අවසානයේ මහියංගනය අරෆා ජුම්මා මස්ජිදයට සිදුවුදේ විමසුමක්!

අරෆා පල්ලිය
අරෆා පල්ලිය

කිසියම් අන්තවාදී ත්‍රස්ත කන්ඩායමක් විසින් මහියංගනය අරෆා ජුම්මා මස්ජිදයට පහරදී එහි සුකරමාංශ සහ ලේ විසුරවා හැරියේ 2013 ජුලි 11 දා අළුයමදීය. ඒ සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට හෝ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට පොලීසියට නොහැකි විය. ඉන්පසුව ජුලි මස 16 වැනි දින පොලීසියේ කිහිපදෙනෙකු පැමිණ මහියංගන මස්ජිදයට නැමදුමට එන මුස්ලිම් වරුන්ගෙන් නැමදුම සඳහා පංගරගම්මන මුස්ලිම් පල්ලියට (මෙම ස්ථානයේ සිට කි.මී. 2 ක් පමණ දුර) නොයා මෙම ස්ථානයේ නමදින්නේ මන්ද කියා ප්‍රශ්න කරන ලදී.

 

මහියංගනයේ ජුම්මා නමින් හෝ වෙනත් කිසිදු නමකින් පල්ලියක් නොතිබුණු බව  මහියංගන රජමහා විහාරයේ භාරකාර උරුලැවත්තේ  ධම්මරක්ඛිත හිමියනි! මෙන්න ඔබ නෑ කියන පල්ලිය
මහියංගනයේ ජුම්මා නමින් හෝ වෙනත් කිසිදු නමකින් පල්ලියක් නොතිබුණු බව මහියංගන රජමහා විහාරයේ භාරකාර උරුලැවත්තේ ධම්මරක්ඛිත හිමියනි! මෙන්න ඔබ නෑ කියන පල්ලිය

2013 ජුලි මස 19 වැනි සිකුරාදා එම පල්ලියේ දෛනික වන්දනා කටයුතු වලට තර්ජන එල්ලවු අතර රජයට සම්බන්ධ දේශපාලකයෙකු වන අනුර විදානගමගේ නැමැත්තා පුද්ගලිකවම මැදිහත් වී පල්ලියේ සිකුරාදා ජුම්මා නැමදුම සහ දෛනික පංචකාල නැමදුම් කටයුතු සියල්ල සම්පුර්ණයෙන් නවත්වා දමන ලදී. මෙසේ සියළුම නැමදුම් කටයුතු නවතා දමා පල්ලිය වසා දැමුණු තත්වයක් තුලදීද එම පල්ලියේ දායක සභාව සිද්ධිය ගොඩින් බේරා ගැනීමට කටයුතු කළා මිස පල්ලිය නැවත නැමදුම සඳහා නැවත විවෘත කිරීමට උත්සාහයක් ගන්නා බවක් අපට දක්නට නොලැබුණි.

 

2013 ජුලි මස 25 වැනිදා අපට මාධ්‍ය මගින් දක්නට ලැබුණේ මහියංගනයේ ජුම්මා නමින් හෝ වෙනත් කිසිදු නමකින් පල්ලියක් නොතිබුණු බව  මහියංගන රජමහා විහාරයේ භාරකාර උරුලැවත්තේ  ධම්මරක්ඛිත හිමියන් පැවසු බවට මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයකි. එම මාධ්‍ය නිවේදනය මගින් තවදුරටත් මුස්ලිම් කොංග්‍රසයේ නාක රවුෆ් හකීම්ටද දොස් පවරා තිබුණේ එම ස්ථානයේ නොතිබුණු පල්ලියක් විනාශ කිරීමක් ගැන දෙස් විදෙස් මාධ්‍යයන්ට සාවද්‍ය ප්‍රකාශයන් නිකුත් කර ඇති බවටයි.  

 

2013 ජුලි මස 26 වැනිදා අප මාධ්‍ය මගින් දක්නට ලැබුණේ ලංකාවේ ඊනියා ආදිවාසීන්ගේ නායකයා (කියවන්න http://www.anvermanatunga.com/2012/03/17/vadi-janathawa-sinhala-doc/) යැයි පැවසෙන ඌරුවරිගේ වන්නිලා ඇත්තන් විසින් පැවසෙන ලදැයි කියන ප්‍රකාශයකි. එහි සඳහන් වුයේ රජමහා විහාරය තව පැත්තකින් මහා බුදු පිළිමය අනෙක් පැත්තෙන් බුද්ධගයාව ඒ මැද මුස්ලිම් පල්ලියක් හදන එක සුදුසු නැහැ. ඒගොල්ලන්ගේ ඇදහිලි පඟරගම්මනට ගිහින් කරගන්න. මේ තැන පිරිසිදුව තියෙන්න දෙන්න යැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ පවසයි යනුවෙනි.

 

වසා දමා ඇති මහියංගන ජුම්මා මස්ජිදය නැවත විවෘත කිරීම සඳහා ජනපති මහින්ද රාජපක්ෂ මහතාව කැමති කරවාගැනීමට ගිය රජයේ පාර්ශවයේ ජනප්‍රිය මුස්ලිම් ප්‍රධානීන් දෙදෙනෙකු වන මාතලේ නගර සභාවේ සභාපති හිල්මි කරීම් හා කුරුණෑගල දිස්තිරික්ක නිදහස් පක්ෂයේ ප්‍රධානියෙක් වන අබ්දුල් සත්තාර් යන අයට මෙසේ පවසා කට වසා ආපහු යවා ඇත. ආණ්ඩුව තුලම සිටින සමහර දේශපාලනඥයන් තමන් ගේ වාසිය උදෙසා සුළු ප්‍රශ්න පවා මහා ලොකුවට කතාකරන බවත් ඒ නිසා මෙවැනි (මහියංගන ජුම්මා මස්ජිදය වැනි) ප්‍රශ්න ඇති වන බවත් පවසා ඇත.

 

මේ අනුව මස්ජිදයට පහරදී ඌරු මස් දැම්මේ කවුද? එය හරියාකාරව විභාග නොකර සැකකරුවන් අත්අඩංගුවට නොගන්නට පොලීසිය වෙත බලපෑම් එල්ල කළේ කවුද? මේ සිද්ධියේදී පලාතේ දේශපාලනඥයන් කටයුතු කළේ කෙසේද? එමෙන්ම රටේ ජාතික දේශපාලඥයන් මේ සිදුවීම සම්බන්ධව කටයුතු කළේ කෙසේද? යන කරුණු සියල්ල දැන් ඉතා පැහැදිලිය. මස්ජිදයේ භාරකාර මංඩලය කටයුතු ඇත්තේ මේ හොරු සහ මංකොල්ලකරුවන් සමග හෙළුවෙනි.

