යුද්ධය දිනු නායකයාට කෙලවු අල්ලපු ගමේ කිරම මුදළාලි!

කිරම සහ ඥානසාර
කිරම සහ ඥානසාර

කිරම මුදළාලි බෞද්ධ සාහිත්‍යයට කළ මගුලක් නැත. කිරම මුදළාලි කරේ ගොඩගේ මුදළාලි කළ දේමය. ගොඩගේ මුදළාලි සිංහල සාහිත්‍ය තුලින් ගොඩ ගියේය. නමුත් සිංහල සාහිත්‍යය තවම තිබුණු තැනමය. කිරම මුදළාලිද බෞද්ධ සාහිත්‍යය තුලින් ගොඩ ගියේය. නමුත් බෞද්ධ සාහිත්‍යයද එතැනමය. නමුත් කිරම ගොඩගේට වෙනස්ය. ඊට හේතුව නම් කිරම මුදළාලි යුද්දෙ දිනපු නායකයාට කළ හදියයි. මන්දයත් තමන්ට සම්පත් බැංකුවෙන් කෝටි ගානක ලෝන් එකක් පාස්කර දුන් ගෝඨාට ඥානසාරව හඳුන්වා දුන්නේ කිරම නිසාය.

 

කිරම විසින් බොදුබලසේනාව ඇරියේ තමන් විසින් අළුතින් ආරම්භ කළ සම්බුද්ධත්ව ජයන්ති බෞද්ධ සුපර්මාර්කට් එකේ අවුට්ලට් එකක් විදිහටය. ඇත්තටම කිරම එය ආරම්භ කිරීමට මුල්වුනේ සල්ලි තියෙන හැම එකෙකුටම හැදෙන ලෙඩක් වන පොරමේනියාව සුව කරගන්නටය. නමුත් බොදුබලසේනාවෙන් සිද්ද වුනේ කිරමගේ පොරමේනියාව උත්සන්න වීමයි. එයට හේතුව බොදුබලසේනාව තුලින් ඉස්මතු වුයේ කිරමගේ ප්‍රතිරූපය නොව ඥානසාරගේ ප්‍රතිරූපය වීමයි. ඒ අතරේ අපි විසින් බොදුබලසේනාවට ගහපු ඉන්ටර්නැෂනල් පාරවල් කිරමගේ සම්බුද්ධත්ව ජයන්ති සුපර්මාර්කට් එකටත් වදින්නට වු නිසා කිරමගේ අනෙකුත් බිස්නස් වලටද පාඩු වන්නට විය. තමන්ගේ පොරමේනියාවටත් කිසිම දෙයක් නුවු නිසාත්, තියෙන බිස්නස්ද පාඩු වන නිසාත් බොදුබලසේනා අවුට්ලට් එක ඉවත් කරගන්නැයි කිරම ඥානසාර සහ ඩිලන්තගෙන් ඉල්ලා සිටින ලදී.

 

ඥානසාරලටද අවශ්‍ය වුනේ කිරමත් කඩාගෙන ඉස්සරහට යාමට වුවද ගෝඨා ෂේප් එකේ තියාගන්නට නම් කිරම ඕනෑම බව දන්නා නිසා කෙසේ හෝ කිරම ෂේප් එකේ නායක කමේ තියාගන්නටම කටයුතු කරන ලදී. මියන්මාරයේ ත්‍රස්තවාදියා වන අශින් විරතු එනවිට කිරමට ආයිත් මුල්පුටුව දුන්නේ එහෙයිනි. ඇත්තටම අශින් විරතුව රහසිගතව ලංකාවට ගෙනවිත් ඒ වැඩසටහන සම්පුර්ණ කරගන්නට ගෝඨාගේ සම්පුර්ණ සපෝර්ට් එක අරන් දුන්නේ නැවතත් කිරම මුදළාලිමය. නමුත් කිරම ගෝඨාගේ සංකල්පයක් මත ඇරඹුනු බොදුබල කඩෙන් කෙලවුනේ අහක හිටපු මහින්දටයි. ඇත්තටම තමන්ට කෙලවුයේ කවුරුන්දැයි තවමත් මහින්දට තේරුනාදැයි අප නොදනිමු. ඇත්තටම මහින්දට කෙලවුයේ එකකුස උපන් ගෝඨාත් අල්ලපු ගමේ උපන් කිරම මුදළාලිත්ය. මේ දෙන්නා ඇරපු බොදුබල කඩෙන් ගොඩ ගියේ කලින් ෆොන්සේකාට කනවැල ඇල්ලු ඥානසාරයි.

