කාන්තා වස්ත්‍රය සහ ලිංගික උත්තේජනය

කාන්තා වස්ත්‍රය සහ ලිංගික උත්තේජනය

මිනිසා බඳු විෂම ලිංගික (Hetero Sexual) සත්වයින් තුළ ලිංගික හැඟීම් ඇති වන්නේ එක්තරා අන්තරාසර්ග (Endocrine) ග්‍රන්ථියකින් වහනය වන හෝර්මෝන වර්ගයන් නිසා බව පර්යේෂණාත්මක මනෝ විද්‍යාවෙන් හා ජීව රසායන විද්‍යාවෙන් පෙන්වා දී ඇත. අධිලිංගික හෝ අවලිංගිකතාව මේ ග්‍රන්ථි වල අධික්‍රියාකාරිත්වය හෝ අවක්‍රියාකාරිත්වය මත කෙළින්ම රඳා පවතී. ප්‍රති විරුද්ධ ලිංගිකයන්ගේ දර්ශනය, ගන්ධය, ස්පර්ශය, ශබ්දය ආදී ඉන්ද්‍රිය ග්‍රහණ නිසා හෝ ඒ සම්බන්ධ වෙනත් දෙයක් නිසා හෝ සිතේ ලිංගික හැඟීම් පිබිදේ.

මෙහි ප්‍රතිඵලය ලෙස චාලක ස්නායු ඔස්සේ ලිංගික ග්‍රන්ථි කරා විද්‍යුත් ආවේග ගමන් කරයි. එවිට එම ග්‍රන්ථි වලින් රුධිරයට හෝර්මෝනය වහනය වෙයි. රුධිර සංසරණය මගින් මොළය දක්වා එන මෙම හෝර්මෝන පුද්ගලයාගේ සිතුවිලි තවත් පුබුදු කරවයි. ජීව විද්‍යාත්මක සාධකයක් වන මෙම කායිකවේදී ක්‍රියාදාමයෙන් මතු වෙන චිත්තවේග මර්දනය කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ.

නුතන මනෝ විද්‍යාව අපට උගන්වන්නේ පුරුෂයින්ට හා ස්ත්‍රීන්ට ලිංගික උත්තේජනය සිදුවන ආකාරයේ වෙනසක් ඇති බවය. අඩු ඇඳුමින් සැරසුණු පිරිමියෙකු  දැකීමෙන් ස්ත්‍රියකගේ මනසේ ලිංගික පිබිදීමක් ඇතිවන්නේ ඉතාමත්ම අල්ප වශයෙන් බවත් ස්පර්ශය තුළින් ඇගේ හැඟීම් අවදිවීම ඉතා අධිකව සිදුවන්නක් බවත් මනෝ විද්‍යා සොයා ගැනීමෙන් තොරව වුවත් අප අත්දකිනා සත්‍ය කරුණකි. අනෙක් අතින් අඩ ඇඳුමින් සැරසුණු ස්ත්‍රියකගේ ශරීරය දැකීමෙන් පිරිමියෙකුගේ සිත තුළ ඇතිවන රාගික හැඟීම් ඉතාමත්ම අධික බවත් අප දන්නා සත්‍යයකි.

මුස්ලිම් කාන්තාව තම ශරීරය හොඳින් වැසෙන පරිදි ඇඳුම් අඳින්නේ පිරිමින්ගේ “බලපෑම්” නිසා බවටද මතයක් ඇත. මෙය පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන ඉතාමත්ම  අර්ථ විරහිත අදහසකි. සදාචාර සම්පන්න ස්ත්‍රිය නිරන්තයෙන් උත්සාහ කරන්නේ ලැජ්ජ  බය ඇතිව යහ අයුරින් ඇඳුම් අඳින්නටය. තම ශරීරය හොඳින් වැසෙන්නට ඇඳුම් අඳින ස්ත්‍රියගේ මනස තුළත් ඇති වන්නේ ලැජ්ජ බය මුසු වූ  තමාගේ චරිතයේ පිරිසිදුභාවය පිළිබඳ හැඟීම්ය. තම ශරීරය හැකි තරම් විවෘතව තබා ගන්නට වෙර දරන අයගේ මනසේ ඇත්තේ මෙයට හාත්පසින්ම වෙනස් වූ තත්ත්වයකි. තම ශරීරය විවෘතව තබා ගැනීමෙන් දන්නා හා නොදන්නා පිටස්තර පිරිමින්ගේ අනවශ්‍ය අවධානයට තමා ලක් වන අතර ඔවුන්ගේ ලිංගික අභිලාෂයන්ගේ ඉලක්කයක් බවටද පත් වීම වළක්වාගත නොහැකි කරුණක් වනු ඇත.