 

එම මස්ජිදයේ දැන් තත්වය අප විසින් විමසා බැලීමේදී අසන්නට ලැබුණේ එම ස්ථානයේ එවැනි මස්ජිදයක් නොතිබුණු බවට දැන් එම පල්ලියේ දායක සභාව පවා යටගසන තත්වයක් උදා වී ඇති බවයි. එයට ප්‍රධානතම හේතුව නම් එම පල්ලියේ දායක සභාවේ සිටියෝ මහියංගනය නගරයේ මුස්ලිම් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකි. එම පල්ලියේ දායක සභාවේ ප්‍රධානියා වුයේ එම නගරයේ විශාලතම ස්වර්ණාභරන වෙලඳසැලක හිමිකරුවෙකි. දැන් ඔවුන් පවසන්නේ එම මස්ජිදය පවත්වාගෙන ගියහොත් එමගින් ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන වලටද බලපෑම් එල්ල විය හැකි බවත් එම නිසා පල්ලිය වසා දැමීමට තීරණය කළ බවත්ය.

 

නමුත් අපගේ අදහස නම් එසේ නැමදුම් නවතා  පල්ලිය වසා දැමීමෙන් එම ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවට ඇති අවධානම නැති නොවන බවයි. මන්දයත් මේ පල්ලිය වසා දැමීමට ක්‍රියාකළ අන්තවාදීන්ගේ අවසාන අරමුණ මහියංගනය නගරයේ මුස්ලිම් වරුන් සියළුම දෙනා පන්නා දැමීමයි. ඒ සඳහා ඔවුන්ගේ න්‍යාය පත්‍රය ඉතාමත් සුක්ෂම ආකාරයට ක්‍රියාත්මක වනු ඇත. එකිනෙක ව්‍යාපාර ස්ථාන එහි අයිතිකරුවන්ගෙන් අන්තවාදී සංවිධාන විසින් අත්පත් කරගන්නා විට මුස්ලිම් ව්‍යාපාරිකයන්ට එම ස්ථානයෙන් ඉවත් වීමට සිදුවේ.

 

මහියංගනය අරෆා ජුම්මා පල්ලියේ භාරකාර මංඩලය විසින් කළ මේ අදුරදර්ශී ක්‍රියාව මුළුමහත් ලාංකීය මුස්ලිම් ජනතාවටම එරෙහිව ක්‍රියාත්මක වන්නාවු අන්තවාදී කල්ලි කන්ඩායම් වලට නරක පුර්වාදර්ශයක් දෙනු ඇති බව අපගේ වැටහීමයි. එමෙන්ම අපගේ නැමදුමට පාත්‍රවු අල්ලාහ් හට නැමදුම් කරන්නාවු ස්ථානයක් අපගේ පටු ව්‍යාපාරික අරමුණු උදෙසා බිලිදීම කෙතරම් යුක්ති සහගතද? යන්න එම පල්ලියේ භාරකාර මංඩලයට ඉතාමත් ඉක්මණින් අවබෝධ වනු ඇත. 

 

 

 

 

 

50 Comments to “අවසානයේ මහියංගනය අරෆා ජුම්මා මස්ජිදයට සිදුවුදේ විමසුමක්!

  1. No body is submit them self to Allah If So These Mahiyangana business People will not afraid from the people except Allah.Now this is an advantage for the extremist and Muslims are openly showing that their faith is how much weak in front of Allah. This is very sad for the Nation of Muhammad Peace be upon him

    1. //..Muslims are openly showing that their faith is how much weak in front of Allah.//
      Well, that is our problem to begin with…

  2. //මේ අනුව මස්ජිදයට පහරදී ඌරු මස් දැම්මේ කවුද? එය හරියාකාරව විභාග නොකර සැකකරුවන් අත්අඩංගුවට නොගන්නට පොලීසිය වෙත බලපෑම් එල්ල කළේ කවුද?//
    අයියෝ…. කීපාරක් කියන්නද, ඌරු මස් හැලුණාම අත්අඩංගුවට ගන්න නීති තියෙනවද ?

    1. @prasanga
      මේ රටේ නීතිය ඌරට ගිහින් බව ප්‍රසංගට දන්නෙ නැද්ද? දැන් ඇත්තෙ ඌරු නීතිය. ඌරු වැඩ කරන ඕනෙම ඌරෙකුට මුල්තැන. ප්‍රසංග ඔය කතාව පුන පුනා කියමින් එය නිතිවිරෝධී නොවන බව කියන්න හදන එකෙන්, ප්‍රස්ංගත් ඒ ඌරු මස් හලපු වැඩේට හවුල්ද කියල සැකයක් මතුවෙනව!!

      1. @ Rizan
        රටේ නීතිය ඌරට ගිහින්නම්, ඌරගෙ නීතියට අනුව ජිවත් වෙන්න. බැරිනම් තමන්ට අවශ්‍ය නීතියක් තියන රටකට යන්න…

        1. හරි ආස ඇති අපි යනවනම්… එතකොට මනෝ ආශාවන්ට වහල් වෙලා, ගෑනුන්ගෙ රෙදි ගලවමින් ඌරො වගේ ප්‍රසංගලට ජීවත් වෙන්න පුළුවන්නේ… ලංකාවත් (බෞද්ධ?) තායිලන්තය/සිංගප්පූරුව වගේ වෙනවනම් ප්‍රසංගට ගොඩක් ජොලි ඇති නේද? 🙂

          1. ඔබගේ ප්‍රතිචාරයේ අල්ලාහ්ට අපහාස වී තිබුණ නිසා මැකුවෙමි.

      2. @prasanga
        රටේ ක්‍රියාත්මක වන ඌරු නීතිය බෞද්ධාගමේ පිබිදුමට යැය් ඔබවන් අය සිතාගෙන සිටියත් එහි යථාර්තය එයද ?මේ ඌරු නීතියෙන් පිරිහී විනාශ වෙන්නේ බුද්ධාගම මිස ඉස්ලාම් ධර්මය නොවේ !මෙතෙක් අන්ධ භක්තිකව බෞද්ධයන් වී සිටී අය ගෙන් බොහෝ දෙනෙක් ඔයාලගේ බොදු පිබිදුම හේතුවෙන් එම දර්ශනයේ අඩුපාඩු දකින්නට පෙළඹී ඇත .බෞද්ධ ධර්ෂණය ප්‍රයෝගික නොවන බවත් ආගමක් අදහන්නට නම් එය ප්‍රයෝගික විය යුතු බවත් බෞද්ධයන් අද අප හා පවසති !ඉතින් මෙය ඔබේ ඉතිරිවී ඇති ධර්මයත් විනාශ වී යාමේ පෙර නිමිත්ත නොවේද ?මෙසේ දිගටම ගියානම් ලංකාවේත් චීනයේ වගේ ලාෆින් බුදුපිළිම වැනි විකුර්ති බුදු පිළිම බිහිවී බුදු ධහම විජ්ජාවට යොදා ගැනීමට මිස ඇදහීමට කිසිවෙක් නොයනු ඇත .මේ නිසා බුද්ධිමත් බෞද්ධයන්ම මේ ඌරු නීතියට විරුද්ධ වීමේ ප්‍රවණතාවය දිනෙන් දිනම වැඩි වෙනවා .රාජපක්ෂ පවුල බුද්ධාගම බිල්ලට දී තමන්ගේ පාලන බලය ස්ථිරකර ඔවුන්ගේ බඩ කට වඩා ගන්නට ක්‍රියාත්මක කරන මේ රටේ ඌරු නීතිය ගැන උදම් අනන ඔබට අපි අනුකම්පා කරන්නෙමු !

