මුස්ලිම්වරුනි, මීලඟ ප්‍රහාරය කුමක්ද? ඔබ සුදානම්ද?

රවුෆ් හකීම්
රවුෆ් හකීම්

මහියංගන ජුම්මා පල්ලියට පහරදී එහි සුකරමාංශ විසුරවා දැමුවෝ කවුරුන්ද? යන්න තවම අභිරහසකි. එම පල්ලියට පහරදෙන අවස්ථාවේ නගරයේ විදුලිය පවා විසන්ධි කර තිබී ඇත. ඊයේ අළුයම 3.40 ට පමණ දෙමටගොඩදී චීවරධාරීන් සිව්දෙනෙකු ඇතුළු පිරිසක් විසින් මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත් ලොරියක් ගිනිතබා ඇත. මෙම අවස්ථාවේ ඒ අවට ජීවත් වන ජනතාවට පාරට බසින්නටවත් ඉඩ නොදී තර්ජනය කර මෙය සිදුකිරීම තවත් සුවිශේෂී තත්වයකි.

 

කෙසේ වුවද මහියංගන මුස්ලිම් පල්ලි ප්‍රහාරය මෙන්ම දෙමටගොඩ මුස්ලිම් ව්‍යාපාරිකයාගේ ලොරිය ගිනිතැබීමද කළ එකෙකු සොයාගැනීමට නොහැකි වීමෙන් මේ සියළු ක්‍රියා පිටුපස කිසියම් සංවිධානාත්මක කල්ලියක් හෝ කල්ලි කිහිපයක් සිටින බැව් අපට පෙන්නුම් කරයි. ඔවුන්ගේ අරමුණ මුස්ලිම් සමාජයට එරෙහිව ත්‍රස්ත ක්‍රියා සිදුකරමින් මුස්ලිම් සමාජය වියවුල් කිරීමත්, බෞද්ධ සමාජය තුල වීරත්වයට පත්වීමත් බව සැමට නොරහසකි. ඇත්ත වශයෙන්ම මෙය ලංකාවේ නැවත ත්‍රස්තවාදී කටයුතු වල ආරම්භයක් බැව් පැවසිය හැක. මෙතෙක් කලක් රාජ්‍ය අනුග්‍රහය සහිතව ප්‍රසිද්ධියේ කළ ප්‍රහාරයන් නවතා අප්‍රසිද්ධියේ ඉතා ක්ෂණිකව මෙලෙස ප්‍රහාරයන් එල්ල කිරීම ත්‍රස්තවාදීන්ට පමණක් කළහැකි ක්‍රියාවකි. එසේ නම් මේ ලංකාවේ බෞද්ධ ත්‍රස්තවාදයේ ඇරඹුමද? යන්න ප්‍රශ්න කළහැක. මා මේ ලිපියෙන් අවධානයට ලක් කරන්නට යන්නේ ඒ කිසිවක් නොවේ. මෙලෙස මුස්ලිම් වරුන්ට එරෙහිව එල්ල කෙරෙන මීලඟ ප්‍රහාරය කුමක්ද? එයට මුස්ලිම් සමාජය තුල සුදානම කෙබඳු වේද? යන්න විමසා බැලීමයි.

 

එදා අන්තවාදී මැරයින් පිරිසක් දඹුල්ල මුස්ලිම් පල්ලියට පහරදීම ලංකාවේ මුස්ලිම් සමාජයේ ඇස් අරවීමට සමත්වු පුවතකි. ඇත්තෙන්ම එය පසුව ලාංකීය මුස්ලිම් සමාජය තුල දේශපාලන කුණාටුවක් වී නැගෙනහිර පලාත් සභා මැතිවරණයේදී ආන්ඩුව අසීරුවට පත්කිරීමට පවා හේතුවිය. ආන්ඩුවට නැගෙනහිර පලාත් සභාව තුල තනිවම බලය අල්ලා ගත නොහැකි වුයේ මේ දේශපාලනික කුණාටුව නිසාය. එදා සංධාන රජයට මුස්ලිම් කොංග්‍රසයේ අණසකට යටත් වන්නට සිදුවුයේ දඹුල්ල මුස්ලිම් පල්ලි සිදුවීම නිසා බව අද බොහෝ දෙනෙකුට අමතකවී ගොස් ඇති කරුණකි. එදා දඹුල්ල මුස්ලිම් පල්ලියට එල්ලවු ප්‍රහාරය ආයුධයක් කරගත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය රජය සමග ඡන්දයට නොගොස් වෙනම ඡන්ද ව්‍යාපාරයේ යෙදුනේ නැවතත් එවැනි තත්වයක් උදාවීමට ඉඩනොදෙන තත්වයක් බිහිකිරීමට මුස්ලිම් සමාජයට පොරොන්දු වෙමිනුයි.  

