කුඩා දරුවන් නේවාසිකව ආගමික ස්ථාන වල රඳවා ගැනීමේ බලහත්කාරය විමසුමක්!

කුඩා සාමණේර නම
කුඩා සාමණේර නම

කුඩා දරුවෙකු සාමණේර නමක් ලෙස සිටිනා අතර සිය මව ලගට යන්නට අඩමින් කරන වෑයම දැක්වෙන වීඩියෝවක් ලංකා ඊ නිවුස් කතෘ සදරුවන් සේනාධීර මහතා විසින් අන්තර්ජාලයේ පලකර තිබුණා. ඇත්තටම දරුවන් සිටිනා මාපියන් මෙම වීඩියෝව දකින විට දරුවා ගැන ඇතිවන්නේ දැවැන්ත අනුකම්පාවක්. මගේ අදහස නම් වැඩිහිටියන්ගේ ආගමික උවමනාවන් උදෙසා මෙවැනි කුඩා දරුවන් බලහත්කාරයෙන් යෙදවීම සම්බන්ධව සමාජයේ පුළුල් සංවාදයක් ඇතිකළ යුතුයි. එමෙන්ම කිසිදු ආගමික ස්ථානයකට මෙවැනි දේ කිරීමට ඇති ඉඩකඩ වසා දැමිය යුතුය.

 

 

ඇත්තටම මෙවැනි ක්‍රියා සිදුවන්නේ බෞද්ධ සිද්ධස්ථාන වල පමණක් නොවේ. සමහර මෞලවිලා පවත්වාගෙන යන මද්‍රසා වලටද වයස අවුරුදු 10ට ඉහල ළමුන්ව බඳවා ගනිති. ඇත්තෙන්ම වයස අවුරුදු 10ක් යනුද දරුවෙක් සිය මාපියන්ගේ ආදරය රැකවරණය මත සිටිය යුතු අවධියක් නොවේද? මෙම දරුවන්ට තමන්ගේ වැදගත්ම ළමා කාලයේ ලැබිය යුතු අයිතිවාසිකම් අහිමි වනවා සේම එම දරුවාගේ මුළු මහත් අනාගතයම අන්ධකාර වීමට බොහෝ ඉඩකඩ ඇත. එමෙන්ම මෙම කුඩා වයසේදී දරුවෙකු එලෙස ආගමික ග්‍රන්ථ කටපාඩම් කරවීමෙන් සහ ආගමික කටයුතු වල බලහත්කාරී ලෙස යොදා ගැනීමෙන් සිදුකරන්නේ මොල සේදීමක් නොවේද?

 

මා මේ ගැන ලිවීම නිසා සමහර විට ආගමික භක්තියෙන් අන්ධව සිටින අය මට පරිභව කරනු නොඅනුමානය. නමුත් මැදහත් සිතින් බලන ඔබලාට මම එක්තරා කරුණක් පෙන්වා දීමට කැමැත්තෙමි. එනම් මෙලෙස කුඩා කාලයේ බලහත්කාර ලෙස ආගමික කටයුතු වලට යොදා ගන්නා දරුවන්ගෙන් කොපමණ ප්‍රතිශතයක් සිය තරුණ කාලය පසුකරන විට එහි රැදෙනවා දැයි සොයා බලන්න. බොහෝ විට 10% වත් එසේ නොරැදෙති. එමෙන්ම අතරමගදී හැරදමා යන බොහෝ දෙනෙකුගේ එතැන් පටන් මුළු ජීවිත කාලයම අදුරට යන අවස්ථා බොහෝ අප දැක ඇත. මෙය බෞද්ධ ආශ්‍රම වලට පමණක් නොව කුඩා දරුවන් නේවාසිකව සිටින මද්‍රසා වලටද පොදු කරුණකි.

