ශ්‍රී ලංකාව තුල අන්වර් මනතුංග බ්ලොගයට බාධා කිරීම සම්බන්ධවයි

අන්වර් මනතුංග
අන්වර් මනතුංග

අන්වර් මනතුංග වන මම වෘත්තියෙන් ධර්ම දේශකයෙක්මි. ශ්‍රී ලංකාව තුල සහ ලොව රටවල් රැසක ඉස්ලාම් ධර්මය දේශනා කිරීමේ නියුතුව සිටිමි. මීට අමතරව අන්තර්ජාලය තුල අන්වර් මනතුංග නමින් www.anvermanatunga.com සිංහල බ්ලොගයක් පවත්වාගෙන යන අතර එය ආරම්භ කලේ මගේ අදහස් උදහස් ජනතාව වෙත ගෙනයාමේ මගක් ලෙසිනි. නමුත් ලංකාව තුල අන්තවාදීන් විසින් ආගම්බේධවාදය පතුරමින් ඉස්ලාමයට සහ මුස්ලිම් වරුන්ට පහර ගැසීමට පටන් ගත් කල එය වෙනස් අතකට පෙරළුනි.

 

මෙහිදී අන්තවාදීන් විසින් ඉස්ලාමයට සහ මුස්ලිම් වරුන්ට විරුද්ධව බොරු ගොතමින් දැඩිලෙස ජනතාව අතර ප්‍රචාරය කරනු දුටු මා ඊට එරෙහිව ලිපි ලියන්නට විය. මගේ තර්ක විතර්ක හමුවේ බොහෝ අන්තවාදීන් සිය කූඨ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගත නොහී දුර්මුඛ විය. වෙබ් අඩවියට අපහාස සහ මඩ එල්ල වුවද දිගින් දිගටම ජනප්‍රිය විය. මෙකල මගේ පුද්ගලික ජීවිතය අරබයාද නොයෙකුත් බොරු චෝදනා ගොතමින් මඩ ප්‍රචාර දියත් විය. නමුත් මේ මඩ වලින් සිදුවුයේ මා සහ බ්ලොග් අඩවිය තව තවත් ජනප්‍රිය වීමයි. මේ අතර තුර බොදු බල සේනාව නමින් තවත් අන්තවාදී සංවිධානයක් බිහිවු අතර එයින් ලංකාවේ ආගම්බේධවාදය උඩුයටිකුරු විය. ඉන්පසුව ආගම් බේධවාදය පැතිරීමට නොයෙකුත් අදිසි හස්තයන්ද ක්‍රියාත්මක වෙන බවක් පෙනී යන්නට විය.

 

අන්වර් මනතුංග බ්ලොගය විසින් දිගින් දිගටම මෙම අන්තවාදී සංවිධාන වල නිරුවත අන්තර්ජාලය තුලින් පෙන්වා දුන් අතර අප විසින් කරන ලද තර්ක සහිත ලිපි සාමාන්‍ය මාධ්‍ය වලද ප්‍රචාරය වන්නට විය. මේ කාලයේ අන්තවාදී සංවිධාන විසින් දිගින් දිගටම මා සිටින්නේ කොහේදැයි සොයමින් සිටින බව සාක්ෂි සහිතව සනාථ වු අතර එය තවදුරටත් උත්සන්න වුයෙන් විදෙස් ගත වුණෙමි. නමුත් වෙබ් අඩවිය අඛන්ඩව ක්‍රියාත්මක වු අතර එහි කිසිදු දේශපාලනික මුහුණුවරක් නොමැතිව පවත්වාගෙන යාමට යුහුසුළු වුනෙමු. අප ලිපි වලින් ආන්ඩුව, විපක්ෂය මෙන්ම මුස්ලිම් දේශපාලනික පක්ෂ පවා විවේචනය කොට ඇත්තෙමු. කිසියම් සිදුවීමක් පසුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව වැටහුණු වහා අප එයට තදින් පහර දුන්නෙමු.

 

අප විශ්වාස කරන්නේ අද ලංකාව තුල පවතින අන්තවාදය රජයට මැඩ පැවැත්විය හැකිමුත් රජය ඒ පිළිබඳව අවධානය යොමු නොකරන බවයි. රජය තුල ජාතිවාදී පිරිස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වටා ඒක රාශී වී සිටින අතර සුළු ජාතිකයන්/ආගමිකයන් බැසිල් රාජපක්ෂ මහතා වටා ඒක රාශී වී ඇත. මෙම තත්වය රාජ්‍ය පාලකයෙක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලනිකව වාසි සහගත තත්වයක් වන නමුදු මෙමගින් ඉදිරියේදී රට විශාල ප්‍රපාතයකට ඇද දැමෙනු ඇත. අද ලංකාව තුල සිටින මුස්ලිම් සිවිල් සංවිධාන, මුස්ලිම් සමාජයේ ආගමික නායකයන් සහ මුස්ලිම් දේශපාලකයන් සියළුම දෙනාම පුද්ගලිකව දැඩි පීඩනයකට යටත් කොට ඇත. ඔවුන් කිසිවෙකුට ඉදිරියට පැමිණ ඇත්ත හෙලිකිරීමට නොහැකි තත්වයකට පත්කර ඇත. පුද්ගලිකව තමන්ට පහර වදිනු ඇතැයි බියෙන් ඔවුන් රජයට එරෙහිව කෙල බිඳක්වත් නොහෙලන තත්වයකට පත්ව ඇත.