 

දැන් මහින්දට නැවතත් ගොඩ එන්නට නම් බොදුබල කඩෙන් වැදුනු මඩ ටික සෝද ගත යුතුය. අප බලාසිටින්නේ මහින්ද මේ මඩ සෝදා ගනියිද? නැතිනම් ඩයි ටිකක් දමා නැවතත් පාට කරගනියිද? යන්නය.

 

 

 

19 Comments to “යුද්ධය දිනු නායකයාට කෙලවු අල්ලපු ගමේ කිරම මුදළාලි!

  1. අස්වර් තම්බියටවත් අලෙවි මව්ලාන කරවල මුදලාලිටවත් කියල කරවගන්න පුලුවන්වෙය්ද.ෆව්සි තම්බිය දැන් නන්නත්තාරවෙලා ඉන්නෙ. මෑන්ස් ඒ දවස්වල කිව්ව මුස්ලිම් ඡන්ද නැතිව මහින්ද මහත්තයට දිනන්න පුළුවන් කියල.තමාගෙම අල්ලෙන් පස්ස පැත්තට හුණු ගාගත්ත…..

  2. දැන් මහින්දට නැවතත් ගොඩ එන්නට නම් බොදුබල කඩෙන් වැදුනු මඩ ටික සෝද ගත යුතුය. අප බලාසිටින්නේ මහින්ද මේ මඩ සෝදා ගනියිද? නැතිනම් ඩයි ටිකක් දමා නැවතත් පාට කරගනියිද?

  3. Anver MAnathunga, what ever you do is up to your liking. What I feels that is, you are damaging the society than “Bodubala Sena”, what ever the religion, we have to respect priests. You are one of people who tries to put this country in trouble.

    1. ඔබට ඔබගේ ආගමික පුජකත්වය ගැන ගරුත්වයක් ඇත. අප එයට ගරු කරමු. නමුත් දහස් ගණන් දේපල සහ ජීවිත හානි වලට වගකිවයුතු කිරමට සහ ඥානසාරට අපි එදත් ගරු නොකලෙමු. අදත් හෙටත් ගරු නොකරමු. මේ තක්කඩි කෙතරම් වැරදි කළද ඔබලාට ඊට වගක් නැත. නමුත් අන්වර් මනතුංග ඔවුන්ට විරුද්ධව ලියන විට හිත් කෝප වේ. මදක් හිතන්න! ඔබට එලෙස හැගෙන්නේ ඔබ සිතතුල ඇති වර්ගවාදය නිසා නොවේද? මැදහත් කෙනෙකු නම් මේ ගැන මධ්‍යස්ථව සිතා බලනු ඇත. බොදුබලසේනාව විසුරවන තෙක් එහි සිටින සියළුම නායක කාරකාදීන් හට උපරිම ප්‍රහාර එල්ල කරන බව ඔබට දන්වමි. එයින් ඔබේ හද රිදෙනවා නම් ඒ ගැන නොතකමි. මන්ද ඒ ඔබත් නොදැන ඔබ හදවත වර්ගවාදී වී ඇති නිසා බැවිනි.

  4. If we go by your own theory, why dont you say a word about STJ pig who said Lord Budha was a cannibal and he eat human flesh ? You too must be a racist ano thats why you too so silent ?

