ලංකාවේ මුස්ලිම් වරුන්ට නායකයෙක් නැද්ද?

රනිල් වික්‍රමසිංහ
රනිල් වික්‍රමසිංහ

මුස්ලිම් වරුන්ගේ ප්‍රශ්න වලට ලංකාවේ මුස්ලිම් දේශපාලකයන් කථා කරන්නේ නැති බවත් නමුත් තමන් තනිවම කථා කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඇත්තටම ලාංකික මුස්ලිම් වරුන්ට නායකත්වයක් නැත්ද? නැතිනම් මුස්ලිම් වරුන්ගේ නායකයා රනිල් වික්‍රමසිංහද? යන ප්‍රශ්නය විමසා බැලිය යුතුය. මෙහිදී පලමුව සොයා බැලිය යුත්තේ මුස්ලිම් වරුන්ට වෙනම නායකත්වයක් අවශ්‍ය ඇයි? යන කරුණයි.

 

රටක ජීවත් වන ජනතාව ලෙස රටේ සිටින ජනවර්ග වලට වෙන වෙනම නායකත්වයන් අවශ්‍ය නැත. නමුත් ඒ ඒ ජනවර්ග වලට රටේ පොදු නායකත්වයෙන් කෙනහිලිකම් සිදුවෙනවා නම් ඒ ඒ ජනතාව තමන්ට අනන්‍ය වු නායකයන් පත්කර ගත්තාට වරදක් නොමැති බව මගේ අදහසයි. රට තුල සංවර්ධනය සෑම පලාතටම සමතුලිතව ගලා යා යුතුය. නීතිය සහ සාමයද සෑම ජනවර්ගයකටම එක හා සමාන විය යුතුය. කිසියම් පුද්ගලයෙකුට තමන් මහජාතියට අයත් නොවන නිසා අසාධාරණ තත්වයක් හට ගන්නේ නම් එහිදී සුළු ජාතිකයන් ලෙස තමන්ට අනන්‍ය වු නායකයන් පත්කරගෙන තම අයිතිවාසිකම් දිනා ගන්නවා හැර අන් මගක් නොමැත. නමුත් ප්‍රශ්නය වන්සේ ලංකාවේ පවතින වත්මන් මුස්ලිම් නායකත්වය සැබෑ ලෙසින්ම මුස්ලිම් වරුන්ගේ ප්‍රශ්න දෙස බලනවාද? යන්නයි.

 

අද අප ඒ ගැන මුස්ලිම් නායකයන්ගෙන් විමසන කල ඔවුන් පවසන්නේ මේ රජය මුස්ලිම් වරුන්ට දැඩිලෙස අසාධාරණ කම් කළද මේ අවස්ථාවේ දේශපාලනිකව රජය සමග සිටිය යුතු බවයි. නමුත් ඔවුන් ඉතාම දීන ලෙස රජය සමග සිටීමෙන් අත්කරගෙන තිබෙන්නේ කුමක්ද? අද මුස්ලිම් නායකයන් මෙන්ම මුස්ලිම් ජනතාවට කෙනහිලිකම් කරන අය සිටින්නේද රජයේ පාර්ශවයේ නොවේද? ඒ අය මුස්ලිම් නායකයන්ට වඩා ආන්ඩු පක්ෂය තුල ප්‍රබලව සිටිනවා නොවේද? මුස්ලිම් නායකයන් රජය සමග සිටිනවා නම් ඔවුන්ට එම ආගම්බේධකාරීන් ආන්ඩු පක්ෂය තුල දුබල කිරීමේ හැකියාවක් තිබිය යුතුය. එසේ නැතිනම් රජය සමග සිටීමේ ප්‍රයෝජනයක් නැති බව මගේ අදහසයි.

