කොයි බුදුන්ද? කාගේ බුද්ධාගමද? – තිසරණී ගුණසේකර

කොයි බුදුන්ද? කාගේ බුද්ධාගමද?
කොයි බුදුන්ද? කාගේ බුද්ධාගමද?

එය දිගින් දිගටම ජනතාව සහ ඔවුන්ගේ දේ කුණුකරන විෂ මූලාශ‍්‍රයක් මෙනි. (එමිල් සෝලා, ‘සත්‍යය’.)

දුටුගැමුණු රජතුමා සිය මුල්ම යුද්ධය කළේ පවුල තුළය. මහාවංශයට අනුව තම බාල සොහොයුරු තිස්සට එරෙහිව යුද්ධ කළේය. ඔහු විසින් සුළු රජවරුන්ට එරෙහිවත් අන්තිමට එළාර රජුට එරෙහිවත් යුද්ධ ගෙන ගියේ එසේ තම ඔටුන්න සුරක්ෂිත කර ගැනීමෙන් පසුවය. මහාවංශයට අනුව මේ සිවිල් ගැටුම්වලදීද දහස් ගණනක් ජීවිත නැතිවී තිබේ. මෙහිදී මියගිය අය සිංහල බෞද්ධයන්යැයි සිතීම සාධාරණය. එහෙත් තම සහෝදර ආගමිකයන් මෙසේ කෲර ලෙස ඝාතනය කිරීම ගැන මහාවංශය කිසිම වචනයක් පවසන්නේ නැත.

 

මහාවංශය පවසන ලෙසට ඔහුගේ සිත කම්පනයට පත්වන්නේ එළාරට එරෙහිව කරන ලද යුද්ධයේදී සිදුවූ මරණ ගැනය. මෙහිදී භික්ෂූන් පසුතැවිලිවීමට හෝ බියවීමට කිසිදු හේතුවක් නැතැයි දුටුගැමුණු රජු අස්වසා ඇත. මේ කි‍්‍රයාවන්ගෙන් ඔබතුමා දෙව්ලොව යන ගමනට බාධා සිදුවන්නේ නැත. ඔබ විසින් මරා ඇත්තේ මිනිසුන් එකහමාරක් පමණි. එක් කෙනෙකු තෙරුවන් සරණ ගිය තැනැත්තෙකු වන අතර අනෙකා පන්සිල් පමණක් ගත්තෙකි. සෙස්සන් ආගම නොඅදහන මිථ්‍යා දෘෂ්ටිකයන් වන අතර ඔවුන් ගැනෙන්නේ තිරිසනුන් ගණයටය.ඔහු බලයට පත්වීමට කරන ලද මනුෂ්‍ය ඝාතන ඇතුළත් කළහොත් මේ සහතිකය හරියන්නේ නැත. මහාවංශය එක යුද්ධයකදී ඇති වූ සිත් කම්පාව ගැන පමණක් සලකන්නේ මිථ්‍යා දෘෂ්ටිකයන් තිරිසනුන්ටත් අන්තය. ඔවුන් මැරීමෙන් කිසිදු පවක් සිදු නොවේ. ආගම වෙනුවෙන් යුද වැදීම කෙළින්ම දෙව්ලොව යෑමට හේතුවන්නකි.යන අලූත් මිථ්‍යාව ගොඩනැංවීමටය.

 

මේ මතයට බලගතුකමක් හා නීත්‍යනුකූලකමක් ලබාදීමට මහානාම භික්ෂුව මෙය රහතුන්ගේ මුවට නංවාලයි. එසේ කරන්නේ බුදුන් මේ සම්බන්ධව දක්වන අදහස ඉතා පැහැදිලි බැවිනි. පර පණක් නැසීම මනුෂ්‍යයෙක් වේවා සත්වයෙක් වේවා පාපයකි. ඉන් කිසිම ගැලවීමක් නැත.

