දේශප්‍රේමය සහ මුස්ලිම් ප්‍රේමය!

දලයි ලාමා තුමා
දලයි ලාමා තුමා

මේ දිනවල ලංකාවේ මාධ්‍ය නිහඬතාවයක් පල කෙරේ. පොඩ්ඩක් හෝ සද්දයක් දමන්නේ ඥානසාර සහ විමල් වීරවංශයි. ඥානසාර කෙසේ හෝ නොර්වේ සල්ලි වලට වැදුණු මඩ සෝදා ගන්නට උත්සාහ දරන අතර විමල් වීරවංශ දේශප්‍රේමයට මුස්ලිම් ප්‍රේමයද එක්කර දේශපාලනික වාසියක් ගැනීමට තැත් දරයි. නමුත් විමල් වීරවංශ මහතාට අමතක වී ඇති දෙය නම් ලංකාවේ මුස්ලිම් විරෝධයක් ඇති කිරීමට මුල‍්වුයේ ඔහුගේම චක්ගෝලයන් විසින් පවත්වාගෙන යන සීනිවුස් වෙබ්අඩවිය බවයි.

 

එමනිසා ඥානසාර සතුරෙකුසේ සලකනවා සේම ඔහුට අභියෝග කරන විමල් වීරවංශ මිතුරෙකු නොවන බවද අපි වටහා ගත යුතුය. සමාජවාදය කරපින්නාගෙන ජවිපෙ දේශපාලනය කළ විමල් වීරවංශ අද උග්‍ර ධනවාදියෙකි. ඔහුට පසුගිය ඡන්දයේදී මුල්‍ය උපකාර කළේ ධනකුවේරයන් විසිනි. දේශපාලනයේදී සිය ආත්මයම පාවාදුන් කෙනෙකු බොරුවට මුස්ලිම් පෙමක් පෙන්වා පසුව වෙනත් චරිතයක් රඟපෑවොත් එය මවිතය දනවන කරුණක් නොවේ. විමල් වීරවංශ යනු අවාරෙටත් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට රුසියෙකි. දේශපාලන ලොව සිටිනවා නම් මාධ්‍ය සංදර්ශන පැවැත්විය යුතුය. දේශපාලනය තුල පැවැත්ම තිබෙන්නේ ඒ අයටයි.

 

පසුගිය කාලයේ මර්වින් සිල්වා විසින් පවත්වාගෙන ගිය මාධ්‍ය ආකර්ශනය දැන් ඥානසාර වෙත යොමු වී ඇත. මේ නිසා ඒ පැත්තට ගල් ගැසීමෙන් තමන්ටද මාධ්‍ය වාසි අත්පත් කරගත හැකි බව විමල් වීරවංශ ඉවෙන් දනී. නමුත් විමල් වීරවංශ නගන නොර්වේ චෝදනාව ඇත්තකි. ඒ බව කලින් ලිපියකින්ද මා පෙන්වා දුන්නෙමි. එයට ඥානසාර දෙන පිළිතුර නම් තම සංවිධානය නොර්වේ සල්ලි ගත්තා කියා ඔප්පු කරනවා නම් පැයෙන් විසුරුවන බවයි. ඇත්තටම මේ අභියෝගය වනාහී “මේ ඇස්දෙක පල්ලා! යන්නට මී ඇස්දෙක පල්ලා! යනුවෙන් කීමකට” සමානය. මන්ද ඒ වනවිට බොදු බල සේනා සංවිධානය ඇතිකර නොතිබුණු බැවිනි. බොදු බල සේනා සංවිධානය ආරම්භ වන්නේ ඔය කියන කුප්‍රකට නොර්වේ ගමනින් පසුවයි.

 

අනෙක් කාරණය නම් ඥානසාරට බොදු බල සේනාව පැයෙන් විසිරිය හැකි නම් එම සංවිධානයේ සර්වබලධාරියා ඔහු විය යුතුය. නමුත් ඩිලන්ත විතානගේ මාධ්‍යට කියන්නේ සියළුම බලතල තිබෙන්නේ තමන් අත බවයි. එතකොට කිරම විමලජෝති හිමි යනු රූකඩ සභාපති වරයෙකු විය යුතුය. ඇත්ත තත්වයද එයට සමාන තත්වයක් බව මගේ අදහසයි. කිරම විමලජෝති හිමියන්ගේ කඩෙන් නොමිලේ සප්පායම් වෙමින් ඩිලන්ත සහ ඥානසාර යෙදෙන්නේ තම තමන්ව පුම්බා ගැනීමේ වෑයමකයි. කිරම විමලජෝති හිමියන් විසින් බැංකු ණය ගැනීමෙන් ගොඩ නැගු සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය තුලින් සිදුවුයේ රටම බෙදන මහා පාපකාරී ක්‍රියාවන්ය. එමගින් බුදු දහමට අන්තර්ජාතිකව අපවාද එල්ල විය.