 

අද මුස්ලිම් කොංග්‍රසයේ නායකයන් රජය සමග සිටින්නේ දේශපාලනික උපක්‍රමයක් නිසාද? නැත. රවුෆ් හකීම් මහතා රජය සමග සිටින්නේ අතාවුල්ලා සහ හිස්බුල්ලා නිසා බව මගේ අදහසයි. අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක දෙකෙහි හිස්බුල්ලා සහ අතාවුල්ලාගේ බලය මැඩීමට නම් මුස්ලිම් කොංග්‍රසයද රජයට හේත්තු වී සිටිය යුතු බව ඔවුන් සිතනවා විය හැක. මෙහිදී අවශ්‍යව තිබෙන්නේ කෙසේ හෝ බලය රැක ගැනීමද? නැතිනම් ඉදිරියට විත් මුස්ලිම් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වලට සැබෑ ලෙස ඉදිරිපත් වීමද? මුස්ලිම් ජනතාව මුස්ලිම් කොංග්‍රසයෙන් බලාපොරොත්තු වෙන්නේ ඇමති ධූර දැරීමද? නැති නම් මුස්ලිම් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමද? මේ නායකයන්ට මුස්ලිම් ජනතාව වෙනුවෙන් සිය අමාත්‍ය ධූර පිළිකෙව් කිරීමට බැරි ඇයි?

 

මෙහිදී රජයට එරෙහි වීම යනු රනිල් වික්‍රමසිංහ සමග සංධාන ගැසීමද නොවන බව මුස්ලිම් නායකයන් මෙන්ම මුස්ලිම් ජනතාවද වටහා ගත යුතුය. පසුගිය කාලවකවානුව තුල රනිල් වික්‍රමසිංහ මහතාද රඟපෑවේ දෙබිඩි චරිතයකි. ඔහුද නැගී ආ සිංහල බෞද්ධ ජාතිවාදී රැල්ල හමුවේ මුණිවත රකින ලදී. අවශ්‍යම අවස්ථා වලදී ඔහුද මුස්ලිම් වරුන් වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට කලේ කර ඇරීම සහ තම ජාම බේරා ගැනීමයි. එමනිසා තමන් මුස්ලිම් ජනතාවගේ නායකයා බවට රනිල් වික්‍රමසිංහ මහතා පවසන ප්‍රකාශය ඔහුගේ තවත් දේශපාලනික දෙබිඩි කථාවක් පමණි. හලාල් ප්‍රශ්නය තුල ඔහුට අවශ්‍ය වුයේ මුස්ලිම් ජනතාවගේ ආගමික නායකත්නවය වන ජමියතුල් උලමා සංවිධානය තම දේශපාලන අතකොළුවක් කර ගැනීමටයි. එසේ කළ නොහැකි වු කල ඔහු ජමියතුල් උලමා සංවිධානයටද පහර දෙන ලදී. ආන්ඩු බලය ලැබී අන්තවාදීන් මෙලෙස මුස්ලිම් නායකයන් පෙලන කල විපක්ෂ නායකයාද ලංකාවේ මුස්ලිම් ආගමික නායකත්වයට පහර ගැසූ බව අප අමතක කළ යුතු නැත. 

 

 

 

 

 

20 Comments to “ලංකාවේ මුස්ලිම් වරුන්ට නායකයෙක් නැද්ද?

  1. //නීතිය සහ සාමයද සෑම ජනවර්ගයකටම එක හා සමාන විය යුතුය//
    අන්වර් _මනතුංග, නීතිය සෑම ජනවර්ගයකටම එක හා සමාන විය යුතුනම් , එම නිතියට පිටුපා යන්නේ මුස්ලිම් ජාතිකයන් වන ඔබලා විසින්ම නොවේද?
    * විවාහය/දික්කසාදය වීමේදී මුස්ලිම් නීතියක් කියා වෙනම නීතියක් ඔබලාට ඇත.
    * සියලුම රජයේ පාසල්වල නිල ඇදුම එකක් විය යුතුයි, නමුත් මුස්ලිම් පාසල් වලට වෙනම නීතියක්.

    ඔබලා විසින්ම ලංකාව තුල පවතින නිතියට පිටුපා නීතියේ සාධාරණය බලාපොරොත්තුවීම නිවැරදිද ?
    විවිද ආගම්වලට අනුව රටේ නිතිය වෙනස් වියයුතුද ?