 

අප අන්වර් මනතුංග බ්ලොග් අඩවිය තුලින් මේ පිළිබඳව ජනතාව විශාල වශයෙන් දැනුවත් කොට ඇත්තෙමු. වර්ඩ්ප්‍රෙස් වාර්තා වලට අනුව අප අඩවිය මාස 15 තුල නැරඹුම් සංඛ්‍යාව 950,000ක් ඉක්මවා ඇති අතර පසුගිය මස පමණක් නැරඹුම් 200,000 කට ආසන්න වී තිබුණි. මීට පෙර ලංකාවේ පුද්ගලික බ්ලොග් අඩවියක් මෙතරම් ජනප්‍රියතාවයකට පත්ව නොතිබුණු අතර ඇලෙක්සා දත්ත වලට අනුව ලංකාවේ වැඩිම ප්‍රමාණයක් භාවිතා කරන වෙබ් අඩවි 500 තුලටද එය පැමිණ තිබුණි. මෙය අන්තවාදීන්ගේ දැඩි කෝපයට සහ ඊර්ෂ්‍යාවට හේතු විය. ලාංකීය සිංහල සමාජය තුල මුස්ලිමෙකු කරන වෙබ් අඩවියක් මෙතරම් ජනප්‍රියත්වයක් ලබා තිබීම ඔවුන්ගේ දැඩි නොසතුටට හේතු විය.

 

දැනට දින කිහිපයකට පෙර සිට ලංකාවේ දුරකථන සමාගම් කිහිපයක අන්තර්ජාල සේවාව තුලින් අප වෙබ් අඩවියට පැමිණීමට බාධා කර තිබුණු අතර අද වනවිට සියළුම සියළුම දුරකථන සේවා සමාගම් වලින් අන්වර් මනතුංග බ්ලොග් අඩවියට පැමිණීම වලක්වා ඇත. ලංකාව තුල අන්වර් මනතුංග බ්ලොග් අඩවියට ඇතුල්වෙන්නට යනවිට පැමිණෙන පණිවිඩය පහත දක්වමි.

 

Error: Requested url content cannot be accessed. This website is blocked until further notice either pursuant to court order or directions of Telecommunications Regulatory Commission of Sri Lanka..’

 

අන්වර් මනතුංග බ්ලොගය කිසිදු දහමකට අපහාස කර නොමැත. අප දැඩිව පහර දෙන්නේ ලංකාව තුල ක්‍රියාත්මක වන අන්තවාදී කල්ලි කන්ඩායම් වලට එරෙහිවයි. නමුත් ලංකාව තුල ඉස්ලාමයට සහ මුස්ලිම් සමාජයට සෘජුවම අපහාස සහ මඩ ප්‍රහාර එල්ලකරන වෙබ් අඩවි රැසක් ඉතා යහතින් ක්‍රියාත්මක වේ. එම වෙබ් අඩවි වලින් කිහිපයක් පහත දක්වමි.

 

www.lankacnews.com

http://peramunerala.wordpress.com/

http://musalmanuwa.wordpress.com/

http://dharmadveepayeiranama.blogspot.com

http://www.faithfreedom.org/

http://peramunerala.blogspot.com/

http://sinhala-bauddhaya.blogspot.com/

http://bodubalasena.org/sinhala/

http://anniisa.wordpress.com/

http://jealousdeviyo.wordpress.com/about/

http://sinhalaravaya.com/

http://denethharinna.blogspot.com/

http://peramunerala.wordpress.com/

http://sinhalabuddhist.com/

http://www.toplankanews.com/Sinhala

http://dutugemunu.wordpress.com/

http://mahason-brotherhood.blogspot.com

http://muslimangampora.blogspot.com/

https://sites.google.com/site/islamyanukumakda/home

https://sites.google.com/site/sinhalenquran/home

http://www.panchanajayasinghe.blogspot.com/

https://nabigeatuwawa.wordpress.com/

www.exgossip.com

 

එමෙන්ම ගලගොඩඅත්තේ ඥානසාර නම්වු ශ්‍රමණවේශධාරියා විසින් දිනපතාම මාධ්‍ය ඉදිරියට පැමිණ ඉස්ලාමයට සහ මුස්ලිම් වරුන්ට එරෙහිව අපහාස කරති. මේ ගැන පැමිණිලි කරන්න කිසිවෙකුත් නැති නිසා සහ පැමිණිලි කරන්නට තැනකුත් නැති නිසා ලංකාවේ මුස්ලිම්, කිතුණු මෙන්ම බෞද්ධ සමාජය තුල සිටින අන්තවාදයට අකමැති ජනතාවද සිටින්නේ දැඩි අසීරුතාවයකිනි. 

 

අප බ්ලොග් අඩවිය ලංකාව තුල වැලැක්වුවද අපගේ සටන අත්නොහරින බවද, ලංකාව තුල ක්‍රියාත්මක වෙන අන්තවාදී කල්ලි කන්ඩායම් සහ එයට සහයෝගය පලකරන අදිසි හස්තයන් මේ මව්බිමෙන් අතුගා දමන තෙක්ම ක්‍රියාත්මක වන බවද ලක්වැසි සියළුම මැදහත් ජනතාව වෙත මෙයින් දන්වමු.