 

නමුත් මුස්ලිම් ජනතාව මුස්ලිම් කොංග්‍රසයට තම විශ්වාසය පලකළද අද වනවිට තත්වය තවත් දරුණු අතට පැමිණ ඇත. එනම් බෞද්ධ ත්‍රස්තවාදී කල්ලියක් මුස්ලිම් පල්ලියකට ප්‍රහාර එල්ල කර සුකරමාංශ විසුරවා දැමීමට තරම් ප්‍රබල වී ඇත. දැන් මුස්ලිම් කොංග්‍රසය කරන්නේ කුමක්ද? නැවතත් ඔවුන් පලාත් සභා මැතිවරණයට තනිවම තරඟ කිරීමට තීරණය කර ඇත. එසේ නම් එදා දඹුල්ල මුස්ලිම් පල්ලියට එල්ල වු ප්‍රහාරය දඩමීමා කරගත්තාසේ මෙදා මහියංගන මුස්ලිම් පල්ලි ප්‍රහාරය ඇතුළු අනෙකුත් බෞද්ධ ත්‍රස්තවාදී ක්‍රියාවන් දඩමීමා කරගනු ඇත. නමුත් මුස්ලිම් කොංග්‍රසයට මෙම බෞද්ධ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිව ඇති විසඳුම කුමක්ද? තවදුරටත් එල්ල වන බෞද්ධ ත්‍රස්තවාදී ක්‍රියාවන් නැවැත්වීමට හැකිවේද?

 

ඇත්තෙන්ම දඹුල්ල මුස්ලිම් පල්ලියට එල්ලවු ප්‍රහාරය නිසා ලාංකීය මුස්ලිම් ජනතාව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කෙරෙහි තැබු විශ්වාසයට ඔවුන්ට කිසිවක් කරගැනීමට නොහැකි විය. ඉන්පසුවද ලාංකීය මුස්ලිම් වරුන්ට බෞද්ධ අන්තවාදීන්ගෙන් දැඩිලෙස පීඩා එල්ල විය. මුස්ලිම් සමාජයේ ආගමික නායකත්වය වන සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය පවා දැඩිලෙස පීඩාවට පත්විය. නමුත් මේ සියළු අවස්ථාවන් වලදී ඒවාට එරෙහිව කටයුතු කිරීමට මුස්ලිම් කොංග්‍රසයට නොහැකි විය. පසුව පැපිලියාන ෆැෂන් බග් ව්‍යාපාරයට පහරදීමෙන් පසුව අන්තවාදී බෞද්ධ කල්ලි වලට පසුබෑමක් ඇතිවන්නට කටයුතු කළෝද මුස්ලිම් කොංග්‍රසය නොවීය. පැපිලියාන ෆැෂන් බග් ප්‍රහාරයට පසුව බෞද්ධ අන්තවාදීන්ට දැඩි පසුබෑමක් ඇති කිරීමට ප්‍රධානතම හේතුව වුයේ අප සහ අසාත් සාලි ඇතුළු පිරිසක් දැවැන්ත ලෙස ආරක්ෂක ලේකම්වරයාගේ ක්‍රියා කලාපයට පහර දීමයි.

