මුස්ලිම් කතුන්ගේ ඇඳුමට රතන හිමිගේ විරෝධය පාඨක ඔබේ විමසුමට

අතුරලියේ රතන හිමි
අතුරලියේ රතන හිමි

ආගමේබේධකාරීන් විසින් පසුගිය කාලයේ මුස්ලිම් වරුන්ට එරෙහිව දියත් කළ අන්තනෝමතික ප්‍රකාශ වල අඩුවක් පසුගිය මාසය තුල දක්නට ලැබුණි. නමුත් ඒ නිහඬතාවය බිඳිමින් ඊයේ දිනයේ ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මංත්‍රී අතුරලියේ රතන හිමි විසින් මුස්ලිම් කාන්තා වස්ත්‍රයට එරෙහිව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. පහත සඳහන් වන්නේ එම නිවේදනය වන අතර ඒ ගැන මා කිසිදු සටහනක් නොකර පාඨක ඔබේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි.

 

නිල ඇදුම් වෙනස්කර රටේ පොදු නීතියට පිටුපා ක්‍රියාකරන මුස්ලිම් කාන්තාවන්ට දඬුවම් කළ යුතු යයි ජාතික හෙළ උරුමයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසති.

 

මෙහි ඇති අනතුර තේරුම් ගෙන වහාම මේ පිළිබදව අවශ්‍ය නීත්‍යානුකූල පියවර ගතයුතු බවත්, සමාජ ඒකාබද්ධතාවයට, ජාතික ඒකාග්‍රතාවයට මෙම ප්‍රවණතාවය හානිකර බැවින් වගකිව යුත්තන්ගේ විශේෂ අවධානය යොමුකල යුතු බවත් උන්වහන්සේ කියා සිටිති.

 

එසේ නොවුවහොත් තමන්ගේ අනන්‍යතාවය කියාපෑමේ මුවාවෙන් එන මෙම සමාජ ඛෙදුම්වාදය සමස්ථ සමාජ දේහයම වෙලාගත් ගැටලූවක් බවට පත්වනු ඇති බවත්, එයට ප්‍රථම ගතයුතු පියවර ගැනීම රජයේ වගකීම බවත් රතන හිමියන් අවධාරණය කර සිටියි.

 

ජාතික හෙළ උරුමයේ සභාපති හිමියන් විසින් ඊයේ දින (2013 අප්‍රේල් 30) නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක එය සඳහන්වේ.

 

එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.

 

”කල්පිටිය රෝහල ඇතුළු පුත්තලම් දිස්ත්‍රික්කයේ රෝහල් ගණනාවක රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සැරසී සිටිය යුතු නිල ඇදුම වෙනුවට වෙනත් ඇදුමකින් සැරසී සිටින බව මාධ්‍ය මගින් වාර්තාකර ඇත.

 

මෙසේ වෙනත් ඇදුමකින් සැරසී සිටින්නේ මෙම රෝහල්වල මුස්ලිම් ජාතික කාන්තාවන්ය. එය ඔවුන්ගේ ජන වර්ගයේ අනන්‍යතාවය නියෝජනය වන ආකාරයට සකස්කරගත් ඇදුමක් බව වාර්තා වේ.

 

මේ තත්වය හේතුකොට ගෙන රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සැරසී සිටිය යුතු නිල ඇදුමට පිටින් වෙනත් ඇදුමකින් සැරසී සිටීම නිසා ගැටුම්කාරී තත්වයක්, නොසන්සුන් තත්වයක් රෝහල් තුළ ඇතිවෙමින් තිඛෙන බවද දැනගන්නට ලැබී ඇත.

 

කල්පිටිය දිසා රෝහල, පුත්තලම මූලික රෝහල, මාම්පූරිය ග්‍රාමීය රෝහල සහ ආලන්කුඩා මධ්‍යම ඛෙහෙත් ශාලාව වැනි රෝහල් තුළ නියමිත නිල ඇදුමට පිටින් වෙනත් ඇදුමකින් සැරසී සිටින බවත්, එම ඇදුම පිටුපස මුස්ලිම් අන්තවාදී කණ්ඩායමකගේ බලපෑම තිඛෙන බවත්, එම රෝහල තුළ සේවකයන් ප්‍රකාශකර සිටී.

 

තත්වය එසේනම් එය ඉතාම භයානක පෙර නිමිති පෙන්වන පිළිකාවකි.

 

රෝහලක කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවිකාවන් සැරසිය යුතු නිල ඇදුම කවර හෝ කණ්ඩායමකගේ බලපෑමට වෙනස් කරන්නේනම් එසේ කරන සේවිකාවන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කර නීතිය ක්‍රියාත්මක කිරීම විෂයභාර අමාත්‍යවරයාගේත්, ඊට වගකිවයුතු නිලධාරීන්ගේත්, බලධාරීන්ගේත් කාර්යයකි.