    1. මට දෙබිඩි පිළිවෙතක් නැත. කුරාණයට අපහාස කළ ඥානසාරටත්, බුදුන් වහන්සේට අපහාස කළ රෆීක්දීන්ටත් දෙදෙනාටම නීතියෙන් උපරිම දඩුවම දිය යුතුය. මේ දෙදෙනාම කළ දේ ඉස්ලාමයට පටහැනි දේය. මේ දෙදෙනාටම නීතිය ක්‍රියාත්මක වීම වැලැක්වුයේ ගෝඨාභය රාජපක්ෂයි. ගෝඨා රෆීක්දීන්ව ආරක්ෂා කළේ මුස්ලිම්වරුන්ට පහරදීමට ඔහුවද පාවිච්චි කළහැකි බව දන්නා නිසයි.

  5. භික්ෂුන් වහන්සේ කෙනෙකුට මේ විදිහට ඇමතීම ඉස්ලාම් දහමට එකගද? බොදුබල සේනාව බිහිඋනේ මුස්ලිම් අන්තවාදීන් නිසයි. බෞද්ධ සිධස්ථාන වැනසීම, සිංහල බෞධයන් වඳ කිරීමට උපක්‍රම යෙදීම නිසයි. අලුත්ගමදී මුස්ලිම්වරු ගැටුම් පටන්ගත්ත හැටි වීඩියෝ වල දැක්කේ නැද්ද? මේවා බල බල සිංහලයෝ බලාගෙන ඉන්න ඕනිද?

    1. භික්ෂුන් වහන්සේකට ඇමතිමක් ගැන ඉස්ලාමයේ දක්වා නැත. ඉස්ලාමයට අනුව අප සැවොම එක මනුස්ස කුලකයකය. මෙහි පුජනීයත්වයේලා මිනිසුන් අපට නැත. එනිසා වසලයෙක් නම් කුමන ඇදුමක් ඇන්දද අපට එය අදාල නැත. බොදුබලසේනාව බිහිවුනේ මුස්ලිම් අන්තවාදීන් නිසයි කියන එකට සම්පුර්ණයෙන්ම එකග නොවෙමි. බොදුබලසේනාව මුස්ලිම්වරුන්ට එරෙහිව කරන ලද සියළුම චෝදනා අප ප්‍රතික්ෂේප කරමු. එමෙන්ම අලුත්ගම ගැටුම හටගත්තේද බෞද්ධ අන්තවාදීන් නිසා බව අප සාක්ෂි සහිතව පවසමු. වීඩියෝද සහිතයි. මෙතැනදී සිංහලයෝ සහ බෞද්ධ අන්තවාදියෝ යනුවෙන් කොටස් දෙකක් සිටිනවා යැයිද පැවසිය යුතුමය. එනම් සෑම බෞද්ධ අන්තවාදියෙක්ම සිංහල විය හැක. නමුත් සෑම සිංහලයෙක්ම බෞද්ධ අන්තවාදියෙකු නොවේ. ඔබ ඒ කොටස් දෙකෙන් කුමන කොටසේදැයි ඔබගේ එදවතට තට්ටු කොට බලන්න

  6. අලුත්ගම ගැටුම පටන්ගත් හැටි පහත වීඩියෝවෙන් බලන්න.
    https://www.youtube.com/watch?v=f9GMVZ4mwII
    සිංහල කාන්තාවන් බලෙන් වඳ සැත්කම් වලට ලක් කල පේරාදෙණිය රෝහලේ මුස්ලිම් වයිද්යවරිය සහ කටුගස්තොට අන්තෝනි බාලිකාව අසල වඳ පෙති දැමු කේක් අලෙවි කල මුස්ලිම් වෙළඳසල ගැන ඔබ කියන්නේ මොනවද?

