අපගෙන් වැටෙන පාංකෑලි කන පාංකඩ බ්ලොග් කාරයන්ට පණිවිඩයක්!

අන්වර් මනතුංග බ්ලොගය
අන්වර් මනතුංග බ්ලොගය

අප කෙතරම් බලවත් වී ඇතිද යන්න සනාථ කිරීමට හොඳම සාධකය නම් අපගේ පාඨක සමුහය පමණක් නොවේ. අද අන්වර් මනතුංග බ්ලොගයෙන් වැටෙන පාං කෑල්ලක් කා ජීවත් වීමට තරම් පාංකඩ බ්ලොග් කාරයෝ පිරිසක්ද අන්තර්ජාල සිංහල අවකාශයේ බිහිව තිබීමයි. අද ඔවුන්ගේ මෙහෙය වී ඇත්තේ මා සහ සහෝදර ලේඛකයන් විසින් ලියන්නේ කුමක්දැයි බලා ඒ පිළිබඳව වමාරාකෑමේ විචාරයක් ලියා තැබීමයි. ඒවා කියවා මනෝ චූන් ගැනීමට සුළු පාඨක පිරිසක්ද ඔවුන්ට බිහිව ඇත.

 

අන්වර් මනතුංග යනු උපතින්ම සිංහලයෙකි. ඔවුන්ට දරාගන්නම බැරි දෙය නම් සිංහලයෙකු වශයෙන් ඉපදුනු අයෙක් අද මුස්ලිම් සමාජය වෙනුවෙන් කථා කිරීමට ඉදිරිපත් වීමයි. එහෙත් මම කථා කරන්නේ මුස්ලිම් සමාජය වෙනුවෙන් නොව හෘදය සාක්ෂිය වෙනුවෙනි. මට පමණක් නොව මුස්ලිම් සමාජය වෙනුවෙන් කථා කරන ඕනම සිංහලයෙකුට මඩ ගැසීමට ඔවුන් ඉදිරිපත් විය. ඔවුන්ගෙන් මඩ කෑ බොහෝ දෙනෙකු නිශ්චල වුයේ එම මඩ දරා ගැනීමට ශක්තියක් ඔවුන්ට නුවු හෙයිනි. නමුත් ඒ මඩ කිසිවකින් අන්වර් මනතුංග වැට්ටවිය නොහැකි විය. ඒ නිසා අද ඔවුන් මඩ ප්‍රචාර වලට අමතරව අන්වර් මනතුංගට බලිතොවිල්, වස්දොස් කවි, හදිහුණියම් පවා කරති. ඔවුන් තම පාඨකයන්ට පෙන්නන්නට උත්සාහ දරන්නේ තමන් විසින් අන්වර් මනතුංගට එල්ල කරන මඩ ප්‍රහාර වනාහී ජාතික මෙහෙවරක් ලෙසයි. ලියනවා නම් ජනතාව අවදි කිරීමට ලිවිය යුතු කාරණා බොහෝය. නමුත් ඒවා ගැන සොයා ලිවීමට ඔවුන්ගේ අත නොනැමේ. සමහර විට ඒවා ලියා තමන්ට අන්තර්ජාලය තුල පොරක් වීමට බැරි බව ඔවුන් සිතනවා විය හැක.   

 

ඔවුන් කරන මේ සියල්ලෙන් ජනතාවට පසක් වන්නේ අනුසෝතගාමී ඔවුන් ඉදිරියේ පටිසෝතගාමී ලේඛණයක යෙදෙන්නේ මා පමණක් බවයි. ලොවට යහපතක් කරන්නට බිහිවු සෑම කෙනෙකුටම දුෂ්ඨයන් පිරිසක්ද සිටියහ.  දුෂ්ඨයන්ගේ උත්සාහය යහපත් අරමුණු බිඳවැට්ටවීම වුවද සිදුවන්නේ යහපතක් කරන්නා පන්නරය ලැබීම පමණි. ඔවුන් කරන්නට හදන්නේ මගේ ප්‍රතිරූපය බිඳවීමට වුවද මා සලකන්නේ ඔවුන් මගේ ප්‍රතිරූපය නංවන්නන් ලෙසයි. මන්ද ඔවුන් මා ගැන ලියන ලද ලිපි කියවන අයද පසුව මගේ පාඨක පිරිසට එක්වන නිසාවෙනි. අද ලංකාව තුල අන්වර් මනතුංග බ්ලොගය වාරණයට ලක්කර ඇති නිසා පාඨකයන්ට සෘජුව අප බ්ලොගය කරා ඒමට නොහැකි වී ඇත. ඔවුන් මෙම බ්ලොගයට එන්නේ විකල්ප මාර්ග වලිනි. පාඨකයන්ට එසේ අප වෙත සෘජුව පැමිණීමට කෙතරම් බාධක තිබුණද ඔවුන් සියල්ලන් ඉදිරියේ අප ඉහලටම ඔසවා තබා තිබෙන පාඨක සමාජයට අපගේ ප්‍රණාමය පලකරමු.

