ඉස්ලාමිය කාන්තාවන්ගේ වස්ත්‍රය හා ලාංකික කාන්තාවන්ගේ වස්ත්‍රය

නිකාබය
නිකාබය

ඈත අතිතයේ පටන් බෞද්ධයන් හා ඉස්ලාමිකයන් අතර මිත්‍රත්වයක් හා ‍සහෝදරත්වයක්ද සහඡිවනත්වයක්ද පැවතිනි. අවාසනාවකට මෑතක සිට ඇතැම් ඡාතිවාදි හා ආගමිවාදි කණ්ඩායම්  රටෙහි සහඡිවනය හා අන්‍ය ආගමික සහෝදරත්වයද බිඳලමින් ඡාතින් අතර ගැටුමක් ඇති කිරීමට මුලපුරා ඇත. හලාල් භීතිකාව යනු එහි එක් අංගයකි. එයින් නොනවතින ඔවුන් දැන් ඉස්ලාමිය කාන්තාවන්ගේ වස්ත්‍රයටද (ඇඳුමටද) විරුද්ධ වීමට මුලපුරා ඇත.

 

එබැවින්  ඉස්ලාමිය කාන්තාවන්ගේ වස්ත්‍රය ගෙන අන්‍ය ආගමිකයන් මෙන්ම ඇතැම් ඉස්ලාමිකයන්ද විවිධ වු මතදරන බැවින් කාන්තාවන්ගේ වස්ත්‍රය ගැන ඉස්ලාම් දහම කුමන් පවසන්නේදැයි අල්-කුර්ආනයෙන් හා අල්-හදිස් හෙවත් නබි (සල්) තුමාණන්ගේ ඡිවිතය තුලින් සොයා බැලීම අප යුතුකම වේ.

 

ඉස්ලාමිය ව්‍යාවහාරයෙන් මෙය “හිඡාබ්” ලෙසද අප රටතුල “ෆර්දා, බුර්කා, තුප්පටිටා, ලෙසද හඳුන්වනු ලබයි. මෙය ඉස්ලාමීය කාන්තාවන් තමතමන්ගේ ශරිරය කෙසේ ආවර්ණය කළයුතුද? යන්න අල් කුර්ආණයේ (පරිචච්ඡේදය 24 අන්නූර් වාක්‍ය 31) සඳහන් වන අතර මෙම  අල් කුර්ආණ් වැකිය පහල වීමට මුල්වු හේතුවද නබි නායක (සල්) තුමානන්ගේ ඡිවීතයෙන් අපට දැකගත හැකිවේ. නබි (සල්) තුමාගේ අනුගාමිකයෙක් වු උමර් (රළි) තුමා මෙසේ අවධාරනය කරන ලදී. දේව දූතයාණෙනි! තමාවෙත යහපත් පුද්ගලයන් මෙන්ම අයහපත් පුද්ගලයන්ද පැමිණෙති. එබවින්, ඔබතුමා (ඔබතුමන්ගේ සහකාරියන් වන) දේව විශ්වාෂවන්තයන්ගේ මවිතුමියන්ට ෆර්දා (හිඡාබ්, බුර්කාව) පළඳින ලෙස අණ කළේ නම් යහපතක් නොවෙයිද? යනුවෙන් මා පැවසුවෙමි. එවිට අල්ලාහ් විසින් නබි (සල්) තුමාට ෆර්දා  (හිඡාබ්, බුර්කාව) සම්බන්ධ අල්-කුර්ආන් වැකිය පහළවිය. (මුලාශ්‍ර ග්‍රන්ථය බුහාරි: 4790)

 

