ලංකික මුස්ලිම් වරුන්ගේ දේශපාලන ගමන් මග කෙලෙස විය යුතුද?

ලංකික මුස්ලිම් වරුන්ගේ දේශපාලන ගමන් මග කෙලෙස විය යුතුද?
ලංකික මුස්ලිම් වරුන්ගේ දේශපාලන ගමන් මග කෙලෙස විය යුතුද?

ලංකාවේ මුස්ලිම් වරුන්ට මෙතරම් අකටයුතුකම් සිදුවන්නේ හරි හමන් දේශපාලන නායකත්වයක් නොමැති නිසා බව බොහෝ දෙනෙකුගේ මතය වී ඇත. මේ නිසා සමහරු හකීම් ප්‍රමුඛ මුස්ලිම් කොංග්‍රසයට බනිති. තවත් සමහරුන් රජයේ සිටින මුස්ලිම් මැතිඇමති වරුන්ට බනිති. මෙසේ තවත් කෙනෙකුට බැණ අඬගැසීමෙන් පලක් තිබේද? තවත් සමහරුන් කියන්නේ ජේවීපී වැනි වෙනත් දහරාවක දේශපාලනයකට ඡන්දය දී මේ දේශපාලකයන් අතුගා දැමිය යුතු බවයි. ප්‍රජාතන්ත්‍රවාදීන්ට වඩා සමාජවාදීන් මුස්ලිම් වරුන්ට හිතවත්ද?

 

ඇත්තටම ලාංකික සමාජවාදී දේශපාලකයන් විසින් මුස්ලිම් වරුන්ට කරදර ඇතිවන අවස්ථා වලදී මුස්ලිම් වරුන් වෙනුවෙන් පෙනී සිටීම සහ කථා කිරීම අප අගය කළ යුතුය. නමුත් ලෝක දේශපාලනය දෙස බැලීමේදී අපට පෙනී යන කරුණක් නම් සමාජවාදී බල කඳවුරු වලට වඩා ප්‍රජාතන්ත්‍රවාදී බලකඳවුරු තිබෙන රටවල් මුස්ලිම් වරුන්ට වඩාත්ම හිතකර බවයි. පසුගිය දිනවල සමාජවාදී චීනයේ මුස්ලිම් වරුන් පිරිසකට සිය මුලික වත්පිළිවෙතක් වු රමදාන් මාසයේ උපවාස ශීලය පැවැත්වීම සඳහා පවා බාධා එල්ලවීම මීට කදිම නිදසුනකි. මේ නිසා සමාජවාදී දේශපාලනය මුස්ලිම් අපට හිතකර වනුයේ ඔවුන් කිසියම් රටක දේශපාලනිකව සුළුතරයක් ලෙස සිටින අවස්ථාවේදී පමණක් බව අප මතක තබා ගත යුතු කරුණකි.

 

අනෙක් අතින් රවුෆ් හකීම් ප්‍රමුඛ මුස්ලිම් කොංග්‍රස දේශපාලනයද ලංකාව වැනි රටකට අහිතකර බව මගේ අදහසයි. එයට ප්‍රධානතම හේතුව නම් මුස්ලිම් වරුන් වෙනුවෙන් පමණක් දේශපාලනික ව්‍යාපාර තිබීම ඇත්තටම බහුතර බෞද්ධ ජනතාව වෙත මුස්ලිම් සමාජය කෙරෙහි වෛරය ඇතිකරවන තත්වයක් නිර්මාණය වීමයි. ඇත්තටම අප බෞද්ධ අන්තවාදය මෙන්ම දෙමල සහ මුස්ලිම් දේශපාලකයන් තුල තිබෙන ජාතිවාදයද ප්‍රතික්ෂේප කළ යුතුය. අප රට ඉදිරියට ගෙනයාමට නම් අවශ්‍ය කරන්නේ සියළුම ආකාරයේ ජාතිවාදී දේශපාලනයන් ප්‍රතික්ෂේප කර ජාතික දේශපාලන ව්‍යාපාර ශක්තිමත් කිරීමයි.

 

රජය තුල සිටින මුස්ලිම් දේශපාලකයන් මුස්ලිම් වරුන් වෙනුවෙන් සැබෑ ලෙසම පෙනී නොසිටින්නේ නම් කළ යුත්තේ ඔවුන්ට එරෙහිව විරුද්ධ පක්ෂයේ කාට හෝ ඡන්දය දීම නොව මුස්ලිම් වරුන් වෙනුවෙන් සැබෑ ලෙසම පෙනී සිටින ජාතික පක්ෂ දේශපාලකයන් පත්කර ගැනීමට පියවර ගැනීමයි. මෙහිදී සැබෑ මුස්ලිම් දේශපාලකයෙකුගේ වගකීම විය යුත්තේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් පමණක් කථා කිරීම නොවන බවද අප මතක තබා ගත යුතුය. බහුතර සිංහල ජනතාව පීඩාවට පත්වන අවස්ථා වලදී ඔවුන් වෙනුවෙන් කථා කිරීම සහ පෙනී සිටීමද ඉස්ලාමය විසින් මුස්ලිම් නායකයන් වෙත ලබාදී ඇති වගකීමකි.