 

බ්ලොගයට ඒමට අපහසු සැවොම දැන් ෆේස් බුක් හරහා අප සමග සංධානගත වෙමින් පවතී. එදා අන්වර් මනතුංග බ්ලොගය නිදහසේ අන්තර්ජාල අවකාශයේ සැරිසැරූ අවස්ථාවටත් වඩා වැඩි පිරිසක් අද අපේ ෆේස් බුක් පිටුවට පැමිණෙමින් පවතී. මේ නිසා දුෂ්ඨයන්ගේ අරමුණු බිඳවැටී ඇත. අන්වර් මනතුංග බ්ලොගය වාරණය කරගැනීමෙන් ඔවුන් කරගෙන තිබෙන්නේ නා ගැනීමකි.

 

විශේෂයෙන්ම මා මේ ලිපිය ලියුවේ පාංකඩ බ්ලොග්කාරයන්ට පණිවිඩයක් දීමටයි. එනම් “නුඹලාට සැබෑ ලේඛකයන් වෙන්නට අවශ්‍ය නම් යකෝ අනුන්ගෙන් වැටෙන පාංකෑලි කන පාංකඩයන් වෙන්නේ නැතිව තමන්ගේ අනන්‍යතාවයක් හදාගෙන සමාජයට යහපතක් වන දේවල් ලියපල්ලා” යන පණිවිඩයයි. මේ පණිවිඩය අසා ඔවුන්ට වෙනස් වී කටයුතු කරන්නට හැකිවා සේම නැතිනම් පැරණි විදිහටම අන්වර් මනතුංග බ්ලොගයෙන් වැටෙන පාංකෑලි කකා අපගේ ප්‍රතිරූපය නංවමින් පාංකඩයන් සේ සිටීමටද පුළුවන් බවද දන්වමි.   

 

 

 

 

 

 

39 Comments to “අපගෙන් වැටෙන පාංකෑලි කන පාංකඩ බ්ලොග් කාරයන්ට පණිවිඩයක්!

  1. Allmmight direct your path .hence keep write you will get right reward .god bless you.

  2. niyamai sahodaraya aththa thamai e ownge molawal jathiwadayen walmath wela thiyenne aththa thiththai

  3. niyamai sahodaraya aththa thamai e ownge molawal jathiwadayen walmath wela thiyenne Anwer sahodarayawa kapala dunnoth latest bauddayo tika Kai

  4. ආඩම්බරය් අන්වර් .තවත් ලියන්න අපි කියවන්නම්.කියවල නොකියවන අයට කියා දෙන්නම්.

  5. මාතෘකාව බැලුවහම තේරෙනවා කොතරම් වෛරයක් හිතයට තියනවාද කියලා…
    අම්මෝ………..!
    අන්වර් ටිකක් සන්සුන් වෙන්න. නැතිනම් ඔබතුමාගේ හිතේ කැකෑරෙන වෛරයට, ඔබතුමාගේ මොලේ නහරයක් පුපුරලා මරිලයයි….

    1. අන්වර්ට තරහා යවන්න හිතුවා මදි! මට මේවා දැක්කම හිනා යනවා. මේ අන්තවාදී සෙට් එක මට කිසිවක් නැති කරලා නැහැ. ඔවුන්ට කරන්නත් බැහැ. අන්වර්ට එක දොරක් වහන කොට දොරවල් දහයක් ඇරෙන බව මතක තියාගන්න. ඔය අන්තවාදී මන්දමානසිකත්වයේ ඉන්න සියල්ලන්ටම වඩා හොද ජීවිතයක් දෙවියන් මට ලබාදී තිබෙනවා. ඉතිං මට කේන්ති යන්නේ මොකටද?