        1. @ A Muslim –
          බුදු දහම යනු කුමක්දැයි නිවැරැදිව තේරුම් ගත් පුද්ගලයකු කිසිදිනක වෙනත් ආගමක පිහිට සොයාගෙන යන්නේ නැත. යම්කෙනෙක් බුද්ධාගම අතහැර වෙනත් ආගමකට යනවානම්, එසේ යන්නේ…. ගිරවුන් මෙන් අර්ථාන්විතව බුදු දහම ඉගෙනගත් පුද්ගලයින්, එසේ නැතිනම් තම පවුද්ගලික ලාභ ප්‍රයෝජනයකට බලාපොරොත්තුවෙන් හෝ කිසිවෙකුගේ බලපෑම් කිරීම මගින් බලෙන් වෙනත් ආගමකට හැරවීම මගිනි.

          බුදු දහම පල රහිත දෙයක් යැයි යමෙකුට සිතේනම් බුදුදහමින් ඉවත්වී කැමති ආගමක් ඇදහීමට ඔහුට කිසිම බාදාවක් නොවේ,
          වෙනත් ආගම් වලට ගොස් සසර දිගුකරගන්නා පාපතරයන් බලයෙන් බුදුදහම කරා ගෙන ඵන ක්‍රියාවක්ද බෞද්ධ දර්ශනය තුළ නැත.
          බුදු දහම යනු ආගමකට ඵහා ගිය නිර්වානයට / දුක නැති කිරීමට., මර්ගය පෙන්වාදෙන දහමකි.
          ඒකාන්තයෙන් ම මේ ලෝකයේ සියලු සත්වයා දුකට පැමිණේ….. දුකින් මිදීමට හැකි එකම මාර්ගය අප ගෞතම බුදුරජානන් පෙන්වාදුන් මාර්ගය පමණක් වන අතර, ඒ හැර වෙනත් මාර්ගයක් නැත.

          1. @prsanga
            ෂා !මාර බණ දේශනාවක්නේ !ඇත්තටම ප්‍රසංග අපිට කියන්නකෝ කොහේද බුදූ හාමුදුරුවෝ පෙන්වා දුන්නු මාර්ගයේ ඉන්න බෞද්ධයෝ ඉන්නේ කියලා ?ආ …දුක නැති කිරීමේ මාර්ගය වෙන්න ඇතිනේ සසර කෙටිකරගන්න සිවුර පොරව ගත්තු ඥානසරලා සොයාගත්තු සොයා ගැනීම සුරාව !අන්‍ය ආගමික සිද්ධස්ථාන වසා දැමීමට ඌරො මරා උන්ගේ මස්, ලේ සිද්ධස්ථාන වල දැමීම ?මන් අහන්නේ ප්‍රසංග ඔයාගේ බුදු හාමුදුරුවොත් එදා පැවති අන්‍ය ආගමික සිද්ධස්ථාන වලට මෙහෙමද කරේ ?නිර්වානයට යන මාර්ගය වෙන්නැතිනේ ඔයාලගේ බික්ශූන්ලා හන්දි හන්දි ගානේ මුසාවාදා කියමින් මුස්ලිම්වරුන්ට විරුද්ධව බෞද්ධයන්ව උසිගන්වමින් දේශනා කරන්නේ ?බුදු හමුදුරුවෝනම් කිව්වලු මගේ ජාතිය මිනිස් ජාතිය කියලා .හැබැය් ඔයාලා නම් කියන්නේ අපේ ජාතිය සිංහල ජාතිය අනිත් ජාතිකයන් මේ රටෙන් මකබෑ වෙයල්ලා කියලා !ඇය් ඒ ?බුදුහාමුදුරුවන්ගේ මාර්ගය අදට නොගැළපෙන නිසා ඔයාලා ප්‍රතිසංස්කරණය කර ගත්තද ?ප්‍රසංග ඇත්තටම ඔයා කියන විදියටනම් බුද්ධ ධර්මය, අද ඔයාලා ඉස්ලාම් වියාප්තියට බය වෙලා අපේ පල්ලි වසා දමිමටවත්,අපිට හිංසා කරන්නටවත් පෙළඹෙන්නේ නෑ ! සහෝදරයා ,ඔයාම අවංකව හර්ද සාක්ෂියට එකඟව හිතලා බලන්න අද අපේ රටේ සිද්ධ වෙන්නේ බුදුන් පෙන්වා දුන් මාර්ගයට අනුකූල දේවල්ද ?ඔයාලගේ සිංහ තාත්තගේ ලේ වලින් ආපු තිරිසන් ගතිද කියලා ?ඔයාලටම පිළිපදින්න බැරි ධර්මයක් ගැන ඇය් සහෝදරයා පම්පෝරි ගහන්නේ ?

  3. උරුලැවත්තේ ධම්මරක්ඛිත හිමියන් සහ ඌරුවරිගේ වන්නිලා ඇත්තන් කියන විදිහට මහියංගන පල්ලියට (එම ගොඩනැගිල්ලට) ඌරු මස්/ලේ දමමින් කරන ලද ඌරු වැඩේ හරි කියලද? ඌරු කතාවක්නෙ ඒක! මොන ගොඩනැගිල්ලකට හෝ ප්‍රහාරයක් එල්ල කලානම් එය නීතිය ඉදිරියට ගේන්න ඕනේ නෑ එහෙනම්!! ඌරු නීතියක්නෙ ඒක! එහෙම නීතිය ඉදිරියට ගෙනාවත් වැඩක් නැති බව ෆැෂන් බග් නාඩගම තුලින් අපට පැහැදිලි වුනානෙ. ආයෙ මොන කතාද?

  4. මට තේරෙන විදිහට මහියංගන මුස්ලිම් සමාජය අනුගමනයකර තිබෙන්නේ අව්රුදු 1400 පෙර අබ්දුල් මුස්තලිෆ් ගේ ක්‍රමයයි. “සුරා ෆිල්” හි සදහන් වන උදව් බලපොරෝතුවෙන් සිටිනබවය.

  5. අතිශය බලවත් , පරම දයාබර, මහා කරුණාබර අල්ලාහ් සුහානවතාලා ගේ කැමැත්ත මත සියල්ල සිදුවී ඇත.
    මට හරි ආඩම්බරයි අන්වර්.

    ඉරාකයේ අල්ලාහ් වෙනුවෙන් බිලි 44 යි. මට වඩාත් ආඩම්බරයි අන්වර්.

