මුස්ලිම් කතට ශිල්ප අකැපද…? – ෆාතිමා ෂාමිලා හුසයිෆා

මුස්ලිම් කතට ශිල්ප අකැපද...?

වර්ථමාන ඉස්ලාමීය විරෝධ රැල්ලේ ප්‍රධාන සාධකයක් ලෙස මුස්ලිම් කාන්තාව හැදින්විය හැක. අයිතීන් විරහිත අමානුෂික හිංසනයන්ට බදුන්වන්නියක් ලෙස ඉස්ලාම් විරෝධීන් දකින ඇය සැබැවින්ම එසේ වන්නියක් නොවන බව ඉස්ලාමය තුලට යන්තමින් හිස පොවන නොව ගැඹුරින් විමර්ශනය කරන්නෙකුට නිරායාසයෙන් වැටහෙන්නකි.

එහෙත් විමර්ශනයට පෙර තමා නිගමනය කල සංකල්පයකට කොටුව ඒ ඔස්සේ ගවේශනයේ යෙදෙමින් නිරවද්‍ය අධ්‍යයනයක නොයෙ‍දෙන්නෙකුට කිසිවිට සැබෑව නොවැටහේ.

කෙසේ වුවද මුස්ලිම් කාන්තාව අධ්‍යාපන මට්ටම අතින් ප්‍රාථමික බව සමාජ සංකල්පයයි. ‍ඇතැම් විට ජීවිතයේ දෙවන දශකයේ මුල් අවධියේදීම ඇය විවාහපත් වීමත් ක්‍රියාකාරී සමාජය තුළ උරෙනුර ගැටෙන අයුරු නිරන්තරයෙන් අනෙකාගේ ඇස නොගැටීමත් (රැකියා ස්ථාන, උසස් අධ්‍යාපන ආයතන ආදී) මෙකී සංකල්පය ඇරඹුමේ සාධකය වන්නට ඇත. කෙසේ වුවද සැබැවින් මුස්ලිම් කතට ශිල්ප අකැපද? ඇය අධ්‍යාපනයෙන් ප්‍රාථමිකද? එය එසේනම් එය සිදුවූයේ ඇයගේ ආගමික නීතී රීතීන්හි බලපෑමටද? එසේත් නැතිනම් ඇයගේ යම් ගැටළුවක් හෝ උනන්දුවක් නොවූ නිසාද?

පළමුව ඉස්ලාම් දහමට අනුව ගත් කල කිසි කලෙක කිසි විටෙකත් කාන්තාවට ශිල්ප හැදෑරීම තහනම් කර හෝ එයට සීමා බන්ධන පනවා නොමැත. කියවන්න ! (ඉක්රා) යන පළමු දේව වචනයත් සමග දේව අණපනත් පහල වීම ඇරඹි ඉස්ලාමය පළමු දේව වදනින්ම ජනයා අධ්‍යාපනය වෙත යොමු කල දහමකි. එමෙන්ම එය ලිංගභේදයකින් තොරව සැමට පොදු වූවකි. මෙලෙස ඉස්ලාම් දහම විසින් මෙකී අයිතිය ඉස්ලාම් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම හිමිකර දී ඇත.

අල්ලාහ් අල් කුර්ආනය ඔස්සේ මෙසේ දන්වා සිටී.
“එබැවින් නියතවශයෙන්ම වැදුම් පිදුම් කිරීමට සුදුසු දෙවියා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොවන බව ඔබ දැන ගන්න. ” (සූරා මුහම්මද් : 19)

මෙලෙස ඉස්ලාම් දහම විසින් තහවුරු කරනු ලබන අධ්‍යාපනය ලැබීමේ අයිතිය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම හිමි වූවක් බව පහත සදහන් මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාගේ ප්‍රකාශයෙන් තව දුරටත් පැහැදිලි කරයි.

“අධ්‍යාපනය ලැබා ගැනීම මුස්ලිම් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම අනිවාර්යය වේ.” (ඉබ්නු මාජාහ්)

මෙකී අල් කුර්ආන් වැකි හා නබි වදන් ඔස්සේ පෙනී යන්නේ ඉස්ලාම් දහම තුළ කාන්තාව සතු ශිල්ප හැදෑරීමේ අයිතිය කප්පාදු කර නැති බවය.

