ටෙස්ට් ටියුබ් ඉස්කෝලෙ ටියුබ් ලයිට් ප්‍රින්සිපල්!

ටියුබ් ලයිට්
ටියුබ් ලයිට්

අපි ඉස්කෝලෙ යන කාලේ විශාඛා එක අපේ කොල්ලො හැඳින්වුයේ ටෙස්ට් ටියුබ් ඉස්කෝලෙ කියලයි. දැන් කවුරුත් මගෙන් අහන්න එපා එහෙම ටෙස්ට් ටියුබ් කියල නම තිබ්බෙ ඇයි? කියලා. ඉතිං ඒ කාලේ විශාඛා නංගිලා ඉස්කෝලෙ ගියේ ටයි ගලෝගෙන මොකද ටයි එක දකිනකොටම කොල්ලො ටෙස්ට් ටියුබ්! කියල කෑ ගහන නිසයි. පස්සෙ කොල්ලො ටයි ගලෝගන යන අයට එහෙම කියල කෑගහන්න පටන් ගත්ත. දැන් හැදෙන කොල්ලොත් ඒ සම්ප්‍රදාය එහෙමම රකිනව කියල ආරංචියි. නමුත් උන් රියල් ඉස්ටෝරිය දන්නැහැ. ඉතිං ඒ ස්ටෝරිය අපිත් එක්කම වැලලිල ගියදෙන්!

 

පස්සෙ පත්තු වීම
පස්සෙ පත්තු වීම

නමුත් දැන් අපිට විශාඛා ඉස්කෝලෙ ටියුබ් ලයිට් ප්‍රින්සිපල් කෙනෙක් ඉන්න බවට වාර්තා වෙනවා. ඒ කාලේ අපි කාට හරි ටියුබ් ලයිට් කියලා නම දැම්මේ ටියුබ් ලයිට් එක ස්විච් එක දැම්මට පත්තුවෙන්න වෙලාවක් යන නිසයි. කොටින්ම කියනවනම් පස්සෙ පත්තු වෙන නිසයි. දැන් ඉන්න විශාඛා ප්‍රින්සිපලුත් එහෙම පස්සේ පත්තු වෙන කෙනෙක්ලු. තමන් ඉගෙනුම ලබන පන්ති කාමරය තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයට ගෙන යෑම  නිසා අසාධරණයට ලක්වු විශාඛා විද්‍යාලයේ ප්‍රශංෂා ලක්මිණී  සිසුවියට සාධාරණයක් ඉටු කරන බව එම විදුහලේ විදුහල්පතිනි සඳමාලි අවිරුප්පල මැඩම් ඊයේ (21) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරියේ පොරොන්දු වෙලා තියෙනවා. සිසුවියට අසාධාරණයක් වෙලා තියෙන බවත් ඒක මානව හිමිකම් කඩවීමක් බවත් අවිරුප්පල මැඩම් දැනගෙන තියෙන්නේ ඊයේ වුන එකයි මට ආපු පුරස්නේ. ඉතිං ප්‍රින්සිපල් ටියුබ් ලයිට් කියලා මම කිව්වේ ඒ නිසයි.

 

ප්‍රශංසා ලක්මිණි දැරිය සහ මව්පියන්
ප්‍රශංසා ලක්මිණි දැරිය සහ මව්පියන්

මේ දැරිය පාසලට ඇතුලත්වන අවස්ථාවේ සාමාන්‍ය දැරියක ලෙස සිටියත් පසුකාලීනව ඇතිවු ආබාධයක් නිසා සිසුවියට ඇවිදීමට අපහසු තත්වයකට පත්වෙලා තියෙනවා. මේ නිසා දෙමව්පියන්ට සිද්ධවුනේ දැරිය උස්සගෙන පාසලට ගෙන යාමටයි. මෙම වසරේදී සිසුවිය අලුත් පංතියට සමත්ව සිටියද ඇයට ගැටළුවක් වුයේ ඇයට යායුතු පංති කාමරය උඩතට්ටුවක තිබුන එකයි. මේ නිසා ඇයගේ දෙමව්පියන් විදුහල්පතිනියගෙන් ඉල්ලා සිටියේ දැරිය පත්ව තිබෙන අපහසුතාවය බලල එම පංති කාමරේ පහල තට්ටුවකට මාරු කර දෙන්න කියලයි. නමුත් මේ ප්‍රින්සිපල් ඒ තරයේ ප්‍රතික්ෂේප කරල තිබුන. එයාගෙ කතාවෙන් හා ක්‍රියා විලාසයෙන් පෙන්නුම් කරල තිබුනේ මේ වගේ ආබාධිත දරුවන් මේවගේ ලොකු ඉස්කෝලෙට අනවශ්‍ය බවක්.

