවකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් සියලු බ්ලොග්කරුවන් එක්විය යුතුයි.හැම මතයකටම ඉඩ තිබෙන්න ඕන .මත අතර සංවාද තිබෙන්න ඕන.නැත්නම් මතවාදී ලෝකය කීපදෙනෙක්ගේ බූදලයක් වෙයි

  18. අන්වර් ,ඔබගේ සේවය මිල කල නොහැකියි .අහිංසක මිනිසුන් දහස්ගණනින් මර ඇ ති දේශයක ,මෙ තර්ජන වලින් අඩුවක් වෙන්න බෙහ,නුමුත් ඔබේ ඔබගේ අරක්ෂව තර කර ගන්න.May Almighty Allah bless,

  19. අපගේ ඊමානයට සමකල හැකි දෙයක් මේ ලෝකයේ නොමැත.
    ඔබට අල්ලහ්ගෙන් තව තවත් ශක්තිය සහ ධෛර්ය ලැබේවා ආශීර්වාදය කරමි.

  20. මම ඔබට කිසිදවසක තර්ජනය නොකරමි ප්‍රශ්න කීපයක් අසමි.

    1.ඔබ බුදු දහම අත්හෑර ස්ලාම් ආගම වෑලඳ ගෑනීමට හේතුව කුමක්ද,ඔබ බුදු දහමෙ නිවන ප්‍රතික්ශේප කරනවද

    2. සමහර මුස්ලිම් අය කරන වෑරදි නොයෙකුත්
    අයුරින් සදාරනය කිරීමට බොහො තර්ක ඉදිරිපත් කරන්නෙ ඈයි

    1. 1. මෙය ආගමික වෙබ් අඩවියක් නිසා මෙම ප්‍රශ්නයට පිළිතුරු නොදෙමි.

      2. මුස්ලිම් අය කරන වැරදි මා සාධාරණය කර නොමැත. මුස්ලිම් අය කළ වැරදි පවා මම විවේචනය කර ඇත. අවශ්‍ය නම් මෙහි ඇති කලින් ලිපි කියවන්න.

  21. எனக்கு எதிராக மீண்டும் இனவாத அச்சுறுத்தல்கள் தொடர்ந்தவண்ணம் உள்ளன. அதன் விளைவாக நேற்றும் ஓரு தாக்குதளல் முயற்சி பதிவாகியுள்ளது அதாவது எனக்குச்சொந்தமான மூடப்பட்டுள்ள கடையொன்றின் மீது நால்வர் சென்றுஅதனை பலவந்தமாக திறக்க முற்பட்டுள்ளார்கள். இது போன்ற ஈனச்செயள்களின்மூளமாகவும் எம்போன்ற எழுத்தாளர்கள்மீது மேற்கொள்ளப்படும் தொடரான அச்சுறுத்தல்களாலும் நான் மிக மனவேதனைப்படுவதோடு எனது வன்மையான கண்டனத்தையும் தெரிவித்துக்கொள்கின்றேன்.

    Anwarmanathunga Blog இனை ஆரம்பித்து சிறிதுகாலமே என்னால் நிம்மதியாக இருக்க முடிந்தது. அதன் பின்ன்னர் இனவாதிகளால் எனக்கு தொடர்சியான மரண அச்சுறுத்தல்கள் விடுக்கப்பட்டன. இதனால் எனது தனிப்பட்ட தொலைபேசி இலக்கத்தினையும் மாற்றவேண்டிய நிலைக்குத்தள்ளப்பட்டேன். இத்தொடர் அச்சுறுத்தல்களின் உச்சகட்டமாக எனது தாய்நாட்டினை விட்டு அபயம் தேடி வெளிநாடு செல்லவேண்டிய ஒரு நிர்கதியான நிலைக்குத்தள்ளப்பட்டேன். அத்தனைக்கும் நான் செய்தது எனது சுய உரிமையான அரசியல் சட்ட்டங்களுக்கு உற்பட்டு ஒரு ஏழுத்தாளனாக உண்மைகளை மக்கள்மத்தியில் எடுத்துச்சென்றதுதான். பல நாடுகளுக்குசென்றும் எனது உள்ளம் சொந்தமன்னை இழக்க எனக்கு அனுமதிக்கவில்லை மீண்டும் இலங்கை திரும்பினேன்.

