පරපුරෙන් මුස්ලිම් තැනැත්තියට කිස්කන පිළිතුරක්!

මට වට්ස්අප් whatsapp හරහා අපුරු කතාවක් පැමිණියා. ඔබටත් එම කතාවෙන් ගතහැකි කරුණු ඇත. ඒ නිසා මෙහි ලියන්නට සිතුනි. ප්‍රංශයේ නිකාබ් (නිකාබ් යනු මුස්ලිම් කතුන් අදින මුහුණු වැස්මයි) ඇදගත් මුස්ලිම් තරුණියක් වෙලදසැලක බඩු සියල්ල තෝරාගත් පසුව මුදල් ගෙවීම සදහා අයකැමි පෝලීමේ රැදී සිටියා. මිනිත්තු කිහිපයකින් අනතුරුව අයකැමි කවුන්ටරය වෙත ඇගේ වාරය පැමිණියා.

එදා අයකැමි ලෙස සිටියේ හිජාබ් අදින්නේ නැති අරාබි ජාතික මුස්ලිම් කාන්තාවකි. ඇය අර නිකාබි (අපි පහසුවට නිකාබි යුවතිය යැයි කියමු) යුවතියගේ භාන්ඩ එකින් එක ස්කෑනරය වෙත යොමු කළා. අනතුරුව නිකාබි මුස්ලිම් යුවතිය දෙස රවුද්‍ර ලෙස බැලු අරාබි ජාතික අයකැමිවරිය කෝපයෙන් මෙසේ පැවසුවා.

අපිට මේ රටේ ප්‍රශ්න ගොඩක් තියෙනවා! ඔබගේ නිකාබය ඉන් එකක්! අපි සරණාගතයන්! අපි මෙහි සිටින්නේ වෙලදාමට මිස අපේ ආගම ‍හෝ ඉතිහාසය පෙන්වන්නට නොවේ! ඔබට ඔබගේ ආගම අදහන්න ඕන නම්, ඔබට නිකාබ් අදින්න ඕන නම් අරාබි රටකට යන්න එහෙ ගිහින් ඕනම දෙයක් කරගන්න! යැයි ඇය කෝපයෙන් පැවසුවා.

අර නිකාබි තරුණිය තමන්ගේ බඩු මල්ලට දැමීම නවතා ඇය ඇගේ නිකාබ් මුහුණු වැස්ම මදකට ඇරියා. අරාබි ජාතික අයකැමි තැනැත්තිය පුදුමයෙන් පුදුමයට පත්වුණා. නිල් පැහැති අලංකාර ඇස් ඇති යුරෝපියානු මුහුණක් සහිත නිකාබි තරුණිය අයකැමි තැනැත්තිය වෙත මෙසේ පැවසුවා.

මම ප්‍රංශ ජාතික තරුණියක්! මම සරණාගත අරාබි කෙනෙක් නෙමෙයි! මේක මගේ රට! ඒවගේම මේක මගේ ඉස්ලාමය! ඔබ මුස්ලිම් පරපුරක ඉපදුනා! ඔබ ඔබගේ දහම විකිණුවා. අපි ඒක මිලදී ගත්තා!

මේ වගේ ආගම විකුණපු පරපුරින් මුස්ලිම්වු අය රැසක් අපේ සමාජයෙත් සිටිනවා.

 

 

 

 

18 Comments to “පරපුරෙන් මුස්ලිම් තැනැත්තියට කිස්කන පිළිතුරක්!

  1. ඔව් පරපුරෙන් යමෙකු ආගම අදහනවාට වඩා තමන්ට පොත පත කියවා දැනුමැති අයගෙන් අධ්‍යාපනය ලබා පසුව ඉස්ලාම් දහම වැළඳ ගන්නේ නම් වඩාත් ගැඹුරු ලෙස ඉස්ලාම් දහමට යොමු වූ භක්තිමත් ඉස්ලාම් බැතිමතියක් හෝ බැතිමතෙක් වෙන්න පුලුවනි.

    පරපුරෙන් එන නිසා පිළිගන්න අයට වඩා ශක්තිමත්ව අවබෝධයෙන් පිළිගන්න අය අතර ඇත. හැම ආගමක් සම්බන්ධයෙන්ම මේ කියමන වලංගුය. හැම ආගමකට වැඩිහරියක් ඉන්නේ කිසිම කමකට නැතුව පරපුරෙන් ආගම අදහන අය නිසා තමයි හැම ආගමකටම අද පැවැත්මක් නැති වෙලා අපහසුතාවයන්ට පත් වෙලා තියෙන්නේ. නමුත් අධ්‍යාපනය හරහා ගැඹුරු ලෙස පදනමක් ඇතිව වැළඳගත් අයට නම් එය තමන්ගේ ජීවිතයට වඩා උතුම් බව වැටහෙයි.