      1. පව්. Sinhalayaගේ මානසික ලෙඩේ උත්සන්න වෙලාද කොහෙද…

      2. මට අනුකම්පා කිරීමට ඔබ අවශ්‍ය නැත. අනික ඔබ මා හට අනුකම්පා කලා කියා ඔබ හට කල හැක්කක් ද නැත.අඳුරු මගක යන ඔබ මට කෙසේ උදවු කරන්නද ?

        මා, ඔබ මෙන් නොව ශ්‍රේෂ්ඨ වුත් සත්‍ය වුත් දහමක සෙවණ ලැබීමට වාසනාවන්ත වුවෙක් වෙමි.
        එහි ශ්‍රේෂ්ඨත්වය ගැන කීමට වෙන කිසිවක් අවශ්‍ය නැත. එක දෙයක් පමණක් සෑහේ .
        එනම්, මගේ දහම අදහන්නවුන් දෙපිලට බෙදී උන් උන් මරා ගන්නේ නැත.

        දහම තුල අඩුම තරමින් තමන්ගේ උන්ව වත් පාලනය කරගැනීමට හැකි වන ලෙස සංයමයක් නොමැති නම්
        (1). මගේ දහම තරම් සතයක් ලොවේ තවත් නැත
        (2). මගේ දහම තරම් ප්‍රයෝගික දහමක් ලොවේ තවත් නැත
        (3). මම අදහන්නේ එකම සත්‍ය දෙවියා කිවූ දහමයි කියා උඩු බිරුවාට වැඩක් නැත.

        මම ඔබට දෙපාරක් අනුකම්පා කරමි.
        [මෙම කොමෙන්ටුවත් පල නොකරන බව දනිමි ]

        1. ඔබගේ දහම දැන් දෙපිල බෙදී මරාගන්නේ නැත. මන්ද අතීතයේ මහා විහාරය සහ අභයගිරිය යනුවෙන් දෙපිල බෙදී මරා ගත්තේය. එසේ මරාගෙන දහමෙහි සියළුම පොත් පත් විනාශ කරන ලදී. දැන් දහමෙහි ජීවමාන කිසිත් නැත. ඇත්තේ නශ්ඨාවශේෂ පමණි. ඒ නශ්ඨාවශේෂ එක්කොට සමහරුන් අසපු දහමක්ද, තවත් සමහරු හින්දු / බෞද්ධ කලවම් දහමක්ද, තවත් සමහරු ගවප්රේයමී දහමක්ද නිර්මාණය කරගෙන සිටින්නේ එහෙයිනි.

        2. @sinhalaya
          //මා, ඔබ මෙන් නොව ශ්රේෂ්ඨ වුත් සත්ය වුත් දහමක සෙවණ ලැබීමට වාසනාවන්ත වුවෙක් වෙමි.
          එහි ශ්රේෂ්ඨත්වය ගැන කීමටවෙන කිසිවක් අවශ්ය නැත. එක දෙයක් පමණක් සෑහේ .එනම්, මගේ දහම අදහන්නවුන් දෙපිලට බෙදී උන් උන් මරා ගන්නේ නැත.//
          ඒක වෙන්නැති එහෙනම්, තමන් කතෝලික යැයි කියමින් ඉස්ලාමයට අපහාස කලේ! ලැජ්ජ නැද්ද? කොන්දක් නැද්ද? තමන් බෞද්ධ යැයි කියමින් කතාකරන්න ඔබ මැලි වුනේ, ඔබ ඔය කියන ශ්‍රේෂ්ඨත්වයේ හිඩැස් එලිවෙයි කියන බයටද? සෙවණ ලැබුවට මදි, ඒ අනුව ජීවත් වෙන්න ඕනෙ. ඒකනෙ ඔබලට කරගන්න බැරිව ලතවෙන්නෙ. අනුන්ට ඊර්ෂ්‍යා කරල වැඩක් නෑ.

          ඇත්තටම ඔබ ගැන අනුකම්පා හිතෙනව. ශ්‍රේෂ්ඨත්වය තමන්ම අර්ථ දක්වගෙන, තමන්ම එය තුලට ඇතුලත් කරගෙන හිත හදාගත්තට මදි. එහි සත්‍යතාව සෙවිය යුතුයි. කොපමණ “ශ්‍රේෂ්ඨ” ලෙස චිත්‍රපටියක් හැදුවත් වැඩක් නෑ, එම බොරුව රසාශ්වාදයට පමණයි. ශ්‍රේෂ්ඨත්වය වලංගු වන්නේ එය ස්ත්‍ය දෙයක් නම් පමණි. කොහොමත්, ඔබ ශ්‍රේෂ්ඨත්වය මැනපු මිම්ම අනුවම බැලුවත්, අන්වර් සහෝදරයා ඔබට දුන් පිළිතුර අනුව, ඔබේ නිගමනය වැරදි බව ඔබට තේරිලා ඇති. නොවටින දේවලටත් (උදා: කුනු ගොඩකට) කවුරුත් ගහගන්නෙත් නෑ. ඔබේ තර්කය කෘතිම එකක්.

          ඊළඟට ඔබ ලියපු කරුණු තුන ඔබ පැවසුවේ හරිම හිතේ දුකකින් යැයි හැඟේ. එනම්, තමන්ට නොමැති, අනුන්ට ඇති දේ (විශේෂයෙන් දෙවැනි කරුණ) ගැන කියා, ඒවා වැඩක් නැති බව තමන්ම පැවසුවද එයින් ඔබේ දුක තුනී වෙයි කියා සැකයි. ප්‍රසිද්ධ, එහෙත් පාවිච්චි නොකරන දේවල නවාතැන කෞතුකාගාරය වනවා සේම, ප්‍රායෝගික නොවන දේවල නවාතැනත් ඉතිහාසය පමණි.

        3. ඔබ සෙවණ ලබනවායයි කියූ දහම කෙසේවෙතත්, ඔබේ මතයන් අනුව නම් ඔබේ මන්දබුද්ධිකබව මනාව ප්‍රදර්ශනයවෙනවා sinhalaya!

          //(1). මගේ දහම තරම් සතයක් ලොවේ තවත් නැත//
          ඇත්තෙන්ම ඔබගේ දහම සතයක්වත් නොවටිනා දහමක් බව පැහැදිළියි සබඳ!

          //(2). මගේ දහම තරම් ප්‍රයෝගික දහමක් ලොවේ තවත් නැත.//
          විහිළු කරන්න එපා යහළු! මාංශ භක්ෂණය ගැන ඔබලාගේ දෙදෙනෙකුගෙන් දෙතැනකදී වෙන වෙනම විමසන්න. උත්තර දෙකයි! ඇතැම්විට පරස්පර විරෝධියි! හරිම ප්‍රායෝගිකයි!

