රෝදය පිටුපස දිවිසටනට උරදෙන ඊජිප්තුවේ කාන්තාවෝ සිව්දෙනෙක්!

ටැක්සි පදවන ඊජිප්තු කතක්

ඊජිප්තුවේ කාර්යබහුල කයිරෝ අගනුවර මධ්‍යයේ, දැඩි රථවාහන තදබදය අතර කුලීරථ රියදුරන් ලෙස ඉතා නිර්භීත කාන්තාවන් සුළු පිරිසක් සිටිති.

උම්මු වලීද් ඔවුන්ගෙන් කෙනෙකි. ජීවිතය ගෙනයාම උදෙසා සැවොම බලය යෙදීම අවශ්‍යතාවය නිසා ඇය අරාබි ලෝකයේ අනෙකුත් කාන්තාවන්ගෙන් ඉතාමත් සුළු පිරිසක් ගමන් කරන මාර්ගයකට පිළිපන්නේය.

ටැක්සි රියදුරෙකු ලෙස කටයුතු කරන මෙම කාන්තාව වසර 30කට පමණ පෙර පලමු වාහනය මිලදී ගෙන ඇත්තේ ඇයගේ පුතුන්ද ඉපදෙන්නට පෙරය. ඒ ඇයගේ පියාගේ දිරිමත් කිරීම මතය. සාමාන්‍යයෙන් මෙවැනි කටයුතු කරන්නේ පුරුෂයන්ය. නමුත් මේ ගමනේදී ඈ ලද කටුක අත්දැකීම් ඇය වඩාත් පෙරට ගෙනයාමට අධිෂ්ඨානය ලබාදී ඇත.

“මම මගේ රියදුරු බලපත්‍රය ගැනීමට රථවාහන දෙපාර්තමේන්තුවට ගියවිට, මිනිසුන් මට විහිළු කළා. යන්න! ගෝවා උයන්නට ලූණු කපන්න! ඔවුන් මට පැවසුවා. එමගින් මගේ අධිෂ්ඨානය දැඩි වුණා. ඔවුන්ගේ වදන්, ඔවුන් මා දිහා බැලු ආකාරය, මා වඩාත් ධෛර්යමත් කළා” යැයි ඇය පවසයි.

උම්මු සමාහ් ගේ සැමියා මිනිබස් රථයක් ධාවනය කළ අතර ඔහු ග්ලුකෝමා රෝගයෙන් පෙලෙන බව වෛද්‍යවරු සනාථ කළා. බසයට වෙනත් කෙනෙකු යොදා දුවවන්නේ නම් කරදර වැඩිය. ඒ නිසා ඇය රියදුරු බලපත්‍රයක්ද නොමැතිව බස් රථය ධාවනය කරන්නට පටන් ගත්තා. පසුව පොලීසිය නිතරම ලුහුබඳින්නට වු නිසා ඇය රියදුරු පරීක්ෂණයෙන් සමත්ව දැන් නීත්‍යානුකූලවම බස් ධාවනය කරයි.

ඇය ඇයගේ දියණියන්ගෙන් එක්කෙනෙකුවත් අනාගතයේ මේ රැකියාව කරනවාට කැමැත්තක් නැහැ. මන්ද එය ඒ තරම් රළු රැකියාවක් නිසා. නමුත් ඇයට කිසිදු පසුතැවිල්ලක් නැත. “මට ආපහු අතීතයට යන්න පුළුවන් නම් මම කරන්නේ මේ දේමයි. මේක පමණයි මට කරන්න පුළුවන් රැකියාව. මම මගේ රැකියාවට කැමතියි නමුත් සමහර අවස්ථාවලදී මම අඬනවා. මම වාහනය පදවන විට මගේ ඇස් වලට කඳුළු උනනවා. මන්ද මට අනෙකුත් කාන්තාවන් මෙන් නිවසට වී සිටින්නට අවස්ථාවක් නැති නිසා” ඇය පවසයි.