    1. ඔය හාමුදුරුවන් කියන්නේ පට්ටපල් බොරු. ඔය හාමුදුරුවන්ගේ මුහුණෙන්ම බලන්න අහින්සක කමක් පේනවද? ඔය සිද්ධියෙන් පස්සේ හාමුදුරුවන්ව බොරුවට ඉස්පිරිතාලෙට ඇඩිමිට් කරලා බලෙන් ඉස්පිරිතාලේ තබාගෙනයි බොදුබලසේනාව වැඩේ පටන් ගත්තේ. ඔබට ඔබගේ අන්තවාදී මනස නිසා ඒ සියල්ල හරි යැයි පෙනෙනවා ඇති. නමුත් මේ සිද්ධිය සම්පුර්ණයෙන්ම ජාත්‍යන්තරයට පවා ගිහිල්ලා ඉවරයි කවුද වැරදි කියලා.

      https://youtu.be/ID_cTz_Kb78

    2. මොකද්ද දන්නැ මේ කියන වඳ පෙති. ඖෂධ නාමය මොනවද? මෙව්වා තියනවා කියල දන්නෙත් අදයි.

      බලෙන් වඳ සැත්කම් කරපු වෛද්‍යවරිය පේරාදෙණියේ සැත්කම් කලේ තනියමද? ඇය හොරෙන් සිංහල කාන්තාවන් සැත්කම් කාමරයට ගෙන ගිහින් කාටවත් නොපෙනී විනාඩි පහෙන් සැත්කම් කලාද? නැත්නම් පේරාදෙණිය රෝහලේ මුස්ලිම් වෛද්‍යවරුන්, හෙදියන්, ඖෂධවේදීන් සහ සුළු සේවකයින් විසින් හවුලේ හොර සැත්කම් කලාද? ඒ අයගේ නම් මොනවද? මේ අය වඳ පෙති ගැන අහලා නැද්ද?
      බයයි මෙව්වා ඇහුණම.

  7. Oba 100%k hari Anver,Haamuduruvan vahanselaa daanaya valandagena Dharmya pamanak desana karanne nethuwa desapaalkayinge passa hodanna giyaama ohoma thama venne,,,munta mokatada politic,,,,saasane kana BBS laa e
    avanna ona,,,,,,,,,,,,,,,

  8. හාමුදුරුවෝ කියන්නේ බොරු කියමුකෝ. මේකේ අන්තිමට තියනව ගැටුම පටන්ඝත් හැටි. මුස්ලිම් පූජකතුමා පාරට පැනල එපා එපා කියන්නේ පල්ලියේ හිටපු අය ගල් ගහපු නිසානේ. අනික ජාත්‍යන්තරයට මොනවා ගියත් අපිට කමක් නෑ. ඇත්ත මොකක්ද කියලයි බලන්න ඕන.

    වඳ පෙති ගැන ඇත්ත දැනගන්න පුළුවන් පොලිස් පරීක්ෂණ කලට පස්සේ. මම ඉන්නෙත් කටුගස්තොට ඒ නිසා මේ ගැන හොයල බැලුව. අන්තෝනි විදුහලේ ගුරුවරියක් තමා පැමිණිලි කරලා තියෙන්නේ. අනික දැන් මාස හයකට වැඩිය මේ කඩේ වහල . පිටිපස්සෙ ගෙදර හිටිය කඩේ අයිති කට්ටියත් අතුරුදහන් වෙලා. වැරද්දක් කරලා නැත්තන් ඇයි පැනල ගිහින් තියෙන්නේ?

    පේරාදෙණිය රෝහලේ සිද්දියත් මම දන්නවා මගේ බිරිඳ වැඩකරන්නේත් පේරාදෙණිය රෝහලේ. දරු ප්‍රසුතියකින් පස්සේ අම්මට කැමතිනම් වඳ සැත්කමක් කරගන්න පුළුවන්. ඒ පිට දාල අම්මලාගේ අවසර නැතුව කරලා තියෙන්නේ. අනිත් අයට කියල තියෙන්නේ අම්මගේ කැමැත්තෙන් කරනවා කියල. එත් අම්මලට කියල නැ. මේ ගැන පරීක්ෂණ යට ගහල තියෙන්නේ රෝහලේ අනිත් මුස්ලිම් වයිද්යවරුන්ගේ බලපෑමෙන්.