 

මෙය පැහැදිලිවම ආයතනික චක්‍රලේඛන සහ ආයතනික නීතිරීති උල්ලංඝණය කිරීමක් මෙන්ම රටේ නීති රීති අභියෝගයට ලක් කිරීමකි.

 

මේ සම්බන්ධයෙන් අදාල ස්ථානභාර වෛද්‍යවරුන් නිසි බලධාරීන් දැනුවත් කළමුත් තවමත් අවශ්‍ය පියවර නොගත්තේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම්වලට ඇති බිය නිසාද? එසේ නැතිනම් මෙම ප්‍රදේශයේ ඇති මුස්ලිම් දේශපාලන අධිකාරියට ඇති බිය නිසාද? මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් දැඩි ලෙස සිදුවන මෙම ප්‍රදේශය තුළ ඉතා අවසනාවන්ත සිදු වීම් ගණනාවක් පසුගිය කාලය තුලද වාර්තා විය.

 

අමු අමුවේ සිංහල පොලිස් නිලධාරියෙක් මහදවල් කපා කොටා මරා දැමුවේද පුත්තලම් නගර මධ්‍යයේය. එමෙන්ම මත් කුඩු, මත් පෙති, හොර බඩු, ජවාරම් සිදුවන තිප්පොලක් ලෙසද මෙම ප්‍රදේශය ප්‍රසිද්ධය.

 

පසුගිය කාලය පුරා අප අනතුරු ඇගවූයේ රට තුළ මුස්ලිම් අන්තවාදයක් හොල්මන් කරන බවය. මෙම නිල ඇදුම් මාරු කිරීමේ ක්‍රියාවෙන් එම සැකය තවත් තවත් තහවුරු කර ඇත.

 

රජයේ පාසැල්වල නිල ඇදුමට පිටින් මුස්ලිම් අනන්‍යතාවයක් සහිත ඇදුම් ඇදීමට මුස්ලිම් දරුවන් යොමු කරමින් ඉන් පසුව එයට චක්‍රලේඛන සාදන ආකාරයට රෝහල් කාර්ය මණ්ඩලයේ නිල ඇදුමට පිටින් මුස්ලිම් ඇදුම ආදේශ කිරීමට පටන්ගැනීම තුළින් පෙන්නුම් කරන්නේ පැහැදිලි ලෙසම සමාජ ඛෙදුම්වාදයකට මුස්ලිම් සමාජයේ අන්‍යතාවය මුවාවෙන් යොමුවෙමින් ඇති බවයි.”

 

 

සංස්කාරක සටහන:

ඉහත ලිපියට ඔබ එවන ප්‍රතිචාර සම්පින්ඩනය කර මගේ අදහසද සමගින් වෙනම ලිපියකින් මා මේ පිළිබඳව විමසුමක් කිරීමට අදහස් කරමි. 

 

 

 

 

 

40 Comments to “මුස්ලිම් කතුන්ගේ ඇඳුමට රතන හිමිගේ විරෝධය පාඨක ඔබේ විමසුමට

  1. assalamu alaikum.
    (1)theng athine enthum singhale enthum the?

    (2)pirimi sevekain kakul sampoornayan wahana vidihe anthinewa ei gehenu ayate thanihen palleha pennanna kiyanne?

    meka kaamayan balana pirimin kerapu aparadheyak.meka kawadhathe niwarathi keranne?

  2. Keep the same UNIFORM colors/patterns but make the design to suit the Muslim women [to cover theirs certain body parts as Instructed by the religion] problem solved, If the Muslim women workers wearing totally different colors then it is a issue as a staff and acceptable, but “Honorable Buddhist Monk/Priest” our women WILL NOT be wearing what you want [With revealing body parts] Sorry about that, Husband/Fathers/Bothers/Relatives of those Muslim women should take necessary steps to correct them help them with the dress or finding a new job etc.

  3. mechchara aparada wenawa me rate lama apachara,ganika madam,kudu ganja,mankolla.mewa okkoma karanne muslim kanthawada,as dekai kan dekai nathiwada himiyane oba katha karanne,me okkoma aparada muslim kantha aduma nisada.muslim kanthamage adumata atha diga harinna kalin,oba wahansege baudda kanthawata sila charawa adinna kiyala denna,nikan boruwata me adumata anthawadaya ga ganna epa,me aduma ape araksawata adina adumak misa anthawadaya pathuranna adinna.rate ona tharam aparada wenawa puluwannam ewata visadum hoyanna,muslim kanthawage adumata atha thiyanna enna epa.

