ඊනියා බෞද්ධ පුනරුදය සහ පපට්තන්ත්‍රවාදය

රූකඩ
රූකඩ

අද ලංකාව තුල යන්නේ අමුතුම ගේම් එකක් හලාල් ගැන පණ යනකම් කෑ ගැහුව ඥානසාර කියන්නේ තමන් දැන් ඒක ගෝඨාභයට බාර දී තිබෙන නිසා කිසිවක් නොපවසන බවයි. ඒ කියන්නේ හලාල් වලට විරුද්ධ ඔහු ගෝඨා නිසා දැන් හලාල් කන බවයි. අනෙක් පැත්තෙන් රවුෆ් හකීම් රජයට බැන්නද රජයෙන් ඉවත් වෙන්නේ නැහැ. මේ සියල්ල පසුපස ආන්ඩුව සිටින බව ප්‍රකාශ කරමින් ඔහු ආන්ඩුවෙම සිටිනවා. මම ප්‍රකාශ කරන්නේ ඥානසාර සහ හකීම් යන දෙදෙනාම මේ ආන්ඩුව තුල සිටින රූකඩ Puppet දෙකක් පමණක් බවයි.

 

ඥානසාරට මුස්ලිම් විරෝධයක් තිබුණද එය දුවන්නේ ආන්ඩුව ලබාදී ඇති සීමාව දක්වා පමණි. එයට විරුද්ධව හකීම් දක්වන විරෝධතාවය යන්නේද ආන්ඩුව දී ඇති සීමාව දක්වා පමණි. ඇත්තටම ඥානසාර සහ හකීම් යන දෙදෙනාම කලින් ආන්ඩුවේ සිටි අය නෙමෙයි. ඒ දෙදෙනාම කලක් රාජපක්ෂලාට විරුද්ධව වැඩකර දැන් රජයට පක්ෂව වැඩ කරන අයයි. ඥානසාර සිටියේ සරත් ෆොන්සේකා ළඟයි. සරත් ෆොන්සේකා වෙනුවෙන් ගිනි තියාගන්නවා කියු ඥානසාර අද ෆොන්සේකාගේ පැත්තවත් බලන්නේ නැහැ. සිවුරක් ඇන්දට ඥානසාරට ඕනත් බලයයි. කලිසමක් ඇන්ද හකීම්ට ඕනත් බලයයි. බලය ලබා ගන්න කලිසම සිවුර බේධයක් නැහැ. මේ ගැන හොඳට රාජපක්ෂ රජය දන්නවා. ඇති වී තිබෙන දේශපාලනික සංක්‍රාන්තියෙන් රජය උපරිම වාසි ලබා ගන්නේ ඒ නිසයි.

 

මේ ආන්ඩුවට විදෙස් රටවලින් එන බලපෑම වැඩියි. එයට හේතු වුණේ ආන්ඩුවේම වැරදි නිසයි. අන්තර්ජාතික ප්‍රජාව පවසන්නේ යුද්ධය අතරේ රජයේ හමුදා විසින් අහිංසක ජනතාවද ඝාතණය වු බවයි. ප්‍රභාකරන් මිනීමරුවෙක් වුවද ඒ වෙනුවෙන් ඔහුගේ බාලපුතා ඝාතණය වීම කිසිසේත් අනුමත කරන්න බැහැ. බාලචන්ද්‍රන් මිය යන විට පොඩි ළමයෙක්. එම ළමයාගේ ඡායාරූප අන්තර්ජාලය තුල පලවෙනවා. මැරෙන්න ඉස්සර කෑම කෑව හැටි පවා ඡායාරූප තිබෙනවා. මෙවැනි ළමයෙක් මරාදැමීම ශිෂ්ඨ සමාජය අනුමත කරන්නේ නැහැ. නමුත් රජය පවසන්නේ එවැනි දෙයක් නොවු බවයි. එසේ නම් ඒ ගැන පරීක්ෂණ කරන්න ඉඩ නොදෙන්නේ ඇයි? අහිංසක ජනතාව ඝාතණය කරන්නට අණ නොකළේ නම් ඒ ගැන නිසි පරීක්ෂණ පවත්වා යුධ අපරාධ කළවුන් සොයා දඬුවම් නොකරන්නේ ඇයි?