 

 

 

මෙයට,

අන්වර් මනතුංග,

සංස්කාරක,

අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

 

ප.ලි.

මෙම ලිපිය දමිල බසට හරවා දමිල බසින් පලවන වෙබ් අඩවි වල පලකරන්න. එමෙන්ම මෙම ලිපිය අනෙකුත් වෙබ් සහ බ්ලොග් අඩවි වල පලකරන්න. ඊමේල් සහ සමාජ ජාල අඩවි මගින් පලකරන්න.

 

 

 

 

 

53 Comments to “ශ්‍රී ලංකාව තුල අන්වර් මනතුංග බ්ලොගයට බාධා කිරීම සම්බන්ධවයි

  1. Android වලට Opera mini හරහා ප්‍රශ්නයක් නැතුව ලොග් වෙන්න පුලුවන්.

    1. බාධා මැඩගෙන වෙබ් අඩවියට එන ක්‍රම තව තවත් පාඨකයන්ට හදුන්වා දිය යුතුයි. ඔබට ඒ ගැන දන්නවා නම් ලිපියක් ලෙස එවන්න.

  2. අපිට නම් දැන් මෙම අඩවිය බාධා කරත් නැතත් කිසිම වෙනසක් නැහැ.. සුපුරුදු විදිහටම හැමදාම පැමිණෙනවා..
    may allah help you to continue your services towards the community ..

  3. මම අන්වර්මනතුංග බ්ලොග් අඩවිය දැන් අවුරුද්දක් සිට අසාවෙන් කියවන්නෙමි.මෙසේ මේ වෙබ් අඩවිය අවහිර කිරීම ම විසින් දැඩි ලෙස හෙළා දකිමි .කුමණ අවහිර බාධා පමුණුවත් සත්‍ය යටපත්කල නොහැක .proxy sever sites තුලින් මේ වෙබ් අඩවියට පිවිසිය හැක .සහෝදර පාටකයන්ගේ උපකාරය පිණිස මේ proxy sever sites වල ලින්ක් පලකරමි .
    http://www.vpntunnel.net/
    http://www.polysolve.com/
    https://www.vtunnel.com/links.htm
    https://www.vtunnel.com

    පිවිසීමට පෙර remove coockies tag eka click karanna …ඉන්ෂා allah ඔබට එවිට පිවිසීමට හෙකිවනු atha …

  4. kauru monawa karath! api oyath ekka sahodaraya.Insha’Allah I will do my best for you.

      1. We are with you brother and we are close to the haram ( Makkah )and we include you in our dua in holy masjid for your safety and more successful in the future.

  5. වැටෙන ප්‍රතිචාරවලට බලපෑමක් වෙලා වගේ පේනවා. සෑහෙන අඩුවෙලා. පුලුවන් නම් මෙවැනි අවස්තාවක මෙය නරඹන විදිහක් ගැන ලිපියකින් දැනුම් දෙන්න. එවගේම මුස්ලිම් පාඨකයන්ට හැකි විදිහට අනිකුත් සහෝදර පාඨකයන් ඒ ගැන දැනුවත් කරන්න කියන්න.

    අනික ඔබ මෙතන ‘ලින්ක්ස්’ ප්‍රදර්ශනය කිරීමෙන් මේවාට ප්‍රසිද්දියක් දෙනවා වෙන්නේ නැද්ද?

    1. මම පෙන්වා දුන්නේ මෙපමණ තිබෙන බවයි. සාක්ෂි නැතිව ලියන්න බැරි නිසයි. තාක්ෂණික බාධා මැඩගෙන වෙබ් අඩවියට එන ආකාරය ගැන ඒ ගැන දැනුමැති අය ලිපි එවන ලෙස මම ඉල්ලා සිටිමි.

      1. මම දිනපතාම ඔබගේ වෙබ් අඩවිය බලනවා.මම ඉන්නේ UK වල ,කිසිම බාදාවක් නැහැ .Facebook තුලින් දිගටම දැනුවත් කරන්න .දිගටම ලංකා රජයට මේක කරන්න බැහැ . ලඟදි BBC එකටත් බාදා කරලා තිබුන.
        ඔබගේ සේවය අතිවිශිෂ්ටයි ,මා වගේ පිටරට ජීවත් වන අයට නිවැරදි වටහගනිමක් ඔබ ලබා දෙනවා,ඊට අමතරව විවද අයගේ ප්‍රතිචාර මගින් හුඟක් නොදන්නා දේවල් දැනගැනීමටත් පුළුවන්.
        මේ වබ් අඩවිය පුවත් පතකටත් වැඩ ලොකු සේවයක් සපයනවා.
        ලංකාවේ හා විදේශ රටවල ඉන්න සාමයට, මිත්‍රත්වයට හා සහජීවනයට කැමති සියලු දෙනාටම මේ බ්ලොගෙක
        ගැන දැනුම්දෙන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවනම් හොඳයි.
        මෙම බ්ලොග් එක දියුණ කරන්න .තවත් ලිනක්ස් එකතු කර ලෝකයේ (උදා උතුරු කොරියා )සිදුවන දේවල් ද බුද්දිමත් පාඨකයින්ට කියවීමට ටත් ,youtube ලිනක්ස් ,වැනි දෑ පලකිරීමට හැකිවන column එකක් තියෙනවනම් හොඳයි.
        ඔබට දායක විය හැකි ක්‍රමයක් තිබේ නම් පවසන්න.