  4. මේ ගොල්ලන්ට ඉතින් අතක් පයක් හොලවන්නේ නැතුව කකා ඉඳලා තෙලේ වැඩිවෙලා .ඥානසාරගේ කට වැහෙන කොට මෙයා කට අරින්නේ ගඟේ ගිලෙන මිනිහට පිදුරු ගහත් වටින නිසා .අනේද කියන්නේ මුස්ලිම් කාන්තාවගේ සංවර ඇඳුම ගලවනවා වෙනුවට දහම් පාසලේ අසංවර නිල ඇඳුම මාරුකලොත් නරකද ? බුරිය පෙන්නගෙන අඳින ඔය ඇඳුම නිසා තෙලේ වැඩිවෙච්ච චීවර දාරින්ගේ ගොදුරු බවට පත්වුණු ළමය් කොතරම් ඉන්නවද ?ළමය්ව බයක් හැකක් නැතුව මේ කාලේ දහම් පාසලටවත් යවන්න පුලුවන්ද ?මේවගේ උන් චීවරය පොරවගත්තේ දහම් පිපාසයෙන් නෙමෙය්නේ .

  5. අපි ඇදුම් අදින්නේ විලි වසාගැනීමට, තමන්ගේ සමාජ තත්වය පෙන්වීමට, විලාසිතාවක් ලෙස කැපී පෙනීම වැනි කරනා සඳහායි.
    නමුත් මුස්ලිම් කාන්තාව ඇදුම්(බුර්කා) අදින්නේ මුස්ලිම් පිරිමින්ගේ කාම ආශාව මැඩ පැවැත්වීමටයි.

    1. @ Prasanga, mama nodannakamatai ahanney chicharaya daganney Napunsaka ayada? ohunta Kamulika arshavan nedda? ohun karanney Pansalata ena gehenungen saha Podi hamuduruvangen ema arshava esxta karagenima Noway da?

  6. Hamuduruwanta muslim kanthawange heluwa balanna asa hithila wage. Issella thamunge Pansal walata ena sinhala ganunta sanwarawa andagena enna kiyannai tiyenne.

  7. Why Bikkus are against to Muslim women clothings? Is it because of Muslim women dress can hide weapons & drugs within it? If so Monks dress also threat to the society. Monks also can hide weapons & drugs inside their sivura. In that case Government must ban the monk dress & they should dress with trouser & shirt.

  8. Why this Racist are speaking about the Muslims and their law, culture, Food and religious rights. Why they can’t stop the criminal activities which are increasing day by day in the country. Raping the innocent children, liquor bars every corner, prostitutes, Murders, and many. Srilanka became a one of the corruption and sin country in the world. Small children are frightened to go in the street. Daughter is killing the father and the mother because of her dirty brain and mind. Murders are not afraid to kill anyone any time because they can come out with their money from the court even without proper judgment.

  9. onna apey hamuduruvo illan kandai hadanney, sexy keli pansaley dekala vahagena yana gehenungey veradimai penney. apey hamudurovova patthakata ekka gihilla Mola nethikaranum okkoma hiriyai

  10. නීතියට පටහැනි බවය් ප්‍රකාශ කරලා තියෙන්නේ

    1. මුස්ලිම් කාන්තාවගේ ඇඳුම ඇගේ ආගමට අනුකූල විය යුතුය් .ඇය තමන්ගේ ආගමට අනුව නිල ඇඳුම ඇඳීම නීතියට පටහැනි ලෙස ඔය චීවරදාරියා දකිනවනම් ඔහු රජයට බල කළ යුත්තේ මුස්ලිම් කාන්තාවටත් ඇඳිය හැකි ලෙස නිල ඇඳුම් වෙනස් කළ යුතුය් කියාය .ඒකය් නියම බෞද්ධ චින්තනය පිළිපදින නියම බුද්ධ පුත්‍රයෙකුගේ ක්‍රියා කලාපය විය යුත්තේ .ලෞකික ආශාවන්ට වහල් වුණු මෙවන්නන්ගෙන් එවැනි දෙයක් බලාපොරොත්තු වීමත් විහිළුවක් තමය්. වෛරය වැපිරීමෙන් තමා මෙයාලගේ බඩ කට රැකෙන්නේ .ඕකට ඕනෑම පහත් වැඩක් කරන්න මෙයාලා සුදානම්.

    2. Nuwan@ “නීතියට පටහැනි බවයි ප්‍රකාශ කරල තියෙන්නේ”
      ඈ…නුවන් සහෝදරයෝ එහෙම එකක් තියෙනවද අපෙ රටේ.

  11. I think He like this kind of ruls.

    කෝටි 390 ක් වංචා කළ ආදායම් බදු කොමසාරිස් වරද පිළිගනියි

    April 30, 2013 02:00 pm

    රුපියල් කෝටි 390 ක වැට් බදු වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සහකාර ආදායම් බදු කොමසාරිස්වරයෙකු කොළඹ මහාධිකරණය හමුවේ අද (30) වරද පිළිගෙන තිබේ.

    ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ඔහුට මාස 14 සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ 5 ක දඩයක් ගෙවන ලෙස ඔහුට නියම කොට තිබේ.