මෙලෙස පහළවු අල් කුර්ආන් වැකියේ (පරිචච්ඡේදය 24 අන්නූර් වාක්‍ය 31 හි මෙලෙස සඳහන් වේ.  තමන්ගේ බැල්ම පහතට යොමු කරන ලෙසද. පතිවතද ආරක්ෂා කරගන්නා ලෙසද. විශ්වාසවන්ත කාන්තාවන්ට පවසන්න! ඔවුන් තමන්ගේ පිටත දැකිය හැකි අලංකාරයන් හැර අන් කිසිවක් පිටත නිරාවරණය නොකරන්න. තමන්ගේ හිස්වස්නා සේලයෙන් ලමැද ආවර්ණය කරගනු. තමන්ගේ ස්වාමිපුරුෂයින්, තමන්ගේ පියවරුන්, තමන්ගේ ස්වාමිපුරුෂයන්ගේ පියවරුන්, තමන්ගේ පුතුන්, තමන්ගේ ස්වාමිපුරුෂයන්ගේ පුතුන්, තමන්ගේ සහෝදරයන්, තමන්ගේ සහෝදරයන්ගේ පුතුන්, තමන්ගේ සහෝදරියන්ගේ පුතුන්, ස්ත්‍රීන්, තමන්ගෙන් යැපෙන වහලුන් (අද ලෝකයේ වහලුන් නොමැත) පිරිමින්ගෙන් (මහලු බවෙහි ප්‍රතිඵලයක් වශයෙන් කාන්තාවන් කෙරෙහි) ඇල්මක් නොදක්වන මෙහෙකරැවන්, කාන්තාවන්ගේ සැඟවුණු අවයවයන් කෙරෙහි අවබෝධයක් නොමැති දරුවන්, හැර අන්අයට තමන්ගේ අලංකාරත්වය ප්‍රදර්ශණය නොකරණු. ඔවුන් සඟවා ඇති අලංකාරයන් නිරූපණය කිරිමේ අදහසින් තමන්ගේ පාදයන් (පොළොවෙහි ශබ්ද නෙගෙන සේ) පය ගසා ගමන් නොකරණු. විශ්වාෂවන්තයිනි! (මෙහි කිසියම් අතපසු වීමක් සිදුවුයේ නම්) අල්ලාහ් දෙස හැරෙන්න (පසුතැවිළිවීම පිණිස) මෙමගින් ඡය ගැනීමට හැකි වේ (ස්වර්ගය)  

 

මේ සම්බන්ධව  ඇති තවත් අල්-කුර්ආන් වැකියක් නම් (අල්-කුර්ආනය 33: 59) වැකිය: නබි තුමණි! (මුහම්මද්) ඔබගේ භාර්යාවන්ටද, ඔබගේ ගැහැණු දරුවන්ටද, (දහම කෙරෙහි විශ්වාසය තැබු අනෙකුත්) කාන්තාවන්ටද, ඔවුන්ගේ හිස්වස්නා සලුව පහත් කරගන්නා මෙන් පවසනු මැනව! ඔවුන් (ශිලාචාර කාන්තාවන් බව) හඳුනා ගැනීමටත්. හිරිහැරතාවයන්ට පත් නොවීමටත්  මෙය (සුදුසු) පිළියමක් වේ, අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරැණාවන්තයෙකු වශයෙන් සිටින්නේය. මෙලෙස සඳහන් වී ඇත.

 

අද අප සමාඡයතුල   අන්‍ය ආගමිකයන් පමනක් නොව ඇතැම් ඉස්ලාමිකයන් අතරද ඉස්ලාමිය කාන්තාවන්ගේ වස්ත්‍රය ගෙන විවිධ වු මත දරති. දහම කෙරෙහි ඇති දැනුමෙහි අල්ප බව මෙයට හේතුවේ. කාන්තාවගේ මුහුණ ආවර්ණය කළයුතුද? නොකළයුතුද? නබි වදන් තුලින්ම විමසා බැලීම උචිතය.

 

