ලක් මුස්ලිම් කතුන්ගේ හිජාබය පාට කිරීමේ කුමන්ත්‍රණය විමසුමක්?

ලක් මුස්ලිම් කතුන්ගේ හිජාබය පාට කිරීමේ කුමන්ත්‍රණය විමසුමක්?
ලක් මුස්ලිම් කතුන්ගේ හිජාබය පාට කිරීමේ කුමන්ත්‍රණය විමසුමක්?

බොදුබලසේනාව සහ අනෙකුත් අන්තවාදී බෞද්ධ කල්ලි කංඩායම් වල විරෝධතා හමුවේ මුස්ලිම් කතුන්ට කළුපැහැති අබායා වෙනුවට පාට පාට අබායා ඇන්දවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට එක්තරා සංවිධානයක් ක්‍රියාකාරී වී ඇති බැව් ආරංචි වීම නිසා මෙම ලිපිය ලිවීමට සිත්විය. මෙම පුවත කියවු මා තෘෂ්ණිම්භුත වු කාරණය නම් ඒ සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දැක්වු මුස්ලිම් නම් ඇති කාන්තාවන් දෙදෙනාම අබායා අඳිනවා තියා ඔළුව වත් වහන්නේ නැති දෙදෙනෙකු බව මා දන්නා නිසාවෙනි.

 

අන්බේරියා හනීෆා
අන්බේරියා හනීෆා
අමීනා හුසේන්
අමීනා හුසේන්

මෙම කාන්තාවන් දෙදෙනාම බටහිර අනුග්‍රහය ලබන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිණියන්ය. මීට දශක කිහිපයකට පෙර ලංකාවේ මුස්ලිම් කතුන් මොඩරේට් කිරීමේ ව්‍යාපාරයක් ලංකාවේ ක්‍රියාත්මක බටහිර රාජ්‍ය නොවන සංවිධාන විසින් දියත් කළා. මේ සඳහා ඔවුන් යොදා ගත්තේ ලංකාවේ ක්‍රියාත්මක එක්තරා මුස්ලිම් කාන්තා සංවිධානයක ක්‍රියාකාරිණියන්ය. එකල ඔවුන්ගේ ව්‍යායාමය වුයේ ලාංකීය මුස්ලිම් කාන්තාව ආගමානුකූල වස්ත්‍රයට යොමුවීම වලකා නැවත සාරියට සහ සල්වාරයට යොමු කිරීමයි. නමුත් ඩොලර් විශාල වශයෙන් වැය කළද ඔවුන්ගේ වෑයම සාර්ථක නොවීය. ඇත්තටම මේ කාන්තා සංවිධානයේ ක්‍රියාකාරිණියන් මේ සම්බන්ධව ලාංකීය මුස්ලිම් ආගමික නායකත්වය කෙරෙහි වෛරයෙන්ද පසුවිය. නමුත් එකල ඔවුන්ට ඒ ගැන කළහැකි කිසිවක් නොවීය.

 

නමුත් ඒ කුමන්ත්‍රණය අද වෙනත් ආකාරයකින් නැවත පැමින ඇති බැව් පෙනෙන්නට තිබෙන කරුණකි. එක පැත්තකින් බොදුබලසේනාව මුස්ලිම් කාන්තා වස්ත්‍රය වන හිජාබය කෙරෙහි බලපෑම් එල්ල කරති. අනෙක් පැත්තෙන් මේ ඊනියා මුස්ලිම් කියාගන්නා කාන්තා සංවිධාන විසින් එයට විකල්පයක් ලෙස මුස්ලිම් කතුන්ට පාට අබායා ඇන්දවීමට වෙර දරති. මුස්ලිම් කාන්තාවගේ වස්ත්‍රයට එල්ලවන බලපෑමට විසඳුමක් ලෙස මෙම පාට අබායා ඇන්දවීමේ ව්‍යාපාරය පෙනුනද, මෙම බලපෑමත් විසඳුමත් පැමිණෙන්නේ එකම මුලයකින් බව ජනතාව දැනගත යුතුය. එනම් මෙලෙස මුස්ලිම් කාන්තාවගේ වස්ත්‍රයට බලපෑම් එල්ල කරන බොදුබලසේනාවේ මුලය වනාහී නොර්වේ රාජ්‍ය බව දැන් කාටත් නොරහසකි. අනෙක් පැත්තෙන් එයට විසඳුමක් ලෙස පාට අබායා ඉදිරිපත් කරන ඊනියා මුස්ලිම් සංවිධානයන්ට මුල්‍ය ආධාර ලබා දෙන්නේද නොර්වේ සහ ස්වීඩන් යන රටවල්ය.