    දඩය නොගෙවන්නේ නම් තවත් වසර දෙකක සිර දඬුවමක් විනිසුරුවරිය විසින් අදාළ පුද්ගලයාට නියම කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

    එමෙන්ම මෙම වැට් බදු වංචා කිරීමේ සිද්ධියට අදාළ තවත් විත්තිකරුවෙකුට වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් මිලියන 60 ක දඩ මුදලක් මහාධිකරණ විනිසුරුවරිය විසින් නියම කර තිබේ.

  12. Mr rathana thero
    You have a look at Bodubala theros wearing T shirts?is this allowed only America?and having chicken deval chicken soup? Why? because America is not a Buddhist country? .Pls don’t be jealous be a rall model and spread Buddhism.

  13. මට අහන්න තියෙන්නේ මෙච්චරයි.අවරුදු 20 කටත් කලින් ඉඳල මෙහෙම තමයි ඇඳගෙන හිටියේ. මොකද මේ එක පාරටම අපේ ගැනුන්ගේ ඇඳුම මුන්ට ගලවන්න හිතුනේ. ලජ්ජා නැද්ද බන් ගැනුන්ගේ ඇඳුම ගලවන්න හදන්නේ. ඇයි මුස්ලිම් අයගේ අබායා එකට විතරද බය. එතකොට ක්‍රිස්තියානි සොහොයුරියන්ගේ ලෝගුව ප්‍රශ්නයක් නැද්ද. ඒ අයත් ලෝගුව දාගෙන හිස වහගෙන නේ පාරේ යන්නේ. ඇයි ඒ ගැන කතා කරන්නේ නැත්තේ? එහෙම කරොත් නොර්වේ වලින් කුට්ටිය හම්බුවෙන්නේ නැති හින්ද ද?

  14. සිහල උරුමය කියන්නේ මුස්ලිම් වෙරදී හෙදීම ද? වහන්සේට පක්ෂයේ ප්රෙතිපත්තිත් අමතක වෙලා වගේ. හොර ගෙනී තියාගන්න අයට ලංකව සිටියාම තවටික කලකින් දහමත් අමතක වෙයි.

  15. ඇත්තටම මේ චිවරදාරීන්ට නම් තිබෙන්නේ පුදුමාකාර ලේ පිපාසයක් .ලංකාවත් බුරුමයක් කරන්නය් අර අදින්නේ .මුස්ලිම් කාන්තාව තම ආගමට අනුකුලව නිල ඇඳුම ඇඳගෙන යාම අන්තවාදී බලපෑමක්ද ?ඇත්තටම මෙයාලා රතුකට්ට පනිනකම් සප්පායම් වෙලා දැන් සිහිවිකල් වෙලා .බ්‍රාහ්මණ ජිවිතයක් ගත කරන්න නේ චීවරය පොරවගත්තේ ?එහෙනම් ඇය් ලෞකික ආශාවන්ට වහල්වී පාර්ලිමේන්තුවට රිංගගත්තේ ?හොඳය් හාමුදුරුවනේ වඩින්න වඩින්න ඔබතුමාගේත් පැටික්කිරිය ඉන්ෂා අල්ලාහ් ලිහාගන්න පුලුවන්වෙය් .

  16. prsanga sahodaraya samawenna mehema ahanawata,oya kiuwa neda muslim kanthawa abaya danne muslim piriminge kama asawa walakwanna kiyala.ethakota ganu dakkama kama asawa enne muslim piriminta vitharada,ethakota sinhala pirimi okkoma ponnayoda

  17. hamuduruwo kiyana vidiha anthawadayak ho trasthawadayak muslim samajaya thula thiyenawanam,mechchara muslim ayata asadaranayak wenakam balan idida,ehema trasthasanvidanayak me rata thula thibunanam me welawata oba thumanla paralowa idi

  18. dan munta haram kaala choon.okkoma mole kulappuweema thami hethuwa. rate monatharam prashna thiyenawada meka thanikara wal kamak

  19. මුස්ලිම් කාන්තාව තමන්ගේ දහමට අනුව ජීවත්වීම අන්තවාදයද ? කොහෙවත් යන ගෑනුන්ගේ ඇදුම් ගලවන්න උත්සහ දැරීම අන්තවාදයද ? නිරුවත ඕනෑවටත් වඩා පෙන්නලා මේ රටේ සිද්ද වෙන දේවල් මදි නිසා වෙන්නැති ඔව්න්ට මෙතරම් කම්පනයක් කැක්කුමක් තියෙන්නේ මුස්ලිම් කාන්තාවගේ ඇදුම ගැන. හරිදේ කව්රු කරත් හරි විදිහට දකින්න හිතේ මාන්න්නයක් මමත්වයක්නැති වෙන්න ඕනා. සිව්රක් අදගෙනත් ලෝකෝත්තර සැප හොයාගෙන යන අයගේ කටින් ඔවැනි දේවල් පිට නොවුනොත් තමයි පුදුමේ