(නබිතුමාණන්ගේ අවසන් හඡ් වන්දනාවෙහිදී) නබි (සල්) තුමාණන් (මාගේ සහෝදරයා වන)‍ ෆංල් බින් අබ්බාස්ව තමාට පිටුපසින් රථයේ (ඔටුවා මත) හිඳුවා ගත්තේය. ෆංල් ඉතා කඩවසම් පුද්ගලයෙකු විය. එවිට නබි නායක (සල්) තුමාණන් ඡනයාට දහම පැහැදිළි කිරිම සඳහා  තම ඔටුවා නතරකළේය. (එවිට) ”කස්අමි, ගෝත්‍රයට අයත් රූමත් කාන්තාවක් දේව දූත නබි (සල්) තුමාණන්ගෙන් දහම ගැන අසා දැනගැනීමට පැමිණියේය. එවිට ෆංල් එම කාන්තාව දෙස නිසොල්මන්ව බලාසිටි අතර එම කාන්තාවගේ රූමත් කම ඔහුට විශ්මයට හේතුවිය. නබි (සල්) තුමා ඔහු දෙස බලන කළද ෆංල් එම කාන්තාව දෙස නිසොල්මන්ව බලාසිටි අතර ෆංල් ගේ නිකට  තමාගේ දැතින් අල්වා එම කාන්තාව දෙස බැලීම වළක්වමින් මුහුණ හැරවීය. දැණුම් ‍දෙන්නා ඉබ්නු අබ්බාස් (රළි) ග්‍රන්තය (බුහාරි: 6228), අහ්මද් (1805–14577), තිර්මිදි (811), මුස්ලිම් (1607—2718—2719—4363—2465), බුහාරි (3991), බුහාරි (5030—578—1466—1905)

 

ඉහත අංක සඳහන් සියලුම නබි වදන් වලින් පැහැදිළි වන්නේ කාන්තාවගේ මුහුණ ආවර්ණය කර නොතිබු බවය. එසේ නම් ඉස්ලාමිය ඇතැම් කාන්තාවන් තම මුහුණ ආවර්ණය කිරිම  දහමට පටහැනිද? ඉස්ලාමි දහම මෙි සම්බන්ධව කුමන මතයක් දරන්නේද?

 

නබි (සල්) තුමා‍ගේ කාලයේ ඇතැම් කාන්තාවන්‍ට තම මුහුණ ආවරණය කිරීමට පුරුද්දක්ද තිබුණි. එය නබි (සල්) තුමා තහනම් නොකළේය. ”(හඡ් සමයේ) ඉහ්රාම් ඇඳගත් කාන්තාවන් තම මුහුණ ආවරණය නොකළ යුතු බව නබි (සල්) තුමා පවසන ලදී.  දැනුමි දෙන්නා ඉබ්ණු උමර් (රළි) ග්‍රන්තය බුහාරි (1838) මෙම නබි වදනින් පැහැදිලි වන්නේ. (හඡ් සමයේ) ඉහ්රාම්  ඇඳගත් අවස්ථාවේ දී මුහුණ නිරාවරනය කිරීමට නම් එම සමාඡයේ ඇතැම් කාන්තාවන් මුහුණ ආවරණය කර සිටිබව නොවෙයිද?

 

කාන්තාවන් තම මුහුණ අනිවාර්යයෙන්ම වැසිය යුතුයැයි සිතන්නේ නම් ඉස්ලාමි දහමෙහි විශිෂ්ඨතම කර්තව්‍ය වු “හඡ් සමයේ සිදුකරන කර්තව්‍යන්ට මුහුණ නිරාවර්ණය කිරීමට  නබිතුමා විසින් අණ නොකරනු ඇත. එසේ නම් නබිතුමාගේ (හදිස් වලට) අනුව කාන්තාවක් තම මුහුණ ආවරණය කිරිම හා නොකිරීම ඇය සතු වු ඇගේ ස්ව කැමැත්ත අනුව සිදුවිය යුතු දෙයක්ය.

 

සමාඡය තුල අද ඇතැම් ඡාතිවාදීන් නගන චොදනාව නම් ඉස්ලාමීය කාන්තාවගේ වස්ත්‍රය

1 සංස්කෘතියට පටහැනි එකක්

2 ඡාතික ආරක්ෂාවට තර්ඡනයක්

3 අනන්‍යතාව  තහවුරු කිරිමට අපහසු එකක්

4   අපරාධ වැඩිවනු ඇත

 

(1) ඉස්ලාමීය කාන්තාවගේ වස්ත්‍රය සංස්කෘතියට පටහැනි යැයි පවසන ඔවුන් අද සමාඡ ගතවී ඇති ඇඳුම් පැලඳුම් අපගේ  සංස්කෘතිය නොව යුරෝපිය සංස්කෘතිය බව නොදන්නේද? ඩෙනිම්, ෂර්ට්, ටී සර්ට්, ස්කර්ට්, බ්ලවුස්, ටයිකෝට්, මේ සියල්ල බටහිරින් පැමිණ අපගේ සංස්කෘතිය වී හමාරය. එසේ තිබියදී ඉස්ලාමීය කාන්තාවන් ගේ වස්ත්‍රය පමණක් සංස්කෘතිය  පටහැනි වන්නේ කෙසේද?