 

ටෙස්ට් ටියුබ්
ටෙස්ට් ටියුබ්

එම සිසුවියට වූ අසාධාරණය හා තුන් මාසයක් තිස්සේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි වීයැයි කියලා ඇගේ පියා ඩබ්ලිව් අමිත සුදර්ශන සහ මව චමිලා සුභාෂිනී මුණසිංහ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබුණා. එම පෙත්සම කැඳවූ අවස්ථාවේ දරුවා වෙනුවෙන් පන්ති කාමරය පහළ මාලයට ගෙන ඒමටත්, තුන් මාසයක් තිස්සේ අතපසු වූ පාඩම් කියා දීමටත්, දරුවාට අවශ්‍ය අනෙකුත් පහසුකම් සැපයීමටත් විදුහල්පතිනිය එකඟ වී තිබුණා.‍ මෙවැනි දරුවන් සඳහා ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන මාර්ගෝපදේශයක් අධ්‍යාපන නිලධාරීන්ට නිකුත් කරන්නැයි මෙම අවස්ථාවට සහභාගී වු ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහත්තය  කොමිසමෙන් ඉල්ලීමක් ද කරලා තිබුණා.

 

විදුහල්පතිනි සඳමාලි අවිරුප්පල මැඩම්
විදුහල්පතිනි සඳමාලි අවිරුප්පල මැඩම්

මේ දැරියට ප්‍රස්නේ ආපු වෙලාවේ ඒ දරුවගෙ අම්ම තාත්ත පෙත්සම් ගහන්න දන්න නිසත්, අකුරු ලියන්න දැනගෙන හිටිය නිසත්, මේ ගැන මාධ්‍ය වල, ලංකා ගුරු සංගමයෙ ඇස් ඇරුණ නිසත් ප්‍රස්නේ ගොඩ ගියා. නැත්නම් දැරියට සිද්ද වෙන්නේ අකුලගෙන වෙන ඉස්කෝලෙකට යන්නයි. ඉස්සර වගේ නෙමෙයි දැන් ජනප්‍රිය ඉස්කෝල වලට විදුහල්පතිල පත්වෙන්නේ දේසපාලන විජ්ජාවෙ බලමහිමෙන්. ඉතිං ප්‍රින්සිපල්ල වැඩකරන්නෙත් දේසපාලන උශ්නේ ගහල. අපිට ආරංචි හැටියට මේ ප්‍රින්සිපල්ට තිබිල තියෙන්නෙ රාජපක්ෂ උශ්නේ. රාජපක්ස අකුලගෙන ගිය නිසා දැන් උශ්නේ ටිකක් බැහැල. කොහොම වුනත් මේ වගේ දේසපාලන උශ්න වලින් වැඩකරන ටියුබ්ලයිට් ප්‍රින්සිපල්ලා රටටත් ජාතියටත් අවාසනාවක්! ඉතිං අර ටෙස්ට් ටියුබ් ඉස්ටෝරිය දන්න එකෙක් ඉන්නව නම් වැඩිය කාටවත් කියන්න එපා! ඕනම නං අඳුරන පස්දෙනෙකුට විතර කියහල්ලා!

 

 