 

එදා ලංකාවේ බෞද්ධ අන්තවාදීන්ගේ ක්‍රියාවන් පසුපස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ හස්තය ඇති බවට අප විසින් දැඩිලෙස චෝදනා එල්ල කිරීම සහ ඒ හා සමගාමීව මුස්ලිම් වරුන්ට එරෙහිව ප්‍රචන්ඩත්වය පිටුපස රජයේ හස්තය ඇතැයි යන්න අන්තර්ජාතිකවද ප්‍රසිද්ධවු නිසා අන්තවාදී බෞද්ධ සංවිධාන වලට රජයෙන් කිසියම් පීඩනයක් එල්ල විය. එයින් මුස්ලිම් සමාජයට යම් සහනශීලී තත්වයක් ඇති වුවද පසුව එහිදී රජයට එරෙහිව ප්‍රහාර එල්ල කළ අයට එරෙහිව මර්ධනය දියත් කිරීමට රජය සුක්ෂමව ක්‍රියාකාරී විය. අප වෙබ්අඩවිය ලංකාවේ තහනම් වීම, වෙබ්අඩවි සංස්කාරකට මරණීය තර්ජන එල්ල වීම, මෙන්ම මේ සම්බන්ධව දේශපාලනිකව හඬක් නැගූ අසාත් සාලි මහතා අත්අඩංගුවට ගැනීමද සිදුවිය. නමුත් මේ සියල්ල සිදුවෙද්දී මුස්ලිම් කොංග්‍රසය ස්වකීය මුණිවත රැකීමේ ස්ථාවරයේ දිගටම කටයුතු කරන ලදී.

 

මේ නිසා ලාංකීය මුස්ලිම් ජනතාව ඉදිරියේදී ඔවුන්ට බෞද්ධ ත්‍රස්ත කල්ලි වලින් එල්ල විය හැකි ප්‍රහාර කුමක්දැයි සොයා බලා ඒ පිළිබඳව අවධානයෙන් සිටීමට ක්‍රියාකළ යුතුය. සෑම මුස්ලිම් ගමක්ම, නගරබද මුස්ලිම් ජනාවාසයක්ම ස්වකීය ආරක්ෂාව වෙනුවෙන් සංවිධානාත්මක ව්‍යහුහයක් සැකසීම කාලෝචිත ක්‍රියාවකි. එමෙන්ම මෙම බෞද්ධ ත්‍රස්තවාදී ක්‍රියා සිදුවන විට ආන්ඩුව සමග සිටිමින් මුණිවත රැකි ආන්ඩුවේ සහ මුස්ලිම් කොංග්‍රසයේ මුස්ලිම් දේශපාලකයන්ව ඉදිරි මැතිවරණයේදී පරජායට පත් කළ යුතුය. මන්ද මුස්ලිම් ජනතාව විසින් ඔවුන් පත්කළේ රාජපක්ෂලාගේ පක්ෂාගාතය සේදීමට නොව අවශ්‍ය අවස්ථාවන් හිදී මුස්ලිම් ජනතාව වෙනුවෙන් හඬ නැගීමටයි. මේ සම්බන්ධයෙන් ආන්ඩුපක්ෂයේ සිටින සියළුම මුස්ලිම් මැතිඇමතිවරුන් අසමත් වුවා සේම මුස්ලිම් කොංග්‍රසයද අසමත් විය. එසේ නම් මොවුන්ව දේශපාලනිකව පරාජයට පත්කර ආන්ඩුව තුල සිටින සියළුම මුස්ලිම් දේශපාලඥයන්ට අනතුරු ඇඟවීමක් සිදුකිරීමට කාලයයි මේ.          

 

 

 

 

 

 

 

 

16 Comments to “මුස්ලිම්වරුනි, මීලඟ ප්‍රහාරය කුමක්ද? ඔබ සුදානම්ද?

  1. ඔහොම ගියොත් අන්වර්ව ත්ර ස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනීවි

    1. ඔව් ලංකාවේ ත්රනස්තවාදය ගැන කථා කරන එකා ඇතුලේ ත්ර ස්තවාදය පතුරන එකා එළියේ. ආසියාවේ ආශ්චර්යය මේකයිනේ!

