සලාතය ඉටුනොකරන අය කවුද?

එක්තරා පාසැලක කුඩා දරුවන් ඉගෙන ගන්නා පන්තියක ඉස්ලාම් උගන්වන ගුරුතුමියක් ඇගේ පන්තියේ පුංචි සිසුසිසුවියන්ගේ මෙහෙම ප්‍රශ්නයක් ඇසුවා.

“සලාතය ඉටු නොකරන අය කවුද? දන්න ළමයි අත උස්සන්න!” ළමුන් කිහිප දෙනෙකු අත එසවුවා. එම දරුවන්ගෙන් තිදෙනෙකුට ගුරුතුමියගෙන් අවසර ලැබුණා.

පලමු ළමයා කිව්වේ “මැරුණු මිනිස්සු” කියලයි.

දෙවැනි ළමයාගේ වාරය පැමිණියාම ඔහු පැවසුවේ “සලාතය ඉටුකරන්න දන්නෙ නැති අය” කියලයි.

තුන්වෙනි ළමයා මෙසේ පැවසුවේ “මුස්ලිම් නොවන අය” කියායි.

ළමුන් මේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ඉතාමත් නිදහසේ. නමුත් ඔවුන් විසින් දුන් එම පිළිතුරු මගේ ඇතුලාන්තය අවදි කළා, මම කුමණ පිරිසට අයත්ද? කියලා.

මම මළ කෙනෙක්ද?

මම සලාත් කිරීමට නොදන්නාවු කෙනෙක්ද?

මම මුස්ලිම් නොවන්නෙක්ද?

කුඩා දරුවන්ගෙන් ලද මෙම නිහඞ පණිවිඩය ඔබ මම අපසැම අවදි කරන්නක් නේද? වටහා ගන්න! ඒ ගැන මඳක් සිතන්න!

 

මෙවැනි පණිවිඩ තව ලැබගන්න, තව කෙනෙකු සමග බෙදාගන්න, අපගේ වට්ස්අප්, වයිබර් සහ ටෙලිග්‍රෑම් නාලිකා සමග එක්වන්න!

 

අපගේ අංකය: 0097470489247

අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

 

 

 

One Comment to “සලාතය ඉටුනොකරන අය කවුද?

  1. මෙහි ගැඹුරු අර්ථය සලාතය ඉටු නොකරන අය, එය ඉටු කිරීමට නොදන්නා අය සහ මුස්ලිම් නොවන අය ජීවත්ව සිටිය ද මිය ගිය අය හා සමාන බව ද? දන්නා අයෙකු සිටි නම් විස්තර කර දෙනු මැනවි.

Comments are closed.