 

සංයුක්ත නිකායේ ගාමිණී සංයුක්තයේ එන යෝධජීව සූත‍්‍රයේදී ගම් ප‍්‍රධානියෙකු වූ යෝධජීව බුදුන්ගෙන් විමසන්නේ යුද්ධයේදී සටන් වැද මියයන්නන් දෙව්ලොව යන්නේද යන්නය. බුදුන් තෙවරක්ම පිළිතුරු දීම ම`ගහරින අතර නැවත බලකිරීමේදී පිළිතුරු දෙන්නේ මෙසේය. සටනකදී පහර දීමට වෙහෙසන විට සටන්කාමියකුට සිතෙන්නේ මොවුන් මරාදැමිය යුතුය, කපාදැමිය යුතුය, විනාශ කළ යුතුය යන අයුරිනි. ඒ අවස්ථාවේදී ඔහුට පහර දී ඔහු මරා දැමුවහොත් ඔහු නැවත උපදින්නේ නිරයේය.සටනේදී මිය යන්නන්ට සිදුවන්නේ මෙසේය. මෙහි කිසිදු වෙනස්වීමක්, විශේෂතාවක් නොමැත. බුද්ධාගම ආරක්ෂා කර ගැනීමට මිය යන්නන් දෙව්ලොව යන බවක් බුදුන් පවසා නොමැත.

 

මේ වෙනස් කළ නොහැකි නියාමය මහානාම භික්ෂුවට හෝ එකල පැවති ධාතුසේනගේ රාජ්‍ය තන්ත‍්‍රයට ගැළපෙන්නේ නැත. ධාතුසේන මහානාම හිමිගේ අනුග‍්‍රාහකයා වන අතර බෑණාද වේ. මාමා බෑණාද ඉදිරියට ගත්තේ රටට අවාසිදායක කාලයකය. ලංකාව අවුරුදු 30ක් තිස්සේ පාණ්ඩ්‍ය පාලනයට යටත්ව තිබුණේය. ධාතුසේන බලයට පැමිණියේ අවසන් පාණ්ඩ්‍ය රජු එළවා දැමීමෙනි. යුද්ධයේදී ඝාතන සිදුවේ. සමහරවිට ධාතුසේන අතින් මුල් සිල්පදය විශාල ලෙස බිඳෙන්නට ඇත. ඔහුගේ යුද්ධ භටයන් මරණින් මතු ජීවිතය ගැන සිතුවා විය හැක. මේ අවස්ථාවේදී මහානාම හිමි ඉදිරියට පැමිණ පව් නැති යුද්ධයයන මිථ්‍යාව නිර්මාණය කර රජු සහ භටයන් ධෛර්යමත් කරන්නට ඇතැයි සිතීම සාධාරණය. ඒ ඔවුන් සැනසීමටය.

 

මේ මතවාද ප‍්‍රචාරය කිරීමේදි මහානාම හිමි අතිශයින් සාර්ථක වී තිබේ. ඔහු බුදුන්ගේ ඉගැන්වීම කනපිට හරවා සම්පූර්ණයෙන් වෙනස් බුද්ධාගමක් නිර්මාණය කළ අතර එය ශතවර්ෂ 15ක් තිස්සේ ලංකා දේශපාලනය සකස් කිරීමට හේතුකාරක වි තිබේ.‍

 

මහාවංශ උගුල

ඊයේ ?
සිහිනෙන් දුටුවෙමි
පොලිසිය
බුදුන්ට වෙඩිතබා මරාදමනු
ලේ වැකි ඔහුගේ සිරුර
යාපනේ පුස්තකාල
පඩිපෙළේ
වැටී තිබුණි.

 

යාපනේ පුස්තකාලය ගිනි තැබීම ගැන මහාචාර්ය එම්.ඒ. නුහුමාන් ලියූ සුන්දර කවිය ඇරඹෙන්නේ එසේය. බුදුන් එසේ මරාදැමුවේ මන්දැයි ඇමතිවරුන් විමසන විට පොලිස් භටයන් පවසන්නේ,

 

නොමරා ඔහුව

කෙසේ මැස්සකුට හෝ
හිංසා කළ හැකිද?

 

ඇත්තය. එහෙත් සැබවින් බුදුන් මරා දැමුණේ 6වන සියවසේදීය. මහානාම හිමි බුද්ධාගම නැවත ලිව්වා පමණක් නොව ඒ යුදවාදී බුද්ධාගමට ගැළපෙන අලූත් යුදවාදී බුදුකෙනෙක්ද බිහි කළේය. මහාවංශයේ බුදුන් සිද්ධාර්ථ ගෞතම බුුදුන්ට ඉඳුරාම වෙනස්ය.