      1. දෙවියන් ඔබට ලංකාව තුල Block කරපු වෙබ් අඩවියකුත් ලබාදීලා තියෙන්නේ… බොහොම සතුටුයි !

        1. මා හට බ්ලොක් කරපු අඩවියක් දීලා ඒ අභියෝග ජයගන්න තාක්ෂණය සොයා ගැනීමේ මොලයත් දීලා තියෙනවා.

  6. අන්වර් අයියේ උඹ අන්තවාදියෙකු නොවෙයි නම් මේ පොස්ටුව පළ කරපන්.
    අපිට ආගම් එපා , ආගම් නිසා මිලියන කී දාහක් මේ පෘතුවිතලයේ මරා දැමුවද
    ජෙහොවගේ නාමයෙන් , අල්ලගේ නාමයෙන් කොපමණ මිනී මේ වෙනකොට මරලා ඇද්ද
    දැන් බො . බ .සේ රුධිරය ඉල්ලලා කෑ ගහනවා.
    අපි ඔක්කොම එකතුවෙලා
    කුරානය ගිනිතියමු
    බයිබලය විසි කරමු
    ත්‍රිපිටකය අයින් කර දමමු
    ආගම් බැහැර කරමු
    අපි මිනිසත්කම සොයාගෙන යමු

    1. අසේල මල්ලි ඇයි සමානව සලකන්න බැරි? බලන්න ඔයාගේ ප්‍රකාශය දිහා!

      කුරානය ගිනිතියමු
      බයිබලය විසි කරමු
      ත්‍රිපිටකය අයින් කර දමමු

      මේකෙන් පේනවා නේද? ඔයාගේ හිතේ තිබෙන විෂම භාවය?

      ලංකාවේ සියවස් ගණනක් මිනිසුන් ආගම් අදහගෙන ලස්සනට හිටියා. අද විදෙස් ඒජන්තයන්ගේ ලණු කාලා කට්ටියක් පිස්සු කෙලිනවා. මේවට ආගම් පලි නැහැ. ආගම් තියෙන්නේ මිනිස්සු හදන්නයි. ආගම් ඇදහුවක් මිනිස්සු වෙනස් වෙන්නේ නැතිනම් ඒක මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්. ඒ වුණාට ආගම් අදහගෙන යහපත් විදිහට ඉන්න මිනිස්සු ඉන්නවා. විෂම අදහස් ඇති අය ටිකක් වුණත් බහුතරය හොද මිනිස්සු. හෙම්බිරිස්සාව කියලා නහය කපාගෙන වැඩක් නැහැ.

      මම දන්නවා මේ පෝස්ට් එකට විවිධාකාරයේ කමෙන්ට් එන බව. මන්ද පාංකඩ බ්ලොග් කාරයෝ ඇවිස්සෙන්න පුළුවන්. ලියන විදිහෙන් ඔයත් ඒ ගොඩේ එක්කෙනෙක්දැයි සැකයක් මතුවුණා.

    2. @Asela
      ඇය් බුදු හාමුදුරුවෝ ,ලංකාවේ අය්තිය බෞද්ධයන්ට ලියලා දුන්නු එකේ ප්‍රතිපලයක් හැටියට විජය ලංකාවට ආපු දවසේ ඉඳල අද වෙන තුරා ලංකාවේ බෞද්ධයෝ කරන ලේ ගැලීම් ටික අමතක වුණාද සහෝදරයා ?බුරුමයේ චිරාතු බුදුන්වහන්සේ වෙනුවෙන් කරන ම්ලේඡ්ච ඝාතන ගැන කියන්න හිත ඉඩ දෙන්නේ නැද්ද අසේල ?

    3. @Asela

      ලෝකයේ දරුණුතම මිනිස් සංහාර, එනම් පළමුවැනි සහ දෙවැනි ලෝක යුද්ධ සිදුවූයේ නිරාගමික හේතූන් මත. ඊට අමතරව විසි වැනි සියවසේ සිදුවූ යුද්ධ සහ ඝාතන බොහොමයක් සිදුවූයේ නිරාගමික ආගම් විරෝධය පදනම් කර ගෙන. උදා: සෝවියට් දේශයේ කිතුනුවන් විනාශ කිරීම, චීනයේ බෞද්ධයන් විනාශ කිරීම. එනිසා නිරාගමික චින්තනයත් ඉවත් කරමුද ?