  20. muslim minissu dan hungak agamata ladhiy.me halal problom eken passe pudhuma vidihata islamikayan ekathu wuna.miyanmar siddiyak lankawe awath apita witarak balapan naha.mehema jathiwadiwa awussala mullaka gihin bawana kara kara hitiyh parippuwa kanna wenne okkotama thama.ekek kiyanawa muslim anthawadin rata thula hilman karanawalu.a mee haraka mona holmna gana kiyanawada danne naha.mehama kiyala minssunwa awuussala nati holman genna ganna hadhanna epa apey hamudhuruwane.bayai nam pirith noolak bandaganna.me rate ahinsaka minissu wagema mamada kamthi naha lankawe purama car bomba puppuranawata.anthwadi bodhu bala senawatai man me kiyanne meka apeth rata.apey rata apey ayiteen wenwen satan kirimata awashya wunoth eka hela api bahinawa allah ge namayen.mokada api marunath dinum.api marenawata theyrumak tiyenawa.paw ethokota o

  21. නිල ඇඳුම යනු නිල ඇඳුමයි. යම් රැකියාවකට බැඳුනු පසු ඊට අදාළ නිල ඇඳුමක් තිබේනම් එය පැළඳිය යුතුයි. ඒ සඳහා තමන්ගේ ආගම හෝ ජාතිය අදාළ නොකරගතයුතුයි. තමන්ගේ අභිමතය පරිදි නිල ඇඳුම් වෙනස් කිරීමට අවසරයක් නැත.

    මේය සෑම ජාතියක් සඳහාමත් සෑම ආගමක් සඳහාමත් අදාළ විය යුතුය.

    ඒත් සේවයෙන් මිදුනු පසු ඕනෑම ඇඳුමක් (අසංවර නොවන) ඇඳීමේ බාධාවක් නොතිබිය යුතුය.

    1. ආගමක එහෙම දෙයක් නැති අයට මෙහෙම හිතෙන්න පුළුවන්. නමුත් ආගමක ඇදුම් අදින හැටිත් උගන්නලා තියෙන අයට එහෙම හිතෙන්නේ නැහැ.

  22. එහෙනං රෝහල්වල ඉන්න සේවිකාවන් (nurse, mid wife etc..) දණහිසෙනුත් උඩට, ඇඟට තදින් ඇලී තියෙන විදිහට අඳින ගව්මටත් , එ ගොල්ලන්ගේ රාජකාරියටත් හෝ ඒ ගව්මටත් සිංහල සංස්කෘතියටත් තියෙන සම්බන්දය මොකද කියයලය් මට දැනගන්න අවශ්‍ය..
    ඒ විතරද?? office යනකොට හෝ interveiws යනකෝට අඳින ඒ කොට සායටත් , නැත්නම් පුළුවන් තරම් හීනියට අඳින සාරි පොටටත් කරන වැඩේටත් තියෙන සම්බන්දය මොකක ද?? බෞද්ධ සංස්කෘතියය් , සිංහල කමය් වල පල්ලට ගියත් කමක් නැහැ.. රටේ ඉන්න හැම ගෑනු කෙනෙක්ම ඇරගෙන යනවනම් ඒ ඇති.. නේද හාමුදුරුවනේ??

  23. saari,osari andahama bada penawa, kalisam t shirt andama adagena hitiyath atule tika penawa, eka balagandada me himila dagalanne

  24. APE SAHODARIYO ANGAWAHAGENA INNA SATAN KERANAWA AAGAMIKA PUJAKAWARU KIYAAGATH KOTASAK ANGA PENNAPIYAW KIYAA MORADENAWA ANNE ETHANAI WENASA .APE HIMIWARUNTE PUDUMA AMAARUWAK HADILANE .SAMAAJAYATHULA OYA HIMINAMA KIYANA JAATHIYE KATHIKAAWAK NEA .UNNAANSELAATE WENA WADAK NEA .PRASIDDAWENNA MONAWAHARI KIYAWANAWA.

  25. //උඩුදුම්බර නිවෙසක්‌ අසල
    දැඩි ලෙස පිලිස්‌සුණු දැරියකගේ මළ සිරුරක්‌

    දැරියගේ මරණය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසිය දැරියගේ මවු පියන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යන බවත් මෙතෙක්‌ මරණය සම්බන්ධ සැක කටයුතු කිසිවකු අත්අඩංගුවට ගැනීමට සමත් නොවුණු බවත් ආරංචිමාර්ග පැවසීය.//

    //දිවි නසා ගන්න තැත්කර අසාධ්‍යව රෝහලේ
    සිටියදී රැගෙන ගොස්‌ පෙම්වතියට අතවර
    කළ පෙම්වතාට ඇප
    14 හැවිරිදි සිසුවියක දිවි නසා ගැනීමට අධික වශයෙන් ඖෂධ පානය කොට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඇයව දෙමාපියන්ට හොරා කැඳවාගෙන ගොස්‌ දූෂණය කිරීම ගැන චෝදනා ලබා……..//