 

මෙම මුස්ලිම් නම් වලින් පෙනී සිටින ඊනියා කාන්තා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිණියන් පසුගිය තිස්වසරක කුරිරු යුධය අවධියේ පෙනී සිටියේ මිනීමරු එල්.ටී.ටී.ඊ සංවිධානයට පක්ෂවය. ඒ සම්බන්ධව අවශ්‍ය නම් අපට ඕනෑ තරම් සාක්ෂි ඉදිරිපත් කළ හැක. එකල සිංහල ජනතාව අතර සිටිමින් සුනිලා අබේසේකර සහ නිමල්කා ප්‍රනාන්දුලා  කොටින්ට කත් ඇදි කාලයේ මේ අන්බේරියා හනිෆා සහ අමිනා හොසේන්ලා එයට සහය වු මුස්ලිම් නම් වලින් පෙනී සිටින රාජ්‍ය නොවන ක්‍රියාකාරිණියන්ය. වර්තමානයේද ඔවුන් ලංකාවට එරෙහිව යුධ අපරාධ පරීක්ෂණ අවශ්‍ය යැයි මතයේ එල්බ සිටින්නන්ය. ජනතාව මෙම කුමන්ත්‍රණ කරුවන්ගේ යට අරමුණු මොනවාදැයි සහ ඔවුන්ගේ මුලයන් මොනවාදැයි නිසියාකාරව වටහා ගත යුතු යැයි අපගේ අදහසයි.

 

ඉස්ලාමය විසින් මුස්ලිම් කාන්තාවගේ වස්ත්‍ර මේ පාට විය යුතු යැයි දක්වා නැත. නමුත් ආරම්භයේ පටන් මුස්ලිම් කතුන් සිය වස්ත්‍රය සඳහා කළු පැහැය භාවිත කළ බවට සාක්ෂි ලෙස විශ්වාසනීය නබිවදන් ඇත. අපගේ අදහස නම් මුස්ලිම් කාන්තාවගේ වස්ත්‍රය කළුපාට හෝ පාට පාට විය යුතු යැයි නියමයන් පැනවීමට කිසිවෙකුට අයිති නැති බවයි. අනෙකුත් කාන්තාවන්ට ඇති ආකාරයට ඔවුන්ටද ඔවුන්ගේ වස්ත්‍රයේ පාට කුමක්දැයි තීරණය කිරීමේ අයිතිය ඔවුන්ටම තිබිය යුතුය. එහිදී ඔවුන්ගෙන් බහුතරයක් කළුපාටම තෝරා ගන්නවා නම් ඒ ගැන ප්‍රශ්න කිරීමට කාටවත් අයිතියක් නොමැත.

 

 

 

 

9 Comments to “ලක් මුස්ලිම් කතුන්ගේ හිජාබය පාට කිරීමේ කුමන්ත්‍රණය විමසුමක්?

  1. මගේ අදහස පිරිමින්ට මෙන් කාන්තාවටත් සම නිදහසක් ලැබිය යුතුයි. එහිදී සමාජයට තම විසින් විය යුතු යුතුකන් ඉටුවෙනවනන් කාන්තාවක් වේවා පිරිමියෙක් වේවා ඒ දෙපාර්ශවයටම සම නිදහස ලබා දිය යුතුයි. සිතීමේ නිදහස, විචාලිමේ නිදහස වගේම ඕනෑම ආගමක් අවබෝදයෙන් ඇදහීමට නිදහස ලබා දිය යුතුයි, ආහාර පන ලබා ගැනීමේදී, ගමන් බිමන් යාමේදී වගේම අදින පළදින විදිය පිලිබදත් නිදහස ලබා දිය යුතුයි. එහිදී දෙපාර්ශ්වයම සමාජයේ ගෞරවය රැකෙන ආකාරයට ක්‍රියා කල යුතු වෙනවා. මම දැන ගන්න කැමතියි බොහෝ ආගම් වල කාන්තාවට පිරිමින්ට වඩා අඩු නිදහසක් ලබා දෙන්නේ කාන්ත උපතක් යනු පිරිමි උපතකට වඩා පහත් උපතක් ද? නැත්තන් යම් අඩුවක් කාන්ත උපතක තියෙනවද වග ?

    1. මෙයට ආගම් සියල්ලටම පොදු පිළිතුරක් දෙන්න බැහැ. මන්ද එක් එක් ආගම් වල කාන්තාව සම්බන්ධව නිර්වචනය වෙනස්. ඉස්ලාමයට අනුව නම් කාන්තා උපතක් යනු පුරුෂයන්ට වඩා පහත් එකක් නොවේ. ඉස්ලාමය විසින් ඉගැන්වෙන්නේ මිනිසා මෙලොව යථාර්තය අවබෝධ කරගෙන දෙවිදුන්ගෙන් සදාතන විමුක්තිය සලසා ගන්නා මාර්ගයක්. මා දකින ආකාරයට මෙහිදී පුරුෂයාට වඩා ඉස්ලාමය කාන්තාවට පහසුකම් රැසක් සලසා ඇත. ඇත්තටම ඉස්ලාමයට අනුව පුරුෂයාට ලබාදී ඇත්තේ වැඩි අයිතින්ට වඩා වැඩි වගකීම්ය.

