අල්-ක්වාරිස්මි: වීජ ගණිතයේ (Algebra) පියා!

වීජ ගණිතයේ (Algebra) පියා අල්-ක්වාරිස්මි Al-Khwarizmi: The father of algebra

විද්‍යාව ගණිතකරණය වීම සහ වීජ ගණිතයේ සංවර්ධනය ‍නොමැති නම් අද නවීන විද්‍යාව අත්පත් කරගෙන තිබෙන්නාවු මහා ජයග්‍රහණ කිසිවක් අත්පත් කරගත නොහැකි වනු ඇත.

වීජ ගණිතයේ ඉංග්‍රීසි යෙදුම වන අල්ජිබ්රා යන වචනය පැමිණ තිබෙන්නේ අරාබි වචනයක් වන අල්-ජබර් යන වචනයෙනි. මෙය නමවන සියවසේ ගණිතඥයෙකු ලෙස සුප්‍රසිද්ධ අල්-ක්වාරිස්මි විසින් ලියු ග්‍රන්ථ වලින් පැමිණි අල්-ජබර් යන වචනයේ නැඹුරුවකි.

අල්-ක්වාරිස්මි විසින් ලියන ලද කිතාබ් අල්-මුක්තසර් ෆි හිසාබ් අල්-ජබර් මුකාබලා නම්වු ග්‍රන්ථය (The Compendious Book on Calculation by Completion and Balancing) ප්‍රමුඛත්වය ගන්නේ ඉඩම් බෙදා දීම පිළිබදව ප්‍රායෝගික පිළිතුරු ලබාදීම, උරුමයන් පිළිබද නීතිරීති සහ වැටුප් බෙදා දීම වැනි මාතෘකාවන් අරබයාය.

 

 

මෙම වීඩියෝ පටයෙන් දැක්වෙන විද්‍යාවේ රන් යුගය, සෛද්ධාන්තික භෞතික විද්‍යාඥ ජිම් අල්-කලිල් පවසන පරිදි නමවැනි සියවසේ අල්-ක්වාරිස්මිගේ නිබන්ධන ක්ෂේස්ත්‍රයේ විශ්මිත සොයා ගැනීම් නවීන වේගවත් මෝටර් රථ තාක්ෂණයේ සහ ගුවන් යානා තාක්ෂණයේ මුලික අඩිතාලම බවට පත්වී ඇත.

උපතින් පර්සියානුවෙකු වු අල්-ක්වාරිස්මි ඔහුගේ අධ්‍යන කාලය ගෙවුයේ ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේය. එවකට බැග්ඩෑඩ් නගරයේ පාලකයා වු අබ්බාසිද් කාලිෆ් විසින් ස්ථාපනය කළ බයිත් අල්-හික්මා හෙවත් ප්‍රඥාවේ නිවස නම්වු කීර්තිමත් ශාස්ත්‍රාලයෙනි.

 

අල් ජසීරා ඇසුරිනි.

 

 

2 Comments to “අල්-ක්වාරිස්මි: වීජ ගණිතයේ (Algebra) පියා!

  1. වීජ ගණිතය ගොඩ නැගීමට ඉස්ලාමයේ inheritance නීති විශේෂ සාධකයක් වූ බවද සඳහන් කල යුතුය.

  2. The origin of Algebra is “Al Jabariya”. Many scientific names which start with Al is mostly Arabic. Alcohol is another example.

Comments are closed.