    //පෙම්වතිය ඝාතනය කළ හමුදා පෙම්වතා රිමාන්ඩ්

    පෙම් සබඳතාව බිඳවැටීමට පළිගැනීමක ප්‍රතිඵලයක්‌ ලෙස පෙරේදා (29 දා) උදෑසන බම්මන්න කූඩලුපොත්ත ප්‍රදේශයේදී තම පෙම්වතිය වූ 25 හැවිරිදි රසිකා චතුරානි නමැති උපාධිධාරිනියගේ ගෙල කපා ඝාතනය කළ..//

    //පාසල් නොගොස්‌ පෙම්වතා සමග ශ්‍රී පාදයේ ගිහින්
    අවුරුදු 13 ක දැරියක්‌ පාසල් ගොස්‌ ආපසු නිවසට නොපැමිණීම සම්බන්ධව සොයා බැලීමේදී ඇය පෙම්වතා සමග ශ්‍රී පාදය වන්දනාවේ ගොස්‌ ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.//

    //පාසල් සිසුන් උපකාරක පන්ති හරහා තානායම්වල ලිංගික අඩන්තේට්‌ටම්වලට ලක්‌වෙලා
    සෙනසුරාදා, ඉරිදා දිනවල නගරයේ ලැගුම්හල්වල කාමරයක්‌ ගන්න බැරි තත්ත්වයට පත්වෙලා. පාසල් යුනිෙµdaම් එක්‌ක ළමුන් ලැගුම්හල්වලට යනවා.//
    //5 හැවිරිදි දැරියට අපචාරයක්‌ කළැයි 13 හැවිරිදි ශිෂ්‍යයෙක්‌ අත්අඩංගුවට
    දැරියට සැකකාර ශිෂ්‍යයා දින තුනක්‌ තිස්‌සේ ලිංගික අතවර කර ඇතැයි ද ඇයට අසනීප බව හඟවමින් හඬන විට මෙම කරුණු අනාවරණය වී ඇතැයි ද තෙබුවන පොලිසිය පවසයි//

    අනේ රතනේ උන්නැහේ මේවා අද දීවයින පත්තරේ තිබුණු සිරස්තල ටිකක්, තවත් ඇති, තව අනෙක් පත්තරවලහා විද්යුත් මාධ්‍යවලත් ඇති, මාධ්‍යවල සඳහන් නොවූ සිද්දීන්ද ඇති. මේවා සිද්දවෙන්නේ ඔහෙලගෙ හෙළ කරුමක්කාරයෝ ටිකදෙනකුත් එක්ක එකතුවෙලා අටවාගත්තු ආණ්ඩුවක් තියෙන ආසියාවේ ආශ්චර්ය කියන රටේ. ඉතින් මේවා බලනකොට අහනකොට ලජ්ජා නැද්ද ?හොඳ නැද්ද ඔහෙලා එකතුවෙලා ජාතිය ආගම හදාගත්තොත්. මේවගේ දේවල්වලින් බේරගත්තොත්.

    ඒවා පැත්තකට දාල තම්බිකඩේ ජංගි ඇන්දොත් ජාතිය වඳ වෙනවා, තම්බි ගෑණු ඇඟ වහල ඇඳුම් ඇන්දොත් සිංහලයන් වඳ වෙනවා කියකියා තව ටික දවසක් රටවටේ අවිද්දනම් සිංහලයන්ම කියන්න පටන්ගනීවී තට්ටේ ඇතුලේ හිස් කියල.

    තම්බි ගෑණුන්ගේ රෙද්ද බලන එකයි කෙල හලන එකයිද ඔහෙලා ඔහෙලගෙ අනුගාමිකයින්ට උගන්වන්නේ. අනේ අපොයි ජාතිය ගොඩ දැම්ම වගේ තමයි ඉතින්.
    සමහරු නම් කියනව මොලේ තියෙන්නේ වාඩිවෙන තැන කියල, බලනකොට එතෙනත් නෑ වගේ!

  26. Thama janda daayakayinwa Kulmath Karanna Karapu Prakaashayak eaka. Ehemath Yam Prakashayak Nokara Sitiyoth Anagathedi Putuwa Ahimi wei. Thanathura Gilihi yay. Balaaporotthu Wechcha Tharamata Prathi Chaarayak Nolabeemath , Magathota Yaddi Thamun Dihaa Samchjalayen Balana Gihiyange Drushtin Beari Yaahekiyey Sitha Kalalaawu Moada Amana Prakaashayak Misa Wenath Kumakda ??