 

ති‍්‍රපිටකයේ හමුවන බුදුන් මෙන් නොව මහාවංශයේ බුදුන් කපටිකමින් සහ අධිමානුෂික බලය තුළින් සතුරන් මෙල්ල කරන්නෙකි. ඔහු බුදුන් කළ ලෙසට සියලූ සතුන්ට සම කරුණා දක්වන්නේ නැත. මහාවංශ බුදුන්ට බැඳීම් තිබේ. ඔහුට අවශ්‍ය අනාගතයේ සිය ධර්මය ආරක්ෂා වන ලංකාව රැුක ගැනීමය. මේ දේශපාලන ව්‍යාපෘතියේදී දෙවිවරු ඔහුගේ මිත‍්‍රයෝය. අපරාධකාරී විජය ඔහු විසින් යොදා ගැනෙන්නෙකි. ලංකාවේ මුල්වාසී රාක්ෂයෝ ඔහුගේ සතුරෝය. මහාවංශයේ බුදුන්, සැබෑ බුදුන් කිසිවිට නොකරන දේ කරයි. ලංකාවට පැමිණ යක්ෂයන්ට බණ දෙසනු වෙනුවට ඔවුන් එළවා දමයි. ති‍්‍රපිටකය තුළ නම් බුදුන් යක්ෂයන්ට සතුරන් ලෙසින් සලකා නැත. යක්ෂ සංයුක්තයේදී බුදුන් ආලවක යකා දමනය කරන්නේ ඉවසීම, සාධාරණය සහ ප‍්‍රඥාව තුළිනි. තවත් යක්ෂයෙකු වන සීවක අනාථපිණ්ඩික සිටුවරයා ඉදිරියට ගොස් බුදුන් හමුවන ලෙස තෙවරක් උනන්දු කර ඇත. එහෙත් මහාවංශයට අනුව පසුව දමිළයන් පත් වූ ලෙසට යක්ෂයන්ද උපතින්ම නරක එවුන්ය. මහාවංශ බුදුන් වර්ෂාව, කුණාටු සහ අන්ධකාරය මවා ඔවුන් භීතියට පත්කර ඇත. එසේකොට ඔවුන් ශුද්ධ භූමියෙන් එළවා දමා ඇත.

 

නූතන ලංකාව තුළ සිවිල් සාමයක් පවත්වා ගත නොහැක්කේ හිමිකරුවන්- පිටස්තරයන් යන සංකල්පය නිසාය. බෞද්ධයෝ තමන් මේ දිවයිනේ තනි අයිතිකරුවන් ලෙසටත් අන්‍යයන් පිටින් පැමිණි ආගන්තුකයන් ලෙසටත් සිතති. ඔවුන්ට රට තුළ කිසිම හිමිකමක් නැත. මේ අදහස වෙනත් මහාවංශ මිථ්‍යාවක් විසින් ඇතිකර තිබේ. මහාවංශයට අනුව බුදුන් සිය මරණ මංචකයේදී මගේ ධර්මය නොනැසී පවතින්නේ ලංකාවේ බැවින් එය ප‍්‍රවේශමින් සුරකින ලෙස දෙවියන්ගෙන් ඉල්ලා තිබේ. බුදුන්ගේ අවසාන දින කීපය මහාපරිනිබ්බාණ සූත‍්‍රයේ පැහැදිලිව දක්වා තිබේ. එහෙත් ඒ තුළ බුදුන් කළ මෙබඳු ඉල්ලීමක් ගැන කිසිම සඳහනක් නැත.

 

සිය ධර්මය පිරිසිදුව ආරක්ෂා වන්නේ මේ කුඩා දූපත තුළ යයි බුදුන් කිසිවිටක පවසා නැත. එය ආරක්ෂා කරන ලෙස කිසිවිටක දෙවියන්ගෙන් ඉල්ලා නැත. පවරාදීමේ කතාවද මහානාම ගොඩනැගූ තවත් මිථ්‍යාවක් වේ.

 

යෝධජීව සූත‍්‍රයේදී බුදුන්ගේ පිළිතුර ඇසූ යෝධජීව හ`ඩන්නට විය. ඔහු හ`ඩන්නේ බොරු ගුරුවරුන් විසින් දිගුකලක් තිස්සේ සටනේදී මියගිය අය සුරපුර යන බවට ඔහු රැුවටූ නිසා බව බුදුන් පෙන්වා දුන්නේය.

 

මහානාම නම් දේශපාලන භික්ෂුව මහාවංශය ලියා ශතවර්ෂ 15ක් ගතවූ පසුවද ඔහුගේ ගිහි සහ පැවිදි අනුප‍්‍රාප්තිකයන් විසින් අප රවටනු වංචාකරනු මුළා කරනු ලැබ ඇත.