    1. මුස්ලිම් වරුන් කිසිදු අන්දමකින් නීතියට පිටුපා නැත. ඔබ කථා කරන්නේ වචන වල අරුත නොදැනයි.

      ලංකාවේ මුස්ලිම් විවාහ නීතිය රටේ නීති පද්ධතියේම කොටසකි. මුස්ලිම් වරුන්ට පමණක් නොව උඩරට අයටද වෙනම විවාහ නීතියක් අපේ නීති පද්ධතිය තුල ඇති බව ඔබ නොදන්නේද?

      සියළුම රජයේ පාසල් වල එක නිල ඇදුමක් විය යුතු බවට ඔබේ නීතියක්ද? ලංකාවේ වලංගු නීතිය නම් මුස්ලිම් දැරියන්ට ඔවුන්ගේ සංස්කෘතියට අනුකූල සහ අනෙක් දැරියන්ට ඔවුන්ගේ සංස්කෘතියට අනුකූල වශයෙනි.

      නීතියේ සමානත්වය යන්න වටහා ගැනීමට ඔබගේ බුද්ධි මට්ටමට නොහැකි වීම ගැන මම කණගාටු වෙමි.

      1. @ Anver Manatunga, කවුරුවත් කරන පලියට අපිත් වැරදි කලයුතුද? උඩරට විවාහ නීතිය, සාමාන්‍ය විවාහ නීතිය යටතේ විවාහ කාර්යය පටිපාටියට සමාන වේ. සුළු වෙනස්කම් ඇත..
        නමුත් මුස්ලිම් විවාහ හා දික්කසාද, සාමාන්‍ය විවාහ නීතියට හාත්පසින්ම වෙනස් වේ…. (විවාහ වීමේ අවම වයස නොදක්වන අතර අවුරුදු 12 ට අඩු ගැහැණු ළමයෙකුට වුවද විවාහ විය හැකිය, බහු භාර්යා සේවනය සඳහා ඉඩ ලබාදී ඇත.) සුළු ජනකොටස් අදහන ආගමට අනුව රටේ නිතිය වෙනස් කලයුතුද? හලාල් පිලිබඳ ප්‍රශ්න අතිඋනෙත් සුළු ජනකොටසක අවශ්‍යතාව නිසා මුළු රටටම හලාල් කවන්න ගියනිසා නොවේද?
        මුස්ලිම් ආගමේ නීති පල්ලිය තුල ක්‍රියාත්මක කළාට අපට කම්නැත, එම නීති සමාජයට මුදාහැරිමේදී ගැටලුකාරී තත්වයන් ඇතිවීම වැළක්විය නොහැකි කාරණයකි…..
        සැම ආගමකටම තමන්ට අවැසි පරිදි නීති හදන්න දුන්නොත් රටේ නීතියට මොකද වෙන්නේ….? මහ ජාතියට ඇගිල්ල දික්කරන්න කලින් සුළු ජනකොටස් තම වැරදි හදාගත්තොත් හොදයි නේද?

        පාසල් ඇදුම වෙනස් කිරීම , හෙදියන්ගේ ඇදුම වෙනස් කිරීම, බුර්කා, …… යොදාගනිමින් ඔබලා විසින් මේ වෙරදරන්නේ ලංකාව මුස්ලිම්කරණය කිරීමට නොවේද? ඔබලා විසින් ගෙනයන යටිකුට්ටු වැඩ ප්‍රසිද්දියේ විවේචනය කිරීම ජාතිවාදීකමද?

        1. මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියත් ලංකාවේ වලංගු නීතිය බව සලකන්න. එමෙන්ම ලංකාවේ කිසිදු විවාහ රෙජිස්ට්‍රාර්වරයෙක් වයස 16 ට අඩු ගැහැණු දරුවන් විවාහ නොකරන බවද දැනගන්න.

          හලාල් පිලිබද ප්‍රශ්නය ඇතිවුනේ හලාල් කවන්න ගිය නිසාද? දැන් කන්නේ මොනවද? හලාල් නෙමෙයිද?