  6. භාදක එන තරමට තමය් සාර්ථකත්වය වැඩිවෙන්නේ .පාටකයන් විකල්ප මාර්ග ඔස්සේ blog එකට එනු ඇත .හොර චීවරධාරීන් හා සැබෑ බික්ෂූන් වහන්සේලා අතර වෙනස පහදා දෙන්නට උත්සහ කරන්නන්ට මෙලෙස බාධා කිරීමෙන් වගකිව යුත්තන් බලාපොරොත්තු වන්නේ කුමක්ද ?නිර්මල බුද්ධ ධර්මය ලංකාවෙන් තුරන් කිරීමද ?ඒවෙනුවට දේවදත්ත ධර්මය ලංකාව තුළ ස්ථාපිත කිරීමද ?චීවරයට තිබු ගෞරවය නැතිකොට එය අමනයන් හඳුනා ගැනීමේ සංකේතයක් බවට පත් කිරීමද ?

  7. අවහිර තිබුනත් නැතත් තොරතුරු දැනගැනීම සඳහා පැමිණෙන පාඨකයන් දිගින් දිගටම පැමිනේවි. කරදරකාරී කොමෙන්ට් දමන්නන් බොහෝ දුරට අඩුවේවි. පැමිණෙන පිරිස විසින් අලුත් පාඨකයන් ලැබේවි. මේක එතරම්ම ලොකු පසුබැසීමක් නෙවෙයි.

  8. අන්වර් සහෝදරයා අපි ඔබ සමගය.
    පයබරවාට පිටිකර බෙහෙත් බැන්දා වගේ වැඩක්!
    පාලු ගෙවල් හොරු කඩන්නේ නෑ.
    අපි දන්නවා කතරගම යන්න ඕනේ කොහොමද කියා.

  9. hotspot shield install කරලා ඕනැම site එකක් Open කරන්ඩ පුළුවන්

    1. තාක්ෂණය දන්න ඔබලා වැනි අය දැන් පෙරට පැමිණිය යුතුයි. තහනම්වු වෙබ් අඩවියක් බලන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර පෙන්නලා කුඩා ලිපි එවන්න.

  10. ඔවුන්ගේ හිත්වල අල්ලාහ්තආලා බයක් ඇතිකර ඇතිබව දැනෙය්. ඔවුන් මෙම බ්ලොග් එකට බාදක ඇතිකිරීම තුලින් සිදුවන්නේ තවතවත් ජනයා අතර මෙය ප්‍රචලිත වීමය. අප මෙම බ්ලොග් එක තවතවත් දියුණු තත්වයට ගේන්න දායක වියයුතුව ඇත, මේක dawwah වක්. මෙම බ්ලොග් එකට එරෙහි වන අය කල යුත්තේ බ්ලොග්ය තුලින් එන අබියෝගයන්ට ප්‍රතිචාර වශයෙන් සාර්ථක පිළිතුරු දීම මිස මෙවන් පහත් ක්‍රියා නොකිරීමය. ඥාසාර ලාගේ ගෝත්‍ර වාදය සදාචාර සමාජයන්හි පිළිකුලට ලක්වෙමින් පවතී, ඒවා පිළිගැනීමට නියම බවුද්ධයා ලෑස්ති නැත, දැන් දැන් අපට එවන් කතිකාවන් ඇසෙන්නට ඇත, බික්ෂුවකගේ ගව්රවය කෙලසිමකට ලක් කරවන ඥාසර කල්චර් එක ඉතා ඉක්මනින් අතුගා දැමිය යුතුව ඇත නැතහොත් ලංකික සමාජය තුල බික්ෂුව වෛරය, ගෝත්‍ර වාදී හා භීතිකාව පිලිබිබු වන සංකේතයක් වීම නොවැලක්විය හැක.

  11. දිගින් දිගටම අසාදාරනකම් කරන අයට ගැලවීමක් නැහැ.මේ ලෝකේ නැත්නම් මරණයෙන් පසුව හරි විදවන්න වෙයි.තමන්ගේ බලයට කවදාහෝ එන මරණය වලක්වන්න බැහැ..අපි කෙසේ හෝ ඉදිරියට යන්න විකල්ප සෙවිය යුතුයි..

  12. you can duplicate your post in your abandoned website and direct viewers to it also. http://anverdawah.blogspot.com/

    its not the count in this that matters it is the number of people reading and understanding it.

    also may be you can re post them on your fb page

  13. මොන බාධා පැමිණියත් දිගටම කරගෙන යන්න .මේ රජය ඉතා ඉක්මනින්ම ලොප් වෙනවා කිසිම සැකයක් නැහැ .මුස්ලිම්වරුන්ට වල කැපූ කිසිම දේසපාලුවෙක් යහතින් ඉඳල නැහෙ .බලු සේනා බලු වැඩ වලින් රට තව තව ආඝාදයට තමයි ගමන් කරන්නෙ .