      නිරාගමිකයන් (atheiests) බොහෝ විට යුද්ධ ගැන පවසා ආගම් වලට ගැරහීමට උත්සහ කලත් ඒ තර්ක හරි බොළඳයි. ඉතිහාසය පුරා මිනිසුන් විවිධ හේතු නිසා ගහ මරා ගත්තා. කුල ගෝත්‍ර අරගල, භූමි අරගල සහ එකී නොකී හේතු දහසක් මැද ආගම එක් හේතුවක් පමණි.

    4. අසේල මල්ලියේ මොකද මේ ඩෝන් ගියේ .ගොඩක් ආදරේ නිසා වෙන්නැති නේද උඹ කියල ඇමතුවෙ අන්වර් සහෝදරයට එයාව තරහගස්සන්න ලේසි නෑ ..

    1. ඇයි ඇලෙක්සා පෙන්නන්නේ? අන්වර් මනතුංග බ්ලොගය ලංකාවේ තහනම් බව දන්නේ නැද්ද? ස්ටැටිස්ටික්ස් හරියට බලන්න නම් ගෝඨට තහනම අයින් කරන්න කියන්න. එතකොට සයිස් එක පෙන්නන්නම්!

      1. හරි මම කිව්ව හෙට අයින් කරන්නන් කිව්ව හොදෙ දැන් නාඩ හිටහන්

  7. Prasangala Wage Aya Anver Sahodarayage Blog Ekata Comment Daana Nisama Thamai Ada Me Blog Eka Metharam Janapriyathvayak Labaagena Thiyenne.
    Prasanga Ithin Kaatada Aadambare..???
    Liyapan Puthe Thawath !
    Dennam Domben Smurruththng Wena!!!!

  8. අන්වර් මම ඔබව ඉස්කෝලේ යන කාලේ ඉදලා දන්නවා. නමුත් මේ බ්ලොග් එක ගැන දැනගත්තේ ඔබ ගැන ඔවුන් ලියු ලිපියක් කියවීමෙන්.

  9. අන්වර් අයියේ එක්කෝ උඹ සල්ලි වලට මුස්ලිම් ආගමට ගිහිල්ලා මුස්ලිම් අන්තවාදයේ ගැලරියට ගහලා තව විසි කරන සිල්ලර කාසි ඇහිඳ ගන්න කෙනෙක්. එහෙමත් නැත්නම් බො බ සේ වගේ අන්තවාදී සංවිධානයක ඒජන්ත කෙනෙක්. උඹේ වැඩ ගැන බැලුවම මාර සැකයක් එනවා. මෙතන සිංහල මුස්ලිම් විරෝධයක් ෆෝම් කරලා ආගම දෙක අවුලුවලා උඹ කරන්න ගලගොඩ අත්තේ – දිලන්ත – නොර්වේ කොන්ත්රතුව. උබේ ලිපි වලට ඔය මාලිගාවත්ත , අකුරණ වගේ පැති වල ඉන්න වැඩිය ලෝකේ ගැන දැනුමක් නැති මුස්ලිම් කොල්ලේ හුරේ දානවා. ඒ කොල්ලො සහ බො බ සේ එක පස්සේ ගිහිල්ල මස් කඩ ගිනි තියන කොල්ලෝ අතර බුද්ධිමය වශයෙන් වෙනසක් නැහැ. මගේ යාලුවෝ ගොඩක් ඉන්නවා ඉස්ලාම් ආගම නියම විදියට අදහන. උන් උඹ වගේ ගැලරි වලට ගහ ගහ කබ්බෝ ෆෝම් කරන්නේ නැහැ. දැන්වත් උඹ ඔය කියන ඉස්ලාම් ආගමේ හරය හොයාගෙන පලයන්. මෙතන ආගම් යුද්යක් ඇති කරවලා ගලගොඩ අත්තේ – දිලන්ත – නොර්වේ කොන්ත්රතුව කරන්නේ නැතිව.