  2. මේකද බුද්ධ ධර්ශනය ?මහින්ද සමාගම නිර්මල බුද්ධ ධර්මය මරලා තිරිසන් සතාදාව ඉපදුණු සිංහල කමට පනදෙනවා !තිරිසන්ගති තියෙන සිංහයාගෙන් බිහිවුණු සිංහලයන්ව නිර්මල බුද්ධදර්මයේ අනුභාවයෙන් දැහැමි කරනවා වෙනුවට තිරිසන් සිංහල ගති ආයුධයක් ලෙසගෙන බුද්ධධර්මය මහින්දය් ගෝටයය් රකින්න යනවලු !මුන්ට රකින්න දැන් බුද්ධ ධර්මයක් ඉතුරුවෙලා තියෙනවද ?

  3. ඔය මුස්ලිම් කොංග්‍රසයේ හාදයන්ව විශ්වාස කරල වැඩක් නෑ… ගංවතුරට ගහගෙන යන රොඩු වගේ… තඹ සතේකට වැඩක් නෑ!

    Innallaha ma’ssabireen; Wakaana haqqan alainaa nasrul mu’mineen!

    අපගේ ඊමාන් සහ අමලුස්සාලිහාත් ප්‍රගුණ කිරීම හැර අපට වෙන මගක් නැත. හිදායත් ස්ථාපිත වන්නේ දුක් කම්කටොලු මත්තෙහිය. ඉතිහාසය එයට සාක්ෂි දරයි. අපේ ඉවසීම දිගටම පවත්වා ගැනීමට එකිනෙකාට අනුශාසනා කල යුතූයි. යම් ක්‍රියාමාර්ගයක් අප විසින් ගන්නේ නම් සීමාව ඉක්මවීමට කිසිම අවසරයක් නැත. අපරාධයට (injustice) පත්වූවන් කවුරු වුවද ඔවුන්ගේ දුආව පිලිගනු ලබන බව අප දන්නා දෙයකි. එයින් පරිස්සම් විය යුතුයි. දැන් අපරාධයට ලක්වූවන් මුස්ලිම්වරුන්ය. එම වාසිය අපට ඇත. එය පාවිච්චි කල යුතුයි.

    (මේ මගේ මතය. වැරදි යමක් තියනවනම් කියන්න).

  4. අපි රෝගියා සොයා යෑම කෙසේවෙතත් තමන් සමීපයට පැමිණී රෝගියාට බෙහෙත් කලයුතුවේ. එසේ නොවේනම් රෝගීතත්වය තවත් උත්සන්නවී අපට වන හානියන් දෙස බලාසිටිය හැකිද? මන්දිරයේ උපවාස නිමකිරීමේ උත්සව හා මස්ජිද විවෘත කිරීම මගින් පෙන්වන්න යන්නේ “ලෝකෙට ප්‍ර​කාසේ ගෙදරට මරගාතේ” නොවේද? සහෝදරවරුණි උප්පරවැට්ටයන්ට හසුනොවන්න. අප සතු ජන්ද බලය රැකගෙන නිසි අයුරින් ප්‍රයෝජනයට ගනිමු.

  5. ඔව් මුස්ලිම් කොන්ග්‍රසයට චන්දය දීමෙන් වලකිමු. මුස්ලිම් කොන්ග්‍රසයට පළවන සෑම චන්දයක්ම පොදු පෙරමුනට පළකරන චන්දයක් වෙයි.

  6. @ ඉම්තියාස් මුස්ලිම් කොන්ග්‍රසයට චන්දය නොදී එක්සත් ජාතික පක්ෂයට චන්දය දෙන්නද .කැහි ගෑණි දීල හොටු ගෑණි ගත්තවගේ තියෙය් .මගේ අදහසනම් අසාඩ් සාලිගෙ මතය විමසන එක කාලෝචිතය් .මුස්ලිම් සමාජයවෙනුවෙන් හඩක් නගා හිරගෙටත් ගියකෙනෙක් .අදටත් අපවෙනුවෙන් හඬ නගන්නෙ ඔහු පමණය් .අන්සියළුම මුස්ලිම් දේසපාලන්ජයන් අවස්ථාවාදීන් .