  14. අන්වර් සහෝදරයා වෙන කිසිම වෙබ් අඩවියකට නැති බාදා ඇය් මේකට .තමන් හරි නම් මේකෙ පළවෙන ලිපිවලට තර්කාණුකුලව පිළිතුරු සපයන්න ඕන .අපි විදේස රටවල්වල ඉන්න නිසා බාදාවකින් තොරව බලනව .ඒත් ලංකාවටය් ප්‍රස්නෙ කමක් නෑ .ඔබ මෙය කෙරන්නෙ කාගෙන්වත් පෞද්ගලිකව පලිගන්න චේතනාවෙන් නෙමෙය් නෙ .ඔබට මේ කෙරන ක්‍රියාවලියට දෙවියන්ගෙන් ප්‍රතිපල ලැබෙය් .ඔබට අවශ්‍යත් ඒකම නෙ .මිලමුදල් වෙනුවෙන් කෙරන්න ලෝකයේ ඕනෑතරම් දේවල් තියෙනව .අපි ඔබ වෙනුවෙන් දුආ කෙරන්නම් .ඔබට තවතවත් සක්තිය දය්ර්ය ලැබේවා .

  15. මා මෙම අඩවියට පිවිසෙන්නේ airtel මගිනි..මෑතක සිට එයින් කිසි ලෙසකින් වත් ප්‍රවේශ වීමට නොහැකි විය..මුලදී යම් error message එකක් දිස් වුවද දැන් කිසිම දෙයක් පෙන්වන්නේ නැත,,එහෙයින් මා ඔබගේ fb page එකට ගොස් පිරික්සීමේදී එහි තිබූ vtunnel නැමති මග ඔස්සේ access වුයෙමි..දැන් මාෂා අල්ලාහ් කිසිදු ප්‍රශ්නයක් නැත,,නමුත් ඔබ පල කරන පින්තූර හෝ vedios කිසිවක් බැලිය නොහැකිය…ඒවා දිස් නොවේ.. :/

    1. ඉදිරියේ තාක්ෂණය ගැන ලිපි පලකරන්නම්. අපි මෙම බාධා සියල්ලට තාක්ෂණයෙන් පිලිතුරු සොයමු.

  16. There is no reason to block Anwarmantunga blogger is that crimes to expose the truth to the public ?

  17. http://www.anvermanatunga.com/ website has been blocked in Sri Lanka by Mahindage Democracy.

    Those who cant access http://www.anvermanatunga.com/ in sri lanka. Please do the following. Visit http://www.hotspotshield.com/ and download software and install. Keep your browsers close while installing. Then access the site after installation. Internet freedom is a right and its pathetic that only this website is block in sri lanka while other Muslim hatred sites are allowed. Please share this information with all your friends by messaging.

    Courtesy: Prince Wlover

    උපුටා ගැනීම: Protect Muslims in Sri lanka page.

  18. අන්වර් සහෝදරයා මුස්ලිම් සමාජයට ඔබ කරන සේවය අල්ලාහ්ගේ පැසසුමට ලක්වන්නක් .එනිසා අල්ලාහ්ගේ ආරක්ෂාව සදා ඔබ සතුයි.නොබියව ඔබගේ අප සාමාජයට කරන්නාවූ සේවය දිගටම කරන්න.ඔබ කොහේ සිටියත් අල්ලාහ්ගේ ආරක්ෂාව සැමදා ලැබේවා කියා මා ප්‍රර්ථනා කරනවා .

  19. මේ සියලු වෙබ් අඩවි ක්‍රියා කරන්නේ රජයේ බලදාරීන්ගේ පූර්ණ අනුග්‍රහය යටතේය කියන එකයි මගේ අදහස. මොකද මේ අමන ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා යාන්තමට හෝ හෙලා දකින්නේ නැතිනම් විවේචනය කරන්නේ ආණ්ඩු විරෝදී මාධ්‍ය පමණයි. අද ආණ්ඩුවේ උදහසට ලක්වී තිබෙන්නේ ආණ්ඩු විරෝදී මාධ්‍ය හා අන්තවාදී හා ත්‍රස්තවාදී විරෝදී මාධ්‍යයන් පමණයි. මෙයයි අද ලංකාවට අත් වී තිබෙන අවාසනාවන්ත ඉරණම. මේ සේරටම මුල මහින්ද පවුල කියන එක තමයි තිත්ත ඇත්ත. නමුත් අද ලංකාවේ බහුතර සිංහල බෝව්ධ ජනයා ප්‍රිය කරන්නෙත් ඔහුගේ මේ විනාසකාරී ක්‍රියාදාමයයි.

    මහින්දගේ ආණ්ඩුවෙන්ම මහින්ද විසින්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පත්කරනු ලැබූ දයාන් ජයතිලක විසින්ම මහින්දගේ මේ ඉතා පෙහෙදිලිව විස්තර කර ඇත. ඒ නම් //මුස්ලිම් විරෝධී ස්ථාවරය මගින් සිංහලයන්වත්, ඔවුන්ගේ රාජ්‍යය සහ රටත්, බටහිර ලෝකයාගේ ආදරයට පාත‍්‍ර වෙතැ යි, ළිං මැඩි ‘උපායික චින්තනයෙන්’ ඔද්දල් වූ සිංහල ජාතිවාදී රැල්ල හෝ එහි පෙරකලාසිකරුවන් සිතනවා විය හැකිය.// කියාය.