    මගේ පියා උපතින් සිංහල බෞද්ධයෙක්. නමුත් ඔහු පසුව ගැඹුරු අධ්‍යයනයකින් පසුව ඉස්ලාම් දහම පිළිබඳව ගැඹුරු විශ්වාසයකට පත් වෙලා ඉස්ලාම් ආගම වැළද ගත්තා පසුව ඔහු මුස්ලිම් වරයෙකු බවට පත් වුනා. නම ද ආගම ද සියලු සංස්කෘතික ලක්ෂණ ද සහිතව අද සැදැහැවත් ධනවත් මුස්ලිම් ව්‍යාපාරිකයෙකු බවට ප්‍රචලිතව වී සිටිනවා.

    නමුත් ඔහු සිංහල බෞද්ධයෙකුව ජීවත් වන අවදියෙහි ඉතා අමාරුවෙන් දුකසේ ජීවත් වූ ආණ්ඩුවේ ලිපිකරු තනතුරක සේවය කළ පුද්ගලයෙක්. නමුත් අද ඔහුගේ ළඟ ඊට වඩා ඉහළ වැටුපකට සේවය කරන පිරිස විශාල ප්‍රමාණයක් සිටින ලොකු දැවැන්ත ව්‍යාපාර ජාලයක හිමිකරුවෙක්. ඔහුට ඒ සියලු වාසනාව ගෙන දුන්නේ ඔහුගේ දෘෂ්ටිය නිවැරදි දහමකට පත් වූ නිසායි.

    මම ආචාර්ය ( මහාචාර්ය ) පශ්චාත් උපාධි මට්ටම දක්වා බෞද්ධ සංස්කෘතිය විෂය යටතේ විශ්වවිද්‍යාලයේ ඉගෙනීම කර ඉන් විශිෂ්ට ලෙස සමත්ව සිටියද අද මට රස්සාවක් නැතුව 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසු දරුවන්ට ක්ලාස් කරලා හම්බ වෙන තුට්ටු දෙකින් ජීවත් වෙන්නේ. නමුත් මට මේ ශ්‍රී ලංකාවේ ඕනේම විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය / මහාචාර්ය තනතුරට උපරිම අධ්‍යාපන වෘත්තීය සුදුසුකම් තිබිලත් මාව කිසිම විශ්වවිද්‍යාලයකින් තෝරා ගත්තේ නැහැ එහි අධ්‍යයන හෝ අනධ්‍යයන කාර්යමණ්ඩලවලට. අපේ රටේ විශ්වවිද්‍යාලවල පත්වීම් සිදු කරන ආකාරය ඉතාම අන්ත දූෂිතයි.

    අඩුම තරමින් මට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන්වත් මම ආචාර්ය උපාධිය ලැබූ කැලණිය විශ්වවිද්‍යාලයෙන්වත් මේ දක්වා මට සාධාරණයක් ඉටු වෙලා නැහැ. මම අද දුකින් කණගාටුවෙන් කල් ගත කරනවා. මේ රජයෙන්වත් මට සාධාරණයක් ඉටු වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. මම ඉස්ලාම් ආගම ඉගෙන ගත්තා නම් මේ තරම් දුරට අද මම මව්ලවි කෙනෙක් නැතිනම් ඊට ඉහළ තලයක ඉන්නවා. බුද්ධාගම ඉගෙන ගත්තා කියලා මට වුනු සෙතක් නැහැ. මම ලොකු කළකිරීමකින් ඉන්නේ… මොනවා කරන්න ද?

  2. කිසිම ඔප්පුවක් නෙති බොරු කතන්ධරවලට අනවර් සහෝදරයාත් ගොඳුරු වෙලා. ලස්සන වුනොත් බොරු බොරුමයි.

    ඔයවගේ බොරු කියලා ඉස්ලාම් ගෙන හෝ ඉස්ලාම් ඉධිපත්කරන කාන්තා එන්දුම් ගැන හෝ වර්ණතා කිරීමට අවශතාවයක් නැත. අල් කුරාන් පොත මොලේ තියන ඕනේම කනකුට ඇති. (මොලේ නෙති අය කෙමති විධියට ජීවත් විය හැක).