    1. හාමුදුරුවෝ කිව්වේ පට්ට බොරු. ඊට පස්සේ හාමුදුරුවෝ ඉස්පිරිතාලේ ඇඩ්මිට් කලේ බොරුවට. අපි අභියෝග කරනවා පුළුවන් නම් වෛද්‍යවාර්තා සහ ඇද ඉහපත් වාර්තා ඉදිරිපත් කරන ලෙස. පලමුවෙන් ගල් ගසා තිබෙන්නේ පෙලපාලියේ ආපු කෙනෙක්ගෙන් බවටත් අපිගාව සාක්ෂි ඇත. එයා පිටිපස්සේ බෑග් එකක් දාගෙන ආපු කෙනෙක්. එයා ගල ගත්තේ බෑග් එක ඇතුලෙන්. ඊටත් අපි ගාව සාක්ෂි තියෙනවා. ඒවගේම දැන් මේ සම්බන්ධව නඩු හතරක් යනවා. මේ නඩු සියල්ල මුස්ලිම් පාර්ශවයෙන් දැමු ඒවා. ඒ අය නඩු දැම්මේ ඒ අය නිවැරදි නිසා. නඩු ඉවරවෙන විට වැරැද්ද කාගෙද කියලා ඔබලාට බලාගත හැකිවනු ඇත.

      වද පෙති ගැන කියන්න තියෙන්නේ ඔයා සම්පුර්ණයෙන්ම සීනෝෆෝබියා මානසික රෝගයට ගොදුරු වුවෙක් බවයි. මේක ඥානසාරටත් තියෙන ලෙඩක්. ඔබ මේක සනීප කරගත්තේ නැත්තං වයසට යනවිට ඔඩු දුවන්න පුළුවන්. වද කිරීම ගැන මුලින්ම කතා කලේ නෝලිමිට් ටොෆියෙන්. ඒක බොරුවක් බව මමත් මුස්ලිම් නොවන සහෝදරයෙකුත් විද්‍යාත්මකව ඔප්පු කලා. මුස්ලිම් වෛද්‍යවරුන් සිංහල කාන්තාවන් වද කරන්න කටයුතු කරනවා නම් මුලින්ම ඊට එරෙහි වන්නේ සිංහල වෛද්‍ය වරුනුයි. මම අහන්නේ ඔවුන් මේ සම්බන්ධව නිහඩව ඉන්නේ ඇයි කියායි. එකම හේතුව මේකයි. ඔයාලාට තියෙන පිස්සුව එයාලට නැති එකයි.

  9. කවුරු නඩු දැම්මත් ඇත්ත මොකක්ද කියල වීඩියෝව බලපුවම තේරෙනවා. අනික මම කිව්වේ නොලිමිට් ටොපියක් ගැන නෙමේ. කේක් කඩයක් ගැන. වැරද්දක් කරලා නැත්තන් කඩේ වහල හැංගිලා ඉන්නේ අයි?

    1. ඒ මනුස්සයා ගැන අපි හොයලා බැලුවා. එයා ගොඩක් ණය වෙලා. ඔහු කඩේ වහලා තියෙන්නේ ණයකරුවන්ගෙන් බේරෙන්නයි.

  10. මලින්ද ඔබේ මනස නිහඞ කර විවෘත සිතකින් සියලු දේ කියවන්න නරඹන්න පසුව ඔබේ සිතෙන්ම ප්‍රශ්න කරන්න. ඔබට හරි වැරැදි වැටහේවි.

    1. එම පුවත සහ උදෘතය අතර පරස්පරතාවයක් තිබෙනු පෙනේ. එනම් පුවතෙහි සදහන් වන්නේ සිසේරියන් සැත්කමට ලක්වු ගර්භනී මව්වරුන්ට වද සැත්කම් නිර්දේශ කළ බවකි. සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කම් කළ මව්වරුන්ට අවධානමක් ඇති නම් වෛද්‍යවරුන් වද සැත්කම් නිර්දේශ කරති. ඒක මුස්ලිම් පමණක් නොව සිංහල වෛද්‍යවරුද කරති. කෙසේ නමුත් මෙම පරීක්ෂණය අවසන්වු පසුව වාර්තාව බලමු. එදාට එයද මේ ආකාරයටම පලවනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

Comments are closed.