    1. ලංකාවේ මරපු මිනීවලට සමානකෙරන්න බෑ ද්‍රවිඩයන් 40.000 ය් සිංහල කෙල්ලො කොල්ලො 66.000ය් හික් ……..මේව බෞද්ද රජයන් විසින් කෙරපු ගාතන දැන් බය්ල අහල ඇතිවෙලා අලුතෙන් යමක් කියන්න

      1. Ewatath waga kiyanna ona sinhala aya mawwa kena….controll nathi dewal haduwe ay appa…anika prasanga allah ta apahaasa kraalu…anver baya nathuwa do a danna..prasanga gana ohuge nirmaana karuwa balaa ganeewi…

        1. @manoj
          // අල්ල දෙවියන්ගේ කැමැත්තට හැමදේම වෙන්නේ..//

          වැරදියි. හරි කියමන “අල්ලාහ් දෙවියන්ගේ අනුමැතිය නැතුව කිසිම දෙයක් සිදුනොවේ”. ඔබ් කැමැත්තට කරන, එහෙත් අල්ලාහ් ප්රිය නොකරන ක්රියාවක් සිදුවීමට අනුමැතිය/අවසරය/අවස්ථාව ඔබට ලැබිය හැකියි. පල-විපාක චේතනාව අනුව තීරණය වේ. දෙවියන් පිට දමා ඔබට ගැලවිය නොහැක. මොන සෙල්ලමක් දාන්නත් ඔබට අවසරය ඇත්තේ මරණය දක්වා පමණි. එනිසා, ඉහලින් ඔබ කී දේ ආශ්රයෙන් ඔබ ගෙනා තර්ක සියල්ල අවලංගුයි. Sorry.

          1. @rizan
            අල්ලාහ් දෙවියන්ගේ අනුමැතිය නැතුව කිසිම දෙයක් සිදුනොවේ
            mamath kiyanne ekama thamay iraq wala maraa ganne allah ge anumathiya athiway….nathnam kohomada ehema wenne? kisideyak anumathiya nathuwa sidu newe nam bomaba pipri 44 eka dawase marune kohomada?

          2. @manoj
            කැමැත්ත/ප්‍රියතාව සහ අනුමැතිය/අවසරය/අවස්ථාව ලැබීම අතර වෙනස තේරෙන්නෙ නැද්ද? “ගසකින් වියලි කොලයක් වැටෙන්නේද අල්ලාහ්ගේ අනුදැනුම ඇතුවයි”. බෝම්බයක් ගැහුවම එහි ක්‍රියාකාරිත්වයට අදාල රීති සියල්ලේ පාලනය අල්ලාහ් සතුයි. ගහන බෝම්බය පිපිරෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. එහෙත්, ගහන කෙනාගෙ චේතනාව නිසා එම වගකීමෙන් ඔහුට ගැලවෙන්න බෑ. මෙලොව ජීවිතය සකසා තියෙන්නෙ එහෙමයි. සෑම කෙනෙකුටම තමා සිතන දෙය (චේතනාව) අනුව උත්සාහයේ යෙදීමට අවස්ථාව දී ඇත. හොඳ හෝ නරක යන දෙකටම උත්සාහ කිරීමේ අවස්ථාව ලබා දී ඇත. ඒ එක්කම එහි වගකීමත් එම කෙනා වෙතම පැවරේ. එය දෙවියන් පිට දමා ගැලවිය නොහැක. මෙය ඔබට තේරෙයි කියල මට නම් සැකයි.

  6. ඌරුවරිගේ වන්නියා, ඔබ “මේ තැන පිරිසිදුව තියෙන්න දෙන්න” කීමට පෙර තමන්ගේ පිරිසිදුකම ගැන සිතාබලනු මැන.

    1. ඌරු වරිගේ වන්නියාගේ පිරිසුදු කම ගැන කතා කරන්න ලොව සිටින අපිරිසුදුම ජාතියේ සාමාජිකයෙක් වන ඔබට ලැජ්ජා නැතිද ?

      1. ඉස්ලාමය තරම් පිරිසිදුකම ගැන කතා කරපු වෙන කිසිම දහමක් නෑ. හිතේ අමාරුවට කියාගන්න දෙයක් නැතිව, sinhalayaගේ කටින් වචන පිට වෙනවිට තමන්ගෙ නොදැනුවත්කමයි, මෝඩකමයි ප්‍රදර්ශනය වෙනව ඉතින්…

  7. අන්වර් කියන කතාව ඇත්ත වැද්දන්ට ආදිවාසීන් කියන්න බැහැ. මොකද එයාලා කුවේණිගේ දරුවන්. මෙතන වැදිනායකයා‍ගේ ප්ර කාශයකුත් එකතු කරලා තියෙන්නේ මුස්ලිම් අය කෙරෙහි වරද පටවන එක සාධාරණය කරන්නයි.

  8. මේ මොකක්ද මේ ? මේක මරළතෝනි දෙන අන්දෝනා මඩුවක් නේ

    1. @sinhalaya
      උණ හැදුනම ඕනම කෑමක් තිත්තයි වගේ, ඔබට එසේ දැනෙන්නේ ඔබේ මනසේ අසනීපය නිසා වෙන්නැති. බෙහෙතක් ගත්තොත් නරකද? (මේ වගේම සහන් කියල කෙනෙකුත් හිටිය. දැන් පේන්න නෑ. හිතන්නෙ බෙහෙත් අරන් සුව කරගෙන බවයි). නිකන් කියන්න, ඔබ බෞද්ධද? කතෝලිකද? දෙගිඩියාවෙන්ද? (එසේ ෂුවර් නැතිවීමත් අසනීපයේ රෝග ලක්ෂණයක් විය හැකියි). Tony R සහෝදරයාගෙන් කට උත්තර නැතිවෙන්න පිළිතුරු ලැබුනු පසුත් ලැජ්ජ නැතුව ඒ කැඩිච්ච තැටියම නැවතත් මෙතන වාදනය කිරීම, ඔබේ අසනීපයේ social disinhibition රෝග ලක්ෂණයේ කොටසක් විය හැකියි. කෝකටත් දොස්තර කෙනෙකුව හමුවුනොත් හොඳයි නේද? මේ තරහට කියනව නෙමෙයි. ලෙඩුන්ට අපි අනුකම්පා කල යුතුයි.

      1. @RIZAN
        Tony R සහෝදරයාගෙන් කට උත්තර නැතිවෙන්න පිළිතුරු ලැබුනු පසුත්

        බලාගෙන ඉන්න ඔයාලා වගේ හරක් පැටවුන්ට පෙන්නේ එහෙම තමයි. අන්වර් අපි දාන කොමෙන්ට් මකලා දාපුවම ඔය ගොල්ලන්ට තේරෙන්නේ “අපි දුන්නා එලට කියලා තමයි”

        මේවට අපිනම් කියන්නේ පාලු ගේ වලන් බිඳිනවා කියලා.