 

මහාවංශ බුද්ධාගම ප‍්‍රකාශ කරන්නේ ලංකාව බෞද්ධයන්ගේ ශුද්ධ දේශය බව හා බෞද්ධයන්ට අබෞද්ධයන් සමග මෙහි වාසය නොකළ හැකි බැවින් යුද්ධ කර ඔවුන් එළවා දැමීම පාපයක් නොවන බවය. මේ මිථ්‍යාව විසින් මෙහි බහුතර සුළුතර සබඳතා අවුල්කර හිංසාකාරී නොඉවසීමක් ඇතිකර තිබේ. අපගේ ඉතිහාසය දේශපාලනය සහ බුද්ධාගම මහානාම හිමියන් හා ඔහුගේ ගෝලයන් ගෙතූ මෙම මිථ්‍යාවන්ගෙන් නිදහස් කර ගන්නා තුරු ලංකාවට සාමයක් උදාකළ නොහැකි වනු ඇත.

 

පරිවර්තනය: හේමන්ත රණවීර

 

 

 

 

 

 

7 Comments to “කොයි බුදුන්ද? කාගේ බුද්ධාගමද? – තිසරණී ගුණසේකර

  1. බැරිවෙලාවත් ඥාණසාරයා හරි උගේ බලු සේනාවේ එවුන් හරි මෙම ළිපිය දැක්කනම්, තිසරණී නෝනටත් ඉතින් අබ සරණම තමයි!

  2. මහාවංශයයි බුදු දහමයි පටලවගන්න එපා.මහාවංශය කියන්නේ ආගමික පොතක් නෙමෙයි ඉතිහාස පොතක්. අනික ඒක ලියවුනේ කුරුණෑගල යුගයේදී. සමහර තැන් වලදී මහාවංශය පක්ෂපාති වෙලා තියෙනවා. මහාවංශයේ මුල ඉඳලම ඒ වැරැද්ද තියෙනවා.

    1. පාඨකයා විසින් ලියු ලිපියට අදාල නොවු කරුණු කපා හැරියෙමි

      1. ඇයි? කියවද්දී අමාරුද? ඒ වගේ තමයි ඔහෙලගෙ වැඩවලට බුදුහාමුදුරුවන්වත් ගාවගන්න එපා.
        ඔයා කියල තියෙනවනේ ඔයා ඉස්සර බෞද්ධයෙක් කියල. එහෙමනම් ඔයා බුදුහාමුදුරුවෝ ගැන දන්නවා ඇතිනේ. අද සමහර අය කරන දේවල්වලට බුදුහාමුදුරුවෝ පලි නෑ.

        1. මේ ලිපිය මා ලියුවක් නොවේ. තිසරණී ගුණසේකර නැමති ලේඛිකාවක ලියු ලිපියකි. එම ලිපිය මා සම්පුර්ණයෙන් කියවුවෙමි. මෙහි බුදුන් වහන්සේට කිසිදු අපහාසයක් කර නොමැත. මෙම ලිපිය තුලින් සමාජයට ගතහැකි පණිවිඩයක් තිබෙන හෙයින් මෙහි පලකළෙමි. ලිපිය ලියු ඇයද කියවු එය විවේචනය කරන ඔබද යන දෙදෙනාම බෞද්ධයන්ය. ඒ අරබයා නැගෙන සිත් තැවුලින් අන්‍යාගම් වලට අපහාස නොකරන්න.

  3. මේ දවස් වල බෙබදුසාර හා ඔහුගේ ගෝලයින් ඇතුළු ඩිලන්ත උන්නැහේ ඇමැති වරුන් සමග වලි හින්ද වැඩිය කියවන්න වෙලා නැතුව ඇති .ආ ..ඊශ්‍රායෙල් වලින් දොලපිදේනි ලැබෙන නිසා තවත් වැඩකට බැහැල.
    අපේ MR ගොය්යට ඉතින් මේවා නියම වේද මොකද රටෙ ප්‍රශ්න ,රජයේ දුර්වලකම්,දුෂණය,MR පවුලේ වංචා ,දැන් රටෙ කතාකරනවා තිය මිනිස්සුන්ට හිතන්නවත් වෙලා නැහැ ,මොකද ජාතිවාදය (ජාතිආලය)මේ ඔක්කොටොම වඩා ප්‍රමුක වෙලා.

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=108402http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=108402

Comments are closed.