  7. ඇයි මුස්ලිම් කොන්ග්‍රසයට පමණක් සීමා කරන්නේ?

    රිෂාඩ් බදුර්දීන්.
    හිස්බුල්ලා.
    අතාවුල්ලා.
    ෆෛසල් මුස්තාපා.
    අස්වෙර්.
    කාදෙර්.
    හා ආණ්ඩුවේ සිටිමින් මහින්දගේ පස්ස පැත්ත ලැවකමින් බඩ පුරවාගන්නා සියලු දෙනා එකතු කරගන්න!

  8. Rizvi Sakaf@ මුස්ලිම් කොන්ග්‍රසයට චන්දය නොදෙමු එය පොදු පෙරමුනට දෙනවා හා සමානයි බව මා කීවා හැරෙන්න එක්සත් ජාතික පක්ශයට දෙමුයි කියා එම කොමෙන්ටුවෙන් මා කිසි තැනැක සඳහන් කළේ නෑ. නැගෙනහිර පළාත් සභා චන්දයේ සිදුවූ දේ අපි කවෘත් දන්නවා. අපට අඩතෙට්ටම් කරන්නේද රටට වින්නහි කරන්නේද පොදු පෙරමුනේ දේශපාළකයන් බවට අප සියළු දෙනාම එකඟ විය යුතුයි. ඉතින් අපට රිදවන අයටත් ඔවුන්ට කඩේ යන්නන්ටත් කෙසේ අපේ හෝ එය තේරුම් කර දිය යුතුයි නේද? මගේ කොමෙන්ටුවේ සඳහන් නොකළත් ඔබ කීවායින් පසුයි මන් මේ කියන්නේ අද ඇති වාතාවරනය අනූවත් අපි මුස්ලිම්වරුන් හැටියට චන්දිය පාවිච්චි කරන්න උචිතම පක්ශය එක්සත් ජාතික පක්ශය බව මගේ අදහසයි, අසාත් සාලීගේ මතය විමසමු කියන එකට මාත් ඔබ සමඟ එකයි. අසාත් සාලි මද්‍යම පළාත් සභාවට මහනුවර දිස්ක්‍රිකයෙන් එක්සත් ජාතික පක්ශය හරහා තරඟ වදින්න යන බවට ආරන්චියකුත් තියෙනවා.

  9. මුස්ලිම් සහෝදර/සහෝදරියනී, අප සියල්ලන්ටම වලකැපු අපගේ අයිතීන් සහා ජාතිය පාවාදුන් මුස්ලිම් නම් තබාගෙන මුස්ලිම්වරුන්ගේ චන්ද වලින් අද රජ සැප විඳින ඇමති මන්ත්‍රී පුටු රැකීමේ පටු අරමුණක් ඇතිව මුස්ලිම් ජනතාව රවට්ටන දෙස්පාලුවොන්ට චන්දය දීමෙන් වලකින්න.

    ඔබගේ වලී (රැකවල්කරු, ආරක්ෂකයා) ලෙස සර්වබලධාරී අල්ලාහ් පමණක් බව මතක තියාගන්න. ඔබ අල්ලාහ් හැර පුහු තනතුරු දරන kuskutaas ශාකය වැනි මුස්ලිම් ඇමති මන්ත්‍රී වරුන්ගේ පිහිට පැතීමෙන්ද, ඔවුන්ට එම පුටු ලබාදීමෙන් ඉස්ලාම් ධහමටත්, ජාතියටත්, රටටත් ද්‍රෝහී වීමෙන් වලකින්න. ඔවුන් අපගේ චන්දයෙන් අපගේ ලේම උරා බොනු ඇත.

  10. Assad Saley was spoken and he will speak do not trust any of other Islamic politicians All are balking for their stomuch

Comments are closed.