වැඩකට නැතිඑවුන්ගේ මඩ ගැසීම් හමුවේ නිහඬව සිටීම

බොහෝ විට අන්තර්ජාලය තුල මට එරෙහිව පෝස්ටර් සහ මඩප්‍රචාර පලකරන්නේ පොරක් වීමට අපේක්ෂාව ඇති අයයි. මට විරුද්ධව පෝස්ට් එකක් කළ පමණින් අන්තවාදී රැළකින් කැමැත්ත සහ ප්‍රතිචාර ලැබෙන බව ඔවුන් දනිති. ඉතිං මට විරුද්ධව මඩක් ගසා ඔවුන් පවසන්නේ මේකට අන්වර් මනතුංග පිළිතුරු දිය යුතු බවයි. මා බොහෝ විට කරන්නේ ඒවාට පිළිතුරු නොදී උපේක්ෂාවෙන් බලා සිටින එකයි. එසේ අන්වර් මනතුංගට ගැසු අය අද බොහෝ දෙනෙකු සොයාගන්නටද නැත.

 

මා හට පහර ගැසීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ ජනප්‍රියත්වයයි. ඒ නිසා ඒවාට පිළිතුරු දී ඔවුන් ජනප්‍රිය කරවන්න මට පිස්සු නැත. මා අන්තර්ජාල භාවිතාව කරන්නේ මටම ආවේනික ක්‍රමවේදයකටයි. දිගු කලක් මා සමග සිටින සහෘදයින් දැන් එම භාවිතාව කෙලෙසදැයි හොඳින් දනිති. ඔවුන් අන්වර් මනතුංග යනු කවුරුන්දැයිද හොඳින් අවබෝධ කරගෙන සිටිති. ඒ නිසා පැමිණෙන සෑම පන්දුවකටම පහරදීමේ අවශ්‍යතාවයක් මට නැත. දැන් බොහෝ විට එන පන්දු නිදැල්ලේ යාමට හැරීම මගේ ප්‍රතිපත්තිය වී ඇත. මා ප්‍රහාර එල්ල කරන්නේ ලංකාව තුල ආගමික සංහිඳියාව නැති කරන්නට වෙර දරන අන්තවාදීන්ට සහ ඔවුන්ට සහය/රුකුල් දෙන පාලන බලවේගයන්ට පමණි. අනෙකුත් සෑම ලිපියකින්ම කරන්නේ කුමක් හෝ සිදුවීමක් අරබයා නිවැරදි ලෙස සිතන්නට සමාජය පෙලඹවීමයි.

 

නුතන සිංහල භාෂික අන්තර්ජාලය තුල සංවාදයක් කළ හැකි වැඩකට ඇති එවුන් සිටින්නේ ඉතාමත් මඳ වශයෙනි. අනෙක් බොහෝ දෙනෙක් එක්කෝ කොමියුනිකේෂන් කඩ අයිතිකරුවන්ය. නැතිනම් වෙනත් රටක අයිස් ජොබ් එකක් කරමින් කාන්සියේ පාළුවේ සිටින්නන්ය. අතීතයේ අපේ ගම්වල බෝක්කුවක් බෝක්කුවක් ගානේ බෝක්කු පාළුවන් සිටියා ඔබට මතක ඇති. ඇත්තටම මේ කොමියුනිකේෂන් කඩ අයිතිකරුවන් සහ අනෙක් අය නුතන අන්තර්ජාල බෝක්කු පාළුකරුවන් ලෙස අපට නම් කළ හැක. ඔවුන්ගෙන් ගතයුත්තක් තිබේ නම් ඒ ඉතාමත් ස්වල්පයකි. මොනවා හරි බ්‍රහ්ම ටෝක් එකක් දැම්මොත් ඒ මොකක් හරි පොතකින් උස්සා ගත් කෑල්ලකි. නමුත් ඔවුන් වටා සිටින්නන් සිතනුයේ මේ නම් මහා ප්‍රාඥයෙකු කියායි. වැඩබැරි අය ටාසන්ලා වන්නේ වැඩ නොදන්නා අයට පමණි.