එසේනම් අවශ්‍යව ඇත්තේ තම තමාගේ උනන්දුව උත්සාහය පමණි. එමෙන්ම තමාගේ අධ්‍යාපන මට්ටම ප්‍රාථමික කර ගැන්මට හේතුවන්නේ තමා බව මෙමගින් මුස්ලිම් කතුන්ටද වැටහී යනු ඇත.

වර්ථමානය අතීතය හා සසදන විට වර්ථමානය තුළ මුස්ලිම් කතුන් අධ්‍යාපන ක්ෂේත්‍රයේද ඉදිරියට එමින් පවතින අයුරු දැකිය හකි වීම සතුටට කරුණකි. කෙසේ වුවද සර්ව සාධාරණ දහමක් වූ ඉස්ලාමය තුල ඉගෙනීම කිසිවිට කිසිවෙකුට අකැප නැත.

“සැබැවින්ම මුස්ලිම් කතට ශිල්ප අකැපද? ………….නැත……. ඇයට ශිල්ප හැදෑරීමට පූර්ණ අයිතිය හිමිව ඇත.

 

 

 

ෆාතිමා ෂාමිලා හුසයිෆා

 

 

 

 

 

 

10 Comments to “මුස්ලිම් කතට ශිල්ප අකැපද…? – ෆාතිමා ෂාමිලා හුසයිෆා

  1. මා ශා අල්ලාහ්…….ඉතා හොද හරවත් ලිපියක්….

  2. ඉතාමත් අවශ්‍යව තිබූ මාතෘකාවක්. තලීබාන්ලා විකුර්ති කරපු මේ මතෘකාව මීටත් වඩා ටිකක් පුළුල්ව සමාජය දැනුවත් කරන්න පුළුවන්නමි ගොඩාක් වටීයි.

    1. ethakota thalibanla muslim tharuniyanta egena ganna eka thahanam kale y sangeethaya thahanam kale y thalibanla satan wedune jihad ekak sadaha neda

      1. තලේබාන් වරුන් සටන් කරන්නේ ඔවුන්ගේ අරමුණු වලටයි. එමෙන්ම ඔවුන් සටන් කරන්නේ ඉස්ලාමය වෙනුවෙන් කියන්න අමාරුයි. ඔවුන් කරන සැමදේම ඉස්ලාම් වෙනුවෙන් යැයි කියන්න බැහැ.

      2. Sameer@ මුස්ලිමි තරුනියන්ට ශිල්ප කැපයි කියන එක කුරානය හා හදීස් වල මූලාශ්‍රයන් ගෙන පැහැදිලිවම ලිපිකාරිනි පෙන්වා දීලා තිබෙනවා. එහෙනමි තලීබාන් වරු කරලා තියෙන්නේ කුරානයට අනුකූල නොවීම නේද. අද නබි තුමානන් හිටියානමි තලිබාන්වරුන්ගේ ක්‍රියාකලාපයන් අනුමත කරන එකක් නෑ. මේ මගේ පෞද්ගලික මතයයි.

  3. muslim kathata shilpa akapa wenne eya magadi stop kaloth vitharai.a nisa man ape lamainta kiyanne onama dheyak magadi ath harinna balana nokaranna.islam ramuwa thula inadala ona dheyak preethi wesak.

  4. Make me a muslim BBC වාර්තාව චිත්‍රපටිය බලන්න ,ඇයි දැන් UK වල වැඩියෙන්ම ඉස්ලාම් අගමැ වෙලන්දගන්නේ ,එයිනුත් ගෙහනුන් ඇයි .ගැහැණියට උවමනාවටත් වැඩ නිදහස තිබෙන රටක (නිරුවත්ව වුනත් පාරේ යා හැකියි)එම නිදහස එපා කියා ඉස්ලාම් ආගමෙහි ඇති නීති වලට කැමති වෙන්නේ .මෙය ප්‍රහලිකාවක් වූ BBC මදය ආයතනය ,නමින් මුස්ලිම් වූ නිරුපිකාවක් ලවා කරව ඇති අපක්ෂපාති වාර්තා චිරපටිය බලන්න,

Comments are closed.