පොදු අපේක්ෂකයාගෙන් මුස්ලිම් ජනතාව ඉල්ලන්නේ කුමක්ද?

මුස්ලිම් ජනතාවගේ පැතුම
මුස්ලිම් ජනතාවගේ පැතුම

ඉතිහාසයේ කිසිදු දිනයක නොවු ආකාරයෙන් ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව එක් බලාපොරොත්තුවක් උදෙසා එකාමෙන්ව කටයුතු කරති. ඒ අන්කිසිවක් නොව රුදුරු දුර්දාන්ත රාජපක්ෂ පාලනය පලවා හැරීමටය. මේ නිසා මුස්ලිම් දේශපාලකයන්ට ඉතා අකමැත්තෙන් වුවද වරදාන වරප්‍රසාද පසෙකලා මුස්ලිම් ජනතාවගේ ජනමතයට එකඟව කටයුතු කිරීමට සිදුවී ඇත. ඇත්තෙන්ම හකීම්ලා, රිෂාද් බදියුදීන්ලා විපක්ෂයේ අපේක්ෂකයාට සහය දෙන්නට පැමිණියේ කැමැත්තෙන් නොවේ. නමුත් ජනතාවගේ අභිලාශය ඉටුනොකළහොත් තමන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප විය හැකි බැව් දන්නා ඔවුන් අන්තිමේදී ජනමතයට එකඟ විය.

 

ඇත්තෙන්ම මෙලෙස දේශපාලකයන්ව තම මතයට හැසිරවීමට ජනතාවක් පෙළඹෙන අවස්ථා ඉතාමත් විරලය. බොහෝ විට  සිදුවන්නේ දේශපාලකයන්ගේ පදයට ජනතාව නැටීමයි. ජනතාව එක්සත්ව එක්සිත් වෙනවා නම් රට වෙනස් කිරීමට ඉතාමත් පහසු කාර්යයක් බව මෙයින් සනාථ වන කරුණකි. මෙහිදී රජය පවසන්නේ මුස්ලිම් කොංග්‍රසය රජයෙන් වෙන්වුයේ නැගෙනහිර වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් නොදුන් නිසා බවයි. රජය මෙහිදී හදන්නේ මුස්ලිම් කොංග්‍රසය වෙන්වීම දඩමීමා කරගෙන තවත් සිංහල ඡන්ද ටිකක් වැඩිකර ගැනීමට උත්සාහ දැරීමයි. මෙවන් තුට්ටු දෙකේ බොරු ප්‍රවෘත්ති ජනතාව අතර යවා සිංහල ජනතාවගේ ඡන්ද බා ගැනීමට කරන නිහීන ප්‍රයත්නය ජනතාව වටහා ගත යුතුය. පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් දින 100 කින් කරන කටයුතු සියල්ල දැන් ජනතාවට හෙළිකර හමාරය. මුස්ලිම් කොංග්‍රසයට ඊට වඩා යමක් දෙනවා නම් 100 කින් පසුව තිබෙන පාර්ලිමේන්තු මැතිවරණයට පසුව විය යුතුය.

 

හැරත් රිෂාද් බදියුදීන්ගේ දේශපාලන බලප්‍රදේශයට අම්පාර දිස්ත්‍රික්කය අයත් නොවේ. එසේ නම් රිෂාද් බදියුදීන් ගියේ ඇයි? රිෂාද් බදියුදීන් යනු බැසිල් රාජපක්ෂ මහතා සමග ඉතාමත් ලඟින්ම කටයුතු කළ පුද්ගලයාය. ඔහුටද රජය දමා යන්නට සිදුවුයේ සමස්ථ ලාංකීය මුස්ලිම් සමාජය තුල මේ වන විට රාජපක්ෂ රෙජිමය කෙරෙහි දැඩි පිළිකුලක් ඇති වී තිබෙන නිසාය. ඇත්තෙන්ම මුස්ලිම් ජනතාව රාජපක්ෂ රෙජිමය සම්බන්ධව මේ තරම් පිළිකුලක් ඇයි? ඒ අන්කිසිවක් නිසා නොව රාජපක්ෂ රෙජීමයේ පාලන කාලය තුල ඇති වු මුස්ලිම් විරෝධී අන්තවාදී ක්‍රියාවන් නිසාවෙනි. බොදුබලසේනාව, සිංහල රාවය සහ රාවණා බලය ඇතුළු කල්ලි විසින් ගෙනගිය ක්‍රියාදාමයන්ට කිරිපෙව්වේ/ ආරක්ෂාව සැපයුවේ සහ අනුග්‍රහ දැක්වුයේ රාජපක්ෂ රෙජිමයේ පුරුකක් වන ගෝඨාභය රාජපක්ෂ විසින් බවට මුස්ලිම් ජනතාවට අමතක නැත. ඒ සම්බන්ධව මහින්ද රාජපක්ෂ මහතා මුණිවත රැකි බව ජනතාවට අමතක නැත.