    මේ කොමෙන්ට් එක දාපන් කරුණාකරලා (දැන් ඔය මාලිගාවත්ත , අකුරණ වගේ පැති වල ඉන්න වැඩිය ලෝකේ ගැන දැනුමක් නැති එවුන් ලවා මට බුරවපන්)

    1. ඔබගේ ප්‍රතිචාරය ගැන මට හිනහා යනවා. මාලිගාවත්තේ අකුරණ ඉන්න අය වැඩි දැනුමක් නැති අය කියන්න ඔබට තියෙන දැනුම මොකක්ද? ඒකට කියන්නේ අධිමානය කියලයි. තමන් දැනුමැත්තෙක් අනෙක් අය ඔක්කොම මෝඩයෝ කියලා හිතන්නේ පිස්සෝ. ඔබ මෙතන ප්‍රතිචාර දක්වන්න ආවේ මහා මධ්‍යස්ථ වාදියෙක් විදිහට නමුත් ඔබගේ ප්‍රතිචාර වල අන්තවාදී හෙළුව හොදට පෙනුනා. ඔබට මා ගැන තියෙන්නේ වෛරයක්. බොබසේ පැත්තෙන් ආවොත් වදිනවා කියලා දන්න නිසා මහා මධ්‍යස්ථයෙක් වගේ එන්න හදනවා.

      මල්ලි මට දාන ටෝක් ඉස්සෙල්ලා ගිහින් ඥානසාර ඉස්සරහා දාලා බලන්න. කණ හරහා පාරක් කාගන්න පුළුවන්. මම වගේ මෙහෙම උත්තර දෙන්න එයාලාට ඉස්පාසුවක් නැහැ.

  10. @අන්වර්

    “අන්වර් මනතුංග යනු උපතින්ම සිංහලයෙකි. ඔවුන්ට දරාගන්නම බැරි දෙය නම් සිංහලයෙකු වශයෙන් ඉපදුනු අයෙක් අද මුස්ලිම් සමාජය වෙනුවෙන් කථා කිරීමට ඉදිරිපත් වීමයි. එහෙත් මම කථා කරන්නේ මුස්ලිම් සමාජය වෙනුවෙන් නොව හෘදය සාක්ෂිය වෙනුවෙනි.”

    ඔබ කලින් බෞධයෙකුව සිටි බව මෙතැනදී කියා නැත.

    ඔබ කලින් බෞධයෙකුව සිටි අයෙක්ද? එසේ නම බුධාගමේ ඇති කුමන කරුණක් ඔබ නොපිළිගත් නිසා මුස්ලිම් ආගමට ගියාද?
    නැත්නම්

    ඔබ මුස්ලිම් ආගමට ගෙයේ වෙනත් ලාභයක් නිසාද? (ගැහැනියක්, මුදල්,තනතුරු,රැකියාවක්)

    මේක හෙළි කරන්න/

    1. ඔබට මෙසේ අසන්නට සදාචාරාත්මක අයිතියක් නැත. මිනිසුන් දහමක් අදහන්නේ ස්වකීය ආත්ම විමුක්තිය වෙනුවෙනි. ඔබ ඒ බව නොදන්නේ අන්තවාදය ආගමක් කර කරපින්නාගෙන සිටින නිසයි. මිනිසෙකු ආගමක් දරා සිටින්නේ ලාභය පිණිස යැයි ඔබට සිතෙනු පෙනේ. ඒ ඔබට ඇති අත්දැකීම් නිසාවෙනි. මට එසේ නොවේ.

      1. තමන් අදහන ආඩම මාරු කිරීමට පුද්ගලයන්ට නිදහස තියෙනවා. එහෙම කරපු බොහෝ දෙනා තම පළමු ආගම ඇත හැරියේ මන්ද කියා ලෝකයට හෙළි කර තියෙනවා. ඔබ එසේ නොකරන්නේ මන්ද? ඔබ ක්‍රිස්තියානි ආගමට හෝ වෙඅන්ත් නිර්මාණ වාදී ආගමකට ගරහන්නේ නැහැ.ඔබ ගරහන්නේ බුදු සසුනට, එනම් භික්ෂුන් වහන්සේලාට විතරමයි. එබැවින් ඔබ මිට කලින් නිර්-ආගමිකයෙක් වෙලා හිඳ මුස්ලිම් ආගමට ගියාද නැත්නම් බුද්ධාගම ගැන කලකිරී මුස්ලිම් උනාද කියා අන් අයට දැනගැනීමට අයිතියක් තියෙනවා. මොකද ඔබ විවේචනය කරන බුදු සසුනේ දෙවියන් සිටියත් ඔවුන් විසින් ලෝකය හෝ මිනිසුන් මැව්වා කියා බෞධයන් විශ්වාශ කරන්නෙ නැහැ.බුදු දහම කියන්නේ නිර්මාණවාදය නොව හේතුඵල වාදය පිළිගන්නා ආගමක්. එබැවින් එවැනි දහමක් විවේචනය කරන ඔබේ අක් මුල් විමසීමේ සදාචාරාත්මක අයිතියක් අපට ඇත. එබැවින් ප්‍රශ්නයට කෙලින් පිළිතුරු දෙන්න.

