චම්පිකට ඕන විරාතුට ඕන දේමද? ජනපති චම්පිකගේ ප්‍රාණ ඇපකරුවෙක්ද?

20 වෙනි සශෝධනය
20 වෙනි සශෝධනය

මියන්මාරයේ ආගමික ත්‍රස්තවාදියා වන අශින් විරතුට අවශ්‍ය එම රටේ සුළුතර ජාතිකයන් සහ සුළුතර ආගමිකයන්ගේ ප්‍රතිශතය නැත්තටම නැති කිරීමයි. අද රොහින්ග්‍යා මුස්ලිම් වැසියන්ට සිය ගම්බිම් හැරදමා ජීවිතාරක්ෂාව පතා විදෙස් රටවලට පලායාමට සිදුවී තිබෙන්නේ ඒ නිසාය. අපේ රටෙත් ගෙන එන්නට නියමිත මැතිවරණ සංශෝධනය තුල සුළුතර ආගමික සහ සුළුතර ජාතීන්ගේ නියෝජනය අවම කරන්න එවැනිම උවමනාවක් ජාතික හෙළ උරුමයේ චම්පික රණවකටද ඇති වී තිබෙන සෙයක් පෙනේ.

 

ඇත්තටම මේ ගැටළුවට මැදිවන්නේ සිංහල සහ දෙමළ ජනතාව නොව පැහැදිලිවම ලාංකික යෝනක ඇතුළු අනෙක් සුළුතර ජනවර්ගයි. මෙහිදී චම්පික විසින් 20 වෙනි සංශෝධනයට විරුද්ධ සාතන් ලෙස රවුෆ් හකීම්ව නම්කර ඇත. එමෙන්ම 20 වෙනි සශෝධනයට සහය පලනොකරන්නේ නම් රජයට එරෙහිව විශ්වාසභංගයටද සහය පලකරන බව ඔවුන් තර්ජනය කර ඇත. ඇත්ත වශයෙන්ම ඔවුන් පවතින රජය තුල බලය පතුරුවා ගෙන සිටින්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරක්ෂකයන් වශයෙනි. මන්ද මෛත්‍රිපාල සිරිසේන මහතාට ඔහුගේ පක්ෂයේ සහය ගැන සැකයක් පවතින බැවිනි. කෙසේ හෝ මෛත්‍රිපාල සිරිසේන මහතාට ලංවී ව්‍යවස්ථාදායක සභාවට ජනපති නියෝජිතයා ලෙස පැනගන්නට චම්පිකට හැකිවිය.

 

එදා මහින්ද රාජපක්ෂ මහතාගේ ශරීරාරක්ෂක මැස්සන් ලෙස සිටියේ ගෝඨාභය/ඥානසාර ඇතුළු ජාතිවාදී සෙට් එකයි. මෙදා ඒ තැනට චම්පික ඇතුළු හෙළ උරුම කල්ලිය සෙට් වී ඇති සෙයක් පෙනේ. එදා ගෝඨාභය/ඥානසාර සෙට් එකේ නාඩගම අවසන් වුයේ මහින්දව ජනපති පුටුවෙන්ද බිමට දමලාය. මෙදා චම්පික ඇතුළු හෙළ උරුම සෙට් එකත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මල කරුමයක් වේදැයි යන්න ගැන ජනපති විසින් පුද්ගලිකව අවධානය යොමුකළ යුතු කරුණකි.

 

අනෙක් කරුණ නම් අපට පෙනීයන පරිදි දැන් චම්පික රණවක මහතා මැවුම්වාදය පිළිගැනීමේ තත්වයට තල්ලු වී ඇති බවකි. ඒ පසුගියදා ඔහු විසින් රවුෆ් හකීම්ව 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට සිටින සාතන් ලෙස හැදින්වීමයි. ඇත්ත වශයෙන්ම සාතන් නැමති සංකල්පය තිබෙන්නේ මැවුම්වාදය තුලයි. ඉදින් චම්පික දැන් මැවුම්වාදය පිළිගන්නේද? නැතිනම් තමන්ට කන්නට ඕනෑ විට කබරගොයත් තලගොයා කර ගැනීමක්ද? අපට චම්පිකගෙන් අසන්නට තිබෙන්නේ සාතන් හකීම් නම් දෙයියා තමුසෙද? කියායි.

 

යෝජිත මැතිවරණ සංශෝධනය සම්බන්ධව මුස්ලිම් සංවිධාන හතරක් විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය පහත පලකරමි.

 

මුස්ලිම් සංවිධාන ඒකාබද්ධ ලිපිය 1
මුස්ලිම් සංවිධාන ඒකාබද්ධ ලිපිය 1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මුස්ලිම් සංවිධාන ඒකාබද්ධ ලිපිය 2
මුස්ලිම් සංවිධාන ඒකාබද්ධ ලිපිය 2

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මුස්ලිම් සංවිධාන ඒකාබද්ධ ලිපිය 3
මුස්ලිම් සංවිධාන ඒකාබද්ධ ලිපිය 3

3 Comments to “චම්පිකට ඕන විරාතුට ඕන දේමද? ජනපති චම්පිකගේ ප්‍රාණ ඇපකරුවෙක්ද?

  1. හෙලඋරුම-මෛත්‍රිපාල හවුල ගැන පහුගිය ජනාදිපතිවරනයෙදි ඇතමුන් කියු දේවල් ඇත්ත වෙන්න යනවද කියලත් හිතෙනව. සිංහල කියමනක් තිබෙනව නේද ඉගුරු දීල මිරිස් ගත්ත වාගෙ කියල

    1. එහෙම හිතන්න එපා. පසුගිය කාලයේ ප්‍රධානතම ගැටළුව වී තිබුණේ රාජ්‍ය අනුග්‍රහය සහිත ප්‍රචන්ඩත්වයයි. දැන් අප ඒ ගැටළුව මදක් සමනය කරගෙන ඇත. දැන් තිබෙන්නේ මතවාදී අරගලයේ දිගුවකි. එය ජයගත හැක්කේ බුද්ධිය මෙහෙයවීමෙනි

  2. නව්ශාඩ්., ක්‍රිකට් වල ආරම්භක පිතිකරු යුගල පිතිකරනයේ යෙදෙන කොට ඊට පස්සෙ එන පිතිකරුවා ඊට වඩා භයානකයි කියලා ඒ දෙන්නගෙන් කෙනෙකු දවා ගන්නට උත්සාහ කරන්නෙ නැතුව ඉන්නෙ නැ. ඉස්සෙල්ලාම එයා ව දවා ගත්තට පස්සෙ තමයි අනික් අභියෝගයට මඋහුණ දෙන්නෙ. මොකද අලුතෙන් තන නිල්ල ට එන එක්කෙනා හරි බරි ගැහෙන්නත් කාලය අවශ්‍යයි. අනෙක හිටපු එක්කෙන වෙඩි වේලාවක් හිටියොත්,, එයා තවත් ෆෝම් වෙනව. එනිසා අපි එක එක්කෙන දවා ගන්න බලන එක තමයි කරන්න ඕන. මං හිතනව ඔබට තේරුනා කිය්වඅල

Comments are closed.