චෙකොස්ලෝවැකියා රූ රැජින මාර්කෙටා කොරින්කොවා ඉස්ලාම් දහම වැළඳ ගනී!

චෙකොස්ලොවැකියාව ප්රජාතන්ත්රවාදී ජනරජයේ හිටපු රූ රැජින, මාර්කෙටා කොරින්කොවා Marketa Korinkova මෙනවිය ඉස්ලාම් දහම වැලදගෙන ඇත. තමන් මෙතෙක් ඇදහු කිතුණු දහම ගැන කලකිරුණු බව පැවසු ඇය, මර්යම් ලෙස තම නම වෙනස් කරගෙන ඇත. ඇය ඇගේ මව්රට අතහැර ඩුබායි හි වාසය කරන්නීය. විශේෂයෙන් ඉස්ලාම් දහම මුස්ලිම් කාන්තාවට දී තිබෙන සමාජ තත්වය ඇයව ඉස්ලාම් කෙරෙහි ආකර්ශනය කරවු බව ඇය ප්‍රකාශ කළාය. පසුගිය වසර තුනක කාලයක පටන් ඇය ඉස්ලාම් දහම වැලද ගැනීමට කල්පනා කර ඇත. පසුව ඩුබායි හිදී ඉස්ලාම් වැලදගැනීම පිණිස කරන කලීමා නම්වු ප්‍රකාශය කර දහම වැලදගන්නා ලදී.

ලන්ඩනයේ අරාබි ජර්නලය වන අල් කුඩ්ස් අල් අරබි පුවත් පතේ මෙම පුවත එනම් ඇගලුම් විලාසිතා නිර්මානකාරියක, සුපිරි චිත්‍රපට නිළියක වන ඇය ඉස්ලාම් වැලදගැනීම සදහන් වු පසුව ඇගේ රසික රසිකාවියන් මවිතය පලකර ඇතැයි වාර්තා වේ.

ඇය ඉතාලියේ පැවති ලෝක රූරැජිණ තරගය ජයගත් පසුව බොහෝ බහුජාතික සමාගම් ඇගේ සේවය ලබාගෙන ඇති අතර ඉතාමත් ඉක්මණින් සුපිරි චරිතයක් බවට පත්ව ඇත. එමෙන්ම ඇයට හොලිවුඩ් චිත්‍රපට වලට දායක වීමටද ආරාධනා ලැබුණි. ME90LOVE නම්වු චිත්‍රපටියෙහි ඇය ප්‍රධාන චරිතය රඟපා ඇත. ඉන් අනතුරුව ඇය චෙක් රජයේ අගනුවර වන ප්‍රාග් හි ප්‍රචාරණ ආයතනයක හිමිකාරිය වී ඇත. ඇය දැන් සේවය කරනුයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේය.

ඇය ප්රාග් නුවර චාල්ස් විශ්ව විද්යාලයේ ඉංග්රීසි සාහිත්ය පිළිබඳ විශාරද උපාධිය ලබා ඇත. පසුව, ඇය ලන්ඩන් නුවර ජාතික චිත්‍රපට සහ රූපවාහිණී පිළිබඳ රාජකීය ඇකඩමියේ එම්. ඒ. උපාධිය හදාරා ඇත. ඇය ලන්ඩනයේ සිටි කාලයේ සුප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් වන බී.බී.සී ආයතනයේ සේවය කර ඇත.

ලෝක රූ රැජින පදවිය දිනා ගත් පසු, ඇය ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය නමුදු හැම දෙයක්ම තිබියදීත් ඇය මානසිකව කලබල වූ බව සඳහන් කරයි. ඇය ඇගේ අභ්යන්තර අවිවේකී බවෙන් මිදෙන්නට හැම දෙයක්ම කළා. ඇය සංගීතය හා සූදුව මත්පැන් පානය වැනි දේට යොමුවී ඇතත් ඇගේ ආත්මය පිපාසය සංසිඳුවා ගත නොහැකි විය. ඇගේ මිතුරන්ගේ උපදෙස් මත, ඇය වසර තුනකට පෙර විවිධ ආගම් පිළිබඳ අධ්යන ආරම්භ කරන ලදී.

උපතින් කිතුණුවෙකු ලෙස, ඇයට කිතුණු දහමෙන් ඇගේ ජීවිතයේ ගැටළුව ගැන කිසිඳු පිළිතුරක් ලැබුණේ නැහැ. කිතුණු දහම ගැන කළකිරීමට පත් ඇය, ඉස්ලාම් දහම අධ්යනය ආරම්භ කරන ලදී. එසේ ඉස්ලාම් අධ්‍යනය ඇගේ මනස විවෘත කරන ලදී.  ඉස්ලාම් දහම කාන්තාවන්ට දී ඇති තත්ත්වය ඇයව ඉස්ලාම් කෙරෙහි ආකර්ෂණය කළා. එමනිසා ඇය තීරණය ඉස්ලාම් දහම වැලද ගැනීමට තිරනය කර ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කලක් ජීවත් වු ඇය ඩුබාහි නගරයේ ස්ථිර පදිංචි වීමට තීරණය කර ඇත.

ඇය ඇගේ ළමා කාලයේ සිතා සිට තිබෙන්නේ ඉස්ලාම් කාන්තාවන්ට යහපත් තත්ත්වයක් ලබා දී නොමැති බවයි. නමුත් ඇය ඉස්ලාම් අධ්‍යනය කරන විට නිවැරදි තත්වය අවබෝධ වී ඇත. ඇය පවසන්නේ බටහිර නිදහසේ නාමයෙන් කාන්තාවන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන බවයි.  ඇගේ ඉස්ලාම් ආගමික අධ්‍යන කටයුතු අඛන්ඩව කරගෙන යාමට පහසු වන නිසා ඩුබායි හි පදිංචි වීමට තීරණය කළ බව ඇය පවසයි.

ඇය දීර්ඝ කාලීණව මානසික අවිවේකී තත්වයක සිට පසුව ඇය කලීමා නම්වු ප්‍රකාශය කියා ඉස්ලාම් වැලඳගත් පසුව ඒ සියල්ල යථා තත්වයට පත්වු බව පැවසුවාය. එම ප්‍රකාශය කීමත් සමග දිගු කලක් ඇගේ හදවතේ තිබු බරක් ඉවත් වී ගිය බව සඳහන් කළාය.

ඇය බටහිර ඇඳුම් හැරදමා ඉස්ලාමයේ හිජාබ් ඇඳුම අඳින්නට පටන් ගත්තා. ඇය හිජාබ් ඇඳුම සහිත ඡායාරූප තම රසික පිටුවේ පලකරන විට රසික රසිකාවියන් මවිතයට පත් වී ඇත. ඔවුන් පවසා ඇත්තේ ඇය අරාබි හි විලාසිතා දැක්මක් සඳහා ගොස් මෙම ඡායාරූප ගන්නට ඇති බවයි. නමුත් ඇය තමන් ඉස්ලාම් වැලඳගත් බවත් තම නම මෙතැන් පටන් වෙනස් කරන බවත් නිවේදනය කළ පසුව ඔවුන් මවිතයෙන් මවිතයට පත්ව ඇත.