මහමග පිරිමින්ගේ ආශාව පිරුණු දෙනෙත් තමා වෙත යොමු වන විට යහපත් ස්ත්‍රීන් පත්වන්නේ ඉතාමත් අසීරු තත්ත්වයකටය. මෙවන් අනවශ්‍ය අවධානයකට වැඩිපුරම ලක්වන්නේ ශරීරය හොඳින් වසා ගත් ස්ත්‍රීන්ද නැතිනම් අඩනිරුවතින් හා ශරීරයටම ඇලෙන පරිදි ඇඳුම් ඇඳ මහමග සැරිසරන ස්ත්‍රීන්ද? වැඩි අවධානය යොමු වන්නේ අඩනිරුවත් ස්ත්‍රීන් කෙරෙහි බව කිසිම සැකයක් නොමැත. මෙවැනි තත්වයන් නිසා ස්වභාවයෙන්ම ශාරීරිකව දුර්වල ස්ත්‍රිය බොහෝ විට ලිංගික බලහත්කාරකම් හා අතවර වලට ලක් විය හැකි ඉඩකඩ ඉතාමත්ම අධිකය. අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා තැබීමෙන් ඇති ඵලය කුමක්ද? හානියක් වන්නට පෙර නිසි පියවර ගැනීම වැදගත් බව මෙයින් පැහැදිලි නොවන්නේද?

 

 

ඉබ්නු මන්සුර්

 

 

 

5 Comments to “කාන්තා වස්ත්‍රය සහ ලිංගික උත්තේජනය

  1. ඉස්ලාම් ධර්මය උපන්නේ කාන්තාර ආශ්‍රිත රට වලිනි.එම රටවල ඇති අධික උෂණත්වයෙන් මිදීමට සහ නිතර ඇතිවන වැලි කුණාටු වලින් මිදෙන්නට එම රටවල කාන්තාවන් සිරුරු ආවරණය කළා මිස ,ඔබ කියන “උත්තේජන” කතාව අසත්‍යයකි.

    ඔබ කියනා පරිදි කාන්තාවකගේ සිරුර දැකීමෙන් පිරිමියාගේ ලිංගික උත්තේජනයක් සිදුවේ. ඉතා විශාල තරබාරු මුස්ලිම් කාන්තාවන්ද මෙසේ
    තම සිරුරු ආවරණය කරයි. එවන් සිරුරක් දැකීමෙන්ද යම් පිරිමියෙක් මෙසේ උත්තේජනය වේ නම් ඔහු මානසික රෝගියෙක් විය යුතුය.

    මල් වලට ඔය තරම් ලස්සන පාට ලැබුණේ කොහොමද ?තම වර්ගයා පවත්වා ගෙන යාමට , මල් තුල ඇති පරාග එහා මෙහා ගෙන යාමට අවශ්‍ය සමනළුන් , මී මැස්සන් ගෙන්වා ගැනීමට නොවේද ?

    පිරිමියෙකු සතු නොවන අඟ පසඟ ගැහැණියට ලැබී ඇත්තේ තම වර්ගයා පවත්වා ගැනීමට අවශ්‍ය පිරිමියාගේ අවධානය ලබා ගැනීමට මිස වෙන මොනවාටද?

    ගැහැණිය විළි ලැජ්ජා නැති විදියට ඇඳුම් ඇඳිය යුතු යයි මා මින් අදහස් නොකරයි.
    තැනේ හැටියට , කාළගුණ තත්වයට ගැලපෙන ලෙස ඇඳුම් ඇඳීමට කාන්තාව දත යුතුය.

    පන්සල් හෝ පල්ලි යන ඇඳුමින් පාටියකට යා නොහැකිය.
    පාටි වලට යන ඇඳුමින් රැකියාවට යා නොහැකිය.

    ඉස්ලාම් ආගමික කණ්ණාඩිය ගලවා තබා ඔබ ඔබගෙන්ම අසා බලන්න , කූඩාරම් බඳු ඇඳුම් වල හිරවී ඇති මුස්ලිම් කාන්තාවන් ගෙන් 99% ක්ම එසේ සිටින්නේ ඔබගේ ආගමේ ඇති දැඩි නීති රීති නිසා නොවේද කියා.

    1. ඔබගේ අදහස
      ඉස්ලාම් ධර්මය උපන්නේ කාන්තාර ආශ්‍රිත රට වලිනි.එම රටවල ඇති අධික උෂණත්වයෙන් මිදීමට සහ නිතර ඇතිවන වැලි කුණාටු වලින් මිදෙන්නට එම රටවල කාන්තාවන් සිරුරු ආවරණය කළා මිස ,ඔබ කියන “උත්තේජන” කතාව අසත්‍යයකි.
      මගේ පිළිතුර
      ඔබ ඉතිහාසය නොදනී. මුස්ලිම් කාන්තාවන් සිය සිරුර මේ ආකාරයට ආවරණය කළේ ආගමික හේතුන් මත යන්න ඉස්ලාමීය ඉතිහාසය සනාත කරයි. ඔබ ඔය පවසන්නේ ලංකාවේ සමහර අන්තවාදීන් පකුරවන අදහසකි.

