පුරුෂ ශිෂ්ඨත්වය සහ යථාර්තය

කාන්තා විමුක්තිය
කාන්තා විමුක්තිය

නොබොන පිරිමියා නපුංසකයෙකි! බොන ගැහැනිය වෛශ්‍යාවකි! මෙය අද සමාජය තුල පැලපදියම් වී තිබෙන අදහසකි. රැකියාව අවසන්ව ගෙදර යන මනුස්සයා යහළුවන් සමග තැබෑරුමකට ගොඩවී මදුවිත තොලගාමින් සිගරට් එකක් පත්තු කරගෙන ලෝකය ගැන විවරණ කරගෙන සිටින විට කාන්තාව පත්තිනි අම්මා කෙනෙකු මෙන් නිවසට වී දරුවන් බලාකියාගෙන සිටිය යුතුය. බැරිවෙලාවත් තැබෑරුමට යන මිනිහට එහිදී තමන්ගේ ගෑණිව දකින්ට ලැබුනොත්! එහෙනම් එදාට ඒ ගෑනි වල්වේස ගැහැනියක් මෙන් දකිනු ඇත. එහෙනම් මිනිහා වල්වේස මිනිහෙක් නොවේද?

 

අද අපට ශිෂ්ඨාචාරය ගැන දොඩන්නවුන්ගේ යථාර්තය එයයි. රටේ පෝය දිනට තැබෑරුම් සහ මස්කඩ වසා ඇත. නමුත් මසවුලෙන්, බීමෙන් අඩුපාඩුවක් නැත. එයට හේතුව කලින්දා ඔවුන් බඩු ස්ටොක් කරගන්නා බැවිනි. එසේ නැති වුනත් පෝය දවසට සිල්ලරට විකුණන අය ඕන තරම් ඇත. ගිහින් ෂොට් එකක් දා ගැනීමට කිසිදු ගැටළුවක් නැත. ප්‍රශ්නය වන්නේ ගාන ටිකක් සැර වීමයි. ලංකාවේ සැර බීම වල ගාන සැරය. සිගරට් වල තත්වයද එසේමය. එයට හේතුව නිශ්පාදන මිල නොව ටැක්ස් එක වැඩි වීමයි. බොන එකා මොන ටැක්ස් එකක්වත් බලන්නේ නැත. ඌ බොයි! එතකොට ටැක්ස් වදින්නේ කාටද? ගෙදර ගෑනිටයි ළමයින්ටයි! පවුලේ ආදායමෙන් විසාල පංගුවක් මිනිහා අරක්කු සිගරට් බීමට වියදම් කළොත් ටැක්ස් එක වදින්නේ ගෑනිටයි දරුවන්ටයි නොවේද?

 

සමහරුන්ට ගෙදර එකට අමතරව ඔෆිස් එකේ එකකි. සමහරුන්ට කෝච්චියේ/බස් එකේ/පාරේ! සමහරුන්ට එහෙම Regular එකක් නැත. ඒ නිසා Occasionally මුදලට පහස ලබා ගනිති. සමාජයේ ඉතාම පහල මට්ටමේ සිට ඉහලම මට්ටමේ ගැණුම්කරුවන් දක්වා මෙම කර්මාන්තය පැතිරී ඇත. ගෙදර ගෑනි ජීවන වියදමට හුල්ලන හීල්ලිල්ල මිනිහට අමතකය. මිනිහට අවශ්‍ය ඒ පැයේ තමන් ලබන ආතල් එකයි. ළමයින්ගේ ඉස්කෝලෙ වියදං ගෙදරදොරේ වියදං ඔක්කොම ගෙදර ගෑනිට දෙන මුදලින් ගෑනි බලාගත යුතුයි. මේ සල්ලි, පුරුෂ සමාජය තමන්ගේ ශිෂ්ඨත්වය පවත්වාගෙන නඩත්තු කිරීම සඳහා යොදවන මුදල්ය. ඒවා ගැන ගෑනුන් ඇසිය යුතු නොවේ. ඒවා ගැන අහන්න ගියොත් පවුල් කැඩෙන්නේය. එතකොට ගෑනිට සිද්ධ වෙන්නේ ලැබෙන නඩත්තුවකින් පඩත්තු වෙමින් පැත්තකට වී සිටින්නටය.