  27. // මෙසේ වෙනත් ඇදුමකින් සැරසී සිටින්නේ මෙම රෝහල්වල මුස්ලිම් ජාතික කාන්තාවන්ය. එය ඔවුන්ගේ ජන වර්ගයේ අනන්‍යතාවය නියෝජනය වන ආකාරයට සකස්කරගත් ඇදුමක් බව වාර්තා වේ.
    මේ තත්වය හේතුකොට ගෙන රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සැරසී සිටිය යුතු නිල ඇදුමට පිටින් වෙනත් ඇදුමකින් සැරසී සිටීම නිසා ගැටුම්කාරී තත්වයක්, නොසන්සුන් තත්වයක් රෝහල් තුළ ඇතිවෙමින් තිඛෙන බවද දැනගන්නට ලැබී ඇත.//

    නූතනයේ ඕනෑම පාහේ රටක පුරවැසියන්ගේ ආගමික අවශ්‍යතාවලට අනුව නිල ඇඳුම් සකස් කර ගැනීමට නීතියෙන් ඉඩ ඇත. මෑතකදී අධිකරණයෙන් මුස්ලිම් සිසුවියන්ගේ වස්ත්‍රය සම්බන්ධයෙන් අවසරය ඇතිබව ප්‍රකාශ වුයේ ඒ අනුවය. ඇඳුමක් නිසා නොසන්සුන් තත්වයක් ඇතිකරගන්නේ ගෝත්‍රික මානසිකත්වය ඇති පිරිස් ය. තවද වෙනස් කර ගත් ඇඳුම කුමක්දැයි මේ ප්‍රකාශනයේ සඳහන් වී නැත. එය බොහෝ විට සාමාන්‍ය හෙදි ගවුමට යටින් දිගු කලිසමක් පැලදීම විය හැක. එය විශාල ප්‍රශ්නයක් නම් අධිකරණයට ගොස් දියුණු මිනිසුන් සේ විසඳුමක් ලබා ගත යුතුය. නමුත් රතන සාදුට අවශ්‍ය වී ඇත්තේ නීතිමය පියවර මගහැර ගෑනු රෙද්ද ප්‍රශ්නයක් කර ගෙන ජාතිවාදී ලකුණු දමා ගැනීම බව පෙනේ.

    //කල්පිටිය දිසා රෝහල, පුත්තලම මූලික රෝහල, මාම්පූරිය ග්‍රාමීය රෝහල සහ ආලන්කුඩා මධ්‍යම ඛෙහෙත් ශාලාව වැනි රෝහල් තුළ නියමිත නිල ඇදුමට පිටින් වෙනත් ඇදුමකින් සැරසී සිටින බවත්, එම ඇදුම පිටුපස මුස්ලිම් අන්තවාදී කණ්ඩායමකගේ බලපෑම තිඛෙන බවත්, එම රෝහල තුළ සේවකයන් ප්‍රකාශකර සිටී.//

    මුස්ලිම් අන්තවාදී කණ්ඩායමකගේ බලපෑමක් නිසා ඇඳුම මාරු වී ඇත්නම් එම කණ්ඩායම කවුදැයි පැහැදිලිව ප්‍රකාශ කල යුතුය. එසේම ඔවුන් නීතියේ රැහැනට හසු කර දිය යුතුය. එසේ පැහැදිලිව කණ්ඩායම නම් නොකරන්නේ නැති ප්‍රශ්නයක් මවා ජාතිවාදය ඇවිලීමට බව පෙනේ.

    සැබවින්ම රෙද්ද ප්‍රශ්නයක් කර ගෙන ඇත්තේ හීනමානය පදනම් කර ගත ජාතිවාදය නිසයි. එම හීනමානය හේතුවෙන් සිය ජාතියට වෙනස් ඕනෑම සංකේතයක් (මෙම අවස්තාවේදී එය රෙද්ද විය) පෙනෙන්නේ අනතුරක් ලෙසයි. එම අනතුරට එරෙහිව නීතිමය පියවර නොගෙන ජාතිවාදය ඇවිලීම මේ සාදුගේ ගෝත්‍රික මානසිකත්වය පෙන්වයි.

  28. මෙය දේශපාලඥයෙකුගේ ප්‍රකාශයක් නිසා මාද්‍ය මගින් වාර්තා කර ඇත. මෙම ප්‍රකාශයේ බැරැරුම් කම විද්‍යුත් හා අනෙක් මාද්‍ය වලින් සංවාදයට ලක්කළ යුතුය. මෙවැනි ප්‍රකාශ මගින් සාමාන්‍ය සිංහල ජනතාවගේ සිතුවිල්ලි වෛරයක් බවට පත්කරයි. හේතුව මෙවැන්නන් සිංහල සමාජය තුල අපේ හාමුදුරුවෝ ලෙස පිලිගැනීම හා මෙවැනි ක්‍රියාවන්ට මහානායක හිමිවරු නිශ්ශබ්ව සිටීමයි.