    මේ මහින්දගේ සහවරයන් විසින් මහින්ද ගැන කියන කතාය. නමුත් ආණ්ඩුවට මුක්කු දීගෙන ඉන්න මුස්ලිම් දෙසපාලුවන්ටනම් කොහොමවත්ම මේවා තේරෙන්නේ නැත. ඔවුන් තවම මහින්දගේ කකුල ලෙව කමින් තමන්ගේ මඩිය තර කරමින් සිටින්නේය. එයින් සමහරු සීමාව ඉක්මවා ගිහින් මහින්දගේ බලු සේනාව ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියේදී යෙදී ඉන්නවා. මේ සත්ක්රියාවෙදී ෆෛසල් මුස්තාෆා ඇමතිවරයා මුල් තැන ගන්නවා. මොහු 2008 සබගරගමුව පළාත් සභා මැතිවරණයදා කෑගල්ල හෙම්මාතගම ප්‍රදේශයේදී මුස්ලිම් වරුන්ට එක්සත් ජාතික පක්ෂයට චන්ද දෙන්න නොදී තමන්ගේ ගොලබාලයන්ද රැගෙන ඇවිත් භීෂණයක් ඇතිකරමින් සරිසරුනේය. මොහුගේ අනෙක් කෙනා තමයි පුත්තලමේ බායිස් නමැති හිටපු මන්ත්‍රීවරයා. මොවුන් එදා එසේ ක්‍රියා කළේ තවත් මුස්ලිම් මන්ත්‍රී වරයෙක් පත්වීම වැලැක්වීමට මහින්දගේ ඉල්ලීම ඉටුකිරීම සඳහාය. මේ මුස්ලිම් දෙසපාලුවන්ගේ තත්වය මේකය. මොවුන් චන්දයකදී දිනුවානම් පසුවදා උදේ තමන් තරග කරපු පක්ෂයේ සහවරයන් සමග චායාරූපයක් ගැනීම‍ට තරමටවත් ඉවසීමක් නෑ. පාන්දර පහ වෙන්නත් කලින් පක්ෂය මාරුකරනවා.
    මම කලින් පරිදි මොවුන් ඉත්තන් පමණයි. මොවුන් වගේම මොඩසාරත් ඉත්තෙක් පමණයි. රාජපක්ෂගේ ආරක්ෂාව හා අනුග්‍රහය නැතිනම් මේ මොඩසාර , ඔහු ඉන්න තැනින් එළියට බහින්නේ නැත. ඒ නිසා අපි ක්‍රියා කළ යුත්තේ මේ ඉත්තන්ව තල්ලුකරන මහා එවුන්ට විරුද්දවය. රටින් පිට සිටින ලාංකික මුස්ලිම් ප්‍රජාව සංවිදානය විය යුත්තේ ඒ සඳහාය.

  20. obage web adawiye antha waadaya pathuranne nethi namuth me web adawi antha waadaya pathuranawa kiyanne keseda?? oba buddagamatath upades dena thenata me bloggaya genath atha..samahara lipi walata athi muslim aya wisin liyana lada comments jugupsaa janakaya..ese weddi islam aagamata agawrawai kiyala oba samahara comments screen karai..

  21. අපිට කව්රු හරි ප්‍රහාරයක් එල්ල කරනවා කියන්නේ අපි ගව ඒ ගොල්ලන්ට වැඩිය දෙයක් තියනවා
    අව්ලක් නැ
    android හරහා වෙබ් අඩවිය බල්ලන මේ apps playstore එකෙන් download කරගන්න

    {https://play.google.com/store/apps/details?id=hotspotshield.android.vpn&feature=search_result#?t=W251bGwsMSwxLDEsImhvdHNwb3RzaGllbGQuYW5kcm9pZC52cG4iXQ..}

    Apple Iphone සදහා
    {https://itunes.apple.com/app/hotspot-shield-vpn/id443369807}

    වින්ඩොව්ස් ඇති පරිගණක සදහා මෙම ලින්ක් ගොස් download කරන්න
    {http://www.hotspotshield.com/en/vpn-for-windows}

    ඉතාමත් සරල ආකාරයට මේ මෘදුකාංගය තැන ඇත
    instrall කර ගැනීමෙන් පසු connect කර web browser හරහා වෙබ් අඩවියට පිවිසිය හැක

    insha allah u can do it

  22. idiriyedi obata meetath wada loku deyak obata labei.dhuk wenna epa.allah with us.oyala nisa thamai methek durata muslim aya iwasilimath hethuwak wune.man hithanne lankawe me blog eka block karala e magin widesha rata wala inna ayegey athare tiyna prathichra baleemata ganna try ekakda kiyalath hitenwa.mokada pita rata inna ayata me blog eka awulak naha.

  23. වෘත්තීය ධර්ම දේශක තුමණි….ඔබ ට ජීවත් වෙන්න ආදායම ලැබෙන්නේ කෙසේද?