        1. මා විසින් කිසිවිටෙක බුදු දහමට ගරහා නැහැ. ඒ වගේම මා විසින් කිතුණු දහම විවේචනය නොකරන බව ඔබට කියන්නත් බැහැ. ඔබගේ මෙම ප්‍රතිචාරයෙන් පෙනෙන්නේ ඔබ මා ගැන හරි හැටි නොදන්නා බවයි. මම විවේචනය කරන්නේ සංඝ සමාජය තුල හිදිමින් ආගම්බේධය පතුරවන අයටයි. ඒවා නවතන්න ඔබට කොහොමත් බැහැ. මන්ද ඒ සම්බන්ධ භාෂනයේ යෙදීමට මට අයිතියක් ඇති බැවිනි.

        2. AM ඉස්ලාම් ආගමට හැරුනේ ඇයි කියන එක අභිරහසක් නෙමෙයි එකට ඔහුගේම පිළිතුර මෙම අඩවියේ සහ ඉංගිරීසි අඩවියේ උඩින්ම තියෙන ලින්ක් වලින් කියවගන්න පුළුවන්. මෙන්න

          http://www.anvermanatunga.com/english/about-me-anver-manatunga/

          http://www.anvermanatunga.com/%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%8A-%E0%B6%B8%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C/

    2. @ඕක අහන්න ඕනෙ ඔයාගෙ ශාස්තෘවරයා වන බේබදුසාරගෙන්. ඔරිජිනල් බුද්ධාගම අතහැරල නව දහමක් හදන්නෙ ඩොලර් වලට කහින කෙනෙක් නිසා වෙන්න ඇති. එහෙමනම් wathsala අනාථයි!

      1. @rizan

        ඔබ ඥානසාර හිමි දුසිල්වත් කියන්නේ දුසිල්වත් භික්ෂුවක් උනත් සාමාන්‍ය මිනිහෙකුට වඩා ගුණයෙන් ඉහල බව නොදන්නා නිසයි.ඒගැන කියවෙන පහත කොටස බලා නැවත උත්තර ලියන්න.

        මිලින්ද ප්‍රශ්නය යනු මිලින්ද රජතුමා සහ නාගර්ජුන හිමියන් අතර පැවති ධර්ම විවාදයයි. එය විශාල පොතකි. එහිදී ශාරංශ වශයෙන් මුලික කරුණු 10 කින් සහ අතිරේක කරුණු 10කින් දුසිල්වත් භික්ෂුන් වහන්සේ දුසිල්වත් මිනිසාට වඩා උසස් වන බව නාගර්ජුන හිමියන් විසින් මිලින්ද රජතුමාට ඔප්පු කර ඇත. පහත දැක්වෙන්නේ එම කරුණුය.