9 Comments to “ටෙස්ට් ටියුබ් ඉස්කෝලෙ ටියුබ් ලයිට් ප්‍රින්සිපල්!

  1. බොහොම හොඳ පාඩමක්.ශාරීරික දුබලතාවයට පත්වන අහිංසක සිසු සිසුවියන්ට කෙරෙන කුඩම්මාගේ සැලකිල්ලට නීතියේ බලපෑමෙන් හෝ සාධාරණයක් ඉටුවෙලා තියෙනවා. කනගාටුවට කාරණයක්වන්නේ ගුරුවරුන් හා සිසුවියන්ට මග පෙන්වන උගත්යැය් ලේබල් ගහගන්න මේවගේ මහමියන්ගේ හිත උණුවීමට ටියුබ් ලය්ට් න්‍යාය ක්‍රියාත්මකවීමය්……. අර ටෙස්ට් ටියුබ් කේස් එක වෙච්ච දවස්වල හොඳවෙලාවට Video phone සහ You Tube එක එච්චර ප්‍රසිද්දවෙලා නොතිබුණෙ, නැත්නම් බලන්න තිබුණ ජංජාලය. දැන් ඉතින් ඔය ටෙස්ට් ටියුබ් විද්‍යාගර ඇතුලට පමණක් සීමාවෙලා තියෙන්නෙ ඒවට නවීන ආදේශ ටියුබ් ජාති ඕනතරම් තියෙන නිසානෙ.නැත්නම් Test Tube සෙල්ලම්, You Tube වල බලාගන්න තිබුණ. අනිත් එක අපිට මේගැන හාස්‍යයෙන් රසවිඳින්න අවශ්‍යතාවයක් නෑ , මොකද ඒක කාන්තා අය්තිවාසිකමක්නේ.

  2. අන්වර් සහෝදරයා අනේ අර ටෙස්ට් ටියුබ් ඉස්ටෝරිය කියලා දෙන්නකො

    1. ටෙස්ට් ටියුබ් කේස් එක කිව්වොත් මට ගෙදරිනුත් විසුමක් වෙන එකක් නැහැ. කොහොම වුනත් සල්ඩින් සහෝදරයා මේ ගැන දන්නව වගේ!

  3. මහනුවර පැත්තේ සුප්‍රසිද්ද බාලිකා පාසලකටත් Test Tube කියලා ආමන්ත්‍රණය කරනවා. ඔය වගේම සිද්දියක් වෙන්න ඕන ඕකත් sure එකටම

  4. මා නම් දකින්නේ මේ ප්‍රශ්නය එක් විදුහල්පතිනියකට වඩා දුර ගිය එකෙක් ලෙසයි. ලංකාවේ සංස්කෘතිය අප සැමෝම දන්නා පරිදි අති උතුම් සහ අති සෝබනකාර එකක් වන නමුත් තවම ඇත්තේ ග්‍රාමීය මානසිකතාවකි. මේ නිසා ආබාදිත මිනිසුන්ට ලැබෙන සැලකීම සුළු ජාතීන්ට ලැබෙන සැලකීමට වඩා පහත්ය.

    දියුණු රටවල සෑම ගොඩනැගිල්ලකම, බසයකම අබාධිත පුද්ගලයන්ට සිය ආත්ම ගරුත්වය රැකගනිමින් තනියම සිය රාජකාරිය ඉටුකර ගමන් බිමන් යාමට පහසුකම් ඇත. එය නීතියෙන් අනිවාර්ය වන අතර සදාචාර්යමය වශයෙන් පිළිගැනීමට ලක්වී ඇත. ඒ අතින් ලංකාවේ මිනිසුන්ගේ මානසිකත්වය බෙහෙවින් නොදියුණු තත්වයේ පවතී. මේ විදුහල්පතිනිය පෙන්වා දී ඇත්තේ ඒ ගෝත්‍රික මානසික තත්වයයි.

  5. “මට ගෙදරිනුත්(නොනාගෙන්) විසුමක් වෙන එකක් නැහැ” එ කියන්නෙ මෙක පුද්ගලිකයි රහසිගතයි ප්‍රසිද්ධ කරන එක හරිනැනෙ.මොකටද එ අයගෙ එවා බ්ලොග්වල දාන්නේ ඔයට ඔන්නම් හොයගන්න නේද..

    1. බලන් යනකොට Azim කියන පොරත් ටියුබ් ලයිට් වගේ. මම ඔය ටෙස්ට් ටියුබ් සීන් එක දන්නැ? හිතන විදියට විශාඛා නංගි ටෙස්ට් ටියුබ් එකෙන් ස්වයං වින්දනයක් අරන් ඇති! මම හරිද මන්ද 🙂

  6. විදුහල්වල ඉන්නා බොහෝ විදුහල්තිවරුන්ටත් වඩා විදුහල්පතිවරියන් නීතිරීතිවලට මිසක මනුස්සකමට ගරු නොකරන සංවේදී බවක් නැති අය විදිහට ප්රලසිද්ධයි. නමුත් ගැහැණු දැරියක් කියන්නේ අනාගත මවක්. ඒ නිසා අනාගතයේ මවක් වන මේ දැරියගේ ගැටළුවේදී එම විදුහල්පතිනිය මීට වඩා සංවේදීවියයුතුය යනු මගේ අදහසයි.

Comments are closed.