    ஆனால் எனக்கு தெரிந்துகொள்ளமுடிந்தது என்னவென்றாள்அவ்வளவு நீண்ட இடைவெளிக்குப்பின்னரும் நாட்டினை பிளவுபடுத்த முயற்சிக்கும் இனவதிகள் என்னை இலக்குவைத்தே இருக்கின்ரார்கள் என்பதனை அவர்கள் தகவல் திரட்ட முற்பட்ட பலர் என்னிடம் தெரிவித்ததன் அடிப்படையில்.
    இந்த நிலை மோசமடைந்துகொண்டுசெல்லவே நான் நடாத்திக்கொண்டிருந்த ஒரு கடையினை மூடிவிட்டு மற்றயதை இன்னொருவருக்கு மாற்றிவிட்டு எனது சொந்த நாட்டினை துறந்து மீண்டும் வெளிநாடு செல்வதனைதவிர என்னைப்பதுகாட்துக்கொள்ள வேறு வழி கிடைக்கவில்லை..

    தற்பொளுது Anwarmanathunga blog இனை வெளினாட்டில் இருந்தே செயற்படுத்துகின்றேன். நேற்றைய தினம் எனக்குச்சொந்தமான கடையின் கதவுகளை சில நசகார சக்திகள் உடைக்க முற்பட்டுள்ளன. அதற்கு அயலவர்கள் எதிர்புத்தெரிவிக்கவே அவர்களையும் சரமாரியாக துசித்துள்ளனர். அட்த்தோடு பல இடங்களிள் அவர்கள் என்னைப்பற்றிய விபரங்கலை திரட்ட முற்பட்டுள்ளதாக தகவல் கிடைக்கப்பெற்றுள்ளது.

    இனவாதிகளினால் நாடளாவியரீதியில் பல்வேரறுவிதத்தில் பயங்கரவாத மற்றும் கலவரத்தினை தூண்டும் செயற்பாடுகள் கட்டவிழ்த்து விடப்பட்டுள்ள நிலையில் நாங்கள் செய்தது அதற்கு ஏதிராக தகவல்களை மக்கள் முன்னிலையில் நேர்மையாக முன்வைத்ததே.

    அவர்கள், மக்கள் மத்தியில் குரோதத்தையும் இன வெறியையும் பரப்பிக்கொண்டிருக்க்கையில் நாம் மக்களை உண்மையின் தெழிவின் பக்கம் நிலைப்படுத்தவே திடமாக முயற்சிக்கின்ரோம். இவர்களின் இனவெறி செயற்பாடுகளுக்கு எதிரான எமது ஒரே ஆயுதமாக இருந்தது பேனை மாத்திரமே. இதில் எமக்கு ஒரு உண்மை புலனாகின்றது அதாவது இலங்கையின் தற்போதய்ய நிலை பேனாவினை கையில் எடுப்பவர்களுக்கு உசிதமான இதமான இடம் அல்ல என்பதே. எது எப்படி இருந்தாளும் நாம் எமது மக்களை உண்மையின் பக்கம் தெழிவு படுத்தும் செயற்பாட்டினை மும்முறமாக முன்னெடுட்துச்செல்வோம்.

    இனவாதிகளின் இச்செயற்பாடுகளாலும் அல்லாஹ்வின் உதவியைக்கொண்டு Anwarmanathunga வினை வாயடைக்கச்செய்ய முடியாது என்பதனை நாம் கருத்திற்கொல்வேம்.

    இறுதியாக நான் கூறிக்கொள்வது இனவாதிகளே! உங்களால் என்னை தடுத்து நிறுத்திவிட முடியாது. முடுயுமானல் என்னை கொண்று விடுவீர்கள், உங்களாள் இறுதியாக செய்யமுடியுமானது அதுதான். அனாலும் அப்பொளுது ஆயிரம் Anwar கள் உறுவாகுவார்கள் அவர்களைய்யும் தடுப்பதற்கு பல்லாயிரம் தடவைகள் உங்களால் முயற்சிக்கலாம்.