 

අන්තර්ජාතිකව නැගෙන මෙම චෝදනා හමුවේ ඉදිරියේ කුමණ දෙයක් සිදුවේදැයි දැන් රජය සිටින්නේ අවධානමෙන්. නමුත් මේ අවධානම අපේ රටේ ජනතාවට දැනෙන්නෙ නැහැ. ඒ ඇයි? රටතුල ජාතිවාදය සහ අන්තවාදය ඉස්මතු වෙමින් පවතින නිසයි. මෙය ඔවුන් හඳුන්වන්නේ බෞද්ධ පුනරුදයක් කියායි. ඇත්තටම මේ ඊනියා බෞද්ධ පුනරුදයෙන් කරන්නේ කුමක්ද? රටතුල තිබෙන සැබෑ ප්‍රශ්න ජනතාවට අමතක කරවීමයි. අද රටේ සාමාන්‍ය වැසියෙකුට ජීවත් විය නොහැකි අන්දමින් උද්ධමනය වැඩිවෙලා. යුද්ධය නැතිවුණා කියා ජනතාවට කිසිදු ආර්ථික වාසියක් අත්වී නැහැ. මේ බව නිවැරදිව ජනතාවට පෙන්වා දෙන්න පැහැදිලි විපක්ෂයක් නැහැ. විපක්ෂය නගන හීන් කෙඳිරියවත් ජාතිවාදීන් සහ අන්තවාදීන්ගේ ඝෝෂාව හමුවේ ජනතාවට ඇසෙන්නේ නැහැ.

 

රාජපක්ෂ රජය බලයට පත්වුනේ බන්ඩාරනායකලාගෙන් ජනතාව හෙම්බත්වු යුගයකයි. බලයට පත්වු රාජපක්ෂ පැවසුවේ ශ්‍රී.ල.නි.පය යනු බන්ඩාරනායකලාගේ හෝ රාජපක්ෂලාගේ බුදලයක් නොවන බවයි. තමන්ගෙන් පසුව මෙම පක්ෂය සුදුසු පුද්ගලයාට පවරන බවයි. නමුත් අද ඒ පොරොන්දු ජනතාවට පමණක් නොව රාජපක්ෂටද අමතක වෙලා. අද රට පාලනය කරන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ, එක පැත්තකින් නාගරික සංවර්ධනය ගෝඨාභය අතේ, ග්‍රාමීය සංවර්ධනය බැසිල් අතේ පාර්ලිමේන්තු බලය චමල් අතේ. අගමැති සිටින්නේ රූකඩයක් ලෙස පමණයි. අගමැති ලෙස පත්කර තිබෙන්නේ හෙල්ලෙන්නවත් බැරි වයසට ගිය පුද්ගලයෙක්. ඇත්තටම අද අගමැති තනතුර යනු විශ්‍රාම යායුතු වියේ සිටින කෙනෙකුට දී ඇති පාරිතෝෂිකයක් විතරයි. එය සුදුසු පුද්ගලයෙකුට නොදෙන්නේ ඇයි? එයට හේතුව ඒ තනතුරට පත්වන කෙනා ඊලඟ ජනාධිපති වන නිසයි.