 

බෞද්ධ ආගමික ඉගැන්වීම් වල කෙසේ තිබුණද ඉස්ලාම් ආගමික ඉගැන්වීම් වලට අනුව නම් කුඩා දරුවන් මෙලෙස මද්‍රසා වල නේවාසිකව රදවා ගෙන උගන්වන්නැයි මුහම්මද් නබි සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමාණන් උපදෙස් දුන් වගක් කිසිදු ආගමික ග්‍රන්ථයක සටහන්ව නැත. එසේ තිබියදී මෞලවි තුමන්ලා මෙලෙස කටයුතු කරනුයේ ඔවුන් නබිතුමාටත් වඩා පෙරට දහම ගෙනයාමක් ලෙසද? දරුවෙකු ආගමික ස්ථානයක නේවාසිකව පුහුණු කළ යුත්තේ කුමණ වයස පසුවීද යන්න සම්බන්ධව රජය විසින් සොයා බලා අපේ රටේ ජාතික ප්‍රතිපත්ති වලට එය ඇතුලත් කළයුතු බව මගේ අදහසයි.

 

 

12 Comments to “කුඩා දරුවන් නේවාසිකව ආගමික ස්ථාන වල රඳවා ගැනීමේ බලහත්කාරය විමසුමක්!

  1. Obagey adahasa hodai eth pehedili madi, Lamai uskoley yandath hadanava, beheth bondath adanava, ema nisa api eskoley yavana eka saha beheth povana eka navath vanavada. nee ai a? ema kriyaven lamayata vena yahapath nisa api eya karanava. dahama yanu api bodikaley sita purudu kala youthu kriyavak. Lakainta hoda naraka api bodi kaley idan purudu kara youthui. mama obagey adahasata virudda vanney nee, eth demawpiyan lamayagey yahapath sadaya meveni kriyavala niratha venava.

    1. දරුවෙකුට සිය මාපියන්ගෙන් ආදරය රැකවරනය ලැබීමේ අයිතියක් ඇත. දරුවාගේ අනාගතය වෙනුවෙන්ය කියා එය අහිමි කිරීමට දෙමව්පියන්ට අයිතියක් නැත. දරුවාගේ පාසල් කාලය අවසන් වු පසුව ආගමික හෝ වෙනත් ඕනැම නේවාසික පුහුණුවක් ලබාදීම සුදුසුම විධියයි.

  2. දෙමව්පියන්ගේ උණුසුමේ සුරතලෙන් වැඩියයුතු මෙවන් මිනිස් දරුවන් බලහත්කාරයෙන් ආගමික ස්ථානවලට අනුයුක්තකිරීම අමු අමුවේ කුඩා ළමුන්ගේ සිඟිති සුරතල් කාලය අවභාවිත කිරීමකි.මොළයේ කලඳක්වත් නැති පව්කාර අළුගුත්තේරු දෙමාපියන් තම රන්කටි දරුවන් බලෙන් මෙවැනි ආගමික තැන්වල රැඳවීම පාප කර්මයකි.දෙමාපියන් කළ පව් සේදීයාමට තම කිරිකැටියන් මෙසේ හුරුපුරුදු නැති තැන්වල තනිකර එම සුරතලුන්ගේ නිදහස සූරාකෑම කිසිසේත් අනුමතකල නොහැක්කකි….කිසිවෙක් නොකරනා මහමෙරක්වන් පිං ලැබෙන කැපකිරීමක් යැය් මෝඩ දෙමව්පියන් මෙවැනි ක්‍රියාවලින් උදම් අනනවා වියහැකිය්…. මෙම කුඩා දරුවාගේ ඇඩීම මෙම වීඩියෝව බලන කාහටවුවත් වාවගත නොහැකි දුකක් ඇතිකරන්නකි…හයක් හතරක් නොතේරෙන සෙල්ලම් වයසේ සින්ගිත්තෙකුගේ නිදහසේ ජීවත්වීමේ නිදහස බලෙන් උදුරාගැනීමකි.