        1. @Sinhalaya
          අන්වර් සහෝදරයට මකන්නවත් ඔබ tony r සහෝදරයට පිලිතුරක් දුන්නෙ නෑ. ඔබට කල හැකි වූයේ එකම කැඩුනු තැටිය හැම තැනම නැවත නැවත වාදනය කිරීම සහ තමන් කතෝලික යැයි බොරු කියා ඉස්ලාමයට අපහාස කිරීමයි. කොන්ද කෙලින් තියාගෙන බුද්ධිය අමතා යමක් කියන්න තේරුමක් නෑ. ඒ ඔබේ බංකොලොත්භාවයේ ලක්ෂණයක්. ලැජ්ජ නැතුව දැන් මෙතන පොර ටෝක් දෙනව..

        2. බලාගෙන ඉන්න ඔයාලා වගේ හරක් පැටවුන්ට පෙන්නේ එහෙම තමයි. අන්වර් අපි දාන කොමෙන්ට් මකලා දාපුවම ඔය ගොල්ලන්ට තේරෙන්නේ “අපි දුන්නා එලට කියලා තමයි”

          මේවට අපිනම් කියන්නේ පාලු ගේ වලන් බිඳිනවා කියලා.
          ela ela…mamath kiyanna haduwe okama thamay….eka comment ekak api dammama me podi harak pataw 4,5 denek melo hasarak nathuwa liwwe monawada kiyala danne wath nathuwa comment 10, 15 daanawa….ithin hithaa gannawa api dunna bada yanna kiyala…koheda winishchakaruwaa pakshgraheey ne…satan karanne kohomada…

          1. මනෝජ් මම ඔබගේ කමෙන්ට් එකක් තාම මැකුවෙ නැහැ. සිංහලයාගේ කමෙන්ටුත් පුළුවන් තරම් පලකරනවා. මම හිතන්නේ මැකුවේ එකක් නැතිනම් දෙකක් පමණයි. අපි බුදු දහමට සහ එහි ශාස්තෘවරයාණන්ට අපහාස කරන්න මේ වෙබ් අඩවිය තුල ඉඩදෙන්නේ නැහැ. ඒ වගේමයි අල්ලාහ්ට අපහාස කරන්නත් දෙන්න බැහැ.

          2. @manoj
            ඔබලට සංවාදත් පේන්නෙ සටන් වගේද? ඒ කියන්නෙ කොහොමහරි දිනන එක තමයි අරමුණ. හරි දේ අවබෝධ වුනත් “සටන” ගෙනියන්නෙ තමන්ගෙ පිලට.. හිතේ තියෙන දේ එලියට දැම්මට ටැන්ක්‍යු.

            අන්වර් සහෝදරයා මකනව යැයි අඳෝනා දීම, නටන්න බැරි කෙනාට පොලව ඇදයි කියන එක තමයි.නටන්න ඉගෙනගන්න. sinhalaya වගේ බොරුවට තමන් කතෝලිකයෙක් යැයි කියා බයගුල්ලෙක් සේ සැඟවිලා අපහාසයන් කරනව වගේ බොලඳ වැඩ කරන්නෙ නැතුව. අන්වර් සහෝදරයා මැකුවේ එවැනි කොමෙන්ට් දෙකයි. එයත් tony r සහෝදරයට පිලිතුරු ලෙස නොවේ. ඔබ කියන පරිදි මෙලෝ හසරක් නැතුව කොමෙන්ට් දාන්නෙ කවුද කියන එක කාටත් පේනව. 🙂 ්

        3. අශ්වයාව වතුර තියෙන ස්ථානයට ගෙනගියාට, වතුර බොන එක අශ්වයාගේ වැඩක්!sinhalayaට විචාර බුද්ධියක් නැති උනාට අපි කුමකට ලතවෙමුද Rizan?

  9. මහියංගන නගරයේ මුස්ලිම් පල්ලියක් හැදීමේ ඇත්ත කථාව බොහොම අම්මරුවෙන් මම හොයා ගත්හා. මොකද හැම තැනකම තියෙන්නෙ සම්පුර්ණ ඇත්ත නොව තමන්ට අවශ්‍ය දේ පමණයි.(අන්වර් උනත් එහෙමමයි වෙනසක් නැහැ.)
    අලුතින් පල්ලි හදන්න මුස්ලිම් මිනිස්සු කපටි කමක් කරන්නෙ.මුලින් හෙමින්ම දහම් පාසලක් හරි පෞගලික නැමදුන් ස්ථානයක් හරි අරිනවා.(කව්රුත් විරුද්ධ වෙන්නෙ නැහැනේ.) ඊට පසු හෙමින්ම ඒක පල්ලියක් බවට පරිවර්තනය කරනවා. කිසිදු සුදුසු නුසුදුසු කමක් බලන්නෙ නැ.ඉස්සරකාලේ නම් මුලින් මුලින් සිංහල බෞධයන් නිහඬව හිටියා.පල්ලි නිකායේ හාමුදුරුවරුත් උදව් උපකාර කළා.

    මුස්ලිම් මිනිසුන්ට කෙල උනේ මහියංගනයේ නගරේදී පුත්ගලික නැමදුන් ස්ථානයක් පල්ලියක් බවට හරවන්න ගිය විටයි.ඔවුන්ට අමතක උනා මහියංගනය කියන්නේ සිංහලයන් විසින් ඉංග්‍රීසින්ට කේලම් කිවූ හජ්ජි මුහන්දිරම් උල තියා මරපු තැන කියල. එක තමයි රිටන් එක නියමෙට ලැබුනේ. හජ්ජි මුහන්දිරම් උල තියා මරපු සිංහලයන්ගෙන් පවත එන්නන් තවමත් මහියංගනයේ ඉන්නවා.

    මේ උත්තරය අන්වර්ට දිරවන්නේ නැහැ.ඒ නිසා පුරුදු විදියට මේක පල නොකරාවි. හැබැයි මේක පල නොකලා කියල මහියංගනයේ ශුද්ධ නගරය තුල මුස්ලිම් පල්ලියක් අටවන්න නම් බැහැ.

    1. මහියංගනයේ ශුද්ධ නගරය තුල මුස්ලිම් පල්ලියක් අටවන්න බැහැ. ඒක එහෙනම් ශුද්ධ වෙන්නේ කොහොමද?

      1. මා මගේ පිළිතුර ඔබ පල නොකරැයි යයි සිතුවත් ඔබ ඒක පල කලා. ඒකට ස්තුතියි.

        “මහියංගනයේ ශුද්ධ නගරය තුල මුස්ලිම් පල්ලියක් අටවන්න බැහැ. ඒක එහෙනම් ශුද්ධ වෙන්නේ කොහොමද?”

        පිළිතුරු

        1. බුදුරජානන් වහන්සේ ජීවමානව සිටියදීම මහියංගනයේදී සුමන දෙවියන්ට දුන් කේශ ධාතු මිටක් නිදන් කර තමයි මෛයන්ගනයේ චෛත්‍ය හදලා තියෙන්නෙ.එමෙන්ම බුදුරජුන් විසින් පරිභෝග කල පාත්‍රා ධාතුවද එම චෛත්‍යයේ නිදන් කර තිබෙනවා. එබැවින් එම චෛත්‍ය තියෙන පුජා නගරය ශුද්ධ එකක්.