      ඔබේ අදහස
      ඔබ කියනා පරිදි කාන්තාවකගේ සිරුර දැකීමෙන් පිරිමියාගේ ලිංගික උත්තේජනයක් සිදුවේ. ඉතා විශාල තරබාරු මුස්ලිම් කාන්තාවන්ද මෙසේ
      තම සිරුරු ආවරණය කරයි. එවන් සිරුරක් දැකීමෙන්ද යම් පිරිමියෙක් මෙසේ උත්තේජනය වේ නම් ඔහු මානසික රෝගියෙක් විය යුතුය.
      මගේ පිළිතුර
      සමහරු කෙසග සිරුරු වලට කැමතිය. සමහරු තරබාරු සිරුරු වලට කැමතිය. සමහරු මේ දෙකටම කැමතිය. කෙසේ නමුදු ඉස්ලාමය ස්ත්‍රී වර්ගයාටම එකම වර්ගයේ වස්ත්‍රයක් ලබා දී තිබෙන්නේ සියල්ලෝම සමාන මට්ටමින් පෙනීමටය

      ඔබගේ අදහස
      මල් වලට ඔය තරම් ලස්සන පාට ලැබුණේ කොහොමද ?තම වර්ගයා පවත්වා ගෙන යාමට , මල් තුල ඇති පරාග එහා මෙහා ගෙන යාමට අවශ්‍ය සමනළුන් , මී මැස්සන් ගෙන්වා ගැනීමට නොවේද ?
      මගේ පිළිතුර
      මල්වල උදාහරණ මිනිසුන්ට ගත නොහැක. මේක බොලද තර්කයකි

      ඔබගේ අදහස
      පිරිමියෙකු සතු නොවන අඟ පසඟ ගැහැණියට ලැබී ඇත්තේ තම වර්ගයා පවත්වා ගැනීමට අවශ්‍ය පිරිමියාගේ අවධානය ලබා ගැනීමට මිස වෙන මොනවාටද?
      මගේ පිළිතුර
      ඔව්! කාන්තාවගේ ශරීරාලංකාරය පුරුෂයන්ගේ ආකර්ශනයටයි. ඉස්ලාමීය කාන්තා වස්ත්‍රය ඇයව අනවශ්‍ය ආකර්ශනයෙන් ආරක්ෂා කරගැනීමටයි

      ඔබගේ අදහස
      ගැහැණිය විළි ලැජ්ජා නැති විදියට ඇඳුම් ඇඳිය යුතු යයි මා මින් අදහස් නොකරයි.
      තැනේ හැටියට , කාළගුණ තත්වයට ගැලපෙන ලෙස ඇඳුම් ඇඳීමට කාන්තාව දත යුතුය.
      මගේ පිළිතුර
      තැනේ හැටියට ඇනේ ඇදුමක් ඉස්ලාමයේ නැත. තැනේ හැටියට ඇනේ ගසන්නට ගොස් වනේ ඇතිකරගත් අය බොහෝ දෙනෙක් අද සමාජයේ ඇත.

      ඔබගේ අදහස
      පන්සල් හෝ පල්ලි යන ඇඳුමින් පාටියකට යා නොහැකිය.
      පාටි වලට යන ඇඳුමින් රැකියාවට යා නොහැකිය.
      මගේ පිළිතුර
      එය ඔබගේ අදහස. අපට එලෙස සැරෙන් සැරේ වෙස් පෙරලන ඇදුම් අවශ්‍ය නැත. ඔබ බෞද්ධ වුවද අද බටහිර සංස්කෘතිය ඉස්මුදුනින් වැලදගත් කෙනෙකු නිසා එසේ සිතනවා විය හැක.

      ඔබගේ අදහස
      ඉස්ලාම් ආගමික කණ්ණාඩිය ගලවා තබා ඔබ ඔබගෙන්ම අසා බලන්න , කූඩාරම් බඳු ඇඳුම් වල හිරවී ඇති මුස්ලිම් කාන්තාවන් ගෙන් 99% ක්ම එසේ සිටින්නේ ඔබගේ ආගමේ ඇති දැඩි නීති රීති නිසා නොවේද කියා.
      මගේ පිළිතුර
      ඔබ නියම මුස්ලිම් කතක් ඉදිරියේ මේ ප්‍රකාශය කිවුවහොත් සමහර විට ඔබගේ කන රත් කරගැනීමට වුවද එය සෑහෙනු ඇත. ඒ අය මේ වස්ත්‍ර අදින්නේ අපගේ බලකිරීමක් නිසා නොව ඔවුන්ද භක්තිමත් කාන්තාවන් වන නිසාය.