 

(2) වසර 30කට අධික කාලයක් යුද්ධයක් තිබු අවස්ථාවේදී පවා මෙම වස්ත්‍රය ඡාතික ආරක්ෂාවට තර්ඡනක් නොතිබු අතර යුධ භීතිකාව පහව ගිය මෙම මොහොතෙහි ඡාතික ආරක්ෂාවට තර්ඡනයක් වන්නේ කෙසේද? බණ්ඩාරණායක මහතා ඝාතනය කළේ සිවුරකින් සැරසී සිටි චීවරධාරියෙකි. එසේ නම් සිවුර ඡාතික ආරක්ෂාවට තර්ඡනය යැයි පැවසිය හැකිද? රටතුල සිදුවු  මරාගෙන මැරෙන බොම්බ පිපිරීමි කොතෙක්ද? ඒ සැම අවස්ථාවකම හැඳ සිටියේ ඉස්ලාමීය කාන්තාවගේ වස්ත්‍රය නොව සාමන්‍ය ඡනයා අඳින පලදින වස්ත්‍රයන් නොවේද? ගැබිනි මව් වරුන්සේ සැරසී බොම්බ ප්‍රහාර සිදුවිය. එසේ නම්  ඡාතික ආරක්ෂාවට තර්ඡනක් නොවන එකම වස්ත්‍රය නිර්වස්ත්‍රයයි.

 

(3) ඇතැමුන්ගේ තවත් චොදනාවක් නම්  මෙවැනි වස්ත්‍ර පැලඳීමෙන් අනන්‍යතාවය තහවරු කිරීමට නොහැකි බවද, ඡාතික හැදුනුමි පතෙන් කෙරෙන  කර්තව්‍යයට ප්‍රමුකත්වයක්  නොලබන බවයි. මෙයද මෝඩ විවේචනයකි. සෑම පුරවැසියෙක්ම තම හැදුනුම්පත ප්‍රදර්ශණ භාණ්ඩයක් සේ භාවිතා නොකරන අතර තම අනන්‍යතාවය තහවුරු කිරීමට අවශ්‍ය අවස්ථා වල පමනක් භාවිතා කරන බව ඡාතිවාදීන්ට නොතේරීම කනගාටු විමට කරුණකි.

 

(4) අපරාධ සඳහා මෙම වස්ත්‍රය භාවිතා වීමද අපගේ අවධානය යොමුකිරීමට අවශ්‍යය. ඒ පිළිබඳ බොහෝ කරුණු ඇත. එනම් වසර 30 කට අධික කාලයක් යුද පැවැති සමයේදී පවා මෙම වස්ත්‍රයෙන් උපයෝගි කරගෙන අපරාධ හා සොරකම් සිදු නොවුනද? බොදු බල සේනා ඇතුලු ඡාතිවාදී කණ්ඩායම් කරළියට පැමිණිමෙන් පසු එනම් මුස්ලිම් විරෝධි ව්‍යාපාරය ඇරඹීමෙන් පසු (ඉස්ලාමිය කාන්තාවගේ වස්ත්‍රයෙන් සැරසී හමුදා මේඡර්වරයෙකු බැංකුවක් මංකොල්ල කෑමට උත්සහ කිරීම) මෙහි සැබෑ කුමණ්ත්‍රණ කරුවන් කවුරුන්දැයි කවුරුත් දන්නා රහසකි. යම් කණ්ඩායමක් යම් වස්ත්‍රයක් සම්බන්ධව මතගැටුමක් සිදුවන මොහොතක එම වස්ත්‍රය පලඳමින් අපරාධයක් සිදු කිරීමද සිදුකරන පුද්ගලයා බොද්ධයෙකු වීමද විශේෂ දෙයකි.