 

මෙහිදී ආංඩුවේ ජාතිවාදී ගමන් මග ඉදිරියේ ආංඩුවට එරෙහිව ඡන්දය දීම තාවකාලික පියවරක් පමණක් විය යුතුය. අපගේ ව්‍යායාමය විය යුත්තේ සංධාන රජය පරාජය කිරීමෙන් සංධානයේ ජාතිබේධය පරාජයට පත්කර නැවත එක්සත් ජනතා නිදහස් සංධානය නැමති ජාතික පක්ෂය තුලද සැබෑ මුස්ලිම් දේශපාලන නායකයන් බිහිකරළීමයි. අපට එක්සත් ජනතා නිදහස් සංධාන රජය කෙරෙහි ගැටළුවක් තිබුණද එම පක්ෂය කෙරෙහි වෛරයක් ඇති නොවිය යුතුය. මන්ද එම පක්ෂය තුලද සැබෑ ජාතිකවාදී දේශපාලනඥයන් සිටින බැවිනි. ජාතිවාදී රාජපක්ෂ කෘර හස්තය විසින් ඔවුන්ව යටපත් කරගෙන ඇත. අප කළ යුත්තේ එම ජාතිවාදී කෘර හස්තය පරාජය කරළීම මිස වෙනකක් නොවේ.

 

 

 

8 Comments to “ලංකික මුස්ලිම් වරුන්ගේ දේශපාලන ගමන් මග කෙලෙස විය යුතුද?

  1. Hakeem,Fauzi,athulu siyalu Muslim dshapalakayin pal horun bawata oppu wi hamarai,Owun Allahta nowa Rajapakshata biyen sitina biyagulu niwata depitakattuwanya.

    Anver, Gnanasara , Dilantha ,yana charithayange athithaya helidraw karana lipiyak palakaranamen illa sitimi.Movunge kriyakalapayan nisath, Rajapaksa , Gota athulu Mahinda clang eke thugsla nisa ahinsaka minissu ada bayen , duken ha kalakirimen sitithi.

  2. Salaamalaikum!

    බොහෝ කලකින් දක්නට ලැබීම සතුටක්!

    වැදගත් කරුණු දෙකක් ලිපිය තුලින් මතු කිරීම සම්බන්ධවයි.

    පලමුවැන්න, චීනයේ සමාජවාදය ලංකාවේ සමාජවාදය හා සැසඳීම. මම හිතන්නේ මෙතන ගැලපීමක් නැහැයි කියලයි. මොකද චීනයේ සමාජවාදය තිබුනත් එය ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවෙයි. නමුත් ජ.වි.පෙ පැහදිලිවම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවට දැන් පත්වෙලයි තියෙන්නේ. චීනය කියන්නේ තවමත් තනි පක්ෂයක් විසින් පාලනය වන රටක්. මාවෝගේ ඉගැන්වීම් වල බලපෑම තවම දකින්නට තියෙනවා. ඊට ප්‍රතිවිරුද්ධව ජ.වි.පෙ කියන්නේ තවදුරටත් විජේවීරගේ පක්ෂයක් නොවේ. ඔබ මේ ප්‍රකාශය 87/89 වැනි කාලවකවානුවල කියලා තිබුනානම් පිලිගැනීමට සාධාරණ හේතූ තියෙන්න තිබුනා.

    දෙවනුව මුස්ලිම් කොංග්‍රසය සම්බන්දව ඔබගේ ප්‍රකාශය ගැන මා එකඟයි. මේ රටේ අනිකුත් ජාතින්ගේ අයිතිවාසිකම් ගැන කතා නොකර මුස්ලිම්වරුන් ගැන පමණක් කතා කිරීම කල නොහැකි. එය ජාතික සමගියට බධාවක්. ඒකට ජාතින් අතර පවතින අන්තර් සම්බන්ධතාවයත්, ඔවුනොවුන්ගේ ජාතික උරුමයන් පිලිබඳව පවතින විශ්වසායන් යනාදීත් හේතු වෙනවා. ඒක දැනගෙන තමයි අෂ්රෆ් මහත්තයා අවසාන මොහොතේදී ‘ජාතික සමගි පෙරමුණ NUA’ පක්ෂය බිහි කලේ!

    1. ඔබව නැවත දක්නට ලැබීමත් සතුටක්! අශ්රෆ් මහතා ජාතික සමගි පෙරමුණ NUA බිහිකලේ ඒ සදහා බවට කිසිදු සැකයක් නැහැ. නමුත් ඔහු විසින් එය ඇරඹුයේ අවසන් අවධියේ හෙයින් එතුලින් යමක් කිරීමට නොහැකි වුණා. අනෙක ඒ සදහා එකල පැහැදිලි සමාජ කථිකාවතක් පැවතුනෙත් නැහැ. නමුත් මුස්ලිම් කොංග්‍රසය සම්බන්ධව බහුතර සිංහල බෞද්ධ ජනතාව කෙරෙහි ගියේ වැරදි චිත්‍රයක්.

  3. Good article……!!!!!!!!!!!!!!!!!!All OK.
    But we should appreciate JVP. But we cant wait for them. We need quick solution. So it is must to defeat Rajapksha in future elections.

Comments are closed.