        2.1818 උඩරට විමුක්ති අරගලයේදී වෙල්ලස්සයේ සිංහලයන්ට එරෙහිව ඉංග්‍රීසින්ට ඔත්තු දුන්නේ හරක් වෙළඳාමේ පැමිණි මුස්ලිම් අයය. ඉංග්‍රීසින් විසින් මොවුන්ගේ නායකයකුවූ හජ්ජි නැමැත්තාට මුහන්දිරම් තනතුරක්දී ඔහු මහියංගනයේ පාලකයා බවට පත් කළා.සටන් කල සිංහලුන්ට බයේ නිරුවතින් දුවගොස් සැඟවීමට තැත් කල මේ කාලකන්නියා සිංහලුන් විසින් මහියංගනයේදී උල තබා මරා දැමුවා.ඔහුට උපකාර කල විල්සන් නම් ඉංග්‍රීසි යුද නායකයා වෙල්ලස්සේදී උඩරට විමුක්ති අරගලයට එක්වූ වැදී නායකයකු විසින් හි තලයකින් විද මරා දැමුවා. ඔහුට ගරු කිරීමට ඉංග්‍රීසින් විසින් නම් කල විල්සන් තැන්න ආද හැඳින්වෙන්නේ කැප්පෙටිපොල කියල. පසුව ඉංග්‍රීසින් විසින් වෙල්ලස්සේ සිංහලයන් මර්දනය කිරීමට තැන් තැන් වල මුස්ලිම් ගම්මාන ඇතිකර ජනයා පදිංචි කළා. පරගම්මනට මුස්ලිම් මිනිසුන් ආයේ ඔය විදියටයි. මේ මුස්ලිම් මිනිස්සු කවදාවත් සිංහලයන්ට හිතවත් අය නෙමෙයි.

        මේ කාරනා දෙකින් මෛයන්ගන නගරයේ ශුද්ධ බව ඔබට ව්ටහෙවී.

        1. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩි බවට කිසිදු ඓතිහාසික සාක්ෂියක් නැතැයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් පැවසුවා. මේවා මිනිසුන් විසින් හිතේ මවාගත්තු මනස්ගාත. ඒකෙන් මහියංගනය පිරිසිදුයි කියනවා නම් ඒ මන්ද බුද්ධිකයන් බව කිව යුතුයි. මන්ද මේ සියළු මනස්ගාත සැබෑ බුද්ධ දර්ශනයට අනුකූල ඒවා නොවේ. හැකිනම් බුදුන් වැඩි නිසා තැනක් පිරිසිදු වුවා යැයි කියන ස්ථානයක් ත්රිනපිටකයෙන් පෙන්වන්න.

        2. @Wathsala
          ඕහෝ !බුදුන් වැඩි ශුද්ධ බිමේ උල තියලා මිනිමරනවා !සතෙක්වත් මරාගෙන කන්න එපා කියපු බුදු ධහමේ වේනත් අගමිකයෙක් ව මරන්න කියලා තියෙනවද ?මාරය් නේ වෛරයෙන් වෛරය නොසන්සිදේ කියපු ශාස්තෘවරයට කරන ගෞරවය .මේ මහාවංශය කියන පොත ලියපු බේබද්ධා තමය් සින්හලයව අබෞද්ධ කරේ .දැන් ලංකාවේ ඉන්න මෝඩහැත්ත හිතාගෙන ඉන්නේ බුද්ධාගම කියන්නේ දකින දකින බෝ ගහට ,පිළිමවලට විතරක් නෙමෙය් ,බේබද්ධා ,ස්ත්‍රී දුෂකයා ,ළමා අපයෝජකයා ,මැරවරය මොකාට වුනත් සිවුරක් ඇඳ ගත්තොත් වැඳ වැටෙන එක තමය් .මේ වගේ බංකොලොත් අයට අන්‍ය ආගමික සිද්ධස්ථාන වහ කඳුරු වීම පුදුමයක් නොවේ .යන් යන් ඔහොමම .විනාශය අත ළඟ .

        3. @Wathsala
          මුස්ලිම් අය උඹලට කවදාවත් හිතවත් අය නෑ කියලා කියන්නේ ඔය බේබදු සාරගේන් ඉතිහාසය ඉගෙන ගෙන වෙන්නැති .සක්කිලි උඹලගේ පැත්ත අරගෙන කොටින්ට විරුද්ධ වුණු නිසා තමය් අන්ත අප්‍රමාණ දුක් මුස්ලිම් මිනිස්සුන්ට විඳින්න වුණේ !ඒ මදිවට අපේ නායකයෝ, මිනි මරු තිරිසනුන් කියා අන්තර් ජතික ප්‍රජාව හංවඩු ගැසූ උඹලගේ කුණු හෝදලා ජිනීවා එකේදී මුස්ලීම් රටවල් වල ඡන්දය අරන් දුන්නා .උඹලගේ මහින්දයා ජපානයට ගිහින් ඡන්දය ඉල්ලලා වැඳ වැටුණත් උන් ඡන්දය දුන්නද උඹලට පක්ෂව .උඹලගේ බෞද්ධ යැය් කියන රටවලුත් උඹලා තිරිසනුන් කියලා පිළිගත්තු නිසානේ .ඒකට අවුරුද්දක් වත් යන්න කලින් උඹලා මුස්ලිම් අයට විරුද්ධව වැඩ පටන් ගත්තු හැටි !උඹලා වගේ තිරිසනුන්ට කොහේද කළගුණ සැලකිල්ලක් දන්නේ .එදා ට් .බී .ජායා සුද්දන්ට කරපු ප්‍රකාශය නැත්නම් උඹලට එක්සත් ශ්‍රී ලංකාවක් අද තිබේවිද ?දෙමළ මිනිස්සු එක්ක එකතුවෙලා අපිත් උඹලත් එක්ක යුද්ධ කරොත් උඹලට යුද්ධයෙන් ජය ගන්න පකිස්ථානයෙන් උදව් ලැබිලා තිබේවිද ?එදා උඹලට හම්බ රටවල් වලින් උදව් ගන්න එපා කියලා වර්ජනය කරන්න තිබ්බනේ !සිංහලයා කියන්නේ තිරිසන් සතාට ජාතක වු උන් කියලා මොකා වුණත් අර මහා වංශය ලියපු එකා කියපු එක සහතික ඇත්ත .උඹලා අපිට බනින්න පාවිච්චි කරන ‘මරක්කලේ ‘වචනයත් කොහොමද හැදුනේ කියලා හොයලා බලපන් .බේබදු ඥානාසරට හෝය්ය කියන උඹ ගැන මොන කතාද ?

    1. @Aizaz Ahamed
      සමහර පොත් කියවා පිස්සු වැටුණු අය, අන් අය පිස්සන් ලෙස දකිති.