 

ඉස්ලාමිය කාන්තාවක්ට  ඔවුන්ගේ ආගමික වස්ත්‍රය ඇඳීමට අයිතිය ලබාදිය යුතුයි. මුහුණු ආවර්ණය කිරිම එම කාන්තාවන්ගේ ස්ව කැමත්ත අනුව සිදුවන බැවින් එයට අකුල් නොහෙලිය යුතුයි. යම් නීතිමය හා කාර්යාලීය කටයුතු වලදි තම අන්‍යතාව තහවුරු කිරීම සඳහා තම මුහුණ විවෘත කිරීම ඔවුන්ගේ යුතුකම වේ. නිදසුනක් ලෙස A.T.M යන්ත්‍ර වලින් මුදල් ලබාගැනීමේදි මුහුණ නිරාවර්ණය කිරීම පෙන්වා දිය හැක. සැම ඉස්ලාමීය පල්ලියක් හා මධ්‍යස්ථානයන් තුළින් ඉස්ලාමිය කාන්තාවන්ට මේ සම්බන්ධව දැණුවත් කිරීම වැදගත් වේ.

 

 

‍නලිමි මොහොමඩ්

 

 

 

 

 

7 Comments to “ඉස්ලාමිය කාන්තාවන්ගේ වස්ත්‍රය හා ලාංකික කාන්තාවන්ගේ වස්ත්‍රය

  1. හිටපු අගමැති බණ්ඩාරනායක මැතිතුමාව ඝාතනය කලේ හිඡාබ්, ෆර්දා, බුර්කා, ඇඳ ගත්ත අයද ? නැත .

  2. එම්බල නරියා! 0/0 කටු ඇඹුල් පාර, ලෝදිය අලිය, අපාය. says:

    Here We go,

    Our Muslim brothers started. betraying each other.

    Below comment found in colombotelegraph website.

    “As far as I know, the Wahhabists are a minority among the muslim community in Sri Lanka and are ignored and disliked by the muslim community itslef owing to the fact that their fundamental belief system is almost entirely different from the suffis, who are the majority among the muslim community. Wahhabis were officially labeled as people who have crossed the line to become not part of Islam and the muslim community, for the reason that they ignore sentences from Qur’an and teaching of Prophet Muhammand (PBUH) in order to establish something of their own interest. They are basically a virus which tends to spread. But, the good news is most people who were wahhabi’s have now become (normal) muslims as they came to understand the extremist movements of Wahhabis.

    Also, many non-muslims think that women wearing Nikab or Hijab is a Wahhabist movement, But IT IS NOT. Wearing them is their own choice. It is not a compulsion, but a choice. They are neither forced by the religion or men to do so. They do it because they want to. If you ask any muslim women about this, you’d come to know whether they are forced or they choose to wear them. As far as I know, they wear them with pride.”

    Kamar Syed – March 27, 2013

    http://www.colombotelegraph.com/index.php/wikileaks-a-growing-wahhabi-presence-in-eastern-province-muslim-leaders/

    අනේ ඉතින් අපි හැමෝට ඤනසාර සරණේ සරණය්.

  3. හොඳ පැහැදිළි කිරීමක් සහෝදරයා…

  4. ආගමානුකුල වස්ත්‍රයක් ආරක්ෂාවට තර්ජනයක් යන හේතුව මත තහනම් කරන්නේ නම් මුලින්ම තහනම් කල යුත්තේ සිවුරය් . මන්ද කහ සිවුරට මේ රටේ ඕනෑම ස්ථානයකට කිසිම බාදාවකින් තොරව රිංගා ගත හැකි වීමය් . බවුද්දයන් එම වස්ත්‍රයට (සිවුරට) දක්වන ඉමහත් භක්තිය හේතුවෙන් එය පැළඳ සිටින පුද්ගලයාට ඉහලින්ම සලකය් . අද අප පොදු ප්‍රවාහන සේවා වලද අන් කිසිම ආගමික නායකයෙකුට නොලැබෙන වරප්‍රසාද මෙම කහ වස්ත්‍රයට ලැබේ . බස් රථ වල ඉදිරි අසුනට ඉහලින් “පූජ්‍ය පක්ෂය සඳහා වෙන් කර ඇත” යැය් සඳහන් කර තිබුනද භික්ෂුවක් හැර වෙනත් ආගමික නායකයෙකුට එම ආසනය පිරිනැමීමට ඉදිරිපත් වන්නේ කියෙන් කීදෙනාද ?සමහර බස් සේවකයන් මුදල්ද අය නොකරය් .