 

මේ ඔක්කොම ශිෂ්ඨ සම්පන්නය! එතකොට අශිෂ්ඨ? අශිෂ්ඨ මුස්ලිම්! මුස්ලිම් එවුන් ගෑනුන්ට කළු අන්දන්නේය. වසා දමන්නේය. පුළුවන් තරම් දරුවන් වදන්නේය. ගෑනු හත්දෙනෙක් බඳින්නේය. මහත්තුරුනේ නැගිටියල්ලා! අශිෂ්ඨ මුස්ලිමුන්ට එරෙහිව සටන් කරපල්ලා! ඉතිං මුස්ලිම් උන්ගේ ඒව අපිට මොකටද? යකෝ උඹට තේරෙන්නෙ නැද්ද? එහෙම කළේ නැත්තං අපේ ගෑනු අපිට වඩා මුස්ලිම් එවුන්ට කැමති වෙනවනේ! ඉතිං අපි හොඳ උනා නම් වැඩේ ඉවරයිනේ! යකෝ ඒක කොහොමද කරන්නේ? එහෙම කරන්න නම් බාර් වහන්න ඕන! කසිප්පු/සිල්ලර පොට් වහන්න ඕන! නයිට් ක්ලබ්, මසාජ්, බඩුපොට් ඔක්කොම වහන්න ඕන! ඊට වඩා ලේසියිනේ යකෝ මුස්ලිමුන්ට එරෙහිව ෆයිට් කරන එක! එතකොට අපේ ගෑනුන්ටත් හතුරෝ වගේ පේන්නේ අපි නෙමෙයි උන්ව තමයි!

 

කියෙව්වනම් මේ වීඩියෝවත් බලලම කමෙන්ට් කරන්න!

 

ඇය මුස්ලිම් කාන්තාව ගැන කරන කථාව අහන්න!මුස්ලිම් කාන්තාව සම්බන්ධව මුස්ලිම් නොවන විද්වත් කාන්තාවකගේ අදහස් මෙම වීඩියෝවෙන් නරඹන්න.

Posted by Anver Manatunga on Friday, April 10, 2015

4 Comments to “පුරුෂ ශිෂ්ඨත්වය සහ යථාර්තය

  1. ඇෆ්ගනිස්‌ථානයේ කාබුල්හි කුබ්රා කාද්මි නම් කලාකාරිනියක විසින් ලිංගික අතවර වලින් බේරීම සඳහා අපූරු ඇඳුමක් නිර්මාණය කොට තිබේ. ඇය මෙම ඇඳුම නිර්මාණය කොට තිබුනේ අන්කිසිවකටත් නොව පිරිමින්ගෙන් කාන්තාවට සිදුවන හිරිහැර පිළිබඳව සංකේතාත්මක උද්ඝෝෂණයක් සිදු කිරීම සඳහාය.

    ඒ හේතුවෙන් ඇය පසුගියදා මෙම ඇඳුමද ඇඳගෙන වීදි දිගේ සැරිසරා තිබුණි. එහිදී කෝපයට පත් ඇතැම් පුද්ගලයන් ඇයට ගල් ප්‍රහාර පවා එල්ලකොට තිබුණි. ඇයගේ එම විරෝධතාවය හේතුවෙන් මේවනවිට ඇෆ්ගනිස්තානය උණුසුම් වී ඇති අතර ඇතිව තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් කුබ්රා කාද්මි සැඟව කල්ගතකරන බවද විදෙස් මාධ්‍ය විසින් වාර්තා කොට තිබුණි. කාන්තාවට සම තැන නොලැබෙන ඇෆ්ගනිස්තානයේ ඇය නොබියව කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් කලක් අයගේ මූලික අයිතීන් පවා කප්පාදුවට ලක්කොට තිබුණි.

    1. ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට ලිංගික අතවර සිදුවෙනවා නම් ඒකට විරුද්ධව කාන්තාවන් නැගී සිටීම සාධාරණ බව මගේ අහසයි. නමුත් ප්‍රශ්නය කාන්තාවට ලිංගික අතවර සිදුවන්නේ ඇෆ්ගනිස්තානයේ පමණක්ද? ලංකාවේ හෝ අන් රටවල සිදුවන්නේ නැද්ද? ඇත්ත තත්වය මෙයයි. ලංකාව මෙන්ම අන් රටවලද කාන්තාවන්ට ලිංගික අතවර බහුල ලෙස සිදුවේ. වෙනස නම් කාන්තාවන් ඒ සම්බන්ධව නැගී නොසිටීමයි. නැගී සිටිය අවස්ථා වලදීද මාධ්‍ය වලින් නිසි ආවරණයක් නොමැති වීමත්ය. ඇය ඇෆ්ගනිස්තානයේ නිසා ඇය මුස්ලිම් නිසා මෙලෙස ඇගේ ක්‍රියාවට පමණක් ප්‍රසිද්ධිය ලැබී ඇත. කෙසේ වුවද ඇගේ උත්සාහය යහපත් චේතනාවෙන්ම කළ එකක් නම් එයට අපගේද සහය දක්වමු.

  2. “වැලපෙන මුස්ලිම් කාන්තාව” බොරු නමක් දාගෙන ඉන්න එක්කෙනා මට පේන්නෙ මුස්ලිම් කන්තාව දිහා බලාගෙන වැලපෙන බුඩිස්ට් එක්ස්ට්‍රිමිස්ට් කෙනෙක් වගේ.

Comments are closed.