මුස්ලිම් නායකයන් වඳින්නේ මක්කම දෙසටද? නැතිනම් මැදමූලන දෙසටදැයි -රනිල් අසයි

රනිල් වික්‍රමසිංහ
රනිල් වික්‍රමසිංහ

රටේ ඉන්නා මුස්ලිම් නායකයන් මක්කම දෙස හැරී වඳිනවාද? නැතිනම් මැදමූලන දෙසට හැරී වඳිනවාදැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රශ්න කෙළේය. ඔහු මෙස් ප්‍රශ්න කෙළේ මේ දිනවල උතුරේ සංචාරයක යෙදෙන අතරතුරේදී අද එනම් 2013 අප්‍රේල් 28 වන දින උදේ  මන්නාරම නගරයේ පැවැති එජාප පාක්ෂිකයන්ගේ රැස්වීමක් අමතමිනි.

 

රටේ ඉන්න ආණ්ඩුවේ මුස්ලිම් නායකයෝ මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් බන්දේසියක දාල ජනාධිපතිට බාර දීල තියෙනවා. අපේ රටේ සුළු ජාතීන් දෙකක් තියෙනවා. ඒ දෙමළ සහ මුස්ලිම් වරුනුයි. දෙමළ ජනතාවට ප්‍රශ්නයක් එනකොට පාර්ලිමේන්තුවේදී සම්බන්ධන් නැගිටල කතා කරනවා. මුස්ලිම් ජනතාවට ප්‍රශ්නයක් ඇතිවෙන කොට මං නැගිටල කතා කරනවා. මට උදව් කරන්න එක මුස්ලිම් නායකයෙක් කතා කරන්නෙ නෑ. එතකොටත් මට උදව් කරන්න කතා කරන්නෙ සම්බන්ධන් විතරයි. මේ මුස්ලිම් නායකයෝ කොයි පැත්තට හැරිලද වඳින්නෙ. මක්කම දිහා හැරිලද? නැතිනම් මැද මූලන දිහාට හැරිලද? විපක්ෂ නායකයා ප්‍රශ්න කර ඇත. 

 

 

 

6 Comments to “මුස්ලිම් නායකයන් වඳින්නේ මක්කම දෙසටද? නැතිනම් මැදමූලන දෙසටදැයි -රනිල් අසයි

  1. රනිල් අය්යාට ලකුණු කීයක්‌ දෙමුද?

  2. හලාල් ක්‍රමයට ඇරහිව කතාකරපු රෙනිල් නේ මේ?

Comments are closed.