          ආගම සංස්කෘතිය අතර වෙනස් කම් නීතිරීත් පිළිබදව ඔබට නොවැටහෙන්නේ හිසපුරා දෝරේ ගලන අන්තවාදය නිසයි. කරුණාකර ඔබගේ දහම අනුව භාවනාවක්වත් කර ඔය අන්තවාදී අදහස් නැතිකරගන්න බලන්න.

          ලංකාවේ මුස්ලිම් පාසල් දැරියන්ට ආගමානුකූල වස්ත්‍ර ඇදීමට නීතියෙන්ම අවසර ලැබී ඇත. එය මෑතකදී මානව අයිතිවාසිකමක් ලෙසද අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ම පිලිගැනුනි. හෙදියන්ගේ ඇදුම වෙනස් කළාම වෙන්නේ මොකද? ඔයාට ආතල් ගන්න බැරිවෙන නිසාද?

    2. උඹලට පේන්නෙම අපේ ඇහේ නැති රොඩ්ඩ තමයි. තිබුන නං එත් කමක් නැහැ. එතකොට අන්වර් කිව්වා වගේ උඩරට වෙනම නීති වගේම තේසවලාමේ නීතියක් ලංකාවේ වෙනම කට්ටියකට තියෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඔයා o/l සමාජ අධ්‍යයනය ඉගෙනගත්තේම නැද්ද.

      එතකොට මිනි මරලා බොරුවට ඉස්පිරිතාලේ ඉඳල හාස්කමක් කියාගෙන එලියට ඇවිත් ඉන්න කට්ටියට පොලිස් ලොක්කෝ සැලුට් ගහන්නේ ඔහේ ගේ අප්පාගේ නීතියට අනුව වෙන්න ඇති.

  2. UEME – උනුත් එකයි ……

    කවුද දන්නේ ඉතුරු ටික.

  3. Ranil kiyanney lankaway sitina presidda napunsakayek. ohu danney anunta valakapanda saha boru baila gesimatai. ohu thannakarayaku saha kedara karuveki. lankaway sitina sema desapalakayekma thamangey vasiyata desapalanaya keranawa misak. anunta udawkirimata noway. lankaway desapalanaya sadaha Hoda nayakayek therima bohoma apahasui. Lankawata visadumak thiyeda ? Dunnama Kannang kala duvannum.

  4. මාර නායකයා..
    මෙයාගේ බිබික්කම ආරක්ෂා කරගන්න මක්කමට නමදින එක ගැන කතා කරන්න පටන් අරන්.. අනේ ගොයියෝ…පෙන්ෂන් යන්න අදහසක් නැද්ද?

  5. මුස්ලිම්වරුන්ට (දේශපාලන ) නායකත්වයක් නැතත් පාර්ලිමේන්තු නියෝජනයක් සැමවිටම අවශ්‍ය අතර එය ස්වාධීන විය යුතුය.

  6. ප්‍රසංග .ඔයා කියන්නෙ මුස්ලිම් ළමයින්ට කොට ගවුම් අන්දන්න කියලද .අපේ අනන්‍යතාවය ආණ්ඩුකරම විවස්තාවයෙන්ම අනුමත කෙරපුව .ඔයා පසුගිය කාලෙ කඩේ ගියේ ඔය නිල නොලත් පොලීසීයට .දැන් ඒක නීති ගතකෙරලද .ඔයගොල්ලො ඉතිං නීතියට කීකරුවෙන ඇත්තො නේ නීතියක් කියල එකක් දර්මද්දීපේ තියෙනවද ……….

    1. නීතියක් කියල එකක් දර්මද්දීපේ නැත්නම් අයි තවමත් බැන බැන දර්මද්දීපෙම ජිවත් වෙන්නේ? යන්නකෝ නිතියක් තියන ක්ෂේමභුමි (අරාබිය) හොයාගෙන…. එහෙ ගිහාම ඔයගොල්ලන්ට පුළුවන්නේ වැලි කලා, ඔටු මුත්‍ර බීලා සතුටින් ඉන්න…..
      එහෙම බැරිනම් කාටවත් බැන බැන ඉන්න ඕන නෑ, ඔයගොල්ලන්ගේ සර්ව බලදාරී අල්ලා දෙවියන්ට කියන්න ලංකාවේ නිතිය යලි ස්ථාපනය කරල දෙන්න කියලා… එතකොට මෙන්න කියල කරලා දෙයි…..