  24. නිශාන් ඇය් ඔයා දෙන්නද .අන්වර් සහෝදරයාට මුදල් එකතුකෙරන්න සල්පිලවල් .තියන්න ඕන නෑ හරිද එයාට මුදල් අවශ්‍යනම් දෙන්න අපි ඉන්නව මුළු ලෝකෙම ඉන්න අපේ සහෝදරවරු ඉදිරිපත්වෙය් ……. සාරලට වගේ නොර්වෙය් මුදල් අවශ්‍ය නෑ .තමුසෙලා පුදුම බයක් නෙ තිබිලතියෙන්නේ .මේ අඩවියට .

  25. NISHAN

    අය් ඔයා සල්ලි දෙන්නද ?නැතිනම් ,සමහර හැමදුරුවන්ලා වගේ පින්දපාටේ වැඩලා කියල හිතුවද.?
    ඉස්ලාම් දර්මදෙෂකයින්ට ´ඕනෑම රස්සාවක් කල හැකයි ,ඒ වගේම ඕනෑම රැකියාවක් කරන ඉස්ලාම් බක්තිකයෙකුට දර්ම දේශනාවේ යෙදිය හැකියි.
    සියලුම මුස්ලිම්වරුන්ට දර්මදෙෂකයින් වශයෙන් කටයුතුකළ හැකිය.

    1. නියම පිළිතුර. සමහරවිට නිශාන්ට ප්‍රශ්නයක් වෙන්න ඇති කොහොමද අන්වෙර් සහෝදරයට මුදල් ලබෙන්නේ කියා?

  26. බොදු සංවිධාන වලින් හෙළි කරන අන්තවාදී මුස්ලිම් ක්‍රියා නැවතීමට මුස්ලිම් ඔබලා පියවර ගතහොත් ඔබලාට එරෙහි වීමට කිසිවෙක් නොපමිනේවි……හිතන්න, අනුරාධපුරය, කුරගල ආදී ස්ථානවලට ඔබ ආගමිකයන් විසින් කල දේ හරියයි කියා ඔබට කීමට හැකිද? නාරම්මල නගරයේ මුස්ලිම් පරිසරයක ජිවත් උන මම සුහදත්වය හොඳින් අත් දැක ඇත්තෙමි…..අන්තවාදී මුස්ලිම් ආක්‍රමණ නිසාම මුස්ලිම් වරුනට නිදහසේ ජිවත් විය නොහැකි බව ඔබ පිලි ගත්ත යුතුයි මනෝ….

    1. අනුරාධපුරය සහ කූරගල සම්බන්ධව ඔබලාගේ අය ක්‍රියාකල ආකාරයත් වැරදියි. අපි එක පැත්තක්වත් ගන්නේ නැහැ. මුස්ලිම් අපිට කූරගලවත් අනුරාධපුරයවත් අවශ්‍ය නැහැ. නමුත් සියල්ල සිදුවිය යුත්තේ රටේ නීතියට අනුකූලවයි

      1. එතකොට අපේ අයට (Buddhists) වැරදි කරන්න පාර කපල දීපු අය කවුද අන්වර් ? ඒ අය කාගේ ආගම අදහන අයද ?

        1. පාර කපපු ගමන් වැරදි කරන්න ඒ අය බබ්බුද? පාර කපපු ගමන් වැරදි කරනවා නම් ඒ අයගේ බෞද්ධකම කොහෙද?

      2. ඔයා කියන රටේ නීතිය ඔය අනුරාධපුර සහ කූරගල අල්ලගත්ත අය අනුගමනය කරන්න ඕනේ නැද්ද ? ඒ ගොල්ල රටේ නීතිය අනුව කටයුතු කරන හින්දද ඕව කලේ ?

        1. මෙතන වැරැද්ද සිද්ධවෙලා තියෙන්නේ අද ඊයේ නෙමෙයි. අපට අවුරුදු 100 කට 150 කට එහා සිද්ධ වෙච්චි දෙයක් ගැන අද හරියට කරුණු සොයන්න බැහැ. කළයුත්තේ අද හරියට කටයුතු කිරීමයි.

        2. Gamini/Prabhani@ සහෝදරයා/සහෝදරිය… ඔබලා කියන ඔය අනුරාදපුරය ගැනනම් මම දන්නේ නෑ නමුත් ඔය කියනා කූරගල කියන්නේ මා අසා ඇති පරිදි මුස්ලිම්වරු හන්දුන්වන්නේ ජෙයිලානියයි. ඔය කියනා පරිදි ඕක අල්ලාගෙන ඉන්නවනම් අල්ලන් ඉන්නේ කවිද දන්නවද. බො.බ.සේ ලා සහ තවන් අන්තවාදීන්ලා හොඳයි කියන සාම්ප්‍රදායික මුස්ලිම්වරුනුයි. මට මතකයි මේ අඩවිය තුල ඉතාම ප්‍රසිද්ද හෝදරයෙක් කොමෙන්ට් කරා මෙවර ජාතික වෙසක් උත්සවය සමරන්න යන්නේ නිදහස් කර ගත්තු කූරගල වලලු. ඒකට සම්ප්‍රදායික මුස්ලිම්වරුත් සම්භන්ද කරගන්නවලු. ඕන් සම්ප්‍රදායික මුස්ලිම්වරු ගැන ඔහුගේ දැනුමේ හැටි. ඔය ජෙලානිවල කෙරෙනවා නම් කෙරෙන්නේ අල්ලාහ් පිලළිකුල් කරන දේවල්. සෑබෑ මුස්ලිම්වරයාට එක තම්බ දොයිතුවකට ඔය කූරගලවත් මුහුදු විහාරයවත් දීගවාපියවත් ඔය දෙන්නා කියූ අනුරාදපුරයවත් වටින්නේ නැහැ. ඒනිසා ඔය දෙපලගේ ඉතාම බැගෑපත්ව ඉල්ලා හිටින්නේ ඔය බෝ.බ.සේ හෝ ඔනෑම අන්තවාදියෙක්ට කියලා ඔය කියන ඔක්කෝම අල්ලගන්න. මින් පස්සේ ඔයවගේ වට්න්නැති තර්ක ගේන්න එපා.