  22. T.M. Nishan says:
    සාක්ෂි තියෙනවා නම් පොලිසියට නොගිහින් රටට ලෝකයට පෙනෙන්න මෙතන පෝස්ට් දාන්නේ ඇයි?//

    හලාල් ප්‍රශ්නයේදී BBS පොලිසියට ගියේ නැත්තේ ඇයි ?
    BBS ඔvuන්ගේම පොලිසියක් හදාගත්තේ මොකද?
    ලංකාවේ කඩා විනාශ කරපු මුස්ලිම් පල්ලි ,කඩ ,ඒවා ඇති තර්ජන ලිපි ,අවලාද කර පු මිනිස්සුන්ට ,ඇඳුමට කෙලගසා ,පහර දුන්න මුස්ලිම් ළමයින්ට,පාසල් වල අවනම්බු කර ඇති මුස්ලිම් ළමයින්ට එරෙහිව දාපු පම්නිලි එකකට වත් ,මේ වන තෙක් කිසිම කෙනෙක් ඇත අඩංගුවට ගෙන නොමැත.
    ලෝකයේ කිසිම රටක පොලිසි 2ක් නැත,ලංකාවේ ඇරෙන්න.රජය විසින් me කරගෙන යන විනාශයට වන්දි ගෙවන්න වෙන්නේ අහිංසක මගෙත් ඔබගේත් දරුවන්ට ,අයෙත් හදිසි නීති,ඇඳිරි නීති ඇවිත් පාසල් වසා ,කලකෝලාහල ඇතිවී ,ගෙවල් කඩ සාප්පු ගිනිබත් කර ,පාරවල් ගානේ මිනි මරමින්,විනාශ ඇති කිරීමට ලංකාවේ,මංකොල්ල කරුවන්ගෙන් හා IRC කාරයින්ගෙන් අඩු නැති දේශයක් බවට කිව යුතු නෙහෙ.ජාති ආලේ 1983 කරපු දේවල් අමතකද?එකට ගෙවපු වන්දියත් අමතක කරන්න එපා?තවම ගෙවමින් ඉන්න බවට ත් අමතක කරන්න එපා?
    පොලිසියට යාම කාලය හා මානසිකත්වය විනාශ කර ගැනීමක් පමණි.

  23. කොන්ද පන තියන එකෙක්නම් බොරු බයිලා නැතුව ප්‍රසිද්දියේ එන්න පුලුවන්ද විවාදයකට, මුස්ලිම් ආගමේ ඇත්ත කියල දෙන්නම්.
    කවුද අන්තවාදී කියල පෙන්නලා දෙන්නම්. උත්තර දෙන්න බැරි ප්‍රශ්න ප්‍රසිද්ද කරන්නේ නැතුව මුස්ලිම් ආගමේ හෙළුව වහගන්න හැන්ගි හැන්ගි ලිපි දාන කොන්ද පන නැති අන්තවාදී නිවටයෙක් අන්වර් කියන්නේ.

    1. මුස්ලිම් අයගේ අගමැ හොඳට ඉගෙනගෙන තියෙනවා වගේ පේනවා. හොඳයි හොඳයි. මේ එක නෙමයි අයියේ , ඔහේ ත්‍රිපිටකේ දැකලවත් තියෙනවද මයේ අයියේ. කියවන්න නං කොහොමටත් බැහැ. අනිත් අයගේ ආගම ගැන හොයන්න කලින් ත්‍රිපිටකේ පේලියක් හරි කියවන්න ඉගෙන ගන්න.

  24. ඔබට මෙසේ වීම අරුමයක් නොවේ.පිටරටවල ජිවත්වන මුස්ලිම්වරු තමන්ගේ දේපල විශ්වාසවන්ත අයට පමණක් කුලියට දිය යුතුය්.මොකද මේ දවස්වල බලෙන් මැරයෝ පිටරට ජිවත්වන අයගේ දේපළ වලට රිංගා ඇතිබව අසන්නට ලැබෙනවා.

  25. අන්වර් හා හලාල්/හරාම් ගේ පොලිසි යෑම ගැනයි මේ: බලන්නකෝ අන්වර් ගේ පහුගිය ලිපි…ජනපතිතුමා, ආරක්ෂක ලේකම් තුමා, පොලිසිය ගැන පුදුම භක්තියකින් නේ ලියලා තියෙන්නේ….මිස්ටර් හලාල්/හරාම්, ඔයා කියෙව්වේ නැද්ද අන්වර් අප්පොච්චාගේ ඒ ලිපි? හලාල් ගැන නීතිය අබියසට යන්න කියලා අභියෝග කලෙත් හොඳට අඹරපු ලණුවක් දෙන්න බව පේනවා නේද?
    මොකද අන්වර් මේ දිව දෙකේ වැඩ? ඊට හපන් ඔයාගේ ගෝලයෝ…(අර මොකාද හිටගෙන කරද්දී ගෝලයෝ දුව දුව කරනවා කියන්නේ මේවට තමා)

    1. මම ආන්ඩුවේ යහපත් දේට ගුණ කියා තිබෙනවා. අයහපත් දේ විවේචනය කර තිබෙනවා. හැම වෙලාවෙම විරුද්ධ වෙන්න මට ඔයාට තිබෙන පිස්සුව නැහැ. මම විපක්ෂ නායකයාවත් දැඩිලෙස විවේචනය කර තිබෙනවා. බ්ලොග් කරුවෙකුගේ කාර්යභාරය හරිහැටි නොදන්නා ඔබ මෙසේ කීම මටනම් අරුමයක් නොවේ.

Comments are closed.