    නිකබය කියන්නේ පෞථ්ගලික නිදහසත් එක්ක සම්බන්ද දෙයක්.දෙන්කාලේ ඉන්න බෞද්දයො බුද්ධාගමට ගොනා අන්ධවා ගත්තා වගේමයි මුස්ලිම් වරු ඉස්ලාම් දහමට නිකබය අන්ධවාගන ඉන්නේ.

    ඔයාලාට සෙක්ස් නෙතුව වෙන දෙයක් ගැහැණුන්ගෙන් පේන්නේ නැත්ද? බොරු ජරා දේවල් බලලා බලලා හිත නරක්කු කරගෙන ඉස්ලාම් දහම දෙශනා කිරීමට පෙළඹිලා. හැම දයක්ම බලන්නේ සෙක්ස් හරාහා පමනි.

    ඔබලාට පැහැදිලි පෙනුමක් අවශ්‍යනම් අල්කුරාන් සහා අල්ලාහ් ගේ නබිතුමාගේ මග පෙන්වීම හරහා දකින අසන දේ ධිහා බලන්න.

    1. මට නිකාබය ප්‍රමෝට් කිරීමේ අවශ්‍යතාවයක් නැත. මම නිකාබය සම්බන්ධව දරන මතය මා ඇසුරු කරන ම‍ගේ පුද්ගලික මිතුරන් හොදින් දනී. මෙතැනදී මම මේ කතාවෙන් පෙන්නුම් කිරීමට උත්සාහ කළේ සමහර පරපුරින් මුස්ලිම් අය දරන මතයන් සම්බන්ධවයි. මෙහෙම මත දරන අය අප සමාජයේ නැතැයි ඔබට කියන්නට බැහැ. මෙහෙමම නොකියතත් ඊට ලංවන්නට දේවල් කියන අය ගැනත් මම දැකලා තියෙනවා. ඇත්තටම බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ පරපුරින් ආපු ඒවා. එයාලා ඒවා ඔලුවෙ උඩ තියාගෙන අනිත් අයත් එක්ක තර්ක කරන්න එනවා තමන්ගේ එක හරියි කියලා.සමහර විට ඔබත් නොදැනුවත්ව එවැනි දේ විශ්වාස කරන්න පුළුවන්.

      1. I don’t want to argue saying that what I said is right and correct. But as person who have emerged as journalist should realize and be well understood that “it is not important what we say but it is very important what the receiver/the general public understand out of what I say”.

        If you don’t understand the above philosophy, just think why are you continuing a website in Sinhala instead of English. One of the reasons is that the people of Sri Lanka or the Sinhala community should understand what you say. That is the same situation with the material/information we are sharing with others too.

        Whatever it be, and whatever intention it could be but according to teachings of Islam, the guide lines of prophet Mohamed (PBUH), it is not acceptable to share any unauthentic stories. False is false and nothing good come out of false.

        1. ලිපිය නැවතත් බලන්න. මම කියලා නැහැ මේක ඇත්ත පුවතක් කියලා. මම මේක මට ආපු විදිහත් දමා තිබෙනවා. මම ලියලා තියෙනවා මේකෙ ගතයුත්තක් ඇති හින්දා දැම්මා කියලා. ඔබ පුද්ගලිකව නිකාබයට විරුද්ධ කෙනෙක් වෙන්න ඇති. ඒකට ආගම ගාවගන්න එපා. මම නිකාබයට විරුද්ධ කෙනෙක් නෙමෙයි. නමුත් නමුත් මම නිකාබය පිළිපදින්න කියලා කියන කෙනෙකුත් නෙමෙයි. මම ඉන්නෙ මධ්‍යස්ථ ස්ථාවරයක. නමුත් මම මෙය පලකළේ නිකාබය ගැන කියන්න නෙමෙයි. දහම විකිණිම සම්බන්ධව කියන්නයි.

          නිකාබය සම්බන්ධව ඉස්ලාමීය විද්වතුන් ඉන්නේ නිහඩ ස්ථාවරයක. මන්ද එයට පක්ෂව සහ ප්‍රතිවිරුද්ධ පාර්ශව දෙකටම සාක්ෂි තිබෙන නිසා. විද්වතුන් මෙසේ සිටින විට අනුවණයින් පිණුම් ගහනවා වන්නට පුළුවන්. ඔබ දිගින් දිගටම මේ ගැන කියන්නේ නිකාබය ගැන ප්‍රශ්නය නිසා බව පලවෙනි කමෙන්ට් එකෙන්ම මට දැනුනා.