    මෙවැනි ක්‍රියා රට තුල සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ආයතන හා සංවිධාන වලින් නිසි දීර්ගකාලීන වැඩසටහනක් සකස් කලයුතුය. අනෙක අන්තර්ජාතික සංවිධාන අධාර සැපයීමට ප්‍රථම නිසි ක්‍රියාකාරීන් හා වගකිවයුතු නිලධාරීන් පත්කර ව්‍යාපෘතියක් ආරම්බ කළයුතුව ඇත. එයට හේතුව සාමයට ස්ථාපනය කිරීමට කියා රට තුල ජාතිවාදය ස්ථාපනය කරන ආයතන පිහිටුවා ගැනීමයි.

    තවද උපාසකයෙකු පැවිදිවෙන්නේ ලව්කික ජීවිතයෙන් මිදී අධ්‍යාත්මික ජීවිතයට(දුකෙන් මිදීමට) ලගංවීමටය. නමුත් වර්තමානයේ ඇතැම් හිමිවරු ඔවුන් ලව්කික ජීවිතයෙන් නැඹුරු වනවා සේම උපාසකවරුන්ද දුකෙහි ගිලීමට හේතුවනවා.

  29. මෙයාලා අපේ සෝභිත හාමුදුරුවන්ටත් (වෙද හාමුදුරුවෝ) වඩා දියුණුයි නේ. ඒ මනුස්සයා සිවුරට මුවාවී කරන කුපාඩිකම උනත් කරේ හොරෙන්. එහෙත් මේ අතුරලියේ සහ ඥානසාර group එකේ අය ඇස් ආතල් ගන්න ඕනේ කියලා මාධ්‍යවල ප්‍රසිද්ධියේම කියනවනේ.

    “කොට සාය දුටුවාම… ඉන්න බෑ මේ අයට …..”

  30. ලංකාවේ මුස්ලිම් වරුන්ට නායකයෙක් නැද්ද?” යන මාතෘකාව යටතේ මම දාපු ඇතැම් Comments මෙමෙ වෙබ් අඩවියේ පළකරල නෑ… මිට ඉහතදී මගේ Comments වල කිසි සංවරයක් නෑ කියලා වෙබ් අඩවියේ පළකලේ නැ… දැන් සංවරයකින් Comments දැම්මත් පළකරන්නේ නැ….
    * සමහරවිට මිත්‍යාදෘෂ්ටික ඉස්ලාම් ආගමේ වැරදි පෙන්වනකොට ඇතිවන ලැජ්ජාව හින්දද දන්නේ නෑ…….. නැත්නම් අන්වර් _මනතුංගට පාළු ගෙදර වලං බිදීමේ ආශාවක් තියනවද දන්නෙත් නෑ…
    කොහොම උනත් මින් ඉදිරිය මගේ Comments දාන්නේ නැතිනම්….. මෙමෙ වෙබ් අඩවියට පිවිසීමෙන් හා Comments දැමීමෙන් වැලකි සිටිනවා…
    ***අන්වර් _මනතුංග ඇතුළු අන්තවාදී මුස්ලිම් කණ්ඩායම්, සිංහලයන්ට විරුද්දව පාළු ගෙදර වලං බිදිත්වා***

    1. මෙම අඩවිය තුල ඉස්ලාමයට සහ අල්ලාහ්ට අපහාස වන අන්දමේ ප්‍රතිචාර වාරණයට ලක් කිරීමට මට අයිතියක් ඇති බව සලකන්න. එමෙන්ම ඔබ ඇතුලු ජාතිවාදීන් සිංහල ජනතාව නියෝජනය කරන්නන් බවක් අපි පිළිනොගන්නා බවද දන්වමු. ඔබට සිංහල ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නට ශුද්ධ අයිතියක් නැත.

  31. mehe itin serama ballone inne eka thama.. unga wanrgayata apiwath ganna hadanne.. oya harak kiyana jathiya kawadath hadanna beri kattiyak ne.. itin munta dewiyangenma danduwam hambawei.. windinakota therei..

  32. ගොඩාක් වෙලාවට සාදුලා කැමතියි ලාබාල කෙල්ලෝ කොටට හිරට ඇඟ පෙන්න ඇඳගෙන යනවට. මුස්ලිම් යුවතියන් එසේ නොව මුලු සිරුරම ආවරණය වන විදිහට ඇඳුම් පැළඳුම් කරන නිසා සාදුලා ඒකට තරහයි.සාදුලාට ඕනේ බලලා සතුටු වෙන්න පුලුවන් වෙන විදිහට යුවතියන් ඇඳගෙන යනවා දකින්නයි.සාදුලා රහත් වෙලා නැති එකේ ඔවුන්ද සෙසු පිරිමි අය මෙන් එමඟින් තෘප්තියක් ලබා ගැනීමට මෙසේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීම පිළිබඳව බහුතර සිංහල බෞද්ධ මහජනතාව කුමක් පවසන්නේදැයි විමසීම වටියි.

Comments are closed.