මුස්ලිම් කොංග්‍රසය රජයට දිගටම සහය දීම නිසා පක්ෂ අභ්‍යන්තරයේ දැඩි අර්බුධයක්!

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

මුස්ලිම් කොංග්‍රසයට සහ සමස්ථ ලාංකීය මුස්ලිම් ප්‍රජාවට රජය විසින් දැඩිලෙස කෙණහිලිකම් කරද්දීත් තවමත් මුස්ලිම් කොංග්‍රසය රජයට සහය පලකරමින් සිටින තත්වය එම පක්ෂයේ බිම් මට්ටමේ නායකයන්ගේ දැඩි දෝශ දර්ශනයට ලක් වී ඇති බව අප වෙත මුස්ලිම් කොංග්‍රස අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. මේ නිසා රජයෙන් ඉවත් වන ලෙස බිම් මට්ටමේ නායකයන් වෙතින් මුස්ලිම් කොංග්‍රස ඉහල මංඩලයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී.

 

පසුගිය නැගෙනහිර පලාත් සභා මැතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසය විසින් නැගෙනහිර ජනතාවගෙන් ඡන්දය ඉල්ලා සිටින ලද්දේ මුස්ලිම් සමාජයට එරෙහි අන්තවාදයට එරෙහි වීමට මුස්ලිම් කොංග්‍රසයට ඡන්දය දෙන ලෙසයි. එම මැතිවරණයේදී රජයේ පාර්ශවයෙන් මුස්ලිම් කොංග්‍රස අපේක්ෂකයන්ට සහ ආධාරකරුවන්ට දැඩිලෙස මැර තර්ජන සහ බලපෑම් එල්ල විය. මේ සියළුම බලපෑම් හමුවේ නැගෙනහිර මුස්ලිම් ජනතාව අතර විශාල ඡන්ද පදනමක් ලබාගත් මුස්ලිම් කොංග්‍රසය පසුව මහඇමති ධුරය සංධාන රජයට ලබා දීම සඳහා රජය සමග සංධානගත විය. මෙය බිම් මට්ටමේ පාක්ෂිකයන් සහ ආධාරකරුවන් බලාපොරොත්තු වු දෙයක් නොවේ. සිය බිම්මට්ටමේ සාමාජිකයන්ගේ මතය නොවිමසා මුස්ලිම් කොංග්‍රස නායකයන් විසින් ගත් ඒ තීරණය දැන් අභියෝගයට ලක් වී ඇත. ඒ පසුගියදා නැගෙනහිර පලාතේ ලබාදුන් සියළුම සමෘද්ධි පත්වීම් රජයේ පාර්ශවය විසින් ඒකමතිකව තමන් වෙත ලබා ගැනීමෙනි. මෙහිදී මුස්ලිම් කොංග්‍රසයට එකදු පත්වීමක් හෝ නොලැබුණි. මේ සම්බන්ධව මුස්ලිම් කොංග්‍රස නායකයන් ජනාධිපතිවරයා දැනුවත් කළද ඒ පිළිබඳව නිසිපියවරක් නොගැණුනු බව අප වෙත වාර්තා වී ඇත.   

 

එමෙන්ම පසුගිය පලාත් පාලන ඡන්දයේදීද බොහෝ පලාත් පාලන ආයතන වල බලය සංධානය වෙත ලබා ගැනීමට මුස්ලිම් කොංග්‍රසයේ ඡන්ද විශාල උපකාරයක් විය. නමුත් දැන් එම පලාත් පාලන ආයතන රජය වෙත දිනා දීමට තම ශක්තිය දුන් මුස්ලිම් කොංග්‍රස බිම්මට්ටමේ නායකයන්ද මේ වන විට කලකිරීමට පත්ව ඇත. විශේෂයෙන් මාතලේ නගර සභාව රජය වෙත දිනා ගැනීමට එහි මුස්ලිම් කොංග්‍රස සාමාජිකයන් දුන් සහය රජය දැන් අමතක කර ඇති බව එම ප්‍රදේශයේ මුස්ලිම් කොංග්‍රස සාමාජිකයන් පවසති. මේ නිසා ඉදිරි පලාත් පාලන මැතිවරණයකදී රජයට සහය නොදී වෙනමම තරඟ කිරීමට අවස්ථාව සලසා දෙන්නැයි මුස්ලිම් කොංග්‍රස නායකයත්වයෙන් ඉල්ලා සිටීමට ඔවුන් විසින් ඒකමතිකව තීරණය කර ඇත.   

 

 

 

 

3 Comments to “මුස්ලිම් කොංග්‍රසය රජයට දිගටම සහය දීම නිසා පක්ෂ අභ්‍යන්තරයේ දැඩි අර්බුධයක්!

  1. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වෙන්න මුලින්ම දරදිය ඇද්දේ ජේවීපියයි. මුල අමතක කරලා ජේවීපියත් කඩා දැම්ම ඔහුට මුස්ලිම් කොංග්රෙ ස් කජ්ජක්ද?

  2. Muslim congress cannot do anything except barking. Because especially as an Islamic leader meaning is not the follower of corruption or following the dirty actions of another people and now the Muslim congress Mister himself he do not know what to do or not to do. Because he was a team player with his dirty friends and now he can’t speak anything against them because every secret of his personal and the private life they know. For example can any leader in the parliament speak against Mr. Marvin Silva or DIG Vaas Gunawardena, s wife? If so …… We as nation have to think bravely regarding our Generations future and need to make between us unity. Politician until they get the benefit they will bark but after they do nothing except their needs. Same as BBS. They tells lies they do many hate speeches against other religion why if they love their own nation or religion and the country they can act with more beautiful and honest to gain the support of international community. They are blaming Muslims did they checked their videos? If you check it is showing as terror act and these kinds of acts cannot develop the community or religion these are violence. Today 80%of the Buddhist who are living in Middle East and other countries are converted in to Christianity and you can see them in the church every week. They reason is your act. So please think before your action what to do and not

  3. සමෘද්ධි පත්වීම් නොදුන් නිසා රජය සමග තරහ වීම මම නම් පිලිගන්නේ නැහැ.

Comments are closed.