 

අද අන්තර්ජාලය තුල මා කිසියම් ස්ථාවරත්වයක් ලබා ගෙන ඇති නම් ඒ දෙවිඳුන්ගේ කරුණාවත්, මා හට ඇති සුළු ලේඛන හැකියාවත් සහ අප්‍රතිහත ධෛර්යයත් නිසාවෙනි. මා මේ ගමනෙහි ඉදිරියට පැමිණියේ එක් රැයකින් නොවේ. තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගාගෙන සමාජයට යහපතක් කිරීමට බලාපොරොත්තු වන අය මෙය වටහා ගත යුතුය. පුද්ගලයෙකුට නිරපරාදේ මඩ ගැසීමෙන් ලබන ජනප්‍රියත්වයට පැවැත්මක් නැත. කිසියම් දෙයක් කරනවා නම් ඉන් අපට පැවැත්මක්, තව කෙනෙකුට පැවැත්මක් සහ සමාජයටම පැවැත්මක් සිදුවන දේ පමණක් කළ යුතු බව මගේ විශ්වාසයයි. ඒත් මේ අන්තර්ජාල භාවිත කරුවන්ට එවැනි ප්‍රතිපත්තියක් නොමැත. ඔවුන් මුරුංගා ගස් මෙන් වහා වැඩි පසුව කඩා වැටෙන්නේ එහෙයිනි.

 

අද ලංකාව තුල තිබෙන්නේ මහා අබුද්දස්ස කාලයක් බව සමාජය දිහා බලන මට සිතෙන්නේය. කෙනෙකු පත්තරේකට මොනවා හරි කෑල්ලක් ලියු පමණින් මාධ්‍යවේදියෙකි. පොත් කබලක් ලියු පමණින් ගත්කතුවරයෙකි. චීන කටු ගහන්නට ඉගෙනගත් පමණින් වෛද්‍ය වරයෙකි. සල්ලි විසිකරන්නට හැකි එකාට සම්මාන ආචාර්ය, මහාචාර්ය, දේශමාන්‍ය, දේශකීර්ති මෙකී නොකී තනතුරු පට්ටම් නාම ඕන තරම් ඇත. ආර්ථික විශේෂඥයෙක් වීමට අවශ්‍ය පත්තර ආර්ටිකල් එකක් පමණි. ගෘහ නිර්මාණ ශිල්ප පාඨමාලාවක් හැදෑරූ සැනින් වාස්තු විද්‍යාඥයෙකි. සමාජය ඉතා අතිධාවනකාරීය. කාට කාටත් අවශ්‍ය මොනවා හෝ මොකා හෝ විකුණා තමන්ගේ බඩ වඩා ගැනීමයි. මේ තත්වය නොරිසි කෙනා කරන්නේ පැත්තකට වී බලා සිටීමයි. නමුත් මා හට එසේ සිටිය නොහැක. සිදුවන සමාජ විපර්යාස හමුවේ ජනතාව දැනුවත් නොකළේ නම් මා හට සිදුවන්නේ හෘදය සාක්ෂි දොස් පැවරුම මධ්‍යයේ මෙලොවින් සමුගැනීමටයි.

 

යහපත් අන්තර්ජාල භාවිතාවකින් වඩා යහපත් සමාජයක්! මගේ අභිලාශයයි. එය කවදා කෙලෙස වනු ඇතිද යන්න මට ප්‍රශ්නයක් නොවේ. ඒ සඳහා මගේ දායකත්වය උපරිමයෙන් ලබා දී මිය යන්නට හැකි නම් එය මගේ ජයග්‍රහණයයි!

 

 

අන්වර් මනතුංග      

 

 

 

 

 

 

 

 

 

10 Comments to “වැඩකට නැතිඑවුන්ගේ මඩ ගැසීම් හමුවේ නිහඬව සිටීම

  1. අන්වර් සහෝදරයාණෙනි! ඔබ තෝරා ගත්මඟ 100%ක්ම නිරවද්‍ය අතර අඳුරෙන් එළියට පැමිණීමට ඔබහට ප්‍රඥාව ලබා දුන් සර්ව බළධාරී අල්ලාහ්-ත-ආලා හට අපි සැවොම ඒ වෙනුවෙන් අපගේ ප්‍රශංෂාව පුදකරමු! ඔබහට මෙම ගමන ඉදිරියටම යෑමට අවැසි දිරිය හා සවිය තවදුරටත් ලබාදෙත්වායි අපි දුආ ඉල්ලන අතරම අඳුරේ හිඳිමින් ඔබහට අවඥා කරන්නන් හටද නිසි මඟ දිස්වේවායැයි ප්‍රාර්ථනා කරමු!