  2. මමත් මුස්ලිම් කෙනෙක්. නමුත් මෙමෙ ලිපියට එකඟ වෙන්න බැහැ. අපි පළමුව මතක් කරගත යුතුය් අපි ජීවත් වන්නේ මුස්ලිම් වරු බහුතරයක් සිටින රටක නොවෙය්. එහෙම රටක සහජීවනයට අපේ ක්‍රියා කලාප වලින් යම් කිසි තර්ජනයක් තියනවනම් අපි සහජීවනයට උචිත විදිහට ඒක හදාගන්න ඕන. මෙම ව්‍යාපෘතියෙන් මුස්ලිම් කාන්තාවන්ගේ වස්ත්‍රය ගැලවීමක් සිදුවන්නේ නැහැනේ. මෙතෙන සිද්දවෙන්නේ බුද්දිමත් විදිහට ගැටලුවට විකල්පයක් සපයන එක. ඇයී අන්වර් යම්කිසි දෙයක හොඳක් දකින්නේ නැත්තේ? ඔබේ ගැටලුව ACJU සමගද? අපේ මුස්ලිම් සමාජයේ තියන අසමගිය තමය හැමදේටම මුල.

    අනෙක් කරුණ මෙමෙ මුස්ලිම් කාන්තාවන් හිජබය පලදින්නේ නැති එකට ඔබට ඒ යට ගරහන්න හෝ පහත කොට සලකන්න බැහැ. ඉස්ලාමයට අනුව සියලු මුස්ලිම් කාන්තාවන් හා පිරිමින් අවුරතය වැසෙන අයුරින් අදින්න ඕන. කාන්තාවන්ට අනුව හිජබය පළදින්න ඕන. නමුත් කාටවත් එක බල කර සිටින්න බැහැ. පිරිමි කීයෙන් කීදෙනාද මේ අවුරතය වසන විදිහට අදින්නේ? අය මෙම කාන්තාවන්ට මෙවිදිහට කතාකරානේ? ඒ ය කාන්තාවන් නිසාද? ඔබලාගේ මෙවැනි වදන් නිසා තමය සියලු මුස්ලිම් වරු අන්තවදියෝ විදිහට සැලකෙනවා. නබි නායක තුමාගේ පාලනය, ජීවිතය හරි හැටි වැටහ ගත්තොත් ඔබට තෙරෙය් එතුමා කිසි විටකත් කිසි දෙයක් බල කර සිටියේ නැහැ

    1. මට කියන්න තියෙන්නේ හොද වෙලාවට නබිසල්ලල්ලාහු අලෙහිවසල්ලම් තුමාණන් දැන් හිටියේ නැත්තේ! නැතිනම් ඔයාලා එතුමටත් අන්තවාදියෙක් කියලා කාර්ඩ් ගහයි.

      1. ඔබ නබිසල්ලල්ලාහු අලෙහිවසල්ලම් තුමාණන් නොව, තවද මම නබිසල්ලල්ලාහු අලෙහිවසල්ලම් තුමාණන් අන්තවාදියෙක් යැය් නොකීවෙමි

  3. adraniya islamiya sahodara sahodaraniyani nabi sallalahu alaiwasallam pawasala thiyanawane muslimvaru mona rate jeewath vunath a rate neethiyata garukala yutui kiyala ehma garu nokaranna mage ummath kenek nemai kiyala.ae wagema nabi {sal} pennaladilathiyanawa sulu jathin hetiyata jeewath venne khomada kiyala mama kiyane islamai aapu alutha makkawe muslim waru sulujathiyak madinawe thamai mahajathiya wune. ema nisa api me shri lankawe sulujaathin me rate neethiyak thiyanawane ema neethiyata yatathwa jeewath viya yutui. ema nisa apita kawawath haddanna bae api heduna misak.

    hema nisa prashna ethinokara mewata vikalpa hoyanaeka thamai honda.
    then balanna pakisthan afganistan induniasia malasiya thanikara muslim ratawal palasthin lebonaon egypt meke coments dana kattiya medaperadiga ghilla hityanam dani. ema nisa boruwata prashna ethikaraganna hoda ne.

  4. මං දන්නා විදිහට මේ ව්‍යාපෘතිය ගෙන ගියේ Muslim Council of Sri Lanka. ඒ අය මේ ව්‍යාපෘතිය ගෙන ගියේ හොඳ පරමාර්ථයකින්.

  5. වර්ණ රෙදිවලින් කළ අබායට වඩා කළු පැහැති වර්ණයෙන් යුතු අබාය ආරක්ෂිත නිසා කාන්තාවන් සඳහා වඩාත් යෝග්යි බව මගේ අදහසයි. අබාය ඇඳීමේ මූලික පරමාර්ථය ඉටු වනුයේ කළු වර්ණය භාවිතා කිරීම මඟින් බවයි මම හිතන්නේ.

Comments are closed.