      1. එතනත් කරලා තියෙන්නේ කුඩා දරුවන්ගේ මොල සේදිමක්. අපි මේ කතා කරන මාතෘකාවෙ කාරණයත් ඒ වගේම දෙයක්.

  3. You are worried about seeing him spend his early years in doing nothing. What! Is it nothing to be happy? Nothing to skip, play, and run around all day long? Never in his life will he be so busy again.

    A party of little children at play is one of the most beautiful sights in nature, and a sight which for the moment almost leads us to mistrust our theories of human misery. Little children are happy because they have no carking cares nor troublesome responsibilities, no painful memories and no anxious anticipations.

    The Voice of Creation as a Witness to the Mind of its Divine Author, “Lecture III: Vestiges of the Fall,” 1876 [And more than a century later: “Children are happy because they don’t yet have a file in their minds called ‘All the Things That Could Go Wrong.’ They don’t have a mindset that puts ‘Things to Fear’ before ‘Things to Love.'” ~Marianne Williamson

    And this age will not come back again.

  4. Why do you have such a compassion towards them? To ordinate one in BuddhaSasana , he should have will . Also will of parents.No one can ordinate forcibly . It violates vinaya.If one likes to leave ordination he can do it.Don’t you have any love towards animals?Slaughtered in name of Religion. This world is not only for humans .But for every being …

    1. මහත්තයෝ සත්ව කරුනාව නෙමෙයි මාතෘකාව. මාතෘකාව බලල කමෙන්ට් කරන්න. සත්ව කරුණාව ගැනත් ඔබට අවශ්‍ය නම් අපි වෙනම ලිපියකින් කතා කරන්න බය නැහැ.

  5. WHY DON’ T YOU TALK ABOUT CHILD MARRIAGES IN NORTHERN PROVINCE??? IN SOME MUSLIM COMMUNITIES.. SOMETIMES SINHALESE AND TAMILS.ACCORDING TO ANVER CHILD MARRIAGE IS BETTER THAN ORDINATION…DO YOU ACCEPT FASTING FOR CHILDREN IN ISLAM??? PLEASE READ ABOUT BUDDHISM BEFORE YOU WRITE.

    1. මා දන්න හැටියට නම් ලංකාවේ ලමා විවාහයන් සිද්ද වෙන්නෙ නැහැ. ඔබ ඒ වගේ දෙයක් ගැන දන්නව නම් ලගම තියෙන පොලිසියිට ගොස් පැමිණිලි කරන්න

  6. ISLAM IS A RELIGION WHICH DOES NOT FORCE TO LEARN EVEN THE RELIGION OF ISLAM WHICH HAS BEEN MADE WAJIB FOR BOTH MUSLIM MEN AND WOMEN. I HAVE ALL THE EVIDENCE TO PROVE THIS USING THE QURAN AND SAHIH HADITH . ISLAM IS THAT LIBERAL. BUT, WHEN YOU LOOK AT THE PEOPLE IN GENERAL, IRRESPECTIVE OF WHETHER BEING A MUSLIM OR NON MUSLIM, IT IS HEARTENING TO SEE ADULTS FORCING THEIR CHILDREN IN EDUCATION,MARRIAGE,EMPLOYMENT AND THE LIST IS ENDLESS. THIS SYSTEM OF FORCED EDUCATION SHOULD BE STOPPED.

    CJ AHMED
    DIP IN ISLAMIC THEOLOGY

  7. ඕවා තමයි සිංහල බෞද්ධයෝ ආගමේ ලේබලය මතුපිටින් අලවාගෙන කරන වැරදි දේවල්. අපි ඕවා පෙන්නලා දෙන්න ගියහම කරන්නේ බොරුවට මුස්ලිම් ලේබලය අපිටත් ගහන එකයි. අද මේ හෘදය ශාක්ෂියට එකඟව කටයුතු කිරීමේ දී අනුන්ගේ නින්දා කෙණෙහිලිකම්වලට මුහුණපෑමට සිදුවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.

Comments are closed.