ඩාලියා වයස අවුරුදු 20 වන අතර ඇගේ බාල සහෝදරයාට අනෙකුත් ධාවකයන් විසින් කරන කරදර නිසා පවුලේ ත්‍රීරෝධ රථය ඇය විසින් පැදවීමට තීරණය කළා. ඇය අබායාව හැඳ රියපදවන්නේ හිරිහැර අවම කරගැනීමේ අරමුණින් නමුත් අනෙකුත් ධාවකයන් ඇයව මාර්ගයෙන් ඉවතට යැවීමට දරන උත්සාහයන්ගෙන් අඩුවක් නැහැ.

“එය පැදවීම අමාරු නැහැ. ගැටළුව මිනිස්සුයි. ගැටුමක් නැතිව දිනක් හෝ ගෙවෙන්නේ නැහැ. සමහර දිනකට ගැටුම් 20 කට පමණ මුහුණ දෙනවා” ඇය පවසයි. “රැකියාවෙන් පසුව ඩාලියා කැමතියි රූපලාවන්‍ය මධ්‍යස්ථානයට යන්නට. මම කැමතියි ඩාලියාට, ඇය ත්‍රිරෝධ රථය පදවන්නෙ නැති අවස්ථාවල. මන්ද එවිට ඇය කාන්තාවක් මෙන් සිටින නිසා. ඩාලියා රථය පදවන්නේ කාන්තාවකට වඩා පිරිමියෙක් වගේ. මට අතීතයට එනම් ළමා වියට නැවත යන්න පුළුවන් නම් මම කැමතියි වෙනත් ඩාලියා කෙනෙක් වෙන්න. ත්‍රීරෝධ රථ එලවන වෙනත් ඩාලියා කෙනෙක් වෙන්න” ඇය පවසයි.

උම්මු කාලිද් ටොන් 36ක ට්‍රක් රථයක් ධාවනය කරන්නීය. ඇයව මේ දෙසට යොමුකර තිබෙන්නේ ටැක්සි ධානවයෙන් ලද කටුක අත්දැකීම්ය. ඇය පවසන්නේ දැන් මිනිස්සුන්ට මට ආදරය හෝ වෛර කරන්නට පුළුවන් බවයි. ඇය කරන රැකියාව ගැන ආඩම්බර වන්නේ ට්‍රක් රථයෙන් ඇය උපයාගත් මහල් නිවස නිසයි.

ඇය අඛන්ඩව සමහර විට මාස දෙකකට වරක්වත් කිසිදු දිනයක් නිවාඩු නොගෙන වැඩ කරයි.

“මට වැඩ කළ හැකි තාක් වැඩ කරනවා. දෙවියන් මා නතර කරන දිනය දක්වා වැඩ නවත්වන්නේ නැහැ. මේ මාර්ග වල හැම කාන්තාවකටම රිය ධාවනය කරන්න බැහැ. අපට එතරම් කාන්තා බරවාහන රියදුරන් නොමැති වීම එයට සාක්ෂියයි”  ඇය පවසයි.

නමුත් ඇය නිවාඩු අවස්ථාවල ලස්සනට අඳින්නට පලඳින්නට කැමතියි. “දෙවියන් මා කාන්තාවක කළා. මගේ ඇඳුම් සහ පෙනුම ගැන සැලකිලිමත් විය යුතුයි. මගේ ජීවිතය පතුලේ අනිත් කාන්තාවන් මෙන් නොවන බව දන්නවා නමුත් එයින් මා තුල කාන්තා ගතිගුණ නැති බව, ගමන බිමන, හැසිරෙන ආකාරය කාන්තාවක මෙන් නොවන බව ඇඟවෙන්නේ නැහැ” ඇය පැවසුවාය.

මෙම කැපී පෙනෙන රෝදය පිටුපස කාන්තාවන් සිව්දෙනා, එදිනෙදා මුහුණ දෙන කටුක අත්දැකීම් විඳදරාගෙන, ඔවුන්ගේ රැකියාවේ පීඩනය දරාගෙන, කාන්තාවක ලෙස අනන්‍යතාවයද රැකගෙන නිරන්තරයෙන් තමන ජීවන අරගලයේ යෙදෙන්නීය.

 

 

 

One Comment to “රෝදය පිටුපස දිවිසටනට උරදෙන ඊජිප්තුවේ කාන්තාවෝ සිව්දෙනෙක්!

Comments are closed.