      1. අනේ prasanga ,ඔයා කිව්වා කියලා අපි කොහොමද අපේ රට දාලා යන්නේ ?ඔයාට අපි අපේ අනන්‍ය තාවය රැකගෙන විය්වස්තාවට අනුකූලව ඉන්නවා බලාගෙන ඉන්න බැරිනම් තමුන් ආයෙත් ඉන්දියාවටම ගියොත් නරකද?sorry එහේ ගියත් දැන් ඔයාලට ගුටි බැටනේ.ඔන්න ඔහේ මෙහේම ඉන්න දත් මිටි කාගෙන හරි .ඔයාලා වගේ ජාතිවදින්ව ආයුදයක් කරගෙන රට යන හැටියට නම් මුළු රටටම කන්න වෙන්නේ පස් .බොන්න වෙන්නේ හරක් මුත්‍රා .එතකොටත් ඔයාලට පිහිටට එන්නේ අරාබි කාරයගේ අධාර තොගය තමා .ඔයාට ඔයාගේ බුද්ධ දර්ශනය ගැන විශ්වාසයක් නැතිවුණාට අපිටනම් අපේ ආගම හොඳටම විශ්වාසය් .ඥානසාරලගේ අද්භූත චෝදනාවන් හා මැරවරකම් හමුවේ අපි ඉවසගෙන හිටියේ ඒනිසය් .බලන්න මෙතරම් කල් වැහිලා තිබුණු ඥානසාරලගේ නිරුවත ,අල්ලාහ් කොච්චර ලස්සනට බෞද්ධයන්ගේ කටින්ම හෙළිකරවනවද ?ඔයාට මේවා තේරෙන්නෙ නැත්තේ ඔයාලගේ සංවේදී ඉන්ද්‍රියන්ට අගුළු වැටිලා නිසා .ලංකාවේ විතරක් නෙමෙය් මුළු ලෝකෙම නිතිය අල්ලාහ් නියමිත වෙලාවට ස්ථාපනය කරාවි .ඒගැන අපිට කිසි සැකයක් නෑ .ඒ නිසය් අපි ඔයාලගේ සිවුරු හමුදාව වගේ ගල් මුගුරු අරගෙන පාරට නොබැස වැදගත් විදියට ඉන්නේ .

  7. An article for you,

    ——————-

    එකමුතුව සඳහා ජනරැලිය

    එකමුතුව සඳහා ජනරැලිය (Rally for Unity) නමින් සාමකාමි විරෝධතා පා ගමනක් පසුගිය 28 වැනි දින පැවැත්වුනි. බෙදුම්වාදය සහ ජාතිවාදයට එරහිව සංවිධානය වුන මෙම පා ගමන කොළඹ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට සිට මහජන පුස්තකාලය දක්වා පැවැත්විණ. ඒ සඳහා ආගමික නායකයින්, දේශපාලන නියෝජිතයින් මෙන්ම ‍සිංහල, ද්‍රවිඩ හා මුස්ලිම් වැසියන් සහභාගි වී සිටියහ. මෙම රැලිය සඳහා කැඳවීම කර තිබුනේ අන්තර්ජාල සමාජ මාධ්‍ය තුලින්ය.
    එම අවස්ථාවේ රූගත දර්ශන කිහිපයක් පහත දැක්වේ.

    http://www.youtube.com/watch?v=pq0Ce6dP8n0

    http://www.youtube.com/watch?v=V9LjNxuWql4

    1. පුද්ගලික කාර්යයක නිරත වීම නිසා ඊයේ දිනයේ මෙය පලකිරීමට නොහැකි වීම ගැන කණගාටුව ප්‍රකාශ කරමි.

