කතරක් වනයක් බවට පෙරලු මිනිසෙක්! යකූබා සැවඩොගා!

කතරක් වනයක් බවට පෙරලු මිනිසෙක්! යකූබා සැවඩොගා!

කාන්තාරයක් නැවත වනයක් කරන්නට හැකි බව ඔබට හිතන්න පුළුවන්ද? එහෙම කරන්න උත්සාහ කරපු පුද්ගලයෙක් අප්‍රිකානු මහාද්වීපයේ නයිජර් රාජ්‍යයෙන් වාර්තා වෙනවා. ඔහු යකුබා සැවඩොගා නම්වු මුස්ලිම් ආගමිකයෙකි. ඔහු සහරා කාන්තාරයේ නයිජර් දෙසට වු කලාපය කොලපාටින් බබලවන්න දශක ගණනාවක් පොලොව සමග හැපුණු මිනිහෙක්.

1980 වසරේදී සහරා කලාපයටම දැඩි නියගයක් ඇති වුනා. එම නියගය ඉතා දරුණු ලෙසම මිනිසුන්ගේ ජීවිත වලට බලපෑවා. එමගින් ජීවිත රැසක් විනාශ ‍වුන බව යකුබා නිහඩව බලා සිටියා. එමෙන්ම නයිජර් කලාපයේ සහරා කතර දිනෙන් දිනම සාමාන්‍ය භූමි තම කාන්තාර කලාපයට අත්පත් කරගන්නා අයුරුද ඔහු බලා සිටියා. පසුව ඔහු මේ කාන්තාර කරණයට එරෙහිව තනිවම සටනක් ආරම්භ කළේ පාළුකරය පුරා ගස් වැවීමක් කරමින්.

තනිවම මිනිසෙකුට මෙවන් විප්ලවයක් කළ හැකිද? ඔහු එය අද යථාර්තයක් බවට පෙරලා ඇත. නයිජර් ගල්මා කලාපය අද අහසින් බලන විට කොලපාටින් දක්නට ලැ‍බෙන්නේ මේ යකුබාගේ උත්සාහයේ ප්‍රථිපලයි.

 

ගල්මා කලාපය 1975 සහ 2005 චන්ද්‍රිකා ඡායාරූප
ගල්මා කලාපය 1975 සහ 2005 චන්ද්‍රිකා ඡායාරූප

 

යකුබා කළ වික්‍රමය වීඩියෝවට නගා තිබෙනවා. එම වීඩියෝව පහතින් නරඹන්න

 

 

2 Comments to “කතරක් වනයක් බවට පෙරලු මිනිසෙක්! යකූබා සැවඩොගා!

  1. sreshta miniseki namuth ohuge agama sandahan kirimata ona nata me loke sitinne minisun warga dekaki hoda saha naraka mohu ayath wanne hoda minisun ganayataya mata mohuge agamin wadak nata mohu parisarayata adaraya karana hoda miniseku bawa pahadiliya mewan minisun maha polowata wasanawaki

  2. mama ahala tiyenawa mehema kenek gana pakistanayeth innawa kiyala mata nama mataka naha ape rate parani minissu kiyala tiyenawa eka gasak kapuwoth tawa gas gananawak sitawanna kiya

Comments are closed.