  2. බල්ලා අපිව සපා කෑවාට අපිට බල්ලාව සපා කෑමට බැරි‍ය. අද තිබෙන බොහෝමයක් facebook පිටු වලට ඕනෑ කරන්නේ තමගේ like ප්‍රමාණය වැඩි කරගැනීමටයි.කුමක හෝ ජාතිවාදී අදහසක් හෝ පින්තූරයක් දාගෙන මිනිස්සු ඒ වෙත ඇද ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.අන්වර් සහෝදරයාගේ ඉවසීම ගැන ාපි සතුටු වෙනවා.

  3. අන්වර්ට මඩ ගහපු අය අද හොයා ගන්නත් නැහැ. ඉවසීමෙන් අන්තර්ජාල භාවිතය ගැන ඔබ පෙන්වු ආදර්ශය සැමට වැදගත්.

  4. Anver Sahodaraya Obata Sathya Devindunge Aashirvaadayath Aarakshaavath , Nirantharayenma Lebenu Etha.Ease Lebewaa kiyaa Apa Nirantharayenma Pathannemu…Aameen!
    Thava da Oba Karamin Sitinaa Jathika Mehavarayata Akul Helana Boho Denakuge Buddhiya Kothek dey Apata Owunge Comments Walin Avaboadha Karageneema Etharam Aseeru netha.
    Ewan Wal Pandu Nidelle Yaamata Hereema Ithaama Aganaa Theeranak Bawa Apa da Sithannemu..
    Hudek Islaam Dharmayata Erehiwa Muslim Janayaata Erahiwa Me Thakkadi Rela Visin Genayana Anthawaadee Vyapaarayath Owunuth Owunge Gola Baalanuth Owunuge Amanakam Anumatha Karana Desha Paaluvanuth Dineka Dedi Veadana Meda Vinaashaya Langa Karaganu Etha.
    Gouthama Munidunge Dharmayata Pataheniwa Me Karana Asikkitha Kriyaawan ,Kisindu Niyama Bouddha Bethimathun Anumatha Nokarana Kala Kothek Kalak Movunata Me Amana Kam Thakkadi Kam Karamin Cheevarayata Muvaavee Sitiya Heki Dey Apa Iwaseemen Balaa Sitimu!

  5. I agree with you Anushka. well said. Br Anver, be patience we always with you. May Almighty Allah bless you and guide all of us in his straight path. Aameen

  6. I feel Anvar brother is wasting his time in typing such things above. The opposition is the only way to evaluate the affects/effectiveness of our actions. Those who support us / conquer with us publicly will be just 10% or less. The most will be silent. Should you multiply the opposition by 2 or 3 that will be equal to the support you gain. In brief opposition should be considered a plus in every aspect.

    Everything depends on our perception of it. A person look at the fruit Dhuriyang can be frighten or get his saliva secreted out of its taste or be uncomfortable of its smell. It happens because of the perception of each about the Dhuriyang. When we face the public we should be able to change the perception in a positive way that would help us in doing the right thing.

    I wanted to say already that while reaching 1m, Gnanasara’s action also seeming to be changing. Quoting a recent press release. I wished to say that at the end Anwar has succeeded in teaching Gnanasara Damma and making him a true Buddist. That is one of the successes.

    In my point of view all those oppositions should be considered a praise and collected and preserved.

    However what you said below is not acceptable.
    //අද අන්තර්ජාලය තුල මා කිසියම් ස්ථාවරත්වයක් ලබා ගෙන ඇති නම් ඒ දෙවිඳුන්ගේ කරුණාවත්, මා හට ඇති සුළු ලේඛන හැකියාවත් සහ අප්‍රතිහත ධෛර්යයත් නිසාවෙනි //

    What about us who continuously visit your blog and comment?

Comments are closed.