      1. Anna hari, theruna nam hari, madyasarage gon talk ahala jathiye hiwallu wana obata apage anukampawa. :p thota thoge agamawath konda pana ethuwa kiyanna be, pala pala pol kattakata muthrakarala budiyaganin.

  10. @Anver
    අන්වර් මම ඔබගේ අල්ලාහ් ට අපහස කලේ නෑ .බොරු කියන්න එපා. නමුත් ප්‍රශ්න කල බව ඇත්ත. ප්‍රශ්න කිරීමකින් තොරව යමක් පිලිගන්නෙක් සිටීනම් එක්කෝ ගොන් තඩියෙකි නැතහොත් පිස්සෙකි.
    (1). ඔබ ඉස්ලාම් වැළඳ ගත්තේ ප්‍රශ්න කරීමකින් තොරවද ?
    (2).ප්‍රශ්න කිරීම අපහාස කිරීමක් ලෙස දැකීමට තරම් ඔබේ දහම දැනුමින් දුප්පත් ද ?

    1. මම ඔබ ලියු දේ නොලියන්නේ එමගින් අල්ලාහ්ට අපහාස වන නිසයි. ඔබ සිතන්න මා එවැනි ආකාරයට බුදුරජාණන් වහන්සේ ගැන ලිව්වා නම්? බොරුවට වචන හරඹ කරමින් වෙලාව කන්න එපා.

  11. මහියංගන ජුම්මා මස්ජිදය වසා දැමීම ගැන ලාංකීය මුස්ලිම් වරු සෝකයට පත්වී ඇති මොහාතේ, ගිය ඉරිදා තිනකරන් වාරමන්ජරි නම්වූ ලේක්හවුස් ආයතනය විසින් පලකරන ආණ්ඩුවේ දෙමල මාද්‍ය හොරනේවක් වන තිනකරන් වාරමන්ජරි පුවත් පතේ මෙම මහියංගන නගරයේ මුස්ලිම් පල්ලියේ ගොඩනැගිල්ලේ අයිති කරු කියන පුද්ගලයා විසින් මීට පෙර කවදාවත් මහියංගන පල්ලියක් තිබුනේ නෑ කියමින් දිවුරුම් ප්‍රකාශයක් බුද්දසාසන අමාත්‍යාංශයට ඉදිරිපත් කල බවට පුවතක් පළවිය.තවද එම දිවුරුම් ප්‍රකාශය මුල් කරගෙන බුද්ධ ශාසන අමාතයන්සයේ නිලදාරීන් මින් මතුවට මෙම පල්ලිය සම්බන්ද ප්‍රශ්නය කිසිවකු කතා නොකළ යුතුයයි ප්‍රකාශකළ බවත් එම පුවතේ සඳහන් විය.

    එම දිවුරුම් ප්‍රකාශය ඉදරිපත් කල කෙනා පල්ලියට තර්ජන පැමිණි වෙලාවේ පල්ලියේ අයිති වාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වූ පුගලයා වීමද පුදුමයට කරුණකි. සිනි මුහම්මදු නම්වූ මේ පුද්ගලයා මුලින් පල්ලිය වෙනුවෙන් පෙනී සිට පසුව පල්ලියක් තිබුනෙම නැත කියා දිවුරුම් දී, පසුව ඔහුගේ දුරකථනය පවා විසන්දි කර කිසිවෙකුට උත්තර නොදීමුනිවත රකිමින් ඉන්නා බව කියවේ. මොන තරම් බලපෑමක් හා තර්ජනය කිරීමක් සිදුවී තිබේද යන්න මෙයින් පැහෙදිලි වේ.

    මෙය සමාන වෙන්නේ, එක්තරා අමාත්‍යවරයෙක් විසින් ගස් බැඳපු පුද්ගලයා, පසුව තමා විසින්ම ගහේ බැදගත්තා යනුවන් ප්‍රකාශ කරීම හා එම අමාත්‍යවරයාගේ පුත්‍රයා විසින් අඬු කැඩෙන්න ගුටි කෑ හමුදා නිලදාරියා පසුව තමා විසින්ම තමාට තඩි බාගත් බවට ප්‍රකාශ කිරීම් වැනි සිද්දීන්ටය.

    මුස්ලිම් වරුන්ට බෝව්ධ ත්‍රස්තයින්ගෙන් තර්ජන හා ප්‍රශ්න ඇතිවන අවස්තාවලදී, නියෝජ්‍ය ඇමති දූරයක් දරන මුස්ලිම් නමකින් පෙනී සිටින ෆෛසල් මුස්තෆා නම් නියෝජ්‍ය ඇමති වරයා, ජනාදිපති වරයා වෙනුවෙන් ඉදිරිපත් වී, ආණ්ඩුවේ ත්‍රස්ත කණ්ඩායම් වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රශ්නය මහින්දට හා ත්‍රස්ත කණ්ඩායම්වලට වාසි වන අන්දමට විසඳීම ඔහුගේ කාර්යයි.

    මීට පෙර මහරගම ෆැෂන් බග් ආයතනයට ත්‍රස්තයින් විසින් පහර දුන් මොහතේදී, පොලිසියට හා උසාවියට නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ නොදී එම ආයතනයේ අයිති කරු ඉදිරියට පැමිණ තමන්ගේ දුරකතනයෙන්ම මහින්දට කතාකර ආයතනයේ අයිතිකරුට තර්ජනය කර පැමිණිල්ල ඉල්ලා අස්කරගත්තේ නැත්තම් මීට පසුව ව්‍යාපාරය කරගෙන යාමට කරදර වේවි කියමින් පැමිණිල්ල ඉල්ලා අස්කරගනීමට බලකර, උසාවියේ දඬුවම් කිරීමෙන් වලක්වා මහින්දගේ ගෝලයන්ව බේරාගත්තේ මෙම නියෝජ්‍ය ඇමති වරයාය.

    මෙදා පාරද මහියංගන පල්ලිය වසා දැමීමේ සිද්දීයෙදී, මහින්දගේ පැත්තන් මහියංගන පල්ලියේ දායක සභාවට බලපෑම් කිරීමට මෙම නියෝජ්‍ය ඇමතිවරයා ඉදිරිපත් වූ බවට දෙමල මාද්‍ය වෙබ් අඩවිවල සඳහන් වී තිබුණේය.

    ඉහත කී දිවුරුම් ප්‍රකාශය සම්බන්දව දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කළායයි කියවෙන සීනි මුහම්මදු යන පුද්ගලයා මුනිවත රකින අතරම, ජෆ්නා මුස්ලිම් වෙබ් අඩවියේ මේ සම්බන්ද පුවත සමග මහින්ද, ෆෛසල් මුස්තෆා හා තිනකරන් වාරමන්ජරි කර්තෘ සෙන්තිල් වේලර් යන තුදෙනාම එකට ගත් චායාරූපයක්ද පල කර තිබීම විශ්ෂයකි.

Comments are closed.