 

ඉදින් ලාංකීය මුස්ලිම් ජනතාව මේ අවස්ථාවේ විපක්ෂයේ පොදු අපේක්ෂකයාගෙන් බලාපොරොත්තු වන්නේ රටේ සියළු ජනතාව සමග එක්ව විසීමට සාමය මිස අන්කවරක්වත් නොවේ. පොදු අපේක්ෂකයා වටා සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් සැවොම ඒකරාශී වී සිටින බැවින් සාමයක් බලාපොරොත්තු විය හැක්කේ පොදු අපේක්ෂකයාගෙන් මිස රාජපක්ෂ රෙජිමයෙන් නොවන බැව් මුස්ලිම් ජනතාව දනිති.

 

 

6 Comments to “පොදු අපේක්ෂකයාගෙන් මුස්ලිම් ජනතාව ඉල්ලන්නේ කුමක්ද?

  1. සිංහල රාවය හෙල උරුමයට අයත් සංවිධානයක් නේද? එතකොට මොකද කරන්නේ?

  2. සිංහල රාවය හෙල උරුමයට අයත් සංවිධානයක් නේද? එතකොට මොකද කරන්නේ?
    mema prashnayata pilithura nam.. diyawediyaa thibena manussayekuta operation ekak karanna thiyena waa nam palamuwa kala yuththe ohuge diyawediyaa thathwayapaalanaya kireemayi. enisaa maraa paraajaya karala diyawediyaawa palanaya kara operation eka wetha hitha yomu karamu.

    1. සිංහල රාවයේ නායක අක්මීමන දයාරත්න නම් අන්තවාදී චීවරධාරියා සිටියේ හෙළ උරුමයේ බව ඇත්ත. නමුත් එකල චන්ද්‍රිකා මැතිණියගේ රජය කාලයේ විපක්ෂය විසින් කථානායකයා වශයෙන් විජමු ලොකුබන්ඩාර මහතා පත්කිරීමට නියමිතව තිබුණු වෙලාවේ හෙළ උරුමය තීරණය කර තිබුණේ විජමු ලොකුබන්ඩාර මහතාට සහය දීමටයි. නමුත් එහිදී හෙළ උරුමයේ මතයට පටහැනිව ඔහු රජයේ අපේක්ෂකයාට ඡන්දය දුන්නා. එයින් පසුව ඔහු හෙළ උරුමයෙන් ඉවත් වුණා. ඔහු විසින් සිංහල රාවය නම් සංවිධානයක් අටවා අන්තවාදී මැර ක්‍රියාවන් කරන්න පටන් ගත්තේ ඉන්පසුවයි.

  3. එතකොට මුස්ලිම් පරිපාලන ඉඩ කඩක් ද මුස්ලිම් අයට ඔනේ .. මොකද හකීම් මහත්තයා නියොජන කරන්නේ ජනතාවගේ මතේට නම් ජනතාවගේ මතේ මේක වෙන්න ඈතිනේ නේද

    1. මුස්ලිම් ජනතාවට අවශ්‍ය දේ කුමක්දැයි මේ ලිපිය මගින් පැවසුවා. ඊට වඩා දෙයක් මුස්ලිම්වරුන්ට අවශ්‍ය නැහැ.

Comments are closed.