 

අද ලංකාවේ බෞද්ධ නායකයන් තම රට ලොව බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ යැයි බොරු උඬඟුවෙන් සිටියද ඇත්ත තත්වය නම් ලෝකය තුල පිළිගත් බෞද්ධ නායකයා වන්නේ මහායානික භික්ෂුවක වන දලයි ලාමා තුමයි. අද ලංකාවේ සිටින එකද භික්ෂුවකවත් දලයි ලාමා තුමා මෙන් ලෝක පිළිගැනීමකට ලක්ව නැත. ලංකාවේ සහ මියන්මාරය තුල සිදුවු ක්‍රියා තුලින් බුදු දහමට සිදුවු අපවාදය මකාලන්නට දලයි ලාමා තුමාටද ලංකාවේ සහ මියන්මාරයේ සිදුවු මුස්ලිම් විරෝධී ක්‍රියාවන් විවේචනය කිරීමට සිදුවිය. ඇත්ත වශයෙන්ම ලංකාවේ මුස්ලිම් වරුන්ට අකටයුතු කම් සිදුවන බව දලයි ලාමා තුමා පිළිගැනීම සම්බන්ධවද අප එතුමාට ප්‍රණාමය පලකළ යුතුය. මන්ද ලංකාවේ නායකයන් පවා කියන්නේ එහෙම දෙයක් නොවු බවයි.

 

 

අන්වර් මනතුංග

 

 

 

සංස්කාරක සටහන: අන්වර් මනතුංග බ්ලොගය තුල පලවන ලිපි ලේඛකයාගේ අනන්‍යතාවය සහිතව කිසිදු වෙනස් කිරීමකින් තොරව වෙනත් වෙබ්අඩවි සහ මාධ්‍ය වල පලකිරීමට අවසර ඇත. එමෙන්ම මෙම ලිපි දමිල බසට සහ ඉංග්‍රීසි බසට පරිවර්තනය කර පලකිරීමෙන් සමාජය දැනුවත් කිරීමට ඔබගේ දායකත්වයද ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු.     

 

 

 

 

 

 

 

 

 

3 Comments to “දේශප්‍රේමය සහ මුස්ලිම් ප්‍රේමය!

  1. Dalai lama yanu loka Bauddha nayakaya nove. Eya aagamika namayen sitina deshapalana nayakayek pamani. Ohuwa madhya thula oswanne Americawai. E ovun Cheenayata wiruddhawai.

  2. කුහකක් පෙන්වා අභියෝග වලින් පලා යන අබෞද්ධ ඥානසාර බෞද්ධ ජනතාව ගොනාට අන්දවන තරම කියතොත්
    1. නොර්වේ තනාතිපතිගේ ප්‍රකාශය ගැන ඔහු නොදැනීම.
    2. ඩිලන්ත විතානගේ මාධ්‍ය ප්‍රකාශය ගැන ඔහු නොදැනීම.
    3. විමල් වීරවංශගේ ප්‍රකාශය ගැන ඔහු නොදැනීම.
    4. දෙමල ඩයස් පෝරාව මැජිකක් කර පෙන්වීම.
    6. ඔහුගේ අඳබාල අදහස් හා බොළඳ මතයන් බෞද්ධ ජනතාවට පැටවීම.

  3. @ පන්චන් ලාමා .ඔයගොල්ලන්ට නායකයෙක් නැද්ද .ඒක තමා ළිහල ඇරපු හරක් වගේ දුවන්නෙ ඔක්කොම රජවරු මොකෝ ඔයගොල්ලො ඇමරිකාවට දොස් නගන්නෙ .සාර ලොක්ක ඇමරිකාවට වැඩියෙ බෞද්ද දර්සනය පුබුදන්න නේ .හොඳ සෙල්ලම් එහෙ බලන්න ඇති .මුං හරක් උනාට අපි හරක් නෙමෙය් .රටේ ජනාදිපති ජාත්‍යන්තර උසාවියට පනවන්න උත්සාහ කෙරන ඇමරිකාව තමය් මුන්ගෙ යාළුවො .යන්ඩ වෙන රටක් තිබ්බෙ නැද්ද .එහෙ ගෙවීම් හොදය්නෙ .නෝර්වෙය් ටුවර් එකකුත් දාගන්ඩ අහන්ඩ කෙනෙක් නෑ .අනේ කට ඇරියොත් නොසන්ඩාල වචන .නැතිව බෝඋද්දයට බණක් අහන්ඩද .හිතන්ඩ තරම් මොලේකුත් මුන්ට නෑ .අනේ බුද්දිමත් බෞද්දයො ටික මොනව කෙරන්නද .

Comments are closed.