  8. @ Prasanga කියන්නේ කඩේ පෙත්තට ගියාම බඩු ලේබෙයි කියලා ද? ගියා ට වෙඩක් නැහැ සල්ලි දීලා බඩු තෝරලා ගන්න ඕනේ. ඕකත් කියලා දෙන්න ඕනේ ද? ඔහොම තමා පටු ආත්මාර්ථ කාමීන්ගෙන් පසුපස ගියාම මොලේ නරක වෙන්නේ/හොල්මන් වෙන්නේ.

    පරමාර්ථය කුමක් ද? ළමයි ඔක්කොම එක වගේ එඳම අද්දියාපනය ලෙබේවී ද? විනය දියුණු වෙයි ද?
    ඔය කොට හිර ගවුම එඳලා එන ගෙහෙනු ළමයින් දෙකලා ගුරුවරුන්ගේ හිතේ සෙලෙවීමක් එතිවීම නවත්වන ක්‍රියාව නම් කුමක් ද?

    ඉස්ලාම් දහම අනුව බුදු දහම ආරක්ෂා කර ගෙනීමට හිම්සාවට (මේර කිරියාවලට) යොමුවෙන්න පුළුවන් නම්, බුදු දහම සහ බෞද්දයින් රෙකගන්න ඉස්ලාමීය එඳුම පිලිපෙධීමේ වෙරෙද්ධ කුමක් ද? මුස්ලිම් ගෙහෙනු ළමයි වගේ බෞද්ද ගැහැණු ළමයිත් එන්දොත් අඩුවෙන්නේ කුමක් ද? නෙත්නම් නෙතිවෙන දෙයක් තියනවා ද?

    ඉස්ලාම් දහමේ තියන නරක දේ (යුද්ධය) පමණක් ද ඔයාලට පෙන්නේ? හොඳ දේ පෙන්නේ නෙත්ද? බුදු දහමට කිසිසේ ප්‍රතිපක්ෂයක් නෙති “හලාල්” ක්‍රමයට විරුද්ධ උනේ ඇයි? බුදු දහම රකින්න ද, නෙත්නම් දහමත් එක්ක රටම පාවා දෙන්න ද? බුදු දහමට සාපේක්ෂිත දෙයකට වීදම් කලොත් පිනක් ලෙබෙන්නේ නෙත්ද? පන්සලට දාන දුන්නොත් පමණ ද පින ලේබෙන්නේ? අනේ ඔයාලගේ මොලේට සිදු දේ කුමක් ද?

  9. ප්‍රසංග මුඛය ඇරියොත් අධෝමුඛයේ ගඳමයි එන්නේ. උරුළෑවෙක්ද කොහෙද!

    1. @ Tony R, ගඳ ගහනවා කියලනේ මුස්ලිම් කට්ටිය ලිංගයේ චර්මය ජේදනය කරන්නේ, මමත් මුස්ලිම් උනානම් ගඳගහන කටයි, අධෝමුඛයයි දෙකම ජේදනය කරල දානවා….
      .

  10. ARAABI KAARAYO NAM OTU MUTHRA BONNE NEA OWNTA ALLAH DEWIYAN WAADIWELAA KANNA SIYALLA LABAADEELA THIYENAWA CHAMILALA OWNGE WALANG HODANAWA CHAMINDALA LANKAWE BALAAGENA INNAWA MUDAL ENAKAN KASIPPU GAHANNE THAMUSELAATE KONDAK THIYENAWANAM PRASANGA ARAABIYATA JANGI HODANNE AI THAMUSELAAGE GAANU YAWANNE THAMUSELAAGE KAYYEN ARAABI MATTUKERANNE BEA ALLAH DEWIYAN SIYALLA THEERANAYA KERA HAMAARAI

  11. ANVER SAHODARAYA .OBAGE BLOG EKE .SINGHALA SHOOT EKA KALIN PALAWUNAA DAN EYA PALAWENNE NEA PULUWANNAM NAWATHA EYA PALAKERANNE EYA APATA GODAK PRAYOJANAWATH.

Comments are closed.