    2. ඔයාගේ හිතේ තියන සුහදත්වය යසට පැහැදිලි වෙනවා, මුස්ලිම් අයව ආශ්‍රය කරපු කෙනෙක් ද ඔහොම කතා කරන්නේ ? ඔයාල ගාව තියෙන්නේ පැහැදිලිවම කුහක කම,වෛරය,ක්රෝදය ඔයාලගේ හිත්තුල පිරිලා, සිත නිවන කතා කියනවා කියන අයනේ ඔයාලගේ හිත් වලට ගිනි අව්ලවන්නේ, අනේ සතුන්ටවත් හිංසනය කරන්න එපාලු මස් කන්න එපාලු එහෙත් තමන්ගේම නගරයේ ඉන්න මිනිස්සුන්ට ගහනවා,හිරහැර කරනවා මේකද අහිංසාවාදය ?

      කූරුගල හි මුස්ලිම් වරුන්ගේ ඉතිහාසයක් ඇති එවන් දේවල් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ නිරීක්ෂයන් ඇතිව ස්වාදීනව කටයුතු කළයුතුව ඇත. රටේ නිතිය සැම පුරවැසියෙකුටම සමාන විය යුතුය නමුත් එසේ සිදුනොවීම අභාග්ගියක් මෙන්ම අසීලචරද වේ. කූරුගලහි මුස්ලිම් වරුන්ගේ ආගමනය කෙසේවෙතත් එහි සිදුවෙන දෑ ඉස්ලාම් නොවන බව දැනගැනීම වැදගත්ය. යම් පුද්ගල කොට්ඨාසයකට එම ගල්තලාව පුජනීයනම් නම් අනේ එයට වන්දනාමාන කරන්න එයට සැබෑ මුස්ලිම් වරු විරුද්ධ නොවනු ඇත නමුත් එම ක්‍රියාදාමය ශිෂ්ඨ සම්පන්න වියයුතුය්. එහෙත් යම් යම් චිවරදරීන්ගේ ගෝත්‍ර වාදී හා අසංවර ක්‍රියාවන් තුලින් ඉස්මතු කලේ බුද්ධාගමේ ඉගැන්වීමද ? නැතහොත් බුද්ධාම ඔවුන්ව සදාචාර කිරීමට අපොහොසත් ව ඇද්ද ?

  27. ඉස්ලාම් ධර්මය අනුවනම් දකින දකින ගල්වලට ,ගස්වලට හා තමන්ගේ අතින්ම හදාපු දේවල්වලට වැඳුම් පිඳුම් කිරීමක් නෑනේ .ඒ නිසා අපිටනම් කූරුගල කියන තැන විශේෂ දෙයක් නෙමෙය් .ඒවගේ තැන්වල ගොඩාක් වෙන්නේ අපේ ආගමට පටහැනි දේවල් .ඒ නිසා මමනම් කියන්නේ ඒක බෞද්ධයන්ට අය්ති තැනක් නම් නීතියානුකූලව ලබාගත්තොත් ඉවරය්නේ .බොරුවට මේක පෙන්න පෙන්න හම්බ දමනයක් කරන්න
    ගිහින් වෙන්නේ චීවරයත් වැනසිලා ,බික්ෂුන්වහන්සේලත් ලෝකයාගේ පිළිකුලට භාජනය වෙලා නිර්මල බුද්ධ ධර්ශනයත් වැළලෙන එක විතරය්.අන්තිමට ගස් ගල් බදාගෙන මචන් සාදුලා ටිකක් ඉතුරුවේවි ….

  28. සයිට් එක බ්ලොග් කලාට නැරඹුම් අඩුවක් ඇති බව පෙන්න නැහැ. බ්ලොක් කෙරුවාව අසාර්ථකයි වගේ.

    1. අපගේ මුලික පියවර වුනේ මෙයයි. දැන් දෙවැනි පියවර නීතිමය ක්‍රියාමාර්ග වලට එළඹෙමින් පවතිනවා.

  29. mata pena hatiyata den block eka ain wela wage mama den balanna open karana kota kisi badhawak thibune Masha Allah, Anver Manathunga Mahathaneni obata nithi Jaya, CHIRANG JAYATHU

Comments are closed.