 

අද ශ්‍රී.ල.නි.ප ය රාජපක්ෂ බුදලයක් නොවන බවට එම පක්ෂයේ ජේෂ්ඨයන්ට කට ඇර පැවසිය හැකිද? අද එම පක්ෂයෙන් පත්වී මැති ඇමතිධුර ලබා සිටින සියළුම දෙනා රාජපක්ෂ වේදිකාවේ නැටවෙන රූකඩ පමණයි. ඔවුන්ට කරන්න තිබෙන එකම කාර්යය රාජපක්ෂලා කුමක් පැවසුවද එයට එහෙයි කියන එක පමණයි. අද විපක්ෂයද සිටින්නේ ආන්ඩුවෙන් ඔක්සිජන් ලබන මට්ටමකයි. අද විපක්ෂ නායකයා බලයේ රැඳී සිටින්නේද ආන්ඩුවේ බලමහිමය නිසයි. විපක්ෂයේ හොඳ හොඳ අය උස්සා විපක්ෂ නායකයාට පාලනය කරගත හැකි විපක්ෂයක් නිර්මානය කරදී තිබෙන්නේ රජයයි. විපක්ෂ නායක තනතුර යනු කැබිනට් ඇමති වරයෙක්ට වඩා වරප්‍රසාද තිබෙන තනතුරක්. අද ඒ තනතුර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මිය යන තෙක් විශ්‍රාම සුවය ලබන්නට පාරිතෝෂිකයක් බවට පත්වෙලා.     

 

ඇත්තටම රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙනවාද? ඥානසාරලා, හකීම්ලා, අගමැති ඇතුළු මැතිඇමති වරුන්, විපක්ෂනායක මේ සියළුම දෙනා රාජපක්ෂ පාලනයට කඩේ යන රූකඩ හෙවත් පපට්ලාය. අද රටේ තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොව පපට්තන්ත්‍රවාදයකි.  

 

 

 

 

 

 

 

7 Comments to “ඊනියා බෞද්ධ පුනරුදය සහ පපට්තන්ත්‍රවාදය

  1. Don’t you know “Hakeem” in Arabic and “Njanasara” in Sinhela both are equal in meaning?

    1. Both meaning means person with wisdom and knowledge ne? your the man for figuring this out 😛

  2. //ඇත්තටම රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙනවාද? ඥානසාරලා, හකීම්ලා, අගමැති ඇතුළු මැතිඇමති වරුන්, විපක්ෂනායක මේ සියළුම දෙනා රාජපක්ෂ පාලනයට කඩේ යන රූකඩ හෙවත් පපට්ලාය. අද රටේ තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොව පපට්තන්ත්‍රවාදයකි. //

    මේ අය විතරක් නෙමෙයි මහජනයාටත් පාන් කියාගන්න බැරිව තමයි ඉන්නේ පපට් ල වගේ. පාර්ලිමේන්තුව නං සේසමි ස්ට්‍රීට් tv ෂෝ එක වගේ. පපට් ලා පිරිලා.

  3. අංශක 180ක කරණමක්…’දේශද්‍රෝහීන්’ගේ කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා!

  4. පොඩ්ඩ පොඩ්ඩ බ්ලොග් එක පරන තත්වයට එනවා… සතුටුයි…සතුටුයි…

  5. හිටපු ජනදිපතිනිය ,ඉතා හොඳ පැහැදිලිකිරීමක් කරනවා ,මෙය අසන්න ඉතා හොඳට ලංකාවේ දේශපාලනය විග්‍රහ කරනවා ,

    http://www.youtube.com/watch?v=OX6OkLu50to

    හැබැයි ,බලය තියෙනොකට මොලේ නැහැ,මොලේ තියෙනකොට බලෙ නැහැ කියා තිබෙන්නේ කට කහනවට නොවේ.

  6. මියන්මාර් BBC වාර්තාව බලන්න, නිර්මල බුද්දදර්මය ව්කුර්ති කර චීවරදරීන් කරන දේ බලන්න.චීවරදරීන ත්රස්තවාදීන් ලෙස මුලුලොකයටම ඔප්පු වෙමින් යනවා.මේක සියලු බෞද්ද්යනට නින්දාවක්.ලංකාවේ රජය කටයුතු ලංකාව තවත් මිනය්මාරයක් කිරීමටයි.
    http://www.bbc.co.uk/news/world-asia-22023830

Comments are closed.