  3. “මම අද දුකින් කණගාටුවෙන් කල් ගත කරනවා.” කියනවිට ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ තුමාගේ බුධු දහම් දැණුම ගෙන මට සැකයක් එතිවෙනවා.

    අනේ පොඩ්ඩක් පුළුන්නම් අල්කුරය 90:4 වෙනි වචය කියවලා බලන්න

  4. “මම අද දුකින් කණගාටුවෙන් කල් ගත කරනවා.” කියනවිට ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ තුමාගේ බුධු දහම් දැණුම ගෙන මට සැකයක් එතිවෙනවා.

    අනේ පොඩ්ඩක් පුළුන්නම් අල්කුරානය 90:4 වෙනි වචය කියවලා බලන්න

  5. The author of the story have made a big mistake that no one will put such unprofessional lady in such a crucial business point in a country like France and then a lady who is afraid of her earning never behave in such a manner.

  6. here’s a (true) article written by a muslimah who is not fully practicing. A worthy read if one wants a glimpse into such individual’s mind.
    http://truestories.gawker.com/practicing-islam-in-short-shorts-1683991294

    The hypothetical article posted here is written with anger towards non-practicing muslims, and doesn’t reflect reality, as Rasheed mentions. There is nothing of significance to be derived from such imagined stories, except for a misplace feel-good sensation for those who practice.

    1. මම අක්‍රිය මුස්ලිම් වරුන් සම්බන්ධ කෝපයෙන් මෙය ලියා නැහැ. මෙතන ඔබට යථාර්තවාදී බවක් නොපෙනන්නේ ඔබගේ මතවාදය නිසා විය හැකියි. අද සමාජයේ බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුව නම් අන්මත නොඉවසීමයි. ඔබගේ මතයට මම ගරු කරමි. නමුත් අන්මත වලටත් ඉඩ දෙන්න. මම මේ පෙන්නුවේ සමාජයේ එක් පැතිකඩක් පමණි. එමගින් වෙනත් පැතිකඩ නොමැති බව මා පැවසුවේ නැහැ.

      1. i wasn’t talking about you. i know its a whatsapp forward, and i know you saw some thing good in the article. just expressing my criticism.
        Some niqab wearing women see themselves to be better than the non-niqabis (or worst, non hijabis). I sense such superiority complex from the original article.

        1. ඔබගේ ප්‍රතිචාරය හරි! ඉස්ලාමය නැමති ධජය යටතේ සිටින සියළුම දෙනාගේ මතවාද අපි ගරු කළ යුතුයි‍. ඔවුන් අරබයා පෙර නිගමන වලට එලඹීමට අපට හැකියාවක් නැහැ

  7. අති පණ්ඩිත අන්වර් මනතුංග මුසල්මානුවයි ඔහුගේ බක පණ්ඩිත මෙලෝ හසරක් නොදන්න පිංගුත්තර අමන නරි රැළයි එක පැත්තකට එකතු වෙලා කය්ය ගහ ගහ විවේචන ඉදිරිපත් කර කර මඩ ප්‍රහාර කාන්තා චරිත ඝාතන ඉදිරිපත් කර කර ඉන්නවා මිසක සිංහල බෞද්ධයන්ට බුද්ධාගම උගන්වන්න උත්සාහ කර කර තොගේ බලු මුසල්මානු ඉගැන්වීම් අපට උගන්වන්න පාරම් බබා ඉන්නවා මිසක තොට කෙනෙකුගේ අගය වටිනාකම වටහා ගන්න තරම් තොගේ මැටි මොලේ වැඩිලා නැහැ කියලා දැන ගනින් !

    1. කාගෙද මැටිමොලේ කියලා මේ කමෙන්ට් වලින් ජනතාව හදුනා ගනු ඇත.

  8. me loke hama minihekma ekai kisi kenek ara agama adahanawa kiyala hangenna onath naha munawahagena inna onath naha agamak nisa muna wasima ona nati deyak anith ayata bayen agama ataarimath ona naha itin oya ganu dennama maha gon wahansela bawa itamath pahadili deyak

    1. ඒ දෙන්න ගොන් වහන්සේලා වෙන්නත් පුළුවන්. දෙන්නගෙන් එක්කෙනෙක් ගොන් වහන්සේ වෙන්න පුළුවන්. ඒක එහෙම නොවෙයි නම් එහෙම කියන ඔබ ගොන් වහන්සේ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒක මේක කියවන අය තේරුම් ගනු ඇත.

Comments are closed.