        මුලික කරුණු 10

        1. භික්ෂුන් වහන්සේ චිවරය දැරීම

        2. භික්ෂුන් වහන්සේ මුඩුකළ හිස දැරීම

        3. සංඝ සමාජයට ඇතුලත් නිසා දානය ලැබීමට සුදුසුවිම

        4. ත්‍රිවිධ රත්නය සරණ යන බැවින් දානය ලැබීමට සුදුසුවිම

        5. වීර්ය වැදීමට සුදුසු ශුන්‍යාගාර සේවනය කරන බැවින් දානය ලැබීමට
        සුදුසුවිම

        6. සර්වඥතාවය නම්වූ ශ්‍රේෂ්ට ධනය සොයන බැවින් දානය ලැබීමට
        සුදුසුවිම

        7. ධර්මානුරුපිය හැසිරෙන බැවින් දානය ලැබීමට සුදුසුවිම

        8. බුදුන් වහන්සේ තුන් ලොවටම අග්‍ර යයි දෙසන බැවින් දානය ලැබීමට
        සුදුසුවිම

        9. සද්ධර්මය දේශනා කරන බැවින් දානය ලැබීමට සුදුසුවිම

        10. නව උපොසතය නොකඩවා සමාදන් වීමෙන් බැවින් දානය ලැබීමට
        සුදුසුවිම

        අතිරේක කරුණු 10

        1. බුදුන්වහන්සේ කෙරෙහි ගෞරවයක් දක්වයි

        2. ධර්මය කෙරෙහි ගෞරවයක් දක්වයි

        3. තමන් හා සමාන සංඝයා කෙරෙහි ගෞරවයක් දක්වයි

        4. ඇවත් උදෙසා සිල්වත් වීමට වෙර දරයි

        5. දුසිල්වත් උවත් පිරිස මැදට ගිය විට තමන් භික්ෂුවක් යන හැඟීමෙන්
        මනා ලෙස තම හිත සංවර කර ගනී

        6. දුසිල්වත් උවත් පිරිස මැදට ගිය විට තමන් භික්ෂුවක් යන හැඟීමෙන්
        මනා ලෙස තම කය සංවර කර ගනී

        7. දුසිල්වත් උවත් පිරිස මැදට ගිය විට තමන් භික්ෂුවක් යන හැඟීමෙන්
        මනා ලෙස තම වචනය සංවර කර ගනී

        8. ඔහුගේ හිත භාවනාභිමුඛවේ.

        9. පව් කලත් ඒවා එළිපිට නොකරයි

        10. ගර්හා බයින් (ලජ්ජා බයින් යුක්තවේ. )

        මෙම කාරනා නිසා යම් අයෙක් ශ්‍රමනයන් වහන්සේ නමක් දුසිල්වත්විම එම භික්ෂුන් වහන්සේට බලපාන කරුණක් මිස එම භික්ෂුන් වහන්සේට ගර්හා කිරීමට අපට ලැබුණු බලපත්‍රයක් නොවේ. තමන්ගේ දුසිල්වත්වීම තුලින් තමන්ට අහිතකර බලපෑම් ඇතිවන කර්ම රැස් කර ගැනීමට එම දුසිල්වත් භික්ෂුන් වහන්සේ කටයුතු කරන අතර, අපත් එවැන්නන්ට ගරහා අපට අහිතකර බලපෑම් ඇතිවන කර්ම රැස් කර ගැනීමට කටයුතු කරගත යුතුද?

        1. @Wathsala
          මේ වගේ මොන මැරයටත් චීවරය නිසා ගෞරව දැක්විය යුතුය් කියන මිත්‍යා දුෂ්ටික සංකල්ප නිසය් බික්ෂු තක්කඩියෝ ටික මැරවරකම් කරමින් ඔයාලගේ ධර්මය කන්නේ .ඒ නිසා ඇතිවුණු පිරිහීම පාඩුවේ ඉන්න අන්‍යාගමිකයන් මත පටවලා උඹලා වගේ මන්ද බුද්ධිකයෝ ටික අවුස්සලා උන්ගේ ලේ පිපාසය සංසිඳවා ගන්න යනවා !දැන් අන්‍යාගමිකයන්ට හිංසා කරන්න උඹලට අංගම් පොර පුහුණු කරනවලුනේ !මේකද උඹලය් ධර්මය !උඹලගේ බේබදු බික්ෂුන්ට වැඳ වැටෙන්න විතරක් බුද්ධාගම නීති රීති !නමුත් අන්‍ය ආගමිකයන්ට හිංසා ක‍රන කොට බුද්ධ ධර්මයේ ඉගැන්වීම් තුට්ටුවකටත් මාය්ම් කරන්නේ නෑ !එකෙන්ම පේනවනේ උඹලගේ මිත්‍යාව .උඹලා වල්මත් වෙලා හරි හැටි ධර්මයක් නැතුව .

        2. these points are clearly flawed by naana sara; if you want video links let me know.

          5. දුසිල්වත් උවත් පිරිස මැදට ගිය විට තමන් භික්ෂුවක් යන හැඟීමෙන්
          මනා ලෙස තම හිත සංවර කර ගනී

          6. දුසිල්වත් උවත් පිරිස මැදට ගිය විට තමන් භික්ෂුවක් යන හැඟීමෙන්
          මනා ලෙස තම කය සංවර කර ගනී

          7. දුසිල්වත් උවත් පිරිස මැදට ගිය විට තමන් භික්ෂුවක් යන හැඟීමෙන්
          මනා ලෙස තම වචනය සංවර කර ගනී

        3. @ වත්සලා

          comparison with Gnanasaara

          මෙතනින් පෙනව ඔබ ඔබෙම අඩහස් වලට විරුඩ්ඩ අදහස් (contradictory)අදහස් ඩානව කියල. ඔයගෙම වල හාරගෙන.