  5. ඉතා හොඳ ලිපියක්, බහුතර ජාතිවාදීන් නොවන අප රටේ සහෝදරවරුන්ට හොඳ පැහැදිලි කිරීමක් . නමුත් මොනවා ලිව්වත් ජාත්වාදීන්ටනම් මේ සිංහල තේරෙන්නේ නැහැ.

  6. //ඉස්ලාමිය කාන්තාවක්ට ඔවුන්ගේ ආගමික වස්ත්‍රය ඇඳීමට අයිතිය ලබාදිය යුතුයි. මුහුණු ආවර්ණය කිරිම එම කාන්තාවන්ගේ ස්ව කැමත්ත අනුව සිදුවන බැවින් එයට අකුල් නොහෙලිය යුතුයි. යම් නීතිමය හා කාර්යාලීය කටයුතු වලදි තම අන්‍යතාව තහවුරු කිරීම සඳහා තම මුහුණ විවෘත කිරීම ඔවුන්ගේ යුතුකම වේ. නිදසුනක් ලෙස A.T.M යන්ත්‍ර වලින් මුදල් ලබාගැනීමේදි මුහුණ නිරාවර්ණය කිරීම පෙන්වා දිය හැක. සැම ඉස්ලාමීය පල්ලියක් හා මධ්‍යස්ථානයන් තුළින් ඉස්ලාමිය කාන්තාවන්ට මේ සම්බන්ධව දැණුවත් කිරීම වැදගත් වේ.//

    බොහොම හොඳ ලිපියක්.
    ඉස්ලාමීය ආගමික වස්ත්‍රය ආගමික හේතුන් නිසා පලදින්නකි. මෙයට විරුද්ධ වීම මූලික අයිතිවාසිකම් වලට විරුද්ධ වීමකි. බො.බ.සේ. ද්වේශ කතා වලට පිළිතුරු දීමේදී සඳහන් කල යුත්තේ මෙපමණයි. කාන්තාව ඇඳුම අඳින්නේ ඇඟ සැඟවීමට හෝ ආරක්ෂාවට බව සඳහන් කිරීම අවශ්‍ය නොවනවා පමණක් නොව, එය අනවශ්‍ය තර්ක වලට මග පෑදීමක්ද වන්නේය.

    තවද බො.බ.සේ. බොරුකාරයන් කටට එන වචන යොදා ඉස්ලාමීය වස්ත්‍ර හඳුන්වන බව පෙනේ. එසේම එම වචන වල අර්ථය ඔවුන් පැහැදිලිව දන්නා බව දක්නට නැත. ප්‍රධාන වශයෙන් බො.බ.සේ. මුහුණු ආවරණයට විරුද්ධ වන බව පෙන්වුවත්, එය ඔවුන් විවිධ (වැරදි) නම් වලින් හඳුන්වති. සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමට පහත දැක්වෙන රූප උපයෝගී කර ගත හැක.
    http://www.hopeitw.com/wp-content/uploads/2013/01/burqa2.jpg

  7. බොදුබලයෝ කරන්නේ මුස්ලිමුන්ට අනවශ්‍ය ප්‍රශ්න ඇතිකිරීමට හා එඉරිවාදි කම් කිරීමට අහිංසක බෞධ්ධ ජනතාව පොලබවීමයි .මේ කපටි ත්රතවාදීන්ගෙන් බේරීමට අප උපරිම අයුරින් ක්‍රියා කොට අප රට බේරා දියුණුව කරා රැගෙන යාම අප සැමගේ යුතු කමයි .

Comments are closed.