  2. කෙනෙකුගේ ඇඳුම ඒ පුද්ගලයාගේ කැමැත්ත බව සත්යුයකි. බොහෝ සිංහල බෞද්ධ යුවතියන් තමන්ගේ කැමැත්තට අඩ නිරුවත් ඇඳුම් පැළඳුම් ඇඳීමට පැළඳීමට නිදහසට පවසන්නේ එබඳු කතාය. මෙවැනි යුවතියන් මෙවැනි චර්යා ඇතිව හැදි වැඩීමට ඔවුන් ඇසුරු කරන සමාජය මෙන්ම ඔවුන්ගේ නිවසේ පරිසරය පවා බොහෝ දුරට හේතු වී තිබේත. මෙබඳු යුවතියන්ට ද වඩා එබඳු ඇඳුම් පැලඳුම් තම දියණියන්ට ලබා දී ඇයව එසේ හැඳ පැළඳ යාමට දිරි දෙන්නේ දරුකුල් දෙනු ලබන්නේ ද බහුලවම එබඳු යුවතියන්ගේ මව්වරුන්ම බව සමීක්ෂණවලදී තහවුරු වූ කරුණකි.

  3. අපට කෙනෙකුගේ ඇඳුම් පැළඳුම්වලට බලකළ නොහැකිය. මෙබඳු කරුණු අපි පවසන්නේ අසරණ අහිංසක දියණිවරුන් කෙරෙහි කරුණාවෙන් බව වටහා ගත යුතුය. ඒ නිසා වරද වරදක් බව කාරුණිකව පෙන්වා දෙන අය කෙරෙහි උරණ නොවී මධ්යවස්ථව ඒ වරද නිවැරදි කර ගැනීමට වෑයම් කළ යුතුය. නිවැරදි දෙය පෙන්වා දෙන පුද්ගලයාගේ ආගම හෝ ජාතිය සෙවීමෙන් වැළකී අදහසට පමණක් ගරු කළ යුතුය. බුදුරදුන් ධම්මපදයේ දී පවසා ඇත්තේ එසේ කාරුණික චේතනාවෙන් තමන්ගේ වරද පෙන්වා දුන් විට තමන්ට නිධානයක් පෙන්වා දුන්නාක් ලෙස පෙන්වා දුන් පුද්ගලයාට ගරුත්වයෙන් යුතුව තමන්ගේ වරද නිවැරදි කර ගැනීම මතු දියුණුවට කාරණයක් බවයි. මුස්ලිම්වරුන් දැනට අපේ රටේ වේගවත්ව ආර්ථික, සමාජීය හා භෞතික වශයෙන් සංවර්ධනය වෙමින් පැවතීමට ප්රුධාන කාරණය නම් ඔවුන්ගේ සදාචාරාත්මක ශික්ෂණයයි.නමට ආගමේ ලේබල් එක බෞද්ධ වුනත් කරන්නේ බෞද්ධකමට බෞද්ධ නමට නොගැලපෙන දේවල් නම් පිරිහීම ඒකාන්තයි. ලේබල් එක මොන ආගමේ මොන ජාතියේ වුනත් ක්රිලයාව චර්යාව නිවැරදි නම් ඒ තැනැත්තා හෝ තැනැත්තියගේ දියුණුව ඊර්ෂ්යාක කර කඩාකප්පල් කළ හැකි ජගතෙක් නැත. අද වේගවත්ව සංවර්ධනය වන මුස්ලිම් ප්රදජාවට ඊර්ෂ්යාා කරන සිංහල බෞද්ධ සමහරුන්ට දිරවා ගත නොහැකි වී ඇත්තේ ඔවුන් සිය විනීතව ඇඳුම් පැළඳුම් හඳින පළඳින ස්ත්රී න් විෂයෙහි දක්වන ගරුත්වයයි. එවැනි ගරුත්වයක් බුදුරදුන් ඉදිරිපිටම අඩනිරුවතින් රැඟුම් පෑ මරඟනන් සිහියට නඟන තාලයේ අඩනිරුවත් ඇඳුම් පැළඳුම් හඳින පළඳින සිංහල බෞද්ධ යුවතියන් කෙරෙහි අවම වශයෙන් සිංහල බෞද්ධ අපගේ සිත්වලද ඇති නොවීම ස්වභාවිකය. එබඳු ජාතියක් ආගමක් දියුණු වන්නේ කෙසේද?

    1. Aacharya hewage mahathage yatharthawadhi dhakma athi wishishtai. 👍👍
      Meya pilligannaa pirisa alpaya. meeta hethu wee aththe Own loukika ashawangen piree sitina bawinya.

Comments are closed.