          //දුසිල්වත් භික්ෂුන් වහන්සේ දුසිල්වත් මිනිසාට වඩා උසස් වන බව නාගර්ජුන හිමියන් විසින් මිලින්ද රජතුමාට ඔප්පු කර ඇත //

          දුසිල්වත් භික්ෂුන් වහන්සේ දුසිල්වත් මිනිසාට වඩා උසස් වන බව ඔප්පු කලට, සිල්වත් හො ගුනයහපත් සාමන්ය මිනිසට වඩ යහපත් නත. එ කියන්නෙ බීල වහන එලවල මිනිස්සු හප්පල බොරු කියල හිරෙ යා යුතු ග්යානසාරට වඩඉය පාර තොටෙ යන අහින්සක මිනිහ උසස්. අපි එකගය්.

          //2. භික්ෂුන් වහන්සේ මුඩුකළ හිස දැරීම//
          කීදෙනාද එහෙම? වෑඩිපුරම ඉන්නෙ කොන්ඩෙ වවාගෙන

          //7. ධර්මානුරුපිය හැසිරෙන බැවින් දානය ලැබීමට සුදුසුවිම
          9. සද්ධර්මය දේශනා කරන බැවින් දානය ලැබීමට සුදුසුවිම //
          ඔව්, ගහපන්, මරපන් තමය් ධර්මානුරුපිය හැසිරීම

          //අතිරේක කරුණු 10,
          4. ඇවත් උදෙසා සිල්වත් වීමට වෙර දරයි
          5. දුසිල්වත් උවත් පිරිස මැදට ගිය විට තමන් භික්ෂුවක් යන හැඟීමෙන් මනා ලෙස තම හිත සංවර කර ගනී
          8. ඔහුගේ හිත භාවනාභිමුඛවේ. 9. පව් කලත් ඒවා එළිපිට නොකරයි 10. ගර්හා බයින් (ලජ්ජා බයින් යුක්තවේ. )//

          ඔව්, බීගෙන අවිදින එකය්, හන්දියක් ගානෙ ගිහින් ද්වෙශජනක ලෙස කතාකිරීමෙන් පෙන්නනව හරි සිල්වත් කියල. කරුනු 5,6,7 එකම දෙ ලියල, පොඉන්ට්ස් වඩි කරගෙන.

          දන් නම් හොන්දට තෙරෙනව න්ඝ්හ්යානසාර සහ ඔහුගෙ ත්‍රශ්ත කල්ලිය පොඩ්ඩක්වත් සන්ග ගුන රහිත සෙට් එකක් කියල. එ වගෙම ගෞරවයට නුසුදුසුය් කියලත්.

    3. @ වත්සලා

      //ඔබ කලින් බෞධයෙකුව සිටි බව මෙතැනදී කියා නැත.//

      අන්වෙර් බෞද්දයෙක් කියල නෙමේ කිවුවෙ, උපතින් සින්හලයෙක් කියල.

  11. මන්දබුද්ධික wathsala! මෙම කරුණු අතරින් බේබදු ඥාණසාර කරන්නේ සිවුර යයි කියමින් කහ රෙද්දක් පොරවා ගෙන ඉන්න එක විතරයි! ඉතින් ඌ කොහොමද සිල්වත් සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැදගත් වෙන්නේ?

  12. සාමාන්‍ය ජන ජීවිතයෙදී තමන් දකින පුද්ගලයෙකුගේ ක්‍රියා පටිපාටිය තුළින් එම පුද්ගලයා ගැන සාමාන්‍ය අගැයීමක් කිරීමට ඇති විචාර බුද්ධියට නිගා දෙවන ඔහේගේ යටහත් මානසික ආගමික සංකල්පයට එය ගෝචර වුණත්, දියුණු හා නිදහස් මනසින් යුත් වත්මන් ශිෂ්ටාචාර සමාජයට ඔය අදහස් ගැලපෙන්නේ නැතෝ! ඒවා නාගර්ජුනලටම තමා ගැලපෙන්නේ!

Comments are closed.